Tuesday, January 5, 2016

අපි එක් මිනිස් යායක මනුෂ්‍යයෝ වූයෙමු



මට ලියන්න බැරිවුන දෙයක් හෝ පුද්ගලයෙක් මෙතනට ඇතුලත් වෙන්න උවමනානම් එය පහත අදහස් වශයෙන් ලියන්න කියලා මුලින්ම කියන්න ඕනෑය. ඒ වගේම මෙහි අඩංගු පින්තූර හරියාකාරව නොගැනීම පිළිබඳ සමාවන්ට ඕනෑය. 



 හදිසියේ කඩාපාත්වෙන වැඩ සාමාන්‍යයෙන් හරියන්නේය. මාස ගනං සැලසුම් කර කරන වැඩ බොහෝවිට මැදදී කුමක් හෝ සිදුවීමෙන් ඇදවෙන්නේය. මේ මගේ ජීවිතේට පොදු න්‍යායයි.


ඒ වගේ හදිසියේ කඩාපාත්වූ වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. මේ කටයුත්තට මුල පිරුවාය කියලා මුලින්ම සලකන්නේ අජිත් ධර්ම මහතායි. කුඩා කාලයේ බදුල්ලේ ලුණුගල ප්‍රදේශයේ පාසල් ගොස් ඇති එතුමාට ඇතිවුන සිතුවිල්ලක් අනුව මේ කටයුත්තට මුල පිරෙනවා.  කල්‍යාන මිත්‍ර නමින් හැඳින්වෙන හෙල බ්ලොග් කලාවේ පුරෝගාමී චරිතය අපේ හේමමාලි භාග්‍යා නංගී එක්ක මුලිංම මේ ගැන කියා තිවුනේ එක්තරා දහවලක මුහුනුපොතේ සංවාදයකදීයි. ඒ නගා ඇවිත්


“මේ අයියා.. හලෝ ... අහන්නකෝ... හාද... හොඳේ අර කල්‍යාන මිත්‍ර අයියා කියනව අපි කට්ටිය එකතුවෙලා...........................“


ආදී වසයෙං මේ වැඩේ කියාපෑවේ බොහොම හුරුබුහුටිවටය. ඒ එක්කම ආ ඊමේල් එකකිං කියවුනේ වැඩේ දැනටමත් පටං ඇරං හමාර බවය. ඒක එවලා තිවුනේ ඉහත කියූ කලයාන මිත්‍රතුමාය.

ළමයි!

ඔන්න දැනට මේ ඊ මේල් ත්‍රෙඩ් එකේ ඉන්න උන් අපි කියන වැඩේට කැමතියි. තව ඉන්න උන් බ්ලොග් හා බදුල්ලට යම්කිසි සම්භන්දයක් තියෙන උන් විතරක් කැමති නම් එකතු කර ගමු. සිංදු ඇනෝ ගේ යාලුවෙක් බණ්ඩාරවෙල ඇට්ලස් ඒජන්සිය කරන බව කියුවා. ඒ හරහා උදව් ගත හැකියි. මගේ ලොකු අයියා බදුල්ලේ පාසල් ගුරුවරයෙකු නිසා ගොඩක් දුෂ්කර පාසල්වල විදුහල්පතිවරු අඳුනනවා.. වඩාත්ම සුදුසු අවශ්‍ය පාසලක් ඔහු තෝරා දෙයි. ඒ විදුහල්පති තුමා හා සම්භන්දතාවයත් ඒ හරහා ගොඩ නගා ගත හැකියි. 

මගේ අදහස ජනවාරි පාසල පටන් ගන්න මුල් දවස් දෙක ඇතුලත හෝ පාසැල පටන් ගන්න දවසට පෙර දින මේ වැඩේ කරන්න. 

හැමෝගෙම අදහස් දෙන්න.. 

මගේ දුරකථන අංක **********/********** 

අපිට ජයවේවා! වැඩේ සාර්ථක වේවා! 

- ක.මි.

ආපහු හැරෙන්න කලක් නැත. හිතන්න දෙයක් නැත. කරන්න තිවුනේ ‘හා‘ යන්නක් දොට්ට දැමීම පමණි. නායකයා වැඩ පටංගෙන තිබුනි.


ඒ අතරේ වැඩේට මුල පිරූ අජිත් ධර්මතුමා මූලාරම්භය ලබාදෙමින් අසුවල් විදිහට මේ වැඩේ කලොත් හොඳ නේද කියා ඇසුවේ තමුං පොඩිකාලේ පාසල් ගියේත් බදුල්ලේ ලුණුගල පාසලකට බවත් මතක් කරමින්. ඒත් එක්කම නෙළුම්යායෙන් සෑහෙන බර පැනක් දරන්නද එකඟ වූයේ අපිට තවත් සහනයක් දෙමින්. ප්‍රථම ආධාරය ආවේ නදීර විජේසිංහ මහතාගෙන්. ඒත් එක්කම ඉවාන් පවුලුෂාත් මේං මේම ලියා එව්වේය


ආදරණීය කලුයාන වෙත ලියමිය .

වැඩ කප්පරක් තිබ්බත් බදුල්ලේ වැඩක් නම් යන්නට එමිය. කෙරෙන්නට ඕනා දේ කියාපම්ය. උඹ තාම දායක වෙන විදිහක් කිව්වේ නැතිය. ඕනා ඉල්ලවක්ය මම එමිය . ඒ නිසා විස්තර දන්වා ලියුම් කරදහීයක් එවපම්ය. නැත්තම් තෙලබනුවෙන් අමතාපන්ය. මගේ නොම්මරේ උඹ දන්නවා ඇතැයි සිතමිය.
එහෙනම්
මුතියංගන සෑ රදුන්ගේ පිහිට ලැබෙවාය
මම නවතිමිය
ජය ශ්‍රී ය


ඒ කියා ඩිංග වෙලාවකිං  එතුමං විසින් යහමිං ගානක් එවන ලද බව සැලවිය. ඒ අතරේ භාග්‍යා නගාගේ අක්කා කෙනෙකුන් වන මෙත්මා රාජමුනි මේ කටයුත්තට එක්කාසු වෙමින් අපේ අරමුදල තවත් තරකලාය. ඒ අතරේ නිකමට මෙන් මතක් වූ සිංහල බ්ලොග් ලෝකයේ නවතම තරුව වන ගොඩේ කතා ලියන මේනකටද මේ පිළිබඳ දැනුං දුන් වහාම මේ වැඩේට සහය දක්වමින් “ඔන්න ලොක්කා මාත් ***** ක් දැම්මා“ කියා පණිවිඩයක් එව්වේය. ඔය අතරේ භාග්‍යා නගාත් මාත් හැකි අන්දමින් අතේ මිටේ තියෙන දෙයක් මීට දායක කරන්නට කටයුතු කලෙමු. මේ පිළිබඳව තිලක සිත ලියන තිලකසිරි ඒකනායක මහතාටත් මං දැනුං දුන්නේ එතුමාගේ එක්කුසේ උපං යාලුවාගෙං ටැලිපෝන් නොම්මරේ ඉල්ලා ගනිමිනි. නමුත් තිබූ රාජකාරි අහුඅස්සේ මේ වැඩේට සම්බන්ධ වෙන්න බැරිවෙච්චි එක ගැන එතුමා සිය කනගාටුව කියා එව්වේ මෙහෙමයි.


