නාවන නැකතත්
එක්කම ලමයාට අන්දන්න ඕනැ ඇඳුමේ පාටත් කියවෙනවා. ඒ මොනපාට උනත් අදාල පාටිං තට්ටු
තට්ටු බරගානක් තියෙන සිලික් ගවුමක් තමයි අංදන්නෙ. ඒක ගන්නත් ලමයව එක්කං යන්න බැරි
හංදා ඒ හා සමාන දිග පලල ඇති ඇට්ටරකං නැති ලමයෙක් අරගෙන ගිහිං ගැලපෙන ඇඳුමක් තෝරං
එනවා. ආදර්ශනයට ගත්ත ලමයා ඇට්ටරයෙක් උනොත් ඒ ලමයටත් වෙනමම ඇඳුමක් අරං දෙනතෙක්
සාප්පුවෙං දොට්ට ගන්නවා බොරුය. සමහර වෙලාවට ගෙනා ඇඳුම කොටහලු වෙච්චි ලමයාට දිග පලල
මදි වුනොත් ආයිති ගිනිහිං මාරුකරං එන්න වෙනවා. ඔය විදිහට තුං හතර වලියක් සාප්පුවට
ගාටලා යංතං ගැලපෙන ඇඳුමක් තෝරාගන්න පුලුවනි.
මගුල් මඩුව
හැදීම වෙනමම වැඩක්. මගුල් මඩුව හදන්න ගන්නෙ පුවක් ගස්. අක්කරයක් විතර පුවක් අරඹක
හිමිකරු වෙච්චි අපේ ආතව මිනිස්සුංට ඕනැ වෙන්නෙ මේ වෙලාවට.
“පොඩිමහත්තෙය
මාමෙ. පුවක් පැලහැටි දෙක තුනක් කපාගන්න අහන්න ආවෙ.“
කියල
ඉස්තෝප්පුවට ගොඩවෙන එකාලගෙ හොඳ වෙලාවට ආච්චම්මයි පුංචියි ගෙදර නොහිටියොත් පුවක්ගස්
දෙකතුනක් අනිවාරයෙංම හම්බෙනව. හැබැයි ඉතිං අම්මල දූල දෙන්න හිටියොත්නං කොහොමිං හරි
ඒ වැඩේ වලක්වනව.
පුවක් ගස්
පෙරලල කරටිය කපල දාල පුවක් කොට ටික මගුල් ගෙදෙට්ට ගෙනාවයිං පස්සෙ වැඩේ ටිකක්
අහවරයි. ඊළඟට ටකරං. ගෙදර අය මරනාදාර සමිතියෙ සාමාජිකනං ඒකෙං ටකරං ගත්තැකි. නැත්තං
අහලපහල වටේ පිටේ ගෙවල්වලිං ටකරං හිඟාකන්න වෙනව. කොහොමිං හරි ඒකත් හොයාගන්න ඕනැ.
ඒත් එක්කම ගඟ ඉවුරෙං උණ ලී දෙකකුත් කපං එන්න ඕනැ. ගඟ ඉවුරෙ තියෙන උණ
පඳුරු එක එකට ඊට යාබද ඉඩංවල අය අයිතිවාසිකං කියතත්, උන්ට කුදගහගන්න කියා බලෙං හෝ
උණ ගහක් කපාගන්න පුලුවන.
මඩුව හැදිල්ල
වෙනම වැඩකි. බොහෝ විට මඩුව හැදෙන්නේ ගෙයි ඉස්සරහ පැත්තේ පලේටම අල්ලලා වහලෙං එන
වතුර ටික මඩුවේ ටකරං උඩට වැටෙන විදිහට තනි පලේටයි. කනු විදිහට ගන්නේ පුවක් කොටංමය.
ගෙයි වහලෙ මට්ටමට ටිකක් පාතිං හිටින විදිහට එක සමාන උස පුවක් කොට දෙකක් කපාගෙන ඒ
දෙක ගෙයි ඉස්සරහ පැත්තේ බිත්තියට අඩියක් තරම දුරිං බිත්තියට සමාන්තරව මඩුවෙ දිග
අතට හිටෝනව. හිටවන්න ගිය තැනදි තමයි තේරෙන්නෙ පොලව යටට බහින ප්‍රමානෙ මනින්නෙ
නැතුව කනුව කපල හිංද හිටෙව්වම කනුව කොට වැඩියි කියල. ඉතිං ඒ කනු දෙක පාත පැත්තට
දානව කියල ආයිමත් කනු දෙකක් උසට කපල හිටෝනව. ඒ කනු දෙක හිටෝල ඉවර උනාට පස්සෙ තමයි
තේරෙන්නෙ කනුවල උඩිං තියන ලීය රඳවන්න කනුවෙ උඩ පැත්තෙ මැදිං හාරල කට්ටෙයක් නැපුවෙ
නෑ කියල. ඉතිං මඩුව හදන නඩේ එක එකාට දොස් කියාගන්නව. ඒ ගමන තව කෙනෙක් කනුව ගාවිං
මේසෙයක් ගෙනත් තියාගෙන ඒකෙ නැගල ලොකු මන්නෙකිං කනුවෙ කට්ටෙ හාරනව. ඒ අතරෙ අනිත් අය
බුලත්විට කනව. තේ බොනව. ආයිමත් මඩුවෙ මිටි පැත්තට කලිං කපාපු කනු දෙක හිටෝනව.
එතෙන්දිනං මතක ඇතුවම කට්ටෙ කපනව. ඉං පස්සෙ කනු උඩිං දිග පුවක් ලී දෙකක් තියල
බඳිනව. ඒ ගමන බඳින්න ලනු නෑ. ආයි සල්ලි දීල පොඩි එකෙක්ව කඩේ යවනව. ලනුටික එනකං
කට්ටිය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ලනු ගෙනාවං හරස් ලී ටික බඳිනව.
ඊළඟට ටකරං හෙවිල්ලනව. ආං එතෙන්දි මඩුවෙ උස පැත්තෙං පහත පැත්තට ටකරං එකකට වඩා දිග
තියෙන බව අහුවෙනව. ඒ හිංද මැදිං තව කනු දෙකක් හිටෙවන්න ඕනැ. ආයිමත් හත් අට දෙනෙක්
ලී කපන්න යනව. අනික් අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ආයිමත් ලීටික ආවම
මැදට කනු දෙකක් හිටෝල හරස් ලීයක් දාල ටකරං හෙවිල්ලනව. ඒ අතරෙ ටකරං මදි වෙනව. ආයිමත්
කට්ටියක් ටකරං හොයන්න යනව. ඉතුරු අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ටකරං
ටික ගෙනාවම ඒ ටිකත් හෙවිල්ලනව. ටකරං හුළගෙ යනවට ටකරං පේලිවලට උඩිං උණ ලී තියල
ගැටගහනව. එතකොටම බතුත් හම්බුවෙනව. බත් කාල එහෙම ආපහු බුලත්විට කනව. ටිකක් වෙලා කියෝල ආයිමත් ඉතුරු පුවක් කොට කෑලි
හයකට වගේ පලල වෑයෙං රැහැල අරං ඒ පුවක් පටි මඩුවෙ කනු අතර කනුවල උසටම අඩි දෙකෙං
දෙකට වගේ හිටෝනව. එව්වගෙ සව් ශක්තියට හරස් අතටත් දිග පුවක් පටි හෝ උණ ලී පටි
බඳිනව. මේ වැටේ කරද්දි මඩුවට ඇතුල් වෙන්න දොරක් ඉතුරු කරනව. ඒක ඉතුරු වෙන්නෙ මඩුවෙ
පලල් පැත්තෙං. මේ මඩුවෙ ඉතුරු වැඩටික ඉවර වෙන්නෙ මගුලට කලිංදා රෑට.
