Sunday, November 27, 2016

ජනසන්නිවේදනය නොහොත් කෑගැසීම





ජන සංනිවේදනය කියලා අමුතුම විෂයක් ඉස්කෝලවල උගන්වන බව මාත් දැක්කේ බුකියෙන්ය. දැං පත්තර නොබලන නිසා කවුරුත් විස්තර දැනගන්නේ බුකියෙන් සහ ගොසිප් වලිනි. සන්නිවේදනය ගැන උගන්වන විට කියාදෙන්නේ මිනිසා මුලින්ම සන්නිවේදනය කලේ දුම් ගැසීම, අඬබෙර ගැසීම ආදී ප්‍රාථමික ක්‍රම වලින් බවයි. අපි පාසල් යන කාලේ වනවිට රචනාවලට ලියුවේ ‘දැනට පවතින සන්නිවේදන ක්‍රම වන්නේ දුරකථනය, රූපවාහිනිය, ගුවන්විදුලි යන්ත්‍රය’ යනාදිය බවයි. නමුත් එවකට ඒවා පට්ට පල් බොරුය. නමුත් ඇත්ත ලියුවොත් රචනාවට ලකුණු අඩු නිසා ලකුණු ලැබෙන බොරුම ලිව්වෙමු. ඒ බොරුවලට හිලව් වන්නට මෙතැන ඇත්තම ලියමි.


දුරකථනයෙන් සන්නිවේදනයක් හෙවත් පණිවිඩයක් අපේ ගමට ලැබෙන්න බොහෝ කලක් ගතවේ.  අපේ ගමේ ටෙලිපෝන් තිබුණේ දෙකකි. එකක් තිබුණේ ‘රඹුටන් ආතා’ ගේ ගෙදර තිබූ තැපැල් කන්තෝරුවේය. අපේ ගමේ වෙනත් කිසිම කන්තෝරුවක් නොතිබූ නිසා තැපැල් කන්තෝරුව හැඳින්වුනේ 'කන්තෝරුව' ලෙසය. අනෙක තිබුණේ සිරිසේන මහත්තයාගේ ගෙදරය. අපේ ගමට ටෙලිපෝන් පණිවිඩයක් ආවොත් එන්නේ ඒ තැන් දෙකෙන් එකකට පමණි. සමහර අවස්ථාවලදී ගමේ කාට හෝ ඉතාමත් හදිසි පණිවිඩයක් දැනුම් දෙන්නට තිබුනොත් තැපැල් කන්තෝරුවේ ටෙලිපෝන් නොම්බරේට කතා කර මැණිකේ නැංදාට කී විට එයා දවල් කෑමට ගෙදර එන ගමනේ පණිවිඩය කියයි. නැත්තං අපේ පුංචම්මාට කියා කඩේට එන කෙනෙකු අත පණිවිඩය යවයි. 


“මැණිකෙ නංගියෙ හාමිලවත්තෙ අසෝකෙලගෙ ගෙදෙට්ට කෝල්ලෙයක් ආව. අසෝකෙගෙ පවුලගෙ ලොකු මාම නැතිවෙලාලු. අනිද්ද කටයුතු කර්නවලු. පණිවිඩයක් යවන්න පුළුවනෑ”


එව්වාට උත්තර දෙන්නේ ආච්චම්මාය.


“ඕකුං එක්ක අපේ කතාවක් නෑනෙ. පිට පාරෙම යනව. පැත්තවබ්බලන්නෑ. ඕන්නං මං ජෑකොඩිලෑ ගෙදෙරිං ආවොත් කියන්නං. උං කියයි පණිවිඩේ.”


ඒ අහල පහල කෙනෙක් එදා දවසේ කඩේට ආවොත් හොඳය. නැත්තං පණිවිඩේ කියන්න වෙන්නේ එහෙම කෙනෙක් කඩේට ආ දවසකටය. දවස් දෙකකට විතර පස්සේ ලාම්පුතෙල් ගෙනියන්න කඩේට එන ජෑකොඩිලෑ ගෙදර ළමයෙක්ට කියා යවන පණිවිඩය අසෝකෙගේ කනට වැටෙන්නේ හත් දවසේ බණ දවසටය. ඒකත් හත් අට දෙනෙක්ගේ කටින් කට යාම නිසා ගෙවී ගොස් කෑලි හැළුන පණිවිඩයකි. 


“අසෝක මල්ලිලෑ ලොකුතාත්ත මැරිල කියන්නෙ. භූමදානෙ අනිද්ද කියල කිව්වලු. කන්තෝරුවෙ ටෙලිපෝන්නෙකට කතා කොල්ල කිව්ව කියන්නෙ පහුණු දාසක. අපේ ළමෙය ඊයෙ කඩේ ගියකොට කඩේ මැණිකෙ තමා උට කියල තියෙන්නෙ. ඊයෙ හැන්දැවෙලා වැඩි හංද මං මේ දැං ආවෙ.”


අන්තිමට හරි පණිවිඩේ දැනගන්නට අසෝකට කන්තෝරුවටම යන්නට වෙයි. අන්තිමට ඔවුන් මළගෙදර නොව හත්දවසෙ දානේ හැලිවලං හෝදන වෙලාවට මළගෙදරක්ව තිබූ ගෙදරට යන්නේ “තොපි දැන්ද එන්නෙ. බොලාට ටෙලිපෝන් කොල්ල කියලත් ආ හැටිද ඔය.” කියා බැනුමත් අසාගෙනමය.


සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්නේ මාසෙකට හමාරකට දවසකි. ඒ ගෙදර ටෙලිපෝන් එක විසිතුරු භාණ්ඩයකි. ඉතින් සිරිසේන මහත්තයා ටෙලිපෝන් කෝල් එකක් ගන්න ඕනෑ කියා හිතී රිසීවරය කනේ තබා, ඉලක්කං එබුවාට සද්දයක් නැත. එවිට වෑර් ගලවා හයිකර, පිහදමා, තට්ටු දමා, පිඹ නොයෙක් පිළියම් කළත් ටෙලිපෝන් එක මීක් සද්දයක් නොකියයි. ඒ ගමන, ටෙලිපෝන් එකේ සිට වහලය දිගේ ඇදෙන වෑර් එක බිත්තියට හේත්තුකර තැබූ ඉනිමගක් ආධාරයෙන් අඟලෙං අඟල පරීක්ෂා කර බලයි. එහි කොතනකවත් මීයන් කා නැති තැන අඬුවක්, කතුරක්, වෑර් කෑල්ලක්, කොහු ලනු, වප්පිහියක් ආදිය දැමූ මල්ලක්ද ටෙලිපෝන් කනුවක් තරම උස කෙක්කක්ද රැගෙන උඩ බලාගෙන ගෙදරින් දොට්ට බසියි. ගෙදර වහලයේ සිට ටෙලිපෝන් කනු ඔස්සේ සුදු පාට සැමන් බාග වැනි රවුං වල එති එතී පාර දිගේ කනුවෙන් කනුවට දුවනා ටෙලිපෝන් වයර් දිහා බලාගෙන යන ඔහු සමහර අවස්ථාවල පාරේ ඇති වලවල්, කානු ආදියේ දිග පළලද දැනගන්නේය. සමහර තැනක වැල්ගාලක් ටෙලිපෝන් වයර් බදාගෙන පැටලී සිටී. සිරිසේන මහත්තයා වහාම මල්ල බිම තබා එයින් ගත් පිහිය කෙක්කේ බැඳ වැල් ගාල කපා ඉවත් කරයි. ඒ වැල් ගාලේ කූඩු හදාගෙන සිටින දෙමලිච්චෝ, පොල්කිච්චෝ, බට්ටිච්චෝ, පැණි කුරුල්ලෝ ආදීන් එතුමාගේ මව්ගුණ වයමින් මහා හඬක් නගා පිටවී යයි. එතැන වයරයට අලාභ හානියක් නැතිනම් සිරිසේන මහත්තයා නැවතත් පිහිය ලිහා මල්ලට දමාගෙන කෙක්කත් අතින් ගෙන සිය පාද චාරිකාව අරඹයි. සිය නිවසේ සිට හැතැප්මක් දෙකක් පමණ පයින් යාමෙන් පසු කැඩී ඇති වයර් දෙපොට හොයා ගැනීමට ඔහුට හැකි වෙයි. මෙය බොහෝ විට අතුරුපාරකට හැරෙන තැනක්, හොඳින් ඵල දරා ඇති අඹ, මැංගුස්, රඹුටන් ආදී ගහක් අසලක විය හැකිය. බොහෝ පහතින් ඇති ටෙලිපෝන් වයර් අතුරු පාරවල් වලට හැරෙන දළු ලොරිවල පැටලීම නිසා කැඩී යයි. නැතිනම් ඵල ඇති ගස්වලට වදින පොලු පහරවල් වැරදී වයරයට වැදීම ආදී දේවල් නිසා කැඩී යයි. බොහෝවිට එසේ කැඩී ඇති වයරයේ අත දිග මානයේ ඇති කොටස මේ වනවිටත් ඇත්තේ කාගේ හෝ ගෙදරක රෙදිවැලක් ලෙස, කිතුලේ එල්ලන මුට්ටියේ වරපට ලෙස, වැටක් බැඳි රැහැනක් ලෙස, රේඩියෝවක ඒරියල් එකක් ලෙස හෝ බල්ලෙක් බැඳි රැහැනක් ලෙසය. කැඩී ඇති වයර් පොටෙන් වැඩක් නොකෙරෙන බව දන්නා නිසා එයට අලසකමින් ඉන්නට නොදී එක කැති පහරින් එය මව් වයරයෙන් වෙන්කරගෙන තමුන්ගේ වැඩකට ගෙනයාමට අපේ ගම් වැසියෝ කඩිසර වෙති.


මෙලෙස වයරයේ දිග අඩු අවස්ථාවලදී සිරිසේන මහත්තයා සිය කෙක්කත් මල්ලත් රැගෙන නිවසට ගොස් පිළිවෙලකට හැඳ පැළඳගෙන මොටෝ සයිකලයේ නැගී ටවුමට යන්නේ ටෙලිපෝන් කන්තෝරුවට පණිවිඩය කියා අලුත්වැඩියාව කරවා ගන්නටය. එයිනුත් දවස් කීපයකට පසු එන ටෙලිපෝන් කන්තෝරුවේ ලොරියක් අදාල අලුත්වැඩියාව කරදී යන්නේය. නමුත් සති දෙකතුනක ඇවෑමෙන් වෙනත් තැනකින් වයර් පොටක් කැඩී යන්නේ අසල අඹ ගහක හැදී ඇති අඹ වල්ලක් නිසාය. පසු කාලිනව ටෙලිපෝන් කන්තෝරුවෙන් සිරිසේන මහත්තයාට පොඩි වයර් රෝලක්ද දී තිබුණේ සුදුසු පරිදි අලුත්වැඩියාවන් ඉටුකර ගැනීමටය. ඉන්පසු මදි පාඩුව රෝලෙන් දමා වයර් දෙපොට බිම සිටම පුරුද්දන සිරිසේන මහත්තයා උංචිල්ලාවක් මෙන් පොලවේ සිට අඩි හතර පහක් උඩින් එල්ලෙන වයර් දෙපොට රිටක ආධාරයෙන් ගසක පුළුවන් තරම් උස අත්තක පටලවයි. කලක් යනවිට ටෙලිපෝන් කම්බි කණුවලට වඩා ගස් උඩ රඳවා තිබුනේය. ඒ විදිහට බැලූ කළ සිරිසේන මහත්තයාගේ ටෙලිපෝන් එකෙන්ද පණිවිඩයක් දැනගන්නට ක්‍රමයක් තිබුනේම නැත. එයට ඇමතුමක් දෙන්නට පෙර වයර් කැඩී ඇතිදැයි බලා ටෙලිපෝන් එක සාදාගන්නා ලෙස කියන්නට වෙනම කෙනෙක් යවන්නට සිදුවනවා ඇත. එයින් පණිවිඩයක් යවන්නටද පෙර හැතැක්ම හය හතක් පයිං ගාටන්නත් වැල් ගාල් පාහින්නත්, කම්බි පුරුද්දන්නත් සිදුවීම නිසා ඒ ටෙලිපෝන් එකත් සුදු අලියෙක් නොව ජාති ණයක්ම වී තිබුණේය. 


