ඔන්න ඒ ගමන
සංගීත කණ්ඩායමේ නායකයා ආයිමත් නිවේදකයට මයික්කෙක දෙනව.
ඔඳයි
ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් ඔභඝේ ඝේයි ඝේයි ඝේයි බ්‍රිය නිව්වේධක ............ට
නැවදද් මයික්‍රභෝනය නය නය නය නය .
එයිං පස්සෙ
සංගීත කණ්ඩායමට තියෙන්නෙ සංගීතෙ දෙන්න විතරයි.
“ඔඳයි
ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් බෙන්ඩ න්ඩ න්ඩ න්ඩ න්ඩ අද ධවසේ සේ සේ සේ සේ මේ බහා
හා හා හා හා සංඝීද රාද්‍රීයේ යේ යේ යේ යේ බලබු ගායඩ දරුව ව ව ව ව එධා බෙධා දුර ර ර
ර ර ගායඩ ගෙදේ දේ දේ දේ දේ ජයගෙහෙලි ඩැංගූ ගූ ගූ ගූ ගුවග්ගිදුලියේ, රූබවාගිනියේ යේ
යේ යේ ඩිග් විජය ගල ගල ගල බ්‍රසංඝ වේදිඝාව ආඝ්‍රබනය ගල ගල ගල ඒ අස්සගාය ගාය ගාය ගාය
ගායඩ දරුව ව ව ව ..................................
(විසිල් සමග අප්පුඩි උඩ පැනිලි, සමහරු සෙල්ලං නලා හිට පිඹිනව)
එඩ්ඩඩ්.... එඩ්ඩඩ් ජය..ගොඩී..ඊ ඊ ඊ ඊ“
(විසිල් සමග අප්පුඩි උඩ පැනිලි, සමහරු සෙල්ලං නලා හිට පිඹිනව)
එඩ්ඩඩ්.... එඩ්ඩඩ් ජය..ගොඩී..ඊ ඊ ඊ ඊ“
සරමක් ඇඳල
එයිට උඩිං පොලවෙ ගෑවෙන්න අඩි බාගෙයක් තරං දිගිං අඩු කමිසෙයක් ඇඳපු, අපේ තුන වසරෙ
ඉංග්‍රීසි පොතේ හිටිය‘අයිම් ටාරෝ අයිං පොං නයිජීරියා‘ ගෙ වගේ ගෙඩි ගෙඩි
කොණ්ඩයක් තියෙන මනුස්සයෙක් ඉනිමග දිගේ ඉස්ටේජ්ජෙකට නගිනව. එතකොටම වාදක කණ්ඩායම
වාදනේ පටං ගන්නව. පාට ලයිට්, ගැහෙන ලයිට්, එලිය බෝලෙ සේරම වැඩ පටං ගන්නව.
ඩ්‍රක
ඩංඩං ඩ්‍රක ඩංඩං ඥාක ඥකඥ ඥාක ඥකඥ ඥකඥාඥේ ඥාක ඥකඥ ඥාක
ඥකඥ ඥකඥාඥේ
ගායකයා
මයික්කෙක අතට ඇරං පිලිමෙ වගේ හිටගෙන සිංදුව කියනව. ඒ ගමං එක අතක් විතරක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරනව.
ආයි ඩිංගක් නැමෙනව. හැම සිංදුවක්ම කියල ඉවර වෙනවත් එක්කම එයා කොන්ඩරියක් ගහන්න තරං ඉස්සරහට
නැමෙනව. එයා කියන සිංදු ටිකක් වේගෙ මදි හිංද හුඟක් අය නටන්නෙ මල් නැටුම වගේ එකක්.
ඒ උනාට සිහි නැතිවෙන තරං බීපු කෙනෙක් ගිනිපාගනව වගේ අමුතු නැටුමක් නටනව. එයා
නටන්නෙ සිංදුවට නෙමෙයි.
ඔය විදිහට
සිංදු ගානක් කිව්වට පස්සෙ ඒ ගායකයා ඉස්ටේජ්ජෙකෙං බැහැල යනව. ආයිමත් නිවේදකයා
හාප්සීට් කොල ටිකත් ඇරං මයික්කෙකට අත තියනව. එයා කතාකරන අතරෙ නිකා ඉන්න බැරුව සංගීත
කණ්ඩායමේ අය සංගීත භාණ්ඩ නිල් පාටිං සද්ද කරනව.
“ඔඳයි
ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් බ්‍රියාදර දර දර දර ඥිවුක්.....
රසිග ඉතවදුනි නි නි නි අබි අබගේ ඩ්‍රබ්
දුබ් අඩුග්‍රාඅක බවදුඩ් ඥඥක්
ඥඥක් බදග් සිගිබද් ගරමු ගරමු ගරමු
ගරමු. ටිනික් ටිනික් බ්‍රසිද්ද
ද ද ද ව්‍යාබාරිග රිග රිග රිග............................
මේ නං
ලැයිස්තුවට මැණික් මුදලාලිලගෙ පටං බෙන්තර බෙහෙත් බඩු කඩේ මුදලාලි, පත්තර කඩේ
මුදලාලි, ආදී සියලු දෙනාගෙ නංගං වගේම ඒ ගොල්ලංගෙ කඩවල්වල විකුණන්න තියෙන බඩු
මුට්ටු හිට කියවෙනවා. නටපු අය ඊළඟ නැටිල්ල පටං ගන්න හති අරිනවා. මාත් අයිස්කිරිමක්
කෑවනං හොඳා. පුංචිටත් ඒකම හිතිල තිවුනොත් හරි.