මගුලට එන අයට
තේ බොන්න දෙන්නෙ ගෙදර කාමරේක. ඒ කාමරේ තියෙන බඩු සේරම එලියට දානව. ඒ වගේම කාමරේට
සොල්දරයක් හෝ අටුවක් තිබීම අනිවාර්ය දෙයක්. මගුලට කලිං දවසෙ සේරම කැවිලි පෙවිලි
ආදිය කාඩ්බෝඩ් පෙට්ටිවල දාල ගෙනැත් අහුරන්නෙ අර කියන අටුවෙ හෝ සොල්දරේ. එතනට නිතර
යන්න එන්න ඉනිමගකුත් හේත්තු කරලම තියෙනව. තේ බොන්න දෙන මේසෙ පිරෙන්න කෑම ජාති තියන
හිංද ලොකු මේසයක් ඕනැ. බොහෝ වෙලාවට ඒ මේසෙත් ඉල්ලං එන්න වෙන්නෙ පිට තැනකිං. අපෙ
ආච්චම්ම ගාව තිවිච්ච පෝමිකා ලැල්ලක් දාපු යකඩ මේසෙ මේ වැඩේට ඉස්තරං උනත් ඒක දුන්නෙ
ඩැයිබර මාමලෑ ගෙදර ගංගානි අක්කගෙ මගුලට විතරයි. කොයියම්ම හෝ තැනකිං ගේන මේසෙට උඩිං
ඉටිරෙද්දක් දාන්න ඕනැ. මේකට වෙනම ඉටිරෙදි ජාතියක්
තියෙනව. ඒවගෙ පළතුරු, එලෝලු ආදියේ පිංතූර තියෙනව. ඒ මේසෙ වටේට පුලුවං තරං
කිට්ටුවෙං පුටු තියනව. මේ වැඩේට ලී පුටු මදිනං මරණාධාර සිමිතියෙං ගේන ඇලමේනියං
පුටු තියන්නත් පුලුවං.
මගුලට කලිං
දවසෙ කෙහෙකං දාපු වල ගොඩදාල කෙහෙල් ඇවරි ටික ගන්නව. දුං වැදිච්ච නැති සමහර ඇවරි
කොල පාටටත්, දුං වැදිල වැඩි සමහර එව්ව කලු පැල්ලං හිටින, ගෙඩි හැලෙන ගාන්ටත්
තියෙද්දි නියම ගානට ඉදිච්චත් තියෙනව. ඒ ඇවරිවල පස් තිවුනොත් හෝදල එව්වත් සේරම
ගිහිං තේ මේස කාමරේ අටුවෙම තියනව.
සමහර කෑම
ජාතිවලිං කොටසකුත් කලිං හදල තියනව. අච්චාරු එහෙම සතියකටත් කලිං හදල තියන්න පුලුවං.
මස් මාලු ආදිය උයන්නෙත් මගුලට කලිං දවසෙ. කුකුලුමස් උයන්නෙ පිරිමි කෙනෙක්. එයා
පෝරකවරෙං අරගන්න කුකුලු පලු ලොකු කොටේයක් උඩ තියල කෑලි කපල කොරහට දාද්දි වටේ
කැරකෙන බල්ලො, පූසො ආදිය එළවන මුවාවෙං එතෙන්ට එක්කහු වෙන ලමයි රැල වරිං වර අර කොරහෙ
තියෙන කෑලි වලට ඇඟිල්ලෙං ඇනල අනික් එවුන්ට මෙහෙම කියනව.
“මේ
තියෙන්නෙ කුකුලගෙ බිත්තල“
“මේ
තීන්නෙ කුකුළගෙ හචුං කූල්ල“
එතකොට උයන
මනුස්සය උන්ට කඩා පනිනව.
“එහාට
වෙලා ඉන්න නේද කිව්වෙ. මේව කන්න හදන දේවල්. විසබීජ ගෑවෙන්න හොඳ නෑ.“
ළමයි ටික
අඩියක් දෙකක් පස්සට විසික් වෙනව. බිම වැටිච්චි මස් කෑල්ලක් අහුලල කොරහට දාල උයන්නා
නැවතත් වැඩ පටං ගන්නව.
මාලු හට්ටියත්
ඒ විදිහටම උයනව. ඒ දෙකම කුස්සියෙ කොනක තියල වහල හංගනව. පහුවදා මගුලට මිසක් ඒව ගන්න
තහනං. ඒ උනත් මගුලට කලිංදා රෑට බත් කද්දි කුස්සියෙ ගැවසෙන ගෑනු අය තම තමුංගෙ
ලමයින්ගෙ පංගුවලට අනිත් ගෑනුන්ට හොරෙං මස් කෑලි දෙක තුන බෙදල දීල
“මේක
බප්පිඟානෙ අඩියෙ හංගගෙන කාහං“
කියනව.
කල්පනාවෙං හිටියෙ නැත්තං සමහර ළමයි කටු උගුරෙ හිරකරගෙන වැඩේ අහුවෙන තැනට කාරනා
සිද්ද කරනව.
කුමනාකාරයේ
මගුලකට උනත් නැතුවම බැරි දෙයක් තමයි සාරි. මගුලට ඇඳගෙන යන්න නෙවෙයි. වියං බඳින්න.
කෑම මේසවලට උඩිං අදින්න මගුල් මඩුවෙ වටේට අදින්න එහෙම ගන්නෙ සාරි. අපේ ආච්චම්ම
ගාවත් මේ වගේ වැඩවලට ගන්න ‘සාරි කබල්‘ ටිකක් වෙනමම තියෙනව. ඒ වගේ උස්සවේකට සාරි
හොයන්න එන ඕනෑම කෙනෙක්ට ආච්චම්මගෙ පැයගානක සාරි සම්බන්ධ දේසනාව අවසානයේදී සාරිවලට
ඇන නොගහන පොරොංදුව පිට සාරි දහයක් දොලහක් අරං යන්න පුලුවං. සාරියෙ මුල්ලට ගල්
කැටයක් තියල ඒ ගල්කැටෙත් එක්ක අහුවෙන්න සාරි කොන වටේට ලනුවකිං ගැටයක් දාල වහලෙ
ලීයකට තදින් ඇද බැඳීම සාරි ගැටගැසීමේ සම්මත ක්‍රමය උනත් ඒ විදිහෙං සාරි බඩවැල්
වගේ එල්ලා හැලෙන හිංදත්, ලනුකොං පෙනීම කැත හිංදත් ලීයකට තබා ඇනගැසීමේ ක්‍රමය යොදා
ගන්නව. ඒ හිංදා අපේ ආච්චම්ම වැඩිහරියක්ම ඔය මගුල් ගෙවල්වලට යන්නේ තමුංගෙ සාරි ටික
‘හිල් කොරල‘දැයි බලන්නමයි. මගුල් මඩුවෙත් කෑම මේසවලට උඩිනුත් සාරිවලිං වියන්
බැඳීමෙං වහලෙ තියෙන කුනු රොඩු වැටීමේ අවදානම නැතිවෙනව.
