ආච්චම්මාගේ කවියට තාලෙ අල්ලන්න මං උරුලෑවක් පිඹිනවා
“බොට ඔල්මාදෙද? බොලට ඉස්කෝලෙදි කියාදීල නැද්ද උරුලෑ පිම්බං නයියෙනව කියල“
කිරි නැංදත් ඒකට පෝර දානව
“ආ ඔව්වොව්. අර ගනේවිටේ පුතාගෙ ඉඩමෙදි අපේ සාංකුමාර එක දවසක් උර්ලෑ පිඹල ආවනෙ මහ විසාල බෙරව නයි පතයෙක්“
කිරි නැන්දා කයිවාරුවට වැටුනහම ආච්චම්මට එහා. ඒ අතරෙ මං දළුවල අරිම්බුවෙං නලා හදල පිඹිනව. තේ ගෙඩි කඩල ‘එප්පොල‘ ට විසි කරනව. මාළු ඒවා අල්ලං කනව ඇති. මට පිං සිද්ද වෙනව ඇති. අපේ තාත්තත් උදේට වැඩට යද්දි දොලේ ඉන්න මාළුන්ට හීල් බත් ගිහිං දානව පිංසිද්දවෙන්න. එයා කියන විදිහට ගොඩට ඇවිල්ල හම්බුකරං කන්න බැරි හිංදා මාළුන්ට කෑම ටික වතුරටම ගිහිංදාන එක පුරාම පිං සිද්ද වෙන වැඩක්. ඒකෙං ඉඳල හිටල ආඳෙක්, පෙතියෙක්, ලූලෙක්මා එහෙම බාගන්න පව මැකෙනව.
“උඹත්තොය කෙහෙම්මල් කටේ ගහං පූස් පූස් කිය කිය ඉන්නැතුව කඩහංකො දල්ලක් දෙකක්. ලොකුවෙද්දි ඉගෙනගන්න බැරි උණාට හම්බුකොරං කන්න පුලුවංනෙ කාගෙ හරි දලුටිකක් කල්ල දීල.“
ආච්චම්මා මට අණ දෙනවා.
“මං දන්නෑනෙ.“
“ඇයියකෝ අම්මයි අප්පයි දෙන්නමත් දළු කඩනව. බොට දළු කඩන්න බැයිද? ඒක යසයි. වරෙං මං කියාදෙන්න“
“මේං මේ දල්ල මෙතනිං කඩහං. මේක කඩන්නෙ මෙතනිං. මේක කඩන්නෙ ඩිංගක් උඩැහිං. හා කඩහං බලන්න උඹත්තෙකක්“
ආච්චම්මා කියන හැටියට ලෝකෙ තියෙන හැම දල්ලක්ම කඩන්න ඕනෑ තැන කට පාඩං කරගන්න ඕනෑ. හරියට පොඩි මැණිකෙගේ තේ ඉඩමේ දකුණු මායිමේ පේලියේ හත්වැනි ගහේ දකුණු කොනේ තියෙන දල්ල කඩන්න ඕනෑ මේං මෙතනිං කියා පොතක ලියා තියෙනවා වගෙයි. ඉතිං මං මට හිතෙන හැටියට අහුවෙන තැනිං අහුවෙන දල්ල කඩනවා.
“හා හා එතනිං නෙමෙයි. මේං මේ පුංචි කොලේට උඩිං කඩහං.“
මං එතන ඉඳං සේරම දළු කඩන්නෙ පුංචි කොලේට ඉහලිං. ඔය විදිහට කීප විටක් බැනුං අහල පසේ බුදුන්ගෙන් බණ අහල වගේ දළු කැඩිල්ල පුරුදු වෙනවා. කාලයක් යද්දි මටත් ආච්චම්මගෙ වේගෙන්ම දළු කඩන්න පුළුවං වෙනවා.
