මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.
බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් එවෙලේම හදා තියන්නටත්, කහපාට බාජනේ පිරෙන්නට වතුර පුරවා තියන්නටත්, අනෙකුත් දෛනික අවශ්‍යතා සදහා වැලි පිරවූ KP හතරක් තියන්නටත් බලලුන්ගේ යහපත තකා ජනෙල් දොරවල් වසා තැබිමටත් සංවිධායක මණ්ඩලය යෝජනා කරන්නේය. ඒ අනුව සෘජු හෝ වක්‍රාකාරයකින් බලල් අණ්ඩ හෝ හොස්ස යොදාගෙන ජනෙල් පියං ඇරගෙන පැනයාමක්, ලැටිස් පේලියේ ලී අතරිං රිංගීමක්, ගෙදර බඩුමුට්ටු ආසනාසි කිරීමක්, නැංදාගේ කොණ්ඩබූල් සෙල්ලම පිරිස යොදාගැනීමක් (දැනටමත් කොන්ඩ බූල් තුන හතරක්ම සෙල්ලම් කිරීම සඳහා බලලුන්ට නිකුත් කර ඇත), පිටතට ශබ්දය ඇසෙන පරිදි කා ගැනීම පිඹගැනීම හෝ වලිග පුප්පා ගැනීමක්, හෑන්ඩ්ෆ්‍රී, වයර්, ඩේටා කේබල් ආදිය හැපීම හෝ සෙල්ලම් පිණිස යොදාගැනීමක්, පුටු කොට්ටාවල නියපොතු මැදීමක්, මේසය උඩ තබා ඇති මැටි බුජම හෝ අනෙකුත් ස්ථානවල අලංකාරය පිණිස තබා ඇති බිඳෙන සුළු ඔලු බක්කන්, බබ්බුන්, වලස් ගෙඩියන් ආදිය පෙරලීමක්, සබ්බූපරේ කට ඇතුලින් හොස්ස දැමීමට උත්සාහ කිරීම හෝ බලල් අණ්ඩ දමා එතුල ඇත්තේ මොන කෙංගෙඩියදැයි බැලීමට උත්සාහ කිරීමක්, නිවස තුළ හුදෙකලාව ගමන් යන කඩියන් හෝ වොක්වාගන් වර්ගයේ කැරපොත්තන් අතින් වැසීම, පෙරලීම, ඉව කිරීම හෝ ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීම නැතහොත් පරාණය හානිවන පරිදි ඔවුන්ගේ ශරීර මත ඉඳගැනීම වැනි මාර්ග නීති කඩ කිරීමක් නොකිරීමට බලලුන් මෙයින් එකඟ වන්නේය.
ටිකිරී සඳමාලි මහත්මිය ප්‍රකාශ කලේ මාමයි නැංදයි දෙන්නම ඕනෑ දිබ්බාගයක ගියාට කමක්නැති බවත් ජනේලය ඇරදා යන්නේ නම් තමුන්ට ඕනෑ හැටියට රස්තියාදුවේ යමින් ජීවත්වන්නට පුළුවං බවත්ය. නමුත් මෙයට එකහෙලාම විරුද්ද වූ තල් සූකිරි පැණියා කියා හිටියේ මේ තමුංගේ සරීරේ හැදෙන කාලය බවත් මේ කාලයට කොච්චරවත්ම කන්ට ඕනෑ බවත් පැය දෙකක් යන්න මත්තෙන් ගෘහස්ත එක්සත් කුහුඹුවන්ගේ ඒකාබද්ද සංගමේ පැමිණ කෑම ජාති සේරම ඇදගෙන යන හංදා දවල්ට කන්න ලහඳුවත් ඉතුරු නොවන බවත් එහෙම හීතල වෙච්චි, කූඹි කාපු, හුලං වැදිච්චි එව්වා කන්න ලොං දිග ඉතාමත් ලක්සන පූසෙක් වන තමුන්ට බැරි බවත්ය. වහළය උඩ සිට ඇමතූ චියං බාප්පා සහ බෑනාද පැවසුවේ මේ ක්‍රමය යටතේ ටිකිරී සහ සූකිරි විසින් තමන්ට ඉතුරු කරන ආහාර සලාකය නොලැබී යාමට ඉඩ ඇති නිසා ඒකාබද්ධ ඕ අකුර පාඩං කරන්නංගේ සංගමය වශයෙං තමුන්ද මේ යෝජනාවට විරුද්ධවන බවයි.
බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් එවෙලේම හදා තියන්නටත්, කහපාට බාජනේ පිරෙන්නට වතුර පුරවා තියන්නටත්, අනෙකුත් දෛනික අවශ්‍යතා සදහා වැලි පිරවූ KP හතරක් තියන්නටත් බලලුන්ගේ යහපත තකා ජනෙල් දොරවල් වසා තැබිමටත් සංවිධායක මණ්ඩලය යෝජනා කරන්නේය. ඒ අනුව සෘජු හෝ වක්‍රාකාරයකින් බලල් අණ්ඩ හෝ හොස්ස යොදාගෙන ජනෙල් පියං ඇරගෙන පැනයාමක්, ලැටිස් පේලියේ ලී අතරිං රිංගීමක්, ගෙදර බඩුමුට්ටු ආසනාසි කිරීමක්, නැංදාගේ කොණ්ඩබූල් සෙල්ලම පිරිස යොදාගැනීමක් (දැනටමත් කොන්ඩ බූල් තුන හතරක්ම සෙල්ලම් කිරීම සඳහා බලලුන්ට නිකුත් කර ඇත), පිටතට ශබ්දය ඇසෙන පරිදි කා ගැනීම පිඹගැනීම හෝ වලිග පුප්පා ගැනීමක්, හෑන්ඩ්ෆ්‍රී, වයර්, ඩේටා කේබල් ආදිය හැපීම හෝ සෙල්ලම් පිණිස යොදාගැනීමක්, පුටු කොට්ටාවල නියපොතු මැදීමක්, මේසය උඩ තබා ඇති මැටි බුජම හෝ අනෙකුත් ස්ථානවල අලංකාරය පිණිස තබා ඇති බිඳෙන සුළු ඔලු බක්කන්, බබ්බුන්, වලස් ගෙඩියන් ආදිය පෙරලීමක්, සබ්බූපරේ කට ඇතුලින් හොස්ස දැමීමට උත්සාහ කිරීම හෝ බලල් අණ්ඩ දමා එතුල ඇත්තේ මොන කෙංගෙඩියදැයි බැලීමට උත්සාහ කිරීමක්, නිවස තුළ හුදෙකලාව ගමන් යන කඩියන් හෝ වොක්වාගන් වර්ගයේ කැරපොත්තන් අතින් වැසීම, පෙරලීම, ඉව කිරීම හෝ ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීම නැතහොත් පරාණය හානිවන පරිදි ඔවුන්ගේ ශරීර මත ඉඳගැනීම වැනි මාර්ග නීති කඩ කිරීමක් නොකිරීමට බලලුන් මෙයින් එකඟ වන්නේය.
ටිකිරී සඳමාලි මහත්මිය ප්‍රකාශ කලේ මාමයි නැංදයි දෙන්නම ඕනෑ දිබ්බාගයක ගියාට කමක්නැති බවත් ජනේලය ඇරදා යන්නේ නම් තමුන්ට ඕනෑ හැටියට රස්තියාදුවේ යමින් ජීවත්වන්නට පුළුවං බවත්ය. නමුත් මෙයට එකහෙලාම විරුද්ද වූ තල් සූකිරි පැණියා කියා හිටියේ මේ තමුංගේ සරීරේ හැදෙන කාලය බවත් මේ කාලයට කොච්චරවත්ම කන්ට ඕනෑ බවත් පැය දෙකක් යන්න මත්තෙන් ගෘහස්ත එක්සත් කුහුඹුවන්ගේ ඒකාබද්ද සංගමේ පැමිණ කෑම ජාති සේරම ඇදගෙන යන හංදා දවල්ට කන්න ලහඳුවත් ඉතුරු නොවන බවත් එහෙම හීතල වෙච්චි, කූඹි කාපු, හුලං වැදිච්චි එව්වා කන්න ලොං දිග ඉතාමත් ලක්සන පූසෙක් වන තමුන්ට බැරි බවත්ය. වහළය උඩ සිට ඇමතූ චියං බාප්පා සහ බෑනාද පැවසුවේ මේ ක්‍රමය යටතේ ටිකිරී සහ සූකිරි විසින් තමන්ට ඉතුරු කරන ආහාර සලාකය නොලැබී යාමට ඉඩ ඇති නිසා ඒකාබද්ධ ඕ අකුර පාඩං කරන්නංගේ සංගමය වශයෙං තමුන්ද මේ යෝජනාවට විරුද්ධවන බවයි.
![]() |
තලේ අදහස් දක්වමින්. ටිකිරී සඳමාලි පසෙකින් සිටී. |
ඒ අනුව මේ පාරත් නෙලුං උස්සවේට මාමාව තනියම යවන එක සුදුසු බව අතක් සහ වලිග දෙකක් ඔසවා තීරණය කරන ලදී. ඉන් පසුව විසඳීමට තිබුණේ ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ ගැටළුවය. හනුමාන් කියා සිටියේ තමුන්ට ඉලෙක්ට්‍රික් වසයෙන් පිස්සු කෙලින්නට ඇති හංදා ගමන එන්නට බැරි බවය. සොයාගැනීම කියා හිටියේ වැස්සොත් එහෙම තමුන් නොදන්නා බවත් වැස්සෙ නැතත් දූවිලි කන්නට සිද්ද වෙනු ඇති බවත්ය. අන්තිමට තීරණය කෙරුනේ හොඳම ක්‍රමය බස්සෙකේ තනියම යන එක බවත්ය. සිකුරාදා හැංදෑවේ අටං අයියා තර්ජනය කරමින් කියා හිටියේ "තෝ නෑවිත් පොල්ල තිබ්බොත් බලාගමු" බවය.