ටීවීයෙකෙන්ද එකල කෙරුනේ රේඩිවේකෙන් කෙරෙන සේවාව වැන්නකි. අපේ ගමට එදා පටන්ම චැනල් අහුනොවීමේ රෝගය දරුණුවටම තිබූ නිසා ටීවී තිබුණු නිවෙස් කිහිපයේ අයගේ විනෝදාංශය වී තිබුණේ වඩා දිගැති උණ ලී ආදියේ මුදුනේ ඇමිණූ ඇන්ටනා වත්තේ පිහිටි උසම ගස්වල මුදුන්වල අමුණා ඒ මේ අත කරකවමින් චැනල් ඇල්ලීමට උත්සාහ කිරීමය. මේ ඇන්ටනා විවිධාකාරය. සමහර ඒවා 'V' අකුරේ හැඩයට ඇන්ටනා කූරු හෝ පතුරු ඇමිණූ ඒවාය. සමහර ඒවා කූරු දොලහේ, පහලොව පමණක් නොව විසි තිස් ගණන්වල යෝධ රේක්ක වැනි ඒවාය. තවත් සමහර ඒවායේ ඉදිරි පැත්තට කුකුල් කූඩුවලට ගන්නා දැල්, රෙද්ද නැතිව නන ටික විහිදාගෙන නිරිවස්තරෙන් සිටිනා කුඩ ආදියද අමුණා නවීකරණය කර තිබුණි. මේ ඇන්ටනා බූස්ටර ඇතුව හෝ නැතුව අමුණමින් නටන මේ නාඩගම් කොයිකත් අවසානයේ බලන්නට ලැබුනේ හොල්මං වැනි ඡායාවන් පමණි. නමුත් කටහඬ නම් අහන්නට ලැබුණි. නාවලවත්තේ මාමාගේ අංජනමෙන් ඊට වඩා පැහැදිලිව පේන බව අපේ ගමේ අයගේ මතය විය. ඒ නිසා මාසෙකට සැරයක් බැට්ටි චාජ් කරන්නට වැඩ සිද්ධ කරන්නාවූද, අකුණු ගහන වෙලාවට අහක යන අකුණුත් ගෙදරට අද්දවා දෙන්නාවූද ටීවියෙකට වඩා බැට්ටි කෑලි කීපයකින් මාසෙකට වැඩි කාලයක් සද්දේ දෙන රේඩිවේක ඉතා හොඳ විය. 


රේඩිවේකේ තිබුණු ලොකුම පරහ වනුයේ පවතින ආණ්ඩුවට විරුද්ධ අයට අහන්නට ඒවා නොතිබීමය. සමහරු ‘පිලිපීනයේ වැනිලා නුවර සිට ගෙන එන වෙරිටාස් සිංහල සේවය’ කියා එකක් අමාරුවෙං අල්ලාගෙන ඇසූ අතර අපේ තාත්තාද ‘සමස්ත ඉන්දීය ගුවං විදිලියේ සිංහල සේවය’ කියා එකක් බොහොම අමාරුවෙං අල්ලාගෙන ඒකේ පවුත්ති ඇසූ බව මතකය. නමුත් අකුණු ගහන වෙලාවට තෙල් තාච්චියට වතුර දැම්මාක් මෙන් ‘චරාස්’ ගා සද්දයක් එන බැවින් වහින වෙලාවට එයින් තොරතුරු දැනගැනීමට වඩා තාත්තාගෙන් බැනුං ඇසීමට සිදුවේ. 


"ඔය කැවුතු කැටිය වහල දාහං. හෙන ගස්සෝ ගන්නැතුව"


මේ නිසා අපේ ගෙවල් මණ්ඩියේ අය කෙටි දුර ක්ෂණික පණිවිඩ යැවීම සඳහා ක්‍රම දෙකක් යොදාගත්හ. එයින් පළවෙනි ක්‍රමය නම් ‘කෑගැසීමය’. මේ ක්‍රමය ඔස්සේ අපේ ගෙදර සිට චන්දරේ මාමාගේ ගෙදර, හංසනීලාගේ ගෙදර, දැතිහුලස් නිවස, සුදුවලාගේ ගෙදර, ගුනොවද්දන මාමලාගේ ගෙදර, ගනේවිටේ ගෙදර ආදී ගෙවල් අතර සන්නිවේදනය කළ හැකිය. දුර වැඩි ගෙවල් දෙකක් අතර නම් අතරමැදි ගෙයක් හරහා පණිවිඩය යැවිය යුතුය. චන්දරේ මාමලාගේ ගෙදර අයට පොඩිමහත්තෙයා මාමාගේ ගෙදර කෙනෙකුට පනිවිඩයක් කියන්නට ඕනෑ නම්.

“දයක්කේ, දයක්කේ”

කියා අපේ ගෙදර ඇමතීමට සිදුවේ. එවිට මට අපේ ගෙදර සන්නිවේදකයා වශයෙන් මිදුලේ ඉදිරි කොනට පැන.

“ඇයීඊඊ”

කියා අසන්නට සිදුවේ. එවිට

“පුතේ.. පොඩිමහත්තයියලෑ අක්කෑං අහන්නකො අද පංසල් යනවද කියලා”

යනුවෙන් පණිවිඩය ලැබේ. මම එවිට පිළිකන්නට ගොස් පොඩිමහත්තෙ මාමාගේ ගෙදරට අමතමි.

“පොඩිමහත්තෙ මාමලෑ නැංදේ”

කියා කෑගසමි. එවිට 

“ඉන්නෝ”

කියා පණිවිඩය ලැබේ. එවිට මම පණිවිඩය බාර දෙමි.

“චන්දරෙ මාමලෑ නැංද ඇහුව පංසල් යනවද කියලාආ..”

“හතරාමාට්ට ඉතර යං කියන්න....”

මම පණිවිඩය රැගෙන මිදුලේ ඉදිරිපසට යමි.

“හතරාමාට්ට යං කිව්වා”

“හා පුතේ මං එන්නං කියන්න එහෙනාං”

මම නැවතත් පිළිකන්නට ගොස් පණිවිඩය බාරදෙමි.

“හාලූඌඌ”

දැන් අපි සමහර ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නාක් මෙන් මේ ඇමතුම්වලටද උත්තර නොදී සිටිය හැකිය. එවිට,

“දයක්කේ, දයක්කේ”

 කියා කවුරුන් හෝ අපේ ගෙදර අමතන විට

"සද්ද නොකර හිටහං. ඔය කතා කොරන්නෙ අපිට කොටහළු ගෙදර යන්න අඬගහන්න. ඕවෑ ගිහිං බෑ."

