මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.
දානේ පටං ගන්නේ
“අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“
කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං
“හා“
කියනවා. මේ වැඩේට ගැලපෙන දවස ඉරිදා. ඒ හංදා ඉරිදාට කලිං අවශ්‍ය දාන කලමනා ගෙනැත් තියාගන්න ඕනෑ. ඒ හංදා චූටි මැණිකේගෙ ප්‍රධානත්වයෙන් කුස්සියෙ පැවැත්වෙන සාකච්ඡාවෙන් මෙහෙම කියවෙනව.
“හාල් ගෙනාපුව තියෙනවනෙ. අර බාගෙට තම්බපු හාල් ජාතිය තාම ඉඳුල් කෙරුවෙ නෑනෙ. ඒක ගත්තැකි. එතකොට අර කංකුං මිටියත් තියෙනව පිජ්ජෙකේ. ඒක ඉන්න බලන්න පොඩ්ඩක්............................. ඔය ඉතිං සූකිරී කකුල අරෙහෙට ගන්නකො මට මේ කංකුං මිටිය තියෙද බලන්න දොර අරින්න. ඔන්න මං දන්නෑ නැට්ටහුවෙයි. මොකද්ද සුදු නෝනා මේ ඔයාගෙ ළමය කරන වැඩ.......... මට මෙලව දෙයක් කරගන්න දෙන්නෑ....නේ..... ආ මේ තියෙන්නෙ. ඒක හොඳයි. කෝ අහකට වෙන්න දොර වහන්න. අනේ ඕකෙ ඔයාට බලන්න දෙයක් නෑ සූ....කිරී... හරි එතකොට පොල්තෙල් තමයි වැඩේ. පොල්තෙල් කාලක්වත් නෑ. පොල්තෙල්නං ගේන්න වෙනව. එහෙනං අපි බත්තුයල, පපඩං බැදල, පරිප්පු තෙලට හදල, අල බැදල, ආ... තවෝන්නං මිරිසුත් බැදල. මේ කංකුං මිටියත් බැදල මේ... පිලී ජාති ඔලට සැමන්නෙකක් ගේමු. අර චීන සැමන්නෙක නං හරිනෑ. ඒව මේ අපේ සූකිරි කන්නෙත් නෑ, සුදු නෝන කන්නෙත් නෑ. ඒ ටික හදල දෙමු නේද? ඇතිනෙ. ඔන්න මං කිව්ව වෙනස් කරන්න තියෙනං කියන්න“
මං එතකොට ‘හා එහෙම හොඳා‘ කියනවා. ඊට පස්සෙ ඕක දෙන්නටම අමතක වෙලා යනව. ආයිමත් මතක් වෙන්නෙ සෙනසුරාදා හවස හතරට විතර.
“මේ.. ඇහුනද? ඈ... ඕකම ඔබ ඔබා ඉන්නෙ ඔය පෝන්නෙක මං දැං හංගනව කොට්ටෙයට. මේ අහන්නකො. හෙට දානෙයක් දෙමු කියල කතාඋනා නේද? බඩු ගේන්නැද්ද?“
අන්න එතකොට මං උඩ විසිවෙලා ඇහැරෙනව.
“අප්පට සිරි.“
“මට හොඳ වෙලාවට මතක්කුනේ. එහෙනං දැම්ම ගිහිං බඩුටික අරං එන්න. තම්බියෑ කඩෙං ඇරං එන්න. ඒකෙ ගානාඩුයි. ඉන්න මං තුණ්ඩුවක් ලියා දෙන්න“
ඒ තුණ්ඩුවත් අරං ටවුමට ගිහිං බයිසිකලේ කොහේ හරි ඉඩ ඇති තැනක නවත්තල ‘අසුවල් පුපර් මාට්‘ එකට ගිහිං බඩුටික ගන්නව. ආං එතකොට කෝල් එකක් එනව.
“අනේ මට ඔය කුණ්ඩුවෙ ලියන්න බැරි උනා. කුන්දු මිටියකුත් ගේන්න. සැමන්නොලට කුන්දු දාන්නෝන.“
එතකොට මං ආයිමත් “හා“ කියල කුරුඳු මිටියක් සාක්කුවට දාගෙන පෝන්නෙක බඩු කූඩෙට දානව. ඊළඟට පපඩං පැකට් එක එක ජාතිය අතට අරං ඒ එක එක ජාතියෙ පපඩං රවුං කීයක් තියෙනවද කියල කවරෙට පිටිං ගනං කරකර ඉන්නකොට ආයිමත් ඔන්න පෝන්නෙක වදිනව.
අවිඤ්ඤානිකව සාක්කුවට අතදාල පෝන්නෙක එලියට ගන්න බැලුවට සාක්කුවෙ තියෙන්නෙ ඉටිකවරයක්. එලියට ඇදල ගත්තම කුරුඳු පොතු පැකට්ටක. එතකොට කොහෙද බොලේ පෝන්නෙක කියල හොයද්දි ඒක කූඩෙ ඇතුලෙ පරිප්පු කවරෙට යටවෙලා හුස්ම හිරවෙලා. ඒක අස්සෙ ඉඳං එඩ්වඩ් මායා කෑ ගහනව.
“අතිකනා හම්මේකිට්මයාට්...නීක්කි නිකිනිං නිකිනිං නිකිනිං නාක්“
ආන්න එතකොට මං කුරුඳු පැකට්ටෙක කූඩෙට දාලා කූඩෙං පෝන්නෙක අතට අරං “හලෝ“ කියනව.
“අනේ මේ.. ඔයා ගාව දානෙට වෙංකරපු සල්ලි ඇර තව සල්ලි තියෙද“
ඒකට “ඔව්“ කිව්වහම
“අනේ එහෙනං එනගමං පාං ගෙඩ්ඩක් ගේන්නකො. සූකිරිටයි සුදුනෝනටයි බනිස් ගෙඩ්ඩකුත් ගේන්න හොන්ද“
ඒකටත් “හා“ කියල පෝන්නෙක සාක්කුවට දාගන්නව. මෙතනිං ගන්න බඩු ටික අරගෙන ඊළගට බේකරියට ගිහිං පානුයි බනිසුයි අරගෙන සිරිපාලගෙ කඩේ ලගිං පුස්තකාල පාරට හැරෙනකොටම අදුරන කවුරු හරි හම්බුවෙනව.