..... ඈ බොලේ කෝ මේ පුංචි? මුංදැ
නෑනෙ. මං වටපිට බලනව. මෙයා අයිස්කිරිං ගේන්නවත් ගිහිංද දන්නෑ. මට කියන්නැතුව ගියෙ?
කියන්නැති මට මේ සද්දෙට ඇහෙන්න නෑ. හැබැයි වෙනදටනං මට ඇහුන්නැතොත් කනෙං අල්ලල
හොල්ලල අහනව “ඈ බොල බීරො තොගෙ කං ඇහෙන්නැද්ද“ කියල. කොහොමටත් තව
ඩිංගෙං එයිනෙ. ඊළඟ සිංදුව බලන්න එන්නෙපායැ. මං සාක්කුවට අතදාල බලනව. රුපියල්
පහලොහම තියෙනව. ඒ අතරෙ පොලිසියෙ අයත් දෙතුං දෙනෙක් බැටං පොලු ඇරං වටේ පිටේ කැරකෙනව. බීපු අය
අල්ලනවනං ඔය ඕන හැටියෙ ඉන්නෙ.
ඊළඟට සිංදු
කියන්න එන්නෙ “භිග්ඩර් රද්ඩායග“ බව කියවෙනවත්
එක්කම වදින විසිල් පාරට මං ඉස්ටේජ්ජෙකට හැරෙනව. ඒ පාරත් අරවගේම සරමට උඩිං දිග
ගවුමක් වගේ කමිසයක් ඇඳපු ටිකක් උස මිනිහෙක් සිංදු කියන්න එනව. එයාගෙ කොන්ඩෙ කපල
නෑ. දිගට වැවිල. ගෑනියෙක් වගේ. පුංචිඅප්පු ආතටත් ඔයවගේ කොන්ඩෙයක් තිවුනට එයානං ඒක
ගැටෙයක් ගහල බඳිනව. සමහර විට ගායකයින්ට කොන්ඩෙ කපන්න තහනං ඇති. එයත් හිටි පිලිමෙ
වගේ හිටං සිංදු කියනව. මයික්කෙක තියෙන අත නෙවෙයි අනික් අතිං ඉස්ටේජ්ජෙකේ දෙපැත්ත
පෙන්නනව හිටපු ගමං. අපේ ආතත් කුඹුරට ගියහං ඔය විදිහට නියර උඩ හිටං ලියැද්දට අත
දික්කොරල“මේං බලහං මේ ලියැද්දම ගන්න දෙයක් නෑ මැස්සො බීල“ කියල මට
පෙන්නනව.
එයත් සිංදු
කියල යනව. දැන්නං පුංචම්ම අයිස්කිරිං ඇරං එන්න වෙලා. මං වටපිට බලනව. දැන්නං මුංදැ
හොයන්න වෙනව. පොලයි ඉස්ටෑන්ඩෙකයි වෙංවෙන මායිමට තැනිං තැන හිටෝපු කනුවක් ගාව කරුවලේ
යංතං වදින ලැයිට් එලියට පුංචම්මගෙ සායෙ පාට පේනව. මං එතෙන්ට යනව. අඩුම ගානෙ මට හරි
අයිස් කිරිමක් ගේන්න යන්න කලිං කියල යන්නෙපායැ. නැත්තං මට බැනුං අහන්න වෙනව “තෝ කොහෙද ගියෙ බොල“ කියල.
පුංචම්ම
තමා... ඈ ... මෙන්න බොලේ එතන පුංචම්ම ඉතරක් නෙමෙයි කනුවට හේත්තුවෙලා හිටං ඉන්නෙ
හොඳ සරමක් කමිසෙයක් ඇඳල කැප්පෙකක් දාගෙන ටෝච්චෙහෙකුත් අතේ තියං ඉන්න සුදුපාට
මිනිහෙක්. පුංචම්ම ඒ මිනිහගෙ ඇඟට හේත්තුවෙලා හිටගෙන උඩට හැරිල ඒ මිනිහගෙ මූණ දිහා
බලං ඉන්නව. ඒ මනුස්සයත් අත් දෙකෙම්ම පුංචම්මව දෙපැත්තෙං වට කරල අල්ලගෙන පහලට හැරිල
පුංචම්මගෙ මූණ බලං ඉන්නව. කැරකෙන ලයිට් එලියක් ඒ දෙන්න පහුකරං යද්දි ඒ මනුස්සයගෙ
දත් වහල්ල සුදට පේනව. ඒ දෙන්න හිනාවෙවී ඉන්නෙ. ආච්චම්ම කියන විදිහට පුංචම්ම මෙයාගෙ
‘කට කල්ල විසික් වෙන්න‘ ගහනෙකක් නෑ වගේ. මේ වගේ ඉන්න පිංතූර
පුංචම්මගෙ ඇඳේ පැදුර යට තියෙන සුවඳ පත්තරෙයි, සඳරේනු පත්තරෙයි තියෙනව. එව්වයෙ තියෙන
කතාවල ඉන්න අය වගේ මේ දෙන්නත් ‘ලව්‘ කොරනවද කොහෙද? ආං ඒගමං පුංචිගෙ නහයත් ඒ මිනිහා මිරිකනව. මං පුංචම්ම ගාවට යනව.
