Sunday, July 8, 2018

ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා



Add caption


“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.“


“කීයක් කියනවද?“


“ගානක් නං කිව්වෙ නැහ්ලු“

“කාගෙද ඉඩම?“


“මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයගෙ නෑයෙක්ට පණිවිඩේ කියල තියෙන්නෙ ඉඩම අයිතිකාරයගෙ ළඟම හිතවතෙක්“


“මේ අයියලෑ මල්ලිගෙ පවුලලෑ මහගෙදර අල්ලපු ගෙදර එක්කෙනාට කිව්වං එක්කං යයි. ගනුදෙනුව කතා කරගත්තැකිලු ඉඩම බලල.“


“ඒ වුනාට අහල බලන්නකො කීයක් ඉල්ලනවද කියල?“

“හා මං අහල බලන්නං. හෙට කියන්නං“

අපි දෙන්නටත් පැලක් අටෝගෙන වැහ්ල ඉන්න ඉඩං කෑල්ලක් හොයා දෙන්න කියල චූටි මැණීකෙගෙ අම්මා දීපු කොන්තරත් එකෙ හැටියට ගැලපෙන ඉඩමක් හොයාගත්තු චූටි මැණිකෙගේ බාප්පා තමයි ඒ කතා කලේ. ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ඒ කතාවෙ ඉතුරු කොටහ.


“අර ඉඩමෙ ගාන ඇහුව“

“කීයක් කියනවද?“


“ඒකෙං දලු කිලෝ දහක් විතර කඩනවලු. දැං දලුත් සීයට කිට්ටුනෙ. ගේත් කාමර පහක එකක්. විසාල එකක්. දැනට ගෙයි කාමරේකුයි කුස්සියකුයි බැඳල වහලෙත් ගහලලු තියෙන්නෙ. තව කාමර හතරයි සාලෙයි විතරයි හදන්න තියෙන්නෙ.“


ඒ වෙත්දි මගෙ කනෙං දුං දාන්න පටං අරං ඉවරයි.

“ඉතිං ඕකෙ ගාන කීයලුද?“

“තිස් දෙකක් තමා කියන්නෙ“


මගෙ ඉස් මුදුනෙං ගින්දර පිටවෙද්දි අන්තිම විස්තරෙත් ඇහුවා.


“එතකොට ඔප්පු“


“ඔප්පුවක් ඕන්නැහ්ලු. ගරාම සේවක ළඟ ලියලලු තියෙන්නෙ“


එතනිං එහාට කියවෙන ටික කියන්න ටෙලිපෝන් එක මගෙ කණ ගාව හිටියෙ නෑ.

පස්සෙ දවසක ඒ ඉඩමෙ විස්තරේ හරියටම මගෙ කනට වැටුනා. ආණ්ඩුවෙ වන වගාව කපලා තේ හිටෝලා ඒකෙම ගේ කෑල්ලකුත් අටවද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට විරුද්දව නඩුවක් දාලා. නඩුවෙං බේරිලා ගානක් සාක්කුවෙ දාගන්න හිතාගත්තු ඉඩං අයිතිකාරයා තමුන්ගෙ ඉඩම අක්කරයක් හැටියට අක්කරේට අලුත් බිම් ප්‍රමාණෙකුත් දාගෙන එක මනුස්සයෙක්ට විකුණන්න හදලා. ඔය ඉඩම අවට ඉන්න මිනිස්සුත් ඉඩම බලන්න ආ ගැනුංකාරයට අනුකම්පා කරලා ඉඩමෙ සුල මුල ඔක්කොම කනේ තියලා. ගැනුංකාරයා ඊට වැඩිය අංකූරෙක්. මිනිහා ඒ විස්තර ටික තමුන් දන්න බව ඉඩම අයිතිකාරයට කියලා ඉඩමෙ ගාන බොහොම අඩුවට හෙට්ටු කරගෙන. එතනිං පස්සෙ තමයි මේක දංවැල වගේ වෙන්නෙ. ගැනුංකාරයාත් එදිනෙදා වැඩ ටික කරගන්න තරං මොලයක් ඇති මිනිහෙක්. ඒ හංදා කීයටවත් ඒ ඉඩම තමුන්ගෙ සල්ලි දීල ගන්නෙ නෑ. ඒ හංදා මිනිහා ඉඩම තීරණය වෙච්ච ගානට වඩා ටිකක් වැඩි ගානකට ඒ ඉඩම විකුණන විත්තිය වෙනිං කෙනෙක්ට කිව්වා. එතකොට තමුන්ට මැදිං ගානක් කඩාගත්තැකි නෙ. එයාටත් මොලේ කලං ගානක් තියෙන හිංදා එයත් තමුන්ට ගානක් තියාගෙන තවත් කෙනෙක්ට පණිවිඩේ කිව්වා. ඔය විදිහට ඉඩම බලන්න යන හැම කෙනාම ඉඩම අවට අසල්වාසින්ගෙන් විස්තරේ දැනගෙන ඉඩම සල්ලි වලට ගැනීමෙ වැඩේ පැත්තක දාලා තමුන්ට වඩා මොලේ අඩු මැට්ටෙක්ට මේ ඉඩම විකුණා ගානක් සාක්කුවෙ දාගැනීමේ අරමුණෙං අර බ්‍රෝකර්ලගෙ වැලේ අගට එක්කහු වුනා. ඔය විදිහට අපේ බාප්පගෙ ගෙවල් ගාව අයියගෙං බාප්පගෙ කනට ආවෙ ලක්ස තිස් එකක ලංසුවක්. අපේ කනට එත්දි ඒක ලක්ස තිස් දෙක වුනා.


තවත් ටික දවසක් යත්දි අපි ඉඩමක් හොයන විත්තිය අහල ගං හත අටකම ප්‍රසිද්ද වුනා. ඒ ගංවල ඉන්න සේරම බ්‍රොකර්ල අපිට උපකාරෙට හිටිය. මෙතෙනදි විසේසෙන්ම ඔය බ්‍රෝකර්ල කියන අය අඳුරල දෙන්න ඕන.