“ආ.. සුරාමාතය කොහෙද මේ අතිං කටිං එල්ලගෙන“
“ආ.. නෑ.. මේ බඩු ඩිංගක් ඇරං යන්නාව තිලකෙ. අද මොකක් වැඩේ?“
“මොකොවහ් නෑ ඉතිං. ඔය පොඩි පොඩි මොනව හරි තමා“
ආං එහෙම කයිවාරුවක් ගහගෙන ඉදල
“මයියන්නං තිලකෙ“
කියල එන්න එනකොට එයා
“හෙල්මට්ටෙක අතේ මොකෝ. කෝ බයිසියලේ?“
කියල අහනව. ආං එතකොට මට මතක් වෙනව බයිසිකලේනෙ ආවෙ කියල. ඉං පස්සෙ ආපහු ගිහිං බසාර්රෙක දිගේ පහලට ගිහං දෙතුං පාරක් පහල වීදියෙ එහාට මෙහාට ඇවිද්දහම අලුත්ම ඩොල්පින් වෑන් එකකුයි කෝටියක් විතර වටින, යංතං හීරුනත් පේන තරමෙ දිලිසෙන කාර් එකකුයි අතරෙ ගැවෙන නොගෑවෙන තරමිං අඩි එකහමාරක විතර පලල තීරුවක හිරවෙලා ඉන්න බයිසිකලේ හොයාගන්න පුලුවං. ඉං පස්සෙ තියෙන්නෙ අර රටක් වටින වාහන දෙකේ බයිසිකලේවත්, බඩු මලු දෙකවත් නොගෑවෙන්න බොහොම වැර වෑයමෙං පරිස්සමෙං මිලි මීටරෙං මිලි මීටරේට හතර වටේ බල බලා බයිසිකලේ එතනිං එලියට ගන්න එක. කපීර් යානාවකට වඩා ආරක්ෂක උපක්‍රම හයිකරල තියෙන ඔය වාහනේකට වෙනිං වාහනේක හුස්ම වැදුනත් අර වාරියපොල ලමිස්සි වගේ සයිරන් එක ගහනව නෙවැ. විනාඩි දහයක් විතර මහන්සි වෙලා ඒ මර උගුලෙං බයිසිකලේ එලියට ගත්ත ගමං අර දෙපැත්තෙම තිවුණ රටක් වටින වාහන දෙකමත් යන්න යනව. ආං එතකොට මොහිදීන් බෙග් මාස්ටර් කියන සිංදුවක් මතක් වෙනව.
“එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“
පහල වීදිය දිගේ දෙපැත්තටම වාහන යන්න බැරි හංදා ඊළඟට එන හතරමං හන්දිය වෙනකං ඉස්සරහට ගිහිං ආපහු උඩහට නැත්තං පහලට හරෝගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. එහෙම ගෙදර ආවහම
“අනේ හැබෑට ඔයා බනිස් පුච්චනකං හිටියද“
කියලා පිළිගැනීමක් ලැබෙනවා.
දැං ඉඳං මෙතන පිං අතේ වැඩක් සහසුද්දෙම්ම කෙරෙන්න යන වග සකල ලෝක වාසී සියළුම බූතයන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, බාල්දි, තොප්පි තොරොට්ටං වලට පේන හිංද අපි බොහොම පරිස්සං වෙන්න ඕනැ. ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා.
පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං කොට්ටෙ යටිං ටෙලිපෝන් එක අරං ඒකෙ තිරෙං වෙලාව බලල
“හුටාපරිජාලං හාමාරයි වෙලාව. දානෙ උයන්නත් තියෙනව නේද?“
කියලා බිරුසන් දෙනව. එතකොට චූටි මැණිකෙ
“ඇයි අනේ කෑගහන්නෙ සූකිරියා මොකක් හරි ඇඟට පෙල්ලගෙනද? ඈයනේ.. කියන්නකො“
කියල බයවෙලා අහනවා. ආං එතකොට තලෙයා තාමත් නකුට කටේ ගහගෙන තැටිය උඩ නිදාගෙන ඉන්න වගත් උට ආංතරාවක් නැති වගත් දැං හතහමාරත් පහුවෙලා හිංදා දානෙ වියන්න පරක්කු වෙන බවත් කිව්වහම,
“ආ... ඒකට ඒ හැටි වෙලා යන්නෑ. ඔයාට තියෙන්නෙ පොල්ටික ගාල කොල්ටික කපල සැමන්ටිං එක කඩල දෙන්න ඉතරයි. මං ඉතුරු ටික කරන්නං. ආ... කොල කපන්නත් නෑනෙ. කංකුංනං මට කැපියැහැකි.“
කියලා උත්තර ලැබෙනවා.
වෙනදට උදේට දොර ඇරපු ගමං දඩාවතේ යන බලල්ලු දෙන්නා දානෙට සම්මාදං වෙන්න ඕනැ හංදා එදා දවසේ කොහෙවත් නොයා ගෙදර රැඳෙනවා. ඒ කියන්නේ හරියටම කුස්සිය මැද වලිග දෙකත් එලාගෙන ඉඳගන්නවා. එතකොට කුස්සියෙ ඇවිදින හැම අඩියක්ම පරිස්සමට අඩිය තියන්න වෙනවා. නැත්නං “ඥෑහුග්“ කියන සද්දෙත් එක්ක මොකක් හෝ බලල් අවයවයක් අපිට පෑගෙනවා. ඒ හංදා හාල්මැස්සො, චොකලට් විස්කෝතු, කිරි ආදී නොයෙක් කප්පම් දීලා බලල්ලු දෙන්නව පිජ්ජෙක උඩට ගාල් කරගන්න ඕනි.
