සංගීතෙ පැවැත්වෙන දවස වෙනකං ඔය විදිහට අහුවෙන හැම එකා එක්කම ‘ඔව්වට යන එවුං නැහැදිච්ච හැත්ත‘ බවට කියෝන එක ආච්චම්මගෙ දින චරියාවෙන් කොටසක්. ඒ එක්කම මේක බලන්න යන එවුං කවුරු කවුරුද කියන එකත් උන්දැ සංගණනය කරනවා.
මේ අතරේ ගමේ ඉලංදාරි, අල්ලපු ගංවල ඉලංදාරි හැමෝම සංගීතෙ ගැන කතාවෙන්න පටං ගත්තා. මඩ්ගාඩ් නැති පුබ්බයිසිකල් උඩ නැගගෙන බැලන්සෙකට එක කකුලක් බෝක්කු කනුවක් උඩිං තියාගෙන බෝක්කු පාලං ඇඳි අද්දර රැස්වෙච්චි ඒ අය හිමීට කතාවෙන දේවලුත් මහ හයියෙං හිනැහෙන එව්වත් අපේ ආච්චම්මට දිරෙව්වෙ නෑ. හැබැයි අතුලගෙ කඩේට අල්ලපු අනික් කඩකාමරේ කොන්ඩෙ කපන සිරිල්ට ඒ දවස් ටිකේ හරියට වැඩ. රැවුල කට්ටෙකට කැපීම, කොන්ඩ කට් ගැහිලි ආදී එක එක ආකාරෙට කොන්ඩ රැවුල් කපාපු තරුන අය අනික් අයට වැඩිය මූණ නොදී හිටියෙ විහිළු වලිං බේරෙන්න. හැබැයි අපේ පුංචම්මගෙං සංගීතෙ ගැන හාවක් හූවක් නෑ. මුංදැට මේක අමතක උනාද? අහන්නත් බෑ. සයන්න කියනකොටම ‘කටවහප්‘ කියනව.
සංගීතෙ දවසෙ දවල් පුංචම්ම හිටිහැටියෙම ආච්චම්මගෙ ඔලුව උඩට ගිනිගෙඩියක් අතාරිනව.
“අම්මෙ මාත් යනව සංගීතෙ බලන්න“
“කොහෙ නංගියෙබ් බලන්නදැ“
“ඥැංගියෙක් නෙමෙයි අම්මෙ සංගීතෙ බලන්න“
“උඹට විකාරද? අයියත් කිව්වෙ ඔව්වෑ යන්න හොඳනෑ කියල“
“අම්ම මොටද මං යන විත්තියක් අයියට කියන්න ගියෙ. මං කිව්වනෙ කියන්නෙපා කියල“
“මං කියාපු එකහ් නෑ. ඌ තමයි කිව්වෙ“
“අම්ම නොකිය කෝමද අයිය ඒක දන්නෙ“
“මං දන්නෙ කොහොමද බං ඒක. ඒක උගෙං අහගං.“
ආච්චම්ම කරපු වැඩෙත් දාල මාරුවෙනව. පුංචම්ම මගෙ පැත්තට හැරෙනවා.
“සු*** උඹ වරෙං යන්න මගෙත්තෙක්ක“
“හොඳා පුංචියෙ“
එදා හැංදෑවෙ ඇඳිරි වැටෙන්න කලිං පුංචියි මායි සංගීතෙ බලන්න යන්න ලකලැහැත්ති වෙනව. මං කලිං අවුරුද්දට ගත්තු කොට කලිසමයි ඉස්කෝලෙ අඳින සුදු කමිසෙයි ඇඳගන්නව. කමිසෙට අල්ලපු බැජ්ජෙක නූල් පොටවල් හතර කපල බැජ්ජෙක ගලෝල තියනව. එතකොට ඒක ඉස්කෝලෙ ඇඳුම නෙමෙයි. පුංචම්ම රැලි තියෙන දිග සායක් ඇඳල ඒකෙ ඉස්සරහ තියෙන ලොකු යකඩ රවුම දාපු බැජ්ජෙක පේන විදිහට හැට්ටෙ සායට යට කරනව. කොන්ඩෙ ගොතල ලා කොලපාට පවුඩර් බෙලෙක්කෙං පවුඩරුත් දාගෙන කබට්ටෙකේ තියෙන අස්ස ඔලුව ඇඳපු සැං කුප්පියෙන් ටිහිකුත් ගහගන්නව. කුඩෙයි ලේංසුවයි ඇරං කැරපොත්තං පාට සෙරෙප්පු දෙකත් දාගන්නව. ඒ අතරෙ පාර අයිනෙ ඉන්න මිනිස්සුං එක්ක කිය කිය ආච්චම්ම ගිය නුවන ඇතුන් ලවා අද්දවනව.
“ඔය සමහරක් එව්වොනං ඔව්වට ගියහම සවුත්තු වෙනව. ඒ උනාට අපේ මැනිකෙනං එව්වට අල්ලන්න හම්බුවෙන්නෑ. මොකෙක්හරි මොකවක් කිව්වොග් ගහයි කුඩෙං කට කල්ල විසික් වෙන්න. ඔය වෙනිං කෙල්ලො වගේ කටවහගෙන ඉන්නෙකක් නෑ.“
උංදැගෙ කතාව නෑහුනා වගේ අනික් මිනිස්සු වෙනිං දේවල් කතාවෙනව.
“යමං නිකෝඩ හංදියට“
ආච්චම්මගේ හත්පොලේ නාගැනීමෙං ගැලවෙන්න පුංචම්ම මාවත් ඇදගෙන නිකගොඩ හංදියට යන්න පිටත්වෙනව. එතනිං සෙනග පිරිච්ච ටකරං බස් එහෙක නැගිල අපි දෙන්නා ඇඳිරිවැටීගෙන එන වෙලාවට ටවුමට යනව. නිව්ටං පෙරේරගෙ බාර්රෙක ගාව සෙනග පිරිල. මිනිහෙක් කානුවෙ ඉඳං කානු ගැට්ටට ඔලුව තියං බුදි. සමහරු වැනි වැනී පාරට එනව. බැලුං බෝල කාරයො, සෙල්ලංබඩු කාරයො, එලිය වලලු කාරයො ආදීන් ඇවිද ඇවිද එව්ව විකුණනව. ඒ අතරෙ තැනින් තැන පංදං පත්තුකරගත්තු කඩල කාරයො, වඩේ කාරයො ටවුමට එලිය දෙනගමං තමුංගෙ සාක්කුව එලිය කරගන්නව.
සැං පවුඩර් සුවඳ හමන, මාලුදැල් කමිස ඇඳල එව්වටම ගැලපෙන මැණික් මුදලාලිල අඳින නිල් සරොං ඇඳපු තරුණ අය, ළමයි බමයි අතිං කටිං එල්ලගත්තු ගෑනු, දිග සායවල් හැට්ටවල් ඇඳං හය හත්දෙනා එකාට එකා ඈඳිච්චි තරුණ ගෑනු ලමයි යායවල් ඇතුළුව සෙනගිං මුළු පාරම වැහිල හිංද බස්සෙක ඉස්ටෑන්ඩෙක ගාවට යන්නෙත් නෑ. පුංචම්ම මාවත් ඇදගෙන පයිංම බස් ඉස්ටෑන්ඩෙක ගාවටම යනව.
සැං පවුඩර් සුවඳ හමන, මාලුදැල් කමිස ඇඳල එව්වටම ගැලපෙන මැණික් මුදලාලිල අඳින නිල් සරොං ඇඳපු තරුණ අය, ළමයි බමයි අතිං කටිං එල්ලගත්තු ගෑනු, දිග සායවල් හැට්ටවල් ඇඳං හය හත්දෙනා එකාට එකා ඈඳිච්චි තරුණ ගෑනු ලමයි යායවල් ඇතුළුව සෙනගිං මුළු පාරම වැහිල හිංද බස්සෙක ඉස්ටෑන්ඩෙක ගාවට යන්නෙත් නෑ. පුංචම්ම මාවත් ඇදගෙන පයිංම බස් ඉස්ටෑන්ඩෙක ගාවටම යනව.