ගරු මහත්වරුණි , ප්‍රිය නෝනාවරුනි 

තරහ අවසර. සුරංගගේ පෙර දැනුම් දීමක් ලැබුනත් මේ කාරිය ගැන හරියට දැනගත්තේ අද මේ මේල කියෙව්වාමයි. පහුගිය සතියේ කොච්චර කරදර වුනාද කියනවානම් මට  අහස්යාත්‍රාවල හිටන් ගමන් බිමන් යන්ට සිදුවුණා . ඒ නිසා ගිය බදාදා වැඩේට අද බ්‍රහස්පතින්දා මක්කාවත් කොරන්ට බෑ . ලබන සතියේ හෝ ඉන්පසු පුළුවන් සම්මාදමක් ඉතා සතුටින් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ සද්කාරිය සාර්ථක වේවා !.  
ඔබ හැමට ශරීර සනීපය හා හිතේ සතුට පිරි සුබ නව වසරක් වේවා !


මේ සඳහා මහා බරපැන දැරුවේ නෙලුම් යායෙන් බව පස්සෙං පහු සැලවුනා. කල්‍යාන මිත්‍රතුමාගෙනුත් සෑහෙන ගානක් යන්න ඇති බව මගේ හිතට දැනේ. නමුත් ඒ ගැන හාංකවිසියක්වත් වචනයක් කටෙං දොට්ට පන්නා ගන්න බැරිවිය.


මේ ආධාරය දෙන්න හිතා උන්නේ මීගහකිවුලෙනුත් එහා දුෂ්කර ගමක පාසලකට උනත් ඒ පාසල සම්බන්ධ කර ගැනීමේ ගැටළුවක් නිසා කල්‍යාන මිත්‍රගේ මිත්‍රයෙක් මගින් හඳුනාගත් කෝට්ටගොඩ උඩගම විදුහල මේ සඳහා තෝරාගෙන තිබුනා.


පාසල් උපකරණ සියල්ල මං ඉන්නා නිල නිවසට ගෙන්නාගෙන පාර්සල් හදාගන්න එකඟතාවට ආවේ කාටත් පහසු තැනක් හිංදයි. ඒ එක්කම අපේ සින්දු ඇනෝ විසින් තමුංගේ අතිජාත මිත්‍රයෙක් ගැටගසා අල්ලා දුන්නේ ‘මේං මුගෙං හෙන අඩුවට පාසල් උපකරණ ගන්ට ඇහැකි‘ බව කියාපාමින්. ඒ කී හැටියටම ගිය අවුරුද්දේ අන්තිම දවසේ බණ්ඩාරවෙලිනුත් එහා ඉඳං හැන්දෑවක මහ වැස්සේ ආපු ඒ වෙළඳ මිත්‍රයා අප විසින් ඉල්ලා තිවුනු බඩුමුට්ටු සියල්ලම ගෙනැත් දුන්නේ තොග මිලටත් වඩා අඩු මුදලකට. ගෙනා පොත්පත් පෑං පැන්සල් සියල්ලම එකක් ගානේ ගනං කරලා බාරදුන්නා. 






සිංදුගේ යාලුවාd


පැයකට වඩා ගිය මේ බඩු බාරදීමේදී ගනං නොකලේ පොත්වල පිටු ගාන විතරක් බවයි මට මතක. නමුත් සන්නිවේදන දෝෂ නිසා අපි විසින් ඉල්ලපු බඩුවලින් පැන්සල්, පෑන් ආදී සමහරක් සුළු දේවල් අපිට ලැබී තිබුනේ නෑ. ඒ නිසා ඒවා නගරයේ කඩේකිං ගන්න සිද්ධවුනා.




මේ ගෙනා බඩුටික පහුවදා ඉඳං පාර්සල් කිරීමේ වැඩේ තිවුනේ භාග්‍යා නංගී, චූටිමැණිකේ සහ මං යන තුංදෙනාටයි. ජනවාරි පලවැනිදා දවාලියෙං පටං ගත්තු උපකරණ පාර්සල් කිරීමේ මුල් අදියර වන එක් එක් දරුවාට දෙන උපකරණ වෙන් කිරීමේ කටයුත්තෙන් ටිකක් එදා ඉවර කරන්න පුලුවන් උනා. නමුත් මේ කටයුත්ත නියමිත කාලෙට අවසන් කරගන්න බැරිවෙන ලකුණක් අපට පෙනෙන්නට තිබුනා.



ඒ හංදා පහුවදාට උදේ පාන්දරම භාග්‍යා නංගී බණ්ඩාරවෙල ඉඳං බදුල්ලට ආවේ තමුංගේ නෑදෑ වන තවත් නංගි කෙනෙක්වත් අරගෙනයි. පින්තූරවලට පෙනී හිටින්ට වැඩි කැමැත්තක් නැති ඒ නංගිව අහුවෙලා තිවුනේ එකම එක පොටෝවකට විතරයි. ඒ කොහොම වෙතත් කලින් දවසේ වැරදිලා බෙදල තිවුනු ගොඩවල්වල වැරදිත් හදලා ඒ පාර්සල් වලින් කොටසක් ඩිමයි කොලවල ඔතන්නත් එදා දවසේ අපට පුලුවන් උනා. ඒ අතරේ හැන්දෑ වරුවේ මගේ නිල නිවසට ආපු අපේ කාර්යාලයේ කරුණාරත්නත් පාර්සල් වලට පොලිතින් යොදන්න උදව් කලා.



ඉරිදා දවසේ ඉතිරි වැඩටික චූටිමැණීකේත් මමත් අහවර කරන්න හිතං හිටියත් හැන්දෑවේ පහත් පහුවෙනකන් ඒ ගැන බලන්නවත් වෙලාවක් ලැබුනේ නැත්තේ අපි කුළුඳුලේ ගත්තු වාහනේ අලුත්වැඩියාවකට කාර්මිකයෙක්ව ගෙදෙට්ට ගෙන්නපු හිංදා (නැතුව වෙනිං මොකක්වත් හිංද නෙවේ) . අන්තිමට ඉතුරු පාර්සල් ටිතක් පොලිතින් දාලා ඉවර කරලා පන්ති වශයෙන් පෙට්ටිවලට අහුරලා ඉවර වෙද්දි රෑ දොලහටත් කිට්ටුයි.






මේ සියළු දේට තමංගේ කාමරේ ඉඩදීලා පැත්තකට වුන අපේ ටිකිරී සඳමාලී
සඳුදා උදේ පාන්දර අටට වෙද්දි කල්‍යාන මිත්‍ර, මේනක, හේමමාලි භාග්‍යා, චූටිමැණීකේ සහ මම යන සියලු දෙනා මේ තෑගිටිකත් අරගෙන ස්ප්‍රිංවැලි පාරේ කෝට්ටගොඩ උඩගම විදුහලට ගියා. 






නායයාමෙන් සුනුබුන් ගොඩක් බවට පත්වෙලා කාලයක් තිස්සේ පන්සලේ පවත්වාගෙන ගිය මේ පාසල නැවතත් වෙනත් තැනක ගොඩනැගිලා තියෙන්නේ කොරියානු ආධාර යටතේයි. අපි ගෙනගිය තෑගි තමුංගෙ කරට ගන්න දෙමව්පියන් වගේම දූ දරුවොත් පෙරමගට ආවා. 









වාහනයක් යන්න තරම් ඉඩ නැති ඉනිමගක් වගේ සීඝ්‍ර බෑවුමක් බැහැලා මීටර් දෙතුන්සීයක් ගියහම අපට මේ පාසලට එන්න පුලුවන් උනා. 





 
පිලිවෙලින් කල්‍යාන මිත්‍ර, මේනක, භාග්‍යා, චූටිමැණිකේ අංතිමට මම පාසලට යන පාරේ
 
කල්‍යාන මිත්‍ර සමග මේනක
කිලෝමීටර් හත අටක් දුරින් තියෙන බදුල්ල නගරේ පාසලකට යන්න තරම් වත්කමක් නැති දරු පැටව් හැට හත් දෙනෙක් මේ පාසලේ ඉගෙන ගන්නවා.


