කුඩා කාලයේදී බෙහෙත් ගෙනෙන්න යන්නට අපි පුදුමාකාර ලෙස කම්මැලියෝ වෙමු. බල්ලාට නිදාගැනීමට පෙර වට තුනක් කැරකී වකුටුවීමට උගන්වන්න ඕනෑ නැතුවාක් මෙන්ම අපිටද උප්පත්තියෙන්ම බෙහෙත් සමග ජම්මාන්තර වෛරක්කාර වීමට උගන්වන්න උවමනා නැත. මෙයිනුත් අපි දොස්තර බෙහෙත් වලට විශේෂයෙන්ම අකමැති වන්නේ හැම බෙහෙත් පෙත්තක්ම හල්කඳුරු තිත්ත බැවිනි. එනමුත් අපේ අම්මලා කැමතිම ඉතාමත් තිත්ත බෙහෙත් වලටය. අපට ලෙඩක් හැදුනවිට බලෙන් ඇදගෙන ගොස් බෙහෙත් ගෙනාවත් එයිට අමාරු කරුණක් වන්නේ බෙහෙත් පෙවීමය. මුල්ම කාලයේ අම්මා බෙහෙත් ටික කුඩුකර එය මේස හැන්දට දමා දියකර ගෙන එයින් බිඳක් ඇඟිල්ලට ගෙන තොලගා බලයි. ඉන්පසු ලෙමන් පප් ඇඩ් එකේ ඉන්නා ගෑනි එයින් ඉස්කෝත්තක මුල්ලක් ලෙවකා 'ම්ම්ම්ම්ම" කියන්නාක් මෙන් මා රවටන්නට
"පැනීම පැනි රහයි"
කියා චාටුවෙන් ළඟට ඇවිත් අසුරු සැනින් බෙහෙත් හැන්ද මගේ ගිරියේ ඔබන්නීය. නමුත් මේ කූට වැඩය දෙතුන් පාරකට වඩා කරන්නට නොහැකි වූයේ කිසිම බෙහෙතක් පැණි රහ නොමැති බව මගේ අත්දැකීම් මට කියාදුන් බැවින්. බෙහෙත් පැණි වර්ග අතරින්ද කිහිපයක් හැරුණු විට අනෙක්වා තිත්ත රසමය. ඔබ එහි තද රතුපාටට හෝ පැණි පාටට කිසිවිටකත් රැවටිය යුතු නොවේ. ඒවා පැන්ටා පාට, නෙක්ටෝ පාට ආදී කුමන පාටින් වෙස්වලාගෙන පැමිණියද බෙහෙත් පැමිණෙන්නේ සීනි හොරෙන් කන අපට තිත්ත රසින් දඬුවම් කිරීමටය. පාමසිවල ඇති එකම පැණිරස බෙහෙත මෝරගුලි පමණි.
මා කුඩා කාලයේ මට බෙහෙත් පෙවීමට වී කුරුණි හත අටක ගොයම් කපන්නට තරං සෙනගක් අවශ්‍ය වේ. පළමුවෙන්ම බෙහෙත් පෙවීමට පෙර මා කැලේ පැනීමෙන් වලක්වා ගැනීමට කෙනෙක් අවශ්‍ය වේ. නැතිනම් බෙහෙත් පෙති බාග, තුංකාල් සියල්ල කඩදාසියකට දමා පිහියේ මිටේ ආධාරයෙන් කුඩුකරන විට මං පල්ලම බැස ගොස් දොලෙන්ද එගොඩ වී හමාරය. ඇඳයට හැංගී බේරෙන්නට බැරි බව මා දන්නේ එක් දිනක් එසේ සැඟවී ඇඳ යට සිටි මට අම්මා කොස්සෙන් ඇන එළියට ගන්නට උත්සාහ කර එයිනුත් බැරි තැන ඇඳේ පැදුර, කාඩ්බෝඩ් ආදිය ඉවත්කර ඇඳ පොලු තුනක්ද ගලවා මා එළියට ඇදගත් බැවිනි. එබැවින් බෙහෙත් පෙවීමට පෙර අම්මා හදිසියේම මාව කාගේ හෝ අත්අඩංගුවට පත්කරයි. තාත්තා ගෙදර හිටියොත් ඔහුට එය භාර වෙයි.
"ඔන්නොය කොලු අල්ලගන්නව බොලේ"
"හා මංඅල්ලගන්නං තමිසෙ බෙහෙට්ටික්කුඩු කොන්නොවකො"
අම්මා බෙහෙත් ටික කුඩු කරන විට තාත්තාගේ අත්අඩංගුවේ සිටින මා ගෙයි උලු උඩ ගොස් පරාල රීප්ප ආදිය යටලීත් ඔසවාගෙනම ඉගිලෙන තරම් සද්දෙන් බලියන්නට පටං ගන්නා නිසා අම්මාට අවශ්‍ය අනෙක් සෙනග පහසුවෙන්ම සොයාගත හැක්කේ "ළමයා කෑගහන්නේ මොකදැයි" බැලීමට අවට අය එක් රොක් වන බැවිනි. එවිට සියළු දෙනාම එකතුවී මගේ ශරීරයේ හෙලවිය හැකි හැම අංගයක්ම අල්ලාගෙන අම්මාට සහය වේ. අම්මා මේස හැන්දට දැමූ බෙහෙත් කුඩු ටික යංතං ඇල්වතුරෙන් දියකර එක අතකින් රැගෙන මට පිටුපසින් පැමිණ අනෙක් අතේ වැලමිටෙන් මාගේ බෙල්ල මුලින්ම හිර කරගෙන අල්ලා ගන්නේ මට හෙලවීමට හැකි අවසාන අංගය වන ඔලුවත් නිශ්චල වස්තුවක් බවට පත්කරමිනි. මේවා වසර ගණනාවක අත්දැකීම් තුලින් අපේ අම්මා උගත් කාරණාය.
"ඕං මැයිකො අල්ලහං ඕකෑ අත්කෙටි දෙකෙං"
"නංගියෙ උඹ අල්ලහං අඬු දෙකෙං. නැත්තං උඩ පයිනව"
"බොලේ තවුසෙත්තෙනවකො මේ මූවාම්බං කොරගන්න"
දැන් මට ඇති එකම අවස්ථාව කට ඇරීම ප්‍රතික්ෂේප කර දත් කුට්ටම පූට්ටුකර ගැනීම පමණි. නමුත් හසල අත්දැකීම් ඇති අපේ අම්මා නොසැලෙන්නීය. උන්දෑ හැන්දේ අග කොටස මගේ දත් කුට්ටම වෙන්වන සිහින් සරල රේඛාවට තබා හැන්ද ලීවරයක් ලෙස භාවිතා කරමින් අලවංගුවකින් කිරි අල පඳුරක අල උලුප්පන්නාක් මෙන් මගේ දත් කුට්ටම වෙන් කරන්නට උත්සාහ දරන්නීය. කිහිප වරක්ම හැන්ද විදුරුමහේ ඇනීමෙන් පසු සිය උත්සාහය සාර්ථක කරගන්නා උන්දෑ දත් කුට්ටම අතරින් යන්තම් හැන්දේ තුඩ රිංගවා ගනී. මෙය ප්‍රමාණවත් බව දන්නා අම්මා ඒ හිඩසෙන් හැන්ද ඇලකර බෙහෙත් සියල්ල මගේ කටට ඔබන්නීය. හැන්දේ අඩියේ ඇති බෙහෙත් ඩිංගද මාපටැඟිල්ලෙන්ම හූරා හැන්ද ඔස්සේම යවන්නීය. දැන් මට බෙහෙත් වලින් පලිය ගත හැක්කේ ඒවා නොගිල සිට නිදහසක් ලද විගසම ඒවා දොට්ට විසික් කිරීමෙනි. නමුත් ඊට ඉඩ නොදෙමින් අම්මා මගේ නහය මිරිකන්නීය. එවිට මට මගේ කටින්ම හුස්ම ගන්නට වෙයි. එවිට කට ඇරෙනවා නොවැ. මාරුවෙන් මාරුවට නහය මිරිකීමෙන් සහ හැන්ද ගිරියේ ඇනීමෙන් බෙහෙත ගිරියෙං පල්ලට දොක්කං කිරීමට අම්මාට ඒ ඉඩ ප්‍රමාණවත්ය.

