Monday, June 20, 2016

තුං සක් රිය (Three Wheeler) හෙවත් முச்சக்கர வண்டி - 1




මේ බ්ලොග් එකේ ඇස්වහ, කටවහ, හෝ වහ දුරුවේවා. ලියන පෝස්ට් කලට වෙලාවට අහවර වේවා.




“ඕං ඔයා පහුගිය දවස්සල උඩපැන්නට අපෙ අම්ම ජාති ණය ගෙවනව පිනෑස් කොම්පැනියට කියල, අපෙ අම්ම දින්න. දැං ටීවිල්ලෙකක් ලස්ස දහයක් වෙනකං ගනං ගිහිල්ලලු“


දවල්ට බත් කන්න ආපු ඩිංගට මේං චූටි මැණිකෙ බෙරිහං දෙනව. දවල්ට හිටිගමං කියන කැඩෙන ප්‍රවෘත්තියකට (Breaking News) කිව්වලු තීවිල් එකක් ලක්ස දහයක් වෙනකං ගනං යනව කියල. බජාජ් කොම්පැනියට පිස්සුද, ටී.වී.සුන්දරලිංගම්ට පිස්සුද, නැත්තං මටම  පිස්සුද?


“ගිය සතියෙ පියුම්මහත්තය ඇරං තිවුනෙත් ලස්ස හයාමාරකටනෙ. ඒ මනුස්සයගෙ වාසනාව. දැං ගත්තු ගාන්ට ලස්සයක් වැඩිපුර කියල සුටුස් ගාල විකුණන්න පුලුවං“


උඩ පැනිල්ලෙ ඉවරයක් නැති තැන වැඩේ ඇත්ත නැත්ත හොයන්නත් එක්ක මං එදාම කතා කලා දාවිස් පීරිස්ගෙ කොම්පැනියට.


“සර් දැං සර් මිල සර් ලක්ෂ හයයි පනස් දාහයි සර්. තව සර් සතියකිං සර් දහදාහක් සර් ගනං සර් යනව සර්“


ආං එහෙම කිව්ව ඒකෙ හිටපු දාවිස් පීරිස්ගෙ මිනිබිරියක්. ඒ කියන්නෙ ලස්ස දහයක් වෙනකං ගනං යන්නෑ. එව්වෑං වැඩක් නෑ මං කියන්න  යන්නෙ ත්‍රීවීල් ගැන.


ඉස්සර අපේ ගම් පලාතෙ තිවුනෙ ත්‍රීවිල් එකයි දෙකයි. එව්ව සේරම වගේ කිරි පාටයි. කිරි පාටයි කියන්නෙ ඒ දවස්වල තිවුන පනුබෙහෙත් පෙත්තෙ පාට. ඒ අතරෙ සුදුවැලිපොත වීමෝලෙ විල්බොට් ගාව තිවුනා කහපාට තීවිල් එකක්. රැලි ගැහිච්ච කලුපාට රෙද්දත් එක්ක ඒක පෙනුනෙ කුදු ගැහිච්ච වයසක මිනිහෙක් කුඩ රොඩ්ඩකුත් ඉහිලගෙන වැස්සෙ යනව වගේ. ඒක කඳු අදින්න බොහොම හොරයි. ඒකෙං හයර් එකක් ගියොත් යන මිනිස්සුන්ට වෙනම කුලිය දෙන්න ඕන වාහනෙං බැහැලා කඳු තල්ල කරනවට. 

මේ තියෙන්නෙ ඒ ජාතියෙ කුදු ගැහිච්ච එකක්


අපේ ගමේ තිවුන තීවිල් වලින් එකක් තමයි අපේ පන්තියෙ හිටපු රුවන්ලෑ තාත්ත ගාව තිවුනෙ. ඒකෙ ඉස්සරහ වම් පැත්තෙ කම්මුලේ ලොකුවට ලියල තිවුනා “හිතවතා“ කියලා. ඒකෙ වහලෙ උඩ හුඩ්ඩෙහෙකුත් තිවුනා.  ඒ ගෙදර හැමෝම ඉන්න වෙලාවක තමයි තීවිල්ලෙක පාරට ගන්න පුලුවං. නැත්තං ගෙදර ඉඳං මහපාරට එන්න තියෙන කන්ද තමුංගෙ වීරියෙං එන්න ඒකට අමාරුයි. රුවනයි, උංගෙ අයියයි තීවිල්ලෙකේ දෙපැත්තෙ බට දෙකෙං අල්ලල තල්ලු කරද්දි තීවිල් එකේ කොන්දටත් වඩා මහත රුවන්ලෑ අම්මත් තීවිල් එකේ කොන්දට දෑත බදල අතගහල තල්ලු කරනවා. රුවන්ලෑ තාත්තා හැඩල්ලෙකේ එල්ලිලා ඉස්සරහ බලාගෙන බන්දු සමරසිංහ වගේ බලං ඉන්නවා. ආපහු එනකොට රුවන්ලෑ අම්මට හොඳටම කැස්ස. නහයෙ, කටේ දුං පිරිලා.



ඒ දවස්වල ඔය කොයි තීවිල් එකෙත් නමක් තියෙන්න ඕනැ. ඒකත් එක්තරා ක්‍රමයක්. කසාද බැඳල නැති පන්සලේ සරත් අයියගෙ ත්‍රීවිල් එකේ පිටිපස්සෙ කොටු අකුරිං සරත් කියලා ලියල තිවුනා. සමහර අය තීවිල් ගත්තෙ ගෙදර කට්ටිය හවුලෙ සල්ලි දාලා. ඉතිං හැමෝගෙම නං ගහන්න ඕනෑ. ඉස්සරහ කම්මුල් දෙකේ නං දෙකයි. ‘කමනී‘, ‘ජයන්ති‘ පිටිපස්සෙ වීදුරුවට උඩිං තව නමක් ‘සමන්‘. ගෙදර අම්මල තාත්තල ඉතිං සල්ලි දුන්නට නං ගහන්න කියන්නෙ නැති නිසා හොඳයි. හැබැයි එහෙම තව හවුල් කාරයො හිටියොත් පස්සෙ වීදුරුව දෙපැත්තෙං රෙද්ද දිගේ පහලටත් නං දෙකක් ගහනව.
න්

කියල එක පැත්තක. අනික් පැත්තෙ
ප්‍රි
න්

කියලා. ඔය කොයි තීවිල් එකත් ගමේ අය හැඳින්නුවෙ ඒකෙ ලියල තියෙන නමින්. දැං ඔය මං කියාපු තීවිල් එක ගැන කිව්වොත් ඒ ගෙදර බාල ගෑල්ලමයගෙ හිතවත් අය ඒකට කියන්නෙ “කමනි තීවිල්ලෙක“ කියලා. එතකොට වැඩිමල් ගෑල්ලමයගෙ යාලුවො කියන්නෙ “ජයන්ති තීවිල්ලෙක කියල. ලොකු කොලුවගෙ යාලුවන්ට ඒක “සමන් තීවිල්ලෙක“ බාල කොල්ලො දෙන්නගෙ යාලුවන්ට ඒක “සමන්ත තීවිල්ලෙක“ නැත්තං “පියංත තීවිල්ලෙක“. ඔය විදිහට එකම තීවිල්ලෙකට නං පහක්. තීවිල් ගොඩක් නැති හංදා ඒ නං පහම වුනත් මතක තියා ගන්න පුලුවන්.