ගෙදර තියෙන බත් උයන්නාව (Rice Cooker) පොඩි හංදා බත් උයන්න වෙන්නෙ දෙපාරකට. ඒ අතරෙ
“ඔයා මේ කොල මිටිය සුද්ද කොරන්නකො“
කියලා කංකුං මිටියක් එක්ක ඇතුල්පතක් අතට ලැබෙනව. කංකුංවල ඉදිච්චි කොල, මෝරච්ච කොටස් එහෙම බිමට දාද්දි එව්වා මොනවදැයි බලන්න බලල්ලු දෙන්නට ඕනැ වෙනව. ඉතිං උං දෙන්නා පිජ්ජෙකෙං බිමට පනිනව. ඔඩොක්කුවෙ තියෙන ජාතිය මොකක්දැයි බලන්න තලයා කලිසමෙත් එල්ලෙනවා. එතකොට
“අපෝයි.... මේකා මාව හීරුවා....“
කියලා බිරුසන් දුන්නහම
“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“
කියලා උත්තර ලැබෙනවා. කොල ටික සුද්ද කලාට පස්සෙ බලල්ලු දෙන්නා අරං පිජ්ජෙක උඩිං තියලා ආයිමත් අත හෝදගෙන පොල් ගාන්න ඕනැ. මේක දානයක් හිංදා අලුත් පොල් ගෙඩියක් බිඳලා ගන්න ඕනැ. ඒ කියන්නෙ කලිං දවසෙ ඉතුරු පොල් බෑය ගන්නෙ නෑ. දැං බිඳින පොල් ගෙඩියෙ වතුර ටිකත් සින්ක් එකටම හලලා අහක දානව මිසක් බොන්න හොඳ නෑ. පොල් බෑ දෙක පැත්තක තියලා හිරමනේ හයිකරපු මේසෙ ළඟ තියෙන පුටුව මේසෙ ඉඳන් බලල් පැනුමකට වඩා දුරින් තියන්න ඕනෑ. ඉං පස්සෙ හිරමන තලේ ගලවලා අරං හෝදලා ආපහු හිරමනේට හයි කරන්න ඕනෑ. ඉං පස්සෙ පොල් බෑය හිරමනේට තියලා වට දෙකක් කරකවනකොටම “දඩිස් තොස්“ කියලා බලල්ලු දෙන්නා පිජ්ජෙකෙං බිමට පැනලා පුටුව උඩට නගින්නෙ එතනිං මේසෙට පනින්න බලාගෙන. ඒ හංදා තමයි පුටුව බලල් පැනුමකට වඩා දුරකින් තියන්නෙ. එතකොට බලලා පුටුවෙ ඉඳං මේසෙට කිට්ටුම කෙලවරට ඇවිල්ලා බලල් අණ්ඩ දික්කරලා මේසෙට පනින්න දුර වැඩි බව දැනගෙන උද්ඝෝෂනේ පටං ගන්නව. එතකොට කුස්සියෙං ඇහෙන ගාලගෝට්ටිය මේ වගෙයි.
“අනේ අර ඊයෙ ඉතුරු පොල් බෑයෙං ටිකක් මේ දෙන්නට ගාල දෙන්න. පවුනෙ“
කියලා උපදෙස් ලැබෙනවා. එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ. එයිං පස්සෙ ආපහු බලල්ලු දෙන්නා පිජ්ජෙක උඩිං තියල අතහෝදගන්නව. මේ වෙනකොට අල තැම්බිලා බත ඉදිලා. චූටි මැණිකෙ පරිප්පු හොද්දක් එක්ක ඔට්ටු වෙද්දිමං තැම්බුණු අල ටික සුද්ද කරනව. කොල ටිකත් කපල දෙනව. ඊළඟට තමයි බැරෑරුම් අවස්ථාව වෙන සැමන්ටින් කැඩිල්ල යෙදෙන්නෙ. මෙතනදි මුලිම්ම බලල්ලු දෙන්නව කුස්සියෙන් එළියට දාලා කුස්සියෙ දොර තද වෙන්න වහගන්න ඕනි. ඉං පස්සෙ මිටියයි වප්පිහියයි අරගෙන පිහියෙ තුඩ ටින් එකේ පියනෙ දාරෙට තියලා පිහියට මිටියෙං ගහන්න ඕනැ. මේ විදිහට මිටි පාරවල් දෙකක් වදිද්දි කුස්සියෙං පිට ඉන්න බලල්ලු දෙන්නට සත්‍යාවබෝධය ලැබෙනවා. එතකොට බලල්ලු දෙන්නා ස්පාඤ්ඤ බාසාවෙ තියෙන සේරම නරක වචන කියන ගමං “දොර ඇරපියාව්“ කියලා කුස්සියෙ දොරේ එලිය පැත්තේ දොර බෝලෙ එල්ලෙනව. මෙතනදි ඉඳුල් නොකිරීම කියන සිල් පදය අතාරින්න අපිට සිද්දවෙනව.
“පව්නෙ නේද?“
කියලා කල්පනා කරලා සැමන් ටින් එකේ තියෙන මහා වතුර කඳත් එක්කම සැමන් කුට්ටියකුත් දෙකට කඩලා බලල් පිඟං දෙකට දාලා බලල්ලු දෙන්නට දෙනවා. ඉං පස්සෙ තියෙන්නෙ කෑම ඔතන්න කොල කැපිල්ල. මේකට කෙක්කක් තියෙන රිටකුත් පිහියකුත් ඕනැ වෙනවා. කෙක්ක පටලවලා පාත් කරන කෙහෙල් අත්තෙ මැද පීල්ලෙ තියෙන වතුර ටික ඇඟට හැලෙන්නෙ නැතිවෙන්න අගිස්ස කපාගෙන අත්ත අතාරිනවා. සමහර කෙහෙල් අතු නං උඩ පැනලා දෙන එක පිහි පාරෙං කැපෙනවා. කාලයක් තිස්සෙ මෙහෙම කෙහෙල් අතු කපන හංදා අපේ වත්තෙ කෙහෙල් ගස් සේරම අතු බාග තියෙන ගස්.
මේ විදිහට කෙහෙල් අතු කපද්දි අල්ලපු වතුවල අය අපිට ආභරණ විදිහට තෑගි දීපු බෝතල් කටු, කම්බි, යකඩ ඇන එහෙමත් කකුලෙ පළඳගන්න වාසනාව ලැබෙනව. මෙහෙම කපාගන්න කෙහෙල් කොල ඉරෙන්නෙ නැතුව පරිස්සං කරන එක ලේසි නෑ. ඒ හංදා කොල හයක වැඩේට කොල දහයක් විතර කපන්න ඕනෑ. ඒ කෙහෙල් අගිස් ගෙනත් ඒවයෙ දෙපැත්තෙම විම් සබං ගාල හෝදද්දි තවත් කොල එකක් දෙකක් ඉරෙනවා.