පහුගිය පාර බස්සෙකේදී සිද්දවූ හරිය මතක හිංදා ටීවීයෙකක්, කැසට්ටෙකක්, බපල් එකක් තියා ඉස්පීකරයක් අමුනන්න වහලේ හිලක් හෝ වෑර් දෙපොටක්වත් නැති බස් එකක් තෝරාගන්නට මට සිද්දවිය. දුර ගමන් යාමේදී මනුස්සයෙක්ට බලපාන ලොකුම අබග්ගය වන ටෙලිපෝන් එකේ බැට්ටි බැහිල්ලට පිලියමක් ලෙස අන්දිරිස් පෝන් එක නිදිකර තැබීමටත් ඉෂානි නංගිගෙන් නිකං ලැබුනාවූ ජනේල ටෙලිපෝන් එක විතරක් ඇහැරවා තියාගන්නටත් කටයුතු කරන ලදී. බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, බලංගොඩ කඳු අතරින් අඹරා රත්තපුර, කරවිට අවිස්සාවේල්ල තැනිතලාවේ පොලා, කොස්ගම, මීපේ හුළගෙං හුලං කර ගොඩගමිං මාව බිමට ඇදදාන ලදී. ජනේල දුරකථනයේ සිතියම ටක්කෙටම හරි බව පෙන්නමින් කාගෙංවත් අහන්නේ නැතිව ගොඩගම හංදියෙන් බැස හරි බස්සෙකට නගින්නට මට පුළුවං විය. ඊළඟ පාර හරියටම දිය මුල්ලට (Waters edge) හැරෙන තැනට කිට්ටුම හෝල්ටෙකෙං මාව බිමට බස්සවන්නටද ටෙලිපෝන් එකට පුළුවං උනේය. මට හෙනම සන්තෝසයක් ඇති උනේය. ඒ හංදා ටෙලිපෝන් එක ගැන ඇති අචල, අකලංක, හදබැඳි විස්සාසය උඩ එතැන ඉඳං පාරත් ටෙලිපෝන් එකෙම්ම ඇසූ අතර ටෙලිපෝන් එක කියා හිටියේ එහෙම්මම දිගට ගිහිං කරෝලිස් මාවතෙං හැරී පහලට ගිහිං තව කොහෙංදෝ රිංගන්න කියාය. අනුංගේ පිලිකන්නක් අස්සෙං යන්න ඔන්න මෙන්න කියා තියෙද්දී කොතනක හෝ වැරැද්දක් වී ඇති බව පෙනෙන්නට තිවු නිසා පාර අයිනේ ඉස්තෝප්පුවක සිටි කෙනෙක්ගෙං ඇසූ විට කියා හිටියේ
"කංද උඩට නැගලා කෙලීඊඊඊඊම්ම පහලට බැහැලා අරෙහට යන්න"
කියලාය. අන්තිමට ටෙලිපෝන්නෙකට එරෙහිව යාමෙන් යන්තම් පාර හොයාගෙන දිය මුල්ලේ පිලිකන්න පැත්තෙං ඇතුල්වී දාඩිය පෙරාගෙන සාලාව ඇතුළට යාගන්නට මට පුළුවං විය.
උස්සවය ගැන වැඩි යමක් නොකියන්නේ ඒක කෙරෙන්න ඕනෑ හැටියට සිද්දවුන නිසාත් එතන සංවිධාන කටයුතු ආදිය ගැන විචාරන්නට තබා කන්නට බොන්නට දුන් ජාතිවල නං දැනගෙන ඉන්නට තරංවත් දැනුමක් මට නොතිබූ නිසාය. මට කියන්නට තියෙන්නේ කවුරු නමුත් විය පැහැදං කර හරි අපූරු උස්සවයක් සංවිධානය කර තිබුනු බවය. තිලකසිරි මහතා, තමුංගේ හැටි ලියන දොස්තර මහතා, දහඅට සන්නියේ පොල්වත්ත මලෙයා, කාර් පිස්සා, බුකියේ ක්‍රිකට් ගහන නිශාන්ත ආදී කොට ඇති අලුත් කාණ්ඩයක් හම්බෙන්නට ලැබුණ එක වටින්නේය.
සම්මාන දීමේදී ආකාස කසුන්ගේ හිතවතිය සත්‍යාට සම්මාන දෙකක්ම ලැබීම ගැන මට හරි සතුටුය. ගියවර සම්මාන උස්සවේ අගදී ලියූ පෝස්ට් එකේ අගට කසුන් ගැන ලියූ දේ මේ අවුරුද්දේ උත්සවේදී ඵලදරා තිබීම ගැන මට සතුටුය. මං හැමදාම කියෝන නිදහස් සිතිවිලි බ්ලොග් එකට වසරේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානෙ ලැබීමත් හෙනම සතුටක්ය. ඒ අතරේ චාමරලෑ පන්ති බාර ගුරුතුමීටත් මටත් දෙවෙනි තැන හම්බෙච්ච එක ගැනත් සතුටුය. කොටිම්ම සම්මාන උස්සවේ පුරාවට හෙනම සතුටක්ය.
සම්මාන උස්සවේ අහවර වී ගෙදර එන අතරමග "මං එරන්දි" අක්කාටත් "මං එයාගෙ හස්බන්ඩ්" අයියාටත් "මං එයාලගෙ බබා" දුවටත් අපි හිංදා කරදර වන්නට විය. අපිට මගිං කන්න බොන්නටත් අරං දී කුරුවිටට ගෙනත් දාගන්නටත් ඒ අයට සිද්දවිය. ඒ ගැන ඊයෙ රැයේම කැලේ පිපුණ මලේ වස්සලා ලියා තිබුණේය. අන්තිමට අපිට තවත් හොඳ යාළුවෝ ජෝඩුවක්ම හංම්බුවුනේය. ළඟදීම ඒ දෙන්නා බලන්නට යන්න හිතා ඉන්නා හිංදා ඒ පවුල ගැන වෙනමම ලිපියක් ලියන්නට ඕනාය.