දවල් දොලහට වත්තෙ “මනිය ගහන“ සද්දෙට ආච්චම්ම දවල් එකොලහෙ ඉඳංම ඇහුංකන් දෙනව. ආච්චම්මට ඇහෙනවා අඩු හිංදා විනාඩි දහයෙං දහයට අපෙං අහනව
“වත්තෙ මනිය ගැහුවද කිල්ලමෙයො“
ටික දවසකින් කිරි නැන්දා මේ වැඩේ තමුංගෙ වාසියට හරෝගන්නව. එයා දවල් එකොලහමාර වෙන්නත් කලිං
“නැංදම්මෙ මනිය ගැහුව ඇහුන්නැද්ද?“
කියල කියනවා. ආච්චම්මත්
“හැබෑද? එහෙනං මේ ඩිංග කඩාගෙන යං මූව පිටක්කොල්ල එන්න“
කියනවා. ඉං පස්සෙ ඒ දෙන්නා ඒ වෙනකං කඩාපු දලු ඔක්කොම ගෙනැත් කලිං ගෙනත් දාපු දළු ගොඩටම දාලා, බොන්න ගෙනා වතුර බෝතලෙං බාගයක් විතර ඒකට හලනවා.
"වතර ඩිංගක් යහමින් දැම්මෙ නැහ්නං පොඩ්ඩෙං මැලවෙනව."
ආච්චම්මා වතුර හැලිල්ලට කරුණු දක්වන කොට කිරි නැන්දයි මායි දළු ගොඩ ගෝනියකට දාලා ලනුවකිං බැඳලා බයිසිකලේ ලැකිජ්ජෙකටත් පටෝනවා. මං නයිලෝන් ලණු දෙපොටිං ඒක තද වෙන්න ලැකිජ්ජෙකට තියලා බැඳගන්නවා.
"වතර ඩිංගක් යහමින් දැම්මෙ නැහ්නං පොඩ්ඩෙං මැලවෙනව."
ආච්චම්මා වතුර හැලිල්ලට කරුණු දක්වන කොට කිරි නැන්දයි මායි දළු ගොඩ ගෝනියකට දාලා ලනුවකිං බැඳලා බයිසිකලේ ලැකිජ්ජෙකටත් පටෝනවා. මං නයිලෝන් ලණු දෙපොටිං ඒක තද වෙන්න ලැකිජ්ජෙකට තියලා බැඳගන්නවා.
“උපසේනෙකෙං ගෝනියක් ගනිං. ආර්ටියැස් එකෙනුත් එකක් ගනිං“
ගෝනියට පුරෝලා ඉතුරු දලුටික පෝර කවරෙකට දාලා හැඬල්ලෙක උඩිං තියාගන්න පුරුදු කරගත්තෙ මං. හැබැයි එතකොට කවරෙ බැල්ලෙක උඩ නිසා බැල්ලෙක වදින්නෑ. ඒ වෙලාවට ඉතිං අඩි පාර දිගේ යන මිනිස්සු අයින් කරගන්න කටේ පිහිට තමයි.
“හීං ආතේ ඕං අයිං වෙන්නෝ....“
“රංවොලාච්චියේ අහට්ට වෙන්නෝ“
“සඳෙයෝ පළ අහකට මැරෙන්නැතුව“
බල්ලෙක් හිටියොත් ඒක ටිකක් වෙනස්
“ දුප් බල්ලා දුප් දුප්“
හරකෙක්ට නං
“හොයි කොටියා. හොයි. හොයි ජී...හ“
හැබැයි මාමගෙ බයිසිකලේ ගෙනාපු දවසට මේ මොනවත් ඕනි නෑ. එක රෝදයක් පොඩි රබර් මුලක් උඩිං පැන්න ගමං චේන්නෙක චේන් කේස් එකේ වදින සද්දෙයි මඩ්ගාඩ් එක රෝදෙ වදින සද්දෙයි සීට්ටෙකේ පැලිච්ච තැන ඈත්වෙලා එතැනට මගෙ පස්සෙං පලුවක් අහුවුනාම කියවෙන වචනෙයි ඇහෙන කාට උණත් හිතෙන්නෙ ලෝක විනාසෙ වෙනවා කියලයි. ඒ වෙලාවට පාරෙ ඉන්න අය අකුල්වලට පනිනවා. හරක් කඹ කඩාගෙන දුවනවා. බල්ලො සක්කොලක් නැතුව දුවනවා. ඒ නැතත් බයිසිකල් බෝලයක්, ග්‍රීස් බිංදුවක් දැකලා නැති සෙන්ටල් ඇක්සලේ විසින් පැටල් අතේ සෑම වට බාගෙකටම සැරයක් නගන “ජිර්ක්.. බිර්ක්...“ සද්දෙම ඇති හැතැක්ම බාගෙයක් දුරට ඇහෙන්න. මං මාමගෙ බයිසිකලේ අරං යනව දකිනකොටම ***** ආතා දැක්කොත් මට කියන්නෙ එකම දෙයයි.