අම්මා පමණක් ගෙදර ඉන්නා දවස්වලට වඩාත් ඥානවන්තව කටයුතු කිරීමට ඇයට සිදුවේ. එවිට ඇය මාව කොහේට හෝ ගාල් කරයි.
"කන්ද උට්ට ගිහිං බල්ල වරෙං කරුම්මාමලෑ කඩේ ඇල්ලද කියල"
"පල්ලමට ගිහිං බල්ල වරෙං කුන්දු ගහත්තීනවද කියල"
මම එවැනි ගමනක් ගොස් එන කාලය අම්මාට ප්‍රමාණවත්ය. ඇය එවිට බෙහෙත් කුඩු කර දියකරගෙන හැන්දට දමාගෙන සූදානම්ව සිටී. මම ගෙට එනවිට දොර මුල්ලේ සැඟවී සිටින ඇය එකවරම මට පිටුපසින් ඇවිත් මගේ බෙල්ල හිරකරගෙන අල්ලා හැන්ද ගිරියේ ගසන්නීය. මෙය සමහර විට අති සාර්ථක වන අතර සමහර විට අන්තිම අසාර්ථක වේ. කෙසේ නමුත් බෙහෙත් ටික ගිරියෙං පහලට යාමෙන් පසු සිංහ වෙස් ගන්නා මම සීනි හැඳි හත කටක්ම කටේ ඔබාගෙන අඬමින්, මට බෙහෙත් පෙවීමට ආ සියළු දෙනාටම පලු විසිවෙන්න බනිමින් පැය බාගයක් පමණ අඬන්නෙමි.
බෙහෙතේ හොඳකම මැනගන්නේ බෙහෙත් බොන කෙනා දක්වන ප්‍රතිචාරයෙනි. සමහර බෙහෙත් වර්ග බීමේදී මම එතරම් විරෝධයක් නොපෑවොත් අපේ අම්මාට ඒ බෙහෙත අල්ලන්නේ නැතිය.
"වැඩහ්නෑ නංගියෙ ඒ බෙහෙත්. සෙඩ්ඩෙග්ගාව මහත්තයැං ගෙනාවෙ. මේ මූ නිකම්ම බොනව ඒවනං. ඩිංගක්වත් තිත්ත නෑ. ලෙඩේ එහෙම්මොමයි."
එවිට චන්දරේ මාමලෑ නැංදා හොඳ බෙහෙත් ජාති ගැන කියන්නේය.
"අපේ නෝනට ගෙනාව බෙහෙත් කුමුදු මැඩම්ගෙන්. කැස්සට. එ් බෙහෙත් නං නියමයි. අපෙ නෝන කෙල්ලට ඒවයිං බෙහෙත් පොවන්න අපි දෙන්නයි සුවර්ණ නංගියි තුන්දෙනාම ඕනි. ඒ තරං තිත්තයි. හැබ්බැයි ටග්ගානකොට දෙවේලෙං සනීපයි."
අපේ තාත්තාද දොස්තර බෙහෙත් වර්ජනය කරන්නෙකි. දිනපතා කසිප්පු පානය කිරීමෙන් ඇඟේ පවතින ලෙඩ රෝග පුච්චා අරින බව ඔහුගේ මතයයි. එමෙන්ම ඔහු ඇඟේ ඇති අපද්‍රව්‍ය ඉවත්වීමට මාස දෙකකට තුනකට වතාවක් අරලු පෙති කිහිපයක් බී බඩ එළියට ඇර දමයි. හිතුනොත් මාස හය හතකට වතාවක් නහයේ පොල් කෙන්දක් ගසාගෙන අවට කඳු බොකලං දෙදරවන තරම් කිඹුහුම් විසි පහක් තිහක් යවා ඇඟේ ඇති 'හෙම්බිරිස්සා ගතිය' ඉවත් කරයි. මා දන්නා පරිදි ඔහු ලෙඩ වී ඇත්තේ කිහිප වතාවක් පමණි. ඒ දිනවලට ඔහුට ගොක් කොල පමණක් නොව තැඹිලි වලුද පේන තරම් අසාධ්‍ය වේ. එවැනි අවස්ථාවලදී බෙහෙත් ලෙස පාවිච්චි කරන්නේ් කඩෙන් ගෙනෙන පස් පංගුව පැකට්ටෙකක් පමණි. ඔහු කියනා ආකාරයට අපි ලෙඩවන්නේ පොලෙන් ගෙනෙනා එළවලූ කෑමෙන්ය. තාත්තා කියන විදිහට ඔහුට අසාධ්‍ය තත්වයේ සිටින විට ලෙඩෙන් ගොඩ ඒමට නොහැක්කේ කසිප්පු ඩිංගක් බීමට යන්නට තරම්වත් ඇඟට පණක් නොමැති බැවිනි.
මේ ආකාරයෙන් ඉංගිරිසි බෙහෙත් හෙවත් දොස්තර බෙහෙත්වලට අකමැති අයට අපේ ගම සහ අවට ගම්වල විකල්ප වෙද්දු සිටිති. මේ අය ගොඩ වෙද්දු නම්වේ. දැන් එක එක වර්ගයේ රෝගවලට විශේෂඥ දොස්තරවරු සිටින්නාක් මෙන් එක එක ලෙඩේට අදාල ගොඩ වෙද්දු හෝ ගොඩ වෙදකම් තිබේ.
අත පය හෝ සර්වාංගයම හෝ පිච්චුනොත් වහාම කළ යුත්තේ එය සීතල වතුරට හෝ අයිස් වලට අල්ලා සිසිල් කිරීම බව වර්තමානයේ දොස්තරු පවසති. නමුත් ඔබ ඒ පට්ට බේගල් පිළිගත යුතු නැත. අතක් පයක් පිලිස්සුන විට වතුරට ඇල්ලුවොත් දිය පට්ටා මතුවන බවත් ඒ නිසා පිච්චුන තැනකට වතුර කිට්ටු කරන්නවත් හොඳ නැති බව අපේ ගමේ මතයයි. එබැවින් අතක් පයක් පිලිස්සුනු අපේ ගමේ අයෙක් කරන්නේ කා සමගවත් කතා නොකර පිලිකන්නට දිවීමයි. එසේ හනිකට දිවයන්නේ පිළිස්සුනු කොටසට මුත්‍රා කර ගැනීමටයි. එය කෙමකි. එවිට දිය පට්ටා එන්නේ නැත. ඕනෑ නම් කෝමාරිකා පිල්ලක් කඩා පිච්චුනු තැන ගාගත හැකිය. පිලිස්සීම බරපතල නම් පියදාස ආතා සොයාගෙන යා යුතුය. මෙවිට තමුන්ට සෑහෙන සද්දෙට කතා කිරීමට නොහැකි නම් එවැනි 'හයියෙන් බලියන්න' පුළුවන් අයෙක්ද කැටුව යා යුතුය. එසේ ගොස් පියදාස ආතාගේ කනේ මයිල් අපේ කට ඇතුළට රිංගන තරම් ආසන්නව ඔහුගේ කනට අපේ කට කිට්ටු කර අසල ගම් හතකට ඇසෙන පරිදි හඬනගා ලෙඩේ කිවයුතුය. එවිට පියදාස ආතා කොල වර්ග, මල්, අතු, පොතු, දඬු, මුල් ආදිය කඩාගෙන අවුත් බෙහෙත් සාදා තුවාලයේ බැඳ, සිය බෝතල් රාක්කයේ තිබෙනා කැරපොතු පාට බෙහෙත් තෙල් ගා ලෙඩා ගොඩ දමන්නේය. ගමේ මිනිස්සුන්ගෙන් මොනයම් විදිහකින්වත් සල්ලි නොගන්නා නිසා ගුරු පඬුරු වශයෙන් දුංකලයක්, හුණු, බුලත් ආදිය ටිකක් පමණක් ප්‍රමාණවත් වේ. මා දන්නා කාලයේ එසේ ගොඩ දැමුනේ අපේ ගෙවල් ලඟ නැන්දෙකි. උන්දෑ කුස්සියේ වැඩපලෙහි යෙදී සිටියදී සිදුවූ අත්වැරදීමක් නිසා උරණ වූ නොසන්ඩාල කුප්පි ලාම්පුව වංගෙඩිය මත සිට උන්දෑගේ තට්ටමක් උඩට පැන එය සම්පූර්ණයෙන්ම පුච්චා දැමුවේය. අන්තිමට පියදාස ආතා උන්දෑගේ තට්ටම ගොඩ දැම්මේ දවසට දෙවරක් කුකුල් පිහාට්ටෙන් තෙල් ගෑමෙනි.