පාසලේ දොරකඩදිම අපිව පිලිගත්තේ පාසලේ විදුහල්පති කරුණාරත්න මහතා. ස්වෝත්සාහයෙන් ඉගෙනගෙන දැනට දරන පදවියට ආ නිහතමානී පුද්ගලයෙක් වන එතුමා අපිත් එක්ක සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව පාසලේ උදෑසන රැස්වීමට අපිව රැගෙන ගියා. 






 විදුහල්පති තුමා විසින් පිලිගැනීමේ කතාව කලායින් පස්සේ අපි වෙනුවෙන් දරුවන් ඇමතුවේ කල්‍යානමිත්‍ර තුමා. 


 
කල්‍යාන මිත්‍ර



අද පවතින ලෝකයට මුහුන දීමට ඉගෙනගත යුත්තේ මොනවාද යන්නත්, ගුණවත් නැණවත් දරුවන් පිරිසක් වන්නේ කෙසේද යන්නත් පිළිබඳ පැහැදිලිව දරුවන්ට කියාදී, විභාග මත සිය ජීවිතය තීරණය නොකරන ලෙස දරුවන්ට අවවාදයක්ද දුන් ඔහු නෙළුම්යාය බ්ලොග් සංසදය වෙනුවෙන් දරුවන්ගෙන් ඉල්ලීමක් කලේ ‘ඔබත් ඉගෙනගෙන යම් ස්ථාවරයකට ආපසු ඔබෙන් බාල පරපුරට මේ ලෙසටම උදව් කරන්න‘ ලෙසයි.



ඉන් පස්සේ දරුවන්ට තෑගි බෙදා දුන්නා. 




ඒ අවසන් වෙනවාත් සමගම නව වසරේ පලමු පාසල් වාරයට ගුරුභවතුන්ට වැඳීමට ගෙනා බුලත් අත් අපිටත් දීලා මේ දරුවො වැන්දා. අකමැත්තෙන් වුනත් ඒ කටයුත්තත් විඳගන්න අපිට සිද්ධ වුනා. 












 දෙමව්පියොත් අපිත් එක්ක කතා කලා


අපිට සතුටුවෙන්න තරමට දෙයක් අපි ඉෂ්ඨ කළ බවට ආත්ම තෘප්තියක් අපිටත් දැනුනා.





උත්සව සභාව අවසානයේ දී ස්තුති කතාව කළ පාසලේ එක් ගුරුභවතෙක් අපෙන් ඉල්ලීමක් කලේ හැකිනම් පාසලේ බුදුමැදුරක් තනාදෙන ලෙසයි. එය ලිපියක් මගින් කල්‍යාන මිත්‍ර හරහා නෙළුම්යාය වෙත ඉදිරිපත් වෙනවා ඇති.අපට ලබාදුන් තේ පැන් සංග්‍රහයත් භුක්ති විඳලා. පාසලේ සමරු සටහන් පොතේ සටහනකුත් තියලා 



කල්‍යාන මිත්‍රගේ අදහස් ලියන්නේ චූටි මැණිකේ



අපි ගෙනගිය සියළු දේවල් ඔවුන්ට දීලා, මතකය විතරක් ආපහු අරගෙන අපි එන්න පිටත් වුනා.







 අපි ආපහු එද්දි පාසල් වත්තේ මල් පිපී තිබුණා.




පසු සටහනක් විදිහට එකතු කරන්න බොහෝදේ අපිට ඉතිරියි. මේකට සම්බන්ධ වෙච්ච අපි අතරෙ තිවුන ලොකුම බැඳීම විශ්වාසය. ඒ මතින් ‍බොහෝ දුරක් යන්න පුලුවන්. දුරකථනයෙන් කතා කලත් දෑහැට නොදැක්ක කල්‍යාන මිත්‍රතුමාව මම මුලින්ම දැක්කේ මේ පාසලට යන්න කලින්දා රෑ හතට විතර. වැඩේ පටන්ගත්ත දා සිට ඔහු අපිට නායකත්වය ලබාදීම සහ අපි විසින් ඔහුව නායකයා හැටියට පිළිගැනීම මේ කටයුත්ත සාර්ථක වීමේ ප්‍රධාන හේතුවයි.



සින්දු ඇනෝගෙ ඇත්ත නම දන්නෙ නැති බවත්, ජීවිතේට දැකලා නැති වගත් කිව්වහම පාසල් උපකරණ ගෙනැත් භාරදුන් වෙළඳ මිත්‍රයාගේ ඇස් උඩගිය තරමත්, අපි සියළු දෙනාමත් එකිනෙකාව ප්‍රථම වතාවට දැක්කේ අද බව කියූ අවස්ථාවේ පාසලේ විදුහල්පතිතුමා පුදුමෙන් බලාසිටි අන්දමත් මගින් අපිට පෙන්වූයේ අපි අතර ඇති විශ්වාස කළ නොහැකි තරමේ විශ්වාසයයි.



මේ කටයුත්තට උදව්කල සියළු දෙනාම කවුරුන්දැයි දන්නේ කළ්‍යාන මිත්‍රතුමාය. එබැවින් මං දන්නා පරිදි මෙම කටයුත්තට ඉත සිතින් සම්මාදන්, දායකත්වය දැක්වූ සහ මග පෙන්වූ ඔබ සියළු දෙනාටම පිං දෙමි.

 

සයිබර් යායේ අපි එක් මිනිස්යායක මනුෂ්‍යයින් බව පෙන්වූයෙමු.

92 comments:

  1. නියම වැඩක් සුරංග. පොඩියට හෝ මේ වගේ දෙයක් කරන්න පුලුවන් එක ඒ දරුවන්ට සෑහෙන්න ලොකු උදව්වක් වේවි.
    අපි කරපු වැඩෙන් පස්සෙ ගත්ත ෆොටෝ දැක්කට පස්සෙ තමයි මටත් ඒ ගැන හිතාගන්න පුලුවන් උනේ.
    මේකට සහභාගි වෙච්ච උඹල හැමෝටම පිං.

    ReplyDelete
    Replies
    1. පින කියන්නේ හිතේ සතුට වෙන්ටැති. මට හිතෙන්නේ එහෙමයි. හැබැයි ඒ පින මාව බ්ලොග්ගරණයට ගෙනා සහ රඳවාගත් සැමටත් පිදේ.

      Delete
  2. ශ්‍රංග මහත්තයෝ පළවෙනියට බොහොම ස්තුතියි මේ වැඩේට සහභාගී වුනාට හා මෙච්චර උදව් පදව් කරලා හොඳින් නිම කලාට. ඇත්තටම කියනවා නම් අපි අපිම ස්තුති කරගමු හැමෝගෙම වැඩක් නිසා.
    පොඩි නිවැරදි කිරීම් ටිකක් තියේ.
    1. නෙළුම් යායෙන් බර පැන දරන්නට මට අමතරව චන්දිම විතාන ත් එකතු වුණා. වැඩිපුර යෙදෙව්වේ ඒ මහත්තැන්.
    2. මට පින්තුර වලින් භාගයක්ම පෙනේනේ නැත. කමියා හා පූසා ඉන්න පින්තුර පෙනේ.
    3. මගේ නම ගාවින් ඇති තුමා කෑල්ල අයින් කරනු මැනවි. නැහ්නම් මේ ගොබිලෝ හිතයි මාත් දියවන්නාවේ කියල. කමියාට කිව්වට කමක් නැත. කමියා චන්දෙ ඉල්ලන්නට බොහෝම ඉඩ තිබේ.
    4. මෙය මගේම අදහසක් දැයි හිතීමට අමරුය. මුලින්ම අපි කලේ කඳුකරයේ තේ වත්තක පොත් බෙදා දීමයි. ඉන්පසු කුරුටු ලා තනියම පටන් ගත් වැඩේට දායක වීමයි. ඉන්පසු කමියා ට වැඩේ යෝජනා කෙරුවෙමු. ඕනෑම හොඳ දෙයක් මේ උතුම් සත් ගුණවත් හිටප නාවික නිලධාරියා හරහා කර ගත හැකි දැනන් සිටි නිසාය.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැ වගේ කෙනෙක් දියවන්නාවට ගියොත් ආං එදාට ලංකාවත් රටකි. මං කාටහරි මහත්තයා, තුමා ආදී ලෙස අමතන්නේ හැබෑටම ගරු කිරීමටයි.
      ඒක හිංදා ඒ ඇමතුම සතුටිං බාරගන්ට

