"මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"
කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව.
"ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ"
"තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ."
"ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ"
"ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන මාහිතේ."
"ඔව් මාහිතේ විසි දෙකද්ද කොහෙද?"
"බලුපුත් දාස් ගානක් තිවුන කියල අපේ පුතා එහෙම කිව්වෙ"
"එහෙනං ඉතිං. එකට එකක් හේත්තු වෙන්නම බලුප් එපෑ"
මේ වෙලාවට ගුනවද්දන මාමට කට වහගෙන ඉන්න අමාරුයි.
"චෑ....... මේ වෙදා ගහන තොරන නං කිසියම්ම කිසි කමකට නෑ. බලුප් උනත් බාගෙට බාගෙයක්ම පත්තු වෙන්නෑ. ආං ඒ වගේද කහවත්තෙ තොර්න."
තමුංගෙ තාත්තා නලාව පිඹින හැටියට නයා පෙට්ටියෙං එලියට එන්න මහ වෙලාවක් නොඑන බව දැනිලා නිමල් අයියා ඉඳං හිටි තැනිං නැගිටලා කඩේ ඉස්තෝප්පුව පැත්තට යනවා.
"හැබ්බෑට....."
අපේ ආතා ගුනවද්දන මාමට සපෝට් එකක් දෙනව. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී.
"එහෙනං මාමෙ. ගුරුගේ මුදලාලිගෙ තොර්න තමයි තොර්න. මා හිතේ කොළඹවහ්නෑ ඒ සා විසාල තොරනක්."
"අනිච්චං"
"ඔවූ... දැං මේ වෙදෑ තොරනෙ පුවක් කොට හතර පහකින්නෙ එක්කොම රඳා හිටින්නෙ. අරකෙ හිටවන්නෙ මයෙ මේ කකුලක් තරං හිටී එක්කොම යකඩ කඳං. එක කඳ හිටී මේ හරියෙ අර පාරෙනුත් එහා පැත්තෙ තරම දිගට"
ආතා සරමෙ ඔඩොක්කුවෙ තියෙන පුවක් ලෙලි ටිකයි කුරුටු ටිකයි දොරකඩ රඹුටං ගහ මුලට හලනව.
"කොටිම්ම බුද්ද පිලිමෙ හිටී කලවම්පංසලේ විහාර ගෙයි පිලිමෙ ඉතර. ඉතිං හිතාගන්නකො තොරනෙ රයිස්සෙක"
"ආ............"
"මං අර එක වංගියක් අපේ දූලෑ ගෙදර හිද්දි දූලෑ වදේ බැරිකමට ගියා කාරෙකෙං කහවත්තෙ තොර්න බලන්න. මං ඉස්සරහ සීට්ටෙකේ ගියෙ. මා හිතේ කහවත්තට හැතැක්මක් තරම දුර තියා තොරනෙ මුදුනෙ බුද්ද රූපෙ පේනව."
"අනිච්චං අප්පෙයි"
"ඒකට ගේන ලැයිට් ඇංජිම හිටී මේ ගේ ඉතර. බලුප් නං ඇති ලස්ස ගානක්."
"ඇත්තට........"
"තොර්න කිට්ටුවට ගිහිං නං ඒක බලන්න බෑ මාමෙ. බෙල්ල උලුක්කු වෙනව. මේ හරියෙ තොර්න තියේ නං පීටර ලෑ ගෙවල් හරියෙ ඉතර ඉඳං බැලුවං තමයි හරියාකාරව පේන්නෙ."
"ඒ තරං විසාලෙට හිටීද?"
"නැහ්නං මාමෙ. ඔය මනුස්සයනෙ මා හිතේ ලංකාවටම කෝටිපතිය."
