සති ගානක් තිස්සේ ලැහැත්ති උනත් අංතිමට මගුලට කලිං දවසෙ රෑ එළිවෙනකනුත් වැඩ. සමහර වැඩ මතක් වෙන්නෙ එලිවෙන ජාමෙට. මගුල් මඩුව සරසල ඉවර වෙනකොට හිරිකඩ වැස්සක් තරම වැස්සොත් ඕං මඩුව මැදිං වතුර ගලං යනවග පේනව. ඉතිං මඩුව වටේ කානුවක් කපනව වතුර බහින්න. නැත්තං මඩවෙනවට දහයිය පුරවන්න වෙනව. ඒ වෙලාවට පුබ්බයිසිකල් දෙකක් අරගෙන දෙන්නෙක් යනව වීමෝල ගාවිං දහයිය එක්කහු කරගෙන එන්න. නැත්තං මෑතකදි උළුවහු ජනෙල් හදාපු ගෙදරකිං ලී කුඩු එක්කහු කරං එනව. මේ අතරෙ මගුල් මඩුවෙ අධිපති කම ඇරං ඉන්න මහතුං මාමත් ඉබ්බංගෙං පිහාටු ඉල්ලනව.
“මේ කුමාරෙයෝ. මට ගොක්කත්තක් කපාදියංකො“
“මේ මහරෑ යක්කු ගස්යන වෙලාවෙ මොන ගොක්කතුද මහතුං අයියෙ“
“එයිං ගස්යන යකෙට්ට හරි කියල කනාමැදිරි නොකාපු ගොක්කත්තක් කපල ගෙනහං“
ඉතිං දෙන්නෙක් යනව ගොක්කතු කපන්න. ගෙදර වත්තෙ නැතුවහං අනුංගෙ වත්තක හරි තියෙන ගොක්කත්තක් කපාගෙන එනව. එතකං අනික් අය විට කනව, කහට බොනව. හැංදෑවෙ මොනවහරි පාවිච්චි කරපු අයනං තේ බොන්නෑ.
තේ බොන්න දෙන මේසෙ ඇරුනම තවත් මේසයක් තියන්නෙ බත් කන්න දෙන්න. ඒ මේසෙ ටිකක් දිගට තියෙන්න ඕනැ. සාලෙ ඉඩ තියෙනවනං කෑම මේසෙ හදන්නෙ සාලෙ. නැත්තං මගුල් මඩුවෙම කොනක. මේ වැඩේට හරියන මේසයක් හොයාගන්න නැත්තං මේසයක් හදාගන්න හරි වෙනව. සමහර වෙලාවට මේකට ගන්නෙ කාගෙ හරි ගෙදරකිං ගත්තු වඩුබංකුවක්. නැත්තං ඒවගෙ එකක් හදන්න වෙනව. කණු හතරක් හොයල වටේට පට්ටමක් ගහල හදාගන්න සැකිල්ලට උඩින් ලැල්ලක් දාල මේ කියන කෑම මේසෙ හදන්න පුලුවන්. හරිහමං ලැල්ලක් නැතිඋනොත් දොරපලුවක් හරි ගලෝල අරන් අර සැකිල්ලට උඩින් තියනවා. මොනයම්ම හෝ ආකාරයකින් කෑම බීම තියන්න පුලුවන් විදිහට හදාගන්න මේ ඇටවුමේ කැත වැහෙන්න සුදු රෙද්දක් එලල වටේට තියෙන කනුවල කැත වැහෙන්න බිම දක්වාම උස සාරි හෝ ඉටිරෙදි දානව. එතැනිං ඒ වැඩේ ඉවරයි.
යංතං රෑ දොලහ පනින කොට කිරිබතත් හදල ඉවර උනහම එක්කහුවෙන පොල්රොඩු සේරම අරං මුලු ගෙයිම බිම මදින්නෙ ලාම්පුතෙල් ටිකකුත් දාලා. එතකොට බිම තියෙන සේරම කුණු කැපෙනවලු. එයිං පස්සෙ මඩ පාගගෙන ගෙට එන්න තහනං වෙන අතර එහෙම එන අයට කුණු බැනුං අහන්නත් වෙනව. පරණ පුරුද්දට ගේ අස්සෙ රේස් ගිය සමහරු පොල්කුඩු මැදපු පොලවෙ ලිස්සල උලුවහුවල ඇනිල හොම්බත් කඩාගන්නව.
