ඩං ඩුං ඩං
“අසව් අසව් අසව්“
“අසව් ඉතරද මල්ලි? සරනේරු කොන්ඩි පට්ටං
නැතෙයි?“
“ඔන්න ඕකනෙ අයියලා කියන්නෙ ඕඩර්
ඩ්‍රම්මෙකක් ගහල ගතමනාවක් හොයාගන්න බැලුවහමත් උදැල්ල දානවනෙ.“
“ඈ...? මොකද්ද මල්ලි ඒ ගහනව කිව්වෙ?“
“ඇයි අයියා රජකාලෙ ගහපු අණබෙරේ
ඉංග්ලිස් වලිං කියන්නෙ ඒමනෙ.“
“හා හා කියන එකක් කියමුකො බලන්න. සරල
සිංහලෙං“
" නෙළුම්
යාය සංසදයේ..“
“හුහ්... ඕං පේඥව ඥේජ නෙළුං
පොකුඥ හජාපු, නෙළුං කුළුඥ හජාපු අපේ හිචපු මහ සජ්ජුලුවො ඒ ගමං නෙළුං යායක්ම
බෝකොරල. තොපිච ජැංවච් ඒ උච්චමයගෙ අගේ චේරෙඥවජ?“
“අනෙ මේ ආච්චියෙ ඒ ගමන ආච්චි
ලැහැත්ති උනාද මේකට මැද්දට පයින්න. මේක මේ හිටපු රජ්ජුරුවංගෙ නෙළුමක් නෙමෙයි“
“අනෙ මල්ලියෙ ඔය වයසක උන්දැලගෙ කටවල්
දන්නැද්ද? මල්ලි කියාගෙන යන්න“
“ආයි මැද්දට පනින එකාගෙ ගිරියෙ
ගහනව මේ කෝට්ට දැනගං“
“හා හා මල්ලියෙ අනේ තරහ නොගෙන කියන්න“
“නෙළුම් යාය බ්ලොග් සංසදය මගින් පවත්වන ශ්‍රයි ලාංකෙයිය බ්ලොග්
සම්මාන උලෙල, අඳුරින් එළියට දෙදහස් දහසයේ මාර්තු විසිහයවැනි සෙනසුරාදා ....“
“අනේ පිංකරන මල්ලියේ මට කෝටු ගිල්ලන්නැතුව තේරුං කරහංකො.“
“මොකද්දැ“
“බොග්ගල්කාරයින්ට ඉතරද මලේ. අපි වගේ ගඩොල් පුච්චන ඈවුන්ට සංමානෙ
දෙන්නැතෙයි.“
“බොග්ගල් නෙමෙයි බ්ලොග්. එව්ව
ගෙවල් බඳින ජාතියක් නෙමේ“
“එහෙනං ?“
“එහෙනං....?..... බ්ලොග් කියන්නෙ මොකද්ද
කියල දෙන්න එදාට එන්න.“
“එතකොට පඳුරිං එලියට කියැව්වෙ“
“පඳුරිං නෙමෙයි අඳුරිං එළියට.
හුහ් පඳුරිං එළියට ගන්න මෙව්ව හාවොද කසිප්පුද. පොඩ්ඩක් කට වහං ඉන්නවලකො. මේ නම දානකොට මට හිතුන ගං ගොඩවල්ලොල එවුං කයි කතංදර හදයි කියල මේකට. ආයි කට ඇරියොත් බෙරේ ඔලුවෙං බස්සනව සූරපප්ප සීසර්ට බැරල්ලෙක ඇංදුව වගේ.“
“මං මුගෙ කට වහන්නං මල්ලි කියන්න.“
“දෙදහස් දහසයේ මාර්තු විසිහයවැනි
සෙනසුරාදා සවස දෙකේ සිට කොළඹ පහ කිරුලපන මාවතේ අංක එකසිය හැට තුනේ පිහිටි ජනමාධ්‍ය
හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවේදී පැවැත්වේ....“
ඩං ඩුං ඩං
“ඇති යංතං ඒක කියාගන්නකං හිටිය“
“එතකොට මල්ලි ඕක කරන්න බැහැල ඉන්නෙ කවුද“
“ඒක මෙහෙම අණබෙර ගහල කියන්න
බෑ අයියා. ඒක මේ කොලේ ලියල නෑනෙ“
“ඒ වුනාට කියන්න මල්ලි“
“කාටවක් කියන්නෙපා මේකට සෑහෙන්ට
කැහිල්ලක් තියෙන්නෙ අර එංගලංතෙ ඉන්න හාදයෙක්ට“