ඉතිං මං ලියන යාංහෑලි කියවන හිතවතුනි, බුකියෙන්, දුරකථනයෙන්, ඊමේල්, වයිබර්, ස්කයිප්, ආදී එක එක ආකාරවලින් මට කතා කර දිරිගන්වන කොමෙන්ට් කරන හිතවතුනි, අපිව ආණ්ඩු මට්ටු කරන අටං අයියේ, ප්‍රසන්නයියේ, සින්ඩිකේටර්, බ්ලොග් රෝල්, පේස්බුක් පිටු, කටකතා, සංවාද, කතාබහ, ආදී හැම දෙයකින්ම මං ලියන දේවල් අනික් අයටත් බෙදාහරින හිතවතුනි, නෙළුම්යාය සම්මාන උත්සවය සංවිධානය කළ මං නොදන්නා හිතවතුනි, ඒ වෙනුවෙන් වියපැහැදම් කල අනුග්‍රාහක භවතුනි, නෙළුම් යාය වෙනුවෙන් අපිට පෙනෙන මානේ සිටිනා සුමිත් කළණසිරි, අජිත් ධර්මකීර්ති, ලක්මාල් කන්දෙවිදාන මහත්වරුණි, යාංහෑල්ලේ ලියන්නා වශයෙන් මට දුන්නා වූ වටිනාකම වෙනුවෙන් ඔබට ස්තූති කරමි. ඒ වගේම යාංහෑල්ල වෙනදා වගේම සැලකිල්ලෙං ලියාගෙන යන බවට ඔබට පොරොන්දු වෙමි.
කවුද යකෝ පෝස්ට් එක කියවන්නැතුව කොමෙන්ට් දාන එකා.
Deleteහුංගා
Deleteමටත් ඔය ප්‍රවාහන ප්‍රශ්නෙ තමයි ලොකුම හෙනේට හිටින්නෙ හිටං. බළල්ලු ගැනනං ඒ හැටි වද වෙන්න දෙයක් නෑ. උංගෙ වැඩ උං විසින්ම කිසිම උද්ඝෝෂණයක් නොකර සිදුකර ගන්නව.
ReplyDeleteහනුමා පිස්සු කෙලිය එකනෙ වැඩේ. නැත්තං මං හනුමෑ නැගිල යන්න හිටියෙ. හෙනං අපිට යන්ට තිබ්බා.
Deleteමගේ කට නිකං කහනවා වගේ ප්‍රසංන අයියේ... ;)
Deleteඉතිං අපි එක්ක යසට යන්ට තිබුනනේ
Deleteමට පෙනෙන විදියට උඹයි උඹේ නෝන මහත්තයයි බළල් අධිරාජ්‍යයක අතවැසියො වෙලා ජීවත් වෙනව වගෙයි.
ReplyDeleteආයිත් අහල. උංගෙ අණ අපි පිලිපදිනව
Deleteකොහොම වෙතත් මේ ගමනත් උඹටයි මටයි හම්බවෙන්න තිබ්බ අවස්ථාව ජස්මිස්දකෙස්ගස් වලින් මිස් වෙලා තියෙනව හිටං. ළඟදිම මොකක්හරි අටමගලකින් සෙට් වෙන්න බලමු.
ReplyDeleteඅවුරුද්දට?
Deleteඅවුලක් නෑ.
Deleteඋඹට සම්මානයක් නොලැබුනොත් තමයි පුදුම වෙන්න ඕන මලේ. දැං ඉතිං ඔය සංමානෙ අර බළල් තඩියො දෙන්නගෙ ඔළුව උඩිං තියල, උං දෙන්නව කොම්පීටරේ උඩ තියාගෙන ලියන එකයි තියෙන්නෙ හුදී ජන අපේ ලාංපු සංවේගය උදෙසා.
ReplyDeleteසුබ පැතුම් !!
ආන්ඩුවට හරි ගූගල්ට හරි කියල එකෙකුට දන්න පුලුවන් කොමෙන්ටු ගාන සීමා කරන්න ඕනැ.
Deleteමගුලක්නෙ මුන් කොමෙන්ට්ස් වපුරනව. හැක්.
කවදාවත් නැතුව අද ප්‍රසන්නයා දෙකක් නවාගෙනද කොහෙද..
Deleteකො.කා. අයිතිවාසිකම් සීමා කිරීමට උස්සාහකරන බහුජාතික බූවල්ලංගෙන් ප්‍රවේසංවෙනු.
Deleteකො.කා. අනතුරේ. ට්‍රම්පච්චි සමග නැගිටිමු !!
හැක්..
ප්‍රසා දැල් කඩේ ගිහින් ඇවිත් වගේ :-)
DeleteAnonymousMarch 26, 2017 at 6:35 PM
Deleteඇනෝ මේකා සභාපති වරප්‍රසාද අවභාවිතා කරනවා.
දැල් කඩේ යන්නෙ දවස් තුන හතරකට සැරයක් විතරයි. ඔන් ස්ටොක් බඩු තියෙනව මේසෙ යට. හැක්..
