Friday, January 15, 2016

සංගීතේ The music



 නොවැම්බර් මාසෙ මං ලියාපු ගංවතුර ලිපියට නෙලුම් යායෙන් තෑග්ගක් හම්බවුනා. ඒ තෑග්ගට අනුග්‍රහය දීපු නෙලුම්යායටත් අජිත් ධර්මකීර්ති මහත්තැන්ටත් පිං සිදුවේවා. කොමෙන්ට් එකකින් ලැබෙන සතුට හැරුනකොට වෙනයම් ලාබයක් නැති බ්ලොග් කෙරුවාවට මේ වගේ විශාල පරිත්‍යාගයකින් ලැබෙන තල්ලුව තව වසර ගානකට මේ බ්ලොග් කෙරුවාව ඇදගෙන යන්න උදව් වෙනවා නිසැකයි.



පහුගියදා ලංකාවට ආ ගායකයෙක්ව කෙල්ලක් විසින් ඉඹගැනීමත් ඒ වගේම ඉඳා ඇඳගනිංකියා තව කවුද ගෑනුද පිරිමිද නොදත් කෙනෙක් ඒ ගායකයාට බොඩියක් විසිකිරීමත් ඒ හමුවේ අපේ රටේ බවුමික අකන්ඩතාවයට ඇතිවූ තැල්ම හා උලුක්කුවීමත් නිසා මට සංගීත සංදර්සන මතකෙට ආවේ.


මේවා කෙටියෙන් සංගීතනමින් හඳුන්වතත් එව්වායේ නියම නම ඒක නෙවෙයි. මං කුඩා කාලෙ අපේ ගමට කිට්ටුම ටවුම වන මානානටවුමේ හෝ කලවාන ඉස්කෝලෙ පිට්ටනියේමේවා පැවැත්වුනා මතකයි. මෙව්වා ඉතාමත් දරුණු ගණයේ දේවල් බවත් මේ සංගීතෙයක් බැලීමම ළමයෙක්ව ඉස්කෝලෙං දොට්ට දැමීමට තරං වරදක් බවත් මතයක් ගොඩනැගී තිබූ නිසා මට එහෙව් එකක් බලන්න යන්නට අවස්ථාවක් ලැබෙන්නට හෙනම කාලයක් ගතවුනා.


මේවයෙං එකක් පැවැත්වෙන බව මුලිංම දැනගන්න වෙන්නේ සෙනසුරාදාට පොලේ ගියහමයි. පොලගාව බස්සෙහෙකට වඩා උසට උණගස් දෙකක් හිටෝලා ඒ දෙක අතර ඇදලා ගැටගහපු රෙද්දක මේ දැන්නීම ඇඳලා තිවීමත් එහෙම නැත්තං විසාල රෙද්දක ඇඳපු බැනර් එකක් පාර හරහා ඇදලා තිවීමත් නිසා අපිට මේ ගැන දැනගන්න ලැබෙනවා.






මේක මැද්දෑවෙ තරු ඇඳලා, පාට ගාලා එකම බලියක් කරලයි තියෙන්නේ. සමහර ඒවගෙ මැදිං අර සංගීත සලකුණු, ගිටාර් එකක් අතිං ඇරං පිස්සෙක් වගේ කොන්ඩෙ වවාපු මිනිහෙක්ගෙ පිංතූර ආදියත් තියෙනව. මේකට හුලං බදල හිටෝපු උණගස් දෙකත් ගලෝගෙන යනවට මැද්දෑවෙං හිල් විදලත් තියනව. මේව අඳින්නෙ වාහනවල අංක තහඩු අඳින ප්‍රීති කුමාර කියන කෙනා. මෙතැන මහා සංගීත ප්‍රසංගය වෙනුවට මහා සංගීත මේලාව, මහා සංගීත සැණකෙළිය, ආදී වචන යෙදෙනවා. අවුරුදු කාලෙට නං ඕක මහා බක්මහ උදානය විදිහටත් ඇසල පෝයට ගහන තොරනෙ අන්තිමදාට තියෙනව නං ඇසල මේලා විදිහටත් නම වෙනස් වෙනවා. මේ ජනකාන්ත ගී තරු කියන ජාතියත් සුපිරි ගීත තාරකා, ජනප්‍රිය ගායක ගායිකාවන්, ඔබේ හදබැඳගත් ගායන ශිල්පීන් ආදී ලෙස වෙනස් වෙනවා. සමහර වෙලාවට කවුරුහරි ඩිංගක් වැඩියෙං සල්ලි දුන්නොත් එයා ප්‍රමුඛ කරලා අනුග්‍රහය පෙන්වනවා. එතකොට අනුග්‍රහය:- ප්‍රසිද්ධ මැණික් වෙළඳ ව්‍යාපාරික සේන මුහන්දිරම් මැතිතුමා ඇතුළු මැණික් වෙළඳ ව්‍යාපාරිකයින් විදිහට වෙනස් වෙනවා.


මාසෙකට හමාරකට කලිං මේ දැන්නීම දැකපු ගමං අපේ ගමේ ජන ජීවිතේ එහෙම පිටිංම සංගීතෙට ඕනැ හැටියට හැදෙනවා. ටවුමෙදි මේක මුලිම්ම දැකපු අය කඩමණ්ඩියක් ගානෙ අනික් අයට මේ පනිවිඩේ කියනව. අපේ පුංචම්මගෙ කඩේ ගාවදි මේ ගැන කියන්නෙ සතියට දවස් දෙක තුනක්ම අරක්කු බොන්න මානානෙ යන තෝර ගෙදර පොඩිමාමා.

ඕං මේපාර සංගීතප්පරසංගෙයක් තියෙනව කියන්නෙ බස් ඉස්ටෑන්නෙකේ


කවද්ද පොඩි අයියෙ


ලබන මාසෙ පහලොවද කොහෙද මයෙ හිතේ අන්න පොලගාව විසාල දැන්නීමක් එල්ලල තියෙන්නෙ. ගායක ගායිකාවො එක්කොම වගේ එනව මයෙ හිතේ. මයිත්තිරී මුදලාලිනෙ ගෙන්නනව කියන්නෙ.


කොහේ බෑන්ඩෙකද්ද ගේනව කියන්නෙ


ඒකනං මංද. මට ඒක බලාගන්න බැරිඋනා. මේ බස්සෙක ඇද්දුවනෙ. මං හෙටානිද්ද දිහාට බලං ඇහිල්ල කියන්නංකො


සෙනග ටිකක් යහමින් වටවෙලා විස්තරේ අහනව දැක්ක ගමං අපේ ආච්චම්මත් රෙද්ද ලිහල ආයිමත් තදට ඇඳගෙන ගෙයි ඉස්තෝප්පුවෙං බැහැල කඩේ ගාවට එනව.


මොකද්ද පොල්ලමෙයො වෙලා තියෙන්නෙ මයිත්තිරී මුදලාලිට මක්වෙලාද?“


නෑ නැංදම්මෙ මයිත්තිරී මුදලාලි සංගීතප්පරසංගෙයක් ගෙන්නනවලු.


ඒ මොකද්ද පොල්ලමෙයො ඒ


ඒක මේ සිංදු කියන එකක්


සිංදු කියන එකක් කිව්වෙ කැටස්සෙකද්ද?“


නෑ නෑ නැංදම්මෙ ඉස්ටේජ්ජෙකක් ගහල ගායක ගායිකාවො ගෙන්නල සිංදු කියෝනව.


