tag:blogger.com,1999:blog-11426649324891802024-03-19T03:44:31.901-07:00යාං හෑල්ලපොහොර, බෙහෙත් නැති කාබනික ජීවිතයක අක් මුල් අතුපතර ස්පර්ශ කළ මතකයන් ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-1142664932489180.post-35912844103357276332023-04-08T02:14:00.001-07:002023-04-08T02:14:16.783-07:00නාන්න ගියෙමු - Went to Nanna
පහුගිය පෝය දා අපි නාන්න ගියෙමු.

කිලෝමීටර හැට ගානක් මග ගෙවූයෙමු.

ඉං පසු ලැවරියක් කෑවෙමු.

ලොරියක නැගී මහ වන බූටෑවක් මැදිං දොළ ළඟට ගියෙමු.

දොළට බැස නෑවෙමු.

හීතල හැදුනු බැවින් ගොඩ ආයෙමු.

තෑග්ගට පොතක් ද ලැබුණි.

හොදි මාළු පිනි සමග බත් කෑවෙමු.

බැනුං ඇසුවෙමි.

බත් ඉතුරු නොකර ඔක්කොම නොකෑ බැවින් කේන්ති ගත් මේසය නරක කොල්ලෙක්ගේ ඇඟට පැන්නේය.

අපි ආපහු වන බූටෑව මැදිං පාරට ආවෙමු.

ආයෙ නං නෑමට එතරං බයානක ගමන් නොයමු.

තට්ටයාට වූ පොරොන්දුව පරිදි පළ කරමි.

නයා ඔන්නොහොම එනකොට සුවාතා ටෝච්චෙක ඇල්ලුව නයාගෙ පෙනේට යටිං මේං මෙහෙම

ගහප්පිය..... පතෑංංංංංංංං

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com33tag:blogger.com,1999:blog-1142664932489180.post-87714192374801525892020-03-14T09:46:00.002-07:002020-03-14T09:46:35.267-07:00ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office

ඡායාරූප අනුග්‍රහය ප්‍රදීපා තෙන්නකෝන් රස්තියාදුකාරී

මං දන්නා වෙදකමක්වත්, වෙන ඉටිගෙඩියක්වත් නැති බව පළමුවෙන්ම කියන්න ඕනා. මං දන්නා එකම වෙදකම වෙදමහත්තයෙක්, නෝනෙක් දෙන බෙහෙතක් උඩ බලාගෙන ගිලීම විතරයි. ඒ වුනත් මේ දවස් ටිකේ හොයා සපයාගත් කරුණු අනුව කොරෝනාවෙන් බේරෙන හැටි ගැන යං තරමක් දුරට තියෙන අවබෝධයෙන් තරමක් සරලව ලියන්න හිතුවෙ අපේ බහුතරයක් දෙනා එලෝ සිහියෙං මෙලෝ අතගගා ජීවත් වෙන එකාලා මිසක් යමක් හිතලා මතලා කරන්න නොදන්නා අය හිංදයි.

ඉස්කෝල, 20 විජ්ජාල සේරම වැහුවත් මේ රටේ ජනයා බුරුතු පිටිං එක්කාසු වෙන තැං හැටහුටාමාරක් ලබන සඳුදා ඉඳං සිකුරාදා (සෙනසුරාදා) වෙනකං වැඩ. ආණ්ඩුවෙ හා පුද්ගලික අංශෙ කාර්යාල, සාප්පු, වැඩබිම් එව්වයෙං ප්‍රධානයි. ඉතිං ඒ වගේ තැංවල වැඩට යන, ඒ තැංවලින් වැඩ ගන්න කාට වුනත් කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න වෙනවා. හත් අට ගුණයක් වැඩිපුර දීලා ගත්තු මුඛවාඩම පැලැන්දට විතරක් නං පරිස්සං වෙන්න හම්බවෙන්නෙ නෑ.

ලෝක සවුක්ය සංවිධානෙං ඇහිං දැක්කා වගේ කියන හැටියට මේ කොරෝනා කියන විෂබීජෙ අනික් වයිරස් තරං චුට්ටිම එකක් නෙවෙයි. ඒ හංදා මුඛවාඩමක් අස්සෙං රිංගන්න නං බෑ. ඒ වුනාට සමහරු ඕක ටිකක් වෙලා දාගෙන ඉඳලා හොස්ස අගට දාඩිය දානකොට ගලෝගන්නව. ඉං පස්සෙ හොස්ස අතිං පිහල ආයි දාගන්නෙ එතකොට අතේ තිවුණු විසබීජ සේරම නොමිලෙම කටේ.

ආං ඒ හංදා කල්පනාවෙං පරිස්සං වෙන්න මට හිතෙන හැටියට අනුපිලිවෙලිං කියාදෙන මේ දැනමුතුකං හොඳිං ඔලුවට ගන්න.

මේ වෙනකොට පිටරට ඉඳං මෙරට ආපු අයගෙං අහුවෙච්චි හරිය ආණ්ඩුව ගානෙ නිරෝධායනය කරන බව ඇත්තයි. ඒ වුනාට ඊට කලිං මෙරට ආපු සමහරක් අය පාටි දීලා, ට්‍රිප් ගිහිල්ලා, හොර කොටු පැනලා වැඩේ අල කරල තියෙන්න පුළුවං. පහුගිය දා ආපු එකාලගෙනුත් කීප දෙනෙක්ම පැනලලුනෙ. එතකොට මීට සති දෙකකට තරම උඩදි මෙරට ආපු විදේශිකයොත් තවම රටේ ඉන්න පුළුවං. එයිනුත් මල්ල පිටේ එල්ලං බස්සෙකේ, කෝච්චියෙ යන අය විසේසයි. ඔය කියාපු හැමෝමත්, ඒ අය එක්ක අන්තර්ක්‍රියා කරපු හැමෝමත් රෝග වාහකයි වෙන්න පුළුවං. ආං ඒ හංදා වැඩට යන එකේදි පරිස්සං වෙන්න.

උදේ වැඩට යන්න ලැහැත්ති වෙත්දි පොඩි සබං පොත්තක් හෙම සිලි කවරෙක දාගෙන ලැහැත්ති වෙන්න. ඔය කාර්යාලවල තියෙන සබං, අත් හේදුං දියර එහෙම පොඩ්ඩෙං අන්තරස්දහන වෙන හංදා එව්ව ගැන විස්සාස තියන්න එපා. ඊළඟට කෑම වගේම වතුරත් ගෙදරිං අරං යන්න. ගෙදරිංම පෑනක් අරං යන්න. මුඛවාඩමක් තියෙනව නං ඒකත් අරගන්න. වැඩට යත්දිත් පොදු ප්‍රවාහනේ මගෑරලා ගෙදර තියෙන වාහනේම යනව නං හොඳා. එහෙම බැරිනං ඉතිං බසෙං හරි කෝච්චියෙ හරි තමා.

මගට බැස්සං අපිට හම්බුවෙන හැම කෙනාගෙම පැටිකිරිය අපි දන්නෙ නෑනෙ. සමහර විට අපිට හම්බුවෙන කෙනා ගුවන්තොටුපොලෙන් හොරෙං පැනගත්තු රෝග වාහකයෙක් එක්ක ඊයෙ රෑ බීලා නටලා තොත්තු දීලා රෝගෙ බඩට දාගත්ත කෙනෙක් වෙන්න පුළුවං. ඒ වගෙම දවස් ගානක් ඉඳං හේත්තුව දාන්න ට්‍රයි එක දෙන ලලනාවකගෙ එක්කෙනා ලඟදි රට ඉඳල ඇවිල්ලා දෙන්න එක්ක ඊයෙ රෑ පරණ ඇරියස් කවර් කරලා රෝගෙ ගිලල වෙන්න පුළුවන්. මේ දැං අපි ගොඩවෙන ත්‍රීවිල් එකේ මීට කලින් ගියෙ රෝගවාහකයෙක් වෙන්න පුළුවං. උන්දැ අල්ලං ගිය තැනිම්ම අපිත් අල්ලලා උන්දැගෙ නහය කට හරහා අතින් ත්‍රීවිල් එකට ආපු රෝග බීජෙ අපේ අතට ඇවිල්ලා අන්තිමට අපි නාහෙ කට අතින් අල්ලත්දි අපේ ඇඟට රිංගන්න පුළුවං.

ආං ඒ හන්දා පරිස්සං වීම නුවනට හුරුයි. මගට බහිද්දිම මුඛවාඩමේ නිල්පාට පැත්ත එලියට හිටින්න හරියට ගලපලා දාගන්න. එතකොට නහය, කට ආරක්ෂිතයි. අනික් අයගෙ කිඹුහුම්වලින් පිටවෙන බිඳිති ඒකෙ පිට පැත්තෙ රඳන්නෙ නෑ. හැබැයි ඒක සැරිං සැරේ ගලව ගලවා විෂබීජ තවරන්න එපා. බස් එකේ තැනිං තැන අල්ල අල්ලා ඉඳලා ඒ අතිම්ම මුඛවාඩමේ ඇතුල් පැත්ත අල්ලන්න එපා. ඒකක් දාං හිටියත් නැතත් බස් එකේ යත්දි මූණ කට අල්ලන්න එපා. ඊළඟට කල්ලි ගැහිලා මූනට මූණ බලාගෙන කයිවාරු ගහන එකෙනුත් වැළකෙන්න. කිඹුහුං අරින එකෙනුත් සාමාන්‍ය දුරකට ඇහැට නොපෙනෙන තරමෙ පින්නක් වගේ විසිවෙන කෙළ බින්දු හරහා විෂබීජෙ අපේ අතට, මූනට එන්න පුළුවන්. තමුන්ටත් කිඹුහුං යනව නං “පේප ටිෂූ“ එකක් හරි ලේංසුවක් හරි නාහෙයි කටයි වැහෙන්න තියල අල්ලගෙන අරින හචිමක් ඇරගන්න. ඒ කොරල ඔය කරදහිය හරි ලේංසුව හරි එක අතන මෙතන නොදමා හරි තැනට (ඒ කිවුවෙ පාර අයිනෙ නෙමෙයි. නියමිත කසල බඳුනක) බැහැර කරන්න. නැත්තං ඔවුව, බල්ලො, කපුටො ඇදං ගිහිං තව තැන්වල විෂබීජ පැතිරෙන්න පුළුවන්. කසල සුද්ධ කරන්න එන ඇත්තන්ටත් එවුවා අහුලන්න ගිහිං රෝග බෝවෙන්න පුළුවං. පුළුවන් තරං අනික් අයව ස්පර්ශ කිරීමෙන් වැළකෙන්න. ජැක් හේත්තු කිරීමත් ටික දොහක් නැවැත්තුවටයි.

ඊළඟට වැඩපොලේ, කාර්යාලෙ ඉන්න ඇඟිලි සලකුණු යන්තරෙයි, අත්සන් කරන පොතට අමුණල තියෙන පෑනයි දෙකත් ලෙඩ වාහකයො. රෝග වාහකයෙක් ඇඟිල්ල නහයෙ හරි කටේ හරි ගහල ඒ පිටිම්ම පෑන ඇල්ලුවොත් හරි ඒ ඇඟිල්ලම ඇඟිලි ගහන යන්තරේට තිබ්බොත් හරි, ඉං පස්සෙ අපිත් ඒක අල්ලල අපේ කටේ හරි නාහෙ හරි ඇඟිල්ල තිබ්බොත්, නැත්තං ලේන්සුව ඇල්ලුවොත් විෂබීජෙ අපේ ඇඟටත් යන්න පුළුවං. ඒ හංදා ඇඟිල්ල තියලා අස්සං කල ගමං යන්න වතුර ටැප් එකක් හොයාගෙන. ගෙදරිං ගෙනා සබං පොත්ත දෑතෙම ගාගෙන එයිං ටිකක් කරාමෙ කරකෝන කෑල්ලෙත් ගාන්න. ඉං පස්සෙ අතත් හෝදගෙන කරාමෙ කරකෝන කෑල්ලත් හෝදන්න.

ඊළඟට වැඩ කරත්දි උනත් උපකරණ හවුලෙ පාවිච්චිය නවත්තන්න. පොදු ස්ථාවර දුරකථනෙට එක්කෙනෙක් විතරක් උත්තර දෙනව නං වඩා හොඳයි. නැත්තං ඒක පාවිච්චි කරන කෙනා මාරු වෙන සැරයක් ගානෙ විෂබීජ නාෂක දියරෙකිං පිහින්න වෙයි. ගෙදරිං ගෙනා පෑන පාවිච්චි කරනව මිසක් හවුලෙ පෑන් පාවිච්චි කරන්න එපා. තමුන් ලඟ තියෙන පෑන කාටවත් හවුලෙ පාවිච්චියට දෙන්නත් එපා. දෙනවම නං ආපහු ගන්න කලින් විෂබීජ නාෂක දියරෙකින් පිහින්න වෙනව. ඒ වගෙම තමයි පරිගණක යතුරු පුවරු, මූසික, පමුණන අක (Stepler), පදින වික (puncher) ආදියත්. හවුලෙ පාවිච්චි නොකර පුද්ගලිකව පාවිච්චි කරන්න. නැත්තං පාවිච්චියට පෙර විෂබීජ නාෂක දියරෙකිං පිහින්න. එහෙමත් නැත්තං හොඳම දේ අත මූනෙ, නහයෙ කටේ ගැවෙන්න නොදී තියං ඉඳලා සබන් දාලා අත හෝදන එක. ඕක ටික දවසක් අනික් අයට විහිළුවක් වගේ පෙනුනත් ගනං ගන්න එපා.

ඒ වගෙම තමයි අපි ගාව තියෙන ජංගම දුරකථනෙත්. දැං හුඟක් අය පාවිච්චි කරන්නෙ ඇඟිල්ලෙං පිහින ජාතියෙ කඩවසං දුරකථනනෙ. එව්වයෙ වුනත් විෂබීජ රැදෙන්න පුළුවං. ඒ හංදා කට්ටිය දෙතුං දෙනා හවුලෙ එක පෝන් එකෙං යූටියුබ් බැලීම, අතිං අතට මාරු කිරීම වලකින්න. කොටිම්ම පෝන් එක කාටවත් අල්ලන්න දෙන්න එපා. මොකද ඒක විෂබීජ නාශක දියරෙං පිහින්න බෑනෙ.

ඔය මොක කලත් ලිපි ලේඛන හවුලෙ පාවිච්චි කරන්නම වෙනවනෙ. එවුවා විෂබීජ හරනය කරන්නත් බෑනෙ. ඒ හංදා හවුලෙ පාවිච්චි කරන ලිපි ලේඛන ඇල්ලුවං පස්සෙ ආයි අත හෝදන්නෙ නැතුව නාහෙ කටේ අත දාන්න යන්න එපා.

හොඳම දේ නං කට්ටිය අතිං වියදං කරල හරි විෂබීජනාශක දියරයක් ගෙනත් කාර්යාලෙ, වැඩපලේ තියෙන බඩු භාණ්ඩ විෂබීජානුහරණය කරන එකයි. කාර්යාල කාර්ය සහයක තැනට ඕක බාර දුන්න නං අගේට වැඩේ කෙරෙයි.

කාර්යාල වලට යන අය උනත් එතන තියෙන පෑන, පෝරම, මුද්දර පොඟවන වතුර මූඩිය ආදිය අල්ලනව නං ඉං පස්සෙ අත හෝදන්න මතක තියාගන්න ඕනා. පොඩි ඩිටෝල් කුප්පියකුයි වතුර බෝතලේකුයි අරං ගියා නං ඒ වැඩේට හොඳටම ඇති. එතකොට මුද්දර අලවත්දි කෙල ගාන්න ඕනත් නෑ.

ඊළඟට කන බොන වෙලාවට වුනත් කැන්ටිමෙන් පොදු පිඟන් කෝප්පවල දාලා දෙන එවුවා කෑමෙන් බීමෙන් වැළකෙන්න. විශේෂෙන්ම එක කිරිටොපිය හතර දෙනා එක්ක කටිං කට කඩාගෙන කෑම, ප්ලේන්ටිය දෙකට බෙදාගෙන බීම, සිගරට්ටෙක හතර දෙනා එක්ක බීම, බත්මුල් හතරක් වරකට එක බැගින් දිගෑරගෙන හතරදෙනා එක්ක කෑම වගේ හිඟෝටු වැඩ කරන්න එපා. බැජ් පිට්ටෙක නැතිවෙනව වගේ නං නැතිවෙච්චාවේ. ලෙඩ ගෙදර ගෙනියන්න එපා. කන දෙයක් තනියම කන්න. ගෙදරින් ගෙනියන වතුර බෝතලේට කාටවත් අත තියන්න දෙන්න එපා. මොකද වතුර බෝතලේ විෂබීජානුහරනය කරන්න නං උණු කරන්නම වෙනවනෙ. කඩෙං කැන්ටිමෙන් කනව නං පිඟාන කෝප්පෙ එවලෙම උණුවතුරෙං හොදල දෙනවද කියලම බලන්න. නැත්තං පිඟානෙ උඩු පැත්ත විතරක් ඇල්වතුරෙං හෝදල දුන්නට අපේ අතට අහුවෙන පිඟානෙ යටිපැත්තෙ හරි, කෝප්පෙ අඬුවෙ හරි විෂබීජ තියෙන්න පුළුවං.

ඊළඟට බොස් එක්ක සෙකට්‍රි එක්ක මොන සම්බන්ධෙ තිබ්බත් අතන මෙතන අහුමුළුවල “මුඛ්‍ය“ පරමාර්ථ ඉෂ්ට කරගන්න යන්න එපා. රට වෙනුවෙං, ගෙදර සැමියා (බිරිඳ), ළමයි වෙනුවෙං හිතලා පාලනය වෙන්න. එව්වා ඔය කොයි ලේ බොන්නත් දැනගන්නව නං හොඳා.

ඊළඟට කාර්යාලෙන් පිටවෙත්දි ඇඟිල්ල තියලා, අත්සන ගහලා ආයිමත් සබන් ගාලා අත හෝදගන්න. එහෙම කරන්නෙ මගතොටේ ඉන්න අයගෙ ආරස්සාවට. බැරිවෙලා හරි අපේ අතේ පයේ විෂබීජෙ ගැවිල තිබුනොත් මගතොටේ, බස් එකේ, කෝච්චියෙදි අපිට හම්බුවෙන අයට ඒක බෝ නොවෙන්නයි එහෙම කරන්නෙ. ඊළඟට ගෙදරට එන ගමන් කෙලින්ම නාන කාමරේටම යන්න. ඊට කලිං ගෙදර බල්ලව වත් අල්ලන්න එපා. ඌටත් ගලක් ගහල එලවන්න. විශේෂයෙන්ම පොඩි අයව අල්ලන්න එපා. බිරිඳ පෙර මගට ඇවිත් චුම්බකයක් ඉල්ලුවත් (අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා) දෙන්න එපා. ගෙදර බඩු මුට්ටු අල්ලන්න කලින් ඇඳං ආ ඇඳුම් ටිකත් හෝදලම නාගන්න. කිලුටු ඇඳුං, හොඳ ඇඳුං එක්ක දාන්න එපා. ගමන් මල්ල, හෙල්මට් එකේ ඉස්සරහ පියන එහෙමත් විෂබීජ නාෂක දියරෙකින් පිහිනව හොඳයි. ගෙදරින් පිටට ඇඳන් ගිය ඇඳුං හෝදන්නෙ නැතුව ආපහු අඳින්න එපා. ඔය සේරම කරන්නෙ පිටිං විෂබීජ ගෙදෙට්ට ගේන එක වලක්වන්න.

ඊට අමතර වශයෙං රෑ තිස්සේ මල ගෙවල්, දාන ගෙවල්, පිරිත්, බණ, පාටි, කොටහලු, මගුල්, රැස්වීම් වගේ කිසිම දේකට යන්න එපා. ඒ වගේ දේවල් ලැහැත්ති කරන්නත් එපා. තියෙන දෙයක් තම්බං කාලා ගෙට වැදිලා බුදිය ගන්න. අත්‍යාවශ්‍ය දේකට ඇරෙන්න පිටිං කිසි කෙනෙක්ව ගෙන්නගන්නත් එපා, ගෙදරින් පිට යන්නත් එපා. රෑ පානෙ කොටු පැනීමත් මේකට ඇතුළත්. කොටිම්ම කිසිම කෙනෙක්ට මීටර එකහමාරකට වඩා කිට්ටු කරන්න එපා. ඔය විසබීජෙට තනියෙං ඊට එහා දුරකට පැනගන්න ටිකක් අමාරුයි. බර හංදා බිම වැටිලා ටික වෙලාවකින් අපාගත වෙනවා.

සල්ලි පාවිච්චි කිරීමෙදිත් සැලකිල්ලක් දක්වන්න. පුළුවන් තරං ඉලෙක්ට්‍රොනික් ක්‍රම හරහම ගෙවීම් කරන්න. පිටිං අතට ලැබෙන සල්ලිවල වුනත් විෂබීජ ටික වෙලාවක් හරි රැඳිල ඉන්න පුළුවන්. සමහර විට ඒවා ඉස්තිරික්කෙන් මැදල ගත්තම විෂබීජානුහරණය වෙන්න පුළුවන්. හැබැයි රත්වෙලා වැඩිවුනොත් සල්ලි කොලෙත් හරණය වෙයි. කාසි නං සබං දාලත් හේදියැකි.

පිටිං මිලදී ගන්න පිසූ ආහාර වුනත් නිවුනයින් පස්සෙ කවුරුහරි අතින් අල්ලල දෙනව නං ඒකටත් විෂබීජ මුහුවෙන්න පුළුවන් කියල හිතෙනව. ඒක ටිකක් බයානකයි. රෝග වාහක චූංපාං කාරයෙක් ඇඟිලිවල නියපොතු කකා ඉඳල අතින් අල්ලල කවරෙට දාල දෙන නිවුනු පාන් ගෙඩ්ඩක් ඊළඟට කෙලින්ම යන්නෙ බඩට. මොකෝ පාං තම්බනව කියලයැ. ඒ හංදා ගෙනාපු ගමං කන්න පුළුවං කෑම ජාති (පාං, බනිස්, කේක්, කිඹුල බනිස්, ජෑම් පාස්, රෝල්, සැංවිච්, කන්න ගියහං වටේටම පාං කුඩු හැලෙන ජාතිය) පාවිච්චියෙං වලකින්න. අහකට අරං යන්න (Take away) දෙන තැංවල නං උනුවෙම්ම ලංසීට් එකට බෙදල පාර්සලේ බැඳල දෙනව උනත් අනවශ්‍ය අවදානමක් ගන්න එපා. කන බොන කොයිකත් ගෙදරම උයා පිහාගෙන කන තරමට හොඳයි.

ඊළඟට වැදගත්ම දේ. අවදානමට පෙර සූදානම. විසේසයෙන්ම ජනමාධ්‍ය හරහා දෙන විශ්වාසදායක පුවත් ගැන අවධානයෙං ඉන්න. රට ඉඳල ඇවිත් නිරෝධායනයට ලක් නොවී, ගුවන්තොටුපලින් හොරෙන් පැනල ඇවිල්ල ඉන්න සැකකටයුතු රට මරුවෙක් හරි ලෙඩේ හැදිලා බෙහෙත් නොගෙන වහං වෙලා ඉන්න එකෙක් හරි අහල පහල ඉන්නව නං පොලිසියට දැනුං දෙන්න. ඒ ඇරෙන්න කට්ටිය එක්කහු වෙලා ගිහිං ඒකව අල්ලල ගස් බැඳල තලන්න ගිහිං විෂබීජ තිබ්බොත් බෝ කරගන්න එපා. පොලිසියයි, සෞඛ්‍ය අංශයි එක්කහු වෙලා ඒක නියමිත පිළිවෙලට බේරයි. තමුන්ට විෂබීජෙ පැතිරිලා කියල හිතෙනව නං දෙයියනේ කියල ගිහිං ඉස්පිරිතාලෙට බාරවෙන්න. නැත්තං පවුලෙ අයටත් බෝ කරලා ජීවිත කාලෙම විඳවන්න වෙයි.

ඊළඟටත් වැදගත්ම දේ කොරෝනා වලක්වන යන්තරේ, අහවල් පෙත්ත, අහවල් තෙල කිය කියා අවස්ථාවාදීන් විකුනන සුකුරුත්තං වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට කෙලවා ගන්න එපා. එහෙම කහඹිලියා සල්ලි තියෙනව නං ඒ සල්ලි ටික පෝන් එකට දාගෙන ඒකෙං බුකියට රිංගන්න.

මේ එක්කොම ලිවුවෙ මට හිතෙන හැටියට දන්නා කියන අයගෙං විස්තර අහගෙනයි. වෙදකං අංසෙං උපදෙස් දුන්නු මනෝජ් දියෙස් දොස්තර මහත්තැංවත් මේ වෙලාවෙදි පිං දීමෙන් මතක් කරන ගමං මේ ලිවුම හමාර කරනවා.

මෙයිං වැදගත් යමක් වෙතොත් ඕන තැනක පල කරන්න අවසර ගන්න ඕන නෑ. හැබැයි වරදක් ඇතොත් වහාම නිවැරදි කරල දෙන්න ඕනා.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com37tag:blogger.com,1999:blog-1142664932489180.post-2597907157729042862020-02-21T08:06:00.001-08:002020-02-21T08:07:37.756-08:00නිදහසට කරුණු - Reasons for freedom

හෝව් පොඩ්ඩක් හොව්.... ඔයි හිටු පෝලිං පයින්නැතුව.

පළමුවෙන්ම මෙන්න මේ සබැඳිය හරහා ඔබනලයට (Youtube) යන්න. ඒ ගෙහුං අටංපහුර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික්කෙක් දාලා අටමාගේ යුටියුබ් චැනල් එක ගොඩ දාලා දෙන්න. කොමෙන්ට් සෙක්ෂන් එකේ යාංහෑල්ල හරහා ආ බව බව සඳහන් කරලත් එන්න. අටමා වෘත්තීය යූටියුබ්කාරයෙක් කරන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න.

පහුගිය පොටෝ ගොඩ පළ කරපු වෙලාවෙ හරිහමං විස්තරයක් ලියා නොතිබීම ගැන සෑහෙන දෙනෙක් ආඩපාලි කියා තිබුණා. කාර් පිස්සා වොක්ස්වාගන් එක ආයි පාරක් සැමන්ටිං පාට එන්න හූරලා දෙපැත්තේ සමර ගානවා කියල තර්ජනය කරල තිබුණා. දැතියා උගේ පොටෝ එකක් අපේ ගෙදර දොරකඩ එල්ලනවා කියල තර්ජනය කරල තිබුණා. ආං ඒවට වෙනම උත්තරයක් දෙන්න උවමනා හන්දාත් අපි දෙන්නා ගියපු ගමනේ ගෙඩ්ඩ පිටිං අරමුණ ගැනත් වෙනම ලියන්න ඕනෑ කියා මේ දැං හිතුනා. ඒ හංදා ඔන්න ලියාගෙන යනවා. ලියවුනොත් පළ කළා, නොලියවුනොත් මැකුවා. මැකුවොත් ....................?

ඇත්තෙන්ම කියතොත් ඒ පොටෝවල තියෙන තැන් ගැන හරි හමං දෙයක් මං දන්නෙත් නෑ. මං දන්නෙත් ඔය පොටෝ වලින් පේන දෙයක් විතරයි. විස්සාස නෑ නේද? එහෙනං දැං ඔය අවුකන පිලිමෙ ගැනම ගම්මුකො.

හරි ඔන්න ගත්තා.

මං ඒ ගැන දන්නෙ ඒක කවුරු නමුත් රජ කෙනෙක් කාට හරි කියල හදෝපු පිළිමයක් කියල විතරයි. ඊට වැඩි විස්තරයක් දැනගන්න ඕන නං මාත් කරන්නෙ ගූගල් මුල් පිටුවෙ “අවුකන පිලිමය“ නැත්තං "aukana statue" වගේ එකක් ටයිප් කරල එන විස්තර කියවා ගන්න එක. ඕන්නං මට ඒ වගේ එකක් හොයල කොපියක් ඇරං පොඩ්ඩක් වෙනස් කරල ලියල තියන්නත් තිබුණා. ඒ වුනාට ඒක මං හොයාගත්ත දෙයක් නෙවෙයිනෙ. අනික ඉතිං කවුද දන්නෙ එවුවයෙ ඇත්ත නැත්ත.

එතකොට අවුකන පිලිමෙ බලන්න යාමෙං මං ඇත්තටම දැනගත්ත දේවල් කිවුවොත් ලියන්න වෙන්නෙ මෙන්න මෙහෙම.

අවුකන පිලිමෙ තියෙන තැනට යන්නේ ඒ9 පාරෙන් වමට හැරිලාය. ඒ පාර යන්නේ මොකද්දෝ වැවක වැවු කණ්ඩිය උඩින්ය. වැවට බහින්න එපාය, මාරයාට අත වනන්න එපාය, කපුටන්ට ආප්ප අරං දෙන්න එපාය වගේ බෝඩ් ලැලි ගැහුවට මේ වැවේ නම නිකං කරදහියකවත් ලියා අලවන්නට වැවු බාර අයට මතක බැරිවී ඇත. අප්පට සිරි මේ ගූගල් සිතියමේ පෙන්නන හැටියට මේක කලා වැව නෙවැය. හරි හරි..... අර කාල කියන ළමයාව වැවු බැම්මට තියලා මැටි ගැහුවේ මේ වැවේ නේද? ඉස්සර ඔය පාඩම සිංහල පොතේ නැත්තං බුද්දාගං පොතේ තිවුනා. කොහෙද ඉතිං එදත් ඔය පාඩම කියාදෙත්දි මට පිටිපස්සෙං හිටි පාලිතයා “ඔය කාලගෙ අයිය තමයි බාගෙ“ කියා කීමෙන් මට ‘හුචුස්‘ කියා හිනා ගිහිං සිංහල උගන්නපු මිස්ට කේන්ති ගිහිං නැත්තං බුද්දහගම උගන්නපු විපුල හාමුදුරුවන්ට කේන්ති ගොස් වදාරා මළ කෙලියක් වුනා නෙව. හැබෑට යකෝ එතකොට ඒ ළමයව වැවු බැම්මට තියා මැටි ගැහුවෙ අහවල් ලබ්බටද? ඒක මහ සවුත්තු වැඩක්නෙ. ඒ ළමයා කලේ ගම බේරගන්න වැවු බැම්මට අත තියං හිටි එකනෙ. හරිනං ඒ ළමයට උසස්පෙළ වෙනකං ඉගෙන ගන්න සිස්සත්තයක් දෙන්න ඕනනෙ.

එතකොට ධාතුසේන රජ්ජුරුවො නේද සිංදුවක් කිවුවෙ “වාස්තුව ඊල්ලන කාශ් යපපුතුනේ“ කියල. එතකොට ඒ රජ්ජුරුවන්ටත් මැටි ගැහුව නේද? ඉතිං මොන රෙද්දකටද යකෝ දෙන්නෙක් එක වැවට තියල මැටි ගැහුවෙ. ඊට පස්සෙ අශෝක රජ්ජුරුවංව හිරේ දාලා අජාසත්ත කියල කුමාරයෙකුත් මොකද්ද හුටපටයක් කෙරුව නේද? ඒ රජ්ජුරුවංවත් මේකටම තියලද කොහෙද මැටි ගැහුවෙ. අනේ මන්ද මේ වැව මහ කනත්තක්නෙ.

දෙවැටවල් හිට කොන්ක්‍රීට් කරන කාලෙ මේ පාරට තාර ටිකක් දාන්න බැරිවුනානෙ අම්ප. මේ පාරෙ ගියහං ඉල ඇට කූඩුව උරිස්සට උඩිං විිසිවෙනව. තාම තියෙන්නෙ ධාතුසේන රජ්ජුරුවො දාපු තාර ටිකද කොහෙද? ඇති යන්තං ඊලඟ ටික කාපට්. හුම්මහ්... යකෝ මොකාද මේ පාරෙ වංගු නැවුවෙ. නිකං දෑකැත්ත තියල නැවුව වගේ. හම්මප තව ඩිංගෙං බතලකොටයක් ඉස්කූටරේ අරං යන්නෙ මගෙ බඩ යටිං. පරිස්සමිං යන්න ඕනැ. ලෝකෙ කොහෙත් ස්කූටර් පදින ගෑනු කියන්නෙ මාරක. මේ පැත්තෙ එවුං වාහන හැප්පුනං මොනවයිං ගහනවද දන්නෑනෙ. කටු දිවුල් අතුවලිං දෙනව ඇත්තෙ. ආයි රැට්ටට උංගෙ තාත්ත කොස්සෙං නෙලනව වගේ ඇති.

ඊළඟට පයිං ගිය කොටස.

මේ පිට්ටනියෙ දාල ගිහිං නං හරියන්නෑ. මේ දාම්පාසල් ශිෂ්‍යයො ටිකයි සාමීන් වහන්සෙයි වැඩිවෙලා නොගිහිං පන්දුවට වැරෙන් ෂඩ් පහරක් දෙවා වදාලොත් ඉන්ෂුවරස් බෝනස් එකටත් කෙලවෙනව. ආ අර තියෙන්නෙ රථ ගාල වෙනම. වාහනේට එක ගානෙ ගස් තියෙනව. අනේ අපුච්චේ මේ වාහන වලට ටිකට් කඩන්න ඉන්න මනුස්සයගෙ කකුල් දෙකම ආබාධිතයි නෙවැ. එහෙවු වෙලත් අනුන්ට අත නොපා දෑතෙ වීරියෙං රස්සාවක් කරන එක කොයිතරං හොඳයිද? උන්නැහැට වැඩිපුර කීයක් නමුත් දෙන්න ඕන.

හම්මද බොල මේ කන්ද ඉනිමං හතරක් විතර උසයිනෙ. මේක කොහොම හරි නැගගත්තොත් ගොඩ. නැත්තං කනක් ඇහිල ඉන්න හම්බෙන්නෑ. නැත්තං මෙතන පටං ගනියි "ඕක තමා මං කිවුවෙ. හවසට පැයක් දෙකක් ඇවිද්ද නං ඕක වෙන්නෑනෙ. ඒ මදිවට සීනි කනව හැඳි හතර පහක් දවසට. ආයි ඔපිස්සෙකේදිත් සීනි දාලනෙ තේ බොන්නෙ. අද ඉඳං සති පනස් දෙකක් යනකං සීනි තහනං. මං හෙටම සාන්තට කියනව මීට පස්සෙ මේ මනුස්සයට තේ දෙත්දි සීනි දාල දෙන්නෙපා කියල. ඒකනෙ මං සීනි කන්නැත්තෙ. ඉඳල හිටල දවසට දෙපාරක් තේ එකට දිය කරං බොනව විතරයි.“ කියල

මේං යකෝ මේ තියෙන්නෙ රතුපාට මෑකරල්. මිටියක් දෙකක් ගෙනියන්න තිවුනා. කොහෙද ඉතිං දවස් තුනක් තියාගන්න තැනක්නෙ නැත්තෙ. බලු රංචුවක් නං ඉන්නව. මුං ටික සෙරෙප්පු දෙක උස්සයිද? එහෙම උනොත් ආයි කොහෙ හරි ටවුමක නවත්තන්න වෙනව සෙරෙප්පු ගන්න.

පීකරයක් බැඳපු කාර්යාලයක් නං තියෙනව. පිලිමෙ බලන්න ටිකට් ගන්න ඕනද දන්නෑ. කොහෙවත් බෝඩ්ඩෙකක් ගහල නං නෑ. ගිහිං අහලම බලනව. නැත්තං අර මයික්කෙකට කට තියං ඉන්න මිනිහා "ඔය අළුපාට කමිසයක් ඇඳං ඉන්න එක්කෙනා. ටිකට් ගන්නැද්ද? හොරෙං බලන්නද යන්නෙ" කියල පීකරෙංම කියා දැම්මොත් රෙද්ද ගලෝල ඔලුවෙ ඔතාගෙන යන්න වෙන්නෙ. ආ... ඕන්නැහ්ලු. ඒ වුනාට නිකං කීයක්වත් වියදං නොකර හරිත් නෑ වගේ.

ආ මේ ඉන්නෙ රෙදි හෝදන ජාතියෙ බේසමක පණපිටිං මල් තියාගෙන විකුණන මල්ලියෙක්. අම්ප මේ මල් ගන්න එක පවක් වෙන්න බැයිද? ඔය වතුර බේසමේ මල් තියං ඉන්නෙ ඒවාට පන තියෙන හංදනෙ. නැත්තං ඔව්ව මැලෑංසි වෙනවනෙ. අපි ඕක අරං නැට්ට බෙල්ල මුලිං කඩල මල් ආසනෙං තිබ්බං වතුරයි නැට්ටයි දෙකම නැතුව මල මැරෙනවනෙ. සමහරවිට මැරෙන්න කලිං "තෝ ගල් බල්ලා. තෝත් ඔය විදිහටම වේලිලා මැරිය" කියල සාප කරනවද දන්නෙත් නෑ. අපි ඉතිං මල් බාසාව දන්නෙත් නෑනෙ.

යකෝ මෙහෙම හිතන්න ගියොත් නං කන්න වෙන්නෙත් නෑ. ඒක හංදා මල් මිටියක් ගන්නව. අනික ඉතිං පව යන්නෙ මල් කඩං ආපු එකාටනෙ. මාළුත් බාන මිනිහට ඇරෙන්න මාළු කඩේ එකාටයි අපිටයි පවු පිරෙන්නෑනෙ. ඒ මල් මිටිය සීයට පාඩු නෑ. මල් අටට සීයයි. ඒ කියන්නෙ මලක් දොලහයි පනහයි. ඉස්සර දොලහයි පනහට පානුත් තිබුණද කොහෙද? ආ.. නෑ ඒ තුනයි පනහට පාං තිබුණෙ. ඇනීබාගෙ කාලෙ. "හඳෙං හාල් ගෙන දෙනව කිවු. තුනයි පනහකට පාන් දුන් ඇනීබා".

හප්පද බොල අපේ මාම කියන්නා වගේ මේ පිලිමෙ "ඇත්ත වසයෙම්ම ඉතා විශාල" පිළිමයක්නෙ. ඒකට හපං මේ වහලෙ. මැදට කනු එකක්වත් නෑ. අන්න බොලේ සුපර් වැඩ. දවසක් මේ වගේම තැනකදි; අර දියමුල්ලෙ සාලාවෙත් මේ වගෙම වහලෙ මැදට කනු නැතුව වහලෙ දවුඩල තියෙන්නෙ කොහොමද ඇහුවං අර තිලකසිරි උන්නැහැ කිවුවෙ ඒ මැදට තඩි කොන්කිරිට් කඳං දාල ඇති කියල. අම්ප දැං හැදෙන ඉංජිනේරුවො නං කිසිම කමකට නෑ. හැම එකම ලේසිවට කොන්ක්‍රීට් වලිම්මයි මවන්න බලන්නෙ. ඒ ඉස්සර සුද්දගෙ කාලෙ ඉංජිනේරුවො යකඩ වලිං පාලං හැදුවෙ. දැං කාලෙ හැදෙන කම්මැලි ඉංජිනේරුවො එක්කොම හදන්න බලන්නෙ කොන්කිරිට් දිය කරල වක්කොරල. මේකෙ පොටෝ එකක් ගහල උන්නැහැට යවන්න ඕන. මේ තියෙන්නෙ හදාපු කොම්පැනියෙ නම. "රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව". ඈ යකෝ එහෙමත් දෙපාර්තමේන්තු තියෙද? ඇති නේද. නැත්තං මෙහෙම එකක් ගහයියැ දෙනෝදහකට පේන්න. සමහර විට "රජයේ ඇඳ පුටු මේස දෙපාර්තමේන්තුව" වගේ එවුවත් තියෙන්න පුළුවං. මේ සූර්ය කෝෂ එහෙමත් හයිකරල බලුප් දාල තියෙන්නෙ. හිහ් හිහ් හූ... මේ යක්කු සූර්ය කෝෂ හයිකල්ල තියෙන්නෙ වහලෙට යටිං. ඉතිං කොහෙංද ඉර එලියක් වැටෙන්නෙ. හැහ් හැහ්.

මේ සරං බාග ඇඳං ඉන්න බාගෙ ටිකට් දහම්පාසල් ඇච්චො බච්චො ටික දැම්ම ගියොත් හොඳා මට මේ වෙසක් කාඩ් එකකට ගන්න පොටෝ එකක් ගහගන්න. අර සම්පූර්ණ සරම ඇඳං ඉන්නෙ දහම්පාසල් ශිෂ්‍ය නායකයො වෙන්නැති. ඉස්සර අපේ තාත්තා ගෙදෙට්ට ඉදලක් බඳිත්දි ඉට්ට අගිස් එක්කහු කරල පමාටත් ඉදල් කොටයක් බැඳල දුන්නා. මේ පොඩි එවුනුයි ලොකු එවුනුයිත් ඒ වගෙද මන්දා. ඒ වුනාට ළමයි අගිස් කෑලි වෙන්න බෑනෙ. කොයි ඉතිං මේ දාම්පාසල් ගුරුන්නාන්සෙ පිළිම වහන්සෙගෙ සිවුරෙ රැල්ලක් ගානෙ විස්තර කියනවනෙ. මිනිහ කියන හැටියට මේ පිළිමෙ නෙලපු ගල් වඩුවා (වඩුවො කියන්නෙ ලී වැඩ කරන අය නෙවෙයිද) මේ පිළිමෙ සිවුරු රැල්ලක අංශක කාලෙ නැම්මකින් නිරූපණය කරන දේ ඇක්සයිස් පොත් දොලහක ලිවුවත් ලියන්න බෑ. පොඩි එවුනුත් එවුව පොත්වල ලියාගන්නව හිටං. ඔවුං ඉතිං ඔය සේරම කටපාඩමේ තියාගන්න එපෑ. නැත්තං ඉතිං අවුරුද්ද අන්තිමේ විබාගෙට ඔව්ව අහද්දි ලියාගන්න බැරිවුනොත් උංට ලකුණුත් නෑ.

මේ මල් නැටි ටික දාන්නෙ කොහෙද? ආපහු ගෙනියන්න වෙයිද? යකෝ මෙව්වයෙ තියෙන වතුර ගොඩ. ආ ඔය තියෙන්නෙ ඉටි කුණු පෙට්ටියක්. මෙව්වට මල් නැටි දාද්දි හිමීට දාන්න ඕන. නැත්තං සහරා ප්ලෑස් ගැහුව වගේ තමයි. ගං බාගෙකට ඇහෙනව සද්දෙ. ගාතා කියන්න ඕනිද. ඕන්නෑ නේද? කොහොමත් මේ පාරෙ වාහන වැඩි හංදා පංසිල් අරං වැඩක් නෑ. පොලිසියෙං ඇල්ලුවොත් ඔයිං දෙක තුනක්වත් කැඩෙනව. හරි හමං බස් රැජිනක් හෙඩ්ලයිට් ගහගෙන රෝං සයිඩ් මූනටම ආවොත් නමස්කාරෙවත් ඉතුරු වෙන්නෑ. මේ මිනිස්සු පැය ගනං මෙතන මොනව බලං ඉන්නවද මන්ද? ඇයි යකෝ ඉතිං පැයක් බලා හිටියත් ඔය හැටිම තමා වෙනසක් වෙන්නෑනෙ. තැනකට ආවං පොටෝ හතරක් පහක් ගැහුවා, සෙල්පි දෙක තුනක් අරහෙට මෙහෙට උරුක් කරා, වීඩියෝ කෑල්ලක් ඔතා ගත්තා, සාය කෑල්ලක් දෙකක් බලාගත්තා ටැග්ගැහෙන් නැතුව යන්න ඕන.

ඔන්න පේනව නේද? ඉතිං ඔය වගේ ආගමකට දහමකට නැති මහා අලුගුත්තේරු විස්තරයක් අර වගේ පොටෝ එකකට යටිං ලිවුවහම, ඒක ළමයෙක්ට විභාග ප්‍රශ්න පත්තරේක ලීහැක්ද? රෙදි අඳින දෙමව්පියො හැටියට ළමයින්ට ඒක පෙන්නැහැකිද? ඇගයීමකට, උපාධි නිබන්ධනේකට වගේ උපුටාගත හැකිද? මේ රට බලන්න හිතාගෙන ඉන්න සුද්දෙක්ට පෙන්නන්න පුළුවන්ද? බෑනේ.. ආං ඒ හංදයි මං එවුවා ලියන්නැතුව නිකං හිටියෙ.

එතකොට වන්දනා ගමනකුත් නොවී, අජ්ජහපන ගමනකුත් නොවී මොන ඉනඩුවකට ඔය ගමන ගියාද? ඕකනෙ ඊලඟට තියෙන ප්‍රශ්නෙ. ඇත්තම කියතොත් අපිට උවමනා කරල තිබ්බෙ මේ ලබ්බෙ තලාවෙ තියෙන හීතලෙං ගැලවෙලා ටිකක් රස්නෙ තියෙන තැනකට ගිහිං එන්න. ඒ වෙනකොට අපි හීතලට ගල්වෙලා දෙන්නට දෙන්නා බෙලි මිරිකා ගන්න තරං තත්වෙක හිටියෙ.

ඉතිං චූටි මැණිකෙලගෙ ගෙදර යන්නත් පුළුවන් තමයි. එහෙත් රස්නෙයි තමයිත් එක්ක. ඒත් ඒ ගමනෙං &*^*(()) වෙන්න පුළුවං නිසා *&$%# වෙලා ##@$% වෙන්න පුළුවං. ඒ හංදා අපි ව්‍යාජ වන්දනා ගමනක් ලෑස්ති කරගත්තා. එතකොට පොටෝ ටිකක් ගහලා බුකිය පුරා දැම්මම මිනිස්සු හිතන්නෙ "අනේ මේ වගේ පිනට දහමට ලැදි පිංබර ජෝඩුවක්" කියලනෙ. අනෙක ගමේ ගියා වගේ නෙවෙයි "ට්‍රැවල් එකක් ගියා" කිවුවහම ඒක සෑහෙන වැදගත් බවකින් යුක්තයි නේද? අනික පවුලෙ අය එක්ක කියත්දි උනත් "අනුරාධපුරා ගියා" කිවුවහං, හිතන්නෙ පිනක් දහමක් කරගන්න ගියා කියලනෙ. ආං ඒ වගේ රත්වෙලා දාඩිය දාන්න ගිය අසත්තක පට්ටපල් මුසාවාදා වන්දනා ගමනක් තමුන්නැහැලා නිකං හෙනම ටුවර් එකක් හැටියට අරගෙන විස්තර බලාපොරොත්තු වුන එක මට කනම කනගාටුවක්. ඒ හංදා අපි ඇත්තටම ඊළඟට "ට්‍රැවල් එකක්" යන්නං. ගිහිං ඇවිල්ලා එව්වයෙ විස්තරත් එක්ක කාටවත් කියවන්න හිතෙන්නෙ නැති තරං ශ්‍රාස්ත්‍රීය ලියවිල්ලකුත් දාන්නං. එහෙනං හැමෝම අපි ඊළඟට යන්න ඕන කොහෙද කියල කොමෙන්ට් එකක් දාගෙන යන්නකෝ....

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com28tag:blogger.com,1999:blog-1142664932489180.post-22931985612172868432020-02-11T07:02:00.000-08:002020-02-11T07:02:20.434-08:00කංචුක රේඛා - 1

මෙහි අඩංගු සියලු ඡායාරූප ප්‍රවීන ඡායාරූප ශිල්පී ම.ලි.ර. සුරංග මයා විසින් ජංමග දුරකථනයෙන් ලබාගත් දුර්බල ඡායාරූපයෝය. පොටෝ කොපි ගැසීම, අච්චු ගැසීම, ගල් අච්චුවේ මුද්‍රණය, ලඟ තබා ගැනීම, විකිණීම, මැදපෙරදිග රටවල පෙන්වීම, සැටලයිට්වල පෙන්නීම, VHS, VCD, DVD තැටි විකිණීම, ළමුන් බය කර බත් කැවීමට යොදාගැනීම, අසල්වැසියන්ගේ වැටවල්වල එල්ලා රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම, අලි ඇතුන් එළවීමට, පැල් රැකීමට යොදාගැනීම තහනම්ය.

කඩවුණු ඉරි

අවු වැසි නොඑන අවුකන පිළිමය

පැළුණු ගලක්?

අතවැනුවට නොවැටී මං මුලාවේ

ගණංකරුවන් ලවා හදවා කලාකරුවන් වෙනුවෙන් නම් කළ වැව

මල් පාතාලේ

ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා....

මහ බඩගින්නටත් සුපර්

දේවාලයක් වූ සෑයක්

විස්තරය

දේවාලයක් නොවූ දාගැබ

වග විස්තර

පන්සලේ පොකුණ

ගලේ කෙටූ ගිණුම්කරණය

දුර පෙනෙන තැනි තලා....
දුරකථන කණු නගා.....

තනි අත්වැට - ඇරයුම්ගල

නයිත් නොයන - නාග පොකුණ

ගල් කරාම - බත් ඔරු

දානය දුන් ශාලාව

සිංහයා දියවුණු සිංහ පොකුණ

කණ්ඨක චේතිය

පෙර වෙඩි තැබීම (Pre-shoot) තහනම්

කළු දිය පොකුණ - “ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්" කියවූ තැන

පැහැරගත් මහනුවර උරුමය - අනුරාධපුර "නුවර වැව"

වෙස්සගිරියේ ගල් ඇඳ

වංගුවෙ - ගෙදර

ආරාමයක් වූ දාගැබ

සම්භාවිතාවයේ අහඹුව - පොල්කරු හමුවීම

ලෝවැඩ සඟරාවෙන්

රවියානෝ කොමිස් ගසා වැඩ අහවර නොකළ වෙහෙර

බෝඩ් එක කියොවන්න

ගලක් උඩ පොකුණක්

වාඩිය

පරණ සනී ගෙනත් දමනු

බලන්න හසන්ත මහත්තයෝ මේ පොකුණ

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com64tag:blogger.com,1999:blog-1142664932489180.post-66602471710445448392019-12-07T23:18:00.000-08:002019-12-07T23:18:04.424-08:00beauty of a wire thread

වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය.

“තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි අතන මෙතන දා තිබ්බොත් කඩනොව තොගෙ අඬු“

අකුරු කියවන්න පටං ගත් දා ඉඳලාම වෑර් කෑලි, බලුප්, බැට්ටි කෑලි මගේ අතට කාන්දං වගේ ඇලුනේය. පාරේ වැටී තියෙන වෑර් පොටක් ගෙදර ගෙනැත් දිප්පිහියෙං පලා ඒක අස්සේ තියෙන කම්බි පොටවල් එකට පුරුද්දා එව්වායින් එක එක සුකුරුත්තං අටවා ටොච්චෙකේ බැට්ටි කෑලිටිකත් බැස්සූ විට තාත්තාට බෙල්ල මුලින් අසුවන මගේ අත පය ආපහු කෙලිං වන්නට සතියකට වඩා ගතවේ.

ඉං පහු කාලෙක කලවං ඉස්කෝලේ යන්න පටං ගත්විට මට වෑර් පොටවල්වල ආඩම්බරේ පෙන්නුවේ අපේ පන්තියේ බණ්ඩාය. එක එක ආකාරයේ බෙහෙත්පෙති, පනුවන්, බැරල් කෑලි එකට අමුණා එව්වායින් බලුප් පත්තු කිරීම, සද්ද ගැනීම ආදිය කරන්නට එක එක ජාතියේ සර්කිට් අමුණත්දී

“මෙතන බලංඤින්නැතුව පලයංකො“

කියා දුං දමන බහුත්තෙක උරුක් කිරීමට බණ්ඩා කටයුතු "කළාය".

ඊටත් පහු කාලෙක පන්සලේ හිටි හීරලුවෙක් වූ චන්දරේ අයියාගේ ඇබිත්තයා විදිහට ගෙවල් වයරිං කරන්නට යත්දී මට පළවෙනි වතාවට වයර් පොටවල්වල සෞන්දර්ය හම්බවිය. වයර් පොටවල් හැට හුටාමාරක් කොන්ඩියුට් බටේ අස්සෙන් රිංගවා ඇදගෙන ගොස් උවමනා තැනකදී බටේ බඩ හිල් කර බඩවැල් එලියට අදින්නා වගේ අමු අමුවේ අපරාධ කරනවාට වඩා අල්ලෙන් පිරිමැද කෙලින් කළ වෑර් මිටිය වෑරින් ක්ලිප් වලින් හික්මවා පරාල යටලී දිගේ පිළිවෙලකට කැන්දාගෙන යාමේ අලංකාරය කියා දුන්නේ චන්දරේ අයියාය. ඒ දැනුමෙන් මේ රට ඇතුලේ එකට එකක් වෙනස් කලාප හතරක ගෙවල් හතරක් වයර් පොටවල් වලින් හැඩ කරන්නට මට පුළුවන් කම ලැබුණි. ඒ වැඩවලින් හම්බුකරගෙන කන්නට මට පුළුවන් විය.

අන්තිමට අවුරුදු තුන හතරකට පස්සේ වොක්ස්වාගන් එකකුත් අමුණාගත් වයර් පොටක් මගේ අතට ආවේ මීට මාස දෙකකටත් උඩදීය.

අතට ඇවිත් පැය හතරක් යන්න කලින් රියදුරු ගලගෙදරත් සමග බදුල්ලට ගිහින් එනවිට වොක්ස්වාගන් පොත කියවා ඒ ගැන අගනා විවරණයකුත් ලබාගන්නට පුළුවන් විය.

“ජරමං වාහන කියන්නෙ මහාත්තයා බොහොම කල්පනා කරල හදපු වාහන. සමහර ඉංග්‍රීස් වාහනවලටත් වඩා ජරමං වාහන කල් අල්ල හිටිනව. ඔය පොක්සගන් එක හදල තියෙන්නෙ කොයි තරං කොන්ඩරි ගානක් පෙරලිල ගියත් අන්තිමට කෙලිං අතට හිටින්න. කාංතාරෙ යන්න හදාපු වාහනනෙ. වතු මහත්තුරු ගාවත් තිවුන ඉස්සර.“

ඒ වුනත් වයර් පොට නැගලා ආ කවරෙටම වී අල්මාරියට රිංගා ගත්තා මිස කාටවත් ඒ ගැන නිනව්වක් උනේ නැත. ළඟදිම දවසක සති අන්තෙට විවේක පාඩුවේ ඉස්තෝප්පුවෙන් පුටුවකුත් තියාගෙන “බාසනේ“ වත් ඔඩොක්කුවේ තියාගෙන ඕක කියෝන ගමං පොටෝ එකකුත් ගහලා බුකියට දාන්න ඕනා කියා හිතාගෙන උන්නත් ඒ දවස බාලගිරියා එක්ක සෙට් වෙලා පහල ගෙදර දොර ලඟට ඇවිත්

“බාල ගිරි අද නෙවේ හෙට“

කියා තියෙනා නෝටිස් එක කියවා ගියා මිසක අපේ ටකරං බිත්තියෙන් ඇතුළට ආවේ නැත.

තවත් කාලෙකට පස්සේ කෝස් කැලැන්ඩර්, කෝස් ෂෑඩුල්, එකොමඩේෂන්, හොට් වෝට නැතුව වොෂ් දාන්න බෑ වීම්, වැස්ස පටංගෙන දොට්ට බහින්න බැරිවීම්, ජනාධිපතිවරනෙත් එක්ක බුකිය මඩවීම්, ආදී හැට හුටාමාරක් අලකලංචි මැද්දේ ගෙවෙන කාලය පූස් ලොනක් නොවටින මුස්පේන්තු දවසකදී මට වෑර් පොට මතක් විය.

“අර තරිඳු එවාපු පොත දෙන්නකො මට බලන්න“

“කොයිකද? අර ඉබ්බ කාර් එකක් තියෙන එකද“

“නෑ අනික“

“ආ අර කෝටුවක කපුටෙක් නැගල ඉන්න එක“

“ඒක තමා“

“ඒක කියෙවුවං ඔලුව විකාර වෙනව අනේ. ඔන්න බලන්නකො කියෝල“

ෆස්ටෙකේ දමාගෙන පලවෙනි පිටු පහ ලොකු RPM එකක ඇත්දත් එතනින් එහාට පහෙන් මෙහාට දාගන්නට වුනේ එහෙමත් වෙලාවකය. පොතේ පිටු පෙරලෙන අතරේ බත් පිඟන් දෙකක්, තේ කෝප්ප දෙකක් අහවර වීම, බළල් හොඹු කීපයක් පොලිෂ් කිරීමක් සිද්ද වන්නට ඇත. මහ රෑ දෙගොඩ හරියේ කියවා ඉවර වුනු පොත ටීවී එක ලඟින් තියා මං නිදාගත්තෙමි.

එදා පටං වයර් පොටෙන් ඔලුව වටේ ගෙතුනු ගෙත්තම ලිහාගන්නට මට තවත් සති එකහමාරක් ගතවිය. අන්තිමට මට අපිට සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරු ගැන මහා අනුකම්පාවක් ඇතිවිය.

“ආන්න බලන්න එතනින් මතුවන අනුප්රාස රසය“

“ආන්න එතනින් කතුවරයා සංකේතවලින් ඉස්මතු කරන දෙය අපට බොහොම හොඳින් වැටහෙනවා... නේද“

ආදී වසයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නියම කළ ඕනාවට වඩා සිල් ගත් කෙටි කතා, නවකතා කෑලිවලින් එව්වයෙ කොහෙත්ම නැති ගුණාංග කොහොමින් හරි තියෙන බව පෙන්නන්නට හැදූ ඒ ගුරුවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්බානක පවුය. ඒ වෙච්චි මහන්සියෙං ගඟේ ඉවුර බිඳලා ගැරුවා නං කුඹුරු කෑල්ලක් ගොඩකරගෙන තට්ටු දෙකේ ගෙයක් හදාගන්නට තිබුණි.

ඒ ගුරුවරුන්ට තරිඳුගේ වයර් පොට හම්බවුනානං ජෙසියාගේ කරේ පටිය වගේ පැහැදිලිව තියෙන ඔය කියන්නා වූ සියලුම රසාස්වාද එක මිටට අරං පෙන්වා ළමයින්ගේ කේන්තිය අවුස්සන්නේ නැතිව ඉන්නට තිබුණි. ළමයිනුත් ඒවා අතේ ගෑවුණු ඇඹුල ජාතියක් මෙන් දිවගා බලා

“......................................... යනුවෙන් කතුවරයා වැගන් ආර් වර්ගයේ මෝටර් රථවලට එවකට රට තුළ ලැබී තිබූ තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි“

යනුවෙන් උත්තර ලියන්නට තිබුණි.

වයර් පොටේ සෞන්දර්යය කියවන අයට පොතේ මැදක් වෙන්නට කියවා නවත්තා දවසක් ඒ ගැන හිතන්නට යැයි කියමි. මේ පොත ලියූ තරිඳුවා කොයි තරම් භයානක මිනිහෙක්ද, මේකා මේ ලියා තියෙන එව්වා කියවා කී දෙනෙක් නං මහ උළු ගෙදර තපීද, 119 ට කතා කරලා කියලා මේකා පොලීසියට අල්ලා දෙන්න ඕනෑ නේද, ඊට කලින් බුකියෙනුත් මේකාව අන්ෆ්රෙන්ඩ් කොට චැට් හිස්ට්රියත් මැකුවා නං නිරපරාදෙ සාක්කි දෙන්න ඕන්නැතිවෙයි නේද, යනාදී වශයෙන් කතුවරයා ගැන මැවෙන සිතුවිලි විඳින්නට යැයි කියමි. ඒක වෙනමම ආතල් එකකි.

ඉං පස්සේ ඉතුරු කොටස කියවන්නට යැයි කියමි. කියවා අවසන් වනවිට තමුන් ගැනම නොදකින් කියා හිතෙන අවුල් සහගත බව විඳගන්නට යැයි කියමි. ඒ එක්කම ලෝකයෙන් ආදරයක් කරුණාවක් නොලැබ බ්ලැක් ලිස්ට් වෙලා යන “මම“ලා වෙනුවෙනුත්, උන් වෙනුවෙන් හතරගාතෙන් හයියක් වෙන්නට වෙර දරන බව්වලා වෙනුවෙනුත් හිතේ ඇතිවන සෙනෙහස තවත් "මම" කෙනෙක් නූපද්දනු පිනිසත් තව තවත් බවුවලා සුරකිනු පිනිසත් යොදවන ලෙස ඉල්ලමි.

ලයිසන් තියෙන ඕන එකෙකුට වීල් එකේ හයර් දුවන්නට පුළුවන. නමුත් ලෙඩෙක් ඇරන් මරදන්කඩවල යන්න හැම එකාටම බැරිය.

පොත් ලියන්න මටත් පුළුවන. නමුත් වචනවලට පන්නරය දෙන්න නම් තරිඳුලා ඉන්නට ඕනාය.

මේ සටහනත් මික්කාටය.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com70tag:blogger.com,1999:blog-1142664932489180.post-83300671319230808602019-07-20T08:37:00.000-07:002019-07-20T08:37:10.633-07:00හිච්චි මැන්ඩිස් පුතා වෙත ආදරයෙන් ලියමි

පුතේ,

මේ ලියමන පුතාගෙ දෑහිම්ම කියවාගන්නටත් තේරුං ගන්නටත් තව අවුරුදු පහලොවක් විතර යන බව මං දන්නවාය. ඒ උනත් ඒ කාලෙට පුතාට මෙව්වා කියා දෙන්නට මේ සුරං මාමා පන පිටිං නොයින්නත් පුළුවන. ඒ හංදා අදම මේක ලියා දාන්නේ මේ අකුරු ටික ලෝකේ කොතැනක හරි තැනක Google සේවාදායකයක් අස්සේ කරකැවෙන තැටියක ලියැවී පුතාගෙ ඇහැ ගැටෙන දවස වෙනකං ආරස්සා වෙන බව සුරං මාමා දන්න හන්දාය.

පුතේ,

මේ ගෙවී යන්නේ බ්ලොග් එකේ අකුරක් ලියන්නට ඉඩක් නැති මහ සවුත්තු කාලයක්ය. කොටිම්ම ලස්සයක් දෙන්නං කියා කිව්වත් මේකේ අකුරක් ලියන්න නොහිතෙන කාලයක්ය. ඒ උනත් පුතා මේ ලෝකෙට උපං එක සුරං මාමාට කෝටියටත් වඩා වටින්නේය. ඒ හංදා නිදිමරාගෙන මේ අකුරු ටික මෙහෙම ලියා දමන්නේය.

පහුගිය දවස් ටිකේ පුතාගේ තාත්තා උන්නේ එලෝ විකාරෙං මෙලෝ අතගාගෙනය. මොන යං ක්‍රමේකින් හරි පුතාව මෙලොවට ගෙන්නා දෙන්න කියා උන්දෑ දොස්තරු ඉදිරියෙත් පිංසෙන්ඩු වී තිබුණ බවත් සුරං මාමාට ආරංචි වුනාය. කොයියම්ම විදිහකින් නමුත් පුතා මේ ලෝකෙට ගොඩ බැහැපු බවත් පුතාගෙ අම්මාත් පුතාත් දෙන්නාම සනීපෙන් ඉන්නා බව දැනගත්ත එක බොහොම සතුටක්ය.

ඒ වුනත් පුතේ වෙල්කං ටු ශ්‍රී ලංකා කියා හිතට එකඟව කියා පුතාව පිළිගන්නට බැරි එක දුකක්ය. සුරං මාමාට වගේම මේ රටටමත් ලබා ඇත්තේ මහ සවුත්තු කාලයක්ය. එහෙම වෙලා ඇත්තේ පුතා වගේ අලුත ඉපදෙන කුඩා පුරවැසියාගේ ඉඳං හැරමිට්ටෙං යන කෙනා දක්වා බොහොම ගොඩක් ඕනෑ කරන ආදරේ මේ ලංකාවේ බොහොම හිඟවීම හිංදාය.