“හර්රියට හරි ඕක විජාතික
බලවේගයක් තමා. අපේ දේශීය අනන්නතාවෙට අන්නන්න ආපු ඩොලර් ...“
“නෑ නෑ අයියා.. ආවුද පහ අදින්න ඕන
නෑ.. මේ ලංකාවෙ අපේ මනුස්සයෙක් ලුනුගල පැත්තෙ ඉස්කෝලෙක ගියපු කෙනෙක්. පස්සෙං පහු
රට ගෙහුං දැං හොඳ වැදගත් රස්සාවක් කාරිය කරගෙන අර හිට්ලර්ගෙ රටිං පවුලක් පංසලක්
වෙලා ඉන්න මනුස්සයෙක්. අනික එහෙ තියෙන්නෙ ඩොලර් නෙමෙයි පවුං“
“මුං කියන එව්ව ගනං ගන්නෙපා මල්ලි. තව කවුද
ඉන්නෙ“
“තව ඉන්නව බදුල්ල පැත්තෙ ඉස්කෝල
පේන්න බැරි හාදයෙක්.“
“ඕම තමයි ඔය පෙලක් එකාලට අකුරක් ඉගෙනගන්න
තැනක් පේන්න බෑ..“
“නෑ නෑ එහෙම කෙනෙක් නෙමෙයි මේ උන්නැහැ දකින දකින ඉස්කෝලෙට උදව් කරනව. පොත් බෙදනව, ලිං හාරනව, ටැංකි බඳිනව, පොම්ප හයිකොරනව, බට අමුනනව, ඉඳල හිටල ලොක්කොත්
එක්ක පොටෝත් ගහනව. ලොක්කො කිව්වෙ ඔය අලි එහෙම එක්ක සෙල්පි හිට ගහනව. ඡංදෙත් ඉල්ලයිද මංද“
“අහිංසක මනුස්සයෙක් වගේ නේද? තව කවුද මල්ලි
ඉන්නෙ“
“තව නැතෑ හැට හැත්තෑවකගෙ අතේ
ඇඟිලි ගාන්ට කට්ටිය. අර සිංදු තාප්පෙක කුරුටුගාන ළමයි, එතකොට ලංකාවෙ පලවැනි
වුර්තීය බ්ලොග් ලියන්නා, ගිය අවුරුද්දෙ සම්මානෙ ගත්ත කෙනා, ආදී හැටහුටාමාරක්“
“ඉතිං මේකට ලොකු ලොක්කොත් එනව නැතෑ“
“එනව තමා. කෝ ඉතිං කියන්න
දුන්නෑනෙ. ඕන්න එහෙනං ඒටික අහගන්න“
“කතානායක කරු ජයසූරිය මැතිතුමා, ජනමාධ්‍ය
අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්.....“
“සුපස්ටාස්ල
එන්නැද්ද අයියා?“
“නෑ නංගී.. ඒ වෙනුවට
බ්ලොග්ස්ටාස්ල එනව. ඒ ටිකත් කියන්නද?“
“ංහා“
“මනාගේ ගීත සමග බ්ලොග් සංගීත
කණ්ඩායමේ සංගීතය. රාජ්ගේ අයවැය කතාව. රවීගේ “පුවක් එෂනින්...“
“ඔය රවී කියන්නෙ අර මේ..“
“අර පහුගිය කාලෙ බස්සෙකේදී ගෑනු කෙනෙට්ට හේත්තුව දාපු මනමාලය තමා“
“කවියක් දෙකක් කියන්න කෙනෙක් නැද්ද?“
“ඒකට තමා මධුමාධවී ඉන්නෙ.“
“ඕකට හරිහමං නාට්ටියක් දෙකක් දාන්ඩ තිබ්බෙ“
“තරු රසීගෙ නාට්ටියකුත් තියෙනව“
“තරු රසී කිව්වේ අර තලකැරලි, සීනි බෝල,
ඉස්කිරිඤ්ඤ එහෙම හදන කොම්පැනිය නේද“
“නෑ නෑ අයියා මේ නෝන මහත්තැං
බ්ලොග් ලියන කෙනෙක්“
“මෙව්වට ඉතිං පිටරටවලිං එහෙම ආදහර හම්බෙන්නෙ
නැතුව ඇති නේද? සිංහල හිංද?“
“නැත්තෙ මොකදැ එක්සත් ජාතීන්ගේ
සංවිධානෙං එනව. අනික මේකෙ සිංහල විතරක් නෙමෙයි දෙමලෙං ලියන අයටත් එකාකාරවම සම්මාන
