Sunday, February 21, 2016

ළමයි ඇන්දීම

සති දෙකක් තිස්සෙ හරිහමං දෙයක් ලියාගන්න බැරි උනේ මේ කොම්පීටර් දෙකම ලෙඩ දෙන හිංදායි. කීප විටක් හැදෙව්වත් හරිගියෙනෑ. අංතිමට අම්බලන්ගොඩ කතා  ලියන අම්බලංගොඩ “මොකෑ බොට වෙලා තියෙන්නෙ කරදරයක්නං කියහං“ කියලා කියාපු හිංදත් මොකුත් නොලිය ඉන්න බෑ වගේ හිංදත් ඔන්න පිස්සු කෙලින කී බෝඩ් සහිත ලැට්ටොප්පෙකෙංම ලියනව යංතං එකක්. ඒ එක්කම කසාද ජීවිතයට පිලිපන්න ජී.ඒ.එස්. ලබ්බා මහතා සහ එම මැතිනියටත් එකම ගස්ලබ්බේ පලු දෙක වගේ ඉන්නට වරම් ලැබේවායි කියා පතමින්, අද දවසට යෙදෙන අම්බලංගොඩ කතා ලියන අම්බලංගොඩගේ උපන්දිනේටත් සුභ පතමු.



ළමයා රටේ අනාගතයයි කියා කවුදෝ කෙනෙක් ඡන්ද රැස්සීමකදීද කොහෙද කියා තියෙනවලු. හරියටම දන්නෑ, හැබැයි ඔහොම එකක් කොහේහරි තිවුන මට මතකයි. ඒක ඇත්ත වෙන්න පුලුවං. මොකද ඉතිං ළමයිනෙ බත් කාල ලොකුවෙන්නෙ. ආං හරි පොඩි ළමයින්ට බත් ගිල්ලන්න ෂෝක් තුරුම්පුව තමයි ඉක්මන්ට ලොකු වෙන්න බත්කන්න ඕනෑ කීම. හැබැයි ලමයිංව ඇන්දිල්ල නරක වැඩක්. නරක වැඩක් උනාට මාත් දෙපාරක් විතර ළමයිංට අන්දලා තියෙනව. හැබැයි ළමයි ඊට වැඩි වාර ගනනක් මට අන්නලා තියෙනව. අද කතාව ළමයි සහ ඇන්දිලි ගැන.


පළමුවෙංම මට මතක ඇති කාලෙ ඇන්දුවෙ අපේ තාත්තගෙ නංගිගෙ දූ හෙවත් මගේ නැංදගෙ බාල දෝනියැන්දැව. ඔය නැංදගෙ උඩු ඇන්දෙ දත් කුට්ටම තියෙන්නෙ පොලවට සමාන්තරව. උංදැව රෑකට කුප්පි ලාම්පු එලියෙං දැක්කොත් හරිම සිරියාවන්තයි. එහෙම දැකපු කීප දෙනෙක් එදාරෑම පීටර ආතට කියල තෙල් මතුරවගන්නව. ගමේ අනික් අය උන්දැට ‘බොල්ලෑවි‘ කියා කියතත් ඔය නැංදට මං කියන්නෙ ඩ්‍රැකියුලා නැංද කියල. ඔව් උංදැ නැති තැන තමා. දවසක් ඔය නම වැරදීමෙං මගෙ අතිං අපෙ ආච්චම්ම (ඔව් ඔව් බොලා උඩ තියං ඉන්න ඒ වන්දනා ගිය ආච්චම්ම තමා. අපේ අම්මෑ අම්ම) එක්ක කියවූනා. චීනා දාපු දත් කුට්ටමෙං හරිහැටි වචන කියවෙන්නැති හිංදා උංදැට ඒ වචනෙ සද්ද කරන්න බෑ. ඒ උනාට උංදැ ඒක අපූරුවට තමුංගෙ බාසාවට හැරෙව්ව.


“ආං උඹලෑ නැංද අද රාලහමිගෙ දලු කඩනව“



“මොන නැංදද?“




“වෙන කවුදැ. බොගෙ තාත්තගෙ නගා. අර දැති හුලහ කියන එකී“





ආං එහෙමයි උංදැගෙ බාසාවෙං ඩ්‍රැකියුලා හඳුන්වන්නෙ .