“අනේ පුතේ මං හරප්පැටියව පාරයිනෙ බැඳ තියාතිව්වා. ඌව බය නොකර හීංසැරේ පලෙයං. මතකනෙ එක වංගියක් ඌ ඕකෙ සද්දෙට බයවෙලා මාවත් ඇදං අගලක් පල්ලෙ පැන්නා.“
ඉඳ හිටලා පාරෙ මෙහා කොනේ ඉන්න හරකෙක් පාරෙං අනික් පැත්තට පැනලා පාර හරහා කඹේ ඇදලා තිබුනොත් හරි ගැරඬියෙක්, ඇහැටගුල්ලෙක් ආදී සතෙක් පාර හරහා ගියොත් හරි ඇරෙන්න ඒඳඬු දෙකක්, පාලං දෙකක් හරහා යන මගේ ගමනට බාදාවක් නෑ. හැබැයි වැහි දවසක් වුනොත් පාර මඩ වෙච්ච තැංවල ලිස්සලා හොස්ස කට තලාගන්න අවස්ථා අඩු නෑ. එතකොට ගෙදර ආපු ගමං බයිසිකලේ ඉස්සරහ රෝදෙ දෙබලකට හිර කරලා හැඩල්ලෙක කෙලිං කරලා හදාගන්න ඕනි.
දලු ගෝනියයි, කවරෙයි දෙකම ඉස්තෝප්පුවෙ බිම සිමෙන්තියෙ හලලා වතුර ජොග්ගු දෙකක් පුරෝලා ඒකට හලලා දලු ගොඩ හොඳට අවුස්සලා අහුරු ලිහලා දලු ගොඩේ මැදිං වලක් හදන්න ඕනි. නැත්තං දළු රත්වෙලා තැම්බෙන්න පුලුවං. ඊළඟට වැඩ කොටස තියෙන්නෙ පුංචම්මට.
“පුංචියේ ආච්චම්ම කිව්වා උපසේනෙං එකයි ආර්ටියැස්සෙකෙං එකයි ගන්න කියලා“
පුංචම්මා කඩේ තියෙන හිස් කාඩ්බෝඩ් පෙට්ටියකිං පියනක් ඉරාගෙන ලිපේ අඟුරු කෑල්ලකිං බෝඩ්ඩෙක ලියනවා. ලාඩප්පා කෝට්ටක් කඩාගෙන ඒකෙ පැත්තක් අඟල් දෙක තුනක් දිගට පලලා ඒ කරුව අස්සෙ බෝඩ්ඩෙක රඳවනවා. ඉං පස්සේ ඒක පාර අයිනෙ පස බුරුල් තැනක කෙලිං අතට හිටෝලා තියනවා.
![]() |
ටික වෙලාවකිං අහල පහල අයත් පාර අයිනේ මේ වගේ කිරි පෙට්ටි කෑලි, කාඩ්බෝඩ් කෑලි ආදියෙං හදාපු දුප්පත් බෝඩ් කෑලිත්, ලැකර් වලිං තහඩුවල ලියපු අහංකාර බෝඩ් කෑලිත් ලාඩප්පා කෝටු, පරණ කොහු ඉදල් මිටි ආදියේ උලගහලා පාර අයිනේ හිටෝලා තියලා තියනවා. ඒ බෝඩ් කෑලිත් පාර දිහා බලාගෙන හුළඟට නොවැටී ඉන්න උත්සාහ කරනවා. හැබැයි වැහි දවසට මේ කාඩ්බෝඩ් බෝඩ් ලෑලි එලුවංගෙ කං වගේ නිහතමානි වෙන්න වැඩිවෙලා යන්නෙ නෑ. එදාට තහඩුවල ඇඳපු බෝඩ් කෑලි තවත් අහංකාරයි. අදටත් දවල් එකොලහ දොලහ වෙද්දි සබරගමුවේ පාරක් දිගේ යන කෙනෙක්ට මේ විදිහෙ ඉංගිරිසි අකුරු ලියපු බෝඩ් කෑලි දකින්න පුලුවං.