ඒ දවස්වල ත්‍රීවිල්වල පිටිපස්සෙ කවි, ආප්තෝපදේශ ගැහුවෙත් නෑ. හැබැයි සමහර එව්වයෙ පිටිපස්සෙ ඉන හරියෙං සුදු පාටිං ලියල තියෙනව  අතහිත මහජන බැංකුව කියලා. ඈ පේන්නැද්ද? සුදු පාට හිංද වෙන්නැති. ඕක වෙනිං පාට තැනක ගැහුවං පේනව. හැබැයි සමහරු ඔය ඉස්සරහ කම්මුල් දෙපැත්තෙං එක පැත්තක ලොකු රෝස මල් එහෙම ඇඳලා තිවුනා.


එව්වෑ ලයිට්ටෙක තිවුනෙ රෝදෙ උඩ. ලයිට්ටෙක කියන්නෙ ඔය රෑට එළිය කොරගෙන යන එක. ඔව් එක ලයිට්ටෙකයි තමා. ඊළඟට තිවිච්ච වැදගත්ම කොටහ තමයි ඉස්සරහ වීදුරුව පිහින බාර්යාව. ඒක කරකවන්න වෙනම කලුපාට ටිං බෙලෙක්කයක් වීදුරුවෙං අනික් පැත්තෙ තිවුනා. මොටෝ සයිකලේ වගේ නෙමෙයි තීවිල් ඉස්ටාට් කරන්න වෙනම කැති මිටක් වගේ පොල්ලක් තියෙනව. ඒක උඩට ඇද්දහම තමයි ඉස්ටාට් වෙන්නෙ. දැං කාලෙ වගේ සුවිච්චෙකෙං ඉස්ටාට් වෙන එව්වා තිවුනෙ නෑ. අනිත් එක තමයි සද්දෙ. ඒ තීවිල්වල සද්දෙ පර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් පට් පට් පර්ර්ර්ර්ර්ර්ර්රර්්රර්ර්ර්ර් කියලයි ඇහෙන්නෙ. පල්ලංවල යද්දි පර් නැතුව අතරිං පතර පට් පට් විතරක් ඇහෙනවා.


ඒ දවස්වල තීවිල් එකක් ගත්තෙ බොහොම ලොකු සල්ලිකාර උදවිය. තේ අක්කර හත අටක් තියෙන ගෙවල් දොරවල් විසාලෙට හදාගත්තු, ළමයින්ටත් ගෙවල් දොරවල් ඉඩ කඩං ඇරංදීලා ඒත් අතේ තියෙන ගාන ඉවර කරගන්න බැරි අය තමයි තීවිල් ගත්තෙ. දැං ඔය නුසුදුස්සො කාර් අරගත්ත වගේ නෙමෙයි ඒ කාලෙ සුදුස්සංව විතරයි තීවිල්වලට නග්ගගත්තෙත්.


ලෙඩක් හැදිච්ච වෙලාවට, එහෙමත් නැත්තං මගුලක් බලන්න යන වෙලාවට වගේ විශේෂ අවස්ථාවකට විතරයි තීවිල් එකක් හයර්රෙකට ඇරං ගියේ. ඒත් සුදුස්සන්ට විතරයි අවසර තිවුනෙ. දෙමල්ලු, රදා මිනිස්සු, පදු මිනිස්සු එහෙම තීවිල් වල නග්ගගත්තෙ නෑ. ඒ වගේම තමයි ඉල්ලන ගාන ගෙවන්න පුලුවං වෙයි කියල හිතෙන අයගෙ හයර් විතරයි යන්නෙත්. එහෙම නුසුදුස්සෙක් ආවොත්.


“පැස්ටෝල් නෑ“


“හුලං නෑ ටෑර් එහෙකවත්“


“තීවිල්ලෙක කැල්ල තියෙන්නෙ.“


“බේක් කඳුලක්කත් නෑ“


කියල එලව ගන්නව. කොහොමත් ගෑනු අය බයයි බේක් නැති වාහනවල යන්න. දැං වගේ එච්චර ගමං බිමං යන්න නැති හංදා ඔය තීවිල් එකක් හිරිබිරි අරින්නෙ මාසෙකට හමාරකට දවසයි. ඒ හංදා ලෙඩක් දුකක් වෙලා හදිස්සියකට ලෙඩෙක් ඉස්පිතාලෙ එක්ක යන්න ආවත් මුලිංම තීවිලලෙකේ ලෙඩ හදන්න ඕන.


ගොඩක් වෙලාවට තීවිල්ලෙකක් ඕන වෙන්නෙ රෑ පාලොස් පැයට ලෙඩක් දුකක් හැදුනහම. නැත්තං ළමෙක් හම්බුවෙන්න අමාරු උනාම. ඒ වගෙ වෙලාවට ලෙඩාව වත්තං කරගෙන, ලෙඩාගෙ අඩුම කුඩුම දාපු බෑක් තඩිය කරේ දාගෙන බැරි අමාරුවෙං ගාටනන්න ඕන තීවිල්ලෙකක් තියෙන ගෙදරකට. ඒ ගිහිං ගෙදර බල්ලො කුලප්පු කරලා, දොරට තට්ටු කරලා හැට වරුවක් කෑගැහුවම ඕං ගෙදර ගෑනු මනුස්සය ඇහිල්ලා දොර අරිනව. එතකොටම පටං ගන්න ඕනෑ අදෝනාව.


“හනේ නංගියේ මේ අපේ කෙල්ලට ළමෙය හම්බුවෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙ ඇරං යන්න. **පාල මල්ලි ඉන්නවෑ ගෙදර?“


ඇවිල්ල ඉන්න කෙනයි වග විස්තරෙයි බලාගන්න ගෙහිමි කාන්තාව දොර වහනව. ඉං පස්සෙ විනාඩි දහයක් පහලවක් යනකං ගේ ඇතුලෙ කසුකුසුව විතරයි. ඒ අතරෙ බබා හම්බුවෙන්න ඉන්න ගෑනු කෙනා දොරකඩ ඉඳගෙන කෙඳිරිගානව. ඇඹරෙනවා. ඒත් ගේ ඇතුලෙ සාකච්ඡාව ඉවරෙයක් නෑ. ආයිමත් දොරට ගහන්න වෙනවා.

“**පාල මල්ලියේ... **පාල මල්ලියේ“

ඕං එතකොට ආයිමත් දොර ඇරෙනව. ඒ ගමන එන්නෙත් ගෙහිමි කාන්තාව.


