දත් කුට්ටමේ වර්ණය මුතුපැහැ වෙන්න...
කකියන දතේ නහරය සංසිඳුවන්න..
ලස්සන හිනාවෙං කොල්ලං රවටන්න..
අහවල් ඩයිං දංතාලේපය ගන්න..
කකියන දතේ නහරය සංසිඳුවන්න..
ලස්සන හිනාවෙං කොල්ලං රවටන්න..
අහවල් ඩයිං දංතාලේපය ගන්න..
අසුවල් රටේ විද්‍යාගාරෙක ඉන්න..
ඉහළම දන්ත දොස්තර මහතා කියන ...
දොස්තර නලාවක් කරලාගෙන ඉන්න..
ලෝගුව ඇඳපු මිනිහා කියනව ඔන්න..
ඉහළම දන්ත දොස්තර මහතා කියන ...
දොස්තර නලාවක් කරලාගෙන ඉන්න..
ලෝගුව ඇඳපු මිනිහා කියනව ඔන්න..
කොන්ඩෙට මෙකී ෂැම්පුව ගල්වාලන්න...
යාලුව එක්ක බක්කියෙ නැගලා යන්න...
අයියා කියන ශොට් එහෙකට රෙඩි වෙන්න..
කොන්ඩෙට කිසිම අවුලක් වෙන්නෑ ඔන්න..
යාලුව එක්ක බක්කියෙ නැගලා යන්න...
අයියා කියන ශොට් එහෙකට රෙඩි වෙන්න..
කොන්ඩෙට කිසිම අවුලක් වෙන්නෑ ඔන්න..
ලනුවක් ඇරං ගැටෙයක් ගහගන්න බැරී..
බාලදක්ෂ පුත්තරයෙකි මොට්ට මරී..
පිටි හැඳි දෙකින් උගෙ නුවණැස් දෙකම ඇරී..
ගහලා ගැටය මිතුරෙකුවත් ගොඩට අදී..
බාලදක්ෂ පුත්තරයෙකි මොට්ට මරී..
පිටි හැඳි දෙකින් උගෙ නුවණැස් දෙකම ඇරී..
ගහලා ගැටය මිතුරෙකුවත් ගොඩට අදී..
එක කිරි පැකැට්ටුව දියකර ගඟක් වැනී..
නැංදම්මත් එක්ක නිවසට කඩාපැනී..
අසූ කෙලක් ගැහැණුං හට බොන්න දෙතී..
නුවනක්කාර ඇත්තෝ *ත්තිම ගනිතී..
නැංදම්මත් එක්ක නිවසට කඩාපැනී..
අසූ කෙලක් ගැහැණුං හට බොන්න දෙතී..
නුවනක්කාර ඇත්තෝ *ත්තිම ගනිතී..
කෙල්ලං කැලක් බැහැලා ඇත මහපාරේ..
නටවයි උකුලු තුනටිය වට කොස්ගෙඩි සේ..
තැඹිලි පාට බීමක් බී ෆන් රසයේ..
ඒ නංගිලා හැමටම ඇත පැඟිරි විසේ..
නටවයි උකුලු තුනටිය වට කොස්ගෙඩි සේ..
තැඹිලි පාට බීමක් බී ෆන් රසයේ..
ඒ නංගිලා හැමටම ඇත පැඟිරි විසේ..
අයියේ ගාල්ලෙදි මට ඇහැරන්න කියා..
ලස්සන නංගියෙක් බස්සෙකෙ දොයිය බබා..
නංගිට ක්‍රැකර් බිස්කට් අරගන්න කිය..
ලංගම බස්සෙකක් ආපසු ගාලු ගියා..
ලස්සන නංගියෙක් බස්සෙකෙ දොයිය බබා..
නංගිට ක්‍රැකර් බිස්කට් අරගන්න කිය..
ලංගම බස්සෙකක් ආපසු ගාලු ගියා..
චක චක චකච චක චක චක චකච චක..
ඊළඟ කොටස නරඹන්නට ඕනැ ඔබ..
තව කුණු ටිකක් නරඹන්නට ඉතුරු ඇත..
Stay tuned වී ඉන්නට කියනු ඇත..
දත්කලු අයිය කෙනෙකුන් නැග බස් රථයේ..
හැස්සොරිජිනල් එක කිං හුළඟක් හැමුවේ..
මොකදැයි කියා පුප්පපු කෙලි වෙස් පෙරලේ..
කෝල් මී කියා අංකය උට පිදුවේ..