ඕං ඔය කියාපු නැංදගෙ දූල දෙන්නයි. ලොකු ළමය මට වඩා අවුරුදු හතරක් තරම බාලයි. බාල ලමය මට අවුරුදු අටක් තරම බාලයි. ඔයිං ලොකු ළමය ඉපදිච්චි ගමං ගෙදෙට්ට දාපු නම තමයි ‘චූටි‘. එයිං පස්සෙ කාලෙක බාල ළමෙය ඉපදුනහම ඒ ළමයටත් දාපු නම ‘චූටි‘. චූටිල දෙන්නෙක් ඉන්න හිංද අපි ඒ දෙන්නට ‘ලොකු චූටි‘ සහ ‘පොඩි චූටි‘ කියල නාම විශේෂණ දැම්ම. ඔය ‘ලොකු චූටි‘ හිතං ඉන්නෙ ඕනැම ගහක අත්තක් ගෙනැත් හිටෙව්වම පැළ වෙනව කියල. ඒ හංදා කොහෙදි හරි දකින ලස්සන ගහක අත්තක් අඹරෝල බල්ලන්ට ගහන්න පොල්ලක් කඩන ආකාරෙට කඩාගෙන ඇවිත් හිටෝනව. ගේ වටේට තියෙන පරන පාත්තිවල පොලව කාලයක් තිස්සෙ වල්පැල විතරක් වැවීමෙන් තදවෙලා හිංද ඒ පොලව හාරන්න අමාරුයි. ඒ හිංද පැල හිටවන්න ක්‍රම කීපයක් තියෙනව. පලවෙනි ක්‍රමේ තමයි ඇති වීරියෙං අර මල් අත්තෙ මුල පැත්ත පොලවෙ අනින එක. මේ වැඩේ සාර්ථක වෙන්නෙ අනෝරා වැහි කාලවලට විතරයි. නැත්තං පොලවෙ හයියට පරදින මල් අත්තෙ මුල පැත්තෙ දණ්ඩ හපල අයිං කරපු උක්ගස් කෑල්ලක් වගේ වෙනව. එහෙමත් නැත්තං ඒ කියාපු මල් අත්තෙ මුල් පැත්ත පැංසලේ වගේ උල් කරල පොලවෙ අනින්න පුලුවං. ඒත් ඒ උල් හරිය දෙකට නැවෙනව විතරයි. තව සමහර වෙලාවට ඔය උල් කරපු පැත්ත පොලවට තදකරල දෙපැත්තට කරකෝනව. ඔය මොකක් හරි උලකිං ටිකක් තද දේක සිදුරක් විදින විදිහට. ඒත් හරියන්නැත්තං පිහිය තලෙංම පොලවෙ බිංකුන්ඩංගෙ වලක් තරම එකක් හාරල ඒකෙං අර මල් අත්ත හිටෝල පස් දාල තද කරනව. ලයිට් කනුවක් පෝච්චියක හිටෙව්ව වගේ හිටෝපු වලට ඔරොත්තු නොදෙන අත්තෙ උසට දරාගන්න බැරුව අත්ත පෙරලෙනව. එතකොට ආයිත් අතිං පොලව හූරල ගන්න පස් ඩිංගක් අර අත්ත වටේට තියල තද කරනව. ආයිත් පෙරලෙනව. ආයිත් පස් දාල තදකරනව. ඔය විදිහට කීප විටක් කලාම ගහ වටේට අඟල් කීපයක් උස කෝම්පිට්ටුවක් වගේ පස් කන්දක් හැදෙනව. ඒ පස් කන්දෙ බලේට යංතං කෙලිං ඉන්න අත්තට පුලුවං වෙනව. ආයිමත් වරිං වර එන හුළඟ නිසාත්, වතුර දාද්දි කඩේ තේවක්කරන්න වගේ හිටගෙන වතුර දැමීමෙං පස් සෝදාගෙන යාමත් නිසා ඔය මල් අත්ත වැටෙනව. ඒ ඒ අවස්ථාවලදි දුටු වහාම ආපහු අත්ත කෙලිං කරල කෝම්පිට්ටුව තර කරන්න ඕනෑ. රැයක් එලිවෙද්දි ඔය සේරම හෝ බහුතරයක් තැංවල පස් කෝම්පිට්ටුව සුන්නද්දූලි වෙලා මල් අත්තත් යාර දෙක තුනක් දුරිං හතරගාතෙං වැටෙන්නෙ තමුංගෙ යහනාව වෙනුවෙං පස බුරුල් තැං හොයමින් වලවල් හාරන බිංදුවාගේ වැඩක් විදිහටයි. ඒ වගෙ දවස් වලට බිංදුවාගෙ තුං වේලම අපේ ගෙදරිං. ආච්චම්ම (මේ කියන්නෙ තාත්තගෙ අම්ම හොඳේ) මිදුල අතුගාද්දි ඉලපතේ ඉරටු අස්සෙ හැංගිලා හෙලපල්ලම බලා යන මල් අතුත් ආපහු එන්නෙ නෑ. කොහොමිං හරි තවත් කීප දවසක් යද්දි ඔය කොයි කොයි වර්ගෙ මල් අතුත් කොළ හැලිල එකම වර්ගයෙ ඉපල් බවට පත්වෙද්දි අලුත් මල් අතු ටිකක් ඒ තැන ගන්නව.


ඉතිං ඔය ලොකු දුවනිය දවසක් කොහෙංදෝ හොයාගත්ත වයිවාරන්න මල්පැල ටිකක් මිදුල වටේ හිටෝල තිවුන. කොල වෙනුවට කෙඳි තියෙන මල් අත්තක්,  පිපෙන්න ඔන්න මෙන්න තරම පොහොට්ටු තියෙන මල් අත්තක්, තුංකිඤ්ඤ කොල වගේ කොල තියෙන ඒ කියන විදිහෙ හරීඊඊඊ ලස්සන මල් පිපෙන‘ ගහක් වෙන්න කී්‍යටවත් බැරි පෙනුමක් තියෙන ගහක් ඇතුලු අතු ලංදක්ම පාත්තිවල තැන තැන පස් කෝම්පිට්ටු අස්සෙ හිරවෙලා බිම බලාගෙන හිටියෙ තමුංව බලහත්කාරෙං උදුරං ආපු කේන්තියට වගෙයි. අඟුරු කෑල්ලකිං දත මදින ගමං මූන හෝදන්න දොලට යනකොට ඒ කිට්ටුවම තියෙන නැංදලගෙ ගෙදට්ට ගොඩවෙලා එහෙ තියෙන ඕපදූප ටිකත් බලල බිංදුවත් එක්ක ටිකක් නටල බලු කෙලත් නාගෙනම දොලට යන්න මං ඇබ්බැහි වෙලා හිටියෙ. ඉතිං එහෙව් මල් අතු බිම බලාගෙන  තෙමිච්චි කුකුල්ලුංගෙ පිහාටු වගේ කොලත් බිමට නමාගෙන හිටිය අති සුන්දර උදෑසනක මං ඒ ගෙදර මිදුලට ගොඩවුනා. නැන්දයි මාමයි දෙන්නා වැඩට ගිහිං, ‘ලොකු චූටි‘ හැමදාම කෙරෙන පරිදි එ් දෙන්නගෙ පස්සෙං ගිහිං හිංද එවෙලෙ ගෙදර හිටියෙ ආච්චම්මත් ‘පොඩි චූටිත්‘ විතරයි.