ආ. ඒක මිසක්ක. ඉස්ටේජ්ජෙකක් ගහන්නෙ රැස්සීමකුත් තියෙනවද?“


නෑ නෑ නැංදම්මෙ සිංදු කියනව ඉතරයි


ආ.. මේ අර මොන්ටිසෝරියෙ ලමයිංගෙ සෙල්ලං පෙන්නන එක වගේ එකද්ද කොහෙද


ඒ වගේ තමයි නැංදම්මෙ


ඔය අපේ ජෝකපාලලගෙ ගෙවල් ගාව මොන්ටිසෝරියෙ ලමයිංගෙ සෙල්ලං පෙන්නන උස්සවේ වෙන්නැති එහෙනං. අපේ ඩිමුටු පුතා එහෙම ගිය මොන්ටිසෝරියෙනෙ. මේ ගමන ටවුමෙ හුඟක් ඈයට පේන්න බස් ඉස්ටෑන්නෙකේම උස්සවේ තියනව ඇති.


මේක පොඩි එවුංගෙ එකක් නෙමෙයි නැංදම්මෙ අර රේඩිවේකෙයි කැසප්පීස් එව්වගෙ එහෙම සිංදු කියන ඇත්ත ගායක ගායිකාවුං සිංදු කියන එකක්. ඔය හිටපු ගමං ටීවියෙකෙත් පෙන්නන්නෙ.


ආ.... එහෙමත් එකද්ද. එහෙනං ලයිස්පීකර හිටං බඳියි. අර අයිස්කිරිං එකෙං සිංදු කියන එවුංනෙ ඔය කියන්නෙ. සමහරද්දවස්සොලට ඔය ටීවියෙකෙත් පෙන්නන්න දෙයක් නැති උනහම පෙන්නන්නෙ අර අයිස් කිරිං එක කටේ ගහං සිංදු කියනව


මේ මැද්දට කඩාපාත්වෙන පුංචම්ම ආච්චම්මගෙ කට වහනව.


කටවහං ඉන්නකො අම්මෙ. මෙතන ඕන්නැති එව්වට කට නොදා


උඹ කටවහගනිං. මං ඇහුවෙ පොල්ලමයගෙං. ඌ කියන්නැහ්නං නොකිය හිටී නැහ්නං කියයි. බොට වැඩහ්නෑනෙ.


අම්මට ඕන රෙද්දක් කරගන්නෙකයි ඇත්තෙ.


ටවුමෙං කාලක් ගහල ඇවිත් ආච්චම්මගෙ කතාවෙං ඔල්මොරොංදං හැදිල බෝතලේක වෙරි දැනිච්ච තෝර පොඩිලමයා මේ ලද අවසරෙං මාරුවෙනව. මෙතෙක් වෙලා ගඟේ ඉන්න ආඳො ගැන ආතත් එක්ක කයිවාරු කියෝපු ගුණවර්දන මාමා කතාව මැද්දට පාත්වෙනව.


ඉස්සර දවසක් ඔන්න ඔය කලවානෙ ඉස්කෝලෙ පිට්ටනියෙ තිවුන සංගීතප්පරසංගෙයක් ආං ඒක තමයි සංගීතප්පරසංගෙ බලන්න වටින එක. පුදුමා.....කාර සෙනගක්. මාමට මතක ඇති මයෙහිතේ.

ගුණවර්දන මාම අපෙ ආතව සාක්කියට කැඳෝනව. ඒ අතරෙ වටවෙච්ච සෙනගෙං දම්පිටියෙ අප්පු මාම හීං සැරේ මාරුවෙනව.


මටනං ඒ හැටි මතකෙයක් නෑ ගුනොවර්දන.


වැඩි කාලෙයහ්නෑ. ඔය පේමදාස උන්නැහැ ජනාදිපති කාලෙ


එහෙනං ඔය අර මං නාවලකංදෙ හාමුදුරුවො එක්ක අනුරාජපුරේ පිරිත් පිංකමට ගිහිං හිටිය කාලෙ වෙන්නැති. එක දිගට මාසෙයක් හිටියනෙ එහෙ


ඒක මිසක්ක. නැත්තං මාමට කොහෙ අමතක වෙන්නද ඕව. ආ... ඔන්න ඉතිං ඔය සංගීතප්පරසංගෙ බලන්න නිවිතිගල, වටාපොත, පනගම, දෑල දිහාස්සොල හිටං මිනිස්සු ආව. සමහර මිනිස්සු දුර පලාත්තොල ඉන්න නෑයො හිට ගෙන්නුව


මේ අතරෙ ඉතුරු අයත් එකා දෙන්න මාරුවෙනව. අන්තිමට කතාව පටං ගනිද්දි අසන්නො ඉන්නෙ ආතයි, කාගෙ හරි කටක් දිහා බලං ඉන්න පුරුදු වෙලා ඉන්න මායි විතරයි. කතාව දිගට ඇදිල යනව. ටික දුරක් යද්දි කතාව වෙනස්ම මූනුවරක් ගන්නව.


“..........එලියක් මොනවක් නෑනෙ. ඉස්ටේජ්ජෙකේ එලිය ඉතරයිනෙ. මොකෙක්කත් පේන්නෑ. ඒ ගමන මට ඩිංගක් එහායිං හිටිය හාදයෙක් සූටියෑ කෙල්ලට ඇහැක් ගැහුව. ඔන්න ඒ ගමන ඒකිත් අර හාදෙය එකක් හිනා උනා. මං දැනගත්ත මෙතන වෙන්න යන වැඩේ. ඒගමන



දූපිය කිව්වෙ ගෙට. අහං ඉන්නව මෙතන ලොකු ඈය කියෝන කතා

පිටිපස්සෙං ඇහිච්ච හෙන සද්දෙට පිටිපස්ස බලද්දි පුංචම්ම මගෙ කොන්දට දෙන්න අත උස්සලත් ඉවරයි. දිඩිස්එකක් මගෙ කොන්දට වදිද්දි මං ගෙයි.

අම්ම ඔය ගුනොවර්දන අයිය කියාපු ඒව මොනවක්කත් අපෙ අයියට එහෙම කියන්නෙපා.

එදා රෑ උයන ගමං පුංචම්ම කුස්සියෙදි ආච්චම්මට කියනව.

අනෙ මං කියන එකහ්නෑ ඔය මිනිහගෙ කෙබර. මූත් එතන ගිහිල්ල අහං ඉන්න හැටි බලහංකො


ආච්චම්ම මටත් ඇඟිල්ල උරුක් කරනව.


උඹත් මාම එක්ක ඕව කියනව එහෙම නෙමෙයි. කිව්වොත් උඹොව කංදෙකෙං උඩ එල්ලනව.


එතකොට පුංචියෙ මං නොකිය හිටියොත්


නොකිය හිටියොත් එල්ලන්නෑ.

අපරාදෙ. මං හිතුවෙ කිරිටොපි දෙක තුනක් හම්බුවෙයි කියල. දලු දාන්න ගෝනියෙ පැත්තක් ඇල්ලුහම, දලු ලොරිය එනකං බලා ඉඳල ගෝනි ගත්තම, ලැට්ටෙකේ තියෙන කට කපාපු ගැලුං දෙකට දොලෙං වතුර දෙකක් ගෙනත් තිව්වහම ගාස්තුව විදිහට මට හම්බු වෙන්නෙ කිරි ටොපි. ගෝනිය ඇල්ලුවට එකයි, ගෝනි ගන්නවට එකයි, වතුර ගැලුං දෙකට දෙකයි.