මේ කතාවෙන තොරණ උප්පත්තිය ලබන හැටි බලන්න සෙනසුරාදා පොල දවස වෙනකං ඉන්න වෙනව. සෙනසුරාදා පොලට ගිහිං එක අතක බඩු මල්ලක් අරගෙන අනික් අතිං නංගිව කිහිල්ලෙ උලගහගෙන පොලෙං එලියට එන අම්මගෙ පස්සෙං තවත් බඩු මල්ලක් අරගෙන අනික් අතේ තියෙන කවරෙ තියෙන බොම්බයි මොටයි ටික බඩට පුරෝන ගමං මාත් බස් ඉස්ටෑන්ඩෙක දිහාවට එනව. ඒ එන ගමං වටපිට බලනකොට බස් ඉස්ටෑන්ඩෙකේ කෙරෝලකට වෙන්න හිටෝපු උස පුවක් ගස් දෙක තුනකුත් ඒවයිං උසම එකේ මුදුනෙ හයිකරපු බෞද්ධ කොඩියකුත් මට පේන්න තියෙනවා. ඒ එක්කම කහපාට ඉටි රෙද්දක ඇඳපු දැන්වීමකුත් කොහු ලනු පොටවල් හතරකිං ඒ පුවක් ගස්වල ගැටගහලා තියෙනවා.
මේ දැන්වීම කියවන්නයි පුවක් කොට ගාන ගැනගන්නයි මට අතේ තියෙන කවරෙං බොම්බයි මොටයි කෑම නවත්තලා විනාඩියක් විතර බලං ඉන්න වෙනවා. ඒ අතරෙ,
"කොලුවෝ.. ළමෙයෝ.... යකෝ... බූරුවෝ... හකරෝ.... ගල්බිල්ල වගේ බලා ඉන්නෙ.... මෙහෙවර.... තෝ මොකද්ද ඔය කොරන්නේ"
ආදී වසයෙං මට කියන සේරම නංවලිං අඩගහන්න අම්මට සිද්ද වෙනවා. මුලු බස් ඉස්ටෑන්ඩෙකේම ඉන්න මිනිස්සු මේ නං බර ගානකිං හැදින්වෙන අරුම පුදුම ලමයා දිහාත්, ඒ ළමයව දක්කන අම්මා දිහාත් බලනවා. අන්තිමට මාව හරි සිහියට ගන්න බඩුමල්ලයි නංගිවයි දෙන්නම අරගෙන ආපහු ඇහිල්ලා මගෙ දනිස්සට පයිං එකක් ගහන්න අපෙ අම්මට සිද්ද වෙනවා.
පහුවදා හවස ආතගෙයි ගුනවද්දන මාමගෙයි කෙබර මඩුව මැද්දට ඒ විස්තරේ අතාරින්න මට පුළුවං වෙනව.
"ආතේ අන්න තොරණ ගහනව කියල පුවක් කොටං ටිකක් හිටෝල තීනව ඉස්ටෑන්ඩෙක ගාව අයිනෙ"
"උඹ කොහොමද්දන්නෙ"
" මං දැක්කනෙ පුවක් ගස් දොලහද්ද කොහෙද හිටෝල තීනව. ඒකෙ හුගක්ම උස පුවග්ගහේ මුදුනෙ බවුද්ද කොඩියක් ගහලත් තීනව. ආයි ඉටිකොලේක ලියපු දැන්නීමකුත් තියෙනව. මේ යසවර්දන ඉලෙක්ටිකල් කියල කෙනෙක්ලුනෙ තොරණ හදන්නෙ. වෙදෙක් නෙමෙයි"
"යසවර්දන කියන්නෙ වෙද මහත්තෙය තමා. ඒ මිනිහ ඇර වෙන කවුද තොරං ගැහිල්ල දන්නෙ වෙන"
"එයා වෙදකං කොරන සල්ලි ඔලින්ද ආතෙ තොරං හදන්නෙ?"
"ඒ යකාට වෙද මහත්තයා කිව්වට මිනිහ දන්න වෙදකමක් නෑ. ගෙවල් වෑල්ඩිං කොරන එකනෙ මිනිහෑ රස්සාව"
"එහෙනං ආතෙ එයාට වෙද මහත්තය කියන්නෙ?"
"ඒක උඹ ගිහිං ඒ මිනිහෑංම අහපං."
ආතා මාව එලෝගන්නව. ඒ වුනාට සතියක් ගානෙ පොලේ යන ගමනුත් ඒ අතරෙ සමහර දවස්වලට අම්මටයි, නංගිටයි, මටයි සැරිං සැරේට කැස්සටයි ඇදීමටයි බෙහෙත් ගේන්න යන ගමනුත් මං තොරණෙ විස්තර ගෙනැත් ආතගෙ කනේ තියනව.