“මොකෝ බං මේ කැලෑ අතු හිටෝල මිදුල පුරාම. උඹල සෙල්ලං වත්තක් හැදුවද?“


මං පොඩි චූටිගෙං ඇහුව.


“ඤෑෑ චූචියක්ක සාලාමි මාමලෑ ගෙදෙං ගෙනැහ්හිටෙව්වෙ මල්ලතු“


“ඉතිං බං මෙව්ව මේ දෙකට නැමිල තියෙන්නෙ මොකදැ? අද හවස්සෙනකොට මැරෙයි.“


“ඤෑෑ“


“ඤෑ නෙමෙයි. මෙව්ව හිටෝන හැටි නෙදැන හිටෙව්වං හැදේයැ“


“එ්ඤං කෝමජ“


“ඔය අතු හිටොවන්නෙ උඩ යට මාරු කොරල. අගිස්ස යටට හිටින්න.“


“එචකොච මල් හැජෙයිජ“


“බලහංකො මං කිව්ව හැටියට හිටෝල. දවස් දෙකෙං මල් හැදෙනව.“


එසැනිං මැලවුනු මල් අතු සේරම උඩයට මාරුවෙලා කලින්ටත් වඩා උස කෝම්පිට්ටු අතරෙ හිටවෙන්න ගියෙ එක මොහොතයි. 


එදා හවස් වෙනකොට නැංදලගෙ ගෙවල් පැත්තෙං ඇහිච්ච මර ලතෝනියෙං කියාපෑවෙ පොඩි චූටිගෙ කංකෙටිය අනික් පැත්තට කැරකැවිච්ච බවයි. 




108 comments:

  1. හිටිං අපේ 'දැති හුලහ' එනකං මේවට උත්තර දෙන්න... හැක්

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං අඟහරුවාදාට නේද

      Delete
    2. මං ආවා - මං ආවා
      හිර බත් කාලා ලකප් එකෙං රිංගලා...
      ඩිෂ්ෂි ඩුඩුම්...

      Delete
  2. 'තුංකිඤ්ඤ කොළ' කියන්නේ මොනාටද සුරංගයෝ?

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් ඇට වගේ ඇට පොකුරක් හැදෙන , පුංචි රතු පාට මල් පොකුරු හැදෙන පඳුරක්

      Delete
    2. චෝචුමිචියා මල් කියන්නේත් ඔව්වටනේ...

      Delete
    3. සිංෙහ මංං එහෙම නමක්නං දඤ්ඤෑ

      Delete
    4. ඉතින් කාල වරෙන්කො.. ඕකට දකුණු පළාතේ කියන්නේ ටොන්කිඥ්ඥා කියල. ටොන්කිඥ්ඥා ගෙඩි ඉදුනාම දම් පාට වෙනව.
      මෙන්න මේ පින්තූරේ සමනලයා ඉන්නේ ටොන්කිඥ්ඥා ගහක තමා. ඔය තියෙන්නේ ටොන්කිඥ්ඥා මල්.
      https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/32/Common_mormon.JPG/200px-Common_mormon.JPG

      Delete
    5. යකෝ මේ ගඳපාන නේද? මොකද්ද අර කියාපු විලිසංගේ නැති නම?

      Delete
    6. යකෝ ඔය මහප්‍රාන මඤ්ඤං කියන්නැතුව මේකට ගඳපාන කියන්න තිබුනෙ නැද්ද.

      Delete
    7. මම දකුනේ වෙලත් අම්බලන්ගොඩ කියපු නම ඇහැව්වේ අදනේ...

      Delete
    8. දකුණ මං දන්නෑ ගාල්ලෙ කියන්නෙ නං ගඳපාන ම තමා

      Delete
    9. අඩේ ගඳපාන ගහට තියෙන නං ගොඩ. අර "සිංහ මීයා" තමා මරුම නම....

      ඔය වගේ තමා ඇල්බීසියා ගහටත් නම් ගොඩක් තියෙනව.

      Delete
    10. ඇල්බීසියානං මං දඤ්ඤෑ ග්ලිසීරියා වලටනං නං ගොඩක් තියෙනව.

      Delete
    11. ඩ්‍රැකී.... ගම්වල එක එක නම් කියනවා ඕවට

      ඇනෝ.... ගාල්ල තියෙන්නේ උතුරෙද අපිත් ගාල්ලේ තමා...

      ප්‍රසෝ... ඩ්‍රැකීට පිස්සු ග්ලිසීඩියා වලටනම් ගොඩක් නම් කියනවා. මාත් අහලා තියෙනවා..

      Delete
    12. නෑ බං අන්දර වලට එක එක නං තියෙන්නෙ...

      Delete
    13. ගඳපාන වලට බදුල්ලේ උන් කියන්නේ 'හිඟුරු' කියල.. ඇල්බීසියා/ ග්ලිසිඩියා වලට බදුල්ලේ උන් කියන්නේ 'නංචි' කියල.. ග්ලිසිඩියා වලට අපේ ගෙදර උන්දලාගේ පැත්තේ (ගාල්ල/ බුස්ස) කියන්නේ 'කිරිදීසියා' කියල.. හැක්.