දෙනව. එක්සත් ජාතින්ගේ සංවිධානෙං එන කෙනා කතාවක් හිට පවත්තල තෑගිත් දෙනව. “
“ඔය සුද්දො කියන ඉංගිරිස් අපිට තේරෙනවයැ“
“ආං ඒකට තමයි අර අජිත් පැරකුම්
මහත්තෙය ඉන්නෙ. දැං හිටං කටපාඩං කරනව ඒ කතාව සිංහලෙං කියන්න.“
“දැං එතකොට ඔය එන අයට කහට ඩිංගක්කත්
දෙනවැයි“
“එව්ව ඉහලිංම ලැහැත්තියි. පොඩ්ඩක්
හවස් උනහම අනික් ජාතිත් තියෙයිලු. හික්..“
“දැං එතකොට මේ අපිත් ආවට කමක් නැද්ද?“
“ඒකනෙ දැං මෙච්චර වෙලා කට හමයනකං
කිව්වෙ. එන්න කියල තමයි“
“මේ නිකමට වගේ අහන්නෙ. ඕකට ඇහිල්ල අපිට
මොනවෑ දැනගන්න තියෙන්නෙ.“
“දැනගන්න තියෙන්නෙද?“
“ඔව්“
“ඔය පොටෝ ගහන්නයි, සිම් දෙක
දාන්නයි කියල විසි තිස්දාහ දීල ඇරං සාක්කුවෙ දාන්නත් ඉඩ මදිව අතේ තියං යන තඩි කඩවසං
දුරකතන තියෙනව නේද හැම කෙනා ගාවම.“
“මොනවද ඒ කඩවසං දුරකතන කියන්නෙ“
“ස්මාට් ෆෝන් කියන එව්වටනෙ“
“ආ.. ඔව් මේ මං ගාවත් තියෙන්නෙ එකක්. විසි
දෙදහට ගත්තෙ. මේකෙ සිංදු බර ගානක් දැම්මැහැකි.“
“ආං ඔව්වගෙං හිට කියවන්න පුලුවං සිංහලෙං
දෙමලෙං ලියාපු බ්ලොග් කියල ජාතියක් තියෙන බවයි එව්වයෙ හැටි සොබාවයි දැනගන්ට
පුලුවං.“
“එව්ව නැති අයට
මොනවෑ තියෙන්නෙ“
“එව්ව නැති එවුං එදාට ඇහිල්ල ඒ
කියන දෙයක් අහං ඉඳල තේරුං අරං එතන
තියෙන බ්ලොග්කාරයො ලියාපු පොත් ප්‍රදර්ශනෙං පොතකුත් අරං යන එකයි ඇත්තෙ. ඕං මං
ගියා“
“මල්ලී මේ මං අපේ මායියත් එක්කං ආවට කමක්
නැද්දෝ“
“පරම්පරාවම ඇරං ආවත් කමක්
නැතෝ...“
තොරනෙ විස්තරත් ඉතිං බ්ලොග් එකකිං කියවන්නම තමයි වෙන්නෙ
ReplyDeleteඑක දවසෙ වැඩේට හම්බුකොරං කන රස්සාව දාල එන්ට බෑනෙ
Deleteබ්ලොග් සම්මාන ප්‍රචාරණ ලිපි කියල කැටගරියක් දැම්මනම් හොඳයි කියල අජිත්ට හිතෙයි. දැනට එන්ට්‍රි දෙකයි. මේක නම් සුපිරි.
ReplyDelete//“ඔය රවී කියන්නෙ අර මේ..“
“අර පහුගිය කාලෙ බස්සෙකේදී ගෑනු කෙනෙට්ට හේත්තුව දාපු මනමාලය තමා“//
රවියට හේත්තුවා කියල නමක් එහෙම පටබඳිනව නෙවෙයි ඕං !!
කෝ ඔය හේත්තුව? අන්න කවුද ගැල්ලමයෙක් බ්ලොග් එක හයි ජැක් කොරල.
Deleteඅර රංදිල් නෝනා කාලෙකිං ඔලුව දාලා අයිතිය නිරවුල් කොරල තියෙන්නෙ. නැත්තං රවි උන්නැහේ ඕක සින්නක්කරේටම ගන්නව.
Deleteහොඳ වෙලාවට රන්දිල් නෝන තමංගෙ බ්ලොග් එක කියවන්නෙ නැත්තෙ. නැත්තං ඔය හේත්තුව ඒකට කරල තියෙන දේ දැකල ඒ නෝන සියදිවි සුයිසයිඩ් කරගන්නව ශුවර්. හැක්...