      Delete
    2. දියවන්නාවට ගියොත් අපිත් එහෙමම වෙයිද දන්නේ නැහැ. :) ස්තූතියි සුරංග. ලංකාවේ ඔය ඔබතුමා කියන එක කියනව තමයි. එකිනෙකාට කතා කරන කොටත් නේද?

      Delete
  3. මෙව්වා හොඳ වැඩ....

    අර බුදු මැදුරු හැදිලි, බුලත් දීලා වැඳිලි තමයි දිරවන්නේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒක ළමයින්ට දිරවයි
      බොට නැතිවට

      Delete
    2. මාතලන් .. උඹට අයිති හතරමායිමේ ඕනෑතරම් උම්බෑ කියහන්..හැමතැනම උම්බෑ කියන්න එපා හත්තිලව්වේ.. උඹ ගොනා කියල හැමෝම දැනගන්නවා ඔහොම කරොත්..

      Delete
    3. හතර වටෙටම උම්බෑ නොකිය කොහොමද බ්ලොග් සම්මාන ගන්නෙ

      Delete
    4. මාතලන් ඇත්තටම කියතොත් උනේ මේකයි. විදුහල්පතිතුමා රැස්සීම අන්තිමට තමුංගෙ ගුරු මණ්ඩලේ භවතෙක්ට කිව්වා ස්තුති කතාව කරන්න කියලා. ඒ භවතා හිතුවා මුංනං හෙනම සල්ලිකාර රැලක් කියලා. එහෙම හිතලා ස්තුතිය වෙනුවට කිව්වේ ‘බුදුමැදුර හදාදෙන්න‘ කියලා. ඒ වෙලේ තැනට සුදුසු නුවනිං අපේ කමිතුමා කිව්වා ‘ලියුමක් ලියලා දෙන්න. හැකියාවක් ලදොත් කරදෙන්නං‘ කියලා. මොකද ඒ වෙලාවෙ ‘අපිට බෑ. අපි දෙන්නෑ. ඔයිට වඩා වැඩ නැද්ද‘ කියන එක සුදුසු මදි නිසා. අනික අපි හතරපස්දෙනාට වඩා ලොකු පිරිසක් මෙතැන්ට සම්බන්ධයි. අපේ මතය ඒ අයගෙ මතය නොවෙන්න පුලුවන්. ඔය සේරම හිංදා ‘මේං මෙහෙම උනා‘ කියල වාර්තාකරණයක් පමණකි අපි කලේ. කිසිවක් කරන්නට අපි බාරගත්තේ නෑ.

      ලමයි ලවා වන්දවා ගැනීමට අපේ කාගෙත් කැමැත්තක් නැත. කරගන්න දෙයක් නැතුව කමිතුමාත් විදුහල්පතිතුමා ලඟ හිට විදුහල්පතිට වඳින දරුවංගෙ ඔලු අතගෑවා පමණි. කොහොමත් අපි ගිය වැඩේ කලා මිස එතැන දේවල් වෙනස් කරන්න නොගියෙමු.

      Delete
    5. //කොහොමත් අපි ගිය වැඩේ කලා මිස එතැන දේවල් වෙනස් කරන්න නොගියෙමු.//
      ඔන්න ඔය කොටහට මම ගොඩක් මනාපයි. මොකද කීයක් හරි දීලා මොකක් හරි කලාම ඔක්කොම අපිට ඕන විදිහට හසුරුවන්න තමා ගොඩක් ය උත්සාහ කරන්නේ, එතන තියෙන්නේ යමක් කිරීමේ පරමාර්ථය නෙවේ එතකොට

      Delete
  4. මේවාට සහභාගී වීමට අප වැනි අවශේෂ ඈයින්ටත් අවස්ථාවක් ලැබුණොත් පැහැර හරින්නේ නම් නැත.

    ReplyDelete
    Replies
    1. අවස්ථාවක් දෙන්න අවස්ථාවක් තියෙනවා :)

      Delete
    2. ඉයන් ඉන්න පැත්තේ එකක් සංවිධානය කරමු. දැන් අපි කඳුකරයට ගියා . කුරුටුල විදානේ ලා රතනපුරේ වැඩක් කලා. කමියල සුරංගල බදුල්ලේ කලා. යාපනේට වුනත් යන්.

      Delete
    3. ඔව් මේ ලංකාවෙ තව කොයිතරං දුස්කර තැන් තියෙනවද? මට පේන විදිහට මිනිස්සුන්ට පිංකරන්න උවමනාවයි මුදලුයි දෙකම තියෙනව. නමුත් වෙලාවයි මගපෙන්වීමයි නෑ. මේ බව සැලුන්නෙකේ අයියා, එලෝලු මුදලාලි, අපේ මැඩම්, ඔපිසියෙ අය ආදීහු කියාපෑහ.

      Delete
    4. මම ඔයාලගේ විස්තර දැක්කේ අහම්බෙන්. පුදුම සතුටක් හිතට දැනුනා. මේකට සම්බන්ද වෙන්නේ කොහොමද කියල කියන්න.

      Delete
  5. //අපි ආපහු එද්දි පාසල් වත්තේ මල් පිපී තිබුණා.//
    පාසල් වත්තෙ මල් පිපෙව්වාට බොහොම පිං!

    ඒක නෙවේ ශ්‍රංග. මොකද මේ පින්තූර දෙක තුනක් හැර අනික්වා පේන්නෙ නැත්තෙ?

    ReplyDelete
  6. අනේ පිංසිද්ධ වෙච්චාවේ... කරන්න කලින් පොඩි පෝස්ට් කෑල්ලක්වත් දැම්මනම් කැමති උන් සම්මාදං වෙයල්ලා කියලා, අපිටත් තිබුනා ඇහැක් හැටියට කණක් අදින්න...

    ඉස්සර තිබුනා "සයිබර් යාය" කියලා බ්ලොග් එකක් ( තිබුනා කිව්වට තාම තියනවා ) ඒකෙ ඇඩ්මින් තුමත් ඉස්සර කට්ටියව එකතු කරන් ඔය වගේ පිං අතේ වැඩ එමට කළා.. පස්සේ එයාටත් ධර්මපාල තුමාට වෙච්ච වැඩේ වෙලා, පිං කරණ එක නවත්තලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. /පස්සේ එයාටත් ධර්මපාල තුමාට වෙච්ච වැඩේ වෙලා, පිං කරණ එක නවත්තලා දැම්මා.../
      +++++++++

      Delete
    2. 'සයිබර් යාය' ඒ මොකක්ද බං ඒ බ්ලොග් එක.