      Delete
    14. නුවර පැත්තේ ඒවාට කියන්නේ 'ගිනිසීරියා/වැටමාර ' කියලා

      කිරිදිසියා.. හෙහ් හෙහ්

      Delete
    15. ගිණිසීරියා/ගිණිකූරු/වැටමාර/මකුලත(මුලින්ම ඇහුවෙ දික්වැල්ලෙදි.)/ඇල්බීසියා

      Delete
    16. ගිනිසීරියා ෙනෙවයි ෙබාලව් ඔය ලාඩප්පා. ගිණිකූරු කියන්නෙ ඔය ඇල්ස්ටෝනියා කියන ගහනෙ.

      Delete
    17. යකඩෝ මේ ගහට ටොන්කිඥ්ඥා කියන්නේ එතකොට අම්බලන්ගොඩ විතරක් වෙන්ටෑ .. අපේ පැතිවල නම් ලාඩප්පා කියන්නේ වැටවල් වලට හිටවන ඇල්බීසියා කියන ගහටමයි. අලස්ටෝනියා වලට තමයි මම හිතන්නේ ගිනිකූරු කියල කියන්නේ.

      Delete
    18. වැටමාර, ග්ලිසීරියා, ලාඩප්පා කියන්නෙනං එකකට තමයි. ගිනිකූරු ගස්නං ඒකට සම්බන්ධ නෑ.

      Delete
    19. හි හි....

      හයියෝ..... ගඳපාන.... හි හි......

      හි හි.......




      හි හි......

      Delete
  3. මගේ යාලුවෙක් හිටියා, ඒකිට පැලයක් දුන්නම හිටවන්න මුල් අදිනකල් ඉවසිල්ලක් නැහැ. අම්මා පැලේ හිටෝලා යනකල් ඉඳල මෙයා හාරලා බලනවලු. ආයෙමත් පැයකින් හාරලා බලනවලු. ඊටත් පස්සේ පහුවදා වතුර දාල යනකල් ඉඳල ආයෙත් හාරලා බලනවලු. ඉස්කෝලේ ඇරිලා බලනවලු. හවස සෙල්ලම් කරනකොටත් හාරලා බලනවලු. දිගටම විදියට අවධානයෙන්, උනන්දුවෙන් කරගෙන යනවලු. අර නොසන්ඩාල ගහ හිතලම හැදෙන්නේ නැතුව සතියක් යන්නත් කලින් මැරිලා යනවලු. අම්මා හේතුව හොයාගෙන තියෙන්නේ ගොඩක් පස්සේ!

    ඔහොම ඇන්දිල්ලක් ඉස්සර අපේ අය්යට , අපේ අම්මගේ අම්මගේ ( අත්තම්මගේ) මල්ලි කරනවලු. පොල් ගෙඩියක් අරගෙන එක කටට ගිලිනවා කියලා. අය්යත් කට ඇරගෙන බලන් ඉන්නවලු. අය්යාගේ ඇස් වහලා ඒ මාමා වැඩේ කරනවලු. ආයෙමත් වමාරලත් පෙන්නනවලු. ඕකද මන්දා ඕකා ඇට්ටර වෙන්න හේතුව!
    මොකෝ අන්දන ඒවා වෙලා? පොඩි අඳින්න පුරුදු වෙලා ඉන්න නිසා හොඳයි. නැත්තම් කොරයි අපේ රට කරන ඇත්තොලා !!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේක ඇහුවම මට මතක් උනේ අපි ඉස්සර කරපු වැඩක්.

      අපේ නැන්දිගෙ වත්තේ තිබුනා පැණි දොඩම් ගහක්. මායි, දෝණියි, හරකයි (හරක කීවෙ අපේ නංගි කෙනෙක්) එක සැරයක් ඔය කියන දොඩම් ගහෙන් ගොඩාආ...ක් දොඩම් කෑව. කාලා, තුන්දෙනත් එක්ක දොඩම් ඇට පැල කලා ගහ ලඟම. ටික දවසකින් ඇවිත් බලනව හැදිලද කියල, හැදිල නෑ වගේ. ආයි දොඩම් කාල, ඇට හදනව. ආයි ටික දවසකින් ඇවිත් බලනව, හැදිල නැත්තම්, හාරලත් බලනව. ඔන්න එතකොට සමහර ඇට පැලවීගෙන එනව. එතකොට ඒවා ආයි පස් දාල වහනව. ආයි දොඩම් කාල තව තැනක ඒ ඇට ටිකත් හදනව. ආයි කාලෙකින් ඇවිත් බලනකොට අන්න අර මුලින්ම හදපුවා, පැලවේගන පොළොවන් උඩට මතුවෙලා තියෙනව. අපිට හරිම සතුටුයි. අනිත් ඒවත් පැලවෙලාද කියල හාරලා බලනව. ආයි දොඩම් කාලා, ආයිත් ඇට පැල කරනවා. තවටිකදවසකින් එනකොට ගොඩක් තැන්වල පැල තියෙනව. තම තමන් හදපුවා කට්ටියම ගලව ගන්නවා ගෙදර ගෙනියන්න කියල. ඔන්න දැන් අපිට මතක නෑ කවුරු හදපුවා, කොතනද තියෙන්නෙ කියල. හරකගෙ ඒව නිකම්ම හැදෙනව. මම හදන ඒවත් ඉතින් ඔහෙ හැදෙනව. දෝණි ඔය එහෙන් මෙහෙන් දාල හදන ඒව හැදෙන්නෑ. ඉතිං රන්ඩුවෙනව. පැල වලට ගහගන්නව, හොදට හැදිච්ච පැල ලගට ගිහිල්ල කියනව 'ඒක හැදුවෙ මං කියල'. හැම තැනම පැළ තියෙන නිසා අපිට මතක නෑ කවුද කොතනද හැදුවෙ කියල. අන්තිමේදි රන්ඩු බේරගන හැමෝම පැළ ටිකක් ගෙදර අරන් එනව.

      ඒකාලෙ මතක් වෙනකොටත් ආසයි..