සර්පයින් දෂ්ඨ කල විට හෝ බල්ලන් කෑ විටද බෙහෙත් කරන අය අනෙක් ප්‍රදේශවල සිටියද අපේ ගමේ සිටියේ නැත. පණිවිඩය කියන්නාට ටොක්කක් ඇන කාපු සතා මොකාදැයි කියන ජාතියේ ඉසිවරු නම් හිටියේම නැත. අපේ තාත්තාවද වරක් බල්ලෙක් සපාකෑ නමුත් ඔහු බෙහෙත් ගත්තේ නැත. ඔහුට පිස්සු බලු රෝගය හැදුනේද නැත. තාත්තා කියන ආකාරයට කසිප්පු වලින් බලු විෂ මර්දනය වන්නේලු. අපේ අඬන පුංචම්මාද කුඩා කාලයේදී බල්ලෙක් විසින් සපාකනු ලදුව බල්ලෙක් මෙන් බුරන්නටත් දුටු දුටුවන් සපා කන්නටත් පටන්ගත් බවත් පසුව 'පුරාම ඈත' පන්සලක හාමුදුරු කෙනෙක් උන්දෑව සුවපත් කල බවත් අපේ ආතා කියා ඇත. නමුත් කල්ගතවී බෙහෙත් කළ නිසා ලෙඩේ අහුකොන් ඉතුරුව ඇති බවත් දැනටත් උන්දෑ නිතරම චුරු චුරු ගාන්නේ එනිසා බවත් ආතා කීීවේය.
මෙවැනි ගොඩ වෙද්දුන්ගෙන් සමහරු ප්‍රසිද්ධ එක් එක් ලෙඩ සඳහා පමණි. ඒ අය සතුව ඇත්තේ එක බෙහෙත් වට්ටෝරුවක් පමණි. මේ වට්ටෝරුව රහසක්ව තබා ගනිමින් සිය පට්ටම ආරක්ෂා කරගන්නා ඔවුන් කෑල්ලක් කෑවත් එය පරම්පරාවෙන් පිට නොදෙති.
සමහර ලෙඩ සඳහා බෙහෙත් කවුරුත් දනී. නමුත් ඒවාට අවශ්‍ය අඩුමකුඩුම තිබෙන්නේ කිහිප දෙනෙකු ළඟ පමණි. අලි හක්කක් ඇත්තේ මහවැලියේ වැඩ කළ පියදාස මාමා ළඟ පමණි. එබැවින් කම්බුල්ගාය හැදුනොත් උරච්චි කර ගා ගැනීම සඳහා අලි හක්ක ඉල්ලාගෙන ඒමට එහිම යා යුතුය. නැතිනම් දෙහි කලවම් කළ නිල් කුඩු ගා ගත යුතුය.
රෝහලෙන් සනීප කළ නොහැකි ලෙඩ සඳහාද බෙහෙත් අපේ ගමේ තිබේ. ඔබ සිහිනෙන් බිය වන්නේ නම්, බල්ලෙකුට හෝ හොල්මනකට බය වුනේ නම් දොස්තරලා ළඟ ඒවාට බෙහෙත් නැත. එවැනි ලෙඩ වලට බෙහෙත් තිබේදැයි විමසිමටවත් කවුරුත් දොස්තරු වෙත යන්නේද නැත. එවැනි අවස්ථාවල පිහිටට ඉන්නේ පීටර ආතාය. පීටර ආතා යනු හංසනීගේ සීයාය. මාස දෙක තුනකට වතාවක් හීනෙන් බයවීමද, බල්ලන්ට බයවීමද, ගොම්මං වෙලාවට හෙලවෙන ගස්වැල් අතු ඉති වලට බයවීමද, බඩේ අජීර්ණ අතිවීමද නිසා මට පීටර් ආතාගේ ප්‍රතිකාර අවශ්‍ය වේ. අපේ අම්මාගේ ඉල්ලීම පරිදි හැන්දෑ වරුවක අපේ ගෙදරට ගොඩවදින පීටර ආතා සිය ඉනේ එල්ලා ඇති ටින් එක නොපෙරලෙන පරිදි පුටුවේ කොනක වාඩිවී මට ඇති අසනීපය අනුව බයවීමක් නම් තෙල්ද, අජීරණයක් නම් දෙහිද මතුරා දෙයි. අම්මා කුස්සියේ තිබෙන පොල්තෙල් කුප්පියෙන් තෙල් ඩිංගක් පීරිසියකට දමා කහ පොඩ්ඩක් මිශ්‍ර කර සාදාදෙන තෙල් ටිකට රහසින් මතුරමින් වරින් වර "හක්"සහ "පොහ්" කියමින් එයට පිඹින පීටර ආතා අවසානයේ එයින් ටිකක් මගේ ඔලුවේ තවරයි. මේ ආකාරයටම "හක්"සහ "පොහ්" කියා පිඹිමින් අජීරණ සඳහා දෙහිද මතුරා දෙයි. ඒ හැම "හක්"සහ "පොහ්" එකකින්ම විදුරුවේ ඇති ද්‍රාවණ ප්‍රමාණය ඉහල යන බවද කිව යුතුමය. පීටර ආතාටද පුවක් ගෙඩි හත අටක් සමග දුංකල ඉරුවක්, බුලත් ටිකක් පමණක් දීම සෑහේ.
මේ අතරේ අරුම පුදුම වෙදකම්ද ඇත්තේය. ඩැයිබර මාමාගේ වෙදකම්ද මෙයින් එක් අරුම පුදුමයකි. අතක පයක තුවාලයක් වූ විට ඔහු එයට දමන්නේ පෙට්ටල් හෝ බ්‍රේක් ඔයිල්ය. ඒ වෙදකම පත්තියං වන්නේ ඔහුටම පමණක් වන අතර අනෙක් අයට ඒ වෙදකම දොයිත්තකටවත් විශ්වාස නැත. අපේ පවුලේ වැඩිමහලු අය තුවාල බෙහෙත් ලෙස යොදන්නේ කෝපි දළු හෝ ලෝකපාලු දළුය. නමුත් මා වැනි බාලයන් කුඩා කාලයේ දනිස් හමගහගන්නා හැමවිටම පුංචම්මා විසින් හත් අට දෙනෙකු එකතු කොටගෙන මා සම්පූර්ණයෙන් නිශ්චල වන පරිදි ශරීරයේ එක් එක් කොටස භාරව එක් එක් අය පත්කර 'සර්ජිකල් ඉස්පීට්' නමැති අහස පොළව නුහුලන ද්‍රාවණයෙන් තුවාලයේ ඇටකට්ට දක්වාම සෙමින් සෙමින් සුද්ද කරන්නේ මගේ භාෂා හැකියාව මොනවට විදහා දක්වමිනි. ඉන්පසු තවත් ගම්මිරිස් හා සමාන දැවිල්ල ගන්නා ක්‍රීම් වර්ගයකින් තුවාලය පුරවා පුළුන්වලින් වසා ප්ලාස්ටර් කෑලි හතරක්ද ගසන්නේ ඊළඟ වතාවේ බෙහෙත් දැමීමට ප්ලාස්ටරය ගැලවීමේදී තුවාලය පුරා මුල් ඇද ඇති පුළුන් කෙඳි වලින් වැඩි ත්‍රාසයක් සමග උපරිම වින්දනයක් ලබාදීමටය.