ඉස්සර පතලක් ගානෙ මැණික් හම්බුවෙන කාලයක් අපේ ගංවල තිබුණා. ඒ දවස්වල පතලක් බැහැලා, ඉල්ලම පාදගෙන, හොරුංගෙං බේරන්න රෑට මුර කරගෙන, පොලිස්සියෙන් බේරිලා ගරලා යන්තං වාසියක් පාදගෙන ඒක මුදලාලි කෙනෙක්ට විකුණනවා. මුදලාලි ඒ ගල පනස් දහට අරගෙන බේරුවලට ගෙනිහිං ලක්ස ගානකට විකුණනවා. ඔය විදිහට බලත්දි මඩ නාගෙන බඩට නොකා නහින එකාලට වඩා සුදු සරමයි දැල් කමිසෙයි ඇඳං ටෝච් කඳ ඉනේ ගහං ඉන්න එකාලා වැඩි ගානක් හොයනවා. ඒ ගමන සුදු සරමයි, දැල් බැනියමයි, අස්ස පේන කමිසෙයි, අලුත් ටොච් එකයි, බැට්ටි කෑලි තුනයි, සෙරෙප්පු කුට්ටමයි ගන්න පුළුවං හැම එකාම මැණික් මුදලාලිලා උනා. අන්තිමට ටවුමෙං බාගයක් පිරෙන්න මැණික් මුදලාලිල.

කලකදී ඒ සේරම ඉවරවුනා. කුඹුරු ඉඩං, ගොඩ ඉඩං, ඇල දොලවල්, සේරම හෑරුවා. ගඟේ අඩියත් හෑරුවා. මහපාර යටිනුත් දෝනා ගියා. හාරන්න තැනක් නැතිවෙන්නම හෑරුවට පස්සෙ පතල් රස්සාවත් ඉවර වුනා. අන්න එතකොට අර මැණික් මුදලාලිලට කරන්න දෙයක් නැතුව ගියා. සමහරු නං බඩගිනි වෙත්දි සුදු සූට් එකෙන් මඩ සූට් එකට බැහැල කුලියක් කරන්න පටං ගත්තා. තව කීප දෙනෙක් ආණ්ඩුවෙ කන්තෝරුවලින් වැඩක් කරවා දෙන්නො බවට පත්වෙලා ග්‍රාම සේකර රාලහාමි එක්ක එක්කහු වෙලා ගමට ලැබෙන දේ ගසාකන්න පටං ගත්තා. ගමේ අයගෙනුත් ගාන කපා ගත්තා. තව කීප දෙනෙක් ත්‍රීවිල් කටුවක් අරගෙන හන්දියෙ රස්තියාදුව පටං ගත්තා. තව කොටසක් ගෙදර තියෙන සල්ලි කීය හරි නැති බංගස්තාන වෙන විදිහෙ බිස්නස් කරන්න පටං ගත්තා. ඔය විදිහට නන්නත්තාර ජීවිත ගත කරන අය අන්තිම වල්ල පට්ට ගහත් කපලා මුල් ටිකත් පැලුවට පස්සෙ, අන්තිම කිඹුල් හූණත් ඇල්ලුවට පස්සෙ, කලු බලල්ලු, අකුණු තැටි හෙවිල්ලත් යටිගං ගියාට පස්සෙ අතගැහුව වැඩේ තමයි බ්‍රෝකරකම.

මළ ගෙදරක කැරම් ගහන තැනක කට පියාගෙන ඉන්න බැරුවට


"මේ පැත්තෙ නැද්ද තේ කෑල්ලක් එහෙම ගන්න"

කියල අහපු ගමං කැරම් බෝඩ් එක වටේ හිටපු සේරම ටික


"තියෙනව. මං ඒ බිස්නස් තමා කරන්නෙ"

"තැනක තියෙනව ඉඩමක් අන්න ඉඩං. යං බලන්න."

"කොයි තරං එකද්ද හොයන්නෙ"


කියාගෙන අපිව වටකරගන්නව. ඒ බ්‍රෝකර්ලත් එක එක විදිහට වෙස් ගන්න පුළුවං අය. කොස් ගෙඩ්ඩක් කොලපතේ තියාගෙන බෝඹු කෝට්ටකිං දත්වහල්ල මැද මැද එන මිනිහෙක්ගෙං

"නැද්ද අයියෙ මේ හරියෙං අඩුවට කාර් එකක් හොයාගන්න"

කියල අහපු ගමං අර මනුස්සයා කොස් ගෙඩ්ඩ බිම දාලා බෝඹු කෝට්ට අකුලකට විසික් කරල සරම පාත දාගෙන තප්පර දෙකෙං කාර් සේල් කාරයෙක් වෙනව.

"තියෙනව. ගිය සතියෙත් මං කාර් හතරක් දුන්න. පස්ස තියෙන එකද්ද නැති එකද්ද හොයන්නෙ. තැනක තියෙනව මැණික් මුදලාලි කෙනෙක් පාවිච්චි කරපු ලාන්ස්‍රේකක් හීරිලවත් නෑ. අඩුවට දෙනව. ආයි නෑ ටොප්පෙකටම තියෙනව. දැං සල්ලි තියෙනවනං අද ගත්තැකි. හයිවේකෙත් යනව. දිර්ල නෑ. පැට්ටල් ලීටරෙං විස්සට එහා දුවනව. පොත එහෙමත් තියෙනව. මට පනහෙ කාඩ්ඩෙකක් ඇරං දෙන්න මං දැං කෝල් කොල්ල ගෙන්න දෙන්න. "

ඒ විදිහට කිතුල් හකුරු, මී පැණි, කිතුල් පිටි, ඔරිජිනල් කිතුල් පැණි, ලී, වල ඉඳං වාහන, ඉඩං විතරක් නෙවෙයි නැවක් උනත් හොයා දෙන්න මේ බ්‍රෝකර්ලට පුළුවං. ඒ්ක කොයිතරම් දුර දිග ගිහින්ද කියෙතාත් ඉඩමක දලු ටික කඩාගන්න කෙනෙක් නැති වුනාට හැම මිනිහම ඉඩම් බ්‍රෝකර්ලා, වාහනේකට හුලං ටිකක් ගහගන්න වින්කලයක් නැති වුනාට වාහන බ්‍රෝකර්ලා තුං හතරදෙනා එක ගෙදර, කපන්න කෙනෙක් නැතුව කිතුල් මල් නිකම්ම ඇරිල ගියාට හොඳ කිතුල් හකුරු තියෙන තැනකිං අඩු ගානට අරං දෙන බ්‍රෝකර්ලා ඕන තරම්. කොටිම්ම අපේ ගම් පලාතෙ ඉන්න හැම මනුස්සයම බ්‍රෝකර් කෙනෙක්. ඒ හැමෝගෙම අරමුණ කාගෙ හරි මරාලයක් තව කාගෙ හරි කරේ එල්ලලා අතර මැද නිකං ඉඳල ගානක් කඩාගන්න එක.