      Delete
    3. ඇත්තෙං මං හිතං හිටියෙ කට්ටියත් එක්ක එක්කහු වෙලා මට බනියි කියල. ළමයි අංදනවට. සංතෝසයි. මං වගෙම රැලක් ඉන්නව.

      Delete
    4. හරක?? අම්මප ඔහොමත් නම් දානවද ළමයින්ට??? අන්දනවා හොඳයි තව!

      Delete
    5. ළමයි ඇන්දිල්ල කියන්නේ සුරන්ගයෝ.. අපේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ ලොකු වෙහෙස මහන්සියෙන්, පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආපු චාරිත්තරයක්! එහෙම නතර කොරනවද?

      මම නම් ප්‍රතිපත්තියක් විදියට ළමයින්ට බේගල් කියන්නේ නැහැ. මම කිව්වේ අනුන්ට වෙච්ච දේවල් ටිකක්

      Delete
    6. කැන්ඩි, //'අපේ අම්මගේ අම්මගේ ( අත්තම්මගේ) මල්ලි'- 'ඒ මාමා' // මොකක්ද බොල ඒ නෑකම? හැක්..

      මෙත්මා නංගි.. අර 'හරක' දැන් බ්ලොග් එකක් ලියන්නේ එහෙම නෑ නේද? කොහොමින් කොහම හරි උඹලා මාර දොඩන් කෑමක් නේ කාලා තියෙන්නේ..

      Delete
    7. අත්තම්මගේ මල්ලි අනේ.. ඇයි මාමා නෙවෙයිද අපිට වෙන්නේ? අම්මට වෙන්නේ අය්යා

      Delete
    8. අඩේ උපේස්සා, යකෝ අත්තම්මගෙ මල්ලි සීය නෙවද? ඈ? දැංවක් නෑකං හදාගං.

      Delete
  4. මම හිතන් හිටියේ දත් පොලවට සමාන්තරව පිහිටීම හා ළමයි ලැබිල්ල අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියනවා කියලා...උඹලෑ දැති හුලහා නැංදා ඒක බොරු කළා...

    ඔය නැන්දා බ්ලොග් එහෙම කියවනනම්, හෙට අනින්දා කට්ටියට ඉස්පිරිතාලෙ පැත්තෙ එහෙම බඩ ගාන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. නැංද බ්ලොග් තියා පත්තරෙයක් තරම කියොවන්නෑ. ඒකනෙ අපි ෂීංගයො වගේ ලියන්නේ.

      Delete
  5. ඉක්මනට ලොකු වෙන්න කියල පොඩිකාලෙ අපිට මොනතරම් නම් කියනවද? අන්තිමේදි මටනම් එපා වුනා. බලාගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා දැන් ලොකු වෙයි දැන් ලොකූ වෙයි කියල. ඔහෙ නෑ, ලොකුවෙන හැඩක් නෑ. ස්කෝලෙ යන්වා, එකපන්තියකින් අනිත් එකට පාස් වෙනව, ආයි ඊ ලඟ පන්තියටත් යනව. ඒ උනාට කල්පනා කරල බැලින්නම් අපි ලොකු වෙලා නෑ. මට මතක විදියට 6-7 වසර වල ඉන්නකොට තමයි මම ඒ ගැන හරිම කළකිරීමකින් හිටියෙ. මට පුදුම හදිස්සියක් තිබ්බෙ ඉක්මනට ලොකුවෙන්න ඕනි කියල. අන්තිමේදි සෑහෙන කාලයක් ගියේනෙ ලොකු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිං තාමත් ලොකු උනේ නැද්ද?

      Delete
    2. කාලෙකින් ටිකක් ඇතිවෙන්න හිනා උනා..

      Delete
    3. බලං ඉඳල ඉඳල බැරිම තැන මෙත්මි ජම්බු ගහකට නැගල බිමට පැන්නලු...

      Delete
    4. @ඩ්‍රැකී.. මූ කොහේ ගියත් කට කැඩිච්ච කතාවක් කියන්නේ...

      Delete
    5. ඔතැන ලොකු කියන්නෙ විසාල වෙනව කියන එක. ඒ කියන්නෙ පරිනතභාවයට පත්වීම.

      Delete
  6. දවසක් මම පුංචිගේ දුවටයි පුතාටයි කොච්චි මිරිස් ගහක් පෙන්නලා හරි රහයි ඒ කරල් කීවා . මුන් දෙන්නා ඒවා කන්න ගිහින් එක විජ්ජුම්බරයයි.පසේ වැඩිහිටි පරම්පරාවෙන්ම ඕසෙට බැනුම් ඇහුවා. ඔය ලොකු චුටිලා , චුටි චුටිලා අපේ ගමෙත් හැමගේදරකම හිටියා තව පොඩි නෝනිලා , චූටි නෝනිලා එහෙමත්

    ReplyDelete
    Replies
    1. දැනටත් නැතෑ තිලකෙ මහත්තෙයා. විස්සාසෙට ගන්ට අපි එක වලියක් අපේ ඉංගිරිසි මිස්ට කැව්ව මහෝගනී ඇට.

      Delete
  7. ඩ්‍රැකියුලා නැංද ?????

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අපේ ඩ්‍රැකීගෙත් නෑ කෙනෙක් වෙන්න අති නේ..

      Delete
    2. නෑ. (වෙන) කෙනෙක්

      Delete
    3. දොස්තර මහත්තෙයට කියන්න ඔය පිටරට නමක් අපේ පවුලෙ කෙනට්ට දැම්මමයි.