දත් කැක්කුමට අරක්කු තැබීම නිර්දේශ කෙරේ. තවත් සමහරු එහි දත්බෙහෙත් පුරවති. නමුත් අපේ මාමාගේ බිරිඳගේ පාර්ශවයේ අය කරන්නේ ඇදුම් දෙන දත් කෝම්බ ඇතුලට දැල්වූ ගිනිකූරක් ඇතුල් කිරීමයි. මෙයින් ක්ෂණික සහනය ලැබෙන බව කියතත් එය මෙතෙක් මා විසින් අත්හදා බලා නැත. ඒ වෙනුවට කුරුඳු තෙල් හෝ සිද්ධාලේප ආලේප කිරීම නම් බොහෝ දෙනෙක් කරති.
මෙලෙසම සමහර සුළභ ලෙඩ වලට බෙහෙත් කඩෙන් මිලදී ගැනීමට හැකියාව තිබුණි. උණ, හෙම්බිරිස්සා කොයිකටත් පැන්ඩෝල්ය. නැත්තං පස්පංගුවය. කැක්කුං සියල්ලට ඩිස්ප්‍රීන්ය. බඩේ අමාරුවලට කිරිමරාජ ගුලි හෝ අසමෝදගම්ය. නමුත් පොඩි අයගේ බඩේ අමාරුවට මොරිසන්ස් ග්‍රයිප් මිශ්‍රය. මොරවක මෙඩිටෝ කියා සැරැති බීම ජාතියක්ද තිබුණු නමුත් එය බෙහෙතක්ද කියා මතක නැත.
කලින් කලට අපේ තාත්තා නම් දශමුලාරිෂ්ඨය නම් බීමක් ගෙනැවිත් කෑමට පෙර එයින් වීදුරු කාලක් පමණ ගිල දමයි. තැලුං, ඇඹරුං, කෙටුං, උලුක්කු සියල්ලට 'කැක්කුං ඔක්කොම නස්නාලේපේ' හෙවත් 'සිත්තං දක්වන සිද්ධාලේපේ' ය. කැස්සට නිවාරන් 90 ය. ඒවා නිකං ජොලියටත් බොන්නට පුළුවන. තුවාලවලට පුළුං කෑල්ලක් සමග එන දෑකැත්ත ලකුණ දරණ 'නාහල්ලේ තෛලය'ය. මෙතැන සඳහන් කළේ කලක් තිස්සේ පාවිච්චි වන හොර බෙහෙතක් යැයි කිව නොහැකි වර්ගයේ ඒවාය. නමුත් කලින් කලට මතුවී පසුව හොයාගන්නටවත් නැතිවන බෙහෙත් ගුලි, තෙල්, ආලේප, පෙති ආදිය නැතුවා නොවේ. කලක් 'සීතාරාම ගුලිය' නම් බඩේ කැක්කුං ගුලි විශේෂයක් අපේ පුංචම්මාගේ කඩේ තිබුණු නමුත් එයින් එකක්වත් විකුණුනේ නැත.

![]() |
කිසිදා නොවෙනස්ව පවතින ක්‍රීම්රාජ පැකැට්ටුව |

මෙයිට අමතරව පොල දවසට විටින් විට කඩාපාත්වන තෙල් බෙහෙත් වෙලෙන්දන් නොයෙක් බෙහෙත් වර්ග, තෙල් වර්ග විකුණූහ. මහා බලැති, මහා අනුහස් ඇති ලෙස සඳහන් එම තෛල රාජයන් කුඩා කුප්පිවල දමා කිරල ඇබ ගසා තිබෙන අතර බෙහෙත් ගුලි සහ කල්ක රාජයන් කඩදාසි පැකැට්වල දමා අලවා ඇත. තමුන් වෙලෙන්දෙකු නොව වෙද මහත්මයෙකු බවත්, සමාජ සේවයක් ලෙස සලකා බෙහෙත් වර්ග ගම් නියම්ගම් වල බෙදාහරින බවත්, තමුන් ගෙනා මේ වටිනා බෙහෙත නැවතත් කල්ප කාලාන්තරයකට ඇහැටවත් දකින්නට නොලැබෙන බවත් "වාසනාවන්තයන් බොහොම ටික දෙනෙකුට" පමණක් ලබාදීමට එයින් ස්වල්පයක් පමණක් තමුන් ළඟ ඇති බවත් පවසා තව කයිවාරුවකුත් ගැසීමෙන් සෙනග රැස් කර ගැනීමට මේ වෙලඳුන් සමත්ය. මේ දිව්‍ය අවුසදයෙන් එකක් හෝ සිය නිවසටත් ගෙනයමියි සිතාගෙන පොරකන සෙනග අතර තෛල රාජයන් සහ කල්ක රාජයන් සැනෙකින් අලෙවි කර දමන වෙලෙන්දා සැනෙකින් අතුරුදහන් වෙයි. රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ඒවා ගෙදර ගෙන එන අය ලෙඩක් දුකකදී ඒවා පාවිච්චි කිරීමෙන් එහි ඇති අමුතු බලයක් නැති බව වටහා ගනී. සමහරු ඒවා බොහොම උජාරුවෙන් අනුන්ට දී සිය නමද සවුත්තු කර ගනී. අන්තිමට බෙහෙත විකුණූ වෙදාද සොයාගත නොහැකි නිසා
"අනේ මක් වෙනවෑ. රුපියල් විස්සනෙ."
කියා හිත හදාගනී.
තවත් ක්‍රමයක් බස්වලට නගිනා පොත් වෙළඳුන් ළඟ ඇත. පොත් තුනම රුපියල් පනහට දෙන මොවුන් ළඟ එක එක ලෙඩට අත් බෙහෙත් වර්ග දැක්වෙන පිටු විස්සේ තිහේ පොත් පිංචවල් ඇත. කැඩුම් බිඳුං, වසංගත, සර්ප දෂ්ඨ, සුවකිරීමට කල්ගතවන ලෙඩ ආදිය උලුප්පා දක්වා ඇති එවැනි එකිනෙකට වෙනස් පොත් පහක් හයක් හොයාගත්විට ඕනෑම දරුණු ලෙඩකට වුව බෙහෙත් කිරීමට පුළුවන. අනුන්ට ලෙඩක් දුකක් වූ විට සිය නිවසේ ඇති එවැනි අක් බෙහෙත් පොතක එම ලෙඩේට පිළියම සඳහන් පිටුව පෙරලාගෙන වෙදකම් කරන්නට යන වෙදහාමිනේලාද අපේ ගමේ විරල නැත. නමුත් ඔවුන් එම පොත්වල සඳහන් අත් බෙහෙත් තමුන්ට හෝ පවුලේ අයට සිදුකරගන්නේ නැත.
//
ReplyDeleteදත් කැක්කුමට අරක්කු තැබීම නිර්දේශ කෙරේ. තවත් සමහරු එහි දත්බෙහෙත් පුරවති. නමුත් අපේ මාමාගේ බිරිඳගේ පාර්ශවයේ අය කරන්නේ ඇදුම් දෙන දත් කෝම්බ ඇතුලට දැල්වූ ගිනිකූරක් ඇතුල් කිරීමයි. මෙයින් ක්ෂණික සහනය ලැබෙන බව කියතත් එය මෙතෙක් මා විසින් අත්හදා බලා නැත. ඒ වෙනුවට කුරුඳු තෙල් හෝ සිද්ධාලේප ආලේප කිරීම නම් බොහෝ දෙනෙක් කරති. //
කෙලියා නේද අපේ බඩටත්!