Deleteසමහර අඳ ගොයියො කුඹුරු වලටත් ඔය වැඩේම කරල තියෙනව
Deleteඅඳ ගොලු බිහිරි ඔක්කොම
Deleteනැතුව බෑ රවිත් එක්ක
මං නං ආයි රවියට නං කියන්ඩ යන්නෑ. එකපාරක් (එකසියඑක පාරක්ද කොහෙද) "බාප්ප" කියල අම්ම මෝ නැතුං අහගත්ත...
Delete“එව්ව ඉහලිංම ලැහැත්තියි. පොඩ්ඩක් හවස් උනහම අනික් ජාතිත් තියෙයිලු. හික්..“
ReplyDeleteඅනික් ජාති කිව්වෙ
ඔය බල්ලන්ට ගහන ජාති
Deleteපට්ටයි බොල පට්ටයි........... උඹගේ බාසාවෙන් ම කන සාක්කුවේ දාගන්න දීලා තියෙනවානේ...... පට්ට මචං උඹට හැකිනං පොඩි වැඩකුත් කියන්නෙයි. අර කමියා ලියාපු උගේ ඉස්ටැයිල් පූර්ව ප්‍රචාරක ඇඩ් එකත් මේකෙ යටින් තියලා ලින්කුවක් දීහංකෝ....... ඩං ඩුං ඩං..........
ReplyDeleteආං දැම්ම. ඩිංගක් පරක්කු වුනා හැබැයි
Deleteහෙහ්..මේ ප්‍රචාරණය නියමයි....අර පිටිපස්සෙ සීට් එකේ ඉන්න මරුමුස් බුරුසුවාගෙං හිටු කියල ගුටිකාල තෙල් පත්තු බැඳල එහෙම 26 වෙනිද වෙනකොට යන්තං උතුර හොල්ලන්ට ඇහැක් උනොත් එන්ට බලඤ්ඤංකො
ReplyDeleteමේ ඒක නෙවෙයි...උඹ එනකොට අර වසන්ති සඳමාලිත් ඇන්න එනවද?
එයාගේ නම ටිකිරි සඳමාලි නේද. raviට තාම උතුර දකුණ මාරුවෙලා වගේ.
Deleteනෑනෙ..ටිකිරි සඳමාලි කියන්නෙ සුරංගයගෙ පාදපරිචාරිකා තොමෝ නේද?
Deleteදෙයිහාමුදුරුවනේ?? මේ ඇත්තො කීන කතා.ටිකිරි සඳමාලි කියන්නෙ සුරංගොයියලගෙ ගෙදර ඉන්න පූසි.
Deleteමන් හිතුව ravi අහන්නේ පුසා ගැන කියල. පොඩ්ඩක් romantic විදිහට අහන්න එපෑ sweetheart, honey එහෙම කියල.
Deleteටිකිරි සඳමාලි එක්කං එන්ට විදිහක් නෑ. එහෙම ගේනව නං පිඟං, කෝප්ප, කොට්ට, ඇඳං, මදුරුදැල්, රේංකෝට්, සාලු, කාඩ්බෝට්පෙට්ටි, මගෙ කමිසයක්, වැලි පෙට්ටි ආදී සේරම ගේන්ට වෙනව.
Deleteඇනෝ,
Deleteඒ බැළලි ගැන තමයි බොලේ මම ඇහුවෙ...:)
ඉඳල හිටල ලොක්කොත් එක්ක පොටෝත් ගහනව. ලොක්කො කිව්වෙ ඔය අලි එහෙම එක්ක සෙල්පි හිට ගහනව.
ReplyDeleteක. මි. යා කාලා...
I'm on my way to Badulla.. to catch the bugger.. :)
Deleteඅර ත්‍රි වීල් සෙල්පිය - ඔහේ එක්කෝ ඕනේ නෑ.
Deleteසෙල්ෆීවලින් නොනැවතී ෆෝටෝ ජර්නලිස්ම්වලින් සම්මානයකටද සුදුසුකම් ලබන ලදී
Deleteකොහොමත් මං මේ කම්පනා කොලේ අර සෙල්පි ගහන රිටක් මේ මනුස්සෙයට ඇරං දෙන්න.
Deleteඅජියටත් පිස්සු.... ලන්ඩන් ඉන්න බන්ඩලත් එක්ක මක්කා හරි කොරන්නේ නැතිව මෙහේ ඉන්න කබ්බෝ ෆෝම් කරන්නේ...
ReplyDeleteකොහෙද යන පිස්සෙක්.