Deleteපෙරනව වෙන්ටැ
Deleteහොද දෙක මෙසේ යට බෝතලේ
Deleteලබන සැරේ හොඳම බ්ලොගා වේවා
ReplyDeleteහෙහ්... මං බොට හොම්බට එකක් අනින්නං කියල ආවෙ... කොහෙද උඹේ හුරතල් මූණ දැක්ක පාර නිකා හිටියා
Deleteමටත් ඕකමයි වුනේ හැක
Deleteමට මතක නෑනෙ
Deleteලබන සැරේ හොඳම බ්ලොගා වේවා
ReplyDeleteඑහෙම දෙපාරක් වෙන්න බෑ බොල. හැක්..
Deleteදෙපාරක් දෙවෙනිය වෙතෑකි.
Deleteහම්මේ හිනා වෙලා ඉළත් ඇදිල , බොලා දෙන්නට ළඟදීම බළල් සුභ සාධක සංගමයක් පටන් ගන්න තියෙන්නෙ එතකොට ඔය ප්‍රශ්න ඉවරයි 😁
ReplyDeleteමිනිස්සුං සුභ සාදක සංගමයක් තමා ඕනැ.
Deleteඋණුසුම් සුභපැතුම් ශ්‍රංගෝ...
ReplyDeleteජයවේවා..!!
බෝ ආවෙ නෑ.. පූෂරයා
Deleteසුබ පැතුම් මචෝ...
ReplyDeleteඒ උනට උඹ ලිෆ්ට් එකේදී හම්බවෙලා, මට අම්බලන්ගොඩට යන්න දුර යන්න තියනවා කියූ විට , උඹට බදුල්ලට යන්න තියනවා කියා නක්කලේ දැමූ එක කැත වැඩේය...hikzz
අම්බලංගොඩ එකෙක ගෙදර යන්න ඕනෑ කියා අඬනවා දැක්කාමය
Deleteහැමදාමත් සුන්දර සුරංග මාමාව තනියම හෝ උත්සවයට එවන්නට තීරණය කල අන්තර් විශ්ව විද්‍යාලීය පිස්සු බළල් සංගමයට මගේ ආචාරය.
ReplyDeleteඋං වලිගා උස්සා, හොඹු උල්කර ඒක පිලිගත්තේය.
Deleteසුබපැතුම් ජයවේවා !
ReplyDeleteඉස්තූතියි මූනු තුනේ.
Deleteමං එරන්දිට උඹව රත්නපුරේටම ගිහිල්ල දාන එක කරදරයිනෙ. ඒ හින්ද ලබන පාර මං ටිකිරි සඳමාලිවත් සන්ලයිට් පෙට්ටියක දාගෙන වරෙං රෑ මං එරන්දිලගෙ ගෙදර නයිට් පාක් කරන්ඩ බලාගෙන. ආ..මං චූටි මැණිකෙත් එක්කවරෙං මතක ඇතුව..
ReplyDeleteසුබ පැතුම් සුරංග...:)
අපි මේ ඊයෙ පෙරේදා කතාඋනා තමුන්නැහැට අර par avian කියල ලියා තියෙන නිල් රතු ඉරි ඇන්ද කවරෙක දාල බළල් රෝඹු ටිකක් එවන්න.
Delete@ රවී අයියේ... ප්‍රස්නෙකට තියෙන්නේ ඔය පූස් බබාලට පහසුකම් දෙන්න තරම් අපෙ වත්කම් ඇතිවෙයි ද කියන එකයි . දෙවියනේ මං එයාලගේ එකම බබාට වත් නැ ඔහොම සැප.. :) :)
Deleteඋබ මට මිස් උනා මචෝ
ReplyDeleteයකෝ උඹ කොහෙද හිටියේ
Deleteහිට්යේද????බොරු කියලා එනවා කියලා
Deleteහොඳ වෙලාවට මිසිස් නොවුනෙ.
Deleteඑතකොට අර නිකටිං නැති සිකෑට් ජාතියක් ගෙනෑවෙ කවුද?
Deleteඅම්ම්ටහුඩු ඒ උබද ....එතකොට අපි සැට් වෙලා ....චා ...චා...බදාගෙන සුබ පතන්න තිබුන අවස්ථාව ජස්ට් මිස්ද කෙස් ගස්
Deleteඋඹත් එක්ක සෙල්පියක් අල්ලන්න හිතාගෙනමයි ආවේ... අපරාදේ...
ReplyDeleteතව ඩිංගෙදි බොගෙ සම්මානෙ ගන්න බොට කලිං මං යනවා. මට උඹෙ ටෙලිපෝන්නෙකේ පිහින පැත්තෙ කැමරා සිද්දරාව කුරුටු ගාන්න බැරිවුනා.
Deleteයාන් හෑල්ල එලම හෑල්ලක් වේවා ..!!!
ReplyDeleteඉස්දූදියි
Deletecongratulations!
ReplyDeleteඑහෙමයි.
Deleteසුභ පැතුම් ...
ReplyDeleteජ ය වේ වා !!!!
ආහැටි හුහ්....
Deleteසුභ පැතුම් මගෙන්
ReplyDeleteදෙමිය හද තුටින්.....
ජයවේවා!!!
දුමින්දට මගෙන්
Deleteඉස්තූති වෙමින්
හැක හැක. සම්මාන උත්සවේට ලියපු හොඳම පසුවදන.
ReplyDeleteCongratulations!