මේ වෙනකොට උයලා ඉවරයි. බලල්ලු දෙන්නත් තමුංගෙ කප්පම අරගෙන දොරකඩට වෙලා මූන අතපය හෝදනවා. ඊළඟට පොල් කටු හත අටක් තලලා අරගෙන දර ලිපේ විසාල ගිනි ජාලාවක් පත්තු කරගන්නවා. ඒ ගින්දරට කෙහෙල් කොලේ යටි පැත්ත අල්ලලා තවාගන්නවා. මෙතනදිත් අඩුම වසයෙන් එක කෙහෙල් කොලයක්වත් හරියටම මැදකිං ඉරිල යනවා. සමහර වෙලාවට කෙහෙල් කොල තවලා ඉවර වෙද්දි ආයෙමත් කොල කපන්න යන්නත් වෙනවා.
මෙහෙම බැඳෙන බත් මුල් සේරම කවරෙක අඩුක් කරගන්නවා.
යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.
යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.
මේවා බෙදන්න යන වැඩේට හොඳම වාහනේ මොටෝ සයිකලේ. නිතර බයිසිකලේට නගින්න බහින්න වෙන හංදා මේ ගමනට දෙන්නටම ගැලපෙන ඇඳුම කලිසම.
හැබැයි කමිසෙට සාක්කුවක් තියෙන්නම ඕනැ. කලිං කියපු සල්ලි කොල ටික එක එකක් වෙන වෙනම නවලා ඒ සාක්කුවෙ දාගන්න ඕනි. ඊළඟට පාරෙ යන වාහනවලින් අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා හිතාගෙන සුභ මොහොතින් පාරට බහින්නයි තියෙන්නෙ. පළවෙනියටම යන්නෙ සේනානායක පිට්ටනියෙ කෙලවරට. ඒ යන ඩිංගට වමෙං ඉස්සර කරන බයිසිකල්, මූනට පනින බස්, ඇඟට කපන ත්‍රීවිල් වල අයට එහෙම මොනවත් කියන්න නරකයි. ඒ ගමංම කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිසත් ගනං කරගෙන යන්න ඕනැ. පිට්ටනියෙ අයිනෙ අතුරු පාරෙං නීත්‍යානුකූල විදිහට බයිසිකලේ නවත්තලා ආපහු ප්‍රධාන පාරට ආවම පලවෙනි දානෙ ලබන්නා පාර අයිනෙ ඉන්නවා. එයාට බත් පාර්සලයක් දුන්නම
“අපෙයම්මට ගීං දෙන්න තව පාර්සලයක් දෙනවද නෝනා“
කියලා එයා චූටි මැණිකෙගෙං අහනව. එයාට පාර්සල් දෙකක් දීලා සල්ලිත් දීලා ආපහු හැරෙනවා. ඉං පස්සෙ එයා ඒක කනවද, විසිකරනවද, විකුණනවද කියන එක හොයන්න හොඳ නෑ. ඒ මිනිස්සුංගෙ පොටෝ ගහලා ෆේස්බුක් එකේ එහෙම දාන එකත් ඒ තරං හොඳ දෙයක් නෙවෙයි. වට පිටේ ඉන්න මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එකවත් බලන්න හොඳ නෑ. ආපහු අතුරු පාරෙං බයිසිකලේ අරගෙන කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිස හොයාගෙන යනවා. එතන වාහන නවත්තන්න තහනං හින්දා බයිසිකලේ පුස්තකාලෙ ඉස්සරහ දාලා කහ ඉරක් හොයාගෙන තව ටික දුරක් ගිහිල්ලා එතනිං පාර පැනලා පාරෙ අනෙක් පැත්ත දිගේ කච්චේරිය ගාවට ගිහිං එතන ඉන්න දෙතුන් දෙනාටත් දානෙ දීලා ආපහු කහ ඉර හොයාගෙන ඇවිත් පාර පැනලා බයිසිකලේ තියෙන තැනට ගිහිං ඒකෙ නැගිලා මුතියංගණය පන්සල ගාවට යනවා. එතනත් කඩ ලෑලි ටික පහුකරලා එහාට ගිහිං ඉඩ තියෙන තැනක බයිසිකලේ නවත්තල ඇවිත් පන්සල ඉස්සරහ ඉන්න දෙන්නට ඉතුරු පාර්සල් දෙකත් සල්ලිත් දෙනවා. සමහර වෙලාවට කට්ටිය වැඩිවෙලා කෑම පාර්සල් මදිවෙනවා. එතකොට ඉතිරි අයට කෑම කඩෙං ගන්න කියලා සල්ලි දෙනවා. ආපහු හැරෙනකොට ලොතරැයිකාරයා.
“පිං කරගෙන යන ගමං වාසනාව උරගා බලන්න.“
කියලා ටිකට් පොතක් අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකට අහුවෙන්නෙ නැතුව අපි ආපහු ගෙදර එනවා. එතකොට උදේ දහයත් පහුවෙලා. ඊළඟට පොලේ යන්න තියෙන හංදා බයිසිකලේ මිදුලෙම නවත්තලා බඩගින්නේ දියවෙන්න යන බඩට මොනව හරි දාගන්න කුස්සියට යනවා. එතකොට කුස්සියෙං එලියෙ ඉඳං චියනයි, බෑණයි “ඥියව්“ කියනවා.
“මට නං දැන් සැමන් කන්න බෑ“
චූටි මැණිකෙ කියනවා.
“මටත් බෑ වගේ අනේ“
මාත් කියනවා. අපි දෙන්නට දෙන්නා එහෙම රැවටිලා
“එහෙනං ඔය ඇතිලියෙ ඉතුරු ටික අනලා අර දෙන්නට දෙමු“
කියල තීරණය කරගන්නවා. ඒ විදිහටම ඒ දානෙ පංගුවත් හදලා දෙකට බෙදලා කොල දෙකකට දාලා රණ්ඩු කර නොගන්නා දුරකින් තියලා චියනාටත්, බෑණටත් දෙනවා. ඒ දෙන්නා “ලාබු ලාබු“ කියලා තමුංගෙ කොටස ඉටුකරද්දි අපි දෙන්නත් ඉතුරු හරියක් බඩට දාගෙන පොලේ යනවා. එදා හවසට පන්සලට ගිහිං මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා පිං අනුමෝදන් කරලා දානෙ අවසන් කරනවා.