"දැං හරහටත් ලීත් බැඳල ප්‍රස්තාරෙයක් වගේ"
"පිටිපස්සෙනුත් කනු හිටෝලා දෙපැත්තටම ලී බැදලා. මිනිස්සු ඒවෑ නැගල වැඩ."
"මුදුනෙම්ම බුද්දරූපෙයක් එල්ලලා. ඒක සුදු රෙද්දකිං වහලා. යට හරියෙ කකුල් දෙක ඉතරක් පේනව"
"එක පින්තූරෙයක් එල්ලලා. ඒකෙ කොණ්ඩෙ බැදපු මිනිහෙක් වතුරෙ පීනනව. සාරියක් රෙද්ද වගේ ඇඳලා බොඩියකුත් ඇදපු ගෑනියෙක් ඒ මිනිහෑ පිටේ නැගල ඉන්නව"
"තොරං ඔල එහෙම පින්තූර එල්ලන්නෑ. බොරු නොකිය පල යන්න"
ආතා මාව එලෝනව. ඒ වුනාට මං ඊළග සතියෙත් වාර්තාව අරං එනව.
"තොරණෙ පින්තූර එල්ලල ඉවරයි. දැං බලුප් හයි කරනව."
"බලුප් හයිකරල වියරයි. දැං මිනිස්සු වැඩ කරන්නෙ තොරනෙ පිටිපස්සෙ. ඒ පැත්ත පලාතට අනික් ඈට යන්න දෙන්නෑ."
තොරණ හදල ඉවරවෙලා තවත් දවස්ගානක් යනකං ඒ මිනිස්සු තොරණ පිටිපස්සෙ වැඩ කරනවා. මේ අතරෙ පොල පිටිපස්සෙ පොලට එන ලොරි නවත්තන පිට්ටනිය වගේ ටිකේ තව මිනිස්සු වගයක් දිග ලැලි වගයක් එකට එක හේත්තුවෙන්න රවුමට තියලා තවත් මොකද්ද එකක් හදනවා. මං ඒ විස්තරෙත් ගෙදර ඇවිල්ල ආතට කියනව.
“ආතෙ අර පොලේ සිරිපාල ආතෑ ලොරිය එහෙම නවත්තල තියන හරියෙ මිනිස්සු කට්ටියක් එක්කහු වෙලා දිග ලැලි ටිකක් වටේට හිටෝල ඉස්පංචියක් වගේ එකක් හදනොව.“
“මොන ඉස්පංචියද්දැ“
“අර රැලි රැලි තියෙන කොලෙයක් අලෝපු ජාතියක් තියෙන්නෙ. නිකෝඩහන්දියෙ දරුමසේන මාමෑ කඩෙත් තියෙන්නෙ. අර මිනිස්සු කහට බොද්දි එහෙම කන්නෙ. ආං ඒ වගේ විසාල එකක් අතන හදන්නෙ. සෑහෙන දිග ලැලි ඔලිං. අපේ ගෙදර කුස්සියෙ දොරේ ලැලි වගේ හත්තට සැරෙයක් දිගයි එයිං එක ලැල්ලක්“
“අනේ මට තේරෙනේකහ්නෑ උඹේ ඔය කියුං“
ආත මාව අහක දානව.
තොරණ පටං ගන්න තව දවස් දෙක තුනක් තියලා ටවුමෙ වහල දාලා තියෙන කඩ දෙකක් ඉස්සරහ ඉටිකොළවල ලියපු දැන්නීම් දෙකක් තියෙනවා.
අනික් කඩේ ඉස්සරහ තව රෙද්දක ලියපු දැන්නීමක් තියෙනව. ඒ දැන්නීම ලස්සන වෙන්න තරු, මල් එහෙමත් ඇඳලා.
මේ විස්තරත් ආතට නොකියා ඉන්න එක හරි නෑ. ඒ හංදා ආතා හැන්දෑ වරුවෙ ඇඳ උඩට වෙලා සැරිං සැරේ හෝන් ගහන ගමං නිදාගෙන ඉන්න වෙලාවට මං ආතව ඇහැරෝනව.
"ආතෙ ආතෙ... මේ ගමන තොරං දවසට අඟහරු ලෝකෙං කුරුමිට්ටොත් එනවලු."