ඒ වගේ තමුං හෙනම කපටි බව හිතාගෙන ඉන්න බ්‍රෝකර්ල කීප දෙනෙක්ම අපිව තම්බන්න වතුර හැලි උණු කලා. තව දවසක් එහෙම එක්කෙනක් අහුවෙච්ච ගමං අපේ මාමණ්ඩි අපිට කතා කළා.


"මේ බලන්න මෙන්න මෙයා දන්න තැනක ඉඩමක් තියෙනවලු."

"හා"

ඊළඟට ඇහෙන්නෙ බ්‍රෝකර්ගෙ හිවල් හඬ

"මේ.... හලෝ....හලෝ...ඇහෙනවද?"

එතකොට මං බීරෙක් නොවන බව එයාට කියනව.

"ඇහෙනව ඇහෙනව"

"ආ....... මේ ඉඩමක් තියෙනව ෂෝක් එකක් ගන්නවද?"

"කියන්නකො විස්තරේ"

"මේ ටවුම කිට්ටුවම තියෙනව ඉඩමක්. ටවුමට විනාඩි දහයෙං එතෑකි. වතුර ලැයිට් තියෙනව. ඉඩමටම පාර තියෙනව. පාර කාපට් කරන්න සල්ලිත් පාස්වෙලා තියෙන්නෙ. ගන්නවද?"

"ගන්න කලිං ඉඩම බලන්න එපායැ. කොහෙද ඕක තියෙන්නෙ"

"ඕගොල්ලො කිව්වට දන්නෑ. බලන්න යනව නං මා එක්ක යතහැකි. ගන්නවනං තමා ඉතිං. දැං කීප දෙනෙක්ම ඇහිල්ල බලල ගියා. ගන්නවම කියල."

"ඉඩම තියෙන පාර කියන්නකො මට මෙහෙ ඉඳං ඉන්ටනෙට් එකෙං සිතියමේ බලන්න පුලුවං එතකොට"

"ගන්නවනං ඇහිල්ලම බලන්නකො. ගාන අඩු කරන්න පුළුවං."

"කවුද ඉඩමෙ අයිතිකාරය"

"මේ පැත්තෙ එක්කෙනෙක්. ඔයා දන්නෑ කිව්වට. ඒ දෙන්නට දැං වයසයි. ළමයි ඔක්කොම කොළඹ. තව කොටසක් ලන්ඩන් ගිහින් ඉන්නෙ. මේ දෙන්නත් ඉඩං විකුණල ළමයි ගාවට යන්න හදන්නෙ. ගන්නවනං කියන්න."

"එතකොට ඔප්පු එහෙම"

"ඉඩම ගන්නවනං ඔප්පුව බලතැහැකි. බලපත්තර ඔප්පු තියෙන්නෙ"


"එහෙම ජාතියක් නෑනෙ. බලපත්‍ර කියන්නෙ ආණ්ඩුවෙ ඉඩං වවාගන්න දෙන ඒව. ඔප්පු කියන්නෙ තව ජාතියක්. එතකොට ඔය ඉඩම අයිති රජයටනෙ."

"එව්ව තමා මෙහෙ හැමෝම ගාව තියෙන්නෙ. ඕන්නං නොතාරිස් ගාව ඔප්පුවක් ලියල දෙන්න පුළුවං. වෙන කවුරුවත් අයිතිය කියන්න එන්නෑ."

"ඕක ආණ්ඩුවෙ ඉඩමක් නෙ. ආණ්ඩුවෙ ඉඩං විකුණන්න තහනං නෙ."

අන්න එතකොට බ්‍රෝකරට මල් ගස් පිටිං පනිනව.

"මේ ඔයා ගන්නැත්තං කියන්න තව ඕන තරං ඉන්නව ඉඩං ගන්න අය. මේකට අල්ලපු ඉඩමත් බලපත්තර ඔප්පු තමා. ගිය සතියෙ ඉස්කෝලෙ මහත්තෙක් ගත්තෙ පේචස්සෙක අසූදාහ ගානෙ. ඒකත් මං අරං දුන්නෙ."

"ඔයා ඔය විකුණන ඉඩං ගැන ඔයාට වැඩිය මං දන්නව. බලපත්‍ර ඉඩං එහෙම විකුණන්න බෑ. හරිද?"

මේ අතරෙ අපේ මාමණ්ඩි බ්‍රෝකර්ට උත්තර දෙනව.

"ඔය අපේ ළමය අහුවල් දෙපාර්තමේන්තුවෙ වැඩ. එයා ඉඩං ගැන දන්නව"

එතකොට බ්‍රෝකර්ගෙ කට සද්දෙ බහිනව.

"ආ.... එහෙමද? මේ ඔයාට කවුරු හරි හම්බුනොත් කියන්නකො. මේ.... මගෙ ගාන පේචෙස්සෙක හැටයි. ඔයාටත් ගානක් තියාගෙන හැත්තෑව ගානෙ කාට හරි කතා කරන්නකො"


ඔය විදිහට තව බ්‍රෝකර්ල කීප දෙනෙක් ගින්දර වැඩි කරල, ලුණු ගොරක පදම වෙනස් කරල අපිව තම්බන්න හැදුවත් ඒවගෙන් හොඳටම තෙම්පරාදු වෙච්ච අපි දෙන්නා ඉඩං ගැන බොහොම වැදගත් පාඩං කීපයක් ඉගෙනගත්තා. එයින් වැදගත්ම එක තමයි බ්‍රෝකර් කියන දේ අහං ඉඳල ඒකෙ හැංගිච්ච ඇත්ත තේරුං ගැනීම. ඒ මේං මේ විදිහට.