ඒකෙ හොඳම එක ලිව්වෙ අර කොස්ගම තඩි ඉස්කෝලෙ හාමිනේ.
Deleteසුභ පැතුම් !! දිගටම ලියපං..
ReplyDeleteහා...
Deleteසුබ පැතුම් අයියේ... මම මේක පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හිනාවෙවී කියෙව්වා...
ReplyDelete++++++++++
Deleteවාසිතේ, එපා පුතේ හිනාවෙන්ට බොලයි අම්මා කොහු ඉදල් මිටි කොමෙන්ට් දමයි "මේ පාර අපෙ එකා විබාගෙ හරියාකාරව නොකොරගත්තොත් බලමුකො මං ඔය නෙලුං යායෙ නාම්බො ටික අල්ලං තලන තැලිල්ල" කියල.
Deleteදර්කියෝ තෝ ඉන්න තැනකින් කෝල් එකක් දීපන් තොගේ බ්ලොග් එකට යන්න බැහැ ....මෙහම අසදර්ණ කරන්න එපා යකෝ තොට ආදරය කරන අපි වගේ කෙමන්ට් කරුවන්ට
Delete"මන් එරන්දිගේ හස්බන්ඩ් ""මේ එරන්දි ගේ දුව " මටත් හම්බ වුණා කියහන්කෝ. එරන්දිව තමයි හමුවෙනේ නැත්තේ. රොහාන් පුතා රත්නපුරයේ සිට ගෙන ඒම ගැනත් කරුණාවන්ත "මන් එරන්දිගේ හස්බන්ඩ් " එරන්දිටත් එය අරේන්ජ් කළ අටමටත් ස්තූතියි . මීළඟ සැරේ ඔය සම්මාන උළෙල බදුල්ලේ පවත්වා ටිකිරි සඳමාලි ප්‍රධාන අමුත්තා වශයන් ගෙන්වීමට යෝජනා කරනවා.
ReplyDeleteබොරැල්ලේ ෂෙඩ් එකට වැන් එක තල්ලු කරාට මටත් සම්මානයක් දීපන් අයියන්ඩි
Deleteඅපේ ටිකා නැට්ට පුම්බා එක වරක් පිම්බ වෙලාවට එක්කොම ඉවරයි. ඒක නෙමෙයි අර එරන්දි නෝනගෙ මහත්තැං නං තනිකර ඉතිහාසය පිළිබඳ එහෙම්පිටිම්ම මෙව්ව එකක්. බ්ලොග් එකක් හෙම ලිව්වොත් අපි කැලේ. කුමන්තරණයක් කරල හරි නවත්තන්නෝනැ.
Deleteඑහෙමත් එකක්ද? මටත් ඉතිහාස ප්‍රශ්න ගොඩක් තියනවා. එකක් අහන්න ඕනේ.
Deleteමෙන්ඩ අනිවාර්යයෙන්ම
Delete@අජිත් අයියා, එක අපිට ලොකු සතුටක් අයියේ. මං කතා කළා අයියා හිටපු කලබලේට මතක නැතුව ඇති. :) :)
Delete@සුරංග භිය නොවන්න මලයා එයා කොහේ ද බ්ලොග් ලියන්නේ මං ඉන්න කල්... ඔය කුමන්ත්‍රණය කරලා මම එයාව නවත්තනවා. නැත්තන් ඉතිං මං එරන්දී ට නො වේ...
පූසන් කියූ දේ පූස් භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර ලිවීම පිළිබඳව ස්තුතියි. මං හිතුවේ ඤාව්, ඤාව් විතරක් තියෙයි කියලයි.
ReplyDeleteඑව්වා ඉතිං කලක් තිස්සෙ පුහුණු කරපු බාසාවනොවැ. තමුන්මෙනැහැට මෙදා පාර දවස් පතා කඩේ යන්ට තිවුන හිංදා ආපු නැති බව කියල තිවුනදෙැක්කා.
Deleteඋණුහුම් මෙව්වා එක... අවුරුද්දට ආවම සේනානායක පිට්ටනියට පල්ලැහැ බාර්රෙකේ රා ගහමු සතුටට .....
ReplyDeleteඅනෙමෙ@!$#%^!#%^ ඔය තෝ ආ හැටි නේද?
Delete//සිකුරාදා හැංදෑවේ අටං අයියා තර්ජනය කරමින් කියා හිටියේ ,තෝ නෑවිත් පොල්ල තිබ්බොත් බලාගමු, බවය//
ReplyDeleteඅන්තිමේදි අටමා පොල්ල තිබ්බා නේද?
අනේ උඹලාත් එක්ක වචනයක් කතා කොරන්න බැරිවුනානේ.
අපෙ කටවල් හරිනෑනෙවැ.
Deleteසුභ පැතුම් සුරංග... ඒක නෙමෙයි අර බ්ලොගේ නම යටින් තියන "පොහොර, බෙහෙත් නැති කාබනික ජීවිතයක අක් මුල් අතුපතර ස්පර්ශ කළ මතකයන්" කියන හැඳින්වීම උඹේ ලියන ඉස්ටැයිල් එකත් එක්ක නිකං බුරියානියි කරෝල හොදියි වගේ. නිකමට අහලා බලපංකො ටිකිරි සඳමාලිගෙන්...