****************************************************
****************************************************
උඹ දන්නවා නේද මම මේකට දුවගෙන ආවේ ඤාව්ව හින්දා කියලා...?
ReplyDelete//එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ/// බලාගෙන යනකොට අපි පූස් පිස්සෝ හැමෝම එකයි...
බලු පිස්සො ඔයිට හපං. එයිටත් අන්තයි කාර් පිස්සො.
Delete/ බලු පිස්සො ඔයිට හපං. /
Delete++++++++++
yanhella man asama blog eka. digatama liyanna.
ReplyDeleteතමුන්නැහැත් කාර් පිස්සෙක් වගේ.
Deleteකාර් වලට වැඩිය බයික් පිස්සෙක් නොවැ .
Deleteහොනට්? ඇප්‍රිල්ලියේ ඩොර්සෙඩියුරෝ? හස්ක්වානා? පිස්සෙක්ද
Deleteට්‍රේල්ද?
ආයෙත් අහලා, නොම්මර එකේ හොනට් පිස්සෙක්. අනික්වටත් ඊට දෙවැනි නෑ........
Deleteඅඩේ කිසි අඩුවක් ළුහුඬුවක් නැතිව පිළිවෙලටම ලෙසටම රසටම නූතන උපමා එක්ක ලියලා තියනවා. රහ වෑහෙනවා.
ReplyDeleteකලබලේට ලියා ඇත්තෙ. අඩුපාඩු ඇත්නං නිවැරදි කර බලන්න.
Deleteඅඩේ මාවත් පූසෙක් විදියට ගෙදර හදාගනිංකො බං
ReplyDeleteඤාව් කියන්න ඇහැක්ද? ලොං දිගයිද?
Deleteඇහැක් විදියට කියන්නං.... හැබැයි ලියන්න බෑ
Deleteචූටි මැණිකෙටත් හිංගල බැයිද බං? බොලාගෙ අත්තම්ම නං ඔය ලොම්බ හින්දය කියමුකො අර විදිහට කතා කොරන්නෙ? මේ අම්මණ්ඩිට මක් වෙලාද?
ReplyDeleteදෙයියම්ප..මම නං සල්ලි දෙනව කිව්වත් බොලාගෙ ගෙදර නං එන්නෙ නෑ...මට පූස් පාඬි ඇලජික්....
නියමයි සුරාමාතය...:)
පලි - දැ මේ පල්ලෙහයිං තියන වාක්කිය 1 හා 2 අතර කාලෙදි බොලා දෙන්නගෙ දෙබසුත් ලියල දාපංකො පෝස්ට් එකක්...
1. /ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා./
2. /පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං..../
උඹට මම මාස තුනක් කල් දෙනව. උඹ ඒ අතරෙ ඒ අතරතුරේ වෙනදේ සවිස්තරව ලිව්වෙ නැහ්නං සූකිරියා පල්ලා මම ලියනව ඒ පෝස්ට් එක....
ඔය පලවෙනි එකෙං පස්සෙ අපි ඉචිබිසෝ ගාතාව කියලා පෑන්නෙක දාගෙන නිදාගන්නව. ඔව් එච්චරයි.
Deleteඋඹ නොලියන හින්ද මමම ලියඤ්ඤම්ය කියල හිතා ගත්ත ඕන්න. දැනට ලියාපු හරිය මේම් මෙහෙමයි.
Deleteරෑට බත් කාල එහෙම ඔන්න ෂුරා ඉන්නව ඇඳේ විට්ටමට කොට්ටෙ හෙත්තු කොල්ල ඒකට ඇලවෙල. චුට්ටි මැණිකෙ මූන කට එහෙම හෝදගෙන ඇවිල්ල කණ්නඩි මේසෙ ඉස්සරහ ඉඳගෙන පුයර උලනොව සොකරි නටන්ට යන්ටහේ...පුයර උලන ගමම්ම බෙල්ල හරවල ෂුරා දිහා බලනව නලලත් රැලි කොරාන. ඒ අම්මන්ඩිගෙ බෙල්ල කොහොමත් අන්සක හතලිහක් වගෙ වමට හැරිලම තියෙන හින්ද වැඩි එහෙමට අමාරුවක් නෑ හැරිල බලන්ට.
"මේ ඔහේ ඔහොම්මම බුදියෙන්ටෙයි කල්පනාව අද?"'
"ආ..නෑ..නෑ...හනික බුදියෙන්ට මයෙ කල්පනාවක් එහෙම නෑ. හිහ්..හිහ්.."ෂුරා ඈක් එහෙම ගාල මනමාල හිනාවක් දාල කියනව......
"එහෙම කෙහෙම්මලක් නෙවෙයි මනුස්සයෝ මම කිව්වෙ..අම්මප ඔහෙටත් ඉතිං......ආ ..එව්ව ඕන නෑ..මම කිව්වෙ අඩුගානෙ ඔය මූනවත් ඩිංගක් හෝදගෙන ආවොත් නරකද දාඩිය කුයිලෙවත් යන්ට..."
To be continued in Nidahas sithuvili....;)
ඉන්ටනෙට්ටෙක දාන හරිය නැතෙයි?
Deleteඑල ද බ්‍රා
Deleteයකෝ දැං එතකොට දානෙ තනිකරම උඹ නොවැ බං උයල තියෙන්නෙ
ReplyDeleteනෑ. මං නොකරන ජාති බලන්නකො
Delete1 හොද්දට අවශ්‍ය දුරු මිරිස් දාලා අනික් පහේ ජාති කපලා දාලා කිරි මිරිකලා හොද්ද ලිපේ තියා හැඳිගෑම
2 අල් බැදුම හැදීම
3 පපඩං බැදීම
4 බැදුම බැදීම
5 හාල් හෝදලා රයිස්සෙකට ගැහීම
6 මෙව්වා සේරම හැන්දෙං ආණ්ඩුමට්ටු කිරීම
මළ වදයක් නෙමේද බන් ඔය බළල් හමුදාව..මටනම් ඕකුන්ව පේන්ඩ බෑ.. අඩුම ගානෙ කන්ඩ ටිකක් දුන්නමවත් මූණක් බලලා හිනාවෙන ජාතියක්යෑ.. පුම්බගෙන ඉන්නවා මිසක්..හරියට අපේ ඕනකමට ඉපදුනා වගේ...