Deleteහෙනං ඔය වවුලෙක් වගේ කබායක් ඇදං පයිප්පෙයක් කටේ ගහගෙන බෝතල් කන්නඩි කුට්ටමක් දාගෙන පැන්ස දෙකක් දීල ලන්ඩන් ටයිම්ස් පත්තරෙයක් ඇරං හයිඩ් පාක් එකේ බංකුවක් උඩට වෙලා ඕක කියෝ කියෝ ආතල් එකේ ඉන්න තිවුන් නැද්ද?
Delete1930 ලන්ඩන් ?
Deleteමරු විස්තරේ. අනිවා යාං හෑල්ලටත් සම්මානයක් ලැබෙන්නම ඕනි. නැත්නම් අපි අතින් බයිට් ටික කාගෙන මේවා කියවන එකේ තේරුමක් ඇතෑ.? ඒ කියන්නෙ අතින් කාගෙන එන්නේ හොඳ නිසා රසවත් නිසා නේද?. ජයවේවා!!! යාං.
ReplyDeleteසංමාන කෙසේ වෙතත් මගේ ටාගට්ටෙක තමයි කෝමහරි කරල මේ වැඩේට පුලුවං තරං උදෙං එනඑක. නැත්තං කයිවාරුවක් ගහන්න වෙලා මදිනෙ.
Deleteඔන්න ඔහේ මේ පාරත් මාතලංටම දීල දාමු.....
ReplyDelete1600/- යෙ සෙට් එකේ අනිත් උන් බේතකටවත් හොයාගන්න නැති උනාට කිසි ලැජ්ජාවක් නැතුව තාමත් තනියෙම හරි කඩේ යනවනෙ.
//හිට්ලර්ගෙ රටිං පවුලක් පංසලක් වෙලා ඉන්න මනුස්සයෙක්// බොලන් ඒ මනුස්සයට ඇහුන නම් ගිනි විජ්ජුම්බරයයි. ඔය රටේ හිට්ලර් මතක් කරනවාටත් කැමති නැහැ. අත උස්සල හිට්ලර් සැලියුට් එක ගැහුවොත් හිරේ දානවා. අනික හිට්ලරයා ඔස්ට්‍රියන් බුවෙක් නේ.
ReplyDelete//අනික හිට්ලරයා ඔස්ට්‍රියන් බුවෙක් නේ. //
Deleteනියම දේශපාලකයෙක් ( හෝ බය පස්සපාත හස්බන්ඩ්කෙනෙක්) ලෙස ප්‍රකාශ කරන ලදී.
Heil Dharma !
ඕං බලන්ට වැඩේ. දැං මං හිතං ඉන්නෙ අජිත් මහත්තැං නැන්දම්මයි මාමණ්ඩියි බලන්ට ගියයිං පස්සෙ මාමණ්ඩි අජිත් මහත්තැංව වත්ත පහල තියෙන ලට්ට ලොට්ට මඩුවට එක්කං ගෙහුං “මේං බලන්ට පුතා යුද්දෙ කාලෙ අර ඕවිටේ අගල ගාවදි පුපුරච්චි පැන්සර් යුද්ද ටැංකියෙ තුවක්කු බටේ. ඕක මං පස්සෙං පහු කාලෙක මිනිස්සු දාසයක් දම්මල මෙතෙන්ට අද්දෝල තිව්ව. බලන්ටකො තාම මලකඩ නොකා තියෙන අපූරුව. ටොප් ජරමං බඩු මෙව්ව.“ ආදී වසයෙං කයිවාරු කියෝනව ඇති කියල. ඉතිං තමුන්නැහැ මගෙ හීන සේරටෝම හැට්ට කට්ටෙං අයිනවනෙ.
Deleteප්‍රා හිට්ලර් ඔස්ට්‍රියන් තමා. උඹ අපේ ගෙදර හිටි වෙලාවේ බය පස්සපාත කම දැක ගන්න ඇතිනේ හිටන්. අර පොත් ගේන්නද එපාද ?
Deleteඅපොයි අපේ මාමණ්ඩිය එච්චර වයසක එකෙක් නෙමේ. පොර ඇවිල්ල විදුලි සංදේශ ඉංජිනේරුවෙක්. පොර පෙන්නන්නේ අර සෙල්ලම් කෝච්චි සෙට් එකක් ගියහම. හැබැයි ඇත්තටම උන් හිට්ලර් ගැන වචනයක් කතා කරන්නේ නැහැ. පොරගේ තාත්තා වල කජ්ජ ගැහැව්වේ දැන් අවුරුදු පහකට විතර කලින්. ග්‍රේට් ග්රෑන්ඩ් ෆාදර්. එයා නම් ජර්සි දුපත් වල යුද්දේ කාලේ ඉඳල තියනවා. යුද්දෙන් පැරදිච්ච රටවල් යුද්දේ ගැන කතා කරන්නේ නැහැ. අනික යුදෙව් මිනිස්සුන්ට දුන්න වද වල හැටියට ඒ ඉතිහාසයම අරහං.