"ටවුමට විනාඩි දහයෙං එතෑකි" (මේ විනාඩි දහය ගතවෙන්නෙ ජෙට් එකක ආවොත් තමයි. බයිසිකලේක තනියම ආවත් පැයකට වඩා ගතවෙනව - ගෙදර පොලිසියත් එක්ක එනව නං පැය දෙකටත් වැඩියි)

"මායිං මොනවත් ආරවුල් නෑ" (මේකට අල්ලපු ඉඩමෙ එකා නඩුවකුත් දාල තියෙන්නෙ)

"ඕන දෙයක් වවන්න පුළුවං. නියම පස" (අක්කපාන පැලයක්වත් හිටවන්න බැරි ගල් ගොඩක්)

"ගේ ගාවිං බස් යන්නෙ" (අධ්‍යාපන චාරිකාවක් හරි වන්දනා ගමනක් හරි ගිය එකක් තමා)

"ඉස්කෝලෙට හැතැක්ම කාලක් නෑ. ළමයි දාගන්න කිසි කරදරයක් නෑ" (හෙට අනිද්ද වැහෙන්න යන කනිෂ්ඨ විද්‍යාලයක්)

"පිරිසිදු ඔප්පු. දෙකට නමලවත් නෑ. ලැමනේට් කරලත් තියෙන්නෙ" (ආණ්ඩුවෙ ඉඩමකට හොර ඔප්පුවක් ලියපු එකක්. ණය ගන්න ගිය තැනදි අහුවෙනව)

"හෝටලයක් හදන්න නියම තැන. හොඳ ආදායමක් ගත්තැකි. ඉඩමෙ මායිමෙං දොලක් ගලනව. හරිම ලස්සන කැලේකුත් තියෙනව. සිරීපාදෙත් පේනව" (මිනිස්සු හෝටල්වලට එන්නෙ ගෑනියි ළමයි ටිකයි අරගෙන දනක්වත් වතුර නැති දොල පාරවල්වල පැනල දිය බුං ගහන්නයි; කැලේ රිංගලා හැකරැල්ලො, දෙපත් නයි, මුකටි, ගැරඬි, හාල් දණ්ඩො, කබරයි වගේ සත්තුයි තුංකිඤ්ඤ, වැරනියා පඳුරු, වල් හබරල, නං නොදන්න ගස් ජාතියි බල බලා කිනිතුල්ලන්ටයි හෝ හපුටුවන්ටයි කූඩැල්ලන්ටයි කියල කවෝගන්නයි; ඈතිං පේන තුංහුලස් කන්දක් දිහා බලල "අන්න සිරීපාදේ" කියල උඩ පැන පැන අප්පුඩි ගහල සතුටු වෙන්නයි; ඒ එක්කොමත් කරල එක සැරේ ලස්ස ගානක් හෝටලේ අයිතිකාරයට දීල පිං අනුමෝදං වෙන්නයි කියල හිතන බ්‍රෝකර්ල වෙනුවෙං සදාකාලික නිශ්ශබ්දතාවය)

"ඉඩමෙ කොටසක් වවල තියෙන්නෙ" (ආදායමක් ගන්න නං හිතන්න එපා. සමහර විට මේ කියන වැවිල්ල මාස දෙකක්වත් නැති තේපැල පනහක් හැටක්, නාරං පැලයක්, තැඹිලි ගස් දෙකක් වෙන්නත් පුළුවං)

"ඔප්පුවෙ පර්චස් හතලිහයි. රිසිවේසම තියෙනව තව හතලිහකට වඩා. එක්කොම අසූවක්" (ආණ්ඩුවෙ රක්ෂිත ආපහු දෙන්න වෙච්ච දවසට සනීප වෙයි)

"තේ වැව්වොත් හොඳ ආදායමක් ගන්න පුළුවං" (ඉතිං තොපි වවාගෙන ආදායම ගනිල්ලකො. තේ ගහක් වවල ආදායමක් ගන්න අවුරුදු දෙක තුනක් විතර කාලෙකුත් ඒ වගෙම වියදමකුත් යන බව අපි නොදන්නවැයි)


"ගංවතුරට අහුවෙන්නෑ. නාය යන්නෙත් නෑ" (ආණ්ඩුවෙන් වන්දිත් ගෙවල ඉඩමෙං අයින් වෙන්න කියල රතු දැන්වීමත් දීල ඇති)


"කීප දෙනෙක්ම ඉල්ලල තියෙන්නෙ. දැංම ගත්තොත් තමයි. නැත්තං කොයි මොහොතෙ විකිණෙයිද දන්නෑ" (ඒ පරම්පරා ගානක් තිස්සෙ විකුණන්න බැරුව තියෙන එකක්)


"අයිති එක්කෙනා රට ඉන්නෙ. මට තමයි බලාගන්න කියල තියෙන්නෙ. ඉඩම බලනව නං මං එක්කං ගිහිං පෙන්නන්නං" (ඉඩමෙ අයිතිකාරයා කියන ගාන වගේ හත් අට ගුණයක් වැඩි ගානක් බ්‍රෝකර්ගෙ අතරමැදි ගාන)

"අයිතිකාරය හම්බවුනොත් ගාන වැඩිකරනව. මං ගනුදෙනුව අඩුවට කරල දෙන්නං මට ගන්න විදිහට. ඉඩමට කැමති නං ගාන මගෙ අතට ගෙනත් දෙන්නකො. එදාම ඔප්පුව ලියමු" (නාල වරෙං. ඕන්නං මගෙ ගානෙ සල්ලයිට් බාගෙයක් අරං දෙන්නං. සල්ලි ටික අරං පනින්න ඔයිට ලේසි ක්‍රම ඕනිනං මං කියල දෙන්නං.)


අන්තිමට ඉඩමක් විකුණන්න තියෙනව කියල කවුරු හරි කියත්දිම මගෙ ඉස්සරහ දත් ඇන්ද ගාව නරක වචන පොරකන්න පටං ගත්තා. ඇත්තෙන්ම කවුරු හරි ඉඩමක් විකුණන්නෙ ඒකෙං මෙලෝ විදිහක වැඩක් ගන්න බැරි වුනහම කාගෙ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න කියන එක අපිට උගන්නපු ඒ බ්‍රෝකර් මහත්තුරුන්ට ඒ විදිහට නරක වචන ඇහෙන්න දෙන එක හරි නැති හංදා අපිට ඉඩං එපා බවට නිවේදනයක් නිකුත් කරන්න මට සිද්දවුනා.