පුතා දිවියලෝකෙං එත්දී එයින් ඩිංගක් හෝ මිට මොලවාගෙන එන්න ඇතැයි සුරං මාමා කල්පනා කරනවාය. පුතාලාගේ ගෙදර නං ආදරේ ඕනෑ පදං ඇති හන්දා අමුතුවෙං අඩුවක් නැතුව ඇතැයි හිතනවාය. ඒ උනත් පුතාව කුසේ තියාගෙන මේ ලෝකෙට බිහිකරාපු අම්මාට පුතාගෙ කිරි සුවඳ ආදරෙං යහමින් ටිකක් දුන්නා නං හොඳ බව මං හිතනවාය. ඒ වගේම කෙසඟ සරීරෙ අස්සේ මහා ලොකු හදවතක් හංගං ඉන්න පුතාගෙ තාත්තාටත් එයිං පංගුවක් නොදී අරින්න හොඳ නැති බව පුතාට මතක් කරන්න ඕනෑය. ඒත් එක්කම පුතාගෙ අයියාගේ කම්මුල් දෙක රෝසපාට වෙන්නට මූන දෙපැත්තෙම ආදරේ තවරන්න පුතාට පුළුවංය.

පුතාගෙ සිඟිති කකුල් දෙකිං පංචස්කන්දේ හිටවාගන්න පුළුවං වෙච්චි දවසට පුතාට ගේ දොරකඩ වැටේ එල්ලී ලෝකෙ දිහා කෙලිං බලන්න පුළුවං වෙනවාය. ආං එදාට මේ ලෝකෙ ඉන්නා මිනිස්සුත් සත්තුත් කොයි තරං ආදර සාගතේකිං පෙලෙනවාදැයි පුතාගෙ සිඟිති දෑහැම්ම බලාගන්නට පුළුවං වෙනවා ඇත. හිරිකඩට තෙමෙන මැටි ගෙවල් ඇතුලේ, අගුපිල්වල වගේම වීඳුරු අඳුරු කරපු වාහන, තට්ටු ගනං උස මන්දිර ඇතුලෙත් ආදරේ නොලබන මනුස්ස කූඩු ඉකිබිඳිනවා අපට නොපෙනුනාට පුතාගේ සිඟිති හදවතට පෙනෙනවා ඇත. ආං ඒ හදවත් වලටත් බෙදා දෙන්නට පුතා ගෙනා ආදරේ පරිස්සං කරගන්න කියා පුතාගෙන් ඉල්ලනවාය.

ඒ වගේම පුතේ පුතා ලොකු මහත් වෙද්දී පුතාට තෙල් ගෑවිච්ච හදවත් ඇති මනුස්ස කූඩු ගොඩක් මුණ ගැහෙන්නට පුළුවන. ඒ වගේ තෙල් ගෑවිච්ච හදවත් වලට ආදරේ අල්ලන්නේ නැත. ඒත් ඒ වගේ මනුස්ස පරාණ වලටත් ආදරේ එක ලෙසම බෙදන්න කියා පුතාගෙං ඉල්ලනවාය. ඒ එක්කම ඒ වගේ උංගෙං පරිස්සං වෙන්න කියාත් පුතාගෙං ඉල්ලනවාය.

පුතාටත් තව අවුරුදු හතර පහකින් මේ ලෝකේ හැල්මේ දුවන තරඟෙට එක්කහු වෙන්න වෙනවාය. එදාට පුතා පරිස්සං කරගත් ආදරේ මග හැලෙන්න නොදී පුතාට හම්බවෙන හැම කෙනාටම බෝ කරන්න කියා පුතාගෙං ඉල්ලනවාය. වැඩිය නැතත් පුතා වගේම තව දහයකට ආදරේ බෙදීම බෝ කලොත් පුතා රට වෙනුවෙං යුතුකම ඉටු කළා කියා සතුටු වෙන්නට පුළුවන.

සුරං මාමා ඒ තරං බණ දහමක් දන්න මිනිහෙක් නොවන හංදා ඒ අංසෙන් පුතාට දැනමුතුකමක් දෙන්නට පුළුවං කමක් නැත. පුතා බහ තෝරන කාලෙ වෙත්දී දැතියා මාමා ඒ වගේ දැනමුතුකං පුතාට කියා දෙනවා ඇත. ඒ වුනත් පස්සෙ දවසක මතක් කරත්දී දුක හිතෙන ජාතියෙ වැඩ කරන්න එපා කියන ඉල්ලීම පුතාගෙං ඉල්ලන්නට නං සුරං මාමාට පුළුවන. මීට බොහොම කාලෙකට ඉස්සර සැප සම්පත් සේරම අතෑරලා මහපාරට බැහැලා අනුංගෙන් ලැබෙන දෙයකිං පණ රැකගෙන සතා සිව්පාවාගේ පටං දිවියලෝකෙ දෙවියන් දක්වා හැමෝටම එක විදිහට ආදරේ බෙදා දීපු ගෞතම බුදුන් කියා කෙනෙකුත් ඔය කතාවම වෙනිං විදිහකින් කියා තියෙන බව පුතා පස්සෙ කාලෙක තේරුං ගන්නවා ඇත.

ඉතිං පුතේ මේ බොහොම කෙටි ලියමන අවසං කරන්නට ඕනෑය. මේ ටිකවත් ලිව්වේ පුතා වගේ අවංක, සිල්වත්, ගුණවත් කෙනෙක්ට කෙරෙන ගරු කිරීමක් හැටියටය. අද හෙට බැරිවුනත් තව අවුරුද්දකින් හමාරකින් පුතාව බලන්න එන්නට සුරං මාමාත් චූටි මැණිකෙ නැන්දාත් හිතා ඉන්නවාය. සමහර විට ළඟදී යහපත් වාහනයක් ගන්න සුරං මාමාට පුළුවං උනොත් ඊට කලිං අපි පුතාව බලන්න එන්න හිතා ඉන්නවාය.

එදාට අපිටත් දෙන්නට ආදරේ බිඳක් පුතාගේ ළපටි අතේ ගුලි කරගෙන ඉන්න කියා පුතාගෙන් ආදරයෙන් ඉල්ලනවාය.

පුතාටත්, පුතාගේ අම්මාටත්, පුතාගේ තාත්තාට සහ අයියාටත් සුමන සමන් දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි!

මීට

සුරං මාමා, චූටි මැණිකෙ නැන්දා සහ ටිකිරී සඳමාලි අක්කා,

පසුව ලියමි:- පුතාගේ තාත්තා මේක එයාගේ සඳූට ඇහෙන්න කියවනකොට පුතාටත් අහං ඉන්න පුළුවං වෙනවා ඇති. එතකොට ඊට යටින් ලියා තියෙන කොමෙන්ට් ටිකත් කියවන්න කියා පුතාගෙ තාත්තාට මතක් කරන්න.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com37tag:blogger.com,1999:blog-1142664932489180.post-85585493115398472752018-12-29T02:31:00.002-08:002018-12-29T02:31:35.177-08:00චිත්‍රපටි හෙවත් drawings tapes - 1

ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට අම්මගෙයි මගෙයි අහිකුන්ටක ජීවිතේ තැනින් තැන. එයින් දවසක අම්මා මාවත් ඇරං තාත්තගෙ මහ ගෙදරට ගියහම දොස් කියන්නෙ ආච්චි අම්මට.

"නැංදම්මටේදාස්සොල ඕකව හරියටදෙකද්දීල හදාගංබැරිවිච්චෙකේ කර්දරේ තමා මේ උගෙපැටියයිමායිමේ විඳොවන්නෙ"

ආං ඒ වෙලාවට ආච්චි අම්මත් ඡන්ද රැස්සීමක කෑ ගහන්නා වගේ අත් දණ්ඩ උඩට උස්සලා අතේ තියෙන ඇලමේනියං වළලු දෙක "සල සල" කියල සද්ද වෙන්න හොලෝලා අපෙ අම්මට කඩා පනිනව.

"අනේ කටවැහැගනිං ජයෝ. ඒ දාස්සොල උඹලමනෙයැ ඕක එක්ක ජෝඩු දමං අයිසෙ පොඩිමහත්තයෑ චිත්තරපටි හෝල්ලෙකේ රිංගුවෙ චුජු ඥංගි බලංඤ යඤව කිය කියා. මං මෙතන ඕකට ඉලපච් කැඩෙනකං තඩිගැහුවට ඇහුවෑ"

ඒ වෙලාවට තමුන්ගෙ සායම බේරගන්න අපේ අම්ම ආච්චිඅම්මගෙ කට වහන්න නොවඳිනා වැඳුං වඳිනව.

"ඇතිඇතිනැංදම්මෙ මේ මුං නරක්කෙනව ඕව ඇහුවං. ඔයෑති ඕක නවත්තගන්නකො. බොරුකියෝනොව ඉඳං."

ඒ උනාට ආච්චිඅම්මගෙ කට වහනව බොරු.

"හිටාං මං මෙතැංදිම හගිස්සන්න. මේ මැණික එහෙම හිටියනෙ ඒදාස්සොල. උන්ට මතක නැතෑ. ඉනඩුවයියාවෙ මේ හැමේකාම නාකි මයෙ ඇටටිකනෙ සූප්පු කොරන්න හදන්නෙ"

ඔය විදිහට චිත්තරපටි ගැන ඇහෙන හැම වෙලාවකම මං

"මොකද්ද අම්මෙ චිත්තරපටි කියන්නෙ?"

කියල ඇහුවම

"චිත්තරපටි කියන්නෙ චිත්තරපටි ඔල්ට"

කියල අම්ම උත්තර දෙනව.

"ඒවෑ හැටි කොහොමද?"

"ඒවෑ හැටි අහගං තොපෙ මහ එකා ආවං"

"ඇයි ඉස්සර අම්මත් චිත්තරපටි බලන්න ගියා කිව්වෙ"

"කවුද තොට කිව්වෙ"

"ඇයි පහුනු සැරේට කලිං සැරේ තාත්ත අපිව ගහල පැන්නුව වෙලේ ආච්චි අම්ම එදා කිව්වෙ. අම්ම තාත්තවත් ඇරං ගියා කියල මේ සුදු නංගි ද කවුද එකියක් බලන්න යනව කියල."

"අම්පා තොපෙයාච්චියම්මගෙ කට තමා බොල්ලෑව ඉස්සරහට දාං හැමසෙද්දටම. පොඩියෙවුං ඉස්සරා කියන කතාද අම්ප කියන්නෙ"

අම්ම ආච්චි අම්මගෙ කට හදන්න කතාව.

"එහෙනං ඉතිං බලන්න ගිය එකේ ඒකෙ හැටිත් දන්න එකේ කියන්නකො. ඉස්කෝලෙ ගියදාක ඇහුවං දන්නෑ කිව්වං මං එපෑ ගුරුඔරුංගෙං ඒකටත් ගුටිකන්න."

මං අධ්‍යාපනේ ඉස්සරහට දාල අම්මගෙං අහනව.

"හිටපිය මං තොට දෙන්න හොඳ චිත්තරපටියක්. දැං සැරෙයක් කිව්ව දෙකක් කිව්වහන්නෑ"

අම්ම ඉඳගෙන හිටි තැනිං නැගිටින්නෙ වැලමිටත් මේස කකුලෙ ඇනගෙන. මේ වෙලාවට ඉලපත්, කොහු මිට, දර පොලු, හැඳිමිට, දුමේ තියෙන පුවක් පටි, වගේ අත් ආවුද වගේම ලුණු පොල්කට්ට, පොල් බෑය, මැටි කෝප්ප වගේ දමා ගහන ආවුද මොකක් හරි මාව හොයාගෙන එන්න කලිං මං ගෙයිං දොට්ට පනිනව. ඉං පස්සෙ කනේ කලාඳුරු සුද්ද වෙන්නත් එක්ක මගෙ පස්සෙං එළවන්නෙ උන්දැගෙ කටේ සැර ඉතරයි.

"තෝ වරකො කොයි වෙලේ හරි ගෙට. ඇහ්දෙකේයිඳං පට්ට ගහන්නෙ තෝව මං."

ඔය විදිහට චිත්තරපටි කලාව වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු මට චිත්‍රපටියක් බලන්න පොටක් පෑදෙන්නෙ ආණ්ඩුව හින්දා.

ඒ කාලෙදි අපේ පුංචම්මා ඇතුලු ගමේ කොලු කෙළි රෑන එක්කහු වෙලා යවුවන සමාජෙ කියල එකක් හදං තිවුනා. ඒකෙ ඉන්න හැමෝම සතියක් හමාරකට සැරයක් යවුවන සමාජ හෝල්ලෙකේ රැස්සීමක් තියලා මහ හයියෙං කෑ ගගහ, හිනා වෙවී ඉඳල අල්මාරියෙ හංගන ජාතියෙ කතා පොතකුත් ඇරං ගෙදර එනවා. එන ගමනුත් පාර අයිනෙ ගස්වල ඉන්න කුරුල්ලො රංචු පිටිං බයවෙලා ඉගිල්ලෙන තරං සද්දෙට කෑ ගගහ හිනා වෙනව. ඒ රංචුවෙ ඉන්න කොලු නඩේ පාරෙ යන බල්ලන්ට ගල් ගහනව. කටුස්සො අල්ලල තමුන්ගෙ රංචුවෙ ඉන්න කෙල්ලංගෙ පිටේ එල්ලනව. උං ගිරි යටිං හූ තියාගෙන දුවනව. ඒ පිටිපස්සෙං එන බයිසිකල්කාරයො පන්සලේ හාමුදුරුවො බණට කියන එව්වා මතක් කරනව.

“මොක්කුන්ට ජාතක වෙච්චි හැත්තක්ද මන්ද“

ඔය ගමන ගිහිං එන හැමදවසකම පුංචම්මා ගෙදර හැමෝගෙම්ම බැනුං අහනව.

"මොකද්ද බං ඔය කෙහෙම්මලෙං ඇති සෙතේ"

"පැදුරක් මල්ලක් වියාගන්න ඉගෙනගංකො ඔය මගුලෙ යනකං"

"අර කරෝලිස්ලෑ එකීලත් බොට නම කියල අඬගහනව මං අහගෙන. කොහොම හරි බාල්දු වෙයංකො ඕකුන්ට"

ඔය විදිහට නවනිංගිරාවිඳපු යවුවන සමාජෙ නම්බුව බේරන්න ඒ කාලෙ ආණ්ඩුව ගානෙ ගමේ අයට චිත්තරපටියක් පෙන්නන්න ලැහැත්ති කෙරුවා. ඒ ගැන මුලිම්ම දැනගත්තෙ යවුවන සමාජෙ අය. ඒගොල්ලො පවුලෙ අයටයි හිතවත්ම අයටයි විතරක් ඒක බලන්න එන්න පණිවිඩේ කිව්වෙ පැත්තකට අඬගහල රහසිං.

"ජාතුංගං අයියෙ අපේයවුවන සමාජෙං චික්රපටියක් පෙන්නනව බලන්නෙන්නෝන හොඳේ. වෙන කාටවක් කියන්නෙපා. ඒ හරියෙංම කිව්වෙ එහෙටයි හේමිචංදරයියටයි ඉතරයි."

"දහාටේ ගෙදර එවුන්ට එහෙම කියන්නෙපා මැණිකෙ. ඕකුං මෙතෙන බල බලා ගුන්සේකර කඩෙං බඩුගේන්න යන්නෙ"

ආච්චම්මා පුංචම්මට දැනමුතුකං දුන්නා.

“චික්රපටි කියන්නෙ ඇත්තවසයෙම්ම පුග්ගලයෙක්ට බලන්න සුදුසු දේවල් නෙවේ.“

ඉස්කෝල මහත්තේක් වසයෙන් අපේ මාමා ඒකෙ ඇති බැරෑරුංකම පැහැදිලි කෙරුවා.

“අනෙයයියෙ මේ උඹ කටවහං හිටහං“

පුංචම්මා ඒක අනුමත කෙරුවා.

ඔය හිංදා යවුවන සමාජෙ ඉන්න අයගෙ හතුරන්ටයි ඒ ගොල්ලො ඉරිසියාකං කරන අයටයි, ආණ්ඩුවට විරුද්ද පැත්තෙ අයටයි, පුංචම්මගෙ කඩෙං බඩු නොගන්න අයටයි චිත්තරපටිය ගැන දැනගන්න ඉඩ නොතියා රහසක් හැටියටම තියාගත්තා. කොයිතරංද කියතොත් කීපවලියක්ම මගෙ කටිං “චික්රපටිය“ කියල කියවෙනකොටම ආච්චිඅම්මා මගෙ කටත් මිරිකුවා.

හැබැයි චිත්‍රපටිය පෙන්නීම යවුවන සමාජෙ අය විතරක් දන්න රහසක් බව ආණ්ඩුව දැනං හිටියෙ නෑ. ඒ හංදා ලොතරැයි, තෙල් බෙහෙත් එහෙම විකුණන්න ගන්න සද්දෙ අඩු තැප්ප වෙච්චි ලයිස්පීකර් දෙකක් බැඳපු කිරි පාට වෑංඑකක් ආණ්ඩුව ගානෙ ගමට එවලා වැඩි සද්දයක් නැතුව චිත්තරපටිය තියෙන තැනයි වෙලාවයි ගැන මුක්කං කට හඬකිං ගම පුරා කියා ඇවිද්දෙව්වා. ඒ ගමන යවුවන සමාජෙ අයගෙ ගෙවල්ඔල අය ඉස්තෝප්පුවට බැහැලා ආණ්ඩුවට තිත්ත කතාවෙං බැන්නා.

"අපේ එවුං මාංසිවෙලා කට කැඩෙනකං කියල ගෙන්නගත්ත එක"

"අම්ප මේ ආණ්ඩුවට බැරියුනානෙ සද්ද නැතුව පෙන්නන බම්බුවක් පෙන්නන්න"

"දැං පුටු කාරයොත් එක්කොම එයි"

"අපිට චිත්තරයක් ඇඳගෙන තමා බලන්න වෙන්නෙ"

"උන්ටම පෙන්නගන්න කියල අපි නොගිහිං හිටිය නං ඉවරයියොන්න"

"ඕක තමා මේයාන්ඩුවට චන්දෙ දෙන්න නාකයි කිව්වෙ"

"ආයි නං මගෙ බල්ලවත් දෙන්නෑ මුංට චන්දෙයක්"

"අම්ප ඔය වෙලේ මං හිටියනං ලැයිස්පීකර කටු දෙක චැප්ප වෙන්න දෙන්නෙ ගල් ගෙඩ්ඩකිං පාරක්"

තැප්ප වෙච්චි ලයිස්පීකරයක්

ඒ ලයිස්පීකරේ කේලම අහපු සමහරු තමුන්ගෙ අසල්වාසීන්ටත් පණිවිඩේ කිව්වා.

"චිත්තරපටියක් පෙන්නනව කියල එලවුස්සෙකක් ගියා කියන්නෙ ඊයෙ"

"ආ... ඔව් මේ අපිටත් දෙහි ගෙදර බාල එකී කිව්වෙ දැං මාසෙකට ඉතර උඩදිං. අපිට නං නෙවැරදීම බලන්න එන්නත් කිව්ව. උංගෙ අර යවුවන සමාජෙද මොකද්ද කෙහෙංමලෙන්නෙ ගෙන්නනව කියන්නෙ."

"හැබෑද.... දැනගෙනද හිටියෙ. අපිට කිව්වෙ නෑ නේද එතකොට?"

"ඔව් ඉතිං අපේයාණ්ඩුවෙං කෙරෙන දේ අපි දැනං ඉන්නෙපෑ. තමිසෙලෑ ආණ්ඩුවක් ආ කාලෙක තමිසෙලටත් කියනව නැතෑ."

"අනෙ මගෙ බල්ලවත් යනේකක් නෑ ඔය ලබ්බ බලන්න. අපි වේල කාල පැටව්වෙක්ක බුදියගන්නව මිසක්"

"&*% 98&(*(^&^&**( ද?"

"&^%^ ද %^&(*(* ද කියල අහං තොපෙ TUYI ගෙං"

අන්තිමට වැට පොලු තුන හතරක් ගැලවිලා, උළු කැට පනහක් හැටක් කැඩිලා පොලිස් පොතට ඇන්ටරි දෙක තුනකුත් වැටුනා.

චිත්තරපටිය පෙන්නන්න ලැහැත්ති කරල තිවුනෙ නිකෝඩ හන්දියෙ ජෑන්තියෙ පාර අයිනෙ මිදුල් කෑල්ලෙ.

(මේ ජෑන්තිය කියන්නෙ අපේ ගමේ ඉස්කෝලෙට. ගනේවිටේ ඉස්කෝලෙ මහත්තය හිටපු කාලෙ ඒකෙ පෝච්චි හයිකොරපු වැසිකිලි හදෝපු හන්දා ගමේ අය ඒකට කිව්වෙ 'කක්කුසි ඉස්කෝලෙ' කියලලු. ඊටත් පස්සෙ කාලෙක එච්චෙස්සී එස්සෙස්සී පංතිඔල කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යාම ඉවර වෙන්නත් කලින්ම යාලුවෙලා හොරෙං පැනල යන්න පටං ගත්තං ඒක 'පේමජයන්තිය' බවට පත්වුනා.)

පාර අයිනෙ පොල් ගහ යට චීත්තයක් විතර ලොකු සුදු රෙද්දක් එල්ලල. ඉස්කෝලෙ ලොකු පන්තිවල තියෙන ඩෙස් දෙක තුනක් ඊට ඉස්සරහිං තියල. අර කේලං කියපු ලයිස්පීකර කටු දෙක ගැටගහපු වෑන්නෙක පාරෙ අනික් පැත්තෙ. හැබැයි ඒකට තාම කවුරුවත් ගලකින් ගහල නෑ. ඡන්ද රැස්වීං වලට ගන්න ලොකු පීකර දෙකක් පොල්ගහේ බැඳලා. මිනිස්සු පාරෙ ඉඳං බලං ඉන්නව. පාරෙ යන වාහන හෝන් එක ගහල යන්තං ඉඩ ඉල්ලගන්නව. ගුනසේකර මාමගෙ බාරෙක ඇරල ඒක ඇතුලෙ ලාම්පුවක් පත්තු වෙනව. (මේ බාරෙක කියන්නෙ තැබෑරුමක් නෙමෙයි. සිල්ලර බඩු කඩයක්.) යවුවන සමාජෙ අය නයෙක් ගහපු මිනිහෙක්ට බෙහෙත් හොයන්න තරං කලබලෙං එහෙ මෙහෙ දුවනව. මිනිස්සු ආණ්ඩුවට බනිනව.

"මේක පෙන්නන්නැද්ද මංද."

"අපරාදෙ තව ටිකක් රෑ වෙලා එන්න තිවුනෙ"

"මං බුදුපාන තිබ්බෙත් නෑ"

"මං හිතුවෙ විජානියට පෙන්නල ඉවර කරයි කියල."

ඒ විදිහට පැය ගානක් බලං ඉඳල හොඳටම ඇඳිරි වෙත්දි ඉස්කෝලෙ හෝල් එක අස්සෙං ලැයිට් ඇංජිමක් ලතෝනි දෙන්න පටං ගත්තා. ඒ එක්කම පොල් ගහේ එල්ලපු මැන්ටලේ වගේ බලුප් එකකුත් පත්තු වුනා. එතන හිටපු මහත්තුරු සැරෙං කිව්වම තව දෙන්නෙක් ගිහිං පන්සලේ තියෙන ජාතියෙ ලොකු පිත්තල පානක් උස්සගෙන ඇහිල්ලා පොල් ගහ යටිං තිබ්බා. ඒ ගමන ගෙපලෙ අජිත් ඉස්සරහට පැනලා මොකද්ද එකක් කිව්වා. ඒ ගමන තව දෙන්නෙක් ඩෙස් එකක් උස්සං ආවා. පාන ඩෙස්සෙක උඩිං තිබ්බා. එතකොට පානෙ මුදුනෙ තිර ටික මිනිස්සුංගෙ ඉහටත් උඩිං. ඒ ගමන ආයි පාන බිමිං තිබ්බා. ඩෙස්සෙක පැත්තකට විසික් කෙරුවා. තව එක්කෙනෙක් පාපිස්සක් ගෙනාවා. පාන ඒක උඩ තිබ්බා.

"තව ඩිංගක් මෙහෙට"

"වැඩියි වැඩියි"

"පේන්නෑ"

අන්තිමට යන්තං පාන එක තැනක තැන්පත් වුනා. පාන මුදුනෙ ඉන්න කොකා ලයිට් එලියට දිලිසුනා. පාන ඉව කරන්න ආපු සම්බෝල පාට බල්ලට යවුවන සමාජෙ ලොක්කා පයිං එකක් ගැහුවා. බල්ල "කැව් කැවුක් කැව් කැවුක්" කියාගෙන අඬු තුනෙං දිව්වා.

චිත්තර පටිය පෙන්නන්න ආපු මහත්තයෙක් පීකරෙං කතාව පටං ගත්තා. එයා කියපු දේවල් මට ඒ තරං තේරුනේ නෑ. එයා කොලයක් බලාගෙන කියපු නං ලැයිස්තුවෙ පිලිවෙලට පත ග්‍රාම සේවක රාලහාමි, පොලිස් ලොක්කෙක්, බෙල්ල හිරවෙන්න රෙදි පටියක් ගැටගහපු ලොකු මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, ආයි තව මහත්තයෙක්, කරෝලිස් බාසුන්නැහැගෙ බාල කෙල්ල, අන්තිමට පිත්තල පාන දීපු කිතුල්ගොඩ මුදලාලිගෙ පවුල ගිහිල්ලා පොල්තෙල් පාන පත්තු කෙරුවා. මිනිස්සු වැඳගෙන හිටියා.

ඊළඟට ග්‍රාම සේවක රාලහාමි පීකරෙං කතා කෙරුවා. එයාට කියන්න තියෙන ජාති සේරම කිව්වට පස්සෙ පොලිස්සියෙ ලොක්ක පීකරෙං කතා කෙරුවා. එයා කිව්ව කතාවෙං මට තේරුනේ

"ගුටිකෙලගත්තොත් අල්ලල බලු කූඩුවෙ දාන"

කතාව විතරයි. ඊළඟට යවුවන සමාජ හදන තැන ලොකු මහත්තයෙක් කතා කෙරුවා. එයා කියන එව්ව සිංහල බාසාව කියල විතරක් මට තේරුණා. ඊළඟට තවත් ලොකු මහත්තයෙක් කතා කෙරුවා. ඒ හැමෝම ඇති වෙනකං කියෙව්වට පස්සෙ ආයිමත් මුලිංම පීකරෙං කතා කරපු මහත්තයා චිත්තරපටිය පෙන්නන්න හදන්නෙ කියල පීකරෙංම කිව්වා. එයා කිව්ව විදිහට අත් දෙක නැතුව කකුල් දෙකෙං විතරක් වැඩ කරන හැටි පෙන්නන චිත්තර පටියක්ලු පෙන්නන්නෙ.

අම්ම මාව වඩාගත්තා. පොල් ගහේ ලයිට් එක නිමුනා. ඒත් චිත්තර ඇඳපු පටිය පේන්න නෑ. ලයිස් පීකරෙං සිංදුවක් නැතුව සංගීත බාන්ඩ වලිං එන සද්දෙ විතරක් ඇහෙන්න පටං ගත්තා.

"අන්න බලහං. අර"

චිත්තර ඇඳපු පටියක් කොහෙං හෝ පාත් වෙනකං බලං හිටපු මගෙ හොස්සෙං අල්ලපු අම්මා මාව පොල් ගහ දිහාවට හැරෙව්වා. පොල් ගහ යට තිවිච්ච සුදු රෙද්ද කහ පාට වුනා.

"අම්මට උඩු"

මට කියවුනා. ඒ රෙද්දෙ කලිසං ඇඳපු සුද්දියෙක් මතුවුනා. එක යමරෙයයි. උන්දැගෙ අත් දෙක නෑ. සුද්දි රෙද්දෙ ඇවිදිනව. නෑ. ගෙයක්. ගේයි, ගෙයි බඩු මුට්ටුයි සුද්දියි ඔක්කොම රෙද්දෙ. ඒ අහුඅස්සෙ සුද්දෙක් පීකරෙං කියෝනව. හැබැයි සුද්ද පේන්න නෑ. මිනිස්සු සුද්දිට කයි කතන්දර කියනව. ගෑනු හූල්ලනව.

සුද්දි මැසිමෙං රෙදි මහනව. රෙද්ද අල්ලන්නෙ කකුලෙං.

“හා....නේ..... පව්“

“අද්දෙකම නෑනේද?“

“මැසිමකට අහුවෙලා වෙන්නැති“

“සුද්ද ගහන්නැති කැත්තකිංවත් කොහොවක්“

ඒ ගමං බීදුරුවකිං වතුරත් බොනව. බීදුරුව අල්ලන්නෙත් කකුලෙ ලොකු ඇඟිල්ලයි ඊළඟට තියෙන පොඩි ඇඟිල්ලයි දෙකෙං.

“කවුරුවක් වක්කොල්ල දුන්නොත් බොතැහැකි ඉතිං“

“බඩ්ඩිංගක් අනල කන්නෙ කොහොමෙයි ඔහොම“

“සුද්ද කවනව ඇති“

ඊළඟට සුද්දි පාං පෙති වගයක් කකුලෙං අරං කනව.

“හොදි ඩිංගක් පොඟෝගන්න නෑ ඉතිං“

“මං හිතන්නෙ පාං කෑලි දෙක අස්සට හොදි දාල ඇත්තෙ“

“ඒ උනාට ඉතිං ඉස්ම හොද්දක් එක්ක නං කන්න වෙන්නෑ“

“තුං වේලම පාං තමා මාහිතේ“

ආයි බාජනේක තියෙන මොනවද හැන්දකිං අරං කනව

“ඇට ජාතියක් මා හිතේ“

“නෑ බත්තුනත් කෑහැකි හැංදෙං. ඔය පහුනුදාස්සොල මගෙ ඇඟිල්ල මන්නෙට කැපිල තීද්දි මං කෑවෙ හැංදෙං. නැත්තං මිරිස් ගෑවෙද්දි උඩ විසික්වෙනව.“

“සුද්දො බත්කන්නෑ මාහිතේ. උන්ට මිරිස් තුනපහ සැරයිනෙ“

ඊළඟට සුද්දි පනිට්ටුවක් උරිස් කොටේ එල්ලගෙන මිදුලට බහිනව. පාත්තියක් ගාව බිම ඉඳගෙන පනිට්ටුව බිම තියල ඒකෙං හැන්දක් වගේ එකක් ගන්නව. හැන්ද කකුලෙ ඇඟිලිවලිං අල්ලගෙන පොලොව හාරල කොල දෙක තුනක් තියෙන පැල වගයක් හිටෝනව.

“අම්ප. මේ ඉන්න දෙමල්ලුන්ට බෑ ඒ තරං විජානියට තේ පැලයක් හිටොවන්න“

“ඔය හැටි නහින වෙලේ හිඟාකෑවනං සල්ලි හම්බවෙනව“

“සුද්දොන්ට සල්ලි තියෙනවනෙ. උං හිඟාකන්නෑ“

“මං හිතන්නෙ කසාදෙයක් නං කරගන්න වෙන එකක් නෑ.“

“හැබෑට ඉතිං කසාද බඳින සුද්දට තමයි කන්න උයන්නයි කක්කුස්සි ගියහං $% හෝදන්නයි වෙන්නෙ“

ඒ සුද්දි කඩේ යන හැටි, බඩු ගේන හැටි, මූන හෝදන හැටි බලං ඉන්න ගෑනු හූල්ලනව. කොල්ලො අනං මනං කියනව. අන්තිමට සුද්දි ටටා කියල නොපෙනී යනව. පීකරෙං කියෝපු සුද්දගෙ කතාවත් නැවතුනා. රෙද්ද ආයිමත් සුදු පාටටම හැරුනා. අපෙ අම්මත් උරිස්සෙ මූන පිහල මාව බිමින් තිව්ව.

ඊළඟට ආයිමත් පීකරෙං කතා කරන මහත්තය මොනවද ටිකක් කියෙව්වා. ඊළඟට තවත් චිත්තර පටියක් පෙන්නන බව ඉතරක් මට ඒකෙං තේරුණා.

ආයිමත් රෙද්දෙ සුදු පාට නැතිවුනා. අම්ම මාව ආයිමත් වඩාගත්තා. පීකරෙං සංගීත බාන්ඩවල සද්දෙ ඇහෙන්න ගත්තා. සුද්දියෙක් රෙද්දෙං මතු වුනා. ඒ සුද්දිගෙ නං අතපය මොකවත් අඩු නෑ. හැබැයි සුද්දිගෙ හැට්ටෙ බොත්තං නෑ. ඒක අඳිනව ඇත්තෙ ඔලුවෙං දාල. ඇඳං ඉන්න සායත් මගෙ කොට කලිසමකට වැඩිය දිග නෑ. මිනිස්සුංගෙ කියවිල්ල නැවතුනා. සුද්දි ගෙදරිං දොට්ට බැහැල මිදුලෙ තියෙන පුස්සයිකලේට නැග්ග. ඒක සුදු පාටයි හැඩල්ලෙකේ කූඩෙකුත් එල්ලලා. පුංචම්මගෙ බයිසිකලේ වගේ මැද පොල්ලකුත් නෑ. සුද්දි බයිසිකලේ පැදං පිට්ටනියකට ගියා. ඒක උදුලුගාපු නැති පිට්ටනියක්. හැමතැනම තනකොළ. පිට්ටනියෙ තව සුද්දෙක් ඉන්නව. සුද්ද ගමනක් යන්න වගේ දිග කලිසමකුයි කමිසෙකුයි ඇඳල. සුද්දව දැකල සුද්දි බයිසිකලේ නවත්තනව. සුද්ද සුද්දි ගාවට එනව. සුද්දිගෙ අතිං අල්ලගන්නව. සුද්දි බයිසිකලෙං බිමට බහිනව.

“මේ ළමයට බඩකිනිලු. අපි යනවක්කෙ“

අපි ළඟ හිටපු අපෙ අම්මගෙ යාලු නැංදෙක් එහෙම කියල තමුන්ගෙ ළමයවත් අරං එතනිං පැනගත්තා. සුද්දා උඩ පැනල එතන තියෙන ගහකින් මලක් කඩල සුද්දිට දෙනව...

“ආ........... හරි හරි හරීඊඊඊඊඊ“

පාරෙං අනික් පැත්තෙ හිටපු කොල්ලො ටිකක් කෑ ගැහුව.

“රෑ වෙනව යං.“

“නිදාගන්න වෙන්නෑ මේක බලා හිටියොත්. යං“

“හෙට පන්සලට දානෙ උයන්නත් තීනවනෙ යං“

කියල තව කීප දෙනෙක් තම තමන්ගෙ ළමයි කිහිල්ලෙ ගහගෙන යන්න ගියා.

“උඹටත් බඩකිනි නං යමං ගෙදර.“

අම්ම මට කිව්ව. ඒ උනාට මට යන්න ඕනි කමක් නෑ.

“මට බඩකිනි නෑ.“

සුද්දි මල අරගෙන ඉඹල බලනව. එතකොට සුද්දගෙයි සුද්දිගෙයි මූනු දෙක රෙද්ද පිරෙන තරං ලොකු වෙනව. සුද්ද සුද්දිගෙ මූන යටි පැත්තෙ අල්ලල එක පැත්තක් ඉඹිනව. පාරෙ අනික් පැත්තෙ හිටපු කොලු රෑන

“හූ.......................................................“

කිව්වා. අම්ම මාවත් වඩාගෙන සෙනග මැද්දෙං රිංගගෙන අපේ ගෙවල් පැත්තට යන්න හැරුණා.

“මට බඩිකිනි නෑයම්මෙ“

“කටවහක් යමං“

තව ගෑනු දෙන්නෙක් තමුංගෙ ලමයි අත්කෙටි ඔලිං ඇදගෙන අපේ පස්සෙං වැටුනා.

“මල විපිරියාස.“

“කුණුහරප පෙන්නනව ඉඳං.“

ඒ දෙන්න තනියම බැන්නෙ කාටද කියල මට තේරුනේ නෑ. අපි දෙසිය පනහෙ වත්ත ගාවට එද්දි ආයිමත් හූවක් ඇහුනා.

“අන්න ආයි සැරයක් සුද්දිගෙ මූන ඉඹින්න ඇති“

මට කියවුනා.

අම්ම මාව බිමින් තියල කොන්දට එකක් තැලුවා. අපේ තාත්ත බලපු චිත්තරපටිඔල හුඟක් සැරයක් මූන ඉඹින එව්ව තියෙන්න ඇති. ආච්චි අම්ම තාත්තට ඉලපත් කැඩෙනකං ගැහුවෙ ඒක හන්ද වෙන්නැති.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com51tag:blogger.com,1999:blog-1142664932489180.post-20004844518704486702018-07-08T03:49:00.000-07:002018-07-08T03:49:35.945-07:00ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා

Add caption

“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.“

“කීයක් කියනවද?“

“ගානක් නං කිව්වෙ නැහ්ලු“

“කාගෙද ඉඩම?“

“මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයගෙ නෑයෙක්ට පණිවිඩේ කියල තියෙන්නෙ ඉඩම අයිතිකාරයගෙ ළඟම හිතවතෙක්“

“මේ අයියලෑ මල්ලිගෙ පවුලලෑ මහගෙදර අල්ලපු ගෙදර එක්කෙනාට කිව්වං එක්කං යයි. ගනුදෙනුව කතා කරගත්තැකිලු ඉඩම බලල.“

“ඒ වුනාට අහල බලන්නකො කීයක් ඉල්ලනවද කියල?“

“හා මං අහල බලන්නං. හෙට කියන්නං“

අපි දෙන්නටත් පැලක් අටෝගෙන වැහ්ල ඉන්න ඉඩං කෑල්ලක් හොයා දෙන්න කියල චූටි මැණීකෙගෙ අම්මා දීපු කොන්තරත් එකෙ හැටියට ගැලපෙන ඉඩමක් හොයාගත්තු චූටි මැණිකෙගේ බාප්පා තමයි ඒ කතා කලේ. ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ඒ කතාවෙ ඉතුරු කොටහ.

“අර ඉඩමෙ ගාන ඇහුව“

“කීයක් කියනවද?“

“ඒකෙං දලු කිලෝ දහක් විතර කඩනවලු. දැං දලුත් සීයට කිට්ටුනෙ. ගේත් කාමර පහක එකක්. විසාල එකක්. දැනට ගෙයි කාමරේකුයි කුස්සියකුයි බැඳල වහලෙත් ගහලලු තියෙන්නෙ. තව කාමර හතරයි සාලෙයි විතරයි හදන්න තියෙන්නෙ.“

ඒ වෙත්දි මගෙ කනෙං දුං දාන්න පටං අරං ඉවරයි.

“ඉතිං ඕකෙ ගාන කීයලුද?“

“තිස් දෙකක් තමා කියන්නෙ“

මගෙ ඉස් මුදුනෙං ගින්දර පිටවෙද්දි අන්තිම විස්තරෙත් ඇහුවා.

“එතකොට ඔප්පු“

“ඔප්පුවක් ඕන්නැහ්ලු. ගරාම සේවක ළඟ ලියලලු තියෙන්නෙ“

එතනිං එහාට කියවෙන ටික කියන්න ටෙලිපෝන් එක මගෙ කණ ගාව හිටියෙ නෑ.

පස්සෙ දවසක ඒ ඉඩමෙ විස්තරේ හරියටම මගෙ කනට වැටුනා. ආණ්ඩුවෙ වන වගාව කපලා තේ හිටෝලා ඒකෙම ගේ කෑල්ලකුත් අටවද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට විරුද්දව නඩුවක් දාලා. නඩුවෙං බේරිලා ගානක් සාක්කුවෙ දාගන්න හිතාගත්තු ඉඩං අයිතිකාරයා තමුන්ගෙ ඉඩම අක්කරයක් හැටියට අක්කරේට අලුත් බිම් ප්‍රමාණෙකුත් දාගෙන එක මනුස්සයෙක්ට විකුණන්න හදලා. ඔය ඉඩම අවට ඉන්න මිනිස්සුත් ඉඩම බලන්න ආ ගැනුංකාරයට අනුකම්පා කරලා ඉඩමෙ සුල මුල ඔක්කොම කනේ තියලා. ගැනුංකාරයා ඊට වැඩිය අංකූරෙක්. මිනිහා ඒ විස්තර ටික තමුන් දන්න බව ඉඩම අයිතිකාරයට කියලා ඉඩමෙ ගාන බොහොම අඩුවට හෙට්ටු කරගෙන. එතනිං පස්සෙ තමයි මේක දංවැල වගේ වෙන්නෙ. ගැනුංකාරයාත් එදිනෙදා වැඩ ටික කරගන්න තරං මොලයක් ඇති මිනිහෙක්. ඒ හංදා කීයටවත් ඒ ඉඩම තමුන්ගෙ සල්ලි දීල ගන්නෙ නෑ. ඒ හංදා මිනිහා ඉඩම තීරණය වෙච්ච ගානට වඩා ටිකක් වැඩි ගානකට ඒ ඉඩම විකුණන විත්තිය වෙනිං කෙනෙක්ට කිව්වා. එතකොට තමුන්ට මැදිං ගානක් කඩාගත්තැකි නෙ. එයාටත් මොලේ කලං ගානක් තියෙන හිංදා එයත් තමුන්ට ගානක් තියාගෙන තවත් කෙනෙක්ට පණිවිඩේ කිව්වා. ඔය විදිහට ඉඩම බලන්න යන හැම කෙනාම ඉඩම අවට අසල්වාසින්ගෙන් විස්තරේ දැනගෙන ඉඩම සල්ලි වලට ගැනීමෙ වැඩේ පැත්තක දාලා තමුන්ට වඩා මොලේ අඩු මැට්ටෙක්ට මේ ඉඩම විකුණා ගානක් සාක්කුවෙ දාගැනීමේ අරමුණෙං අර බ්‍රෝකර්ලගෙ වැලේ අගට එක්කහු වුනා. ඔය විදිහට අපේ බාප්පගෙ ගෙවල් ගාව අයියගෙං බාප්පගෙ කනට ආවෙ ලක්ස තිස් එකක ලංසුවක්. අපේ කනට එත්දි ඒක ලක්ස තිස් දෙක වුනා.

තවත් ටික දවසක් යත්දි අපි ඉඩමක් හොයන විත්තිය අහල ගං හත අටකම ප්‍රසිද්ද වුනා. ඒ ගංවල ඉන්න සේරම බ්‍රොකර්ල අපිට උපකාරෙට හිටිය. මෙතෙනදි විසේසෙන්ම ඔය බ්රෝකර්ල කියන අය අඳුරල දෙන්න ඕන.

ඉස්සර පතලක් ගානෙ මැණික් හම්බුවෙන කාලයක් අපේ ගංවල තිබුණා. ඒ දවස්වල පතලක් බැහැලා, ඉල්ලම පාදගෙන, හොරුංගෙං බේරන්න රෑට මුර කරගෙන, පොලිස්සියෙන් බේරිලා ගරලා යන්තං වාසියක් පාදගෙන ඒක මුදලාලි කෙනෙක්ට විකුණනවා. මුදලාලි ඒ ගල පනස් දහට අරගෙන බේරුවලට ගෙනිහිං ලක්ස ගානකට විකුණනවා. ඔය විදිහට බලත්දි මඩ නාගෙන බඩට නොකා නහින එකාලට වඩා සුදු සරමයි දැල් කමිසෙයි ඇඳං ටෝච් කඳ ඉනේ ගහං ඉන්න එකාලා වැඩි ගානක් හොයනවා. ඒ ගමන සුදු සරමයි, දැල් බැනියමයි, අස්ස පේන කමිසෙයි, අලුත් ටොච් එකයි, බැට්ටි කෑලි තුනයි, සෙරෙප්පු කුට්ටමයි ගන්න පුළුවං හැම එකාම මැණික් මුදලාලිලා උනා. අන්තිමට ටවුමෙං බාගයක් පිරෙන්න මැණික් මුදලාලිල.

කලකදී ඒ සේරම ඉවරවුනා. කුඹුරු ඉඩං, ගොඩ ඉඩං, ඇල දොලවල්, සේරම හෑරුවා. ගඟේ අඩියත් හෑරුවා. මහපාර යටිනුත් දෝනා ගියා. හාරන්න තැනක් නැතිවෙන්නම හෑරුවට පස්සෙ පතල් රස්සාවත් ඉවර වුනා. අන්න එතකොට අර මැණික් මුදලාලිලට කරන්න දෙයක් නැතුව ගියා. සමහරු නං බඩගිනි වෙත්දි සුදු සූට් එකෙන් මඩ සූට් එකට බැහැල කුලියක් කරන්න පටං ගත්තා. තව කීප දෙනෙක් ආණ්ඩුවෙ කන්තෝරුවලින් වැඩක් කරවා දෙන්නො බවට පත්වෙලා ග්‍රාම සේකර රාලහාමි එක්ක එක්කහු වෙලා ගමට ලැබෙන දේ ගසාකන්න පටං ගත්තා. ගමේ අයගෙනුත් ගාන කපා ගත්තා. තව කීප දෙනෙක් ත්‍රීවිල් කටුවක් අරගෙන හන්දියෙ රස්තියාදුව පටං ගත්තා. තව කොටසක් ගෙදර තියෙන සල්ලි කීය හරි නැති බංගස්තාන වෙන විදිහෙ බිස්නස් කරන්න පටං ගත්තා. ඔය විදිහට නන්නත්තාර ජීවිත ගත කරන අය අන්තිම වල්ල පට්ට ගහත් කපලා මුල් ටිකත් පැලුවට පස්සෙ, අන්තිම කිඹුල් හූණත් ඇල්ලුවට පස්සෙ, කලු බලල්ලු, අකුණු තැටි හෙවිල්ලත් යටිගං ගියාට පස්සෙ අතගැහුව වැඩේ තමයි බ්රෝකරකම.

මළ ගෙදරක කැරම් ගහන තැනක කට පියාගෙන ඉන්න බැරුවට

"මේ පැත්තෙ නැද්ද තේ කෑල්ලක් එහෙම ගන්න"

කියල අහපු ගමං කැරම් බෝඩ් එක වටේ හිටපු සේරම ටික

"තියෙනව. මං ඒ බිස්නස් තමා කරන්නෙ"

"තැනක තියෙනව ඉඩමක් අන්න ඉඩං. යං බලන්න."

"කොයි තරං එකද්ද හොයන්නෙ"

කියාගෙන අපිව වටකරගන්නව. ඒ බ්‍රෝකර්ලත් එක එක විදිහට වෙස් ගන්න පුළුවං අය. කොස් ගෙඩ්ඩක් කොලපතේ තියාගෙන බෝඹු කෝට්ටකිං දත්වහල්ල මැද මැද එන මිනිහෙක්ගෙං

"නැද්ද අයියෙ මේ හරියෙං අඩුවට කාර් එකක් හොයාගන්න"

කියල අහපු ගමං අර මනුස්සයා කොස් ගෙඩ්ඩ බිම දාලා බෝඹු කෝට්ට අකුලකට විසික් කරල සරම පාත දාගෙන තප්පර දෙකෙං කාර් සේල් කාරයෙක් වෙනව.

"තියෙනව. ගිය සතියෙත් මං කාර් හතරක් දුන්න. පස්ස තියෙන එකද්ද නැති එකද්ද හොයන්නෙ. තැනක තියෙනව මැණික් මුදලාලි කෙනෙක් පාවිච්චි කරපු ලාන්ස්රේකක් හීරිලවත් නෑ. අඩුවට දෙනව. ආයි නෑ ටොප්පෙකටම තියෙනව. දැං සල්ලි තියෙනවනං අද ගත්තැකි. හයිවේකෙත් යනව. දිර්ල නෑ. පැට්ටල් ලීටරෙං විස්සට එහා දුවනව. පොත එහෙමත් තියෙනව. මට පනහෙ කාඩ්ඩෙකක් ඇරං දෙන්න මං දැං කෝල් කොල්ල ගෙන්න දෙන්න. "

ඒ විදිහට කිතුල් හකුරු, මී පැණි, කිතුල් පිටි, ඔරිජිනල් කිතුල් පැණි, ලී, වල ඉඳං වාහන, ඉඩං විතරක් නෙවෙයි නැවක් උනත් හොයා දෙන්න මේ බ්රෝකර්ලට පුළුවං. ඒ්ක කොයිතරම් දුර දිග ගිහින්ද කියෙතාත් ඉඩමක දලු ටික කඩාගන්න කෙනෙක් නැති වුනාට හැම මිනිහම ඉඩම් බ්රෝකර්ලා, වාහනේකට හුලං ටිකක් ගහගන්න වින්කලයක් නැති වුනාට වාහන බ්රෝකර්ලා තුං හතරදෙනා එක ගෙදර, කපන්න කෙනෙක් නැතුව කිතුල් මල් නිකම්ම ඇරිල ගියාට හොඳ කිතුල් හකුරු තියෙන තැනකිං අඩු ගානට අරං දෙන බ්රෝකර්ලා ඕන තරම්. කොටිම්ම අපේ ගම් පලාතෙ ඉන්න හැම මනුස්සයම බ්‍රෝකර් කෙනෙක්. ඒ හැමෝගෙම අරමුණ කාගෙ හරි මරාලයක් තව කාගෙ හරි කරේ එල්ලලා අතර මැද නිකං ඉඳල ගානක් කඩාගන්න එක.

ඒ වගේ තමුං හෙනම කපටි බව හිතාගෙන ඉන්න බ්රෝකර්ල කීප දෙනෙක්ම අපිව තම්බන්න වතුර හැලි උණු කලා. තව දවසක් එහෙම එක්කෙනක් අහුවෙච්ච ගමං අපේ මාමණ්ඩි අපිට කතා කළා.

"මේ බලන්න මෙන්න මෙයා දන්න තැනක ඉඩමක් තියෙනවලු."

"හා"

ඊළඟට ඇහෙන්නෙ බ්‍රෝකර්ගෙ හිවල් හඬ

"මේ.... හලෝ....හලෝ...ඇහෙනවද?"

එතකොට මං බීරෙක් නොවන බව එයාට කියනව.

"ඇහෙනව ඇහෙනව"

"ආ....... මේ ඉඩමක් තියෙනව ෂෝක් එකක් ගන්නවද?"

"කියන්නකො විස්තරේ"

"මේ ටවුම කිට්ටුවම තියෙනව ඉඩමක්. ටවුමට විනාඩි දහයෙං එතෑකි. වතුර ලැයිට් තියෙනව. ඉඩමටම පාර තියෙනව. පාර කාපට් කරන්න සල්ලිත් පාස්වෙලා තියෙන්නෙ. ගන්නවද?"

"ගන්න කලිං ඉඩම බලන්න එපායැ. කොහෙද ඕක තියෙන්නෙ"

"ඕගොල්ලො කිව්වට දන්නෑ. බලන්න යනව නං මා එක්ක යතහැකි. ගන්නවනං තමා ඉතිං. දැං කීප දෙනෙක්ම ඇහිල්ල බලල ගියා. ගන්නවම කියල."

"ඉඩම තියෙන පාර කියන්නකො මට මෙහෙ ඉඳං ඉන්ටනෙට් එකෙං සිතියමේ බලන්න පුලුවං එතකොට"

"ගන්නවනං ඇහිල්ලම බලන්නකො. ගාන අඩු කරන්න පුළුවං."

"කවුද ඉඩමෙ අයිතිකාරය"

"මේ පැත්තෙ එක්කෙනෙක්. ඔයා දන්නෑ කිව්වට. ඒ දෙන්නට දැං වයසයි. ළමයි ඔක්කොම කොළඹ. තව කොටසක් ලන්ඩන් ගිහින් ඉන්නෙ. මේ දෙන්නත් ඉඩං විකුණල ළමයි ගාවට යන්න හදන්නෙ. ගන්නවනං කියන්න."

"එතකොට ඔප්පු එහෙම"

"ඉඩම ගන්නවනං ඔප්පුව බලතැහැකි. බලපත්තර ඔප්පු තියෙන්නෙ"

"එහෙම ජාතියක් නෑනෙ. බලපත්‍ර කියන්නෙ ආණ්ඩුවෙ ඉඩං වවාගන්න දෙන ඒව. ඔප්පු කියන්නෙ තව ජාතියක්. එතකොට ඔය ඉඩම අයිති රජයටනෙ."

"එව්ව තමා මෙහෙ හැමෝම ගාව තියෙන්නෙ. ඕන්නං නොතාරිස් ගාව ඔප්පුවක් ලියල දෙන්න පුළුවං. වෙන කවුරුවත් අයිතිය කියන්න එන්නෑ."

"ඕක ආණ්ඩුවෙ ඉඩමක් නෙ. ආණ්ඩුවෙ ඉඩං විකුණන්න තහනං නෙ."

අන්න එතකොට බ්රෝකරට මල් ගස් පිටිං පනිනව.

"මේ ඔයා ගන්නැත්තං කියන්න තව ඕන තරං ඉන්නව ඉඩං ගන්න අය. මේකට අල්ලපු ඉඩමත් බලපත්තර ඔප්පු තමා. ගිය සතියෙ ඉස්කෝලෙ මහත්තෙක් ගත්තෙ පේචස්සෙක අසූදාහ ගානෙ. ඒකත් මං අරං දුන්නෙ."

"ඔයා ඔය විකුණන ඉඩං ගැන ඔයාට වැඩිය මං දන්නව. බලපත්‍ර ඉඩං එහෙම විකුණන්න බෑ. හරිද?"

මේ අතරෙ අපේ මාමණ්ඩි බ්‍රෝකර්ට උත්තර දෙනව.

"ඔය අපේ ළමය අහුවල් දෙපාර්තමේන්තුවෙ වැඩ. එයා ඉඩං ගැන දන්නව"

එතකොට බ්‍රෝකර්ගෙ කට සද්දෙ බහිනව.

"ආ.... එහෙමද? මේ ඔයාට කවුරු හරි හම්බුනොත් කියන්නකො. මේ.... මගෙ ගාන පේචෙස්සෙක හැටයි. ඔයාටත් ගානක් තියාගෙන හැත්තෑව ගානෙ කාට හරි කතා කරන්නකො"

ඔය විදිහට තව බ්රෝකර්ල කීප දෙනෙක් ගින්දර වැඩි කරල, ලුණු ගොරක පදම වෙනස් කරල අපිව තම්බන්න හැදුවත් ඒවගෙන් හොඳටම තෙම්පරාදු වෙච්ච අපි දෙන්නා ඉඩං ගැන බොහොම වැදගත් පාඩං කීපයක් ඉගෙනගත්තා. එයින් වැදගත්ම එක තමයි බ්‍රෝකර් කියන දේ අහං ඉඳල ඒකෙ හැංගිච්ච ඇත්ත තේරුං ගැනීම. ඒ මේං මේ විදිහට.

"ටවුමට විනාඩි දහයෙං එතෑකි" (මේ විනාඩි දහය ගතවෙන්නෙ ජෙට් එකක ආවොත් තමයි. බයිසිකලේක තනියම ආවත් පැයකට වඩා ගතවෙනව - ගෙදර පොලිසියත් එක්ක එනව නං පැය දෙකටත් වැඩියි)

"මායිං මොනවත් ආරවුල් නෑ" (මේකට අල්ලපු ඉඩමෙ එකා නඩුවකුත් දාල තියෙන්නෙ)

"ඕන දෙයක් වවන්න පුළුවං. නියම පස" (අක්කපාන පැලයක්වත් හිටවන්න බැරි ගල් ගොඩක්)

"ගේ ගාවිං බස් යන්නෙ" (අධ්‍යාපන චාරිකාවක් හරි වන්දනා ගමනක් හරි ගිය එකක් තමා)

"ඉස්කෝලෙට හැතැක්ම කාලක් නෑ. ළමයි දාගන්න කිසි කරදරයක් නෑ" (හෙට අනිද්ද වැහෙන්න යන කනිෂ්ඨ විද්‍යාලයක්)

"පිරිසිදු ඔප්පු. දෙකට නමලවත් නෑ. ලැමනේට් කරලත් තියෙන්නෙ" (ආණ්ඩුවෙ ඉඩමකට හොර ඔප්පුවක් ලියපු එකක්. ණය ගන්න ගිය තැනදි අහුවෙනව)

"හෝටලයක් හදන්න නියම තැන. හොඳ ආදායමක් ගත්තැකි. ඉඩමෙ මායිමෙං දොලක් ගලනව. හරිම ලස්සන කැලේකුත් තියෙනව. සිරීපාදෙත් පේනව" (මිනිස්සු හෝටල්වලට එන්නෙ ගෑනියි ළමයි ටිකයි අරගෙන දනක්වත් වතුර නැති දොල පාරවල්වල පැනල දිය බුං ගහන්නයි; කැලේ රිංගලා හැකරැල්ලො, දෙපත් නයි, මුකටි, ගැරඬි, හාල් දණ්ඩො, කබරයි වගේ සත්තුයි තුංකිඤ්ඤ, වැරනියා පඳුරු, වල් හබරල, නං නොදන්න ගස් ජාතියි බල බලා කිනිතුල්ලන්ටයි හෝ හපුටුවන්ටයි කූඩැල්ලන්ටයි කියල කවෝගන්නයි; ඈතිං පේන තුංහුලස් කන්දක් දිහා බලල "අන්න සිරීපාදේ" කියල උඩ පැන පැන අප්පුඩි ගහල සතුටු වෙන්නයි; ඒ එක්කොමත් කරල එක සැරේ ලස්ස ගානක් හෝටලේ අයිතිකාරයට දීල පිං අනුමෝදං වෙන්නයි කියල හිතන බ්රෝකර්ල වෙනුවෙං සදාකාලික නිශ්ශබ්දතාවය)

"ඉඩමෙ කොටසක් වවල තියෙන්නෙ" (ආදායමක් ගන්න නං හිතන්න එපා. සමහර විට මේ කියන වැවිල්ල මාස දෙකක්වත් නැති තේපැල පනහක් හැටක්, නාරං පැලයක්, තැඹිලි ගස් දෙකක් වෙන්නත් පුළුවං)

"ඔප්පුවෙ පර්චස් හතලිහයි. රිසිවේසම තියෙනව තව හතලිහකට වඩා. එක්කොම අසූවක්" (ආණ්ඩුවෙ රක්ෂිත ආපහු දෙන්න වෙච්ච දවසට සනීප වෙයි)

"තේ වැව්වොත් හොඳ ආදායමක් ගන්න පුළුවං" (ඉතිං තොපි වවාගෙන ආදායම ගනිල්ලකො. තේ ගහක් වවල ආදායමක් ගන්න අවුරුදු දෙක තුනක් විතර කාලෙකුත් ඒ වගෙම වියදමකුත් යන බව අපි නොදන්නවැයි)

"ගංවතුරට අහුවෙන්නෑ. නාය යන්නෙත් නෑ" (ආණ්ඩුවෙන් වන්දිත් ගෙවල ඉඩමෙං අයින් වෙන්න කියල රතු දැන්වීමත් දීල ඇති)

"කීප දෙනෙක්ම ඉල්ලල තියෙන්නෙ. දැංම ගත්තොත් තමයි. නැත්තං කොයි මොහොතෙ විකිණෙයිද දන්නෑ" (ඒ පරම්පරා ගානක් තිස්සෙ විකුණන්න බැරුව තියෙන එකක්)

"අයිති එක්කෙනා රට ඉන්නෙ. මට තමයි බලාගන්න කියල තියෙන්නෙ. ඉඩම බලනව නං මං එක්කං ගිහිං පෙන්නන්නං" (ඉඩමෙ අයිතිකාරයා කියන ගාන වගේ හත් අට ගුණයක් වැඩි ගානක් බ්‍රෝකර්ගෙ අතරමැදි ගාන)

"අයිතිකාරය හම්බවුනොත් ගාන වැඩිකරනව. මං ගනුදෙනුව අඩුවට කරල දෙන්නං මට ගන්න විදිහට. ඉඩමට කැමති නං ගාන මගෙ අතට ගෙනත් දෙන්නකො. එදාම ඔප්පුව ලියමු" (නාල වරෙං. ඕන්නං මගෙ ගානෙ සල්ලයිට් බාගෙයක් අරං දෙන්නං. සල්ලි ටික අරං පනින්න ඔයිට ලේසි ක්‍රම ඕනිනං මං කියල දෙන්නං.)

අන්තිමට ඉඩමක් විකුණන්න තියෙනව කියල කවුරු හරි කියත්දිම මගෙ ඉස්සරහ දත් ඇන්ද ගාව නරක වචන පොරකන්න පටං ගත්තා. ඇත්තෙන්ම කවුරු හරි ඉඩමක් විකුණන්නෙ ඒකෙං මෙලෝ විදිහක වැඩක් ගන්න බැරි වුනහම කාගෙ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න කියන එක අපිට උගන්නපු ඒ බ්‍රෝකර් මහත්තුරුන්ට ඒ විදිහට නරක වචන ඇහෙන්න දෙන එක හරි නැති හංදා අපිට ඉඩං එපා බවට නිවේදනයක් නිකුත් කරන්න මට සිද්දවුනා.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com118tag:blogger.com,1999:blog-1142664932489180.post-7336814002005085592018-06-23T03:06:00.003-07:002018-06-23T08:25:06.267-07:00නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා අපිට

"හූ.. ඇද්ද තොපිට.... දැං පාස්ද? (Who enough for yous..........now pass?)"

කියා කෝචොක් දාන එක කියලයි. ඒ අතරෙ ප්‍රංශය, ඉතාලිය, ජරමනිය, ආදී රටවල සුද්දො, ඕමාන් කුවේට් අඩුබාබි සවුදියරාබි ආදී මැදපෙරදිග රටවල්වලට ගෘහ සේවිකා ඇබෑර්තු වගේ රටවල ඉන්න ඔලුවෙ කඩවැස්ම බැඳගත් තම්බි, පකිස්තානේ හෙරොයින් වවන තම්බි, ඇෆ්ගනිස්තානේ බෙලි කපන තම්බි, නේපාලේ කඳු නගිනා ෂරපා නාටාමිලා, ඉන්දියාවේ පරිප්පු හේං ගොවියෝ, මාල දිවයිනේ කරෝල වාඩිවල එව්වෝ සේරමත් තම තමන්ගෙ බාසාවෙන් කෝචොක් දාලා අපේ රටට අනුරාධපුරෙං පහලට වස්තරයක් අඳින්න නැතිකර පුත්තලමෙන් උඩ හරියේ දැලි ගාන්නත් පුළුවං.

ඒ නිසා ඉස්කෝලෙ යන, ඉගෙනගන්නා ළමයින් දවසේ පැය විසිහතරෙම ඇස් දෙක ඇරගෙන අච්චු පොත් ටිකටත් ලියන පොත් ටිකටත් අනිමිස ලෝචන පූජාව කරන්න ඕන. ඒ පූජාව කරන වෙලාව වැඩිවන තරමට වාර විභාගයේ ලකුණු වැඩිවෙනවා. එක වාරයක් ඩිංගක්වත් ඇහැ පියවන්නෙ නැතුව පොත්ම පාඩං කලොත් පන්තියේ පලවෙනියා නොවෙයි බාගවෙනියා නැත්තං බින්දු වෙනියා වෙන්නත් පුළුවං.