ReplyDeleteතලෙයනං එහෙම වල්බූතයෙක් තමා. ඒ වුනාට ටිකිරි එහෙම නෑ. ඒකිගෙ දෙමව්පියො නැති හංදා දෙමාපියො හැටියට සලකන්නෙ අපිට. දුක කියාගෙන එන්නෙ අපි ගාවට.
Deleteමං හිතුවේ සුරංග චූටි මැණිකෙ එක්ක කතා කරනකොට හා කියල විතරයි ද කියන්නේ හිතුවා...
ReplyDeleteදානෙ ඉවිල්ල නම් මරු...
ඔය පූසන්ට පොඩි කාලෙ ඉදලා පොල් දුන්නද... අපි නම් දුන්නෙ නෑ... ඒ නිසා අපේ කිටි නම් පොල් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැ...
මෙයා ඔය පූසට වෙනස්කම්මනේ කරල තියෙන්නේ අනේ....
Delete//“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“//
බලලෙක් ගෙදර නවත්තගන්න ඕනි උනහම උට පොල් කවලං කරල බත් දෙන්න ඕනැ. පොල් මොනවද නගේ උම්බලකඩ නෙව පේන්න බැරි.
Deleteසැමන් සීන් එක උඹමයි අනාගෙන තියෙන්නෙ. ගස්ලබ්බ නම් සැමන් වතුර ටික දාන්න ෆ්‍රිජ් එකට.සැරින් සැරේ පූසට නිකුත් කරන්නෙ.උදේ නැගිට්ට ගමන්ම පූස පිලිගැනීමේ ගීතය ගායනා කරල කුස්සියට එක්කන් ගියාට පස්සෙ උයනකන් කනක් ඇහිල ඉන්නෙපැයි.තේ හැදිලි කිරි හැදිලි ගස්ලබ්බ ලඟ නෑ.ඉතින් රෑ ඉතුරු බත් ජුණ්ඩකට අර සැමන් වතුර ටිකක් දාල දුන්නම ටික වෙලාවකට පූස කොන්ට්‍රෝල්.
ReplyDeleteඅපේ එකාගෙ වැඩේ කියන්නෙ දැන් උගෙ කෙල්ලො දෙන්නෙකුත් එක්කන් ඇවිත් කන්න දෙනව කියහංකො..
පාරෙ හිටපු යාචකයො කිව්වෙ නැද්ද බං සල්ලි ටික දෙන්න.. කෑම එක නම් ඔය කවුරු හරි නැති බැරි කෙනෙක් බලල දෙන්න කියල.සමහරු ඒ තරම් පොහොසත් 'ලු'.
ජයවේවා..!!
අපේ ගෙදරත් ටිකිරිගෙ පස්සෙ එන නාකියයි. චියනයි දෙන්නමත් යැපෙන්නෙ අපෙං.
Deleteනෑ.. ඒ මිනිස්සු ඒ දෙකම ගන්නව.
This comment has been removed by the author.
ReplyDeleteකෙසෙල් කොලේ බැඳපු බත් කන්න ආසා අය මෙහෙත් ඉන්නවා. බැයිද ඔයින් දෙක තුනක් මෙහාට එවන්න. ?
ReplyDeleteකෙහෙල් කොල ටිකක් තවලා ඩීඑච්එල් එකට දාන්නං උණුවෙම්ම ගිහිං දෙන්න කියලා.
Deleteතරහ නැතුව අර එඩ්වඩ් මායා කියන විදේශීය සිංදුව මොකක්ද කියපංකො :O
ReplyDeletehttps://m.youtube.com/watch?v=6_5D4y6x-oo
DeleteSaadu.dane Dena eke Nam hoda deyak.eth higanno kiyala Inna hoda yakkunta Wada punchi daruwanta,mahalu ayeta rasata kena welak denna.puus palanaya bohoma naraka athata herila wagei.
ReplyDeleteඅර කියාපු ජාතියෙ පිං අපි අනෙක් මාසවල කරනවනෙ.
Deleteබලල් පාලනේ අපිව යට කරං ඉන්නෙ.
පුදුමාකර භාෂාවක්නෙ බං උබල කතා කරන්නෙ..
ReplyDeleteයාචකයන්ට දෙන දානෙ ඉදුල් නොකර උයන්න ඔනැද ?
යාචක දානෙත් ඉඳුල් නොකර උයනව ඉතිං. හැබැයි ඉඳුල් නොකරන්නෙ අපි දෙන්න විතරයි.
Deleteපිං කලාට වාසනාව ළඟට එන්නේ නැති බව ටක්කෙටම දන්නවා නේද....
ReplyDelete.
මරු ලිවිල්ල....
.
ජය වේවා....!!!
ටිකට් ඇදෙන්න කියලා පිං කරනවනං එතන අත්හැරීමක් නෑ. පිනට දෙන්න ඕනෑ පිනත් ඕනි නෑ කියලයි.
Deleteමං ආන්න අර සිංදුව දාලා අහගෙන හිටියේ මටත් එහෙම ඇහෙයිද කියලා.... ම්හු :) :)
ReplyDeleteඒ කියන්නේ ඔයාලව බලන්ඩ එනදාක අර ජෝඩුවට සැමන් ටින් එකකුයි පොල් ගෙඩියකුයි ගෙන්න වෙයිනෙ..?
ඒකලා සැමන් ටිං එක කඩපු ගමං සැමන් වතුර එක විතරක් බීලා කෑල්ලක් කනව. ඉං පස්සෙ ඉතුරු ටික දිහා බලන්නෙවත් නෑ. පස්සෙ දුන්නට කන්නෑ. සමහර වෙලාවට පොල් රැල් දිග වැඩි නං ටිකිරි “පොල් නැටුම“ කියල එකක් නටනව.
Deleteහොඳ වැඩක් කරල තියෙන්නේ. මේ පිං මහිමයෙන් වසන්තයා ලී කුට්ටිය ලැබේවා.
ReplyDeleteලී කුට්ටියට සුදුසු ලිපියක් මේක..
Deleteඅටං අයියාවත්, දොස්තර මහතාවත් පහුකරගෙන යන්නට මගේ උවමනාවක් නැත. මට ලැබෙන චන්ද ගානත් වැටිලා ඉවරයි. සමහර විට තුංවෙනි තැන ලැබෙන්න පුළුවං.