“පුංචියේ
මං අයිස්කීං එකක් ඇරං එන්නං“
පුංචම්ම මගෙ
දිහා බලනව. හිනා මූණ මොහොතිං පරන රකුසු මූනට හැරෙනව. අර මිනිහට පුංචම්මව අතෑරෙනව.
අදනං විසුං හමාරයි.
“...............................................“
ඊළඟ සිංදුවෙ සද්දෙට
එයා කියන මෙලෝ දෙයක් මට ඇහෙන්නෑ. මං ආයිමත් කියන ගමං අයිස්කිරිං වෑන්නෙක දිහාට
ඇඟිල්ල දික්කරල එයාට පෙන්නනව.
“...............................................“
කියල එයා මට
රුපියල් විස්සක් දෙනව.
“කීයක්
ගේන්නද?“
මං යටිගිරියෙං
කෑගහල අහනව.
“උඹ
කාහං. අපිට එපා“
බැරිම තැන පුංචම්ම
මගෙ කනෙං ඇදල ලඟට ඇරං මගෙ කණ ඇතුල්ටම කට ඔබල කියනව. කනෙං ඇද්දට මොකද රුපියල්
විස්සක්නෙ. මං අයිස් කිරීමක් ගෙනැත් කනව. අර දෙන්න තවමත් කනුවෙ ඉන්න බව මට පේනව. තව ටිකකිං මට
ආයිත් අයිස් කිරිමක් කන්න හිතෙනව. ආයි යන්න කලිං අහන්නෝන. මං කනුව ගාවට යනව. ඒ
දෙන්න මූනිං මූන බලාගෙන තාමත් ඒ විදිහටම ඉන්නව.
“පුංචියේ
මං ආයිත් අයිස්කීං එකක් ඇරං එන්නං“
පුංචම්ම
ආයිමත් මගෙ දිහා කන්න වගේ බලල කනෙං ඇදල ඇරං කන ඇතුලටම කට දාල මෙහෙම බෙරිහං දෙනව.
“ඕනැ
එකක් කාහං එතෙන්ටම වරෙං. මං එතෙන්ට එනකං හිටාං ඉඳා“
තව රුපියල්
විස්සක්? නරකම නෑ, කලිං විස්සෙනුත් පාලොහක්
ඉතුරුයි. මං ආයිමත් යනව අයිස් කිරිමක් කනව. ආයි රටකජු ගොට්ටක් කනව. ආයි
බොම්බයි මොටයි කනව. ආයි වඩේ කනව. ආයිමත් අයිස් පලමක් කනව. විටිං විටේ කනුව දිහාත්
බලනව. එකපාරක් පුංචම්ම ඒ කනුව ගාව නෑ. ආයි ටිකකිං බලද්දි ඉන්නව. ඒ ගොල්ල සමහර විට
අයිස්කිරිං වෙනම ගෙනැත් කන්නැති.
ලයිට් එලි
බැලීමත්, දුං ගහනව බැලීමත්, මිනිස්සු නටනව බැලීමත් ඇරුනකොට සිංදු ඇහිල්ල මට අල්ලල
නොගිය හිංද මං දිගටම කෑම ගැනම අවධානෙ යොදාගෙන ඉන්නව. එකපාරටම මට ඉස්සරහිං හිටපු
කාණ්ඩෙ සීසීකඩ දුවන්න ගන්නව. එතන කට්ටිය කෑ ගැහුවට සිංදුව හිංද ඇහෙන්නෑ. නට නටා
හිටපු එකෙක්ව බිම දාගෙන තව දෙතුං දෙනෙක් පයිං ගහනව. ඒ අතරෙ තව කට්ටියක් සෙනග
අස්සෙං දුවං ඇහිල්ල ඒ කට්ටියට ගහනව. අන්තිමට සේරම එක පොදියට ගුටි ඇනගන්නව.
සමහරුංගෙ සරොං කැඩිල ලංකට්ටෙක පේනව. ගෑනු කීප දෙනෙක් කෑ ගහනව. ඒ ගොල්ලංගෙ කට ඇරුනට
සද්දෙ ඇහෙන්නෑ. පොලිසියෙං කීප දෙනෙක් එතෙන්ට කඩාවදිනව. රණ්ඩු වෙච්චි කට්ටියගෙ
පොදියෙං උඩිං හිටපු ටික පැනගන්නව. අනික් කාණ්ඩෙ පොලිසියට අහුවෙනව. මං විගහට කනුව
ගාවට දුවනව.
“පුංචියේ
වලියක් වලියක්... පුරාම කට්ටියක් ගහගන්නව“
මං අත දික්කර
කර ඒ පැත්ත පෙන්න පෙන්න කියනව. පුංචම්ම ආයිමත් පෝස්සෙක දිගාරින්නෙ මට කීයක්හරි
දෙන්න. එයා හිතන්නෙ මං අයිස්කිරිං කන්න සල්ලි ඉල්ලනව කියල.
“නෑ
නෑ පුංචියේ අතන වලියාක්. මිනිස්සු ගහගන්නව“
මං පුලුවං තරං
හයියෙං බෙරිහංදීල කියල පුංචිගෙ අතේ තියෙන රුපියල් විස්සත් ගන්නව. ඒක ඇහිච්චි ගමං
පුංචිව අල්ලං හිටපු මිනිහත් සෙනගට උඩිං කොකෙක් වගේ බලනව. ඉං පස්සෙ එයා පුංචිට
මොනවද කියනව. පුංචිත් මොනවද කියනව. මේ
කතාවෙන්නෙ යන්න කියල තමා. යං කියල පුංචම්ම මට අතිං කියනව. අර මනුස්සයත් අපේ පස්සෙං
එනව. අපි තුංදෙනාම ඔල්ලෝසු කනුව ගාවට එනව. බස් නවත්තන්නෙ එතන. මගෙ කනටත් ටිකක් සහනෙයි.