“එයා ගමනක් ගිහිං හුඟක් රෑ වෙලා ආවෙ.“


ඒ කියලා කට අහකට ගන්න කලින් ආයිමත් අදෝනාව කියන්න ඕනි.


“අනේ නංගියෙ යංතං මෙන්න මේ කෙල්ලව ඉස්පිතාලෙට ගෙනියන්න එන්න කියන්නකෝ. මේකිට හොඳටම අමාරුයි.“


“කලිං එක්ක ගිහිං නවත්තන්නනෙ තිබුනෙ. ඉන්නකො මං කියල බලන්නං“


ආයිමත් දොර වැහෙනකොටම අදෝනාවෙ අවශ්‍ය කොටස කියවෙනව.


“ඉල්ලන ගානක් දෙන්නං නංගියෙ. හනේ මයෙ කෙල්ලව ඉස්පිතාලෙට ගිහිං දෙන්න කියන්නකෝ“


ඕං ඒ ගමන තවත් විනාඩි ගානක් ගිහිං තීවිල් එකේ අයිතිකාරය එනව.


“මගෙ ඇඟටත් හරි මදි. මේ බෑ කියන්න බැරි කමටයි එන්නෙ“


කියාගෙන. එතකොට බබ්බු හම්බෙන්න ඉන්න කෙනා ලතෝනි තියනව. තීවිල් එක අයිති කෙනා ගානක්වත් නැතුව තීවිල් එක දාල තියෙන මඩුවට යනව. ගිහිං ඒක වහල තියෙන ඉටිකොල ටික අයිං කරල නවල පැත්තකිං තියනව. එතකං ලෙඩා එක්ක ආපු අය ටෝච්චෙක අල්ලන්නත් ඕනි. ඊළඟට ටෑර් ටිකට තට්ටු කරල බලනව.


“හුලනුත් මදි වගේ“


“අනේ මල්ලියෙ හුලං නැතත් කමහ්නෑ. මං ටෑර් එක්කොම හරි දාල දෙන්නං මොකක්කත් උනොත්.“

ඔන්න ඒ ගමන ගමනට ඉන්සුරන්ස් එකත් හම්බුවෙනව. වාහනේ අයිතිකාරය ඒ ගමන රෝද වලට තියල තියෙන අඩ ටික අයිං කරල වාහනේට නගිනව. ඊළඟට යතුර දාල කරකවල අර වම්පැත්තෙං තියෙන කැති මිටෙං අදිනව.

“හුටස්ඩස්.....        හුටස්ඩස්               හුටස්ඩස්            හුටස්ඩස්          හුටස්ඩස්“

ඉස්ටාට් වෙන්නෑ. ආයිමත් ලමෙය හම්බෙන්න ඉන්න කෙනා විලාප තියනව. ඕං ඒ ගමන උන්දැගෙ අම්ම ආයිමත් දුව ගාවට යනව.


“අනේ වියසල හිටාං දුවේ.. ඩිංගක්“


ආයිමත් තීවිල්ලෙක ගාවට එනව.


“අනේ මල්ලියෙ ඉහ්මන්ට ඉස්ටාක්කොරගන්න විදිහක් නැද්ද ඕක“


“පෙෂ්ටල් නැතුවද මන්ද.“

ඒ ගමන ආයිමත් බැහැල ගිහිං පිටිපස්සෙ දොර ඇරල බලනව. බටයක් ගලෝල පිඹිනව. ජරමර ගොඩයි.


“පෙෂ්ටල් තමයි පශ්නෙ. ටැංකියෙ පෙශ්ටල් බිංදුවක්වත් නෑ. ඒකයි වැඩේ“


“අනේ මල්ලියෙ ගෙදර ගෙනාපුවවත් නැද්ද?“


“හ්ම් පෙෂ්ටල් බෝතල් දෙකක් ගේන්න වෙයි කඩේකිං. ගෙදර නෑ මං හිත්නෙ“


“අනේ මල්ලියෙ බලන්නකො. ගෙදර තියේනං ටිකක් දැනට ගම්මු. දැං කොහෙංද කඩවල් අරෝල පැස්ටෝල් ගේන්න තියෙන්නෙ. සේරම කඩ වහලනෙ. මං හෙට උදෙංම පැට්ටල් ගැලුමක් ගෙනැත් දෙන්නං“


ඒ වචනෙං පෙට්‍රල් ටිකටත් ආවරණයක් ලැබෙනව. කලිං ආණ්ඩුව කාලෙ ගෙනැත් ගෙයි මුල්ලක හංගල තියාගත්තු පෙට්‍රල් ගැලුමක් ගෙනැත් ත්‍රීවිල් එකට හලාගන්නව. ආයිමත් කැති මිටෙං අදිනව.


“හුටස්ඩස්.....        හුටස්ඩස්               හුටස්ඩස්            හුටස්ඩස්ඩස්ඩස්          හුටස් පරං පරං පරපරං පරපරපරපරපරපරපර“


යංතං තීවිල්ලෙක ඉස්ටාට් වෙනව. ඒ ගමන ළමෙය හම්බෙන්න ඉන්න කෙනයි, එයාගෙ අම්මයි මනුස්සයයි විගහට තීවිල්ලෙකට නගින්න හදනව.


“හාහා ඉන්න ඩිංගක් සීට්ටෙකට ඉටිකොලයක් දාන්න ඕන. නැත්තං ජරාව ගෑවෙන්න පුලුවං.“


ඒ ගමන ගේ පුරා හොයල ඉටිකොලයක් තීවිල් එකේ පස්සෙ සීට් එකට එළනව. ඉස්පිරිතාලෙට ගෙනියන්න ගෙනා බෑක්කෙක ඇදල එයිට උඩිං බෙස්සීට් එකකුත් එලනව. ඉං පස්සෙ තමයි ගමන පිටත්වෙන්නෙ. ඉටිපන්දමක් පත්තු කරල පොල්කට්ටක ගැහුව වගේ පත්තුවෙන තනි ලයිට් එලියෙං තීවිල්ලෙක යන ගමන කොතන නවතීද විස්සාසෙයක් නෑ. ලොකු කඳුවල බැහැගෙන තල්ලු කරලා ළමය හම්බුවෙන්න ඉන්න කෙනත්, ඒ තරංම අසාධ්‍ය තීවිල් එකත් ඉස්පිරිතාලෙට සේන්දුවෙනවා.

පහුවදා ගමේ මිනිස්සු මෙහෙම කතාවෙනවා.


“නිමල්ගෙ ගෑනිටත් ළමෙය හම්බුවෙලා කියන්නෙ. ඊයෙ රෑ ඇරං ගිහිං තියෙන්නෙ **පාලගෙ තීවිල් එකේ. ළමෙය හම්බුවෙලා තියෙන්නෙ මගදිලු“


සතියකට විතර පස්සෙ ඒ තීවිල් එකේ අයිතිකාරය කඩමණ්ඩියෙදි මෙහෙම කියනව.