කොතරම් ට්‍රයිකලත් කෙල්ලක් නැත ලැබුනේ..
ඒකයි සැරැති නූඩස් කන්නට හිතුවේ..
කෙල්ලන් කැමති විදිහේ කොල්ලෙක් මතුවේ..
දයියා පොරක් කියලයි ඔහු නම ලැබුවේ..
සුදු පැහැ මැදැති ඉස්කෝතුව මුව ළඟය..
නෑනට බැඳුන කොලුවා දැන් දොරළඟය..
ඒ දෙස බලන්නේ කෑදරකමකටය..
නෑනට නොවෙයි නෑනා කන කෑමටය...
වතුර ටිකක් බොන්නටවත් නිවන නැත...
එකපිට එකම යන හයරය ඉවර නැත..
දියුණු වෙන හැවොම යන්නේ එතැනටය..
එතැනට කියන්නේ ඇල්සී ඇල්ලෝය..
දඩමස් තියෙනවැයි පොලිසිය ඔත්තු බලා..
පැල්කොටයකට පැනලා ගෙය චෙක්කරලා..
ලොකු ගෝනියක් ගෙතුලින් ගෙනැවිත් හලලා..
බැලුවම තිබේ සෝයා දඩයම් බට්ටා..
වාසිම පැකේජය ඉන්ටර්නැට් යන්න..
රුපියල් අනූ පහකට අපගෙන් ගන්න..
මහරෑ දොලහ වෙනකං ඇහැරං ඉන්න..
පෙරවරු හයට පෙර ජීබී තුන ගන්න..
බලනා අයගෙ ඉල්ලීමට කන් යොමලා...
දියණිය කියන ටෙලියක් යළි මුල ඉඳලා..
සති අන්තයේ හවහට පෙන්වයි කියලා..
මතකෙට නගනවා අමතක වෙයි කියලා..
තවමත් ඇඩ්ද පෙන්නන්නේ ටීවියෙකේ..
ඊළඟ කොටස තව දැම්මේ නැද්ද අනේ..
ආපහු පටං ගත්තොත් මට කියනු මැනේ..
කුස්සිය දෙසින් ඇගෙ නාදය කනට ඇසේ..
සූරිය එකේ ටෙලි පෙරහැර බලන ඔයා..
සොයමින් ජනේලෙං සාලෙට එබිල බලා..
පහලොස් දහක් මිට මොලවාගන්න කියා..
ටෙලි පෙරහැරම බැලුවොත් නං සල්ලි තමා..
කොන්ඩය වවපු කුඩ්ඩෙක් වගෙ කෙනෙක් එයා..
වයමින් ගිටාරය ගොරහැඬි නදින් ගයා..
අලුතින් ගෙනා දෙල්ලැට්ටොප් ටිකක් ගෙවා..
‘ගායක‘ එකෙං අරගන්නැයි කියල ගියා..
බෝලෙට ගත්තු කමිසයෙ මඩ යවා දෙතී..
ගෑවුන ග්‍රීස් පැල්ලං එලවා දමතී..
ළමයින් මඩේ නටමින් සෙල්ලං කරතී..
පැල්ලං සරප් එක්සෙල් එක බලා ගනී..
ටක ටක ටකට ටක ටක ටක ටක ටාටා..
රැදී සිටීමට ඔබ හට තුති වේවා..
මීළඟ කොටස බැලුමට ඔබ සැරසේවා..
ටක ටක ටකට ටක ටක ටක ටක ටාටා..
මං මේ කොටහ බලලා එනකං පැටියෝ..
ලිප උඩ හොද්ද හැඳිගෑමට හැකි නේදෝ..
හිඳුනොත් හොද්ද මිටිකිරි ටික දාගන්නෝ..
මං ඇවිදින්ම හොද්දට තෙල්ටික දානෝ...
ඇගෙ ඉල්ලුමට පිටුපා මෙහි වසන්නද?
බුකියේ නෙට්ටෙකේ ඇති රස විඳින්නද?
නව නළු රසය ඇති සුන්දර මනෝහර
ඇඩ් මිස නාටකේ මොනවා බලන්නද?
සැයු:- කොම්පීටර් අබලං වීමෙන් ඇතිවූ ප්‍රමාද දෝෂය නිසා ටැලිපෝනයෙන් කොටන ලදී.