උපන්දා ඉඳං මේ වෙනකං මට නිදාගන්න හම්බවෙලා තියෙන පැය ගාණ බැලුවම මට හිතෙන්නේ මං පහුගිය ආත්මෙක කාගේ හරි නින්දට බාධා වෙන අකුසලයක් කරල තියෙනව කියල. සමහර විට තනි බැට්ටි කෑල්ලෙං වැඩ කරන

"කිඤි කිඤික් කිඤි කිඤික්"

කියා මහ පාන්දර කැකිරි පලමින් මිනිස්සුන් ඇහැරවන රුපියල් හැටේ එලාම් ඔරලෝසුව හදන්නට ඇත්තේ මං වෙන්න ඇති. එහෙමත් නැත්තං එළිවෙන පාන්දර වෙනකං තියෙන සංගීත ප්‍රසංග සංවිධායකයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තං සිකුරුටි මහත්තුරුන්ට නිදාගන්නට නොදී රෑ මැදියමේ ඇහැරවන ඕඅයිසීයෙක් වෙන්න ඇති. ඇඳ මකුණෙක්, සයිලන්සරය ගලෝලා බීට් එක තියෙන කටක් අමුණා ගත් ටූ ස්ට්‍රොක් මදුරුවෙක් වෙලා හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මට මතක ඇති කාලේ ඉඳං නින්දයි මායි අතර සම්බන්දෙ බළලෙකුයි වතුරයි අතර සම්බන්ධෙටත් වඩා දුරයි.

මට වයස අවුරුදු දහයක් විතර වෙනකං මගේ නින්දට කෙලින්ම බලපෑවේ කලු මාමාගේ කසිප්පු වඩියේ සාන්ද්‍රණය. හැන්දෑවේ තුන හතර වෙද්දි තාත්තා ගෙදරින් දොට්ට බැහැල යනවත් එක්කම අම්මගෙයි මගෙයි පෙර සූදානම පටං ගන්නව. අම්මා විගහට බතක් හොද්දක් හදන අතරේ මං පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න තියෙන පොත්ටික පොත් බෑක් එකකට දාගෙන ඉස්කෝලෙ අඳින කලිසමත් කමිසෙත් පත්තර පිටුවක ඔතල ඒකටම දාගෙන ඊටත් උඩිං සපත්තු කබල් දෙකත් තියල හිර කරල බෑක් එක වහල ගෙනිහිං ගෙට උඩු පැත්තේ කැකිල්ල ගාලේ හංගනව. ඉටිපන්දං කොට කෑල්ලකුයි, පොල්කට්ටකුයි, ගිනිපෙට්ටියකුත් ඒ කිට්ටුවම හංගනව. අපේ තාත්තට දෙපයට තාර පෑගෙන්න බැරි හේතුවක් තිවුන හින්ද උන්දැ වැඩිමනක් ගමන් ගියේ අඩි පාරවල්වල විතරයි. ඒ හංදා තාත්තා මහපාරෙන් ඇවිත් ගෙට උඩු පැත්තෙං කන්ද දිගේ පහලට එන්නෑ. ඒ කියන්නෙ අපි බඩු හංගන පාරෙ තාත්ත එන්නෑ.

උයාගන්නා හොද්දයි බතයි මොකක් වුනත් ඇඳිරි වැටෙන්න කලින්ම එයිං පුලුවං තරං අපේ බඩට ගිල්ලන අම්මා ඊළඟට රැක්මේ බලා ඉන්නෙ තාත්තා එනකං. ගුණතිලක මාමලාගේ කොස් ගහ යටින් උන්දෑ මතුවෙන හැටි බලා ඉන්නා අපිට පළවෙනි දැක්මෙන්ම තාත්තා ගිලල තියෙන කසිප්පු ප්‍රමාණෙ හිතාගන්න පුළුවං. සරම හරියක් වගේ උඩට උස්සාගෙන නයික් ලාංඡනේ හදාගෙන මඩේ යනව වගේ එනව නං එදාට අම්මට බඩ කට පුරා හම්බවෙනව. ඒ වගේ දවසට ඉඩක් ලැබිච්චි ගමං නංගිවත් කිහිල්ලෙ ගහගන්න අම්මා මාවත් අරගෙන ගෙදරින් පැනගන්නව. ඒ ගමංම කලිං මග තියපු පොත් බෑක් එක, ඉටිපන්දං, පොල්කටු, ගිනිපෙට්ටියත් කැකිල්ල ගාලෙං ඇදගන්නව. එහෙම පැනගන්න අපි අම්මගෙ මහගෙදරට, චන්දරේ මාමලාගේ ගෙදරට, හාමිලවත්තෙ පේම නැන්දලාගේ ගෙදරට, හංසනීලගෙ ගෙදරට හරි අපිට හොඳයි කියල හිතෙනා ගමේ වෙනිං ගෙදරකට හරි යනව. ඒ වගේ ගෙදරකට ගිහිං දොරට තට්ටු කරල හරියන් නෑ.

"නංගියේ."

"සුනිල් මල්ලියේ"

"පේමක්කේ"

ආදී වසයෙන් දහ පාලොස් ගමනක් හරි කෑගහන්න ඕන. එහෙම කෑ ගහන අතරේ ගෙදර අය මේ කතා කරන්නෙ කවුද කියල රහසෙං සාකච්ඡා කරනව. එතකං අපි කෑ ගහනව. ඒ අතරෙ අම්මා මං ලව්වත් කෑ ගස්සනව.

"නැංදේ,

"සුනී මාමේ"

"පේම නැංදේ"

ආං එතකොට ගෙදර කවුරු හරි දොර පොල්ලක් හරි කැපෙන ආවුදයක් හරි අරගෙන දොර ගාවට ඇවිල්ල ගේ ඇතුලෙ ඉඳං මෙහෙම අහනව.

"කවුද?"

එතකොට අපෙ අම්මා උත්තර දෙනව.

"අපි අපි මේ අපි"

"අපි කියන්නෙ කවුද?"

"අපි මේ අපි අපි"

ආයිමත් ගේ ඇතුලෙ කට්ටිය රහසිං කතා වෙනව. ඒ අතරෙ අම්මා මගෙ කොන්දට ඇඟිල්ලෙං අනිනව.

"කතා කරපිය භූරුවො. අපි කියහං"

මට යකා වැහෙනව.

"අපි කියල හරියන්නෑ. අපි කවුද කියල නම කියන්න ඕනි"

"ඉතිං තෝ කියහංකො"

"මට බෑ අම්ම කියන්න"

"මං තොගෙ බෙල්ල මිරිකන්න කලිං කියපිය"

අන්තිමට මං අපේ නං ගං ඇතුවම කියනව.

"නැන්දෙ අපි මේ සෝම්පාලලෑ ගෙදර සුරංගයියම්මයි"

ආං එතකොට ගෙදර අය හිරෙං නිදහස් වුනා වගේ දොර ඇරල දොර පොලු, පිහිය, කිනිසි එහෙම හංගගන්නව. අපි ගෙට ඇතුල්වෙනව.

ටික වෙලාවක් වැල්වටාරං කියවල ඉවසං ඉන්න බැරිම තැන ගෙදර අය අපි ආපු කාරනේ අහනව.

"මොකද අක්කෙ මේ රෑවෙලා."

ඒ වගෙ වෙලාවට අපේ අම්මා දෙන්නෙ එකම එක උත්තරයයි.

"මොකවක් නෑ අපි මේ නිකං ආවා"

මහ රෑ ජාමේ අත දරුවෙකුත් වඩාගෙන, නීල් ආම්ස්ට්‍රෝං එක්ක හඳට ගොඩබැස්ස තරං විසාල බෑග් එකක් පිටේ එල්ලාගත්තු ළමයෙකුත් අතිං ඇදගෙන ගෑනියෙක් ගෙයින් දොට්ට බහින්නේ නිකං නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරුං යනව. ඒ වුනාට අපේ අම්මා කටේ තොලේ නොගෑවී බොරු කියන්නේ 'ගෙදර මිනිහගෙ නම්බුව' බේරගන්න. අම්මා හිතන හැටියට එහෙම කීවාම ඒ ගෙදර අයත් "මේ නං ඇත්තම තමා" කියල හිතාගෙන තාත්තගෙ නම්බුව බේරනවා. ඒ වුනාට වැඩිකල් නොගිහින් අපි තුන්දෙනා මහ රෑ ජාමේ ගෙවල්වලට කඩාවදින්නේ 'මහ එකා' බීගෙන ඇවිත් හිංදා කියල හැමෝම දැනගත්තා.

මේ වගේ මහ රෑට නිකං යන ගමන්වලදී අම්මගෙ මහගෙදරට ගියොත් එදාට

"තොට ඕනමයි කියල කොරගත්ත මගුල තමා ඔය"

කියල ආතගෙන් බැනුං අහගන්න පුළුවං. අනික් ගෙවල්වල අය නං අම්මාට 'ඔය මිනිහා අතෑරලා ආණ්ඩුවෙ ඉඩමක පැලක් අටවං ජීවත් වෙන්න' කියලා උපදෙස් දෙනව. මේ කාගෙන් නමුත් අවවාද උපදෙස් අරගෙන තියෙන හැටියට පැදුරු කඩමල්ලක් එලාගෙන නිදාගන්න කොට රෑ දහයත් පහු වෙනවා. පස්සෙ කාලෙදි මේ විදිහට යන්න තැනක් නැතුව ග්‍රාමසේවක කාර්යාලෙ ඉස්තෝප්පුවෙ රෑ එලිවෙනකං නිදාගත්ත මං පහුවදා උදේ ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්තෙ දෛවයේ සරදමකින්ද, ඉරණමේ කෝචොක් එකකින්දැයි මට තේරුං ගන්න අමාරුයි.

සමහර දවස්වලට තාත්තගෙන් බේරිලා ගෙදරිං පැනගන්න වෙන්නෙ අම්මට උන්දැගෙං ගුටි හත අටක් ලැබිලා දතක් දෙකක් කැඩිලා මූණත් ඉදිමුණාට පස්සෙ. ඒ වගේ දවස්වලට තඩිස්සි මූණක්, ලේ හැලෙන කටක් පේන්න තියෙද්දි ගෙදරකට ගිහිං

"අපි මේ නිකං ආවෙ"

කියා අමුවෙන්ම බොරු කියන්න බැරි හන්දා අපි පාර අයිනේ වහල දාපු කඩ පිලක, ගහක් යට, කාගේ හරි ඉඩමක හදපු මඩුවක, එහෙමත් නැතිනම් නිකම්ම එළිමහනේ ඉඳගෙන උඩ බලාගෙන ඉර පායනකං බලා ඉන්නවා. නංගිට හීතල හැදෙනවට අම්මාගේ සාය ඒකිට පෙරෝල අම්මා යට සාය පිටින් ඉන්නව. පැදුරක් වෙනුවට පිටේ ඇනෙන ගල්, කොට්ටෙ වෙනුවට පොත් බෑග් එක ඔලුවට තියාගෙන උඩ බලාගෙන හිටියත් ඒ වෙලාවට හිතේ බයක් නෑ. ඒත් ඒ වගේ දවස්වලට පින්නත් එක්ක එන හීතලයි, මැසි මදුරුවො ඉහ ඉද්දර කවි කිය කියා කොනිත්තන හින්දයි, අම්මා සැරෙන් සැරේ

"ඔය මිනිහගෙ අඬු හතර කැඩෙන්නෑනෙ දෙයියම්පල්ල"

"ඔය හුජ්ජ පෙරන ගස් බල්ලන්ට හොඳස්සිද්දවෙන්නෙපා"

වගේ පුපුරා හැලෙන ගමං

"හනී.... සිදෙනෝ"

කියල බෙරිහන් දෙන හන්දයි මගේ නින්ද ඉස්කෝලෙ ඉන්ටෝල් එකටත් වඩා කොට වෙනව.

පහුවදා එළිවෙන පාන්දරට දොලකින්, පිටවේල්ලකින්, කාණුවකින් නැත්තං මොකක් හරි දිය වලකින් මූණ අතපය හෝදගෙන, වැලි ටිකකිං, කෝටු කෑල්ලකිං දත මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගන්න මං ඉස්කෝලෙට යද්දී අම්මා මගේ කලිසමයි කමිසෙයි දෙකත් ඔතාගෙන නංගිවත් වඩාගෙන ගෙදර යනවා. ඒ වෙලාවට තාත්තගෙ වෙරි බැහැල. එදාට උදේට බඩට මොනවත් නැති හින්දත්, දවල්ට දත්මිටි වගේ බර ආහාරයක් ගැනීම හින්දත් දවාලට නින්ද මගේ අහලකටවත් එන්නෙ නෑ.

සමහර දවස්වලට තාත්තගෙ වෙරි අඩුයි. එදාට ගෙදරින් පැනල යන්න තරං අවදානමක් නෑ. ඒත් එදාටත් අපිට නින්දක් නිදාගන්නට බැරි වෙන්නෙ තාත්තගෙ කියවිල්ල අහං ඉන්න වෙන හින්ද. දම්ම පදයෙ එක ගාතාවකිං පැයක් හමාරක බණක් කියන්න හාමුදුරුවන්ට පුළුවං වෙනව වගේම අපේ තාත්තටත් යක්කු ගස් නගිනකං කියවන්න එක වචනයක් වැරදුනහම ඇති. හේතුවක් නැති වුනත් හේතුවක් හැදෙන කං තාත්තා අම්මගෙ පවුලෙ අයට බණිනවා.

"තොපේ පවුලෙ හැත්ත වගේ එවුන්ට තමා බොල හාමුදුරුවො බණටත් කියන්නෙ "හොන්තු ඥාතියො" කියල. ක්හ්ං. ආ...න්නේකයි හේතුව. අර තොපේ පවුලෙ උගතෙක් ඉන්නෙ ගුරෙක්. අහං උගෙං ඌ දන්නවද කියල ඒකවත්. ක්හ්ං. ආ...න්නේකයි හේතුව."

ඒ කියවිල්ල ඉවර වෙන්නෙ තාත්තා ඉඳගෙන ඉන්න පුටුව උඩම නින්ද ගිහින් ඇදගෙන වැටෙන්න ගියාට පස්සෙ. ඒ වගේ වෙලාවට උන්දෑ අපේ ඇඟට කඩා පනිනව

"තොපි මං මේ පුටුව පල්ලෙ වැහ්ල බෙල්ල කැල්ල මැර්ල යනකංද බලා හිටියෙ"

සමහර දවස්වලට තාත්තාගේ වාසනාවට වලියට හොඳ හේතුවක් හම්බුවෙනව. එදාට අපේ අහල පහල මිනිස්සුත් වසලා හමාරයි. තාත්තා අම්මාගේ බෙල්ලෙං අල්ලා ලිප උඩට තල්ලු කරල කැත්තෙන් කොටන්න හදනකොට නංගිත් මාත් අඬු හතර හතර අතට විහිදගෙන ගිරියටින් බෙරිහන් දෙනව. ඒ සද්දෙට වලිය නැවතුනේ නැතොත් ගේ ඇතුලේ සද්ද පූජාව නංගිට බාරදීල ගෙදරින් දොට්ට බහින මං යටිගිරියෙන් කෑ ගහගෙන හෙලපල්ලට දුවනව

"වීසේල වාවේ... වෙල්ල චාච්චා අව්වාව වලලෝ"

ඒ සද්දෙට අහල පහල ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ගේ ඇතුලේ පත්තුවෙන එකම කුප්පි ලාම්පුවත් නිමලා 'ඒ අය දුර ගමනක් ගිහින්. ගෙදර කවුරුවත් නැති' බව පෙන්නනව. ඒ වුනාට තමුන්ගේ ලොකු එකා මිනියක් මරණ බව ඇහෙනකොට ආච්චි අම්මා තිරේ උඩට උස්සල එලිය වැඩි කරපු කුප්පි ලාම්පුවත් අරගෙන මහගෙදර දොර ඇරගෙන එළියට පනින්නේ නැන්දාටත් පියසේන මාමාටත් බැණගෙන

"වරෙව් බොල. අර පොඩියෙකා කෑ ගහන්නෙ මොකද බලපිය"

නැන්දත් කුස්සියෙ තියෙන ලාම්පු කුප්පිය අරගෙන ඇවිත් ආච්චි අම්මගෙ ලාම්පුවෙ දැල්ලෙං ටිකක් ණයට අරගෙන ආච්චි අම්ම එක්කම ගෙයින් දොට්ට බහිනව. මෙලහට අම්මගෙ බෙල්ලයි කඳයි වෙන්වෙලා ඇති කියල හිතාගෙන සිහිය නැතිවෙන තරමට බය වෙලා ආපහු ගෙදරට දුවන මගෙ පිටිපස්සෙං ආච්චි අම්මයි නැන්දයි දුවනව. නැන්දයි ආච්චි අම්මයි අපේ මිදුලට ගොඩ වෙද්දි අම්මා නංගිවත් ඇදගෙන ගෙයින් දොට්ට පනිනව. ඒ පස්සෙං දොට්ට බහින තාත්තව ආච්චි අම්මට අහුවෙනව.

"මොකද්ද ලොකු එකෝ තෝ මේ කොරන අලජ්ජ වැඩේ"

"අම්මට වැඩහ්නෑ අම්මෙ මං මුංව මට්ටු කොන්නේව ක්හ්ං.."

"තෝ මෙතන මිනී මරාගත්තං අර පැටවු බලන්නෙ කවුද බොල"

නැන්දත් මැද්දට පනිනව.

"ලොකුවයියෙ උඹට මේ හොඳිං කියන්නෙ අරකිට ගහන්නෙපා"

"තෝ කවුද බොල මට චන්ඩිකං දාන්න ක්හ්ං.."

"ඉනඩුවයියාවයි මේ බල්ලෙක් හැදුවනෙ මාත්"

"ඉතිං උඹ මා උපංකොටම බෙල්ල මිරිකන්නෙපෑ ක්හ්ං.."

"දැං උනක් වප්පිහියක් තියේ නං තොගෙ බොකු දොට්ට අදිනව තමා බොල"

ඒ වලිය අතරෙ අම්මයි මායි නංගියි ඔලුව හැරිච්ච අතේ පුලුවං තරං දුවනව. එදාටත් අපේ රෑ ගෙවෙන්නෙ අගුපිලක නැත්තං ගහක් යට. එදාට බය යට කරගෙන නැගිටින කේන්තිය එක්ක මං අම්මට පොරොන්දුවක් දෙනව.

"අම්ම මට දිප්පිහිය මැද දෙන්න. මං හෙට ඕකා බුදියපු ගමං හොරෙම්ම බෙල්ල කපන්නං. ඊට පස්සෙ අම්මටයි නංගිටයි දලු ටිකක් කඩාගෙන කාල බීල හිටියැකි"

"උඹ හිටහං පුතේ මං ඕකට වහ ටිකක් දෙන්නං මැරිල යන්න. උඹ ඉගෙන ගනිං"

"අම්ම හිරේ යන්න ඕන්නෑ. මං ඕකව මරල පිහියත් ඇරං ගිහිං පොලිසියට කියන්නං මහ එකා අම්මට තඩිගහන හංද මං ඌ මැරුව කියල."

"එහෙම නැත්තං අර ගාතාවෙ 'පීතු පාදං නමාමහං' කියල තියෙනව වගේ ඕකගෙ කකුල නමල මැහුව නං හරි"

ඒ විදිහට සංසාරෙ කැරකෙනව වගේ අවුරුදු ගානක් ගුටි කකා නිදි මරාගෙන ගස් ගල් යට ජීවත් වුනත් මට තාත්තට පිහියෙං අනින්න බැරිවුනා. අම්මත් හැමදාම බොරු කිය කියා 'මිනිහගෙ නම්බුව' බේරුව. එක පාරක් විතරක් ඇවිදගන්න බැරිවෙන්න ගුටි කාපු අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්ච හන්දා පොලිස්සියෙ ඇන්ටරියක් වැටුනා. අම්මා ඉස්පිරිතාලෙං ගෙදර ආපු ගමං පොලිස්සියට ගිහිං

"මට කිසි අමාරුවක් නෑ."

කියල පොලිස්සියෙ රාලහාමිලගෙනුයි ඇන්ටරි ලියන පොලිස් හාමිනේගෙනුයි බැනුං අහගෙන ඇන්ටරිය අයිං කරගත්තා. අපිව ආයිමත් ගුටි කන චක්කරේ මුලට වැටුනා. ඒ කාලෙ වෙද්දි සිස්සත්වෙ පාස් වෙච්ච උෂ්නෙ ඔලුවට ගහපු මම ජයන්තියෙං ජාතික පාසලට මාරු වුනා. එතනදි හම්බුවෙච්ච එක යාලුවෙක් මාව තමුන්ගෙ ගෙදර නවත්තගත්තා. එදා ඉඳං අවුරුදු තුනක් යනකං රෑ නමයෙ ඉඳං උදේ පහට වෙනකං එක පිම්මෙ නිදාගන්න මගෙ නින්ද කැඩුනෙ හීනෙං බය වුනොත් විතරයි. ඒත් එක්කම අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com97tag:blogger.com,1999:blog-1142664932489180.post-254420398630213292018-05-20T03:51:00.001-07:002018-05-20T03:51:38.555-07:00දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර.

“අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“

චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා.

“දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං මදෑ“

“දැං ඕනි. කට්ලිස් හදන්න එපෑ“

“දැං ඔව්ව හදා තිව්වම පොඟනවනෙ සුදු පුතේ. අනික පින්නි වෙයි හෙට දවල් වෙත්දි. කඩවල්ලොල කරන්නා වගේ අපිට ලේසිවට සවුත්තුවට දෙන්න නරකයි. දානයක්නෙ.“

මේ වගේ වෙලාවට මට කට පියාගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා කට ඇරියා.

"අපි එව්ව සේරම බැදල අරං එවලෙම ලැමිනේට් කරනව. එතකොට පොඟන් නෑ"

ඒ හරුපෙ මොකද්ද තේරුං ගන්න බැරුව නැන්දම්මා උඩ බිම බලද්දි චූටි මැණිකේ මට දුන්නු අවවාදය ඉංග්‍රීසියෙන් ලියන්නෙ මෙහෙමයි.

"Man, close your mouth" (මෙතැන Man = මනුස්සයෝ, Your = තමුන්නෙ, mouth = හැකර කට වෙන්න ඕනැ)

ඉං පස්සෙ තව ටිකක් පැහැදිලිවට කාරණාව කිව්වා.

“නෑ නෑ අම්මෙ දැං ඒ ටික හදල තියල උදේටයි තෙලේ දාල බදින්නෙ“

“අනේ මංද. මං ඔය විපිරියාස කෑම හදන්න දන්නෑනෙ. ආං අර මේසෙ යට ඇති තාච්චියක්. මේ ලිප ගාව යටත් ඇති ඕන්තරං. එයිටත් ලොකු එකක් ඕන්නැං අටුවෙත් ඇති. ඕන එකක් ගන්නකො. මං යනව විස්නු දෙයියංගෙ කතාව බලන්න“

නැන්දම්මා බත් පිඟානත් අරගෙන අඩි තුනට සාලෙට පැනගත්තා. මං මේසෙ යට තිබුණු විසාල තාච්චිය එලියට ඇද්දා. බල්ලෙක් නාවන්න ගෙනියන තරං වෙර වීරියෙං ඇද්දට පස්සෙ තාච්චිය එලියට ආවා. ඒක පුරෝල තිබුණු දේ දකින ඕන කූඹියෙක්ට සන්තෝසෙට සිහි නැතිවෙනව.

“ආ... ඒකෙ පැණි“

ආයිමත් අපි කුස්සියෙ ඉඳං කෑ ගැහුවා. ඒ අතරේ මං මේස හැන්දක් තාච්චියට ඔබලා පැනි ඩිංගක් අරං කටට හලාගත්තා...///// කිතුල් පැණි කොච්චර කෑවත් දයබිඩිස් හැදෙන්නෑ. සීනි වගේ නෙමෙයි.

“අම්මේ...“

“ඇයි ළමීනේ“

උත්තරේ සාලෙං ලැබුණා.

“මේකෙ පැණිනේ.“

“එහෙනං ඉතිං වෙනිං එකක් ගන්න“

අපි ලිප ගාව යට තිබුණ හැලි වලං ගාල ඇදල බැලුවත් එතන තිබුණෙ ආප්ප තාච්චියක් විතර පොඩි එකක්. ඒක ඇතුලෙ හිටපු යන්තං රැවුල ඇදිච්චි, සාමාන්‍ය පෙළ ලියන වයසෙ කරදලි ටිකකුත් අපිව දැකල ලැජ්ජාවෙන් හට්ටියක් අස්සෙ රිංගල හැංගෙද්දි උං අතර හිටපු ගුවන් දලියෙක් ඉගිලිලා ගියා. අපි ආයිමත් කෑ ගැහුවා.

“මේක මදි.“

“අනේ ඉතිං ළමයො ඔය එකක් හොයා බලල ගන්නකො. හැම දේම මං අතට දෙන්න ඕනද? පිට ගෙදරක වගේනෙ හැසිරෙන්නෙ“

ගේ වටේ රවුමක් ඔතන්න තරං දිග නෝක්කාඩුවක් සාලෙං ගලාගෙන ආවා.

“අටුවෙ තියෙනව කියපු එකවත් බලමුද“

දිගං නැන්දා මගෙ දිහා බලල කිව්වා. ඕං පිරිමියෙක් වෙන එකේ අවාසිය.

"ටෝච්චෙකක් නැතුව කොහොමද මේක උඩට නගින්නෙ. තිත්තපල් කරුවලයි."

මං ගැලවීමට කරුනු ඉදිරිපත් කලා.

"මල්ලී... ඔය ටෝට්චෙකක් ගෙනත් දෙනවකෝ.."

චූටි මැණිකේ පිඟං රාක්කෙ දෙදරවන තරං සද්දෙට කෑ ගැහුවා.

"මේ තියෙන්නෙ අරං යනවකො ඕනි එකක්."

ඒ අක්කගෙ මල්ලිම බව තහවුරු කරන්න ජනෙල් වීදුරු දෙදරන තරං සද්දයක් සාලෙං ඇහුනා. දිගං නැන්දා සාලෙට ගිහිං ඒ සේරම ගෙනාවා. නැවක හෙඩ් ලයිට් එකට ගැලපෙන තරං ලොකු චාජ් කරන ටෝච්චෙකක්, ගිලින්නට පහසු හැඩයෙං හදාපු රානී සඳුන් සබන් කැටයක් වගේ ටෝච් එකක්, පටියකිං ඔලුවෙ පළඳන්න පුළුවං විදිහෙ පතල් ටෝච් එකක්, කීටැග් එකක් විදිහට අමුණන්න හදාපු ගිනිපෙට්ටි සයිස් ටෝච් එකක් ඒ අතර තිබුණා. ඒවා පත්තු කරල බලන තැන පරණ කොටියා ලකුණ ටෝච් එකක් එහෙම හිටියා නං ලිපට පැනලා බැට්ටිකෑලි ටික පුපුරුවගෙන දිවිනහ ගන්න තිබුණා. නැව් ටෝච් එකේ සුවිච්චෙක ඉස්සරහට දාන්න අලවංගුවක් ඕන. ඒ සුවිච්චෙක ආපස්සට ගන්න විදිහ ඒ වෙද්දි හොයාගෙන තිබුණෙ නෑ. එහෙම තල්ලු කරල පත්තු කලත් ඒකෙ එලියෙං යන්තමට හරි පේන්නෙ ටෝච් එකේ බලුප් එක තියෙන තැන විතරයි. සබං හැඩේ ටෝච් එක ඊට හපං. ඒක උඩට හැරුණම පත්තු වෙනව බිමට හැරුණම නිමෙනවා. හොර පොල් කැඩිල්ලට, රෑට ආත ගහට එන වවුල්ලු, මාකඹයි එලවිල්ලට, අමාවක දවසට හඳ බලාගන්න ඇරෙන්න මට හිතෙන හැටියට ඒකෙං ගන්න පුළුවං එකම ප්‍රයෝජනේ සාමාන්‍ය පෙළට සම්භාවිතාව උගන්නන එක විතරයි. කීටැග් ටෝච්චෙක අතට ගන්නකොටම පියං දෙක දෙපැත්තට ඇරිලා ඒක ඇතුලෙ තිබුණු බොත්තං සයිස් ඔරලෝසු බැට්ටි දෙක, ඉස්ප්රීන්නෙකක්, තව ඉටි කෑලි ටිකක් වංගෙඩිය අස්සට, මිරිස් ගල යටට ආදී සොයාගන්න ඉතාමත් පහසු තැංවලට විසිවුනා. පතල් ටෝච් එක ඒ වෙත්දි තමුන්ගෙ බැට්ටි කෑලි ටික ඔරලෝසුවටයි, රිමෝට් එකටයි උගස් තියලා එව්වා සින්නවෙලා ඉවරයි. ඒ හංදා සමස්ත මහජන චීන සමූහාණ්ඩුවටම පිං අනුමෝදං කරන්න මං ඒක අවස්ථාවක් කරගත්තා. චීන්නුන්ට සම්බන්ධයක් නැතත් ඒ පිං අනුමෝදනාවෙ අපර කොටසට ගෙදර ඉන්න පිරිමි දෙන්නවත් ඇතුළත් උනා.

"තාත්තල පුතාල දෙන්නගෙං එක්කෙනෙට්ටවත් බැයිද අම්ප හරිහමං ටෝච්චෙයක් ගෙනත් තියාගන්න"

සාලෙට ඇහෙන්නෙ නැති ගානට නිර්භීත විදිහට අදහස් පළ කරපු මට අවසානෙට පිහිටට හිටියේ අපේ නැන්දම්මගෙ ටෙලිපෝන් එක. එකපාරක් චාජ් කරහම ඊළඟ පුර පසලොස්වක වෙනකංම චාජ් එක අල්ල හිටින, ඕන බොකලමක් අස්සට සිග්නල් ඇදගැනීමේ ආකර්ශන බලයක් තියෙන, බහුබූත සිංහල වචනවලිං හදපු මෙනුවක් තියෙන ඒ පෝන් එකේ ඉහ මුදුනෙං එලිය පිටවෙන කොටුවක් හදලා ඒක විදුලි පන්දම හැටියට මෙනුවටත් ඇතුලත් කරල තිබුණා. හතර පැත්තටම එබෙන මැද බොත්තම උඩු අතට තප්පර දෙක තුනක් ඔබාගෙන හිටියම තිරේ ඉටු කලා කියල හරියක් දාලා පෙන්නුවා. එතකොට පෝන් එකේ ඉස් මුදුනෙං කලාමැදිරි බල දෙක හමාරක විතර එලියක් දකින්න තිබුණා.

මං පුටුවක් උඩට නැගලා අටුවෙ ලැල්ලක එල්ලිලා ජනේලෙ ග්‍රිල් එකකට අඩිය තියාගෙන අටුව පුරාවට කට හරවලා බැලුවා. අතපය හතරින්ම උඩ එල්ලිලා හිටපු හන්දා ඒ වෙලාවෙ ටෝච්චෙක විදිහට වෙස්මාරු කරපු පෝන් එක තිබුණෙ මගෙ කටේ ඉස්සරහ දත් හතර පහට හිරවෙලා. විසාල සාස්පාං, විසි තිස් නමකට දෙන දානෙකට එක පාර මාලු පිනි හදන්න තරං විසාල ඇතිලියක්, එක්දාස් නමසිය අසූ ගනංවල ළමයි නාවපු පරණ යකඩ බේසමක්, කඹ රෝල්, ගැරුං වට්ටියක්, චිමිනි ලාම්පුවක්, පරණ ලයිට් එකක්, දෙපැත්ත කලු වෙච්චි ටියුබ් ලයිට් මිටියක්, කොලපත්, වයර් කෑලි, වීදුරු බෝතල්, බෙහෙත් තෙල් කුප්පි, හිස් දසමුලාරිස්ට බෝතල්, බට පොතු කූඩ, කුඹුරු උදලු තලයක්, උලුවහු කඳං දෙක තුනක්, රීප්ප හත අටක්, බණ්ඩි කියතක්, වෑයක්, පරණ වෙසක් කූඩු වගේ සෑහෙන දේවල් තිබුණත් ඒ අතරෙ තාච්චියක් තිබුණෙ නෑ. මං කට පහලට හරවලා අටුව උඩ විස්තර විචාරෙ බිම ඉන්න අයට ඉදිරිපත් කලා.

“ඒහ අඅ ආහ් ඉඅහ් ඈ“

“කට ඇරල කියන්නකො අනේ. මොකද්ද කිව්වෙ“

“ංඒ ඕහ් එහ අංඅ ංඈ“

“මොකක් කියනවද මංද“

අන්න ඒ වෙලාව වෙද්දි අපේ නැන්දම්මගෙ නෑයෙක්ට, නැත්තං යාලුවෙක්ට උන්දැට කතා කරන්න ඕන වෙලා අපේ නැන්දම්මට කෝල් එකක් ගත්තා. නමුත් අවාසනාවට ටෝච් එක හිටියෙ උන්දැගෙ බෑනගෙ කටේ. ඒ වගේම ඒ පෝන් එකේ බාසාවෙංම කියතොත් පැතිකඩ අස්සෙ හඬ නාදය කියන එක නාද හා කම්ප. බවට හරෝල තිබුණෙ. ඒ හංදා නොකියා සමාගමේ තේමා නාදය

“ඉටිපන්දං.. ඉටිපන්දං ... ඉටිපන්දං කෝ“

කියල මගේ දිවත් උඩුතල්ලත් අතර නින්නාද දෙද්දි, මගෙ නහයට හරි කෙලිං යටිං තිරය එලිය ඔටෝමැටික් කරමිං එන. ඇම. කියලා පෙන්නද්දි ජල සන්නිය හැදිච්ච මිනිහෙක් වෙව්ලන තරං තදිං මගෙ දත් කුට්ටම දෙදරවාගෙන උඩුතල්ල කිචිකවාපු ටෙලිපෝන් එක ලිස්සලා බිමට වැටුනා. පියන පින්ලන්තෙ දිහාවටත්, මූනතේ ඉලක්කං ටිකත් එක්ක පට්ටම ගැලවිලා පිඟං රාක්කෙ යටටත්, බැට්ටිය ගැලවිලා MADE IN CHINA කියන අකුරු ටික උඩට හිටින්න දොරකඩ දිහාවටත් විසිවෙද්දි අමතන්නා එක්ක අපේ නැන්දම්මගෙ තියෙන හොඳ හිතටත් කනකොකා ඇඬුවා. එන ඇමතුමක් විසන්ධි කිරීම කියන්නෙ අපේ ගම්පලාත්වල මූනට මුලිච්චි වුනත් කතා නොකර යන්න තරං වටින වරදක්.

“අර ඒකත් කැඩුව.“

“ඔය දහිරපට්ටම කටේ තියං ආයි වචනයක් කීහැක්ද. ඕං ඔය පුටුව අල්ලන්න මට බහින්න“

“ඉතිං කිව්වනං හරිනෙ ටෝච්චෙක ගන්න කියල. අපි ගන්නවනෙ.“

“ඒක කියන්න කට අරින්න එපෑ. එතෝට කොහොමත් ඕක බිම තමා“

“කෝ චාච්චිය“

“ඔහෙ ඇති චාච්චියක් නෑ.“

“එහෙනං වෙනිං මොනවද තියෙන්නෙ“

“ඒක ඇර අනික් එක්කොම ජාති තියෙනව.“

ඒ ගමන දිගං නැන්දා කුස්සියෙ ඉඳලා සාලෙ දිහාවට බෙරිහං දුන්නා.

“අක්කෙ. අටුවෙත් නෑ“

ඒ අතරෙ මං ටෙලිපෝන් එකේ කෑලි ටික එක්කහු කරලා අමුණලා සම්පූර්ණ ටෙලිපෝන් එකක් බවට පත්කලා.

“අනේ මන්දා මේ ළමයින්ට මං නැතිදාක කිසිම දෙයක් තනියම කරගන්න බැරි වෙනව.“

ඒ වාක්යෙය අන්තිම තිතේ නැගලා නැන්දම්මත් කුස්සියට ආවා. පරණ චිත්තරපටියක සිංදුවක් බෙලෙක් පිඟානෙං නව ආරට සංගීතවත් කරමින් ඒ පිටිපස්සෙං මාමණ්ඩිත් ආවා.

“මේ ඒයි ඔයාවත් බලන්නකො අටුවෙ අර ලොකු චාච්චිය තියෙද කියල. මේ ලමයින්ට ඒක හොයාගන්න බැරිවෙලා.“

“ඒ චාත්තිය නෙ ඕගොල්ලංගෙ ඩොම්පි නැන්ද ඇරංගියෙ උන්දෑ පුතෑ ලොකු කෙල්ලගෙ කොටහලුවට දොදොල් හැඳිගාන්න කියල“

“ඒක ගෙනැත් දුන්නැද්ද“

“කොහෙ ගෙනත් දෙන්නද? දැං උං මගදි දැක්කං අහක බලං යන්නෙ එදා අපේ ලකිය උංගෙ පොඩි කොල්ලව කන්න එලවං ගියාට පස්සෙ“

“ඉතිං ඒයි බලන්න.................. මේ මිනිස්සුන්ට බඩුවක් මුට්ටුවක් දුන්නං ගෙනත්දෙන්න මතක නැති හැටීඊඊඊඊ..... ආයි නං ඉල්ලුවට දෙන්න නාකයි“

“ආයි දෙන්න ඉතිං තීන්නෙපෑ“

"ඕක කලිං කියන්න තිබුන්නැද්ද. අපරාදෙ මං දැලි නාගෙන අටුවෙ නැග්ග"

මාත් මගෙ නෝක්කාඩුව ඒ මැද්දට දමා ගැහුව. කවුරුවත් ඒක ගනං ගත්තෙ නෑ.

“කෝ අම්මෙ එතකොට අර අම්ම සීට්ටුවක් දාල ගත්ත චීනච්චට්ටි චාත්තිය“

“ඒක අර රෝල්මඩුවෙ ලිපේ පුතේ. ඒකෙත් එහෙම් පිටිම්ම තෙල්දිය එකක්. ඔයා මට මතක් කල එක හොඳයි. ඒකට ගින්දර දාන්න බැරිවුනා.“

“එහෙනං මේ පැණි ටික අස්කරල මේ චාත්තිය වත් දෙන්න“

එතකොටම දිගං මාමා සාලෙ ඉඳං කෑගැහුවා.

“අක්කේ, එන්ඩෝ. මෙන්න පටං ගත්තා“

ඒ එක්කම ටීවී එකෙං ටිංකිරි කට හඬක් ඇහෙන්න ගත්තා.

“රාධා ඉන්න සමග මා. එන්නම් සමග ඔබ මා.“

ඒ සද්දෙත් එක්ක කන් දෙක කෙලිං කරගත්තු නැන්දම්මා අතේ තිබුණු පිඟාන සින්ක් එකට අතෑරලා යන්තං අත හෝදගෙන වතුර කෝප්පෙත් අරං සාලෙට දුවන ගමං අපිටත් උපදෙසක් හලාගෙන ගියා.

“ඕක මොහොකට හරි දාල ගන්නකො.“

අපි තුන්දෙනා පුස්කර් නගරෙ හනුමන්තා පාරෙ සන්තෝස් රාටිගේ ගෙදර අය වගේ මූනෙං මූණ බලාගත්තා. ඊළඟට තිබුණෙ පැනි හැලිය පිටුවහල් කිරීම. ඒ ගැන විස්තර කරන එක සෙල්ටික් බාසාවෙ වචන කියෝන තරං අමාරු වැඩක්. අන්තිමේදි කුල්ලෙ තිබුණු මිරිස් කරල් ටික සොපිං කවරෙකට දාලා, පෝර කවරෙ තිබුණු දෙල් අටුකොස් ටික කුල්ලට දාලා, පෝර කවරෙට පනිට්ටුවෙ තියෙන හාල් ටික දාලා, ඒ පනිට්ටුවෙ අඩිය පැලිලා බව දැකලා වෙනිං පනිට්ටුවක තිබුණු සිල්ලර තුනපහ, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, සුදුළූණු වගේ ජාති ටික අඩිය පැලිච්ච පනිට්ටුවට දාලා බේරගත්තු පනිට්ටුව හෝදල අරං ඒකට තාච්චියෙ තිබුණු පැණි ටික දැම්මා. ඒ වෙත්දි ආයිමත් ටීවී එකේ වෙළඳ දැන්වීම් පෙන්නන්න පටං අරං. ප්රේක්ෂකයො ටික කුස්සියට ආවා.

“ඉතිං ඕකනෙ ළමෙයෝ මං කිව්වෙ. අර දරුවත් අටුවෙ ඇරල දුඹුලු නාවන්නැතුව පළවෙනිවැම්ම ඔය තාච්චිය ගත්තනං අහවරනෙ.“

නැන්දම්මා ඉනට අත්දෙක ගහගෙන දොස් පැවරුවා.

“අනෙයම්මෙ කෑනොගහ ඉන්න.“

චූටි මැණිකෙ පිපිරුවා.

“ඕං පේනවද. ළමයින්ට යමක් පැහැදිලි කර දෙන්න බෑ. අපි වයසට යද්දි කොහොම බැණ අඬගහයිද?“

ඊළඟට සාලෙං කැඳවීම ලැබෙනකං නැන්දම්මා කලුතර දිස්ත්‍රික්කයෙ පහුගිය අවුරුදු ගානක් ඇතුළත ළමයි දෙමාපියන්ට නොසැලකීම ගැන සුවර්ණවාහනේ පෙන්නපු කතන්දර එකිං එක දිගාරින්න පටං ගත්තා. ඒ අතරෙ මං පිහියෙයි පොල් ගෙඩියෙයි උදව්වෙං සාඩිං ටිං කඩද්දි, චූටි මැණිකේ දෑසින් රූරා හැලෙන කඳුලැලි සහිතව බොහොම දුකින් ලූණු කැපුවා, දිගං නැන්දා ලිපෙං බාගත්තු අර්තාපල් හැලියක් බේසමට හලාගෙන සැරිං සැරේ

“හුයි..“

“පිච්චෙනවා“

කියන ගමං එව්වයෙ පොතු ඇරියා.

අනික් අය සාලෙට වෙලා නිදිකිරා වැටෙන ගමං රාත්‍රී ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයට තනි රකිද්දි අපි තුන්දෙනා ඒ සේරම ජාති තෙලේ දාලා බැදලා, තලලා, චොප්ප කරලා අරං කට්ලස් බෝල හදලා ගෙදර තියෙන තරමක් තැටි, පිඟං ආදියේ අහුරලා පිජ්ජෙකට දැම්මා. බෝංචිවල මැහුං කපලා දෙපැත්තෙ නූල් ඇරලා හුස්ම ගන්න බැරිවෙන්න කවරෙකට දාල ගැටගැහුවා, ලීස් ගස් කොලෙන් කොලේට පතුරු ගහලා සුද්ද කරල හෝදද්දි මධ්‍යම කඳුකරේ සාරවත් පස ඛාදනය වෙලා ගිහිං කොරහෙ අඩියෙ තැන්පත් වුනා. ඒ සේරම ඉවර වෙලා අන්තිමට ඇස් පිහාටු තුනටිය ගාවටම පාත් වෙද්දි අපිත් බිත්තිවල වැදි වැදී ගිහින් ඇඳංවලට ඇදං වැටුනා.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com72tag:blogger.com,1999:blog-1142664932489180.post-64876678740379113782018-04-26T01:21:00.000-07:002018-04-26T01:21:55.849-07:00දානෙ 2 හෙවත් දර හෙවිල්ල

දිගංචියා අපිට ලොකු කං පෙන්නපු බව ඇත්ත. උගෙ ලොකු කං අපිට දිරෝපු නැති එකත් ඇත්ත. ඒ උනාට මිනිහෙක්ට තමුංගෙ ජීවිතේ හීනවලට කිට්ටු වෙන්න බැරි උනහම සෑහෙන දුක ඇති. ටිකෙං ටික මෝරලා ලොකුවෙලා මල් පූදින්න යන ගහක් එක පාරම කඩා වැටුනා වගේ ජීවිතේ බිඳවැටිලා කවදාවත් නොහිතපු රස්සාවක් හිතේ අකමැත්තෙන් කරන්න වෙනකොට ඒක කාල ඉන්න අමාරු තත්වයක්. ඒ හංදා දිගංචියා ගැන මට තියෙන්නෙ දුකක්. අනේ පස්සෙ කාලෙක හරි දිගංචියාට කොම්පියුටරේ සම්බන්ධ රස්සාවක් ලැබෙනවනං හොඳා.

අත්වැල්තොට සමන් දේවාලෙ ගාව නැවතිලා දෙයියන්ට පිං දීලා ඊළඟට තව කඩේකිං බනිස් ජෝඩුවකුත් අරගෙන අපි ගේ ගාවට කිට්ටු උනා. දලු ලොරි කාරයන්ට පිං සිද්ද වෙන්න චූටිමැණිකෙලගෙ ගෙදරට යන පාර සෑහෙන හොඳයි. ඒ හංදා අපි ගෙනාපු බඩුමුට්ටු ටික අරං යන්න ගෙදර තෙසක් රිය මගට ගෙන්නා ගත්තා. (ලංකාවෙ පාවිච්චි වෙන තෙසක් රිය කියන්නෙ off road (පිට පාරෙ) වාහනයක්).

එතන ඉඳං අපිව ගෙදරට එක්කං යාමෙ වගකීම ගත්තෙ ලකියා. අපි ගෙදරට ගොඩවෙනකොට මලෙයා තෙසක් රියෙ තිවුණු සේරම බඩු ටික බිමට බාලා ඉවරයි.

"අනේ ළමයිනෙ හැබෑට මෙයාකාර බාස්කැට්, පයිට්ටු මොකට ගෙනාවද? අර ගෙයි ඕන තරං බාජන තියෙන්නෙ"

"මෙයාකාර බඩු මුට්ටු මොකටද? අර ගෙයි ගොඩගහල තියෙන්නෙ"

"මේ පිහිය හිට ගෙනැත් තියෙන්නෙ. මොනව ලියාලන්නද සුදු පුතේ ඔයාකාර. අර ඕනහැටියෙ පිහි තියෙන්නෙ ගෙයි."

“මේ ඉටි තහඩුවක් මොකද්ද?“

ආදී වශයෙන් අපි ගෙනත් තියෙන බඩු මුට්ටු ජාති කිසිම එකක් නැතුවට දානෙ වැඩ ටික කරන්න පුළුවන් බවට දිවුරමින් අපේ නැන්දම්මා අපිව පිළිගත්තා.

"අක්ක කිව්වට හොයන්න ගිය තැන්දි තමා කිසිම දෙයක් නැත්තෙ"

දිගං නැන්දා වචන ස්වල්පයකින් උත්තර දුන්නා. මේ අතරේ තමුන්ගෙ හයර් එක ගෙවන්න මෙච්චර පරක්කු මොකදැයි දිව දොට්ට දාගෙන නගුට වන වනා බලං හිටපු ලකියාට තමුන්ට හිමි බනිස් ඩබලත් ලැබුණා.

එදා හැන්දෑවෙ සතොසෙන් ගෙනා සලාක මල්ලත් අරගෙන, පාරෙ පඳුරක් ගානෙ දිය තුවක්කුවෙන් වතුර විදින ලකියවත් පෙරටු කරගෙන අපි දෙන්නා කුඹුරෙන් එගොඩහ ගොඩේ තියෙන මූකලාන මැද ගෙදර බලා පිටත්වුනා.

"මේ ගොම්මං වෙලාවෙ ඔය නියරවල් පල්ලෙ නයි පොලොංගුත් ඇති. ඇහැ කන පේන වෙලාවක ගියං මොකද"

“ඔය නියර දිගේ කුණකටු විමානෙ“

අපේ නැන්දම්මාත් මාමණ්ඩිත් අපේ ගමනට ආශිර්වාද කළා. නියරවල්වල හාරපු අනවසර කක්කුටු බෙන සේරම පරීක්ෂා කරමින් ලකියා කමුන්ගෙ රාජකාරියට ඉස්සර වුනා. ඒ පිටි පස්සෙන් යන්තම් තියෙන අඩිපාර දිගේ අපි දෙන්නත් අඩිය ඉක්මන් කලා.

ඒ මූකලාන මැද ගෙදර ඉන්නෙ 'සෝම්පාල' මාමා. දැං අවුරුදු හැත්තෑවත් පහු කරලා. කසාදයක් කරගෙනත් නෑ. ජීවත්වෙන්නෙ තනියම. ආණ්ඩුවෙ ඉඩමෙං අක්කර දෙකක විතර කොටහක් අල්ලගෙන ඒකෙ පදිංචි වෙලා රබර් ගස් ටිකකුත් වවාගෙන තියෙනව. දැං රබර් රොටි තලාගන්න හයිය ගාය නැති හංදා රබර් කිරි පොල්කටුවලම මිදෙන්න ඇරල පොල්කටු පාලු ටිකක් හදල වේලල විකුණගන්නව. එයිං හාල් කිලෝ දෙක තුනක් ගෙනත් බතක් උයාගෙන වටේ පිටෙං හොයාගන්න මොනව හරි ජාති ටිකකට පොල්කිරි ටිකක් දාලා වේලලා හොද්දක් හදාගෙන ගිල දානව. හුඟක් වෙලාවට ඒ හොද්ද හැදෙන්නෙ කොහිල අල, කොහිල දලු කියන ජාති දෙකෙං. වැහි කාලෙට රබර් කැපිල්ල බැරි වුනහම මනුස්සයා දවස් ගානක් බඩගින්නෙ ඉන්නව. අපි දැනගත්තු විදිහට ඒ වෙනකොටත් සෝම්පාල මාමට ලබල තිබුණෙ ඒ වගේ සාගත කාලයක්.

අපි යත්දි උන්දැ ගෙයි ඉස්සරහ කොටසෙ ලිපේ ලොකු වතුර මුට්ටියක් උණු කරනවා. ඉස්සර වෙලාම ගිය ලකියා ආගිය කතා බහ පටං ගත්තා.

"ව් රැව් රැව් බැහ්.. බව්වව්වව්ව් වහ්"

"අපොයි ඔන්න ඔය බල්ලා. අල්ලගන්න. හරි විසයි. ඕකා. කනව. මිනිස්සුංව"

සෝම්පාල මාමා උඩ පැන්නා. මං ලකියගෙ බෙල්ලෙං අල්ලලා ඉස්සරහ අඬු දෙක උස්සලා වට බාගයක් කරකවලා බිමිං තියලා තරවටු කෙරුවා.

"යන්න කිව්වෙ ගෙදර. තැනකට ගියං හැසිරෙන්න දන්නැද්ද"

"කූහ්... කූ..... (මුංට හොඳක් කොරන්න ගිහිං බැනුං අහන්න වෙච්චි හැටි. මං යනව)"

කියල ලකියා ආපහු හැරුණා.

අපි ගෙනිච්ච සලාක මල්ල සෝම්පාල මාමාට දුන්නා.

සෝම්පාල මාමා මල්ල අතට අරං අපි දිහා සැකෙන් බැලුවා.

"මේ මොනවටද මේ?"

"අපි මේ කාලෙකිං ගෙදර ආ හංදා මාමව බලන්න ආවෙ"

අපි බොරුවක් කිව්වා. සෝම්පාල මාමා මල්ල දිගෑරල බැලුවා.

"ආ... මේකෙ පුරාම ජාති තියෙනවනෙ. මේ සෝයාමිට් මෙහෙ සීය ................ යි. ......"

සෝම්පාල මාමා රටේ තොටේ ආහාර ජාතිවල ගනං හිලව් කියද්දි මං වටපිට විස්තරේ බලාගත්තා. ලිපේ වතුර මුට්ටියක් රත්වෙනව. ලිප වටේට පොල්කටු, පොල් ලෙලි, පොල් පිති, කොළපත්, ටිං බෙලෙක්ක. කාලයක් තිස්සෙ ඒ විදිහට ගොඩගහපු සුංබුං එතනම දිරල පස් වෙලා ලිප වටේට උසට ගොඩගැහිලා. ඒ උඩත් ආපහු පරණ ලැයිස්තුවම ගොඩගහල. ලොකු පොල් ඉති, ලී කෑලි, ලී කඳං, පරණ ජනෙල් රාමුවකුයි පියනකුයි ආදී සුං බුං බිත්තියට හේත්තු කරල. ගේ වටකරගෙන කැලේ වහලෙට නගින්න හදනව.

පොල් කටු තුනක් උඩ නග්ගපු ඇතිලියක වතුර පුරෝල මිදුලෙන් තියල. මොකටද මන්දා.

මනුස්සයා නිදාගන්නෙ මේක ඇතුලෙලු. මේ ගේ ඇතුලෙ අලියෙක් තරං උසට පොල් ලෙලි ගොඩක් තියෙනව. එව්වා දිරල පස් වෙද්දි ඒ උඩ තවත් පොල් ලෙලි ගොඩ ගැහෙනව. දැනට පරිනාමය නොවිච්ච සමහර සර්පයො පවා ඒක ඇතුලෙ ඉන්න පුළුවං. ගෙදරට එන අයට ඉඳගන්න දෙන්නෙ මේ පේන්න තියෙන පෝර කවරෙ එලාපු ගල් ගෙඩිය උඩ. ඒ වෙලේ ඒ ගල් ගෙඩිය උඩ තිබුණෙ කොරහක්.

"ඉතිං ඇයි මට මේව ගෙනාවෙ?"

"මොනවද මගෙං ඕනැ?"

සෝම්පාල මාමා කීප සැරයක්ම ඇහුවා.

"අපි මාමව බලල යන්න ආවෙ. අපිට මොනවත් එපා. අපි යන්නං වහින්නත් එනවනෙ"

කියාගෙන අපි දෙන්නා එතනිං පිටවෙලා ආවා. අපි එනකං ලකියා පොල් ගහක් යට පිදුරු ගොඩක ලැගගෙන හිටියා. අපි කුඹුරෙන් එගොඩ වෙනකං සෝම්පාල මාමා මිදුලට වෙලා බලාගෙන හිටියා.

එදා හවස උන්දැ ගැන තවත් කතා බොහොමයක් අපේ කනට වැටුනා.

"ඉඳුනිලා එහෙම එක්කහු වෙලා ඔය මිනිහට ඉඩම සුද්ද කරල තේ පැල ටිකක් හිටෝ දෙන්න ඇහුවම බැනල එලෙව්වනෙ"

"ඔය දෙන්නා එනකං බලා හිටියෙ මොකවත් නෙමෙයි. ඔය ගහක තියෙන ගෙඩියක්වත් කඩාගනියි කියල සැකේට."

"මිනිහට හරි සැකයි ගමේ මිනිස්සු මිනිහව ඔය ඉඩමෙං එලවන්න හදනව කියල."

මේ ගමන සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවෙ ඒ ගමේ තව ගෙදරකිං සෝම්පාල මාමා ගැන අපිට තව ආරංචියක් ලැබුණා.

"මේ ළමයි ගෙනත් දුන්න බඩු මුට්ටු සේරම ඒ මනුස්සයා වංගුවෙ කඩේට දීලා වෙනිං ජාතිවලට මාරු කරගෙන තිබුණා."

ඒ අරුම පුදුම මාරුවට හේතුවත් එයාම අපිට කිව්වා.

"මිනිහ හිතන්නෙ මේ ළමයි ගුරුකමක් කරපු දෙයක් මිනිහට ගෙනැත් දීල ඒක මනුස්සයට ගිල්ලෝලා ඔය ඉඩමෙං මිනිහව පන්නයි කියල. මයෙනුත් ඇහුවා මේ ළමයා මිනිංදෝරුවෙ වැඩ කොරන හාදයෙක් නේද කියල. ඒකෙං තවත් සැක ඇති."

"දෙන එක අපේ වැඩක්. ඒක ඕන හැටියකට පිළිගන්නා එක එයාගෙ වැඩක්. ඕන එකක් කරගත්තාවෙ."

අපි දෙන්නා අපේ අවසන් නිගමනය දුන්නා.

අසරණ වෙච්චි කාගෙවත් පින්තූර ප්‍රසිද්ධ කරන එක හොඳ මදි වුනත් මේ වගේ ජීවිතත් මේ රටේ තියෙන බව තහවුරු කරන්න මේ පොටෝ ටික මෙතන දාන්න සිද්ද වෙනව. ඒ වගේම කාට හරි උදව් කරන්න කලින් ඒ මනුස්සයගෙ චරිත සොබාව දැනගන ඉන්න එක තමන්ට යහපතක් වගේම නැති කරදරවලින් බේරෙන්න උදව්වකුත් වෙන බවත් කියන්නම ඕන.

ආපහු දානෙට කලින් දා හවසට එමු.

රටේ ආර්ථිකේ, බඩු මිල, පවුලේ ළමයින්ගෙ අධ්‍යාපනය, අලුතිං දාපු ප්ලාස්ටික් බඩු කඩවල්, අහවල් ගෙදර අහවල් අයගෙ කෙරුවාව, දිගං නැන්දගෙ කකුලෙ දෙහි කට්ටක් ඇනීම, දෙහි කටු ඇනිලා හැදෙන්න පුළුවං ලෙඩ, දෙහි කටු ඇනිලා මැරිච්ච අය, මැරිච්ච අය ගැන කතා, කතා කරපු අය මැරිච්ච හැටි, මැරිච්ච අයට දෙහි ගෙඩ්ඩෙං කරන වෙදකං. අපි එන පාරෙ වෙන්න ගිය අනතුරු, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රතුළූණු මිලේ උච්චාවචනය, වගේ කියන්න තියෙන සේරම ජාති කුස්සියෙ බිමට හලා දැම්මට පස්සෙ තවදුරටත් කාටවත්ම කතා කරන්න දෙයක් නැති වෙනකොට මං කට ඇරියා.

"දැං මේ දානෙට දර එහෙම."

මගෙ කටිං වචනෙ එළියට පනින්න කලින්ම අපේ නැන්දම්ම ඉස්සර වුනා.

"දර නැතෑ ළමෙයො ඕන තරං. ඕගොල්ලං බයවෙන්නෙපා දර ගැන. දර තීනව ඕං තරං."

උන්දෑ කියන හැටියට ලිඳේ වතුර වගේම ගෙදර දර ෂුවර්ය. ඒ ගැන ඇහීමෙන් මං කර ඇත්තේ මහත් මදි කමක්. ඒ වුනාට කාගෙවත් සූදානමක් නැති කම මට මහා බයක්.

"එතකොට හැලි වලං හෙම"

මාමණ්ඩී මගේ කෘන්තක දතේ ගෑවෙන්නම ඉස්සරහට පැන්නා.

"අර අටුවෙ තියෙන්නෙ ඕං තරං හැලි වළං. බත්තුයන්න වෙනම ලොකු රහත්පානකුත් ඇති."

"මේ එතකොට.... පොල්"

"අනෙඅම්මාපල් සුදු පුතේ මේ ළමයෑ බය. ඔය ඔක්කොම තියෙනව ළමයෝ.... ඔය කවුරුවත් නැතුවට මට තනියම උනත් ඔය ටික හැදියැකි පැයෙං. ඉස්සර මං ඉස්කෝලෙ ළමයි එක්කෝටම කෑම හදන්නෙ තනියෙං. අර පිනක් දහමක් කරද්දි කාගෙත් සම්මාදමෙං කලාමනෙ කාටත් පිං. ඒකවෑං එන්න කිව්ව මිසක් ඔය එක්කොම මට කෙරියැකි."

නැන්දම්මා කියන හැටියට හෙට උදේ වෙනකං ගෙදර කිසියම්ම කිසි කෙනෙක් දානෙ ගැන හිතන්නවත් ඕනි නෑ. අපි හෙට උදේ ට ඇහැරෙන විට හිරු කුමරා බිත්තියෙ හුලං කවුලුවලිං කාමරේට එලිය පොලු රිංගවනවා ෂුවර් වගේම, මිදුලෙ තිබුණු සෙරෙප්පු ජෝඩුවලිං එකකවත් පටි ලකියාගේ දත් වහල්ලෙං හප ගැහී තිබීම ෂුවර් වගේම හෙට උදේට කුස්සියේ මේසෙ උඩ එක පෙළට නොයෙක් හට්ටිවල, සාස්පාංවල දැමූ දානේ පිළියෙල වී තියෙද්දී ඒ මැද අපේ නැන්දම්මා එක කිරි පැකැට්ටෙකෙං කිරි බීදුරු අසූවක් හැදූ මිසිස් පෙරේරා මෙන් විරාජමානව හිටගෙන ඉන්නවා බලන්න පුළුවං.

"කෝ අක්කෙ දර කොහෙද තියෙන්නෙ? මේ ගැටපොලොස් මුට්ටිය තම්බන්න දර ටිකද්දෙන්නකො"

රෑට උයන්න පෙරමුණ ගත්තු දිගං නැන්දා අපේ නැන්දම්මව ඇමතුවා.

"ඔය කොංකීට් ලැල්ල යට බිම ඇති ඕන්තරං නංගියෙ"

"ඒ ටික මදි. එතන තියෙන්නෙ දර කෑලි හතරයි පහයි"

"ඔය එළියෙත් තියෙන්නෙ බිත්තිය අයිනෙ හේත්තු කරල තව ඕන්නං"

"එළියෙ නං බිත්තියට හේත්තු කොරල තියෙන්නෙ කැත්ත ඉතරයි. කැති මිට තමා ගන්න වෙන්නෙ"

"ඇයි බොලේ ඔතන තීච්ච දර ගොඩ මොකක් උනාද"

"රහත් වෙන්නැති. මෙතනනං ඇති එකක් නෑ"

මේ සංවාදෙං සිව් පදයක් විතර යත්දි මාත් කුස්සියට ගියා. ලිපේ තියලා නෑඹිලියෙං වහපු මුට්ටියක් තුං කාංසියෙං වතුර බේරි බේරි ලිපට ගින්දර වැටෙන කං බලං ඉන්නව. දිගං නැන්ද අතේ පැන්සලක් තරං මහත දර කෑලි දෙක තුනක් තියාගෙන තනියෙං කියවනව.

“වෙන්න බෑනෙ. මං පෙරේද හවස මහා දර ගොඩක් වේලුවනෙ. ඒ ටික කොහෙට උනාද...“

නැන්දම්මා අහස දිහා බලාගෙන කල්පනා කරනව. බලා ඉඳීම රුස්සන්නෙ නැති දිගං නැංදා කැති කොටයක් අරං මිදුලට බැහැල දිගං මාමාට කතා කෙරුවා.

“වරෙං මල්ලියො යන්න දර ඩිංගක් හොයං එන්න.“

“පොඩින්න තව ඩිංගයි“

දිගං මාමා ටීවී එකෙං ඇස් දෙක ගලෝගන්න අමාරු කමට සාලෙ ඉඳං කෑගැහුවා.

“ඔය ගුටි කෙලි බල බලා ඉන්න වෙලා වරෙං යන්න දර කෑල්ලක් හොයං එන්න.“

දිගං නැංදා කැති කොටේ උරුක් කරගෙන සාලෙට කඩා පැන්නා. දිගං මාමා නැගිට්ටුනා. ටීවී එකේ රෙස්ලිං කාරයෙක් අනික් එකාව උස්සලා පොලවෙ ගැහුවා.

“දර නෑ“ කියන පණිවිඩේ ගෙදර හැමෝගෙම ඔලුවලට ඇතුල්වෙලා යකා නටද්දි අපි හැමෝම අතට අහුවෙන ආවුදේ අරගෙන දර හොයන්න එළියට බැස්සා. දිගං මාමා ලොකු සබර කොටයක් උස්සං ඇවිත් පැලුවා. ඒකෙ හිටපු වේයො සීසීකඩ ගියා, දිගං නැන්දයි චූටි මැණීකෙයි සබර ගස් යට වැටිල තිබුණු දර කෝටු ඇහින්දා. මල්ලියි මායි පොල්ගස්වල තියෙන වේලිච්ච අතු කෙක්කෙං ඇදලා බිම දැම්මා. එ්වගෙ හිටපු කිඹුල් හූනො පස්සෙං ලකියා එලෙව්වා.

“ඒයි, මේ අපි දෙන්න යංද අර ළිඳ ගාව තියෙන අංකෙංද ගහ කපං එන්න.“

නැන්දම්මත් මාමණ්ඩිට අඬගැහුවා.