ReplyDeleteබුරියානියි කරෝල හොදියි කාල බලන්න ඕනේ.. මැච් වෙනවද කියල.. හෙහ්
Deleteකරෝල හොද්ද පොඩ්ඩක් උකුවට හිංදල ගත්තම අවුලක් වෙනේකක් නෑ මං හිතන්නෙ. හැක්..
Deleteගැලපෙන්නෙනෑ බං. කාල බලහංකෝ. කලු දොදොලුයි පොල් සම්බෝලයි වගේ...
Deleteමේකයි වැඩේ. මං ඔය බ්ලොග් එක පටංගත්තෙ මේකෙන් මනුස්ස සංහතියට ශිෂ්ඨාචාරය උඝන්වා, පෘතෘල දැනුමක් ලබාදී, මනුසත්දම් පෙරටුකොටගෙන, මහා ලේඛකයෙක් වෙලා හෙනම ලොකු සීන්නෙකක් දාන්න පුලුවං වෙයි කියල හිතාගෙනනෙ. ආං එතෙන්දි මට ඕනි උනා සාරඝර්භ කියමනක්. ආං ඒක තමයි ඔය. මුල හොඳට හැදුවා. හැබැයි ගහ බොංසායි උනා. දැං ඒකෙ ලෝකපාලු එතිලා අඩියෙ කොංක්‍රීට්.
Deleteබෝල්ට් ඈනයි කඩලයි වගේ
Deleteසුබ පැතුම් අයියේ. ජය වේවා.
ReplyDeleteපල යන්ඩ
Deleteada mata flower jump wela hitye meka kiyawal thamai mood eka Honda une
ReplyDeleteඅර විස්කෝතු ජාතියෙ වෙළඳාම බහීද?
Deleteඋඹත් එක්ක වචනයක් කතා කරන්න ලැබීම සතුටක්...
ReplyDeleteකතාකොලැයි? මං?
Deleteනෙදකිං....
Deleteසම්මාන උළෙල පටං ගන්නත් කලින් කසුනත් එක්ක උඹ ගාව වාඩි වෙලා හිටියෙ කවුරු කියලයි උඹ හිතං හිටියෙ?
ඔය කිව්වට දීලා සම්මානේ අරගෙන එනකන් මම දන්නෙත් නැහැ මේ ඉන්නේ මු කියලා
Deleteසුභපැතුම් සුරංග අයියෙ...
ReplyDeleteහමුවීම ගැන සතුටුයි..
හම්බුනාද? මං?
Deleteෂිහ්!! සම්මානෝළෙල ගැන ආන්දෝලනාත්මක හෑල්ලක් කියවලා පහල කමෙන්ට් ගොඩේ හැදෙන වාසුලි බලන්න හිතාගෙනයි ආවෙ
ReplyDeleteසුබ පැතුම් සුරංග!
ReplyDelete//ඒ වගේම යාංහෑල්ල වෙනදා වගේම සැලකිල්ලෙං ලියාගෙන යන බවට ඔබට පොරොන්දු වෙමි.//
ReplyDeleteආන්නේකයි වෙන්නෝනෙ.
සම්මාණෙට සුභ පැතුම් !! උඹත් එක්ක කතාකරන්නවත් බැරි උනා
සුබ පැතුම්...!
ReplyDeleteමමත් මෙි වාරයේ ඒන්නයි හිටියෙග ඒත් ගෙදර උන්දැත් ඒක්ක ගමනක් යන්න උනානෙ. අටමට කියලයි අාවෙ. අටම දන්නව මම ගිය තැන.
ReplyDeleteසුබ පැතුම් සුරංග
ReplyDeleteඥාව්.. ඥාආආආව්... ඥාහ්..!
ReplyDeleteකවුද අන්තිමට බෙල්ල මිරිකුවෙ.
Deleteමචං මේක උඹට හම්බෙන්න ඕනෙම දෙයක්. මං හිතා හිටියේ පළවෙනිය වෙයි කියල
ReplyDeleteCONGRATULATIONS DOO
ReplyDeleteසුභ පැතුම් සුරංග...
ReplyDeleteජ ය වේ වා !!!!
සුබ පැතුම් මල්ලී, මේ සැරෙත් හමුවුණානෙ. හැබැයි ගිය සැරේ වගේ රස බත් එකක් නොගෙනාවෙ ‘‘දිය මුල්ල‘‘ නිසා වෙන්ටැ.
ReplyDeleteසුභ පැතුම් මලයා..
ReplyDeleteඋඹව හමු වුණා දෙවෙනි වතාවටත්. මම දන්නවා නම් උඹව නවත්වා ගන්නවා. අර එකෙකුට කතා කරා. ඒකා ගනේමුල්ලට දුවන්න තියෙනවා කියාගෙන පැන්නේ. නිකං දුන්න නැටුන් තෙල් ටික කට ගා ගන්න පින නැති හැටි. අනික මේ පාර සිහනුක් තිබුණේ.
ReplyDeleteවිස්කි නෙමෙයි ද??
Deleteඅනේද කියන්නේ කන සාක්කුවේ
Deleteබල්ලට මචෝ කියලා
පක්කන් පදිරි සන්නාහ සන්නද්ද වෙන්න ගැහව්වා
මුදේ ඉන්න මාළුන්ට ගොඩ ඉදන් මිලක් ගැනීම වගේ යම් යම් අපැහැදිලිකම් තිබුනත් මේ සම්මාන දීමට විරුද්ධ වීමට හේතු නම් මෙතෙක් තිබුනේ නෑ.