වෙනදට වෙලාව එනකං බස් නවත්තල තියන ඉඩ ටිකේ බස් සේරම අයිං කරල. උස ඉස්ටේජ් එකක් ගහල. ඒක පිටිපස්සෙ, දෙපැත්තෙ, ඉස්සරහ උඩට හැම තැනකම රැලි දාපු රෙදි එල්ලල. ඒකයැ බලන්න වටින වැඩේ බපල් පෙට්ටි එක උඩ එක ගොඩගහපු තට්ටු දෙකක් ඉස්ටේජ්ජෙක දෙපැත්තෙ. එයිං එක බපල් පෙට්ටියක් අපේ ගෙදර තියෙන අල්මාරිය ඉතර ඇති. පෙලක් එව්වගෙ පීකරේ හාල් පොලන වට්ටියක් ඉතර ඇති. ගනේවිටේ ගෙදර තියෙන බපල් පෙට්ටි මොනවද කියල හිතෙනව. උංගෙ ගෙදර බපල් පෙට්ටි රෙද්දකිං වහලත් තියෙන්නෙ. මේවනං එහෙමත් නෑ. තව ඩිංගක් උස තිවුනනං මට අල්ලන්නත් පුලුවං. එයිට හපං ඉස්ටේජ්ජෙක. අපේ පංතියෙ බණ්ඩාරෙය ගාව තියෙන ඕගන්නෙක වගේ දෙකක් ඉතර විසාල ඕගන් හතරක් ඉතර පඩිපෙල වගේ අහුරල තියෙනව. ඒක ගහන කෙනාට එයිං කැමති එකක් ගහන්න පුලුවං. කනුවල හයිකරපු මයික් හය හතක්ම තියෙනව. ඕනැ කෙනෙට්ට සිංදු කියන්න පුලුවං. අනික් එක්කෙනා කියල ඉවර වෙනකං ඉන්න ඕන්නෑ. ඒ ඔක්කොමත් හරි අර තියෙන්නෙ බොලේ ඩංසැට්ටෙක. යටිංම තියෙන්නෙ පයිං ගහන එක. ඉහලට වෙන්න ‘සල් බල්‘ ගාල ගහන රත්තරං පාට පිඟං ටික කූරුවල උලගහල තියෙන්නෙ. වටේටත් ඕන හැටියෙ ඩංසැට් කෑලි. එස්රේ කාඩ් කෑලිවලිං හදන එව්ව වගේ නිල්පාට නෑ.
ඒ විසිතුරු වැඩිවෙලා බලන්න නෑ. පුංචම්ම මාවත් ඇදගෙන එහාට මෙහාට යනව. එයා මොනවද හොයනව. හොඳට පේන තැනක් වෙන්නැති.
“පුංචියෙ තවටිකක් ඉස්සරහට ගියොත් පෙනෙයි“
“කටවහං හිටහං.“
එයාට නං මොකද එයා උසයිනෙ. අංතිමට පුංචම්ම මාව පොල පැත්තට තියෙන බපල් පෙට්ටි ටික ඉස්සරහ නවත්තනව. එයිං ඩිංගක් එහායිං තියෙන්නෙ එක යාවට හදාපු පොලේ මඩු ටික.
“ඔතන හිටහං“
“පුංචියෙ මෙතෙන්ට හරියට පේන්නෑනෙ.“
“එහෙනං බලහංකො පේන තැනක්“
මං තව ඩිංගක් එහාට මෙහාට වෙලා බලනව. ගල් ගැලවිල වතුර වලක් හැදිච්චි තැන සෙනග නෑ. ඒ හිංද වතුර වල පිටිපස්සෙ මගෙ තිප්පොල විදිහට මං තෝරගන්නව.පුංචම්ම මට පිටිපස්සෙං ඉන්නව.
සංගීතෙ පටං ගන්න පාටක් පේන්න නැතත් වෙලෙංදොනං වැඩ. අයිස් කිරිං කන මීයෙක් ඇඳපු අයිස් කිරීං වෑන් දෙක තුනක්ම තියෙනව. එව්වයෙ ලැයිට් ඇංජිං ‘පට පට‘ සද්දෙං වැඩ. ඒ හංදා බයිසිකලේ අයිස්කිරිං විකුණන එක්කෙනාට වගේ කෑ ගැහිල්ලටත්, නලාව මිරිකිල්ලටත් මහංසි වෙන්න ඕනනෑ. අයිස් කිරිං වෑං වටේටම දොරවල් ඇරල. ඒවයෙ කොලපාට, නිල්පාට, රෝස පාට දිග ටියුබ් බලුප් හයිකල්ල. දිත්වෙන අත්වල තියෙන කාසි ඩැහැගන්න අයිස්කිරීං කාරය අයිස් කිරිං ගොටුවලට ලොකු පෙට්ටියක තියෙන අයිස් පුරෝනව. ඒ පෙට්ටියෙං මීදුං යනව. ඒ එක්කම රටකජු බදින මිනිහා සවලෙං සිමෙන්ති බදාම අනනව වගේ මහ සද්දෙට රටකජු තාච්චිය කාල්ගානව, වඩේ කාරයත් පනිට්ටුවක වඩේ දාගෙන තැන තැන ඇවිදිනව ‘වඩ වඩ වඩ වඩ වඩේස්‘ කිය කියා. සෙල්ලං බඩු තියෙන තැං මට හරියට පේන්නෑ. යනගමං බලන්නෝනැ.
පැයක් විතර හිටිපිලිම වගේ බලා ඉඳීමෙං පස්සෙ ඔන්න බපල් පෙට්ටි වලිං එක පාරටම සද්ද වගයක් එනව.
“ඩිබ් ඩිබ් ඩිබ් ඩිබ්. ජස්ටිං වං ඩූ වං ඩූ වං වං චූ ටී වංචූටී“
කවුදෝ මනුස්සයෙක් මයික්කෙකක් ඇරං ඉස්ටේජ්ජෙකේ පැත්තක ඉඳං ජැස්ටිං කෙනෙකුත්, වංඩු ගැනත්, චූටියෙක් ගැනත් කියනව. කරුනෙ මාමලගෙ කඩේ ඉඳං වංඩුවක් කකා කහට බොන ජැස්ටිං මාම ගැන වෙන්ටැ මේ කියන්නෙ. මිනිහ හැමදාම පොලේ ගිහිං ඇහිල්ල වංඩු කාල කහට බොනවනෙ.
ඔය විදිහට එපා වෙනකං කිය කිය ඉඳල ඒ මනුස්සය යන්න යනව. එයිනුත් එපාවෙන තරං වෙලාවක් ගියාට පස්සෙ එක වගේ දිලිසෙන ඇඳුං ඇඳපු හය හත්දෙනෙක් ඉස්ටේජ්ජෙකට එනව. දිලිසෙන කලිසං ඇඳල රතු කමිස ඇඳල ඊට උඩිං දිලිසෙන කලු කමිස ඇඳල. හැබැයි බොත්තං දාල නෑ. ඒ තමයි සංගීත කණ්ඩායම. ඒගොල්ල කම්මැලි කමිං ඇහිල්ල සංගීත භාණ්ඩ සේරම ඔබල, තට්ටු කරල බලනව.
“ඥඥක් ඥඥක් ඥක් ඥක්“
“ද්‍රබ් ද්‍රිබ් ද්‍රෘබ් ද්‍රොබ් ද්‍රබ් ද්‍රිබ් ද්‍රෘබ් ද්‍රොබ් ෂල් බල් බල් බල්“
මාව උඩිං විසිවෙනව. මයෙ අම්මෝ මෙව්වයෙ සද්දෙ. පොලව පෙරලගෙන එන සද්දෙ මගෙ බඩ ඇතුලෙත් දෙදරනව. මං කං දෙකේ ඇඟිලි ගහගන බලනව. ඒත් අපේ ගෙදර රේඩිවේකට වැඩිය සද්දෙයි. පුංචම්මට ඒක දැනිලද කොහෙද උංදැ මාවත් ඇදගෙන ටිකක් දුරට යනව. ඒත් පොල මායිමෙං ඈතට යන්නෑ.
