2008 අවුරුද්දේ දවසක අගලවත්ත බස් නැවතුම්පලේ දී
“ඔයා ගැන මොනවත් මං දන්නෑනෙ“
“ඉන්නකො. ආ මෙන්න මගෙ අයිඩිං කාඩ්ඩෙක.“
ඇය මගේ අයිඩෙන්ටිය දෙපැත්තම හරවා බලා ආපසු මට දුන්නාය.
“මොන ප්‍රශ්නෙ ආවත් මේක නවත්තන්නෙ නැත්නම්, මාව රවට්ටන්නෙත් නැත්තම් මේක පටංගමු“
“හා“
“එහෙනං හරි. මං යනව. අම්ම බලාගෙන ඇති. ඔයා පරිස්සමින් යන්න“
2009 වසරේ දවසක කලුවාමෝදර වෙරලේදී
“ඔයා කොච්චර කාලයක් දියතලාවෙ ඉන්නවද?“
“අවුරුද්දක් ඉතර ඉන්න වෙයි“
“එහෙනං සතියක් ගානෙ එන්න බැරිවෙයි නේද?“
“ඔව් නිිමාඩු නෑනෙ. ඉගෙනගන්න කාලෙනෙ“
“ඒකට කමහ්නෑ. පුලුවන්නං මාසෙකට සැරයක් ඇහිල්ල එක විනාඩියකට පෙනිල යන්න. මට ඒ ඇති“
ඊට මසකට පමන පසු දුරකථන සංවාදයක්
“ඔයාට කන්නවත් සල්ලි නෑ නේද?“
“නෑ තියෙනව“
“බොරු කියන්නෙපා“
“බොරු නෙමෙයි. තියෙනව“
“ආ එහෙනං ඉන්නවකො බඩගින්නෙ“ ඇය දුරකථනය විසන්ධි කලාය
එයින් දින හතරකට පමන පසු දුරකථන සංවාදයක්
“ඔයාට ලිවුමක් ලැබෙයි අද. බලං ඉඳල ගන්න“
“බලං ඉන්න දෙයක් නෑ හම්බුනා.“
“ආ එහෙනං ඒක කඩල බලන්න“
“බැලුව බැලුව. කවුද ඔයාට ලිවුං කවරෙ දාල සල්ලි එවන්න කිව්වෙ?“
“කවුරුවත් කිව්වෙ නෑ. මට හිතුන ඔයා බඩකින්නෙ ඇති කියල. ඔයාට තාම පඩි හම්බුනේ නෑනෙ. වෙනිං සල්ලි එවන විදිහක් මං දන්නෑ. ඉතිං මං රුපියල් හස්සිය පනහක් ලියුං කවරෙදාල එව්ව. කවුරුවත් ඒක කඩල බලල සල්ලිටික එහෙම අරං නෑ නේද?“
“නෑ. නෑ. කවුරුත් අරං නෑ. ඒක නෙමෙයි ඔයාට කොහෙංද සල්ලි“
“බයවෙන්නෙපා අපේ ගෙදරින් නෙමේ. අපේ ගෙදර ඔයහැටි සල්ලි නෑනෙ.“
“එහෙනං“
“මං **** නැංදගෙන් නයට ඉල්ල ගත්ත.“
“දැං ඕක ගෙවන්නෙ කොහොමද?“
“මං ඒකට හරියන්න එයාගෙ දලු කඩන්න යනව. ඉස්සරත් මං අම්මත් එක්ක ****ලගෙ දලු කඩන්න යනව“
වැදූ මවට නොදැනුන මගේ බඩගින්න ඇගේ හදවතට වැටහී තිබිනි. ඒ වනවිටත් මගේ ආහාරය දවසට දෙවේලට බැස තිබුනි.
2010 වසරේ දෙසැම්බර් මස අගදී දිනක කොළඹ-බදුල්ල පාරේදී
“ඔයාට ඔය බෑග්ගෙකයි බේසං තඩියයි දෙකම තියාගෙන පිටිපස්සෙ සීට්ටෙකේ හිටියැද්ද“
“ඕක මොකද්ද අනේ අපි වගේ වාර්තාගත දෙන්නෙකුට“
“මොකද්ද වාර්තාව“
“ඇයි අනේ ඊයෙ අපේ වෙඩින්නෙක. අද අපි දෙන්න මොටෝසයිකලේ නැගල බඩුමුට්ටු පොදි බැඳගෙන හෝම්කමිං යනව කිලෝමීටර සියගානක්. ඉතිං ඒක වාර්තාවක්නෙ“
“ඉතිං මේක හෝම් කමින් නෙමෙයිනෙ. මගෙ කෝටස් එකටනෙ යන්නෙ. අනික එහෙ අපේ කවුරුත් නෑනෙ“
“ඒක තමා වාර්තාගත කියන්නෙ“
ඇය ලද දෙයින් ඉහටත් උඩින් සතුටට පත්ව සිටියාය.
2016 ජනවාරි මස දවසක
“ඒ ගොල්ලොංගෙ කාරෙකේ වාරිකේ කීයක්ලුද?“
“විසි හත්දාහක් කියන්නෙ“
“එච්චර වෙනවද අනේ. එතකොට ඒගොල්ලං ජීවත් වෙන්නෙ“
“උගෙ නෝනත් මාසෙට පනහට එහා හම්බු කරනවනෙ. සෑහෙන ගානක් ඒත් ඉතුරුලු“
“එහෙනං හොඳා නෙ“
“ආ. ඔව් ඉතිං උට හොඳා“
“මං ඔයාට දෙයක් කියන්න ඔයා මං වෙනුවෙං ඒක අහනවද“
“කියන්නකො බලන්න“
“ඔයාට දැං රස්සාවකුත් තියෙනව. කාරෙහෙකුත් තියෙනව.“
“ඔව් තියෙනව නේන්නං“
“මං මේ ඇත්තටමයි කියන්නෙ. ඔයා මාව ඇතෑරල රස්සාවක් තියෙන කෙනෙක්ව බඳින්නකො. එතකොට ඔයාට මේ තරං නහින්නැතුව සැපට හිටියැකි. මං ඔයා ඉන්න පලාතකවත් නෑවිත් ඉන්නං“
“එතකොට ඔයා මොකද කරන්නෙ“
“මං දුරක තියෙන ආරාමෙකට යනව. එතන තියෙන වැඩක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න පුලුවන්නෙ. මෙහෙනින් වහන්සෙලට ලැබෙන දානෙං කන්න බොන්න ටික කොහොමහරි ලැබෙයිනෙ. මොකද කියන්නෙ ඔයා කැමතියි නේද? මං ටිකියවත් අරං යන්නං“
ආදරය වෙනුවෙන් පරිත්‍යාගය ඇය උපතින්ම රැගෙනවිත් සිටියාය.