දැං සද්දෙ ටිකක් අඩුවෙං ඇහෙන්නෙ.
“යං
තේ ටිකක් බොන්න“
අර මනුස්සය
පුංචිට කතා කරනව.
“බෑ
එපා“
පුංචම්ම
කියනව. අපරාදෙ. හා කිව්වනං රෝස්සෙකක් කන්න තිවුන.
“එහෙනං
ඉන්නකො පොඩ්ඩක්“
ඒ මනුස්සය
ටිකකිං කඩදාසි කවරෙක දාපු මොනවද ජාති ටිකක් දාගෙන ඇවිත් පුංචිට දෙනව. අපි බස්සෙකට
නගිනව. පුංචම්මනං අකමැත්තෙං වගේ බස්සෙකට නගින්නෙ. අර මනුස්සයත් බස්සෙක පිටත්වෙනකං
බස්සෙක ගාව ඉන්නව. හිටපු ගමං බස්සෙකේ වීදුරුව ගාවට ඇහිල්ල රහසිං පුංචිට විතරක්
ඇහෙන්න මොනවද කියනව. බස්සෙකේ සෙනග පිරිල. හෙල්මට් අතේ තියාගත්තු පිරිමි රංචුවක් පුට්බෝට්ටෙකේ
ඉඳං මහ හයියෙං හිනාවෙනව. බස්සෙක අද්දල එද්දි අර මනුස්සයයි පුංචම්මයි මූනු දිහාම
බලං ඉන්නව.
නිකෝඩ හංදියෙං
බැහැල ඉතුරුටික පයිං එමිං ගමං පුංචම්මයි මායි අර කවරෙ තියෙන ජාති කනව. ඒකෙ
තියෙන්නෙ රෝස්.
“කවුද
පුංචියෙ මේ රෝස් ඇරං දුන්න මනුස්සය“
“උඹට
වැඩහ් නෑ ඒවෑං. උඹ ඒ ගැන කට හොල්ලනව නෙමෙයි හොංද“
“හා..
මං කියන්නෑ“
“කියල
තිවුනොත් ආයි කිසියම්ම කිසි දිහාවක ගෙනියන්නෑ උඹොව“
“හා“
එදා රෑට මං
නිදාගන්නෙ මහගෙදර. පහුවදා ඉස්කෝලෙ යන්න බෑ. පිනිබාල මට කැස්සයි හෙම්බිරිස්සාවයි.
“මොනොව
කාලද බොල හෙම්බිරිස්සාව හදාගත්තෙ? දැං බලහං ඕකටත් බැනුං අහන්න වෙන්නෙ මැණිකෙට.“
ආච්චම්ම මට
සැර කරනව.
“මං
කෑවෙ අයිස්කිරිනුයි, සටකජුයි, බොම්මයි මොටයිනුයි, වඩෙයි, අයිස්පලනුයි ඉතරයි. වෙන
මොකවක් කෑවෙ නෑ.“
“ඔය
කාල තියෙන්නෙ. බඩජාරි කමට. තෝ පුංචිට දුන්නැද්ද?“
“එපා
කිව්වෙ“
“බඩජාරි
කමට කෑවහං ලෙඩ හැදෙනව. බලහංකො බොලෑ ජෝකපාල බාප්පලෑ ගෙදර අයියයි අක්කයි දෙන්න. උංට
ඉස්කෝත්තක් හම්බ උනත් හැමෝටම බෙදනව. දැං මෙතන හිටියනං මටක්කෑල්ලද්දීල,
ආතටක්කෑල්ලද්දීල, ගුනොවරදනටත් කෑල්ලද්දීල, මුටනං දුන්නට මූ කන්නෑ. තියෙන ආනාදිකමට. නැත්තං ඒ ළමයි හැවෝටම දෙනව.
එහෙමයි ඒ ළමයි. කවම කවර දාකවත් නොදීකන්නෑ. ඉතිං ලෙඩ හැදෙන්නෑ“
ආච්චම්ම මගෙ
වැරැද්ද කියල තමුංගෙ දුව බේරගන්න කටයුතු කරනව.
“ඔය
සංගීතෙ කියනඑක මොකද්ද සුරංග. උඹ දැක්ක හැටි කියහංකො“
ආතත් මගෙං අහනව.
“ඒක
පුරාම විසාල ඉස්ටේජ්ජෙකක් ආතෙ. සංගීත බාන්ඩ හැමේකක්ම තියෙනව. මයික් එහෙම පුරාම
තියෙනව. සද්දෙ එන්නෙ ලයිස්පීකර ඔලිං නෙමෙයි. විසාල බපල් පෙට්ටි ඔලිං.
.................................................“
මං විස්තරේ
ආතට කියනව.
“ඉතිං
මිනිස්සු ඔහෙ බලං ඉන්නව ඉතරද?“
“ආ..