ඔය විදිහට සංගීතකාරයිං ටිකත් එපාවෙනකල් තට්ටු දම දම ඉන්නව. ඉං පස්සෙ කාන්ඩෙත් එක්ක අපිට පස්සහ හරවල ඉස්ටේජ්ජෙකේ පිටිපස්ස බලාගෙන වාදනයක් පටං ගන්නව. එක සිංදුවක් ඉවර වෙනකංම වාදනේ කරල ඉස්සරහ පැත්තට හැරෙනව.
ඕං එතකොට කලු කලිසමක් කමිසයක් ඇඳපු, සපත්තු දාපු ටිකක් මහත උස මිනිහෙක් හාප්සීට් කොල ටිකකුත් අතේ අරං ඉස්ටේජ්ජෙකට එනව. ඇහිල්ල කනුවක ගහල තියෙන මයික්කෙකක් ගලෝල ගන්නව අතට. ආං එයා තමයි නිවේදකයා.
“ෂුභ්හභභභභ
ෂැංඩ්ඩෑවග් බේබාබාබා
බ්‍රිය ෂංඝීථ ලෝලී බිදුර බිදුරියනිඉඉඉඉ.
එයා කියන එව්වයෙ අංතිම අකුර ආයි දෙතුං පාරක් සද්දෙ අඩුවෙන පිලිවෙලට කියන්න සෑහෙන මහංසියක් වෙනව. එයා කියන ‘බ‘යනු සේරම පොල්ලෙං ගැහුව වගේ පොලව දෙදරවනව.
“බුලින්බ බොල්දෙල් බහන ධැල්වීබ ෂඳආආආආ අභගේ ආර්රාධනය ඛලවාන ............................... බහතාතාතා, එවඝේබ...........................“
ඔය විදිහට නිවේදකය නං කියන කොට පහනෙ තිර ගානටත් වැඩියෙං මහා රංචුවක් ඉස්ටේජ්ජෙකට නැගල පාන පත්තු කරනව. ඒ හැමෝම අපේ ගමේ ග්‍රාමසේවකට වැඩිය මහතයි. සමහර අය බිම දිගේ තියෙන වෑර් පොටවල් කකුල්වල පටලෝගෙන වැටෙන්නත් යනව. ඒ අතරෙ සංගීත කන්ඩායම පොල්තෙල් පාන දැල්වීමට තාලයක් වාදනේ කරනව.
“ටන්නා ට නන්නා ටන ටන්නන් ටන ටන නා. ටන්නේ ටනනි නන ටන ටන ටන ටන නන නා“
අන්තිම එක්කෙනා පහන පත්තු කරල අහවර වෙනවත් එක්කම දෙන්නෙක් ඇවිල්ල පහන ඇරං යනව. අන්තිමට පාන පත්තු කරපු කෙනා ඉටිපන්දමත් ඒ ගොල්ලන්ටම දෙනව. පාන පත්තු කරන්න ඉස්ටේජ්ජෙකට නැගපු අය ‘දැං ඉතිං අපි මොකද කරන්නේ‘ කියල හිත හිතා ඉන්නකොට නිවේදකයා ඒ අය බේරගන්නවා.
“භොහෝභත්බ ඉස්දූදියි ඔභථුබල්ලාඩ..ඩ..ඩ..ඩ. අඵ ආර්රාධනා ගර්නවා ඔභථුබල්ලාඩ ඉධිරිබෙල අසුන්බලින් අසුන්ඝන්ඩා ලෙෂ..අ...අ...අ“
ආරාධිත අමුත්තො රංචුව සංගීත කණ්ඩායම අස්සෙං වෑර් පොටවල් අස්සෙං රිංගල ගිහිං පැත්තක තියෙන ඉනිමගක් දිගේ බිමට බැහැල යනව. ඉං පස්සේ නිවේදකයා සංගීත කණ්ඩායමේ වරුනාව කියෝනවා. ඒ කියන විස්තරේ හැටියට ආයි ලංකාවෙ තප්පුවකට තලාගන්න තරංවත් සංගීතෙ දන්න කිසිම සංගීත කණ්ඩායමක් නැත. ඉන්නා එකම කණ්ඩායම මේකය. මේ ඇවිත් තියෙන්නෙත් පිට රටවල් ගනනාවක ගිහිං ඇවිල්ලාය. එහෙම කියලා කියලා අංතිමට සංගීත කණ්ඩායමට මයික්කෙක බාරදෙන්නෙ මේං මෙහෙම.
“ඒනබ් එධා මෙධා දුර..ර...ර.. ලාංඝීය සංඝීදයේ ජ්ජය ගෙහෙලි නැංබූ..ඌ...ඌ...ඌ.. එ අස්සහාය සංඝීද ගන්ඩායබ...බ...බ...බ බිලිගන්ඩ වේදිගාවේ සබං ඇංදග් ගෑන්ෂ්“
ආං ඒ ගමන විසිල්, අප්පුඩි මහා ගෝසාවක් නගිනව. සංගීත කණ්ඩායමේ ඉස්සරහම හිටපු කරේ ගිටාරෙකක් දමං හිටිය කෙනා නිවේදකයගෙං මයික්කෙක ගන්නව.
“ගොධයි..ඉ...ඉ...ඉ...ඉ නංඝිලා, බල්ලිලා, දෙඩ්ඩ බලඩ්ඩ හොධ අබ්බුඩියාක්..යාක්..යාක්..යාක්...යාක්“
සෙනග එක පිම්මට අප්පුඩි ගහනව. මාත් ගහනව. මට විසිල් බෑ. උරුලෑ පිඹින්න විතරයි පුලුවං. ඒක සද්දෙ මදි.
“ගොධයි..ඉ...ඉ...ඉ...ඉ බෝබත්බ ඉස්දූදියි..ඉ...ඉ...ඉ අබි බලබුවෙංබ ගායඩා ඝරඩ්ඩේ ඒ..එ්...ඒ... උබහාර ගීදයග්.“
ඔන්න සංගීත කන්ඩායම පලවෙනි සිංදුවට කියන්නෙ හමුදාවෙ අයට කියන සිංදුවක්. ඩංසැට්ටෙක ගහන කෙනා හමුදා වාදක කන්ඩායමේ වාදනේ වගේ එකක් ගහද්දි තව එක්කෙනෙක් අපේ ආතගෙ පඩික්කමේ කට විතර විසාල කටක් තියෙන දඟර ගැහිච්ච පිත්තල පාට නලාවක් පිඹිනව. එයාගෙ බඩ ටිකක් මහත හිංද ඒ නලාවට ඇතිවෙන්න එයාගෙ බඩේ හුලං ඇති. ගිටාර් ගහන අයත් දෙතුං දෙනෙක්ම කණ්ඩායමේ ඉස්සරහම ඉඳං එව්ව එක එක අතට උරුක් කරගෙන කකුල් නටෝන ගමං සිංදුවත් කියනව. ගිටාර් ඔල සද්දෙයක් මට නොතේරුනත් සංගීත කණ්ඩායමේ නිකම්ම ඉන්න අයට එයිං එකක් දීල ඉස්සරහට දාල තියන්නෙ ඒගොල්ලංගෙ හිත නරක් වෙනවට වෙන්නැති. නිකම්ම ඉන්නවට වඩා තමනුත් මොකක් හරි වැඩක් කරනව කියල ඒ ගොල්ලන්ට හිතන්න පුලුවන්නෙ.