දත් ගලෝන හැටි කියන්න බැරිවුනානෙ. හිටින්ට ඒකත් හොයල ලියන්නං.
Deleteවල්ලා පොතු දත් ලඟ තිබ්බොත් දත් ගැලවෙනවා කියලා අහලා නැද්ද?
Deleteදැන්නං වල්ලා ෙකාලයක් හරි දැක්ෙකාත් අහල පහලත් හාරනවෙන.
Deleteසර්වවිසාදියත් ගෙදර තියෙන්නම ඕන එකක්. සිද්ධාර්තේ, වැල්මී පැණිය. මී පැණි, සුදු ළුණූ, අසමෝදගම්, රත් හඳුන්, වෙනිවැල්ගැට කොච්චර නම් බෙහෙත් ජාතිද අප්පා.. බෙහෙත් බොන එක මට නම් පාන් කනවා වගේ. මම බය උනේ ඉන්ජැස්සොන් ගහන එකටයි. බරවා චැක් කොරන්න ඇවිල්ලා ඇඟිල්ලට කෙලලා අරින එකාටයි..
ReplyDeleteමලා මාතලන් ගුරුතුමත් මගේ වර්ගෙමයි.
Deleteමාතේ, මාත් ඔය හිල්කරන වැඩවලට මනාප නෑ. දැං බදුල්ලේ ලේ බැංකුවේ එවුං කීයටවත් මගෙං ලේ ගන්නෙ නෑ. මං ලේ දුන්නු ගමං කලන්තෙ හැදෙන නිසා.
Deleteඇන්ටිපා බීලා නැතිද? ඒවා නම් රහයි, රස ඉතා වැඩි නිසා එපා වෙනවා!
ReplyDeleteඑව්වා බිව්වං සදාකාලික මාඤ්ඤමික ගතියක් එනවලු නේද?
Deleteමට නම් මහා අප්පිරිය බෙහෙතක් තමයි ඔය ඇන්ටිපා බෝතලේ.
Deleteදත් කෝම්බෙකට ඔබන්න එවන්නද මෝටාර් බෝම්බෙක චාජර් එකේ තියන වෙඩිබෙහෙත් ටිකක්? ටක්කෙටම වැඩේ හරියනවා. අපේ සමහර එවුන් මත්වෙන්න ඒ චාජර් වල වෙඩිබෙහෙත් කනවා. මට අහුවෙලා හම ගහලා තියනවා.
ReplyDeleteපොඩිකාලේ බිම පෙරළිලා ඔව්වා කරන්න බැරිවුණා. අපේ තාත්තා එක සැරයක් හ්ම් කිව්වම අපිට චූ යනවා. ඉතිං නිකම්ම බෙහෙත් ටික පෙවෙනවා.
මදැයි යුද්දෙ කොලා. අපේ අයියලා වෙඩිබෙහෙත් කාලා ආවුද ටික විනාස කරන්න කලිං යුද්දෙ අහවර වුන එක ලොකු දෙයක්. නැත්තං උණ වෙඩිල්ලෙ දාලා කෙහෙල්මුව තමා අරින්න වෙන්නෙ මෝටාර් වෙනුවට.
Deleteමාත් ඉස්සර නං අපේ තාත්තට පුරාම බයයි. අහුවෙච්චි එකෙං දමල ගහන හිංදා. හැබැයි විචාරක මාමගේ තාත්තලට වගේ ගෞරවනීය බයක් නෙමෙයි ඒක. පරාණ බයක්.
Iread this.
ReplyDeleteකියෙව්වයි?
Delete"..ඒ හැම "හක්"සහ "පොහ්" එකකින්ම විදුරුවේ ඇති ද්‍රාවණ ප්‍රමාණය ඉහල යන බවද කිව යුතුමය."
ReplyDelete:-)
ද්‍රාවණය තනුක වෙනවා. පරිමාව වැඩි වෙනවා.
Deleteහැම පොහ් එකෙකින්ම කෙල සාන්ද්‍රනය වැඩිවෙනව...
Deleteඅපොයි අම්මේ. උඹ විදපු වදයක්. අපේ තාත්ත ඒ දවස් වල කතා කියනවා. ජේම්ස් බොන්ඩ් ගේ ඒවා ජේම්ස් බණ්ඩා කියල. කටහ්ව අහන්න ඕනේ නිශ අකොච්චර තිත්ත වුනත් බෙහෙත් ටික බොනවා.
ReplyDeleteජේමිස් බණ්ඩා චරිතය හිටියේ ඒ කාලෙ ඩීමන් ආනන්ද ලියපු පොත්වල නේද?
Deleteමොරවක මෙඩිටෝ හොඳ සැර බෙහෙතක්. දැන් නම් හොයගන්න නෑ.
ReplyDeleteඉස්සර ඒවත් පැන්ටා, කොකකෝලා වගේම බීම ජාතියක්.
Deleteමොරවක මෙඩිටෝ මම කැමතිම බීමක්. ඕක අපේ ගෙවල් පැත්තේ මොරවක වෙද මහත්තයගේ නිශ්පාදනයක්. හිටියේ කොට්ටාවේ. එලිෆන්ට් හවුස් පේයාව බීම බෝතලේට වඩා සැරයි. රෑට අරක්කු බීලා උදේට කූල් මෙඩිටො එකක් ගැහුවාම කිසි වදයක් නැහැ. අපේ ගෙවල් ගාව මුදලාලි මටම මොරවක මෙඩිටෝ බෝතලයක් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මම විතරයිලු මෙඩිටෝ කූල් කරලා බොන්නේ.
Deleteමගේ වයිෆ්ගෙ මල්ලිගෙ චූටිදුවට මම මෙඩිටෝ බොන්න පුරුදු කරලා හරි ජංජාලයක් වුනා නවත්තගන්න බැරිව. කඩේකට ගියොත් කූල් මෙඩිටෝ ඉල්ලලා බෙරිහන් දෙනවා. වෙන රටකට ගිය නිසා ඒක අමතක වෙලා ගියාලු.
සුරංග මම මෙඩිටෝ ගැන කමෙන්ට් එකක් දැම්මා. මොකද වුනේ කියලා බලපං බන්.
Deleteවැටුනද ෙකාෙහද/
Deleteමොරවක මෙඩිටෝ ෆැක්ටරිය තිබ්බෙ අපේ පුංචම්මලෑ ගෙවල් කිට්ටුවය... හැබැයි කවදාවත් ඒවා පාවිච්චි කළේ නම් නැත...
Deleteඉහළ සුරංග කියල තියෙන ගොඩක් වෙදකං ගොඩ වෙදකං නෙවෙයි, සිංහල වෙදකං. ඔව්ව එන්නෙ පරම්පරාවෙං. මතක තියාගන්නෙ ගොඩක්ම, ප්‍රෙහෙලිකා කවි වලිං.
ReplyDeleteඒ සිංහල වෙදකමට මේ ගොඩවෙදකං අදාල නෑ නේද? සිංහල වෙදමහත්තයෙක් තමා මගේ ඇදීම සනීප කෙරුවෙත්.
Deleteඅපේ තාත්තගෙ බාප්පෙක් උන්න ඇල්බොට් ආත කියල, - අර කෑලි පහේ ටෝච් එකක් තිබුනෙ - , එයාගෙ හාමිනේ ඉස්සර, බල්ලො කාපුවට දෙහි මතුරනව.
ReplyDeleteදවසක් හාමිනේට අසනීප වෙලා, බල්ලෙක් කාපු මාමෙකුට ඇල්බොට් ආත බොරුවට පුටු පුටු ගාල මතුරල දුන්න දෙහිගෙඩ්ඩක්, ඒකටත් සනීප උනානෙ...