ඔය විසූක දස්සන බලන්ට වෙන්නෙ නැති එක උඹේ කයි පෙල රස වින්දනයට ලොකු බාදාවක්...:(
ReplyDeleteThis comment has been removed by the author.
Deleteවලවෙට්ටුවෝ හොයමින් යන්නට සිතියං
Deleteඩීඩි බොටල්, සැවුලානන් ඔහෙ තිබියං
අනන්‍ය සමගින් නිල් කට්රොල් පිපියං
ගුරුවරි සමග දිගටම යන්නට ලැබියං
ඔක්කොම කුණුත් අර බොක්කට කිව්වාහේ,
Deleteමේ *** තාට මං නැතුවම බැරුවානේ,
කිරිගංගාද හෝදන කුඩු තිබුනාවේ,
එනි වෙඩිමක් මං ඇරලා කෙරුනාවේ,
:-D:-D :-D :-D:-D :-D
Deleteබෝතල්, සැවුලො, කෙල්ලන් සහ ආච්චිලා..
Deleteවීරසිංහ උන්නැහැ හට පටලැවිලා...
වයසට යද්දි කාටත් ඔහොමයි කියලා...
ලියනා දෙයිං අපි සැනසෙමු පව් කියලා..
පහුගිය මාසේම ලංකාවට වී ඔය කියන ටික ඇසුවෙමි සමහරක් දැක්කෙමි.පිස්සු ඩබල්වී ආයෙත් ඩබල් විය.
ReplyDeleteපිස්සු ඩබල් වී ආයෙත් ඩබල් වුන..
Deleteහතර වරක් පිස්සුව ඔබ හට හැදුන..
දවසට දෙතුන් වරකට වැඩියෙන් බලන..
අපහට පිස්සු කොපමන තිබෙනව ඇතිද?..
ආ කියන්න අමතක වුනා .ඔය ඩයිං සාම්පලයක්ද නොමිලයේ ලැබුනි.හැබැයි දත් දොස්තර නෝනාද එය වර්නනා කලාය.
ReplyDeleteනිකන් ලැබෙන හිංදද ඒ ගුණ වරුනා..
Deleteනැත්තං ඇත්ත ගුණයක් තිබුනද මංදා..
කොහොමත් අනේ නිවසේ ඉන්නා උන්දා..
කොතනත් ඉතිං දත් දොස්තර කෙනෙකු තමා..
This comment has been removed by the author.
ReplyDeleteලියන්නට ගියපු දෙපදය වැරදුනිද?...
Deleteසකියනි මේක මකලා දැමුවේ මොකද?..
ලියන්න ගියපු දෙපදයෙ එලිසම වැරදී
Deleteමොඩිෆයි කරපු එක ශ්‍රංගයො පහළ ඇතී
ටෙලියට වඩා ඇඩ් ටික අපහට පෙන්නා
ReplyDeleteඅපගේ ඉවසීම උදෙසා වැඩ කරනා
මේ වන් ටෙලිවිසොං චැනලයො පච බෙදනා
දෙවියන් රැක දේය සීනිය ගම වෙසෙනා
ඇඩ්නම් කේක් වෙයි ටෙලියෙන් අයිසිංය...
Deleteඑනමුත් අගුන වැඩියෙන් අයිසිං වලය..
එබැවින් මහත්වරු නෝනාවරු නිබඳ...
ටෙලි නොබලනුය ඇඩ් පමණක් නරඹනුය..
//
ReplyDeleteඑක කිරි පැකැට්ටුව දියකර ගඟක් වැනී..
නැංදම්මත් එක්ක නිවසට කඩාපැනී..
අසූ කෙලක් ගැහැණුං හට බොන්න දෙතී..
නුවනක්කාර ඇත්තෝ *ත්තිම ගනිතී..//
මේන්න මේකට හිනාව නවතාගන්නට බැරිවුණි
නියමයි ශ්‍රංගයො ඇඩ්ටික එකින් එකට මැවී පෙනුණි!
ඇඩ්ටික මැවිමැවී පෙනෙනා බව කියතී..
Deleteඑබැවින් පුරස්නය විමසමි සකි කැමතී...
ටෙලියට වඩා ඇඩ් මතකෙට නැගෙනු ඇතී..
නිර්මාණයෙන් ඇඩ් ඉහලින් නොවෙද සකී?..