“එදා රෑ එක්ක ගියෙනං ඉල්ලන ගානක් දෙන්නං, ටෑර් දාල දෙන්නං, පෙෂ්ටල් ගැලුමක්ම ගෙනත් දෙන්නං කියල. හුහ් අන්තිමට හෑර්රෙක ගියාට සල්ලි ගෙනැත් දුන්නෙත් ඊයෙ හවස.“


අළුත හම්බුවෙච්චි ළමයගෙ අම්මට, එයාගෙ අම්ම මෙහෙම කියනව.


“**පාලෙයගෙ දුස්ටකම බලහංකො එදා රෑ අස්පගානක් ඉල්ලුව. ඒ මදිවට ළමෙය ඉස්පිතාලෙං එක්කං එන්න හෑරෙකත් යන්න බෑ කිව්ව. ඒකයි මං කිව්වෙ සල්ලි පස්සෙම ගිහිං දෙමු කියල. ආයිනං සම්මෙට ඕකෑ කොලපත් ගොට්ටෙ ගමනක් යන්න නාකයි.“



107 comments:

  1. උබ දැන් පෝස්ට් එකක් දාන්නේ හාව හද දකින්න වගේ නේද...ඔහොම තමයි හරි ගියහම

    ReplyDelete
    Replies
    1. අද තමයි හරියටම හරිගියේ. කලිං පෝස්ට් දෙකම අහක

      Delete
    2. කතා වර්ඩ් ෆයිල් එකක ටයිප් කරන්න. එඩිට් කරලා පස්සේ බ්ලොගර් දාන්න!

      Delete
    3. වැඩේ වෙන්නේ වෙසක් එකට ලියන පෝස්ට් එක වෙසක් පහුවෙලත් අහවර නොවීම වගේ කල් ඇදෙන වැඩ. මිං පස්සෙ පෝන් එකෙන් ලියනවා කියලා හිතාගත්තා

      Delete
    4. යකෝ උඹ බ්ලොගේ ලියන්නම පෝන් එකකුත් ගත්තද?

      Delete
    5. නෑ මේකෙං ඒ වැඩේ පුලුවන් කියලා දන්නේ පස්සෙ

      Delete
  2. Replies
    1. කොල්ලෙක් වසයෙං පිලිගැනීම සතුටක්. අනේ තෑංක්ම තෑංකිව්

      Delete
    2. කොළු තාත්තේක්ද නැත්නම් තාත්තා කොල්ලේක්ද?

      Delete
  3. Replies
    1. වරහන් ඇරිල්ල කෙසේ වෙතත් වැහිල්ල කෙරෙනව නේද

      Delete
    2. වරහන් අරින්න වෙලාවක් නෑ බං.. වහන්නෙත් ෆෝන් එකෙන් ගොඩක් වෙලාවට රෑ මැද්දේ.. ඒක නෙවෙයි.. බදුල්ලට තීවිල් ආපු කතන්දරේ වෙලාවක කියන්නම් ඒකත් මේ වගේ ලියහන්කෝ..

      Delete
    3. බදුල්ලට තීවිල් එන්නෙ ලොරිවල නැගිලා. ගෙනැත් බාන්නේ රේස්කෝස් එක ගාව

      Delete
    4. ඔය තීවීල් ඔක්කොම වඩම්මගෙන යන්නෙ අපේ කඩේ ඉස්සරහිං.

      Delete
    5. හනේ බොගෙ කඩේ. මොකටද මයෙ කට? දෙන්ඩ හිතෙනව ටෝච් එකෙං...

      Delete
    6. අර නයියගෙ ටෝච්චෙකද?

      Delete
  4. කියල වැඩක් නෑ...සුපිරි ලියමන...අපූරුයි... ත්‍රීවීල් එකේ සද්ධ නම් ඒ විදිහමයි...


    දැන් තියන අර ඩීසල් ත්‍රීවීල්වල සද්දේ සුරංගට කොහොමද ඇහෙන්නේ කියලා කියන්න පුලුවන්ද??....

    ReplyDelete
    Replies
    1. හරියටම කියතොත් ඉස්සර තිබුන සෙල්ලම් කරත්ත වල සද්දෙ. මතකයි නේද සැමන් ටිං අඩි වලිං රෝද දාපු, ඉස්සරහිං බැලුං පටලෙකිං මැටි පානක් වහල හදපු රබානක් හයිකරලා ඒකට වදින්න ඉරට්ටක් හයිකරපු නූලෙං ඇදං යන කරත්ත. ආං එව්වයෙ සද්දෙ තමයි ඩීසල් ත්‍රීවීලර් වල තියෙන්නේ

      Delete
    2. ඒක ලියන්න පුලුවන්නම් අපූරුයි...

      Delete
    3. ලියන්න නේන්නං මේකට 1 දැම්මෙ. ඒ කියන්නේ 2ක් තියෙනවා

      Delete
    4. ආ එහෙනම් ඊලඟ එකේදි ඒක බලමුකෝ...

      Delete
    5. ඊළඟට ඊළඟ එකේදි බලමු. ඒ කිව්වෙ 3 කොටස

      Delete
  5. අති විසිස්ටයි නොවෑ උඹේ බොග් පොස්ටුව..

    ReplyDelete
    Replies
    1. සහජ හැකියාව මහත්තයා සහජ හැකියාව

      Delete
  6. ආයෙ සම්මෙකට යන්න වෙන්නෙත් නෑ ඔය කොලපත් ගොට්ටෙ.. ඊටත් එහා එකක් එනව 'ලු' නෙ. අදටත් සමහර වෙලාවට තීවීල් අයගෙ රෙස්පෙට් බලන්න ඕනෙ හෑර් එකක් යන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එයිට එහා එක ගැනත් ලියන්න ඔනෑ.

      Delete
  7. >>ඉස්සරහ වීදුරුව පිහින බාර්යාව<< හෙක් හෙක්!

    එතකොට ඔය ටීවීල්වල පෙෂ්ටල් එක්ක තෙල් ටිකක් දාන්නෙ නැද්ද නැතිනං උඹට අමතක වුනාද?

    කතාව ඉවර වුනාට පස්සෙ තමයි තේරෙන්නෙ 'කාරිය කෙරෙන තුරු කාගෙත් ‍රැවටිල්ල' කියලා

    ReplyDelete
    Replies
    1. ඒ ටූටී දාන සෙල්ලං ආවෙ පස්සෙං පහු කාලෙ. 3port එන්ජින් වලට පස්සෙ නේද

      Delete
  8. “අනේ නංගියෙ යංතං මෙන්න මේ කෙල්ලව ඉස්පිතාලෙට ගෙනියන්න එන්න කියන්නකෝ. මේකිට හොඳටම අමාරුයි.“


    “කලිං එක්ක ගිහිං නවත්තන්නනෙ තිබුනෙ. ඉන්නකො මං කියල බලන්නං“


    ආයිමත් දොර වැහෙනකොටම අදෝනාවෙ අවශ්‍ය කොටස කියවෙනව.