118 comments:

  1. දේපොල වෙලදාම් කාරයො නැතෙයි? කට්ටි කොරාල විකුනන උන්?
    අපේ ⁣පැත්තෙ ⁣බෙහෙතකටවත් ොල් වත්තක් නෑ දැං උන්ට පිං සිද්ද වෙන්න.

    ReplyDelete
    Replies
    1. ආව් ඩඩා මම එක

      Delete
    2. බලාගෙන මද්දො නයා ගහයි වලිගෙං.

      Delete
    3. කැලෑ වැදිලම සතා සරුපයා ගැන ඉවෙන් වගේ දැනෙනව දැන්.





      න්னයා කියන්නෙ අහිංක සතා බං

      Delete
    4. මම මෙතන මොකුත් කියන්නෝන නෑ නේද? හැක්..

      Delete
    5. සභාපතිතුමා ඉන්න පැත්තකට වෙලා ...අපි බලාගන්නම් ..හැක්

      Delete
    6. උබ බැහපන් ගේමට මමත් ඉන්නවා

      Delete
    7. සද්ද එපා... ගොඩකවෙලට එන්න නෙවෙයි හරී... (ලෙමනේඩුයි, නෙක්ටොයි කවලං කරලා තියෙන්නෙ ගහන්න..)

      Delete
  2. මම මැනල අයින් කරපු රිසිවෙසන් කෑල්ලක් දවසක් බෝකරයෙක් මටම විකුනන්න ආව කියාංකෝ.. මිනිහා දිවුරලා කියනෝ එතැන රිසිවේසමක් නෑ කියලා.. මං හිනාවෙලා කිව්වා මට එපා කවුරුහරි හම්බුනොත් පයිඩෙ දෙන්නං මට නං කීයක්වත් එපා කියලා.. හැක්

    ReplyDelete
    Replies
    1. එකේ ටීඑල් එක ලියන්න තිබ්බෙ මෙහෙම "මාර්ගය දිගේ සී.ජෙ. විදානපතිරණ සඳහා වෙන්කළ බිම. ඔන්නොහෙ උටම දීලා දැමීම සඳහා. (ව.මී. 2345)".

      Delete
    2. මං මේකේ ලැයික් බටන් එක හොයනවා බං

      Delete
    3. ටෝච්චෙකත් දැතියා ගෙනිච්චා නයාට ගහන්න. කරුවලේ හොයන්න බෑ.

      Delete
    4. කැමාගෙං හුලුඅත්තක් ඉල්ලගනිං.

      Delete
    5. කැමා??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      Delete
  3. මල්ලි ඔහොම අක්සට් වෙන්ටෙපා. අපේ පැත්තෙ කන්දක් තියනවා බතලේගල කියල. ගත්තොත් අත පිටින් වාසියි. ගල කඩල හම්බෙන සල්ලි වලින් ගෙයක් හදාගන්ඩත් පුලුවන්. මම ගන්ඩ කියල හිටියෙ අර මල්ලි ඉඩමක් හොයනවා කියල කියපු හින්ද කියන්නෙ. කැමතිනං ගන්ඩ ආය මල්ලිගෙ උනාම මොකද මගෙ මොකද...මට අයිතිකාරයගෙන් බල කිරිල්ල ගන්ඩ කියල.පිරිසිදු ඔප්පු. ගිය සතියෙ බන්ඩාර බැරිස්ටර් ගාව ලිව්වෙ. මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. එතකොට ඒක උඩ තියෙන පංසල? හාමුදුරුවොත් එක්කම ගන්ඩ කීයක් කියනවද? වැඩේ කෙරෙන්ඩම ගාණක් කියන්ඩ

      Delete

    2. කට්ටකාඩුවේ ලොකු - මල්ලි එ්ක උඩව හෙන ගහනව බොල.

      ඩ්‍රැකී - දැන් හාන්දුරුවො නෑ කියන්කො.



      Delete
    3. අපි ඔය ඉඩමෙ පදිංචි වෙලා හිටි උන් අරී බලාගෙනයි අයිති වාසිකම් කියන්ට ආවොත්

      http://rodhadekersthiyaduwa.blogspot.com/2018/05/r2r.html

      Delete
    4. ලිව්වෙ කසාදෙ ද බං.

      Delete
    5. නෑ නෑ සුරා ගත්තෙ නැත්තං විතරක් කියන්නං. සුරා ගත්තොත් නම මාරු කරනව සුරා මේරුව කියල ටික දවසකින් ඒක සුරාමේරය වෙනවා...

      Delete
    6. අපිත් උන්නා බතලේගල. ..
      http://drackey.blogspot.com/2014/01/blog-post_14.html?m=0

      Delete
    7. අලට කන්ට බැරි අලගලේ කන්ද
      බතල කන්ට බැරි බතලේ ගල කන්ද
      හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
      මෙකඳු තුනට නායක සමණල කන්ද

      Delete
    8. දැං ගල්වැඩ කොරන්නෑ. ඒ හංදා අර ගල්බලුකායට දීල දාන්ට හොඳ‍ෙ

      Delete
    9. ගල් බලකාය බොන්නේ රට බිම විතරක් බව කරුනාවෙන් සලකන්න

      Delete
  4. කවුරු හරි වැඩි ගානකට ඉල්ලුවොත් මිනිහ දීල දායි අදම කියන්ඩ..හා ද?

    ReplyDelete
    Replies
    1. ගල් ඔලට කැමති නෑ කියන්ට.

      Delete
  5. කුලියට ඉන්න එක සැපයි අප්පා ! නැත්නම් ඉතින් බ්‍රෝකර් වැඩේම කරලා ඉඩමක් කෙසේ වෙතත් ඔය වගේ ආතල් එකක් ගන්න පුළුවන් වෙයි .

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ සමහර බ්‍රෝකර්ල ඉන්නව අවුරුදු ගනං බ්‍රෝකර් වැඩේ කරලත් තවම එක දෙයක්වත් විකුණල නෑ.