      Delete
    3. ඈ බන් ප්‍රසෝ, උඹට ඔය ටිකට ඒකත් අමතක් වුනාද ?

      http://cyberyaya.blogspot.com/

      Delete
    4. හැක්.. හැක්.. අමතක වෙලා නෙමෙයි බං. ඒක එහෙම අමතක කරන්න පුලුවං එකක් නෙමෙයිනෙ.

      Delete
    5. මාත් ගීං බලන්නෝනි

      Delete
    6. ගිහිල්ලා බලහන්..... උඹ නොකා නොබී කියවන බවට මෙන්න කැට... හෙහ්..

      Delete
    7. කියල වැඩක් නෑ...!

      Delete
    8. ඒ බ්ලොගය නියමයි. අදයි කියවන්න පටන් ගත්තේ.

      Delete
  7. මචං.....................

    වැඩේට මුලින් ම හදවතින් ම සුභ පැතුම්... මේවා අපේ යුතුකම්.... අපිට අැති සම්පත් භාවිතා කරලා කරන්නට හැකි දේවල් කොහොමින් කොහොම හරි කරනවා නම් ඒක ලොකු දෙයක්..

    මේ පුංචි උන්ගේ මූණු වල තියෙන සතුට දැක්කා ම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ තමයි..... ඒ තමා අපිට තියෙන ඒකම සතුට නේද මචං.... මොනවා වුණත් වැඩේට ඒකතු වුණ හැමෝට ම පිං කියලා තමා කියන්න තියෙන්නේ.......

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹලා තමයි අපිව මෝටිවේට් කරේ. :)

      Delete
  8. Niyamayi sura malli.....pin sidda wenawa...... eelaga wadak math kiyapan male..... anduwe rassawa karala ganna sochchamen noweyi part time karala duk mahansiyen hamba karana deyin maath sammadam wennam.... suranga... menaka.... wage api puncchi kale wage ada kale duk vidina punchi ekekuge hithak mohothakata hari sathutu karanna hakinam..... angathayata munadenna unge hith pannara karanna hakinam eeka lokuuuuu pinak... budu saranayi

    ReplyDelete
  9. Niyamayi sura malli.....pin sidda wenawa...... eelaga wadak math kiyapan male..... anduwe rassawa karala ganna sochchamen noweyi part time karala duk mahansiyen hamba karana deyin maath sammadam wennam.... suranga... menaka.... wage api puncchi kale wage ada kale duk vidina punchi ekekuge hithak mohothakata hari sathutu karanna hakinam..... angathayata munadenna unge hith pannara karanna hakinam eeka lokuuuuu pinak... budu saranayi

    ReplyDelete
  10. පොත් බෙදා දෙන අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුන එක ගැන නම් දුකයි මේ ෆොටෝ ටික දැක්කාම ..අවුලක් නැ .කෙටි කලක් ඇතුලත සංවිධානය කරලා වැඩේ සාර්ථකව කරපු එකම ඇති ...උඹලා හැමෝටම ස්තුතියි ...

    නොපෙනෙන දෙනෙතට
    දෙනෙතක් විය හැකි නම්
    හඬ නැති මුවගට
    කටහඬ දිය හැකි නම්
    අහිමිවු දෙපයට
    පා යුග විය හැකි නම්
    පොඩි මිතුරෝ
    මම නුඹ සිප ගන්නම් ...
    .

    කළුවර අහසේ සඳක් වෙලා
    පැල එළි කළ හැකි නම්
    නියං සමේ මහ වැවක් වෙලා
    වාන් දැමිය හැකි නම්
    පොඩි මිතුරෝ
    මම නුඹ සිප ගන්නම් ...

    මං පෙත මහ නුග තුරක් වෙලා
    සෙවණ සැදිය හැකි නම්
    දාහය දුරලන පවන් සලා
    සුළඟක් විය හැකි නම්
    පොඩි මිතුරෝ
    මම නුඹ සිප ගන්නම් ...
    .

    ගී පද - සුනිල් ආරියරත්න
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නන්දා මාලිනී

    ReplyDelete
  11. පින්තූරු දෙක තුනයිනේ බන් පේන්නේ. අනික්වත් අපිට පේන විදිහට දාහන්කො. ඊළඟ වතාවේ මෙව්වා සංවිදානය කරනකොට අපිවත් සම්මාදම් කරගන්න අමතක කරන්න එපා ඕන්. මේ පින් අතේ කටයුත්ත සංවිධානය කරපු හැමදෙනාටම තෙරුවන් සරණයි. බුදුමැදුර හදන වැඩේට අනිවාර්යෙන් සම්භන්ධ වෙන්න මමත් එකෙන්ම රෙඩි.

    ReplyDelete
    Replies
    1. එළකිරි. එහෙමනම් ඒ වැඩෙත් කරලා දෙන්න පුළුවන් වෙයි. :)

      Delete
  12. සුභ පැතුම්.. ක. මි. හරි සංවිදායක මණ්ඩලේ කවුරු හරි මට තමන්ගේ ඇත්ත විස්තර දන්වා විද්‍යුත් ලිපියක් එවන්න. ඊළඟ වැඩේට උදව් කරන්න කැමතියි..

    ReplyDelete
    Replies
    1. අපි කවිඳු ගැනත් කතාවුනා වැඩේ කරද්දී.. ඒත් කලබලේට කන්ටක්ට් කරගන්න බැරි උනා. මන් ඊයක් එවන්නම්.

      Delete
    2. කවිඳු බදුල්ලේ නෙමේ අරලගන්විල කියලනේ කිව්වේ. පස්සේ තමා දන්නේ.

      Delete
  13. වැඩේ ලස්සනයි.පිංතුර දෙකතුනක් ඇරෙන්න ඉතුරුවා පෙනෙන්නෙ නෑ .

    ReplyDelete
  14. අර පොඩ්ඩන්නෙ පොඩ්ඩියන්නෙ හිනාව දකින එකම ඇති හිත පිරෙන්න..
    පොටෝ බලන්නට බැරිය තුන් හතර පාරක් රිෆ්‍රෙෂ් කරලත් ටෛා් දෙක්කට වඩා පේනනේ නැත
    ඒක හදන්ඩෝ අපිටත් ඔක්කම බලන්ඩෝ

    ReplyDelete
  15. එළකිරි වැඩේ ශ්‍රංග . පොටෝ පෙන්නේ නැත්තේ මට විතරද?

    ReplyDelete
  16. සුරංගයෝ ..

    මේ වැඩේ මේ තරං හොඳින් සංවිධානය කරන්න මුල ඉඳන්ම වෙහෙස මහන්සි වෙච්ච ඔබ තුමාට මුලිංම අපේ ගරු බුහුමන දක්කන්ට ඕනෑය. චූටිමැණිකේ සහ භාග්‍යා නංගිටත් එයාගේ යාලුවටත් සින්දු ඇනෝ සමග ගොඩේ කතා යාලුවටත් ,සුදුම සුදු කළුයාන මිත්තරයටත් මගේ ආදර ගෞරව ය හිමිවෙන්ට ඕනය . ඒ වගේම නෙලුම් යයටත් උසම උස අජිත් අයියටත් චන්දිම සහ කල්යානගේ යාලුවාටත් මෙත්මා සහෝදරීටත් ඒ ගෞරම්වය එහෙං පිටින්ම යන්ට ඕනෑය.
    එහෙනම් අපි ඔක්කොටම ජය වේවාය .
    පින්තුර වලිං බාගෙට බාගයක්මේ පේ න්නේ නැති ගැන හදපිරි සොවින් කල් ගෙවමිය

    ReplyDelete
    Replies
    1. අපි එකම රෑනෙ කුරුල්ලෝ//
      මේ පාරාදීසේ...
      නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
      වරෙල්ලා...මේ රෑනේ..