      Delete
  8. සුරංගයො,
    මමත් පොඩි කාලේ හිටෙව්වා. හැබැයි පැල එහෙම නෙවෙයි. මේ කුකුල් පිහාටු. මගේ හිතේ මේවත් පැල වෙනව කියලනෙ. ඒ දවස්වල කුකුල් පිහාටු හොයාගෙන ඇවිත් පොල් ඔයන යකඩෙන් වලක් හාරගෙන කුකුල් පිහාටු මිටියක් දාල වල වහල තියනව. ටිකකින් බලද්දි එකක්වත් නෑ. එක්කෝ නංගි උස්සලා. නැත්නම් මං එහෙට මෙහෙට වෙනකල් ඉඳලා අපේ බලු තඩිය ඇදං ගිහින්. අපරාදේ. හැදුනනම් කුකුල් පිහාටු ගස් කීයක්නම් අපේ මිදුලෙ තියෙන්න ඕනෙද? හැක් හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. "පොල් ඔයනවා" කියන්නේ මොකක්ද ?

      Delete
    2. පොල් ගෙඩියෙ තියෙන ලෙල්ල ගලවන එකට. අපේ පැත්තෙ කියන්නෙ පොල් ඔයනව කියල. සුරංගයගෙ පැත්තෙත් එහෙම වෙන්ටැ?

      Delete
    3. අහසෙන් එන්නො, බොලෑ පැත්තෙ ලෙලි ගහනව කියන්නෙ ගෑනි මිනිහගෙ ඇඟ උඩ නැගලා අර වැඩේ කරන එකට නේද? ඒකනෙ පොල් සම්බන්දයෙන් කරන ලෙලි ගැහිල්ලට ඔයනවා කියල පාවිච්චි කරන්නෙ.

      Delete
    4. වෙන පලාතක බුවෙක් ගියාලු දකුණු පැත්තෙ පොල් වත්තකට කුලී වැඩක් හොයා ගන්ට. පොල් වත්තේ අයිතිකාරයා ඇහුවලු
      " ඔහෙට පොල් ඔයන්න හෙම ඇහැක ?" කියල.
      වැඩ හොයාගන ආපු පොර කිව්වලු
      "අනේ පොල් ඔයන්න නම් බෑ මහත්තයෝ අඹ බයන්න නම් පුළුවන් " කියල.

      Delete
    5. මටත් මතක් උනේ මේ කතාව.. හෙහ් හෙහ් හෙහ් හෙහ්

      Delete
    6. එංගලන්තෙ රජ කෙනෙක් ඌරු ගාත පැලකරා කියන්නෙ ඒ රසවත් ආහාරය හැමදාම ගන්න ඕනෙ කියලා

      Delete
  9. ඇට ගිලුනම බඩේ පැලවෙනවා කියන එකට නම් මම අවංකවම බය වෙලා තියෙනවා හෙහ් හෙහ්...

    දැන් ඉන්න පොඩි උන් නම් ඔය වගේ අන්දන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පොඩි එවුන් පුලුවන්නම් අපිව අන්දයි.

      Delete
    2. පැතුමා
      ඕකට බලපාපු ලොකුම කාරනාව මම හිතන්නේ විජය පත්තරේ 'මල් මාමා' වෙන්න ඕනේ... මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. හැබැයි කවුරුවත් කියල නෙවෙයි.

      Delete
    3. නහ යේ මලකුත් තියා ගෙන මෑන්ස් කරපු වික්‍රම

      Delete
  10. දැති හුලහ. හැක හැක හැක හැක හැක.

    බ්ලොග් කාරයෙකුත් ඉන්නව නේද බං දැතිහුලහ කියල?

    ReplyDelete
    Replies
    1. ඉන්නවද? මං අහල ඤෑ.

      (තෝ අහුවයෙකො කසුවො තනියම...!)

      Delete
  11. ප්‍රසා එන්න කලින් කොමෙන්ට් ගාන වැඩි කරගන්ඩ මේ ට්‍රයි කරන්නෙ. බලමු. බලමු.

    ReplyDelete
    Replies
    1. බොට නාල එන්න වෙයි. හැක්..

      Delete
  12. මං පොඩි වුන්ට අන්දලා තියෙනව ඇඳුම්!!
    ඔය ඇන්දිල්ල පොඩි වුන් මට අන්දල තියෙනවා

    ReplyDelete
  13. හොඳ වෙලාවට අද හෙට රජයේ නිවාඩු දවස් වුනේ. නැත්නම් දැති හුලහා මේක කියවලා මක්කා කියයිද මන්දා. දැති හුලහා ඒක මරු කාඩ් එක.

    ReplyDelete
    Replies
    1. අර ඩ්‍රැකී කියල ටයිප් කරගන්ඩ බැරි උන්ට දැං පුළුවං "දැතී" කියල කොටාගන්ඩ... හෙහ් හෙහ්...

      - දැතිහුලහා (ටීඑම්)

      Delete
    2. ටීඑම් කියන්නෙ මොකක්ද දැතියො

      Delete
    3. දැති හුලහා ටීම් මාකට්

      Delete
    4. ප්‍රසෝ, ජයරත්න ගෙ මුල් අකුරු...

      සිංහ, දාහං පහක්...

      Delete
  14. ඔය වගේ ඇන්දීම් නම් වුණා කියලා මතක නෑ. හැබැයි ගොන්කම් නම් කලා. ගෙදර පුසෙක් හරි බල්ලෙක් හරි මැරිලා වලදැම්මහම ටික කාලයක් ගියාම වල හාරලා බලනවා. මොකද වෙලා තියෙන්නෙ කියලා. ආයෙ නියපොතු කපලා ගිහින් පස්යට කරනවා නියපොතු ගස් හැදෙනවා කියලා හිතලා.

    ReplyDelete
  15. පොඩි එවුන් අන්දන එක ලේසි නෑ. උන් අපිට වඩා කට්ටයි.