කතාව යන්නෙ පැය බාගේ නම් පිනැතී(පින්වත)
Deleteඇඩ් ටික යන්නෙ පැය බාගෙවා දෙගුණයකී
ඇඩ් එක කතාවම වී බලහැකි ලඟදී
කතාව ඇඩ් එක වෙනුවට යවනු ඇතී
ඇඩ් ටික බලා හොද්දට කිරි දමාපං
ReplyDeleteනැත්තං උඹට කන්නට වෙයි මඩු වලිගෙං
ටෙලි බලලා වැඩකට නෑ සුරං දැන්
මේවගෙ කවි ටිකක් තව තව ලියාපං
හොද්දට කිරිද ලුණු ඇඹුලට රස පදම..
Deleteඔක්කොම හොඳට දන්නෙමි මම ඇති තරම..
හොද්දට බතට යටවුනු විට මගෙ කටම...
බඩ පිරුනහම කවිපද ලියනුව කොහොම..
උඹේ කොමා ඉක්මනටම වැඩ කරපං
ReplyDeleteනැත්තං අපිට නැතිවෙනවා හෑලි යාං
එහෙම උනොත් ආතල් එක අපිට නතිං
කොමෙන්ට් කොරන්නේ මක්කෙයි මෙතන හිටං
තව තව ලියන්නට මේ වැනි පද කෑලී..
Deleteපරිගණකයට ආයුෂ වැඩිකර ඕනී..
වැඳලා දොහොත් නගලා අම්මා කාලී..
ඉල්ලා සිටිමි පරිගණකය රැකදේවී..
එක ඇඩ් එකට හැටදාහක් අපේ පොතේ
ReplyDeleteඋඹලා නොබැලුවත් එය යන්නේ නැහැ අපතේ
හොඳ සංඛාත කුණු කොල්ලෙට අපේ අතේ
හිටියත් නැතත් රජතුම අපෙ අපි සුවසේ
හැට දහසකට ඇඩ් පෙන්වන මනාවන්..
Deleteමහමැති ඉයන් මැතිඳුන් වාසනාවන්..
රජතුම කෙසේවුව කුමරුනි සිනාසෙන්..
නව ඇඩ් එකක් මට බැලුමට හදාපන්..
ඩයිං දාල දත්ටික හොඳටම මැදපං
ReplyDelete*ත්ති දියකරල නැන්දට බොන්න දියං
නෑනා කන කෑම තව උඹටත් ලැබියං
Stay tuned වී අපිටත් ඉන්න දියං
* වෙනුවට අනවශ්‍ය අකුරු ආදේශ නොකරන්න. හැක්..
‘සංඥා‘ දමාලයි දට්ටික මදින්නේ..
Deleteකහටයි නුඹට දියකරලා පොවන්නේ..
නෑනා කාපු කෑමෙන් දෙන්නෙක් ඉන්නේ..
ටියුන් වෙලා ඉන්නට තව කල් වැඩිනේ..
අපේ සයිමොන් ආතා දෙකක් දාගෙන කුබුරෙ වැටි වැටි නියරවල් මඩ තියනකොට කියන්නෙ.....
ReplyDeleteකයි කයි කයි පොල්කුඩු කයි
නැන්දා මාම හොදට **** කයි
ඇයි ඇයි ඇයි මෝදකයයි..
Deleteබීමට වැඩියෙන් කදිමයි..
ඔය කුණුහබ්බ නාට්‍ය දැක්කම ලාම්පුතෙල් වැදිච්ච ගැරඬියා වගේ මාරුවෙන නිසා මට ඕවා බලන්න වෙන්නේ නැතිම තරම්...
ReplyDeleteදැක්කත් දකින්නේ පොඩි එකා කාටුන් බලද්දී යන ඉන්දියන් මරාල... ;(
මොනා උනත් කයි පද ටික නියමයි මචං...
ටෙලිනාටකය නොබලන එක හොඳ වැඩකී..
Deleteඑනමුත් කාටුනය බලනා එක හොඳකි..
ස්කුබි ඩූ සමග ගාෆිල්ඩ් එක දෙකකි..
පොඩි අයටත් වඩා කාටුන් අපට වටී..
මාත් කාටුන් රසිකයෙක්මි
Deleteපහුවෙලා මේ පැත්තෙ ආමි
(ඉතුරු පද දෙක පුරවන එකාට මං දෙනව මොකක් හරි තෑග්ගක්)
ඉතුරැ දෙප දේ පි රෙව් වෝතින්
Deleteදෙනවා ඇ තෙක් බරට තෑගී
මල් මසුරං සුරංගයො.. හිහි
ReplyDeleteමං මේ බැලුවෙ මං ඔය නාට්ටි බලන්නැතුවත් කෝමද ඔය ඇඩ් වල කියන ඒව තේරුනේ කියල..