ළඟ ඉන්න කෙනා නොපේන ගානට ඇඳිරි වැටෙද්දි දානෙට ඇතිවෙන තරමට දර ගොඩක් කුස්සිය ඇතුලෙ ගොඩ ගැහුනා.

“ඒකනෙ මං කිව්වෙ ඕං තරං දර තියෙනව කියල“

වප්පිහියෙං පිට කහන ගමං නැන්දම්මා කිව්වා.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com54tag:blogger.com,1999:blog-1142664932489180.post-45916505310909463162018-04-07T09:57:00.001-07:002018-04-07T09:57:08.972-07:00දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man)

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා දං ගෙඩි දීම ද, පාට පෙට්ටියේ තියෙන අපි කැමතිම පාට වන දං පාට කෑල්ල කාට හරි දීම ද යන්න හරි හැටි වටහාගන්න මට ඉස්කෝලෙ හතරෙ පන්තියටම යන්නට සිදු විය.

පහුගියදාක අපේ නැන්දම්මාට ද දනක් දෙන්නට හිතුනේය. සාංගික දනක් දෙන්නට නං හක්කේ දතක් විදුරුමහ පිටින්ම යන බැවින් මේ දන සැර බාල කොට දීම යුක්ති සහගත බව මට සිතුනේය. ඒ වුනත් එ් බව අම්මලා දූලාට පහදා දීම සෑහෙන්න අමාරුය. ඒ

"ඔය අනික් මිනිස්සුත් ඕන හැටියෙ දෙන්නෙ. අපිට බැරි වෙන්නෙ මොකෝ"

කියා අහන හන්දාය. ඒ නිසා කරුණු පැහැදිලි කරන්න ඕනෑ මෙන්න මෙහෙමය.

සාංගික දනක් දෙන්ට ගිය විට හැම එකම හොඳම එකෙන් ඕනෑය. මාලු ලැල්ලෙං මාලු නොගෙනත් බේරුවල වැල්ලටම යන්ට ඕනෑය. ඒකටත් වෙනම බාජනයක් හරි රිජිපෝං පෙට්ටියක් හරි ගන්ට ඕනාය. රිජිපෝම් පෙට්ටි හෙන ගනං ය. පනිට්ටුවක දාගෙන ආවොත් පියන හුළඟෙ යන්නට පුළුවන්ය. අල, බෝංචි, කැරට් ආදී 'ඉංගිරිස් එලෝලු' නුවර එලියේ පාත්ති වලින්ම ගේන්න ඕනෑය. උයන්නට විසාල රාස්පාන්, හැඳි, චාච්චි, ගේන්ට ඕනාය. ඒ රාස්පාන් තියන්ට ලොකු ලිප් හදන්ට ගල්වැටි පෙරල පෙරලා ගිජ්ජකූට වර්ගේ ගල් ගේන්ට ඕනාය. ඒ ගල්වලින් හදන ලිප්වලට පුරවන්ට දරට ගන්නට මහ සබර ගස් පෙරලා පලන්ට ඕනාය. නෑයන්ට, ගමේ අයට, යාලුවන්ට දානෙ බලන්නට එන්න කියා ආරාධනා කරන්න ඕනාය. දානෙ බලන්ට එන අයට ඉන්ට හට් ගහන්ට ඕනාය. හට් ඇතුලෙ ඉඳගන්න පුටු ඕනාය. පුටුවෙ ඉඳං ඉන්න ගමං කන්න බුලත් විට ඕනාය. එව්වා දා තියන්ට ඉලත්තට්ටුවක් ඕනාය. බුලත් විට කන අය මිදුලේ මුළු වසම්ම බුලත් කෙළ ගහනවාය. එව්වා සුද්ද වෙන්ට මුරුගසං වරුසාවක්ම වහින්න ඕනෑය.

ඒ මදිවාට දානෙට පිඟං, කෝප්ප, පීරිසි, හැඳි, බුජං, පළඟාං, පඩික්කං ආදී පාරිභෝජ්‍ය භාජන ඕනාය. දං බෙදංන කෙහෙල් කොල කපන්න ඕනාය. කෙහෙල් කොල රවුං කපන්න අච්චුවට පිඟං ඕනාය. පිහි ඕනාය. ස්වාමීන් වහන්සේලා වඩම්මන්න වෑන් ඕනාය. සමහර පන්සල්වලට යන පාරවල් සවුත්තු හංදා ඒවායේ යවන්ට වෑං කාරයාට වඳින්ට ඕනාය. කුඩා පන්සල්වලින් දෙතුන් නම වඩම්මන්න කොලපත්ගොටු යවන්ට ඕනාය. උයන්ට කෝකිං ඕනාය. කෝකින්ට බොන්ට ගල් නැත්තං ඕල්ඩ් ඕනාය. කෝකින්ට ඒවා දෙනවානං දානෙ බලන්න එන අයටත් දෙන්න ඕනාය. එව්වා අන්තිමට යංකිසි විදියකින් බෑනාටත් ගෙදර මහ මිනිහාටත් පෙවෙන්නට පුළුවන. ඒ විදිහට ගෙදර මිනිස්සු බීගත් විට දෙන දානෙ මොන ආනිසංසද? (අපේ නැන්දම්මාගේත් උන්දැගේ දෝණියැන්දාගේත් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට ලාවට දෙකක් දා ගැනීම ආනන්තරීය පාප කර්මය X දහයෙ අටවැනි බලය වන්නේය)

මේ ආදී හැටහුටාමාරක් ගැටළු එක්ක සංඝගත දක්ෂිණාවක් කියන බරසාර නමින් හැඳින්වෙන උත්සවයක් පවත්වන්ට අපි කීපදෙනාට බැරි බව අපේ නැන්දම්මාට පෙන්නා දෙන්නට මට පුළුවන් විය. ඒ හන්දා අපට වෙනත් විකල්පයක් උවමනා විය. මේ වතාවේ අපට උපකාරෙට හිටියේ ගමේ පන්සලය. චූටි මැණිකේ විතරක් නොව අපේ නැන්දම්මාද දාංපාසල් ගොස් ඇත්තේ ඒ පන්සලටමය. එදා අපේ නැන්දම්මා ඇතුළු 'නංගිලාට' ලොකු හාමුදුරුවන්ට හොරෙන් පන්සලේ ගස්වලින් අඹ කඩාදුන් ඉහළ පන්තියේ අයියා කෙනෙක් අද මහන දම් පුරමින් ඒ පන්සලේම විහාරාධිපති කම හොබවන්නේ දෛවයේ කෝචොක් එකකට වාගේය. මෙදා පොටේ අපේ පිහිටට හිටි උන්වහන්සේ

"ඉතිං බෝම ලේසියෙං මේ දාම්පාසලේ ලමයින්ට දානයක් දෙතෑකි නෙවැ"

කියා අපට මග පෙන්වූ සේක. උන්වහන්සේ වැඩිදුරටත් වදාරා ඇති ආකාරයට පොඩි ළමයින්ට දෙන දේ උනත් පිරියක් ඇති දෙයක් දෙන්න ඕනාය. ගමේ අනික් අය කරන්නාක් මෙන් බාර හාර වලිං ගැලවෙන්නට, අපල වලට බයිපාස් කරන්නට හතරට පැලූ බෝංචි දිය කිරෙං තම්බා හැදූ හොදිත්, අතංගු දමා හාල්මැස්සං ඇල්ලිය යුතු විසිතුරු මාලු ටැංකි වැනි හාල්මැස්සන් හොදිත්, බෙරි බතුත්, පපඩං කුඩුත් ළමයින්ගේ පිඟං වලට බෙදා එය දානයක් යැයි නම් කිරීම නියම දානයක් නොවේය. අඩුම ගානේ 'කටලිස්' බෝලයක් තරමවත් ලැබුනොත් ළමයි සංතෝස වනු ඇත.

දහම් පාසලේ ඉන්නා ළමයි විසිපහක් වැනි 'සුට්ටං ගානකට' දානයක් ඉවීම 'මහ කජ්ජක්' නොවන බවත් ඒ වැඩේ 'එළ'ටම කර දෙන්නට හැකි බවත් කියා අපේ මාමණ්ඩී දානෙට දින වෙන්කරගෙන ඇත.

ඒ අනුව 'මහ කජ්ජක්' නොවන මේ දානෙට අපේ ගෙදරින් අපි දෙන්නාත්, මහ ගෙදරින් නැන්දම්මා, මාමණ්ඩිය සහ මලෙයාත්, පවුලේ හැම දේකටම ගෙන්නාගන්නා දිගං මාමා සහ නැන්දා යන අක්කයි මල්ලියි දෙදෙනාත් එක්කාසු වුනෝය. දානයක් දුන්නහම පිරිකරකුත් දෙන්ට ඕනා නිසා ළමයින්ගේ ජීවිතයට ගහට චේන්සෝ එක මෙන් ද, ගුරුවරයාට ඇගයීම් වාර්තා මෙන් ද, හාමුදුරුවන්ට වටාපොත මෙන් ද බැඳී පවතින පොත් සහ පෑන්ම දෙන්නට සකස් කර ගත්තෙමු.

දිගං නැන්දා සහ දිගං මාමා (අක්කයි මල්ලියි)

දානෙට උවමනා බඩු මුට්ටු ප්‍රමාණ ගනං හදන්නට සිද්දවුනේ මටය. වැඩි වෙලා අහක දාන්න වුනොත්

"ඒකනෙ අපි කිව්වෙ ඔය හැටි ඕන්නෑ කියල. අපරාදෙ ඉව්වෑං බාගෙයක්ම අහක"

යනුවෙන්ද, මදි වුනොත්

"තව ටිකක් වැඩියෙං හදන්නෙපෑ. කොහෙද ඉතිං අපි කිව්වට ඇහුවෑ"

කියාද, දොස් අහන්න අකමැති හංදා හැමෝම

"ඒවා හැමෝටම වැඩිය දැනුං තේරුං ඇති කෙනාම ගනං හැදුවොත් තමා හොඳ"

කියා මාව මුරුංගා අත්තේ තබා ඒ වගකීම මගේ කරේ තියා බේරුනෝය.

මේ ගනං හැදිල්ලෙ දී අපි දෙන්නගෙන් කාගෙ නමුත් පිඟානට වේලකට බෙදන නමුනුකුල වර්ගයේ කෑම වේලක් දහම් පාසලේ ඕනෑම දරුවෙකුට පරිභෝජනය කළ හැකි බවට උපකල්පනය කර ගනං හැදීම සිද්ද විය. උදාහරණයක් කියතොත් බෝංචි දෙසිය පනහක් හොදි හැදුවොත් එයින් අපි දෙන්නාට වේල් දෙකක් කෑ හැකිය. ඒ අනුව බෝංචි දෙසිය පනහක් හතර දෙනෙකුට වේලකට සෑහේ. අනික් එලෝලු මාලු ආදියද ඒ විදිහටම ගණනය කරන්නට විය. මේ සූත්‍රය හරි නොගියේ හාල් වලටය. අපේ ගෙදර දෙවේලකට හාල් බෙලෙක්ක දෙකකුත් ටිකක් උයන්ට ඕනාය. ඒ හාල් ප්‍රමාණය කොච්චරක්දැයි අපේ නැන්දම්මාගේ එකම දෝනියන්දාගෙන් ඇහූවිට උත්තරේ ලැබුනේ හුණ්ඩු X සංඛ්‍යාවක් කියාය. ඒ කොච්චරක් දැයි ඇසූවිට කිව්වේ හුණ්ඩු X සංඛ්‍යාවක් සේරු Y සංඛ්‍යාවක් කියාය. හාල් හුණුඩුවෙං, සේරුවෙං මැනලා දෙන්ට ඇත්තේ මැතිණිගෙ කාලෙ සංපකාරෙන් බවත්, දැං කඩේ හාල් දෙන්නේ කිලෝ ගාන්ට බැවින් ඔය හුණ්ඩු සේරු මෙට්‍රික් ක්‍රමේට හරවා කියන ලෙසත් කාරුණිකව ඉල්ලූ විට

"හාල් කිලෝ ගාන්ට මැනල උයන්න තරාදි තියෙනවැයි කුස්සියෙ. ඕන විදිහකට ගනං හදාගන්න එකයි ඇත්තෙ"

කියා උත්තරය ලැබුණි. ඒ අනුව ලඝු ගණක වගුවක් ද, හාල් මනින බෙලෙක්කයක් සහ හාල් දාන පනිට්ටුව ද යොදාගෙන සිදුකළ අසීරු ගණනය කිරීම් වලින් අනතුරුව සොයාගත්තේ මේ වැඩේ හරියන්නැති බවත් හාල් මිටියක් ගෙනගොස් ඔය කියන්නාවූ හුණ්ඩුවෙන් එවෙලෙට මැන අවශ්‍ය ප්‍රමාණය ගැනීම ගෙදරින් ලැබෙන බත්පත රැකගැනීමට ඇති හොඳම විසඳුම බවත්ය.

දානෙට කලින් දවසේ සුන්දර සෙනසුරාදා උදේ ඉර මුදුන්වෙන වෙලාවට අපි දෙන්නාත් 'ගමේ යන්න' පිටත් වුනෙමු. අපේ වෙලාවට හපුතලේ එලෝලු තොග කඩේක වැල් පිටින් උදුරාගෙන ආපු බෝංචිත්, ඉහිං කනින් මඩ නාගත්තු කැරට් අලත් ඒ වගේම මඩ නාගත් උණ ගස් විතර මහත ලීස් ගසුත් තිබුණේය. ඔය කියන අංග ලක්ෂණ ඇති එලෝලු සැලකෙන්නේ "අලුත්ම එලෝලු" හැටියටය. ඒවා අපේ ගම් පලාතට අයිසිං කේක් පෙට්ටියකට වඩා වටින්නේය. (එක් වරක් අපි ගමේ යන විට කැරට් කොළ එක්ක ගස් පිටිං ගලවාගෙන ගිහින් දුන් විට ඒ කැරට් ගස් ටික කුණු වී යන තෙක්ම ගෙදරට කවුරු ආවත්

"මල්ලි/අයියා/අක්කා/නංගි/නැන්දා/මාමා/උඹ/ඔය ළමයා/තමුසෙ කැරට් ගස් දැකල තියෙනවද?"

කියා අසා

"ඤැක්"

යන උත්තරය ලද සැනින් එයිං එකක් සාලෙට ගෙන ගොස් පෙන්වා

"මේක සංබෝලෙ බෝම රසයි. මේ ළමයි එද්දි ගෙනත් තිවුනෙ."

කියා උජෝ වඩන ලදී.)

ඒ කඩෙන් එලෝලු ඇති තරමක් අරගෙන අන්තිමට ඉතුරු සල්ලි අරං ගනං කරල බලලා

"සරි, නන්රි, පොයිටි වාරන්"

කියා දන්න දෙමළ වචන දෙක තුන වනා කඩේ මුදලාලි ඩබල ටකරමේ වදින්න උඩ අරින්නට ද පුළුවන් විය. දෙමළ කඩවල්වලින් බඩු අරගෙන අන්තිමට ඔවැනි වචන තුන හතරක් දෙමළෙන් කියූ විට කඩේ මුදලාලි හිතන්නේ එතෙක් වෙලා කඩේ මුදලාලිත් ගෝලයිනුත් දෙමළෙන් කතා කළ සේරම මේ මනුස්සයාට තේරුං යන්නට ඇතැයි කියාය.

එතැනින් පැල්මඩුල්ලට සේන්දු වුනායින් පසු තියෙන්නේ මහපාරේ මාරක ධාවන තරඟයයි. සැරින් සැරේ වැලි ටිපර්, කොටං ලොරි, ළඟ කොටන බස් ලඩි, ඕටී මවන ඇම්බියුලන්ස්, කුදු ගැහුණු 21 නොම්බරේ ත්‍රීවිල්, ලෑන්මහත්තුරු, බුල්ඩෝසර්, එක තැන නැවතුනත් පෙරලෙන්නෙ නැති ට්‍රැෆික් පොලිස් බයිසිකලේ, බවුසර, හාල් ලොරි, හයිබ්‍රිඩ්, පණ අදින ඩිමෝ බට්ටො ආදී වාහනයක් පෙරටුකොටගත් වාහන පෙරහරවල්වලට අහුවී ඒවායින් මේ කල්පෙදි එතෙර වෙන්න කඩ ඉරක් හොයාගන්න කොට අනික් පැත්තෙනුත් ඒ වගේම පෝලිමක් ඇවිත් ඉවසීමේ සැනසීම ලබා දෙන්නේය. ඉඩක් හම්බුවෙන්නේ ඉරි දෙක තියෙන තැංවලදි වුනත් එයිට අඩි දහයක් එහායින් සුදු ඉරි ධාරී ගොම පාට සූට් ඇඳි අය පොත දිගෑරගෙන, යටින් කාබන් කොලේ තියාගෙන පෑනත් අතට අරන් රැකගෙන ඉන්නා බැවින් ඉස්සර කරන්ට හොඳ නැත.

තිරිවානාකැටිය හන්දියේ පටං ඒ කරදරේ නැතත් එතැන් පටං පහුකරන හැම ගමකම මිනිස්සුන්ට යටත් වෙලා වාහන එලොවන්ට ඕනාය. පාරේ මං තීරු බාගෙක වී වේලනකොට, හන්දිවල පාර මැදට වී ගම්වැසියන් සාකච්ඡා තියනවිට, පාපිසි, ලණු පැදුරු ආදිය වේලාගන්නට පාරේ එලා ඇති විට, ගෙවල්වල තාප්ප බඳින්න පාරෙ තියාගෙන බදාම අනනා විට, ගෙවල්වල හදන බල්ලන් නගුටත් උඩට තියාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහන මෙන් පාරේ ගමන් යනවිට, සිස්සත්වෙ ලියන වයසෙ ළමයි සීට් එක උඩ කොට්ට ඩබොලක් තියා ඉඳගෙන පල්සර්, ටීවිල්, ඩිමෝ බට්ටො එලෝන විට, අතුරු පාරවල්, නියරවල්, දෙපාවල්, වැට කඩොලු අස්සෙ බයිසිකල්, ටීවිල් ආදිය එක විටම මහපාරට පනින විට අපි අයිං වෙලා මැදිං යා යුතුය. කනගාවින් දමා ඉස්සර කරද්දී බ්රේක් පාගාගෙන අයිං කරගත යුතුය. නැත්තං ගමේ සීමාව පනින්නට පෙර වැට පොලු පාරවල් දෙන්නට තරං ඒ ගම්වල ග්‍රාම සංවර්ධන සමිති ප්‍රබල වෙති.

ඒ කිසිම ගමකිං අතුරු ආන්තරාවට ලක් නොවී මානානෙ ටවුමට යනවිට දිගං මාමාත් නැන්දාත් අපි එනකං පැය හතරක් තිස්සේ බලා හිටියෝය. පත්තර කඩේට වී පත්තර කියවන්නට හැකි වීම නිසා දිගං මාමාට නං ඒ වෙලාව මහ වෙලාවක් නොවුනත් දිගං මාමා පත්තරේ අකුරු ගණින දිහා බලං ඉන්නට වීම නිසා දිගං නැන්දා හිටියේ මූන දනිස්සේ වදින්නට එල්ලාගෙනය.

ටවුමේ සතොසෙන් ඇට හීං හාලක් තෝරන්නට ගිය විට දිගං මාමා මැදිහත් වී කියා හිටියේ එයිට වඩා හීං තුත්තිරි ඇට වගේ බොහොම ලස්සන හාලක් එහා කඩේක තියෙනා බවත් මේ හාලට වඩා ඒක හොඳ බවත්ය. ඒ හංදා අපි සතොසෙන් වෙනිං සලාක මල්ලක් පමණක් ගෙන හාල් ගැනීමට 'ඒ' කඩේට ගියෙමු. දිගං මාමාත් නැන්දාත් 'ඒ' කඩේට ඇතුල් වෙන අතරේ 'ඒ' කඩේ දොරකඩ හිටි 'දිගංචියා' දැකීමෙන් මට මගේ අතීතය මතක් විය. දිගංචියා ඒ කාලේ අපිට අවුරුද්දක් ඉහලිං 13 වසරේ සෑන්ස් පන්තියේ හිටි අනාගත 'ලදුපත් ගේට්ටුවා (Bill Gates)' විය. කොම්පිවුටරේ ඇණ මුරිච්චියක්, වෑර් පොටක්, බලුප් එකක්, තැටියක් කොටුවක් ගානේ දැන සිටි 'දිගංචියා'ට ඉස්කෝලේ ගුරුවරු පවා බය වූයේ ඌට කොම්පිවුටරේ බලයෙන් ඒ හැමෝගේම ජීවිත එක මොහොතෙන් සුන්නද්දූලි කරන්ට පුළුවන් වනු ඇතැයි හිතාගෙනය. අපි පරිගණක විද්‍යාගාරෙට අධිගෘහිත සුමේදා අක්කාගේ අණ දීම් ("ඩෙස්ටොප්පෙකේ සේව් කරන්නෙපා, පුටු කරකවන්නෙපා, ගේම් ගහන්නෙපා, කී බෝඩ් එකට හයියෙං අනින්නෙපා, ප්‍රෝගෑම් පයිල් මකන්නෙපා") යටතේ ක්ෂූද්‍රමෘදු තීන්ත, ක්ෂූද්‍රමෘදු වදන, ක්ෂූද්‍රමෘදු බල තුඩුව, වාගේ දේවල් අරින, වහන විදිහ ඉගෙන ගනිද්දී දිගංචියා ඒ දිහා බැලුවේ කට කොනිං 'පුහුක්' කියා ලීක් වෙන නක්කල් හිනාවකින් යුක්තවය. අපිට කොම්පිවුටර් ලැබ්බෙක නම් දේවාලයට ඇතුල්වෙන්නට නියමිත පීරියඩ් එකක් සහ සපත්තු ගැලවීම වැනි පිළිවෙත් රැසක්ද තිබූ අතර දිගංචියා එහි කපුවා වූ බැවින් ඒ කිසිවක් ඌට අදාල වූයේ නැත. ඕනෑම වෙලාවක ඉස්කෝලේ ගේට්ටුවෙන් ප්‍රසිද්දියේ පිටවන්නට බලය තිබූ දිගංචියාගේ පරිගණක දැනුම පිළිබඳව පැහැදිලි කරන විට දිගංචියා අපිට කිව්වේ

"උඹල මොනාද මල්ලි දන්නෙ. මං කියන වචන ටිකවත් උඹලට තේරුං යනවද කියහල්ලකො"

කියාය. දිගංචියාගේ කතා වලින් අපි තේරුං ගත්තේ අපි ඉස්කෝලෙන දොට්ට විසික්වන කාලය වන විට එදිනෙදා ජන ජීවිතයේ සියලු අත්‍යාවශ්‍ය වැඩ, එනම් දෑළ කඩේ රෝල්ස් හැදීම, සුරාජ්ගෙ ටේලර් සොප් එකේ කලිසං කමිස මැහීම, රත්නපුරේ ජෝති එක ළඟ කාදර්ගෙ කඩේ පරාටි දෙකක් කපා පිඟානට දමා හොදි හැඳි දෙකක් වැක්කෙරීම, බස් එකේ සීසන් එක කැපීම, ඉස්ටෑන්ඩ් එකේ තාප්පෙ අයිනෙ රටකජු බැදීම, ආදිය පවා 'කම්පියුට' වලින් සිද්දවෙනු ඇති බැවින් අපි කොයි තරං ඉගෙනගත්තත් අපිට 'කම්පියුට' බැරි හංදා අපේ අනාගතේ 'උජාලා' වැඩි වූ පාසල් නිල ඇඳුමක් මෙන් නරි නාටකයක් වනු ඇති බවය.

ඉස්කෝලෙ යන කාලෙදිම හවස්වරුවේ ටවුමේ එකම කොමිනිකේසන් එකේ පොටෝ කැපීම සහ ඉන්ටනෙට්ටෙකෙං විභාග ප්‍රතිපල බැලීමත් කළ දිගංචියා ඒ කාලයේ දී තමුන් තරම්ම දිග උණ ගහක් වැනි කෙල්ලක් යාලු කරගත්තේය. ඒ කෙල්ලගේ කකුල් දෙකේම දනිස්සෙනුත් අඟලක් විතර උසට (අපි දැක්කෙ එතැන්ට විතරයි) දුං ගසා ඉදවූ කෝලිකුට්ටු ගෙඩියක වගේ කලු ලප පිහිටීම නිසා ("යස ඕකට හොඳ වැඩේ කියා") අපි හිත යටින් සතුටු උනෙමු.

දැං මේ දිගංචියා කඩේ ඉස්සරහ හිටං ඉන්නා හැටියට පේන්ට තියෙන්නේ මිනිහා කොම්පියුටර් දැනුමෙන් සෑහෙන්ට හම්බුකරගෙන අවසානයේ දී මේ තට්ටු දෙකේ මහා බඩු කඩේ දමාගෙන ඇති බවය. ඒ තරං මහා වියාපාරිකයෙක් අපේ ඉස්කෝලේ ගිය, මං අඳුරන කෙනෙක් බව පෙන්නීම අනික් අය ඉස්සරහ මටත් ලකුණු වැටෙන වැඩක් හංදා මම දිගංචියා හමුවී මාව මතක දැයි අහන්න යන්නට දොර ඇරගෙන බිමට බැස්සෙමි. ඒ වනවිටත් දිගංචියා කඩේ අස්සේ අතුරුදහන් වෙලාය. ඒ හංදා මට දිගංචියා හම්බවෙන්නට නොහැකි විය.

එතැනින් ගත් බඩුමුට්ටුත් පටවාගෙන ටවුමෙන් පිටවීමෙන් පසුව මම දිගං මාමාගෙන් 'දිගංචියා' පිළිබඳ විමසුවෙමි.

"මාමෙ ඔය කඩේ අයිතිකාරය එළාර ඉස්කොලෙ සෑන්ස් කරද්දි අපිට ඉහළ පංතියෙ හිටියෙ"

"හෑහ්.. හහ් හහ් හහ් හා..."

"හිචි හිචි හිචි හිචි"

"ඇයි මොකෝ"

"ගාමිණි මුදාලිට දැං පනහත් පැනල. ඕගොල්ලෑ පංතියට කලිං පන්තියෙ ඉන්නෙ කොහොමද ඒ මිනිහ"

"ඇයි ඒ කඩේ අර දිගංචියෑ නෙමෙයි ද?"

"හෑහ්.... හහ් හහ් හහ් හා...."

"හිචි හිචි හිචි හිචි කැහ් කොහ් කොහ්"

"ආයිත් පිපිඤ්ඤ පලන්න තියාගත්තෙ කියාල්ලකො රෙද්ද"

"හිහ් හිහ් ... දිගංචිය ඒකෙ අයිතිකාරය නෙමෙයි"

"එහෙනං"

"මිනිහ ඒකෙ බඩු කිරනව"

තුනෙං හතරට දාන්න ගිය ජියර් එක දෙකට වැටුනි. ඒටීඑම් මැසිමෙං සල්ලි ගනිද්දි පෑං ඉරි ඇඳපු දාහෙ කොලයක් අතට ආවා වගේ මගෙ කට ඇරුනි.........

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com66tag:blogger.com,1999:blog-1142664932489180.post-64292574481337241312018-03-11T00:55:00.000-08:002018-03-11T00:55:02.399-08:00මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.

ලිවිල්ල මගේ වාසගමෙන්ම මට උරුම වෙච්චි එකක්. අපේ තාත්තගේ තාත්තා හෙවත් අපේ ආතා මොකද්දෝ ආරෝවකට ගමේ එකෙක් කොස් ගහක බැඳ තලා මෙලොවෙන් තොලොන්ජි කර ගම්පහෙන් පැනලා අපේ ගමට එත්දි උන්දැගෙ අයිඩිං කාඩ්ඩෙකේ පටලැවිලා ඒ වාසගමත් ආවා. 'ලියනගේ' කියා වාසගමක් තිබුණත් උන්දෑ මැල්ලුමක් වත් ලියන්නට දැනගෙන හිටියේ නෑ. මට හිතෙන හැටියට මේ වාසගම 'නලියනගේ' කියා ලියා තිවිලා පසුව 'න' යන්න හැලීයාමෙන් ඉතිරි වූ නටඹුනක් වෙන්ට ඇති. අාතාගේ පුතාලා, දූලා, මුණුබුරු, මිනිබිරි හැත්ත බුරුත්තටම නලියන ගතිය ඇති හන්දා ඒ තර්කය ඕනෑම විද්වතෙක්ට ඔප්පු කර පෙන්වන්න පුළුවං.

පසුකලක චූටි මැණිකේ මගේ ඇදයක් හොයා පදයක් හදන්නට අල්ලා ගත්තේ මගේ වාසගම.

"ඕගොල්ලංගෙ වාසගම ගත්තු ආදිකාලෙ මුත්තා මොකද්ද අනේ ඔය මඩවලේ ලිව්වෙ?"

මේ වගේ වෙලාවට ගේම දෙන්ට ඕනා හිතා බලා බැවින් මං මුසාවාදා යකාට දමා ටොංපචයක් ගෙතුවා.

"බොහොම ඉස්සර අපේ මුත්තෙක් රජ්ජුරුවන්නෙ වැඩකට ඊජීප්තුවෙ නගරෙකට ගිහිං තියෙනව"

"පයින්ද?"

"පයින්නැතුව ඉන්නකො. පයිං හරි කොලපතේ හරි. ඒක මෙතන්ට වැඩක් නෑනෙ...... ඕං ඉතිං අපෙ මුත්තා එහෙ යන කාලෙ ඒ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්ලු ලිවීම ගැන. ඒ මිනිස්සුන්ට බාසාවයි, අකුරුයි සේරමත් තිබිලා ලියන්න ක්‍රමයක් නැහ්ලු."

"ඒ මොකද ඒ."

"මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්සු දහ අතේ කල්පනා කරනවලු අපි මොකේදෑ මේ අකුරු ගනං හිලව් ලියන්නේ කියල. ලොකු මුදලාලිල එහෙම මිනිස්සු පනහ හැට කුලියට අරං තියාගෙන ඉන්නවලු ගනං හිලවු මතක තියාගන්න. එවුන්ට කන්ට බොන්ටත් දෙන්න එපෑ වෙනම. පුස්තකාලවල රාක්කවලත් ඉන්නෙ පොත් කටපාඩං කරපු මිනිස්සු ලු. ඒ හංද හුඟක් අය ගෙදර ගිහිං කියවන්න අරං යන්නැතුව පුස්තකාලෙදිම කියෝල යනවලු. ඇයි ඉතිං පොත් දෙකක් අරං ගියොත් සති දෙකක් යනකං කන්න බොන්න දෙන්න එපෑ පොත් දෙකටම. ඩික්සනරි එහෙම කට පාඩං කරං ඉන්නෙ එක ගමක්ම එක්කහු වෙලාලු. ලියුංකාරය ලියුං අරං එන්නෙ අස්පයො දෙන්න බැඳපු මහ කරත්තෙකලු. ඇයි ඉතිං ලියුම කියල එවන්නෙත් ඒක කටපාඩං කරපු මිනිහෙක්නෙ. අතිං දාලා වෙනස් කරල කියන හංදා ගෑනුංව ලේඛන විදිහට යවන්නෙ නැහ්ලු. ඔය පොඩි පොඩි වචන හතරෙ පහේ රිසිට්, තුණ්ඩු, ටෙලිකරං පණිවිඩ එහෙම වෙනුවට දෙන්නෙ ඒක කට පාඩං කරවපු ගිරා පොඩ්ඩෙක් හරි මයිනෙක් හරිලු.

"හිකි හිකි හිකි හිකි.... ඔන්න ඔතන පොලොව පැලීගෙනත් යනව"

"හා.. මං එහාට වෙන්නංකො. හරිද. ඔන්න ඉතිං ඔය නාටකේ දැකපු අපේ මුත්තා ඔයාගෙ ඔය කැකිරි පැලිල්ල වගේ නෙමෙයි සැටයොදුන් රක්ගල්තලා මස්තකයේ සිංහනාද කරන සිංහ රාජයෙක් වගේ හං හං හං හං හා..... කියල හිනාවෙලා ඒ මිනිස්සුන්ට මේං මෙහෙම කිව්වලු"

"මං ඔය ඇහුවමයි හං හං කියල මිනිස්සු හිනාවෙන බවක්"

"එහෙම තමා ඒ හිනාවෙ ගාම්බීරකම ලියන්න අකුරු නෑ. ඒකයි. නැත්තං ඕක එන්න ඕන විසාල ඝංටාරෙකිං එනව වගේ සද්දයක්... ඕං අපේ මුත්තා ඒ මිනිස්සුන්ට කියනවලු.. බොලල්ලා ඔය විදිහට කටපාඩං කරන්න ගියොත් බොලාට කාලෙකදි පිටරටිනුත් මිනිස්සු ගේන්ට වෙනව. ඔව්වා පාඩං කෙරුවාව වෙනුවට මොහොක හරි ලියා තියපල්ලා කියල. එතකොට ඒ මිනිස්සු කිව්වලු, තමුන්නැහැ කිව්වට අපි මොකේද ලියන්නෙ. හා කියමු බලන්න. කියල. ඒ ගමන අපේ මුත්තා එතන තිවිච්චි කුඹුරු ලියැද්දකිං මඩ ටිකක් අරං සාස්පාං පියනක තුනී කරල ඒ මඩ ටිකේ මතුපිට සිනිදු වෙන්ට කෙහෙල් කොලේකිං මට්ටං කරල හොඳ සමතලාවට හදාගත්තලු. ඉං පස්සෙ ඒ අහල පහල තිවිච්චි බෝඹු ගහකින් කෝට්ටක් කඩල අරං ඒ ළඟ හිටපු දෙතුං දෙනෙක්ගෙම නං ඒකෙං අර මඩ තට්ටුව උඩ ලිව්වලු. එයිං පස්සෙ එයිං එකෙට්ට දුන්නලු මේක ගෙහුං අව්වෙ තියල වේලන්න කියල. ඕං ටික වෙලාවක් රටතොට විස්තර කියෝ කියෝ කහට ඩිංගක් එහෙම බීල ඉවර වෙලා පැයක් දෙකක් ගිය තැනදි අපේ මුත්තා කලිං අව්වෙ තියෝපු මඩ තට්ටුව ගෙන්නුවලු. එතකොට ඒක හොඳට වේලිලා. අකුරු ටිකත් ගලේ කෙටුව වගේ බොහොම හයියට තියෙනවලු. ඒ ගමන මුත්තා ඒ මැටි පුවරුව සාස්පාං පියනෙං ගලෝල අරං ඒ මිනිස්සුන්ට දීලා කිව්වලු මේං මේ ආකාරයට ලියා තියාගන්න ඕන දේවල් මැටි පුවරුවල ලියා වේලලා තියාගනිල්ලා කියල. ඔය පහුගිය කාලවල ඊජිප්තුවෙං පුරාවස්තු හැටියට හම්බුවෙච්චි සේරම මැටි පුවරුවල ලියාපු ලේඛන අපේ මුත්තා කියා දුන්නු සාත්තරේට අනුව ඒ කාලෙ මිනිස්සු ලියපුව තමා."

"හිචි හිචි හිචි හිචි...."

"හිචි හිචි ගාන්න දෙයක් නෑ. ඒ බව දැනගත්ත ඒකාලෙ ඊජිප්තුවෙ රැජින වෙච්චි ක්ලියෝ පැට්රා මහ රැජින 'ඔය කොකිස් අච්චුව වගේ රටෙං ආපු උන්නැහැට රජ වාසලට එන්ට කියව' කියලා පණිවිඩයක් කටපාඩං කරවපු ගිරවෙක්ව කූඩුවක දාලා අපේ මුත්තා ගාවට යවලා මුත්තව රජ වාසලට ගෙන්නාගත්තලු. ඉංපස්සෙ ඒ රජවාසලේ සේවෙටත් බඳෝගෙන මඩ වල ලියූ බැවින් 'මඩවල ලියනගේ' කියල නම්බු නාමයකුත් දුන්නලු.

"හිචි හිචි හිචි හිචි. මොකද දන්නෑ ඉතිං උන්දැ ආපහු ලංකාවට ආවෙ. එහෙ හිටියනං එහෙම ඉන්න එපෑ."

"පස්සෙ කාලෙක මුත්ත එන්න පරක්කු හංදත්, යවපු එක මැටි පුවරුවකටවත් උත්තර ලියල ආපහු පුවරුවක් ආවෙ නැති හංදත් මේ මනුස්සයට මොකද උනේ කියල බලන්න මුත්තගෙ පවුල ගියාලු ඊජිප්තුවට."

"හැබෑට ඊට පස්සෙ"

"එයිට පස්සෙ වෙච්ච හරිය ඇලෙක්සැන්ඩ්‍රියාවෙ පුස්තකාලෙ මැටි පුවරුවක ලියල තිවුනලු. පහුකාලෙක පුස්තකාලෙ වහලෙ අබලං වෙලා වැහි වතුර වැටිලා ඒ මැටි පුවරුව දියවෙලා ගිහිං. ඒ හංදා මොකක් වුනාද දන්නෑ."

"මොනව වෙන්නද? කොහෙ හරි යන කාපීරි ගෑනියෙක්ටවත් දපනෙ වැහ්ලා එහෙම තප්පලං ගහගෙන ඉඳල අරුන්දැට අතට අහුවෙන්නැති. එවුන්දැත් ඉලපත් පාර දෙකක් දීල කනෙං ඇදගෙන එන්නැති ආපහු ලංකාවට. පේන්නැතෑ මේ මුණුබුරාගෙත් පේස්බුක් එකවුන්ටෙකේ අප්‍රිකාවෙ කාපීරි ගෑනුයි, ඉංදියාවෙ පඟර නැට්ටියොයි ගොඩ ගහං ඉන්න හැටි"

"ඒක නෙමෙයි කාරනාව. ඔය කලිං පොත් පාඩං කරගෙන අනුංගෙන් කකා බිබී හිටිය ලේඛන පවුල් වලට අපේ මුත්තා හිංද රස්සාව නැතිවුනානෙ. ඒ හංදා උං අපේ මුත්ත එක්ක තරහෙං ඉඳල තියෙන්නෙ. පස්සෙ උං අපේ මුත්තට ඔය ක්ලියෝ පැට්රා රැජිනිව ජෝඩු කොරල කටකතාවක් හදල තියෙනව. ඒ කටකතාව ඊජිප්තුවෙ වෙළඳාමෙ ගිය චීනෙක් මාර්ගෙං ලංකාවටත් ඇහිල්ලා. අපේ මුත්තා බොහොම රූප සම්පත්තිය තියෙන මිනිහ හංදා මුත්තගෙ පවුලත් ඒක විස්සාස කරන්නැති. අන්තිමට කොහොම හරි ඊජිප්තුවට රටක් වටින මිනිහෙක් නැතිවුනා. එයිං පස්සෙ තමා සීසර් ඊජිප්තුව අල්ලගත්තෙ. අපෙ මුත්ත හිටියනං ඊජිප්තුව....."

"ඔව් ඔව් හිටියනං සීසර්ට මඩ ගහල තමයි ආපහු අරින්නෙ...හුහ්.. මයෙ කට නිකං"

ඔය විදිහට වාසගමෙන් පටංගත්තු මගෙ ලිවිල්ල කඩදහියක ලියන එක දක්වා දියුණු කළේ අපේ මාමා. මට අවුරුදු තුන හතරක් විතර වෙද්දි අපේ මාමා වැඩකෙරුවෙ බොහොම දුෂ්කර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ළමයින්ට බෙදන්න ගෙනා අච්චු පොත් වලින් එක සිංහල අච්චු පොතක් අපේ මාමා මටත් ගෙනැල්ල දුන්නා. ඒ මදිවට කොහෙන්දෝ ගෙනා හෝඩි පොතකුත් අපේ ගෙදර තිබුණා. ඔය දෙකේම උදව්වෙං අපේ අම්මා තමුං දන්න විදිහට මට අකුරු කියෝන හැටියි ලියන හැටියි කියාදුන්නා. ඒ කාලෙ අපේ ගෙදර අපි තුන්දෙනා ඇරුණම අපේ තාත්තගෙ මල්ලිගෙ පවුලෙ කට්ටියත් පදිංචි වෙලා හිටියෙ. එතකොට අපි ඔක්කොම නම දෙනෙක්. බාප්පගෙ ළමයින්ට අකුරු කියෙව්වෙ අපේ තාත්තයි කුකුළු වැලකුයි. ඒ පවුලෙ ළමයින්ට පොඩි කාලෙ 'ර'යනු උෟනතාවයක් තිබුණා. ඒ හංදා මට අවුරුද්දක් විතර වැඩිමල් ජනක අයියට 'ර' යන්න වෙනුවට 'ස' යන්න වැළඳිලා තිබුණා. අපේ තාත්තා මේසෙ අයිනෙ පුටුවක ඉඳගෙන වං අතිං එක වසරෙ සිංහල පොත චිමිනි ලාම්පුවට කිට්ටු කරල අල්ලගෙන අනික් අතිං කුකුළු වැලත් අමෝරාගෙන ජනක අයියට අකුරු කියෝනව.

"හා ජනක ඕං මං කිව්වහම උඹ කියහං හොංද"

"හොලයි ලොකු චාච්චෙ"

"අයන්න"

"අයඤ්ඤ"

"මයන්න"

"මයඤ්ඤ"

"ර්රයන්න"

"සයඤ්ඤ"

"සයන්න නෙමෙයි බොල රයන්න. ර් ර් කියල සද්ද කරහං"

"ල් ල්"

"පොඩි මැණීකො. මේ කොල්ලෑ නාහෙ පිහදාහං. මුට හෙම්බිරිස්සාව හංද අකුරු කියවෙන්නෑ"

එතකොට කුඩම්මා තමුංගෙ සාය කොනකිං ජනක අයියගෙ නාහෙ හූරල ගන්නව.

"හා දැං කියහං ර යන්න"

"ස්රයන්න"

"ආ.. හරි එහෙනං එක පාර කියහං. අයන්න මයන්න රයන්න අ-ම-ර"

"අයංන මයංන සයන්න අ-ම-ල"

ඒ ගමන තාත්තගෙ අතේ තියෙන කුකුලු වැලෙං ජනක අයියට එකක් වදිනව.

"ව්යවු"

"අන්න හරි ලොකුඅයියෙ. ඕකුන්ට තලල මිසක්ක හදන්න බෑ. තවේකක් ගහන්න"

කුඩම්මයි බාප්පයි දෙන්නම අපේ තාත්තට තල්ලුවක් දෙනව. ඇඬුවොත් තව වදින හංදා ජනක අයියා ඇඟ අඹරෝලා ගුටිය ඇඟ පුරා බෙදා හරිනව. මේ වෙලාවට මං මගෙ ලොකුකම පෙන්නන්න හෝඩි පොත අතට ඇරං එක හුස්මට මහ හයියෙං කියෝගෙන යනව. එතකොට බාප්පයි කුඩම්මයි දෙන්නම තව හයියෙං බැනුම පටං ගන්නව.

"පෙනේද, පුතා තාම මොන්ටසෝරි යන්නෙවත් නැතුව පොත එක හුස්මට කියෝනව. මුට බෑ තාම. තවේකක් ගහන්න තියෙන්නෙ."

මේ වෙලාවට අපේ අම්ම මාව කුස්සියට ගෙන්නෝනව.

"උඹ කටවහගෙන හිටහං ජනකෙයට තව ගුටි ගස්සන්නැතුව"

ඒ විදිහට අකුරු කියවිල්ල පටං ගත්තු මට මොන්ටිසෝරි යන්න කලිං ජෑන්ති අක්කගෙ ඉස්කෝල පොත් ටිකත් කියවන්න පුළුවං උනා. එදා අපේ තාත්තගෙ අකුරු කියවිල්ල හරි නොගිය ජනක අයියට අද සිංහල, දෙමළ, ඉංග්‍රීසි බාසා තුනමත් මැලේසියාවෙ බාසාවත් පවුලගෙ බාසාව වන ඉන්දුනීසියන් බාසාවත් එක්ක ඔක්කොම බාසා පහක් විතර පුළුවං ලු.

ඊළඟට ඉස්කෝලෙ යන කාලෙ එකේ දෙකේ පන්තිවලදි කරුණාවතී මිස්ගෙන් එහෙම මගෙ අකුරුවලට බොහොම වටිනාකමක් ලැබුණා.

"ළමයො, මෙයිට වඩා හොඳයි ලොකුවිතානෙ වෙදමහත්තයෑ අකුරු. බේස්සීට්ටු ලිව්ව වගේනෙ"

"තයන්නයි, නයන්නයි, කයන්නයි එක්කොම එක වගේනෙ"

"අනිද් දවසෙ මෙහෙම ලිව්වොත් විසික්කරනව පොත පිටිම්ම දොට්ට"

"සොරොස් ..... තක් (පොත පන්තියෙං එලියට විසිවී බිම වැටෙන හඬ)"

යන්තං තුන වසරට එද්දි කයන්නට යටි පැත්තට තට්ටං දෙකක් තියෙන්න ලියන්න ඕන බවත්, තයන්නේ බඩ පිරෙන්නට ඕන බවත්, නයන්නේ පස්ස උඩ ගිහිං දිමියා වගේ වෙන්න ඕන බවත්, යයන්නේ දකුණු පැත්තට විතරක් කණක් තියෙන්න ඕන බවත්, පයන්න බත් මුට්ටිය වගේ අඳින්න ඕන බවත්, සයන්නට යයන්නෙ වගේම තට්ටං දෙකක් එක්කම දෙපැත්තටම කං තියෙන බවත්, වයන්නේ ඔලුව ඇවිත් කට අස්සෙ රිංගන්න ඕන නැති බවත් ආදී අකුරු සම්බන්ධ බව වල් ටික දැනගන්නට මට පුළුවං උනා. පොඩි කාලෙ බාප්පගෙ ළමයින්ට ලොකු කං පෙන්නපු පව මට පළදුන්නෙ එහෙමයි.

මගෙ ලිවිල්ලකට මුලින්ම නම්බුවක් දුන්නෙ හතර පහ වසරවලදි අපේ පන්තිය බාරව හිටපු නිලන්ති මිස්. බුකිය පැත්තෙ යන්න හැටියක් නැති හංදා එතුමිගෙ පොටෝ එකක් මෙතෙන්ට ගේන්න හැටියක් නෑ. ඒ කාලෙදි ශිෂ්‍යත්ව විභාගෙට අනුමාන ප්‍රශ්න පත්තර බරගානක් හදවලා කොහොම හරි අපිව ගොඩදාන්න උත්සහ කරපු එතුමිය ඒ හැම ප්‍රශ්න පත්තරේකම අගට රචනාවකුත් ලියෙව්වා. එක දවසක් මාතෘකාව තිබුණේ 'මගේ රට රැකගන්නට යුධ බිමට යන්නට ලැබුනොත්' වගේ මොකක් හරි එකක්. ඒකට ලියපු රචනාවට මට ලකුණු විස්සෙං විස්සම ලැබුණා. මයෙ රචනාව එදා එතුමිය මුළු පන්තියටම ඇහෙන්න කියවල වර්ණනාවක් කළා. අනික් පහේ පන්තියෙ චන්ද්‍රා මිස් මයෙ පොත ගෙනිහිං එයාගෙ පන්තියෙත් කියෙව්වා. සිකුරාදා සාහිත්‍ය සමිතියෙදිත් ඒක කියවන්න මට සිද්දවුනා. නිලන්ති මිස්ට පිං සිද්දවෙන්ට ටියුෂන් පංති නොගිය මායි, දිමුතුයි දෙන්නම සිස්සත්වෙ පාස් වුනා. අවුරුදු දහයකට වැඩි කාලයක් නිකගොඩ හංදියෙ ජයන්ති මහ විද්‍යාලෙ පහ වසරෙ ළමයින්ට අපේ සිස්සත්වෙ පාස් වීමේ වාර්තාව පහුකරන්න බැරි වුනා.

ඊළඟට මං කලවානේ ජාතික පාසලට මාරු වුනා. අපේ තාත්තට ආයිමත් මාව දෑහැට පේන්න බැරි කාලයක් උදාවුනා. ඒ ගමන මයෙ පිහිටට හිටියෙ මගේ කල්යාන මිත්‍ර තුසිත ධර්මප්‍රිය. කොල්ලො තුං දෙනෙක් හිටිය ඒ ගෙදර හතර වැනි ළමයා වෙන්න මට පුළුවං උනා. කියවන්න පොත් ඕන තරං තියෙන, තුං වේලට කෑම බීම ඕන හැටියෙ තියෙන, කියවන්න ඕන තරං පොත් තියෙන ඒ ගෙදර මට කවි කතන්දර ලියන්න ඕන තරං නිදහස තිබුණා. ගෙදර දෙවෙනි ළමයා වන 'දේශප්‍රිය'ත් මමත් හාප්සීට් කොළවල ලියලා, බ්‍රිස්ටල් බෝඩ් වලින් පිටකවරෙ දාපු කතන්දර පොත්, කවි පොත් ගණනාවක් හැදුවා. ඒවා නාස්තියක් හැටියට නොසලකපු තුසිතගෙ තාත්තා වැඩ ඇරිලා ගෙදර එත්දි අපිට ඕන ලිපි ද්‍රව්‍ය ගෙනත් දුන්නා. ඒ පොතක් අච්චු ගහන්න ඕන කිව්වම රෝනියෝ ස්ටෙන්සිල් කොළ පවා කොහෙන්දෝ හොයල ගෙනැල්ලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපේ පොත් අකුරක් නෑර කියවලා එව්වාට විචාරයකුත් දුන්නා. උපාධිධාරී ගුරුවරියක් වෙච්චි තුසිතගෙ අම්මත් අපේ පොත්වල අකුරක් නෑර කියෙව්වා. වාසනාවට පහුගිය මාසෙ තිබුණු දේශප්රියගෙ විවාහ උත්සවේ වෙලාවෙදි තුසිතගෙ අම්මගෙත් තාත්තගෙත් පොටෝ දෙකක් ගන්න මට පුළුවන් උනා. ඔය පහළ පොටෝ දෙකේ මං එක්ක ඉන්නෙ ඒ දෙන්නා.

මැණිකේ මොලමුරේ මැතිණිය

හින්නිමහත්මයා නරසිංහ මහතා

අවුරුදු ගානක් මාව තමුන්ගේ ළමයෙක් වගේ රැක බලාගෙන, තැපැල් නයින්ටියේ තියාගෙන අපි හතර දෙනාවම ඉස්කෝලෙ ගෙනිහිං, ඇල්පෙනෙත්තක දෙයක් අඩුපාඩු නොකර මට ඉගෙනගන්න පාර කපා දුන්නා වගේම ආගම දහමට යොමු කරලා දහම් පාසල් යවලා යහපත් මිනිහෙක් කරලා යහපත් සමාජ ඇසුරක් ලබාදීලා මාව හදාවඩාගත් පිනෙන් එතුමාටත් එතුමියටත් තව චිරාත් කාලයක් කිසි ලෙඩක් දුකක් නැතුව බොහොම සතුටින් ජීවත් වෙන්ට වරම් ලැබේවා!

ඒ කාලෙන් පස්සෙ ආයෙමත් මට ලියන්නට කාලයක් ආවෙ බ්ලොග් කියවීමෙන්. රන්දිකා රණවීර අක්කාට අයිති නමුත් රවී වීරසිංහ උන්නැහැ විසිං අඳේට ලියාගෙන යන නිදහස් සිතුවිලි බ්ලොග් එකේ මං දාපු කොමෙන්ට් එකක මොකක් නමුත් හොඳක් දැකපු ඉන්දික කොඩිතුවක්කු අයියා මට 'ලියාපං' කියලා ඊමේල් එකක් එවා තිබුණා. ඒ වගේම තව කීප දෙනෙක්ගෙ තල්ලුව එක්ක පටං ගත්තු බ්ලොග් ලිවිල්ලට වටිනාකමක් එකතු කරල දුන්නේ අටං අයියාගෙ අටං පහුර සහ මාතලන්ගෙ සින්ඩිය. යන්තම් දෙතුන් සීයක් දෙනා කියවපු ලිපි දාහක් දෙනා කියවන තැනට ප්‍රසිද්ධ කරල දුන්නෙ ඒ දෙන්නා. අද වෙත්දි තවත් සින්ඩිකේටර් ගණනාවක මේ ලියවිල්ල පේන්න තියෙනවා. බුකියට යන්ට විදිහක් නැති හංදා මාතලං සහ අටං වරුන්ගේ පොටෝ මෙතැනට අමුණාගන්නට හැටියක් නැතුවා වගම ඒ දෙන්නා පෙනී සිටිනා මගේ ලඟ ඇති පින්තූරද දෙනෝ දහක් බලන තැනකට දාන්ට සුදුසු තත්වයේ නැත.

බොහොම කාලයක් ලියවෙන්නැතුව තිබිලා අද ආයිමත් පටන් ගත්තු මේ ලියවිල්ලට නිකං ඉන්න වෙලාවට තනිකං දෝසෙ හදනා බුකි කුමාරයාගෙං වන දෝස ඇත්නං, යූටියුබ් යස්සයාගෙං වන බන්ධන ඇත්නං, හුලංකියා (airtel) සමාගං පෙරේතයාගෙං වන දත්ත මන්දගාමී හූනියං ඇත්නං, මේ ආතුරයාගේ පින්තූර දැක "හානේ හරිම ලස්සන බෝයි කෙනෙක්" කියා කාන්තාවන්ගෙන් වන ඇස්වහ කටවහ හෝවහ දෝසාන්දකාර ඇත්නං, ඒ සියල්ලම දූරිංභූත වී හැම ඉරිදාටම එක ලිපිය ගානේ ලියන්නට හැකියාව ලැබේවා!, ලියනා ලිපි "මොන හජ්ජරාවක්දැ" යි කියා සිතා මකා දාන්නට නොසිතේවා!, ස්වස්ථි සිද්ධම්.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com109tag:blogger.com,1999:blog-1142664932489180.post-12570562179491754132018-01-21T02:34:00.001-08:002018-01-21T02:34:48.225-08:00මග නොදැන ගිය ගමන

අපි දෙන්නාට මෙතෙක් කලකට ගමං යාමේ උණක් තිබුනේ නෑ. තියෙන දෙයක් උයා පිහාගෙන කාගෙන දවසෙන් වැඩි කොටහක් බුකිගත වීමෙන් රටේ ලෝකෙ දෙයක් හොයාගෙන ගෙට වැදී ඉඳීමෙන් සසර ගෙවා ගැනීම තමයි අපේ එකම අරමුණ උනේ. උපන් දා සිට ඊළඟ පැය අපේ ඉරණම කොහොම විසඳෙයිද කියා නොදන්නා අරුම පුදුම කල්ලතෝනි ජීවිත දෙකක් දෙපැත්තක ගෙවපු අපි දෙන්නාගේම පොදු මතයේ හැටියට මනුස්සයෙක්ට හම්බකරගෙන කන්න රස්සාවකුත්, ඉන්න හිටින්නට තැනකුත්, අඳින්නට ඇඳුං දෙක තුනකුත් ඇතිනං ඒ තමයි ජීවිතේ සැප. ඉතිං අපි දෙන්නා එයිට අමතර වසයෙන් හැමදාම හවසට කාටුන් එහෙමත් බලන හංදා අපේ ජීවිතේ සුඛෝපභෝගී එකක් නෙවැ. (කවදා හරි දවසක ආණ්ඩුවෙ ගෙවල් නැති තැනකට ස්ථාන මාරුවක් ලැබුනොත් එදාට මේ සැප හබක් බව හැබෑව)

මෙහෙම ඉන්නා අතරේ මොකද්දෝ කතාවක් ඇදීගෙන ගිහිං ඒ කෙළවර මට දැනගන්නට ලැබුණා චූටි මැණිකේ උපන්තේකට අනුරාජපුරේ ගිහිං නැති බව. කොටිම්ම අවුරුදු විස්ස ලබන තෙක්ම උන්දෑ ගිහිං තිබුණේ දකුණු පලාතෙං ගාල්ලටත්, බස්නාහිර පලාතෙං කොළඹටත් විතරයි. මගෙත් එක්ක නුවරඑළිය හරහා නුවරට ගිය ගමං කීපෙත් එක්කහු වුනාම රටෙං මහා ලොකු පදාසයක්ම චූටි මැණිකේ අඩිය තියපු තැං නෙවෙයි. ඒ ගමන අපි කල්පනා කළේ මේ ඉන්න අල්ල පනල්ලේ අනුරාධපුරේ ඇවිදින්නට ගියොත් හොඳයි කියල.

ඒකට අවශ්‍ය ලොකුම අඩුව වන වාහනේ අපි කලින්ම අරගෙන තිබුණා. අපි මේ වෙනකං ඒකෙන් කළේ වාහනේ දුං සහතිකේ ගන්නට දුං අල්ලන ස්ථානයට යාම, අඩු පාඩුවක් ආවොත් හදන්නට ගැරිජ් එකකට යාම, ආදායං සහතිකේ ගන්නට බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාම, අවුරුද්දකට වතාවක් වාහනේ බාරෙ අලුත් කරන්නට කතරගම යාම, මාසෙට සැරෙයක් ගෙදරට බඩු මුට්ටු ටික ගේන්නට මීටර් දෙසීයක් විතර දුරිං ඇති සුපර් මාකට් එකට යාම, ඉඳලා හිටලා ගමේ ගිහිං ඒම විතරයි. ඒ හංදා වාහනේ අටානූවක් හංදි දිගෑරෙන්නට මේ වගේ ගමනක් ගිහිං ඒම අවුලක් නැති වග අපිට හිතුනා. ඉතිං වැඩිකල් නොයවාම මං අපේ ඔලු කාර්යාලයට (head office) කතා කෙරුවේ අනුරාධපුරේ තියෙන අපේ දෙපාර්තමේන්තුවට අයිති නිවාඩු නිකේතනය වෙන් කරගන්න. එතනිං දැනගත්තු විදිහට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙනකං එක දවසක්වත් ගන්න බැරි තරමට හැමදාටම එතන පොත් (book) වෙලා ඉවරයි. අපිත් එක්ක එකට ඉගෙනගත් දන්නා අඳුරන අය ඒ අහල පහල කිලෝ මීටර් විස්ස තිහ දුරින් හිටියත් අපේ ඕනාවට යන ගමන කාටවත් කරදරයක් වෙන්න යන එක හරි නෑ. ඒ අතරේ දියතලාවෙ පුහුණු වෙච්චි කාලෙ අපිට අල්ලපු කාමරේ හිටිය අපේ කණ්ඩායමේ කෙනෙක් අපි දෙන්නට නවතින්න අපේ දෙපාර්තමේන්තුවට අයිති පූට්ටු කඳවුරක් ලෑස්ති කරල දුන්නා. ඉස්සර කාලෙ ලංකා මැනුම් කරද්දි තාවකාලික මැනුම් කඳවුරු විදිහට පාවිච්චි වුන මේ පූට්ටු කඳවුරු සමහර ඒවා දැං මේ විදිහට ස්ථිරේටම එක එක තැන්වල හයිකරල තියෙනව. එයින් අනුරාධපුරේට ගෙනත් හයිකරපු එකක් තමයි අපේ නවාතැන.

දැං ගමනට වාහනෙත්, නවතින තැනත් ලැහැත්තියි. ඊළඟට බලල් කටයුතු. අපි පහුගිය සැරේ ගමේ ගිය වෙලාවේ අධ්යයනයකිං සොයාගත් පරිදි බළලුන්ට කේ.පී හතරක ප්‍රමාණයත්, නාන්න තරං ලොකු වතුර බේසමකුත්, තැම්බූ මාලු පන්සීයක් විතර සහ හාල්මැස්සන් දෙසිය පනහක විතර ප්‍රමාණයකුත් පිඟන්වලට දමා තියා ගියවිට අහල පහල ගෙවල්වල පදිංචි 'ටීචර්' සහ 'බෑනා' ඇතුළු සියලු බළලුන්ට පැය 48 කට වැඩි කාලයක් පූස් සොමියක් ගන්නට පුළුවන්. ඒ හංදා මෙදා සැරෙත් ඒ පූස් සොමිය ගන්නට අපි සතොසෙ මාලු කඩේ සාදර අනුග්‍රහයෙන් (අපේ වියදමින්) පාටියක් සෙට් කරල දුන්නා.

වැඩක් කරන්න යද්දී කිසිම බාධාවක් සිද්ධ වුනේ නැතොත් හරි නැති හංදා නන්නාඳුනන විෂබීජ කණ්ඩායමක් මට උණ මිශ්‍රිත හෙම්බිරිස්සාවකුත් ඒ මදිවාට උගුරේ මහා සෙංගෙඩි ඵලදාවකුත් දෙන්නට තීරණය කලා. අන්තිමේ දී දෙපාරක් බෙහෙත් අරගෙන උණ එළවා දැම්මත් අනික් ලෙඩ ටික එළවන්නට තවත් වෛවර්ණ බෙහෙත් පෙති, කරල් එක්ක බිව්වහම පාවෙන වර්ගයේ පැණියකුත් දෙන්නට වුනා.

අපි දෙන්නාට සතියකට ඇතිවෙන තරං රෙදි පිරවූ බෑක් දණ්ඩක්, ලීටරේ වතුර බෝතල් මහ ගොඩක්, බල බැංකු (power bank), ආරෝපක (charger), දත්ත රැහැන් (data cable), සූරිය පැනල ආදී අත්‍යාවශ්‍ය බඩු ලන්දක්, පොල්තෙල්, හඳුංකූරු, අලුත් ඇඳුමක් ආදී පූජා භාණ්ඩ පටවාගෙන අමතක වෙච්චි දේවල් මොනවාදැයි බලන්නට පැය ගානක් සැරින් සැරේ එව්වා කොනක ඉඳන් ගැන බැලීමෙන් තවත් පැය ගානක් පරක්කු වුනායින් පස්සෙ උදේ පාන්දර පහට විතර අපි දෙන්නා ගෙදරින් පිටවුනා.

මහියංගනේ කිට්ටුවදී දිය සලකුණු තැබීමට නතර වූ තැනක්

ඒ වෙත්දිත් හත් අටදෙනෙකුගෙන්ම පාර අහගෙන ඒවා මතක තියාගන්නට ගිහිං මගේ ඔලුවේ ඇඳිලා තිබුණු සිතියම තම්බි තොප්පියක් වගේ එකක්. ඒ හංදා මහියංගනයෙන් එහාට පාරෙ ඉන්නා මිනිස්සුංගෙං පාර අහගන්නට අපි තීරණය කරගත්තා. ගූගල් සිතියම පාවිච්චි කරන්නට ගිහිං නුවරදී මට්ටු වුනායිං පස්සෙ ආයෙමත් ඒ ගැන හිතන්නටවත් මං කැමති නෑ. එයිං ගන්නට පුළුවං ලොකුම ප්‍රයෝජනේ ටෙලිපෝන් එකේ බැටරිය බස්සා ගැනීමත්, තමුන් ඉන්න තැන කාටවත් විස්තර කරන්නවත් බැරි විදිහට අතරමං වීමත් කියන දෙක විතරයි. ඒ හංදා අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව, ත්‍රීරෝද රථ සංගම්, කඩපාලු සංගම්, බෝක්කු සංගම්, ඒකාබද්ධ ටියුෂන් සිසු එකමුතු, කොළපාට බෝඩ් සහ ශ්‍රී ලංකා පොලීසිය කියන මං සලකුණු වලට මුල් තැන දුන්නා.