මගුල් මඩුව
සරසන වැඩේට ඉස්තරම් මනුස්සයා කලු මහතුං මාමා. එයා ගාව ඒවට වෙනම නියං සැට්ටෙකක් හිට
තියෙනව. වෙසක් කොල හෝ ඉටිකොල වලිං කැටයං කපල මගුල් මඩුව සරසන වැඩේට අනාරාධනයෙන්ම
එයා එනව. ගෙපලෙ අජිත්, ජගත්සිරි ඇතුළු ගමේ සමිතිවල තානාංතර හොබවන, ආණ්ඩුවෙ
නිලදාරිං සහ ගමේ මිනිස්සු අතර පුරුක විදිහට ක්‍රියාකරන පිරිස ඇවිත් මහතුං මාමාව
කුලප්පු කරවා මිනිහාගෙ ඉනේ තියෙන මල්පිහිය එලියට ඇද්දෙව්වෙ නැතොත් ඒ වැඩේ ලස්සනට
කෙරෙනවා.
මඩුවට හිටෝපු
කනු සේරම නොපෙනෙන්න ඒව වටේට සුදු හෝ වෙනයම් පාටක ඉටිකොල ඔතන්න ඕනැ. ඒ වැඩේට කීප දෙනෙක්
පුහුණු කරල යොදවන මහතුං මාම එක සමාන කොටු විදිහට කපාපු ඉටි කොල හෝ සව්කොල එක උඩ එක
දහයක් දොලහක් තියල චිංටස් ඇන වලිං ලැල්ලකට අමුනනව. ඉං පස්සේ උඩම කොලේ ඇඳගන්න රටාව
බේඩ් තලෙං හෝ නියං තලෙං මතුකරනව. මහතුං මාමා කපල දෙන හැඩතල මගුල් මඩුවේ ඉහල සිට
මැදක් වෙනකං කොටසේ වටේට අලවන්නත් වෙනම පිරිසක් ඉන්නව. ඉටි කොළ අලවන්න බැරි හිංදා
චිංටස් ඇන වලිං පුවක් පටිවලට තියල ඇන ගහනව. ඒ අතරෙ පොලව මට්ටමේ ඉඳං මැදක් වෙනකං උස
ප්‍රමානෙ ආවරණය වෙන්න එක පාටකිං ඉටිකොල අදිනව. මඩුවෙ ඉහලිං සාරිවලිං වියන් බැන්දට
පස්සෙ බැලුං බෝල හය හතක් පුම්බල එක පොකුරක් වෙන්න හදල මඩුව මැදිං එල්ලනව. ඒ
බැලුබෝල පොකුරෙ ඉඳං පිටට වෙසක් කොල වගේ ජාතියකිං හදපු පාට පාට පටි වගයක් දඟර
වැටෙන්න අඹරල ඇදල තියනව. හුලං වදිනකොට ඒ පටි දෙපැත්තට ඇඹරෙනව. මේ බැලුං හා පටි
සැරසිල්ල සාලෙත් තේ දෙන තැනත් හදල එල්ලනව.
අපේ ගමට
ලැයිට් නැති කාලෙ විසේස අවස්ථා වලට ගෙනාවෙ මරනාදාර සමිතියෙ ලැයිට් ඇංජිම. සමිතියෙ
යාවජීව සාමාජිකයෙක් වීමත්, රැයකට ලාම්පුතෙල් ගැලුං හය හතක් වියදං කරන්න පුලුවං
වීමත්, ඒකෙ වැඩකරන්න එන එකාට ගානක් අත මිටමොලවන්න හැකි වීමත් යන කාරනා සම්පූර්ණ
කරන්න බැරිනං ඒක හීනයක්. ඒ හිංදා හොඳම වැඩේ ගමේ ගෙවල් කීපෙක තියෙන ‘ලැයිට්‘ එකතු
කර ගැනීම. කුප්පි හෝ චිමිනි ලාම්පුවත් බැට්ටියෙං පත්තු කරන ටියුබ් ලැයිට්ටෙකත් පරද්දන එලියකින් යුතු දෙයක් වගේම බොහෝ ගෙවල්වලිං ඉල්ලගන්න අමාරු දෙයක් උනත් නාලවත්තෙ ජයකොඩි ඇරෙන්න කිසියාම්ම
කිසි දෙනෙකුට අල්ලන්නවත් නොදෙන බවටත්, ඒව මේවගෙං ඇනල මැකෑනිස් වැඩේ නොකරන බවටත්,
ලැයිට් එකේ පිඟාන හෙඩ්ඩෙක හරි පොම්පෙ හරි මාරු නොකරන බවටත් දහ අතේ පොරොන්දු වෙලා
ලැයිට් කීපයක් එකතු කරගන්න පුලුවං. එහෙම ගේන ලැයිට් පත්තු කරන්න නාවලවත්තෙ ජයකොඩි
ගෙන්නගෙන එන්නත් ඕනැ. එක ලැයිට් එකකට ලාම්පු තෙල් බෝතල් දෙක ගානෙවත් ගෙනත්
තියාගන්නත් ඕනැ. මගුලට කලිං දවසෙ හවසට ලැයිට් ටික එක්කහු කරල ගෙනැහ්ල දුන්නම
ජයකොඩි මාමා ඒව සේරම පරික්සා කරල බලනව. ඉං පස්සෙ ගෙදර අයිති කෙනා ගෙන්නල තමුන්ට ඕන
බඩු කියනව.
“මේං
මේකෙ නිපල්ලෙක කැල්ල. අලුතිං නිපල්ලෙකක් දාන්න ඕනි. මේ තුනේම මැංටල් කැඩිල.
මැන්ටල් දෙක තුනකුත් ගේනව. හැබැයි ගොයියෝ ලාම්පු තෙල්නං ගැලුං දෙකක්කත් ඕනැ.“
ඒ බඩුටික
ගෙනැත් දෙනකං ජයකොඩි මාමා ලැයිට්වල හෙඩ්ඩෙක ගලෝලා වීදුරුව අරං පිහදානව. ඒක ඇතුලෙ
මැරිල ඉන්න ඉපියො, මැස්සො, මෙරු ආදීං අරං දානව. කැඩිච්ච මැන්ටල් කෑලි ‘වහ‘ හිංද
ඒවත් එකතු කරල කඩදහියකට දාල අතිංවත් අල්ලන් නැතුව එපිටහකට ගිනිහිං හලනව. හුලං ගහන
පොම්ප ගලෝල බලනව. ටැංකියට පිඹිනව. පොඩි ලමයිනුත් ඒ වටේට ඉඳං ඔලුගෙඩි එකට වැදිවැදි
බලං ඉන්නව. ජයකොඩි මාමා විටිං විටේ ළමයිංව එලෝනව.
“මේ
ලමයි එහාට වෙනවකො. මට වැඩක් කොරගන්න දීල. මේ ඇන එහෙම නැතිඋනොත් මට හොයන්නත් බෑ.
කරුවලේ ඇහැකන පේන්නෙත් නෑ“
තමුං ඉල්ලපු
බඩු ටික ලැබුනට පස්සෙ නිපල් අලුත් ඒව දාල, පිරිමිංගෙ *** වගේ තියෙන පරණ මැංටල්
ගලෝල, තේ මඩි වගේ දිග ලාම්පුතෙල් පොඟවපු මැන්ටල් හයිකරල එකිං එක පත්තු කරන්න ගන්නව.