උඹ කට පියාගෙන හිටියොත් උඹොවත් මං සංගීතෙ බලන්න එක්කං යනව


මගෙ ඔලුවට ඉහලිං අහස් කූරක් පත්තු වුනා වගේ ඒක. කිරිටොපි පැකැට්ටෙකක් තරම වටිනවා. මං දුවල ගිහිං පුංචිට වඳිනවා. එයා යමක් දෙද්දි වැංදෙ නැතොත් ඒක ආපහු ගන්නව. ඒ හිංද දෙනව කිව්ව සැනිං වැඳල වැඩේ ඉස්තීර කරගන්න ඕනැ.


සංගීත සංදර්සනේට සති දෙකක් තරම තියලා බස්වල ඇතුලේ පුට්බෝඩ්ඩෙක ගාව පිටිපස්සෙ වීදුරුවෙත් කොපි පොතේ කොලයක් තරං විසාල දැන්නීමක් ඇලවෙනවා. මතුගම දිහාවෙ තියෙන සංගීත සංදර්සන ගැනත් අපි දැනගන්නෙ ඒ විදිහෙං.


මේ මොනයම් විදිහෙං දැන්නීම් දැම්මත් බස්සෙහෙක නොයන, ටවුම පැත්තෙ පලාතෙ අවුරුද්දකට දවසක්කත් නොයන අපේ තාත්තා වගේ කොටසකුත් ගමේ ඉන්නවා. ඒ අයට තොරතුරු ලැබෙන්නෙ කඩේ ගාව කතාවෙන කෙනෙක්ගෙන් විතරයි. ඒ වගේ අයට මේ ගැන දැනගන්න වෙන්නෙ සංගීතෙට සතියක් තරම තියලයි.


මහා සද්දෙට අහස ගොරවන්නා වගේ ඇහෙන එක අස්සෙං යම්කිසි තාලයක් ගමං කරන බව ඇහෙන්නෙ පස්සෙයි. දෙසිය පනහෙ වත්තෙ කන්දෙ වැදිල අපේ ගේ තියෙන බොකලමට කඩාපාත්වෙන සද්දෙ අපිට ඇහෙන්නෙ බල්ලො පන්සීයක් විතර කාගන්නව වගෙයි.


ගගා ගංගීග ගාග්ගීග එගගග ගග්ගගගා ගෙගග් ගෙගගගාගා........


ඒ සද්දෙ එන මොකක්හරි එක හන්දියට පහල වංගුව පහුකරනවත් එක්කම ඒ බිරුම මනුස්ස කටහඬක් බවට පත්වෙනවා. මමත් අඩි දෙකට කන්ද නැගල මහ පාරට දුවනවා. වෑං කබලක ගැටගහපු ලයිස්පීකර සැට්ටෙකක් කන්ද දිහා බලාගෙන බිරුසං දෙනව. ඒ දෝංකාරෙත් එක්ක අමුතුම බාසාවක් අපිට ඇහෙනව.


බහා හංගීත රාට්රීය කරුණාරත්ත දිවුල්ගහේ, ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය අට්වැනිනා එනම් ලබල් ටිකුලාඩා මානාන බන්නැවටුම්පොල අටල පැවැට්ටේ අබ ටැමට ආර්..රාඩනා......


ආයිමත් සැරයක් සිමෙන්ති පොලවේ ඇදගෙනයන ටකරමකට බොරලු දමන්නා වගේ නාදයක් දෙන සිංදුවක් කියා එකක් දමාගෙන ඒ ලයිස්පීකරේ බැඳගත්තු වෑං එක පල්ලම බහිනවා. ඒ අතරෙ කඩවල්වල බිත්ති, බෝක්කු, පාලං ඇඳි දැක්ක ගමං නවතිනවා. වෑං එකේ පිටිපස්සෙ දොර ඇරං බහින දෙන්නෙක් බාල්දියක තියෙන පාප්ප කොස්සකිං අරං ඒ ඒ තැංවල ගාල ඊට උඩිං දැන්නීමක් අලවනව. අපේ පුංචිගෙ කඩේ අලවන්න හදපු දැන්නීම අලවන්න නොදී ආච්චම්මා බැනවදිනව. වෑන්නෙක ආයිමත් පිටත්වෙනව. අවට ගම්වලත් සැරිසරන ඒ වෑං එකේ බැඳපු පීකරේ අපේ ගම පැත්තට හැරිච්ච වෙලාවට ආයිමත් අර පනිවිඩේ අපිට ඇහෙනව.



මෙයිට අමතර වසයෙං අපේ ආච්චම්මත් කඩේ ගාවට එන මිනිස්සුන්ට මේ ගැන කියනව.

“බොලා යන්නැද්ද සංගීත සංදර්සනේ බලන්න“


“මොන සංදර්සනද නැංදෙ අපිට. යංතං එදාවේල හොයාගන්නව මිසක්ක“

“ආං ඒක හොඳා. ඕව කිසියාම්ම කිසි කෙනෙට්ට යන්න හොඳ තැං නෙමෙයි. පළමුවෙංම තෝර පොඩිලමය මෙතන ඇහිල්ල ඕක කියද්දි ගුනොවර්දන කිව්ව ඔව්වෑ ගිහිං කෙල්ලො කොල්ලො පැනල යනවලු. ළමයි නරක් වෙනවලු. ඔච්චර ලඟහිල්ලවත් අපේ ජෝකපාල දුවයි පුතයි දෙන්නෑං එක්කෙනක්වක් යවන්නැත්තෙ ඒකනෙ.“


“එහෙමත් එව්ව වෙනවද නැංදම්මෙ“

“නැත්තං ඔය අපේ පුතත් කිව්වෙ එහෙම වෙනව කියල. මැණිකෙනං කිව්ව උට කියන්නත් එපා කියල“










111 comments:

  1. හැක් හැක්.. දැං තියෙන ඒව මොනවද බොලාගෙ කාලෙනෙ අති භයිනක සංගීත තිබිල තියෙන්නෙ. නොමිලෙ පෙන්නපු නිසා වෙන්නැති ඒවට පුරසිද්ධියක් නොලැබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒව්ව අැතිපදං ප්‍රසිද්ද උනේ වැඩේ අහවර වෙලා

      Delete
  2. //කාසියක් ගී ගයින// නෙමෙයි දැං කිවුවනං කියන්න තියෙන්නෙ ගී කාබාසීනියා කරන කියල තමයි.

    ReplyDelete
    Replies
    1. දැන්නං එහෙම තමා. කාලෙකිං ඔයිං එකක් බලන්න යන්න බැරිඋනා.

      Delete
  3. දැං උඹ ඕක බලන්න ගිහිල්ල කෙල්ලෙකුට ඇහැක් ගහපු කතාවත් කියහංකො.

    ReplyDelete
    Replies
    1. මේ පහවසරෙ ලමෙක්ගෙ කතාවක්. ඒ වයසට කෙල්ලො අරහං අපිට

      Delete
    2. අැයි උඹලා පහවසරෙදි ගෑණු ළමයින්ට බයයිද????? 

      අන්න ඒකටත් ඒක්කලා ප්‍රසා අයියා...........

      Delete
    3. අපි නොදන්න සුරං. හැක්...

      Delete
    4. ඔය සුරංගයාම තමයි අර අල්ලපු ගෙදර කෙල්ලව ගහට නග්ගලා මල් කැඩුවේ...

      Delete
    5. ඔන්න ඉතිං හැබෑට මං කීවලියක් කියා තියෙද මෙතන මේ චූටි මැණිකෙ මේකෙ අකුරක් ගානෙ හිට බලනව කියල. හැබෑට ඩිංගක් මා ගැනත් හිතන්ට බැරි හැටි. මේකා තුංවේලගෙදරිං කන්න ඕනැ නේද කියල හිතන්නෙපායැ.