දිනය : 2016 ජනවාරි 20 වැනිදා
“ඔයාගෙ උපංදිනේ සෙනසුරාද නේද? මොනවද ඔයාට අරං ඕනෙ?“
“මට මොනවත් එපා. අතේ සල්ලි තියේනං රුපියල් පංසීයක් වියදං කෙරියැක්ද“
“ඒ මොකටද?“
“ගෙදර හාලුත් තියෙනව, පොල් ගෙනාපුවත් තියෙනව. තව මොනවහරි ජාති දෙකතුනක් ගෙනැල්ල උයල බත් පාර්සල් හදල යාචක මිනිස්සුන්ට බෙදමු. සල්ලි නැති හිංද වෙනද වගේ වතුර බෝතල් නොදුන්නට කමක්නෑ. මට තෑගි එපා. අපි ඒ මිනිස්සුංගෙ එක වේලක හරි බඩගිංදර නිමමු. ඉස්සර මායි මල්ලියිත් පොඩි කාලෙ අපි අර කඩාවැටිච්චි ගෙයි ඉඳිද්දි කොයි තරං බඩකින්නෙ හිටියද? මට තාම මතකයි ඒ ඉඩමෙ තියෙන කොස්ගස් නිවං දකින්නෝන අපේ පන රැකල දුන්නට. අනික් අයටත් ඒ වගේම බඩගිනි ඇතිනෙ.
ස්මාට් ෆෝන්, ඉන්ටනෙට් සමග හාදවුවද ඇයට අදටත් බඩගින්න, දුක, වේදනාව හොඳට දැනේ.
ඇය දුක්වන්නේ එකම දෙයක් ගැන පමනි.
“මං හැමදාමත් සතියට සැරෙයක් පංසල් ගියහමත් දෙයියන්ටත් පිංදීල ඉල්ලන්නෙ මට දවසකට රුපියල් දෙසීයක් තරං හොයාගන්න විදිහක් හදල දෙන්න කියල. අඩුම ගානෙ මගෙ වියදං ටිකවත් ඉතුරු කරල දෙන්න පුලුවන්නෙ. ඔයාගෙ තත්වෙට හරි නැතුව මිසක් නැත්තං මං කඩේක හරි ගාමන්ටෙහෙක හරි වැඩට යනව.“
මේ අවුරුද්දටත් ඇගේ ඒ දුක මකාලන්නට මට බැරිවීම මට කනගාටුවකි. ලබන අවුරුද්දේවත් ඇයට ඇගේම කියා දෙයක් උපයා ගන්නට මගක් හොයා දෙන්ට ඕනෑය.
අද ඇගේ දවසයි. ආදරය වෙනුවෙන් පරිත්‍යාගය උපතින්ම ගෙනා, ලද දෙයින් සතුටුවීම ජීවිතය කොටගත්, මුල අමතක නැති වාසනාවන්ත ඇගේ දවසයි.
අද මගේ චූටි මැනිකේගේ උපන්දිනයයි.
සයිබර් යායේ මගේ හිත මිතුරනි. ඔබට අයත් ‘යාංහෑල්ලේ‘ එක පිටුවක් ඇය වෙනුවෙන් වෙන්කලාට ඔබ මා සමග අමනාප නොවන බව මම දනිමි. ‘යාංහෑල්ලේ‘ ඉස්පිල්ලක් පාපිල්ලක් ගානේ අඳුරන ඇයට ඔබේ සුභපැතුම කොමෙන්ට් අතරේ හමුවනු ඇත.
චූටි මැණිකේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා.
Best wishes from Sa Rasa!
ReplyDeleteIs this the first comment devoid of sarcasm, i saw from you. :) kidding as usual. For some reason u are becoming a well liked baiya.
DeleteThank you sarasa. Ian, i didn't got what you said
DeleteThank you sarasa. Ian, i didn't got what you said
Deleteසා රස තුමා උත්ප්‍රාසය සඳහා කමෙන්ට් කිරීමට අතිදක්ෂයෙක්. එහෙත් එතුමාගේ මෙම කමෙන්ට් එක හිතෙන්ම ආපු එකක්. නහුතෙට කමෙන්ට් කරන එතුමා කෙලින් අදහසක් පළ කරපු ප්‍රථම වතාව වෙන්න පුළුවන් කියල මම හිතුවා.
Delete//Is this the first comment devoid of sarcasm, i saw from you. :) kidding as usual. For some reason u are becoming a well liked baiya. //
Delete:D
//සා රස තුමා උත්ප්‍රාසය සඳහා කමෙන්ට් කිරීමට අතිදක්ෂයෙක්. එහෙත් එතුමාගේ මෙම කමෙන්ට් එක හිතෙන්ම ආපු එකක්. නහුතෙට කමෙන්ට් කරන එතුමා කෙලින් අදහසක් පළ කරපු ප්‍රථම වතාව වෙන්න පුළුවන් කියල මම හිතුවා. //
:D :D
සුභ පැතුම් .. සංසාරගත බැඳීමක් ඇතිවන්නේ ඇයිදැයි පැහැදිලියි.. ඇය වෙනුවෙන් වූ ඔබේ පැතුම ඉටුවේවා!!