දවල් දොලහේ සිට එක හමාර විතර පහුවෙනකං අපේ ගම පහුකරගෙන දලු ලොරි එලවං යන මයිකල් ෂූමාකර්ගෙ බාප්පගෙ පුත්තු සෑහෙන ගානක් ඉන්නවා. ලොරිය ගමන පටං ගන්න තැනදි, වංගුවකදි, නවත්තපු තැනකදි ඇරෙන්න අනික් වෙලාවට තියෙන්නේ ගුවනේ. ඒ හිංදා දළු ලොරිවලට අදාල ජාත්‍යන්තර ගුවන් නිතිය මිසක් මාර්ග නීති නෙමෙයි. තමුන්ට දලු දෙන ගොදුරු ස්ථාන ලං වෙනකොට බ්රේක් එක වෙනුවට හෝන් එකේ බෙල්ල පාගගන්න මේ පුත්තුංගේ එලවිල්ලට ඔරොත්තු දෙන ගෝලයෙකුත් ලොරියෙ පිටිපස්සෙ ඉන්නවා. හැතැක්ම ගානක් දුර තියා වුනත් තමුංගේ ලොරියට අයිති බෝඩ් එක කියවන්න තරං දුරදක්න ඇහැකුත්, තමුංගේ ලොරියට අදාල බෝඩ් කීපයක් එක තැන තිබුනොත් ඒවායේ ගෝනි ගණනේ එකතුව තප්පරයෙන් සීයෙං පංගුවකිං ගණනය කිරීමේ හැකියාවකුත්, එසැනිං අහක බලාගෙනම ඒ ගෝනි ගණන ගෝනි මිටියෙං ඇදගෙන ලොරියෙං ඉවතට විසිකරමින් “හරෙයාං“ කියා ලතෝනි දීමේ හැකියාවකුත්, නාය යන කන්දක් හෝ කඩා වැටෙන බිල්ඩිමක වහලෙ උඩ, කුලප්පු වුනු අලියෙක්ගෙ පිට උඩ, නෑඹිලියක් උඩ ආදී ඕනෑම තැනක නොවැටී සිටිය හැකි තරම් සමබරතාවකුත් මේ ගෝලයන්ට තියෙන්න ඕනෑ.
මේ ගෝලයන්ට තරම්ම තීක්ෂණ ඇසක් සහ කනක් අපිටත් තියෙන්න ඕනෑ. හෝන් එකේ සද්දෙං ‘මේ එන්නේ අහවල් ලොරිය තමා‘ කියා හිතාගැනීමේ හැකියාවකුත්, එසැනිං පාරට පැනීමේ හැකියාවකුත්, තප්පරෙන් දෙසීයෙං පංගුවකදී ගුවනේ පාවී එන ගෝනි ගණන ගනං කර ගැනීමේ සහ ඒ අතරිං අලි රිංගන හිල් තියෙන කබල් ගෝනි තිබේදැයි හඳුනාගැනීමේ හැකියාවකුත්, එසැනිං ඒ කබල් ගෝනිය අල්ලා ආපහු ලොරියට විසිකර
“මේ රෙද්ද තියාගෙන වෙනිං එකක් දියං යකෝ“
“ මෙතන එකක් අඩුයි. තවේකක් දියාාාං“
ආදී වශයෙන් බිරුසන් දීමේ හැකියාවත් අපට තියෙන්න ඕනෑ. ලොරිය ගියාට පස්සෙ අපි අපේ ගෝනියත් අරගෙන ගෙදර එන්නේ අනික් අතිං බෝඩ් කෑල්ලත් අරගෙනයි. ඉස්තෝප්පුවෙ බිත්තියට හේත්තු කරන ‘බෝඩ් කණුවෙ‘ තියෙන කෝට්ට ඊළඟ පැයේදී අතා බල්ලොංව එළවන ආයුදේ බවට පත්වෙනවා.