මතුරණ වැඩේ හරිම සරලයි. කාටවත් තේරුං ගන්න බැරිවෙන්න මොනවහරි කියවන්නයි තියෙන්නෙ.
Deleteඑක්ටැම්ගේ ෆිල්ම් එකේ වතුර අබේවික්‍රමගෙ දත් කැක්කුමකට විමල් වීරවංශ දානව බැටරි ඇසිඩ් ටිකක්...
ReplyDeleteවිමල් වීරවංශ කිව්වේ මව්බිමේ මන්නයද?
Deleteඑයා දාන්නෙ ලෙමන් පෆ් එකක්.
Deleteපිච්චුනහම අපේ තාත්තගෙ ප්‍රථමාධාරය, ලුනුවතුර ගාන එක. පස්සෙ කුකුල් තෙල් ගානව පිහාට්ටෙං. පිහාට්ටෙං ගාන්නෙ පිච්චුන තුවාලෙ හරි සිව්මැලි හිංද මයෙ හිතේ...
ReplyDeleteලුණුවතුර, තුවාල වලටත් කියාපු බෙහෙත. ඕක ධර්මාශෝක රජ්ජුරුවන්නෙ කාලෙ බෙහෙතක් නේද?
Deleteදවසක් ඇක්සිඩන්ට් එකක් හැප්පිල, එකෙක්ගෙ ලේ නවත්තන්ඩම බෑ. එතෙන්ට ආව ප්‍රථමාධාර මාමෙක් කිව්වලු,
ReplyDelete"ගොඩක් ලේ ගලනව නේද? ඉක්මනට අරක්කු වීදුරුවක් ගේන්ඩ" කියල.
වටේ උන්න කීපදෙනෙක් දුවල ගිහිං ගෙනාවලු අරක්කු වීදුරුවක්. ඒක දුන්න විතරයි,අර ප්‍රථමාධාර මාම, ඒක ගසල ඇරියලු, කටස් ගාල. ඒ කල්ල කියනවලු,
"ආ... දැං හරි. මට ලේ දකින්ඩ බෑ. කලන්තෙට එනව..."
ඌ උඹ වගේ එකෙක් වෙන්ටැ...
Deleteඩ්‍රැකී උඹෙ බ්ලොග් එකට යන්න බෑනෙ බං.. හතර අතේ කරකවනව ගියාම
Deleteනෙද්දකිංග්. ඒ ගෝතය අනිවාර්යෙං ඩ්‍රැකිය වෙන්න ඇති.
Deleteඉතිං ඊටපස්සෙ උඹට හම්බවෙච්ච සම්බුව ගැනත් කියහංකො.
ඩිල්ෂාන්, ඩ්‍රැකිය னයා ට ගහල පොල්ල වරද්දගෙන ඉන්නෙ. හැක්..
Deleteමං නං දැං ඔය බ්ලොග් එකට යන්නෙම නෑ. ඒකට යනවනං බ්ලොග් එක එහෙ මෙහෙ නොයන්න කූඤ්ඤ හතරක් ගහල ඉන්න ඕනි.
Deleteඔක්කොම පැණි ජාති තිත්ත නෑනේ.. මම නම් අර පිරිටන් පැණි බොන්න හෙන ආසයි.. නාහල්ලේ තෙල් නම් තුවාල වලට දන්න කාලේ ඉඳන්ම පාවිච්චි කරනවා. අපි ඉස්සර සෙල්ලම් කරද්දී වැටිල තුවාල උනාම ගොඩ වෙදකම විදියට පාවිච්චි කරන්නේ පොඩි සිංඥෝ මරන් කියල කොල ජාතියක්.. කොල ටිකක් කටින් හපලා තුවාලේ උඩින් තියනවා. මම හිතන්නේ සුරංග කියන ලෝක පාලු කියන්නේ ඒ ගස් වලට වෙන්න ඇති. නිදිකුම්භ හරි වෙන මොනවා හරි කටු ඇනුනම කදුරු කීරි දාන වැඩෙත් කරනවා. කටුව උඩට ඇදිල එනවා කදුරු කීරි වලට..
ReplyDeleteසීනි සහ පොල් බැඳීමෙනුත් කටු ඇදෙනව නේද? ඔය කියන කොල ජාතියත් අපේ ලෝකපාලු කොළම තමා තුංහුලැස් කොලයක්. වැලක හැදෙන්නෙ.
Deleteඒ කාලෙ කඩවල් වල තිබුණ, දත් කර්ක්කුමට දාන ඔලිම්පික් කියල වීදුරු ටියුබ් එකක්. ඒකෙ තිබුනෙ පැගිරි තෙල්...
ReplyDeleteසිරිපාදෙ යනකොට කරේ දාන කුප්පි මාලවලත් තියෙන්නෙ කුරුඳු ඔයිල්
Deleteදත් කැක්කුමට ඩිස්ප්‍රීන් පෙත්තක් කඩල ඒක හරි, සිද්ධාලේප නැත්තං කුරුඳූ තෙල් පුලුං කෑල්ලක ගාල හරි දත් කෝම්බෙ අස්සෙ ගහල සෙම අරින එක තමයි කරන්නෙ.
ReplyDeleteඩිස්පිරින් පෙති කොකාකෝලා වලට දමා බීමෙන්ද විපුල ඵල ලැබේ.
Deleteඔය හැම බෙහෙත් පැණියක්ම තිත්ත වෙන්නෙ කොහොමද බොල. පොඩි එකෙක් මොන ලෙඩේ හදාගෙන ගියත් හැම වෙදෙක්ම අනිවාරයෙන් දෙන පැරසිටමෝල්, පිරිටන් පැනි දෙකම පැනි රහයිනෙ.
ReplyDeleteඒකටත් එක්ක අැමොක්සිසිලින් කරල්. තිත්තට වැඩිය එපා වෙන්නෙ ඒකෙ තියෙන ගඳ.
අර කැස්සට බොන පැනියත් ඒ රහමද?
Deleteඔය ක්‍රිමිරාජ පැකට් එකේ මූනත්තහඩුව වෙනස් උනේ නැති උනාට ඉස්සෙල්ල ආව කඩදාසි පැකට් එක වෙනුවට දැං එන්නෙ ඇලුමිනියං පැකට් එකක්. ඒ වගේම තමයි ජීවක ගුලිය. ඒකත් ඉස්සර ආපු ඝනකාභ හැඩැති පෙට්ටිය වෙනුවට අැලුමිනියං පැකට් එකක තමයි එන්නෙ.
ReplyDeleteඒ වුනාට ඉස්සර කඩදාසි පැකැට්ටෙකේ හිටපු බූතය වගේ මනුස්සය වෙනුවට දැං ඉන්න මනුස්සය ටිකක් අඳුරගන්න පුළුවං නේද?
Deleteදැන් ප්‍රින්ටිං කොච්චර දියුණු උනත් ක්‍රිමිරාජ කාරයොයි, පැරකුම්බ කාරයොයි ඉස්සෙල්ල බ්ලොක් එක හදල ලෙටර් ප්‍රෙස් කරපු ඉමේජ් එකම ස්කෑන් කරල තමයි ඕෆ්සෙට් කරන්නෙ.
Deleteඉස්සර ඕකෙ හිටපු ලිවේරිස් අමරතුංග අඳුරගන්නත් බෑ. දැන්නං මනුස්සයෙක් වශයෙන් පේනව.
Deleteපොඩි කාලේ බෙහෙත් බොන්න ඔය දුකම තමයි වින්දෙ... බෙහෙත් බොනවා කියන්නේ අහල ගං හතක් දන්නවා... බෙහෙත් නම් තාම අරහන්... විශේෂයෙන් ඉන්ජක්ෂන්....
ReplyDeleteඅපූරු පෝස්ටුව...