"අනෙප්පලයං යන්න කෙබර නොකිය"
"බොරු නෙමෙයි. අර පැසං සුනිල් මාමෑ කඩේට එහාපැත්තෙ ජෑටිං මාමෑ කඩේ තිවුණ තැනට ගෙන්නනව කියන්නෙ. දැම්මම බෝඩ් හිටං ගහල"
"අඟහරු ලෝකෙං කොහොමද බං කුරුමිට්ටො ගේන්නෙ. යංතං හඳට යන්නප්පුලුවං ඇමරි කං කාරයන්ට ඉතරයි."
"ආයි ඒ ඉස්සරහම හොරණ කඩේ ඔලුවක් කතා කොරනව පෙන්නනවලු."
"ඔලුවෙං මිසක් ඉතිං *** කතා කොරන්නයැ."
"අත පය, කඳ කෑලි නැති මිනිහෙක්ගෙ ඔලුවක් ඉතරක්නෙ කතා කොන්නොව කියන්නෙ"
"නාවලවත්තෙ කට්ටඩි ළමයෑ තාත්තනං මිනී ඔලු කතා කෙරෙව්ව ඉස්සර. ඔතනත් එහෙනං එහෙම වෙන්නැති. පළෙයං යන්න මට ඩිංගක් ඇහැ පියාගන්න දීල"
ආත මාව ආයිමත් එලෝනව.
*******************************************************************************
ලොකු අය කවුරුවත් තොරණ බලන්න යන්න කැමකි බවක් පෙන්නන්නෑ. හැමෝම ඒක පටවන්නෙ පොඩි ළමයින්ට.
"මුංගෙං කරදරේ බේරිල්ලක් නෑ. පස්සෙ මුංගෙ මහ එකා කිව්වා අන්තිම දාසට යං කියල"
චන්දරෙ මාමලෑ නැංදා අපේ අම්ම එක්ක දොලේදි කියනව.
"ඒක තමා, මේ මූටත් යන්නම ඕනි කියල නහින්න හදනොව. පස්සෙ මුංගෙ තාත්ත දුන්න දෙකක් වේවැලෙං. දැන්නං මීක් කියන්නෑ"
අපේ අම්මත් කියනව. ඒ කියන ගමංම තොරණ බලන්න යන දවස් ගැනත් කතාවෙනව.
"අන්තිම දාසට ඉස්සෙල්ල දාසෙ යං අක්කෙ. අන්තිම දාසට සෙනග වැඩියි."
"ඔව්වොව්. මුලිම්මුලිං දවස්සොල බලුප් එක්කොම පත්තු කොරන්නැහ්ලු."
ඔය විදිහට කතා කරගෙන අහලපහල ගෙවල් තුන හතරක අය එක්කහු කරගෙන අපේ ගං මණ්ඩියෙ හැමෝම එක දවසෙං තොරණ බලන්න යන්න කතාවෙනව.

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ
අනික් කඩේ ඉස්සරහ තව රෙද්දක ලියපු දැන්නීමක් තියෙනව. ඒ දැන්නීම ලස්සන වෙන්න තරු, මල් එහෙමත් ඇඳලා.
ඉන්ද්‍රජාල මැජික් බලයෙන්
අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ
මේ විස්තරත් ආතට නොකියා ඉන්න එක හරි නෑ. ඒ හංදා ආතා හැන්දෑ වරුවෙ ඇඳ උඩට වෙලා සැරිං සැරේ හෝන් ගහන ගමං නිදාගෙන ඉන්න වෙලාවට මං ආතව ඇහැරෝනව.
"ආතෙ ආතෙ... මේ ගමන තොරං දවසට අඟහරු ලෝකෙං කුරුමිට්ටොත් එනවලු."
"අනෙප්පලයං යන්න කෙබර නොකිය"
"බොරු නෙමෙයි. අර පැසං සුනිල් මාමෑ කඩේට එහාපැත්තෙ ජෑටිං මාමෑ කඩේ තිවුණ තැනට ගෙන්නනව කියන්නෙ. දැම්මම බෝඩ් හිටං ගහල"
"අඟහරු ලෝකෙං කොහොමද බං කුරුමිට්ටො ගේන්නෙ. යංතං හඳට යන්නප්පුලුවං ඇමරි කං කාරයන්ට ඉතරයි."