පළමුවෙන්ම මහියංගනයෙන් දඹුල්ලට යන පාර කියාදුන්නේ බස් එකක් එනතෙක් බස් නැවතුමක සිටි කෙනෙක්. ඒ මහතා පෙන්වා දුන් පාරෙ පැයට හැතැක්ම හතලිහේ වේගෙන් පැය බාගයක් විතර මංගැච්චුවට පස්සෙ අපි පළවෙනි මංමුලා වැල පාගාගෙන බව මට දැනෙන්න ගත්තා. ඒ බව තහවුරු කරපු පාර අයිනේ සිටි ටියුෂන් යන දරුවෙක් කීවේ අපි ඉන්නේ අම්පාරට යන පාරේ බවත් තවම එහෙං දඹුල්ලට යන්ට පාරක් නැති හන්දා, ආපහු මහියංගනේට ගිහිං අසුවල් බේකරිය ලඟින් ඇතුලට පාරෙ යන්න ඕන බවයි. අපි ආපහු හරවාගෙන පැයට හැතැක්ම පනහේ වේගයෙන් මහියංගනේට ඇවිල්ලා එතනිං දඹුල්ලට යන පාර හොයාගත්තා. එයිං පස්සෙ හම්බුවෙන හැම හන්දියකින්ම නැවතිලා එක්කෙනකුගෙන් පාර අහගත්තා. ඊළඟට පළවෙනියටම හම්බුවෙන කෙනාගෙන් ඇත්තටම ඒ 'අසුවල් දිහාවට' යන පාරද කියල තහවුරු කරගත්තා. ඒ විදිහට අහලත් සමහර වෙලාවලදී පාරවල් වැරදිලා කිලෝමීටර් අට දහය ඉබාගාතේ ගිය වෙලාවලුත් තිබුණා. සමහරු පාර කිව්ව විදිහට ඒ හරියෙ ග්‍රාමසේවක රාලහාමිටත් පාර වරදිනව.

"කෙලීම්ම ගිහිං ඇල ගාවින් මේං මේ පැත්තට හැරෙන්න"

එක්කෙනෙක් අතින් පෙන්නපු දිහාව හරියටම වැටෙන්නෙ ඔරායන් තරු රටාව ඇතුළට හරි සෙනසුරුගෙ වළලු සෙට්ටෙක මැදට හරි.

"ඔය ඉස්සරහිං තියෙනව ලොකු ................ ගහක්. එතනිං මෙහෙක්ට"

ඒ කියන ............. ගස් ජාතිය මං දන්නැති බව කිව්වම පාර කියපු කෙනා මූන වට්ටියක් වගේ කරගෙන මා දිහා බලං ඉඳලා ඒ ගස් ජාතිය අඳුරගන්න හැටි විස්තර කළා.

"ඉස්කෝලයක් හම්බුවෙයි. ඊට කලින් තියෙන හංදියෙන් දකුණට නිපොන් පාලම"

තව එක්කෙනක් වමට අත දික් කරල කිව්වා. අපිත් ඉස්කෝලෙ හම්බුවෙනකං ගිහිං ආපහු හැරිලා ආවා. එතකොට පාළම වමෙන් දකුණට මාරු වෙලා.

ඒ පාරවලුත් සෑහෙන හොඳයි. සමහර පාරවල්වල පාර පළල් නොකරම කාපට් දාලා මැද ඉරත් ගහලා. අසෝක අධිරාජ්‍යයාගේ පරම්පරාවේ ලේලන්ත රථයක් මූනට එනකොට වාහනේ කිහිල්ලෙ ගහගෙන නියරකට පනින්න ඕන. එහෙම නැත්තං ඇස්දෙක පියාගෙන කලිං කරපු පින් සිහි කරගන්න ඕන. ඒ අතරෙ තැනින් තැන බුලත් කොලේ හැඩේට හෑරිච්ච අලි නාවන්න පුළුවං වළවලුත් තියෙනව. නොදැක එව්වයෙ වැටුනොත් වාහනේ විතරක් නෙවෙයි වාහනේ යන මිනිස්සුංගෙ ඇටකටු වලිනුත් සීනු හඬ මතුවෙනව.

ඒ විදිහට පැය ගානක් රස්තියාදු වීමෙන් පස්සේ දඹුල්ලේ රත්තරං පන්සලේ බුදු පිළිම වහන්සේ දකිත්දී ජීවමාන බුදුහාමුදුරුවන් දැක්කා තරං සන්තෝසයි. අපි කොහොම හරි දඹුල්ලටම ඇවිල්ලා නොවැ. ඒ වෙත්දිත් බදුල්ලේ ඉඳලා දඹුල්ලට එන්න පැය 6 කට වැඩි කාලයක් ගත්තු එකම එළවන්නා විදිහට මම වාර්තාවක් තියල ඉවරයි. එතන ඉඳලා ඒ9 පාරෙ කෙලින්ම අනුරාධපුරේට කියල හිතාගෙන දකුණට හරවලා ඉස්සරහ බලත්දිම වට රවුං, හන්දි පෝලිමක් අපි එනමග පිලිගන්නට බලං ඉන්නව. ඒ හන්දා පාර අයිනෙ නවත්තලා කාගෙන් හරි පාර අහන්න හදත්දිම අපිට ආශිර්වාද ලැබෙන්න ගත්තා.

"මේ ... ඕක අහකට ගන්නෝ... මෙතන අපේ පාක්කෙය. පේන්නැද්ද?"

"මෙතන කස්ටමස්ලගෙ වාහන විතරයි"

"No parking"

"පෑං... පැක් පැක්... බීක් .......කොපිරට කොපි රට, දං ගර පට කුඩ, දං ගර පටකුඩ"

ත්‍රීරෝද සංගම්, රෙදි කඩවල සිකුරුටි මහත්තුරු, එලෝලු ලොරි, වැලි ටිපර්, හාල් ලොරි, ඩබල් කොන්දොස්තර දාපු පුල් එන්ටටෙන්මන්ට් වීඩියෝ කෝච් අපේ පස්සෙං එලෙව්වා.

අපි ආරක්ෂාව පතා සුදුපටිධාරී ට්‍රැෆික් මහත්තුරු දෙන්නෙක් ළඟ නැවැත්තුවා. එතනට අරක්ගත්තු කවුරුත් හිටියෙ නැති නිසා අපට ඉතුරු වටරවුම් ප්‍රහේලිකා ටික විසඳගන්න ක්‍රමේ අහගන්න පුළුවං වුනා. එතන ඉඳං අපේ ජනප්‍රියම ක්‍රමේ වුනේ පොලිසියෙං පාර අහන එක.

ඒ9 පාරට අපි සියුමැලි වැඩියි කියල තේරුං යන්න මහ වෙලාවක් ගියේ නෑ. ලංකාවේ දකුණු කෙලවරේ තියෙන හැම ගමකින්ම යාපනේ බලා විදින ලේලන්ත රථ ඔක්කොම යන්නෙ ඒ පාරෙ. කොටිම්ම ඇන්ටාක්ටිකාවෙන් සයිබීරියාව හරහා ආක්ටික් වෙනකං යන එව්වත් යන්නෙ ඒ පාරෙ වෙන්න ඕන. එක හෝන් පාරෙං පාරෙ තියෙන වාහන ටික පිඹල අහකට කරන එහෙව් බස් යන්තරවල හුලං පාරට අපිව නිකම්ම වැනිල යනව. පිටේ හයිකරපු නගුල් උස්සගෙන තව යායක් බලා ඉගිලෙන ටැක්ටරයක්, එලෝලු අදින ඩිමෝ බට්ටෙක්, ලෑන්මහත්තයෙක් ඇරෙන්න වෙනිං වාහනයක් පහුකරන එක අපිට කරන්න අමාරු වැඩක්.

අන්තිමට අනුරාධපුරේ පූජා නගරෙට කිට්ටු වෙත්දි දවල් දොලහ පහුවෙලා ඉවරයි. ජයග්‍රාහී පැය 7 ක විළිලැජ්ජාසහගත ගමනකිං (පැයට හැතැක්ම විසිගානක වේගෙකිං) අනුරාධපුරේට සේන්දු වෙච්චි අපි ඉතාමත් මරි මෝඩ විදිහට ගිනියං දවාලේ සිද්ධස්ථාන වඳින්න යන්න පටං ගත්තා. ආයෙමත් පාර අයිනේ හිටිය ටියුෂන් ළලනාවියෝ දෙන්නෙක්ගෙං පූජා නගරෙට යන පාර ඇහුවා.

"මෙහෙං යන්නත් පුලාං.."

එක්කෙනක් දබරැඟිල්ලෙං රවුමක් ඇඳල පෙන්නුවා.

"ඔආලට ඕන්නං මේං යන්නත් පුළුවං"

අනික් එක්කෙනා වමට කැරකුණ වාලම්පුරියක් වගේ ඇඳල පෙන්නුවා. අපි වාලංපුරිය තෝරගත්තා. ඒ පාර අපිට වැරදුනේ නෑ. පළවෙනි වට රවුමෙම සේරම සිද්ධස්ථානවලට යන පාරවල් ලකුණු කරල තිබුණා. කෙලින්ම ශ්‍රී මහා බෝධිය ගාව වාහන නැවතුමේ නවත්තල සෙරෙප්පු සේරමත් වාහනේම දාල තියල තෙල් බෝතලෙයි, හඳුංකූරු පෙට්ටියයි අරගෙන සැදැහැ සිතින් තාර පාරට අඩිය තිබ්බා. සුදු ඉරේ හිටිය පොලිස් රාලාමි වන්දනා නඩ ආපු බස් දෙකක් එක හස්ත සංඥාවෙන් නවත්තලා අපිට පාර පනින්න ඉඩ හදල දුන්නා. මල් විකුණන කඩ තියෙන්නෙ අපි කලින් හිටපු පැත්තෙ බව දැක්කෙ එතකොටයි. ආයිමත් සුදු ඉරෙං මෙහාට පැනලා මල් කඩ තියෙන පැත්තට කිට්ටු කළා.

දෙමළ චිත්තරපටිව ඉන්න මැරයො වගේ ලොකු මාල දාගෙන, උඩු රැවුල වවාගෙන කමිසෙ බොත්තං හතරම ඇරගෙන මහ සද්දෙට කෑ ගහන මල් මුදලාලිලා තමුන්ගෙ කඩේ ඉඳං යාර ගානක් එළියට අත් දික්කරගෙන අපිට තර්ජනේ කලා.

"මේන්ඩ... මෙං ගන්ඩ මල් ආ....හ්"

"ඔය නෝනා... මල් ගන්ඩ මේං.. ඔයෙ යන්ඩෙපා"

බොහොම බයානක පෙනුමක් තිබුණ මල් මුදලාලි කෙනෙක් අපි වගේම බයවෙලා හිටිය මල් මිටක් අපේ අතට දීල සල්ලි ටික උදුරගත්තා. තව තැනකිං හතර කොන නවපු කාඩ්බෝඩ් කෑල්ලක් උඩට මල් ටිකක් ගුලි ගහල හදපු "මල් වට්ටියකුත්" අපේ අතට පැන්නා. ඒ මල් සේරම උඩු අතට හරවලා පූජා කරන්න සුදුසු තත්වෙකට හදාගන්න අපිට තවත් විනාඩි ගානක් ගියා.

ඒ වෙත්දි ශ්‍රී මහ බෝධියට ඇතුල්වෙන පඩිපෙල ගාව ඉහලින් ගේට්ටුව වහල ඉවරයි.

"පූජා වට්ටි ගන්නෙ තව පෑකින්. දැං ගත්තට කන්ලව් කරන්නෑ. කප්මාත්තුරු කෑමට ගීල්ල"

ගේට්ටුවට ඇතුලෙං හිටිය සුදු සූට් ඇඳපු අය ගේට්ටුවෙං පිට හිටපු පළතුරු වට්ටි ගෙනා සැදැහැවතුන්ට තරවටු කලා.

"අයියෝ... ඒ තරං වෙලා ඉන්න බෑනෙ"

සැදැහැවන්තියක් පලතුරු වට්ටියෙ වහපු මැස්සෙක් එලෙව්වා.

"කරන්දෙයක් නෑ"

සුදු සූට් කාරයා ගෙරෙව්වා.

චූටි මැණිකෙගෙ මූන බිමට පාත් වුනා.

"මේ මල් වට්ටිය තියන්න බැරිවෙයිද?"

මං මල්වට්ටිය අරගෙන ගේට්ටුව ගාවට කිට්ටු කලා. බනිස් කෑල්ලක් දැක්කම ලකියගෙ කං දෙක කඩාහැලෙනව වගේ අසරණ මූනක් හදාගෙන සුදු සූට් කාරයෙක් දිහා බැලුවා.

"මහත්තයා... අනේ මේ අපි වෙනුවෙං මේ මල්වට්ටිය පූජා කරන්න පුළුවනිද? ඔබතුමාට බොහොම පිං."

සුදු සූට්කාරයා මගෙ මූන බැලුවා.

"කෝ දෙන්න."

සුදු සූට් කාරයා මගෙ අතින් ගත්ත මල් වට්ටිය ශ්‍රී මහ බෝධියෙ මල් අස්න උඩිං තියද්දි පහල මලුවෙ ඉඳං චූටි මැණිකෙ හිනා වුනා.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com116tag:blogger.com,1999:blog-1142664932489180.post-20242982792360610612017-11-26T04:28:00.001-08:002017-11-26T05:11:33.128-08:00තොරණ හෙවත් Pandol ඉවරයි

තොරණ -1

තොරණ -2

තොරණ -3

තොරණ -4

තොරණ -5

තොරණ -6

තොරණ -7

වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ 'හොඳවෑං දෙකක් අනින්න' බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ගහගන්න ඉඩ මදිවෙනව. එතකොට ඒ පොදියෙං එලියට විසිවෙන 'වලි ජෝඩු' වෙනම ගහගන්නව. එතකොට සෙනග වැඩි හංදා මහ වලියට නොයා හිටපු අය ඒ සිඟිති වලියට පැනල ඒක ලොකු කරන්න දායක වෙනව. ඔය විදිහට බෝවෙන ලෙඩක් වගේ මහපාර, කාණු, කඩපිල් වහගෙන වලිය පැතිරිලා යද්දි

"පොලිෂ්යෙන් පොලිෂ්යෙන්"

කියල දෙතුං දෙනෙක් කියනව. අසුරු සැනෙං වලියෙ වටේට හිටපු රෑනක්ම සක්කොලක් නැතුව දුවනව. තමුංගෙ ළමයි, ගෑනු එක්ක ඇවිල්ලා හිටපු අය එක තප්පරෙං වලියෙං අහකට පැනලා සරොං පාත දාගෙන තමුන්ගෙ ගෑණිගෙ අතේ හිටිය ළමයව උදුරලා අරං වඩාගන්නව. තමුංගෙම ළමයි නැති අයත් ඊළඟ තප්පරේදි තම තමංගෙ හිතවතුන්ගෙ වැඩිපුර ඉන්නා ළමයිංගෙං කෙනෙක්ව ණයට අරං වඩාගන්නව. ඊළඟ තප්පරේදී ඒ අවට ඉන්න අවුරුදු හතේ අටේ දඬු ළමයි පවා කකුල් බිම ගෑවි ගෑවි වඩාගැනිලා ඉවරයි. තමුන්ට ලැබිච්චි මේ අලුත් තාත්තා කවුදැයි කියල ඒ ළමයි බලද්දි අලුත් ගොමගොඩවල්වල පාට කලිසං කමිස ඇඳලා, කලුම කලුපාට තොප්පි දාලා, ඉස්සරහට දිලිසෙන තහඩු කෑල්ලක් හයිකරපු කලුපාට පටියකිං තුනටිය වෙං කරපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් විසාල පැටිග්නම් කූරු වගේ පොලු කෑලි දෙකක් අරගෙන එතනට සේන්දු වෙනව. ඒක දකින පොඩි ළමයි රැලක්ම අඬන්න පටංගන්නව.

"වාව අල්ලය්යල්ලෙෆා.... වං වත් කලවා......"

"වංගායි වොල්ටිසෝලි යල්ලැතුව ඉල්ලෑ......"

"වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ....."

අම්මලා තමුංගෙ ළමයින්ට බත් කවන්න, උංව මොන්ටිසෝරි යවන්න, හෙලුවැල්ලෙං නටනකොට ඇඳුං අන්දන්න වගේ වැඩවලට පොලිසියෙ නම විකුණපු හැටි එළියට එනව. පොලීසියත්, ටවුමෙ ඉන්න පිස්සො කීපදෙනත්, ගමේ ඉන්න බඩවල් තඩි බයානක පාට මිනිස්සු කීපදෙනත්, ග්‍රාමසේකර රාලාමිත්, හග්ගුඩු බිල්ලා, ගොරෝන හප්පා, බ්‍රහ්ම කටක ලොම්බා, ළමයි අල්ලන බිල්ලා වගේ ජීවිතේට කිසිම කෙනෙක් දැකල නැති කීප දෙනාත් නැත්තං අපේ ගමේ ළමයි හාමතේ, හෙලිවැල්ලෙම්ම මැරිල යනව.

තවමත් වලිය තිවිච්චි හරියෙං අයිං වෙලා වෙස් මාරුකරගන්න බැරිවෙච්ච කීප දෙනෙක්ව රාලහාමිලට අහුවෙනව. රාලහාමිලත් ඒ අස්සෙ ඉන්න ඇඟපත මහතට තියෙන එක්කෙනක් දෙන්නෙක්ට හෙමිහිට මාරුවෙන්න ඉඩ ඇරලා කෙට්ටු අය කීප දෙනෙක් විතරක් අල්ලගන්නවා. ඒ අයට සට පට ගාල කනේ පාරවල් දෙක තුනකුත් වදිනව.

"අනේ සාලාමි ගාන්නෙපා."

කෙට්ටු අය රාලාමිලට වඳිනව. රාලහමිගෙ ඉනේ තියෙන කූරක් අමුණපු කලුපාට කවකටු පෙට්ටිය බෙරිහන් දෙනව.

"ෂාෂා ෂාෂෂෂාෂාෂා... සොරෝස්."

රාලහාමිත් ඒ පෙට්ටිය අතට ඇරං ඊට වැඩිය සැරෙං පෙට්ටියට කෑ ගහනව. එතකොටම නිල්පාට ගාපු පොලිස් ජිප්පෙකත් එනව. රාලහාමිල දෙන්න ඒකෙ පිටිපස්සෙ දොර ඇරල කෙට්ටු මිනිස්සු ටික පටෝගන්නව. තව එක්කෙනෙක් ඇතුලෙ ඉඳං කෑ ගහනව.

"මෙච්චරද ඉන්නෙ?"

බිම ඉන්න රාලහාමි කෙනෙක් ආයිමත් සෙනග අතරෙ ඉන්න ළමයි වඩංගෙන නැති කෙට්ටු මිනිහෙක්ව ඇදල අරගන්නව.

"අනේ මං මේ මුකුද්දන්නෑ සාලාමි"

එයා පිංසෙන්ඩු වෙනව. ඒ එක්කම ගෑණු කෙනෙක් ළමයෙක්ව වඩාගෙන එතනට පනිනව.

"අනේ රාලාමි මගෙ මිනිහ සණ්ඩුවට ගියෙ නෑ."

රාලහාමි ඒ ගෑනු කෙනාට ඇඟිල්ල උරුක්කරල සැර කරල එළවගන්නව. රාලහාමිල දෙන්නත් ජිප්පෙකට නැගල දොර වහගන්නත් කලිං ජිප්පෙක පොලිසිය දිහාවට ඉගිලෙනව. ඉං පස්සෙ මිනිස්සු තම තමංගෙ ළමයි මාරු ඇරගෙන "යස වැඩේ ඕකුන්ට සණ්ඩුවලට යනවට" කියලා පොලිසියට අහුවෙච්චි අයට බැණ බැණ තොරණ දිහාවට යනව.

අපිත් සෙනග පොදියට අහුවෙලා තොරණ දිහාවට ඇදිල යනව. ඒ අතරමගදි යකෙක්ගෙ කටක් අස්සෙං රිංගලා දිසානායක කඩේ පිළිකන්න පැත්තට යන්න තියෙන "අපාය" කියන එක බලන්න යන්න සමහර අම්මලට ඕන වෙනව. ඒ යක් කට ඉස්සරහ තියෙන බපල් පෙට්ටිවලිං ඇහෙන ලතෝනි සද්ද එක්ක එතනිං අඩියක්වත් ඇතුළට තියන්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒ වුනාට තමුංගෙ ඇට්ටර ළමයි මට්ටු කරන්න ලැබිල තියෙන "අපායෙං" වැඩක් ගන්න හිතාගෙන අම්මලා ළමයිංව ඒකටම ඇදං යන්න හදනව.

"යමං තොට පෙන්නන්න අට්ටරකං කොන්න එවුන්ට වෙන එව්ව පෙන්නන්න."

අපායට යන තැන ටිකට් කඩන මිනිහත් ඒවට උල්පන්දං දෙනව.

"එන්න. ඇට්ටර ළමයි මේක බැලුවහම ආයි කිසියම්ම කිසි දවසක ඇට්ටර වැඩ කරන්නෑ"

සමහර ළමයි එතැනදි 'ඇට්ටර වැඩ කිරීම, රණ්ඩු කිරීම, දෙමව්පියන්ට බැණීම, කුණුහරප කීම, සීනි, උම්බලකඩ හෝ පොල්බෑය හොරෙං කෑම, නහය හෑරීම, ඇද ඇල්ලීම, සෙල්ලං බඩු ඉල්ලීම, කඩචෝරු ඉල්ලීම,' වගේ වැරදි ජීවිතේට නොකරන්නත් ඒ වෙනුවට 'හැමදාම ඉස්කෝලෙ යාම, බඩ පිරෙන්නම දෙන දෙයක එක්ක බත් කෑම, පාන්දරිං ඇහැරීම' වගේ හොඳ දේවල් කරන්නටත් පොරොන්දු වීමෙං එතනිං ගැලවෙනකොට අපායට ටිකට් දෙන යම රජ්ජුරුවන්ගෙ මූණ ඇදවෙනව.

තොරණෙ ආධාර කවි කියන එක නැවතිලා ඒ වෙනුවට ජාතක කතාව කියන්න පටං ඇරගෙන. ඒ අතරෙ දුරාවාරෙ ලැබෙන ආධාරත් රිංගවනව.

"තුන්වෙනි කොටුවෙන් පේන්නේ අප මා බෝසතානං වාන්සේ තමංගෙ යහළු මිත්රයින් සමග බඩු භාණ්ඩ පටවාගෙන රුවල් නැව්වල නැගිලා පිටරටවල්වල වෙළඳාමේ යන්ට පිටත් වෙනවා. එහෙම පිටත්වෙන්ට කලින් තමන්ගෙ මෑණියන් වාන්සේ හමුවෙලා මෙහෙම කියනව."

"දට්ටොහ්ටොහ් දට්ටොහ්ටොහ්

මගෙ පින්බර මෑණියනේ මා කියනා දේ අහන්න..

මේ බඩු ටික විකුණන්නට පිටරටකට ගිහිං එන්න...

නැව් නැග යන්නට තිබෙනව මගෙ මිතුරන් සමග ඔන්න...

ඒ ගමනට ගිහිං එන්ට මට ඔබෙ අවසරය දෙන්න..

දබද් දබද් දොක්"

"බෝසතානෝ මෙහෙම කියනකොට.......ඈ... නම කියන්න හා.

පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා....."

ආච්චි අම්මා කරේ තියෙන සාලුව වැලමිටේ දාගෙන වැඳගෙන බණ කතාව අහනව. උන්දැට ඉලක්කං බැරි හන්දා සැරිං සැරේ කියන ඉලක්කංවලට අදාල කොටුව පෙන්නා දෙන්න අපිට සිද්දවෙනව.

"අර කොණ්ඩෙ උඩට ගෙඩ්ඩ වගේ හිටින්න බැඳපු මිනිහෙකුයි සාරියයි බොඩියයි ඇඳපු ගෑනියෙකුයි ඉන්න එක තමයි ඔය කිව්වෙ ආච්චම්මෙ."

"අර බුදුහාන්දෘවො ඉඳං ඉන්නවට පල්ලෙං මේ පැත්තෙ තියෙන්නෙ"

"ගෑණියෙක් නෙමෙයි ළමයො පව් සිද්ද කොරගන්නැතුව හිටාං. ඒ දේවින්නාංසෙ කෙනෙක්. අර ඉන්නෙ කුමාරය"

ආච්චි අම්මත් මාවයි චන්දරෙ මාමලෑ අයියයි අක්කයි පාපෙං ගලවා ගන්න අපි ලව්වත් වන්දවන් හදනව. අපිත් වැඳගන්නව. හැම කවියක් අන්තිමේදිම රබාන "දබද් දබද් දොක්" කියපු ගමං ආච්චි අම්ම සාදු කියනව. ඉං පස්සෙ සාදු කියන්න කියල අපිවත් බය කරනව.

"සාදු කියහල්ල. නැහ්නං පව් සිද්දවෙනව"

අපි තුන්දෙනත් පව් නැතිවෙන්න සාධු කියනව. කවිකාරයත් ආධාර ටිකට කවි කියල ආයිමත් ආධාරයක් එනකං ජාතක කතාව කියවනව.

"ඊළඟ පස්වැනි කොටුවෙන් පේන්නෙ මේ පිරිස මහා සාගරයේ වෙළඳාමෙ යද්දි විසාල කුණාටුවකට අසුවෙන අවස්ථාව.

"සාගරේ කුණකටුවො ඉන්නවද අම්මෙ?"

ඒ අතරෙ නෝනක්කා අහනව.

"කුණකටුවො නෙමෙයි පුතේ කුණාටුව. හයියෙං හුළඟක් එන එකනෙ ඒ කියන්නෙ."

විශාල රළ ගෙඩිවලට නව්කාවන් අසුවෙලා ඒ මේ අත විසිවෙනවා. වෙළෙන්දන් දෙවියන්ගෙන් බේරාගන්න කියා ඉල්ලනව"

"දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

මහ විසාල කුණාටුවක් සාගරයේ හටගන්නව...

මහ නැව් රුවලුත් ඉරමින් මහ විනාසයක් කරනව..

දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

මහ රළගෙඩි පෙරලීගෙන ඇවිදින් නැව්වල හැපෙනව...

අන්තිමේදී බෝසතුන්ගෙ නැව පෙරලිල ගිලී යනව..

දබද් දබද් ටොක්..."

"සාදු සාදු සා.....දු"

පවෙන් බේරෙන්න හිතාගෙන අපිත් සාදු කියනව. වටේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනාවෙනව.

වෙනදට බඩට වැටෙන බත් ටික නැතිවීමත්, නිදාගත්ත වෙලාව පහුවීමත්, හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදීමත්, හංදා කවි හතරක් පහක් ගතවෙද්දි තවදුරටත් කොයි තරං පවු සිද්ධවුනත් වැඳං ඉන්නත් සාදු කියන්නත් බැරි තත්වෙට අපිව පත්වෙනව. එතකොට ඒ හේතුවලට අමතරව ළමයි වඩාගෙන ඉඳීම කියන හේතුවත් එක්කහු වෙලා ලොකු අයටත් තොරං බැලිල්ල එපා වෙනව. ඇට්ටරකමට අල්ලගෙන ඉන්න ආච්චි අම්මටත් හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදෙද්දි උන්දැම ගෙදර යන්න හේතුවකුත් හොයාගන්නව.

"මේ ගෑනු සැරිං සැරේ සුපියල් දහය විස්ස දික්කොන්නොව අතන ගිහිං. අර මනුස්සයට ජාතක කතාව කියාගන්නවත් දෙන්නෑ. ඔන්නොහෙ යමල්ල යන්න."

හැමෝටම ඒ වචනෙ ඇති. ආච්චි අම්මගෙ හිත වෙනස්වෙන්න කලිං අපි ආපිට හැරෙනව. තව ඩිංගෙං තොරන් පොලෙං යන්න වෙන හන්දා මොනව හරි සෙල්ලම් බඩුවක් ගන්න හිතාගෙන අපි වටපිට බලද්දි ළමයින්ට ඒ කිසිම දෙයක් නොපේන්න බස් එකට නැගගන්න උවමනාවෙං අම්මා මාව වඩාගෙන සෙනග මැදිං විදිලි වේගෙං ආපහු යන්න පටං ගන්නවා. සෙල්ලං බඩු වෙලෙන්දන්ගෙ වාසනාවට ඒ වෙත්දි අපිට යන්න බස් එකක් නැති වෙනවා. බස් එකක් එනකං ඉන්න අතරෙ අත කැපෙන බෙලෙක් ලංගම බස් එකක්, මුද්දෙං අදින නලාවක්, 'පර්ර්ර්ර්ර්' ගාන නලාවක් වගේ සෙල්ලං බඩු කීපෙකුත් අරගන්න චන්දරෙ මාමලගෙ අයියටත් මටත් පුලුවං වෙනව. අපි එහෙම දෙයක් ගන්න හැම වෙලාවකදිම 'හුලං බබා' තරං ඔය කිසිම සෙල්ලම් බඩුවක් ලස්සන නැති බව නෝනක්කට කියන්න අපේ අනික් හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ

"මිං පස්සෙ තෝව කිසියම්ම කිසි තැනක එක්ක යන්නෑ"

"ආයි කිසිම බඩකඩිත්තුවක් ඉල්ලුවට ඇරං දෙන්නෑ"

වගේ දැඩි තීරණ මට දැනුං දෙන්නත් අපේ අම්මට සිද්ද වෙනව.

එතනම කැරකෙන වඩේ කාරයො, කඩල කාරයො කීප දෙනෙකුත් අපේ අම්මගෙ පොකට් එකේ බර අඩු කරගන්න උදව්වෙනව.

තවත් පැය ගාණක් බලං, හිටං, ඉඳං, ඇවිද ඇවිද හිටියට පස්සෙ පාං ගෙඩ්ඩක් වගේ බස් එකක් ඇවිල්ල නවත්තනව. කොන්දොස්තරටවත් බහින්න ඉඩ නොදී මිනිස්සු බස් එකට නගිනව. බිම ඉන්න අය පොඩි ළමයින්ව ජනෙල්වලින් බස් එක ඇතුළට දානව. සෙනගට තෙරපිලා නෝනක්කගෙ 'හරි ලස්සන හුලං බබා' පුපුරණව. මිනිස්සු තමුංගෙ කණ ගාව පුපුරපු එක මොකද්දැයි බලද්දි ඒ ඉඩෙං අපිව ඇතුලට තල්ලු වෙනව. ඒ විදිහට බ්ලොක් ගලක් අස්සෙ වැලි කැට හිරවෙනව වගේ තදවෙලා පැය ගානක් හිටං හිටියට පස්සෙ තවත් සෙනග පොදියක් දොරේ එල්ලගෙන, සිංදු කියන, කෑගහන බීපු මිනිස්සු, බෙරිහං දෙන ළමයි, තොරණෙ ඕපදූප කතාවෙන ගෑණු, ආදිය පටෝගෙන බස්සෙක පිටත්වෙනව. ලයිට් නැති ඒ කාලෙ මගක් තොටක් හරියට හොයාගන්න බැරි හංදා තමුං බහින තැනට කලිං නැත්තං පහුවෙලා හරි බැහැගන්න මිනිස්සු නිදිමත බේරිබේරි ගෙවල්වලට යද්දි අපිත් හන්දියෙං බැහැල නිදිමතේ වැනි වැනී ගෙදර එනවා.

ආච්චි අම්මගෙ 'බැටලියෙ' පිහිටෙං පල්ලම බැහැගන්න අපිට තාත්තව ඇහැරවගන්න තව වෙලාවක් යනව.

"ඒයි"

"බොලේ"

"ඕයි"

"බොලේ"

අම්ම එහෙම කතා කරද්දි නැන්දයි ආච්චි අම්මයි

"ලොකුවයියේ"

"ලොකුවයියේ"

"ලොකු ළමයෝ"

"ලොකුඑකෝ"

කියල කෑ ගහනව. ඒ අතරෙ අම්ම මගේ අත අඹරෝල මට තර්ජනේ කරනව.

"තාත්තෙ කියහං"

"කියහං යකෝ"

මං කට හොල්ලන්නෙ නෑ. දොරගාවට ගිහිං දොරට ලනුව දාන්න දොර පියන හිල් කරල තියෙන තැනට කිට්ටු කරල මං ගෙනාපු නලාව පිඹිනව.

"පර්ර්ර්....පෑර්ර්ර්"

ගේ ඇතුලෙං දඩිබිඩි සද්දෙකුත් එක්ක දොර ඇරෙනව. මාව පස්සට විසිවෙනව. තාත්තා දොර පොල්ලත් අරං එලියට පනිනව.

"ඔහිටු පර බ්බල්ලා තොගෙ අඬු..."

ආච්චි අම්ම මාව පස්සට අරං උන්දැගෙ කෙසඟ සරීරෙ ඉස්සරහට ගන්නව.

"උඹට මොකා වැහිලද ලොකු එකෝ. කුම්බකරනෙය වගේ බුදි. ගං ඔන්නොය දොරපොල්ල මෙහෙට."

ආච්චි අම්ම මාව බේරල තාත්තගෙ අතේ තියෙන දොරපොල්ල අරගන්නව.

"අම්ම කෑ නොගහ ඉන්න. මුගෙ ඉලන්දාරිකම ගාන්ට වැඩියි."

තාත්තා ආයි ගොරෝනව.

"උඹක් ගිහිං බුදියහං. මුන්දෙන්නටත් බුදියන්න ඇරල. කටවහගෙන"

අම්මයි මායි ගෙට යද්දි තාත්තත් අපිට ඔරෝගෙන ගෙට ඇවිල්ල මගෙ නලාව ඇදල ඇරං බිම දාල පාගනව. නලාවෙ කට චප්පවෙලා යනව. ආච්චි අම්මා එක අතකිං දොර පොල්ලත් අරගෙන පල්ලම බහිද්දි නැන්දා ඊට පස්සෙං ටෝච්චෙක අල්ලගෙන යන්න යනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com67tag:blogger.com,1999:blog-1142664932489180.post-17168911014047835842017-10-29T02:01:00.001-07:002017-10-29T02:02:54.569-07:00තොරණ හෙවත් Pandol - 7 වලිය

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව.

"පොඩි බබාගෙ විනෝදේ.... පොඩි බබාගෙ විනෝදේ.... බබ්බු බබ්බු බබ්බූ...."

මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං මෙහෙම අහනව.

"බොට ඕන්ද එකක්"

අපේ අම්මත් ඒක මගෙන් අහනව.

"එපා"

මං කියනව. අනික් ළමයිත් එහෙමම කියනව ඇති.

"අර අනික්වෑං එකක් ඇරං දෙන්නං"

බැලුංකාරය ගාව තියෙන තැඹිලිපාට බැලුං බෝල තුන හතරක් දිගටි බැලුමකිං අමුණපු "තැඹිලි වල්ලක්" කියල කියන තවත් ඒ වගේ බැලුං සුකුරුත්තමක් පෙන්නල අම්ම අහනව.

"මටේපා ඒ හොරි පොකුර"

මං අඩිය පොලවෙ හප්පල කියනව.

"හිටාං තොට කිසියාම්ම කිසිදෙයක් ඇරං දෙන්නෑ. අම්පා"

අම්මා ආච්චිඅම්මව ඇපේට තියල දිවුරනව.

ළමයි ඉතාම සතුටට පත්වෙන පැනි රහ කෑම ජාති, බීම, අයිස්ක්‍රීම් වගේ කෑමක්වත්, වයිං කරන, බැට්ටි කෑලිවලින් වැඩකරන සෙල්ලං බඩුවක්වත් අරන් දෙන්න මේ වගේ ඇඟිල්ලෙං ඇනල අහන්නෙ නැති මහ අය කිසිම වැඩකට නැති මේ වගේ බහුබූත අරන් දෙන්න නං සෑහෙන මහන්සි වෙනව. ඒ විතරක් නෙවෙයි ඒවා සෙල්ලං බඩු විදිහට පිළිගන්න කියලත් තර්ජනේ කරනව.

"වෙනිං කිසියම්ම කිසි දෙයක් අරං දෙන්නෑ" කියල තර්ජනය කරල බොහොම අමාරුවෙන් එයිං එකක් අරගන්න නෝනක්කව කැමති කරගන්න චන්දරෙ මාමලෑ නැංදට පුළුවං වෙනව. අපි හැමෝම ගිහිං බැලුංකාරයව වට කරගන්නව.

"ඕකක්කීයද?"

"බබෙද්දායයි, තැඹිලිවල්ලප්පාලවයි"

"බබෙද්දෙන්න"

බැලුංකාරයගෙ ඉන වටේට පැකැට් කීපයක් එල්ලල තියෙනව. බැලුංකාරය කිහිල්ලෙ ගහං ඉන්න හුලං පොම්පෙ අගිස්සට අර පැකැට්ටෙහෙකිං ගත්තු බැලුම් බෝලයක් අරගෙන හයිකරලා හුලං ගහනව. බැලුම්බෝලෙත් ගහ්ලබු ගෙඩියක් වගේ දිගටියට පිම්බෙනව. වෙලෙන්දා බැලුම පොම්පෙං ගලෝල අරං හුලං පිටවෙන්න නොදී කට හිර කරගන්නව. ඊළඟට තව පැකැට්ටෙකකිං ගන්න දියකූඩැල්ලෙක් විතර හීං බැලුමකටත් හුලං ගහනව. හුලං පාරවල් තුනෙං දියකූඩැල්ලා ගැඩවිලෙක් වෙලා, අහරකුක්කෙක් වෙලා, කොහු මිටක් විතර මහත වෙනව. ඒ වගේ දිය කූඩැල්ලො දෙන්නෙක් කොහු මිටි කරලා ගන්න වෙලෙන්දා කලිං පුම්බපු ගස්ලබ්බෙ අගිං ඩිංගක් මෙහා හරියෙං අල්ලල මිරිකලා හීං කරනව. ඊළඟට ඒ හීං වෙච්චි තැනට එක දිගටි බැලුමක මැද හේත්තු කරලා දෙකොන ඒ වටේට පටලවනව. අනික් දිගටි බැලුමත් අරගෙන ගස්ලබ්බෙ හුලං ගහපු කට ගාවටඑක කොනක් තියලා පටලවනව.

බැලුං බබෙක්

අපි බලා ඉන්දැද්දිම වෙලෙන්දා බබෙක් හදල ඉවරයි.

"ආ"

මේ අරුම පුදුම සුකුරුත්තම නෝනක්කගෙ ඇඟේ ගහන වෙලෙන්දා චන්දරෙ මාමගෙ අතේ තියෙන රුපියල් දහය ඇදල ගන්නව. මේ මොන ජාතියෙ සතෙක්ගෙ බබෙක්ද කියල හිතාගන්න බැරුව නෝනක්ක වටපිට බලනව. නෝනක්කා මේ සුකුරුත්තමට අකමැති වෙන බවක් දකින චන්දරෙ මාමලෑ නැන්දා

"ආනේ..... මේක නං හරිම ලස්සනයි. කාටවත් දෙන්නෙපා."

කියලා තමුං මේ අරං දුන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සෙල්ලං බඩුව බව නෝනක්කට පෙන්නන්න හදනව. අපේ අම්මත් පුලුවං තරං කට ඇරලා පුදුම වෙච්චි බවක් පෙන්නලා ඒ තරං අලංකාර සෙල්ලං බඩුවක් කිසියම්ම කිසි තැනක නැති බවත් "මේ මූට ඒකක් ගන්න පිනක් නැති" බවත් කියලා චන්දරෙ මාමලෑ නැන්දට උදව්වෙනව.

"ඒ උනාට මේකෙ කකුල් නෑනෙ"

මගෙ කට ඇරෙනව. එතකොටම අපේ අම්මා මගෙ කට මිරිකල සද්දෙ වහනව. අන්තිමට මේ තරං අය කියන එකේ තමුන්ට හම්බුවෙලා තියෙන්නෙ ලෝකෙ තියෙන හොඳම සෙල්ලම් බඩුව වෙන්නැති කියල හිත හදාගන්න නෝනක්කට පුළුවං වෙනව.

"අඟහරු ලෝකයෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය. එන්න නර්රඹන්න. ප්‍රීතිවන්න"

තව තැනක තියෙන කඩ කාමරයක් ඉස්සරහ බැඳල තියන හතරැස් පීකර කටක් කෑ ගහනව. චන්දරෙ මාමලගෙ නැන්දට බය වෙන්නට තියෙන එකම හේතුව වන හුලං බබා ගැන මගේ අදහස් දැක්වීම හුළඟෙ යනවා. මට කුරුමිට්ටො බලන්න ඕන වෙනව. යන්තං ඉස්කෝලෙං අයිං වෙච්චි ගමං සල්ලි හම්බු කරගෙන දුරදක්නයක් අරං වහලෙ උඩ හයිකරගෙන "කඹරු ඉකෙයා" වගේ වෙන්න හිතා ඉන්න මට, විජය පත්තරේ මැද පිටුවල තිවිච්චි ඇපලෝ රොකට් සනුහරේම පොතක අලෝපු මට, අඟහරු ලෝකෙං ආපු කුරුමිට්ටො බලන්න නොයා ඉන්න පුළුවන්ද?

"අම්මෙ යං අම්මෙ"

"කොහෙද"

"කුරුමිට්ටො බලන්න"

"අනෙක් කටවහං හිටාං."

"අනෙ යංකො. එක පාරක් යංකො."

"මයෙ ගාව සල්ලි නෑ"

"අනෙ තීනොව. අර බැලුංබෝල ඇරං දෙන්නං කිව්වෙ. ඒ සල්ලි ඔලිං යංකො."

"කටවහං"

"මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං"

අපි දෙන්නගෙ වාදෙ මැද්දට චන්දරෙ මාමලෑ නැන්ද පනිනව.

"මොකදක්කෙ"

"මේ මුට කුරුමිට්ටො බලන්න යන්න"

අම්මට කලිං මං උත්තර දෙනව. මගෙ කට වහන්න නියම වෙලාව මේක බව හිතන චන්දරෙ මාමලෑ නැන්ද මගෙ පැත්තට උදව්වට එනව.

"යං අක්කෙ ඒකත් බලන්න"

මිනී පෙට්ටිවල මිනිය වටේට දාන බලුප් වැල් දෙක තුනක්ම වටේට එල්ලපු දොරක් ගාව ඉන්න මිනිහෙක් අඟහරු ලෝකෙට යන්න අපෙං සල්ලි ගන්නව.

"හැමෝම දික් කොරන්නෙ සීයෙ කොල, කවුරුවහ්ම මාරු සල්ලි ගේන්නෑ"

මිනිස්සුන්ට බැණ අඬගහන ගමන් ඉතුරු සල්ලි බේරන අඟහරුවා අපිව කඩේ ඇතුලට තල්ලු කරනව.

"දොරකඩ ටැක්ගැහෙන්නැතුව ඇතුල්ට යනවලා."

කඩේ ඇතුළ කිරි නැන්දගෙ දේවාලෙ වගෙයි. කිරිනැන්දගෙ දේවාලෙ ඇතුලෙත් ඉන්න රත්තරං බඩු පැළඳගෙන සාරි ඇඳපු දෙයියො එක්කොමත් තිර රෙද්දකිං වහල ඉන්නෙ. ඒ වගේම මෙතනත් පියං හතරෙ ජනේලයක් විතර කොටහක් තිරේකිං වහල තියෙන්නෙ. දොරකඩ ඉන්න මිනිහා බැන බැනා කඩේ ඇතුලට තල්ලු කරන සෙනග පැන්සල් ඇහිරුවා වගේ පිරිලා ඉඩක් නැතිම වෙනකොට මිනිස්සු කෑ ගහන්න පටං ගන්නව.

"අපික් කුරුමිට්ටො කියල හිතුවදෝයි. මේකස්සෙ වෙන ඉඩ නෑ..."

එතකොට දොරකොඩෙං ඔලුව ඇතුලට දාන අඟහරුවා ඒකට උත්තර දෙනව.

"බැයිනං යනව යන්න. හැබැයි සල්ලි අහපහු දෙන්නෑ"

අන්තිමට දොර උලුවස්සෙං ඇතුලට මනුස්සයෙක්ව රිංගවන්න බැරිවෙන තරම් පිරුණට පස්සෙත් එක මිනිහෙක්ව දොරකඩ වැහෙන්න තියන අඟහරුවා එලියෙ ඉඳං දොර වහනව. දොරකඩ හිටපු මිනිහව මිරිකිලා ඇතුලට විසිවෙනව. ඒ විදිහට සම්පූර්ණයෙං වහපු කාමරේ ඇතුලෙ කසාය මුට්ටියක් ගානට රත්වෙනකොට, පොඩි ළමයි දෙතුන් දෙනෙක් අඬන්න පටං ගන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනව.

"හූ...චු...හූ...චු....හූ...චු..හුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචු"

ඒත් එක්කම තිරේ දෙපැත්තට ඇරෙනව. ඉපදිලා සතියක්වත් නැති පොඩි ළමයි තරං උස මිට්ටො තුන්දෙනෙක් මගෙ කොට කලිසං විතර දිග දික් කලිසනුත් ඒ තරම්ම කොට කමිසත් ඇඳලා දනිස්ස ගාවට විතර උස සපත්තු දාලා ඔලුවටත් හෙල්මට් දාගෙන තිරේ පිටිපස්සෙං මතුවෙනවා. ඒ හෙල්මට්වලිං ඒරියල් කූරු දෙක ගානෙ දික්වෙලා. හෙල්මට් වලයි ඒරියල් කූරුවලයි හැමතැනම අස්සජි හාමුදුරුවො හදාදිපු බුදු රැස්මාලාවෙ ජාතියෙ පාට පාට කලාමැදිරි බලුප් නිවි නිවී පත්තු වෙනව.

කුරුමිට්ටෝ

හුචුහුචුව නැවතිලා සිංදුවක් පටං ගන්නව. ඉස්සරහ ඉන්න අය කුරුමිට්ටංව හොඳටම පෙන්නන්න හිතාගෙන තමුංගෙ ළමයිංව වඩා ගන්නව. අඩි පහේ දෙමව්පියන්ට අඩියක් දෙකක් උස ළමයගේ උසත් එක්කහු වුනාම පිටිපස්සෙම ඉන්න අයට මොනවත් පේන්නැතුව යනව. එතකොට පිටිපස්සෙ ඉන්න අය කලුපාටිං කෑ ගහනව.

"ඔය ළමයි පාත් කොරල අල්ලගන්නවකො. අපිට පේන්නෑ."

එතකොට ඉස්සරහ ඉන්න අය කොළ පාටිං උත්තර දෙනව

"පේන්නැහ්නං ඉස්සිලා බලනව. අපි මේ පොඩි එවුන්ට පෙන්නන්නෙපෑ"

ඉස්සරහ අය උත්තර දෙනව. ඒ අතරෙ පිරිමි කෙනෙක් නිල්පාටිං සිංදුව පටං ගන්නව.

"පාවෙන පිරිසියක්කුඩ නැගලා පිටසක්කොලකිං මෙහාට වැහැලා ආවේ කුදකට ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ...

අපිනන්නෑ කවදාවක් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් අහමුද වටපිට බලලා කුරුමිට්ටෝ....

කොයිදේසේ ඉඳලද එන්නේ.....

කුරුමිට්ටොත් එව්වට රතුපාටිං උත්තර දෙනව

"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"

"මෙහාට ආවේ කුමකටද"

"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"

ඔය විදිහට සිංදුව කියවෙද්දි කුරුමිට්ටො ටික තමුන්ට පණ තියෙන බව පෙන්නන්න ඕන හංදා අතපය හොලවන ගමං මොන්ටිසෝරියෙ ළමයි මල් නැටුමට ඔලුව හොලොවනව වගේ ඔලුවත් හොලවනව. කකුල් හොලවන්නෙ නෑ. ඒ වෙනුවට සපත්තුවෙ අගිස්ස විතරක් යංතං හොලවනව. ඒ අතරේ ඉස්සරහ පේලියෙ ළමයිංගෙ දෙමව්පියොයි පස්සෙ පේලියෙ පිරිමියි අතර වලිය දරුණු වෙනව.

"ගහනව තොපෙයි පැටවුංගෙයි ඔලුකටු කුඩුවෙන්න"

"ගහපියව් බලන්න. තොපිට දෙන්නෙ මොලකැටි විසිවෙන්න"

"තොපි වරෙව්කො තපස්සරකන්දෙං යන්න."

"දවසට පැය කීයක්ද එහේ.......

"හැච හැච හෑ චෑ හැච හැච හෑ"

"නැත්තං අපි උඩින්ද බොල යන්නෙ"

"කටවහගන්නවලකො ඕයි."

"අපිට මේක බලන්න දෙන්නැද්ද තවුසෙල"

"අරූට කට වහගන්න කියනව. අපි නෙමේ ඌනෙ පටංගත්තෙ"

වලිය දරුණුවටම ඇවිලෙද්දි සින්දුවෙ අග හරියට ඇවිල්ල සිංහලෙං කියන කෑලි ටික ඉවරයි. කුරුමිට්ටො විතරක් අන්තිම ටික කියනව.

"වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව් වව් වා..."

ඒ ටික ඉවර වෙද්දී පටං ගනිද්දි තිබිච්චි හුචු හුචු සද්දෙ ඇවිල්ලා තිරේ වැහිල යනව. එලියට යන්න තියෙන දොර ඇරිලා හීතල හුලඟක් එක්ක හිරිගඩු පිපෙන සද්දෙං දොරකඩ ඉන්න කෙනා කෑ ගහනව.

"ආ... තව බලාහිිල්ල වැඩහ්නෑ. ඉක්මන්ට එළියටෙන්න. තව පුරාම අය ඉන්නව බලන්න."

රබර් ගෙඩ්ඩක් පිපිරුවහම ඇට දස අතේ විසිවෙනව වගේ අපිව කඩ දොරෙං එලියට විසිවෙනව. එතකොටම පිටිපස්සෙ හිටපු වලිකාරයා සෙනග පෙරලගෙන ඉස්සරහට පැනලා ඉස්සරහ පේලියෙ හිටිය මිනිහගෙ බෙල්ලෙං අල්ලගෙන පොදිය පිටිං මහපාරට විසිවෙනව. ඒ දෙන්නගෙ සරොං කැඩිල වැටෙනව. දෙමල චිත්තරපටිවල වගේ කොයිතරං ගහගත්තත් ලිහෙන්නෙ නැති වෙන්න සරං අඳින්න අපේ අයට බෑ. ඒ හංදා වලියක් පටං ගන්නෙම වලිකාරයංගෙ සරොං ලිහිලා ඉන පල්ලෙ හැලීමෙං. ඒ වෙලාවට තනි අතිං සරම අහුලන ගමං දෙන්නම අනික් අතිං ගහගන්නව. ඒ අතරෙ බැණගන්නවත් එක්ක.

"තෝ...තෝ ....තෝ....තෝ... කිව්ව නේද බොල..ඈ..."

අතිං හරි අතේ තියෙන ආවුදෙං හරි ගහනව ඇරෙන්න පයිං ගැහිල්ලක් කෙරෙන්නෙ නැති තරං. නිසියාකාරව පුහුණුවක් නැති හංදා ඒ අතිං ගහන පාරවල් වදින්නෙත් දුරාවාරෙ. එහෙම පාරක් වැදුනම

"තහ්. තොහ්."

"කිවුහ් තබ් තොක්"

"තක්"

"චක්"

වගේ සද්ද ඇරෙන්න චිත්තරපටිවල වගේ "දෲෂෘ", "බෲහූ" වගේ සද්ද ඇහෙන්නෙ නෑ. ඉඳල හිටල හරි පයිං ගැහුවොත් ඒකෙං වෙන්නෙ පයිං ගහපු කෙනාම බිම ඇදගෙන වැටෙන එක.

"අනේ කවුරුඅරි මේක බේරන්නකෝ"

"අනේ මේ ළමයිංගෙ තාත්තව බේරගන්නකෝ"

ඉස්සරහ පේලියෙ වලිකාරයගෙ බිරින්දෑ බෙරිහං දෙනව.

කොයිතරං භයානක වෙලාවක උනත් තමුංගෙ මනුස්සයගෙ නම කියලවත් නැත්තං "මගේ මනුස්සයා", "මගේ ස්වාමිපුරුෂයා", "මගේ ගෙදර එක්කෙනා" කියල තමුන්ගෙ සැමියව හඳුන්වන එක අපේ ගමේ කාන්තාවන්ගෙ සිරිත නෙවෙයි. එහෙම කියනවනං ඒක විලිලැජ්ජ නැතිකමක් කියලයි වයසක ගෑනු අය කියන්නෙ. ඒ වෙනුවට "ළමීන්ගෙ තාත්තා" , "මුංගෙ තාත්තා" කියල තමයි තමුංගෙ ස්වාමිපුරුෂයව හඳුන්වන්න ඕන. ඒක තමයි සීලාචාරකම.

ඒ කෑගැහිල්ල තුට්ටුවකටවත් ගනං නොගන්න වලිකාරයො දෙන්න සරොං නැතුව කමිසෙත් බොත්තං කඩාගෙන ලංකට් පිටිං රණ්ඩුවෙනව. තප්පර දෙක තුනෙං ඒගොල්ලංගෙ නෑයො, යාලුවො, අඳුරන අය, ඒ අයගෙ අඳුරන අය, යාලුවො එහෙම එකතුවෙලා මහ ගෝරියක් ඇදෙනව. චන්දරෙ මාමත් සරම කැහැපොට ගහගෙන

"පොඩ්ඩක් බලමු මොකද්ද කියල"

කියාගෙන ලැහැත්ති වෙනව.

වලියක් යද්දි ඒක ඇහෙන පේන මානෙ ඉන්න පිරිමි හැමෝම ඒකට සහභාගි වෙන එක අපේ සිරිතක්. නැත්තං පස්සෙ දවසක ඒ ගැන වෙනිං තැනක කතාවෙද්දි වලියට නොගිය අයව හෑල්ලුවට ලක්වෙනව.

"අච්චර අර සෙනග ගොඩක් ගෝරියක පැටිල්ලා ඉද්දි සෝමය හිමීට මගෑර්ලදාල ගියා"

"ඕකුං ඔහොම්ම තමයි. ඉස්සෙරිං ඉඳම්ම බයගුල්ලො"

"ඒකනෙ ඕකුන්ට මොකක්වත් වෙච්චිකොට කවුරුවහ්ම නැත්තෙ"

ඒ හංදා වලියක් යද්දි අතට අහුවෙන ලාඩප්ප පොල්ලක්, ටෝච්චෙකක්, ගල් ගෙඩ්ඩක්, කොහුමිටක්, වගේ දෙයක් අරගෙන එහෙම නැත්තං පොල්ලක් ගහකිං කඩාගෙන, වැටකිං ගලෝගෙන හරි පිරිමියෙක් වසයෙන් වලිය මැද්දට පනින්න ඕනි. සමහර වෙලාවට තමුංගෙ අතේ තියෙන වෙනිං උපකරණයක් උනත් මේකට ගන්න පුළුවනි. බොහොම දරුණු චන්ඩි නං මේ වගේ වෙලාවට උල් පිහියක් අරගෙන වලිය මැද්දට පැනලා තමුංගෙ හතුරන්ගෙ බඩගෙඩි හිල් කරනවා.

එක ගමනක් අපේ ගෙදර අයත් ඈඳලා අපේ ගෙවල් මණ්ඩියෙ පැතිරිලා ගිය කේලමක් හගිස්සවන වෙලාවකදි අපේ තාත්තත් කම්මලට ගිහිං එන ගමං අහම්බෙන් එතැන්ට කඩා වැදුනා. ඒ වෙලාවෙ තාත්තගෙ අතේ තිවුණෙ ඊට කලිං සතියෙ අම්මා ළිඳෙං වතුර ගේන ගමං ගලක් පල්ලෙ වැටිලා බිම වැදිල හිල්වෙච්චි ඇල්මේනියං කලගෙඩිය. ඒක කම්මලේ බාස් උන්නැහැ මොකද්දෝ විපිරියාසයක් කරලා පාහලා අලුතිං තින්ත ඩිංගකුත් ගාලයි දීල තිබුනෙ. හරියටම ඒ අපේ දැතිහුලස් නැන්දා අපේ අම්මට දොරවල් දහයකට කියන නමක් කියලා බැන අඬගහන වෙලාව. අන්න ඒ වෙලාවෙ අලුත පාස්සපු කලගෙඩියත් අරං නැන්දගෙ පිටිපස්සෙං මතුවෙච්චි අපේ තාත්තා කලේ කට දෑත බදල අල්ලගෙන නැන්දගෙ කොන්දට කලගෙඩියෙ බඩෙං පාරක් දුන්නා. ඒ වගේම තැඹිලි ගෙඩි ටික කපාගෙන කඩේ මිදුලෙ අහක විසිකරල තිවිච්චි තැඹිලි ඉත්තක් අරගෙනත් උන්දෑ දවසක් වලියක් මැද්දට පැන්නා.

Google image - කලයක්

ඒ වුනාට චන්දරෙ මාමලගෙ නැන්දා චන්දරෙ මාමට වලිය මැදට පනින්න දෙන්නෙ නෑ.

"මෙන්න මේ ළමය තියාගෙන ඉන්නව"

කියලා නෝනක්කව චන්දරෙ මාමගෙ අතට දෙනව. රටේ තියෙන ඕනම පණ නැති දෙයක් අරගෙන වලියක් මැදට පැනලා ඒක ආවුදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවං උණාට අංගවිකල හුලං බබෙක්ව කඩුව වගේ අල්ලගෙන ඉන්න පණ තියෙන ළමයෙක්ව එහෙම පාවිච්චි කරන්න බැරි හංදා චන්දරෙ මාමා සරම පාත දාගෙන නිහඩ වෙනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com53tag:blogger.com,1999:blog-1142664932489180.post-4847773379191338252017-10-08T02:17:00.001-07:002017-10-08T02:51:38.411-07:00තොරණ හෙවත් Pandol - 6 ඇස්බැන්දුම

තොරණ -1

තොරණ -2

තොරණ -3

තොරණ -4

තොරණ -5

අපි කාණ්ඩෙම ආයිත් සැරයක් හතර අතේ දුවන සෙනග මැද්දට වැටිලා එක පොදියක් විදිහට එක දිහාවකට ඇදිල යනව. “සේරම වාහන පාරෙං එලෝලා දාලා සම්පූර්ණ පාරෙම අයිතිය ගත්තෙ මං තමයි“ කියල හිතාගත්තු මිනිස්සු දකුණෙං යාමේ නීතිය පැත්තක දාලා තමුන්ට ඕන විදිහට පාරෙ යනවා. ඒ හංදා අපිටත් පාරෙ යන්න වෙන්නෙ දාං අදිනව වගේ. දැං කාලෙ නං මොටෝ සයිකල් ටැපික් එකේ යනව වගේ. ඒ හංදා වැඩිවෙලා යන්න කලිං අපේ පොදිය සීසීකඩ යනවා. වෙලාවකට අම්මයි මායි දකුණු පැත්තෙ, අනික් කට්ටිය පාර මැද්දෙ, තවත් වෙලාවක අපිව ඉස්සරහට ඇදිල යත්දි සෙනග පොදියකට අහුවෙලා ආච්චිඅම්මවයි නැංදවයි අපේ ගාවිම්ම ආපස්සට ඇදිල යනව. මිනිස්සුංගෙ කකුල් පෑගිලි, අතපය වැදිලි අනන්තයි. එව්වට වලි ඇදගත්තොත් බේරන්න අහල පහල රටවල පොලිසිත් ගේන්න වෙන හංදා මිනිස්සු එවෙලෙට

"මක්කොන්නොවදෝයි"

"පාර බලං යනවකෝයි"

"බලංතමයියෝයියන්නෙ"

වගේ සරල වචන දෙක තුනකිං සුබ පතාගෙන යන අතකට ඇදිල යනව. ඒ විදිහට දෙතුන් දෙනෙක්ට සුබ පතාගන්නකොට සෙනග පොදිය අම්මවයි මාවයිත් ඇදගෙන ගිහිං මොකද්දෝ එකකට යන පෝලිමකට අමුණල ඉවරයි. වැඩි වෙලා යන්න කලිං එතනිං සෙනගගොඩේ ගසාගෙන යන නැංදවයි, ආච්චි අම්මවයි බේරගෙන පෝලිමට අමුණගන්න අපේ අම්මට පුළුවං වෙනව. ඉං පස්සෙ අපි හැමෝම එකතුවෙලා චන්දරෙ මාමලෑ ගෙදර හතරදෙනාවත් පෝලිමට ඇදගන්නව. හිටපු ගමං මුළු පෝලිමම තල්ලු වෙලා යනව. එතකොට මැද ඉන්න අය හිරවෙලා, මිරිකිලා තුනී වෙලා යනව. ඒ වෙලාවට තෙරපිච්චි අය ඇඟේ තියෙන අන්තිම හුස්ම ටික එක්කහු කරගෙන බෙරිහං දෙනව.

"තල්ලු කරන්නෙපා, මේ පොල්ලමයියී වයසක මිනිස්සුයි ඉන්නොවෝ"

පොඩි ළමයිනුත් බලල්ලු දුසිමකගෙ නැටි එකපාර පෑගුනා වගේ සද්දෙකිං බෙරිහං දෙනව. ඒ වුනාට තල්ලු කරපු කෙනෙක් හොයාගන්න නෑ.

පෝලිම ඇදිල යන්නෙ කඩයක් අස්සට. හැබැයි දැං ඒක කඩයක් නෙමෙයි. කඩේ ඉස්සරහ ලොකු පින්තූරයක් තියෙනව. ඒක ඉස්කෝලෙ ලොකු පන්තිවල ඉන්න තරං ලොකු අක්ක කෙනෙක්ගෙ රූපයක්. එයා රැලි දාපු හැට්ටෙකුයි මගෙ ඉස්කෝල සූට්ටෙකේ නිල් කලිසම තරං ඇති සායකුයි ඇඳං ආයිබොවං කියාගෙන ඉන්නව. කලිං සැරේ බාප්ප එහෙම මහගෙදර නැවතිල ඉන්න වෙලාවෙ ජෑන්ති අක්කත් ඒ ජාතියෙ සායක් ගෙනැත් තිවිලා නැංදයි, අපේ අම්මයි බැන්නෙ

"බලහං ඕක ඇඳං කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් තෝරන්නෙ කොහොමද කියල. නැවිච්චි ගමං තොගෙ රෙද්ද අස්සෙ තියෙන සේරම එලියෙ"

කියල. අන්තිමට ඒක නෝන ඇරගෙන ඉන හීං වෙන්න හැට්ට කට්ටක් ගහල කාලයක් ඇන්ද. ඒකිට නං ඒක පයට පෑගෙන්නම උසයි.

ඒ පින්තූරෙට උඩිං ලොකු ඉටි රෙද්දක

ඉන්ද්‍රජාලම් මැජික් බලයෙන්

අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.

කියලා ලියල තියෙනව.

කඩේ දොර ලැලි දෙකක් ඇරල. එක මිනිහෙක් දොරකඩ ඉඳං සල්ලි ගන්නව.

"කීයද?"

එයා අපෙං අහනව.

"පද්දෙනයි"

අපේ අම්ම කියනව.

"විසිපාක් දෙන්න"

සල්ලි ගන්න මිනිහ අත දික් කරනව. අම්ම පොකට්ටෙක අදිනව.

"අපි දෙන්නංංක්කෙ."

චන්දරෙ මාමලෑ නැංදා අපෙ අම්මට සල්ලි දෙන්න නොදී අතිං අදිනව.

"නෑ නෑ මං දෙන්නං එක්කොටම"

අපේ නැංදත් පොකට්ටෙක අදිනව.

එහෙම තමයි අපේ ගමේ හැටි. රංචුවක් එක්ක ගමනක් යතොත් බස්සෙකේ ටිකට් ගන්න, හෝටලේකිං කෑවොත් සල්ලි දෙන්න, වෙනිං තැනකිං ටිකට් ගන්න ඇතොත් ඒවට සල්ලි දෙන්න පොරකාගන්නව. ඒ විදිහට පොරකාල ඉස්සර වෙලා සල්ලි දෙන එක සිරිතක්. එහෙම සල්ලි දුන්න කෙනා ඒ ගැන වෙනිං අයත් එක්ක කියද්දි

"මං තමා හැවෝටම ටිකැට් ගත්තෙ. අනික් අයගෙං කිසියම්ම කිසි වියදමක් නෑ"

කියලා ආඩම්බර වෙද්දි ඒ විදිහට පිනට ගිය අය ලැජ්ජාවෙං බිම බලාගෙන පොලව හාරනව.