ආයිමත් හවස දෙක වෙත්දී මං ආවට පස්සේ ආච්චම්මයි, කිරි නැන්දයි කඩාපු දළු ටික අරං එන්න මං මගේ දවසේ අවසන් හයර් එක දුවනවා. ඒ දළු ටිකත් කලිං ගෙනා දළු ගොඩටම එකතු කරලා තව වතුර කෝප්ප දෙක තුනක් හලලා කවං කරනවා. ඉං පස්සේ ගෝනි දෙකට දාලා හොඳට තද කරනවා. නැත්තං දළු බර හිටින්නේ නැතිලු. අන්තිමට ගෝනියෙංම කඩාගන්න ලණුවකිං ගෝනියෙ කටේ හතර මුල්ල ඇදලා එක්කහු කරලා අරගෙන අදින ගැටයක් දානවා. දලු ගෝනි දෙක පතුරු බලන්සෙං කිරලා ගනං දෙක ආච්චම්මට කියලා ඒවා පාරට ගිහිං දාපුවම මගේ වැඩ ඉවරයි. (වැහි දවසට නං දළු ගෝනි තියන්නෙ ඉස්තෝප්පුවෙ වැහිපීල්ලෙං වතුර බිමට වැටෙන බටේ යටිං.) ටික වෙලාවකිං අවට අනික් අයත් තම තමංගේ දළු ගෝනි අරගෙන ඇවිත් පාර අයිනෙ හෙවනෙං තියාගන්නවා. ඉං පස්සෙ අයිනක බිම ඉඳගෙන කයිවාරු පටං ගන්නවා. රටේ තොටේ විස්තර, දවල් පෙවුත්ති වලට කියාපුවා, පිංකං, බණගෙවල්, දානෙ ගෙවල්, දේසපාලනේ, බඩු ගනං, මාලු බෑම, ගොයංවල ලෙඩ, ගොඩවෙදකං, දලු හොරට කිරන එවුං, හොඳ දුංකල තියෙන කඩවල්, නඩු ආදිය ගැන මේ වගේ විද්වත් කතිකාවකට තව ඕනැ වෙන්නේ බුලත්විටක් විතරයි.
ටික වෙලාවකිං අට්ටි හතරකට දළු ගෝනි පටවාගත් ලොරි එකින් එක එන්න පටං ගන්නවා. ලොරිය නවත්තපුවම ඉස්සරහ ඉන්න 'මහත්තයා' බිමට බහිනවා. එයා අතේ බලන්සෙකුයි දළු ගනං ලියාගන්න පොතකුයි තියෙනවා. ලොරියෙ පිටිපස්සෙ තට්ටුවෙ බටයක් අස්සෙං ටිකක් දුර රිංගවල තියෙන යකඩ කොක්කෙ බලන්සෙ එල්ලලා දළු ගෝනි කිරනවා. ඉං පස්සෙ කිලෝ ගාන කියනවා. සමහර වෙලාවට ගෝනියෙං දළු ඩිංගක් ඇදලා අරං බලනවා.
"විසි පහයි. මොකෝ මේ දළු මෝරල නේද හොඳටොම නැංදම්මෙ."
"මොන මේරිල්ලක්ද හරියට දවස් හතෙං කඩාපුව"
ආච්චම්මා උත්තර දෙනවා
"දළු තෙතයිනෙ නැංදම්මෙ. වතුර ගැහුවද?"
ඒකට ආච්චම්ම ගාව යස උත්තරයක් තියෙනවා.
"ඔය උදෙං කඩාපුවනෙ මහත්තය. තාම පිනි. ඒකවෑං මිසක් අපිනං දලුඔලට කිසියං කිසි දවසක වතුර ඩිංගක් ගහන්නෑ."