ඒ අහුඅස්සෙ ටිකක් පිටිපස්සෙ ඉන්න කෙනෙක් හිටගෙනම ටිකක් ගනකං සුදුපාට ලෑල්ලක් වගේ එකකට ගහනව. අච්චර අපූරු ඩංසැට්ටෙකක් ගහද්දි තව මොකට ලැලි ඔලට තලනවද මංද. ඒකත් ඔය ඩංසැට් ගහන්නම ඕනැ කියල ඉල්ලනකොට එයාට දීපු එකද්ද කොහෙද. සංගීත කණ්ඩායංවල ඩංසැට් ගහන්න හැමෝම කැමතිනෙ. ඔය වගේ මොන්ටිසෝරියෙ උස්සවෙත් නිකං නිකරුනේ මල්වගේ අංදපු ලමයි දහය පහලොව බොරුවට ඉස්ටේජ්ජෙකේ තියනවනෙ.
ඒ අතරෙ ඉස්ටේජ්කෙ ඉස්සරහ උඩ එල්ලල තිවිච්චි ඊයං පාට බෝලෙ කරකැවෙනව. ඒකෙං එන දිස්නෙ ඉස්ටේජ්ජෙක පුරාම එලිය කොටු විදිහට යනව. බෙලෙක්කෝප්පෙයක් ඉර එලියට ඇල්ලුව වගේ. ඒ මදිවට ඔන්න තව පාට පාට ටෝච් එලි වගේ එලි වගේකුත් ඉස්ටේජ්ජෙකට වදිනව. අපේ ගෙදර ආත ගහට මාකඹයි ආවද බලන්න ටෝච් එලි ගහන්නෙත් ඔන්න ඔහොම. ඒ මදිවට පාට පාට එළිය මල් ඉස්ටේජ්ජෙක පුරා, සංගීත බාන්ඩ, මිනිස්සු හැමෝගෙම ඇඟේ හිටං කැරකෙනව, එහෙ මෙහෙ යනව. ඒ එක්කම ඩංසැට්ටෙක ගාවිං බාගෙට ගැහිච්ච ටියුබ් ලයිට්ටෙකක් වගේ එකක් වෙවුල වෙවුලා පත්තු වෙනව. මගුල් ගෙවල්වලට ලැයිට් ඇංජිං ගෙනාවං පත්තු කරන සමහර ඩියුබ් ලයිට් ඔය විදිහට ගැහෙනව තමා. ඒ එලියට ඩංසැට් ගහන කෝටු දෙක වෙවුලනව වගේ පේන්නෙ.
සිංදුවෙ මැද හරියෙදි එක පාරටම ඉස්ටේජ්ජෙක මැදිං දුමක් නගිනව. ගිනි ගන්නව වෙන්නනං බෑ. එහෙනං ගින්දරත් එන්නෙපෑ. කොටි බෝම්බ ගැහුව වෙන්නත් බෑ. එහෙනං සද්දෙයක් හරි එන්නෙපායැ. සංගීත තණ්ඩායමේ අය දුම මැද ඉදං සිංදු කියනව. මේකත් මොකක් හරි ලස්සනකට කරන වැඩක් වෙන්නැති. මේ විදිහට අපේ ගෙදරත් පරණ ඇතිලි කබලකට පොල්ලෙලි, කජුලෙලි, ලාඩප්ප කොල එහෙම දාල මහා දුං කබලක් හදාගෙන ගේ පුරාම අල්ලනව මදුරුවො වැඩි දවසට. හැබැයි එතකොට අපිටත් කැස්ස හැදෙනව. මේ දුං පාරටනං කැස්ස හැදෙන්නැද්ද කොහෙද?
“ගොධයි..ඉ...ඉ...ඉ...ඉ බෝබත්බ ඉස්දූදියි..ඉ...ඉ...ඉ අබි බලබුවෙංබ ගායඩා ඝරඩ්ඩේ ඒ..එ්...ඒ... උබහාර ගීදයග්.“
ඔන්න සංගීත කන්ඩායම පලවෙනි සිංදුවට කියන්නෙ හමුදාවෙ අයට කියන සිංදුවක්. ඩංසැට්ටෙක ගහන කෙනා හමුදා වාදක කන්ඩායමේ වාදනේ වගේ එකක් ගහද්දි තව එක්කෙනෙක් අපේ ආතගෙ පඩික්කමේ කට විතර විසාල කටක් තියෙන දඟර ගැහිච්ච පිත්තල පාට නලාවක් පිඹිනව. එයාගෙ බඩ ටිකක් මහත හිංද ඒ නලාවට ඇතිවෙන්න එයාගෙ බඩේ හුලං ඇති. ගිටාර් ගහන අයත් දෙතුං දෙනෙක්ම කණ්ඩායමේ ඉස්සරහම ඉඳං එව්ව එක එක අතට උරුක් කරගෙන කකුල් නටෝන ගමං සිංදුවත් කියනව. ගිටාර් ඔල සද්දෙයක් මට නොතේරුනත් සංගීත කණ්ඩායමේ නිකම්ම ඉන්න අයට එයිං එකක් දීල ඉස්සරහට දාල තියන්නෙ ඒගොල්ලංගෙ හිත නරක් වෙනවට වෙන්නැති. නිකම්ම ඉන්නවට වඩා තමනුත් මොකක් හරි වැඩක් කරනව කියල ඒ ගොල්ලන්ට හිතන්න පුලුවන්නෙ.
ඒ අහුඅස්සෙ ටිකක් පිටිපස්සෙ ඉන්න කෙනෙක් හිටගෙනම ටිකක් ගනකං සුදුපාට ලෑල්ලක් වගේ එකකට ගහනව. අච්චර අපූරු ඩංසැට්ටෙකක් ගහද්දි තව මොකට ලැලි ඔලට තලනවද මංද. ඒකත් ඔය ඩංසැට් ගහන්නම ඕනැ කියල ඉල්ලනකොට එයාට දීපු එකද්ද කොහෙද. සංගීත කණ්ඩායංවල ඩංසැට් ගහන්න හැමෝම කැමතිනෙ. ඔය වගේ මොන්ටිසෝරියෙ උස්සවෙත් නිකං නිකරුනේ මල්වගේ අංදපු ලමයි දහය පහලොව බොරුවට ඉස්ටේජ්ජෙකේ තියනවනෙ.
ඒ අතරෙ ඉස්ටේජ්කෙ ඉස්සරහ උඩ එල්ලල තිවිච්චි ඊයං පාට බෝලෙ කරකැවෙනව. ඒකෙං එන දිස්නෙ ඉස්ටේජ්ජෙක පුරාම එලිය කොටු විදිහට යනව. බෙලෙක්කෝප්පෙයක් ඉර එලියට ඇල්ලුව වගේ. ඒ මදිවට ඔන්න තව පාට පාට ටෝච් එලි වගේ එලි වගේකුත් ඉස්ටේජ්ජෙකට වදිනව. අපේ ගෙදර ආත ගහට මාකඹයි ආවද බලන්න ටෝච් එලි ගහන්නෙත් ඔන්න ඔහොම. ඒ මදිවට පාට පාට එළිය මල් ඉස්ටේජ්ජෙක පුරා, සංගීත බාන්ඩ, මිනිස්සු හැමෝගෙම ඇඟේ හිටං කැරකෙනව, එහෙ මෙහෙ යනව. ඒ එක්කම ඩංසැට්ටෙක ගාවිං බාගෙට ගැහිච්ච ටියුබ් ලයිට්ටෙකක් වගේ එකක් වෙවුල වෙවුලා පත්තු වෙනව. මගුල් ගෙවල්වලට ලැයිට් ඇංජිං ගෙනාවං පත්තු කරන සමහර ඩියුබ් ලයිට් ඔය විදිහට ගැහෙනව තමා. ඒ එලියට ඩංසැට් ගහන කෝටු දෙක වෙවුලනව වගේ පේන්නෙ.