ටැංකියට ලාම්පුතෙල් දාල ටැංකියෙම තියෙන පොම්පෙං ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියල හුලං
ගහනව. එතකොට ටැංකියෙ අනිත් කොනේ තියෙන මීටරේ කට්ට එකේ ඉලක්කම ගාවට එනව. ආං එතකොට
බලං හිටපු ලමයි සේරම කෑ ගහනව.
“ආං
එකට ආවෝ“
“බෙරිහං
දෙන්නෙපා මගෙ කං බීරිවෙලා නෑ“
ඊළඟට රතුපාට
රවුම කරකෝල තෙල් අරිනව. ඒ එන තෙල්පාරට හෙඩ්ඩෙකේ කට ගාවදි ගිනි තියනව. එතකොට ඒ
ගිංදර සහිත ලාම්පුතෙල් ගිහිං මැන්ටලේ පත්තු කරනව. මැන්ටලේ ගිනි අරං මහා ගින්දර
ජාලාවක් එනව. වටේ ඉන්න ලමයි බයේ දුරට යනව. ටික වෙලාවකිං තේ මඩිය වගේ තිවිච්ච මැන්ටලේ
පත්තුවෙලා පුංචි වෙලා පිරිමිංගෙ *** වගේ වෙනව. ඒ එක්කම රතුපාට ගින්දර නැතිවෙලා
සුදුපාට සැර එලියක් එනව. ජයකොඩි මාමා ආයිමත් ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියන සද්දෙට
හුලං ගහලා කටුව රතුපාට ඉර ගාවටම ගන්නව. ඉං පස්සෙ බොහොම ආඩම්බරෙං ලැයිට්ටෙක දිහා
බලං ඉන්නව. ඒකෙ එලියට ඉර පෑව්ව වගේ. වටේ හිටිය ලමයි හරිම සන්තෝසෙං කලිං කලුවරට
තිවිච්ච තැංවලටත් යනව. දැං ඒ තැංවල හොල්මං හිටින්න විදිහක් නැත. ගෙදර ගෘහ මූලිකය
ඇවිත්
“හරිද
ජෑකොඩි මල්ලියෙ වැඩේ“
කියල අහනව
“යංතං ගොඩගත්තා. මේක කාලෙකිං
පත්තු කොල්ල නෑ. වීයැට හිට තිවුන ඇතුලෙ. මං හිතන්නෙ ගොයං පෑගිල්ලකට ගිනිහිං ගෙනා
ගමං එහෙමම තිවිලද කොහෙද. මං හිංදම ගොඩදා ගත්ත“
එහෙනං
අනේ මල්ලියෙ අර මඩුවෙ ටීපෝ එක උඩිංවත් තියහං ඕක. මහතුංට කැටයං කපන්න පේන්නැහ්ලු“
ටික වෙලාවකිං
අනික් ලැයිටුත් එකිං එක පත්තු වෙනවා. කුස්සියෙ වහලෙ, සාලෙ කැබිනට්ටෙක උඩ ආදී තැංවල
ලැගුම් ගන්න ඒවයිං ගෙදර අහුමුලුවල තියෙන කුණු රොඩු, මකුලු දැල් ආදිය පෙන්නල දෙනව. පොම්ප
වැඩ කරන්නෙ ලැයිට් දෙහෙක විතරක් හිංද ඒ වැඩ කරන පොම්ප ගලෝල ඇරං එළිය අඩුවෙන
සැරෙයක් ගානෙ අනික් ලැයිට් වලට හුලං ගහන්න ඕනැ. ඒ හිංදා ජයකොඩි මාමා මගුල ඉවර
වෙනකං හැමදාම හැන්දෑවෙ ඉඳං එලිවෙනකං මගුල් ගෙදර.
ඇයි මලේ ‘ජොහු ජොහු ජොහු ජොහු‘ ගාල හුලං ගහන්නේ
ReplyDeleteඒක තමයි පොංපෙ සද්දෙ
ReplyDeleteකාඩ් බෝඩ් වලින් ගොට්ටක් වගේ වෙන්න හදලා බිත්තියේ ඇණ ගහලා ඒකට ඇන්තූරියම් මල් දෙක තුනක්,පාම් කොලයක් එතකොට අර දැල් දැල් වගේ තියෙන කොල පාට කොල කෑල්ලක් එහෙම දාල කරන සැරසිල්ලකුත් තියෙනවා නේද බං?
ReplyDeleteකෙල්ල දොරට වඩින සීන් එකත් ඉක්මනටම ලියහං හොඳේ..
ජයවේවා..!!
අර මඩු අත්තෙන් ගොට්ටක් හදලා ඒකට ඇංතූරියං පොන්ස් අතු එහෙම දාන එකනෙ. ඒක ගන්නෙ ඉස්කෝලෙ උස්සව වලට
Deleteවෙසක් කොල යනු කුමක්ද?
ReplyDeleteනිපල්ලෙක යනු කුමක්ද?
පිරිමිංගෙ *** යනු කුමක්ද?
සුරන්ග මේ කොමෙන්ටුව ඉස්සරහින් වැටෙන වෙලාව කොහේ වෙලාවද
Delete*** යනු ටෙස්ටොස්ටෙරෝන් නිපදවන අවයවයයි.
Deleteහැබෑට මේ කොහෙ වෙලාවද මංද.
// “එහාට වෙලා ඉන්න නේද කිව්වෙ. මේව කන්න හදන දේවල්. විසබීජ ගෑවෙන්න හොඳ නෑ.“
ReplyDeleteළමයි ටික අඩියක් දෙකක් පස්සට විසික් වෙනව. බිම වැටිච්චි මස් කෑල්ලක් අහුලල කොරහට දාල උයන්නා නැවතත් වැඩ පටං ගන්නව. //
කන්න උයන හින්දම විසබීජ ගෑවෙන්නේ නැතුව උයනවා....
බිම තියෙන වැලි නං ගැවුනොත් හේදුවහම යනව. ලමිංගෙ ඇඟේ තියෙන විසබීජ පේන්නෑනෙ. ඉතිං හේදෙන්නෙත් නෑ
Delete//වෙසක් කොල වගේ ජාතියකිං හදපු පාට පාට පටි වගයක්// ඒව ක්‍රේප් කොළ නමින් පැකට් වශයෙන් කඩවල්වල විකුණන්න තියෙනව.
ReplyDeleteඔය පැට්‍රොමැක්ස් ලාම්පු තුනක් තාමත් අපේ ගෙදර තියෙනව. ඉස්සරනං ලයිට් ගියාම ඕව පත්තුකළාට දැන්නං කාලෙකින් පත්තු කරල නෑ. ජෑකොඩි මල්ලිය වගේ ඒවටත් මිකැනික් පාරක් දෙන්න ඕන බලන්න.
මාත් ඔයිං එකක් ගන්න හිතං ඉන්නෙ. දැං මේ ඇල්ලීඩී ලාම්පු තියෙනවනෙ. ඒකවෑං ඔව්ව කඩඔලට ගේන්නැද්ද කොහෙද
Deleteකඩඔලනං දැං ඕව නැද්ද කොහෙද. තිබුණත් ඊට වැඩිය අඩු ගානකට ජෙනියක් ගන්න පුලුවං වෙයි.