"ආයි ඒ ඉස්සරහම හොරණ කඩේ ඔලුවක් කතා කොරනව පෙන්නනවලු."
"ඔලුවෙං මිසක් ඉතිං *** කතා කොරන්නයැ."
"අත පය, කඳ කෑලි නැති මිනිහෙක්ගෙ ඔලුවක් ඉතරක්නෙ කතා කොන්නොව කියන්නෙ"
"නාවලවත්තෙ කට්ටඩි ළමයෑ තාත්තනං මිනී ඔලු කතා කෙරෙව්ව ඉස්සර. ඔතනත් එහෙනං එහෙම වෙන්නැති. පළෙයං යන්න මට ඩිංගක් ඇහැ පියාගන්න දීල"
ආත මාව ආයිමත් එලෝනව.
*******************************************************************************
ලොකු අය කවුරුවත් තොරණ බලන්න යන්න කැමකි බවක් පෙන්නන්නෑ. හැමෝම ඒක පටවන්නෙ පොඩි ළමයින්ට.
"මුංගෙං කරදරේ බේරිල්ලක් නෑ. පස්සෙ මුංගෙ මහ එකා කිව්වා අන්තිම දාසට යං කියල"
චන්දරෙ මාමලෑ නැංදා අපේ අම්ම එක්ක දොලේදි කියනව.
"ඒක තමා, මේ මූටත් යන්නම ඕනි කියල නහින්න හදනොව. පස්සෙ මුංගෙ තාත්ත දුන්න දෙකක් වේවැලෙං. දැන්නං මීක් කියන්නෑ"
අපේ අම්මත් කියනව. ඒ කියන ගමංම තොරණ බලන්න යන දවස් ගැනත් කතාවෙනව.
"අන්තිම දාසට ඉස්සෙල්ල දාසෙ යං අක්කෙ. අන්තිම දාසට සෙනග වැඩියි."
"ඔව්වොව්. මුලිම්මුලිං දවස්සොල බලුප් එක්කොම පත්තු කොරන්නැහ්ලු."
ඔය විදිහට කතා කරගෙන අහලපහල ගෙවල් තුන හතරක අය එක්කහු කරගෙන අපේ ගං මණ්ඩියෙ හැමෝම එක දවසෙං තොරණ බලන්න යන්න කතාවෙනව.
යකේ මමයි එකට හිටියේ
Deleteජස් මිස් ද කෙස් ගස්. හැක්..
Deletehikzz
Deleteහා හා කාගන්නව හෙම නෙවෙයි මෙතන
Deleteමද්ද්ත් ෙපාඩි කාෙලෙ ෙගදර අයට වද දුන්න හැටි මතක් ෙවනවෙ ෙතාරං බලන්න යන්න. පස්ෙසනම් ඉතින් ෙතාරං ගාවට ගියාමෙ ෙවන ෙවන ෙතාරන් වලට තමා ඇහැ ගියේ
ReplyDeleteදැං තොරන් බලන වයස පහුවෙලාද?
Deleteඒකත් යස තොරන තමයි බලාගෙන ගියාම. ඔයි වගේයැ ගුරුගේ මැණික් තොරණ හිටං. තොරණ වගේයැ දවස් දෙකක් දෙන දංසල හිටං.
ReplyDeleteඉස්සර බස්වල පස්ස පැත්තෙ වෙනම බෝඩ් ගහල තිවුනා නේද ඔය තොරණ ගැන?
Delete//ගෙවල් වෑල්ඩිං කොරන එකනෙ මිනිහෑ රස්සාව// මොකක්ද බං ඒ රස්සාව
ReplyDeleteගෙවල් වෑරිං කොරන එක තමා ඔය වෑල්ඩිං කියල අපෙ ආත කියන්නෙ.
Deleteඋබගේ බාසාව උබටම අවේනික එකක් මම කැමති එකට ...හිස් අහසේ සදරු උටම අවේනික ඉස්ටයිල් එකක් ගොඩ නගා ගත්තා උබ ඊළගට
ReplyDeleteඑල ද බ්‍රා මචෝ
යොවුන් වියට හැ*** ආදරයට **වැද්දූ ඒ කාලයේ වලිබර පෙම්වතා, ගෝනහංකඩ වැව බස්සෙකේ චන්ඩියා, යුගයේ ආදරණීයම නවකතා පොලුකරු මෙන්ඩයියා සාදරයෙන් පිළිගනිමු.