      Delete
    6. උඹ අපට හංසිකා ගැන කිව්වෙ නැත්තං අපි උඹට ‍කියනව එකං හකං කරල. එතකොට උඹ ගෙදරිං කාලත් ඉවරයි, ඔපිස්සෙකෙං කාලත් ඉවරයි... :-)

      Delete
  4. ෂා, ඔබ මා අතීතයට ගෙනගියා මලනුවනි,
    මලයාගේ ඉස්ටයිල් එකනම් මල් හතයි.

    ReplyDelete
    Replies
    1. මේ සංගීත සැඳෑවට ඔබ සාදරයෙන් පිලිගනිමු.

      Delete
  5. එතනිං ගියාම බොලාට නෙලුං යායෙං තෑග්ගක් ලැබිච්ච එකටත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. කෝ බන් උඹේ පුක අද

      Delete
    2. ප්‍රසන්න
      තංතෝසෙට ඉස්තූතියි

      ඇනෝ
      චික්කිතරක් කියන කතා

      Delete
  6. prසන්ன කොමෙන්ට් තීරුව බදු අරන්....
    "මතු සම්බන්ධයි" කෑල්ල කෝ???

    ReplyDelete
    Replies
    1. හෑල්ල අගට ආපු කෑල්ල තමා ඔය කැමරා කට්ටක් උරුක් කරාගෙන ඉන්නෙ

      Delete
  7. කලවානේ අඩවි වන නිලධාරියෙකු ලෙස වැඩ කළා සනත් නන්දසිරි ගේ මල්ලී නිමල් චන්ද්‍රසිරි. එක සංදර්ශනයක පොරටත් සින්දු කියන්න ලැබුනාද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඔය ගමේ ගොඩේ සංගීතවලනං එහෙම ගායකයිංගෙ දුරිං නෑදෑ වෙන අය තමා සිංදු කිව්වෙ

      Delete
    2. මේ රසිකලොජිස්ට් නිකන් විකිපෙඩියා එක වගේ. රසිකපෙඩියා එකක් හැදුව නම් හරි.

      Delete
  8. බිත්තර්රත්තායකට් ඇඩිල්ලා

    ReplyDelete
    Replies
    1. බැට්ටි බැස්සම ඔහොම තමයි

      Delete
  9. ඉතිං වැන්දම පුංචම්මා ඔළුවවත් අතගාන්නෙ නැද්ද බං? මේ සෙට් එකට මාර ඇරියස් එකක් නෙ උඹ එක්ක තිබිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නං අපේ අය්යටත් මාර ආසවක් තිබ්බෙ එයාට වන්ද ගන්න. දැන්නම් 'මට වදින්න ඕනි නෑ කියනව' වදින්න ගියාම.

      Delete
  10. උඹේ කතා කියවන්න අාස හිතෙනවා බං............ සංගීතේ ඉතින් නැගලා යනවා නේද??????

    ReplyDelete
    Replies
    1. තාම ඉස්ටේජ්ජෙකට නැග්ගෙ නෑනොවැ

      Delete
  11. ඔය පීකර් කටෙන් කියන මෙලෝ ලබ්බක් හරියට ඇහෙන්නෙ නම් නෑ තමා.. ඔහේ ඝෝසාවක් නගනවා විතරයි.. උඹ සද්දෙ ඇහෙන්නම ලියල මචෝ.. එල..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ බදුල්ලෙ බස් ඉස්ටෑන්ඩෙකේ පීකරෙං කියන එව්වත් එහෙමයි

      Delete
  12. අනේ බන් අපේ GL කිව්වා වගේ ඉස්පීකර් සද්දෙනම් එහෙම්මම තමයි ඇහුනේ. මේක කියවද්දී මටත් ඒ සද්දේ ඇහුනා . අර පුදුමා...කාර , නියමා... කාර වගේ පොඩ්ඩක් ඇදලා කතාකරන ලොක්කෙක් අපේ ගමෙත් හිටියා
    මේ ඉස්ටයිල් එකත් උඹේ රස ගැන්වීමේ හැකියාවත් මරේ මරු !

    ReplyDelete
    Replies
    1. ඒකත් හරියට සිංදුවක් වගේ තමයි. හරි ගානට අදින්න ඕනැ. දැං ඔය සමහර අය එහෙම ඇදල කියන්නෙ සමහරක් වචන ඉතරයි.

      Delete
  13. සුපර් ස්ටාර් ජිප්සීස් සන්ෆලවර් කියන බෑන්ඩ් තුනම එක වේදිකාවට ගෙනල්ල ලක්මිණි කිරි අයිය ඇඹිලිපිටියෙ තියපු සංගීත බලන්න වේලහනින් ගිහිං ඉටිකොළ එලන් තැන් අල්ලං හිටි කාලෙ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඉටිකොල එලාගෙන? වැරදිලාද? ඉටිකොල එලං ඉන්නෙ පෙරහැර බලන්නනෙ

      Delete
  14. උඹට ලැබිච්ච සම්මානේ ලබන්න උඹ එකෙන්ම සුදුස්සෙක් මචන්.. සුභපැතුම් කිව්වා ඔන්න..
    සුදුස්සාට සුදුසු තැන ලබාදීම සම්භන්ධව නෙලුම්යායට මාගේ උත්තමාචාරය...

    කාලෙකින් අච්චම්ම ස්ටේජ් නග්ගපු එකට නම් බොක්කෙන්ම ස්තූතියි.. උඹේ බ්ලොග් එක පාලුවට ගිහින් තිබේ ආච්චම්ම නැතුව..

    ReplyDelete
    Replies
    1. මේ අපේ පවුලෙ තව ඈයො ඉන්නව ඔය විදිහෙ. එවුං නැග්ගුවොත්නං මගෙත් හමේ නහරත් යනව

      Delete
  15. සම්මානයට සුභ පැතුම්.. මාර සංගීතයක් තමයි තිබිලා තියෙන්නේ..ලවුස් පීකර් කටේ සද්දේ නම් මල්හතයි..

    ReplyDelete
    Replies
    1. මේව ලවුඩ් ස්පීකස් නෙවෙයි ලයිස්පීකර ලයිස්පීකර

      Delete
  16. නියමයි මල්ලි ලිවිල්ල නන් නැගලම යනවා මටත් මේක ලගදි සෙට් උනෙ කොච්චර අල්ලල ගියාද කියනව නන් පරන එවව්වත් ඔක්කොම වගේ වෙලා තියෙන විදිහට කියෙව්ව කිව්වට තරහ වෙන්න එපා සමහර වෙලවට පොඩ්ඩක් විතර උඹගෙ ඉට්ටැල් එකෙන් පිට ගිහින් තිබ්බා පිට යන්න දෙන්න එපා කොල්ලො අපහු ගන්න අමාරුඉ

    ReplyDelete
    Replies
    1. අනේ මංද මගෙ ඇහැ පේන හැටිද කියල. තමුන්නැහැගෙ සුරතල් නාමය වෙනස් කරනවනං හොඳා. මට නැත්තං ඒක වෙනස් විදිහකට කියවෙනව.

      ඔව් ඇත්තට මේ කලබලේට ලියල එඩිට් නොකර දාපුව අවුලයි තමා.

      Delete
    2. උඹ කියෙව්වෙත් වේසියා කියල නේද? හැක හැක හැක..

      Delete
    3. ඉඩි අමීන් නොබැඳි ජාතින්ගෙ සමුළුවට ලංකාවට ආව වෙලාවෙ,
      "ලංකාවෙ වෙසියනි, මං උකන්ඩාවෙ" කිව්වලු...