    “ඉල්ලන ගානක් දෙන්නං නංගියෙ. හනේ මයෙ කෙල්ලව ඉස්පිතාලෙට ගිහිං දෙන්න කියන්නකෝ“


    ඕං ඒ ගමන තවත් විනාඩි ගානක් ගිහිං තීවිල් එකේ අයිතිකාරය එනව.


    “මගෙ ඇඟටත් හරි මදි. මේ බෑ කියන්න බැරි කමටයි එන්නෙ“

    ඔහොම තමයි ගොඩක් තැන්වල වැඩ සිද්ධ වෙන්නේ .. තමන්ට ලැබෙන වාසිය ගැන ඉඟියක් ගෙදර බලවතාට එන්න ඕනේ.. ත්‍රී විල් ගැන කතා කිහිපයක්ම ගියා පහුගිය දවස් වල ඉකොනමැට්ටා ලියපු එකත් මම අපේ පුවක් බාස් ගේ තෙසක් රිය ගැන ලියපු මේ කතාවත් ඒ අතර තියෙනවා...
    1. http://helmalu.blogspot.com.au/2016/05/blog-post_30.html

    2. http://helmalu.blogspot.com.au/2016/06/blog-post_19.html

    සියළු ඇස් වහ කට වහ දුරුවේවා !!! බ්ලොග් පොස්ට් වෙලාවට ඉවර වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ එයිට කලිං ත්‍රීවීලර් වල ස්වර්නමය යුගය

      Delete
  9. ලිවිල්ල නම් බොහොම රහයි සුරංග මලේ...මේ වගේ කතන්දර පොදුයි ගෙදරක තමන්ගේ කියල වාහනයක් නැති මිනිස්සුන්ට...

    //දෙමල්ලු, රදා මිනිස්සු, පදු මිනිස්සු එහෙම තීවිල් වල නග්ගගත්තෙ නෑ.//

    මේ දේ වෙන විදියකට පැහැදිලි කළා නම් හොඳයි...නිර්මාණ කරුවන් විදියට අපි කථා කරන්න ඕනේ පොදුවේ හැම මිනිහෙකුටම මිසක්, මේක කියවන මිනිහට තමන්ගේ කුලේ මතක් කරලා දෙන්න නෙවේ...ඒකෙන් තව කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්...මේ වගේ රසවත් පොස්ටුවක් ඇතුලට ඒ වගේ දේවල් ඇතුලත් කරද්දී මීට වඩා කල්පනාකාරී උනා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ...මම කියන්න තියන දේ කෙලින් කියනවා, ඒ හින්ද අහිතක් හිතන්නෙපා...

    ReplyDelete
    Replies
    1. ඔය ඒ කාලෙ ඒ මිනිස්සුන්ට සලකපු විදිහ. ඒක ඒ විදියටම ලිව්වෙ ඒ සාහසික කම දැනෙන්න. ඔය මිනිස්සු වර්ග කීපය අපේ ගමෙන් කොන්කරල තිබුනෙ. මට එව්වා වහන්න බෑ. එව්වා කියන්න වෙනවා.

      අනේ මං අහිතක් හිතන්නේ නෑ . ඹෝම ඉස්තූතියි

      Delete
    2. පොකුරු කියන්න ඕන මේකත් ඇත්තටම ඔය කුල මල ගැන හෙම ලොකුවට හිතන අය ඉන්නව නෙ ඔණ්න ඔය ජාතියෙ අය හිංද මාත් සෑහෙන්න අවුල් ගිහිං තියෙයි. අදටත් (වැඩිපුරම කසාද මගුල් වලදි) ඉස්සරහට එන්නෙ ඔය හුචක්කුව තමයි. මේ කන්න නෑ බොන්න නෑ හරියට ඒත් කුල මල වංස කබල් ගෑවිල්ල නං සුපිරි. ලියනව නං මට ඔය ගැන පෝස්ට් දෙක තුනක් වුණත් ලියන්න පුලුවං
      මහ කරුම මාත්තුකාවක්. හැබැයි එය ඔක්කම අර බවුද්ද බවුද්ද කියන උංනැහේලගෙම තමයි. වෙන කාගෙ කාගෙද

      Delete
    3. //මට එව්වා වහන්න බෑ. එව්වා කියන්න වෙනවා.//

      Cheers!

      Delete
    4. සුරන්ගම්ල්ර් ගේ ලිවීමේ විශේෂත්වයන් දෙකක් තියනව
      1. මල්ටිමීඩියා එක්ස්පීරියන්ස් එකක් වගේ - චිත්‍රයක් පේනවා ශබ්ද හා කට හඬවල් ඇහෙනවා වගේ
      2.තමන්ගේ පවුල නෑදෑයන් හා ගම පිලිබඳව අවංකව කෙලින්ම ලිවීම - විශ්ව සාහිත්‍යයේ සමහර කෘතීන් සිහිපත් කෙරෙනවා මේ ලිවීම.

      Delete
    5. පොකුරු වැහි කියනවා වගේ එහෙම කියනකොට අමුයි කැතයි තමයි.ඒත් ඇත්තටම සමාජය අමුයි කැතයි.බොරුවට මුතුකුඩ ඉහලන්නැතුව ලියන එකෙන් ඇත්ත එලියට එනවා.ආතල් විදිහට 'හික් හික්' 'බඩ රිදෙනවා ඕයි' ජාතියෙන් වගේ ලිව්වට කිස් කන කනේ පාරවල් පෝස්ට් පුරා වපුරලා තියෙන්නෙ.අන්න ඒකයි වටිනාකම.

      Delete
    6. //මට එව්වා වහන්න බෑ. එව්වා කියන්න වෙනවා.//
      අනිවා මචෝ ඔය වගේ අමුනුස්ස කේස් එලි කරල චාටර් කරල දාන්ඩ ඕනෙ ...
      කාට රිදුනත් කරන්න දෙයක් නෑ මේව මේ අදත් මේ ඊනියා දියුනු ලෝකෙ සිද්ද වෙනව ...

      Delete
    7. මට ඔය ජාතිබේද ආගම් බේද කුලමල බේද පේන්න බෑ .මොකද මගෙත් තාම ඇඟ අස්සෙ එයින් ටිකක් තියෙනව. එව්ව උත්සන්න උනහම හරි අමාරුයි ඇඟට. ඉතිං එව්ව වඳ කරන්න ටිකක් සැර බෙහෙත් ඕනෑ.

      Delete
  10. උබලෑ පැත්තට දාවිත් පීරීස් ගොයියගේ ඒවට වඩා ගැලපෙන්නේ පියාජියෝ නේද...?