Deletei know hitler was austrian. i also know how valuble domestic peace is. most of all i know i want those books. soooo .. we will continue this discussion after i get my hands on those books! heh heh
Deletepra jay
අඩෝ ශ්‍රන්ගයෝ.. වැදලා කියන්නම් බුදු පුතේ කවි නැතිව ඕන ලබ්බක් ලියහන් කියවනවා. මට කවි කියවල තේරුම් ගන්ට තරම් හැකියාවක් නැතෝ පුතේ. ජය වේවා..!!!!
ReplyDeleteආයි සරල සිංහල කවි තේරුං ගන්ට බැයිනං බොරු නොකිය හිටිං
Deleteමේක නම් ටිකක් වෙන්න බොළඳයි.....අර කමියගේ පෝස්ට් එකෙන් නවත්තගත්තනම් හොඳා....
ReplyDeleteමට නම් මේ පෝස්ට් එක කියෙව්වම 26වෙනිදා මේ වෙනුවෙන් වෙන් කරනවද කියන එක ආයෙත් හිතන්න උනා...උත්සවය මෙවන් බොළඳ තත්ත්වයකට නොවැටේවා යැයි ප්‍රාර්ථනා කරමි...සමා වේවා...ඇත්ත කිව්වෙ...
මේක මේ මං සංවිධානෙ කරන එකක් නොවන හිංද ඒකෙ හැටි සොබාව මේ ලිවිල්ලෙං මැනගන්න එපා. මං මේක ලිව්වෙ අවම වසයෙං මේක බලල තව එක්කෙනෙක් හරි එයිනෙ කියලයි. මේ ගැන විස්තර පහල ඇති ලිංක් එකේ හරියටම තියෙනව.
Deleteඒක තමයි චෙෆා . මේ සංවිධානේ කොරන ලන්ඩන් වලයි බදුල්ලෙයි ගොබ්බ සිරාල ගැන ලියන එක නම් වැරදියි. කොහෙද මුන්ට කිව්වට අහන්නේ නැහැනේ. ලියන්න එපා කියන එක. දැන් මේ ශර්න්ගයට සම්මානයක් උනත් දෙන්නේ කොහොමද? මේ වගේ වල් පල ලියන කොට. අනේ මචන් නෑවිත් ඉන්න එපා. රෝස්ට් කුකුල් කට්ටක් එක්ක අරක්කු වඩියක් ගහලා "අරූ" ව බයිට් එකට ගමු. (අරූවා මේ පැත්තේ එන්නේ නැති එක හොඳයි. නැත්නම් මාව බයිට්)
Delete//රෝස්ට් කුකුල් කට්ටක් එක්ක අරක්කු වඩියක් ගහලා//
Deleteඔන්න ඔච්චරලු මට ඇහුණෙ
අජිත්...ඇජෙන්ඩා එකේ ඔය කුකුල් කටු කාලා අරක්කු වඩිය ගහන වෙලාව දැන්නුවා නම් මටයි ඉයන්ටයි ප්ලෑන් කරගන්න පුලුවන් අපේ ආගමනය සහ විගමනය....හෙක් හෙක්....එතකොට ලෙස් එම්බරස්මන්ටස් ෆෝ ඕල්...!!!!
Deleteනැත්තං අර බස්සිගේ පොත දොරට වඩම්මන දවසේ උන දේ (වෙච්ච දේ ) කොරලා බොගෙන් කතා අහන්න වේවි...!
ආආ...ආ...
ReplyDeleteමේ තියෙන්නේ තොරණේ විස්තරේ ලෙසටම...
ඇත්තටම කවුද බං අජිය කියන්නේ, ඌට මක්කා හරි මොලේ අසනීපයක් තියේද...
මොක හරි කමක් නැහැ, එදාට මනුස්සය හිස් අත එන එකක් නැහැනේ...
කළු පාට හරි තද කළු පාට හරි බෝතල් දුසිමක් දෙකකුත් ඒවිනෙ, තේ පැන් සංග්‍රහය විදිහට දෙන්න...
පීරිසි කෝප්ප වල දාල දුන්න කියල මක් වෙනවද...