ReplyDeleteඔබතුමාට බොහොම පිං. සියල්ලටම
Deleteඔබතුමාට බොහොම පිං. සියල්ලටම
Deleteසූබ උපන්දිනයක් වේවා ඒ ව ගේම චූටි මැනි කෙට අතට කීයක් හරි වැ ටෙන විදි හෙ සාධාරන ජොබක් මේ අවූරැද් දෙදි සෙට් වේවා
ReplyDeleteබොහොම පිං ඒ පැතුමට. ඒක තමයි මගෙත් එකම පැතුම
DeleteBest wishes to wife
ReplyDeleteThank you for it.
Deleteunconditional love කියන්නේ මේ වගේ බැඳීම් වලට. තමන්ට මොනවා ලැබුණත් නොලැබුණත් අනෙක් කෙනාගේ සතුට පමණක් පතන. ලෝඉකෙ 0.1% කටවත් මේවගේ ආදරයක් දෙමව්පියන්ගෙන් හැර වෙන කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ. ඔබ දෙදෙනාටම සුභ පැතුම්
ReplyDelete100/100 man ekagai Ian oyath ekka.
DeleteThis comment has been removed by the author.
Deleteවෙනිං කෙනෙක්නං මෙලහකට මාව දාල ගෙහුං හුඟක් කල්. ඒකම මදෑ.
Deleteචූටි මැණිකෙට විතරක් නෙවෙයි උඹටත් සුබ පැතුම් සුරංග...
ReplyDeleteබොහොම පිං ඒ පැතුමට
Deleteසුබෝපං දිනෙහක් වේවා!
ReplyDeleteබොහොම්පිං වේවා(අද පෝයනෙ)
Deleteසුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteඅදහස් ගැලපෙන දෙදෙනෙකු එක් වීම කොච්චර දෙයක්ද
ගැලපෙන එකට වඩා තියෙන්නේ අදහස් ඉවසීම. ඒ වගේම වැරදි පෙන්වා දීම
DeleteShe is beautiful inside out. Many happy returns to Chuti Manike.
ReplyDeleteThank you for it
DeleteHappy B'day ශ්‍රංගි!
ReplyDeleteThank you මදු මාධවී
Deleteඑයා නම් චූටි මැනිකක්...:D
ReplyDeleteසුබ උපන් දිනයක් චූටි මැනිකේ...<3
ඔය 2008 දි. දැන්නම් චුටි නෑ
Deleteසුබ උපන්දිනයක් චූටි මැණිකේට.
ReplyDeleteඒ වගෙම චූටිමැණිකෙ කෙනෙක් ලබන්න වාසනාවන්ත උන උඹටත් සුබ පැතුම් ශ්‍රංග.
බොහොම පිං ඒ පැතුමට. ඒක තමයි මගෙ ලැබීම
Deleteචූටි මැණිකේට සුබ උපන් දිනයක්!!
ReplyDeleteබොහොම ඉස්තූතිවෙවා
Deleteසුරංග අයියේ චූටි මැනිකේ අක්කාට සුබ උපන් දිනයක් පැතුවා කියන්න.
ReplyDeleteඒක නෙවෙයි සුරංග අයියේ මටත් ඔය වගේම කෙලි පොඩිත්තක් හොයා ගන්න ඕනෙ ආදරය කරන්න සහ කසාද බඳින්න.
අනේ සුරංග අයියේ මට උදව් කරන්න ඔයාට පිං
Ano හුහ් එහෙම කෙනෙක් හම්බුවෙනවට වඩා ලොතරැයියක් දිනන සම්භාවිතාව වැඩියි. ඒව ගන්න පටන් ගන්න.
Deletenawathath ekagai Ian...
DeleteThis comment has been removed by the author.
Deleteඅගලවත්තෙ බස් හෝල්ට් එක පැත්තෙ ගිහිල්ල බැලුවනං...
Deleteඇනෝ. පුලුවන්නං අපේ හේමමාලි භාග්‍යා නංගි සෙට් කරගන්න. ආං නියම කෙල්ල. මහ ලොකු ලස්සනක්නං නෑ. හැබැයි අත් පය හතර කැන්නත් හම්බු කරලා සලකයි.
Deleteඔය කියන්නෙ නදීශා හේමමාලි ගැන නෙමෙයිනෙ....?
Deleteඅයියෝ.. අච්චර හොඳ කෙල්ලව ද උඹ මේ නොදන්නා ඇනොවෙකුට සෙට් කරන්න හදන්නේ.. පිස්සු කෙලින්න එපා.
Deleteඔය පෙනේද?
Deleteහපොයි මට මේක කියවද්දී ඇස් වලින් කඳුළු ගැලුව.
ReplyDeleteදැන් 2016 ජනවාරි කියලත් තියනව, උපන් දිනේ අද කියලත් තියනව.
මේ පොස්ට් එක දාල අර 2016 ඉල්ලීම ඉටු කරන්න හෙම නෙවෙයි නේද හදන්නෙ? :)
වාසනාවන්ත සැමියෙකු ගේ බිරිඳට සුභ උපන් දිනයක් වේවා!
අනේ පිස්සුද උංදැව අතෑරල මං මොන බඩපිනුම ගහන්නද? බොහොම ඉස්තූතියි සුභ පැතුමට
Deleteපට්ටයි මචෝ...මං ධන කුවේරයෝ සුලතාන්ලගේ ජීවිත දැකල තියෙනව. ගොඩක් උන් හිතං ඉන්නෙ උන් තමයි ලෝකෙ සතුටින්ම ඇත්තෙ කියල.ඒත් සියලු සැප සම්පත් සල්ලි ගෑණු සෙක්ස් අතරේ උන්ට සල්ලි වලට ගන්න බැරි දෙයක් තීනව. ඒක තමයි උඹ ඔය විඳින දේ.