නාවන නැකතට කලිං කලුවරේම සුදු රෙදි පොදියත් අරං හොල්මනක් වගේ එන රෙදි නැන්දා මගුල් ගෙදර පාලනේ අතට ගන්නව. නාවල ඉවර වෙනකං උංදැ අතේ තමයි සේරම දේවල්. නෑවිල්ලට කලිං ගෙයි ඉන්න සේරම පිරිමි ගෙයි ඉස්සරහ පැත්තට ගාල් කරනවා. එකෙට්ටවත් ආයි සාලෙං එහාට යන්න තහනං. ළමය නාවන්න බොහෝ වෙලාවට ගේ කිට්ටුවක දොලක් තියේනං එතැනට ගෙනියනව. නැත්තං ගෙයි පිලිකන්නෙ තියාපු බැරල්ලෙහෙකිං තමයි නාවන්නෙ. ඒ කොහෙ යතත් රෙද්දකිං වහගෙන පරිවාර කාන්තා රැලක් මැද්දෙං තමයි යන්නෙ. රෙදිනැන්ද විසිං නෑවිල්ලෙං පස්සෙ කලෙත් බිඳලා ළමයට අන්දන්නෙ සුදු ඇඳුමක්. ඒකට ඉස්කෝලෙ ඇන්ද ගවුමම ගත්තැකි. ළමයට මුලිංම මුලිච්චි වෙන්න ඕනැ කිරි තියෙන ගහක්. මේකට ගන්නෙ කොස් ගහක්. බොහෝ වෙලාවට වැට මායිම් ආරවුල් නිපදවීමේ අරමුණින් කොස් වගේ වටිනා කියන ගස් හිටවන්නෙ වත්තෙ මායිමේ. එච්චර දුර යන්න බැරි හන්දා කොස් අත්තක් කපල ගෙනැත් ගේ කිට්ටුව හිටෝලා ඒක තමයි පෙන්නන්නෙ. කිරි තියෙන ගස් උනත් ‘සබර ගහ‘ හෝ ‘කජු ගහ‘ මේ සඳහා ගන්නෙ නෑ. කිරි ගහ බලල ආයිත් මූන වහගෙන ගෙට ඇවිල්ල ළමයා තමුංගෙ මූන බලන්නෙ වතුර කොරහකිං. ඒ වගේ තිත්තපල් කලුවරක කොරහකිං තමුංගෙ මූණ තියා කොරහෙ අඩියවත් පේනවද මන්ද. ආයිත් ගේ මැද තියාපු බුලත් පොල් ආදී දේවල් ටිකක් වගේ රවුමක් යන වග මතකෙ තිවුනත් ඒක හරියටම මට නිච්චි නෑ. කොහොමිං හෝ පොල් ගෙඩ්ඩක් බිඳින වගනං මතකයි. ඒ පොල් ගෙඩ්ඩ බිඳිච්චි තාලෙං ගෑල්ලමයගෙ ඉරණම කියන්න පුලුවංලු. ඕං ඔය පොල් ගෙඩ්ඩ බිඳිල්ල එක්කම තමා රතිඤ්ඤ පෙට්ටියක් පත්තු කරන්නෙ. ඒ වෙලාවට උඩ විසිවෙලා ඇහැරෙන අය ‘ඕං කොටහලු ගෙදර නෑවිල්ල වියරයි‘ කියල දැනගන්නව. ඊළඟට පටං ගන්නෙ වැඳිල්ල. කොටහළු වෙච්චි ළමයා ලව්ව තමුංගෙ අම්ම තාත්තාගෙ පටං නෑදෑ සනුහරේම වන්නෝ ගන්නව. මෙතෙන්දි ළමයගෙ අම්මයි තාත්තයි ළමයට චේං පොටක්, ඔල්ලෝසුවක් ආදිය පළංදනව. ඇතිහැකි ඥාතිං ඇතොත් ඒ අයත් මොනවහරි දෙනව. ගෙදර ඉන්න තරමක් හැමෝම මේ වෙලාවෙ වටවෙලා මේක නරඹනවා. ඒ සේරටම ඉස්සරහිං ඉඳං දම්පිටියෙ කැලුං අයියා පොටෝ ගන්නව. එයා ‘ඇති‘ කියනකං වැඳගෙන ඉන්නත් ළමයට සිද්ධ වෙනව.
මේ වෙනකොට මගුල් තේ මේසෙ සැකසිලා ඉවරයි. කඳු පන්තියක් ලොකු රෙද්දකිං වැහුව වගේ සේරම කෑම ජාති විසාල සුදු රෙද්දකිං වහල තියෙන්නෙ. තේ මේසය සහ සොල්දරේ කෑම භාරව ඉන්න ‘උගුඩු කුමාර‘ හෝ වෙනිං කෙනෙක් විටිං විටේ අර රෙද්දෙ කොනකිං උස්සලා අඩුපාඩු සකස් කරනව වගේ පෙන්නනව. එහෙම කරල අතේ ගැවිච්ච තෙල් සරමෙං පිහගන්නව. තමුං ඉන්න තැන හරියටම පෙන්නමින් ලූණු බැදුං හෝ ලුණු මිරිස විසිං ඒ රෙද්දෙ විසාල රතුපාට පැල්ලමක් ඇතිකරලා තියෙනව. එතකොට මගුල් මේසෙ ඉඳුල් කරන්න ආරාධනා ලබපු පිරිස ඇවිත් ඒ මේසෙ වටේ තියෙන පුලුවල ඉඳගන්නව. බොහෝ වෙලාවට මෙතෙන්ට ආරාධනා ලබන්නෙ කසිප්පු පෙරන සූරියසේන මුදලාලි, තට්ටු දෙකේ කඩේ ගුණසේකර මුදලාලි, ඒජී ඔපිස්සෙකේ ලොක්කො එක්ක සම්බන්දකං තියෙන ගෙපොලෙ අජිත් අප්පො සහ කනත්තෙ සිරිසේන ඉස්කෝලෙ මහත්තයා. කෑම අවසානෙ කතාවක් කරන්න කෙනෙක් ඕනැ නිසයි සිරිසේන ඉස්කෝලෙ මහත්තයා ගෙන්නන්නෙ.
කොටහලු වෙච්චි ළමයා තමුංගෙ අම්ම තාත්තා එක්ක එතැන්ට එනවා. ඒ එක්කම සාලෙ හිටපු සෙනගත් ඇවිත් පිරෙනවා. හතර පස් දෙනෙක් අර සුදු රෙද්දෙං වහපු කඳු පන්තිය වහුං අරිනව. එතෙන්දි සුදු රෙද්දෙ පැටලිලා කෙහෙල් ඇවරියක් ඇදිල ඒම, කිරිබත් බෙදන හැන්ද ඇදිල ඇවිත් ‘ටං‘ ගාලා බිම වැටීම, මගුල් මේසෙ මැද තියෙන මල් පෝච්චියෙ ඇන්තූරියම් මල් පෝච්චියත් පෙරලගෙන රෙද්දෙ එල්ලිලා ගිහිං කෑම ජාති උඩට පැනීම ආදිය සිද්ධ වෙන්න පුලුවං. එතෙන්දි රෙද්ද අකුලපු අය ‘බොට මං කිව්ව‘ ආදී වසයෙං එකිනෙකාට දොස් පවරලා වැරැද්ද හදනවා.