උගුරෙන් පහළට යන්න ඉතරයිනේ ඕනේ...
එහෙනං. ආයි හිස්අතිං එන්ට එපා කියමු. ඇයි යකඩෝ ඔය එංගලන්තෙ නැතෑ ‘සර් එඩ්වඩ්‘,‘ගුරුවරු‘, ආදී මහගොඩක් ජාති. අනික මාමණ්ඩිල, මස්සිනාල එනකොට ගෙනාපුු ජාති එහෙම ඕසෙට. දැම්ම නැවට දැම්මනං ගානට වෙලාවට ලංකාවට එයි. මොකෝ ඔයිං දුසිමක් දැම්ම කියල නැව් ගිලෙනවයැ. පීරිසි කෝප්ප මොටදැ ‘කෑම ටවුම‘ට ගියහං ඕන හැටියෙ තියෙන්නෙ disposable cup
Deleteහුකෑස් .... කඩවසම් දුරකථනය හැක හැක හැක
ReplyDelete///"නෑ නෑ එහෙම කෙනෙක් නෙමෙයි මේ උන්නැහැ දකින දකින ඉස්කෝලෙට උදව් කරනව. පොත් බෙදනව, ලිං හාරනව, ටැංකි බඳිනව, පොම්ප හයිකොරනව, බට අමුනනව, ඉඳල හිටල ලොක්කොත් එක්ක පොටෝත් ගහනව. ලොක්කො කිව්වෙ ඔය අලි එහෙම එක්ක සෙල්පි හිට ගහනව. ඡංදෙත් ඉල්ලයිද මංද“""///
Deleteමට හිනායනවා ඕයි
ඔය කඩවසම් දුරකථන කතාව කියාදුන්නෙ ගූගල් ටාන්ස්ලේටරේ.
Deleteකෑම ටවුම කිව්වෙත් ගූගල්මද?
Deleteහැක්.. හැක්... නියමයි ශ්‍රංගයො බොගේ අණබෙරේ සොරි ඕඩර් ඩ්‍රම් එකනං.
ReplyDeleteඑතකොට ඔය සම්මාන උලෙලෙ පෝස්ට් දාන්නැති බ්ලොග් වලට, කොමෙන්ට් කාරයින්ට එහෙම සම්මාන දෙන්නෙ නැතෙයි.
දන්නෑ. නුදුන්නොත් සහතිකයක් හොරට හරි ගහමු. හොර අස්සං ගහන්ට එකෙක් අපේ ඔපීසියෙ ඉන්නව. සම්මානෙයක් හදාගන්න පුලුවං. ගැට තියෙන අඩියක ඉතර ලී කොටයක් ඇරං වේයො අල්ලන්න සතියක් දෙකක් මිදුලෙං තියල පස්සෙ වේයො කාපු ටික හෝදල ඇරල පොලිෂ් කරල ගත්තං නියම ඇදකුද සහිත සම්මානයක් හැදියැකි. ඉං පස්සෙ සැමැං ටිං තහඩුවක යකඩ ඇනෙං අකුරු කොටල උඩිං රත්තරං පාට ස්ප්‍රේ එකක් ගහනව. අන්තිමට පැනල් පින් ඇන හතරකිං තහඩුව කොටේට හයි කරනව. තව මොනවද ඕන. සම්මානෙ දෙන්න සම්භාවනීය අමුත්තෙක්ද? ඒකට මංම එන්නං. දොහොත් මුදුන් දීල වැඳල ගන්න එකයි ඇත්තෙ.
Deleteමේක නම් නියම කලාත්මක සම්මානයක් වෙයි... සැකක් නෑ.. මටත් එකක්..
Delete2015 වසරේ අඩුම පෝස්ට්ගානක් පළ කළ බ්ලොගය......
Deleteනිර්දේශීත නාම
1. ප්‍රසන්න අයියාගේ කොන්ක්‍රීට් බලගය - ප්‍රසන්නගේ ලටපට
2. විදානෙගේ ත්‍රිෙපා්ෂ බලගය - විදානෙගේ මලදානේ...
මේ විදිහට මේක පිටු ගානක් දික් කරන්න වෙනවා. මොකද එක පෝස්ටුවක්වත් නොලියපු එවැන් හැට හුට හමාරක් ඉන්නවානේ..... මොනවා වුණත් ප්‍රසන්න අයියට තැනක් තියෙනවා කියලා ෂුවර්...ඒකනේ ඔය අහන්නේ... මේ සම්මානයක්නං අපි සල්ලි දීලා හරි අජිත් අයියා හදවපු තැනින් අරං තියන්නං අරවා බෝතලයකුත් අරං ආවානං ඇති.....