      මදු තියලා දැල් එළලා
      නෑ පැටලෙන්නෙ අපී
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා...මේ රෑනේ...

      තටු ලැබුනේ පියඹා යන්නයි
      කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා...මේ රෑනේ...

      ගායනය - විජේසුන්දර වේරගොඩ

      Delete
  17. හොඳ වැඩක්. බොහොම හොඳයි.

    පින්තූර දෙක තුනක් විතරයි පෙනෙන්නේ. බ්ලොග් එක රීලෝඩ් කරලා බැලුවා කීප වතාවක් ඒත් හරිගියේ නැහැ. පින්තූර සංස්කරණය කරන මෘදුකාංගයකින් විභේදනය අඩු කරලා නැවත උඩුගන්වන්න.

    ReplyDelete
  18. 403. That’s an error.

    Your client does not have permission to get URL /Gr4JELrRUAzC6Fl5DPtb4RL7PLedgJojI9jDGgk3W0g5i9gGXe-OOCdpj909Mar3JXilxQ=s400 from this server. (Client IP address: 123.231.101.107)

    Forbidden That’s all we know.

    ඔන්න ‍ඕකයි ෆොටෝ වල තත්වෙ.

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව, සුරංගය හොඳටම සූර් වෙච්ච වෙලාවක චූටි මැණිකෙගෙ අතට අහුවෙලා වෙච්ච සන්තෑසිය සටහන් වෙච්ච කාටුන් පිංතූරෙකුත් තිබ්බා...

      Delete
    2. චූටි මැණිකෙ ඌව ඩි ඇසෙම්බල් කරල ඇණ මුරිච්චි වලටම. හැක්..

      Delete
    3. ඔය පින්තුර වල කේස් එක ටිකිරි සදමාලි ගේ කුමන්ත්‍රණයක්.. හැක්

      Delete
  19. මේ යහපත් වැඩේට දායක වෙච්චි සියළු දෙනාට ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ශක්තිය සහ ධහිරිය ලැබේවා !!!!!
    කල්‍යාණ මිත්‍රව ෆොටෝ කෑල්ලකින් හරි මට පෙන්නුවට සුරංගට පිං. ඒ වගේම එයා නංගිල එක්ක චැට් කරනව කියල ප්‍රසිද්ධ කල එකටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇයි නංගිලා විතරක්? පොට්ට අයියලා එක්කත් චැට් කරනවා..හැක හැක..
      උඹවත් කාලෙකින් පොටෝ එහෙකින්වත් දකින්න නම් බැරිඋනා..

      Delete
  20. ඔක්කොමලා එකතු වෙලා ලොකු පිනක් කරලා තියෙනවා..
    රැල්ලක් නෙමේ කැරැල්ලක් දිගටම මේ වගේ පින් අතේ වැඩ කරන්න හැකියාව ලැබේවා!!!
    ජය වේවා!!!
    (අපිටත් පුලුවන් කාලෙක මේ වගේ වැඩකට සම්මාදන් වෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ පොටෝ ටික ඔක්කොම පේන්නෑනේ...

      Delete
  21. ශ්‍රංග.. ඉස්සෙල්ලම ඔය බොරෝ පිම්බිලියි තුමා තුමී කෑලියි ටික අයින් කරහන්. එතකොට පොටෝ කලි ටිකත් පෙන්නේ ගනියි. ;p

    සින්දු ඇනෝ කලමුදල් පරිත්‍යාගය ගැන මෙතන මතක් වෙලා නෑ.. ඒ වගේම මගේ අතින් ලොකු මුදලක් ගියේ නෑ. ගොඩක් පරිත්‍යාග අවසන් මොහොතේ ලැබුණු නිසා සියලුම මුදල් වියදම් වෙලත් නෑ. ගිණුම් විස්තරයක් ඊට දායක වෙච්ච අයට හැකි ඉක්මනින් විද්‍යුත් ලිපියක් මගින් දන්වන්නම්.
    අතිශය කාර්යබහුල 'නිවාඩුවකින්' පස්සේ අද තමයි වැඩට ආවේ. වෙලාව ලැබෙන විදියට හැමෝටම රිප්ලයි දැන්නම්. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි නැවතත්.

    ReplyDelete
  22. මාතලං කිව්ව වගේ, බුදු මැදුරු හැදිල්ල නං එච්චර... අනේ මන්දා.

    මං කියන්නෙ සීමිත මුදලකිං කරන්න පුළුවං හොඳමදේ තමා ඉගෙන ගන්න ළමයින්ට උදව් කිරීම. හොඳ හදවතක් ඇති ළමයි බිහිකිරීම වැදගත්. ඒකට බුදු මැදුරක් නං ඕන් නෑ. බුදුන්ගෙ අඩිපාරෙ යන්න, බුදුන් යැයි කියන කොන්ක්‍රීට් හරි මැටි හරි රූපෙයක් වීදුරු කූඩුවක දාල ප්‍රදර්ශනය කරන්න ඕන් නෑනෙ. ඒ සල්ලි වලිං අර දුප්පත් ළමයෙකුට ටවුමෙ ඉස්කෝලෙකට යන්න උදව් කරනවනං ඊට වඩා හොඳා.

    අනික, වැඳිල්ල... මං නං දුවනව පැත්ත පළාතෙ නොහිට, කවුරු හරි බුලත් අතක් අරං ආවොත් මට වඳින්න. අපේ ළමා පරම්පරාව හදන්න ඕනෙ කොන්ද පණ ැතුව. මං කාටහරි වඳින්නෙ උන්දැ මට වඩා හොඳ මනුස්සයෙක් නං විතරයි. ඒ අතිං අපේ පංසලේ හිටිය නායක හාමුදුරුවොත් මගෙං නං වැඳුම් ලබාගෙන නෑ. දවල් දවසෙ ඇබිත්ත කොල්ලො, පංසලේ ඉන්න බැල්ලියො, අහල පහල කණවැන්දුම් ගෑණු, එකෙක්ටවත් ඉන්න නොදෙන, හෙයාකට් එකයි කහපාට යුන්ෆෝම් එකයි, කටේ ගාගත්ත පාලි යි බුලත් විටයි නිසා විශේෂිත කෙනෙක් හැටියට පෙනී හිටින දෙබිඩි ප්‍රතිරූපී පෘතග්ජනයෙකුට මං මොකටද වඳින්නෙ?

    ReplyDelete
    Replies
    1. උඩිං පල්ලෙන් කියවගෙන යද්දිත් මට හිතුනෙ ඔය ටිකමයි...

      ( උඩිං පල්ලෙන් කියෙව්වෙ වෙලාව අඩුකම හින්ද බව සලකන්න.. පින්තූර නං ටිකයි පේන්නෙ... අර නමකුයි වාසගමකුයි දෙකක්ම තියෙන පූසා මට මතක් කළේ සමහර ළමා පරිවර්තන වල ගෙදර කට්ටියගෙ වාසගම බලු හෝ පූස් සුරතලාටත් දාලා කතා කරන හැටි... )

      Delete
    2. draki හා කව්ශි ගේ අදහසට මාත් එකඟයි. බුදු මැදුරක් පොඩියට හදනවනම් ඒත් කමක් නැහැ. හුඟක් ලොකුවට ඕවත් හදන්නේ. බුද්ධාගමේ හොඳ පොත් ටිකක් පුස්තකාලෙට අරන් දුන්නනම් ළමයින්ට කියවනං වඩා හොඳයි.