ඔය විදිහට ටිකට් ගැනිල්ල පැත්තක තියෙද්දි දැං තුන්දෙනාම තමුංගෙ සල්ලිය දික්කරන ගමං අනික් දෙන්නගෙ අත්වලිං අදිනව. සල්ලි ගන්න මිනිහ කොයිකෙං සල්ලි ගන්න හැදුවත් අනික් දෙන්නා ඒ අත ඇදල අරං තමුංගෙ සල්ලිය දික් කරනව. මේ 'ආ.... එපා... සෙල්ලම' නිසා සල්ලි ගන්න මිනිහට කේන්ති යනව.

"ඉහ්මන්ට සල්ලි දෙනවල. නැත්තං යනවල යන්න. මොන්න වික්කාරයද්ද මේක."

ඒකට අපේ අම්මටයි, චන්දරෙ මාමලෑ නැංදටයි, අපේ නැංදටයි තුන්දෙනාටම තදවෙනව.

"ඉන්නොව පොඩ්ඩක්. මේ සල්ලි දෙන්න තමා හදන්නෙ."

"සල්ලි අතේ තියං ආවෙ නෑ"

"අපි හොරෙං බලන්නයැ ආවෙ"

අන්තිමට අපේ නැන්දගෙ අතේ තියෙන සල්ලි කොලේ සල්ලි එක්කහු කරන මිනිහට දෙනව. අපි දොරෙං ඇතුල්වෙනකොටම සල්ලි ගන්න මිනිහ ආයි කෑ ගහනව.

"ඔය පොල්ලමයින්ට ටියට්ගන්නැද්ද?"

මේකෙං ආයිමත් අපේ අම්මයි, නැංදයි, ආච්චිඅම්මයි ඇවිස්සෙනව.

"මේ ළමීන්ට බස්සෙකේ යද්දිවක් ටිකැට් ගන්නෑ."

"එහෙම හරියන්නෑ. දෙකයි පනහ ගානෙ දෙන්න"

"මේ ළමයි අනික මේක බලන්නෙත් නෑ"

"අනික අපි මුංව වඩාගෙනනෙ ඉන්නෙ"

සල්ලි ගන්න මිනිහත් දිනුම දෙන්න කැමති නෑ.

"එහෙම හරියන්නෑ. එහෙනං ළමයි එලියෙං තියල යන්න"

මේකෙං අපේ අම්ම තවත් කුපිත වෙනව.

"ළමීංව එලියෙ තියල යතෑද්ද. අනේ අපිට ඕන්නෑ මේ කෙහෙම්මල බලන්න. දෙනව අපේ සල්ලි"

ඒකෙං සල්ලි ගන්න මිනිහ මර්දනය වෙනව.

"හා. හා. යනව යනව. ඇතුල්ට. ඔය ළමයි බිම තියන්නෑ. හොන්ද? වඩාගෙනම ඉන්නව"

අපි හැමෝම කඩේ ඇතුළට රිංගගන්නව. අපිට පිටිපස්සෙන් හිටපු අයත් තල්ලුවෙලා ඇවිල්ලා සල්ලි ගන්න මිනිහා ගාව නතර වෙනව.

කඩ කාමරේ මැදිං වැටක් ගහලා. වැට ඇතුලෙං තිරේකුත් දාලා. බිමට පිදුරු දාලා. ඒ ගමන ආච්චි අම්මා උරිස්සෙ එල්ලං යන බෑක් එක අැරලා ඒක ඇතුලෙ මොනවද හොයනව.

"මොකද්ද අම්මෙ හොයන්නෙ"

නැන්ද අහනව.

"මයෙ බැටලිය ගෙනාව. ඩිංගක් හිටිං බලන්න."

ආච්චි අම්ම බෑක් එකේ තියෙන සාලුව, කුඩේ, යතුරු කැරැල්ල එහෙම බේරලා ටෝච්චෙක එලියට අරගෙන ඒකෙ අඩිය කරකවල ගලෝනව. ඉං පස්සෙ යටිම්ම තියෙන බැට්ටි කෑල්ල අතට ඇරං අනික් පැත්ත හරෝල ආපහු ටෝච්චෙකට දානව. (ඒ විදිහට එක බැට්ටි කෑල්ලක් නොපිට දාල තියෙද්දි ටෝච්චෙක බෑක්කෙකේ දාගෙන යනවනං හරි නැත්තං ඉනේ ගහගෙන යනවනං හරි ඒකෙ රතුපාට මොට්ටුව ඉබේ එබිලා ටොච්චෙක පත්තු වෙන්නෙ නෑ.) ඊළඟට ටෝච්චෙක පත්තු කරල බිම හැමතැනටම අල්ලල බලනව.

රතු මොට්ටුව තියෙන බැටලියක්

"කෝ බලන්න උඹලගෙත් කකුල් උස්සහල්ල."

අපිත් සැරේකට එක කකුල ගානෙ උස්සල අපි ඉන්න තැන බිම සම්පූර්ණෙම්ම බලාගන්න ආච්චි අම්මට ඉඩ දෙනව.

"මොකද්ද නැංදම්මෙ හොයන්නෙ? කරාබුවද්ද"

අපේ අම්ම අහනව.

"මොකොවක් හොයනව නෙමෙයි. මේ පිදුරු කැටි අස්සෙ සත්තු සරපයි ඉන්න ඇහැකි. කෑවොත්තෙහෙම නිකා ඉන්න වෙයි"

බිම අඟලක් ගානෙ බලලා සත්තු සර්පයො නැති බවට තහවුරු කරගන්න ආච්චි අම්මා ආයිමත් ටෝච්චෙකේ අඩිය ගලෝල බැට්ටි කෑල්ල අනික් පැත්ත හරෝලා ආයිත් අඩිය වහලා ටෝච්චෙක බෑක්කෙකට දාගන්නව.

ඒ වුනාට අපිට එක තැනම ඉන්න බැරිවෙනව. සල්ලි එකක්හු කරන මනුස්සයගෙ සල්ලි පොට්ටනිය ලොකු වෙනකොට කඩේ ඇතුලෙ තිරෙං මෙහා පැත්තෙ ඉඩ මදිවෙනව. අපිව ටිකෙං ටික එහාට තල්ලුවෙලා තිරේ ගාවටම යැවෙනව. එහෙම ඉස්සරහට තල්ලුවෙන සැරයක් ගානෙ ආච්චි අම්මා බෑක් එකෙං ටෝච්චෙක අරගෙන බැට්ටි කෑල්ලෙ පැත්ත මාරු කරලා ටෝච්චෙක පත්තු කරලා පොලව පරීක්ෂා කරනව. ආයිමත් බැට්ටි කෑල්ල නොපිට හරෝලා ටෝච්චෙක බෑක්කෙකට දානව.

කාමරේ ඇතුලෙ සෙනග පිරිලා තව එක්කෙනෙක්වත් දාන්න ඉඩක් නැතිවෙනකොට සල්ලි එකතු කරන කෙනා තව තුන් හතර දෙනෙක්ව අමාරුවෙං ඇතුලට තල්ලු කරලා දොර වහනව. එතකොට කාමරේ ඇතුලෙ සෙනග දර මිටිය බැන්ද වගේ හොඳට හිරවෙලා ඉවරයි.

සුදු සරමකුයි කමිසෙකුයි ඇඳපු නිවේදකයෙක් තිරේට ඉස්සරහිං ඉඳලා මයික්කෙකක් අතේ තියාගෙන මිනිස්සුංව පස්සට කරනව.

"කරුණාකරල තව ටිකක් පස්සට යන්න. ඔය පොඩි අයව වඩාගන්න බිම තියන්න එපා."

මිනිස්සු තමුන් හුස්ම ගන්න ප්‍රමාණය අඩු කරල ඇඟ හීං කරගෙන පස්සට වෙනව. අපේ අම්මා මාවත් වඩාගන්නව. චන්දරෙ මාමයි නැංදයි දෙන්නත් අයියවයි නෝනක්කවයි වඩා ගන්නව. එතකොට නිවේදකයා තිරෙං කොටසක් ඇරලා පෙන්නලා මොනවද ටිකක් කියෝනව. තිරේ ඇරපු කොටසින් දොරකඩ තිවුණු පින්තූරෙ ඉන්න ගෑණු ළමය වගේම එක්කෙනෙක් පේනව. නිවේදකයා එයාගෙ නම අහනව.

"මායාදේවි"

ඒ ගෑනු ලමය කියනව. මං කියවපු රජ කතා පොත්වල විතරක් ඒ වගේ නං තියෙන අය හිටියට අපේ අහල ගං හතකවත් ඒ වගේ නමක් තියෙන ගෑනු ළමයෙක් නැති එක ගැන මට පුදුම හිතෙනව. ඒ අතරෙ නිවේදකය අායිමත් කතා කරනව. එයා කියන විදිහට ඊළඟට පෙන්නන්න යන්නෙ අතපය, කඳ, මෙලෝ දෙයක් නැතුව ඔලුවක් විතරක් කතා කරන හැටි. ඉතිං අපි ආවෙත් ඒක බලන්න වෙච්චි මේ කොහෙවත් යන අරුම පුදුම රජකාලෙ නමක් තියෙන ගෑනු ළමයෙක් අපිට පෙන්නන්නෙ මොන කෙහෙම්මලකටද කියල මට හිතෙනව.

ගෑනු ළමයව නොපෙනෙන්න තිරේ වැහෙනව. නිවේදකය විතරක් තිරෙං එලියෙ ඉඳං මයික්කෙකෙං කියෝනව. මේ පෙන්නන්න යන මහා ඉන්ද්‍රජාලය කොයියම්ම විදිහකිංවත් වෙන කා ගාවවත් නැති විදිහෙ අරුම පුදුම දෙයක් බවත්, ආයි අපි ලෝකෙ කොහේ ගිහිං හෙව්වත් මේක බලන්න හම්බුවෙන්නෙ නැති වගත් තවත් ඒ වගේ සෑහෙන ලොකුකං ටිකකුත් නිවේදකය කියනව. ඒ අතරෙ දාඩිය ගඳ එක්ක කලවං වෙච්චි ගඳවල් හත අටක් කාමරේ ඇතුලෙ පිරිල පොඩි ළමයි කීප දෙනෙක්ම අඬන්න පටං ගන්නව. ඒ ළමයිංගෙ අම්මලත් උන්ට කිරි දීල නලෝගන්න මුවාවෙං ළමයිංගෙ මූණු පපුවට තියල හිර කරගෙන ඇඬිල්ලෙ සද්දෙ අඩු කරගන්න හදනව. මිනිස්සුත් කියවන්න පටං ගන්නව.

"මොන ලබ්බද්ද මංද, මේක කියෝනව විතරනෙ."

"පෙන්නන රෙද්දක් විජානියට පෙන්නල ඉවර කොලානං හරිනෙ"

"මේකස්සෙ තැම්බෙනව ඉන්න බැරිවෙන්න"

එතකොට තිරේට ඇතුල් පැත්තෙං කවුද කෙනෙක් නිවේදකය කිට්ටුවට ඇවිල්ල මොකක්දෝ කියනව. නිවේදකයා පම්පෝරිය නවත්තලා ඊළඟට වෙන්න යන වැඩේ කියනව. එයා කියන විදිහට අපි හැමෝම පුලනවා කියන වැඩේ කරමින් බලාගෙන හිටපු ඔලුවක් කතා කරන ඇස්බැන්දුම පෙන්නන්නයි යන්නෙ. ඉතිං අපි කයිවාරුව නවත්තලා තිරේ දිහාම බලං ඉන්නවා. මං විතරක්

"පුල පුලා කියන්නෙ මොකක් කරනවටද අම්මෙ"

කියල අහන්න ගිහිං අම්ම ලවා කට මිරිකෝගන්නව.

නිවේදකය පැත්තකට වෙද්දි තිරේ ඇරෙනව.

"හ්රීඊඊඊඊඊක්"

"අනෙයම්මෙහ්"

"ඔන්න අල්ලනව ඕයි"

"වැටෙයි ළමය වැටෙයි"

අපි ගාවම හිටපු ගෑනු කෙනෙක් ලතෝනි තියල සිහිනැතුව වැටෙනව. කීප දෙනෙක් උන්දැවයි උන්දැගෙ අතේ හිටිය ළමයවයි අල්ලගන්නව.

"මං කිව්වෙ සර්පයි ඇති කියල ඕක තමා"

ආච්චි අම්ම බෑක්කෙකෙං ටෝච්චෙක අදිනව.

"නෑ නෑ සර්පේක් නෙමෙයි. මෙයා බය වෙලා."

සිහි නැතුව වැටිච්ච කෙනාගෙ මනුස්සයා එහෙම කියලා තමුංගෙ ගෑණිවයි, ළමයවයි අරගෙන එළියට යනව. උන්දැ බය වෙච්චි හේතුව බලන්න මම ඉස්සරහ බලනව. කාගෙද ඇඟෙ හැපිල ආච්චි අම්මගෙ ටෝච්චෙකේ අඩිය බිමට වැටෙනව.

"ඉනඩුවයියාවයි බැටලියෙ මූඩිය හැලුන"

තිරෙං එහා පැත්තෙ බැලුවම මගෙ ඇස් උඩ යනව. ටීපෝ එකක් උඩ තියපු අපේ ආතා බත් කන පිඟාන විතර බෙලෙක් පලංගමක් උඩ පිල්ලෑවෙ කුන්දිරා ගහේ ගෙඩියක් තිබ්බ වගේ අර කලිං හිටිය ගෑල්ලමයගෙ ඔලුව බෙල්ල මුලිම්ම කපල අරං කෙලිං හිටෝලා තියල. ඇස් වැහිලා. එතනම බිම දරට කැපුව වගේ උන්දැගෙ කඳ වෙනම. කකුල් වෙනම අත්දෙක වෙනම. එව්ව යංතං වෙව්ලනව. නිවේදකය කතා කළහම අර ඔලුගෙඩිය ඇස් අරිනව.

ඇස්බැන්දුම

නිවේදකය ඒ ඔලුගෙඩියෙං නම අහනව.

"හා. දැං කියන්න බලන්න ඔයාගෙ නම මොකද්ද?"

ඔලුගෙඩිය නම කියනව.

"මායා දේවි"

අපේ ආච්චි අම්ම දෙකට නැමිල බිම අතගානව. ඊළඟට නිවේදකය ඔලුගෙඩියෙං තව මොනවද විස්තර ටිකක් අහනව. ඔලු ගෙඩිය ඒවටත් උත්තර දෙනව. නිවේදකයා ඊළඟට බලං ඉන්න අයටත් ඔලුගෙඩියෙං කැමති දෙයක් අහන්න කියනව. ඒ ගමන පිටිපස්සෙ ඉන්න පිරිමි කීප දෙනෙක් ප්‍රශ්න අහනව.

"වයස කීයද?"

"අවුරුදු දාසයයි"

ඔලු ගෙඩිය උත්තර දෙනව.

"අනේ ළමයො කකුල ඩිංගක් අහට්ට ගන්නකො මයෙ මේ බැටලියෙ අඩිය වැහ්න බිමට"

අපේ ආච්චි අම්ම කාටද පිංසෙන්ඩු වෙනව.

"කසාද බැඳලද?"

තව කෙනෙක් ඔලුගෙඩියෙං අහනව. සද්දෙ හැටියට නං බීපු මිනිහෙක්ද කොහෙද.

"තාම නෑ..."

ඔලු ගෙඩිය ඇස් කරකෝල හිනාවෙලා උත්තර දෙනව.

"මාව බඳිනවද"

ඊට වඩා සද්දෙට තව කෙනෙක් අහනව

ඔලු ගෙඩිය හිනාවෙනව.

"ඔන්න ඔය ඔතන මොකද්ද ළමෙයො දිලිසෙන්නෙ."

අපේ ආච්චි අම්මා කාගෙද කකුලක් මුල ඉඳං තව කෙනෙක්ට කියනව.

නිවේදකය තිරේ වහනව. අපේ ආච්චි අම්මගෙ ටෝච් අඩිය කාගෙද පයට පෑගිලා හොයාගන්නව. ආච්චි අම්ම ඒක අරගෙන ටෝච්චෙකට හයිකරගෙන බෑක්කෙකට දාගන්නව. එතකොටම තිරේ ඩිංගක් ඇරෙනව. කලිං කෑලි ගලෝලා හිටපු ගෑනු ළමයා ආපහු මූට්ටුවෙලා හිටගෙන ඉන්නවා. එයා අත්දෙක එක්කහු කරල ආයුබෝවන් කියනව. නිවේදකයත් "ආයුබෝවන් වාසනාවන්" කියනව. ඒත් එක්කම එලියට යන දොර ඇරෙනව. සල්ලි එකතු කරන මනුස්සයා කෑ ගහනව.

"එන්න එන්න.. ඉක්මන්ට එළියට බයින්න. කවුරුවත් අස්සෙ නවතින්නෙපා."

අපිත් දාඩිය පෙරාගෙන සෙනග පොදිය පිටිං එළියට විසිවෙනව. හුලං රැලක් අපේ ඇඟේ වදිනව.

"නිවං ගියා වගේ"

කීප දෙනෙක්ම කියනව.

කලන්තෙ හැදිල වැටිච්චි ගෑණු කෙනාගෙ මිනිහා කීප දෙනෙක්ට කිය කියා තමුංගෙ ගෑණිට බණිනව.

"මේක අැදගෙන වැහ්නනෙ. අපර්රාදෙ රුපියල් දහය. මටවබ් බලන්න උන්නෑ."

ඒ මනුස්සයගෙ හිතේ අමාරුව අරින්න ආච්චි අම්ම ඉදිරිපත් වෙනව.

"ඒකෙ බලන්න දෙයක් නෑ ළමයො. ඔය ළමයි දොට්ට බැස්සයිං පස්සෙ මයෙ බැටලියෙ අඩිය හැලුන. මං ඒක හොයාගෙන නැකිල්ලා බලනකොට ආයි වංගියක් ආං අර සාය කොටෙයි හැට්ට කෑල්ලයි ඇඳං හිටිය කෙල්ල පෙන්නුව. එතෝටම අර මිනිහා දොර ඇරල හැමෝම දොට්ට දැම්ම. ඕං ඔච්චරයි බලන්න තිවුනෙ."

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com66tag:blogger.com,1999:blog-1142664932489180.post-23740146227621738202017-09-23T09:49:00.002-07:002017-09-23T09:50:56.783-07:00තොරණ හෙවත් Pandol - 5

හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට 'පිංසිද්දෙච්චාවෙ' කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර් නෑ. හැබැයි පිනට දීපු ගානත් එක්ක පීකරෙන් නම කියවා ගත්තොත් දිවියලෝකෙට ඇහෙනවම තමයි. ඒ කියන්නේ ගලේ කෙටුවා වගේ පින ෂුවර් කියන එකයි. ඒ හංදා මිනිස්සු පෝලිමේ ඉඳලා ආදහර දීලා පීකරෙං නම කියවා ගන්නවා. ඒ කාලෙ පීකරේකිං නම කියවාගන්න එකත් ලොකු නම්බුවක් වගේම ආඩම්බරයක්. නිවේදකයයි විරිඳුකාරයයි දෙන්නත් මිනිස්සුංගෙ පොකැට්ටෙකට මයික් එකෙං ඇනලා රබානට සල්ලි හලා ගැනීමේ වැඩේ දිගටම කරගෙන යනවා. විරිඳුව මැදට සල්ලි දුන්නු කෙනාගෙ නම දාන්නම ඕන හිංදා සමහර වෙලාවට කවියෙ තාලෙ පිට පනිනව. එතකොට විරිඳු කාරයා කවියට කිසිම විදිහකින් ගැලපෙන්නෙ නැති අකුරක් හරි සද්දයක් හරි දාලා තාලෙ බේරගන්නවා.

"හඟරංගල සිට පැමිණිය සිරියලතා ආ....... නෝනා

රුපියල් දහයක් වටිනා ආදාරය ගෙන දුන්නා"

කියල තාලෙ බේරද්දි පහුවදා ඉඳං ඒ ගමේ අය ඒ ගෑනු කෙනාට "සිරියලතා ආ... නෝනා" කියල නමක් පටබඳින්න වුනත් බැරිකමක් නෑ. තමුංගෙ නම කියවෙද්දි ඒ අය මූන පිම්බෙන්න හිනාවෙලා වටපිට බලද්දි ඒ අහල පහල ගෙවල්වල අයගෙ මූණු සවුත්තු වෙනව. එතකොට ඒ අයත් ආදාරයක් දීලා තමුංගෙ නමත් පීකරෙං කියෝල තමුංගෙ අසල්වැසියගෙ ආඩම්බරේ බස්සනව. මේ සේරගෙම්ම තොරංකාරයගෙ සල්ලි ගොඩ ඉස්සෙනව.

රබානට තලන ගමං සල්ලි දෙන කෙනාගෙ නමයි සල්ලි ගානයි දාලා යන්තං ගැටගහලා රිසිට්ටෙකක් වගේ කියන කවි ඇහිල්ල අපිට එපා වෙනවා. එතකොට මිනිස්සු තොරණ දිහා කටබලියං බලා ඉඳීම නවත්තලා වෙන මොනවහරි බලන්න නැත්තං බඩුවක් මුට්ටුවක් ගන්න හරි හිතලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනව. අන්න එතකොට නිවේදකයටයි විරිඳුකාරයටයි ඇස් ඇරෙනව. ඒ ගොල්ලො සල්ලි ගැනිල්ල පොඩ්ඩකට නවත්තලා වෙනම පදයක් ගහනව. ඒ කියන විදිහට තව බොහොම සුළු වෙලාවකින් තොරණේ කතා වස්තුව අහන්න ලැබෙනවා. ඔය විදිහට දෙතුන් පාරක්ම පොරොන්දු වෙලා ආයිමත් සල්ලි ගැරිල්ල පටං ගනිද්දි මිනිස්සුන්ට පීකරෙං කියන එව්වත් විස්වාසෙට නැතුව යනවා.

වාසනා බේකරියේ ඉස්පන්චි

මෙන්න මේ වෙලාවෙම පොල පිටිපස්සෙ ලැලිවලිං අටෝපු යෝද ඉස්පංචිය අස්සෙං චිංසෝ එහෙකට පීකරයක් හයිකෙරුව වගේ ලතෝනියක් ඇහෙනව.

"රෑඈෑෑෑෑ......ං පට්ටං රෑං රෑං රෑං පට්ටං පට පට"

මං උඩ පැනල අම්මගෙ බෙල්ලෙ එල්ලෙනව. මාව වඩාගන්නව වෙනුවට අම්මා මාව ගසා දාල බිමට හලනව.

"බලියන්නැතුව හිටහං. ඒ ළිඳේ බයිසිකල පදිනව. ඒක මෙහෙ එන්නෑ"

මං ඒ පැත්ත හැරිල බලනව. ඉස්පංචියට උඩිං ලොකු ටෙන්රෙද්දක් ඇදලා. ඉස්පංචියෙ ගැට්ටට නගින්න පඩිපෙලකුත් අටෝලා. ඒ පඩිපෙල පටං ගන්න තැන කනු දෙකක් හිටෝලා ඒ දෙකට ගැටගහපු රෙද්දක

මාරක ලිඳේ සයිකල් සංදර්ශනය

මාරක ලිඳක් - Art by Suranga MLR

කියලා ලියල තියෙනව. ඉස්පංචියෙ මුදුනේ ගැටගහල තියෙන ඉස්පීකර් දෙක දෙපැත්තක් බලාගෙන එකම දේ කියනව.

"එන්න.... මාර්ර..ක ලිදේ බයිසිකලේ.. පුංචි ර්...රුපියල් දහයකට... මාර්ර...ක ලිඳේ මාර්රාන්තික සංදර්සනය නර්රබන්න.... තවස්සුලුමෝතකින්.... ඒ ම් මාර්රාන්තික මෝටර් බයිසිකල් දහවනය ආර්රම්බ වනවා ඇත්ත."

තොරණ දිහා බලං හිටපු සෙනග අතරින් පව් පින් ගැන වැඩි සැලකිල්ලක් නැති අය ඉස්පන්චිය දිහාවට ඇදෙනව. අපේ අම්මත් මාව දෑත බදලා අදිනව.

"වරෙං යමං ලිඳේ බයිසිකල් බලන්න"

"බෑබ් බෑබ් බෑ.......ඈ...... බම්බයායිඊඊඊ"

පොලොවෙ ගල් ගැලවෙලා හැදිච්ච වලකට විළුඹ තියලා ගැම්ම ගන්න ගමං මං අනික් පැත්තට අදිනව.

"මොකවත් වෙන්නෑ... අර මිනිස්සු පුරාම ඉන්නෙ"

අපේ නැංදයි චන්දරෙ මාමයි දෙන්නත් මගේ කන්දෙක ඇතුලටම කට ඔබලා මගෙ බය අරින්න හදනවා. ඒ වුනාට මං මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ. අන්තිමට අම්මයි මායි දෙන්න ඇර අනෙක් සේරම අය ටිකට් අරගෙන ඉස්පංචිය මුදුනට නගිනව. අපේ අම්මටත් යකා නගිනව. ඉස්පංචියට අරක්ගත්තු අල්රයනු වැඩි නිවේදකයත් තව ඉතා සුළු වේලාවකින් මාර්රක ලිංදේ අත්තිබ්බිහිස්සුනු සයිකල් ධා...වනය ආරම්භ වන බව කිය කියා ඉස්පංචිය වටේට කූඹි වැහුවා වගේ සෙනඟ පටෝනව. මාත් පිටු එකසිය විස්සෙ පොතක් පිරෙන්න තරමට අම්මගෙං බැනුං ඇහුවට පස්සෙ ඉස්පංචිය ඇතුලෙං මෙතෙක් වෙලා ඇහුණු "රෑං පට් පට්" සද්දෙ නැතිවෙලා කුරුමිණියෙක් ඔලුව වටේ කැරකෙනව වගේ සද්දයක් එන්න ගන්නව.

"රෑව්ව්ව්ව්ව්ව්වව්වව්ව්ව්ව්ව්ව් රෑව්ව්ව්ව්ව්ව්වව්ව්ව"

අපේ අම්මගෙ කේන්තිය ඉස් මුදුනටම නගිනව.

"ආං බලහං ලිඳේ බයිසිකලේ පදින්න පටං ගත්ත. අම්ප තොට යන්න බෑ කිව්වනෙ. අර මිනුස්සු සෝක්කෙකට ඉන්නෙ"

අම්මා මගෙ ඉල ඇට දෙකක් අතරට ඇඟිල්ලෙං අනිනව. ඒ වෙනුවට මගෙ කටිං පයින වචනෙ කාටවත් ඇහෙන්නෙ නෑ.

රේඩිවේකෙ හවස ප්රවෘත්තිවල සිරස්තල කියලා ඉවරවෙන තරං වෙලාවක් ගතවෙද්දි කුරුමිණි සද්දෙ නවතිනවා. ඒ එක්කම වැට කඩාගෙන කුඹුරට පැන්න හරක් රංචුවක් එළවනව වගේ ඉස්පංචියේ නිවේදකයා ආටෝප මොකවත් නැතුව මිනිස්සු එළවන්න පටංගන්නවා.

"ඔය සංදර්ශනේ බලපු අය සේරම විගහට බැහැල යන්න. කවුරුවත් රැඳීඉන්න එපා. හැමෝම යන්න. ආයෙත් බලන්න ඕනි නං ආපහු ටිකට් අරගෙන එන්න. කර්ණාකල්ල යන්න. අපට එළවන්න ඉඩ තියන්නෙපා."

ඉස්පංචිය මුදුනෙ හිටිය අය තම තමන්ගෙ ළමයින්වත් ඇදගෙන අනුංගෙ කකුල් පාගගෙන, කකුල් පටලවගෙන ආඩපාලි කිය කියා බැහැල එනව.

"ඉදකිං රෙද්ද යාංතං වට පහක් කැරකැවුන්නෑ."

"වෙන්දට ඔය ගැටිය ගාවටම එනවලු. අද යංතං අඩියක් දෙකක්කත් උට්ට ආවෙ නෑ"

"ඒක බයිසිකලෙයක්යැ. හිරමන දණ්ඩක් වගේ එකහ්නෙ."

"මන්නං මේ මුංගෙ වදේට ගියෙ. අපරාදෙ සල්ලි. සටකජු ගොට්ටක් කෑවනං බඩහරි පිරෙනව"

සමහරු තමුං කරපු ගොංකම ළමයින්ගෙ පිට දාල බේරෙනව. මේ ආඩපාලි සේරම හිංදා අපෙ අම්මගෙ කේන්තියත් කේතලේ ලිපට පෙරලුනා වගේ නිමිල යනව. ඒ හංදා උන්දැත්

"මාත් මේ මූ කවදාකත් ඕව දැකල නැති හිංද එක්ක යන්න හැදුවෙ. එකාතකට නොගියෙක හොඳා එහෙනං"

කියලා මාව පෙන්නනව. මාත් මේ අපේ අම්මද වෙනිං කෙනෙක්ද කියල හිතාගන්න බැරුව උඩ බලනව.

මාරක ලිඳේ ලනුව ගිලලා විස්සෝපෙං එන මිනිස්සුගෙ ඔලුවට මරණ බය හලලා පොකට්ටෙකේ තියෙන කීයකට හරි කවියකිං තට්ටුවක් දාලා පිං ටිකක් විකුණගන්න හිතාගෙන විරිඳුකාරයා ආයිමත් විරිඳුවක් අඹරනවා. ඒ විරිඳුවෙ හැටියට විනෝදවෙන්න එක එකාකාරයෙ දේවල් බලබලා පිනට කීයක්වත් නොදී ඉඳලා කොයිවෙලේ හරි හිටිගමං මැරිල ගියොත් අපායෙ උපදින්නයි වෙන්නෙ. ඒ හංදා තනයක් අගිස්සෙ පිනි බිංදුවක් වගේ තියෙන ජීවිතේ තියෙන කාලෙ පිනට දෙන්න ඕනා. ඒ විරිඳුව ඇහුණාම තමුං කරපු පිනක් මතකවත් නැති අය ඉක්මන් පිනක් කරගන්න හිතලා තොරනෙ කාර්යාලෙට දුවනවා. එහෙම නොදුවන කට්ටිය අල්ලගන්න තව කාණ්ඩයක් ඒ කිට්ටුවට එනවා.

"කල්ලගන් කල්ලගන් කල්ල කල්ල කල්ල ගන්. තම්බ්පු කල්ල ගන්. ම්රිස් දාපුව තීනව නැතුව තීනව. කල්ලගන්න කල්ල කල්ල..."

රෝද දෙකක් හයිකරපු තේ පෙට්ටියක් විතර එකක් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී තල්ලු කරගෙන එනගමං කඩල කාරයෙක් කෑ ගහනව. අපෙ ආච්චිඅම්මා කුස්සියෙ කබඩ්ඩෙකේ දාල තියං ඉන්න තඩි බෙලෙක් පලඟාන විතර ලොකු පළඟානක් ඒ පෙට්ටිය මැද්දෙ කඩල පුරෝගෙන බලං ඉන්නව. ඒකට පැත්තකිං තොවිල් පන්දමක් විතර පන්දමක් වගේ එකක් පත්තුවෙනව.

මිනිස්සු කඩලකාරයව වටකරගන්නව.

"පාක දෙන්න"

එක්කෙනෙක් රුපියල් පහක් දික්කරනව. කඩලකාරයා රුපියල් පහ ඇදල අරං සරමෙ ඉස්සරහ ඔලොඟුවට දාගෙන හීනි ගොට්ටක් අතට ගන්නව. ඒකෙ අගිස්ස පැන්සලේ තුඩ තරං හීං. කට පැත්ත ඉදල් මිටකට වැඩිය මහත නෑ.

"ම්රීස් දාපුවද නැතුවද?"

උත්තරේ ලැබෙන්නත් කලිං කඩලකාරයා මේස හැන්දක් අරං ඒ ගොටුවට කඩල පුරෝනව. තම්බපු කඩල ඇටේකට ඒ ගොට්ටෙ බාගෙක දුරට වඩා යන්න බැරුව හිරවෙන හංදා කඩල ගොට්ට තුංපාරට පිරෙනව. සමහරු කඩල ගොටුවෙ අඩියෙං අල්ලගෙන ඉඳලා ගොටුව දෙකට මැදිං නැමිලා කඩල ටික බිම හැලෙනවා. ඒකෙං කඩලකාරයගෙ වෙළඳාම තවත් වැඩිවෙනව.

"ඉදකිං උගෙ කල්ල ගොට්ට. කල්ලෑට දායක් නෑ. පොල් කෑලි දෙක තුනද්දාල ඉතරයි. රුපියල් පහම්ම ගත්ත."

කඩල කාරයගෙ හීං ගොට්ටෙ වංචාවට අහුවෙච්ච අය ආඩපාලි කියනව.

A deceptive KG - වංචා සහගත කඩල ගොට්ටක්

කඩලකාරයගෙන් ඇතෑරෙන අය අල්ලගන්න ඉන්නෙ රටකජුකාරයා. රටකජුකාරයගෙ ලිපයි තාච්චියයි හින්දා එයාට රටකජු මැස්ස තල්ලු කරගෙන යන්න බෑ. ඒ වෙනුවට සවල්කාරයො තුං හතර දෙනෙක් යකඩ තහඩුවක් උඩ සිමෙන්ති කොට්ටෙක විතර කොන්ක්‍රීට් එකක් අනන තරං සද්දෙට හැන්දෙං රජකජු තාච්චිය කාල්ගාන ගමං

"කජේක් කජේක් කජේක්...ර්රටකජේක්"

කියලා කෑ ගහනව. ඒ සද්දෙට මේ නං ලෝකෙ අන්තිමටම ඉතුරුවෙලා තියෙන රටකජු ටික තමයි කියල හිතන ළමයි, මහ අය රටකජුකාරයව වට කරගෙන. චන්දරෙ මාමත් සාක්කුවෙං කොලපාට සල්ලි කොලයක් ඇදල අරගෙන

"දායක දෙන්න"

කියල ඉල්ලනව. රටකජුකාරයත් දහයෙ කොලේ ඇදල අරගෙන තමුං ගාව තියෙන සුරුට්ටු පෙට්ටියට දාගන්නව. හැන්දෙන් කාල්ගෑම නවත්තල හැන්ද පුරෝල රටකජු අරගෙන දෙපැත්තට වනනව. එතකොට හැන්දෙ තියෙන හිල් අස්සෙං වැලි ටික හැලිලා රටකජු ටික හැන්දෙ ඉතුරු වෙනව. ඒ ටික වෙනම බෙලෙක් බාජනේකට දානව. ඉං පස්සෙ මාපටැඟිලි දෙකක් විතර මහත බෙලෙකේකෙයක් අරගෙන ඒකෙං දෙකක් බෙහෙත් කවරයක් විතර කඩදාසි කවරෙකට පුරෝනව. ආයිමත් ඇඟිලි තුඩුවලට අහුවෙන තරං රටකජු ඇට දෙක තුනක් කවරෙට දානව. කවරෙ අගිස්ස හීං තීරුවක් දෙකට නමල "ආහ්" කියල දෙනව.

"මෙච්චරද?"

චන්දරේ මාමා පුදුමවෙලා අහනව.

"නැත්තං තමුසෙ කියන්නෙ පිඟාන්ට දාල දෙන්නද"

රටකජුකාරයා හැන්ද උරුක්කරනව. අපි පස්සට වෙනව. අපේ අම්මත් ගිහිං තව රුපියල් විස්සක රටකජු ගෙනාවට පස්සෙ අපි හැමෝටම කන්න ඇතිවෙනව.

"ඔව්වෑ වැලි තියෙනව. පොත්ත අයිං කරන්නෝනැ"

අපේ ආච්චම්ම කියනව. ඒ කීමට අපි රටකජු ටිකක් අල්ලට හලාගෙන අනික් අල්ල ඊට උඩිං තියලා තදකරලා කරකවනව. එතකොට රටකජු පියලි දෙක වෙංවෙලා පොතු ටිකත් ගැලවෙනව. ඉං පස්සෙ පොතු ටික අයින් කරගන්න ඒ ටික යංතං උඩ විසිකරන ගමං පිඹිනව. රටකජු පොතු වටේ ඉන්න අයගෙ ඔලු, මූණු, අතපය, සාක්කු අස්සෙ රිංගනව. ගෑනියෙක් අපේ ඇඟට කඩා පයිනව.

"මොකක් කොරනවද? මයෙ හැට්ටෙයස්සෙත් ගියා සටකජු පොතු. අනෙයම්ප"

ඒ වගේ වෙලාවට තමුංගෙ වැරැද්ද පිළි අරගෙන සොරි කියන පුරුද්දක් අපේ ගමේ නෑ.

"ඉතිං අපි මක්කොරන්නද. අපි හිතල දැම්මෑ"

අපේ නැංදා පලවෙනි කස්තිරම අල්ලනව.

"තමිසෙ මොටදැ මේ ඉස්සරහිං ගියෙ. අර අරෙහෙං යන්න තිවුන්නැතෑ"

අපේ අම්මත් තමුංගෙ නෑනට උදව්වෙනව. ඒ වුනාට ඒවට උත්තර හම්බුවෙන්නෑ. රටකජු පොතු හැට්ටෙ අස්සෙ ගිය ගෑනු කෙනා හැට්ටෙ අස්සට පිඹ පිඹ මූණ පුප්පගෙන යන්න යනව.

අපිත් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී වටේටම රටකජු පොතු විසුරුවන ගමං රටකජු ටික ඉවර කරනව. චන්දරෙ මාම විතරක් රටකජු නොකා ඉන්නව. කඩචෝරු කෑම ළමයින්ගෙයි ගෑණුංගෙයි වැඩක් හැටියටයි අපේ ගමේ සැලකුණේ. පිරිමියෙක් කඩචෝරු කෑවොත්, ගහකිං පළතුරක් කඩාගෙන කෑවොත් ඒක පිරිමිකමට අවනම්බුවක්. ඒ වගේ අවනම්බු විඳින්න කැමති නැති පිරිමින්ට වෙළඳං කරන්නත් කෙනෙක් එනව.

එයාගෙ ඉන හරියෙං බීම බෝතල් කේස් එකක් විතර ලොකු පැතලි පෙට්ටියක් තියෙනව. ඒක පටියකිං බෙල්ලෙ එල්ලලයි තියෙන්නෙ. ඒ පෙට්ටිය පුරෝලා බුලත් ගොටු හදලා. ඒ එක එක ගොටුවල එක එක පාටට පොල් කුඩු වගේ ඒව දාලා. තව පොඩි කුප්පි වගේකුත් පෙට්ටියෙ පැත්තක තියෙනව. ඒ සේරටම උඩිං පුංචි කූරක් තියෙනව. ඒකෙ අග ටෝච් බලුප් එකක් විතර ලොකු එලියක් පත්තු වෙනව. දුමක් නැතුව කහපාටට පත්තුවෙන ඒ එලිය හුළඟටවත් වැනෙන්නෙ නෑ. එයා ටොනික් මූඩි මැදිං හිල්කරලා කම්බියක අමුනපු වලල්ලක් අතේ තියාගෙන සැරිං සැරේ "ඉසල් සල්..... ඉසල් සල්" කියල හොලවනව.

"අර කවුදම්මෙ"

මං අම්මගෙං අහනව.

"ඒ සාරවිට විකුණ්න මිනිහෙක්"

"අර පත්තුවෙල තියෙන එලිය මොකද්දම්මෙ?"

"මං දන්නෙකහ් නෑ. ගෙදර ගිහිං මහ එකෑං අහගනිං"

අම්ම වෙනුවට චන්දරේ මාම ඒකට උත්තරේ දෙනව.

"ඒ කාබයිට් ලාම්පුවනෙ"

චන්දරෙ මාමත් සාරවිටකාරයගෙං පාට පාට කුඩු පුරෝපු බුලත් ගොට්ටක් ගන්නව. සාරවිටකාරයත් ඒකට පුංචි කුප්පිවලිං තව මොනවද ජාති ටිකක් හලලා බුලත් ගොටුව චන්දරෙ මාමට දෙනව. අපි හැමෝටම ඒක බලන්න ඕනි වෙනව.

"පොඩි උන්ට ඒව හොඳ නෑ"

චන්දරෙ මාමා බුලත්ගොටුව කටේ දාගන්නව.

"යන්ද ඒයි අන්නර පැත්තට. පොඩියෑයින්ට මොනව හරි පෙන්නන්නවත් දෙයක් තියෙද බලන්න."

චන්දරෙ මාමලෑ නැංදගෙ යෝජනාවට "හුම්" කියල චන්දරේ මාම බිමට කෙලපාරක් ගහනව. එතනිං ගිය මිනිහෙක් බිමට තියන්න ගිය අඩිය නොතියා සරමෙ පොට උඩට උස්සගන චන්දරෙ මාමට රවනව. එයාට බුලත්කෙල ඩිංගක් වදින්න ඇති. ඒ වුනාට ගමේ පිළිවෙලට චන්දරෙ මාමත් ඒ මනුස්සයට ඔරෝනව. දෙන්නට දෙන්න රවාගෙන අයිමත් තමුන් යන ගමන යනව.

තොරණෙ විරිඳු කියන මනුස්සයගෙ කීම ගනං ගන්නෙ නැතුව මිනිස්සු වෙනිං දේවල් බලන්න යද්දි අපිත් ඒ රැල්ලටම තල්ලුවෙලා තොරණිං දුරට යනව. තමුංගෙ නමත් එක්ක කියවෙන කවිය අහන්න මිනිස්සු නැතිබව දැනගෙන තොරණට ආදාර දෙන පෝලිමත් කොටවෙනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com62tag:blogger.com,1999:blog-1142664932489180.post-3854109555512181502017-09-09T11:06:00.000-07:002017-09-09T11:06:52.406-07:00තොරණ හෙවත් Pandol-4

තොරණ -1

තොරණ -2

තොරණ -3

පොල දවසට ටවුමෙ ඉන්න සෙනග වගේ දහ දොලොස් ගුණයක සෙනගක් ටවුමෙ ඉන්නව. වෙනදට පාරෙ අයිං වෙලා පයිං යන මිනිස්සු පාර සම්පූර්ණයෙම්ම වහගෙන. වෙනදට එක හෝන් පාරෙං මිනිස්සුංව පාරෙං අතුගාල දාන වාහනවලට යංතං රෝද හතරට ඉඩ හදාගන්න ඇති වීරියෙං හෝන් එක පිඹලා මිනිස්සුන්ට වැඳ වැටෙන්න සිද්දවෙනව. ඕපීඩී එකේ බෙහෙත් පෝලිම වගේම පෝලිමක් නිව්ටම් පෙරේරගෙ තැබෑරුමේ ඉස්සරහ තියෙනව. ඒ කිට්ටුවම මිනිහෙක් සරමක් දනිහෙ ඉඳං පාතට ඇඳගෙන බිම බුදියගෙන දෙපැත්තට අත දික්කර කර මොනවද කියනවා. තැබෑරුමට යන මිනිස්සුත් ඒ මිනිහට හිනාවෙවී උඩිං පැනල යනව.

බස් එකෙං බැහැපු මිනිස්සු හැමෝම අනිත් අයව තල්ලු කරගෙන තොරණ දිහාවට යනව. අම්මත් මගෙ වැලමිට ගාවිං අල්ලගෙන පුළුවං තරං ළඟට කිට්ටු කරගෙන ඉන්න හිංදා මගෙ අතේ වැලමිටෙං උඩ ටිකත් කැති මිට වගේ ඉස්සරහට දික්වෙලා තියෙන්නෙ. වැලමිටෙං නමාගන්නත් බෑ. ඒ මදිවට අම්ම ඉස්සරහට තියන හැම අඩියකම දුර යන්න මගෙ කොට කකුල්වලට අඩි දෙකක් තියන්න වෙන හංදා ඒ දෙක අතර මොනයම්ම හෝ ගස්ටනයක් ඇතිවෙලා අම්මට මගෙ කකුල පෑගෙනව. මිනිස්සුත් කලු කූඹි බිත්තිය දිගේ යනව වගේ දෙපැත්තටම යනව. ඒ හංදා හැම අඩි දෙක තුනකටම සැරයක් අසුර වේගෙං අපේ මූනට එන කෙනෙක් දැක්ක ගමං හැප්පෙන් නැතිව බේරෙන්න අම්මා මාවත් ඇදගෙන දකුණට හරි වමට හරි පනිනව. අම්මා වමට අඩියක් තියල බේරිච්චි ගමං ඉස්සරහට එන කෙනාගෙ බඩේ ඇනෙන්නෙ අම්මා කැති මිට වගේ උඩට අල්ලං ඉන්න මගෙ අත. සමහර වෙලාවට මාව දෙන්නෙක් අතර හිරවීම හන්දා අපේ අම්මා නැමති ඔරු කඳට මං නැමති කොල්ලෑවෙං අවහිර වෙනව. ඒ වෙලාවට අපේ අම්මා දෑත බදලා මාව අදින ඇදිල්ලට ඇද්දොත් මාදැලක් උනත් ඔරුව එක්කම ගොඩට විසිවෙනවා.

මේ සේරටම ඉහළිං ටවුම පුරාම තැනින් තැන කණුවල බැඳපු ලයිස්පීකර් රංචුව ටවුමෙ කඩවල්වල තියෙන බඩුමුට්ටු ගැන කියෝනව.

"මහා තොරණ් රාජෙයාට මේ සුභ පැතුම් ගෙන එන්නේ ඔරලෝසු කණුව අසල දිසානායක කඩේ ට්‍රේඩර්ස් සහ ඉස්ටෝස් වෙතින්. ඔබට අවශ්‍ය අනර්ඝ තත්වයේ හාල්, මිරිස්, තුනපහ, සහ සියළුම පැකැට් බඩු, ඉටිපන්දම්, ගිනිපෙට්ටි, කරවල, සහල් මැස්සන්, සඳුන්කූරු, සබන් වර්ග, රෙදි සෝදන කුඩු, බැටරි කැබලි, ඉන්දිම බීඩි සහ සුදු බීඩි, කැප්ටන් සුරුට්ටු, ශ්‍රීමත් මදන මෝදකය, බිස්ටල් සිගරැට්, කිරිපිටි ආදිය තොග සහ සිල්ලර මිලට ලබාගැනීමට මේ දැන්ම පියනගන්න දිසානායක ඉස්ටෝස්, ඔර්ලෝසු කනුව අසල"

ඊළඟට පීකරෙන් ඇහෙන්නෙ ගෑණු කෙනෙක්ගෙ කටහඬක්

"යසවද්දන ඉලෙක්රිකල්ස්සායතනයේ තොරණ් රාජයාට ආසිරි පතන්නේ පැරණි බස්නැවතුම අසල හොරණ කඩයේ මුදලාලි මහත්මා, මුදලාලි මැතිණියත් කාර්ය මණ්ඩලයත් විසින්. නිවසට අවශ්‍ය හිරමණ, සැලි වලන්, මුට්ටි, කල, මැටි පහන්, බෙහෙත් පැදුරු ආදිය, පතල් කර්මාන්තයේ යෙදෙන ඔබට අවශ්‍ය ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු, පිචස්, උදලු තල, වැල් කූඩ, කොසු ලණු, කඹ, බාල්දි ආදියත්, තන්ගෝස් නූල්, බිලීකොකු, ඕනෑම වර්ගයක ඇන ආදිය මිලදී ගැනීමට ඔබ පිය නැගිය යුතු එකම තැනයි පැරණි බස් නැවතුම අසල හොරණ කඩය"

හත් අට දෙනෙක්ගෙ ඇඟේ වැදිලා තැලිලා, අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව. තොරණෙ යට කොටස මිනිස්සුන්ට වැහිලා උඩ කොටහ විතරක් මට පේනව. තොරණෙ තවම ලයිට් දාල නෑ. තොරණ ගාව පැත්තක තියෙන මඩුවෙ විතරක් බලුප්පෙකක් පත්තු වෙනව. ඒ මඩුවෙ පැත්තක කාඩ්බෝඩ් කෑල්ලක "කාර්යයාලය" කියලා ලියලා වහලෙ එල්ලලා තියෙනව. ඒක ඇතුලෙ මේසෙයක් උඩ පොත් වගේකුයි කලුපාට පෙට්ටියකුයි කැසට්ටෙහෙකුයි තියෙනව. යකඩෙක උලගහපු මයික්කෙකකුත් තියෙනව. අපේ ගෙදර රේඩිවේකෙ බුරිය රතුපාටට පත්තු වෙනව වගේ ඒ පෙට්ටියෙත් රතුපාට තිත් ටිකක් පත්තුවෙනව.

"මොන සෙද්දද්ද මංද. මෙච්චර ඇඳිරි වැහ්ලත් මේකෙ ලැයිට් දාන්නැත්තෙ"

"ඊයෙ ලැයිද්දාද්දි බච්චන වෙලාවත් පහූනාලු"

"අම්ප, මිනිස්සුන්ට එන්න කියල ලැයිද්දාන්නැතුව මක් කොන්නොවද මංද. තොර්ණ බලන්න වෙන්නෙ චෝට්ටෙක ගහල තමා"

මිනිස්සු තමුන්ට ඇති තරං ආඩපාලි කිව්වට පස්සෙ මිනිස්සු දෙන්නෙක් ඒ ගොල්ලංගෙ කර ගාවට විතර උස පිත්තල පානක් ගෙනත් කාර්යයාලය ඇතුලෙං තියනව. ඒත් එක්කම සරමකුයි අත් දිග කමිසෙකුයි ඇඳපු සිංහල වෙදමහත්තයෙක් වගේ කෙනෙක් මඩුව ඇතුලට ඇවිල්ලා මයික්කෙකෙං කතා කරන්න පටං ගන්නව. තව 'සුවල්ප වේලාවකිං' තොරං රාජයා විදිලි ආලෝකයෙං බබලන්න පටං ගන්නවා ඇති  කියලා එයා කියනව. ආයිමත් පීකර රංචුව ටවුමෙ තියෙන කඩවල්ඔල ගෝනියක් ගානෙ, බැරල්ලෙකක් ගානෙ, වැලක් ගානෙ, රාක්කයක් ගානෙ, ලාච්චුවක් ගානෙ බඩුමුට්ටුවල වරුණාව කියෝනව. ඒ අතරෙ

"කකුල් සිදෙනොව"

"වඩාගන්නකො"

"අයිස්කීමක් ඕනි"

"සටකජු ඕනි"

ආදී වසයෙං කනිපිංදං කියන්න පටං අරගෙන එයිං එකකට එක ගානෙ කන ඇඹරීමක්, කකුල පෑගීමක්, කොන්දට ගුටියක් ආදිය ලබාගන්න මට පුළුවං වෙනව. කලවානෙ ඉස්කෝලෙ ගාවිං පටංගෙන වැද්දගල පාරෙ, ඉස්පිතාල පාරෙ, මතුගම පාරෙ අහුමුලුවල තියෙන හැම කඩේකම වග විස්තර පීකරෙං කියල ඉවර වෙනකං අපිත් "සුවල්ප වෙලාවක්" බලා හිටියට පස්සෙ ආයිමත් සිංහල වෙද මහත්තය වගේ මනුස්සය මඩුව ඇතුලට එනව. මයික්කෙක තියෙන කණුවට කට දික්කරලා කතා කරනව. එයා කියන විදිහට අපි සෑහෙන වෙලාවක් පුලපුලා බලා සිටි අවස්ථාව උදාවෙන්නයි යන්නෙ. පස්සෙ වෙලාවක තේරුම අහගන්න ඒ වචනෙ මං මතක තියාගන්නව.

"අද දින මෙම දර්සනීය තොරන් රාජයා විවුර්ත කිරීමට පොල්තෙල් පහන දැල්වීමට මෙම ඉස්තානයට සැපත්වන ලෙස පොලිස් ඉස්තානාදිපති ............. මහතාට, ග්‍රාම නිලදාරී ........... මහතාට......................................"

නිවේදකයා දිගටම කියාගෙන යනවා. ඒ විදිහට පුස්කැප් පිටුවක දෙපැත්තක් විතර කියවද්දි තඩි බඩගෙඩි තියෙන මිනිස්සු ඇවිල්ලා මඩුව ඇතුලෙ පිරෙන්න ගන්නව. ඉඩ මදි වෙච්ච අය දෙතුන් දෙනෙක් එලියෙත් පිරෙනව. නිවේදකයවත් පැත්තකට තල්ලු වෙනව. අන්තිම නමත් කියල ඉවර වෙනකොට මඩුව ඇතුලෙ ඉන්න අය අපි ආපු බස්සෙකේ සෙනග හිටියා වගේ හිරවෙනව. ආවතේවකාරයෙක් ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා මඩුව ඇතුලෙ ඉන්න අයට දෙනව. ඒගොල්ලත් ඉටිපන්දම අරං පානෙ තිර එක ගානෙ පත්තු කරනව. මඩුවෙ ඉන්න සෙනග බාගයක් තරම ඉවරවෙද්දි පානෙ තිර සේරම පත්තුවෙලා ඉවරයි. අනික් අය පත්තුවෙන තිරේකටම ආයිත් පාරක් ඉටිපන්දම අල්ලගෙන ඇති තරං වෙලා ඉඳල හිත හදාගෙන යනව. තාමත් තොරණෙ ලයිට් පත්තු වෙන්නෑ. ඒ ගමන නිවේදකයා මයික්කෙකට කට තියනව.

"ඔව්. දැන් පොල්තෙල් පහන දල්වා අවසානයි. තොරණේ විදිලි ආලෝකය දැන් දැල්වෙනවා ඇති."

ඒත් තොරණෙ බලුප් පත්තු වෙන්නෑ. ආවතේවකාරයෙක් ඇවිල්ලා නිවේදකයගෙ කනට මොනවද කියනව. නිවේදකයත් සරම කැහැපොට ගහගෙන තොරණ පිටිපස්සට දුවනව.

"මොන බඩකඩිත්තුවද්ද මංද"

"ඒකනෙ."

"මෙවුන්ට මේකෙ බලුප් ටික පත්තු කොරගන්න ඔයි තරං අමාරුද"

තොරණ බලන්න ආපු අය ආයිමත් කටවල් අරිනව. තොරණෙ පින්තූර කොටු පේලි අතරින් ටෝච් එලි දෙක තුනක් එහෙ මෙහෙ හෙලවෙනව. තොරණෙ මොකක් නමුත් අඩුවක් වෙලා ඒක හදන බව තේරුං ගත්තු තොරණ බලන්න ආපු අයත් ඒක හදාගන්න උදව්වක් හැටියට තමුංගෙ අතේ තියෙන ටෝච් පත්තු කරලා තොරණ දිහාවට අල්ලනව.

"වෑර් සෝට්ටෙකක්ලු"

සමහරු වැඩේ බරපතල කරලා වටේට ප්‍රචාරයක් යවනව. තොරණ හදන එක්කෙනෙක් බුදුපිලිමෙට යටිං තියෙන නෙලුම් මල අස්සෙං ඔලුව එලියට දාලා බෙරිහං දෙනව.

"ඔය ටෝච් ලබ්බවල් මෙහෙට දික් කොරන්නෙපා ඕයි. එළිය මූනට වැදුනහං මෙලෝ ලබ්බක් පේන්නෑ"

මිනිස්සු ටෝච් නිමාගන්නව.

"මුන්ට උදව් කොරන්න ගියත් වැරදියි"

ටෝච් අල්ලපු අය මූණ බෙරි කරගෙන ටෝච් කිහිල්ලෙ ගහගන්නව.

ටික වෙලාවකිං බුදුරැස්මාලාව පත්තු වෙනව. වැඩිවෙලා යන්න කලිං තොරනෙ අනික් කොටු ටිකත් පත්තුවෙනව. තොරණ ඉස්සරහ බිම කණුවල හිටෝල තියෙන කොටු බලුප් ටිකත් කහපාටට පත්තු වෙලා තොරණෙ පින්තූර ටිකට එළිය දෙනව.

"සාස් සාස් සාස් සා............හක්"

තොරණ බලන්න අහිල්ල ඉන්න වයසක මිනිස්සු කරේ තියෙන සාලු අතට අරං ඔලුවට උඩිං වැඳගෙන සාදු කියනව. අපේ ආච්චි අම්මත් වැඳගෙන නමස්කාරය කියනව.

"තොරං ඔල්ට වඳින්නෑ කියල උඹලෑ අම්මට කියහං මැණීකො"

අපේ අම්මා දැතිහුලහ නැංදට කියනව. උන්දැත් ඒක ආච්චි අම්මට කියනව

"අම්මෙ, තොරං ඔල්ට වඳින්නැහ්ලු. පංසලේ තියෙන එව්වට ඉතරලු වඳින්න ඕනි"

"ඉනඩුවයියාවයි මුම් මට පිනක් කොරගන්න දෙන්නැති හැටි."

ආච්චි අම්මා නැන්දට මෙත්වඩලා ආයිමත් ගාතා කියන්න පටං ගන්නව.

"ඔන්නොහෙ ඕනෙකක් කොරගච්චාවෙ"

නැන්දයි අපේ අම්මයි ආච්චම්මව නොමග යන්න ඉඩ අරිනව.

බුදු පිළිමෙ වටේ තියෙන රැස් වලල්ලෙ බලුප් ටික ඉරි වගේ රවුමට කැරකෙනව. ඒ විදිහට දෙපැත්තටම සෑහෙන වෙලාවක් කැරකිලා මැද ඉඳං වටේට මාලු කොරපොතු වගේ එව්වා විදින්න පටං ගන්නව. ආයිමත් සැරයක් රවුමෙ පිට ඉඳං ඇතුලට තුංහුලස් වගේ එව්වා විදිනව. තුංහුලස් වටේට කරකෝනව. රවුම අටට බෙදලා කුඩේ කරකවනව වගේ කරකවනව.

පහල තියෙන පින්තූර වටේ බලුප් පේලිත් එ් විදිහට එක එක රටාවට පත්තු වෙනව. ගැරඬි රංචුවක් පින්තූරෙ වටේ යනව වගේ දිලිසෙන්න ගන්නව. ඊළඟට දෙපැත්තෙ ඉඳං මැදට එන එළි ටික මැදදි හැප්පිලා දෙපැත්තට විසිවෙනව. ආයිමත් කොටුවක් ඇර කොටුවක් පත්තු වෙලා කොටු ටික දෙපැත්තට දුවන්න ගන්නව. මේ රටා ටික බලා ඉඳිල්ල බොහොම පොඩි වෙලාවකදි මට එපා වෙනව. ඒ වුනාට අනික් අය ගුණවර්ධන මාමා පත්තරේ බලන තරම්ම උනංදුවෙන් තොරණ දිහා බලං ඉන්නව.

"සාහ් සාහ් සාහ් සා......හක්"

අපේ ආච්චම්මා දෙයියන්ට පිං දීලා වඳින අන්තිම වැඳිල්ල වඳිනව.

නිවේදකයා සරම පාත දාගෙන හෙමිං සැරේ කාර්යයාලය ඇතුලට එනව. එයා මයික්කෙකට පිඹලා දෙතුං පාරක් තට්ටු කරනවා. ලයිට් කණුවක් ගානෙ බැඳලා තියෙන ලයිස්පීකර් රංචුවත් පොල්කටු දෙකක් හැප්පෙන සද්දෙං මුළු ටවුමටම ඇහෙන්න "ටොහ් ටොහ්" කියනවා. ඉං පස්සෙ නිවේදකයා මයික්කෙකෙං සෑහෙන වෙලාවක් කියෝනව. එයා කියන හැටියට

සිදුවූ කාර්මික දෝසය නියා ඇතිවූ අපහසුව ගැන සංවිධායක කමිටුව කියන එක හැමෝගෙම්ම සමාව ඉල්ලනවා. මේ වගේ විසාල අම්ම මුත්තගෙ කාලෙවත් තිවිච්චි නැති තරං පුදුමාකාර ලස්සන තොරණක් හදන්න සෑහෙන විසාල සල්ලියක් වියදං වෙනවා. මැණික් වෙළඳ වියාපාරිකයින්, නගරයේ වියාපාරික වෙළද මහතුන් ආධාර දුන්න හින්ද තමයි මේ තොරණ හදාගන්න පුළුවං වෙලා තියෙන්නෙ. මේ තොරණ පෙන්නන්නෙ සල්ලි ගන්නැතුව නිකං. ඒ වුනාට රටේ අනික් තැංවල තොරං පෙන්නන්නෙ වහගෙන. සල්ලි දෙන අයට විතරයි පෙන්නන්නෙ. එහෙම නැතුව මේ තොරණ සම්පූර්ණෙංම වහුං ඇරලා නිකම්ම පෙන්නනවා. කැමති කෙනෙක්ට ඕන්නැං මේ කාර්යාලයට ආදහරයක් දීලා තමුංගෙ නමිං කවියක් කියෝලා පිං සිද්ද කරගන්න පුළුවං. එ් විදිහෙ කවි කියලා රබං ගහන්න පුළුවං කෙනෙක් වන අසුවල් කිවිඳුංට මෙතැන් සිට මයික්‍ර පෝනය බාරයි.

කොණ්ඩෙ උරෙස්ස ගානට වවාගෙන සාක්කු බර ගානක් තියෙන දනිස්ස ගාවට දිග කමිසෙකුයි කලිසමකුයි ඇඳගත්ත කෙනෙක් කාර්යයාලයට ඇතුල්වෙනවා. එයා මයික්කෙක ගාවට කිට්ටු කරලා නිල් පාටිං රබාන ගහන ගමං මේසෙ දිහා බලාගෙන රතු පාටිං කවියක් කියනව. ඒ සද්දෙ පීකර වලින් ටවුම පුරාම ඇහෙනව.

"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්

මුලු සිරිලක පරසිදු ඒ යසවද්දන ඉලෙක් ටිකල්

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්

හරි ලක්ෂණ තොරණක් මෙහි සාදා ලන්නෙය හැමකල්

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්

සැම දෙනටම නොමිලෙම එය පෙන්වන්නෙය නැතිවම ලොල්

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්

ඔබෙ ආදාරය දෙන්නට මෙහි ඉඩකඩ ඇත සැමකල්

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්

වැඩිවෙලා යන්න කලිං කාර්යයාලය ඉස්සරහ නිව්ටම් පෙරේරගෙ තැබෑරුම ඉස්සරහ තිවිච්චි පෝලිමට වැඩි පෝලිමක් හැදෙනව. හුඟක් වෙලාවට අම්මලා තාත්තලා සල්ලි දීලා පොඩි ළමයිංගෙ නං පීකරෙං කියෝනව. තව වැඩිකාලයක් ජීවත්වෙන්න බැරි තරං වයසක අයත් දිවියලෝකෙට ඇහෙන්න තමුංගෙ නම කියෝගන්න හැරමිටි ගගහ පෝලිමට රිංගගන්නව. විරිඳුකාරයගෙ උදව්වට කලිං හිටපු නිවේදකයත් එනවා. නිවේදකයා ආදාරය දෙන කෙනාගෙ නම අහල ලියාගෙන සල්ලි අරගෙන එයාගෙ නමයි විස්තරෙයි දීපු ගානයි පීකරෙං කියනව.

"වැද්දාගල සිට පැමිණි ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාව තොරන් රාජෙයාට රුපියල් දහයකිං ආදාරයක් කන්නවා. ඇයටත් ඇගේ පවුලේ අයටත් නිදුක් නිරෝගී චිර ජීවනය පාත්තනා කන්නවා. ඇය නමිං මිය පල්ලොව ගිය සීලුම නෑදෑයින්ටත් මේ පිම්බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගි චිරජීවනය පාත්තනා කන්නවා."

එතකොටම විරිඳු කාරයාත් රබානට තට්ටුවක් දාලා විරිඳුව පටං ගන්නව.