Deleteදෙන දනය දෙන්න ඕනේ මහා ඉහලින්
ReplyDeleteනැතිනම් නෑ පිං
ජය වේවා ..!!!!
එතකොට අපිට PIN නෑ?
Deleteඅගනාය දානය .....ඇති හැටියෙන් දන් දෙමු ... ජයින් ජයිම වේවා ....
ReplyDeleteමැද ඉඩ මොකාටද?
Deleteශ්‍රන්ගයෝ..! මමනං උබේ පොස්ට් වල කැමතිම දේ තමයි උබේ සවුන්ඩ් එෆෙක්ට්. පට්ට ආතල් හොඳේ.
ReplyDeleteයකෝ උබලයි පූසො දෙන්න උබලට කරදර කොරන්නෙ හරියට ඩයිනොසෝර් පැටව් දෙන්නෙක් ගෙදර හුරතලේට ඇති කොරන ගානටනෙ හිටං 😂
උබේ මේ \\.."පිනට දෙන්න ඕනෑ පිනත් ඕනි නෑ කියලයි"...// කථාව මම විශේෂයෙන්ම අගය කොරනව 🙏
(මගේ බෝග උබේ බොගේ එල්ලුවට ස්තුතියි හොඳේ. ලිවිල්ල පොඩ්ඩක් නැවතුන බං)
ඒවා ඒ තත්වෙට හුරතලේට ගත්තෙ මම එහෙමනං නෙමෙයි ඔන්න.
Deleteනොලියන එක හොඳයි. ලිව්වනං අපිට ලැබෙන සම්මාන නැතිවෙනවනෙ. අපි වෙනුවෙන් සලකලා නොලියම හිටපං.
සම්මාන..??? හා හා හා... 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😜😜😜😜.. කාල බීල ඇඳලා කරල ජොලියෙ සන්තෝසෙන් ඉන්නවනං මචෝ ඒ තරං වටින සම්මානයක් තවත් නෑ.. කාගෙන්වත් ඒ වගේ සම්මානයක් ගන්නත් බෑ 😂😂😂😂😂😂
Deleteමං කට ගෙවෙනකං කියල තියනව ඔය ඇටගිය රත්තන්ට ඉන්නා රටක විස්තර ලියාපියව් කියලා. ඒ වුනාට රට ගිය අයියලාත් කාල්ගාන්නෙම මේ ලංකාවෙ තියෙන කුණවල්මයි. ඇයි අම්මප තමුං ඉන්න අලුත් වටපිටාව ගැන ලිව්වනං මෙරට ඉන්න එවුං එව්වා දැනගන්නව හරි නේද? අන්තිමට මං හිතුවා එව්වා ලියෝනවට වඩා හොඳයි මං ඉංගිරිසි ඉගෙනගන්න එක කියල.
Deleteඒ ආතල් සහ විස්තර අනුපිළිවෙලටම බුකියෙ තියෙනව මචෝ. 😂😂😂😂 මම බ්ලොග් එකයි ෆේස් බුක් එකයි එකට පටලගන්නේ නැත.
Deleteනියම කතාව. අර ෆොටෝ නොගහන එකත් ෆේස් බුක් නොදමන එකත් අන්න ඒක තමා හොඳම කතාව !
ReplyDeleteසමහරු අසරණ මිනිස්සුන්ට සුලුවෙං යමක් දීලා ඒ මිනිස්සුංගෙ ආත්මෙම තමුංගෙ බූදලේ හැටියට හිතනවනෙ. ඒකයි මං එහෙම කිව්වෙ.
Deleteඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සමරන්න ද මේ දනය දුන්නේ ..මිට කලින් වෙසක් එකට දානයක් දීලම නැද්ද ..?
ReplyDeleteඒක සමරන්න අපි ගෙවල්වල සීට් හුළඟෙ ඇරියා.
Deleteවෙසක් එකට දානෙ දෙන්න අය ඕන තරං ඉන්නව. එයිට කලිනුයි පස්සෙයි දානෙ දෙන්නනෙ මිනිස්සු නැත්තෙ. අපි දුන්නෙ වෙසක් එකට කලිං.
හයියෝ...
ReplyDelete/“එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“/ මේ වගේ සීන් නං ඕන තරං වෙලා තියනවා හිටං
දානේ දෙන ඊ ලග දවස කියපං.. මං හිගන්නෙක් වගේ මුතියංගනේ ගාවට වෙලා ඉංනං..
ජ ය වේ වා !!!
අත දිග්කරගෙන "මාත්තයා, නෝනා දීලා යන්න" කියලා කිව්වනං හරි.
Deleteමේ පෝස්ට් එක කියවලා බඩගිනි උනා. රෑ කෑමට මේ මෙනු එක හැදුව නම් හරි. :)
ReplyDeleteසුරංග ගේ ගෙදර පූසෙක් වෙලා ඉපදෙන්නත් සෑහෙන්න පින් කරන්න ඕන නේ. මමත් බලල්ලුන්ට ආදරේ කෙනෙක්. සුරංග මේ බළල්ලු ගැන ලියපු විදිය හරිම ලස්සනයි.
අර සින්දුව ඇහුව "අතිකනා හම්මේකිට්මයාට්" කියන්නේ මොකද්ද බලන්න. ම්හු, ඒක නම් එහෙම ඇහුනේ නෑ :D
මේකේ තිබුණු කොමෙන්ටු ටිකත් පෝස්ට් එකටම හරි. ඒවායින් මම ආසම මේක.
// පිනට දෙන්න ඕනෑ පිනත් ඕනි නෑ කියලයි. //
අපේ ගෙදර ඉන්න "කළු" ටත්, පොල් හොඳට හුරුයි. හිරමනේ බිමින් තියන සද්දේ ඇහුණාම මොන ලෝකේ හිටියත් පණ කඩාගෙන දුවගෙන ඇවිත්, හිරමනේ ඉස්සරහින් වාඩි වෙලා හෝ පොල් ගාන මනුස්සයට චාටු කර කර කකුලේ ඇතිල්ලි ඇතිල්ලි හෝ ඉන්නවා.