      Delete
    3. පුස්තකාලෙකට පොත් අරං දෙන වගේ වැඩක් කරන්න ලෑස්ති උනොත් මටත් පොඩ්ඩක් කෝල් එකක්/මේල් එකක් වගේ දෙන්න... ලොකු දෙයක් කරන්න බැරි උනත්, මොකක් හරි කරන්න බලන්නම්...(වැඩේ කියන්නෙ ඔය පුස්තකාලවලට පොත් අරං දෙන දාන මාන කරන්න පටං ගන්න ගොඩක් කට්ටිය දෙන්න හිතන්නෙ අධ්‍යාපනික පොත් පත් විතරයි... අ‌නේ මන්ද මාත් ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලවල පදිංචි වෙලා හිටපු එකෙක්.. ඒවයෙ නව කතා, කෙටි කතා, චිත්‍ර කතා, පරිවර්තන, මුතුහර, මනහර, වගේ ඒවා කටපාඩං කළත් ( කියවන්න ආස නැති උන්ට ඔය කොලරා කාලේ ආලේ වගේ පොත් බුක් මාක් කරගෙන ගිහින් දීලා උන්ටත් පොත් කියවන්න පුරුදු කරපු එක වෙන පිනක්.. හි හි ) අධ්‍යාපනික පොත් තියෙන පැත්තට ගියෙ උසස්පෙල ව්‍යාපෘති කරන කාලෙ විතරයි... ඒවා තියෙන්නෙ ලස්සනට දිලිසි දිලිසි තියන්න විතරයි.. ) කොහොම උනත් ඔය කොන්ක්‍රීට් වලට වඩා මිනිස්සු හැදෙන්නෙ පොත් පත් වලින්....

      Delete
    4. හිරුවා එක්ක මාත්...

      Delete
    5. මිනිස්සු වෙන වෙන සෝබන වලට ලක්ෂ ගනන් නිකරුනේ වියදම් කලාට මේවට සත පහක් වියදම් කරන්න කැමති නෑ.මම මේ වගේ වැඩක් කරන්න මාර කට්ටක් කෑවේ.අම්මා තාත්තා නැති ඉස්කොලේ එක වසරට ඇතුලත් වෙන්න හිටපු දරුවෝ කිහිප දෙනෙක් මම හොයාගත්තා.බලා ගන්නේ ආච්චි අම්මා හෝ සීයා.මුලින්ම ඉස්කෝලේට යන්න ආශාවෙන් හිටපු ඒ දරුවන්ට අදින්න පාසල් ඇදුමක්වත් නැ,පොත්,සපත්තු,බෑග් නෑ ගොඩක් අසරණ වෙලා හිටියා.අපි කිහිප දෙනෙක් එකතු වෙලා මේ දරුවන්ට උදව් කරන්න හිතලා පංසල් වල ලොකු පිංකම් කරනකොට ලක්ෂ ගනන් ආධාර කරන මුලින්ම නම කියවෙන අය කිහිප දෙනෙක් මුන ගැහිලා මේ ගැන කියලා උදව්වක් බලාපොරොත්තු වුනා.ම්හ් සත පහකට ගනන් ගත්තේ නෑ.ඇත්තෙන්ම මේ අය බුදු බන දන්නේ නෑ.පිංකම් කියලා හිතලා ගොන්කම් කරනවා.බුදුන් වහන්සේ හිටියනම් මේ අයට මේවා පහදලා දේවි.ලොකු පිංකම් කලාට මේ අයගේ හිත් පිරිසිදු නෑ.මේ අයට තමයි බුදු දහමේ එක ඇහැක් විතරක් ඇති පුද්ගලයෝ කියලා කීවේ.

      Delete
    6. /”මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. ”එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”/

      උපුටා ගැනීම - කන්ද උඩ දේශනාවෙන්...

      Delete
    7. කවුශි තරු රසී පොත් වගයක් ඉල්ලලා තිබ්බ බුකියේ. එයා යන ඉස්කෝලෙක පුස්තකාලෙට. මමත් කැමතියි මේ ඉස්කොලෙටත් පොත් ටිකක කතා පොත් වුනත් දෙනවට.

      Delete
  23. උඹල සෙට් එක කරපු වැඩේ නං ඇත්තටම අගෙයි. පපුව මාර සැහැල්ලු උනා මේක කියවීමෙනුයි (පිංතූර දෙක තුන බැලීමෙනුයි)...

    ReplyDelete
  24. පිංතූර ටිකත් ආපහු බලන්න පුළුවං හැටියකට දාං...

    ReplyDelete
  25. සෙන්නා කියපු විදිහට අපිටත් සහභාගී වෙන්න තිබුනනම් හොඳයි තමා. අවු 10ක් පමණ කාලයකදී තිස් හතලිස් පාරක් යන්න වුන නිසා බදුල්ල ප්‍රදේශය ගැන විශේෂ ඇල්මක් තියනවත් එක්ක ( යන පාර ගැන නම් එහෙමටම ඇල්මක් නෑ ඒක හදන කාලෙත් යන්න වුන නිසා ) ඒවගේම පූසාතුමා ඇතුලු බ්ලොග් උතුමන් හුඟකගේ ගම් පලාත හෝ වැඩ පලාතනෙ .

    අජිත් කියනවා වගේ KMතුමාගෙ චන්ද වැඩවලටවත් සහභාගී වෙන්න බලාපොරොත්තුවෙනව.

    මේ කටයුත්තට සහභාගීවූ සියල්ලන්ට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. KM තුමාට පක්ෂයක් හදල දෙන්න වෙනවා.

      Delete
    2. KM තුමාට අලුත් පස්සයක් එපා.. තියෙන පස්ස රැක ගෙන ඉන්න දීපල්ලා..

      Delete
  26. මම මේ ලිපියේ ඇති කැමතිම කොටස තමා "අපි ආපහු එද්දි පාසල් වත්තේ මල් පිපී තිබුණා" කියන කොටස. බදුල්ලේ නොවුනත් ඊයක් එව්වොත් ඊළඟ වැඩේට දායක වෙන්න කැමතියි.

    ReplyDelete
  27. බුදු මැදුරු හදන්න.. මෙච්චර කන්න නැති යන්න බස් නැති උන්ට.. අනේ මං හොදවැයින් කුනුහරුප කිව්වයි කියල කියපං ඒ මෝඩ ගුරුබවතාට.. උමලගෙත් ධර්මය ඉහවහා ගිහින් නැතිය කියල හිතනවා.

    යකෝ මාත් බදුල්ලේ වෙච්චි, බදුල්ලේ ගැවිච්චි එක්කි.. තොපි කියන්න එපායැ මටත්.. හැක්.. මං එනවා අනිත් ඒවට ආව වගේම.. හැක්..

    වැඩේ බෝම හොදයි. අර හෙළ කලුවා කලු කමියා ගැන බෝම සුපසන් හැගීමක් ආවා පින්තුර දැක්කම.. හැමෝටම ජය වේවා..බෝම හොද වැඩක්..

    උඹගේ අච්චම්මා ට කියහං කරපු දේ..

    අනිත් එක දුප්පත් අයට තෑගි දෙනව නං හිතේ ගින්දර අඩු වෙන්න නිවාඩුව ඉවර වෙන්න කලින් දෙනන එපැයැ..

    ReplyDelete
  28. වැඩේ නම් සුපිරියි..... මම ඉතින් බුකියේ ඉන්න එකියක්ය? ඒ මදිවට ගිය දවස් ටිකේ නෙට් එකත් පැටලිලා තිබ්බේ. අපිත් කැමතියි දායක වෙන්න. ඊළඟ එකේදී පොඩ්ඩක් දන්වන්න. නැතිනම් කොහොමත් මම සල්ලි ටිකක් එවන්නම් ඊළඟ එකට ගන්න. විස්තර එවනවද?