නෑ ආතෙ එතන කොටහක් මිනිස්සු නටනව. අප්පුඩි ගහනව. ආයි සිංදු කියන්න ගායකයො ආවහං
විසිල් පිඹිනව. අර මං පිඹින්න වගේ උරුලෑ
නෙමෙයි. අර ගනේවිටේ මද්ද එහෙම වසන්තෙලෑ ගෙදෙට්ට ඇහෙන්න පිඹින්නෙ. ආං ඒව පිඹිනව.“
“ඉතිං
උඹයි පුංචියි නැටුවද?“
“ආ..
නෑ ආතෙ අපි බලාහිටිය ඉතරයි. මං නං උරුලෑ පිම්බ. ඒව සද්දෙ නෑ.“
“බෝ
ඉන්න තැනමද පුංචිත් හිටියෙ“
“ආ..මේ
ඔව් ආතෙ. ඔය අනික් ගෑනුනං හුඟක් ඈය පිරිමිංගෙ ඇඟට හේත්තුවෙලා හිටං හිටිය. ඒ
ගොල්ලොනං තමුං එක්ක ආපු ලමයි වෙනමම තියල තනියෙං ගිහිං ඒව මේව ඇරං කන්න සල්ලි දීල
තිවුන. අපේ පුංචිනං එහෙම කොලේ නෑ.“
“මොනොවද
බොල තෝ ඔය ආතත්තෙක්ක කියන විල්ලැජ්ජ නැති කතා. දුහුප්“
පුංචම්ම මට
දෙකක් දීල එලෝනව. මං ඉතිං පුංචම්මව බේරල අනික් ඇයනෙ ඇල්ලුවෙ. ඒත් බැනුං.
පහුවදා ඉඳං
සතියක් තරං කාලයක් සංගීතෙ ගැන මිනිස්සු කතා වෙනව. කඩේ ගාව ඉඳං මාත් එව්ව අහං
ඉන්නව.
“අර
පියංතෙය මගෙං හෙල්මට්ටෙක ඉල්ලං ගියා සංගීතෙ බලන්න. තාම ගෙනැත් දුන්නෑ.“
“උට
මොකටේ බං හෙල්මට්? ඌට තියෙනවෑ මෝටසයිකලෙයක් තියා පුබ්බයිසිකල් කට්ටක්කත්“
“ගෑනුංට
පේන්නනෙ බං. හෙල්මට්ටෙකක් අතේ තියං හිටියහං මොටෝසයිකලෙයක් තියෙන එකෙක් කියල හිතල
පැල්ලයන්න එනවනෙ.“
“හෙල්මට්ටෙකද්දනං
මංද. අබේපාලගෙ බාල කෙල්ලත් එදා රෑ පැල්ල ගිහිල්ලලු“
“ඒ කා එක්කද බං“
“අර
ලැහැත්තියෑ ගෙදර හිටිය කොල්ල එක්ක වෙන්නැති. උං දෙන්නනෙ කාලෙයත්තිස්සෙ යාලුවෙලා
හිටියෙ“
“ගල්කැටියෙ
චූටියෑ කඩෙත් කල්ල කියන්නෙ එදා රෑ“
“ඒ මොකාද බං“
“මොකාද
දන්නෙ. ඔය සංගීතෙ බලපු එවුවො වෙන්නැති. සිකරැට්ටිං එකයි, බීඩි මිටි වගේකුයි ඇරංලු.
සල්ලිනං තිවිල නෑ“
“මැණිකෙග්ගියා
නේද නැංදම්මෙ“
එක්කෙනෙක්
ආච්චම්මගෙනුත් අහනව.
“අප්පේ
මැණිකෙ ගියාට ඒකි ඔය කිසියාම්ම කිසිදේකට නෑනෙ. මුගෙත්තෙක්ක එකතැනකට වෙලා ඉඳං
බලාහිල්ල ආවලු එන්න. ඔය අනික් ගෑනුනං ඕන හැටියෙ මිනිස්සු බදාගෙන හිටිය කියන්නෙ
කනුවක් කනුවක් ගානෙ.“
“ඇත්තද
නැංදම්මෙ“
“ඔව්
මේ මූ කිව්වෙ.“
ආච්චම්ම මගෙ
කට උත්තරේ ගම පුරාම පතුරනව.
තමුංගෙ
පේමවන්තයා හම්බුවෙන්න ඒ සංගීතෙ යොදාගෙන ඒ වෙනුවෙං මාවත් අතකොලුවක් බවට පත්කරගත්තු
පුංචම්මා පස්සෙං පහු කාලෙක ආතගෙ විරුද්දත්වෙං සහ වහබොනවයි කියල පවුලෙඅනික් අයගෙං බලෙං ලබාගත්ත කැමැත්තෙං ඒ මනුස්සයවම කසාද බැංදා. කරුමෙ වලක්කන්න බෑ.
හැක්.. උඹ නියම කප්පං කාරයෙක් වෙලානෙ ඒ කාලෙම.
ReplyDeleteබැරිවෙලාවත් උඹව දාල පුංචම්ම ඒ වෙලාවෙම අර බුවත් එක්ක පැනල ගියානං තමයි නියම වැඩේ වෙන්නෙ.
එහෙනං මයෙ සාක්කුවේ තිවුන රුපියල් පහලොවෙං දෙකයි පනහක් දීල මං බස්සෙකේ ගෙදර එනව
Deleteඑඩ්ඩඩ්.... එඩ්ඩඩ් ජය..ගොඩී යි භිග්ඩර් රද්ඩායග යි විතරද සිංදු කිව්වෙ. ඒ ඩබලගෙ සින්දු වලට නටල වලියක් යනව කියන්නෙ බොලාගෙ පැත්තෙ ඉන්නෙ මාර සංගීත රසවතුන් නෙ. අඩුම ගානෙ නිහාල් හාල් හාල් හාල් නෙල්සන් සන් සන් සන් ගෙවත් එකකින් පස්සෙ වලියක් ගියානං දුක නෑ. හැක්..