Deleteඔය මගුල හෝ දානෙ දවසට උයන මාලු වලින් අයින් කරන ඔළු හෝ කුකුළන්ගෙ තටු කෑලි වලින් කලින් දවසෙ රෑට මස් හෝ මාලු ව්‍යාංජන හදනව. ඊට අමතරව රෑට ඉන්න උංට බයිට් එක හැදෙන්නෙත් ඒවයින්ම තමයි.
ReplyDeleteඒකනං මං දන්නෑ බොලේ. අපේ ගමේ බයිට් යනු අර මොටැයි, සටකජු, කොලපාට කඩල කලවං කරපු ජාතියයි.
Deleteකොලපාට කඩල නෙවෙයි බන්... ග්‍රීන් පීස්
Deleteඋඹේ අර මඩුව වැඩේනං මාර ප්‍රොජෙක්ට් එකක් තමයි.
ReplyDeleteපොජෙට් හට් මේකිං
Deleteදිස් කොමෙන්ට් බිලෝංග්ස් ටු රවී අයියා...
ReplyDeleteපෝස්ට් එක සම්පූර්ණයෙන් කියවූ පසු ඉහත කොමෙන්ටු තුනම දැමූ බව සලකන්න.
යකෝ.... ඔක්කොම කියවල එකපාර comment කරපියකෝ.... කලිනුත් රවී අයියා තොට කිව්වා නේද ?
Deleteඒක තමයි බං රවී අයියට වෙනම කොමෙන්ට් එකක් දැම්මෙ.
Deleteඒ උන්නැහැ මේ දාස්සල අනුංගෙ පෝස්ට් සිල්ලරට විකුණනව.
Deleteයකෝ මට මේ මඩුවෙ කතාව මිස්සුනේ කොහොමදැයි කියල මම මේ දහාතේ කල්පනා කොරන්නෙ..සෙක්..වස වැරැද්දක් නෙව....
Deleteබලංයනකොට මේකත් ලේසිපාසු වැඩක් නෙවෙයි. කොටහළුවට පස්සෙන්දා ඉඳන් ගෙදර උදවිය කන්නෙ ලුණුයි බතුයි ද? ඈ ශ්‍රංගයො?
ReplyDeleteලුනුයි, බතුයි? පිස්සුද? කුණුයි බතුයි. ආං හරිවචනෙ
Deleteඅපේ සිකුරුට්ටෙක් හිටියා දවල් බත් එකට තියෙන බිත්තරේ අනික් උන්ට නොපෙනෙන්න අඩියෙ හංගගෙන කන. දවසක් බත්එක දිගාරිනකොටම පොරට හදිසි කෝල් එකක් කියලා ලනුවක් දීලා බිත්තරේට දුන්නා ගේම. ආයි ඉතිං කොහේ තිබ්බ බිත්තරයක් ගැන අහංටද?
ReplyDeleteනිපල් එකට නේද මැටි කට්ටෙ කියන්නෙත්?
වයසක පොරකට කවුද ‘මැන්ටලේ‘ කිව්වා කියලා, පොර ආපහු කිව්වලු
‘මැන්ටලේ...? මැන්ටලේ බැඳගං තොපේ ......ගෙ මැටි කට්ටෙ‘ කියලා.
ඔය කියන්නෙ අර කැමා දවසක් මදාවියට මැන්ටලේ කියල, හොඳට අහගත්ත එක ගැනනෙ?
Deleteබිත්තර සිදුවීම මදාවියාට උන දෙයක් ලෙස සලකන්න.
Deleteමැටිකට්ටය යනු නිපල් එක නොවන බවත් එය මැටියෙන් සෑදූ එකක් බවත් සලකන්න.
ඩ්‍රැකී, කෝ බං කැමා. පෙට්ටියට ගහපු ඇණ ටික ගලවගන්න බැරුවද ඉන්නෙ තාම.
3 = මැටි කට්ටෙ 50 = නිපල
Deleteඅනේ, ඔය වගේ කාඩ්බෝඩ් චණ්ඩි ගැන මේ වගේ වැදගත් තැං වල වචන නාස්ති කරන්න එපා ප්‍රසන්න. ඌ පෙට්ටිය ඇතුලෙ හැංගිල ඇති තාම. තව මාසෙකිං විතර එළියට ඇවිත් ආපහු "කෝ මේ චණ්ඩි?" කියල හැංගෙයි.
Deleteප්‍රසා, යකෝ වාහනයක් ඩිසෙම්බ්ල් කලා වගේ. තුනයි පණහ හොයාගන්න සෑහෙන වෙලා ගියා.
Deleteඩ්‍රැකියා.........................දුප්!
වැදගත්. ලැයිට්ටෙකේ සර්කිට්ටෙක. අපේ ගමේ තිබ්බෙ ඇංකර් කියන වර්ගෙ එව්ව. ඒකට පවං ගහන අවානක් හිට නිකං හම්බවුනා.
Deleteවැදගත් ලිපියක්....
ReplyDeleteපරිස්සං කරල තියාගන්න.
Deleteබරටම වැඩ . නියම විස්තරය
ReplyDeleteකියෝගන්න වෙලා තිබ්බැයි
Deleteමේ කොටසත් පණ පිහිටුවා ලියා ඇත. මං කියවපු පොතක තිබුණා පිරිමි ලමයින්ගේ දැලි රැවුල මුලින්ම කැපීමත් මේ වගේම චාරිත්‍රානුකූලව සිදුකල බවක්. හනේ අම්මේ මෙහෙම මගුල් ගන්නවට වඩා හොඳයි අර ගහෙන් වැටුන වෙලාවෙ බෙල්ල කැඩිල ගියානම් කියලා හිතෙනවා ඇති නේද ඒ මිනිස්සුන්ට
ReplyDelete/හනේ අම්මේ මෙහෙම මගුල් ගන්නවට වඩා හොඳයි අර ගහෙන් වැටුන වෙලාවෙ බෙල්ල කැඩිල ගියානම් කියලා හිතෙනවා ඇති නේද ඒ මිනිස්සුන්ට/
Deleteඈ...?
මට මතකයි මිනිවන් පී තිලකරත්නගෙ පොතක තිබ්බා ඔය දැලි රැවුල් කැපිල්ල ගැන. පොතේ නම මතක නෑ. මං හිතන්නෙ ඒක ඒ මහත්තයගෙ උපන් ගමේ මූලාරම්භය ගැන ලියපු ප්‍රබන්ධයක්.
ඒ පොතේ නම නම් මතක නැත. සතියකට පොත් 1ක් බැගින් මාසයකට පොත් 4 ක් කියවන්න සලස්වන අපේ පුස්තකාලයට පිං සිද්ධ වෙන්න මං ඒක කියෙව්වා. වැදගත් කියලා මතකයේ තිබුනේ ඒ ටික. හරියටම හරි අයියා සීතාවක ප්‍රදේශයෙන් කුරුණෑගල හෝ සියනෑවට සංක්‍රමණය වුණ පිරිසක් වටා තමා ඒ කතාව තිබුණේ.
Deleteමහපතිරන්නැහැ සහ කොහිල කොටුවෙ කියල දෙන්නෙක් හිටිය ඒ පොතේ... මං හිතුව සුජී කියවල ඇති කියල.
Deleteගමකවත- මහාචාර්ය මිණිවන් පි. තිලකරත්න. (මට මුළු පොතම කට පාඩම් :)
Deleteඅම්මෝ කමියා...! ටැංකිව් ටැංකිව්...
Delete@KM, ඔය පොත කියවන්න ඉල්ලුවොත් තව අවුරුදු 2-3කින් ලැබෙයි නේද?