    ඒ වගේම කතා කරන්නත් කලින් නැගිටලා එන උනුත් ඉන්නවා නේද...? අපේ මස්සිනා ඒ වගේ.. ඊට නම් තියෙන්නේ කැන්ටරයක්.. මහ රෑට එන ඕන එකෙක් ගෙනියනවා... මේ ළඟදිත් වහ බීපු එකෙක් ගෙනිච්චා.. පස්සෙ සනීප වෙලා ඇවිත් වැඳලා එහෙම ගියා.. මස්සිනා ඌට කිව්වා ආයෙ බිව්වොත් එවෙලෙම වරෙන් කියලා.. බැලින්නම් ඌ විනෝදාංශයක් වශයෙන් බොන් එකෙක්ද කොහෙද.. ඒ තුන් වෙනි පාරලු.. උන්ගේ බොකු බඩවැල් තියෙනවද බං...

    ReplyDelete
    Replies
    1. අරක්කු බීල පත්තියං වෙනකොට ඩෝස් එක වැඩිකරන්න ඕනවෙනව වගේ ඌටත් වහ බොන එක පත්තියං වෙලා ඇති.

      Delete
    2. කසිප්පු වලට පදං වෙච්චි බොකු වලට ගැමැක්සෝන් සැර මදියි

      Delete
    3. හාක්‍රොස් පටාස් හරියයි. ගැහුවොත් ගැහුව කියල ඇඩ් එකෙත් කිවුවෙ

      Delete
    4. අපේ පංතියෙ හිටියා කෙල්ලෙක් සුබෝ** කියලා. ඒකි බිව්ව හාපික් දහය වසරෙදි. එකොළහ වසරට එනකොට ඒකි හෝදල බොන්න තරං සුදුයි. සිරියාවන්තයි. බෝලෙ වගෙයි.

      Delete
    5. ඒ බං වහ බීලා බේරුනු ඒත් හැඩ උනු කෙල්ලෙක් දැක්කා බෙලිඅත්තෙ පැත්තෙන්.මම කිව්වෙ නෑ ගොං කෙල්ලො ලස්සන වෙන්න කියල කෙලල ඇරියොත් එහෙම.

      Delete
    6. ඔය ලස්සන වෙන්න කියලා ෆැඩ්නා ෂේපප් ටී කියල බොන්නෙත් වහනෙ. එයිට වඩා ලස්සන වෙනවා ගස්ලබු කෑවහං. අපේ පැත්තෙ නගාලා රෑනක් එක ගමනක් රෑට මූනෙ කහ ගාගෙන බුදියනවා. උදේට සල්ලයිට් ගාලා මූණ හෝදනවා. අමුතු කහ පාටක් එනවා එතකොට. සාමානයෙං වොට් පහේ පිලමන්ට් බලුප්පෙකක් දැම්ම වගේ. හැබැයි සමහර එකියො මූණ හෝදද්දි කම්මුල දෙපැත්තෙ යහමින් සබං ගාන්නැතුව මූණ හෝදලා ඒ දෙපැත්ත විතරක් කහම කහපාටයි. ඒකෙං තමා අපිට බඩු මාට්ටු උනේ.

      Delete
    7. කවුද ඩැකි ඔපිසර උන්නාංසෙගෙ වලග පෑගුවෙ

      Delete
  11. රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව මල්ලී
    ඔයා යන්න මං එන්නං අපි ළග නෑ හොර සල්ලී.
    ත්‍රීවිල් ටුක් ටුක් ගාල පිටිපස්සෙන් අලවගන්න
    මතක් වෙන්න බෙදං කන්න පිගන් අරං වාඩි වෙන්න....

    සල්ලිත් නෑ සනීප නෑ ළගින් හිටිය මිතුරත් නෑ
    වැදිලත් නෑ වද්දල නෑ කවදාවත් වැරදිල නෑ
    නැන්දෙ මාමෙ මේ අහන්න දුව බෑ අමතක කරන්න
    පුංචි කමට දග කලාට ගණන් ගන්න එපා ඔන්න
    ඔබ පහු වුණා නොවේ මා ඔබ පහු කළා නේද
    රෝද තුනෙන් ඉගිල්ලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න

    ReplyDelete
    Replies
    1. කරුමේ ඩබල් පින සිංගල්.. මතකද?

      Delete
    2. ඈ බං හැබෑට කෝ බං ඉවානය. ගං වතුරට ගහං ගියාවත්ද ?

      Delete
    3. අර ගංවතුරට යට වෙච්චි හාදය ලියාපු එක නෙ ඔය කියන්නෙ.

      Delete
    4. කරුමේ ඩබල් එක තමා කියවපු මුල්ම ත්‍රීවිල් ගැන ලියපු පොස්ටුව.

      Delete
    5. ඒක සංවර්ධනය කිරීමටයි වතුරක්ම (උදක්ම) මාගේ වෑයම (මිටත් එක්කම)

      Delete
  12. අඩේ තීවිල් එකෙං යන්න ඔච්චර දුකක් විදින්න ඕනද බං. පව් අර ගෑණු මනුස්සය....
    මේ සාවියටත් තිවිල් වියාප්ත වෙන්න ගත්තෙ මං ඉස්කෝල යන කාලෙ තීවිල් පහක් නැත්තං හයක් තියෙන්න ඇති හද්ද හත් අහලටම අනේ ඒ එකෙක්ගෙවත් ඔය තරං රැස්පට් තිබ්බෙ නෑ. අනික හයර් එකක් ගිහිං එද්දි හිස් වීල්ලෙක ආවොත් කවුරු වුනත් දාගෙන එන්නෙ.. දැං වගේ ඒකටත් සල්ලි ගන්නෑ

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ එකාලා හයර් ගිහිං එද්දි දෙපැත්තෙ රෙදි දෙක දාල වහගෙන එන්නෙ අනික් එවුං නගියි කියලා. මොකද නගින එකාලා රුපියල් දහයක්කත් දෙන්නෑනෙ. උනුත් එන්නෙ නිකම්මනෙ.

      හැබැයි එකෙක් හිටියා ඌ නං හවසට ගෙදර එද්දි කට්ටිය පටවගෙන එනවා. හැබැයි නගින්න කලිංම විස්සක් ගන්නවා.

      Delete
  13. උඹ අර පොලොස් ගහ දාල තියෙනකොටම මම දැනගත්‍ත බ්ලොග්ගෙට හෙන ගහනව කියල හිටං.

    ReplyDelete
    Replies
    1. ලියන ලියන එක පහුවෙනවා. ඒකයි උනේ.

      Delete
  14. උඹේ ත්‍රීවීල් සද්දටිකනං මරු ශ්‍රංගයො.
    මුල් කාලෙ දැංවගේ හැම එකා ගාවම ඕව තිබුණෙ නෑනෙ. දැන්නං අපේ හංදියෙ මීටර් සීයක් විතර දුරට පාර දිගේ නවත්තල තියෙන්නෙ ඔය.
    ඒ මදිවට දැං තියෙන ඒවයෙ ත්‍රීවීල් එකට වඩා වටින සවුන්ඩ් සෙටප් තියෙනව.

    ReplyDelete
    Replies
    1. සෙටප් සබ්බූපර් ඉතරක් නෙවෙයි අඟල් හතේ තිරයක් දාපු රිවස් කැමරා හිට තියෙනව.