ReplyDeleteඉස්තූතියි ඇනෝ මචෝ
Deleteසල්ලි මිනිස්සු වෙනස් කරනවා... හැම දේම වගේ ඒකෙත් හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා..
ReplyDeleteමම හිතන්නේ රස්සාවක් හොයලා දෙනවට වඩා, ස්වයං රැකියාවක් සෙට් කරලා දියන්... ඔය මල් වවන ඒවා. විසිතුරු මසුන් හදන ඒවා.. එක එක පොඩි නිශ්පාදන හදන ඒවා..
මෙහෙම දිරිය දියනියක් ඒ වගේ දේකින් සෑහෙන ගමනක් යයි කියලා...
හැප්පි හැප්පි බෝත් ඩේ එකක්ම වේවා...!!!!
හොඳම අදහස එතකොට දරුවෙක් ඉන්න දවසක වුනත් දරුවට උපරිමයත් කරන්න පුළුවන්
Deleteස්වයං රැකියාවක් උනත් සෙට් කරන්න මුලික ප්‍රාග් ධනයක් අවශ්‍යයි නේ
Deleteඉන්නේ බදුල්ලේද නැතිනම් වෙනින් පලාතකද හරි විස්තරයක් නැතිව යමක් ගැන හිතන්න අපහසුයි මේවගේම එටිකත් පොස්ට් එකක
දැම්මානම් හොයලා බලන්න පුළුවන්
දළු කඩන්න දෑත රළු වුනානම් ඔය සියුමැලි දෝත කට මක් කරන්න බැරිද
හදපන් රළු ප්‍රොජෙක්ට් එකක් හීනයක් නොවන කුඩාවට පටන් ගන්න පුළුවන් ප්‍රධාන කාර්ය නිෂ්පාදනය අලවි කරගන්න කෙසේද කියන වග ගැන හිතලා ලාබය පසුවට තියලා
ඉන්පසුව ප්‍රාග් ධනය ගැන සිතමු.
ආන්ඩුවෙ තැන ඉන්න ගමං වැවිලි ආදී වත්තෙ පිටියෙ කරුමාන්ත අමාරුයි. කීයක් හරි හොයාගත්තොත් කියල පෙස්සං පිට පෙස්සං. ගේ ඇතුලෙ කරන කර්මාන්තයක් විතරයි ඉතිං. වැඩේ කියන්නෙ මට මෙයාව වැඩිය මහංසි කරවන්නත් මොකද්ද වගේ.
Deleteඑහෙනම් ඉතින් ප්‍රාදේශීය සභාවට දාහන් මොකක් හරි පක්සෙකින්.. අළුත් පස්සෙකුත් එනවනේ... කුරහන් පාට ෂෝල් එකක් හොයා ගනින්...
Deleteප්‍රාදේශීය සභාවට? පලාත් පාලන ආයතන ඉවර කොරන්ට වැඩක් ඒ
Deleteහිතනවානාම් යමක් කරන්න මැසිමක් දෙකක් දාල ඇඳුමක් පැලදුමක් මහන්න ඇයට කලහැකි ළදරු පාලනයක් ගැනවගේ
Deleteහදපන් රළු ප්‍රොජෙක්ට් එකක් හීනයක් නොවන කුඩාවට පටන් ගන්න පුළුවන් ප්‍රධාන කාර්ය කෙසේද කියන වග ගැන හිතලා ලාබය පසුවට තියලා
ඉන්පසුව ප්‍රාග් ධනය ගැන සිතමු.ඔබට අවශ්‍යනම්
post eka kiyewwata passe aththatama mata man gana godaak dhuka hithuna, asswala kandhulu.
ReplyDeleteMany many happy returns of the day!!! kiyala hadhinma wish karanawa zranga manike....
චුටි මනිකෙගෙ අකුරු ලස්සනයි .එයාට පුලුවන් ලස්සන කාඩ් හදන්න. නතිනම් ටියුශන් පන්ති හෝ වෙන තානක ලියකියවිලි කරන්න. ප්‍රදෙශි වාර්තකරු වගෙ දෙයක් පොඩි පත්තරයකට? මල් වවන්න, නතිනම් ගෙදරට එලවලු වවන්න. ඉඩ නතිනම් එල්ලෙන පෝච්චි වල. සල්ලි ඉතුරු වෙනවනෙ. පබලු ගෙනත් ඉන්ටනෙට් එකෙන් බලල ජුවෙලරි හදන්න.
ReplyDeleteසුබ උපන්දිනයක්!
Deleteසෙනරත් මහත්තැන්ට දුක හිතුනෙ අහවල් හේතුවක්ද?
Deleteබොහොම ස්තූතියි සුභ පැතුමට
You bugger is a lucky guy.. I knew it at first sight of her. Many happy returns of the day chuti menike and wish your all dreams come true. Cheers!!!!
ReplyDeleteThank you for your wishes.
Deleteඅහසෙ, මූදෙ, පොළව යට කොහෙ හිටියත් පෙර කරුම ගෙවලම ඉවරකරන්ට ඕන කියන්නෙ ඕක තමයි. නැත්තං අරාකාර අපූරු ළමෙක් උඹ වගෙ අංකූරෙකුට මොන ලබු ඇටේකට කැමතිවුනාද?
ReplyDeleteසුබ උපන් දිනයක් සුරංග.... ඔබේ සදාදරණීය පාදපරිචාරිකාවට....:)
ප.ලි. නෙවෙයි ප.අ. -
/ ඔයාට ඔය බෑග්ගෙකයි බේසං තඩියයි දෙකම තියාගෙන …/
මොකටද බොල ඔය හැටි දුර කතරක් චූටි මැණිකෙ බේසං තඩියක් ඔලුවෙ නමාගෙන ගියේ? අව්ව හින්දද? නැත්තං බදුල්ලෙ බේසමක් හොයාගන්ට නැතුවා වද්ද?