පස්සෙනෙ මතක් වුනේ කාටුං බලනව නෙ කියල හිහි...
සෝචනීයයි සුගායනීයයි..
ඇත්තටම අර දත් දොස්තර ඇයි වෙද නලාවක් කරේ දාං ඉන්නෙ
ඇයි බං ඒකවත් දන්නැද්ද? ඒ දත් පණුවංගෙ හාට් බීට් එක බලන්නනෙ.
Deleteදත්වුව, පශු වුවද දොස්තර දොස්තරෙකි...
Deleteදොස්තර වෙන්න නලාව සංකේතයකි..
නිවටුන් රවට්ටන්නට කල කැත වැඩකී..
කාටුන් බලන ඔබ මං වාගෙම කෙනෙකී..
අම්මපා මං මෙච්චර දවස් හිතන් හිටියෙ නලාව දාගෙන ඉන්න දොස්තර මහත්තයා ගෑණු කට්ටිය විතරක් ඉන්න ගෙවල් වල ටොයිලට් වලටයි ළමයින්ගෙ දත්වලටයි බඩේ අමාරුවලටයි කුරුලෑ වලටයි දෙන්නෙ එකම බේත කියලා. අනේ මන්දා ඒ දොස්තර මහත්තයා කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. හඬ කවන කෙනා පහු වෙනවා. දොස්තර මහත්තයගෙ කට ඉස්සර වෙනවා. ඊට වඩා කොච්චර ෂෝක්ද අනේ කාාාටුන් එකක් බැලුවම. මාෂා සහ බෙයාර් හරි ෂෝයි අනේ... නෑ ඊට වඩා මේ කයි ටික ෂෝ....යියියියි.
ReplyDeleteකාටුන් බලන හෙන පිරිසක් මෙහි සිටිතී...
Deleteකාටුන් බලන සංගමයක් හදත හැකී..
සූර පප්ප, ටිං ටිං සහ තව වැලකී...
සිංහල හඬකැවුම මෙව්වයෙ එළ කිරෙකී...
කැලේ මැද ගමක් තියනවා
Deleteඑහි පප්පලා රැනක් ඉන්නවා
ගමට පප්පාගම කියනවා
ඒ පප්පලා ජොලිවැඩ කරනවා
වෙද පප්පා අරිශ්ටෙ හදනවා
හරි ලොකුබලයක් එහිතියනවා
ගමේ හැමොටම පොවනවා
පව් ජිම්පප්පව මග හරිනවා
[හරි හරේ අරිට්‌ටේ නවලා දෙන්න]
අරිශ්ටෙ ඉල්ලලා ජරමරෙ
ජිම්පප්පගෙනුත් හරි බරබරේ
ගැහැණු ළමයිට කරදරේ
අර චුටිකුකුටයි ආදරේ.... තාම රහයි අප්පා...
පොඩිඋං උවත් ලොකු උන් හෝ නාකි උවත්
Deleteකාටූනයක ඇති රස නැත සදා නිමක්
ටයි මාමා ඒකට හොඳ උපහැරනක්
දොස්තර හොඳ හිතය ගලිවර සුවිසැරියක්
ඉස්සර වගේ හඬකැවුමට උපන් හපන්..
Deleteවෙනයම් චැනලයක් තිබෙයිද කියන් බලන්..
අපහට වදින එළකිරි වැනි රුවන් වදන්..
සිරසෙන් පමනි සිරසෙහි කාටුන්ම බලන්..
ඒ කතාව නං පට්ටම ඇත්තක‍්ය
Deleteසූර පප්ප සහ ටිං ටිං මසුරං ය
කවුද බෝයියත් තනිකර ආතල් ය
ඒකට මුලා ගාමින්ද අපේ පැත්තේය
අම්මට හුඩු..උඹ ෆෝන් කට්ටෙන් මෙච්චර හරියාක් කලාද බන්...
ReplyDelete-------
පට පට පට්ට පට පට පට පට පට්ට..
උඹේ කවි ලියවිල්ල නම් වල්ලා පට්ට.
නිවිහැනහිල්ලෙ ඉන්නාවිට සට පට ගා...
Deleteටෙලපනුවෙන්ම පදයක් දෙකකුත් කොටලා..
අන්තිම කොටස කොම්පීටරයෙන් දමලා..