      Delete
    4. ආ.... දැංද එන්නෙ ඇහුවලු

      Delete
    5. කෙලියද තප්පෙට නම දැකල තමුන්නාන්සෙලගෙ හිරි ඔතප් බිදුනනං සමා වෙන්න ඔන ඔන්න මම නම වෙනස් කර ගත්ත

      Delete
  17. සම්මානය ලැබුනු අයියන්ඩිට මගෙනුත් සුභ පැතුම්.
    පුංචිම්මට වදින්න ඕන නිකන් උඹ වැරද්දක් කලා වගේනේ. ඒකාලේ පොඩි එකා උනාට උබටත් අයියේ කෑමටනම් පෙරේත නෑ නේද..හැක්

    ReplyDelete
    Replies
    1. උබටත්=උබත්

      Delete
    2. ඔය කිරිටොපි ඉතරයි මලේ. කිරිටොපි කිව්වට ඕක ඉල්ලන්නෙ ‘කිට්ටොපියක්‘ කියල.

      Delete
  18. සුබ පැතුම් සුරංග....

    ReplyDelete
  19. වෙලාවක ලියහන්කෝ උඹලයි පැත්තේ ටවුමේ පිචැර් හෝල් එකේ සෝ ප්‍රචාරය කොරන හැටි... ඔය පැත්තේ එකෙක් අපෙත් එක්ක කියනවා බං එදාට ඉල ඇට කූඩුවට වෙන ඇක්සයිස් ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. මේකයි වැඩේ මේ ඔය ටවුමෙ පිචර් හෝල්ලෙකක් නෑ. ඉස්සරෝමනං තිවුනලු. දැං නෑ. ඔය වසංත බාප්පනං කාලෙයක් චමින්දගෙ කඩ කෑල්ලෙ ඇතුලෙ ටීවියෙහෙකිං ඩෙප්පීස් දාල පෙන්නුව. ඒකත් ටික දවසයි

      Delete
    2. ගීතාන් සිනමා තිබුනා මානානේ.
      ඒක අයිතිකාරයා වුනේ අයිසේ මුදළාලි. මැණික් බිස්නස්කාරයෙක්. පවුල් අවුල් වගයක් වුනා. දැන් පොර නැතුව ඇති. ළමයිනුත් අපතේ ගියා කියායි ආරංචිය.

      හැබැයි හෝල් එක වැහුනේ බිස්නස් සරු නැති නිසයි.

      මං ඒකේ නරඹලා තියෙනවා ගාමිනී ෆොන්සේකා ඩබල් ඇක්ටින් කළ කළු-සුදු චිත්‍රපටියක්. ආත්ම පූජා ද කොහෙද!

      Delete
    3. මොනවද ඔප්පුකරන්න තියෙන සාක්ෂි?

      Delete
  20. Suranga,
    post eka rasavindaa
    sangeethe siddith liyanna.

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනැ. මේ ලියන්න කලිං ඉතිං උත්තර ලියන්නත් එපෑ

      Delete
  21. මේ පොසංන කියන වලවෙට්ටුව කියන කොයියම්ම දෙයක්කත් සත පාකට අහන්නෙ නැති හැටියක්. කට ගෙවෙනකල් කිව්ව එක පාර මේ ශ්‍රංගය ලියල තියන ඔක්කොම කියෝල කියන්ට තියන අටමඟලක් එක පාර ලියල දාන්ටය කියල. කෝ කිව්වට අහනවය? ඌට ඕන විදිහට තමයි උගේ වැඩ...අහුවෙද්දකො ඕකා මට....

    ReplyDelete
    Replies
    1. රවී උතුමානන්ට මෙච්චර තද වෙන්න අපේ රජතුමාල දෙන්නගෙන් කවුරු හරි ආයෙත් මොකක්හරි අලුකුත්තේරු වැඩක් එහෙම කරල නෑ නේද?
      මේකයි ඔතන ප්‍රශ්නෙ. එකපාර ඔක්කොමෙ එක කොමෙන්ට් එකේ කියල දැම්මම ඒකෙ තියෙන කරුණු වලට ලේඛකයා ගන්නා අවධානය අඩු බව මෙතෙක් කල් කරන ලද පරීක්ෂණයකින් පසුව නිරීක්ෂණය කර නිගමනය කරන ලදී. හැක්..

      Delete
    2. මේ වලිය මැද්දට පැන්නොත් නං අපේ හක්කවත් ඉතුරු වෙන්නෙ නෑ. ඕං අපි ගියා

      Delete
  22. හික්zzz.ඔය මානානෙ සංගීතෙ බලලා තුන් රෝදෙයක් ගියාලු පුංචම්මගෙ කඩේ ලඟ පාරේ. තුන්රෝදෙ ඇතුලෙ ඩෙසිබල් බර ගානක සද්දෙකින් කැසට්ටෙක දාලා තිබ්බලු. ආච්චම්මා පාර පනිද්දි තුන්රෝදෙ යන්තම් හැපිලා උන්දෑ වැටිලා කලවාන ඉස්පිරිතාලෙට අරන් ගියාම දොස්තර මහත්තයා ඇහැව්වලු. ඈ ආච්චියෙ මොකෑ මේ උදේ පාන්දර තුනටියට වුනේ? ඊයේ මානානෙ සංගීතෙට ගිහින් නැටුව වත්ද කියලා. ආච්චි මේම කීවලු. අනේ දොස්තර මහත්තයෝ මං මැණිකෙගෙ කඩේට එද්දි පාරෙ ගිය ලොකු රේඩියොකක් මගේ ඇඟේ හැපුනා කියලා..

    ReplyDelete
    Replies
    1. කඩෙයි ගේයි තියෙන්නෙ පාරෙ එකම පැත්තෙ. අනික අපේ ආච්චම්මගෙ කන ඇහෙන්නෙ විකෘති වෙලා. උංදැගෙ ඇඟේ තෙසක් රියක් හැප්පුනානං කියයි.

      “මං තියා මයෙ බල්ලවත් යන්නෑ ඔය සුකුරුත්තං බලන්න. ඒක නෙමෙයි මෙක්කොහෙද යන ව*** බල්ලෙක් කොලපත් ගොට්ටකිං පිඹගෙන ඇහිල්ල ඇහිල්ල හැප්පුවනෙ“

      කියල

      Delete
  23. හත්තීකුටං මලේ මේ පැත්තේ එන්න බැරිවුනා මේ පොලෝසි කෝලමක් නිසා. (වචනේ නයට ගත්තේ කාගෙන්ද කියල දන්නවනේ.) ඔය බලහන් ආයි නම දාලනේ. ඕක නොදා ඕන එකක් ලියපන්කො. මේකට එන ඈයොත් නෑවිත් ඉඳියි. නම දාගන්ට දෙන්නේ නැහැ මලේ. නෙළුං තෑග්ග නෙමේ හොඳම තෑග්ග තම මෙන්නමේ කතාව. ලන්ඩන් වල මේ රැස්වීමකට ගිය වෙලාවේ මේක කියවන ධ... මැණිකේ කියන්න කිව්වා මේක. ඔයාගේ මැණිකේ වගේම එක්කෙනෙක්. මෙන්න එයාගේ වචනෙන්ම. අනිවාර්යයෙන්ම මෙයා මේක කියවන නිසා බොරු නෙමේ හොඳද.
    "අනේ ඒ ඒ ඒ ඒ අයියේ ඒ ඒ ඒ ඒ, ඔයා ආ ආ ගේ යාලුවෙක්ද ඒ යාං හෑල්ල ලියන කෙනා " මං පට ගාල ඔව් කිව්වා. පොඩ්ඩක් ගව්රවෙන් කොටසක් ගන්න. "අනේ ඒ ඒ ඒ ඒ එයා ආ ආ ඨ කියන්න හරී ඊ ඊ ඊ ම ලස්සනයි කියල. අනේ ඒ ඒ ඒ මම කොටසක් දාන කන් බලන් ඉන්නේ ඒ ඒ ඒ ඒ. මාර දක්ෂයෙක් නේ ඒ ඒ ඒ ඒ. " අදිල්ලට බයවෙච්ච පාර මම 999 ගහල ඇම්බියුලන්ස් එකට කතා කරන්නත් හිතුව. ඔන්න ඒ ළමයට මුකුත් වෙන්න නොදී දවසකට එකක් ගානේ වත් පොස්ට් දාහන්.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තෙයා ඔය වචනෙ කාටවක් කියනව එහෙම නෙමෙයි. සමහරවිට ඕක කුනුහබ්බෙයක් වෙන්න ඇහැකි.