    ReplyDelete
  16. උඹ කියනකොටත් සමහර මල් අතු කරටිය යට යන්න හිටවල තිබුනේ නැද්ද?

    ReplyDelete
  17. ගස් ලබ්බාටත් පලුවටත් සුභ මංගලම්..
    අම්බලන්ගොඩ උබට සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්..

      Delete
    2. වෙල්කම් කිව්වා..

      Delete
    3. බොහොම ඉස්තූතියි සුභ පැතුමට...

      Delete
  18. අපේ අයියගේ ලොකු දෝණිට (පොරට මම කියන්නේ හොටබරිය කියල. තුන්සිය හැටපස් දවසෙම හොටු පෙර පෙර ඉන්න හින්ද ) මම දවසක් කිව්වා " දොඩම් ඇට ගිලින්ට එපා හොටබරියෝ බඩේ දොඩම් ගහක් හැදිලා නහයෙන් අතු එනවා" කියල.
    මේ කෙල්ල ටිකක් ඉඳල කිව්වනේ "ඔව්ව්ව් බාප්පේ, ඊයේ අපේ පන්තියේ ළමයෙකුටත් ඔය වැඩේ උනානේ" කියල.
    දැන් දීපන්කො උත්තර.

    ReplyDelete
    Replies
    1. දැන් දීපන්කො උත්තර!! :D

      Delete
    2. කිරි දතක් එහෙම වැටුනම ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට අලුත් දතක් දියෝ කියලා වහලෙට දාන්ට කියපුවාම දැන් පොඩි උන් කියනවා මාමේ ලේනාටත් තියෙන්නේ දත් දෙකයිනේ එකේන් එකක් මට දුන්නාම උට දත් නැතුං බත් කන්ඩ වෙයි කියලා (තිතක්)

      Delete
  19. අපේ පැත්තේ හිටියා .. තවමත් ඉන්නවා එක දතක් විතරක් උඹලැයි නද්දම්මා ගේ වගේ තියෙන. එයාට ගමේ ඉස්කෝලේ ළමයි කිව්වේ "දත්උල් දිසානායක " කියලා..
    ලොකුචුටියි , පොඩි චුටියි හිටපු පවුලක් අපේ ගමෙත් ඉන්නවා...
    අම්බලන්ගොඩට සුභ උපන්දිනයක් .. සහ ගස්ලබ්බලාට සුභ මංගලම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු.. පොඩි චූටිලා ලොකු චූටිලා ඉන්න ගෙදරක් අපේ ගමෙත් තියෙනව.

      Delete
    2. බොහොම ඉස්තූතියි සුභ පැතුමට...

      Delete
  20. පොඩී උන් හරිම මොඩයි බං අපෙ අක්කාගෙ පුතාව අන්දවලා මම උගෙ බිස්කට් කනවා (තිත්දෙකයි සිම්පල් පී)

    ReplyDelete
    Replies
    1. චික් ඉතරක් පෙරේතයා...

      Delete
    2. හැබැයි සහෝ ඕකට රිටන් එක හම්බෙනකොට උඹේ මොනව කාල ඉතු‍රුවෙයිද දන්නෑ. හැක්..

      Delete
  21. ඒ බන් මට කියන්න දෙයක් මතක් උනේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලා වාඩිවෙලා හිටිය නේද කොම්පීටරේ ඉස්සරහ.

      Delete
    2. එන එන එකා මට වෙච්චි කතා ටික කොමෙන්ට් කරලනේ... උඩට යනවා පහලට යනවා. හැක්..

      Delete
  22. අර නැන්දගේ වෙඩින් පොටෝ එක ෆ්‍රේම් කොඅර ගන්න පුළුවන් උනාය හිටං

    ReplyDelete
    Replies
    1. වීදුරුව දාන්ඩ බැරිලු නේ, දත් වැදිල බි‍ඳෙනවලු.

      Delete
  23. ඇත්තටම කියනවනම් මමනම් හරිම විරුද්දයි පොඩිඋන්ව අන්ඳන එකට. ඊටත් වඩා විරුද්දයි පොඩි ළමයින්ව විහිළුවක් කරගෙන හිනාවෙන එකට. ඒ වෙලවට පොඩිඋන් මොනතරම් නම් අසරණ වෙනවද? පවු හිතෙන්නැද්ද?

    ReplyDelete
  24. උඹ අන්දිල්ලට දක්ෂයෙක් නිසානේ බන් පුන්චම්මගේ කඩෙන් පුන්චම්මගේ ලාභෙට වඩා ලාභයක් උඹ හෙව්වේ. එහෙව් උඹට මේ පුංචි එකියෙක් අන්දන එක මහා කජ්ජක්ද හැබෑටම..
    උඹ එහෙනම් මගේ උපන්දිනෙත් පත්තරේට දැම්ම නේ.. මමත් ලියන්නද උඹ කොම්පියුටරේ මදර් බෝර්ඩ් එකට කරපු සංතෑසිය ගැන.. වැඩකරන්නේ නැහැ කියල ලැප්ටොප් එක මේ වැඩකරලා තියෙන්නේ යස අපූරුවට.

    ඇන්දිල්ල ගැන කියවනකොට මට වෙනත් කතවාක් මතක් උනා..

    මගුල් ගෙදරක ගිහිපු මනුස්සයෙක් මනාලයාගේ තාත්තට මෙහෙම කිව්වලු..

    ශා මනමාලි හරි ලස්සනයි.. කව්ද දන්නේ නැහැ නේද ඇන්දුවේ , ලොකු ගානක් ගන්න ඇති නේද ...