    ReplyDelete
  29. එලකිරි වැඩක්.ඔය වගේ වැඩකට පස්සේ හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැනේ.

    ReplyDelete
  30. වැඩේ නම් අපූරුයි පොඩි නම..ඒත් XX XXXX XX කියල කිව්වලු ලොකු හාන්දුරුවො...විහිලුවට හොඳේ සුරා.....බොහොම ලස්සන වැඩක්..අර පොඩි එවුංගෙ හිනාව දැක්කත් හිත පිරෙනව.

    ReplyDelete
  31. මේ පින්තුර සෙට් එකේ හත්වැනි එකේ ඉන්නේ චුටි මැනිකේද? ආයුබෝවන් කිව්වා කියන්න. සඑතකොට සුරංග ඉන්නේ පළමු පින්තුරේද? පාර්සල් හදනන් 6 වැනි පින්තුරේ කවුද?

    ReplyDelete
    Replies
    1. සුරංග ඉන්නෙ බැබළි බැබළී 28 වෙනි පිංතූරෙ දකුණු පැත්තෙ. වම් පැත්තෙ ඉන්න තප්පදෝරුව බාගයා වෙන්නැති. (බාගයා ඔහෙම නං, සම්පූර්ණ එකා කොහොම ඇද්ද?)

      Delete
  32. ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. ඉහලින්ම අගය කරනවා සම්බන්ධ වී දහඩිය මහන්සිය පුදපු සැම දෙනාටම.

    තමන්ට ලැබුනු තෑගි තුරුලු කරගෙන ඉන්න පොඩි උන්ගේ සතුටු මුහුනු පොඩි දකිත්දි උඹලා විශාල පිනක් කරගත්තා කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑ....

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉයන් ගෙ අදහස හොඳා. හදමුද බ්ලොග් ෆෙඩරේෂන් එකක්?

      Delete
    2. මේ ඉයන් කියන විදියටනම් මේ වගේ වැඩ කරන්න බැහැ. හොදම විදිය තමය් ශ්‍රන්ග ල කරපු විදිය. අයිඩියා එක ආව. දන්න කියන දෙතුන් දෙනෙකුට කිව්වා, පුලුවන් තරමින් වැඩේ කලා. ඕක තමයි වැඩක් කෙරෙන ක්‍රමය.
      මමයි මගේ මහත්තයයි අවුරුදු පතා මේ දේ කරනව. සැප්තැම්බර් මාසෙ තමයි කරන්නෙ. හේතුව book exibition එකෙන් අඩුවට stationary ගන්න පුලුවන් නිසා.
      අපි දෙන්න නම් පවුලෙ දෙකේ අයට කියනව අපි මෙහෙම දෙයක් කරනව කැමති දෙයක් දෙන්න කියල. මූලික බර පැන අපෙන්. එකතු වෙන දේවල් වලට තව අඩු පාඩු තියෙනම් ඒවත් අපි ගන්නව. ඉස්කොලෙට ගිහින් ලමයින්ට දෙනව..

      මේ වගේ දෙවල් වලට කැමැත්ත තියෙන අය කරන්න ඔනෙ තම තමන්ට පුලුවන් හැටියට එක ලමයෙකුට හෝ උදව් කිරීම මිසක් මිනිස්සු ගොඩාක් එකතුකරන් සන්විදාන් හදාගෙන account open කරගෙන ලොකුවට කරන්න plan කරන එක නෙවේ. කරන්න පුලුවන්නම් හොදයි. එත්
      not practical.

      Delete
  34. hondha wadak sambandha una samata pin.
    kamiwa (photo wala) dakeema sathutak.
    Eyange idea eka hondhai, mamath like oyawage good work walata smmadham wenna.

    Sranga liyapu okkoma posts kiyewwa,
    okkoma lipi (haasya piri) hari rasawath harawath lesatama liyala thiyanawa. Suangawa sammanekata baajanaya kireema agaya karanawa.
    aththatama Surangage gamata gihilla balanna hithena tharamata a lipi tika hithata sameepa unaa. ...


    Srangatath, maniketath, blog team eke siyalu denaatath labuwaawu nawa wasara
    subama suba wasarak wewaai kiyaa prarthana karanawa.....!!

    ReplyDelete
  35. දැන් හොඳයි. ඔක්කොම ෆොටෝ පෙනෙනවා..

    ReplyDelete
  36. හැමෝගෙම මහන්සියෙන් හුඟක් වටින දෙයක් සිද්ද වෙලා තියෙනවා. ඇත්තටම අගය කරනවා මේ කරපු දේ.

    ReplyDelete
  37. 7 පින්තූරෙ දැක්කම මතක් වෙනව, අර රොබින් හුඩ් කියන්නෙ රා පොල්කට්ට උඩට උස්සලා, "මේ... හර්න් පොටක් දෙන්ඩ" කියලා - අන්න ඒක...

    ReplyDelete
  38. චූටි මැ‍ණිකෙගෙ අකුරු හරි ඇකඩමික් ගතියයි. "අලි දයන්න" කියල කාඩ් එකක් වදියි ද දන්නෑ...

    ReplyDelete
  39. සමහර කමෙන්ට් කියෙව්වම හිතෙනවා අපි හොඳ වෙලාවට මේක කරලා පොස්ට් එක දැම්මේ කියලා . නැත්තං අන්තිමට හිත නරක කරන් ඉන්න විතරක් සිද්ධ වෙන්නත් තිබ්බා .

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මචෝ ..අනික ගොඩක් ප්ලැන් කරලා කරන්න යන වැඩ ඇදී ඇදී යනවා කතා කරලාම ..ඒ කාලේ අපි ට්‍රිප් ගියාවාගේ .මුලදී 10ක් හිටියානම් යන දවස වෙනකොට ඉන්නේ 2යි ...හැක් හැක්

      "වරකා නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
      ගොජබි ඩයල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
      සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
      අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු"

      Delete
  40. මේ වැඩේට ඈත ඉදං හරි සම්බන්ධ වෙන්න පුළුවන් එක ගැන සතුටුයි. ලංකාවේ හිටියනම් අනිවාර්යයෙන්ම එනව ඉස්කෝලෙට යන්න. පොඩි එවුන්ගේ මූණු ටික දැක්කම සතුටේ බැරුව.

    ReplyDelete
  41. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2279-2016-01-06-23-58-27

    ReplyDelete
  42. කිසිම උදව්වක් නොකළ මටත් පින් අනුමෝදන් කලාට ස්තුතියි සුරංග. ඊළඟ නිවාඩුවට ආවම හමු වෙන්න එනවාමයි . ජය !

    ReplyDelete
  43. අහිංසක දරු පැටව් ටිකකට සහනයක් ගෙන දෙමින් ඔබ සැම කල උතුම් ක්‍රියාව උසස් කොට සලකමි. මීටත් වඩා දුෂ්කර පාසලක් තෝරාගෙන දායක වීමට සැබෑම අවශ්‍යතාවය ඇති අයගේ දායකත්වයෙන් දෙවන පියවර තබන්න. ජයවේවා!!! ( සරංග මහත්තයටත් චූටි මැණිකෙටත්, ටිකිරි සඳමාලිටත්, ) සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  44. Apey heenayata piyapath dunnata sthuthi sahodarawaruni !!!

    ReplyDelete
  45. ඔබලාගේ උත්සාහය බොහොම වටිනවා.මොණරාගල තඹාන ගමේ පොඩි පාසැලට උදව්වක් කරන්න පුලුවන්ද ඒ සදහා සංවිධාන කටයුතු කරලා දෙන්නම්
    මම වජිර උමගිලිය 0716563442

    ReplyDelete