      Delete
  6. බොලා මෙව්ව මෙහ්ම ලියල අපි කෝමද ඉස්සරහට කීයක් වත් හොයා ගන්නේ.. මීට ඉස්සරහට ඉඩම් බ්‍රෝකර් වැඩක්වත් කරන්න හිතං ඉන්න එකෙක්.. 😊😊😊

    ReplyDelete
    Replies
    1. බය වෙන්ට එපා. මේ යන විදිහට එකෙක්වත් සූරයො නෑ,

      Delete
    2. මගේ බ්‍රෝකර් ගාස්තුව ලැබුනේ නෑහැ?

      Delete
  7. මචං සෝක් ඉඩං කෑල්ලක් තියනව මැස්සෙක්කත් වහල නෑ. Inbox වරෙං.

    ReplyDelete
    Replies
    1. බමරු නොදුටු මලක් කොහෙද සක්වලගල පිට

      Delete
    2. මූ මේ නගරසභාවෙ ටොයිලට් වලද කොහෙද විකුණන්න හදන්නෙ.

      Delete
    3. .
      පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියනවා
      නැතිනම් හදලා කියනවා.............
      සමහරු මවලා කියනවා.............

      Delete
    4. මැස්සො වහන්නැති එව්වා මෙලෝ රහක් නෑ.

      Delete
    5. මමත් දන්න මඩ කුබුරු කැල්ලක් තියනවා කැගල්ල පැත්තේ..වයිෆට් අහූනා වගා කරකර ඉන්නකොට...පොඩි එකා අරගේන අම්මලාගේ ගෙදර යන්වා කියලා තර්ජනය කරපු නිසා විකුනලා දානවා

      Delete
  8. Replies
    1. පතෑංංංංංං!!! (ටෝච් පාර) - (කාගෙනම පළයං)

      Delete
    2. මොකක්ද බං ඒ සද්දෙ මැද ලොකු රවුං දෙකක් තියෙන්නෙ.

      Delete
    3. ඒ පෙනේ ගෙඩිගැහිච තැං දෙක

      Delete
    4. මිරිකල ඉස්ම අරින්ට වෙයි.

      Delete
  9. දවසක් මනුස්සයෙක් ආවලු ඔහොම බ්‍රෝකරයෙක්ගෙ කිලෝමීටර පහක් දිග අත බලල යන්ඩ. “බස්පාර අකළඟ“ කියල ගහල තිබිල.

    ReplyDelete
    Replies
    1. අත බලල ඌ මෝඩ වැඩක්නෙ කරල තියෙන්නෙ. ඔතන තියෙන්නෙ අකළඟ කියලනෙ.

      Delete
    2. ඕකෙ අක වෙනුවට වෙන මොකක් හරි එකක් කිව්වා කියලා හිතාගං. .

      Delete
    3. අත ළඟ නෙමයි ඔය කියන එක ළඟ තමයි බස්පාර තියෙන්නෙ.

      Delete
  10. අපේ පැත්තෙ එක තැනක කැලෑපත්තරෙයක් ගහල තිබ්බ මෙන්න මෙහෙම:

    වලිපුර
    බිම් කොටස් දෙකයි
    සුදුවතුර කටළඟ - මඩවතුර අතළඟ
    ගෙම්බන්ගේ සුමිහිරි නාදය සමඟින්

    ReplyDelete
    Replies
    1. ඕකෙ னයි ඉන්නව.

      Delete
    2. හිටපු නයි වඳ වෙලා ගියා ගමේ උං ටෝච් වලින් ගහල... දැං ගෙම්බන් විතරයි ඉන්නෙ

      Delete
    3. සුදුව ටිකක් කටේ වක්කලොත් ඔයිට වඩා දේවල් උනත් කියයි

      Delete
  11. තව සමහර දැන්වීම් තියෙනව “කොළඹට තනි බසයෙන් යා හැක“ කියල. දවසටම එක බස්සෙකයි තමා තියෙන්නෙ. “අඟුනකොළ පැළැස්ස - කොටුව“

    ReplyDelete
    Replies
    1. ඒ අතිං අපි වාසනාවන්තයි. ලංකාවෙ ඕන තැනකට තනි බසයෙං යතෑකි. දෙබසක් ඕන නෑ.

      Delete
  12. සුරංග මලයෝ

    වෙන රටවල ඕක විශ්ව විද්‍යාලේ ගිහිල්ල , ඩිප්ලෝමා කරලා , කරන ජොබ් එකක්
    ( real state agent ) . හොරුන්ට ගිය රටේ පොඩි හොරු කරන ව්‍යාපාරයක් වෙලා .

    ඕක හොදයි , උබ ඉඩම අරගෙන ගේ හදන්න පලයන්කෝ . .
    බාස්ගේ කනට ගහල උබට මහා උළු ගෙදර ඉදල තමයි බ්ලොග් ලියන්න වෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත වතු ඒජන්තවරු කියල වෙනම නමක් සිංහලේ හදන්න වෙනව.

      අපොයි ගෙවල් නං තනියම හදන එක සැපයි. එහෙව් එක පවුලක් වැඩිපුර ලක්ස ගානක් බාසට දෙන්න යද්දි බේරුවෙ මං.

      Delete
  13. 'real state' maru ne.....

    ReplyDelete
  14. ඕක නං මොකක්ද බං.. අර අපේ පැත්තේ එකෙක් මූද මැද්දේ තියන සීනිගම දේවාලෙයි දූපතයි සුද්දෙකුට විකුණලා තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තෙයි? මං හිතුවෙ ඒකත් පත්තර බේගලයක් කියල.

      Delete
  15. එහෙම උවමනාවක් තියනවා නමි තමුන්නැහැලා තනියෙම හෙයලා බලන එක තමා වටින්නේ....ඔකුන් ගාන අතට හමිබ වෙනවනමි අමිමා අප්පා උනත් විකුනයි....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නං කවර කතා ද? ඔය බෝකරලගෙ හොටේ තමා මට පේන්න බැරි.