      Delete
  15. අර දාවිස් පීරිස්ගෙ මිනිබිරියගෙ කටේ 'සර්'පිනාවක් හිරවෙලාද බං.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඔය කෘතිම බෝනික්කො වගේ සෙට්ටෙකක් ඉන්නව නේද පිලිගැනීමට වගේ පුද්ගලික ආයතනවල දාලා. උං වචන අතරට හිස් තැනක් නෙමෙයි තියන්නෙ 'සර්' එකක්. මට ඒ වගේ අය හම්බුනාම නංගියේ, මල්ලියෙ කියල කතා කරනව. එතකොට උංගෙ සර් එක නිකම්ම නැතිවෙනවා. අපිට මොටද ඔය සර් කෑලි. ඔයිං නගෙක් කටපුරා "අයියාආආආආඅ" කිව්වනං වැඩේ නිකම්ම කෙරෙනව.

      Delete
    2. /ඔයිං නගෙක් කටපුරා "අයියාආආආආඅ" කිව්වනං වැඩේ නිකම්ම කෙරෙනව./




      පලෙයං ගස් වෙදෙක් ගාවට. ගිහිං ගනිං බේත් - ක්ෂණික මෝචනයට...

      Delete
    3. ගස් වෙද්දු කියන්නෙ කවුද? මට මතක නෑනෙ?

      Delete
  16. දැන් ගං වලත් ඉන්නෙ මේවගේ මිනිස්සුද?

    ReplyDelete
    Replies
    1. දැං නෑ. මේ ඉස්සර හිටිය අය.

      Delete
  17. දැං ත්‍රීවිල් නෑ රෙකෝඩ් බාර් නෙවැ තියෙන්නෙ බං :D

    ReplyDelete
    Replies
    1. රෙකෝඩ් බාර්
      රූම් ෆෝ රෙන්ට්
      මිනි බාර්
      ඇම්බුලන්ස්

      Delete
  18. ටීවීල්ලෙකේ ඉස්පිත්තාලෙ ගිහිල්ල හම්බුවෙච්චි ළමෙය දැං කරදඬු උස් මහත්වෙලා ඔන්න. පාලලගෙ ගෙදර ගාවින් දවසක් ගියාලු හැබැයි ඒ පැත්තවත් බැලුවෙ නැහැල්ලු..

    " අන්න දැක්කද අරකා මහ ඒජංත වාගෙ නහට කෙලිම් බලාගෙන ගිය අපූරුව....... ඔය ගස්ගෝනා දන්නෙ නෑ ඕකගෙ මහ එකීට ඕකව හම්බුවෙන්ට ගිහිල්ල අමාරුවෙලා රෑ දෙගොඩ හරියෙ මෙතන ඇවිල්ල කණිපිංදං කියල අපේ මේ පාලයා තමයි ඉස්පිත්තාලෙ එක්කං ගිහිල්ල ගොඩ දාල දුන්නෙ. ඒ සල්ලි ගෙනැද්දුන්නෙත් ඕකා ලොකු වෙලා බතුත් කැව්වට පස්සෙද කොහෙද..හුහ්..මෙහෙව් එවුංටත් ඉතිං හරියයිද මං අහන්නෙ...උඩ ඉන්න දෙයියොම මෙව්ව බලාගන්ට ඕන..තුහ්ප්...තුක් විතරක්."

    ReplyDelete
    Replies
    1. ඔතැන පේනව නේද දෙපාර්ශවයෙම කුප්පත්වය. එකෙක් හොඳයි කියන්න නෑ බොස්. දෙපැත්තම සවුත්තුයි.

      Delete
    2. ඊට පස්සේ ඒ කොල්ලා යමින් ගමන් පාලයාගේ දුවට ඇහැ දාල දවසක රෑ හන්ද පානේ උස්සන් යනවලු වෙන වීල් එකක. පාලගේ බිරින්දෑ කියනවලු "මම එපා කිව්වට කෝ ඇහුවය. අරකිව දාගෙන ගියේ බබා හම්බු කරලා දෙන්න. ඔය කොලේ" කියල.
      පාල කිව්වලු "ඉතින් යෝදියේ, මොකද්ද වැරැද්ද . දෑවැද්දක් නොදීම කෙල්ලව දීගත්තනේ කියලා. "

      Delete
    3. හට්ටියට ගියත් සෙකන්ඩ් වෙන්නෑ කිව්වලු... ඉබ්බ හාවට...

      Delete
    4. මං ශාක භක්ෂක (ඔය කිව්වට මහ ගස් කන්නෑ)

      Delete
  19. හ්ම්... හොඳා හොඳා... මං හෙට කොටන්නං කමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. එහෙයි ඔපිසර හාන්දුරුවනේ බය බෝයි.

      Delete
  20. බොලාට බුකියෙයි අරෙහෙමෙහෙ අංබලං වලයි රස්තියාදු ගහන්න පුලුවං . මෙහෙට එන්න තමයි වෙලාවක් නැත්තෙ නේද...?ලබ්බ එල්ල ගත්තට වෙඩක් නෑ වෙලාවට බොග නොදැම්මොත් අඬු කඩනව දැන ගනිය.... අපි හරි වසයි මෙහෙං හිටියට.

    ReplyDelete
    Replies
    1. ඔය අගට හිටං කෑල්ලක් දාන්න ඕනැ නේද මහත්මයා. ආ.. නැද්ද. මේකනෙ බුකිය ඇවිල්ලා අතේ තියෙන දෙයක්නෙ. සුටුස් ගාලා පොටෝ එකක් ගහලා ඇමුණුවා ලයික් විස්සයි කොමෙන්ට් දෙකයි සිඟිති ආතල් එකයි. මේකට වෙනමම පේ වෙලා එන්න ඕනැනෙ කොම්පියුටරෙංම. මං හිතං ඉන්නෙ සල්ලි එක්කහු කරලා තල පරිගණකයක් ගන්න. ඒකෙං ටිකක් විසාලෙට ඉඩ ඇතුව ලියන්න පුලුවංනෙ. බැෂ්ටි බැස්සම චාජ් කරන්න එක්ක බූමිතෙල් ලැයිට් ඇන්ජිමකුත් ගන්නව. ඒක ඔලුවෙ තියං යන්න ගෝනි පඩංගුවකුත් ගන්නං.

      Delete
    2. තල පරිගණකයක් ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒක ඇහිල්ල tablet=පෙති පරිගනකයක් නෙ හිටං.... ඊටපස්සෙ බොලා ටැබා ගැහුව වගේ ලියයිද හිටං

      Delete
    5. හරිම වචනෙ ඒකද? එළුසඳැස් ළකුනෙ තියෙන්නෙ තල කියලා

      Delete
  21. “හුටස්ඩස්..... හුටස්ඩස් හුටස්ඩස් හුටස්ඩස් හුටස්ඩස්“ ----දුන් කොච්චි යන්නේ එහෙමනේ ශ්රංග

    ReplyDelete
    Replies
    1. කෝච්චි නේද ? මේ ලගදි දවසක් කෝච්චි සංවාදයක් තිබුනා කලන නිවසේ

      Delete
  22. සුලංගයියට මරු කන් දෙකක් තියෙනවානේ,හිහ්..
    කොහොමද අනේ ඔය සද්ද ලියන්නේ??
    සුපුරුදු පරිදි කතාව මරු. ජය වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. නිස්සද්ද වෙන්ට ළමයා. මට තියෙන අංගෝපාංග ගැන වර්ණනා කරන්ට එපා මෙතන.