Deleteකතාවේ ඉතුරු ටික දැම්මහම උබ මට ඔයිට වඩා බනි
Deleteමදෑ පළවෙනියට කමෙන්ට් කරන්න ආවා...
ReplyDeleteපරක්කු නෑ. මෙතන ඉඳං තමා ලේඩීස් පටංගන්නෙ.
Deleteහැබැට ඔව් නේන්නං :) :) මේ කතා කියවන විට සුරංග මලයාගේ කට හඩින්ම එය ඇහෙන්නට ඕනෑය... ඔය නිකන් කියවාගෙන ගියාට වැඩක් නැත :)
Deleteඉතිං ඊට පස්සේ ..... ???
ReplyDeleteඊලග කොටසත් ඉක්මනින් ලියන්න.
ආවද මෙතනත්?
Deleteචී චී සුරංගයෝ. බොඩි කෑලි ඇඳලා රස්තා කොණ්ඩා වවාගෙන පීනන මිනිස්සුංගෙ කරේ යන ගෑනුංගෙ පින්තූර ඔය කිව්වට තොරණක එල්ලයිද? ඕක Baywatch කතාව වද්ද?
ReplyDeleteමෙයට අදාල ජාතක කතාව සඳහන් කර තුනයියටේ බලුප් දාන කෑලි තුනේ ටයිගර් චෝට්ටෙකක් දිනාගන්න.
Deleteවිසිදබ්‍රා එන්රිකේ ජාතකය
Deleteමාතුපෝෂක
Deleteසරමක් හැලෙයි ජාතකය ...තොරණේ විස්තරය කිහිල්ලේ මයිලානන්ද
Deleteහා හෙනම් යමල්ලා තොරණ බලන්ඩ...
ReplyDeleteකලක් ඇවෑමෙන් පෙරුම් පුරා තමා ඉතිං.
Deleteකුරුළු තෝරන් එහෙමත් බලාගෙන ආව හැකිවෙයි මයේ හිතේ
ReplyDeleteහම්මේ ඉතිං ලොකු විචාරක අක්කත් මේ පැත්තෙ ආව එහෙනං. මේ බ්ලොග් එකේ පරණ පෝස්ට්වලට ගියොත් තාත්තා ලියාපු ඔය වගේම කොමෙන්ට් බලාගෙන යතෑකි.
Deleteමගෙ යාලුවෙක් තොරන් බලන්න ගිහින් මලානෙ.
ReplyDeleteකරන්ටෙක වැදිලා වෙන්ටැති.
Deleteතොරණ ඉස්සරහ කට ඇරං උඩ බලාගෙන ඉන්නකොට බලුප්පෙකක් කටට වැටිල.
Deleteකිසා ගෝතමී දරු දුකට රෙද්ද කඩාගෙන දුවගෙන එනවා දැකලා හදසි පපුවේ අමාරුවක් හැදිලා ඌ මලේ
Deleteඋඹ ඔය කියන තොරණ් ගැන ඇහුවම මතක් උනේ මෙහේ ඉන්න අරාබි ගෑනුන්ව.
ReplyDeleteඅම්මපා උන්ගෙ මුණත්තහඩුවේ උලන ආටෝරාසියක් විච්චුර්ණාලේපයි තට්ටු හතක හුණු බදාමයි බැලුවම තොරණ් වගේමයි, ආයි නෑ බලුප් විතරමයි අඩු!
ඒවුනාට වැඩක්නෑනෙ. එක්කොම දාලා අන්තිමට කම්බි ලේන්සුවෙං මූණ වහනවනෙ.
Deleteඑහෙම කරන්නෑ බං දැං කාලෙ ඉන්න ඉස්ටයිලිස් ඔට්ච්චියො 🙂
DeleteThis comment has been removed by the author.
Deleteමටත් හෙන ආසාවක් තියනවා බං ඕකියෙක්ට එක්සිටින්විශර් කැබිනට් එකේ හයි ප්‍රෙශර් වතුර බටේ අල්ලන්න හේදිලම පල කියලා.