විසාල ආනමාලු ඇවරියක් පෙරටුකරගත්තු කෙහෙල් වර්ග, කැවුං ජාති, අලුවා, වැලිතලප, කවුරුවත් කන්නැති ආස්මි, කොකිස්, මදිවෙයි කියල හීනියට කපාපු දොදොල්, විස්කෝතු, කේක් ආදියත්, මහ විසාල කිරිබත් පළඟාන්, කට්ට ලුණු මිරිස් සහ රටලූණූ බැදුං දාපු තසිං ආදිය භාජන දෙක ගානෙ මේසෙ පුරෝල තියෙනව. මේසෙ කොනක අත හෝදන බාජනේකුයි, ලේංසු හතරක් තරං ලොකු අතපිහින රෙද්දකුයි තියෙනව. මේසෙ මැද්දෑවෙ මල් පෝච්චිය ගාවිංම තියෙන්නේ දවසක් තිස්සේ අල්මාරියෙ හිරේ දාලා හිටපු කහපාට මූඩිය තියෙන කහට පාට අරක්කු බෝතලයක්.
වටේ ඉන්න සෙනග බලං ඉඳිද්දි අමුත්තො කට්ටිය බෙදාගන්නව. සමහරු තමුන්ට ඉස්සරහිං ඉන්න අයගෙ කරට උඩිං එබිකං කරල බලද්දි ඒ සෙනග එහාට මෙහාට තල්ලු කරමින්
“පොඩ්ඩක්කෙහාට වෙන්න කො.“
කියමින් කැලුම් අයියා පොටෝ ගහනව. තව පිරිසක් අමුත්තන්ට පෙරැත්ත කරමින් බෙදනව. පොඩි ලමයි එතන තියෙන කැවිලි ජාති ඉල්ලල අම්මලව පහුරු ගානව, විකනව.
බෙදාගෙන අහවර වෙච්ච ගමං සූරසේන මුදලාලි අරක්කු බෝතලේ මූඩිය ‘කරස්‘ ගාල කරකෝල කඩල ‘ගබ ගබ ගබ ගබ‘ කියන සද්දෙට වීදුරුවක් පුරෝල වක්කරගන්නව. ඉං පස්සෙ එයිං උගුරු තුනක් විතර එක හුස්මට ගිලිනව. කට ඇඹුල් කරල කොකිස් කෑල්ලක් කනව. අනිත් අයත් කෑම පටං ගන්නව. ගෙපොලෙ අජිතුත්, සූරසේන මුදලාලිත් තරඟෙට අරක්කු බෝතලේ ඉවර කරද්දි ගුණසේකර මුදලාලිත්, ඉස්කෝලෙ මහත්තයත් දෙන්න කිරිබත්, කැවිලි වලින් සැනසෙනව.
මගුල් මේසෙ ඉඳුල් කරල ඉවර වෙලා කතාව පවත්වන ඉස්කෝලෙ මහත්තයා අගනා දැනමුතුකං රැසකින් යුත් ‘වචන සුවල්පයක්‘ පවසද්දි ළමයිංගෙං බේරෙන්න බැරි අම්මලා මගුල් මේසෙං එක් එක් කැවිලි වර්ග ක්ෂණිකව ඩැහැගෙන ළමයත් අරං කුස්සිය පැත්තට පලා යනව. ඉස්කෝලෙ මහත්තයා කතාව අවසන් කරලා තමුංගෙ සාක්කුවෙං ගත්ත ලියුං කවරෙ කොටහලු වෙච්චි ළමයට දෙනව. ගුණසේකර මුදලාලිත් එහෙම කරනව. ළමය ඒ ගොල්ලන්ට වඳිනව. සූරසේන මුදලාලි සාක්කුවෙං රුපියල් දාහක් අරගෙන ලියුං කවරයක් හොයනව. කවුදෝ ගෙනැත් දෙන ලියුං කවරෙ දාල ඒක කොටහලු වෙච්චි ලමයට දෙනව. මද පමණ ඉක්මවා සිටින අජිත් අප්පො සාක්කුවෙං ගත්තු ලියුං කවරෙ ළමයට දීලා ඔලුවත් ඉඹිනවා.
අමුත්තං සේරම පිටවෙනවත් එක්කම ළමයගෙ තාත්තා අරක්කු බෝතලේ ඉතුරු ටික ඩැහැගෙන යනවා. ළමයගෙ අම්මා ළමයගෙ අතේ තියෙන ලියුං කවර ටික උදුරගෙන යනවා. දෙන්නම ඒවා අල්මාරියෙ දානවා. අනික් සේරම සෙනග අතට අසුවූ පිඟාන, මැටිකෝප්පෙ අරං කෑම පටං ගන්නවා. ආස්මි එකක් අරගත්ත පොඩි එවුං ඒක කුඩු කරගෙන ඇඟ පුරා හලාගනිද්දි තවත් ළමයි ලුණු මිරිසට කට දැවිල්ල හැදිලා කෑගහනව.