ReplyDeleteඑව්ව ඇවිල්ලා සිංදු සම්බන්ධ නැති වලි. වලි කිව්වට පරම්පරාවෙන් එන ගෝරි
Delete//නිකා ඉන්න බැරුව සංගීත කණ්ඩායමේ අය සංගීත භාණ්ඩ නිල් පාටිං සද්ද කරනව.// ඕක වෙන්නෙ නිවේදකයගෙ බයිල අහං ඉන්න බැරුව සංගීත කාරයින්ගෙ අතපය කහන කොට.
ReplyDeleteමල් හතයි. මොකද මේ සැරේ comments අඩු. හරියට post එක update වෙලා නැද්ද.
ReplyDeleteඅර පුංචි අම්ම සැරිං සැ රේ කනුව ලඟ හිටි යෙ නැත් තෙ සුවර් එකටම අර මනුස්සය අයිස් කිරිං කන්න දෙන්න ඇති
ReplyDeleteඅයිස් කිරිං නෙමේ, ලොලිපොප්... :-)
Deleteප්‍රසන්න
Deleteඋන්ට සැක ඇති එව්ව කැඩිල කියල.
ලලින්ද
ඒයි ඒයි ඔය ඉතිං කුණු හබ්බ කියෝනව මෙතෙන.
හිහික්.. ඕම පුංචම්මල මට උන්නෙ නෑනෙ බං.. හිහි
ReplyDeleteඅනේ උඹ වගේ අනාදියෙක්.. තව ඩිංගෙන් අර අහිංසක පුංචම්මගෙ නෙවී ආච්චම්මගෙ හදවත නවතිනව උඹ අර කියං ගිය දේ දිගට්ටම කියං ගියා නං
මේකෙ තව කොටහක් නෑ නේ සැක් ඉතරක්
ආනාදිකම කියන්නෙ උද්දච්ච හෙවත් ආඩම්බරකමට. තව කොටහක් ඕන්නැං ලියන්නං.
Deleteඅද නම් පුංචම්මගෙ සීන් කියවලා හිනාව නවත්තගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්. කොහොම වුනත් නියමයි ගොඩක් කාලෙකට පුංචම්මව බ්ලැක්මේල් කරන්න පොටක් පෑදිලා.. ජයවේවා.!!!
ReplyDeleteඒක තමා කියන්නෙ හැමදා නියං එකදා වැහි වලාවේ...කියලා.
Deleteමං කිවුවෙ එදාම ඕක පුංචි අම්මගෙ දහං ගැටයක් කියලා. තව ගානක් ගලවා ගන්න තිබුනෙ උඹට.
ReplyDeleteකොයිද ඉතිං මේ වලියක් පටං ගත්තනෙ. අපරාදෙ තමා.
Deleteඋදේ පාංදරම හොඳ හැටි හිනා උනා බං. ටැංකිව් ඈ...
ReplyDeleteහිනාවෙන්න හිනාවෙන්න එටකොට ටර වෙන්නේ
Deleteඅර අන්තිමට කියපු කරුමෙ කාගෙද බං. බාප්පගෙද?
ReplyDeleteනැහ්නං
Delete“ගෑනුංට පේන්නනෙ බං. හෙල්මට්ටෙකක් අතේ තියං හිටියහං මොටෝසයිකලෙයක් තියෙන එකෙක් කියල හිතල පැල්ලයන්න එනවනෙ.“
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++++++++
ඕකට නියම කතාවක් තියෙනව. පස්සෙං පහු කියන්නංකො.
Deleteතුනේ පංතියෙ පොතේ උන්න ටාරෝ බං, “ෆ්‍රොම් ජැපෑන්“. නයිජීරියන් පොරගෙ නම “මුරු“. ඒක මට ඉන්තේරුවෙම්ම මතකයි මොකද, (එක්කො ඒ කතාව ඕන්නෑ)
ReplyDeleteඩ්‍රැකියට ඉස්කෝලේ කොල්ලෝ කිව්වේ මුරු කියල නේ? :P
Deleteකියාගෙන ආව. දෙතුන් දෙනෙක්ගෙ කන් අතගෑවට පස්සෙ නිකා හිටිය... :-)
Deleteඉස්කෝලෙදි මට කිව්වෙ බං ප්‍රභාකරන් කියල. කොයිතරං ගැහුවත් ඒක නං නැවැත්තුවෙ නෑ. මාත් පස්සෙ පස්සෙ නිකා උන්න...
කිව්වට මොකද මටත් කිව්වෙ මුරු කියල බං. හැබැයි කියපු එකාගෙ ඔලුව පැලුවයින් පස්සෙ නතර උනා
Deleteමෙන්න මෙන්න අරුංගෙ ඔලු පලාපු එව්වො. අල්ලදෙමු කොටදෙනියාවෙ පොලිසියට
Deleteඋඹට කපුගේත් නග්ගන්න තිබ්බෙ බං ඉස්ටේජ් එකට. ඇයි ඩිහාල් හාල් හාල් ඩෙල්සන් සන් සන් සන් සන්... උංගෙ නෙ රහට ලියන්න දේවල් තියෙන්නෙ. අර හිටි පිළිමෙ වගේ සිංදු කියන උගෙ මොනව කියන්ඩද?