කියා අපේ අම්මා මගේ කට වසාදමයි.

 මේ කෑගැසීමේ ක්‍රමයෙන් අහල පහල සිටින කන් ඇහෙන හැම දෙනාමත් මේ පණිවිඩය දැනගන්නා නිසා මේ ක්‍රමය පෝස්කාඩ් යැව්වා වගේය. ඒ නිසා අනික් අය දැනගැනීමට උවමනා නැති පණිවිඩ යැවීමට යොදාගන්නේ පොඩි ළමයින්ය. එවැනි වෙලාවට තමුන්ගේ ගෙදර ඉන්නා පොඩි එකෙක්ට පණිවිඩය කියා පණිවිඩය ලබන ගෙදරට යවන්නේය. අපේ අම්මාද විටින් විට 

“කරුම්මාමලෑ ගෙදෙට්ට ගිහිං නැංදෑං අහල වරෙං ................................... කියල”

ආදී ලෙස පණිවිඩ මා අතේ යවයි. සමහර විට ඒ ගෙදර සිටින ළමයි සමග සෙල්ලමට වැටී පණිවිඩය අමතක වීමෙන් වෙනත් යමක් ඇසීමට ඇති අවදානම නිසා කොල කෑල්ලක අදාල පණිවිඩය ලියා යැවීමටද සිදුවේ. මගේ ඉස්කෝලේ පොතක මැද පිටුවෙන් කෑල්ලක් ඉරාගෙන පැන්සලකින් ලොකු අකුරින් අදාල පණිවිඩය ලියා හතරට නවා 


“මේග්ගිනිහිං චන්දෙරෙ මාමලෑ නැංදට දීහං”


කියා යවනු ලැබේ. සමහර විට ඒවාට පිළිතුරුද මෙවැනි තුණ්ඩු කෑලි ලෙසම ලැබේ.


අපි දුර සිටින නෑයින් සමග විස්තර හුවමාරු කරගන්නේ ලියුං වලිනි. ලියුමක් අපේ නමට ලැබෙන්නේ තැපැල් කන්තෝරුවට හෝ ලිපිනයේ ලියා ඇති ****** ස්ටෝර්ස් බාරේ නම් කඩයටය. ලියුමක් ඇවිත් ඇති බවට කාගෙන් හෝ ලැබෙන පණිවිඩය අනුව කන්තෝරුවට හෝ අදාල කඩයට ගොස් එම ලියුම බාරගත යුතුය. ඒ නිසා ලියුමටද ටෙලිපෝන් පණිවිඩයකට තරම්ම දින ගණනක් ගතවේ.

අද මාර්තු 27 බදාදා,
නිවසේදී,
බුදු සරණයි!
ලොකු අයියා වෙත,
.........................................................................
.........................................................................................................
කියා පටං ගැනෙන මේ ලියුංවලින් බොහෝවිට කියවෙන්නේ තමුන්ට ඇති හිඟපාඩු ගැනත් පුළුවන්නං සල්ලි කීයක් හරි දෙන්න කියා ඉල්ලීමත්ය. එහෙමත් නැතිනම් අපේ වෙනත් නෑයෙක් අපට විරුද්ධව කියූ කළ දෙයක් පිළිබඳ කේලමක්ය. මෙවැනි ලියුමක් ලැබුනොත් කේලම හගිස්සවීමට ගොස් පොලිස් පොතට ඇන්ටරියක් හෝ ගෙදර ගෝරියක් සුවර්ය. එවැනි අවුරුදු ගානක් පරණ ලියුං අල්මාරි, කොට්ට උර ආදියේ හංගාගෙන සිට උවමනා වෙලාවන් වලදී ඉදිරිපත් කර ගෝරියක් පටං ගැනීම ලියුම ලැබූ අයගේ සිරිතකි.


තවත් ලියුං එවන කොට්ඨාසයක් වන්නේ අපේ හතුරෝය. එළිපිට මුහුණට මුහුණලා කාකොටා ගැනීමට බැරි අය අමු තිත්ත කුණුහරුප සහිතව පුස්කැප් කොල පුරවා පෑනේ තින්ත ඉවරවන තුරු බැනුම් ලියා එවන එවැනි ලියුම්ද කෙලවර වන්නේ පොලිස් පොතෙනි. අපේ තාත්තාගේ ලොකු අක්කා කෙනෙක් එවැනි ලියුම් ලියා ප්‍රසිද්ධියට පත්වී තිබූ බව මට මතකය. උන්දෑ එවූ එවැනි අමු තිත්ත කතා සහිත ලියුම් වගයක් අපේ ගෙදර අල්මාරියේ ලාච්චුවක අඩියේ හංගා තිබී නෑදෑයන් අතර ගෝරියක් ඇතිවූ අවස්ථාවකදී අම්මා විසින් එහි සමහර කොටස් උපුටා දක්වන ලද බව මට මතකය.


මේ හැරුණු විට අපට යහපත් යමක් ලියුම්වලින් නොලැබුණි. කලාතුරකින් හෝ රස්සාවකට කැඳවීමක් ලැබෙන, යම් ප්‍රතිළාභයක් හෝ තෑග්ගක් ලැබෙන බවට ලියුමක් අප නමට ලැබුණහොත් ඒවා කන්තෝරුවේදී හෝ අදාල ***** ස්ටෝස් කඩයේදී අතුරුදහන් වන්නේය.

92 comments:

  1. Replies
    1. මේකත් අර ***** ස්ටෝර්ස් එකට ආපු පයින්ඩයක් වෙන්න ඇති. එකනේ ලැබිල නැත්තේ

      Delete
    2. "ලිඛිතා"
      මරු නම

      Delete
    3. නෑ සිරිසේන මහත්තයගෙ පෝං එකට තමයි පයින්ඩෙ එවුවෙ. තාම ඒක අර වෑර් දෙක කැඩිච්ච තැන නැවතිලා ඇති. දෙකොන පූට්ටු කළාම අගේට ලැබෙයි.

      Delete
    4. ඔයිට වඩා මරු නං තියෙනව අහුබුදු දෝනියංදැ ගාව. 'පැහිලා', 'ඉදිලා' ආදී වසයෙං හිට ගෑනු දරුවංගෙ නං තියෙනව.