මේ අතරේ මගුල් ගෙදරකට අත්‍යවශ්‍ය අංගය වැඩ පටන් ගන්නව. ඒ තමයි සිංදු. බොහෝ වෙලාවට මේ සඳහා යොදාගන්නේ පීකර් දෙකක් තියෙන කැසට්ටෙකක්. සමහර ඉහල තැංවලනං ගනේවිටේ ගෙදර අයගෙ බපල් සැට්ටෙක මේ වැඩේට ඉල්ල ගන්නව. මගුල් මඩුවෙ ඩීපෝ එකක් උඩ තියාපු කැසට්ටෙකේ පැත්තකිං කැසප්පීස් අට්ටි දෙකක් වෙනම තියෙනව. කරන්ටෙක නැති හංදා බැට්ටියෙන් වැඩකරන මේවා භාරව ඉන්නෙත් පොටෝ ගහපු කැලුම් අයියම තමයි. එක පැත්තක සිංදු ටික ඉවර වෙච්චි ගමං පීස්සෙක අනික් පැත්ත දාන්න, සෙනග වැඩිවෙද්දි සද්දෙ වැඩි කරන්න වගේම පොඩි එවුං ඇඟිලි ගහන එකත් බේරගන්න වෙන්නෙ එයාටම තමයි. මේ සඳහා කැලුම් අයියට තිවුන එකම සුදුසුකම එයා සතුව ගමේ ලොකුම කැසට් පීස් එකතුව තිබීමත්, ඊට නොදෙවෙනි එකතුවක් තිවුන අනුරගෙං සහ ගල්කොටුවෙ ගෙදරිං කැසප්පීස් ඉල්ලා ගන්න එයාට පුලුවං වීමත්. ඒ දවස්වල කැසට්ටෙකක් තිවිච්චි හැම ගෙදරකම මහපිරිත වගේ තිවුනෙ හෙන්රි කල්දේරාගෙ පීස්සෙක, පස්සෙං පහු ඒ තැන ගත්තෙ ‘සුදු අරලියා මල‘. ගමේ කොටහලු ගෙවල්වල තත්වෙ තීරණය කරන්න ඇති වීරියෙං ගම දෙවනත් කරන්න මේ ගායකයො සෑහෙන වෙහෙසක් ගත්තා. ඒ හිංදම මගුල් ගෙදර ඉන්න කාටත් තමුං ළඟ ඉන්න එකාට යමක් කියාගන්න ඕන්නැං මහ හයියෙන් බෙරිහන් දෙන්න හෝ ටිකක් දුරකට කැඳවාගෙන යන්න සිද්ධ වුනා.
මගුල් ගෙදරට උදේ ඉඳං එන අයව පිළිගන්න කොටහළු වෙච්චි ළමයා දොරකඩ රැක්මේ ඉන්නවා. සිලික් තට්ටු ගවුමක් ඇඳං අතේ ලේන්සුවක් තියාගෙන ඉඳලා එන හැමෝටම දණගහලා වඳින එක එයාගෙ වැඩක්. එ් එක්කම ළමයගෙ අම්මා හෝ තාත්තාත් අමුත්තන්ට ‘ආයුබෝං‘ කියලා මගුල් මඩුවෙ තියෙන ඇල්මිනියං පුටුවලිං ඉඳගන්න තියනව. ඉං පස්සෙ තේ මේසෙ ඉඩ තියේද බලලා ඉඩ තියේනං කොටහළු වෙච්චි ලමයා ලවාම වතුර වීදුරු පුරෝපු ටේ එකක් ඒ අයට අල්ලෝනව. එතකොට ආපු අය දන්නව මේ කියන්නෙ තේ බොන්න එන්න කියන එකයි කියලා. ඉතිං ඒ අය
“අනේ දැන්නං තේ බොන්නත් බෑ“
කියලා අදිමදි කරද්දි
“යං යං කැඋං ගෙඩ්ඩක් කන්න. කිරිබත් කෑල්ලක්කත් කමු“
කියලා ඒ අයව අතිං ඇදගෙන හරි එක්කගෙන තේ මේසෙට අරං යනඑක ගෙදර අයගෙ වගකීම. තේ මේසෙ වටේ තියෙන පුටුවල ඉඳගෙන තමුං එක්ක ආ පොඩි ළමයි ඉන්නවනං උංවත් ඔඩොක්කුවෙ තියාගෙන කැමති දෙයක් අරං කතෑකි. ඒ අතරෙ ගෙදර අයත් අඩුපාඩු බලන සොල්දරේ බාර කුමාරත් එහෙට මෙහෙට වෙනකං ඉඳල තමුංගෙ කුඩේ හෝ මල්ල අස්සට අරිං කැවිලි ජාති හතරක් පහක් ඔබාගන්නත් සමහරු දස්සයි. මේ වෙලාවෙදි කේක්වල දෙපැත්තෙ අලෝපු ඉටිකොල කෑලි දෙකත්, කෙහෙල් ලෙලිත් ගලවල අරං දාන්නෙ මේසෙ යටට. තේ මේසෙ ඉඳං ඉන්න ගාන කුස්සියෙ ඉන්න අයට කිව්වම ඒ ගානට පේන්ටි දාපු වීදුරු දාපු ටේ එකක් මේසෙං තියනව. මේ අතරෙ සමහරු
“කුමාර මල්ලියෙ මට ඔය කැඋං ගෙඩි දෙකතුනක් ඔතා දියංකො ලොකු එකාට ගිහිං දෙන්න“
කියල කුමාරගෙං ඉල්ලගෙනත් යනව. මොනව හරි කෑමක් අඩුවෙනවත් එක්කම ඉනිමග දිගේ අටුවට නගින කුමාර අදාල කෑඹ ජාතිය පුරවල තවත් පිඟානක් මේසෙ උඩිං තියනව. තේ බීපු කට්ටිය නැකිටල ආයිමත් මඩුවට යද්දි යද්දි තව කට්ටියක් ඇතුලට එනව. තේ බීල අහවර කට්ටිය කැසට්ටෙකේ සද්දෙ පරදවමින් මඩුවෙ ඉන්න අනික් අයත් එක්ක කතාබහ කරන්න අසාර්ථක වෑයමක යෙදෙනව. තවදුරටත් මෙතැන ඉඳීමෙං පළක් නැති බව අවබෝධ කරගන්නා ඒ අය තමුං ගෙනා තෑගි හෝ සල්ලි ආදිය කොටහළු වෙච්චි ළමයට දීලා, එතන සෙල්ලං කරමින් ඉන්න ළමයි අතරිං තමුංගෙ ළමයවත් ඇදගෙන, අසාමාන්‍ය ලෙස පිම්බිච්චි තමුන්ගෙ කුඩ ආදියත් හංගගෙන යන්න යනව. එහෙම යන අයට යුතුකමක් වසයෙං
“අනේ බඩ්ඩිංගක් කාලයන්න ඉන්න“
යනුවෙන් ගෙදර අය විසින් පැවසීමත්
“අනේ බෑ දැං යන්න ඕනැ. වැඩ වාගයක් තියෙනව“
වසයෙන් පිටවී යන අය විසින් පැවසීමත් සිද්ධ වෙනව. දවල් කෑමට ඉතුරු වෙන්නේ ගෙදර කට්ටියත් වැඩට පොලට ඉන්න කාණ්ඩෙත් විතරයි. නිවැසියන් පුටු උඩට වෙලා නිදිකිරා වැටෙද්දි කුස්සියේ ඉන්නා කාන්තාවන් ඉතා කඩිසරව බත්මුල් බඳිමින් තම දරුවන් ළවා පිලිකන්න පාරෙන් තමුංගේ නිවෙස්වල ඉන්න අයට යවන්න කටයුතු කරනවා.