ReplyDeleteනමුත් උළෙල ආසන්නයේ සහ උළෙලින් පසු අදහස් වෙනස් වුණා යම් සිදුවීම් නිසා.
මගේ එක් ලිපියක් විද්‍යා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වී තිබුණා. එය ඉවත් කරගැනීමට හේතුව ඇත්තෙන්ම මම කියපු එකම වුනත් මගේ එම ලිපියම ඊට නිර්දේශ වුනේ ඇයිද කියන එක මට ලොකු අපැහැදිලි කමක් තිබුණ. ඇත්තටම එම ලිපිය එසේ නඉර්දේශ වීමට සුදුසු එකක් බව මමවත් හිතන්නේ නෑ. එය සුදුසුනම් ඊට වඩා ගොඩක් සුදුසු මමම ලියු වෙනත් ඒවාත් තිබුණ. මට හිතුනේ ලිපියේ කෙශ්ස්තරයට විශේෂයෙන් කැමති කෙනෙක් ලිපි තෝරන අය අතරේ ඉන්න නිසා මෙය තේරුවා වගේ!
කොහොම වුනත් එම අංශයේ සම්මානය ලැබුන අය ගැන පසුව කියවීමෙන් අනතුරුව තැන තැන කියවුන දේ නොසලකා හරින්නට බැරි බව සිතුනා. පුද්ගලික වුවමනාකම් නිසා සම්මාන දුන්නාද කියා සැක සිතෙන තරමට. එම කතෘ ලියු ලියු සමහර ලිපි වලට සම්මාන ලැබීමට ඉතාම සුදුසු වුවත් අදාළ ලිපිය ගැන නම් එසේ යයි සිතන්නට අමාරුයි. ඒ කතෘ වැනි, බොහොම අවංකව ලියන මිනිසුන්ට එසේ කළා නම් එය ඉතා නරක බවයි මං හිතන්නේ.
කොහොම වුනත් මේ වගේ දේ කලා නම් එයින් එම ලියන්නා ගේ පිරිසිදු චේතනාවත් මොට වෙන්ට පුළුවන්.
හැකිතරම් අපක්ෂ්පතී වෙනවා නම් එය වටිනවා.
මෙතෙක් මේ ගැන වචනයක් නොලීවත් අදහසක් ලියන්න තරම් අවශ්‍ය දෙයක් බව සිතන නිසා තමයි නැවත ලියුවේ.
පිළිතුරු අපේක්ෂාවෙන් නොවෙයි ලියුවේ මෙයත්.
සුභ පැතුම් මචං..................
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් !!!
ReplyDeleteසිරාවට උඹේ ලිවිල්ල මරු.... උඹට සම්මාන නොදුන්නොත් තමයි උන්ට ගහන්න ඕනේ !
ReplyDeleteunusum suba pathum
ReplyDeletehamuweema loku sathutak
ReplyDeleteපලමුවෙන්ම ලද සම්මානයට හදවතින්ම සුභ පැතුම්.බළලුන් වනාහි උන්ගේ සුඛ විහරණය උදෙසා අපගේ රීරි මාංශ සූරාකන ආත්මාර්ථකාමී සත්ව කොටසක්ය.
ReplyDeleteඅැයි යකෝ පූසො සෙට්එකත් අරං ආව නං තව සීට් දෙක තුනක් පිරෙනව නේ
ReplyDeleteබොහොම ආසාවෙන් කියවපු යාංහෑල්ලේ සුරංග මහත්මයා හමුවිමට ලැබීම සතුටක්. මේ බ්ලොග් එකේ කියවන තරම් වත් කියෙව්වේ නෑ නේ අපි එක්ක ! සුබ පැතුම්
ReplyDeleteමාව නමින් අහපු ගමන් බොහෝම හිතෛශීව පිලිගත්ත යාංහෑල්ල මලයාට මගෙ ස්තුතිය....සුබ පැතුම් සම්මානයට
ReplyDeleteමට අර විස්මිත මරුටිය බලන්න සෑහෙන්න ආසයි සුරං අයියේ...
ReplyDeleteවරෙං යන්න දෙන්නත් එක්ක බදුල්ලෙ අවුරුද්දට
Deleteමේ පැත්තට එන්න ප්‍රමාද විම ගැන පසුතැවෙනවා යාං... සුභපැතුම් සම්මානයට. ජයවේවා...!!!
ReplyDeleteඒකනම් මරු..හමුවීම සතුටක්.සුභ පැතුම් සම්මානයට
ReplyDeleteසුරන් මලයා හැබෑම දක්ෂයෙකි.... කියන්නට යං හැලි ද අපමණය. ඒ විතරක් නෙවෙයි මේ වගේ වැඩ වෙන්නෙත් එයාට විතරමය.. මරුටිය ද එවනිමය.. ඇත්තමයි වෙලාවක යන්නටම ඕනේ ව්ස්තර අහගෙන එන්නට.
ReplyDeleteසතුටුයි මල්ලි අඳුර ගන්න ලැබුන එක වගේම වැඩි වෙලාවක් ඔයාලත් එක්ක ඉන්න ලැබුන එකටත්.
ජයවේවා..!