Deleteමුලිංම රැවුල කැපුහාම කැවුං ඉල්ලන සිරිතක් ඇතත් එහෙම දෙන සිරිතක්නං දන්නෑ.
Deleteප්‍රා... අවුරුදු දෙක තුනකින් දෙන්නවත් ගෙදර පොත තියෙනවද දන්නේ නෑ.. කොහෙන් හරි හොයාගෙන කියවන්නම වටිනවා.. අලුතෙන්ම හැදෙන ගමක්.. ගම පන්සල, කුඹුර, ගෙදර දොර ආශ්‍රිත හැම කටයුත්තක්ම වගේ සිදුවෙන පිළිවෙල ලස්සනට ලියලා තියෙනවා. හොයල හරි ලැබෙන්න සලස්වන්නම්. විල්ලරවාඩිය තාම කටුස්සා ළඟ. බත්තල්න්ගුන්ඩුව මට හම්බ උනෙත් නෑ තාම.
Deleteකල්යාන මිත්‍ර තුමෝ.... "කන්දෙන් ලන්දට" කියවලා තියේද?
Deleteමං කියවල තියෙනව... :-)
Deleteකන්දෙන් ලන්දට, මගේ ගම සරිගම, පුංචි එක්නැලිගොඩ, උසාවි සාවිය.. ඔය ඔක්කොම කියෝලා තියෙයි.. :)
Deleteසරස තුමා මේ උපහාස රසය ඉගෙන ගත්තේ මේවයින්ද කියල මට සැකයි දැන් නම්.. හැක හැක..
ගමකවත නම් පරික්ෂණාත්මක නවකතාවක්..
සුපිරි සුරන්ගයෝ... පැට්ටෝල්මැක්ස් එක ගැන ලියන්න දේවල් ගොඩක් තියෙනවා මටත්. වෙලාවක ලියන්න ඕන ඒ පොස්ට් එකත්. දැන් මේ කොටහළු ගෙවල්වල කට්ටියට රහමෙර ටිකකුත් ලැබෙනවද බන් මිනිස්සුන්ට බොන්න. ඒ විස්තරත් ලියහන් හොඳේ..ඔය උඩින් අදින ලස්සන පාට පාට පටි වලට අපි කිව්වේ ක්‍රේප් පටි කියලයි ඒ කාලේ.
ReplyDeleteදැනුත් කියන්නෙ ඒකම තමා. වැඩේ කියන්නෙ ඒක මේ කාලෙ මං දන්නෑ.
Deleteමේ ලියලා තියෙන දේවල් වලින් දැන් කීයෙන් කීයද සිද්ද වෙන්නේ. ඒ තරමටම හැමදේම වෙනස් වෙලා ගිහින්.
ReplyDeleteමේ සේරම දැනටත් වෙනව. හැබැයි වෙනස් විදිහට
Deleteහචුං කූල්ල
ReplyDeleteකියන්නේ මොකක්ද
හච්චිං පැට්ටට...
Deleteසිලිබිල්ලට බොල සිලිබිල්ලට...........
Deleteපිරිමි ඇඟ කියලත් කියනව
Deleteඉංජුට් එක
Deleteජිම්පුට් එක
කොචකොචේ
චුයිය
මීයා
හාල්පොත
ලේම්පැට්ට
ශංගලකූලියා
අතිරහ
යනාදි නම් වලට අමතරව,
“මගේ මල්ලියා සුරතලා චණ්ඩියා“ කියලත් කියනව... :-)
ලාම්පු තෙල් පැට්ට්‍රෝල් මැච් එකට දාන්නෙ පෙරල.. නැත්තං නිපුල බ්ලොක් වෙනව.. ඒ වෙලාවට නිපුලට ගහල බ්ලොක් එක අරින්න වෙනම ගැජට් එකක් තීනව.. පොම්පෙ ලැදර් එක වේලුනාම එඬරු තෙල් වලින් පොඟවනව... සුපිරියි සුරංගයො....
ReplyDeleteආං. ඔය ඉන්නෙ දන්නා අය
Deleteපැට්ටෝල් මැච් කට්ට කියන්නෙ ඉතිං අපිට ආණ්ඩුවෙ ලැයිට් එක වගෙම තමා හිහි.. අනික අර කියන්නැහෙ ඕක හැම කෙනාටම අල්ලන්න දෙන්නෙ නෑ නෙව..
ReplyDeleteඉතුරු කොටහත් ඉක්කොනට දාහං හොදේ
හා.
Deleteඅපේ තාත්තලෑ මහගෙදරත් තිබ්බ පැට්‍රොමැක්ස් ලාම්පුවක්. ඒක හැමදාම හවස පත්තු කරල එල්ලනව ඉස්‍තෝප්පුවෙ. ඊට පස්සෙ ඉස්තෝප්පුවෙ වැල් ඇඳෙයි, ලී පුටු වලයි ඉඳගෙන තාත්තයි, බාප්පයි, ලප සාන්ති මාමයි, මහත්තය මාමයි, අම්මයි, පුංචියි ආදී වැඩිහිටියො තේ බොනව, විට කනව, සුරුට්ටු සිගරැට් බොනව, කයිය ගහනව. අපි බිම ඉඳගෙන ගල් කැට වලිං පොඩි පොඩි ප්‍රෙහෙලිකා සෙල්ලං කරනව...
ReplyDeleteසුරංගගෙ කතාවෙං පොඩි කාලෙට ගියා ආපහු...
දැං තියෙන වොට් පනහෙ සීයෙ බලුප් තරමටම ඒකෙ එලිය තියෙනව.
Deleteමගුල් මඩුව ගැන නියම විස්තරයක් කරල තියෙන්නෙ. තුංමංහංදියෙවත් නෑ ඔය වගේ සවිස්තරාත්මක ලියවිල්ලක්...
ReplyDeleteමං මේක නිකං කටුවට ඇඳල දාන්නත් හිතල. ආයි කම්මැලියි හිතුනා
Deleteඅඳින්න තිබ්බෙ. පුළුවන්නං අනිත් කොටසට වත් දාන්න...
Deleteබොලගෙ වැඩිහිටියො මගුල් මඩුව ගහනවට වඩා කරල තියෙන්නෙ විට කනව, තේ බොනව, කයිය ගහනව වගේ දේවල් නෙ.
ReplyDeleteඒක අනිවාර්යෙං කෙරෙනවනෙ.
Deleteමාත් සෑහෙන්න කල්පනා කොළා අර තට්ටු ගවුම ෆිටෝන් කරන්නෙ කොහොමද කියලා. දැන් නෙ තේරුනේ...
ReplyDeleteඕක හරියටම හරි ක්‍රෙම් නෙමෙයි.
Deleteඑහෙනං?
Deleteඋඹැහැ කොච්චර අකමැති උනත් ආච්චම්ම ගැනයි අඬන පුංචම්ම ගැනයි ආයම ලියහං. කියවන උදවිය එව්ව කියවන්න ආස, උන්ට කැමති නිසා නෙවෙයි. එකෙක්, ගැමියන් බරගානකගෙ අව්‍යාජ කුහකත්වය කැටි වෙලා හැදිච්ච චරිතයක් සහ අනිකා හොඳ බයිට් එකක් වීම නිසයි.
ReplyDeleteලියන්නං. ඒකට හරියන මාතෘකාවක් හදාගන්නත් වෙනව.