පාසල් ගිය ළමයි, වැඩට ගිය අය ආදි අයත් එන නිසා බොහෝ විට රෑට මගුල් ගෙදර සෙනග වැඩියි. ඇඳිරි වැටීගෙන එනවිට ගෙවල්වල පවුල් පිටිං මගුල් ගෙදරට සේන්දු වෙනවා. රෑ හතෙන් පස්සේ කෑම දෙන්න පටන් ගැනීමත් එක්කම තේ මේසෙට නිවාඩු ලැබෙනවා. එන එන අය බත් කෑමට යොමු කෙරෙනවා. සාලේ හැමෝටම ඉඳගෙන කන්න ඉඩ මදි නිසා බෙදාගෙන ගිහිං සාලෙ හෝ මඩුවෙ ඉඩ තියෙන තැනකිං ඉඳගෙන කෑ යුතු වෙනවා. ඔය අතරේ ගෘහ මූලිකයා විසින් තවත් කටයුත්තක් පැවරූ කෙනෙක් සාලෙට ඇරෙන දොරක් ගාව හිටගෙන බලං ඉන්නවා. ගෘහ මූලිකයා විසින් විටිං විටේ එක් එක් අමුත්තාව තෝරාගෙන ඒ දොර ගාවට යවනවා. දොර රෙද්දෙං එහා පැත්තෙන් ගෙයි පිලිකන්නට කැඳවාගෙන යන අමුත්තාට වීදුරුවක් පුරවලා එකක් ලැබෙනවා. හිටගෙනම ඒක අවසන් කර ආපහු එන අමුත්තා කෑමට එකතු වෙනවා. මේ ආකාරයට තේරීමට ලක්වීම සඳහා අමුත්තා රණ්ඩු කරන්නෙක් නොවීම, තවත් ඉල්ලා කරදර නොකිරීම මෙන්ම යහමින් තෑගි දෙන්නෙක් වීමත් අවශ්‍ය වෙනවා. කෑම ඉවර අයට අතුරුපස විදිහට කෙහෙල් ඇවරි දෙක තුනකුත් එතන තියෙනවා. මදිපාඩුව මඩුවෙ තියෙන බුලත් හෙප්පුවෙං සපුරනවා. බුලත් හෙප්පුවේ ආනුභාවයෙන් ගේ වටේ පොලව, මල් පඳුරු ආදියත් මඩුව වටේ ඉටිරෙදිත් රතුපාට වෙනවා.
මේ විදිහට සෙනග වැඩිවීමත් එක්කම මගුල් ගෙදර එහෙම් පිටින්ම පාලනයෙන් තොර කලාපයක් බවට පත්වෙනවා. මගුල් ගෙදරට එන ගෑනු ලමයි පස්සේ වැටීගෙන හැතැක්ම ගනන් දුර සිට එන පේමවන්තයින්, පාරෙ යනගමන් ගොඩවදින්නන්, වෙනත් අයගෙ හැඳුනුංකමට ආ අය ආදීන් නිසා නන්නාඳුනන අය ගේ අස්සට රිංගා ගන්නවා. කුස්සියේ උයන අය කියන්නාවූ අඩුපාඩුකම් සැපයීමත්, එන අයව පිළිගැනීමත්, යන අයගෙන් තෑගිබෝග ගැනීමත් ආදිය නිසා දෙමව්පිය දෙදෙනාට හොයන්න බලන්න බැරිවෙන වෙලාවක් වෙනවා. මෙන්න මේ වෙලාව ප්‍රයෝජනයට ගන්නේ මෙතෙක් වෙලා ගෙදර සියළු වැඩපළ කරමින් අවස්ථාව ලැබෙනතෙක් මාන බලමින් සිටි අයයි. කුස්සියේ සිටින අය එකිනෙකා පරයමින් රෙදි පොටේ මුවාවෙන් මිරිස්, සිල්ලර, උම්බලකඩ, කැවිලි පෙවිලි ආදී ආහාර ද්‍රව්‍ය ගේ අවට අඳුරු තැන්වල සැඟවීමටත් හැකිනම් සරම් පොටවල්, සායවල් අස්සේ සඟවා සිය නිවෙසටම ප්‍රවාහනය කිරීමටත් කටයුතු කරද්දී ගෙයි ඇතුලේ වැඩපලේ නිරත අය අල්මාරියේ යතුර යතුරු කටේ තිබෙන අවස්ථාවක් එනතෙක් බලාසිට අල්මාරියේ සඟවා ඇති ලියුම්කවර වලින් ඝනකම ඇති ලියුම්කවර වල බරින් අල්මාරිය නිදහස් කරනවා. සමහරවිට මේ වගේ දවස්වල දීග දෙන වයසේ සිටින දියණියනුත් ඒ ආකාරයෙන්ම සිය දෙමව්පියන් තමුංගේ බරින් නිදහස් කරනවා.