ReplyDeleteඉතිං එතකං ඉන්න බැරි උනානෙ. මේ වලියක් ගියානෙ
Delete//පවුලෙ අනික් අයගෙං බලෙං ලබාගත්ත කැමැත්තෙං ඒ මනුස්සයවම කසාද බැංදා. කරුමෙ වලක්කන්න බෑ.//
ReplyDeleteපව් නේ බං අහිංසක මනුස්සයා....
පවු කියන්නෙ. එදා කරේ චේන් අතේ බේස්ලට් දාං හිටපු මිනිහට අංතිමට සෙරෙප්පු දෙකත් නැතිඋනා
Deleteසැක් ඉතරක්... අපි ඉතුව මේ කඩුපයිට් ඔක්කොම ඇති කියල. මූ ආටිස්ල දෙන්නගෙං සංගීතෙ ඉවර කොල්ලනෙ. අපේ රුපියල් පා කේව...!
ReplyDeleteඒ පාර උඹටත් Praසන්ன-syndrome එක හැදුන ද.? කමෙන්ට් හැටහුටාමාරක් දාගෙන දාගෙන යන්නෙ.!?
Deleteමේක දැක්කොත් අර රවියට හාර්ට් ඇටෑක් එකක්වත් හැදෙයි බොල.. ඊට පස්සෙ වාංපතුල් පඳුරු තලන්නෙ බොලැයි සුවාතා ද.?
රවි අයිය මිනිහගෙ ශරීර සවුක්කිය උදෙසා මෙම කොමෙන්ට් නොසලකා හරින්න තීරණය කොරලයි කියන්නෙ.
Deleteඑහෙම ඉවර කොලේ නැත්තං සුරංගයා අයිස්කිරින් ඉල්ලන්න වගේ ගොහින් පුන්චම්මව bank-raft කරනවා. වෙලාවට පයිට් එකක් පටන් ගත්තේ. නැත්තන් පුන්චම්ම එතනම පැනල යනවා.
Deleteබුරෝ,
Deleteමං මොනව කොලත් රවි ගණං ගන් නෑ. ඇරත් ඇටෑක් හැදෙන්න උන්දැට හාට් එකක් තියෙන්න එපැයි.
ලොකුම සිද්ධිය තමා, සුරංග ට දිග කමෙන්ට් එකක් දැම්මම, උන්දැ ඒකෙ අන්තිම තිත ගැන රිප්ලයි එකක් දාල නිකං ඉන්නව. ඉතිං ඒ නිසා එක කාරණයක් එක කමෙන්ට් එකකිං කීම මඟින් අපි ඒක මගඅරව ගන්නව.
අනික කාර්යාල ක්‍රමේකුත් තියෙන්නෙ, “හැකි සෑම විටම එක ලිපියක් එක කාරණයකට සීමා කිරීම මැනවි“ කියල.
උපේක්ෂා,
බෑන්ක්-රාෆ්ට් කියන්නෙ වයිට් වෝට රාෆ්ට් වගේ එකක්ද?
අනික “එතනම පැනල යන්නෙ“ කොහොමද? පැනල ගියාම “එතන“ නෑනෙ... ඒක හරියට, “අපේ සීය උදේ ඇහැරෙද්දි මැරිළ හිටිය“ වගේ කතාවක්නෙ...
ප්‍රසෝ,
ඒ කියන්නෙ උඹේ හටන හරි ගිහිං නේ?
'bankrupt' yako... So sorry
Deleteමුංදැ “සොරි“ කියන්නෙත් “යකෝ“ කියලනෙ ... :-)
Deleteනැතුව
Deletehttp://yanhella.blogspot.com/2016/01/music-2.html?showComment=1453723203533#c2039064029224594981
මේකනෙ වැඩේ. මුං මේ ඇරගන්නා තාලෙට සිංදු මතක තියෙය්යැ. අනික කෑමක් වහ වැන්නම මට සිංදු නතිං.
Deleteකෙටියෙන් ලීවහම කාටත් වටහාගන්න ලේසිනෙ.
This comment has been removed by the author.
ReplyDeleteඅයිංකොලාද?
Deleteඔය එකපාරට පෙනෙන්නේ නැතුව ඉඳන් ආයෙම පෙනෙන අය ගැන ඇත්තටම සුරන්ගයෝ මට පොඩි කාලේ අටෝරාසියක් ප්‍රශ්න තිබ්බ, කෝ එකෙක්කත් ඇහුම්කන් දුන්නේ නැහැනේ.
ReplyDeleteපුන්චම්ම එහෙනම් අන්තිමට 'කටකල්ල යන්න' දුන්න ආ !
ඔව් දැං ඔය සමහර ඈයො හිටු හිටු ගමං රට ගිහිං අන්තරක්දහං වෙන්නෙ. නැද්ද?
Deleteහැක හැක.
ReplyDeleteඔය වගේම සිද්ධියක් එක පාරක් මෙහෙම වුනා කියලා මම අහලා තියෙනවා.
වික්ටර් රත්නායකයි තවත් ගයිකාවකුයි කනපිට හරවලා කියන සින්දුවක් තියෙනවා උඹ දන්නවද
වසර සසන තුරු
සසරවසන තුරු
අම මාදරෙයි
මම ආදරේයි
කියලා?
ඔය සින්දුව හඳුන්වලා දෙන්න නිවේදකයා නිර්මානාත්මක මගක් ගන්න ගිහින් නාගත්ත කතාවක් මේ
මුල ටික අර උඹ කිව්ව විදියටම කියලා
දැන් පිළිගන්න
රක්ට විත්නායක සමග....
අත්පොළොසන් සමගම ඉන් පසු නිහැඬියා
අජාතා සුත්තනායක
(හූව)
This is the song
Deletehttp://srilankans.com.au/lyrics.php?file=victor_sadata_ahasa.jpg
අජාතා මොකක්?
Deleteසුත්තනායක. ඇයි අවුල්ද?
Deleteඑතන “අවුල්“ නං පීරල හරි බැරියැ කොරගන්න දෙයක්...
Deletehane hane Drakiyooo :):D
Deleteඔය දැං ගජයින්ට නායකයො, අත්තට නායකයො ඉන්න කාලෙ ඕකටත් නායකයො ඉන්න එපෑ. නැද්ද? නැත්තං ඒකෙ පරිපාලනේ කාටද?
Deleteහක්ක පැන්න යකෝ මේ කමෙන්ට් ටික කියවල. අම්මප ඩ්‍රැකියෝ තෝ නං
Deleteදිල්ශාන්,
Deleteකොහොම හරි පාදගන්න එපැයි...
හිහ..හොහැ..හාහ්..හාහ්.. මේක කියවන කියවන සැරේට හිනා යනවා..
Deleteහිනාවෙලා බඩ රිදෙනවා යකොව්.. ඔය බවලත් උදවිය කමෙන්ට් කියෙව්වනම් මුත්‍රා එකක් චෙක් කොරගන්නවා හොඳයි..
Deleteයකෝ ඉස්මොල්ලෙ යවල මරන්නද හදන්නෙ උඹ්ල..
Deleteප්‍රභාකරනුයි ඩූඩයියයි සෙට් වෙලා ගේමක් වගේ...හම්මේ පණ යනවා හිනා ගිහිං..
Delete/ ඒ උනාට සිහි නැතිවෙන තරං බීපු කෙනෙක් ගිනිපාගනව වගේ අමුතු නැටුමක් නටනව./
ReplyDeleteමෙහෙම එකෙක් උන්න අපේ යාළුවෙක්. මූ සංගීතෙ බලන්ඩ ගෙදරිං ගිහිං තියෙන්නෙම නටාගෙන. සංගීතෙ ඉවර වෙලා, පහුවදා උදේ එතනිං මිනිස්සු වැඩට යනකොටත්, මූ එතන නටනවලු.
දවසක් ගෙදර රේඩියෝ එකන දාගෙන ප්‍රවෘත්ති වලටත් නැටුව මූයි උගෙ මල්ලියි...
ඕකා අර මහ පිරිතටත් නටපු එකා නේද?
Deleteආටානාටියට තමා හොඳටම නටන්ඩ පුළුවං කියල කිව්ව දවසක්...
Deleteඌ ඉස්කෝලෙදි ජාතික ගීතෙට නොනටපු එකෙද්ද?
Deleteබෑනෙ. ශිෂ්න නායකයො ඉන්නවනෙ.
Deleteඇයි සංගීතෙ ඉවර වෙලා ජාතික ගීය වාදනය වෙද්දිත් නටන්නෙ.එහෙව් රසවින්දනයක් නෙව ඇතැමුන්ට තියෙන්නෙ.
ReplyDeleteඒකට කියන්නෙ යුතුකම. දැං ඔය සිංදුවට නොනැටුවොත් ඒක නොසැලකිල්ලක්නෙ.
Deleteවෙලාවට වලිය ගියේ.. නැහ්නන් තෝ එදා බඩ පැලිලා මැරෙනවා.. අපිට යාන්හැල්ලක් කියවන්න වෙන්නේ නෑ.. අම්මප.. ඒ කාලේනම් ඔය මොනවා කෑවත් පත්තියන් වෙනවා නෙහ්? අයිස්කිරින් එකක් එහෙම බහින්නේ නිකන් කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් යනවා වගේ දන්නෙම නැතුව..
ReplyDeleteආන් එඩ්වොඩ් ඩ් ඩ් ඩ් ඩ් ඩ් ඩ් ඩ් ඩ් ජයකොඩි ඩි ඩි ඩි ඩි ඩි බෝව හොයොනවා කියල ආරංචියි මේක කියවල.. වෙලාවට වලිය ගියේ නැත්තම් උඹ පුංචිව හිඟන්න කරලා තමයි ගෙදර එක්කං යන්නෙ.. හැක් ..
ReplyDeleteඋඹට කව්රුත් අතගාපු කටගාපු දේවල් කන්න බැරි පුරස්නයක් තිබ්බට කඩචෝරු කද්දී එහෙම අමාරු නැත්තෙ මක්කෙයි කියහන් බලන්න..
යකෝ හිඟන්නෙක් බුදියං ඉන්නවද තොගෙ බඩේ???
ReplyDeletezrangata punchigen thawa wisse kaali tikak kadaa ganna thibuna goriya nothibunaanam. :D
ReplyDeleteමම හිතුවෙ හෙල්මට්ටෙක ගෙනියන්නැත්තෙ ආයුධේ වෙනුවට කියලා.. සංගීතෙක තියෙන ලස්සනම පාර හෙල්මට් පාර ලු නෙ. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!