Deleteකටුස්සො උසාවි යන වැඩ ඔව්ව මුන්ට පඩයක් ගියත් මෙහෙ ඉන්න එවුන් උඩ තියං සලකනවනෙ !
Deleteකටුස්සත් ඉතිං කටුස්සෙක්ම නෙමෙයි කටුස්සංගෙ ආදිතමයෙක් හන්දා එහෙමටම කරදරයක් වෙන එකක් නෑ.
Deleteලේඩිස් හින්ද මේ කොමෙන්ටුව පොඩ්ඩක් උඩහට වෙන්ට අලවන්ට ඈ !
ReplyDeleteහිනා ගොස් ඇඩුනි
හිනාවෙන්න තරං දෙයක් තිබුනැයි?
Deleteඈ බං ශ්‍රන්ගයෝ... ඔය කියන තෝරන්ඔල බලන්ඩ කිඅලා දෙයක් තීනවයි මංහාන්නේ..
ReplyDeleteතොරණක බලන්න දෙයක් තියෙන්නෙ පිටිපස්ස පැත්තෙ විතරයි.
Deleteආතටත් මෙතන බොරු නම් අහගෙන ඉන්න පුලුවන් නේද.... සුරංග කියන එකක් තමයි විස්වාස කරන්න බැරි....
ReplyDeleteදැන් ඉතින් ඊලඟ කොටසත් ඉක්මනින් ලියමු....
ඒකනෙ නගා වෙලාවක් නැතිකම තමා හෙනේ
Deleteතොරනෙ විස්තරෙ ඉතිරිය ඉක්මනින් දන්න...
ReplyDeleteවෙලාව නැතිකොම තමා ඉතිං
Deleteආ එහෙම කියලා හරියන්නේ නැනෙ හිටං..
Deleteඊලඟ කොටසත් ඉක්මනින් ලියමු
ReplyDeleteඔය ඉතිං ආයිමත් කියනව
Deleteඅනේ මං ආස නෑමයි තොරන් බලන්න. ලයිට් සිස්ටම් විතරයි නෙව. ආයෙ බලන්න අමුතු දෙයක් ඇතෑ. අර කිරිබත්ගොඩ වෙළඳ සංගමේ තොරන් රාජයා බිමට පතබෑවුණා වගේ මේ තොරණත් බිමට නොවැටුනාට පිං. කතාව නියමායි.
ReplyDeleteමාත් දැකල නෑ බිම වැටිච්ච තොරනක්. එහෙම එකක් නං බලන්නම වටිනව.
Deleteජූලි මාසෙ පොසොන් පෝය තියෙන්නේ කොයි රටේද අමිමප...
ReplyDeleteමට ඒක වැරදුනානෙ. පස්සෙ එහෙම්මම තියෙන්න ඇරියා.
Deleteඅර සංගීත සන්දර්ශනේ වගේ ම නැතෑ. ලියහංකො බලන්න.
ReplyDeleteහිටිංකො. මේ දවස්වල කාලෙ තමයි අවුල.
Deleteකලවම්පංසල මොකක්ද?
ReplyDeleteකලවානෙ පන්සල
Deleteආං හරි ඒක තමා.
Deleteඅර කුරුමිට්ටොයි හිස කතා කොරන එක ගැනයි අනිවා ලියහන් මචෝ...හෙහ් හෙහ්..
ReplyDeleteඅපි ඔහොම කොක් ඩාන්ස් එකකට ගිහින් එතෙන්ට වෙලා වෙරි හිඳෙනකම් අපි නැටුවා කොක්කු වගේ..
ජයවේවා..!!
එව්වා මතක් කරලම ලියන්නං.
Deleteබොලෑ අම්ම න0ගිව කිහිල්ලෙ ගහන් ද පොල්ට ගියේ....පවු අසරණී...
ReplyDeleteඒ ක්‍රමේ හරියටම කියතොත් කලේ උකුලෙ තියං යන ක්‍රමේම තමයි.
Deleteඋඹට තිබ්බෙ අවසාන කොටහ මුලිං ලියන්ඩ. ඒක තමයි හොඳම එක වෙන්නෙ.
ReplyDeleteඅම්බලංගොඩ රහසිගත බුදුරැස් මතක් උනා...