මේ අතරේ අසනීප නිසා සිය සැමියාත් දරුවනුත් මගුල් ගෙදර එවා ගෙදර නතර වූ කාන්තාවනුත්, තමුන්ට එන්ට බැරිනිසා ළමයින් එක්ක සිය බිරිඳව මගුල් ගෙදර එව්වාවූ සැමියනුත් ගැන කතන්දර පහුවදා රෑ එළිවෙන්ට මත්තෙන් ගම පුරාම ඇවිලෙනවා. එලෙස ගෙදර නතරවූ පිරිමින් සිය බිරිඳ සහ ළමයි එනවිට ගෙදර නොසිටීමත්, ගෙදර නතර වූ කාන්තාවන්ට සිය සැමියා සහ ළමයින්ට දොර ඇරි දීමට බොහෝ වෙලා ගතවීමත් ඒ එක්කම ගෙයි පිලිකන්නේ දොර ඇර තිබීමත් සම්බන්ධ කර අපූරු පුවත් ගමපුරා පැතිර යනවා.
මගුලට පහුවදාත් සහභාගි වෙන්න අමතක වෙච්ච අයට සංග්‍රහ කිරීම වෙනුවෙන් කැපවෙනවා. ඒ මගුල් මඩුව ගැලවීම, ගෙනා බඩුමුට්ටු ගෙනිහින් දීම ආදි වැඩවලටත් තව සතියක් විතර ගතවෙනවා. ගෙනා බඩුමුට්ටුවලට අඩුපාඩු ඇතිනම් ඒවාත් කඩෙන් ගෙනැත් දෙන්න වෙනවා. මේ වැඩ සේරමත් ඉවරවෙලා නෑදෑයනුත් ගමරට යන්නේ ඉතුරුවෙලා තියෙන මොන මොනවා හෝ පොදි බැඳගෙනයි.
මගුල් ගෙදර ඉතුරුවෙලා නරක් වෙච්චි සේරම එකතු කරලා කෙහෙල්කැන් ඉදෝපු වලටම දාලා වහලා මගුල් ගෙදර වැඩ අවසන් කරලා ගෙදර හැමෝම එකතු වෙන්නෙ ලාභ පාඩු බලන්න. බ්‍රවුන් පේපර් කවරවල දාපු පොත්, පෑන්, පැන්සල්, ආදිය මහ ගොඩකුත් ඉඳ හිටලා කුඩයක් කවකටු පෙට්ටියක් වාගේ දෙයක් ඇරුනම ලියුම් කවර තියෙන්නෙ බොහොම පොඩ්ඩයි කියලා තේරෙන්නෙ එතකොටයි. අන්තිමට නැති වෙලා තියෙන ලියුම් කවර ගැන හොරකම ගෙදර දෙන්නට දෙන්නා චෝදනා කරගැනීම හෝ සැක හිතෙන පවුලේ ඥාතියෙක්ට බැර කිරීම සිද්ධ වෙනවා. ගත්තු ණය ගෙවන්න හම්බුවෙච්චි ගාන මදි හංදා මගුල් දවසේ කරේ දාපු චේන් පොටත් උගස් තියලා කොටහළු වෙච්චි ළමයා ඉස්කෝලෙ යද්දි ඉස්කෝලෙ අයියලා අතරෙ එයා ‘කෑල්ලක්‘ බවට පත්වෙලා ඉවරයි.
හනෙ අප්පේ. . . මේවා ඉතින් මෙහෙමම නොවුනට අපේ පැති වලත් ඔය අවුරුදු උස්සව වලදි ඉන්න පිරිසටත් හොරා කෑම පිඟන් කොත ගහගන පස්සෙ පාරෙන් වහංගු වෙන උදවිය නැතුවා නෙවෙයි.
ReplyDeleteඕක සෑඹ තැනකම පොදු ධර්මතාවක්. ඒ උනාට දැන්නං ටිකෙන් ටික ඔය ජාතියෙ කසඩ පිරිස අඩුයි
Deleteසුපිරියි..................
ReplyDeleteමනස් කාන්තයි කියලත් කියැහැකි නේහ්?
Deleteහප්පෙ මල මගුලක් තමයි ඉවරවෙලා තියෙන්නෙ.
ReplyDeleteකොටහලු මගුල් අස්සෙ වෙන වෙන මගුලුත් වෙලා වගෙයි.
හෙන්රි අයියයි, අජිත් මල්ලියි කොච්චර කැපවෙන්න ඇද්ද මගුල් ගෙදර පාලු මකන්න. හැක්..
නියමයි ශ්‍රංගයො.
ඕකෙ හොඳම හරිය එන්නෙ බැට්ටිය බහිනකොට. එතකොට චරබර සද්දෙ විතරයි
Deleteඔය ආස්මී එකත් අර රවී අයියගෙ කුකුළ වගේ බොහොම පරිස්සමට පරිහරණය කරන්න තියල තියෙන එකක් තමයි.
ReplyDeleteආස්මි කිව්වට අපේ ආච්චම්ම කියන්නෙ ඕවට ‘ආස්වද‘ කියලා
Deleteදැං බලාගෙන යනකොට මගුලෙන් විපුල පල ප්‍රයෝජන ලබාගෙන තියෙන්නෙ පිට ඉන්න මිනිස්සු වගේ.
ReplyDeleteපිට එවුන් ගෙට ඇහිල්ල තමයි ඵල නෙලන්නෙ
Deleteඉතිං කෑල්ලක් උනාට පස්සෙ ඒ ළමයට....... නෑ එක්කො ඒක ඕන නෑ. හැක්..