සිංදුවෙ මැද හරියෙදි එක පාරටම ඉස්ටේජ්ජෙක මැදිං දුමක් නගිනව. ගිනි ගන්නව වෙන්නනං බෑ. එහෙනං ගින්දරත් එන්නෙපෑ. කොටි බෝම්බ ගැහුව වෙන්නත් බෑ. එහෙනං සද්දෙයක් හරි එන්නෙපායැ. සංගීත තණ්ඩායමේ අය දුම මැද ඉදං සිංදු කියනව. මේකත් මොකක් හරි ලස්සනකට කරන වැඩක් වෙන්නැති. මේ විදිහට අපේ ගෙදරත් පරණ ඇතිලි කබලකට පොල්ලෙලි, කජුලෙලි, ලාඩප්ප කොල එහෙම දාල මහා දුං කබලක් හදාගෙන ගේ පුරාම අල්ලනව මදුරුවො වැඩි දවසට. හැබැයි එතකොට අපිටත් කැස්ස හැදෙනව. මේ දුං පාරටනං කැස්ස හැදෙන්නැද්ද කොහෙද?
අන්තිමේ දී ඒ සිංදුව ඉවර වෙද්දි ඒක රණවිරු උපහාරයක් බව සංගීත කණ්ඩායමේ නායකයා කියනව.
“ගොධයි නංඝිලා, බල්ලිලා, දෙඩ්ඩ බලඩ්ඩ හොධ අබ්බුඩියාක්..යාක්...යාක්...යාක් ...යාක්. ව්රායිඩ් ඊළඝඨ අබි ඝායලා ඝරන්ඩේ නවදව බඩහිර ඝීදයග්. “
මෙතෙනදි සංගීතෙ නිල් පාටයි ගායනාව රතු පාටයි
“යායියායියේ කූකූ ජම්බු යායියායියේ
යායියායියේ කූකූ ජම්බු යායියායියේ
ඩිෂ් ඩිෂ්
“ගුබ්බීයා ගුහ්මිටා ගුහ්මාපීපේ හෑමිටා
ගුහ්මී්‍යා ගුහ්මිටාන් නැන් ගුන්නිහැබ්බේ“
ටක ටක ටන්නං
මොකද්දැයි මෙලෝ හසරක් නොදැනුන බාසාවක් උනත් ඒකෙ සංගීතෙ හරිම ජොලි එකක් වීම නිසාදෝ ඉස්ටේජ්ජෙක ඉස්සරහ ඉන්න පිරිස එකා දෙන්නා අත් ඉහලට උස්සගෙන කාවඩි නටන්නා වගේ නටන්න පටං ගන්නවා. සමහර අය මොන්ටිසෝරි ලමයිංගෙ මල් නැටුම වගේ තාලෙට දෙපැත්තට පැද්දෙද්දි තවත් සමහරු කඩිගුලක් පෑගුනහම උඩ පැන පැන කඩි ගසන්නා වගේ නටනවා. මේ නැටිල්ලට තමුංගෙ අත පය පෑගෙයිද සැකෙං වටේ ඉන්න අය දුරට වෙලා ඉඩ දෙනවා. සංගීත කණ්ඩායමේ අයත් ගිටාර් එක එක අතට දික් කර කර නටනව. ඩංසැට්ටෙක ගහන කෙනා රත්තරං පාට පිඟං ගැලවෙන තරං හයියෙං ගහනව. එව්ව ගැලවෙලා බිම වැටෙන්න තරං පැත්තකට ඇලවෙලා ආයිත් කෙලිං වෙනව. ඒ සිංදුවෙ මැද හරියෙදි කණ්ඩායමෙං එක්කෙනෙක් අපේ ගෙවල්ගාව පීටර ආත තෙල් මතුරනව වගේ අපිට නොතේරෙන්න මොනව හරි කියාගෙන කියාගෙන යනව. සිංදුව ඉවර වෙද්දි අප්පුඩි ගැහිල්ල නවත්තගන්න බැරි තරං. ඩංසැට් ගහන කෙනත් පුලුවං තරං අර රත්තරං පාට පිඟං ටිකට තලල තමයි සිංදුව නවත්තන්නෙ.
ඊළඟට ඒගොල්ලං කියන්නෙ එයිට වඩා හිමිං සිංදුවක්. මට හිතෙන විදිහට වයසක කෙනෙක් ගැන කියන දුක හිතෙන සිංදුවක්. ඒකත් වෙනිං රටක එකක්. සංගීතෙ නිල්පාටයි, ගායනේ රතුපාටයි.
“මුත්තප්පා මුත්තප්පා තෝම්මදි මුත්තප්පා
නාවුන්නං තෝනේ මුත්තප්පා
මුත්තප්පා මුත්තප්පා තෝම්මදි මුත්තප්පා
නාවුන්නං තෝනේ මුත්තප්පා“
ඩං ඩං ඩඩන්නඩ්‍රං
ඔය විදිහට සංගීත කණ්ඩායමට ඇති තරං සිංදු කිව්වට පස්සෙ තමයි අනික් ගායක ගායිකාවන්ට සිංදු කියන්න හම්බෙන්නෙ.
මරු ශ්‍රයංගයගෙ විග්‍ගරහ කිරිල්ලනං.
ReplyDeleteඉදිරියටත් බලාපොරොත්තු වන්න.
Deleteඉදිරියටත් බලාපොරොත්තු වන්න.
Deleteබේබාබාබා ලටනං සින්දු කියන්නෙ උඹටත් තිබුණෙ දෙකක් දාගෙන යන්න නිවුටං පෙරේරගෙ දැල් කඩෙං.
ReplyDeleteපොඩි එවුවොංට කියාදෙන එව්වද ඔය?
Deleteඇත්තටම අර අන්තිම අකුර එකෝ වෙන්න කියන්න ඔය නිවේදකයො කොච්චර කට්ටක් කනව ඇද්ද. පව් අප්ප.
ReplyDeleteඑතන හරියටම ඒකෝ වෙන්නෙ අන්තිම අකුරෙ ස්වරය. ආං ඒකත දැනං ඉන්න ඕනැ.
Deleteඑකෝ නෙවෙයි යකෝ රිවර්බ් කියලයි ඒ ඉෆෙක්ට් එකට කියන්නේ .
Deleteඅස්ස ඔළුව ඇඳපු සැං කුප්පි කොල්ලො ගාන ඒවනෙ බොල.
ReplyDeleteඑව්ව දන්නවනං බැරියැ අපේ ගමේ එවුවො. සුවඳයිනං එව්ව සැං කුප්පි. ආයි ඒකට ගෑනු පිරිමි නෑ.
Deleteදැං අර රවී ගොයිය ඇවිල්ල වලවෙට්ටුවො හොයන්න ඉස්සෙල්ල අපි එහෙනං හැලුන.
ReplyDeleteකිව්ව නාහන ගුරු ඉහල ගියොත් ඉහල පහල ගියොත් පහල. ආයම උඹ පෝට වැල් ගොල්ලක් කාපු වැස්සිට බඩයනව වගෙ කොමෙන්ට් එක දිගට සීයක් දාපං මම ඇහැක් ඇරල බලයිද බලංට..එහ්හෙනං
Deleteඅඩේ පෝටවැල් කෑවං බඩයනවද? කවුරු දන්නෙ ඕව.
Delete//ඒ එක්කම මේක බලන්න යන එවුං කවුරු කවුරුද කියන එකත් උන්දැ සංගණනය කරනවා.//
ReplyDeleteහප්පච්චියෙ මේක දැක්ක හැටිය බොක්ක රත් වෙලා ගියා උඹලගෙ ආච්චි බ්ලොග් එක බලනවද කියල. හැක්..
ප්‍රසන්න අයියේ අද ඒකත් ඔයා දෙකත් ඔයා තුනත් ඔයා හතරත් ඔයා පහත් ඔයා හයත් ඔයා............. මාරයි නේද?????
Deleteසම්මානෙ ගන්ට හදන්නෙ ඕකා...
Deleteමාරයිද කියන්නෙ.
Deleteමම ඔය සම්මානෙ කාටවත් ගන්න දෙන්නෑ. හැක්..
ඒ වේදිකාවෙන් සමුගෙන ගියේ.. (ගියේ.. ගියේ..) ගොඩකවෙල.. (වෙල.. වෙල..) ප්‍ර.. ස.. න්.. න.. (න.. න..)