ReplyDeleteඒ කතාව කියහන්කෝ අපි දන්නේ නැහැ අම්බලංගොඩ රහසිගත බුදුරැස්
Deleteඋඹටත් ඉතිං කතන්දර කිව්වම ඉතිං... නේ?
Deleteගිහිං කියවහං ඔන්න ලිංක් එක
http://ambalangodakatha.blogspot.com/2017/05/blog-post_21.html
ඒක bluwa
Deleteතොරණේ විස්තරෙහ් බලමු නේ....තොරණ අවට පරිසරය තමයි වැඩිපුර සිරියෙන් බබලන්නෙ
ReplyDeleteපලවෙනි කොටුවෙන් පෙන්නේන්නේ සක්‍රය ලොව දෙස බලනවා
Deleteමසුරු සිටනන්ගේ දුවට ජාතකයා
තුන් වෙනි කොටුවෙන් පෙන්නෙන් විසකගේ මාලිගාව
ඇය ඉන්නේ පළල කරන්
තොරණ නම් හරි කියමුකො... pandol?
ReplyDeleteහරි ඉතින් මොකක්ද ඔය pandol කතාව?????
ReplyDeleteදැං මොනවහරි යාංස් එකක් ලියන්න කාලෙ හරි නේද බොල.
ReplyDeleteලියහාාාංං...!!!!!!!
ReplyDeleteසුරංග අයියේ දැන් එතකොට තොරනෙ බලුපුක් පත්තු කරන්න අදහසක් නැතෙයි...
ReplyDeleteතොරණ2 දියව්... 😈😈😈
ReplyDeleteලියපාාාාාන්...............................
ReplyDeleteමම මෙ යාං හෑල්ල හොයාගත්තෙ අම්බලන්ගොඩ අයියගෙන්. නියමයි.මුල ඉදන්ම දවස් ගානක්ම හැම කතාවම කියෙව්වා.අමුතුම රහක් තියෙනවා.මගෙ හිත ගිය චරිතෙ තමයී ආච්චි අම්මා.හිනා වුණා පැලෙන්න.ඒ වගෙම දුකත් හිතුනා සමහර තැන්වල.හොදටම ලියනවා.එළ.තව මම ආසයි පූස් තඩියො දෙන්නට සූකිරියි අනිත් එක්කෙනාගෙ නම මතක නෑ.මරු.දිගටම ලියන්න අයියෙ ජයවෙවා.
ReplyDeleteදැන් ඔය බලන් හිටිය ඇති.සුරංග අයියා fcld කැදවන්න වෙනව බලය අයුතු ලෙස භාවිතා කරනවට...
ReplyDeleteතොරණ කඩං වැටුනද බං.
ReplyDeleteපළවෙනි කොටුවෙන් පෙනෙන්නෙ සුරංගයගෙ මරුටි එකයි
ReplyDeleteටං ටකටං
දෙවෙනි කොටුවෙ මේ පෙනෙන්නෙ සුරංගයගෙ පූසො ටිකයි
ටක ටකරං
තෙවෙනි කොටුවෙ අර පෙනෙන්නෙ සුරංගයගෙ බාට දෙකයි
ටකං ටකර ටං ටකරං
හතරෙ කොටුවෙ ලයිට් ගිහිං එනකල් මූ බලා ඉඳියි
ටකං ටකර ටං ටකරරං ටාංංංංංංංංං
සුරංචියා සහ උගේ බළල් පරපුරේ
ReplyDeleteසාදර සමාදර ධන පරිත්‍යාගයෙන්
125 වෙනි වරටත් ඉදිරිපත් කරන ලබන
මහා නිකිනි තොරං රාජයා
අගොස්තු මස 07, 08, 09, 10 යන දිනවල
බදුල්ල හංදියේදී ප්‍රදර්ශනය කෙරේරේරේරේරේරේ
එක්කො තොරණ ඕන නෑ නත්තලට කැරොල් එකක්ම පට්ටාං ගමු.
ReplyDeleteසුරංග අයියා වෙනුවෙන් තොරනෙ කථා වස්තුව හො ඉදිරිපත් වු ප්‍රසන්න අයියාට අපේ හදපිරි මෙිවිවා එක...
Deleteහැක්.. හැක්..
Deleteමූ මේක කරන්නැත්තං අපිවත් කරන්න එපැයි.