      Delete
  16. මේ දවස්වල අපේ කතාවත් මේකම තමයි කියන්නකො... මං හිතන්නේ අපිත් ගෙයක්, ඉඩමක් හොයනවා කියලා විජේරාමෙ, මහරගම, බොරලැස්ගමුව ආදී තවත් ගම් සෑහෙන ගොඩක් මේ වෙනකොට දන්නවා...
    ඔයාගෙ ලියවිල්ල හරියටම හරි... අපේ අද්දැකීමත් මෙහෙම්මම තමා.. බ්‍රෝකරයෝ කතාකරනකොට දැනගන්න පුලුවන් ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා... ඔය බ්‍රෝකරයෙක් හැමදාම උදේට මට හම්බෙනවා... බහුතරයක් දවස්වල මටත් යකා එනවා කියන කතාවලට.. සමහර දවසකට නම් මාත් හිටහන්කෝ කියලා බයිට් කරනවා:D

    ReplyDelete
    Replies
    1. මේ රටේ ඉඩං මිල මේ තරං ඉහල යන්නත් ඒ වගේම කිසිම දෙයක් නොවිකිනී තියෙන්නත් හේතුව තමා ඔය බ්‍රෝකර හැත්ත. උන්ට නිවන් සැප ලැබේවා.

      Delete
  17. මොකද කියන්නෙ සුරං මල්ලි, වෙළඟපොල පැත්තෙ හොඳ තේයිඩමක් තියෙනව. මම ගන්නව වගේ ගාන කතා කරගන්නං. උඹ මට සල්ලි ටික ගෙනත් දියං.
    කාපට් පාරවල්, පිරිසිදු ඔප්පු, තෙකලා විදුලිය, නළ ජලය

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ ඉඩං ගැන අගනා විස්තරයක් තියෙයි මා ගාවත්.

      Delete
  18. අම්මප අර කිවුවත් වගේ මේ මිනින්දෝරුවො ඉඩං මයිනකොට අනුංගෙ ඉඩනුත් තමංගෙ නමට ලියාගන්නවද දන්නෑ හිටං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර ඉඩං අට්ටිගහලා තියෙන්නේ

      Delete
    2. ආන්න පේනව නේද? මම කිවුවෙ බොරුයැ. මේ සුරංගයත් බොරුවට ඔය ඉඩං හොයන්නෙ. මම හිතන්නෙ මේ වෙනකොට බදුල්ලෙ රිසවේසන් වලින් භාගයක්ම උගේ නමට ඇත්තෙ.

      Delete
    3. අපිට නං හරිම ලේසියි බේත්තලෙයි රොටරිං පෑනයි ඉතරයි ඕන.

      Delete
    4. මමත් දැක්කා..කබඩ් එක උඩ ගොඩ ගහලා තිබුනා...කර් එක දාන මඩුවෙත් තිබුනා

      Delete
  19. සුරංග අයියා... ශෝක් ඉඩමක් තියනව.
    කොළඹ හැටන් ප්‍රධාන පාර පෙණෙන දුරින්, තෙකලා විදුලිය, නළ ජලය, කොන්ක්‍රීට් යෙදූ මහා මාර්ග, සුන්දර පරිසරය, පිරිසිදු ඔප්පු.

    මොකෝ කියන්නෙ වැඩේ සෙට් කරන්නද?

    ReplyDelete
    Replies
    1. ///කොළඹ හැටන් ප්‍රධාන පාර පෙණෙන දුරින්,///
      සෑම බිම් කොටසක් සමගම අගනා දුරදක්නයක් නොමිලේ....

      Delete
    2. පිරිසිදු ඔප්පු සුරංගයට හරියන්නෙ නෑලු. ඕකෙ කුණු ටිකක් ගාල දෙන්න වෙයි.

      Delete
    3. මං කරන්ටෙකට බයයි. හැටං පැත්තෙ ඉන්න අමාරුයි. කාලයක් ඔහේ ලිඳුල - පතන කියන හරියෙ මං කුලී වැඩ කොලානෙ.

      Delete
    4. රෑ කියූලා අයියේ... දුරදක්නෙකිනුත් බලන්න ටිකක් අමාරුයි....

      සුරංග අයියෙ.. එච්චර බයවෙන්න දෙයක් නෑ කම්බි යන්නෙ සෑහෙන්න උඩින්.

      Delete
  20. Replies
    1. ඔහේ දැම්මම ඉඩම වගේ වැට ගැහුවද? හැක්..

      Delete
    2. //ඔහේ දැම්මම ඉඩම වගේ වැට ගැහුවද? //
      ඒක මරු.

      Delete
    3. අන්න හරි උඩිං උලට තියෙන්න ඕන ඇනෙන්න.

      Delete
    4. ඔප්පුව ලියමු වැටත් ගහපු එකේ

      Delete
  21. සුරංචියෝ මෙහෙ අල්ලපු වත්තෙ තෙල් ලිඳක් හාර ගන්න කියාපු ඉඩං කෑල්ලක් තියනව, අඩියක් හාරන්න බෑ තෙල්. ඕන නං කියපන් අඩුවට වැඩේ කරල දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. නීල්‍යාදී තයිලය, වනමන්දාවේ කේෂ කල්‍යානී වර්ධනාලේපය වගේ එකක් නං හා කණ්ඩෙ.

      Delete
  22. මේකට නම් කියන්න දෙයක් හිතා ගන්න බෑ. හිනා යන විදියට ලියල තිබුණට, දුක හිතෙන සිදුවීමක් නේ.. ඉක්මනින් හොඳ ඉඩමක් හම්බෙලා, නිදහසේ වැටිලා ඉන්න සීදේවී ගේ පොඩ්ඩක් හදාගන්න ලැබේවා!

    ඔය ගොඩක් ගැටළු අපේ ගෙවල් පැත්තට වැඩිය අදාළ නෑ, මොකද ආණ්ඩුවේ ඉඩම්, වවන ඉඩම්, කැලෑ එහෙම මේ පැත්තේ නෑ. මොකෝ කියන්නෙ? ගඟෙන් එහා පදිංචි වෙන්න කැමති යැයි? අපේ එහා ගෙදර ඉඩමත් කට්ටි කරලා විකුනනවා මේ දවස් වල. බ්‍රෝකර් වැඩ කරලා ගානක් කඩා ගන්න නෙවෙයි, ඕන නම් අයිතිකාරයා ගේ නම්බර් එක දෙන්නම්, කතා කරගන්න. (සුරංග අපේ අසල්වැසියෙක් වෙනවා නම් හොඳයි නේ. අපටත් අර සඳමාලි ව හුරතල් කරන්න ඇහැකි.)