කිරපු දළු ගෝනි එකිං එක ලොරියෙ තට්ටුව උඩට විසි කලහම ගෝලයා ඒවා දළු ගෝනි අට්ටියට තියලා තද කරලා අනෙක් ගෝනි මට්ටමට එන්න පාගනවා. දළු අයිතිකාරයො තමුංගෙ දළු පොත් 'මහත්තයා' අතට දෙනවා. එයා තමුංගෙ පොතෙත් ලියාගෙන අයිතිකාරයගෙ පොතෙත් දළු ගනං දානව. දළු ගෝනියක කිලෝ ගණන දහයට වැඩි නං ගෝනියට කිලෝ එකකුත්, වැහි දවසක නං වතුරට කිලෝ එකකුත් අඩු කරනවා.
ලොරියෙ ගෝලයා බලන්සෙ එල්ලන කොක්ක ලොරියෙ ඇතුල් පැත්තට නමනවා, 'මහත්තයා' ලොරියට නගිනවා. ලොරිය පිටත්වෙනවා. ගෝලයා දළු ගෝනි අට්ටියෙ මුදුනෙ ඉඳගෙන 'හරේයාං' කියලා බුලත්විටක් කන්න ගන්නවා. ආච්චම්මා දළු පොත පුංචිගෙ අතට දීලා
"බලහං මැණිකෙ මේකෙ ගාන"
කියනවා.
"හතලිස් හයෙං දෙකක්කපල හතලිස් හතරයි."
"ඇති එහෙනං ගෝනි දෙකට ඉතරයි කපල තියෙන්නෙ. වතර ඩිංගක් නෙගැහුවනං ඔය ටිකවහ් නෑ"
"විසි පහයි. මොකෝ මේ දළු මෝරල නේද හොඳටොම නැංදම්මෙ."
"මොන මේරිල්ලක්ද හරියට දවස් හතෙං කඩාපුව"
ආච්චම්මා උත්තර දෙනවා
"දළු තෙතයිනෙ නැංදම්මෙ. වතුර ගැහුවද?"
ඒකට ආච්චම්ම ගාව යස උත්තරයක් තියෙනවා.
"ඔය උදෙං කඩාපුවනෙ මහත්තය. තාම පිනි. ඒකවෑං මිසක් අපිනං දලුඔලට කිසියං කිසි දවසක වතුර ඩිංගක් ගහන්නෑ."
කිරපු දළු ගෝනි එකිං එක ලොරියෙ තට්ටුව උඩට විසි කලහම ගෝලයා ඒවා දළු ගෝනි අට්ටියට තියලා තද කරලා අනෙක් ගෝනි මට්ටමට එන්න පාගනවා. දළු අයිතිකාරයො තමුංගෙ දළු පොත් 'මහත්තයා' අතට දෙනවා. එයා තමුංගෙ පොතෙත් ලියාගෙන අයිතිකාරයගෙ පොතෙත් දළු ගනං දානව. දළු ගෝනියක කිලෝ ගණන දහයට වැඩි නං ගෝනියට කිලෝ එකකුත්, වැහි දවසක නං වතුරට කිලෝ එකකුත් අඩු කරනවා.
![]() |
දළුපොතක් |
![]() |
නවීන දළු ගෝනියක් |
ලොරියෙ ගෝලයා බලන්සෙ එල්ලන කොක්ක ලොරියෙ ඇතුල් පැත්තට නමනවා, 'මහත්තයා' ලොරියට නගිනවා. ලොරිය පිටත්වෙනවා. ගෝලයා දළු ගෝනි අට්ටියෙ මුදුනෙ ඉඳගෙන 'හරේයාං' කියලා බුලත්විටක් කන්න ගන්නවා. ආච්චම්මා දළු පොත පුංචිගෙ අතට දීලා
"බලහං මැණිකෙ මේකෙ ගාන"
කියනවා.
"හතලිස් හයෙං දෙකක්කපල හතලිස් හතරයි."
"ඇති එහෙනං ගෝනි දෙකට ඉතරයි කපල තියෙන්නෙ. වතර ඩිංගක් නෙගැහුවනං ඔය ටිකවහ් නෑ"