ReplyDeleteඕන්නෑ. ඔය මාතලං වගේ පොඩි අයට අගුනයි
Deleteගම්වලත් අවස්ථාවාදී හොරු ඉන්නවනෙ. නියම විස්තරය.
ReplyDeleteගම්වල තමා හොරු ඉන්නෙ.
Delete//ගෙයි ඇතුලේ වැඩපලේ නිරත අය අල්මාරියේ යතුර යතුරු කටේ තිබෙන අවස්ථාවක් එනතෙක් බලාසිට අල්මාරියේ සඟවා ඇති ලියුම්කවර වලින් ඝනකම ඇති ලියුම්කවර වල බරින් අල්මාරිය නිදහස් කරනවා. සමහරවිට මේ වගේ දවස්වල දීග දෙන වයසේ සිටින දියණියනුත් ඒ ආකාරයෙන්ම සිය දෙමව්පියන් තමුංගේ බරින් නිදහස් කරනවා.//
ReplyDeleteඒ ටික තමයි නියම.......
තව ටිකකින් කම්මලා ඇවිත් මොකක් හරි මගුලක් කියයි මේක ගැන.....
දීග දෙන වයසෙ දූළ විතරක් නෙමේ දූලගේ අම්මලත් ඔහොමයි
Delete'සන්ෆ්ල්වර් සමග කල්දේරා' ඒ දවස්සොල නැගලම ගිය පීස් එකක් නෙ.. බස් අජිත්ට කලින් ආවනෙ බං චන්දනගෙ 'සුවඳ තියා මා ළඟ ඔබ'.. ඊට පස්සෙ 'ප්‍රවීණ ගායක' කිංස්ලි පීරිස්.. ඊටත් පස්සෙ තමා සුදු අරලියා මල ආවෙ..
ReplyDeleteඅපි පොඩි කාලෙ ඕවගේ තැන්ඔල නැගල ගියෙ සලාදෙ පීස් එක. ඉන්පස්සෙ තමා ඩිෂින් ඩිෂින් කියල කල්දේරා ආවෙ. ඒ එක්කම ප්‍රින්ස්ගෙ සඳ කුමාරියක් එහෙමත් දැම්ම.
DeleteIU
සුදු අරලිය මල තමයි මට එලටම මතක. කිංස්ලි පීරිස් ආවෙ එයිට පහු නේද?
Deleteඇනෝ
ඒ කාලෙ ජනප්‍රිය ප්‍රින්ස්ගෙ තාත්තගෙ සොහොනෙ අඬන සිංදුව
Suranga,
ReplyDeletewisthara kireemanam ethaamath rasawath widiyata liyala thiyanawa.
essara ape game kotahalu gewal walath oine samaharak dewal karanawa dakala thiyanawa.
eita amatharawa naawana wathura baajanayata pichcha mal dameema naawanna aluth podi mati kalayak aran naawala awasana kalaya naawana isthanaye bindha dameema wage dewal.
habai gedara kawruhari thamai pichcha mal kadanna yanne.
namuth dannam oya essara karapu godak dewal ape gamwala karanne naha.
කලේට පිච්ච මල් දාන වැඩේනං මාත් දන්නෑ
Deleteඅඩේ... අපේ පැත්තෙ නාවන්න වෙනම ආවරනයක් හදනවා.පොල්ලතු වියලා මිනිහෙකුගෙ උසට හතර වටෙන්ම වට කරලා පොඩි දොරක් වගේ එකක් තියලා.. ඕක අස්සෙ තමා නාවලා කලේ පොලේ ගහන්නෙ.
ReplyDeleteගෙදර උන් නට්ටංම කොරන්න ගම්මු වගබලාගන්නෙක නම් තමංට උන දේවල් වල පලිය ගන්න සීන් එකක් වගේ... එකාට එකාට කොරන සීන් එකක් වෙන්ටැ..
ජයවේවා..!!
අපේ ගමේ මිනිස්සු හිතන හැටියට අහුනොවෙන්න හොරකං කලාට පවු නෑ.
Deleteමරු බං...
ReplyDeleteමගුල් මඩුව ගහන්නෙ එන අයට කෑම දෙන්න නෙමෙයිද ?
උබලගෙ ආච්චිඅම්ම යන්නෙ නැද්ද මගුල් ගෙදර ?
Deleteඅම්මපා අකුරක් අකුරක් ගානෙ ඇත්ත
ReplyDeleteමොකද බං දොර අරින්ඩ පරක්කු උනාට පස්සේ දොර ඇරල තියෙන්නේ
ReplyDeleteපස්සෙ දොර ඉමර්ජන්සි එක්සිට් එකක් විදියට ප්‍රයෝජනයට අරගෙන. හැක්..
Deleteකැලරි පුච්චලා...
Deleteසුපිරියි සුරංගයෝ ... දැන් මේ ලියවෙච්චි කොටහලුවෙන් උඹේ පාර්ට් එක තියෙන්නේ කොයි ටීම් එකේද කියහන් අපිට... අර වීදුරුවෙන් එකක් දෙන්නේ කොයි ජාතියේ එව්වද බන්...
ReplyDeleteමේනකය කියන විදියටනං 'ඌව ග්ලේන්' තමයි.
Deleteමේලකයයි සුරංගයි දැන් බදුල්ලේ හිටියට මේ කාලෙ මම හිතන්නේ ගම දෙකක බන්...
Deleteඕව්වා නීති විරෝධී රැස්වීම් හොඳේ.. පරිස්සමෙන් :)
ReplyDeleteඇස්වහක් කටවහක් නෑ ඉතින් උඹේ ලියමන හැමදාම වගේ මල් මසුරං බන්. උඹ කෙටි කතා සංග්‍රහයක් එහෙම ලියුවොත් නියමෙට නැගල යයි.