    බ්‍රෝකර් ලත් මරු ටෝක් නේද දීලා තියෙන්නේ? දුක් මහන්සියෙන් උපයාගත්ත දේ ඒගොල්ලොන්ට නිකම් ඉඳල ගන්න. ලහිපිට එහෙම බලනවා අපේ පැතිවල ඉඩම් හොයන අය. සුරංග එහෙම බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මට ඉතිං කොයි නමුත් දිස්ත්‍රික්කෙ ප්‍රධාන නගරෙක කිට්ටුවම පදිංචි වෙන්ට එපෑ. අනික දකුණෙ තියෙන කන්තෝරුවල වැඩි කල් රඳන්න බෑ. එලොවන්නමයි හදන්නෙ. මට හරියන්නෙ කොහෙ හරි ප්‍රසිද්ධ නැති තැනක් තමා.

      Delete
  23. වැවක් මැද්දේ ඉඩමක් තියෙනවා ගන්නවද...
    හරක් 225 ක පට්ටියක් සහ උන්ට ඉන්න ලොකු මඩුවකුත් ගහල තියෙන්නේ...
    උඹලට ඉන්න තැනක් අටවගන්න ඕනේ තරම් ඉඩ තියෙනවා...
    ඔක්කොම නිකන් දෙන්නේ, උන්ව බලාගන්න ගමන් එක එකාට වහ දීල හරි මරල දාන්න තියෙන්නේ...
    නඩත්තු කරන්න අමාරු නිසයි දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ සුරං අයියා ලොකු පුතා කියන ඉඩමි කැල්ල ගන්න ⁣කෝ‍.....

      Delete
    2. කිරි ටිකක් දොවාගන්න වැස්සියක්වත් නැද්ද?

      Delete
  24. මට මේ ළඟදී හම්බුනා ත්‍රීවීල් බ්‍රෝකර් කෙනෙක්. දැන් ඒවා කරන ගමන් සයිඩ් බිස්නස් එකට මේවා කරනවා

    ReplyDelete
  25. වෙන කෙනෙකුට උදව්වක් වශයෙන් කියල ඉඩමක් ගන්න සල්ලි දුන්න ..ඉඩමේ අයිතිකාර මනුස්සය ප්‍රොමිසරි නෝට් එකක් දීල සල්ලි අරන්. ඔප්පුව ඇහුවම අන්තිමට බලනකොට ඉඩම රන් ඔප්පු ද මොකක්ද එකක්ලු ආණ්ඩුවෙන් දෙන ඒවා විකුනන්න තහනම්ලු. අර මනුස්සයට ඉඩමත් නැහැ. මගේ සල්ලිත් නැහැ. ඔයවගේ හොර වැඩ හරියට තියනවා.

    ReplyDelete
  26. තව ඉඩමක් තියෙනව බලමුද?

    ReplyDelete
  27. ඉස්සර වගේ නෙමෙයි දැං බ්ලොග් බලන්නෙත් එපා වහෙට හොදි බෙදන්නා වගේ තමයි. අහම්බෙං දැක්කේ මේ බ්ලොග. දැන්නං දිගටම ඇවිල්ලා බලනවා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ බ්‍රෝකර් ඩෑල් එකක් ඉන්නවා. පොර උගේ තාත්තට කාර් එකක් අරං දුන්නා ඌට ගානක් තියාගෙන.

      Delete
  28. ඔහේ මේක ලියනවද නැත්තං තව බ්‍රෝකර් කෙනෙක් එවන්නද ගෙදරට.

    ReplyDelete
    Replies
    1. ආයි ලියන්නෑ බොස්. වැඩේ නැවැත්තුවා

      Delete
  29. ලියපිය තොගෙ ආච්චිට.... ඩිෂුම් ඩිෂුම්!!!

    ReplyDelete
    Replies
    1. සයිලන්සර් එකක් හයි කරගනින්

      Delete
  30. ජලය බාල්දිය ලග
    බාල්දිය ලිද ලග
    රේල් පාර ඉස්ටේසම ලග
    බස් පාර ලග
    විදුලිය කනු වල

    ReplyDelete
  31. සුරංග අයියේ...කෝ...කෝ...ලියපියෝ...

    ReplyDelete
  32. අනේ අයුබෝං, එන්ට සුනංගු වුණා. සේරම විකුණල අහකැයි?

    ReplyDelete
  33. ලියපාාාාාාාාාාාාාං

    ReplyDelete
  34. ඉඩමි හෙවිවා ඇති යකඩෝ...මෙික ලියපියෝ....

    ReplyDelete
  35. හම්මේ..යකෝ.
    ඉඩම් ගැන ඩිප්ලෝමා එකක් කළා වගේනේ බන් උඹේ පොස්ට් එක...

    පිස්සු හැදෙනවා කියෝගෙන යනකොට....

    ReplyDelete
  36. Ape gam palahema kenek ne. Hoda lipiyak

    ReplyDelete
  37. බ්‍රෝකර්ල ගැන නම් කියලා වැඩක් නෑ. ඕක අනිත් පැත්තටත් ඔය විදිහමයි.

    ReplyDelete
  38. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  39. I read almost all your blogs. Very interesting. Why are you not writing now?

    ReplyDelete
  40. ලියන්නේ නැද්ද අයියේ ?

    ReplyDelete
  41. තවුසෙ මේක ලියන්න එපා හිටගෙන.

    ReplyDelete
  42. ලියනවද නැද්ද ... හැමදාම ඇවිල්ල බලල යනවා .... මගුල

    ReplyDelete
  43. මොකද බොල වෙලා තියෙන්නේ මේක ලියන්නෙ නැද්ද?මාස ගානක් හැමදාම ඇවිත් බලනවා 🚑😬😈😈👹️👹️👹️☠️☠️☠️☠️

    ReplyDelete
  44. තෝව කොටියම කාපිය අලුතින් දාපුු එක අයින් කරාට

    ReplyDelete
  45. දැන් ඒතොට මෙි දේශපාලන අස්ථාවරත්වය මෙවිවා ලියන කටිටියටත් බලපාලයි.......?අපි වෙිලෙනවා.....:(

    ReplyDelete