කවුරුව් නෑනෙ පොඩි අයට උගුරෙ නොගෑවී බෙහෙත් ගිලින්න ගුජට් එකක් හදන්න
Deleteඑකෝඩිං ටු යුවර් ෆාදර් කසිප්පු ඉස්ස බෙස්ට් මෙඩිසිං.
ReplyDeleteදේශීය ඖෂධ වලට තැන ලබාදෙනු. කසිප්පු නීතිගත කරනු. පෙරන්නන්ට සහන ලබාදෙනු.
අපි නං මේ ගමන අවුරුද්දට ඔය කරුමාන්තෙ කරන්න ඉන්නෙ.
Deleteඋන්දෑ හැන්දේ අග කොටස මගේ දත් කුට්ටම වෙන්වන සිහින් සරල රේඛාවට තබා හැන්ද ලීවරයක් ලෙස භාවිතා කරමින් අලවංගුවකින් කිරි අල පඳුරක අල උලුප්පන්නාක් මෙන් මගේ දත් කුට්ටම වෙන් කරන්නට උත්සාහ දරන්නීය// :-)
ReplyDeleteමානව සංහතියම සැලකුවොත් බෙහෙත් පොවන්න අමාරුම එකා මගේ කොල්ල. ඌටත් ඔය විදියටම බෙහෙත් පොවන්න පුළුවන්. හැබැයි කොච්චර පෙව්වත් පොවල අත ගනිද්දි ඕක් ගාල වමනෙ දානව. ඉතිං අකමැත්තෙන් කොච්චර පෙව්වත් වැඩක් නෑ. පහුගිය දවස්වල සැරට අසනීප වුනා. දාස් ගනං වියදං කරල ගේන බේත් ඒකා බොන්නෙ නෑ. කාට කියන්නද? සමහර වෙලාවට ඉන්ජෙක්ෂන් එකක් අතට අරගෙන 'එහෙනං බේත් විදිමු නේ' කිව්වම ටිකක් විතර මෙල්ල වෙනව.
මං හිතන්නෙ තාත්තත් ඔය විදිහටම බෙහෙත් වර්ජනය කරල ඇති. ඒ ජාන දේහවලින් බාගයක් පුතාගෙ ඇඟෙත් තියෙනවනෙ. ඕකට ප්‍රතිකාරය දන්නෙ දරුවගේ ආච්චම්මයි සීයයි තමයි.
Deleteඅපේ තාත්තත් හොඳ බෙබා. කසියා ගහන්නේ ෆැන්ටා බොනවා වගේ. හැබැයි ඉහෙන් බහින ලෙඩක් නෑ. දැන් අවුරුදු 65 ක් විතර. තවම කොල්ලා වගේ.
ReplyDeleteහොඳට පිරිසිදුවට පෙරාගත්තනං කසියත් විස්කි තමයි.
Deleteඅපොයි අර පීටර් ආතා " හක්" සහ "පොහ්" කියලා මතුරද්දි වීදුරුවේ ද්‍රාවණය වැඩිවෙන්නේ කෙල වැටෙන නිසා වෙන්නැති. මටත් පොඩි කාලෙ පණු බේත් පොවාගන්න අම්මලට මාර යුද්ධයක් කරන්න වුණා. අම්මා උක් පැණිවල දියකරලා ජාපාල ගඳ පණු බෙහෙත් ගේනවා. තාත්තා වේවැලකුත් තියාන බලා ඉන්නවා. අම්මා හැන්ද උගුරට දැම්මම තාත්තා නහය මිරිකනවා. ආයෙ සුවර් වමනෙ දානවමයි. ඔය ආභාෂය ලබලා මං දැන් ගෙදර ඉන්න බල්ලට යස අගේට පණු බෙහෙත්, උඳුපියළිය ඉස්ම පොවනවා. බල්ලාගෙ හොම්බ මිරිකුවම සක්සස්. ආන්න එහෙමයි අතීතයේ අත්දැකීම් අනාගතයට පාඩමක් වෙන්නේ.
ReplyDeleteබලු හොම්බ අරින්න බැරිවෙන්න හිරකරලා අල්ල ගත්තම හරි. බලල්ලුන්ට නං බෙල්ල අල්ලගෙන නැට්ට පාගපු ගමං හරි. පලවෙනි ඥායන්න කියනකොටම හැන්ද දාන්න ගිරියටම. ෂුවර් ගොඩ.
Deleteව්යාඝ්‍රා වගේ දේවලුත් land healthcare වල තියෙනවා නේද?
ReplyDeleteපුරාණ පුස්කාච්චි පුස්කොල පොතක මෙහෙම තියෙනව.
Deleteවැල් පෙනෙල ශාඛා..
ගිතෙලින් මලවලා කා...
අඹුන් නොතකන එකා...
අඹුන් සියයක් වුවද සලකා..
හුකා......
Deleteකෝ යකෝ මගේ ඉතුරු කොමෙන්ට් ටික.
ReplyDeleteඉහත කොමෙන්ටුව ඉල්ලා අස්කරගත් බව දන්වමි.
Deleteඑහෙනං සභාගත කරන්න එපාද?
Deleteබෙහෙත් වලින් එපාම වෙලා තියෙන්නෙ කුඩු මුල්.පස්සෙ බැලින්නං කැප්සියුල් කඩල ඔතල දෙන්නෙ.පොඩි ගස්ලබ්බ ඉල්ලීමක් කොරලම කැප්සියුල් ඉල්ලගත්තා කුඩුමුල් වෙනුවට.
ReplyDeleteඅදටත් කුඩු,චූර්ණ වර්ග බොන්න කැමැත්තක් නෑ වැඩිය.
හැබැයි දැං ඉන්න පොඩි එවුන් නං කොරෙක්ස් පැණිය එහෙම හොය හොය බොන්නෙ. ඩයිසිපෑම්,සූඩෝල්,ට්‍රැමඩෝල් තියා ආටේන් පවා හොය හොය බොන්නෙ.
නැතිම උනොත් කොක්සිධා,ජෙල් පැකට් උනත් ඉස්සර නම් බිව්ව.
අන්න ඒකයි දැං පොඩි එවුන් දියුණුයි කියන්නෙ..
ජයවේවා..!!
මෙන්න මෙයා ළමයි නරක් කරනෝ....
Deleteමූ පාමසියක් කරනවද දන්නෑ.
Deleteනියමයි. පරම්පරාවෙන් උරුම වෙච්ච ඇදුමට බෙහෙත් කලේ හිරේවත්තෙ සවුමදාස වෙඳ මහත්තයා. උනට බුජවන්ශ ඩොක්ටර්. ඒ කාලෙ සෞඛ්‍යය හරිම සිම්පල් ප්ලෑන් එකක්.
ReplyDeleteසමහර අයට පත්තියං වෙන්නෙ අදාල දොස්තර මහත්තයගෙ බෙහෙත් තමයි නේද?
Deleteමචෝ ශ්‍රංග. උබේ අතීතෙට විතරක් යන මේ ටයිම් මැෂින් එකෙන් දෙන ආතල් එක පට්ට හොඳේ.
ReplyDeleteබෙහෙත් නං බොන ගිලින ඕන මගුලක් මට ප්‍රීති වෙසක්. ඒත් පුදුම කරුමයක් කියන්නෙ කොච්චර පච්ච ගහනකනුත් ඉවසං හිටියහැකි. ඒත් ඉන්ජෙක්ෂන් ඒක දැක්කහම මරන්න දක්කන හරක වගේ. ඔලුව වටේ කුරුල්ලො තරු කරකැවෙනවා අහස්කුරු කන්දෙක දෙපැත්තේ පත්තු වෙනව හෙන නන්දන වින්දන.