මං වගේ අංකූරෙක් තමා එවැනි කතකට යෝග්‍ය.
Deleteබේසමේ කතාව මේකයි. අපි එමිං ගමන මගට ආවයිං පස්සෙ එක එක එව්ව අහන්ට තිබාගත්තනෙ.
“එහෙ රෙදි හෝදන බේසමක් තියෙද?“
“නෑනෙ“
“එහෙනං එකක් ඇරං යං.“
ඉතිං ගත්ත මගිං බේසමක්. තව තව එව්ව ඔය විදිහට ගත්ත.
අම්මප...?? ඒ කියන්නේ මූ කලින් රෙදි හෝදලා නැතුව වද්ද ? මදැයි කැමති උනා!
Deleteඑහෙම නෙමෙයි. මං රෙදි හෝදන්නෙ නාන කාබරේ බිම දාල. එයිං පස්සෙ වතුර යන්න මිරිකුවා ගේ මැද්දෙං එල්ලං ගියා වතුර බේරි බේරි. දැම්ම වැලට. වියරයි වැඩේ.
Deleteමට අහු උනා නම් උඹ! ආයේ නැහැ උඹවත් වනනවා වැලේ !!! හුහ්
Deleteඕකනේ චුටි මැණිකේ වඩාත් වටින්නේ, අපි වගේ උන් නෙවෙයි.. හි හි...
ඒත් මේකයි මේ.. මේක මේ කියන්නම වෙනව මේ.. මොක වැනුවත් මිරිකල තමයි වැලේ වනන්න ඕනැ. නැත්තං වේලෙන්න පරක්කුයි.
Deleteචූටි මැණිකේට සුබ උපන් දිනයක් එක්ක දෙන්න දෙමාල්ලො තුන් දෙනා වෙන්නෙ කවදද කියල අහන්න හිතුණ කට කහනවට....දැනටමත් එහෙම වෙලා නෑ කියල හිතුවෙ සඳහනක් නැති නිසා.
ReplyDeleteඅනේ තාම මොන ලමයිද? අපි තාම චූටි ඈයොනෙ.
Deleteකියන්නද දෙයක් හිතාගන්නම බෑ සුරංග..
ReplyDeleteමැණික් හම්නේනෙ වාසනාවන්තයන්ට.. එහෙම නේද...
ඔබේ බිරිදට සුභ උපන් දිනයක් වේවා...
ජයෙන් ජයම වේවා
බොහොම ඉස්තූතියි
Deleteසුභම සුභ උපන් දිනයක්
ReplyDeleteබොහොම ඉස්තූතියි
Deleteමම කිව්වොත් උඹ හරි වාසනාවන්ත මිනිහෙක් කියලා, ඒක උඹේ චූටි මැණිකෙට ලොකු උපන්දින තෑග්ගක් වෙයි නේද ?
ReplyDeleteපිලිතුර ඇගේ වචනෙංම කියතොත්
Delete“ආං බලමු මයෙ අගේ පිටිං බලං ඉන්න ඕනැ කෙනෙට්ට පේනව“
// පිටිං බලං ඉන්න ඕනැ කෙනෙට්ට
Deleteමේක කිව්වේ මොකදැයි කියල මම මේ හා අතේ කම්පනා කොන්නවා
ඒ කියන්නෙ පවුලෙං පිටස්තර අය
Deleteඇස්වලට කඳුළු ආවා. හරිම ලස්සන අහිංසක ආදර අන්දරයක්. ඔබ දෙපලට වාසනාවන්ත ජීවිතයක් සමග ඇයට සුභ උපන් දිනයක් පතමි. තෙරුවන් සරණයි.
ReplyDeleteබොහෝම පිං වේවා
Deleteවාසනාවන්ත සැමියෙක්
ReplyDeleteසුභ උපන්දිනක් චූටි මැණිකේ
ගුරුතුමීට බෝම පිං
Deleteචූටි මැනිකේ/ සුරංග ඔබ දෙදෙනාම බොහොම වාසනාවන්තයි. ඇයට ස්වයං රැකියාවක ගැලපෙනවා මාතලන් කියනවා වගේ.
ReplyDeleteඑව්වගෙ එකක් තමා මාත් හිතං ඉන්නෙ. බලමුකො තව ටික දවසක්
Deleteඅනේ. . . සුභම සුභ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteචූටි මැනිකෙ හරි සිරියාවන්තයි අලේ!
මේ අවුරුදු හතකට කලිං ගත්තු එකක්. නැත්තං පොටෝ එහෙකට අල්ලන්න පුලුවං කෙනෙක් නෙමෙයි
Deleteබොටත් ලැබිල තියෙන්නේ "චූටි" මැණිකක් නොවෙයි ශ්රංග ළමයෝ. මිල කල නොහැකි දුර්ලභ මැණිකක්.(මොකද අවුරුදු 32ක් තිස්සේ මා ලඟත් ඔවැනිම මැණිකක් තියෙන නිසයි දන්නේ).
ReplyDeleteමොක උනත් නුඹේ මැණිකට සුභ උපන් දිනක් වේවා! දෑතේ කරුමාන්තයක් කර ගන්නට මගක් පෑදේවා !
එහෙනං. තමුන්නැහැට බොහොම පිං මං වෙනුවෙං පිටු ගානක ඊමේල් එවනවට.
Deleteඅනේ වාසනාවන්! .චුටි මැණිකේ මැණිකක්ම තමයි . ඇයට සුබ උපන් දිනයක් පැතුවා කියන්න .
ReplyDeleteබොහෝම ඉස්තූතියි තිලකසිරි මහත්තයා
Deletelate wishes
ReplyDeleteඅනෝමා අක්කේ, ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා!!!