"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්

වැද්දාගල සිට පැමිණිය ඩිංගිරි මැණිකේ අම්මා

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්

තොරණට ආසිරි පතමින් රුපියල් දහයක් දුන්නා

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්

ආයුස බල සැප සම්පත් තව තව ඇගෙ වැඩිවේවා

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්

මෙපින් බලෙන් නෑයොත් ඇගෙ නිවනට ගොස් සැනසේවා

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්"

හමුදාවෙ ඉඳලා මැරිච්ච අයගෙ පවුල්වල අයත් මේ පෝලිමේ ඉන්නවා. විරිඳු කාරයත් ඒ අයට වෙනම රබං පදයක් ගහලා කවි දෙකක්ම කියනවා.

"දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

රට වෙනුවෙන් දිවිපිදු අයියා...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

සිහි කරයි සමන්මලි නංගී...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

අයියාගේ ගුණකඳ සිහිවී...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

දෑසෙහි කඳුලැලි නැංවේවී...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

දෙව්ලොව සිටිනා මගෙ අයියේ...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

ඔබ වෙනුවෙන් ආදාරය කරමි...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

මේ පින් මගෙ අයියට එවමී...

දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

මතු නිවනෙන් සැනසෙනු මැනවී...

ඒ කවිය අහගෙන අඬාගෙන යන ගෑනු කෙනා දැකලා අනික් අයටත් තමුංගෙ පවුල්වල මැරිච්ච අය මතක් වෙනවා. ඒ ගොල්ලොත් පෝලිමට එක්කහු වෙලා ලේන්සු ගැට ලිහන්න පටං ගන්නව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com86tag:blogger.com,1999:blog-1142664932489180.post-48133050598713556542017-08-20T04:14:00.002-07:002017-08-20T04:54:52.832-07:00තොරණ හෙවත් Pandol-3

තොරණ 1

තොරණ 2

ඔය අතරෙ බීටියෙස් එකේ දළු ලොරිය එනව. ඒකත් සෙනග පහුකරල ගිහිං නවත්තනව. ලොරියෙ මහත්තය ඔලුව එලියට දාල සෙනග දිහා බලනව. එතකොට එතන ඉන්න කමල නැංදයි උන්දැගෙ දුවයි මනුස්සයයි තුන්දෙනාම ලොරිය ගාවට යනව. ලොරියෙ මහත්තය බිමට බැහැල කමල නැංදව පලවෙනියටත්, උන්දැගෙ දූව දෙවනියටත් ලොරියෙ ඉස්සරහට නග්ගගෙන ඉං පස්සෙ තමුනුත් නගිනව. කමල නැංදගෙ මනුස්සය ලොරිය පිටිපස්සෙං නැගල, දළු ගෝනි අට්ටිය උඩ ඉඳගෙන විට මල්ල දිගෑරගන්නව. ලොරියෙ ගෝලයත් එයාගෙ විට මල්ලට හවුල් වෙනව. එතකොට ලොරිය පිටත්වෙලා දුං වලාවක් ඉතුරු වෙනව. සෙනග අතරෙ ඉන්න ගෑනු අයගෙ කටවල්වලට පණ එනව.

"දැක්කද නිකං උංගෙ ලොරියක් වගේ නැගල ගියෑටි. මෙච්චෙල්ලා කතා කොර කොර හිටිය අපිත් මතක නැතිවුනා ලොරිය දැක්ක ගාං. "

"ඔය කෙල්ල ලොරියෙ මහත්තය එක්ක ලැහැත්තිලු. අම්මණ්ඩි ඩැයිබර එක්ක ලැහැත්තිලු"

"හැබෑට"

"දැක්කෙ නැතෑ අම්මණ්ඩි ඩයිබරයට හේත්තුවෙලා ගියා කෙල්ල මහත්තෙයෑ ඔඩොක්කුවෙ ගියා"

"අර උසාවියෙ වැඩ කොන්න දයානංද මල්ලි දැක්ක කිව්වෙ ඕකුං සත්තපුරේ චිත්තරපටි හෝල්ලෙකෙං දොට්ට බහිනව හිටං. කෙල්ලයි මහත්තෙයැයි වෙනමලු ඩැයිබරයැයි මහ අම්මණ්ඩියි වෙනමලු"

"මිනිහට වගක් නැති හැටි අම්ප"

"ඌට ඉතිං බොන්න ඩිංගක් ඇහ්නං මදෑ"

"අනෙයම්ප අපේ මිනිස්සු එහෙම උනානං අපිව තඩි ගහලම මරයි"

ඔය විදිහට ඒ පවුලත් පතුරු ගහන අතරෙ තව කට්ටියක් ඒවයෙං අකුරක් නෑර මතක තියාගන "හුම්" කිය කියා ඉන්නෙ පස්සෙ දවසක කමල නැංදව හම්බුනාම

"එදා පාලම ගාව ගෙදර ලොකුවක්කා කිව්වනෙ මෙහෙම කතාවක්"

"අර දයානංද මල්ලිත් මේ යසට ඉන්න කෙල්ලටයි කාටවක්කක් කරදරයක් නැති අක්කටයි පදයක් හදල තියෙන්නෙ"

"අනේ මං නං ඔව්ව විස්සාස කොලේ නෑ"

"වැඩියක්ම ඔව්ව කිව්වෙ කරුනෑ පවුල තමා"

"අනේ අක්ක ඔව්ව අහන්න යන්නෙපා. මං කිව්වයි කියලනං කියන්නත්තෙපා ඔන්න"

ආදී වසයෙං කියල උන්දැගෙ නූලට ගිනි තියන්න. මෙව්වා අහං ඉන්නකොට අපේ කං අලිකං වගේ වෙන එක නවත්තන්න අමාරුයි.

“චිත්‍රපටි බලන්න යන්න හොඳ නැද්ද අම්මෙ?“

මං අම්මගෙං අහනව.

“වහක්කට, ගහත්තොගෙ කට කල්ල විසිවෙන්න“

අම්ම මගෙ කට දෙපැත්තෙං අල්ලල මිරිකනව.

“බ්රිහියෑ.........ං...........“

සෙනග හැමෝටම ඇහෙන්න මං මගෙ ඇඬිල්ල පටං ගන්නව. හැමෝම මගෙ දිහා බලනව.

“මොකදක්කෙ ලමෙයඬන්නෙ“

හත් අට දෙනෙක්ම අහනව.

“මොකොවහ්නෑ මේ නිකං“

අම්ම බොරුවක් කියල හිනාවෙලා මගෙ පැත්තට හැරිලා මගෙ කකුල පාගනව.

“වහක්කට. නැත්තං හොස්ස තල්නව දැනගං“

අම්මගෙ තර්ජනේට මං සැලෙන්නෑ.

“මගෙ කකුල පාගන්නෙපායකෝ......“

හැබැයි ඒ සද්දෙ කාටවත් ඇහෙන්නෑ. ඊට උඩිං වී මෝලක සද්දෙ ඇහෙනව.

“ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ .............................“

හැමෝම ඒ සද්දෙට කං දික්කරද්දි කටවල් ඉබේම වැහෙනව. ඒ සද්දෙ ඇහෙන්නෙ අයිස් කිරිං වෑන්නෙකෙං කියලා හිතන පොඩි ළමයි අම්මලගෙ අතේ තියෙන පෝස්සෙක දිහා බලනව. මනුස්සයෙක් බුලත්විට කවරෙ සාක්කුවෙං අරං විටට කලමනා එකතු කරලා මදිවෙලා තිවුන දුංකොළ කෑල්ලක්, පුවක් කෑල්ලක් එහෙම කාගෙං හරි ඉල්ලගෙන විටක් හදලා කටේ දාගෙන විට කවරෙත් සාක්කුවේ දාගෙන පලවෙනි විට කෙල පාර ගහන්න තරං වෙලාවක් ගියාට පස්සෙ වීමෝල් සද්දෙ අපි ඉන්න කිට්ටුවට එනව. ඒ තමයි උලුමඩුවෙ ගෙදර ලෑම්මාට්ටරේ. ලලිත් මාමා ඒකෙ ඉස්සරහ හරහට දාපු ලැල්ලෙ මැදිං ඉඳගෙන ලෑම්මාට්ටරේ දෙපැත්තෙ අඬු දෙකෙං අල්ලගෙන ඉන්නව. එයාට දෙපැත්තෙං ලැල්ලෙ ඉඳං ඉන්න දෙන්න මාරුවෙං මාරුවට පාරට ටෝච් එළිය අල්ලනව. ලෑම්මාට්ටරේ ඉස්සරහ ලයිට්ටෙක තියෙන්න ඕනි තැන කලු කුඹලක් විතරක් තියෙනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙං එල්ලිල එන සුරුට්ටු පෙට්ටිය වගේ එකේ ඇන්ද දෙපැත්තෙ පිරිමි අය ඉඳං ඉන්නව. තව පවුල් දහයක් පහලොවක ගෑනු අය පන්සලේ බෝධි පූජාවට ගියා වගේ මැද හරියෙ බිම ඉඳගෙන ඉන්නව. ඒ අයගෙ ඔඩොක්කුවල ළමයිනුත් දුසිමක් විතර ඉඳගෙන ඉන්නව. අයගම පාර දිගේ ආපු ලෑම්මාට්ටරේ 'ග' යන්නයි 'ඩ' යන්නයි මැද්දට හල් අකුරක් දාලා සද්දෙ වෙනස් කරගෙන මානාන පාරට හැරෙන්න ලැහැත්ති වෙනව.

"ගඩ්ඩ ගඩ්ඩ ගඩ්ඩ ගඩ්ඩ ගඩ්ඩ ගඩ්ඩ................................."

වංගුව සැර වැඩි හංදා ලලිත් මාමට දකුණු පැත්තෙං ඉන්න එක්කෙනා බිමට පනිනව. ලලිත් මාමත් අඬු දෙකෙං අල්ලගෙන දකුණු පැත්තෙං බිමට බැහැලා දෑත බදලා ඇදලා ලෑම්මාට්ටරේ බෙල්ල මානාන පැත්තට හරවන්නෙ පොල්ලත්තෙ ආත අයින කොටියව ගෙදර ඇදං යනව වගේ . ලෑම්මාට්ටරේ හොටේ බිම ඇනෙන ගාන්ට බිමට නැමිලා බෙල්ල වම් පැත්තට හරෝනකොට වම් පැත්තෙ හිටපු එක්කෙනත් බිමට පනිනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙ හිටිය අයගෙනුත් පිරිමි හත් අට දෙනෙක්ම බිමට පනිනව. එයිං කාණ්ඩයක් දර්මසේන මාමෑ කඩේට දුවනව. තව කාණ්ඩයක් ගුණසේකර මාමෑ කඩේට දුවනව. ලෑම්මාට්ටරේ වංගුව හරෝගෙන බෙල්ල කෙලිං කරගෙන දිගටම යනව. ලලිත් මාමා ආයිමත් ලෑම්මාට්ටරේට ගොඩවෙලා ලැල්ලෙ මැදිං ඉඳගන්නව. ගුණසේකර මාමගෙ කඩේට ගිය අය සිකරැට් අරං පත්තු කරගෙන එනව. කඳු උඩ ගෙවල් තියෙන අය ආපහු ගෙදර යද්දි ඕනවෙන ඉටිපංදං ගිනිපෙට්ටි එහෙම අරං එනව. ඒ අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගින්න යද්දි මැදහරියෙ ඉඳං ඉන්න ගෑණු අයත් කෑ ගහනව.

"අනේ මල්ලියෙ මට ඩිස්පිං පෙති දෙක්කුයි හැට්ටකට්ටකුයි ගෙනද්දියංකො. හැට්ටෙට ගහං හිටිය දොඩං කට්ටත් කැන්න. හිටාං සල්ලි දෙන්න"

එයා සායෙ ඉනේ ඉලස්ටික් පටිය අස්සෙං ගහල තියං ඉන්න පෝස්සෙක ඇදල අරං සල්ලි කොලයක් අතට අරගෙන කඩේ යන කෙනාට දෙනව. ලෑම්මාට්ටරේ දිගටම යනව. දර්මසේන මාමගෙ කඩේට ගිය අයත් දර්මසේන මාමා වෙව්ල වෙව්ලා ලාච්චුවට අත දාගෙන සිකරැට් ටින්නෙක හොයනකං කඩේ ඉස්තෝප්පුවට වෙලා බලා ඉන්නව. ලෑම්මාට්ටරේ නවතින්නැතුවම යනව. ඒ අතරෙ ලෑම්මාට්ටරේ ඉන්න අය බස් හෝල්ටෙකේ ඉන්න අයට කතා කරනව.

"යංඅක්කෙ මේකෙම නැගල. මේ ඉඩ තීන්නෙ. පොඩියෙකා මයෙ ඔඩොක්කුවෙ තියාගන්නං."

"අනෙබෑ නංගියෙ මම්බස්සෙකේම එන්නං. මේ අනිත්තෑයත් ඉන්නොවනෙ"

"ඉතිං ඔය කොහෙ කොහෙ හරි එල්ලිල යං."

"අනෙ බෑ නංගියෙ අපි වෙනිම්මොහොක හරි නැගල එන්නං"

ඒත් ලෑම්මාට්ටරේ දිගටම යනව. ඒ අතරේ කඩේ ගිය අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගිනව. ලෑම්මාට්ටරේ ඒ වේගෙම්ම යනව. ඒ අතරෙ හෝල්ටෙකේ හිටපු කොල්ලො දෙන්නෙකුත් ගිහිං ලෑම්මාට්ටරේ පිටිපස්සෙ ලැල්ලෙ දාරෙ උඩිං ඉඳගන්නව. තවත් පැය බාගයක් විතර යනකං ලෑම්මාට්ටරේ සද්දෙ ඇහෙනව.

"ඒකෙ ගිහිං නං තොරණ බලන්න වෙන්නෙ හෙට උදේට තමා."

"ඒකයි මාත් නොගියෙ"

"පයිං ගියානං ඔයිට ඉස්මනට යන්න තිවුන"

"ඔව් හැබෑට ඉස්සර අපි සත්තපුරා ගිහිං පෙරෑර බල්ල එද්දි කාණ්ඩෙත්තෙක්ක එක පැයෙං එනව මානානෙ ඉඳම් පයිං"

"යංදම්ප පයිං ඔන්නොහෙ"

"බස්සෙකක්කාවොත් නගින්න බැරියැ"

"මේ පොඩියෙවුවොත්තෙක්ක බෑනෙ. මුන්ට කකුල් කඩිත්තුව හැදෙනවනෙ. අනික්ගාන මුංවත් උස්සං යන්න වෙන්නෙ."

ඔය විදිහට කතාවෙං පස්සෙ එතන ඉන්න පිරිමි කීපදෙනෙක් පයිම්ම ටවුමට යන්න පිටත්වෙනව. ඒ ගොල්ලොත් සෑහෙන දුරක් ගියාට පස්සෙ බලාහිටල එපා වෙච්චි කීප දෙනෙක්

"අනේ ඔය බඩකඩිත්තුව බල්ල වැඩහ්නෑ"

කියල තොරණටයි, බස් අයිතිකාරයින්ටයි, ඩිපෝ එකටයි, තොරණ හදපු කෙනාටයි හැමෝටම බැනලා තොරණ බලන්නම ඕන කියලා බෙරිහං දෙන තමුංගෙ ළමයින්ගෙ කං කෙටිත් මිරිකලා උංවත් ඇදගෙන ගෙදර යනව.

අන්තිමට වම්පැත්ත පාත් වෙච්චි ඉස්සරහ එක ලයිට්ටෙකක් විතරක් පත්තුවෙන එකැස් කන තනිදොරේ බස්සෙකක් එනව. හැමෝම පාරට පැනල කෑගහල බස්සෙක නවත්තගන්නව. බස්සෙකේ ඩයිබරයි කොන්දොස්තරයි දෙන්නම බෙරිහං දෙනව.

"බෑ බෑ මේකෙ තව නගින්න තැනක් නෑ. මේ පේන්නැද්ද"

අපි ඒ මොනවත් අහන්නෑ. අම්මා මාව බෙල්ලෙං අල්ලගෙන ගිනිපෙට්ටියට ගිනිකූරක් දානව වගේ බස්සෙකේ දොරේ ඉන්න සෙනග පොදිය අස්සට මගෙ ඔලුව ඔබනව. ඉං පස්සෙ මාව තල්ලු කරන ගමං ඇතිවෙන හිඩස අස්සෙං අම්මත් රිංගනව. මාත් අතට අහුවෙන දෙයක් අල්ලගෙන නොවැටි ඉන්න බලනව.

"ඔය... මගෙ සරොං කෙටියෙ එල්ලෙන්නෙපා ළමෙයො"

එක මිනිහෙක් කෑගහනව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ නැංදා අයියවයි, අක්කවයි බස්සෙකට නග්ගලා කෑ ගහනව.

"අනේ මගෙ ළමයි දෙන්නා.... මාව දාල ලමයි දෙන්නව අරං යන්නෙපෝ"

බස්සෙක සැරදාලා යන්න හදනව. චන්දරෙ මාමලෑ නැංදා විලාප තියනව. ඒ ගමන බස්සෙකේ ඉන්න සෙනගෙං බාගයක් තරම එක සැරේ කෑ ගහනව.

"හෝව් හෝව් වෝව්."

"පොඩ්ඩක් ඉන්ඩෝ"

"තව යන්නෑය ඉන්නෝ"

ඔය විදිහට පවුලෙ එක්කෙනෙක් හරි බස් එකට රිංගගත්තු ගමං බිම ඉන්න එයාගෙ හත්මුතු පරම්පරාවම පවුලේ අවමංගල්‍ය උස්සවයකදි වගේ බිරුසන් දෙනව. ඔය විදිහට ලෑම්මාට්ටරේකිං හැතැප්මක් විතර දුරක් යන්න පුළුවං තරං වෙලාවක් දඟලලා සෙනග ගිලලා බඩගෙඩිය මහත්වෙච්චි බස් එක මගුල්ගෙදර කෑම මේසෙං නැගිට්ට කෙනෙක් වගේ තනි ඇහෙං පාර බලාගෙන යන්න පිටත්වෙනව. බස් එක ඇතුලෙ වහලෙ හයිකරල තියෙන කාකටු පෙට්ටි වගේ එව්ව ඇතුලෙ පත්තුවෙන බලුප්වලිං යංතං එලියක් විහිදුනාට මනුස්සයෙක් අඳුරගන්න ඒ එළිය මදි. ඒ හංදා සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔඩොක්කුවල, සීට් පේලි අතරෙ අඩුක් කරල ඉන්න ළමයි අම්මල හොයාගන්න බැරුව බෙරිහං දෙනව. බස්සෙකේ හිටං ඉන්න පිරිමි සමහරු සැරිං සැරේ සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔලුවලට උඩිං දෙකට නැමිලා ඔලුව දික්කරලා ජනේලෙං ඔලුව දාලා "ප්පෲවැහ්" කියල විට කෙල පාරවල් ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කීප දෙනෙක් පිටිපස්සෙම තහඩුවට "දල් දල්" කියලා තලන ගමං සිංදුවක් කියනව. ඒ අතරෙ කොන්දොස්තර

"ටියට් ගන්න. ඔයි ටියට් ගත්තෙනැතියය ටියට් ගන්න. ඉස්ස්රා පයිස්කෝට්ටින්නවා."

කියල මිනිස්සු බය කරලා සල්ලි දෙන්නැති අයගෙං සල්ලි ගන්න හදනව. ඊළඟට පාර අයිනෙ සෙනග පොදිගැහිල ඉන්න තැනක් දකිනකොට කොන්දොස්තර කෑ ගහනව.

"නවත්තන්නෙපා...... යයියයියං"

ඒ වුනාට මිනිස්සු පාරට පැනල බස්සෙක නවත්තගන්නව. කොන්දොස්තර බෙරිහං දෙනව.

"බෑ බෑ බෑ බෑ... කිව්වං අහන්නකො. ඇඟිල්ලක්ගහන්නවක්කත් ඉඩ නෑ. පස්සෙං බස්සෙයක් එනව. ඒකෙ එන්න."

ඒ වුනාට මිනිස්සු එව්ව අහන්නෙ නෑ. ඉන්න අයගෙං හීනිම කෙනෙක් රිංගවල ඒ පස්සෙං ටිකෙං ටික මහත අයත් නගිනව. ඔය විදිහට වැඩිදුරක් යන්න කලිං අපිට ලෑම්මාට්ටරේ හම්බුවෙනව. ඒක කැඩිල. ලලිත් මාමයි තව කීප දෙනෙකුයි ඒක හදනව. ලෑම්මාට්ටරේ ආපු සෙනග බිමට බැහැල හිරි අරිනව. බයිසිකල්වලිං යන අය, පයිං යන අය එහෙම පහුවෙනව. තීවිල් ටිකයි දලු ලොරියයි පහුකරගන්න බැරිවෙනව. අන්තිමට බස්සෙක ටවුමෙ ඔරලෝසු කනුවටත් මෙහායිං නවත්තනව.

"මෙතනිං බෑගන්න."

කොන්දොස්තර ආයිමත් කෑ ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කෙනාගෙ ඉඳං හැමෝම එක සැරේ බස්සෙකෙං බහින්න පොරකනව.

"කකුල් පාගන්නෙපා"

"තල්ලු කොරන්ඩෙපා ඕයි"

"පුතේ... ළමයෝ... වරෙං බහින්න"

"අනේ... මගෙ සෙරෙප්පුව...."

"අනෙයම්මේ.... හ්‍රී...........ං"

"අා.....ව් මගෙ කරාබුව...."

කකුල් පෑගිච්ච අය, ළමයි හොයන අය, අනුංගෙ කොණ්ඩෙ තමුංගෙ කරාබුව පටලගත්තු අය, හැමෝම බස්සෙක ඇතුලෙ කෑ ගහද්දි. බිමට බැහැපු කොන්දොස්තර දොරගාව ඉඳං බස්සෙකෙං බහින අයගෙං සැක කටයුතු අය අල්ලනව.

"සල්ලි දුන්නෑ නේද?"

"දුන්න"

"කෝ ටියට්ටෙය"

"ටිකැට් දුන්නෑ"

"බොරු කියන්නෙපා. බොරු නොකිය සල්ලි දෙනව"

සමහරු නං

"පෝස්සෙක අරගන්නවත් ඉඩක් තිවුන්නෑ"

"ටිකැට් දෙන්න පිටිපස්සට ආවෙනෑ"

කියලා ඇත්තම කියලා කොන්දොස්තරට සල්ලි දෙනව. එයා ඒවට ටිකට් දෙන්නෑ. මං සෙනග පොදිය එක්කම බිමට විසික්වෙලා ගිහිං වටපිට බලද්දි සෙනග අස්සෙං අම්මගෙ අත ඇවිල්ල මාව ඇදල ගන්නව. අපි බස්සෙකෙං එහාට වෙලා නැංදයි ආච්චම්මයි, චන්දරෙ මාමලෑ ගෙදර අයයි බහිනකං බලා ඉන්නව. ඒ කවුරුවත් බස්සෙකෙං බහින බවක් පේන්නැති හංදා වටපිට බලපුවාම ඒගොල්ලනුත් ටිකක් එහාට වෙලා අපි එනකං බලා ඉන්නව පේනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com68tag:blogger.com,1999:blog-1142664932489180.post-28180506957828126162017-08-07T08:12:00.000-07:002017-08-07T08:38:59.304-07:00තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම 'ලයිස්පීකරකට්ටක්' බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව.

"අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ..............

ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ............."

"ක්රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද"

උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් නෑ. ඒ වුනාට මේ අමුතු බාසාවෙං කෑ ගහන සද්දෙ ඇහුණ ගමං "ලයිස්පීකරයක් එනෝ" කියාගෙන පාරට දුවන අයට වෑංකට්ටෙ හොම්බෙයි පිටෙයි වටෙයි අලෝපු දැන්නීම්වල තියෙන විස්තර බලලා 'මේ කියන්නෙ තොරණ ගැන තමා' කියලා හිතාගන්න පුළුවං වෙනවා. කාරනාව සහසුද්දෙම්ම දැනගන්න හිතාගෙන පුංචම්මලෑ කඩේ ගාවදි විමලසේන මාමා පාරට පැනලා අත දාලා වෑං කට්ට නවත්තනවා.

"මොකද්දයියෙ එලවුස්සෙක"

ඩැයිබරගෙ පැත්තෙං වෑන්නෙක අස්සට තමුංගෙ ඔලුවයි උරිස් දෙකයි රිංගවන විමලසේන මාමා උදේ හිටං කියෝලා කියෝලා හකු ගෙවිලා, දිව දොට්ට ඇදිලා, මූණ රතුවෙලා, දාඩිය දාලා ඉන්න එලවුස් කරන මනුස්සයගෙං අහනවා.

"ඔය පස්සෙ දැන්නීමෙ තියෙන්නෙ බලනොවකො"

එයා විමලසේන මාමට කඩා පනිනව.

"දද දද්දෙ දද්දාදෙ දාද්දෙ දාදාදො"

පීකර කට්ටත් ගමටම ඇහෙන්න විමලසේන මාමාට බනිනව. ඒ අතරෙ අනික් අය ඇස් හීං කරගෙන වෑන් එකේ ඉස්සරහයි පිටිපස්සෙයි දෙපැත්තෙ වීදුරුවලයි අලවල තියෙන දැන්නීම් ටික කියෝනව.

"විසිතුරු මාතු පෝසක කතා වස්තුව රැගත් මහා තොරං රාජෙයා... මෙම මස දාහතර වැන්දා සිට ... විසියෙක වැන්දා තෙක් පෙදර්සනය කෙරේ."

මේ කියවිල්ලට වෑන්නෙකේ ඩයිබරට කේන්ති යනව. එයා වෑන්නෙකේ ඇංජිම හයියෙං රේස් කරනව.

"ඕයි ඉස්සරහිං අහට්ට වෙනවකො. අපි යන්නෙ තමිසෙලෑ බඩවල්ලුඩිංද? තමිසෙලා සේරම මේක කියෝනකං හිටියොත් අපිට යන්න වෙන්න අනිහ් සුමානෙ තමයි."

වෑන්නෙක ඉස්සරහිං හිටපු අය පරාණ බයේ අහකට වෙනව. වෑන්නෙකේ පිටිපස්සෙං හිටපු අයත් දුම් පාරට අහකට විසි වෙනව. තොරණ බලන්න එන්න ඉන්න සෙනගෙං තවත් හතර පස් දෙනෙක්ටවත් බනින්න හිතාගෙන වෑන්නෙක කැහැ කැහැ තවත් ගමකට යනව. ඒ අතරෙ හැමෝම එක්කහු වෙලා වෑංකාරයටයි එලවුස් කරන කෙනාටයි බයිනව.

"යකෝ පිං අතේ වැඩක් කරද්දිවත් මෙවුංගෙ කටේ සවුදම අඩු නැති හැටි."

"යන්ට නාකයි ඕක බලන්න"

"මග හිටියත් තල්ලුවක්කත් දෙන්න නාකයි"

දවසක් දෙකක් යද්දි වෙනදා අහල නැති නලා සද්ද එහෙම අහල පහල ගෙවල්වලිං ඇහෙනව. සුදුවා එහෙමත් ගමං බිමං යද්දි වතුර විදින තුවක්කුවකිං අහල පහල ගස්වලට විදගෙන යනව. ඒවා දකිද්දි මට ඉවසං ඉන්න අමාරු වෙනව. මං අම්මත් එක්ක රණ්ඩුව පටං ගන්නව.

"අම්මෙයංකො"

"කොහෙද බොල"

"තොර්න බලන්නයංකො"

"හිටහං වියසල. ඕක මොකෙක්කක් කන්නෑ."

ඒ වැඩේ හරියන්නැති පාර මං මිදුලට බැහැලා ටිකක් දුරට වෙලා වැඩ පටං ගන්නව

"ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව ඒ....ඒ.....ඒ.... හිඥුම්.................

වංකීඤෝ ඉග්ගෝලෙ විස්ත වා එවුග් වාව තොලල වලල්ල එග්ග ගියෙලෑ ගියාලා.... ආ..... ආ........

ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව උවල තොලලග් අදා දීයව්වත....ආ.....ආ.....ආ....හග්"

මේ අන්තිම හග් එක ඇතිවෙන්නෙ කොන්ද හරහ වදින කොහුමිටි පාරත් එක්ක. මං අම්මගෙ කොහුමිටි පාරවල් ටික ඉතුරු කරන්න හිතාගෙන පණ බේරගෙන දුවනව. අම්මට අහු නොවෙන්න චන්දරෙ මාමගෙ කුඹුරෙ පිටවේල්ල ගාවට කිට්ටු කරාට පස්සෙ තව ටිකක් හයියෙං ප්‍රසිද්ධ නිවේදනයක්ම නිකුත් කරන්න මට පුළුවං වෙනව.

"අෆේ වහ එවුල්ලෙල්ලව වහ ලෝවෙයො. ලවයිව්ව තොලලග් වලල්ලවහ් එග්ග යල්ලෑ.....ඈ...... ඈ......"

මේ වගේ වෙලාවට මගෙ පින තිබ්බොත් චන්දරෙ මාමලෑ නැන්දා නෝනක්කව එවලා මාව එහෙට අරං යනව. ටික වෙලාවකිං නෝනක්කගෙ ආරස්සාව යටතෙ මාව ගෙදර එවනව. නැත්තං අපෙ අම්මා ඊළඟට මට තලන්නෙ කරාබු කෝට්ටකිං.

ඔය විදිහට දවස් ගානක් පන එපා කියල කෝලහල කලාට පස්සෙ අපේ අම්මා අහල පහල අයත් එක්ක තොරන බලන්න යන්න ලැහැත්ති කරගන්නව. හැමෝම එකට යමු කියල හිතාගෙන හිටියට අන්තිමට බැලුවහම අනික් හැමෝම එයිට දවස් දෙක තුනකට කලින් තොරණ බලන්න ගිහිං. ඉතුරුවෙලා ඉන්න අය එක්කහු වෙලා ඒ ගොල්ලන්ට දොස් කියනව.

"අපිට නිකමටවක් මතක්කොලේ නෑ. ආයිනං ගමනක් යන්න ඒගොල්ල එක්ක කතාවෙන්නෑ"

තොරණ ඉවර වෙන්න දවසක් කලිං දවසක හැන්දෑවකට ගමන තීන්දු වෙනව. එදා උදේ ඉඳලම මගෙං කිසිම වැඩක් කෙරෙන්නෑ. කොටිම්ම ඉස්කෝලෙ යන්නෙත් නෑ. ඉස්කෝලෙ ගියෙ නෑ කියල අපේ ගෙදරිං විරුද්දවෙන්නෙත් නෑ. ඒ හංදා උදේට කාපු වෙලාවෙ ඉඳල මගෙ වැඩේ වෙලාව බලන එක. ඒ අතරම සැරිං සැරේ අම්මට කංකෙඳිරිගාන එක.

"දැයියංකො අම්මෙ. නැහ්නං රෑවෙයි"

"මේ ගිණිකූටක අව්වෙ මොන තොරනද්ද බොල"

අම්මා මට පොල්බෑය උරුක් කරනව. ඔය විදිහට හැන්දෑ වෙනකම්ම මං එක එක විදිහට අම්මට කංකෙඳිරිගෑමත් අම්මා ඒ ඒ වෙලාවට කරන වැඩේ හැටියට අතේ තියෙන උපකරණ උරුක් කරලා මට තර්ජනේ කිරීමත් කරදරේ ඉවරයක්ම නැත්තං මාව කෙටිදුරක් එලෝගෙන යන එකත් සිද්දවෙනව. ඒ හංදා හවස් වෙත්දි මට අම්ම ඉන්න කිට්ටුවකටවත් යන්න අමාරුයි. අපේ අම්මගෙ ලැහැත්තිය පටං ගැනෙන්නෙ එහාපැත්තෙ කංදෙං ඇහෙන චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කගෙ කෑගැහිල්ලත් එක්ක

"දයා නැංදේ......."

එව්වට උත්තර දෙන්න ඕන ගෙදර ඉන්න ළමය වසයෙං මං

"ඕ......."

"අපි නං ලැහැත්ති වෙනවා."

"හා... අපිත් ලැහැත්තිවෙන්න"

"හා....."

"හා....."

මෙච්චර වෙලා ඒ ගැන වගේ වගක් නැතුව හිටපු අම්මා එක පාරටම වඩිග පටුන නටන්න පටං ගන්නව.

"තොට මං කීවලියක් කිව්වද ලැහැත්ති විය කියල. ලැහැත්ති වැනිං විජානියට"

මං තොරන බලන්න යන්න බෑ කිව්ව වගේ අම්ම මට කඩං පනිනව.

"ඉතිං මං කිව්වෙ."

"තෝ කිය කිය හිටියා මිසක් ලැහැත්තිඋනායැ."

"මූනෝදං ඇහිල්ල ලැහැත්තිවිය. කාහං බට්ටිකක්. ආයි එහෙ ගිහිං බක්කන්න නෑ."

අන්තිමට දොලට නොයා පිටවේල්ලෙං දත මැදල මූණ හෝදගෙන ගෙදෙට්ට එනකොට අම්මත් මගෙ බුරුසුව ඇදල අරගෙන මට බත් පිඟානක් දෙනව.

"විජානියට කාහං"

අම්ම මගෙ බුරුසුවෙං දත් මදින අතරෙ මං බත් අහුරු දෙක තුනක් ගිලලා ඉතුරු ටික හෙලපල්ලට විසි කරනව. තව විනාඩි දහයක් පහලොවක් යද්දි අපි දෙන්න ලැහැත්තිවෙලා මූණ පුරා පවුඩර් තට්ටුවකුත් ඔලුව පුරා තෙල් තට්ටුවකුත් ගාගන්නව. අම්ම මගෙ පැන්සලකුයි කොපි පොතේ මැද පිටුවයි කඩාගෙන ලියුමක් ලියනව.

බොලේ අපි තොරන බලන්න යනව.

චන්දරේ මල්ලිලෑ ගෙදර අෑය එක්ක.

යතුර ගලයට. තමිසෙත් බත් කාලා එනවා.

මීට **වතී

අපි කුස්සිය පැත්තෙං දොර වහලා දෙහි ගහ යට ගල් ගෙඩ්ඩ යටිං යතුර තියලා ලියමන කෝට්ටක උලගහල දොරේ අමුණල තියල දොට්ට බහිනව. නැන්දත් අපේ මිදුලට ගොඩවෙනව. ඒ පිටිපස්සෙං ආච්චි අම්මත් දනිස්සට අත්දෙක තියාගෙන හතිදාගෙන කන්ද නගිනව. අපි දෙන්නව විතරක් දැක්කම ආච්චම්මට හිතට හොඳ මදි.

"කෝ ලොකු ළමෙය යන්නැද්ද?"

"ඒ මිනිහ එනව නැතෑ. කෝ මැණිකො සූටි"

"ඌ එනකං ඩිංගක් හිල්ල වරෙල්ල."

"ඒකි එක්ක ගිහිං බෑ. සෙල්ලම්බඩු ඉල්ලනව. මං බොරුවක් කියල තියල ආවෙ"

"පොඩි එකෙක්යැ නැංදම්මෙ. එන වෙලේක එන්නැතෑ"

අපි හතර දෙනා ආයිමත් අපේ මිදුලෙ ඉඳං කන්ද උඩට නගින්න පටං ගන්නව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ කුඹුර මැදිං අඩිපාර දිගේ චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කයි, අයියයි, නැංදවයි ඉස්සර කරගෙන, අපේ ඉංග්‍රීසි පොත තරං උසට සරමත් ඇඳගෙන ඒ පිටිපස්සෙං චන්දරෙ මාමත් එනව. අපි හතරදෙනා අරුම පුදුම විදිහට පේලියට ගමනක් යනව දකින පාරෙ ඉන්න කලු බල්ලා අපිව ඉව කරන්න ඇවිත් ආච්චි අම්මගෙං කුඩ පාරක් කනව

"ජී....ග් ගේ...රි බලු නරකාදිය.... ජී...."

අපේ ගෙවල් පහුකරල එක වංගුවක් උඩහට ගිය ගමං චන්දරෙ මාමලගෙ ගෙදර අය අපි එනකං බලං ඉන්නව පේනව. අපිත් එතන්ට ආපු ගමං අපි හැමෝම කතාව පටං ගන්නව.

"කෝ නංගියෙ චූටි"

"කෝ සෝම්පාලයිය යන්නැද්ද"

"ඒකිව ගෙදර තියල ආව."

"චූටි දන්නැද්ද තොරන බලන්න යනව කියල"

"මුංගෙ තාත්ත එයි නංගියෙ සෑ වෙලා"

"පීසේන මල්ලිට එහෙම කන්න ඉව්වද?"

"කඩේ දෝනි එහෙම ඊයෙ ගියාලු."

"කරුම්මාමා ඕබන්නෙකක් අරං දුන්නලු"

"දවල් උයපුව ඇති"

"අපෙ තාත්ත මටත් එකක් අරංදෙනව කිව්ව"

"බස් තියෙයිද මංද"

"මට විතරයි අරංදෙනව කිව්වෙ"

"නෑ. තාත්ත අරං දෙනව කිව්වෙ මට"

"බස් තියෙයි හැබැයි සෙනග හිටියි සූ ගාල"

"ඇයි තාත්තෙ සෙනග සූ ගාන්නෙ"

"අම්මෙ මටත් ඕබන්නෙකක් ඇරං ඕනි"

"මිනිස්සු සූ ගාන්නෑ ළමයො. සෙනග ගොඩක් ඉන්නව කියන එකයි සූගානව කියන්නෙ"

"තෝ එකේක ජාති ඉල්ලන්න ලැහැත්ති වෙනව නං දැම්ම කියහං තෝවත් ගෙදර ගිහිං දාතියල එන්න"

ඔය විදිහට කයිවාරු කියෝ කියෝ නිකෝඩහන්දියට කිට්ටු වෙද්දි එතන පන්සලේ මරණාදාර රැස්වීමට තරං සෙනගක් එක්කහුවෙලා බස් එනකං බලා ඉන්නව. අපිව දැකල එතන ඉන්න අය හූල්ලනව.

"තව කට්ටිය එනව."

"බස් පනහක් තිවුණත් මදිවෙයි"

අපේ කාණ්ඩෙත්

"සෑහෙන සෙනගක්නෙ"

"බස්සෙකක් නෙමෙයි කෝච්චියක් තිබ්බත් මදි"

"කෝච්චිත් පාරෙ යනවද තාත්තෙ"

"පයිං තමා යන්න වෙන්නෙ"

වගේ ඒවා කියල ඒ සෙනග ගොඩටම එක්කහු වෙනව. ඉං පස්සෙ එතන ඉන්න අයත් එක්කත් අර විදිහටම කියෝනව. එහෙම කියෝල කියවන්න දෙයක් නැතිවුනහම බස්කාරයින්ට බයිනව.

"මේ යකඩ කැටි එකක්කත් ඕනි වෙලාවට නෑනෙ"

"දැන්නීමෙ තිවුනෙ රාත්‍රීය පුරාවට බස්සේවා කියාත්මකයි කියල"

"ඩිපෝ එකේ උං වැඩකරන්නෙ උන්ට ඕන හැටියටනෙ"

"උං බස් ගෙදර ගිනියනවනෙ"

ඒ අතරෙ කන්ද නැගගෙන එන බස්සෙහෙක සද්දෙට මිනිස්සු හැමෝම ඒ පැත්ත බලං ඉන්නව. ටික වෙලාවකිං රෝද බඩේ ගෑවෙන්නම පාත් වෙච්චි ලොරියක් වංගුවෙං මතුවෙනව. මිනිස්සු ඒක දැකලත් බයිනව.

"නිදකිං ලොරි දණ්ඩක්නෙ"

"මං හිතුවෙ බස්සෙකක් කියල"

ලොරිය අපිව පහුකරගෙන යද්දි හැමෝම ලොරිය දිහා කන්න වගේ බලනව. ලොරිය එලෝන එක්කෙනත් ඒ වගේම සෙනග දිහා බලනව. සෙනග ආයිමත් චර බර ගගා කතාව පටං ගන්නව. ඒ අතරෙ එතනිං යන ටීවිල් එහෙම සෙනග පහුකරගෙන ගිහිං නවත්තනව. එහෙම කරල සෙනග ගොඩේ ඉන්න තමුං අඳුරන කෙනාට විතරක් කතා කරනව. එතකොට එයා විතරක් ගිහිං තීවිල්ලෙකට නගිනව. ඉං පස්සෙ සෙනග එක්කහු වෙලා එයාට බනිනව.

"තව ඕන්තරං ඉඩ තිවුනා."

"මේ බැරි අමාරුකාරයෙක් දාං ගියානං මොකද"

මේ අතරෙ තනියම තොරණ බලන්න යන පුබ්බයිසිකල්කාරයොත් ඉන්නව. ඒගොල්ලත් සෙනග ගාවිං නවත්තල තමුං අඳුරන කෙනෙක් හිටියොත් බයිසිකලේ පොල්ලෙ නග්ගගෙන එක්කං යනව. එතකොට මිනිස්සු තීවිල්ලෙකේ ගිය කෙනා අතෑරලා බයිසිකලේ පොල්ලෙ ගිය කෙනාට බයිනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com58tag:blogger.com,1999:blog-1142664932489180.post-34776727533124441642017-07-10T04:21:00.001-07:002017-07-10T04:21:24.598-07:00තොරණ හෙවත් pandol - 1

"මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"

කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව.

"ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ"

"තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ."

"ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ"

"ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන මාහිතේ."

"ඔව් මාහිතේ විසි දෙකද්ද කොහෙද?"

"බලුපුත් දාස් ගානක් තිවුන කියල අපේ පුතා එහෙම කිව්වෙ"

"එහෙනං ඉතිං. එකට එකක් හේත්තු වෙන්නම බලුප් එපෑ"

මේ වෙලාවට ගුනවද්දන මාමට කට වහගෙන ඉන්න අමාරුයි.

"චෑ....... මේ වෙදා ගහන තොරන නං කිසියම්ම කිසි කමකට නෑ. බලුප් උනත් බාගෙට බාගෙයක්ම පත්තු වෙන්නෑ. ආං ඒ වගේද කහවත්තෙ තොර්න."

තමුංගෙ තාත්තා නලාව පිඹින හැටියට නයා පෙට්ටියෙං එලියට එන්න මහ වෙලාවක් නොඑන බව දැනිලා නිමල් අයියා ඉඳං හිටි තැනිං නැගිටලා කඩේ ඉස්තෝප්පුව පැත්තට යනවා.

"හැබ්බෑට....."

අපේ ආතා ගුනවද්දන මාමට සපෝට් එකක් දෙනව. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී.

"එහෙනං මාමෙ. ගුරුගේ මුදලාලිගෙ තොර්න තමයි තොර්න. මා හිතේ කොළඹවහ්නෑ ඒ සා විසාල තොරනක්."

"අනිච්චං"

"ඔවූ... දැං මේ වෙදෑ තොරනෙ පුවක් කොට හතර පහකින්නෙ එක්කොම රඳා හිටින්නෙ. අරකෙ හිටවන්නෙ මයෙ මේ කකුලක් තරං හිටී එක්කොම යකඩ කඳං. එක කඳ හිටී මේ හරියෙ අර පාරෙනුත් එහා පැත්තෙ තරම දිගට"

ආතා සරමෙ ඔඩොක්කුවෙ තියෙන පුවක් ලෙලි ටිකයි කුරුටු ටිකයි දොරකඩ රඹුටං ගහ මුලට හලනව.

"කොටිම්ම බුද්ද පිලිමෙ හිටී කලවම්පංසලේ විහාර ගෙයි පිලිමෙ ඉතර. ඉතිං හිතාගන්නකො තොරනෙ රයිස්සෙක"

"ආ............"

"මං අර එක වංගියක් අපේ දූලෑ ගෙදර හිද්දි දූලෑ වදේ බැරිකමට ගියා කාරෙකෙං කහවත්තෙ තොර්න බලන්න. මං ඉස්සරහ සීට්ටෙකේ ගියෙ. මා හිතේ කහවත්තට හැතැක්මක් තරම දුර තියා තොරනෙ මුදුනෙ බුද්ද රූපෙ පේනව."

"අනිච්චං අප්පෙයි"

"ඒකට ගේන ලැයිට් ඇංජිම හිටී මේ ගේ ඉතර. බලුප් නං ඇති ලස්ස ගානක්."

"ඇත්තට........"

"තොර්න කිට්ටුවට ගිහිං නං ඒක බලන්න බෑ මාමෙ. බෙල්ල උලුක්කු වෙනව. මේ හරියෙ තොර්න තියේ නං පීටර ලෑ ගෙවල් හරියෙ ඉතර ඉඳං බැලුවං තමයි හරියාකාරව පේන්නෙ."

"ඒ තරං විසාලෙට හිටීද?"

"නැහ්නං මාමෙ. ඔය මනුස්සයනෙ මා හිතේ ලංකාවටම කෝටිපතිය."

මේ කතාවෙන තොරණ උප්පත්තිය ලබන හැටි බලන්න සෙනසුරාදා පොල දවස වෙනකං ඉන්න වෙනව. සෙනසුරාදා පොලට ගිහිං එක අතක බඩු මල්ලක් අරගෙන අනික් අතිං නංගිව කිහිල්ලෙ උලගහගෙන පොලෙං එලියට එන අම්මගෙ පස්සෙං තවත් බඩු මල්ලක් අරගෙන අනික් අතේ තියෙන කවරෙ තියෙන බොම්බයි මොටයි ටික බඩට පුරෝන ගමං මාත් බස් ඉස්ටෑන්ඩෙක දිහාවට එනව. ඒ එන ගමං වටපිට බලනකොට බස් ඉස්ටෑන්ඩෙකේ කෙරෝලකට වෙන්න හිටෝපු උස පුවක් ගස් දෙක තුනකුත් ඒවයිං උසම එකේ මුදුනෙ හයිකරපු බෞද්ධ කොඩියකුත් මට පේන්න තියෙනවා. ඒ එක්කම කහපාට ඉටි රෙද්දක ඇඳපු දැන්වීමකුත් කොහු ලනු පොටවල් හතරකිං ඒ පුවක් ගස්වල ගැටගහලා තියෙනවා.

මේ දැන්වීම කියවන්නයි පුවක් කොට ගාන ගැනගන්නයි මට අතේ තියෙන කවරෙං බොම්බයි මොටයි කෑම නවත්තලා විනාඩියක් විතර බලං ඉන්න වෙනවා. ඒ අතරෙ,

"කොලුවෝ.. ළමෙයෝ.... යකෝ... බූරුවෝ... හකරෝ.... ගල්බිල්ල වගේ බලා ඉන්නෙ.... මෙහෙවර.... තෝ මොකද්ද ඔය කොරන්නේ"

ආදී වසයෙං මට කියන සේරම නංවලිං අඩගහන්න අම්මට සිද්ද වෙනවා. මුලු බස් ඉස්ටෑන්ඩෙකේම ඉන්න මිනිස්සු මේ නං බර ගානකිං හැදින්වෙන අරුම පුදුම ලමයා දිහාත්, ඒ ළමයව දක්කන අම්මා දිහාත් බලනවා. අන්තිමට මාව හරි සිහියට ගන්න බඩුමල්ලයි නංගිවයි දෙන්නම අරගෙන ආපහු ඇහිල්ලා මගෙ දනිස්සට පයිං එකක් ගහන්න අපෙ අම්මට සිද්ද වෙනවා.

පහුවදා හවස ආතගෙයි ගුනවද්දන මාමගෙයි කෙබර මඩුව මැද්දට ඒ විස්තරේ අතාරින්න මට පුළුවං වෙනව.

"ආතේ අන්න තොරණ ගහනව කියල පුවක් කොටං ටිකක් හිටෝල තීනව ඉස්ටෑන්ඩෙක ගාව අයිනෙ"

"උඹ කොහොමද්දන්නෙ"

" මං දැක්කනෙ පුවක් ගස් දොලහද්ද කොහෙද හිටෝල තීනව. ඒකෙ හුගක්ම උස පුවග්ගහේ මුදුනෙ බවුද්ද කොඩියක් ගහලත් තීනව. ආයි ඉටිකොලේක ලියපු දැන්නීමකුත් තියෙනව. මේ යසවර්දන ඉලෙක්ටිකල් කියල කෙනෙක්ලුනෙ තොරණ හදන්නෙ. වෙදෙක් නෙමෙයි"

"යසවර්දන කියන්නෙ වෙද මහත්තෙය තමා. ඒ මිනිහ ඇර වෙන කවුද තොරං ගැහිල්ල දන්නෙ වෙන"

"එයා වෙදකං කොරන සල්ලි ඔලින්ද ආතෙ තොරං හදන්නෙ?"

"ඒ යකාට වෙද මහත්තයා කිව්වට මිනිහ දන්න වෙදකමක් නෑ. ගෙවල් වෑල්ඩිං කොරන එකනෙ මිනිහෑ රස්සාව"

"එහෙනං ආතෙ එයාට වෙද මහත්තය කියන්නෙ?"

"ඒක උඹ ගිහිං ඒ මිනිහෑංම අහපං."

ආතා මාව එලෝගන්නව. ඒ වුනාට සතියක් ගානෙ පොලේ යන ගමනුත් ඒ අතරෙ සමහර දවස්වලට අම්මටයි, නංගිටයි, මටයි සැරිං සැරේට කැස්සටයි ඇදීමටයි බෙහෙත් ගේන්න යන ගමනුත් මං තොරණෙ විස්තර ගෙනැත් ආතගෙ කනේ තියනව.

"දැං හරහටත් ලීත් බැඳල ප්රස්තාරෙයක් වගේ"

"පිටිපස්සෙනුත් කනු හිටෝලා දෙපැත්තටම ලී බැදලා. මිනිස්සු ඒවෑ නැගල වැඩ."

"මුදුනෙම්ම බුද්දරූපෙයක් එල්ලලා. ඒක සුදු රෙද්දකිං වහලා. යට හරියෙ කකුල් දෙක ඉතරක් පේනව"

"එක පින්තූරෙයක් එල්ලලා. ඒකෙ කොණ්ඩෙ බැදපු මිනිහෙක් වතුරෙ පීනනව. සාරියක් රෙද්ද වගේ ඇඳලා බොඩියකුත් ඇදපු ගෑනියෙක් ඒ මිනිහෑ පිටේ නැගල ඉන්නව"

"තොරං ඔල එහෙම පින්තූර එල්ලන්නෑ. බොරු නොකිය පල යන්න"

ආතා මාව එලෝනව. ඒ වුනාට මං ඊළග සතියෙත් වාර්තාව අරං එනව.

"තොරණෙ පින්තූර එල්ලල ඉවරයි. දැං බලුප් හයි කරනව."

"බලුප් හයිකරල වියරයි. දැං මිනිස්සු වැඩ කරන්නෙ තොරනෙ පිටිපස්සෙ. ඒ පැත්ත පලාතට අනික් ඈට යන්න දෙන්නෑ."

තොරණ හදල ඉවරවෙලා තවත් දවස්ගානක් යනකං ඒ මිනිස්සු තොරණ පිටිපස්සෙ වැඩ කරනවා. මේ අතරෙ පොල පිටිපස්සෙ පොලට එන ලොරි නවත්තන පිට්ටනිය වගේ ටිකේ තව මිනිස්සු වගයක් දිග ලැලි වගයක් එකට එක හේත්තුවෙන්න රවුමට තියලා තවත් මොකද්ද එකක් හදනවා. මං ඒ විස්තරෙත් ගෙදර ඇවිල්ල ආතට කියනව.

“ආතෙ අර පොලේ සිරිපාල ආතෑ ලොරිය එහෙම නවත්තල තියන හරියෙ මිනිස්සු කට්ටියක් එක්කහු වෙලා දිග ලැලි ටිකක් වටේට හිටෝල ඉස්පංචියක් වගේ එකක් හදනොව.“

“මොන ඉස්පංචියද්දැ“

“අර රැලි රැලි තියෙන කොලෙයක් අලෝපු ජාතියක් තියෙන්නෙ. නිකෝඩහන්දියෙ දරුමසේන මාමෑ කඩෙත් තියෙන්නෙ. අර මිනිස්සු කහට බොද්දි එහෙම කන්නෙ. ආං ඒ වගේ විසාල එකක් අතන හදන්නෙ. සෑහෙන දිග ලැලි ඔලිං. අපේ ගෙදර කුස්සියෙ දොරේ ලැලි වගේ හත්තට සැරෙයක් දිගයි එයිං එක ලැල්ලක්“

“අනේ මට තේරෙනේකහ්නෑ උඹේ ඔය කියුං“

ආත මාව අහක දානව.

තොරණ පටං ගන්න තව දවස් දෙක තුනක් තියලා ටවුමෙ වහල දාලා තියෙන කඩ දෙකක් ඉස්සරහ ඉටිකොළවල ලියපු දැන්නීම් දෙකක් තියෙනවා.

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය

ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ

අනික් කඩේ ඉස්සරහ තව රෙද්දක ලියපු දැන්නීමක් තියෙනව. ඒ දැන්නීම ලස්සන වෙන්න තරු, මල් එහෙමත් ඇඳලා.

ඉන්ද්‍රජාල මැජික් බලයෙන්

අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.

ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ

මේ විස්තරත් ආතට නොකියා ඉන්න එක හරි නෑ. ඒ හංදා ආතා හැන්දෑ වරුවෙ ඇඳ උඩට වෙලා සැරිං සැරේ හෝන් ගහන ගමං නිදාගෙන ඉන්න වෙලාවට මං ආතව ඇහැරෝනව.

"ආතෙ ආතෙ... මේ ගමන තොරං දවසට අඟහරු ලෝකෙං කුරුමිට්ටොත් එනවලු."

"අනෙප්පලයං යන්න කෙබර නොකිය"

"බොරු නෙමෙයි. අර පැසං සුනිල් මාමෑ කඩේට එහාපැත්තෙ ජෑටිං මාමෑ කඩේ තිවුණ තැනට ගෙන්නනව කියන්නෙ. දැම්මම බෝඩ් හිටං ගහල"

"අඟහරු ලෝකෙං කොහොමද බං කුරුමිට්ටො ගේන්නෙ. යංතං හඳට යන්නප්පුලුවං ඇමරි කං කාරයන්ට ඉතරයි."

"ආයි ඒ ඉස්සරහම හොරණ කඩේ ඔලුවක් කතා කොරනව පෙන්නනවලු."

"ඔලුවෙං මිසක් ඉතිං *** කතා කොරන්නයැ."

"අත පය, කඳ කෑලි නැති මිනිහෙක්ගෙ ඔලුවක් ඉතරක්නෙ කතා කොන්නොව කියන්නෙ"

"නාවලවත්තෙ කට්ටඩි ළමයෑ තාත්තනං මිනී ඔලු කතා කෙරෙව්ව ඉස්සර. ඔතනත් එහෙනං එහෙම වෙන්නැති. පළෙයං යන්න මට ඩිංගක් ඇහැ පියාගන්න දීල"

ආත මාව ආයිමත් එලෝනව.

ලොකු අය කවුරුවත් තොරණ බලන්න යන්න කැමකි බවක් පෙන්නන්නෑ. හැමෝම ඒක පටවන්නෙ පොඩි ළමයින්ට.

"මුංගෙං කරදරේ බේරිල්ලක් නෑ. පස්සෙ මුංගෙ මහ එකා කිව්වා අන්තිම දාසට යං කියල"

චන්දරෙ මාමලෑ නැංදා අපේ අම්ම එක්ක දොලේදි කියනව.

"ඒක තමා, මේ මූටත් යන්නම ඕනි කියල නහින්න හදනොව. පස්සෙ මුංගෙ තාත්ත දුන්න දෙකක් වේවැලෙං. දැන්නං මීක් කියන්නෑ"

අපේ අම්මත් කියනව. ඒ කියන ගමංම තොරණ බලන්න යන දවස් ගැනත් කතාවෙනව.

"අන්තිම දාසට ඉස්සෙල්ල දාසෙ යං අක්කෙ. අන්තිම දාසට සෙනග වැඩියි."

"ඔව්වොව්. මුලිම්මුලිං දවස්සොල බලුප් එක්කොම පත්තු කොරන්නැහ්ලු."

ඔය විදිහට කතා කරගෙන අහලපහල ගෙවල් තුන හතරක අය එක්කහු කරගෙන අපේ ගං මණ්ඩියෙ හැමෝම එක දවසෙං තොරණ බලන්න යන්න කතාවෙනව.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com84tag:blogger.com,1999:blog-1142664932489180.post-634125480310353472017-07-02T06:09:00.000-07:002017-07-02T09:10:25.721-07:00කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

"අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."

ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් පෑදුවෙ අපේ බට්ටා. මාසයක්වත් නොතිබිච්චි බ්‍රොයිලර් වර්ගයෙ ලව් එහෙකිං පස්සෙ ලව්වෙකක් කරලා නවත්තපු අයියෙක් තත්වෙට ආපු බට්ටව දැක්කම අපේ ඇසුත් ඇරුණා. පහේ පන්තියෙ එකෙක් තරං පෙනුම ඇති බට්ටටත් කෙල්ලෙක් කැමති උණානං අපි තවදුරටත් පරක්කු වැඩි නැද්ද කියලා අපිට හිතුනා. ඒ හංදා අපි දෙකට නැමිලා බෙල්ල හරෝලා අපේ දිහාම බලලා "ඇයි අපි කලුද" කියලා හිතුවා. අන්න එතකොට අපේ ඇස් ඇරුණා.

"නෙදකිං"

අපේ ඔලුගෙඩි සේරම එක වල්ලෙ පොල් වගේ. සේරම කපුටු කූඩු. හැබැයි බුතලයගෙ කොන්ඩෙ වෙනම විදිහක්. උගෙ කොණ්ඩෙ විතරක් පැත්තෙං බැලුවහම සින්බෑඩ්ගෙ වගේ. අපේ කොණ්ඩෙ ඔලුව වටේට ගොයං කොලයක් වගේ තියෙද්දි බුතලයගෙ කොණ්ඩෙ ඉස්සරහිං උඩට නමල ආපස්සට අරං කොන්ක්‍රීට් දැම්ම වගේ ගල්ගැහිල හිටින්න හදල. අපි වලහැඩි වගේ ඉඳිද්දි ඌ විතරක් අපිට ද්‍රෝහි වෙලා කියල අපිට තේරුණා. අපි වහාම ඒ වරද හරිගස්සගන්න හිතුවා.

මෙතන ගොයං කොල දෙකක්ම තියෙනවා

අපි වෙනදට කොණ්ඩෙ කපනව කියන එකෙන් අදහස කලේ ගමේ තියෙන බාබර සාප්පුවෙ හංකඩ කතුරෙං කොණ්ඩෙ අල්ලලා උගුල්ලවගන්න එක. පන්සල ගාව බාබර සාප්පුවෙ සිරිල් කොණ්ඩෙ කපන ක්‍රමේට දැං කාලෙ කොණ්ඩෙ කපනවනං ඊට කලිං ඔලුව හිරිවැටෙන්න බෙහෙත් විදින්න ඕනැ. පනාවෙ ඝනකමට කොණ්ඩෙ මට්ටං කපන ගමං

"මේ ළමයෑ කොණ්ඩෙ ඝනකං වැඩියි. ඇට්ටර ඇති හරී.............යට ඒකයි. කතුරත් හංවෙනව මේ වැඩෙං."

කියල කතුරෙ මැද දෙමං හන්දියෙ පැටලිච්චි කෙස් වල්ලක් අමු අමුවෙ ඇදල දානව. එයිට පස්සෙ කන දෙපැත්තෙයි බෙල්ලෙයි කෙස් ටික දැලිපිහියෙං ගාන්න ගිහිං

"ඔය ඉතිං හෙල්ලුවනෙ"

කියලා කන දෙපැත්තයි, බෙල්ලයි ප්ලාස්ටර් ගහන්න වෙන තරමට කපා දානව. දෙමව්පියන්ව සන්තෝස කරන්නයි ගුරුවරුංට අල්ලගන්න ලේසිවෙන්නයි ගෙදර පොල්තෙල් බෝතලේ ඉක්මනට ඉවර කරන්නත් ඕන හංදා කොන්ඩෙ ඉස්සරහිං අවිච්චි පෙඳෙයක් වගේ කොටසක් පීරන්න කියලා ඉතුරු කරනව. මගෙ කොණ්ඩෙ අගිස්ස එහෙම ඉතුරු කරහම කෙස්ගස් ටික ඉදලක් වගෙ විහිදිලා ගිහිං මගෙ ඔලුවෙ පැත්තක් පැලවෙලා වගේ පේනව. ඒ ටික පැත්තට පීරලා හදාගන්න තට්ටෙ ගෑවත් බෑ කියලයි සිරිල් කියන්නෙ. ඔය විදිහට කපන කොන්ඩෙ තව මාසයක් විතර යනකොට ආයිමත් වැවිලා ඔලුව වටේ සමානව බෙදිල ගිහිං අපේ ඔලුගෙඩි පැහිච්ච පොල්ගෙඩි වගේ වෙනව. ආයිමත් ඉතිං පනපිටිං කෙස් ඉගිල්ලීමේ කටයුත්තට යනව.

ඒ කොණ්ඩෙ කැපිල්ල කොලුකමට ගැලපෙන්නැති තැන අපි බාබර් සාප්පු අතෑරලා ටවුමෙ තියෙන සැලුන්එකට ඇදුනා. සැලුන්නෙකේ පෝලිම ඉඩ මදිවුනහම පාර දිගෙත් පෝලිමේ හිටියා. පොල්ගෙඩි වගේ ඔලුගෙඩි එක්ක සැලුන්නෙකට ගිය අපි උඩිං ඉතුරුකරලා වටෙං කොට කරපු කූඤ්ඤ වගේ ඔලුගෙඩි එක්ක එලියට ආවා. අපේ අමුතුම කොණ්ඩ කැපිල්ල දැකපු මව් දෙමව්පිය නෑදෑ සනුහර අහල පහල ගුරු දෙගුරු කියන අටවනක් පිරිස අපේ ඉහටිය කන්න පැන්නා.

"ඉලන්දාරිකම ඉහට ගහල. මුං හිපියො වෙන්නද කොහෙද යන්නෙ"

"ඉවරයි. මුංව කීකරුකමට හදාගන්න බැරියුනානෙ. දැං ඉතිං ගමේ කෙල්ලෙක් තියා නාකි ගෑනියෙක්කත් පාරෙ ගිහිං වියරයි. මුන්ට විසේ ගහලනෙ ඉහට"

ඒවට කීකරු වෙනවට වඩා අපේ කොණ්ඩෙ කීකරු කරගන්න එක අපිට ගැටළුවක් වෙලා තිබුනෙ. ඒකට පිලියමක් විදිහට බුතලයා ගාන කොන්ක්‍රීට් ආලේපෙ තියෙන කඩවල් හොයාගන්න අපිට පුළුවං උනා. දොදොලක් වගේ ලෙලදෙන පුදුමාකාර පුසුඹක් තියෙන ජෙල් කියන ජාතිය ගන්න මාලුපාං දහයක් කැප කරන්න අපිට සිද්දවුනා. ඒ කැපකිරීම අපතෙ ගියෙ නෑ. ජෙල් තලියක් ගෑවම උණ පඳුරක් උනත් ඕන හැඩේකට නමලා තියන්න පුළුවං කියල අපිට තේරුණා. වරුනා උගෙ කොන්ඩෙ දෙකට මැදින් බෙදලා දුවනකොට උඩ විසිවෙන කොණ්ඩ පලු දෙකක් හදාගත්තා. මාත් මගෙ කොණ්ඩෙ වමට හරෝල පීරුවා. වෙනදට කලාමැදිරිය කාපු ගොක් අත්ත ඉහිරුණා වගේ දිගෑරෙන මගෙ සුලිය වටේ කෙස් ටිකත් යහමින් ජෙල් ගාලා දෙකට නමලා අඹරලා වම්පැත්ත බලා යන කෙස් ගංගාව අස්සට රිංගවලා තලලා මට්ටං කරහම මගෙ කොණ්ඩෙට ටිංටිංගෙ තිවුනු නෑකම නැතිවෙලා ගියා.