Deleteඅපේ මාමගෙ මගුල් ගෙදෙට්ට දුන්නෙ ගං කුකුල් මස්. මාමගෙ කුකුල් කොටුවෙම්මයි මරල ගත්තෙ. ඒ දවස් වල අපි කුස්සිය පැත්තෙ කරකැවෙන කොට, අම්ම අපිට කතා කරල, කුකුල් පීකුදු පෙත්තක් කටේ ඔබනව...
ReplyDeleteලේ පෙරෙන අමු මස් වෙන්නැති ඩ්‍රැකී පැටියට දෙන්න ඇත්තෙ.
Deleteනෑ බොස්... ගං කුකුළ පිහාටු ගළෝල, හුළු අත්තෙං පුච්චල, ඊට පස්සෙ කෑලි කපල තම්බනව. ඒ තම්බපු පීකුදු කෑලි තමා අම්ම කටේ එබුවෙ. තම්බපුව ඊට පස්සෙ කුළුබඩු දාල උයනවා...
Deleteතුහුක් ඉතරක්. ඒ වගෙ මාමෙක් මට නොහිටිය එක වාසනාවක්
Deleteදුකයි නේ?
Deleteඑකනේ අප්පා.... එහෙම මරල දෙනවා කියල දන්නවා නම් අපොයි, මට නම් උගුරෙන් පහලට යන එකක් නැහැ
Deleteකොහොම කොහොම හරි ප්‍රසන්නයට වඩා කමෙන්ට් ගානක් දාගන්න පුළුවන් උනා. හම්මෝ ඇති...
ReplyDeleteඋඹත් අහගනිං රවී අයිය ආපුවාම. හැක්..
Deleteඕක එනකං තමා මාත් බලං ඉන්නෙ. ආදෙංකො...!!!
Deleteඋංදැ අන්න බ්‍රා එකක් විසික්ක කොරල තියෙනව.
Deleteහෆූ ගඳ විතරක්...
Deleteමාත් ගිහිං බැලුව. දැං හැමතැනම බොඩි
Deleteමට එක පෝස්ට් එකයි මඟ ඇරුනෙ..මේ හෝතඹුවො මගෙ සායම ඇරල මෙන්න...
Deleteකල්‍යාණ මිත්‍රගෙ ඔත්තුවෙන් තමයි මේ පැත්තට ආවෙ. කියවපු පළමු ලිපියම සිත්ගත්තා. ඉතින් දිගටම එනවා වගේම හැකිවිට කමෙන්ට් කරනවා සහ හැමවිට අනිත් අයට ලින්ක් එක යවනවා ඔයාව කියවන්න. මම ආසම අර කතාකරන භාෂාව එහෙමම ලියන විදියට. සුපිරියි! දිගටම ලියමු. ජය!!
ReplyDeleteතමුන්ගේ බබා හුකුන් කතා වලට වඩා නම් එළ තමයි
Deleteඅනේ ඇනෝ මේ එහෙම කාගෙවත් හිත නරක්වෙන තාලෙ කතා කියන්නෙපා බං.
Deleteඒ කියන්නෙ බන් මම කියපු එක හරි කියලා. මම උඹ ගැන කොලඹ ඔපිසියේ ඉන්න එකියෙක්ගෙන් ඇහුවා. උඹව දන්නවාලු
Deleteබස්සි අදද මෙහෙ ආවේ? පුදුමයි.. මම හිතුවේ කලින් ඉඳන් කියෝනව කියල.
Deleteඇනෝ : ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. එක එක මාදිලියෙන් ලියන්න හැකියාවක් ඇයට තියෙනවා. ඒකට ඊර්ශ්‍යා කරන්න එපා. ඔබට කැමති රසයක් තෝරාගෙන කියවන්න බාධාවක් නැහැනේ නේද? අලියෙක් සහ රාජාලියෙක් සමාන වෙන්නේ නැහැ නේ?
ඇනෝ : හිනත් යනවා අවසාන කතාවට. ඇයි බොලේ ඔෆිස් එකේ එකෙක්ගෙන් ඇහුවම දන්නේ නැද්ද? හික්
Deleteඅම්මපා උඹේ ලියලා තියෙන දේවල් දැක්කා ම බඩ අල්ලං හිනා යනවා..... ලියලා තියෙන වචන ටික තමා මරු බං..... උඹ ඒ ගම අායෙමත් අපි ඉස්සරහා මවනවා..... සුපිරියි බං.......
ReplyDeleteවිස්තර ටික නං දීලා තියනවා ඇඬෙන්නම ,,
ReplyDeleteඔය පැට්‍රෝල්මැක්ස් පත්තු කරන්න සමහරු වයින් ස්ප්‍රීට් ගන්නව වැඩේ ලේසියි
නියමයි සුරංග මලේ. බඩ අල්ලං හිනා වෙවී කියෙව්වේ. ඉස්සර ඔය පැට්‍රොමැක්ස් ලාම්පු මටත් හෙන මැජික්. ඉක්මනට ආයේ ලියමු.
ReplyDeleteජය වේවා !!!
වයස අවුරුදු 60කට වඩා පැරණි පැට්‍රෝල් ලාම්පුවක් අපේ ගෙදරත් ඇත. අපේ අප්පොච්චා ඒක තාම පරිස්සම් කරනවා. ටැංකියට භූමිතෙල් දාලා තියෙන නිසා නොදිරා පවතී.
ReplyDeleteමෙහෙමත් දෙයක් තියෙනවා. දැන් ගමක් නගරයක් හන්දියක් ලයිට් කණුවක් ගානේ එක එක සංසිද්ධීන්වලට බැනර් කටවුට් උස්සනවනේ. මරණෙට, උපන් දිනේට, සිස්සත්වෙට, සා.පෙට,උ.පෙට නැටුමට, ගැයුමට. දැනට ඕවට බැනර් එකක් දාන එකේ නුදුරු අනාගතේදී මල්වර මංගල්‍යයත් කළඑළි මංගල්‍යයක් වගේ බැනර් කටවුට් වලින්ම වැඩේ වෙයිද ස්රංග.?
ReplyDeleteශ්‍රංග, මං අහල තියෙන හැටියට නම් කොටහළු කියන්නෙ කොට + සළු කියන එකලු. වැඩි විය පැමිණෙන කාලෙට සීඝ්‍ර ශාරීරික වර්ධනය නිසා මේ කතාව තාර්කිකයි.
ReplyDeleteපෝස්ට් ටික නම් මල් හතයි. මමත් ආච්චිගෙ වන්දනාවෙ ඉඳලම පස්සෙන් පන්නනවා. සුභ පැතුම්!
ලෙසටම ලියල තියෙනවා, ඔය හැමදේම අඩුවැඩි වශයෙන් තිබ්බ අපේ ගමේ මගුල් තුලා, මළගෙවල් එහෙම මතක් උනා...
ReplyDeleteමගුල් මඩුව ගහනවා වගේම තමයි මළගෙයක් උනාම ආදාහනය කරන සොහොන් ගෙය හදන එකත්...
පුවක් ගස් කපාගෙන ඉන්දලා, ලී කුඩු පාට කරලා බිමට අතුරලා, විට කකා, කසිප්පු බුලියකට වග කියන ගමන් එතන ඉන්න වයසක උන්දැලට "ඔන්න මාමේ ඊළඟට උඹේ සොහොන තමයි හදන්න වෙන්නේ" කියලා...