Deleteඅද අමුඩෙ ඩෙ ඩෙ ඩෙ .. නෑ නෑ නෑ.
Deleteහිටිංකො මං බොට කෙහෙල් අලේකිං අපූරු සම්මානෙයක් කපා දෙන්න.
Deleteකෝ බං පුන්චම්මගෙ පැටිකිරිය දාල නෑනෙ උඹ. ඒකත් ඊලඟ කොටහින් දාහං.
ReplyDeleteතාම සිංදු තුනයිනෙ.
Deleteචුටි මැණිකේට සුභ පැතුව කියහන්.පරක්කු වුනාට සමාවේයන්
ReplyDeleteමෙන්න දමියා....
Deleteස්තූතියි සුභ පැතුමට
Deleteඅන්තිම වෙනකම් සද්ද නැතුව හිටියට පුන්චම්මා නිශේධ බලය පාවිච්චි කරලා අන්තිමට ගියා නේද සංගීතෙට.. හැක හැක.. උඹටත් පිනා චාන්ස් ඒකෙන්..
ReplyDeleteමමනම්ක් සංගීත බලන්න යන්නේ (ගියේ) අම්මප සින්දු අහන්න නෙවෙයි.. සෙනග බලන්න..
ඔය සෙනග බැලිල්ලෙත් අමුතු ආතල් එකක් තියෙනව. මං හරිම ආස විනෝදාංසයක් තමා මිනිස්සු දිහා බැලිල්ල.
Deleteසුරංග මේ….. චේද සහ දෙබස් තව කිට්ටු කොරපංකො කොල්ලො...චේද දෙකක් අතරෙ හත් අට දෙනෙකුට දඟර නැටුමක් දාන්ඩ තරං ඉඩ තියල නෙව බොල...
ReplyDeleteඑහෙම තමයි රවී අයියෙ සංගීත ඔල. ඕනවට වැඩිය කිට්ටු කරන්න ගිහිල්ල හොඳ 6x8 එකක් යනකොට අතපය විසිකරල ළඟ ඉන්න එකාගෙ වැදුනොත් පිහි පාරක් ෂුවර්.
Deleteමේක මේ උනේ වෙනිං මරි වැඩක් කරලනෙ. මං වෙනදට ලියන්නෙ ‘ක්ෂුද්‍රමෘදු වචනෙ‘ . එ්ක ‘පෑං ධාවකේ‘ දාගෙන පුලුවං වෙලාවට කොහෙදි හරි ආයි ලියනව. අංතිමට ගෙඩ්ඩ පිටිං කපල අලෝනව. මේ ගමන මගෙ ‘පෑන් ධාවකේ‘ පිස්සු කෙලින හිංද කෙලිම්ම ලිව්ව බ්ලොගේ. ඒකෙං ඉඩ ගැන එහෙම හරි අදහසක් ගන්න අමාරුයි.
Deletepreview කියල එකක් තියෙන්නේ.. එක ඔබල බලපන් කොහොමද පෙන්නේ කියල.. අවුල් වගේනම් ආපහු හදපන්.. පෑන් ධාවකේ පිස්සු කෙලිනවානම් කෙලින්ම ක්ෂුද්‍රමෘදු වචනේ ඊයකට අමුණලා විදලා තියපන් අන්තර් දැල තියෙන ඕනි තැනකින් බා ගන්න පුළුවන් වෙන්න.. අපි නම් එහෙමයි..
Deleteමොනවද මුං මේ කියන කුණුහරුප.
Deleteකෝකටත් බොලා පොඩ්ඩක් පරෙස්සමින් අහකට වෙලා හිටහං ප්‍රසන්න. කමියා ඔන්න ඔය මොනාද මොනාද අමුනලා ඊ විදිනවලු. නරක වෙලාවට ඔය අහක යන ඊයක් උඹට වැදුනා. මොන දෙයියන්ට කියන්ට ද?
Deleteමටත් තේරුණේ නෑ මුං කියනදේ.
Deleteමං නං කරන්නෙ කීබෝර්ඩ් එක සිංහලට මාරුකලා, ටයිප් කලා බ්ලොග් එකේම, හරි සරලයි.
පුංචම්මට කොල්ලො ලයින් දැම්මේ නැතෙයි
ReplyDeleteමූට ඒවා පේන්නේ නෑ නේ... ඒ ආතල් එක තව ටික කාළෙකින් ලියයි...
Deleteඑතකොට ගහයි කටකල්ල විසික් වෙන්න.
Deleteපුංචි අම්මා පොල ගාවම කැරකිච්ච එක මට නම් ඇල්ලුවෙ නෑ...
ReplyDeleteමට නම් ඔය සංගීත බැලිල්ල අරහං. ඒකටත් එක්ක උඹ කියලා තියෙන එකෙන් ගියා වගේ තමයි.
ආං විචක්ෂණ බුද්ධියක් ඇත්තෝ. සිස්සත්වෙ පාස් ඇති සුවර් එකටම
Deleteපුදුම ලස්සන විස්තරයක්.
ReplyDeleteSuranga- ඔබට තියෙන්නෙ unique talent එකක්. කවදා හරි පොතක් ලියලා මිසක් නවතින්න එපා.
දැනටම පොතකට සයිස් ලියලනෙ තියෙන්නෙ. මට ඕක කීප දෙනෙක් කීව. අර ප්‍රාජේ මහත්තැං ඒකට ප්‍රකාශකයෙක් හිට හොයල දුන්න. ඒ උනාට තාම වැඩේ කෙරුන්නෑ. මං ලියන එව්ව ගැන මට සතුටු වෙන්න අමාරුයි. මේ හොඳ මදි.
Deleteමාරු සන්ගේතේ, යර බැන්ටෙකේ නම සමන් ඇන ද කැලන් , හරිනේ .
ReplyDeleteමොකාද බොල මේ ආන්ද්‍ර දෙමළෙන් කොටන එකා?
Deleteසමන් ඇංද ක්ලෑන්ස්. ඔය පස්සෙං පහු ජූඇම්පී ඉස්ටේජ්ජෙකේ රෙජිස්ටර් සංගීත කණ්ඩායමනෙ. ජූඇම්පියට ඔය බෑන්ඩෙකයි රිවිසඳ සවුන්ඩ් එකයි අමුඩෙයි දියලනුවයි වගේ.
Deleteආයේ නෑ සුරන් කොලුවෝ පන පිහිටුවලා ලියලා තියෙනවා... ඊට පස්සේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක උඹලා සංගීත තිබ්බේ නැතෙයි..
ReplyDeleteපස්සෙ කාළෙක සින්දු කියන යාළුවෝ එක්ක සෝ වලට ගියාම තමයි දැන ගත්තේ, ආතල්ම ගේම් ටික තියෙන්නේ ඉස්ටේජ් එක පිටිපස්සෙ කියලා...
උඹට මතකෙයි නෙල්සන් අබේකෝන්... මම කැමතිම නිවේදකයා...
ඌ එනෞන්ස් කොරන්නෙත් ඔය කියපු විදියටමයි...
//උඹට මතකෙයි නෙල්සන් අබේකෝන්... මම කැමතිම නිවේදකයා..// මගෙත් ++++++++++++++++
Deleteමට තිබුන පුරස්නය නිවේදකයාට විතරක් හෙන බර කටහඬක් තිබුනේ කොහොමද කියලා ...
අනේ ඇත්ත කියතොත් මට ඔය නංගං එච්චරම නිච්චියක් නෑ. හැබෑට ඉස්ටේජ්ජෙක පස්සහ විස්තරෙත් කියන්නකො බලන්න.