    මනමාලයාගේ තාත්ත එව්වා ගැන වැඩිය දන්න කෙනෙක් නම් නෙවෙයිලු.. මගුල් ගෙදර ආවනම් කාල බීල පල කියන්න බැරිකමට මනමාලයාගේ තාත්ත මෙහෙම උත්තර දුන්නලු..

    ඇන්දුවේ නම් කව්ද කියන්න මම දන්නේ නැහැ උන්නැහේ.. එත් ඔය අන්දපුව නොමිලේම ගලවන්නේනම් අපේ එකා..

    ReplyDelete
    Replies
    1. සුබ උපන්දිනයක් අම්බලං. දවස් දෙකක් පහුඋනාට මක්ක වෙනවද. ඔය ගෙනාපු කොට එහෙම තාම නැතැයි. හැක්..

      Delete
    2. කොට තියෙන්න ලංකාවට එන්න එපයි බන්.. අද හෙටනම් එන්න අදහසක් නැහැ බන්.. මෙහෙනම් කොට තියෙයි මාස ගණන් අවුරුදු ගණන් බොන්න කෙනෙක් නැතුව වේලෙන..

      Delete
  25. දැති හුලහ නැන්ද අර කෙබර ඩ්‍රැකියගෙ නෑයෙක් වෙන්න ඇතිනෙ.
    අර පැතුම වගේ ඇට ගිලුනම බ‍ඩේ පැලවෙනව කියලනං මාත් පොඩිඋං අන්දල තියෙනව.

    හැබැයි දැං ඉන්න උංනං අන්දන්න ලේසි වෙන්නෙ නෑ.

    ReplyDelete
  26. ඉස්සර මම අපේ මලයව නම් අන්දලා තියෙනවා, එතකොට මම ඕනෙනම් හත අට වසරේ වගේ ඇති...
    පස්සේ දැනුම් තේරුම් තියෙන වයසට ආවට පස්සේ මම අන්දන වැඩ නතර කලා...

    ReplyDelete
  27. සුරංග නිදහස් දවසෙ මට කතා කරල කියපු දේවල් වලිං වෙනම පෝස්ට් පේළියක් ලියන්න තිබුණ. වැඩේ තියෙන්නෙ මේ නිසි බලධාරිණියක් පත්වෙලානෙ යාං හෑල්ලට. සුරංගෙයගෙ ඔළුවටමයි ගහන්නෙ...

    ReplyDelete
  28. අපේ පැත්තෙ අපි පොඩි කාලෙ උන්න සිරිපාල මාම කියල හාදයෙක්. පොරත් ඔය පාරෙ යන ළමයි එහෙම අඬගහල ගෙන්නගෙන, ඔය වගේ ලණු දෙනව.

    යක්කු වගේ බුරාගෙන පනින බල්ලො ඉන්න ගෙවල් වලට යවනව, "අර ගෙදර කතා කරන ගිරවෙක් ඉන්නව, ඒ ගොල්ලො කාට හරි දෙන්ඩ හොයනව. ගිහිං ඉල්ලගන්ඩ" කියල. උනුත් අනේ කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දුවගෙන යන්නෙ එක පිම්ම‍ෙ.

    තප්පර දෙකෙං ඇහෙනව මහ ගාලගෝට්ටියක්. බල්ලො කෑගහනව, ළමයි යටි ගිරියෙං බෙරිහං දෙනව, ගෙදර මිනිස්සු බල්ලොන්ටයි ළමයින්ටයි කෑගහනව...

    ReplyDelete
    Replies
    1. කොල්ලොයි, බල්ලොයි, දැත්තොයි ඔක්කොම එකයි. හැක්..

      Delete
    2. දැත්ත නෙමෙයි, පුක. "දැතී" කියල ආදරේ හිතෙන විදිහට කියහං...

      Delete
    3. කතාකොරන්න බැරි පොඩි උන් හරකට දැත්තා/තැත්තා කියනවා නම් අහල තියෙනවාවා...

      Delete
    4. දැත්ත කියන්නෑ ලබ්බො. හරකට කියන්නෙ තැත්තා.

      Delete
  29. හැබැට උඹට පහුගිය ටිකේ මොකෝ වෙලා හිටියේ? මොකක්කත් අබග්ගයක් නෙවෙයිනන් කාරී නෑ..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසලා හිටහන්.. තාම වුනේ නෑ... ඔය වෙන්ඩ පටන් ගත්තා විතරයි... නියම සෙල්ලම පටන් ගන්නේ නැන්දා මේක කියෙව්වට පස්සේ.. දැනටමත් වෙලාද මංදා.. ආගිය අතක් නෑ....

      Delete
  30. සුරංගම්ලර්... බොහොම ඉස්තූතියි සුභ පැතුමට... හෙහ් හෙහ්..
    දවසක්ලස්සනට රතට හැදුන කොච්චි රහයි කියල චීනෙකුට කියලා ඌ කරලක් කාල මළපහ කලේ නැති එක විතරයි..
    මැල්ලුම් කාපුවාම ඇස් නිල් පාට වෙනවා කියලා ගස්ලබ්බවයි අක්කවයි රවට්ටලා හොඳ මැල්ලුම් ප්‍රමාණයක් ආමාශගත උනා මතකයි පොඩි දවස් වල..
    ජයවේවා..!!

    ReplyDelete
  31. ඔබ ව ගේම නස්ස්‍රානී යෙක් ගේ බොරැවකට රැවටී ක ලෙකට ඉහත නොදරැ වෙක් රැපිය ලේ කාසියක් පැල ක ලෙමි සොරි සොරි ක ලේය
    නිකන් හරි වැරදිලා පැල උනා නම් කො හොමද

    ReplyDelete
  32. කෝ මේ සරංගය. දැති හුලහ නැන්ද මුගේ ලේ බීලද දන්නෑ. හැක්..

    ReplyDelete