සතියක් යන්න මත්තෙන් පබ්ලිස් කෙරුවා..
ඔය ඇඩ් බලන එකත් හොඳ විනෝදජනකයි තමා . මේ යාං කවි වෙන්ටෑ.
ReplyDeleteසුරංගයා වගේ කයියෙන් ඇඩ් දැම්මනම් මාත් හැමදාම ටීවී බලනවා.
Deleteඅජිත් මහත්තැං කියනා හිංද හිටං...
Deleteමින්මතු මෙවන් එව්වා වෙයි කවිය යාං..
කවියෙං ලියල දෙන්නද ඇඩ් සිංහ මචං..
හොද්දට කිරිටිකක් දාලා එන්ඩ හිටිං..
යාං හෑල්ලෙන් පාරක් හැදු සුරන්ගයා
Deleteයාං කවිය පාලම් ලෙස දමන යකා
හෙටානිද්ද මූ මොකාට එයිද නියා
ඔන්න බොලේ යායෙන් මම පැනල ගියා
http://nelumyaya.com/?p=5169
ReplyDeleteමංමේ හිතා උන්නේ අද දවස ඇර...
Deleteමේ ගැන කියල ඊමේලක් දමන්නට..
ඊටත් කලින් ඇහැ ගැටිලා තිබෙන කල..
පිංසිදු වෙන්න ඕනෑ ඔබ තුමන් හට..
මේවගේ කව් පෙළක් ඇස ගැටුනාම
Deleteඑහෙමත් අරිනවද පල නොකරාම
මේවා ලියා අපෙ ලේ හොඳ කරනවට
පින්සිදු වෙන්න ඕනෑ ශ්රඟ තුමන් හට
මුල ඉදලා ඇඩ් ටික බලාගෙන ආවා. ඒත් කතාව බලන්න බැරිවුනා. මරු සුරංගයෝ කාලෙකින් බඩ අල්ලන් හිනා වුනා.කයියෙන් පිලිතුරු දෙන්න නම් මට හැකියාවක් නැත.
ReplyDeleteකයියෙන් බැරි උනත් දන්නා බසින් ඇරන්..
Deleteඅදහස් දක්වලා තිබෙනා එකම බලන්..
ඉක්කා හැදුනනං හිනැහී දෙකට නැමෙන්..
බොනු දිය කොතලයක් එක හුස්මටම ඇරන්..
යන්තම් සන්තම් add වලින් බේරිලා ඉන්න රටපිට ඉන්න අපිවත් ඉන්ටර්නෙට් එකෙන් add පෙන්නන්නද උඹ මේ සැරසෙන්නේ..
ReplyDeleteකම්මර වෙලා ඇති මුහුදේ සුලං වැදී..
Deleteඅල්ලා තිබෙන ගුස්තිද වලි සමග ගැටී..
මුලු අම්බලං ගොඩමත් දන්නේය හැටී..
නුඹ තම්බන්න හැකිවෙද ඇඩ්වලින් සකී..
එළ.. :) :)
ReplyDeleteඑළ යනු ගසේ පොත්තට ඇතුලෙන් එකය..
Deleteඑබැවින් කියමු එළ නොව මෙය නාරටිය..
මේ ඔක්කොමත් විසූක දස්සන අස්සේ
ReplyDeleteනාට්ටියත් පෙන්නනවා හොර රහසේ
ශ්‍රංගය දාලා එතකොට ලිප් බොක්කේ
Deleteචූටි මැණිකෙ එය බලනව මැද සාලේ.
ඩක ඩක ඩකඩ නාදෙන් අඬබෙර ගහලා..
Deleteතව ඇඩ් කෑලි දෙකකුත් අස්සෙන් ඔබලා..
කුස්සියෙ ඉන්න උන්දැත් සාලෙට ඇදලා..
ඒ ටික පෙන්නනව ඔක්කොම රැලී දාලා..
කයි පන්තිය නම් මල් මසුරන් ගොයියෝ...
ReplyDeleteඕකට එකම විසඳුම "පියෝ ටී වී"
පියෝ ටී වී නැහ්නන් ඕනම අළුත් ටී වී එකක් පරණ ටී වී එකක්...
ටයි පොල්ලක්ද ඇඳ රැවුලට කට් තියලා..
Deleteඅඩි දොලහක් ඉතර තිරයට අත තියලා..
ඒ මදිවාට නක්කල් මදහස දමලා..
ඔය බව කියන්නේ කට පත කල වැද්දා...