      Delete
    2. මෙයා තව ද්කකේ බොගේ මොන මොන අංගෝපාංග ගැනද?

      Delete
  23. අපි 95 විතර ටීවිල් සද්දෙ කිව්වෙ මෙහෙමයි. අපේ පන්තියෙ හිටපු නයෝමිලාගෙ ටීවිල් එකට නැගල, හොක්කරවට් ට ට ට ට ට ට ට ට ට ට්‍රෑං ට්‍රෑං ට ට ට ට ට ට ට ට ට ට. ගාල හයියෙං කෑගහනව. එතකොටම නයෝමිලගෙ තාත්ත ඇවිත් ඇත්තටම ඒක ඉස්ටෑක් කොරල අපිව වටයක් පද්දවල එහෙම යන්න යනව.

    ReplyDelete
    Replies
    1. ආංං නියම සද්දෙ. ඒක තරං ගැලපෙන අනුකරණයක් තවත් නෑ. ඒක නෙමෙයි, කෝ නයෝමි?

      Delete
  24. ඇ බන් ශ්‍රන්ගයෝ. මම හිතුවෙ තෝ ගංවතුරට ගහන ගොහින් වෙලා හිටන් කියල. 🙈 හැමදාම වගේ උබේ සවුන්ඩ් සෙට් අප් එකනම් එලම තමයි හොඳේ. ලිටහන් මචෝ මොනවහරි. නැතිනම් අපි ලියන්න පටන්ගන්නව හරිය..? 😜

    ReplyDelete
    Replies
    1. ටික්කෝ, එන්ඩ එපා ඔව්වට නං හයිද? මේ වෑයම හුදෙක් ඊළඟ පාර සම්මාන හත අටක්ම ගන්ටයි.

      Delete
  25. අනේ මල්ලියේ අපේ බොගටත් ඇවිත් පුහුලක් එල්ලලා දියන්කෝ

    ReplyDelete
    Replies
    1. අර ලබ්බයි, උගෙයි එල්ලගත්තනං ඇතිනෙ. නැද්ද මං අහන්නෙ?

      Delete
    2. පුහුල උගේ.. උගේ මගේ..

      Delete
    3. ලබ්බ කරවෙලා ලු

      Delete
    4. පුහුල් හරියන්නෑ මහත්තයා. ඔතැනට ටිකක් ලොකු ගුරුකමක් කරමු. පෙංෂුයි වලිං. නමෝ නාරායන හකක් තියමුද?

      Delete
    5. ඉතිං යකෝ මමත් බඩ දාලා ඉඳගත්මත ඒ පෙන්න පෙන්න ෂුයි පිළිමයක් වගේ තමා.

      Delete
  26. අපි පොඩි කාලෙ ත්‍රීවීල් කාරය කියන් නෑ. කියන්නෙ ටැක්සි කාරය කියල. සමාජයෙ අදට වඩා ඉහළ තැනක් තිබුණ ඒ අයට. යකාටවත් බය නැති, ටිකක් සල්ලි එහෙම යහමිං ගැවසෙන, වාහන ගැන හොඳට දන්න, රටතොට පාරවල් ගැන හොඳටම දන්න, ඉංග්‍රීසි පොඩ්ඩක් කතා කරගන්න පුළුවං, බොන කන තලත්තෑනි පොරවල් තමා ඒ අය. ඒ අයගෙ ටැක්සි දැංවගේ තොරෙම්බල් කරත්ත වෙලා තිබුණෙ නෑ.

    මට මතකයි, ගමේ හිටපු ඒ වගේ ටැක්සි කාරයෙක්ගෙ මළගෙදර. එදා, මළගෙදර ඉඳං කනත්තට මිනිය ගෙනියද්දි, ත්‍රීවීල් විස්සක් විතර පෙරහැර වගේ පස්සෙං ගියා. බේකරියෙ මුදලාලි කිව්ව, (අපි හවස ටීවී බලන්න බේකරියට ගියාම) "පාංගෙඩි වගේ පෙරහැරක් ගියා" කියල.

    ReplyDelete
    Replies
    1. ඔය ටීවිල් කාරයෝ එක්ක වලි ගියාම කියන්නෙ "තහඩු දෙක ඇතුලට නමල කැන්වස් එකේ ඔතල විසික්කරනව" කියලනෙ.

      Delete
  27. OyA THREE WHEEL ISSARA GENNUWE THAMBIYAK. hEBTHULABOY KIYALA.

    eHEMA THREE WHEEL EKAKA MAMA DAKKA SINHA LE KIYALA.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ 11 ශ්‍රී එකක්ද? මං දන්න විදිහටනං ඩේවිඩ් පීරිස්ල විතරයි ඔව්ව ගෙන්නුවෙ. ආං අර ඇල්බා කියන එකනං පකිස්තානෙද කොහෙද හදන්නෙ. ඒකනං තම්බි ජම්මෙයක් තියෙනව ඇත්තෙ.

      Delete
    2. ඇල්බා හැදුවේ ලංකාවේ බොල.පන්චිකාවත්තේ තියෙනවා ඇල්බා මෝටර්ස් කියලා එකක්.ඒකෙන් අහපන් . හැබැයි ෆෝ ස්ට්‍රෝක් ගෙනාවාට පස්සේ ඇල්බා වඳවෙලා යන්න පටන් ගත්තා.

      Delete
    3. අනේ මං හිතුවෙ එව්වා පකිස්ථාං කියලා.

      Delete
  28. මට දවල් වෙනකන් නින්ද ගිය දවසට මං වැඩට යන්නෙ ත්‍රීවීල් එකේ.. ත්‍රීවීල් අයියා මට පරක්කු වෙන නිසා මටත් වඩා කෙට්ටු පාරකින් යන්නෙ ෂෝර්ට්කට් එකක් කියලා. ඒ පාරෙ කොච්චර ගැටි තියෙනවද කියෙනව නම් මම වැඩට යද්දි ඔලුව ගෙඩි ගැහෙනවා ඔලුව වහලෙ වදින පාරට හයියෙන් අල්ලන් හිටියෙ නැත්තම් එහෙම..

    ලියවිල්ල නම් එළ!

    ReplyDelete
    Replies
    1. ඩීසල් තීවිල්වල යනවනං ඔය ගැස්සිල්ල කොහොමත් වැඩියි.

      Delete
  29. මේ තුන්රෝදෙ නිසා බිහිවුණ උප සංස්කෘති වචනත් දාන්න තිබ්බේ.

    ReplyDelete