ඔන්න ඔය සම්මානේ අපට හදල දෙන්න බැරිද? දැන් තියෙන ඒවා නම් සැහෙන්න ගණන්.
Deleteහැක්... නියම සම්මානයක්නෙ ශ්‍රංගයො ඒක. ඉඳහං මමම ඕකක් හදල මටම දීගන්නව.
Deleteකුරුටු,
විදානයටනං සමපෝෂ කොම්පැනිය ස්පොන්සර් කරපු සම්මානයක් හම්බවෙයි.
ඕක විදානයාට දෙන්න ටිකිරා අයියාට එන්න කියමු......... පට්ට පට පට
Deleteනියම අණ බෙරේ ශ්‍රංගයො. බොටත් සම්මානයක් ලැබේවායි ඉතා සිතින් ප්‍රර්ථනා කොරනවා !!!
ReplyDeleteමට ලැබෙන ලොකුම සම්මානෙ තමයි අර කොම්පීටර් කඩේ එකා ලව්ව මයෙ කොම්පීටරේ අද දවසෙ හදෝගන්න එක. මේ කීබෝඩ්ඩෙක පිස්සු කෙලින උකුලු පරිගනකෙං ටයිප් කරද්දි මගෙ ඔලුව මංඥං වෙලා ලියන්න යන එක අවුල් වෙනව.
Deleteඒක මයෙ නාට්ටිය නෙවෙයි ඕං... මං සම්බන්ධිකරණ වැඩේ කොළා විතරයි ආයිබොං..
ReplyDeleteඅලුත් බිස්නස් එකකට අයිඩියා එකක් ආවා.. ‘‘තරුරසී තලකැරලි‘‘ නරක නෑ.. එදාට එන ඈයො මට පොඩ්ඩක් සුරංගව පෙන්නන්කො...
දැන් ඉතින් තරුට බේරුමක් වෙන එකක් නෑ... ඉක්මනට අර තීටර් කට්ටියත් එක්ක කතා කරලා පුංචි චරිතයක් හරි ඉල්ලගන්න වෙනවා.... නැත්තං මුං කතා හදයි.... තව ක්‍රමයක් තියෙනවා.... මෙහෙම කියන්න.. මං මේකේ රගපාන්නේ නැහැ. මං තමයි නිෂ්පාදිකාව කියලා.... කොහොමද අපේ මොලේ..... හැක්
Deleteමම නම් දන්නේ නැහැ ඕව. තරු නම් මට කිව්වේ මේ නන්නාදුනනා නාට්‍ය කණ්ඩායමේ ප්‍රකාශිකාව කියල.
Deleteයකෝ මගෙ ලඟ තියෙන්නෙත් කඩවසම් දුරකතනයක් කියලා දන්නෙ දැන්නෙ. මම හිතුවෙ මෙච්චරකල් ඒක බුද්ධිමත් කියලා.
ReplyDeleteබුද්ධිමත් නං ඒක ඉන්ටැලිජන් වෙන්ට එපෑයැ. අපිත්තෙක්ක ඉංගිලිස් කතා කොරන්ට කොහෙද අනේ ඔයාල. හෙග් හෙග්
Deleteමොනවද ඔය බොලොග් කියන්නෙ.
ReplyDeleteඕවට සම්මාන දෙන්න පිස්සුද අප්පා.
සම්මාන දෙන්න කොයි තරං වැදගත් අලකලංචි තියෙනවද මේ දවස් වල.
ඔය බොලොග්කාරයො නේද රටකරවන ඇත්තන්ට කිසිම දෙයක් කොරන්න දෙන්නෙ නැතිව උදේ හවා අංචි අදින්නෙ.
හහ් හහ්.... ගුවං විදුලි නාට්ටියක් වගේ දෙබස් ටික.. උඹට ඒ වැඩෙත් ටිප් ටොප් එකට කොරන්න නං ඇහැකි.පණිවිඩේ දෙන්න හොඳ විදිහක්.
ReplyDeleteජයවේවා..!!
මෙන්න සුරංග මගෙ ගානෙ...
ReplyDeletehttps://slcomics.files.wordpress.com/2014/11/wilambeeta-lante-12.jpg
hik
Deleteසුරංග කොල්ලෝ කුකුලගෙනුත් සුබපැතුම් සම්මාන උළෙලට.
ReplyDeleteනියමයි සුරංගයො සුපිරියටම තියෙනව
ReplyDelete