පියෝ ටී.වී. කියනා මේ වසංගතය කර ගහගෙන
Deleteමං විඳිනා දහදුක ගැන කියන්නෙ නැ මං හැමටම
1212 ට ඇමතුම් අරගෙන එකසිය ගානට
දුක කිව්වත් උන් ඉන්නේ කිසිවක් සිදු නොවු ගානට...
සල්ලි ගෙවා අමන මගුල් බලනා අප වැනි අය හට
සිරා මාමෙ මුල ඉඳලා තලන්න මඩු වලිගෙන් හෙට....
ටුකුටු ටුකුටු බූම්ම්ම්ම්...
හෑ...!!!!! වලාමේ..... ශ්‍රංගයත් කයියෙක් වෙලනෙ...
ReplyDeleteපිනොදන්න කයි... හිටං...
කයියක් කියන්නං තොට බල බල ඉන්න....
කයියක් කියන්නං තොට බල බල ඉන්න...
අඩෝ ශ්‍රංග...
කයියක් කියන්නං තොට බල බල ඉන්න....
............................................................
ඇස් පෝටර් හිටං පොඩ්ඩක් ඔහි ඉන්න..
Deleteඑතකං ඉතුරු පද සැට්ටෙක අමුනන්න..
ඔබෙ මහ දිගැති කයියම පටවං යන්න..
යන්නෙමි කුලී ලොරි රථයක් ගෙන එන්න..
ඇඩ් නම් බලපු කාලයක් මතක නැත ,උඹ ගෙ බ්‍රෑන්ඩ් නේම් ඵ කෙං චූටි මැනි කෙ ගෙ ප්‍රඩක්ෂන් ඵකක් නෙ මෙයි නෙ මේක
ReplyDeleteඈ හරි අකමැතිය කිසිවක් පබදින්ට..
Deleteමේ කවි සියල්ලම ගැටගැහුවේ මමය..
සැකයක් තිබේනම් සැක හැර දැනගන්ට..
දෙන්නද ඇගේ දුරකතනයෙ නොම්බරය..
ඵල කිරි මල්ලි උඹ මල්ටි ටැලන්ට් පොරක් නෙ මම නිකමට ව ගේ හිතු වෙ මොකද ඉස්සර මම A/L කරන දවස්වල
ReplyDeleteඅ ටේ පංතිවල හිටපු ගෑල් ලම යෙක් ඵක්ක පොඩි හිතවත් කමක් තිබුන ඵ් අල්ල පනල් ලෙ ඵ් ලමය ලොකු ලම යෙක් වෙල ගෙදර නැවතිල හිටපු දවස්වල යාලු වෙක් ගෙ අ තේ පුලුස් කැප් කොල දෙකක් පි රෙන්න ලියුමක් ඵවල තිබුන තනිකරම කවි යෙං මට මේක දැක්කහම ඵ්ක මතක් උනා
ඇඞ්වල තියේන හොද මොකදැයි දැන් දනිමි
ReplyDeleteයාන්හැල්ලක් ලියුමට හේතු වුනී
වෙන හොද නැතත් ඒකට මම ගරු කරමී
දිගුකල් දිනේවා හරයක් නැතත් වැඞී
This comment has been removed by the author.
ReplyDeleteසුරංගයා කයි කරුවෙක් වෙලා ඇතේ...
ReplyDeleteඇඩ් සීරුවට මඩුවලිගෙන් තලා ඇතේ...
යාං හෑල්ලෙන් වටේට රස බෙදතේ...
උඹනම් හරිම හපනෙකි බොල සුරන් පුතේ...
ඇඩ් අස්සේ නාට්ටියක් පෙන්නාවී...
ඔහොම බැලුවොතින් ටීවී ඇති වේවී...
චූටි මැණිකෙගේ ආදරේ වැඩි වේවී...
උඹත් ගනින් බං අනේ පියෝ ටීවී...
කියුවට විස්වාස කරපන් මේ මම ජීවිතේට ලියපු මුල්ම කවිපද වෙන්ට ඕනැ.
ජය වේවා !
කොට්ටා පැදුරු ගෙන....... දිග ඇදිලා සාලේ
ReplyDeleteTV බැලූ හැටි මතකයි............ අපි බාලේ
තාලේ වෙනස් වී වැඩ වෙන...... මේ කාලේ
රස කවි මිසක ඇඩ් නෑ නොවැ බ්ලොග් රෝලේ..