ඔය බලල්ලුන්ට හඬ කියන එක හරියට මතකයි. සැමන් ටින් එක කඩන සද්දෙ හරියටම අඳුරගන්නව. ඔන්න දවසක් අපේ ගෙදර ඉඳියාප්ප වංගෙඩියෙ අඩියෙ සිදුරු තියෙන කෑල්ල සවුත්තු වෙලා අලුතෙං එකක් හදන්න උනා. ඒ ගමන මං පරණ සැමන්ටිං පියනක් කඩාගන්න හිස් ටින් එකට මිටියෙං ගැහුව. දෙපාරයි ගැහුවෙ ටිකිරි එතන. මක්කල්ලවත් බේරන්න බැරුව අන්තිමට උම්බලකඩ දීලයි බේරුනේ.
Deleteඕං දාන..! දානෙත් ඔය පූස් හමුදාවටම දුන්නනම් හරිනේ.. කරදරයක් නෑනේ. පූසොනේ
ReplyDeleteඋං එව්ව කන්නෑ මලේ
Deleteඅන්න අර පූසන්ට තව පොල් බෑයක් ගාලා සැමන් ටින් එකක් කඩලා දීහන්. ඊටත් වැඩිය පිනක් කොහෙන්ද
ReplyDeleteගේ පුරාම ඇදං ඇවිදියි
Deleteඅපෝ එපා වෙන්නෙ නැද්ද බලල් කේස් එක. බල්ලෙක් හදපං බං
ReplyDeleteබල්ලොන්ට නිදහසේ ඉන්න අපේ ගෙදර ඉඩ මදිනෙ. බල්ලෙක් හදනවනං උට ඇවිදින්න අක්කරේකවත් ඉඩක් තියෙන්න ඕනි.
Deleteමමයි සඳු පොඩි මෙන්ඩ දවසක එනවා උබලගේ ගෙදර කෑම වේලක් කළා යන්න
ReplyDeleteමේ අවුරුද්දෙ නිවාඩුවක් බලලා ඉරිදාක ඇවිදින්න බලං එන්න අයියා. ලබන අවුරුද්දෙ කොහෙ විසික් වෙයිද දන්නෑ මාව.
Deleteපොහොං එකටත් බොලා ඔය වගේ දානයක් දෙනවනං කියහං. අපිටත් බැරියැ මුතියංගනේ පැත්තෙ ඇවිල්ල ලගා ගහගෙන ඉන්න. හැබැයි මතක ඇතුව රෝස් කරපු කුකුල් අණ්ඩකුත් දාහං ඊගාව පාර දානෙ දෙනකොට.
ReplyDeleteළඟදිම දවසක උඹලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනව ඔය පූස් තඩියො දෙන්න.
අර විදානෙත් එක්කම ඇවිත් අත දික්කරගෙන "මාත්තයා නෝනා දීලා යන්න" කියන්න.
Delete''නෝනා'' ආපෝ...... සල්ලි එක්කවත් එපා. හෙක්..
Deleteහරි වටිනා දානයක්...
ReplyDeleteබළල්ලු පොඩි කාලේ තමයි හොඳ. ලොකු උනාම හෙණ වාත...
අපේ ගෙදර ඒකෙ අනික් පැත්ත. ටිකිරිට තාමත් මගේ ඔඩොක්කුවට පනින්නැතුව ඉන්න බෑ. ඒකිගෙ අම්ම තාත්තා නෑනෙ. ඉතිං සේරම කනිපිංදං අපිට තමයි කියන්නෙ.
Deleteමමත් ඊයේ පෙරේද දුන්න දානයක්. හාමුදුරුවන්ට. සමන්ත භද්‍ර ක්‍රමය මස් මාළු හදල.
ReplyDeleteඔය හෝම්ලස් ඈයින්ට දැනේ දෙන්න ගිහින් වරක් මට්ටු වුණා . පූසෝ පොල් කනවා කියල දැන ගත්තේ අදනේ. අපේ එක අර සීරියල් ඇරෙන්න වෙන මුකුත් කන්නේ නැහැනේ. පූස් කෑම කන්නෙත් නැහැ.
ඊළඟ පාර ලංකාවට ආවම මතක ඇතුව මට කියන්න ලපටි කුප්පමේනියා මුල් ටිකක් දෙන්නං ගෙනියන්න. බලල්ලුන්ට උම්බලකඩ දෙන්න පුළුවං නේද? ගෙවල් නැති අය ඔහෙත් ඉන්නවද?
Deleteඅන්න හොඳයි. උම්බලකඩ දෙන්න බෑ ඌ කන්නේ නැහැ. හැබැයි ඔය සැමන් කියන්නේ මැකරල් නේ. ට්‍රයි කරලා බලන්න ඕනේ . ටුනා ටින් දිදී හිටිය. මූට ඒකෙ මර්කරි අහුවෙලද කොහෙද ඒක කන්නෙත් නැහැ. ඔල්මොරොන්දන් පුසෙක්. හැබැයි අපි කන වෙලාවට වෙනම පුටුවක් තියන්න ඕනේ එයාට ඉඳගෙන ඉන්න.
Deleteගෙවල් නැති අය නගර වල ඉන්නවා. හුඟක් ඉන්නවා කියන්න බැහැ. නමුත් සීයක් වත් හොයා ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒ ඉන්න හුඟක් අය අපි දෙන දේ කන්නේ නැහැ. එයාල ඉල්ලන එක දෙන්න ඕනේ. හාමුදුරුවන්ට දානේ දෙන එක ලෙහෙසියි එහෙම බැලුවම.
උඹලව අල්ලෙ නටවන්න පුලුවන් බව පූස් ගෙඩියෝ දන්නවා. ෆ්‍රිජ් එක උඩ පූසො තියන උන් තව ඉන්නවද බං?
ReplyDeleteමේ ලියල තියන විදිහට කියවන කොට හැමදේම හිතෙන් මවාගන්න පුලුවන්.
ReplyDeleteබොහොම සරල ලස්සන ජීවිතයක් සුරංගට තියෙන්නෙ.
Lassanata liyala thiyenawa.. Niyamai..
ReplyDelete// “එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“ //
ReplyDeleteහුකෑස් ... යකෝ තොට බොදු බලු සේනාවෙන් උස්සන් ගිහින් අතුරුදහන් කරයි මයිත්‍රී කොරලම !
එක්කෝ කමක් නැහැ බෝලාගේ ගෙදර ඉන්න බළල් සේනාව ගේමට බහීවිනෙ !