ටිං ටිං

ඔලුවෙං පහලට බහිද්දිම තව අඩුපාඩුයි. ඇඳුං මහන තැනිං කමිසෙ මහල දෙනකොට කමිසෙ පිටේ ඉතුරු කරල දෙන ඉරි දෙක හොයාගන්නවත් බැරි විදිහට ඉස්තිරික්කෙ විසින් මකා දමලා කියල අපිට තේරුණා. ඒ නැතිවෙච්චි අයිතිය දිනාගන්න අපි ආපහු ඒ ඉරි දෙක තිවුණු විදිහටම නමල මැදලා හන ගැහුවා. සමහරු පරණ ඒවට හරියන්න කමිසෙ අටට නමලා පිට මැද්දෙ අටපට්ටං මකුලු දැලක් හැදෙන්න මැද්දා.

කලිසමෙං තුනටියට බහින්න ලැබුනෙ නෑ. කලිසම එහෙම පිටිම්ම සරමක් වගේ වෙලා කියල අපිට පෙනුනා. ඉස්කෝලෙ මහත්තුරු අඳින ජාතියෙ මහත්තය කලිසං අඳින එක නාකි පාටට අපිට පෙනුනා. අපි ඇඳුං මහන තැන වෙනස් කලා. තැන වෙනස්වුනත් එක්කම අපේ යටිකයට අලුත් හැඩයක් ලැබුනා. වෙනදට කලිසමේ රෙද්දත් ඇඟත් අතරිං තව කෙනෙක්ට හිටගන්න තරමට ඉඩ තිවුන කලිසමේ උඩ කොටස අපි පොඩිකාලෙ ඇඳපු කලිසමක් තරං පොඩියට මැහුනා. ඒ කලිසමේ ඉන තුනටිය ගාවට ගන්න දරුණු කිරිපනු රෝගියෙක් දඟලනව වගේ දඟලන්න අපිට සිද්දවුනා. කාසියකට උඩිං කඩදාසියක් තියලා කාසිය අච්චු ගහගන්නව වගේ ඕන නං කාටහරි කෙනෙකුට අපේ කලිසමට උඩිං බලලා ශරීරාංග තිතටම ලකුණු කරන්නත් පුළුවංකම තිබුනා.

කලිසමේ දනිස්සට පහලිං කොටහ එයිට උඩ කොටහෙ හතුරෙක් වගෙයි හිටියෙ. උඩ ටිකටත් හරියන්න පහල ටික බුරුලට තිබුණා. කලිසමේ අඩියම හරිය සපත්තුව වහගෙනම යන තරං ලොකුවට තිබුණා. ඔලුවෙං හිටගෙන අත්දෙකෙං ඇවිදින කෙනෙක් හිටියනං. ඒ කලිසමේම යටි පැත්තෙං කකුල්දෙක දාලා අඳින්න පුළුවංකම තිබුණා. මේ අරුම පුදුම කලිසමත් ගුරුවරුංගෙං, ගෙවල්වල අයගෙං, අහල පහල අයගෙං සෑහෙන අවලාද ඇහුවා.

"මුංගෙ තට්ටං මැස්සො බීලා. කකුල්ඔලට බරව හැදිලා"

"මිනිහට කලිං කලිසමේ අඩිය යනවා"

වෙනදට සපත්තු දෙක රතු ලැටරයිට් පස, කලු පැහැති ලෝම පස ආදී පස් වර්ග වලිං ඕනෑම එකක නියැඳියක් ගන්න තරං උඩ යට දෙකම පෝසත්ව තියාගත්තත් කොල්ලෙක් වසයෙං සපත්තුව හාප්සීට් එකක් තරං සුදට තියාගන්න ඕන වෙනව. ඒ හංදා අපි වැරදිලා හරි අපේ සපත්තුවක් යන්තමට හරි පාගන එවුන්ට දෑත බදලා කොන්ද හරහා යන්න සැලකුවා.

පොත් බෑග් එකේ පොත් දාගෙන පිටේ එල්ලගෙන යාම බාලාංස පන්තියෙ වැඩක් තත්වෙට පත්වුනා. අපි කොල්ලො වසයෙං පොත් ටික අතේ තියාගෙන යන්න පුලුවංකම හදාගත්තා. වෙනදට පිටු එකසිය හැටේ පොත්වල ලියපු අපි පිටු අසූවෙ පොත් වලට තැන දීලා අල්ලට ගැලපෙන පොත් කට්ටලයක් හදාගත්තා. පන්තියෙ ඉඳගනිද්දි වුනත් පුටුවට ලේන්සුවක් එලලා ඉඳගැනීමෙං කලිසමේ පස්ස පැත්තේ සාක්කුවල කුණු ගැවීම නවත්තගත්තා. පුටුවල ඇන්දට හේත්තු නොවී බංගුවෙ ඉඳගත්තා වගේ ඉඳගත්තම කමිසෙ පොඩිවෙන එකත් වලක්වගන්න පුලුවං වුනා.

වෙනදට බස් එකේ අැතුලෙ සීට් එකක් ඉඳගන්න පොරකාපු අපි බස් එක අද්දනකොට දුවලා ගිහිං පුට්බෝඩ් එකේ එල්ලෙන්න පුරුදු වුනා. තනි අතිං පුට්බෝඩ් එකේ එල්ලිලා අනික් අතෙං පොත් ටිකත් අතේ තියාගෙන පුට්බෝඩ් එක පිසගෙන හමායන හුළඟට ඔලුව ඇල්ලුවහම තරුණ ජවය අපේ කෙස්ගස් අස්සෙං ගලාගෙන යද්දි බස් එකේ කොන්දොස්තර වෙලා හිටිය පියසේන මාමා බලියන්න පටංගත්තා.

"තමුසෙලා පුට්බෝට්ටෙක පල්ලෙ වැටිලා මැරුණහං පස්සෙ අපිට තමයි පොලිසි යන්න වෙන්නෙ"

"අනේ ලමයිනෙ පිංසිද්ද වෙයි දොරෙං උඩට වෙනවලකො"

ඉස්සරහ දොරෙත් පිටිපස්සෙ දොරෙත් අපි වගේ තරුණයො දුසිං දොලහක් විතර එල්ලගත්තු බස්සෙක මූනෙ පැත්තක් ඉදිමිච්ච මිනිහෙක් වගේ වමට ඇලවෙලා පාරෙ යද්දි අපිට ඉහළ පන්තිවල අයියලා අපිට ඉඩදීලා බස්සෙක ඇතුලට ගිය කාරණාව හොයාගන්න අපේ ටිකිරි මොළ ටිකට තව සති ගානක් ගියා. ඔව්, ඒ අයියලා අපේ පන්තිවල හිටපු ගෑනු ළමයි බස්සෙක ඇතුලෙ ඇදගෙන වැටෙයි කියලා ඒ අයට පිටිපස්සෙං හිටගෙන ආධාරක සපයාගෙන හිටියා. සමහර වෙලාවට ඉස්සරහ පැත්තට වැලමිටෙං ආධාරයක් දීගෙන හිටපු අයත් හිටියා.

අපි අපේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තම තමන්ට ගැලපෙන අන්දමේ ගෑල්ලමයි හොයන්න පටං ගත්තා. වැඩි කලක් නොගිහිං අපේ වරුනාට කොණ්ඩෙ බොක්කට් කපාපු නංගියෙක්ගෙ ආස්සරේ ලැබුණා. උං දෙන්නට වැඩිය මුණගැහිලා කතා කරන්න තැනක් තිබුණෙ නෑ. ඒ හංදා දෙන්නා අතර පණිවිඩ හුවමාරුව කෙරුණෙ තවත් කීප දෙනෙක් හරහායි.

උගේ කෙල්ල මුලිම්ම කලේ වරුනගේ ඇඟිලිවල ගාගෙන හිටිය කියුටස් ටික මකන්න අණ දීම. ඒකට ඕනැකරන තිනර් වගේ ජාතියකුත් ඒ නංගිම අපිට එවලා තිවුනා. වරුනගේ අමු තිත්ත කුණුහබ්බ වරුසාවක් මැද්දෙ අපි ඌව හතර මුල්ලෙං අල්ලගෙන උගේ නියපොතු ටික සුද්ද කෙරුවා. ඊළඟට වරුනගේ කරේ තිබුණු සුදු යකඩ මිනී ඔලුව තියෙන චේන්නෙක ඇතුළු අනික් නූල් කෑලි, පෙන්ඩන් එක්කොමත්, අතේ බැඳලා තිවුණ පටි, නූල් ආදී එක්කොමත් අපි ලව්වා ගලෝලා ඒ නංගිගෙ බාරෙට ගත්තා. කෙල්ලො කවුරුවත් ඒ වගේ එව්වට කැමති නැතුව ඇති කියලා හිතලා අපිත් අපේ ගාව තිවුණු ඒ වගේ සුකුරුත්තං සේරමත් ගලෝලා අහක් කරගත්තා. ඊළඟට වරුනගෙ කොණ්ඩෙ මැදිං නොබෙදා පැත්තට පීරන්නත් නියෝගෙ ලැබුණා.

"ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ"

වරුනා එකහෙලාම විරුද්ධ වුනා. අපි වරුනාව බලෙම්ම අල්ලගෙන කෙල්ලංගෙ වතුර බෝතල්වලිං උගේ කොණ්ඩෙ හෝදලා අපේ ලේංසුවලිං පිහදාලා අපේ පුද්ගලික ජෙල් ටිං වලිං ජෙල් ගාලා වමට නමලා පීරුවා. එදා අපේ දෙමව්පියො අනුමෝදං කරගත්තු පිං බලෙං උන්දැලා ආයිමත් මේ මනුස්ස ලෝකෙට පය තියන එකක් නෑ කියලා අපිට තේරුණා.

මේ සුදුසුකං සේරම සම්පූර්ණ කරලා අවසන් උනාට පස්සේ වරුනාට හිර නැති කලිසමක් මහගන්න මාස ගානක සහන කාලෙකුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ ගේට්ටුව පහුවුනාට පස්සෙ ඒ නගාගෙ ළඟිම්ම පස්සෙං එන්නත් කතා බහ කරන්නත්, බස් එකේදි ළඟ හිටගෙන යන්නත් වරුනාට අවසරේ ලැබුණා.

සුභ මොහොතිං වරුනගේ ලව්වෙකේ මංගල කතා බහ පටං ගන්න හිතාගෙන අපේ පන්තියේ කොල්ලො සේනාවම පිලිවෙතිං පෙලගැහුනා. වෙනදට ගාල කඩාගත්තා වගේ දුවන අපි පිලිවෙතින් පෙලගැහුනා.

"කෙල්ලො ඉතිං වනවනා හිමිංනෙ යන්නෙ බං. අපිත් වෙනදට වඩා පහුවෙලා යමල්ලා. නැත්තං අපිට පාරෙ බලා ඉන්න වෙනව."

අපි එහෙම හිතාගෙන බෙල්ලෙක ගැහුවට පස්සෙ ගාථා සේරමත් කියලා හීංසැරේ ඒ නගාගෙ පන්තිය ගාවට ආවෙ එයිට පිටිපස්සෙං ගමන පිටත්වෙන්න බලාගෙන. නගා නෑ. මං වහාම උංගෙ පන්තියට පැනලා

"කෝ බං **** නංගි"

කියල කෙල්ලෙක්ගෙං ඇහුවා.

"ගියා"

කියල උත්තරේ ලැබුණා.

"වර යන්න ඒකි ගිහිල්ල"

මං වරුනවත් ඇදගෙන ඉස්සර උනා. අපිට පස්සෙං බට්ටයි කලුවයි, ඊට පස්සෙං බලියන්නො ජෝඩුව, ඊට පස්සෙං තව දෙන්නෙක්, ඊට පස්සෙං තවත් දෙන්නෙක් වසයෙං අපේ පන්තියෙ රැලම අපේ පස්සෙං වැටුනා. අපි ගේට්ටුව පහුකරද්දි **** ගෙ දුම් පාරවත් නෑ. දහපාලොස් දෙනෙක් ඉන්න අපේ පන්තියෙ සෙට්ටෙකම ටෙන්වීලර් එකක් වමෙං දාලා කෝච්චියක් ඉස්සර කරනව වගේ අනික් එවුං ඉස්සර කරගෙන වේගෙං ඉදිරියට ඇදුනා. අපි සෙට්ටෙක විදුලි වේගෙං ඇදෙනව දැකලා හතේ අටේ එවුං අපෙං මෙහෙම ඇහුවා.

"අයියෙ වලියක්ද"

"දහතුනේ එවුං එක්කද, ගාමිනියෙ එවුං එක්කද?"

"ඔය බට්ටවත් වලියට ගෙනියනවද"

ජීවිතේට වලියක් තියෙන අහලකවත් ඉන්නෙ නැති අපිට ගිනිග්තත රැවුලෙං බඹර චක්කර පත්තු කරන්න එන පොඩිවුන්ට උත්තර දෙන්න වෙලාවක් තිබුනෙ නෑ. අපි වෙනුවට උන්ට "වචන ස්වල්පයකින් ආමන්ත්‍රණය කරන්න" බට්ටා බාරගත්තෙ ඌ වෙනදටත් මීටර් සීය දුවලා පලවෙනියා වෙන හිංදයි.

මිනී පෙට්ටි සාප්පුව පහු කරලා ග්‍රාම සේවක කාර්යාලෙ ගාවට එද්දි වරුණගේ දිව එලියට ඇදිලා හති දානවා.

"මේකි බටකොළ ආච්චිගෙ ඉදලෙන්ද බං ගමං යන්නෙ"

බලියන්නො දෙන්නා මහ හයියෙං කෑ ගහනව.

"හැහ්...හැහ්.... හිමිං ....හැහ්.... යමං ...... ඉදිච්ච ගෙඩියෝ"

වරුනා අපිට මාලයාලං බාසාවෙං අමතද්දි මං උගෙ බෙල්ල වටේ ඔතන මකරා ඇඳපු ලේංසුව ඇදගෙන දිව්වේ ඒ ලේංසුව ඌ සෑහෙන පරිස්සං කරන එකක් බව දන්න හිංදයි. වරුනා ඩිංගක් වේගෙ අඩු කරන්න හදත්දි උගේ ලේංසුවෙං මගේ මූණ පිහින්න යන බව පෙන්නුවහම කවුද බෝයි දැකපු ජුන්ඩයියා වගේ වරුනා මරු විකල්ලෙං මාව අල්ලන්න දුවනවා. ලේන්සුවෙ පිහිටෙං වරුනව තැපැල් කන්තෝරුව ගාවට වෙනකං කන්ද හැල්මේ දුවවන්න මට පුළුවං උනා. අපේ අනික් කණ්ඩායමත් පාරෙ යන වාහනවලට වෙට්ටු දාගෙන අපේ පස්සෙං දිව්වා.

එතන ඉඳං බැලුවහම මීටර් සීයකට වඩා දුරිං බස් ඉස්ටෑන්ඩෙක පේනවා. රත්නපුරේ ඉඳං තව බස්සෙකක් එක්ක රේස් එකක් තියලා දිනපු බස්සෙක ඉස්ටෑන්ඩෙකට දානව වගේ වේගෙකිං වරුනගේ කෙල්ල හමුදා ඇඳුමෙ ඩිසයින්නෙක තියෙන බෑග්ගෙකත් කරේ එල්ලගෙන වමට කපලා බස් ඉස්ටෑන්ඩෙකට ගොඩවෙනවා දකින්න අපි දෙන්නටම පුළුවං උනා.

මගදි වචනයක් කතා කරන්න කුළුඳුලේ ලැබිච්ච චාන්සෙක ගහල ගිය වේදනාවට වඩා මෙච්චර දුරක් හති හලාගෙන දුවපු දිවිල්ලෙ අමාරුවට දාඩිය පෙරාගෙන දනිස් දෙකට අත තියාගෙන ඩිංගක් වෙලා හති ඇරපු වරුනා උගෙ කුළුඳුල් කෑල්ල වෙනුවෙං හිතේ උපං හැඟිම මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ඉස්සරහ මුදාහැරියා.

"මං ඔය *ස **තිගෙ අඬු දෙක කඩනව"

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com98tag:blogger.com,1999:blog-1142664932489180.post-33362207316349975662017-06-18T07:21:00.000-07:002017-06-18T07:21:16.547-07:00චන්ඩි සහ බට්ටා

මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.

අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම සාමකාමී එවුං. වලියට නොයා ෂේප් එකේ ඉන්න ගමං “හෑන් පයිට්” කියන සෙල්ලමෙන් තමයි තමුංගෙ හයිය පෙන්නගෙන හිටියෙ. උං යටතේ හිටපු පුහුණුවන ශ්රේපණියෙ චන්ඩි උනත් වලියක් නැතුව වලි ඇදගන්න ගියෙ නෑ. උං තමුංගෙ පන්තියෙ ඉන්න නෝංජල්ම එකා වෙනුවෙං උනත් පෙනී හිටියා. ඒ හංදා උංගෙ පන්තිවල හැමෝටම එක හා සමාන හයියක් තිබුණා. කොටිම්ම කෙල්ලො උනත් උංට මාර එකතුයි.

අපේ පන්තියෙ හිටියෙ චන්ඩි දෙන්නයි. එකෙක් රංග අනිකා චමිල. උං දෙන්නට තිවුණු ලොකුම හයිය තමයි මහ හයියෙං කෑ ගහන්න පුළුවං කට. පන්තියෙ ඉන්න එවුං අතරින් තමුන් චන්ඩි කියලා ඉහළට එන්න උං දෙන්නා යොදාගත්තෙ ඒ හයිය. පන්තියෙ ඉන්න කොල්ලංගෙ ගෙවල්වල අය උන්ට කතා කරන නම හොයාගෙන ඒක පන්තිය පුරා ප්‍ර සිද්ධ කරන බව කියලා කොල්ලංගෙ රුපියල් පහ දහය කඩා ගැනිම උංගෙ එක චන්ඩි කමක්. තවත් සමහර එවුංගෙ ජීවිතේ අප්‍ර කට සිද්ධි පන්තියෙ කෙල්ලො ඉස්සරහ කියලා කෙල්ලංගෙ හිනාවට ලක්කිරීමත් උංගෙ එක චන්ඩිකමක්. පන්තියෙ කොල්ලො විතරක් දන්න රහස් විදිහට තිබුණු ‘බණ්ඩා අඳින්නෙ මල් ඇඳපු ජංගි බව’ වගේ සේරම රහස් ප්රොසිද්ධියෙ කියලා චාටර් කෙරුවාව හිංදා අපි සේරම චමිලයගෙයි රංගයගෙයි වචනෙට බයවෙලයි හිටියෙ. ඒ වුනත් සමහර දවස්වලට කෙල්ලො ඉස්සරහ බණ්ඩගෙ කලිසම ගැලවීම, බට්ටව කෙල්ලංගෙ ඇඟට තල්ලු කරලා උට ගුටි ඇන්නවීම, දවල් කෑමෙන් පස්සෙ ඉතුරුවෙන මොකක් හරි ඉඳුල් ජාතියක් කොල්ලංගෙ පුටුවල ගාලා ඒකෙං කලිසමේ හැදෙන කහපාට පැල්ලමට ඈඳලා කතන්දර හැදීම වගේ චන්ඩිකං කරන්න උං දෙන්නා පෙළඹුනා. මේ හැම එකකම අවසානෙ ඇහෙන කෙල්ලංගෙ හිනාව උං දෙන්න පිළිගත්තෙ ලොකු ආඩම්බරයක් හැටියට. ඒ හංදා අපි වගේ හුඟක් එවුං ඉස්කෝලෙ ගිහිං පන්සිල් ගනිද්දි දෙයියන්ට පිංදීලා ඉල්ලුවෙ උංගෙං එදා දවසෙ අපේ නම්බුව බේරලා දෙන්න කියලා.

අපේ සම මට්ටමේ අනික් පන්තිවල හිටිය ඕන කෙල්ලෙක් සායයි හැට්ටෙයි අන්දලා පාරෙ ගෙනියන්න පුළුවං මට්ටමේ හිටියා. ඒ වුනාට අපේ පන්තියෙ හිටිය කෙල්ලංගෙං කොල්ලෙක්ගෙ බැල්මට අහුවෙන්න හිටියෙ ‘**හාරි’ විතරයි. හමේ පාටත්, ඉගෙනීමේ හැකියාවත්, එක්ක දිග පළල හරියාකාරව පිහිටපු ඒකිගෙ කොණ්ඩෙ විතරක් නයිජීරියාවෙ මුරූගෙ වගේ උනේ කොහොමද කියලා මං කල්පනා කෙරුවා. ඒ වෙනකොටත් ගුරුවරු හැමෝම වගේ ඒකිව දොස්තර නෝනෙක්ට අන්දලා ඉවරයි. ඒ හංදම දහතුන වසරේ ‘වන්නියගෙ’ අවංක, අකලංක ප්‍රේෙම ආයාචනේට ඒකිගෙ හිත නැමුනෙ නෑ. හැබැයි වන්නියා තමුංගෙ සේනාව එක්ක අපේ පන්තිය පැත්තෙ එන විසිට් එකත් නතර උනේ නෑ.

**හාරි ඇරුණම අපේ පන්තියෙ හිටිය අනික් කෙල්ලො ගැන කියතොත් මෙහෙම වට්ටෝරුවක් හැදියැකි

ගාමිණී දිසානායක මහත්තයා මැරිච්චි තොටළඟ බෝම්බෙ පිපිරවීමේ සිද්ධියෙ බෝම්බකාරිගෙ මූණ වගේ මූණ තියෙන කෙල්ලො එකයි

ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට දෙන නිල ඇඳුං රෙද්දෙන් ගවුං දෙකක්ම මහන්න පුළුවං තරමෙ කොහුමිටි තරං අතපය හතර ඇති කේලං මලු හතරයි (සැ.යු:- එකෙක් ඇරෙන්න අනික්වා සම්පූර්ණ මැටි)

දෑල ලී මෝලෙ තියෙන ලොකුම දැති කියතටවත් අහුවෙන්නැති තරං මහත, හයමස් වයසැති නිවුං දරු උපතකට සූදානං ගැබිනි මාතාවක් තරං බඩ මහත තඩිස්සියො එකයි.

ඉස්සරහ පස්ස මාරුවෙලා ඔලුව හයිකරා යැයි සඳහන් වෙන මහසෝන් අවතාරෙගෙ එක්කුසේ උපං නංගි යැයි සැක හිතන්න පුළුවං ඉස්සරහ පස්ස මාරුවෙලා, කකුල් බකල් වෙච්ච “සුරූපී ලලනාවො” වසයෙං ස්වයං වින්දනේ යෙදෙන කෙකර කිකිලියො තුන්දෙනයි.

හැමදාම ඇඳුංවල කහට පැල්ලං තියෙන, විවිධ වර්ණයේ ත්රිබකෝණ රටේ තියෙන බව තමුන්ට පිටිපස්සෙං ඉන්න කොල්ලන්ට මතක් කර දෙන, අන්ඩසොකට් එකේ රේන්දෙ ඉරිලා ගවුම යටිං එල්ලෙන්න ඇඳුං අඳින, ‘ශීලාචාරකමක් නැති එවුං’ කියලා ගුරුවරුංගෙ ඇගයීමට ලක්වෙන පිස්සු මරගාත දෙකයි (හැබැයි මුංගෙ හිත හොඳයි).

මේ කිසිම එකකට නැති Walking dead වගේ වට්ටෝරුවට ජීවත්වෙන කෙලි පරාණ දහ පහලොවක්.

කොල්ලො අතරිං බහුතරය හිටියෙ රැල්ලට ගහගෙන යන සෙට් එකක්. හැබැයි මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා. පන්තියෙ සිරිමත්ගෙ ඉඳං යටම එකාට වෙනකං ඒ පිස්සුව පොදුයි. අනික් එවුං රංචුව පිටිං පිට්ටනියට බහිද්දි මං පොත් දඩයමේ ගියා. කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ

“තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ”

කියල.

ඔය වගේ ආතබූත පන්තියක් වෙච්චි අපේ පන්තියෙ එවුං හීනෙංවත් නොහිතන විදිහට මුලිම්ම කෙල්ලෙක් සෙට් වෙන්නෙ බට්ටට. පහ වසරෙ ළමයෙක් තරං පෙනුම ඇති බට්ටට කොට කලිසමට ලැබෙන රෙද්දෙංම දිග කලිසමක් මහන්න පුළුවං කියලයි අනික් එවුං කිව්වෙ. බට්ටට සෙට් උනේ හත වසරෙ නංගියෙක්. උප්පත්තියෙම්ම පිහිටල තිවුණු සිඟිති උඩු රැවුල් පොඩිත්තත්, නංගිගෙ තාත්තා රජයේ මරණ පරීක්ෂසක සහ පලාතෙම ගෙවල් ප්ලෑන් අඳින්නා වීමත් ඇරෙන්න වෙනිං අවුලක් ඒ නංගිට තිවුනෙ නෑ. බට්ටගෙ ඉල්ලීම පරිදි බට්ටෑ අයියගෙ පන්තියෙ එකෙග්ගෙ නංගිට කියලා මේ නංගිගෙං කැමැත්ත ඉල්ලලා යැව්වා. දවස් ගානක් ගියාට පස්සෙ කැමැත්ත ලැබුණ බවට ඒ පාරෙංම ආපස්සට ආරංචිය ලැබුණා. ඒකෙං අපේ බට්ටගෙ ජීවන කොපි පොතේ අලුත් පිටුවක් පෙරලුනා. කෙල්ලට රැව්ල ටිකක් තිවුණට ඒක ආදරේට කිසිම බාදාවක් නොවෙන බවත්, දැං ඌ තමුංගෙ අනාගත මාමණ්ඩියා වන කොරනේල් රාලහාමිටවත් බය නැති බවත් අපිත් එක්ක කියා හිටපු බට්ටා ඊළඟ වතාවෙ තමුංගෙ කලිසම ගලවන්න ආපු රංගයගෙ අත නහරයක් ඉලිප්පෙන්නම විකුවා.

තවත් පියවරක් ඉස්සරහට තියලා තමුංගෙ ආදරවන්තිට මොකක් හරි තෑග්ගක් දෙන්න බට්ටට ඕනැ උනා. ඒ වුනාට බට්ටගෙ ගෙදරිං රුපියලක් දෙකක් ඉල්ලගන්න එක වුනත් මාව සාක්කියට කැඳවන තරං බරපතල කටයුත්තක්. ඒ වුනාට බට්ටා සැලුනෙ නෑ. තමුංගෙ ආදරවන්තිය වෙනුවෙං මිනියක් මරන්න උනත් බට්ටට හිතේ හයිය තිබුණා. කාටවත් ණය නොවී සුපිරිසිදු විදිහට ඒ තෑග්ග අරං දෙන්න බට්ටට ඕනැ වුනා. අන්තිමට බට්ටා රුපියල් දහයක විතර විශාල මුදලක් ගෙදර අල්මාරියෙං ඉස්සුවා. ගෙදර ජූරිය ඉදිරියේ නඩු ඇහුවට බට්ටගෙ කට හොල්ලන්න බැරි වුනා. ගෙදරිං ලැබෙන වේවැල් පාර කාගෙන බට්ටා ඉවසං හිටියා. බට්ටගෙ පැත්තට සාක්කි දීපු මාවත් “දැං දැං ඒ තරං විස්සාස කරන්න බැරි” බව බට්ටගෙ දෙමව්පියො කියා හිටියා.

බට්ටා ලෙයින්, කඳුලිං උපයා ගත්තු රුපියල් දහයෙං කෙල්ලට තෑග්ගක් ගන්න විදිහ අපිත් එක්ක කතා කෙරුවා. බට්ටගෙ අතේ තියෙන ගානට ගන්න පුළුවං රුපියල් පහේ අයිස් පැකට් දෙකක්, දහයෙ චොකලට් එකක්, වගේ දේවල් අපි යෝජනා කලත් බට්ටගෙ හිතට මදි.

“කාලයක් තියාගන්න පුළුවං දෙයක් දෙන්න ඕනි බං. නිතරම මාව මතක්වෙන දෙයක්”

දවස් ගානක් කල්පනා කරලා එක දවසක බට්ටා තමුංගෙ තෑග්ග ගෙනාවා. එදා උදේ ඉඳං පන්තියෙං එලියට නොගිය බට්ටා තමුංගෙ තෑග්ග තියෙන බෑග් එක පරිස්සං කලා. කෙල්ලෙක්ට තෑග්ගක් දෙන එක ජීවිත කාලෙට කිසිම ඉස්කෝලෙකට යන්න නොලැබෙන තරං අසික්කිත විදිහට ලියාපු අස්වීමේ සහතිකයක් එක්ක ඉස්කෝලෙන් දොට්ට වැටෙන වැරැද්දක් වෙච්චි ඒ කාලෙ පෙරුම්පුරාගෙන ගෙනා තෑග්ග කෙල්ලගෙ අතට දෙන එක බට්ටට ප්‍ර ශ්නයක් උනා. අපිටත් ඒකට මැදිහත්වෙන්න පුළුවංකමක් තිබුනෙ නෑ. බට්ටගෙ පෙම්වතිය බට්ටා එක්ක මූනට මුනගැහිලා කතා කරන්න බැරි තරං ලැජ්ජාවෙන් පිරිච්ච බෝලෙයක්. ඒකි බට්ටාට තමුන්ට කිට්ටු කරන්න දුන්නේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක දෙකොන අතර තරං දුරකට විතරයි. බට්ටා බිල්ඩිමේ මෙහා කොනේ ඉඳිද්දි බට්ටගෙ කෙල්ල බිල්ඩිමේ අනික් කොනේ මොහොතකට පෙනී හිටලා ආපහු පන්තියට දුවන එකෙං උං දෙන්නගෙ පෙම් හමුව ඉවරයි.

අන්තිමට අපේ පන්තියෙ චන්ඩි දෙන්නා තෑග්ග ගෙනියන වැඩේ බාරගත්තා. ගාස්තුව දෙකේ අයිස් දෙකකට සල්ලි. බට්ටා කාගෙන්ද ඒකටත් ඕනෑ ගාන නයට ගත්තා. තෑග්ග දාපු බ්රසවුං පේපර් කවරෙ උඩිං රුපියල් හතර තියලා බට්ටගෙ ඩීල් එක චන්ඩි දෙන්නට බාර දුන්නා. උං දෙන්නා පන්තියෙන් පිටවුනාට පස්සේ ඒ පිටිපස්සෙං හොරෙංම ගිහිං තෑග්ග බාරදීමේ අවස්ථාව දෑහිං දැකගෙන බට්ටට ඒ ගැන විස්තර කිරීමේ වැඩේ මට පැවරුනා.

රංගයයි, චමිලයයි අපේ පන්තිය තියෙන බිල්ඩිමේ එහා කොනට ගිහිං ආපහු හැරිල බැලුවා. මං කනුවක් පිටිපස්සෙ හැංගුණා. උං දෙන්නා එතනිං හරස් අතට ගිහිං මුදුන් බිත්තියට මුවාවුනා. මාත් අයිනකිං ඔලුව දැම්මා. එතකොටත් උං දෙන්නා බට්ටගෙ තෑග්ග කවරෙං එලියට ඇදලා අරං. බට්ටගෙ තෑග්ග ලේන්සුවක්. අරුං දෙන්නා ඒක දිගෑරියා. කලු ලෑල්ල මකන කොට්ටෙ ගැසුව වගේ සුදුපාට කුඩු ගොඩක් ලේන්සුවෙං බිමට වැටුනා. රංගයා ඒක තවපාරක් ගැසුවා. ඉං පස්සෙ උං දෙන්නා ලේන්සුව දිහා බලාගෙන නරි හූවක් එක්ක ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි හිනාවෙනව වගේ හිනාවක් පටං ගනිද්දි මං එතෙන්ට කඩා වැදුනා.

“ඒයි. ඕක අදින්නෙපා බං.”

“අනෙප්පල යන්න.”

උං දෙන්නා බ්රගවුම්පේපර් කවරෙ උඩ විසික් කරා. මං ඒක අහුලන්න පාත් වෙලා නැකිටිද්දි රංගය ලේන්සුව ඇඟිලි දෙකකිං අල්ලගෙන උඩට උස්සගෙන පන්තියට දුවනව. මං උංගෙ පස්සෙං එලෙව්වා. උං දෙන්නා පන්තියට ඇතුල්වෙද්දි බට්ටගෙ මූනට වෙච්චි දේ දකින්න මට එතන ඉන්න බැරිවුනා. ඔව්, මං ටිකක් පහුවෙලා ආවේ. කලුලැල්ලටත් වැඩිය උස රංගයා හැමෝටම අර ලේන්සුව පෙන්නනව. බට්ටට එතනට එන්න බැරිවෙන්න චමිලය ඌට පොලිස් ගැටේ දාල අල්ලගෙන. බට්ටා උඩ පැන පැන සාප කරනව.

“තොපි වල් බල්ලො. හැඳිගෑවියව්”

“තොපිට හෙන ගහනව බොලව්”

අපේ එවුං වටවෙලා ලේන්සුව බලනව. බලන බලන එකාට බන්දු සමරසිංහගෙ හිනාව බෝ වෙනව. මාත් ඔලුව දැම්මා.

ඒ ලේන්සුව මහපු කෙනාටවත් ඒක අඳුරගන්න බෑ. බට්ටා ඒකට කාබන් පෑනෙං වැඩ දාලා. ලේංසුවෙ හතර කොනේ නැට්ට නැති බෝකොල හතරක් ඇඳලා. ලේංසුවෙ මැද පෙති තිහකට වැඩිය තියෙන මලක් ඇඳලා. මලේ මැද රේණු පවා ඇඳලා. ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි. කලිං සතියෙ චිත්රඑ මිස් කියල දුන්නු පලාපෙති මෝස්තර වලිං එකක් ලේන්සුවෙ බෝඩරේට ඇතුලෙං කොළ පාට පෑනකිං ඇඳලා. ඉතුරු ටික සමරු පොතක් වගේ. බට්ටට කෙල්ලත් එක්ක කියන්න තිබුණු සේරම ටික ඌ ඒ ලේන්සුව පුරා එක එක අතට ලියලා. උගෙ ආදරේ තරම ලියන්න ‘උත්කෘෂ්ඨ’ වගේ අමාරු වචන පවා ඌ පාවිච්චි කරලා.

කොරනේල් රාලහාමිට බය නැතිකම රතුපාටිම්ම ලියලා තිබුණා.

“මං චන්ඩියෙක් වුනේ ඔයා නිසයි”

වගේ වීර කියුම් ඇරුණම අනික් හැම ආදරණීය කරුණකම මුලට ඊතලයක උලගහපු බෝකොල දෙක දෙක ඇඳලා. ඒ විතරක් නෙවෙයි ලේන්සුව පුරාම බට්ටා පොඩි කාලෙ ඉඳං අහපු සේරම සින්දු ලියලා. ප්‍රි.න්ස්, නාමල්, අජිත්, වගේම ජෝතිපාල, ප්රිබයා, එඩ්වඩ් ජයකොඩි පවා බට්ටා අමතකර කරල නෑ. ලේන්සුවෙ අනික් පැත්තෙ මල් පත්තරේකින් කොපි කරල අඳින්න හදපු පාසල් පෙම් යුවලක පින්තූරෙ බාගෙට ඇඳල නවත්තල තිවුනෙ ඒ පින්තූරෙ ඉන්න ජෝඩුවටම “කෙහෙතගෙ අපලෙ” දරුණුවටම තියෙන බව පේන හින්දයි.

අපේ එවුං සේරම ඒක බැලුවට පස්සෙ රංගයයි, චමිලයයි ඒ ලේන්සුව අනික් පන්තිවලටත් පෙන්නන්න අරං ගියා. පන්තියක් ගානෙ බට්ටගෙ ලේන්සුව පෙන්නලා බට්ටව පීචං කරන්න උං දෙන්නට පීරියඩ් දෙක තුනකට වඩා ගියා. ඉස්කෝලෙං බාගයක් පුරාම බට්ටගෙ ලේන්සුවෙ තිවුණු අකුරක් ගානෙ පැතිරුණා. හයේ පන්තියෙ පොඩි එවුං පවා බට්ටට විහිලු කරා. ඔය විදිහට මාස ගානක් ඉස්කෝලෙට යන එන තුරාවට බස්එකෙත් ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් විහිළුවට ලක්වුනාට ඒ සේරටම “උඹෙ අම්මගෙ..............” කියල සරල කුණුහරුපෙන් උත්තර දෙන්නත් ඒ එක්කම කිසිම දුකක් නැතුව ‘රැවුල් නංගි’ අතාරින්නත් බට්ටට පුළුවං උනා. බට්ටා සාමාන්යඑ පෙල පේල් වුනා. දෙවෙනි පාර සාමාන්‍ය පෙල පාස් වෙලා උසස් පෙළ සයන්ස් කරන්න ගිහිං ඇනගත්තා. දැං බට්ටා උසයි, ලොකුයි. මෑතකදි බොහොම හුරුබුහුටි කෙල්ලෙක්වත් බැඳගත්තා. ලක්ස බාගෙක තරම පඩියක් ගන්න රස්සාවකුත් ලැබුණා.

චන්ඩි දෙන්නගෙං රංගයා පහුකාලීනව අපට දෙමළ උගන්වපු මිස් එක්ක වලියක් දාගෙන ඉස්කෝලෙං අස්වීමෙ සහතිකේ ලියාගත්තා. පස්සෙ කාලෙක අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙ කැමැත්ත ඉල්ලලා නොලැබුණ තැන ගංජා ලෝලියෙක් වෙලා නන්නත්තාර වෙලා ගිහිං තිබුණා. චමිලයත් සාමාන්යන පෙළ පාස් වුනා කියල දන්නවා. එතනිං පස්සෙ උං දෙන්නට වෙච්ච දෙයක්වත් දන්නෙ නෑ.

අදටත් දවල් එකට දෙකට පාරට බැස්සම රංගයයි, චමිලයයි වගේ අනුං තලාපෙලා සතුටු වෙන ජාතියෙ ඉස්කෝලෙ ළමයින්ව මං දකිනවා. සමහරු අනික් අයගෙ තොප්පි ඇදගෙන දුවනවා. තවත් අය කනට ගහලා දුවනවා. ඒ වගේ දෙයක් කරලා කෙනෙක්ව අසරණ කරලා මහ හයියෙං හිනාවෙලා සතුටුවෙන බව පෙන්වන ළමයින්ට මොකක් නමුත් හීනමානයක් තියෙන බවත්, රංගයට වගේම ඒ ළමයින්ටත් දරාගැනීමේ ශක්තිය අඩු බවත් මට හිතෙනවා. මගේ පැට්ටේරි රස්සාවෙදි හමුවෙච්චි ඒ වගේ තලාපෙලන්නෝ බොහොමයක් හිතේ හයිය අඩු මිනිස්සු. ඒ වගේ අය ඉස්කෝලෙ කාලෙදිම අඳුරගෙන සුදුසු පිලියමක් කලානම් සමාජයට යහපතක් වෙන්න පුළුවං.

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com92tag:blogger.com,1999:blog-1142664932489180.post-31844367173834733182017-06-10T02:29:00.001-07:002017-06-10T02:29:51.373-07:00කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ

"මාකෝනි"

කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ

"ජෝන් ලොගී බෙයාඩ්"

කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.

රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.

මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ආච්චිඅම්මත් චූටිවත් ඇදගෙන අපේ ගෙදරට එන්නෙ

“පීසේන අදත්තර රේඩිවේක කඩාලනව. කනක්කැහිල ඉන්න හැටියන්නෑ. කං බීරිවෙනව“

කියාගෙනයි. ඔය සද්දෙට නිකම්ම ඇදිල යන කෙනෙක් අහල පහලක හිටියනං ඒ මං විතරයි. ඉතිං මං අඩියට දෙකට පල්ලම බැහැල කන්ද නැගල නැන්දලගෙ ගෙදරට ගියා. මං යද්දි පියසේන මාමා සාලෙ මේසෙ උඩ රේඩිවේකෙ පලු දෙක දෙපැත්තට ගලෝල මදේ වෙනම තියල. බැට්ටි කෑලි දාපු බටේ වෙනම තියල. ඒකෙ දෙපැත්තට වෑර් දෙපොටකට අමුණපු හැට්ටකටු දෙකක් තියල ටියුබ් පටියකිං වෙලල. රේඩිවේකෙ මූනෙ ඇලිල ඉන්න පීකරේ විතරක් විටිං විටේ බඩ විරේක වෙන සද්දෙ පිට කරනව. පියසේන මාමා ඉස්කුරුප්පු නියනක් අරං රේඩිවේකෙ මදේ තියෙන පෙට්ටි හැඩේ කෑලිවල මැද තියෙන රවුං කරකෝනව. එකක් ඩිංගක් කරකවපු ගමං පීකරේ බොහොම ගාම්භීර විදිහට

“බර්ර්ර්ර්රර්ර්ර්ර්“

කියනව. ආයිමත් අර රවුම ආපස්සට කරකැව්වහම ඒ සද්දෙ නවතිනව. ඊළඟට තව එකක් කරකවනව. ඒ ගමන මරණාසන්න රැහැයියෙක් තමුංගෙ අවසන් කැමති පත්තරේ කියවනව වගේ කං කලාඳුරු ගැලවෙලා විසික්වෙන සද්දයක් එනව. දොරකොඩ පඩිය උඩ ඉන්න බිංදුවා (මේ කීවෙනි බිංදුදැයි මතක නැත) කං ගොටු දෙක හොඳට උඩට උස්සලා ගේ පැතත් බලනවා. ඒකත් හරියන්නෑ. පියසේන මාමා ඒ කරකවපු එකත් ආපිට කරකවන්න බලනව. එක වගේ පෙට්ටි හය හතක් තියෙන හංදා දැං කරකවපු එක මතක නෑ. ඒ ගමන දෝසෙ හරියනකං එව්වා එකිං එක කරකවනව. ඒ හැම කරකැවිල්ලකිංම අජීරනේ තව තවත් දරුණු විදිහට වැඩිවෙනව. අන්තිමට දරුණු මල පෙරේතයෙක් වැහිච්චි පිස්සෙක් සොහොනට දුවන්න කලිං හූ තියනව වගේ ලතෝනියක් පීකරෙං පිටවෙනව. රේඩිවේකත් ආතගෙ සොහොනට දුවයි කියල බයවෙලාද කොහෙද පියසේන මාමා රේඩිවේක වහන සුයිච්චෙක හොයන්න වටේ පිටේ අතගාල හරියන්නැති තැන බැට්ටි බටෙං හැට්ට කට්ට පැන්නුවා.

“අනේහ් හත්තිකේ“

නැංදා කුස්සියෙ ඉඳං බෙරිහං දුන්නා. පියසේන මාමත්, ඒ පිටිපස්සෙන් මාත් කුස්සියට දිව්වා. නැංදා එක කකුලක් ඉඳුල් වතුර කොරහෙ ඔබාගෙන බංකුවෙ ඉඳං බෙරිහං දෙනව.

“මොකද උනේ“

පියසේන මාමා අැහුවා.

“මං ලිපේ දරකෑල්ලක් අදිද්දි ආං අර කැවුතු කැටිය මගෙ කකුලට වැන්නා“

නැංදා වං අතිං කකුල බදාගෙන අනික් අතිං ලිප ගාව බිම වැටිල තියෙන පලුවක් නැති සේසතක් වගේ එකක් පෙන්නුව.

“ආ..... මේ බවුත්තෙක. මං ඒක ලිපේ තියල තිවුනෙ රත්වෙන්න“

පියසේන මාමා කුඩ නනේක අගිස්සට මැදිවෙන්න තඹ සතයක් දෙකට නමල හදපු බවුත්තෙක අහුලගෙන ලිපට දාලා ගිනි අඟුරු ටික එක්කහු කරල බට කුඹලෙං පිම්බා. බවුත්තෙකට ඇතිවෙන්න ගින්දර වැටුනට පස්සෙ නැන්ද ගාවට ඇහිල්ලා කකුලෙ පිච්චිලා තියෙන තැන බැලුවා. ඒක හරියට පේන්නැති හංදා ආපහු ගිහිං රේඩිවේකෙ බැට්ටි බටේ ගලෝලා ඒකෙ බැට්ටිකෑලි ටික ටෝච්චෙකට දාලා බලද්දි ටෝච්චෙකේ අඩිය නෑ, ආයිමත් පරණ යකඩ බඩු පෙට්ටිය ඇදලා ඒකෙ තියෙන ටෝච් අඩි වලිං එකක් අරගෙන ටෝච්චෙකට දාලා තද කරලා බැලුවා. ඒ අතරෙ ටෝච්චෙකට උප්පත්තියෙම්ම අයිති අඩිය බිංදුවගෙ ටකරම අස්සෙ තිවිල හොයාගන්න මට පුළුවං වුනා. ඒ විදිහට අමුණපු ටෝච්චෙකේ එළියෙං නැංදගෙ කකුලෙ හරහට දම්පාටට හැරිල තිවුන පිච්චිල්ල ඉඳුල්වතුර කොරහෙ බොරපාට අතරිං බලාගන්න අපිට පුළුවං වුනා. ඉං පස්සෙ චූටිව පොඩිකාලෙ නාවපු බේසමට වතුර පුරවල ඒකෙත් නැන්දගෙ කකුල ඔබල තිව්වා. ටික වෙලාවක් ගිහාට පස්සෙ නැන්දා වලං අල්ලන පාංකඩෙං කකුල පිහදාගෙන ඒකෙ කුකුල් තෙල් ටිකක් ගාගන්නව.

ආයිමත් පියසේන මාමා රේඩිවේකෙ වැඩ පටං ගන්නවා. බැට්ටි බටේ ටියුබ් පටිය පැනල බැට්ටි කෑලි රෝල්වෙලා ගියත්, වෑර් එකට ගැවිල ගින්දර විසිවුනත් ඒ හැදිල්ල නවතින්නෙ නෑ. සමහර වෙලාවට මං අහන ප්‍රශ්න වලට උත්තර බඳින්නත් පියසේන මාමට සිද්දවුනා.

“මොකද්ද මාමෙ මේ බෙහෙප්පෙති වගේ කෑල්ල“

“ඒක කරන්ටෙක යන කෑල්ලක්“

“මේ බටේ එතකොට“

“ඒක සේවා අහුවෙන කෑල්ල“

“සේවා අහුවෙන්නෙ බටේ අස්සෙං යද්දිද?“

“ඔව්“

“එතකොට බටේ අස්සෙං නොගියහම?“

“නෑ. බටේ අස්සෙං තමයි යන්නෙ“

“සේවෙ දන්නවද බටේ අස්සෙංම යන්න ඕනි කියල?“

“හ්ක්ම්“

“මේ පනුවො මොක්කුද?“

“ඒ කෑලි“

“ඒක මොකටද?“

“කරන්ටෙක අඩු කරන්න“

“ඉතිං කරන්ටෙක අඩු කරන්නෙ මොකද?“

“නැත්තං සේවෙ අහුවෙන්නෑ“

“මේ බැරල්ලෙකක් වගේ එකෙං මොකද වෙන්නෙ?“

“ඒකෙං කරන්ටෙක යනව“

“ඉතිං ඒවෑනුත් කරන්ටෙක යනව නං ඒව නැතුව මේ බෙහෙප්පෙතිම දාන්න තිවුනනෙ?“

“හ්ක්ම්“

ඔය අතරෙ සැරිං සැරේ වෑර් පොටවල් පාස්සන්නත් ඕනි වෙනව. එතකොට පියසේන මාමා කුස්සියට ගිහිං ලිපේ දාපු බවුත්තෙකේ මිට ලිප ගාව තියෙන වලං අල්ලන පාංකඩෙං අල්ලල අරං අඩි දෙකට දුවගෙන එනව. සමහර වෙලාවට බවුත්තෙක ගෙනාවයිං පස්සෙ පාස්සන තැන අමතකවෙලා ආපහු මුල හිටං හොයනව. එතකොට බට ටොපියක් වගේ රතුවට තිවිච්චි බවුත්තෙක නිමිල. ආයිමත් බවුත්තෙක ලිපට දාලා ඇවිල්ලා හරියටම පාහන තැන හොයනව. ඒ වෙලාවට මං ඒ තැන හරියටම මතක තියාගන්නව.

මට මතක තියෙන කාලෙ ඉඳං නැන්දා අලුතින් කැසට්ටෙක ගේනකං අවුරුදු හය හතක් තිස්සේ පියසේන මාමා හැදුවේ ඉස්සර ආත ගෙනැහ්ලා පාවිච්චි කරපු රේඩිවේක. පියසේන මාමගෙ රේඩියෝ හැදිල්ල ගැන කියද්දි අපේ තාත්තා කියන්නෙ

“රේඩිවේකක් මුලිම්ම හැදුව සුද්දවත් ඔච්චර කාලයක් රේඩිවේකක් හදන්නැතුව ඇති“

කියලයි.

කැසට්ටෙක ගෙනාවයිං පස්සෙ ඒ වෙනකං ගෙදර පාවිච්චි කරපු රේඩිවේක පියසේන මාමාට ගොදුරු උනා. ඒ වුනාට පියසේන මාමට නව තාක්ෂෙනත් එක්ක ඉස්සරහට යන්න සෑහෙන උවමනාවක් තිවුනා. ඒ හංදා පියසේන මාමා අලුත ගෙනා කැසට්ටෙකටත් නැන්දා ගෙදර නැතිවෙනකං ඉඳලා ඉස්කුරුප්පු නියන තිබ්බා.

වැඩි දවස් යන්න කලිං කැසට්ටෙකේ බඩ මැදිං ලොකු ටියුප් පටියක් බැඳුනා. ඒරියල් කූර උඩ ගිහිං වහලෙ උලු පේලි දෙකක් අතරෙ රැඳුනා. එතන ඉඳලා කැසට්ටෙකේ ඉස් මුදුනට ඉඳිවැල් කම්බියක් ඈඳුනා. වෙනදට සිංදු අටක් කියලා “ටොහ්“ ගාලා නවතින කැසට්ටෙකට හිතුවක්කාරකමට වැඩ කරන්න නිදහස ලැබුනා. ඒ හිංදා සිංදු අට කියල ඉවර වෙනකොට කැසට් පීස්සෙක නවත්තන්න කවුරුවත් හිටියෙ නැතොත් කැසට්ටෙක

“ජරබර ජරබර ජරබර“

කියලා ගෝරනාඩු කලා. ඒ වෙලාවට කවුරුහරි ගිහිං පීස්සෙක නවත්තන සුවිච්චෙක එබුවොත් ඒ සන්තෝසෙට තුංහුලස් ලාංඡනේ ඇඳපු සුවිච්චෙක උඩ ගිහිං ඉටිකොලේ වැදිලා බිම වැටුනා. පීස්සෙක එලියට ගන්න ඒ සුවිච්චෙක ආයි පාරක් එබුවොත් කැසට්ටෙකේ දොර ඇරිලා පීස්සෙක දොට්ට විසික් වුනේ ඉංගිරිසි බෙහෙත් බොන්න අකමැති කෙනෙක් දිවේ ඇලිච්චි පැන්ඩෝල් පෙත්තක් තුක්: කියල විසිකරන්නා වගෙයි. ජයසූරිය බාප්පගෙ මී වස්සව ගැට ගහන්න බලෙං ඇදගෙන යනව වගේ සේවා අල්ලද්දි එහාට මෙහාට යන කටුවත් ඇදේට යන්න පටංගත්තා. කම්බි කෑල්ලෙං බැඳිල ඉන්න අකමැති වෙච්චි සමහර රෝද තමුංගෙ කොට්ට පැදුරුත් අරගන හෙලපල්ලටම ගියාට පස්සෙ ඒ තැන ගත්තෙ නූල් බෝලෙ මැද බටේ, පෑංවල පිට බටේ, දත්බෙහෙත් මූඩි වගේ ඒව. සමහර දවස්වලට ගායිකාවො කියන සිංදු කැසට්ටෙකෙං ඇහුනෙ අමරදේවගෙ හඬිං. පුන්සිරි සොයිසා සිංදු වමනෙ දැම්මා. පියසේන මාමට ආයිමත් කැසට්ටෙක ගලෝල හදන්න සිද්දවුනා. ඒ ගමන බොහොම හිමීට කියන සිංදුත් අංක එකේ වේග රිද්ම ගීත බවට පත්වුනා. එව්වා ඇහෙන්න ගත්තෙ ලේන්නු රංචුවක් පොරකනව වගේ. අන්තිමට පෝය දවසට බණ අහන්න ඕනැ උනහම ආච්චිඅම්මා හීංසැරේ වේල්ලෙං එගොඩවෙලා අපේ ගෙදරට ආවා.

“ලොකු ළමෙයො. ඔය බණ ඩිංගක් දහංකො මට අහං ඉන්න.“

බණ අහල ඉවරවෙලා පිංදීලා රේඩිවේකෙ පීකරේ දිහාවට හැරිල වැඳලා ඉවර උණාට පස්සෙ

“ගෙදර තිවිච්චි පරණ රේඩි කබලත් පියසේන කඩා දැම්මනෙ“

කියන්නත් ආච්චි අම්මා අමතක කලේ නෑ.

ඒ කාලෙදිම නැන්දා ගෙනාපු ටීවී එකත් පියසේන මාමට පෙනුනෙ තමුංට ජාතියන්තරේ ජයගන්න ලැබිච්චි අවස්ථාවක් විදිහට. ටීවියෙක බලන්න ගෙනාපු බැට්ටියෙංම අඩිරූලක් විතර දිග ඉටිපංදමක් ඉතර මහත ටියුබ් බලුප්පෙහෙකුත් පත්තු කරන්න පියසේන මාමා ඉගෙනගත්තා. ඒ දෙකම එක ජැක් එකෙං අමුණලා ටියුබ් බලුප් එකට සුවිච්චෙකක් දැම්මෙ ඕන වෙලාවට බලුප්පෙක දාන්නත් අනික් වෙලාවට ටීවියෙක විතරක් බලන්නත් පුලුවං වෙන්නයි. ඒ වුනාට ටීවියෙක බලන ගමං බලුප්පෙක පත්තු කරන්න සුවිච්චෙක දැම්මහම කැප්රෝල් දාන සෙල්ලං පිස්තෝලෙක සද්දෙ ත් එක්ක එළියක් විසිවෙලා පුළුටු ගඳක් පැතිරුනේ වෑර් පොදියකුත් උනු කරගෙනමයි.

ටික දවසක් යද්දි පාලොස්වක දවසට හොල්මං පේනව වගේ පේන ටීවී බැලිල්ල හොඳට පේන තත්වෙට ගන්න පියසේන මාමට ඕනැවුනා. ඒකට කොට්ට ගහ මුදුනෙං යන සික්නල් ටික විතරක් මදි බව පියසේන මාමට තේරුං ගියා. ඒකට සික්නල් අල්ලන මුරකාරයො කීප දෙනෙක්ම ඕන කලා. ඒ හංදා වහලෙ මුදුනෙං යන සික්නල් ටික අල්ලගන්න ආච්චම්මගෙ පරණ ‘කුඩ රොඩ්ඩෙ‘ රෙද්ද ගලෝලා පැත්තකට දාලා කුඩේ ඇටසැකිල්ල අරං වහලෙ මුදුනෙ මුදුං උලුකැටයක් හිල්කරලා හිටෝපු ලීයක ගැටගැහුවා. ඒ පිහිටෙං වැහි දවස්වලට ගෙට නිකම්ම හම්බුවෙන වතුර ඩිංග එක්කහු කරන්න චූටිව පොඩිකාලෙ නාවපු බේසම පිහිටට හිටියා. කුසුංසිරි බාප්පලෑ ගෙදර තිවිච්චි පරණ ඇන්ටනාවක සුංබුං ටිකක් ගෙනත් කම්බි කෑලිවලින් පුරුද්දල හදාපු මකුලුවෙක්ගෙ ඇටසැකිල්ල වගේ ඇන්ටනාව අඟහරු ලෝකෙ දිහාවට හරෝල කිතුල් ගහ කිට්ටුව ‘ආත ගහේ‘ බැඳ තිවුනා. කොට්ට ගහ මුදුනිං යද්දි ඇන්ටනාවෙ පැටලෙන සිග්නල් ටිකයි, වහලෙ මුදුං උලු පේලිය දිගේ යද්දි කුඩ නනවල ඇමිණෙන සිග්නල් ටිකයි, අඟහරු ලෝකෙං බිමට වැටෙද්දි ආතගහේ තියෙන හබකට අහුවෙන සිග්නල් ටිකයි ඔක්කොම වයර් පොටවල් දිගේ ඇහිල්ලා උගුරැස්ස ගහේදි මුනගැහිලා තවත් කම්බි පොටවල් දෙකක් දිගේ ගෙට එද්දි අතර මගදි ඒවගෙ දිග මදිවුනා. කැලේට ගිහිං ගහක් කපාගන්න, ගඟ අයිනෙ තියෙන උණ පඳුරකිං උණ ලීයක් කපාගන්න වගේම හිඟපාඩුවක් වෙච්චි වෙලාවක කෙක්කක් දවුඩලා පාරෙ තියෙන ටෙලිපෝන් වයර් දෙකෙං රියන් දෙකතුනක් කපාගන්නත් තහනමක් අපේ ගමේ කාටවත් තිබුණෙ නෑ. ඒ හංදා පියසේන මාමාට වයර් නැතුව හුඟ වෙලාවක් බලං ඉන්න උනෙත් නෑ.

අන්තිමට මේ ඇන්ටනා තොගේ දැකපු අපේ අම්මා මට අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කෙරුවා.

“මේ ගෙදර කොල්ලො හුඟක් නෑ. උඹ එහෙම වැහි වෙලාවට, විදිලි කොටන වෙලාවට එහෙම පීසේන මල්ලිලෑ ගෙදර දිහාවෙ යනව එහෙම නෙමෙයි. ගියොත්තඬු කඩනොව.“

මේ තරං ඇන්ටනා දාලත් රූප පැහැදිලි නොවිච්ච හංදා ටීවියෙක ගලවලා බලන්න පියසේන මාමට සිද්දවුනා. එක පාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් ටීවියෙක ගලවද්දි ටිවියෙකේ තියෙන ඇන ටික පියසේන මාමාගෙ කාර්යක්ෂමතාවට බාධාවක් වුනා. ඒ හංදා එස් පහ සංකල්පෙට අනුව ඇන අයිංවෙලා ඒ වෙනුවට ටිකක් මහත ටියුප් පටි දෙකකිං ටීවියෙකේ පලු දෙක එක්කහු කරලා බැඳුනා. එතකොට ඕන වෙලාවට පාංකාරයගෙ පාං පෙට්ටියෙ ඉටිකොලේට දාපු පටිය පන්නනව තරං ලේසිවට ටිවියෙකේ පටි දෙක පන්නල අභ්‍යන්තරේ දකින්න පියසේන මාමාට පුළුවං උනා. මේ විදිහට නිතරම ගැලවීම නිසා බුරුල් වෙච්චි චැනල් කඩන රවුමටත් දෙපොට දාපු ටියුප්පටි කෑල්ලකිං හදපු තොණ්ඩුවක් දාලා ටීවියෙකේ පිටේ එල්ලන්න සිද්දවුනා. මං අන්තිමට දකිද්දි ඒ ටීවියෙක තිබුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙං බලෙං ටිකට් කප්පගෙන මරදන්කඩවල වෙදමහත්තය ගාවට ගෙනියන ලෙඩෙක් වගේ.

පියසේන මාමගෙ හැකියාව ඉලෙක්ට්‍රොනික් අංශෙට විතරක් අයිති එකක් නෙවෙයි. එයිට වඩා දුර ගිය දැනුමක් පියසේන මාමට තිබුණා. කරන්ටෙක නැති කාලෙ ගෙදරක තිවුණු වටිනම බඩුව තමයි ලයිට්ටෙක. ඒකෙ නිපල්ලෙකක්, වේපරයක් මාරු කරගන්න එහෙම දන්න කියන අය හිටියෙත් කීප දෙනෙක් විතරයි. පියසේන මාමත් බොහොම අමාරුවෙං සල්ලි ටිකක් හොයාගෙන පරණ ලයිට් කබලක් ගෙනාවා. ඒක එතකොටත් වැඩ කරන්නෙ නෑ. ඒ හංදා ඒක හදන්නම වෙනවා. රේඩියෝ හදනව වගේ නෙමෙයි ලයිට් හදන වැඩේට යතුරු, ඉස්කුරුප්පුනි, වගේ සුළු ආවුද වගේම මිටි, පිහියා වගේ බර ආවුද එහෙමත් ඕනැ වුනා. බවුත්තෙකෙං වැඩක් නැති හිංදා නැන්දා ලිපේ අළු අරං දාත්දි බවුත්තෙකත් උගුරැස්ස ගහ මුල අළු ගොඩට වැටුනා.

උත්සාහෙ අතාරින්නෙ නැතුව දිගටම වැඩ කරද්දි ලයිට්ටෙකේ සමහර යකඩ කෑලි නමන්න හිට සිද්දවුනා. ඒ හංදා ගෙදර තිවුනු කිරි කපන පිහියට එහෙමත් යකඩ කපන කටුවක් වෙනුවට වැඩ බලන්න සිද්දවුනා. දවස් ගානක් නොකා නොබී වැඩ කරලා ලයිට්ටෙකේ තිමිනියත් පොඩි කරගෙන, මැන්ටලෙයි වේපරෙයි දෙකමත් කුඩු කරගන්න පියසේන මාමට පුළුවං උනා. ඒ කෑලි ටිකත් කඩෙං ගෙනැත් දාලා හදාපු ලයිට්ටෙක මුලිම්ම පත්තු කරන වෙලාවට ඒ පැත්ත පලාතෙවත් ගියොත් මාව ඇස්දෙකේ ඉඳං පට්ට ගහන බවට අම්මා දිවුරලා තිබුණා.

ඒ හංදා ඒ උත්කර්ශවත් දවසෙං පස්සෙ දවසෙ නැන්දලගෙ ගෙදරට යද්දි දොරකොඩ රෙදි වැලේ පැත්තක් අඟුරු වෙච්චි සරමක් වනල තිබුණා. සාලෙ මේසෙ ඉටිකොලේ වෙනුවට පත්තර කොල දෙකක් එලල තිවුනා. සාලෙ මැද හරියෙ බිම කලුපාටට රවුමක් ඉතුරු වෙලා තිබුණා. වහලෙං රොඩු වැටෙනවට සීලිම වගේ ගහල තිබුණු ඉටි රෙද්දෙ මැද හරිය උණුවෙලා ලොකු රවුමක් හැදිල තිවුනා.

"කෝ ආච්චම්මෙ ලැයිට්ටෙක?"

මං ආච්චම්මගෙං ඇහුව.

"අන්න පිලිකන්නෙ ඇති. ඊයෙ රෑ පීසේන ඒක පත්තු කොරන්න ගිහිං සරමත් ගිනි තියාගෙන මේසෙටත් ගිනි ඇවුලුනා. තාපොඩ්ඩෙදි ගේත් ගිනිගන්නව. පස්සෙ ඔන්න මැණිකා අර බලට්ටක් ඇරං ඇහිල්ල ඒක ඇදල දොට්ට විසික් කෙරුව. ලාම්පුතෙල් බෝතලේකට වැඩිය අහක්ගියා"

මං ගිය ගමන අම්ම දැනගන්න කලිං මං ආපහු ගෙදර ආවා.

දැං අර කලිං ප්‍රශ්න අහපු පහේ පන්තියෙ දරුවගෙන්ම තව ප්‍රශ්නයක් ඇහුවැකි.

"ගුවන්විදුලියයි රූපවාහිනියයි දෙකම නැති බංගස්තාන කලේ කවුද?"

ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com48