ඇඩ් ටික අනා අතුරා මත..... කවි පලස
ශ්‍රංගා ඇවිත් ඇඳ....... අද පූරක විලස
මොකවත් ලියන්නට හිත නැති.. හිත අලස
හොලවා කවි දෙකක් ගලවා ඇත මෙලෙස.. :)
කමෝන් කළණෙ..
Deletepatta....
Deleteමරු.. ඇඩ් කයිය..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete//ආපහු පටං ගත්තොත් මට කියනු මැනේ..// ෂුවර් ද මෙහෙමමයි අහන්නේ කියලා.... මචං හීනයක් ගැනද ලිව්වේ.......
ReplyDeleteසිරි ලක් දිවේ විතරක් නම් කමක් නැත
ReplyDeleteසත් සමුදුරෙන් පිට සිටියත් නිමක් නැත
ගෙදර උන්දැලා කොහෙවත් වෙනස් නැත
කන්ගරුදෙශ්යෙත් බලනව සඟිස්කෘත
This comment has been removed by the author.
ReplyDeleteපුංචි කාලෙ උනු විත්තර ලියන එකා
ReplyDeleteකයියක් ගොතා ගෙයි විස්තර කියනු සිතා
ටීවී එකේ ඇඩ් ගැන ඇඩ් එකක් දමා
මැව්වා සිනා සාගරයක් අපෙ ශ්‍රංගා
ඔයාගෙ ඇඩ් කවි ගැන ඇඩ් එකක් දැම්ම මට ඇහැක් විදියට
ReplyDeletehttp://apoorumal.blogspot.com.au/2016/02/blog-post_9.html
මේ පෝස්ටුව මං දැක්කේ පෙරේදායි
ReplyDeleteමේ පෝස්ටුව කියවූයේ මං ඊ්යේ යි
කමෙන්ට් එකක් දා යන්නට බැරි වූවයි
කමෙන්ට් එකක් දාන්න හැකි වුනේ අදයි
සුරංගයගෙ නිරික්ෂණය පට්ට පටයි
ඒක මං හරියටම දැක්කේ සිව්වෙනිදයි
ඉරුරැස් නාන උස්සවයක් ගැන කිව්වයි
ඌ කිව් කතා අහලා මට තාම හිනයි
TV parana adduth mathak unaa.
ReplyDeleteZrangage kavi tikath lassanai...
ලස්සන කවි පෙලක් අමුනා හෑල්ලට
ReplyDeleteගෙදර දොරේ අද සිදුවන දේ එමට
ගෙනහැර පා ඇත මෙහි අද හොඳ යසට
අදමයි මයෙ හිතේ ආවේ හෑල්ලට
සූරිය දියණියලු අළුතින් පෙන්නන්නේ
ReplyDeleteජාතිකෙ එවුන් කටපත ඇදලා බෑවේ
ඉස්සර කොරපු වැඩ අපෙ සිහියට ආවේ
උඹ මල එක හොඳයි විගසින් ටයි මාමේ
කාටුන් ආතල්ය සිරසෙන් හඬ කවනා
භාසාවත් හොඳය නාකින් හට බලනා
හර සුන් පුස් දේය ඒවත් කිති කවනා
ඔලුවට මුකුත් නෑ පොඩි උන් රැප් කියනා
ඇඩ් ටික හොඳයි නාටකයට වඩා මට
ටැක් ටික් බලා ආතල් එක ගත්ත හැක
බලධාරින් හිතන දේ හොඳහැටි පැහැදිලිය
අමන මරි මෝඩ පොදු ජනයා අපය
ජයවේවා..!!
පැගිරි විසේ වෙළද දැන්විම යද්දිනම් කොහෙහිටියත් පැනගෙන ටීවීයෙක ඉස්සරාට එන්නෙ ඈ (තිත්දෙකයි කැපිටල් ඩී)
ReplyDeleteMukuth liyanne needa.
ReplyDeleteLiyanna be computer eka kedilaa.
ReplyDeleteහත්තිලව්වක් නොවැ ශ්රංග ළමයෝ, යකෝ ඔය කොම්පීතරේ ගොඩදාල දෙන්න ඇහැක් එකෙක් නැද්ද අම්මපා ලංකාවේ.කොයි තරම් නම් පාඩුවක්ද අප්පා . (උඹට නෙවෙයි අපට).
ReplyDeleteනෙලුම් යායෙන් වත් අරන් දෙන්න වෙනවා. හරිම අසාධාරණයි.
ReplyDelete