ReplyDeleteජය වේවා !!!
අපේ සිංහල ගම්වල වේ වගේ දේවල් උනේ නෑ . කරුණාකර සිංහල යන්ට අපහාස පරිදි ලියන්න එපා. මේවා වෙනත් ජාතින් විහුලුවට ගනීවි
ReplyDeleteමෙහෙම දේවල් උනේ නැති සිංහල ගම මොකද්ද හැබෑටම? ආසයි ගිහින් බලලා ගමේ අයත් එක්ක කතා කරලා එන්න.
Deletenagarayata kittuwa thibu ape gameth
Deletemeeta wasara gaanakata pera post eke thiyana dhewal aduwadiyen
sidhu wunaa.
මැදමුලනෙ විය හැකිය් මෙ ගම
Deleteලෙසටම..
ReplyDeleteහෙට අනිද්දා කෙල්ල ගෙට උනාම මේ ටිකෙන් ගන්න පොරෝජන් බොහොමයි.. :)
දැන් කාලේ නම් මේ වගේ කොටහළු මගුල් තියෙන එක අඩුයි මම හිතන්නේ...... මොනා උනත් ලංකාවේ උප සංස්කෘතියක සිදුවීම් ඉතාමත් රසවත්ව ලියලා තියෙනවා.........
ReplyDelete/ ඒ කොහෙ යතත් රෙද්දකිං වහගෙන පරිවාර කාන්තා රැලක් මැද්දෙං තමයි යන්නෙ. /
ReplyDeleteඅපේ පැත්තෙ කලේ අඩි 2 1/2 x 2 1/2 x 5 වගෙ කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන ඒකෙ කට පැත්ත පහතට හිටින්ඩ ලොකු වෙච්චි ලමයගෙ ඔලුවෙන් පාතට බස්සෝනව.ඕකෙ අඩියට යටිං කලිම්ම දිග ලීයක් දාල තියෙන්නෙ හිල් දෙකක් විදල.
පෙට්ටිය දෙපැත්තෙං ලීයෙ අඩි තුනක වගෙ කෑලි දෙකක් එලියට තියනව. ඒ දෙකෙං ලමෙයගෙ ලොකු අම්මයි පුංචි අම්මයි උස්ස ගන්නව පෙට්ටිය. එහෙමයි ආරක්සා සහිතව ලමය නාවන්ට එක්කගෙන යන්නෙ. ඔය සීතකරන එහෙම පැක් කරල එන පෙට්ටි මේ වැඩේට පංකාදුයි. අපේ ගෙදර ඔය වගෙ පෙට්ටියක් තිබිල කොටහලු මගුල් එක විස්සකට තිහකට එහා පැත්තෙ ඒක ඉල්ලගෙන ගියා ගමේ මිනිස්සු...
ගම්වල මගුල් ගෙවල් වල විතරක් නෙවි මළ පාර්ටි එකේදීත් හොරෙන් කෑම උස්සන එක වෙනවා. කොහෙන හරි කඩා පාත් වුණ එවුන් පර්ස් වලටත් විදිනවා. මළ ගෙදරත් දැන් ෆියුනරල් පාර්ටි එකක් ගානටම ඇවිත්. කේටරින් සර්විසස් වලින් එන්නෙ. අර කවුදෝ උඩ කියල තිබුණට සිංහල ගම්වල ඔහොම නෑ කියලා. ඒ හීන ලෝකවල මන:කල්පිත කතන්දරවල එහෙම මිනිස්සු ඉන්නෙ.
ReplyDeleteමං දැක්ක පහුගිය දවස් වල, “අපේ දියණිය වැඩිවිය පත්වීම නිමිත්තෙං“ කියල ගහපු ඉන්විටේෂන් කාඩ් එකක්... මළ ගෙවල් වලටත් එහෙම කාඩ් ගහයි තව ටික කාලෙයක් යනකොට.
Deleteපොස් රට වල ලොකුම ලොකු මලගෙවල් වලට යන්න ඇහැකි ආරාධිතයන්ට විතරයි නේද ඩ්‍රැකියො?
Deleteමට මේක කියවනකොට නිකක් දුකක් වගේ දෙයක් දැනෙන්නේ. අම්මල තාත්තල කොපමණ මහන්සි වෙනවද. ඒ මහන්සිය කතාව පුරාම තියෙන්නේ. මේ රටවල ඕක නැහැ. සිංහල දෙමාපියන් වුනත් එහෙම දෙයක් ලඟම යාළුවන්ට විතරයි කියන්නේ. අපේ අක්කගේ දුවට නම් දැන් අවුරුදු 8-9 කට කලින් පොඩි හෝටලේක හෝල් එකක් අරන් කලේ එයාල. කේටරින් සර්විස් එකකට උයන්න දීල තිබුන කියල තමා කිව්වේ.
ReplyDeleteසුරංග මලයෝ පංකාදු පහයි ඈ
ReplyDeleteඋබැයි දන්නවද මම පොඩි එකා සන්දියේ ඉහේ කෙස් ගානට කොටහළු මගුල් වල
ගිහිල්ලා ඇති .
මොකෝ දන්නවද , අපේ ආච්චි තමයි ගමේ එවුන්ට පොලියට සල්ලි දෙන්නේ
හරිම සාදාරන ගණන් වලට .
ඉතින් උන්දැට අනිවාරතෙන්ම ගමේ හැම කොටහලුවක්ම/මගුලක්ම කියනවා
මගුලට දෙන ගානට පිරිමහන්න කන්න පුළුවන් එකම එකා කියලා , උන්දැ මාව තමයි
හැම එකටම එක්ක යන්නේ .
අපේ අක්කලා මට දාලා තිබ්බ නම තමයි "මගුල් පාළුවා "