      ඔය කතාව ඇහුවං මයෙ ඉහේ කිතුල් මලක් පිපුන. ඇත්තට ඉතිං ඒක හරිම මනස්කාන්ත වැඩක් තමයි. ඔන්න මං මේ අර ලෝක ගෝලෙ මැද තියෙන ඉර කිට්ටුව රටක ඉඳං මෙව්ව ලියනව. ඉිං පස්සෙ ඒක ඒ ලෝක බෝලෙ වටේ ඉන්න සෑහෙන කොටහක් කියෝනව.

      ඔය විදිහට ඉතිං මං ලියපුව මහ රැජිනගෙ රටේ තියෙන කොම්පිවුටර්වල හිටං පේනව ඇතිනෙ. පුලුං වගේ අයිස් වැටෙන කොල හැලිච්ච ඉපල් වගේ ගස් තියෙන රටක තියෙන ගෙදරක වීදුරු ජනේලෙං බැලුවහම ඒ ගේ අස්සෙ විසාල ගිනි පෝරනෙයක් තියෙන කාමරේක ටීපෝ එකක් උඩ තියෙන ලැප්ටොප්පෙකක් දිහා බලාගෙන කට්ටියක් හිනාවෙනව. බැලුවහම ඒකෙ තිරේ තියෙන්නෙ මං සිංහලෙං ලියාපුව.

      ආයි හුඟක් උස සාලාවක වටේටම විසාල රෙදි එල්ලල. ටයිකෝට් ඇඳපු අය ඉංගිරිසියෙං කයිවාරු ගහද්දි ඔය කියාපු මැණිකෙත් තව කෙනෙක් එක්ක සිංහලෙං මයෙ ලිවිල්ල ගැන කියෝනව. අප්පේ මට මැවෙන ජාති. මට කාලෙයක් හිතිල තිවුන ඔය කාටහරි රට ඉන්න කෙනෙට්ට කියල ඔය මොකක් හරි පිටරටක තියෙන ප්‍රසිද්ධ තැනක මගෙ නම ලියෝල ඒකෙ පොටෝ එකක් ගස්සෝගන්න.

      මෙව්ව කියෙව්වම මගෙ පිටරට පිස්සුව ඇවිස්සෙනව ඔන්න. මං නිකා ඉන්නව.



































































































































      Delete
    2. හිහි ගිනි පෝරණ නම් ඇති ගෙවල් වල. අපේ ගෙවල් වල තියෙන්නේ සෙන්ට්‍රල් හීටින් නේ. ඔය සොඳුරු ගතිය නැහැ. පරණ චිම්නිය තිබිල ගලවල දැම්ම අවුරුදු දෙකක ට කලින්. මල්ලිගේ හිතේ තියෙන්නේ පරණ රටක් ගැන වගේ. හැබැයි ටීපෝ කතාව නම් හරි.
      //ආයි හුඟක් උස සාලාවක වටේටම විසාල රෙදි එල්ලල. ටයිකෝට් ඇඳපු අය ඉංගිරිසියෙං කයිවාරු ගහද්දි ඔය කියාපු මැණිකෙත් තව කෙනෙක් එක්ක සිංහලෙං මයෙ ලිවිල්ල ගැන කියෝනව. // මොන පිස්සුද අපේ එවුන් ඔක්කොම සිංහලෙන් කතා කරන්නේ. බොහොම නිහතමානිව. ඔය වගේ ඒවානම් තියනවා තමා අර ෆ්‍රී මේසන් ල වගේ අයගේ කෑම වලට ගිය හැම. මේ කතාව කිව්වේ චුලා එකක් තිබ්බ හමුවේදී. ඒ නෛන්ගිගේ නිහතමානී කමට මම කැමතියි. හුනගක් අය තමන් ගේ පක්ෂේ , තමන්ගේ කාණ්ඩයේ , කල්ලියේ නෙමේ නම් හොඳ කියන්නේ නැහැනේ.

      Delete
    3. ඔය අපේ අම්බලංගොඩ කතා ලියන අයියත් ඒ වගේ මනුස්සයෙක්. උන්නැහැත් මට පැය ගනං උපදෙස් දෙනව වාහන ගැන එහෙම. මේ කවුරුත් ඒම තමයි

      Delete
  24. ඔන්නොහෙ රවිය බැන්නත් කමක් නැහැ කියල අර දෙමල අකුරා වගේ මේකත් දානවා. මම පනයනකන් හිනා වුන කෑල්ල.
    //“බහා හංගීත රාට්රීය කරුණාරත්ත දිවුල්ගහේ, ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය අට්වැනිනා එනම් ලබල් ටිකුලාඩා මානාන බන්නැවටුම්පොල අටල පැවැට්ටේ අබ ටැමට ආර්..රාඩනා......
    // මේ වගේම තමා ඕව කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මට මේ නිකමට වගෙ හිතුන මෙව්ව ඉංගිරිසියෙං ලිව්වනං කොහොමද කියල ඔය පිටරැටියො එහෙම කියෝනෙකක් නැතෑ නැද්ද? අජිත් මහත්තැංගෙ නෝන එහෙම උනත් එතකොට තමුන්නැහැ තනියෙං හිනැහෙනව දැකල චීත්තෙ අත පිහදම දමා පොල්කටු හැංදත් ඇරං ඇහිල්ල එබිල බලයි

      “හේයි වට්ටායූ රීඩිං. ලෙට් මී ඕල්සෝ සී දැට් කොමික්“

      කියල එහෙමත් අහයි නැද්ද?

      Delete
    2. හැබැයි ඇත්තටම ඔහොම වුණා, අපේ උන්දැ ඇහුව මම බක බක ගගා හිනා වෙන කොට මොකද කියල. පස්සේ කිව්වා මේ අත්තම්ම කෙනෙක් ගැන කටහ්වක් කියල. නමුත් හිනා වෙන්නේ මොකද කියල ඇහුවම. කතාව ටිකක පරිවර්තනය කරලා කිව්වා. නමත් අර කියන විධිහ නැතිව එන්නේ නැහැ. එයා කිව්වේ මොකක්ද දන්නවද ? හව් කැන් යූ ලාෆ් අබවුට් දිස්? දැට් වුමන් ට්‍රිට් හිම් සෝ බෑඩ් ඇන්ඩ් ධැට් අන්කල් ඇන්ඩ් ආන්ට් යුස්ඩ් චෛල්ඩ් ලේබර්. දිස් ඉස්‌ ස්ලෙවරි (අර පොලේ කතාවට ) . ඇන්ඩ් යූ ආ ලාෆින්. මම පරිවර්තනේ නැවැත්තුව. පුලුවන්නම් හා හිනා යන විධිහට මේ කෑල්ල ඉංග්‍රීසියෙන් ලියන්න. කරන්න බැහැ ඒක.