      Delete
    5. අතබනුව 07797000000
      අහුබුදු මහත්තයා එවපු නමක්

      Delete
    6. එවැනි තවත් නම් දෙකක්,
      ගුටිකා ඉදිමුනී...
      කණේරුකා මදකිපුනී...

      Delete
    7. කෝ යකෝ මෙතන දාපු මගේ කොමෙන්ට් එක.

      Delete
    8. ඔය ඔතන ඇති මොකෝ මන් කැවෙයි ඔහේගේ කෙමෙන්ට් ඒක

      Delete
    9. මු කොමෙන්ට් #කේ ගහගෙන ඉදලා පස්සේ එලියට දාන්නේ එකයි දෙමල නයන්න්යෝ තොගේ කොමෙන්ටුව නැත්තේ
      අඩෝ සුරන් තොගේ මේ අප්රෝවල් අයින් කරපිය

      Delete
    10. නිසංසලා පියසලා ඉගිල්ලිනි

      Delete
    11. නෑ බං මගේ අර 11.34 කොමෙන්ට් එක පබිලිස් කරන්නැතුව ඊට පස්සෙ දාපුව මූ පබිලිස් කරල හින්දයි ඇහුවෙ.

      Delete
    12. හොඳයිද බොඩි මෙන්ඩා මයා වෙත ලියමි,
      ඇනෝවෝ පැමිණ පළවැනි කොමෙන්ට් එකටම මුත්‍රා කරති. වසුරු දමති. මද කිපුනෝ පැමිණ**ති. ඉතිං මං කොමෙන්ට් මොඩරේෂන් දමති.

      Delete
  2. සැපෙනි.
    සැපවේවා.

    ලියුමක් ම නොවෙයි, පොතක්.

    ReplyDelete
    Replies
    1. ලියුම කවරෙටට දාන්නෙත් ලනුවකිං බැඳලලු.

      Delete
  3. හැක්.. හැක්.. බලාගෙන ගියාම උඹලගෙ ගමේ උංට කරන්න තිබ්බ හොඳම වැඩේ අර ඉස්සර වගේ දුං ගැහීම තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ එවුං දුං ගහන්නෙ කෙහෙකං ඉදොවන්න ඉතරයි

      Delete
  4. එළියට බැහැල කෑ ගහල ගෙවල් අතරෙ පණිවිඩ හුවමාරු වෙනකොට ඒවට මගදි ලයික්, කොමෙන්ට් එහෙමත් හම්බවෙන ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල. අහල පහල අය කොමෙන්ට් දෙනව
      "අපිත් එන්නදෝඕ...." කියලා

      Delete
  5. ඔය වෙරිටාස් වැඩේ අපිත් කළා යුද්දෙ තදේට යනකොට මාධ්‍ය වාර්තා නිසිබලධරයා විසින් කපා හැරපු කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ චන්දිරිකා මැඩංගෙ කාලෙ නේද

      Delete
    2. අපේ තාත්තා වෙරිටාස් ඇහුවේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ද කොහෙද.. තමුන්ගේ පාට අනුව වෙරිටාස් අහන කාලේ වෙනස් වෙනවා මම හිතන්නේ හෙහ් හෙහ්..

      Delete
    3. ඒකත් හසන්ත මහත්තෙලෑ චැනල්ලෙක වගේ

      Delete
  6. සිරිසේන මහත්තයට ලේසියෙන්ම ටෙලිකොම් එකේ රස්සාවක් හොයාගන්න තිබ්බ.
    ඔය වගේ හැතැක්ම ගනං වයර් අදින තැංවලට RLL ෆෝන් දීල තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ රාලහාමිලා ලඟ තියෙන එව්වද?

      Delete
    2. නෑ. ඔය CDMA ඒව එන්න ඉස්සර ඒ වගේ ෆෝන් ජාතියක් දුන්න වයර් අදින්නෙ නැතුව ඇන්ටනාවක් ගහල. ඉස්සර සිංහරාජ ආරන්‍යයෙත් තිබුනෙ එහෙම එකක්.

      https://en.wikipedia.org/wiki/Wireless_local_loop

      Delete
    3. හරි. මතකයි. පොඩි පෙට්ටියක් වගේ එකක් යකඩ බටේ හයිකොරපු එකක් නේද. එව්වා දුන්නේ ටෙලිකොම්, පුතේ කියහං (Suntel), ලංකා සීනුව (Lanka bell) එව්වයිං නේ. මං එව්වයිං කතාකොල්ල තියෙනව හිටං. ඔව් හිටං තමයි. ඇයි හිටං කතා කොරන්න බැයිද?

      Delete
  7. චන්ද කාලෙට අපේක්සකයෝ අත් පත්‍රිකා තැපැල් කොල්ල එවුවෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඔය පහුගිය වංගියෙත් එව්වෙ.

      Delete
  8. ජයවේවා

    -විදානේ-

    ReplyDelete
    Replies
    1. වරෙං ගල් බෝතලයක් වෙලේ සුදා කළු කුප්පියකින් සැන්ඩි කරල බීල, සීනි කුරුල්ලෙක් බයිට් එකට අරං, වතු මොටෙයියො මැල්ලුමක් එක්ක බත් ටිකක් කාල යන්න.

      -කුරුටු-

      Delete
    2. මෙන්න මේකා ජීවතුන් අතර. මං පහුගිය කාලෙ රත්ත දත්ත පුස්තකෙත් බැලුවා වඳවෙලාද කියලා.

      Delete
  9. ඉස්සර ටැලිපෝන් එකක් ගන්න මන්ත්‍රි තුමාගෙ ලියුම ඕන. ඒකත් දීලා අවුරුදු පහකට පස්සෙ අපිට ලැයින් එක හම්බ වෙලා තියෙන්නේ. අද සිම් කාට් පේමන්ට් එකේ.. ලියුම් නම් ලියන්නෙම නෑ මයෙ හිතේ.

    ඔය ඩේටාවලට කෙලලා තියෙන්නෙත්, ඉස්කයිප්, වට්ස් ඇප් අරවා මේවා දාගෙන ජාත්තියන්තර වශයෙන් මල් කඩන නිසා ඒ කොම්පැනිවලට පාඩු නිසාය කියලා කියන්නෙ හිටන්...