Deleteසංගීත.... හෙහ් හෙහ්.. ඔව්වට සිහියකිං ගියොත් මල පනිනවා...නන්නානේ වෙන්න බීලා රොකට් පවර් අරන් ගියාම බෆල් රැකෙකෙන් එහාට යනව බොරු.. ඒකෙන් එන හුලං පාර හරි සනීපයි ඒ වෙලාවට.. බඩු බහිනකොට අහකට යන්න ඕනෙ... ඔතන වලි යනවත් අඩුයි.ඉන්න බෑනෙ මෙලෝ යකෙකුට.. හෙහ් හෙහ්
ReplyDeleteහොන්න්න්ධයි..... ඉස්ථූථියි... ඔභඨ..ඨ..ඨ...!!
ජයවේවා..!!
ගස්ලබුු තෙමේ නිකං ඇට ඇරල පලු බේරල සංගීත කාල තියෙන්නෙ මට පේන හැටියට.
Deleteපට්ටයි සුරන් ...උඹත් එක්කම සංගීතේ බලන්න ගියා වාගේ ..අපිටත් පුන්චම්මා අමතක වුනා ..හැක්
ReplyDelete90 වාගේ බලන්ගොඩ නගර සභා පිටියේ "සන්ෆලවර් " සංගීතේ බලන්න ගියා අද වාගේ මතකයි ...අයිවෝ කාරයා අමුතු ගිටාර් එකක් ගැහුවේ ..අපිට මැජික් ..
බලංගොඩ? ආ එහෙත් ඕන හැටි සංගීථ නැතෑ. මැනික් කාරයො ඕසෙටනෙ. ඔය මං ගෙදර යද්දි පහුකරං යන දිහාවක් තමා
Deleteඔය වර්ගයේ සන්ගීතප්පොරසංගයක් (විලිසංගයක්?) ගැන මමත් කලකට ඉහතදී ලිව්වා.
ReplyDeleteමේ තියෙන්නේ ඒ ලිපිය
කියෙව්වා. අම්පා විචාරක මහත්තැං ඔය අප්පුඩි හිඟන වැඩේනං මහ අජූතයි නේද? හරියට නිකං ‘අනේ මං හොඳයි කියල කියහල්ලකෝ‘ කියල ඇඬුව වගෙයි.
Deleteහිකෙන් පුනා යන තව වැඩක් තියනවා. ඔය සංගීතප්පොරසංග වල කියන ඉංගිරිසි සින්දු බොහොමයක, වචන උච්ඡාරණය වැරදියි. කියන උන්වත්, අහන උන්ගෙන් බොහෝමයකුත්, එව්වයේ තේරුම දන්නේ නැහැ. උන්ට ඕනේ ඩිග් ඩිග් ගාලා දෙමෝලෙන් පිටිකොටන සද්දේ විතරයි.
Deletetamil sinduth ehema thamai wicha,thuma.
Deletesinhalen liyala paadam karan kiyanawa baageta bagayak waradi wachana saha waradi uchchaarana. :)
විචාගේ 2012 ලිපියත් කියෙව්වා. ඕව නොමිලේ දෙන සංගීත සංදර්ශන නෙමෙයිද.
Deleteඅනේ මන්දා මේවා තිතට හරියටම මෙයා කොහොම මතක තියාගෙන හිටියද කියලා. කවදා හරි මේ වගේ කතාවක් ලියන්න ඒ කාලෙ හීනයක් තිබුණද. මැණිකෙ පුංචි අම්මට බාප්පා ලයින් කරන්න ඇත්තෙ ඔතනදි වෙන්ටෑ. ඉතින්.. අනුුන්ගේ සිංදු තමන්ගේ වගේ කියවන අැයොත් ඇවිත් හිටියැයි.
ReplyDeleteහා හා වැට වැට. වැටෙං එහා කෙහෙල් කැන වැටෙං එහා.
Deleteඅස්ස ඔලුව තියෙන සැන් කොම්පැනියේ තමයි මාත් අවුරුදු 8ක් හිටියේ. බැක්-නයිට්. මරු පුසුඹ ... ගම්පහනම් කොල්ලෝ සංගීත බලන්න යන්නෑ. පිහි ඇනුමක් ෂුවර්. ඉස්සර යන්නැල්ලු ඔස්මන් අයියට බයේ.
ReplyDeleteඅපේ ඔපිසියෙ එකෙක් ඉන්නව. උට සැං සුවඳට ඔලුවෙ කැක්කුම හැදිල වමනෙ යනව. මිනිහ කලිං හමුදා කාරයෙක්. වෙලාවට මේ වගේ සෑහෙන ගානක් හමුදාවෙ නොහිටියෙ. නැත්තං එක සැං කුප්පියෙං කොටි රටම අල්ලනව.
Delete:D:D
Deleteහෑ...! මාත් උන්නනෙ ඒ කොම්පැනියෙ. මේනක උන්නෙ කොයි කාලෙද? ෆැක්ටරිද සේල්ස් ද?
Deletematath mathakai kollo set eka cokacola bothal walata anith ewa kalawan karan yanne nataddi rhythm eka thiyaa ganna.
ReplyDeleteNelson Abekoon thamai a dawaswala hitiya hondama niwedhakaya saha wadima stage gananak cover karapu niwedhakaya.
Nelson Abekoon,
mahaaa polthel phann raajayaa...
kiyalai polthel pahana hadhunwanne.
කොකෝකෝල බෝතලේට ඩිස්ප්‍රින් දාල බොන සිරිතකුත් තිවුනා. අනේ අපිත් බිව්ව. වදින්නෑ. බොරු.
Deleteමහා පොල්තෙල් පහන් රාජයා? අර තොරන් රාජයා වගේද?
සංගීතේ තියන තැන වලිත් තියනවනේ
ReplyDeleteඒ වගේ ම එකෝ එක ; දැන්...දැන්..දැන්..දැන්... ඔබ හමුවට...ඔබ හමුවට...ඔබ හමුවට....ඔබ හමුවට....
ඒ අස්සෙ ඩංසැට්ටෙකේ එකත් බොරුවට අර කෑලි බෑලි වලට තලනව. ඩකුං බුකුං ඥක් ඥොක් කියල
Deleteසංගීතෙටත් වඩා ඒක සුරංගයට දැනිච්ච හැටි තමා පට්ට
ReplyDeleteකොටිංම ආයෙ හිච්චි කොල්ලෙක්ගෙ ඔලුව ඇතුලෙ උන්න වගේ...
හැක් හැක්...
පට්ට හැටයි මල් දහයයි කීවලු
ජයවේවා
ආං ඒ දෘෂ්ටි කෝනෙං ලියද්දි දන්න දේවල් හලන්න වෙන එකයි දුක.
Deleteනිවේදනයට ගෙනාවේ අසංක ප්‍රියමන්ත පීරිස්ද. මිනිහාගේ ස්ටයිල් එකනේ නිවේදකයට තියෙන්නේ..භොහොමත්ම ඉස්දූදියි.
ReplyDeleteඅසංක ප්‍රියමන්නත පීරිස් ඔහොමයැ. මේ බේස් වැඩි හිංදනෙ. අසංක ප්‍රියමන්නත පීරිස් ආවනං අනිවාරයෙං ‘දරුවෝ, අනේ, අයියෝ, ගියා, ලාාාාාආාා‘ ආදී වචන තමයි කියන්නෙ.
Deleteඅනේද කියන්නේ..... මගේ ඇඟේ මාළු ගඟේ නටනවා ඒ මනුස්සයා අඬන ඇඩිල්ල ඈතින් ඇහුනත්.
Deleteකවදාවත් ඔය ජාතියේ 'සංගිතෙකට' ගිහින් නැහැ.
පුන්චම්ම ඔය පොළ අස්සේ යන්නේ නම් හොඳට පේන තැනක් හොයාගෙනද කියන එක සැකයි. තව ඩින්ගෙන් උඹේ කල්පනාව නැති වෙලා යනවනේ ඉස්ටේජ් එකේ සිද්දවෙන නාඩගම් දැකල. එතකොට ගානට වෙයි වැඩේ!
උපේක්සා.. ඔහොම කියන්න එපා හරිය.. අසංකය දැං චප්ප චොර වෙලා ගූ හතයි වැලි පහයි උනාට ඒ කාලෙ මේ සින්දුව කොහොමද...