පෝස්ට් එක කියවද්දි ඇහැට කදුලු ආවෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.
මේ නංගිගේ ඇහේ මැස්සෙක් ගිහිං වෙන්ට ඕන
Deleteදුප් යන්න.. >:)>:)>:)
Deleteදුප් යන්න.. >:)>:)>:)
Deleteදුප් යන්න.. >:)>:)>:)
Deleteශ්‍රංග
ReplyDeleteමේ ලඟදී දවසක් ආයතනික පුහුණුවක් අවසන, අයර්ලන්ත ජාතික දේශක වරිය, " ඔබට සුභ ගමන් " යයි පැතුවා (travel well ). එය හරිම පුරුදු , ළඟ බවක් දැනුනා . ටිකක් හිතද්දී මට ( ඔබේ මැණිකේ කී පරිදි ) පරිස්සමෙන් ගිහින් එන්න කියන අපේ වදනට ඇති සම්බන්ධය සිහි උනා . පුහුණුවෙන් පසු මම ඇගෙන් ඇසුවේ "අපි යන්නේ ගෙවල් වලට , ඔබයි නැවත දිගු ගමනක් යන්නේ ... ඇයි අපට එලෙස සුභ පැතුවේ කියායි ". ඈ කීවේ ඒ සුභ පැතුවේ අප ජීවන ගමනට බවයි .
ඉතින් මම ඔබ දෙදෙනාටත් "සුභ ගමන් " පතමි
ජේපී මහත්තයා, මං හිතුවෙ අපේ රටේ විතරක් ඔය සිරිත තියනව කියලයි. ඔබගේ සුභ පැතුමට ස්තූතියි
Deleteචූටි මැණිකෙට සුභම සුභ උපන්දිනයක් වේවා.. මගේ බ්ලොග් එකවත් බලන්න වෙලාවක් හොයාගන්න බැරි වෙලාවක උඹේ ආදරේ වෙනුවෙන් වචනයක් නොලිය ඉන්න බැරි උනා සුරංග..... උඹටත් චූටි මැනිකෙටත් තෙරුවන් සරණයි..
ReplyDeleteචූටිමැණිකෙටනං අම්බලංගොඩ කතා එකක්වත් අතෑරෙන්නෙ නෑ. ඇයට තාමත් වරුවක් හිනාවෙන්ට අර කාරෙකේ තහඩුව ගලවගෙන යන්න ජැක්කෙක ගහපු කතාව ප්‍රමාණවත්.
Deleteබොල සුරංග, උඹ මීට වඩා හොඳ තාත්තෙක් ලැබුන නැති එක ගැන කම්පාවෙනවා අහලා මමත් කම්පා වුනා. ඉතිං බොල උඹට හම්බවෙලා ඉන්නේ ඒකටත් හරියන්න හොඳම බිරිඳක්.
ReplyDeleteචූටි මැණිකෙ සුභ උපන් දිනයක්.
මූ ඕනෙ බ්ලොග් පෝස්ට් එකක් ලියාගත්තාවෙ. උගේ තල පරිගනකෙයි, පැදුරුකඩමාල්ලයි, නම් අහිමි කොරන්ට තනන්ට එපා ඔන්න. (ඌමයි එහෙම කියලා නහයෙන් අඬන්නේ)
This comment has been removed by the author.
Deleteහපොයි අර ලැයිස්තුවට 'බත්පත' අමතක වුනා
Deleteඩූඩ් දැං එච්චර ලියන්නෑ නේද? කිං කාරණා වේස්?
Deleteබෝම ස්තූතියි ඩූඩ්.
Deleteඅදයි දැක්කේ සුරං........කියහං අපිත් සුබපැතුවයි කියලා.........
ReplyDeleteආයි කියන්නත් දෙයක්යැ. එයාම බැලුවෙ
Deleteසියලු පැතුම් ඉටුවන නිරෝගිමත් සුබ උපන්දිනයක් අපිත් පැතුවා කියපන්...
ReplyDeleteඒ වගේ බිරිදක් ලබන්න උබ වාසනාවන්තයි සහෝ..උබටත් ජය
ආචාර්්‍ය තුමාට බෝම පිං
Deleteසුභ දිවියක් වේවා..! උඹ දන්නවෙයි.. මම සාමාන්‍යෙන් උපන්දින වඩිය ගණන් ගන්නෙ නෑ මට අමතක වෙන නිසා.ඒත් මේක ගණන් නොගෙන බෑ.. ඇයට නිසා උඹ වාසනාවන්තයි..
ReplyDelete(මටත් ඉන්නවා රෝදපුටුව තල්ලුකරන් යන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති කෙල්ලෙක්..ඒ නිසා මේක තදට දැනුනා... දාං පහක්.)
ජයවේවා..!!
ආං ඒ වගේ කෙල්ලං ලබන්න කියල හිතාන මතු අත්බවේටත් කරමු යහමිං කුසල්
Deleteසුභ උපන්දිනයක් පතනවා සුරන්ගේ ආදරණිය හාමිනේට ...
ReplyDeleteමචෝ මේක දැකපු ගමන් මතක් වුනේ කාලෙකට කලින් අපේ අටමා මම දුන්න ගීතයකට ලියපු පොස්ට් එකක් ...එකත් මේ ලඟින් යනවා වාගේ දැනෙනවා ..
හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්
ගී පද -පොඩිරත්න අඟමලේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
http://atampahura.blogspot.com/2014/09/blog-post_85.html
එළම සිංදුව. හැබැයි ජීවතේට අහල නෑ. බොහොම ස්තූතියි සිංදු මචෝ
Deleteදෙන්නටම හැමදාමත් මේ වගෙම සතුටින් ඉන්ට පුලුවන් වෙවා කියලා ප්‍රාත්ථනා කරනවා (තිතක්) අක්කට මහන්ට පුලුවන්නම් මැෂීමක් අරන් දුන්නනම් හොදයි (තිතක්) ගෙදර ඉදලම කියක්හරි හොයාගන්ට පුලුවන් (තිතක්)
ReplyDeleteරංගන සහෝදරයා (කොමාවක්) බෝම ස්තූතියි පාත්තනාවට (තිතක්) වැඩේ කියන්නෙ මෙයාට මහන්ට බෑනෙ (තිතක්)
Deleteසුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteස්ථූතියි දිනේෂ්
Deleteපරක්කු වුණා එන්න. සුබ උපන් දිනයක්ම වේවා. ඒ වගේම එවැනි ළඳක ලත් සුරංගටත් ජයෙන් ජයම වේවා. හිතේ සතුට තමයි ලබන්න අමාරුම දේ. ඒක තියනවා කියන්නේ එතන තමයි ජීවිතය ජිවත් වෙන්නේ. .
ReplyDeleteආං එච්චරයි අජිත් මහත්තෙයා. බොහොමත්ම පිං ප්‍රාර්ථනාවට
Deleteබොලා දෙන්නට වරදින්නේ නෑ ලොවෙත්. ** ** මෑණියන් ගැන විශ්වාසේ තියපං. ඕනම කරදරයක් වෙලාවකදී මතක් කරපං. උඹලා දෙන්නට හරියනවා.
ReplyDeleteජය වේවා!!!!
බොාහාම ස්තූතියි මචං.
Deleteවෙන වචනයක් එන්නේ නෑ මචං. ශ්‍රේෂ්ඨ කාන්තාවක්... ඇයට රොටියා හා ගෑණු ළමයා සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු..
ReplyDeleteමචං අපේ අම්මත් හැමවෙලේම ඔය කතාව කියනවා. මොකද අම්මත් රස්සාවක් කළේ නැහැ. අපි ගල් ඉබ්බෝ තුන්දෙනෙක් හදාගෙන ගෙදරට වෙලා හිටියේ. අම්ම ගෙදර හිටියේ නැත්තන් අද අපේ කෑලිත් නෑ කියල කල්පනා කරද්දී හිතෙනවා බන්.
අපේ ගෙදර හැමදාම දවල් කෑමට හත් අට දෙනෙක් වරදින්නේ නැහැ. අපිවත් ආම්බාන් කරගෙන , දිව්‍යලෝක රහට කෑම හදන්න අම්මට පුදුම අත්ගුනයක් තියෙන්නේ. ඊළඟට තාත්ත දෙන සල්ලි වලින් අපිට කන්න දීල , උගන්නල, අඳින්න සහ වෙනත් සුකුරුත්තනුත් අරන් දීල කීයක් හරි ඉතුරු කර ගන්නත් අම්මට පුළුවන් උනේ කොහොමද කියල අදටත් මම අම්මගෙන් අහනවා
කාන්තාවක් ගෙදර ඉන්නව කියන්නේ ඇය පහනක්. ඇයට කියන්න කවදාවත් තමුන් ගැන අඩු තක්සේරුවක් කරන්න එපාය කියල
ඇයට මං හැමදාම කියනව. ඇගේ වාසනාව සහ කලමනාකරනය නිසා තමයි අපි මේ තරං හොඳට ඉන්නෙ කියලා. ඒ උනාට එයා ඒක පිලිගන්න කැමති නෑනෙ.
Deleteඅලුත බැඳපු රොටියා සහ ගෑල්ලමයාට අපේ නොවක් ස්තූතිය
සුබ උපන්දිනයක් පතනවා. ජීවිතය මුහුණදෙන්න ධෛර්ය ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteජය වේවා
ආ.. මේ ඇවිත් ඉන්නෙ. බෝම ස්තූතියි ප්‍රාර්ථනාවට
DeleteGood Luck !!
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteපරක්කු උනත් චූටි මැණිකේට සුබ උපන් දිනයක් පතනවා. අර අමාරුවෙන් උස්සගෙන ගිය බේසමේ කථාව මොකද්ද? එහෙම ඇහුවේ බදුල්ලට බේසමක් උස්සන් යන්න තරම් හේතුවක් මට පෙනෙන්නේ නැති නිසා.
ReplyDeleteආං අර රවි මහත්තැන්ට උත්තරේ දුන්නා. ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි
Deleteසුරංගයො. මට එන්න පරක්කු උනා. කමක් නෑ. චූටි මැනිකෙට කියහං මමත් සුබ පැතුව කියල. ඕං මතක් කරලම කියහං.
ReplyDeleteඑයාම මෙව්ව කියවනව. ඒ හිංදා මේකත් කියවලා ඇති මෙලහකට. සුභ පැතුමට ස්තූතියි
Deleteමං ටිකක් පරක්කු උනා සුරංග...
ReplyDeleteකියවගෙන යද්දි මට මායි ඩ්‍රැකියානියි මතක් උනා. උන්දැත් මාත් එක්ක චැලියෙ එක එක දේවල් අල්ලගෙන යනව. දන්නවනෙ, චැලියෙ පිටිපස්සෙ තමුං යන්නෙත් මාර අමාරුවෙංනෙ. (එයා නං හැබැයි මාව පරිත්‍යාග කරන එකක් නෑ. :-) )
/“මං ඒකට හරියන්න එයාගෙ දලු කඩන්න යනව. ඉස්සරත් මං අම්මත් එක්ක ****ලගෙ දලු කඩන්න යනව“/
මෙන්න මේකට නං මාාර විදිහට දුක හිතුන බං.
මට හිතෙන්නෙ උඹට දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ජීවිතය නොලැබුනාට, ඒ හැම දේකටම වඩා වටින දෙයක් උඹට ලැබිල තියෙනව වන්දියක් වශයෙන්. ගොඩක් වෙලාවට දැනෙනව, මේ වගෙ දේවල් සංසාරගත බැඳීම් කියල බං...