එක සැරයක් හොස්පිට්ල් ගිහිං ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට සුද්දියෝ දෙන්නෙක් දෙපැත්තෙන් මගෙ අතපය අල්ලං අනික ඉලක්කෙට වේඩි තියන්න වගේ ඉන්ජෙක්ෂන් එක උළුක් කොරන්. කරුමෙට හරි එදා මොකෙක්හරි එකෙක් වෝර්ඩ් එකට ආවනම් හිතන්නෙ මම ෆෝ සම් එකකට නර්ස් නෝනලා තුන්දෙනෙක් වෝර්ඩ් එකට අරං ඇවිත් කියල. 😂😂😂
ෆෝ සම් කියන්නෙ හතරක් එක්කහු කිරීමද නැත්තං හතරවරක් චක්කරේද? ඉන්ජෙක්ෂන් ගහන වෙලාවට ඒක දිහා බලන්න එපා. නර්ස්ල දිහා විතරක් බලන්න.
Deleteමට ලාවට වගේ මතකයි ඉස්සර අපේ පංසලේ රෑ 9න් පස්සෙද කොහෙද කට්ටිය ඇවිල්ල ලේ ගන්නවා බරවා හරි මැලේරියා හරි ටෙස්ට් කරන්න.දෙතුන් පාරක්ම ඔය වැඩේට ගියා වගේ මතකයි.
ReplyDeleteවෙලාවට අපි එයිට පස්සෙ කාලෙක උපන්නෙ.
Deleteසුරංග මල්ලි
ReplyDeleteඅපි පොඩි එවුන් කාලේ අපේ ලොකු අක්කට දෙයියන්ගේ ලෙඩ හැදුනා .
මයේ අම්මා කිව්වා , අනිත් එවුන්ට බෝ නොවෙන්න හෙට උදේ මම උබලට
නැගිට්ට ගමන් බොන්න දෙයක් දෙනවා , කතා නොකර බීපිය කියල .
යකෝ එහෙම ගද බීමක් , උදේ පාන්දර කුණු කෙල පිටින් නිදි ඇදෙන් නැගිට්ට ගමන් බීවේ .
අදටත් මතක් වෙන කොට වමනේ යන්න එනවා
දන්නවද මොනවාද කියල , බල කරෝල හෝදපු වතුර
හැබැයි එකෙකුටවත් බෝ වුනේ නැහැ .
හෙන ගහපිය. ඒක දැක්කං ලෙඩේට හිතෙන්න ඇති මොන ලබ්බකටද මුන්ට ආයි මං හැදෙන්නෙ. මේ විඳවිල්ල හොඳටම ඇතිනෙ කියල.
Deleteනාහල්ලේ තෙල් තමයි අපි තුවාල උනාම ආච්චි ගෑවෙ..
ReplyDeleteඔය තිත්ත බේත් වලට පස්සේ මට ෆැන්ටා බොන්න ඕන...ඉතින් කොයි වෙලෙත් අපේ ගෙදර ෆැන්ටා බෝතල් කීපයක් හංගලා තියෙනවා...එක පෙත්තක් තිබ්බා..මම ඕකට කිව්වෙ ෆැන්ටා පෙත්ත කියලා
දැං බෙහෙත් බිව්වම බොන්න බීම ජාති වෙනම ගෙදර ගෙනැත් තියාගෙනද ඉන්නෙ? දැංනං පැන්ටා හරියන්නෙ නැතුව ඇති නේද?
Deleteදැං බොන්නෙ වෙල් ෆැන්ට තමයි. ඒකත් දෝහා වල පෙරන එක.
Deleteමේ ලඟදි දවසක අපේ ඔෆිස් එකේ තිබුණා සමහන් ප්‍රමෝෂන් එකක්. එයාලා අපිට කිරිත් එක්ක සමහන් දුන්නා. ඒක බිව්ව ඔක්කෝටම සෙම ඇවිස්සිලා කැස්ස හෙම්බිරිස්සාව අලුතෙන් හැදුනා. සමහන් හදන්නෙ මොනවයින්ද අලේ.
ReplyDeleteසුරංගගේ පෝස්ට්ස් කියවන්න මම හරිම කැමතියි. ඒ හදවතින්ම ලියන නිසා වෙන්නැති. අපේ තාත්තාගේ සියළු ලෙඩ දුක් නිවාරනය කරගත්තේ ඔය විදිහේ වැඩවලින් තමා ඒ කාලේ. දැන් නම් ඒ චන්ඩිකම් බැහැ. තුවාලයක් වුනොත් ලුනුමිරිස් තලියක් අඹරවගෙන ඒක තුවාලෙන් තියාගන්නවා. බඩේ අමාරුවට, දතේ අමාරුවට, හිතේ අමාරුවට ...ඔය ඔක්කොටම අරක්කු හෝ කසිප්පු.
ReplyDeleteඔය ක්‍රීමිරාජ ගුලියත් අපේ පැත්තෙ. කිරිවත්තුඩුවේ ලිවේරිස් වෙද මහත්තයගේ. තව එකක් තිබුනා රත කල්කේ කියලා. ඒකේ ගුලියකුත් තිබුනා. බුලත් කොලේක ඔතලා දෙන්නේ. මීපැනියි, දෙහි ඇඹුලුයි එක්ක පොවන්නේ.
මේ රටවල් වලත් ඔය ගොඩ වෙදකං තියෙනවා. grandma's remedies කියන්නේ ඒවා තමයි. උන, හෙම්බිස්සාවට නම් විස්කි ටිකකට, දෙහි සහ මීපැනි දාලා දෙනවා. ඒ එකක්. ඔය වගේ නොයෙකුත් දේවල් තියෙනවා. යාං හෑල්ලට දාපු කමෙන්ට් එකත් ඒ වගේ යාං හෑල්ලක් වුනා. ගනන් ගන්න එපා.
ජපානෙත් ඔය විදිහෙ බඩ සුද්ද වෙන්න බෙහෙත් දෙන දේශීය වෛද්‍ය කෙනෙක් ගෙදෙට්ටම එනවලු නේද? රත කල්කෙ දෙන්නෙ පොඩි අයට නේද?
Deleteරත කල්කේ පොඩි අයට තමයි.
Deleteඅද පෝස්ට් එක 'දොස්තරලාගේ අත්පොතක්' වගේ. දැන් කාලේ නම් බෙහෙත් බොන්න ලේසියි. ඔක්කොම තියෙන්නේ රහ රහ ඒවා.
ReplyDeleteපියදාස ආතා නැන්දාව පිහාට්ටෙන් බෙහෙත් ගාලා සනීප කරපු හැටි මේ දැනුත් මවා ගන්න ගමන්.
ඒක මවාගෙන? චිකේයි. අර මනුස්සයා පස්ස උඩට තියං ඉන්නකොට තව කෙනෙක් පිහාට්ටෙං තෙල් ගානව මැවෙනව කියන්නෙ?
Delete\\අපේ තාත්තාද දොස්තර බෙහෙත් වර්ජනය කරන්නෙකි. දිනපතා කසිප්පු පානය කිරීමෙන් ඇඟේ පවතින ලෙඩ රෝග පුච්චා අරින බව ඔහුගේ මතයයි\\
ReplyDeleteසිරා කතාව ඔයි.
සමහර විට ඇත්තත් වෙන්න ඇති.
Deleteක්‍රිමිරාජනම් ඇත්තෙන්ම හුඟක් effective.
ReplyDeleteඉස්සර දෙහි, කෝපි, ඉඟුරුවලට අමතරව අරක්කුත් සමග ගන්න කියලා කොලේ තිබුනා. දැන් අරක්කු ඒකෙන් හලලා. ඒත් මං තාම ක්‍රිමිරාජ හා දෙහියුස කෝප්පෙට අරක්කු හලනවා.
surangamlr ආටිගල ගුලි දන්නවද?
කම්බි කටු ඇනුනාම පහන් තිරයක් ලුනු ඇටයක් සහා මිරිස් කරලක් අරන් අර තිරයෙන් එන රත්වුනු තෙල් ලුනු ඇටය සහා මිරිස් කරල හරහා අරන් ඇනුන තැනට දාන බෙහෙතක් තිබුනා නේද?
ReplyDeleteකෝ අසමෝදගම්?
ReplyDelete