එහෙම කිව්වම සමහර උන්දලට මළ පැන්නට ඒ වචන ටිකත් විහිළුවට අරගෙන්න ඇහැකි මිනිස්සු ගම්වල ඕනේ පදම් හිටියා...
ඔය කියන ජාතියේ පැස්ටෝල් ලාම්පුවක් අපේ ගෙදරත් තිබුනා, අපිට කරන්ට් එක නැති කාලේ මම ඉඳල හිටලා ඒක පත්තු කලත් තෙල් වියදම වැඩි නිසා සහ තෙල් ලීක් එකක් ආපු නිසා ඒක පැත්තකට දැම්මා...
දැන්නම් කෑලි වත් නැද්ද කොහෙද ගෙදර...
සුපිරි. ඉස්ටේසම ගාව අපේ පෙට්ටි කඩේ තියෙද්දී ඉස්සර මම තමයි පැට්‍රොල්මැක්ස් එක පත්තු කරන්නේ.. වයින් ස්ප්‍රිට් ටිකක් දාල මැන්ටලේට ගිනිතියල ලාම්පුතෙල් ඇරියම ලේසියි. දැන් තමයි මටත් හිතුනේ මැන්ටලේ හරියට හීතලේ ඉන්න වෙලාවක පිරිමින්ගේ තරු තුන වගේ තමයි කියලා..
ReplyDeleteමට මගේ ඔයි දවස මතක් වුනා සුරංග.අපේ ගෙදරට නං ගෙනාවේ බූමිතෙල් වලින් දුවන ජෙනරේටරයක්.
ReplyDeleteකිරි අම්ම ඇවිත් ඔක්කොම කන කෑම තහනං කොලා.ඒත් මට පාඩුවක් නෑ.අම්ම මුලිං මස් මාලු බිත්තර පිඟානට බෙදල ඊට උඩිං බත් බෙදල ඒකට උඩින් වැටකොළුවක් පතෝලයක් බෙදල මට ගෙනාවා.උයන කැවුම් කොකිස් නෑයො ගේන කේක් සේරම ඒ කාලෙ හුන්ඩු දෙකක්වත් උස නැති මගේ මලය හැමෝටම හොරෙන් ජනේලෙන් ගෙනත් දෙනව.
සුරංගම්ල්ර්, අර කඩදාසි පටිවලට කියන්නෙ ක්‍රේප් නේද?
ReplyDeleteඋණගස් නම් ඉතා ඉක්මනට හැදෙනවා, ඒත් පුවක් ගස් අපරාදෙ නේද?
මම මුලින්ම කියවපු පොස්ට් එක. හරි ලස්සනට ලියල තියනව, නියමයි.
ReplyDeleteකොටහළු කියන්නෙ කොට හැළුණු, එහෙමත් නැත්නම් ලොකු උනු කියලයි තමයි මට නම් හිතෙන්නෙ.
Girl කියල වචනෙ අපි 'ග ල්' කියල කීවත් 'ගර්ල්' කියලයි ඉංගීසි මුල් භාෂාව උනු අයනම් කියන්නෙ.
කෝ බං ආච්චම්මා
ReplyDeleteඔය සාරි ටික ආයේ ඕන වෙනවා වෙසක් නාට්ටි පෙන්නන කොට... තව දානේ පලවල හාන්දුරුවන්ට අසුන් පනවන්න..
ReplyDeleteරහයි කියන්නේ හොඳම එක...
හිටි ගමන් හුලන් ගහනකොට පැට්‍රෝ මැක්ස් ලාම්පුවේ අඩිය ගැලවී පුපුරන අවස්ථා ද නැතුව නොවේ.(මීටරේ කැඩුන ලම්පුවකට හුලන් ගහන්න ගොස් මටම උනා)
ReplyDeleteඋබේ ලිවිල්ල සුපිරි සහෝ දිගටම ලියපන්
// කැඩිච්ච මැන්ටල් කෑලි ‘වහ‘ හිංද ඒවත් එකතු කරල කඩදහියකට දාල අතිංවත් අල්ලන් නැතුව එපිටහකට ගිනිහිං හලනව. //
ReplyDeleteමැන්ටලේ විසයි කියා විස්වාස කලේ ඒවා නිශ්පාදනයට තෝරියම් ඩයොක්සයිඩ් Thorium dioxide පාවිච්චි වූ නිසායි...
Thorium dioxide අදික උශ්නත්වයට ලක් වෙත්දී විකිරනශීලී රේඩෝන් 220 වායුව නිදහස් වෙනවා.... ඊට අමතරන විකිරනශීලී දුහිතෘ රේඩියම් 224 වායුව බවට පත් වෙන්න පුලුවනි... රේඩියම් සහ ඇක්ටිනියම් යන විකිරනශීලී ද්‍රව්ය හැදෙන්නත් පුලුවනි....
Lassana post ekak, maawa wasara gaanak pasupasata aran giyaa oyaage 'kotahaluwa'
ReplyDeletejayawewaa....
maathe dunnu sammaane harahai oyage pot ekata aawe, parana post kihipayakma kiyewwa lassanai,
ReplyDeletesathuta, waasanaawa sapiri nawa wasarakata suba pathanawa.....
මාතලන්ගෙන් පාර අසා ගෙන ආවෙමි. එල කොල්ලෙක් නෙවැ. පරණ ඒවත් කියවල ආයෙ එන්නම්.
ReplyDeleteජයවේවා!!!!!
මාතේ හරි
ReplyDeleteශ්‍රංග කොලුවෝ.. කොටහළු තුනත් ඉක්මනට ලියහන්. පට්ට ආතල් එකක් තියෙන්නේ හොදේ.. නෙලුම් යායේ සම්මානේටත් සුභ පැතුම් සහ උබටයි මැනිකෙටයි සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteවැඩ එකයි, බුලත්විට පහයි, තේ පහයි. පච ලෝකයයි..... නැද්ද?
ReplyDeleteඇයි සුරංගයෝ නැද්ද ඔය අතරේ 'අරුන්ගේ මගුලට වඩා ජයට' ගැනීමට උදව් කරන තත්ත්ව පාලිකාවන්? ඊට අමතරව කොටහළු නැකතේ පලාපල සහ පලුදු ගැන දීර්ඝ, ගැඹුරු සාකච්ජා සහ සම්මන්ත්‍රණ පවත්වා නෑයෝ එහෙම?
'අපේ පැතිවල නම් මෙහෙම් නෙවෙයි, සති ගණන් මගුල් කන්නේ'
'අපි නම් වියන්නේ මෙහෙම නෙවෙයි....'
වගේ ධනාත්මක සහ විචාරශීලි අදහස් දක්වන උදවිය එහෙම?
චුදිතයා, නෑ වින්දිතයා.. නෑ අර ගෑනු ළමයා එක්ක කැකිරි පලන තව කෙල්ලන් පාලනය කිරීමේ කමිටු?
ඒවා කියන්නේ කොහොමෙයි, සුරංගයා ඉතින් කොල්ල වෙච්චිකොට මඩුවේ විස්තරේ වගේ සහසුද්දෙන් නොදන්නකොට. අපිනේ දන්නේ තිරෙන් පිටිපස්සේ කොටස!!!
නියමයි.
බොහොම හොඳ විස්තරයක්. පිරිමින්ට කුකුල් මස් උයන්න දෙන එකේ හේතුවක් තියෙනවද?
ReplyDelete