      Delete
    3. මට ඔය වැඩේ හිතුනෙ අර චේතන් බකට් ගොයියගෙ පොත කියෙව්වට පස්සෙ. අර රවි උන්නැහැ ලියනකං හිටියොත් මට නාකිවෙලා තමා ඒක අවසානෙ කියවන්න වෙන්නෙ.

      නිකමට වගේ කියන්නෙ. නරකද අජිත් මහත්තෙයා ඔය රටවල් තුනේම විස්තර ලිව්වනං. විසේසයෙං ඔය රටවල මිනිස්සුංගෙ ජීවන රටාව ගැන ලිව්වනං හරියට වටිනව. මොකද කවුරුවත් එව්ව සිිංහලෙං ලියල නෑනෙ. මං හරිම ආසයි ඒ රටවල පොටෝ බලන්න.

      Delete
    4. මට මේ සෝවියට් දේශේ ගැන ලියන්න කියල තවම හිරවෙලා ඉන්නවා. මේ නෙළුම් යායට කවුරු හරි හොයාගෙන ඒ වැඩේ පටන් ගන්න වෙන්නේ මලේ. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ දැන්. ඇත්තටම චුලත් ඕකම කිව්වා . මේ රටවල් වලට අපි හැමදාම බනිනවා. හොඳ ටිකක් ලියපන් කියල. හැබැයි අර රසික හා රයිගම් හන්දිය හාදයෝ දෙන්න ලියනව නේද ඔස්ට්‍රේලියාව ගැන නම්.

      Delete
    5. ඒනං රුසියාව ගැන ලියන්න. බිරියෝස ගස්, කොන්ස්ටැන්ටින් ප්‍රියානිකි විස්කෝතු, සහෝදරවරු, සේරම ගැන ලියන්න වෙයි ඔන්න. මං නං කැමති දෙවැනි ලෝක යුද්දෙ නටබුං ගැන බලන්න. හැරමිට්ටෙං යන වලපයයි ගොඩපයයි පරණ සෝවියට් බටෙයො එහෙම. මිත්‍ර හමුදාවෙ අය ඇරෙන්න අනික් පැත්තෙ හමුදාවෙ, ජර්මන්, ඉතාලි ජනතාවගෙ අත්දැකීම් ලියවෙන තැං අඩුයි. ආං ඒ වගේ දෙයක් කෙරෙනවනං හරි වටිනව.

      Delete
  25. අඩේ මේක කියෝනකොට මට නිකං බාල්දි කටෙං එන සද්දෙ ඇහෙනව ඇහෙනව වගේ. බොලෑ පැත්තෙ වගේ තමා අපේ පැත්තෙත් සංගීතයක් කියන්නෙ හරි බයානක වැඩක්. කෙල්ලො අතුරුදන් වෙලා සතියකිං දෙකකින් කොල්ලෙක් එක්කම මතු වෙනව. කොල්ලො සතිය හමාර ඉස්පිරිතාලෙ ලගිනව. මග දිගට වතුවල අඹ, පොල්, තැඹිලි වගේ ගස් ගෙඩි වාෂ්ප වෙනව. කියල වැඩක් නෑ බං.

    ReplyDelete
  26. //අර අයිස්කිරිං එකෙං සිංදු කියන එවුංනෙ//
    ඔන්න ඕක තමයි මගේ හිතට වැදුණු වචන සැට් එක. ඔහොම උපහැරණයක් ඇහුවමයි...

    --------
    පොස්ට් එක නම් මාරම මාරෙට හිතට ඇල්ලුවා...\
    අර අමුතු අමුතු වචන, භාෂා වගේ දේවලුත් ආයේ ඉතින් කියලාවදක් නැහැ. ටොපේ ටොප්...

    ReplyDelete
  27. Niyamai...mata
    Lagadi hamu u...lassana blog ekk aiyee..thawa rasa katha liyamu...

    ReplyDelete
    Replies
    1. තව ඉතිං කොච්චර වැඩද නගා? පොල් ගෑම, බලල් කෑම නියමිත අනුපාතෙට අනා කැවීම, බලලුන්ට කිරි හැදීම, බලලුන් හොයාගෙන ඒම. රස්සාව, බ්ලොග් කියවීම, බුකිගතවීම ඔය සේරම අස්සෙ එපෑ මෙව්ව ලියන්නත්. ඒ මදිවට පීටර් දෙකම මංඤං

      Delete
  28. මම ජීවිතේටම සංගීතයක් බලලා නෑ බං..............

    ReplyDelete
    Replies
    1. විලිස් පාක්කෙකේ සිංහල අවුරුද්දට තියෙයි එකක්. අපි දෙන්න යම. ඒකෙත් සිංදු කියනව අපේ ගෙදෙට්ට ඇහෙන්නෙ බල්ලො කාවැටෙනව වගේ.

      Delete
  29. නියමයි නියමයි..... සුසන්ගලගේ පුංචිගේ කඩේ මට මැවිලා පේනවා

    ReplyDelete
  30. සුරන්ගලගේ පුංචිගේ කඩේ මැවිලා පේනවා.... නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. කිතුල්පටි ගහල හදපු තාර සීට් හෙවිල්ලපු එකද්ද?

      Delete
  31. tv එකේ නාට්ටියක් බැලුව වගේ බං. වෙනද වගේම සිද්ධිය මැවෙන්න ලියල තියෙනවා. මම නම් කැමතිම අර "බහා හංගීත රාට්රීය..." කොටසට. දිගටම ලියපන් මලේ. ෆාටකයාගේ ලේ පිරිසිදු කරන එකම ඇති උඹට ලබන ආත්මේ තව්තිසා යන්ට (යනකොට චූටි මැණිකෙයි, ටිකිරි සඳමාලිත් ඇන්න පලයන් හරිය)

    නෙලුම් යායේ තෑග්ගටත් සුබ පැතුම්! ඕක ඉංගිරිසියෙන් කියල තියෙන්නේ If you deserve it the universe will serve it කියලනේ.

    ජය වේවා !!!

    ReplyDelete
  32. බ්ලොග් ගැන අහලවත් නැති 'සමහර මිනිස්සු' ගැන දුක හිතුනා.. උන්ට කවද මේ වගේ එකක් කියවන්න ලැබෙයිද? අහන්න එපා සමහර මිනිස්සු කවුද අහන්න එපා.

    ReplyDelete
    Replies
    1. ආ උඹ ඉන්නව නේද.ඉතිං උන්ට බොගෙ පෝන් එකෙන් බ්ලොග් කියන්නෙ මොනවද කියල පෙන්නන්න තිබ්බනෙ.ආ නෑ නෑ ඒක කලිම්ම ගල් කෙරුවනේ එහෙම නේද?

      Delete
    2. හැලප මහත්තෙය මගුලක් කොරනවද? ඔය ආයිපාරක් පෝන් (porn) පෙන්නොවන්න හදන්නෙ මේ මනුස්සය ලවා. හිරේ අරී, තලයි මඩු වලිගෙං

      Delete
  33. "ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා"
    ලොලේ ලොල්...
    කොච්චර සරළ ජීවිතයක්ද මචං ගමේ තියෙන්නේ.
    ඔක්කොම හොඳා. සතියට එක පෝස්ට් එකක් දාන එක තමා අවුල.

    ReplyDelete
  34. කාලෙකින් එන්න බැරිවුනා බං. සම්මානයට සුදුස්සෙක් උඹ.

    ඔය සංගීත සංදරශන වල තියෙනවනේ ආධුනික ගායකයෝ ගීත ගායනා කරන ඒවත්... ඒවයේ ගායකයෝ හඳුන්වා දෙන්නේ මෙහෙමලු.