    ReplyDelete
    Replies
    1. පාඩුයි නෙව හිටං. අන්තර්ජාතික කුමන්ත්‍රණ වලක්වන්න නං අර කොරියාවේ අනෙක් පලුව වගේ අන්තර්ජාලෙ වහලම දාන්න ඕනෑ

      Delete
  10. අර ජනවාරි 9 හවස් වෙනකොටම ටෙලිකොම් එකේ සභාපති කමට තමන්ම පත් වෙච්ච සිරිසේන මහත්තය බලනකොට වැඩේ ගැන දන්න කෙනෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ උන්නැහේ වෙනිං කෙනෙක්. ඔය හාල්, වැලි වගේ වෙළඳාං වලට සම්බන්ද නෑ

      Delete
  11. මම පොඩි කාලෙ ලොකු අම්මගෙ ගෙදර ඉන්නකොටත් ලියුම් ආවෙ ඔය විදියට තමයි.
    හැබැයි අර ඡන්දෙ දාන්න අවශ්‍ය ඒව නම් ආව.

    ReplyDelete
    Replies
    1. එව්වා බෙදුවෙ ගිරාමසේකර මහත්තයා නේද?

      Delete
    2. අනේ මංද බං මට මතක තිබ්බෙ පියං වගේ. මම ඒකාලෙ ඌත් එක්ක තරහයි ලියුම් ගෙදරට ගේන්නෙ නැති එකට.

      Delete
  12. අසංග මලයෝ

    කවදාහරි දවසක උබගේ මේ පොස්ට් ටික ඔක්කොම පොතක් හැටියට ගහපන්
    විකිනේවි ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් වගේ .
    කොලබ පැත්තේ මුඩුක්කුවක පොඩි කාලේ හැදුනත් මටත් ඔය වගේ බොහොමයක්
    අත්දැකීම් තියනවා .
    අපේ අල්ලපු ගෙදර එවුන් දත් බෙහෙත් වලින් (SR ) දත් මදින දවසට , දත් මදින්නේ
    පාරේ මැද මොකද උන් අනිත් දවස්වලට මදින්නේ අගුරු වලින්.

    ReplyDelete
    Replies
    1. අපි දත් මැද්දෙ බෝඹු ස්ටික් වලිං. දන්තාමුක්ත නැත්තං පැරකුට්බා තමයි ටූත් පවුඩර්.

      Delete
    2. දන්තාමුක්ත කියන්නෙ "දත් ගැලවිල වැටෙනවා" කියන එක

      Delete
    3. ඒක තමයි තේරුම. හරියට හරි. හැබැයි ඒ නම දාපු කෙනා හිතල තියෙන්නෙ දත් මුතු වගේ කියන තේරුම වෙන්න ඕනි.

      Delete
  13. කමෙන්ට් නොපබ්ලිෂ්වීමේ ප්‍රශ්නයක් පවතී

    ReplyDelete
    Replies
    1. සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳව මාගේ බලවත් කුණාටුව.

      Delete
    2. සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳව මාගේ බලවත් කුණාටුව.

      Delete
    3. සුරංගයත් සිරිසේන අංකල් වගේ කෙක්කුයි වෑර් රෝලකුයි අරං බදුල්ල ටවුං එකේ ඇවිද්දයි කියල ආරංචියක් ආව.

      Delete
    4. ආ... ඔව් පළාත් සභාවෙං කිව්ව ගස්සොල අඹ වලට බලුප් දමන්ට කියල.

      Delete
  14. සන්නිවේදන අතර ඕපාදූපවලට ඇත්තේ අද්විතීය ස්ථානයක්. ඒවා ඇල්වතුර වගේ පැහැදිලියි. සරලයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ලා සන්නිවේදනයට එහා ගිය දෙයක්. ඕපාදූප කියන්නේ ඉස්සර නං රසාස්වාදය. දැන් නං සල්ලි හොයන මගක්.

      Delete
  15. මේ 2016ත් ලියුං ලැබෙන්නේ නැති ගම් සහ ඇඩ්‍රස් නැති ගෙවල් තියෙනවා.... රත්නපුර කලවාන පැත්තේ ඒ ජාතියේ ගමක් තියෙනවා.
    ළඟදී රාවයේත් ලක්බිමේත් ඒ ගැන ආටිකල් ගියා

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අපේ ගම ගැන නෙමෙයි නේද? අපේ ගමේ නං ලියුං ලැබෙන්නැත්තෙ එව්වා අතුරුදහං වෙන හිංදා.

      Delete
    2. මම කියපු ගම තාමත් එහෙම තමයි. ගමටම ගෙවල් 5ක් හෝ 6ක් දැන් කරන්ට් එක නම් තියනව.

      Delete
  16. හප්පා ... සුරං මෙහෙමත් සන්නිවේදන කොරම ... ආයෙත් ඉතිං ඇඩ්රස් නෑ ...

    බොලාට තිබ්බේ ඔය එහෙං මෙහෙට්ටයි , මෙහෙ එහෙට්ටයි බෙරිහන් දෙන එව්වට හැම එහෙකටම ගානක් අය කරන්න ... ඒ කියන්නේ ඉන් කමින් සහ අවුට් ගොයින් දෙකටම !

    එහෙනං ඒ දවස් වල කීයක් හරි හොයා ගන්න තිබුණා :)

    ReplyDelete
    Replies
    1. එව්ව කොහෙද අපේ ගංවල. පොඩි ලමින්ට සල්ලි යනු තහනං වචන.

      Delete
  17. සිරිසේන මහත්තයා කෝල් ගත්ත පෝන් එක, බොත්තම් ඔබන වර්ගයේ නම්, ඒක බොහොම මෑත කාලේ එකක් වෙන්න ඕනේ. අපි පුංචි කාලේ තිබුණේ, අර මහා පතන්දර කලුපාට පෝන්. එව්වෑ ඩෑල් එකේ ඉලක්කම් කරකවන්න තිබුණේ. අනික එව්වා හරිම බරයි. හුඟක් වෙලා මල් කඩන්න අමාරුයි බර නිසා. මේන් බලමුකෝ, දෙන්නෙක් එව්වා පාවිච්චි කොරලා මල් කඩන්නේ බුදියාගෙන.

    https://www.youtube.com/watch?v=70aZyutIJcs

    1960 ගණන් වලදී තමයි මම 'කන්තෝරුව'කින් 'කෝලයක්' ගත්තේ ජීවිතේ පළමු වතාවට. ගාස්තුව සත 10 යි.

    ReplyDelete
    Replies
    1. විල්ලැජ්ජයි. මං සත 10 ට ගත්තෙ බබානයිස් එකක් හරි කඩල බෝලයක් හරි මං හිතන්නෙ. ඔය කන්තෝරුවෙං ටෙලිපෝන් කෝල්ලෙයක් ගන්නත් කලිං අවසර අරගෙන ඉන්න ඕනැ හිටං.

      Delete
    2. කියන්න සංතෝසයි මමනං අද වෙනකල් කන්තෝරුවකිං කෝලයක් අරං නෑ. එක පාරක් අපි සිංහරාජෙ ගිහිල්ල රක්වානට එන අන්තිම බස් එක මිස් වෙලා ගෙදර එන්ට වෙන්නෑ කියන්න බුළුතොට හරියෙ කන්තෝරුවකට ගියා. අපරාදෙ කියන්න බෑ වැස්ස හන්ද ඒ පෝං එකටත් සිරිසේන ගොය්යගෙ පෝං එකට වෙච්ච සංතෑසියම තමයි වෙලා ති‍බ්බෙ.

      මම ඉස්සෙල්ලම කියල කෝලයක් ගත්ත අපේ කඩේට ඉස්සරහ උකස් කඩේ ඔය වගේ ඩයල් එක කරකෝන එකකින්. දැං ඒව වගේ නෙමෙයි ඒ ෆෝන් එකක් රිං වෙනකොට ගොඩකවෙලින් බාගෙකටම සද්දෙ ඇහෙනව.

      ඒ ජාතියෙ ෆෝන් ඩයල් වෙනකල් බලාඉන්න එකේ ආතල් එක දැනුත් ගන්න පුලුවන් ටෙලිකොම් ෆෝන් වල පැත්තකින් තියෙන ටෝන්/පල්ස් ඩයල් මාරු කරන්න තියෙන සුයිච් එක පල්ස් වලට දැම්මම.

      Delete
    3. හෙටම අපේ ඔෆිසියේ සියලුම පෝන් වලට ඔය කටයුත්ත සිදුකරමි. ඉස්තූතියි.

      Delete
  18. දැං නං ඇස්.ඇම්.ඇස් ප්‍රධාන සන්නිවේදන මාධ්‍යක් වෙලා නෙව.ලොකුම තැං ඔලිං සුභ පතන්න පවා ඇස්.ඇම්.ඇස් එවන්නෙ.බස් එකේ කොන්ද එක්ක වලියක් දා ගත්තත් හංදියෙන් බස් එක නවත්තන පමාවට කොල්ලො සෙට් බස් වටකොර ගන්න,කෙල්ලෙට්ට මක්කහරි කියාගෙන බයිකෙකක ගියොත් ඉස්සරා හංදියෙන් පෝරියල් සෙට් කරන්න වගේ දේවල් උනත් සෙනිකව සිද්ධවෙන තරමට එව්ව දියුණුයි නෙව.
    හෙනං කෝල් එකක් ගහපං.. මිස් එකක් ගහපං.. මැසේජ්ජෙකක් ගහපං කියාගෙන කස්ටිය විසිරෙන්නෙත්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකෙ වර්තමාන දියුණුව වැඩි හංදා නොවැ දත්ත වලට බදු ගැහුවේ. හුඟක් එවුං පිටරටවල සුද්දියො සෙට් කරං ස්කයිප් මල් කඩන හිංදලුනෙ.

      Delete
  19. උබ කොහමද මගේ කෙමෙන්ට් වලට අනුමැතිය දෙන්නේ කන පලාගන්නේ නැතුව ...කෙමෙන්ට් එක දාපන්
    මේකත් එක සන්නිවේදන කර්මයක්

    ReplyDelete
    Replies
    1. ඉහත ඔබගේ කොමෙන්ටුවට ලබාදී ඇති පිළිතුර හා බැඳේ. මේකටත් ඒකම තමයි හොඳේ.

      Delete
  20. "කරලිස අයා වෙත ලයමි.
    කරාලිස් අයේ. සෙපසනීප කහමද? මම සැපෙන් සිටිමි. අයාත් සෙපෙන් සිටිනෙමුද? මැගිලින් අක්කාටත් සෙප වවා.

    මේ වග, රමා."

    මේ ලිව්ම තියෙන්නෙ කොහෙද කියල කියන හපනෙක්ට මං එවනව පුස්ලෝඩමක්

    ReplyDelete
    Replies
    1. Romaage vasanawa... great expectations

      Delete
    2. පුස්ලෝඩමක් කියන්නේ මොකක්ද කියන කෙනෙක්ට තවත් තෑග්ගක් තියෙනවලු. :P

      Delete
    3. අනේ තොගේ පුස්ලෝඩම දෙකට නමල.... එක්කො ඕන නෑ. හැක්..

      - னයා -

      Delete
    4. රොමාගේ වාසනාව කියන්නෙ සුපිරිම පොතක්.සියලු රස සමඟින්..

      Delete
    5. යකෝ අර කෙල්ලෙක් ඉන්න තැන කියන කුණුහබ්බ ටික මේ ගොබිලලා.

      Delete
  21. අපේ තාත්තගෙ බාප්පෙක් වුන ජිනදාස මහත්තෙයගෙ ගෙදරත් තිබ්බ ටෙලිෆෝන් එකක්. ඒකෙ විස්තර මං ලිව්ව මේ මෑතක, "ඉස්කෝලෙ මහත්තුරු 1" පෝස්ට් එකේ...

    ReplyDelete
    Replies
    1. ටෙලි යනු වැරදි වචනයකි. එය හෙලුවෙන් ගත් කළ ටැලි වේ.

      Delete
    2. ඩ්කි
      උබගේ බ්ලොග් එකට යන්න බැහැ ඒ ගැන බලපන්කෝ

      Delete
  22. හම්මෝ මෙහෙමත් පිස්සු ගමක්. මට නම් ශෘං අය්යේ ඔන්න ඔහොමලු හිතුනේ :D

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං. මේ වගේ මිනිස්සු ඉන්නකොට ගමේ ඈයෝන්ට පිස්සු හැදෙන්නැතුව තියෙයියැ.