Deletehttps://www.youtube.com/watch?v=r1hILwR-l4I
අපිත් නිකං සංගීතේ බැලුව වගේ. නියමයි ඉතුරු ටිකත් ඉකමනට දාපන් මලේ.
ReplyDeleteජය වේවා !!!
මෙව්වට උත්තර දීල ඉන්නෙපෑ දිසානායක මහත්තයා. නැත්තං ඒක මදිපුංචි කමක් කොලා වෙනවනෙ.
Deleteඑහෙමමත් නෑ. කමෙන්ට්ස් වලට උත්තර නැතත් කමන්නෑ. ලියන්ඩකෝ ඉක්මණින් ඉතිරි කොටස්. අපි ඇවිත් බ්ලොග් කියවන හුදී ජනතාව නොවැ.
Delete//තප්පුවකට තලාගන්න//
ReplyDelete"තප්පුලනව" හැදුනෙ එහෙමද?
තප්පුව කියන්නේ දෙමල මිනිස්සුංගෙ සංගීත භාණ්ඩයක් . කාවඩි නටන වෙලාවට පාවිච්චි වෙන්නෙ. කාටත් ගහන්ඩ පුලුවන් වර්ගෙ එකක් .
ReplyDeleteතප්පුලනවා කියන්නේ හරක් කරන වැඩක්නෙ.
උඹ සද්දේ ලියන හැටි තමා අගේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමං ඊයෙ ෂෝට්ලීව් යන්ඩ උන්නෙ. මේක කියෝල ඉවරවෙද්දි 3.51යි. ගෙදර ගිහිං බැලින්නං ප්‍රජා අයිතිය අහෝසි කරලා. බලහං උඹේ ලියවිල්ලෙ අපූරුව...!
ReplyDeleteඅඩේ ශ්‍රංගය මේ රටෙත් අපේ සංගීත තියෙනව හෝසෙට. මම යන්නෙ සංගීතෙ බලන්න නෙමෙයි. පස්ට ආතල් වලි බලන්න. ඒ වලි කෙසේද යත්. මේහේ හතලිහ පනහ පැනපු අක්කල (ඇන්ටි කිවුවොත් එයාලට මල පනිනව) අවුරුදු විසි පහේ තිහේ කොල්ලොන්ට ලවු කරනව. ගෙවල් වල මුලු දවසම කඹුබරල ගන්න සොච්චං පඩියෙන් උන්ට කන්න බොන්න දීල ඇඳුං හෝදල දීල අතට සල්ලිත් දීල තම සැමියට වඩා හොඳට බලාකියා ගන්නව. මේ දහදුරා කොල්ලො සංගීතෙ බලන්න වෙන ඇන්ටි අක්ක කෙනෙක් එක්ක එනව. ඔන්න ඒක දකින අර ඇන්ටි අක්කට මල පනිනව. ඔන්න ඉතින් කොන්ඩ වල්ලෙන් අල්ලන් ගුටි කෙලිය පරන් ගන්නව. "තෝ මොකද වේශියෙ මගෙ කොල්ල අල්ල ගත්තෙ.. පරට්ටි.... තොට වෙන කොල්ලො නැද්ද මගෙ එකා අල්ල ගන්න...." "අනේ මට මොකටද යකෝ තොගෙ නල්ල මලේ කොල්ල .. ඒ වේසාවනෙ මගේ පස්සෙන් ආවෙ..." චට පට.. ඩිශ්.. ඩිශ්.. ඩෝං.... "අනේ සුමිත් කියන්න ඔයාට ඔනේ මේ ගෑනිද.. අද තීරනයක් ගන්න ඕනෙ.." "මම ඔයාට හැම දෙයක්ම කරල දෙනව නේද.... ඇයි ඔයා මේ වගේ වේස ගෑනු පස්සෙ යන්නෙ... ඔයා මේ ගෑනිත් එක්ක බුදියනවනං මං ගාවට එන්න එපා........ඉහි..ඉහි...ඉහි..." යන ආදී වසයෙන් වලි නලුවක් යනව.ආතල් වැඩේ කියන්නෙ කොල්ල අයිනකට වෙලා මේ වලිය දිහා උට නෙමෙයි වගේ බලං ඉන්නව.....ඔය ආකාරයේ වලි රාසියක් යනව.තව එක ඇන්ටි අක්ක කෙනෙක්ගෙ කලිං කොල්ල අලුත් කොල්ලට කින්ඩියක් දානව.. "අඩෝ ඕක මං තමයි කලිං පැද්දෙ.. ඕක දෙකට නවල පුකට පයිං ගහපුවම &යි නමයක් දහයක් වැටෙනව" ආදී වසයෙන්. ඔන්න වලිය පටං ගන්නව. මේ වලි දරුනුයි. ඔලුපලං.. අතපය කපං. .. බෝතල් කඩල ඇනගෙන... සංගීතෙත් අතර මග නවත්තං තමයි මේ ආකාරයේ වලි ඉවර වෙන්නෙ. ආං ඒව සංගීතෙට වඩා පස්ට ලස්සනයි. (ඇත්තටම මේව බලං ඉන්නකොට හිනා වෙනවද අඬනවද කියල හිතා ගන්න බෑ..)
ReplyDeleteමරු ඕයි හරියට මම ගියා වගේ සංගීතෙ බලන්ඩ. ඇත්තටම ඕවයෙ සද්දෙ ඇරලා තියෙනවා හරියට පපුවට පයිං ගහන්නා වගේ දැනෙන්නේ. සමහර වෙලාවට තාප්පත් කඩා වැටිච්ච වෙලාවල් තියෙනවලු. ඇත්තෙන්ම ඔය සද්දෙ පාලනය කරන්න නීති රීති නැද්ද?
ReplyDeleteඋඹේ ලිවිල්ල නම් වෙනද වගේම රස වින්දා.
මොකක්ද බං පුංචිට පොලේ තියෙන ආකර්ශනය?
//ජස්ටිං වං ඩූ වං ඩූ වං වං චූ ටී වංචූටී“// හි හි මටත් ඕක මුලදී තේරුනේ නැහැ කියන විධිහට . පස්සේ කවුද එකෙක් කියල දුන්න. මම බලපු මුල්ම සංගීත සංදර්ශනේ ලුනුගලදී ආටා පිටි කියල එකක් වික්ක මොකක්ද සමාගමක්. ඒ ගොල්ලන්න්ගේ. සින්දු මොනවාද කියලවත් මතක නැහැ. අර මුස්තාෆා කියන එකට සිංහල සින්දුවක් තියනවා නේද මුස්තාෆා මම මුසත්ෆා ද මොකද කියල. ...
ReplyDeletehttps://www.youtube.com/watch?v=O6wDKT33GqM
Deleteපුංචි කාලේ සංගීත බලපු හැටි මතක් උනා බන් සුරංග. මම බලපු පලවෙනි සංගීත ප්‍රසංගය සන්ෆ්ලවර්ස්ල ඉදිරිපත් කරපු එකක්. ඒ කාලේ සන්ෆ්ලවර්ස් කීබෝර්ඩ් ගැහුවේ අතුල අධිකාරි. ඩ්‍රම්ස් ගැහුවේ මහින්ද සිල්වා.
ReplyDeleteදැන් තාක්ෂනය හුඟක් දියුණු නිසා සංගීතේ පටන් ගන්න කලින් ඔය තරම් සෙල්ලම් දාන්න ඕන නැහැ.
පට්ටෙනුත් පට්ටයි මලේ ලියවිල්ල.....
ReplyDeleteසුභ පැතුම්..... දිගටම ලියපන් කොල්ලො
මට මතක් වුනේ එඩ්වඩ්ට කියල සිරි යහනේ.... මිල්ටන්ට කියල ගෙවල් අද්දර ගහ ගත්ත සීන් එක
අයිස් කිරිං කන මීයෙක් - Mickey Mouse?
ReplyDelete