සුභ උපන්දිනයකට ආසිරි පතනව මචං හදවතිම්ම (දවස් දෙකක් පරක්කු වෙලා හරි)
අනික, මට හිතෙනව, උඩ අදහස් දක්වපු හැම කෙනාම චූටි මැණිකෙ හරි සුකුමාර බෝණික්කෙක් කියල හිතාගෙන තමයි රස්සාවල් යෝජනා කරල තියෙන්නෙ කියල. එයාට ඊට වඩා ගොඩක් දේවල් කරන්න ඇහැකි කියල පේනව. ඒක තමුංම තමා හොයාගන්න වෙන්නෙ. අපට යෝජනා කරන්න බැරි වෙයි...
Deleteචැලිය වනාහි කරතියං උනත් යන්න පුුලුවං වර්ගයේ ඉෂ්ට දෙයියෙකි. ඩබොල් දාලා යන්ටනං අමාරුයි තමා. එහෙව් දුෂ්කරක්ක්‍රියා කරපු එකත් ලොකු දෙයක්නෙ.
Deleteචූටි මැණිකෙගෙ ජීවන කතාව මට දෙවෙනි නෑ. වයස අවුරුදු පහේ හයේ කාලෙදි ඉඳං අනුංගෙ තැංවල ඉඳං, නෑදෑයංගෙ බැනුං අහගෙන එයා ජීවත් වෙච්චි හැටි වෙනම දවසක එයාම ලියනව ඇති. අපේ මගුලට සල්ලි හෙව්වෙත් අපි දෙන්න දලු කඩලම තමයි.
සුභ පැතුමට බොහොම පිං සිදු වේවා ඩ්‍රැකි පවුලටම
බොලාදෙන්න පවුලේ මිතුරු ජෝඩුවක් කරගන්න වටිනව. බැයිද මේනකය වගේ ගම්පහ පදිංචියට එන්න?
Deleteගම්පහ ටවුං කිට්ටුවෙං සුපියල් දෙදහකට ඉතර කුලියට ගේ පොඩ්ඩක් හොයාදුන්නොත් එඤ්ඤං.
Deleteදැනට අවුරුදු පණහකට විතර කලිං අහන්ට තිබුණෙ. ගම්පහ ටවුමෙං ම ගන්ඩ තිබ්බ ගෙයක් :-) කමක් නෑ මං අහල බලන්නං සිරාගෙං.
Deleteනැත්තං බං රාජ්‍ය සේවක දේපළ ණය අරං ඉඩං කෑල්ලක් අරං ගෙයක් හදාගමු?
චුටි මැණිකේට සුබ උපන්දිනයක් උබට සුබ පෙතුම් .
ReplyDelete//වැදූ මවට නොදැනුන මගේ බඩගින්න ඇගේ හදවතට වැටහී තිබිනි//
මටත් ඔහෙම අම්ම කෙනෙකුයි බිරිදකුයි ඉන්නවා
සමහර දවස් වලට මං දවල්ට කන්න නොගියොත් දෙන්නගෙම කෑම ඉතුරුයි. ඉතිං මං දවල්ට කෑමට යන්නම ඕනැ.
Deleteචුටි නෙමේ ලොකු මැණිකක්.
ReplyDeleteයට සුබම සුබ උපන් දිනයක්.සිතන පතන සියල්ල එලෙසින්ම ඉටු වේවා....!!!
බොහොම ස්තූතියි මනෝජ්
Deleteසුභ උපන්දිනයක් වේවා.......
ReplyDeleteසුරංග, උබේ බ්ලොග් එකේ හැම පොස්ට් එකක්ම කියෙව්වත් කොමෙන්ට් කරන පලවෙනි වතාව, මේ ආත්මෙදිත් පුළුවන් තරම් පින් කරපන්, මොකද ඔය වගේ මැණිකක් ලබන්න ටිකක් පින් කරලා මදි.
අපූරු ලියමන මලයා. හරියට හිතට දැනුනා. ඇයට සුබ උපන් දිනයක්.
ReplyDeleteශ්‍රංග, අද තමි මේක කියෙව්වේ. උඹට වෙච්ච සංගදි හැටියට පාතාලයෙක්, මැරයෙක් වෙන්න තිබුණු එක මැණිකේගේ අසීමිත ආදරය නිසා වැළකුණ කියලයි මට හිතෙන්නේ.
ReplyDelete"ඉස්සර මායි මල්ලියිත් පොඩි කාලෙ අපි අර කඩාවැටිච්චි ගෙයි ඉඳිද්දි කොයි තරං බඩකින්නෙ හිටියද? මට තාම මතකයි ඒ ඉඩමෙ තියෙන කොස්ගස් නිවං දකින්නෝන අපේ පන රැකල දුන්නට. අනික් අයටත් ඒ වගේම බඩගිනි ඇතිනෙ. "
ReplyDeleteසුරංග,
සමාවෙන්න අතිශය පමා සුබපැතුම ගැන.
ඔබේ මැනිකේ ට සුබම සුබ උපන්දිනයක් , මැණිකේ තව දස දාස් වරක් මැණිකේ ලෙසින්ම ඉපදේවා, ඔබේම අබෙනිය ලෙසට .
ඒ එදා දැනුන බඩගින්න ඔයාව අපි හම්මෝම දන්නා ආදරනීය සුරංග බවට පත් කලා. එහෙම උනේ නැත්අන් සුරංග නුවර වැව වටේ අද "Lamborghini" පදින වලත්තයෙක්.
නැවත වරක්ත් '(Echo)!' ඔබේ ඇම්බෙනියටත් සුබම සුබ අනාගතයක්,
මම ලොන් නැති බල්.
ප.ලි(අහමි)
Deleteචුටි මැණිකේගේ බ්ලොග් ගල් කෑල්ලේ ඇඩ්ඩස් එක බදාම ටිකක් ගාල ඇලෙව්වනාන් මෙහෙන් ටිකක්