      Delete
    2. මෙඩුසා අපේ ගමේ නෙමෙයි. වෙනිං ගමක. ඕං ඔය අටකලංපන්නට ඩිංගක් එහා ගමක.

      Delete
  23. ඒ දවස් වල මගේ පොඩි මෙව්වා එකක් තිබ්බ ගැල්ලමෙකුට මම දීල තිබුනේ අපේ උඩ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක. මගේ යාලුවාගේ ගෙදර. අපේ ගෙදර ඉඳල මීටර් 200-300ක් දුර. කෝල් එකක් ආපුවහම යාලුවාගේ අම්මා හෙමින් හෙමින් ගාට ගාට ඇවිල්ල මට පණිවිඩේ කියනවා. මම ඉතින් පණ කඩාගෙන දුවගෙන ගිහින් කෝල් එක ගන්නවා. එතකොට අර ළමයට කෝල් එකේ ඉඳලම එපා වෙලා. කොහොමත් අඩුම විනාඩි 10ක් වත් යනවා. පණිවිඩේ එන්න හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මිල අධික මෙව්වා එකක් එහෙනම්

      Delete
    2. බලාගෙන ගියාම පොඩිත් නෑ නේ? :P

      Delete
    3. යාලුවගෙ අම්මා ඇවිත් කියන්නේ පැතුම්ලෑ අම්මට නෙවෙයිය?

      Delete
    4. ඔය ඇවිල්ලා හුවමාරු වෙච්ච ලියුම් වලට අමතරව ආපු කෝල් එකක් දෙකක්.. ඒ නිසා එච්චර වියදමක් ගියේ නෑ ලිඛිතා. මොකද ෆුල් ටයිම් කෝල් වලින් ගෙනියන්න දෙයක් තිබුනේ නෑ තැපැල් සේවය සාර්ථකව සිද්ද වුණා. හෙහ් හෙහ්. මෙඩුසා, පොඩි නෑ තමයි හැබැයි අන්තිමට මට මගේ නොවන මගේම ආදරයක් වගේ ඉවර වෙලා ගියා හෙහ් හෙහ්..


      සුරංග, අපේ ගෙදර දවල්ට කවුරුත් නෑ බන්.. මම විතරයි. ඉතින් ඇන්ටිට ඕවා කියන්න හිටියේ මම විතරයි. කොහොමත් ඇන්ටි ෆිට් කොල්ලෙක් ඒ දවස් වලත්.. හෙහ් හෙහ්

      Delete
  24. අපි ඉස්සර පොසොන් එකට අනුරාධපුරේ යද්දි ඇඩ්‍රස් ලියාගෙන ගානට හතරැහැට කපාගෙන ගියේ කෙල්ලන්ට දෙන්න. සමහරු නම් ලියුනුත් එව්වා. ඒ කාලේ ලියුමක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මට පේන හැටියට...
      මල් මලයාගේ වයසට...
      පහක් එක් කළ විට...
      පනස් පහකට වඩා අඩු නැත..

      Delete
    2. අඩෝ මම තවම රියල් කොල්ලෙක් හරිය. අපේ තාත්තටත් තවම 55 ක් නෑ.

      Delete
  25. අපි පුංචි කාලෙ පියුං මාමා එනකල් මග බලා ඉන්න කාලයක් තිබුණා. ඒ වෙසක් කාලෙ. වෙසක් කාඩි එනකන් මග බලන් හිටියා.

    ReplyDelete
    Replies
    1. අනේ නිකං ඉන්ට නැන්දා. හුහ්. අපි නොදන්න වෙසක් කාඩ්.

      Delete
    2. හොඳා බෑණෝ.. නැන්දා..? මං කියන්නෑ ඉතින්.

      Delete
  26. අපි පොඩි කාලේ යෝගට් කෝප්ප දුරබනු හදාගෙන 'ලොකු ලොකු' ගේම් දුන්නා. එක කාමරයක ඉඳල අනිත් කාමරේට තමයි සන්නිවේදනය. යෝගට් කෝප්පේ නොතිබ්බ අනිත් කන තිබ්බ නිසා ගොඩගියා. නමුත් හොඳම වැඩේ කියන්නේ එකෙක්වත් කියන්නේ නෑ දුරබනුවෙන් නෙවෙයි ඇහුනේ කියල. ඒවා තනිකරම 'හරාම්'!

    ReplyDelete
    Replies
    1. ඒකෙ පොඩි තාක්ෂණික අවුලක් තියෙනවා. ඔය 'ජෝකට්' කෝප්ප (ඒකයි හරි වචනේ) දෙක අතර අදින නූල තදේට ඇදිල තියෙන්න ඕනැ. ඒ නූල ආයෙ වෙන කොහෙවත් ගැවෙන්න බෑ. එහෙම තිවුනොත් ඇත්තටම සද්දෙ ඇහෙනවා. මං ඕක ඒ කාලෙ පර්යේෂණ කරල හොයාගත්තෙ. ඊට සාර්ථකයි නල කථන පද්ධතිය. ඒ කිව්වෙ බටේ මෙහා කොනිං කිව්වම එහා කොනිං ඇහෙන එක.

      Delete
    2. ඔව් ඔව් ඉතින් ඒ තාක්ෂණික කරුණු ඔක්කොම කොහෙද සම්පුර්ණ වෙන්නේ කාමරයකින් කාමරයකට?? අනිත් වෙලාවල් වලදී නම් ඇහෙන බව සහතිකයි. අපේ ගෙදරත් කන්ද උඩක තිබ්බ නිසා මේ වගේ සන්නිවේදන ක්‍රම තිබ්බ... ලියන්න ඕනේ වෙලාවක ලැජ්ජාව පැත්තකින් තියල.

      Delete
  27. ඔය ටෙලිෆෝන් පනිවිඩ ගෙවල්වලට ගිහින් දෙන එක ටෙලිෆෝන් එක තියෙන කඩේ එකාට මාර වාතයක්. ඇයි බං පනිවිඩ කීයක්ද. අනික ඒ වෙනුවෙන් ගෙවීමක්වත් නැහැ :D

    ඒත් ඒ කාලේ ඒ විදිහට පනිව්ඩ හුවමාරු වුනා. පනිවිඩයක් දීමත් මරු සතුටක්නෙ.

    ReplyDelete