    ධැන් මෙන්න ඔභ ඵුල ඵුලා සිටි ඒ අවස්ථාව. ඛන්දේ, ලන්දේ, ධොර මුල්ලේ, පිළිඛන්නේ හැමතැනකම ඝී ඝයා ජනාධරයට පත්, ඒ අසහාය ඝායක මිල් ටන් මල්ලවාරච්චිගේ..... (අත් පොළසන්) ඒ ඒ ඒ

    ...නැන්දගේ පුතා අජිත් ඛුමාර

    ReplyDelete
    Replies
    1. අද උදේම කියෙව්වේ මේ කොමෙන්ට් එක. සුරංගගේ පොස්ට් වගේම තමා මේකේ යන කොමෙන්ටුත්. හිනා වෙලා පන ගියා . තේ කක් බීල තමා පණ ගත්තේ.

      Delete
    2. ඕං ඔය ගමන ජර්මනියෙ චාන්සිලර් නෝන ඉදල අතට ගනී. ‘වට් ඉස් දැ මීනිං ඔෆ් යුවර් ලාෆින්. අයි විල් ප්‍රොහිබිට් යුවර් ලෝටස් රේන්ජ් විතින් දිස් කන්ට්‍රි. යු ඕල්වේස් ලාෆින් ඇට් දිස් කොම්පියුටර් වෙන් රීඩින් දෝස් රවුන් කැරැක්ටර් ලැංවේජ්. මං තමා මෙතන සේරම වැඩපොල කොරන්න ඕනැ. අඩුම ගානෙ වතුර කලෙයක් ගෙනැත් දෙනවද? අර අස්සයව පිල්ලෑවෙ ගැටගහපු ගමං. මං හේනෙං ගෙනාපු බිරියෝසා කොටේවත් පලා දුන්නද? ඇ“ ආදී වසයෙං.

      Delete
    3. මේක නම් තනිකර උපහාසයක්. වෙලාවකට කියනවා ගිනි පෝරණු තියනවලු. දැන් කියනව අස්සයා පිල්ලෑ වේලු. ඇත්තම කියනවා නම් මල්ලි ඔයා හොඳ උපහාස කතා රචකයෙක්. මට මතක් වෙන්නෙම අර මැන්චෝසන් චාරිකා පොතයි.

      Delete
  35. /එයා යමක් දෙද්දි වැංදෙ නැතොත් ඒක ආපහු ගන්නව. ඒ හිංද දෙනව කිව්ව සැනිං වැඳල වැඩේ ඉස්තීර කරගන්න ඕනැ./

    මං උඹට කිව්වෙ සුරංග... අපි හැමෝම කියවන්න ආස, මුංගෙ කුහකකම උඹ රෙද්ද කඩල පෙන්නන හැටි...

    ReplyDelete
    Replies
    1. ගැටේ බුරුල් කලාම රෙද්ද නිකංම ඉන පල්ලෙ

      Delete
  36. මට හදවතිම්ම සතුටුයි අර සම්මානෙ සුරංගට ලැබුණට. ඒකට උඹ නියම සුදුස්සෙක්...

    ReplyDelete
    Replies
    1. සුදුසුද අහල. ටැංකිය හිඳිල තිවුනෙ. ගැහුව පුල් ටෑංක් පිරෙන්නම

      Delete
  37. සම්මානයට සුභ පැතුම්...

    සුපිරි ලිවිල්ල මචං...
    මමත් ඉස්සර සංගීත දෙක තුනක් බලල තියෙනවා, ඒ ලෙවල් වලින් විතර වගේ පස්සේ මට සංගීත එපාම වෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. මේ ගිය සිංහල අවුරුද්දෙත් පැලෑඳ දිහාවෙ එකක් තිවුන නේද?

      Delete
    2. අඩෝ දැන්නේ මතක් උනේ, පැලෑඳත් එකක් තිබ්බ තමයි, ඒ විතරක් නෙමෙයි අවුරුදු අස්සේ අපේ ගෙවල් කිට්ටුවත් එකක් තිබ්බා...
      මම යාළුවො දෙතුන් දෙනෙක් එක්ක කුකුළේ විදුලි බලේ ඉන්න යාළුවෙක්ගේ ක්වාර්ට්ස් එකට ගිහින් බෙල්ල සාක්කුවේ දාගෙන ඇවිත් සංගීතේ තිබ්බ තැනට පොඩ්ඩක් මෙහායින් පාරේ වාඩිවෙලා ඉඳලා තවත් ටිකක් බෙල්ල සාක්කුවේ වට්ටගෙන ඉන්න අතරේ උඹ කියනවා වගේ මර ලතෝනි සද්ද ටිකක් ඇහුනා නේන්නම් යකඩ කටෙන්...
      ඒ කියන්නේ මම නොදැනුවත්ව සංගීතෙ ඇහිලා තියෙනවා...

      Delete
  38. අර ඉස්පීකරේ බැඳගෙන කියවන එක තමා නියමෙටම හිනා යන කෑල්ල.ඇත්තටම බං උන් ඔහොමනෙ කියවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔ්ක කියන්ෙනත් ෙහනම අාඩම්බර කමට.

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. ඉස්සර තියන ගොඩක් සංගීත වල පෝස්ටරේ නම තියන ගායක ගායිකාවෝ වැඩි දෙනෙක් එන්නේ නෑ... අන්තිම වෙනකං බොරු කිය කිය ඉඳලා සංවිධායකයෝ මිසිං වෙනවා...

    ReplyDelete
    Replies
    1. තව සුල්ලු මොහොතකිං සම්ප්‍රාප්ත වනු ඇත කියලා කියන්නේ

      Delete
  41. මෙන්න මෙන්න මෙ මෙ

    පිලි ලි ලි ගන්න න න
    ඔබෙ බේ බේ ජනප්‍රියම ම ම බ්ලොග් ග් රචකකක
    යාන්න්න් හෑල්ලේ ලේලේ
    සුසුසු රංගගග

    ReplyDelete
  42. අපේ පැත්තේ තිබුන සංගීතෙකට ගිහින් එකෙක් මලා. කවුදෝ එකෙක් ඌට පුකට පිහියෙන් ඇනලා.....

    ReplyDelete
    Replies
    1. යටට එකක් ඇඳල හිටියනං අදත් ජීවත් වෙනවනෙ.

      Delete
    2. පුකට පිහියෙං ඇනල, ඉස්පිරිතාලෙත් ගිහිං දැම්මලු ලේ අතීසාරෙ කියල...

      Delete
    3. ඉලව්වයි... මෙන්න මැරෙන ඇනෝ ප්‍රෝපයිල් එකෙන් ඇවිල්ල. හැක්..

      Delete
    4. ප්‍රසා, කවුද බන් මැරෙන ඇනෝ කීවෙ ? අමුතු ඇනොවේක් නෙ ඌ...

      Delete
  43. පංකාදු ලියැවිල්ල නිකන් බ්ලොග් පොස්ට් එකක් කියෙවුවා වගෙ දැනුනා (තිත්දෙකක්)

    ReplyDelete
  44. //“බහා හංගීත රාට්රීය කරුණාරත්ත දිවුල්ගහේ, ඌකාන්ත චන්ඩලේකා..//

    මට මැවිල ඇහෙනවා අපේ ගෙදරට උඩ පාරෙ පොඩි වෑන් කටුවක ස්පීකරෙකක් බැඳන් එනවුස් කරනව....

    ඔයාගෙ ලියමන නම් අපූරුයි. මම ගොඩාක්ම මනාප ඒ කථා විලාසෙට. මල් හතයි අප්පා.. සම්මාන දෙන්න ඕනි මේවගේ ඈයොන්ට තමා. අපේ උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete