කයිවාරුවේ එක් වර්ගයක් වන කෙබර ගැන තමයි මං
කලිං විඩේ කිව්වෙ. දැං කාලේ ඒ විදිහට කෙබර කෙලින්න ඉන්නේ අපේ හිතවත් යාත්‍රා මුල්ලගේ (මේක අනික් පැත්ත ගහන්ටඑපා යකෝ) දැතියා විතරක් බවත් ඒ හංදා
උන්නැහැව රෙද්දට පොතට (Red Data Book) ඇතුළත් කරන්ට ඕනෑ බවත් මට හිතෙනවා. අපේ
ආතත් පරලෝ ගිය නිසා ඒ යුගාසන කෙබර දේසනාවල යෙදුන ගුනොවද්දන මාමා විතරක් ඉතුරු
වුනාට වැඩක් නැත. කොල්ලෑව නැති ඔරුව වගේ තමුන්ට හරියන සහයකයෙක් නැති කමිං මිනිහාගේ
දක්ෂතාව නිකම්ම හේදිලා ගිහිං. ඒ උනාට කයිවාරු කලාව අභාවයට යවනවා බොරුය. ඒක
නවීකරණය වෙමින් දිගිං දිගටම පැවතීගෙන යන
දෙයකි.
කයිවාරු ගැසීමේ ඉහල පැලැන්තියේ ක්‍රමයක් වන්නේ
පුරාජේරුවයි. මේකට කප් ගහපු අය සාමාන්‍ය මහජනයා අතරේ ඉඳං ඉහල තානාන්තර අසල රස්නේ
වදින මානේ සිටින අය අතර පවා හොයාගන්න පුලුවනි. කලිං කෙබර කතාවේ හිටිය ගුනොවද්දන
මාමා මේ වැඩේටද කප් ගහපු කෙනෙකි. ඒ දවස්වල අපේ ගමේ මොටෝසයිකලෙයක් තිවුනෙත් එහෙමත්
කෙනෙකුටයි. ටීවිල් (Three wheeler හෙවත් තෙසක් රිය)
තිවුනේද දෙකක් විතරයි. ඒ උනාට ගුණවර්ධන මාමාගේ ලොකු දුව වන රත්නපුරේ මහ
ඉස්පිරිතාලේ වැඩ කරපු මේ කියන්නාවූ “** මිසී“ ට කාර් එකක් තිවුනා. හැකි සෑම වෙලාවකම මේ
කාර්රෙක කරලියට වඩම්මන්න ගුනවර්ධන මාමා කොහෙං හරි පොටක් පාදාගන්නවාමයි. තමුංගේ
ගෙවල් පැත්තට යන ‘වත්ත පාරෙ‘ ගල් ගෙඩ්ඩක් හරි ගැලවිලා තිවුනොත් එදාට උන්නැහැට පොටවල්
ගානක් පෑදෙනවා. විශේෂයෙංම මේ ගල් ගෙඩ්ඩ ගැලවුනේ අපේ පුංචම්මාගේ කඩේ සහ මහගේ තියෙන
හරියෙදි වීම උන්නැහැගේ ඉසේ මල්පෝච්චියක් පුප්පන වැඩක්. ඒ වගේ වෙලාවට අතේ තියෙන
කුඩේ කඩේ ලැල්ල උඩිං තියලා සරම දෙකට නවාගෙන පටං ගන්නව දේසනාව.
“අම්ප මේ දල්ලොරිකාරයින්ට හිමිං සැරේ යන්න බෑ නෙවැ.
බුරුස් ගාල අද්දල යනව. පලකො හිමීට මං කියන්නෙ. අර ගල් ගෙඩ්ඩ ගලෝල ගියා හෝටංනෙකේ
ලොරිය ගිය යෑමට. දැං වැස්ස ගමං ඕක අලි වලක් වෙනව.“
“ඕක ඔහොම තමා ගුනොවද්දන අයියෙ. මුං රේස්
යන්නනෙ ඉපිදිලා තියෙන්නෙ“
එනපොට නොදැන කඩේ ගාව ඉන්න කෙනෙක් කියනව.
“උන්ට නං වගේ වගක් නෑ. ලොරි කටු නං ගස් ගල්
උඩත් යෑහැකි. බයිසිකලයක් එහෙම නං වල මගෑරල වෙට්ටුවක් දැම්මැකි. කාර්නෙ බැරි“
ඔන්න ඔය ගමන හිමීට වංගුව හරෝල කතාව වෙනිං පැත්තකට යනව.
තාමත් මේක නොතේරිච්චි එකෙක් හිටියොත්
“ඔය පාරෙ මොන කාර්දැ ගුනොවද්දන අයියෙ?
හීම්මහත්තෙයෑ පුතත් යන්නෙ ජිප්පෙකේනෙ“
කියල කියනව. ආං එතකොට ගුනොවද්දන මාමා බය නැතුව මයික්කෙක
අතට ගන්නව.
“මේ ගං ඔලනං ආයි කොයි කාලෙක කාර් ගන්න පුතයෙක්
හිටීද දන්නෑ. ඒ උණාට අපේ ලමෙය එහෙම ආවං කාර්රෙක ගේ ළඟට ගෙනිය ගන්න එපෑ. ගිය පාරත්
කඩේ අයියලෑ ගේ ගාවිං එහාට ගෙනියන්න බැරිඋනා. මඩ ගොඩ හිංද. ආපහු ගියගාං බර්ර ගානක්
වියදං කල්ල සේවිස් කලානෙ.“
කඩේ ගාව හිටිය එවුං තමුංම සුක්කානම කරකෝල කතාව පුරාජේරු
පටුමගට හැරෙව්වා කියල දැනගන්නකොට පරක්කු වැඩියි. ගුනවර්ධන මාමා පාරෙං ගැලවෙච්චි
ගල් ගෙඩ්ඩ ආපහු තිවිච්චි තැනිංම තියල තද කරනව. සමහර වෙලාවට ඒ ගල් ගෙඩ්ඩ හරිනෑ කියල
වෙනිං ගලක් හොයං ඇවිත් එතනිං තියලත් බලනව. වටේට සක්ක කෑලි තියල බලනව හෙලවෙයිද
කියලත්. ඒ මදිවට එතනිං යන දලු ලොරිවල ඩැයිබරලට කනිපිංදං කියල අර ගල් ගෙඩ්ඩ පොලවට ගිලා බහින
විදිහට ලොරිය ඒ උඩිං යවනව. අංතිමට තමුං සෑහීමකට පත් වුනාට පස්සෙ ආපහු කඩේ ගාව ඉන්න
එවුන්ට තමුංගෙ දූගෙ කාරෙකේ වර්ණනාව රෝදෙං රෝදෙ ගිල්ලනව.
ඔය කොයි හැටි පාර හැදුවත් ගුනවද්දන මාමගෙ දුව කාරෙකත්
ඇරං ගුනොවද්දන මාමාව බලන්න එන්නෙ සිංහල අවුරුද්දට විතරයි. එයා එයිට කලිං තැපැල්
කන්තෝරුවට ටෙලිපෝන් කරල කියනව අහවල් දවසට ගෙදර එනව කියලත්. කන්තෝරුවෙ කාන්ති නැංදා තමයි පණිවිඩේ ගුණවර්ධන මාමාට කියන්නේ. ගුණවර්ධන මාමා ඒ දවසට
සතියකට කලිං විතර ඉඳං පාර හදනව. පස් රැහැල මට්ටං කරනව. පාරෙ යන දලු ලොරිකාරයන්ට හිමිංසැරේ යන්න
උපදෙස් දෙනව. අන්තිමට වත්ත පාරෙං මහපාරත් ගුනවද්දන
මාමගෙ ගෙයත් අතර කොටස පස්ස හිල් නොවී කොලපත් පදින්න ගානට මට්ටං වෙනව. මේ විච්චූරන හිංදා ගුනොවද්දන මාමාගේ දෝනියැන්දා කාරෙකේ ගමට එන බව ගමෙං බාගයක්ම දැනගන්නවා දවස වෙලාව එක්කම.
ඔය විදිහටම පුරාජේරු කියන්න සමතෙක් තමයි මගේ මාමණ්ඩිත්.
තමුංගෙ දූ පොඩිත්ත කසාද බැංදෙ එසේ මෙසේ කෙනෙක් නොවන බව (මේ මං ගැන පුරාජේරුව තමා)
කියන්න දවසෙං පැය හත අටක් උනත් වියදං කරන්න එයාට පුලුවං. පාරෙදි හම්බුවෙන ඕනැම කෙනෙක්
එක්ක වචනයක් හරි කතා කරන හිතහොඳ මනුස්සයා හිංදා ගමේ ඉන්න සේරම එයාගෙ යාලුවො.
එයාගෙ පුරාජේරුවත් මේ වගේමයි.
“ආ... *** අයියේ. කොහෙද මේ පාංදරම“
සයිලංසරේ කට කපාපු උණවෙඩිල්ලේ නැගලා
පොලිස්කාරයෙක් වගේ පේන්න සුදු හෙල්මට්ටෙක දාගෙන, බුරුසු රැවුලත් කලුවට කලුවෙ ඩයි
කරගෙන, තුංකාලෙ කලිසමයි, ටීසැට් එකයි ඇඳලා පාරේ යන අපේ මාමණ්ඩිව දකින කවුරුහරි
අහනවා. අවුරුදු අටට වැඩි ඕනැම කෙනෙක් අපේ මාමන්ඩිගෙ මල්ලී හෝ නංගී තමයි.
“ආහ්.... මට අඳුරන්න බැරි උනා. මේ මං යනව
පැට්ටල් ටිකක් ගහං එන්න. තෙල් ඇතිනේද සෙඩ්ඩෙකේ“
“සෙඩ්ඩෙකේ නං සුවර් නෑ. ඕන්නං ඔය සුගතෙගෙ කඩේ
තියෙන්නෙ බෝතලෙයක් ගන්න බැරියැ“
“පෙට්ටල් බෝතලේ නං ගැවෙන්නවත් මදි. ලීටර්
පහක්කත් ඕනැ“
“ඒ කොහෙ යන්නද බොලේ. ඒ“
මෙන්න මේ වෙලාවට අපේ මාමණ්ඩි ගියර් තුනක් ආපහු කඩල
බයිසිකලේ නිවුටල් කරල හෙල්මට්ටෙක ගලෝල ගන්නව අතට. ඇඟිලිවලිං කොණ්ඩෙත් පීරනව උඩට.
“මේ අපේ දූලගෙ දිහාවෙ යන්න කියල. ළමයි
දෙන්න බලන්න බැරි උනානෙ සෑහෙන කාලෙකිං. ඒ ගොල්ලන්ට එන්න හැටියක් නෑ ලේසියට අර බලලට
තුංවේලට කන්න දෙන්න වෙනම කෙනෙක් ගෙදර නවත්තන්න එපායැ. අනික වැඩත් වැඩී ළමයට. මෙහෙ
ආවත් දවසට දහදොලොස් වතාවෙ ටෙලිපෝන් කෝල් එනව. ඉතිං මං කල්පනා කලේ පොල් ටිකක්
එහෙමත් ඇරං යන්න ඕන කියල ගිහිං එන්න. ඒකයි“
“ආ... ඒක මිසක්. හැබෑට ළමයි කොහෙද ඉන්නෙ.“
“ඇයි දන්නැද්ද? බදුල්ලෙනෙ ඉන්නෙ. පුතාට
හම්බෙච්චි කෝටස්සෙකේනෙ“
“පුතා කිව්වෙ?“
“අපෙ මේ දූ කසාද බැඳපු ළමය. *****
දෙපාර්තමේන්තුවෙනෙ වැඩ. එයාගෙ කෝටස්සෙකේනෙ ඉන්නෙ“
“හැබෑට“
“ඔව්. හොඳ බංගලා වගේ ගෙවල්. මට වෙනමම
කාමරයක් තියෙනවා ගියං ඉන්න. ඒක මටමම වෙංකරල තියෙන්නෙ“
මේ කියන වෙනමම කාමරේ අපේ ටිකිරිගේ
කාමරේ බවත් මාමණ්ඩී ආ දවසට ටිකිරි අපේ කාමරේට ස්ථාන මාරු ලබන බවත් ගමේ එවුං තියා
මාමණ්ඩිවත් දැනගතයුතු නැත.
“එච්චර විසාලෙට?“
“ළමයගෙ තනතුරේ හැටියටනෙ ඉතිං සුද්දගෙ කාලෙ
ඉඳං නියම කරල තියෙන ඒවනෙ“
මේ වනවිට අහං ඉන්න කෙනාගෙ ඔලුවේ මැවෙන්නේ ටීවියෙකේ
පෙන්නන ජාතියෙ විසාල බංගලාවක් මිස කාමර දෙක තුනක පරණ තාලේ ගේ පොඩ්ඩක් නොවෙයි.
“දර ඩිංගක්කුත් ඇරං යන්න තිවුන නේද? ඔව්වයෙ දර
නෑනෙ. ටවුංබද හිංද “
“දරෙං උයන්නෑ. ගෑෂ් තියෙනවනෙ. නැත්තං දරනං
ඇති ඒ වත්තෙ.“
සමහර විට ඔය කියන වෙලාව වන විටත් මම වැටේ තියෙන ලාඩප්පා
අතු කපා හතරට පලා දරට වේලමින් ඉන්නවා වෙන්නට පුලුවන.
මේ පුරාජේරුවල අගය අපි දැනගන්නේ ගමට යන විටය. අපේ පවුලේ
අය විතරක් දන්නා දේවල් ගැන ගමේ අය බලං හිටියා වගේ මගදි විස්තර අහනවා.
“ආ... අද බලලට සාත්තු කරන කෙනා කෝටස්සෙකේ
නවත්තලද ආවෙ?“
“*** අයිය කිව්ව තමා අද දෙන්න එක්ක ගෙදර එනව කියල“
“දුවට ගිය සුමානෙ හෙම්බිරිස්සාව හැදිල
තිවුන කිව්ව නේද? දැං සනීපද?“
“එහෙ ගම්බිරිස් ඉවරයිලු නේද? ආං අපේ ගෙදර
ඇති වේලපුව ඕන්නං ඇරං යන්න“
වෙන එකක් තබා අපේ ඔපිස් එකේ එවුං මං ගැන නොදන්නා දේ චූටි
මැණිකෙගේ ගමේ මොන්ටිසෝරි ළමයි පවා දනී. මෙව්වායේ සුලමුල හොයං යනවිට අපේ මාමණ්ඩී
මුදුන් මුලේ ඉන්නා බව හොයාගන්න පුලුවන.
මේ විදිහටම අපට බලෙංම පුරාජේරුවලට සෙට් වෙන්නට වන්නේ
මගුල් හා මරණ ගෙවල් වලදීය. මගුල් ගෙවල්වල ගියහම වෙල්කම් ඩ්‍රින්ක් එක බී දවල්ට
කන්න දෙනකං බඩ පනුවන් මරන ලේඩිස්ලාත්, ඒ අතරෙම කුඩ මේස වටේ ඉඳං බයිට් තලු මරා සරුවත්
බොන මහත්තුරුත්, මල ගෙවල්වල මඩුවල පැය දෙක ගෙවන අයත් කට පියාගෙන ඉන්න බැරිකමට
කයිවාරුව මැදට ඇදගනී.
මෙතැංදී නොදන්න කීප දෙනෙක් වටේට එකතු වූ විට මේවැඩේ තවත්
ලෙහෙසිය.
“ඔයාව මං දැකල තියෙනව. මේ කොහෙදිද කියල මතක
නෑ. ම්..... කොහොද වැඩ කරන්නෙ“
කතාව පටංගන්න එක එක්කෙනා ඇදගන්නේ ඕං ඔය විදිහටය.
“මංද ආ... මං ***** කාර්යාලෙ ඉන්නෙ“
මෙතැනදී තමුං එතන කරන දේ මොකද්දැයි කියන්නේ නැත. අසන්නාට
ඕනෑනම් මේ අදාල කන්තෝරුවේ ලොක්කා හැටියටම හිතන්නත් පුලුවනි. ඇත්තටම මේ ඉන්නේ ඒ
කන්තෝරුවෙ කෙනෙක් නොවෙන්නත් පුලුවනි.
“ආ...... හරි හරි. එතෙන්දි වෙන්නැති. මං එතනිං
යනවනෙ නිතරම.“
“ආ... එහෙමද. ඔයා මොකද කරන්නෙ?“
“මං බිස්නස් කරන්නෙ.“
මේ බිස්නස් එක කඩයක් පවත්වාගෙන යාමේ සිට කඩයප්පන්,
බුලත්විට, ටොපි, ලොසිංජර, කඩල පැකැට්, දොදොල්, තලකැරලි ආදිය හදා කඩවල් වලට දැමීම
දක්වා ඕනෑම වපසරියක වෙන්න පුලුවන. ඒ උනාට බිස්නස් කී විට ලොකු හාඩ්වෙයාර් එකක්,
ඒජන්සියක් වුව හිතේ මවාගන්නට අසන්නාට පුලුවන. මීලඟට එන්නේ ඒ තැංවල ඉන්නා තමුං
අඳුරන එවුං ගැන කීමයි.
“ඔයාලගෙ ඔෆිස් එකේ නේද ***** මහත්තය ඉන්නෙ“
“ආ... එයා ට්‍රාන්සර් ගියානෙ“
එසේ කියා සැනසුම් සුසුම් හෙලන්නේ නැත්තං තමුංගේ
පැටිකිරිය උගෙං මූ දැනගන්නා බැවිනි.
“මගෙ හොඳ යාලුවෙක්. ඒකයි ඇහුවෙ.“
ඔය විදිහට තමුං දන්නා ලොකු ලොකු තනතුරු දරන, ප්‍රසිද්ධ
අය ගැන කියමින් තමනුත් ඒ අයගේ සමානව පිහිටමින් පුරාජේරු කියවන මහත්වරුන් මෙන්ම
තමුංගේ පවුලේ අයගේ පැටිකිරිය කියවමින් ඒ අය ඉන්නා රටවල් ගැන කියන නෝනලාද බහුල
වෙති. එසේ කියන ඒවා පසුව ඇත්තදැයි සොයා බැලීමට ශ්‍රාවක නෝනලා තරයේ මතක තබාගනිති.
මේ විදිහට කරන පුරාජේරුවක් සුනු විසුනු කර දැම්මේ අපේ
ජම්බල ආතාය. ජම්බල ආතා කිව්වේ අර වන්දනා ගමං ගැන කතාවේ කියවුනු රංඔල ආච්චම්මාගේ ‘මිනිහා‘
ය. නැති තැන ජම්බලයා කියතත් ඇති තැන ‘කරුනෙ මාමා‘, ‘කරුනාතා‘ හෝ ‘කරුනා‘ නමින් එයාව
අදුන්වන්ට ඕනෑය.
අපෙ අම්මාගේ එකම මල්ලී හෙවත් අපේ මාමාගේ කසාදෙ දවසේ
මනමාලියගේ ගෙදර දී මේ ආකාරයටම පුරාජේරු කමිටු කීපයක් දවල් කෑම ලැබෙන තෙක් අමුවෙන් බේගල්
අදිමින් ඉන්නා වෙලාවේ මේක සිද්ධ වී ඇත. එතන උන්නු අය එකිනෙකා තමුං අසුවල් අය දන්නා
බවත්, තමුංගේ හොඳම යාළු මිත්‍රයින් බවත් කියමින් එකිනෙකාගේ කර උඩ නගිමින් ඉන්නා අතරේ අපේ කරුනා ආතාත් මෙතැනට කඩාපාත් වී
ඇත.
“පොඩ්ඩක් එහෙට්ට වෙයල්ල මටක් මේ පුටුව
තියාගන්න“
කටේ ගාගන්න අරක්කු පොදක් නොලැබීමේ අසීමාන්තික පිපාසාවෙන්
බාගෙට මල අතේ තියන් හිටි නිසාදෝ ගැමි කතා විලාශය ඒ වෙලාවේ ආතාගේ කටේ තිබෙන්නට ඇත.
“මොකද්ද ඔය කාණ්ඩෙ කතා වෙවී හිටියෙ. කියහල්ලකො
මටත් අහං ඉන්න.“
මේ මිනිහාගෙං අනතුරක් නැතැයි දැනගත් පුරාජේරු කමිටුව
ආයිමත් තමුංගේ පුරාජේරුව කියමින් මේ ගොඩයාටත් පේන්න හොඳ ලොකුකං ටිකක් පෑමේ
අධිෂ්ඨානයෙන් දිසාපතිවරු, ලේකම්වරු, සභාපතිවරු ආදී රෑනක්ම තමුංගේ හොඳම යාලුවන්ය,
බාප්පගෙ පුංචම්මගෙ පුත්තුය, කිරිඅම්මගෙ මල්ලිගෙ නගාගෙ එක්කුස උපං සහෝදරයාය, ආදී
වශයෙං කියමින් කියවන්නට පටං ගත්තාලු. මෙයිං කතා දෙක තුනක් යනකං අහං හිටිය කරුනා
ආතා ඈනුමක් ඇර මේ කතාව මැදට ගොඩවුනාලු.
“ඔය ළමයි දන්නවද මෙහෙ ඉන්නව මගෙත් ළඟම
නෑයෙක්.“
“කවුද මාමා ඒ“
“ඔය...... බදුරලියෙ පොලීසියෙ ලොකු මහත්තෙය
ඉන්නව නේද“
“ආ.... ඔව්වොව්. මේ ***** ඕඅයිසී මහත්තෙයා
නෙ. “
“අපේ මල්ලි එක්ක එක පංතියෙලු හිටියෙ“
“මගෙත් හොඳ හිතවතා“
“එයාගෙ බාල ළමය ඉගෙනගන්නෙ අපේ පවුලගෙ පංතියෙ“
එක එක්කෙනා ලහි ලහියේ තම තමුංගේ ඇඳුනුම්කම කියන්න පටං
ගත්තාලු. මේ ගොඩයාට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්නම දෙන්න ඒ අය හිතාගන්න ඇති. ඒ සේරම
මැඩලමින් කරුනා ආතා තමුංගේ කට ඇරියාලු.
“දැන්නවද ඒ මගේ කවුද කියල? ඈ?“
“නෑ කියන්නකො බලන්න“
“ඒ අපෙ අම්මගෙ මිනිහනෙ“
මේ අතුල් පහරින් කට වැසීගිය සභාතොමෝ
“ටොයිලට්ටෙක කොහෙද දන්නෑ“
“ළමයි දෙන්න කොහෙද බලල එන්නං“
“මෙතනට අව්ව වැඩියි“
ආදී වසයෙං කියමින් මිනිත්තුවක් යන්නට මත්තෙං විසිරගිය බව
ජාතුංගම බාප්පා ඇසින් දුටු සාක්කි වසයෙං මගෙත් එක්ක කිව්වේ. අදටත් අපේ මාමාට ඔය අවස්ථාවට මුහුනදුන් කීපදෙනා එක්ක රෙද්දක් ඇඳගෙන කතා කරන්න බැරිබව කියනවා මං අහගෙනය.
මේ අර යුද්ද කරපු අහවලාට උඹ කන වටෙන් අත දාලා ටොක්ක දෙනවා නේද
ReplyDeleteඔය කියන්නේ කවුරු ගැනද? මට මතක් නෑනෙ.
Deleteහැක්.. හැක්..
ReplyDeleteදැං ටිකිරිට බත් දෙන එක්කෙනාට පඩිය කීයක් ඉතර හම්බවෙනවැයි.
Deleteඑව්වා ඔක්කොම ස්වේච්ඡා සේවා . පිං සලකා කරන වැඩ.
ඔය මගුල් ගෙවල් වලනං සරුවත් බොන ඈයින්ට වැඩිය ඔය වේලි වේලි ඉන්න බවලත් උදවිය තමයි ගල් පැලෙන කයිවාරු ගහන්න දස්ස.
ReplyDeleteමාර මහන්සියක් වෙන්නේ අනික් ගෑනු ඇඳලා එන ඇඳුම් මතක තියාගන්න
Delete/ තමුංගෙ දූ පොඩිත්ත කසාද බැංදෙ එසේ මෙසේ කෙනෙක් නොවන බව (මේ මං ගැන පුරාජේරුව තමා) කියන්න දවසෙං පැය හත අටක් උනත් වියදං කරන්න එයාට පුලුවං. /
ReplyDeleteපලයං බං යන්න...අල්ලෙ පැලවෙන බොරු නොකිය...උඹෙ පාදරිල්ලෝ මෙහෙම කියනව කියලයි ඔය කල්ලියානය මා දැක්ක කිව්වෙ
" ආ..අයියෙ..පහුගිය ටිකේ පේන්ට නොහිටියෙ? දූලයි දිහාවෙ වත් ගියාද? "
" මොන? කිව්වම මොකද මගෙ නෑ ඒ ගොල්ල එක්ක ඒ හැටි ගණුදෙණුවක්…"
" අප්පේ... ඒ මොකදෑ ඒ? "
" නෑ මං කියන්නෙ ඔය අපෙ ළමයට මම කට කැඩෙනකල් කිව්ව ඔය පළහිලව්ව කොරගන්ට එපාය කියල. කෝ..මම කියන එකක් සත පහකට මායිං කලාද? නෑනෙ.. "
" ඒ මොකෝ අයියෙ එහෙම කිව්වෙ? බෑණංඩියගෙ කල්කිරියාව හොඳ නැත? "
" කල්කිරියාව කියන්නෙ මලේ මහ මොහොකටවත් නැති මනුස්සයෙක්නෙ. කවදාවත් හැදෙන එකෙක් නං නෙවෙයි. මේ ලෝකෙ සංසාරෙ වග විබාගයක් නෑ. එක්කො අර බැළලියක් ඉන්නව ඒකි එක්ක ඔට්ටුවෙයි. නැත්තං අර කොම්පීටර්ද මොකක්ද කියල තියෙන්නෙ අන්න ඒකට කොට කොට ඉඳියි. ඔව්ව යාදෙන වැඩද මං අහන්නෙ…"
" අප්පේ... "
" අපේ ළමෙයටත් දැං තේරිල වගෙ තියෙන්නෙ.."
" ඈ..ඇයි මොකවත් එහෙම කිව්වද? "
" මේ පහුගිය පාර මම එහෙ ගිය වෙලාවෙ මා එක්ක කිව්ව තාත්ත කිව්වදේ ඇහුවනං මට මෙහෙම වෙන්නෙ නෑ තාත්තෙ කියල."
" ඉතිං අයිය මොකෝ කිව්වෙ? "
" මම ඉතිං අහවල් දෙයක් කියන්ටද? උඹේ කරුමෙ උඹම ගෙවන්ට එපාය මයෙ දුවේ..මක් කොරන්ටද ඉතිං ඔහොම කියල මම ආපිට එන්ට ආව "
" අනේ අප්පේ.."
" ඒකනෙව කියන්නෙ.මගෙ කෙල්ලට වෙච්චි දේ මතක් වෙනකොටත් පපුව හෝස් ගාල යනව…."
හෑ? හිටිංකො රවි අයියෙ මං සුරංගයගෙ නෝනලගෙ ගේ පැත්තට ඔලුව දාල මේ කතාවෙ ඇත්ත නැත්ත බලනකල්. වැඩි දුරක් නෑනෙ.
Deleteමේව හගිස්සොවන්න යනව එහෙම නෙවෙයි. එහෙම උනොත් මිනිහා ගැන තව කතන්දර ලියන්න බැරි වෙනව.
Deleteකසුව කොහෙද අර ඔලුව දාන්ඩ යනවැයි කිව්වෙ?
Delete(සැක් ඉතරක් මයෙ වරත්තු කට)
රෙදි නෑ...සුර්න්ගයෝ
Deleteබලන් යනකොට මාමලා බැනලා ඔක්කොම එකයි... ඉස්සර ඕකට කිව්වේ නයි අරිනවා කියලා. දැන් කියන්නේ බෑනලෑ යනවා කියලා...
ReplyDeleteදැං මෙව්ව ඔක්කොම සන්නිවේදනය කියන පොදු කැටගරියෙ තියෙන්නේ.
Deleteකයිවාරු මණ්ඩප වලදි කොහොමත් කව හරි ෆෝම් කොරල ගන්නනෙ බලං ඉන්නෙ.ඒ පුග්ගලය කොහෙන් හරි මතු වෙනකොටම 'ආ.. එන්න එන්න අපි මේ පරක්කු මොකද කියල බැලුවා' කියන්න විතරයි තියෙන්නෙ..
ReplyDeleteමඟුලක දි නම් නොබී ඉන්න ඈයින්ට මොනවා හරි ජාතියක් හැමවෙලේම කටේ තියෙන්න වැඩේ කොරපං කියලයි ගස්ලබ්බට උපදෙස් ලැබුනෙ.. වැඩිය කියවන්නෙ නෑ නෙ එතොකොට.
ජයවේවා..!!
නැත්තං මහ සද්දෙට සංගීතයක් තිව්නනං මෙලෝ දෙයක් ඇහෙන්නෑනෙ.
Deleteඅනේ වාසනාවන්.! ගුනොවද්දන මාමයි අපේ දැති හුලහයි සෙට් කරලා යුගාසන කෙබර මණ්ඩපයක් තිබ්බොත් කොහොම හිටිද. අනික සුරංගෙ මාමණ්ඩි තාම දන්නෙ නැතිව ඇති යාං හෑල්ල කියලා බ්ලොගක් ලියනව. ලියල සමහර අයගෙ සකල සරීරයේම සීතාම්බර පට සළු එළනව කියලා. හප්පුච්චියේ දැනගත්ත දවසකට...
ReplyDelete
Deleteදැනගන්න වෙන්නේ අපේ මස්සිනා මේක කියෙව්වොත් තමයි. ඉතිං ඌ මට එහානෙ අප්පුච්චගෙ සායම අරින්න ගියහම.
බොලෑ ගුනවද්දන මාම පරද්දන්න අපේ දැතිහුලහ ගොයියට පුලුවන් වේවි. මොකද කියන්නෙ දෙන්න සෙට් කරමුද?
ReplyDeleteචූටි මැණිකේ මේක කියවලා, තමන්ගෙ පියරජතුමාට කරලා තියෙන අපහාසෙ සියැසින්ම දැකගත්ත නම් මේ කමෙන්ට් එක දාන මොහොතෙත් ශ්‍රංගයා බඩගින්නේ බලුකූඩුවේ ඉන්න හැටි මතක්වෙලා මට සිනා පහල විය.
ReplyDeleteමං මේ බැලුවෙ පුරාජේරු පාරත් දෙසා බාල ඒ අස්සෙං පස්සෙං සේප් කෑලි ටික්කුත් කොටල තියෙන හැටි ගැන...
ReplyDeleteඅම්මපා සුරංගයො.. බොලත් ඒ වගෙමයි හෙහ්...
http://nelumyaya.com/?p=5422
ReplyDeleteමේ මචං..... අර ත්‍රීවිලරයට වචනය හොයා ගත්තේ කොහෙන්ද????? ඒකත් පට්ට ඈ......
ReplyDeleteඔය ගුනවද්දන මාමගේ, උඹේ මාමණ්ඩිගේ පුරාජේරු කතාවල උඹ මතුකරන උපහාසයට යටින් බොහොම සංවේදී මානුෂික කාරණාවක් තියෙනවා කියල මට හිතෙනවා. තමන්ගේ දරුවන් තමන්ට වඩා යහපත් සමාජ තලයක සැප විඳිමින් ජීවත්වෙනු දැකීමට දෙමවුපියන් පොදුවේ කැමතියි. මෙවැනි පුරාජේරු කතාවල බොහෝ විට පසුබිම වෙන්නේ තමන්ගේ දරුවන් උසස් තැනකට පත්වූ විට ඒ දෙමවුපියන් ලබන අහිංසක ප්‍රීතිය සහ ඔවුන් එම ප්‍රීතිය තමන්ගේ හිතවතුන් සමග බෙදා හදා ගන්නා ආකාරයයි.
ReplyDeleteමාමණ්ඩි ගැන උඹ ලියල තියෙන දේ සත්‍ය නම් චූටි මැණිකේ වගේම මාමණ්ඩිත් උඹට බොහොම ලෙංගතුයි කියලයි මට හිතෙන්නේ.
අදනම් චූටි මැණිකෙ සුරංගගෙ බත් එක එහෙම පිටින්ම ටිකිරි සදමාලිට හලනව.
ReplyDelete++++++
Deleteසුර්න්ගයා ටිකිරි සමග ඒක පිගානේ කෑම කනවා
Delete/අර බලලට තුංවේලට කන්න දෙන්න වෙනම කෙනෙක් ගෙදර නවත්තන්න එපායැ./
ReplyDeleteඌත් මල්ලෙං එළියට පැනල.
/“එයාගෙ බාල ළමය ඉගෙනගන්නෙ අපේ පවුලගෙ පංතියෙ“/
ReplyDeleteඅපි ඒ ලෙවල් කරන කාලෙ අපේ ක්ලාස්මේට් කෙනෙක් උන්න. ඌත් හවසට බයිසිකලේ අරං යනව ශිෂ්‍යත්ව පංතිය ගාවට. ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බවෙන්ඩ...
ඉස්කෝලෙ යන කාලෙ උඹ මාව දන්නෙ නෑ නේද ?
Deleteආයෙම බළල මල්ලෙං එළියට පනින්න යන්නෙ
Deleteමටත් තිබුණා එහම ලවක් අපේ එවුන් එකට කිව්වේ ලදරු ප්‍රේමය කියලා
Deleteමං ගැන ලිංක් එකක් දාල නොමිලේ ප්‍රසිද්ධියක් ලබා දීම ගැන ගොඩක් ඉස්තූතියි.
ReplyDeleteගම්මිරිස් වගේ ගොරක ඕනෙ උනහම මට කියහං. අපේ අන්දිරිස් කිත්ත තමා අපේ ගමට ගොරක හඳුන්වල දුන්නෙ. අපේ මහගෙදර වත්තට කියන්නෙ ගොරක ගහ වත්ත කියල. අපේ අයියගෙ කෑල්ලෙ ගොරක පැළෙයක් තියෙනව, අපි එක වාරෙකට ගෝණි සීයක් විතර විකුණනව ගොරක...
ReplyDeleteසෑහෙන්න ඇඹුල් ඇති නෙහ්...
Deleteඅනේ ප්‍රසෝ...උඹේ දැණුමේ තරම අපිට මේකෙන්ම හිතා ගත්තෑකි.. යකෝ ගොරකා කොහෙද ඇඹුල් ? පැණි රස මිසක්....හුහ් කාලා බලහන් බොරු කියලා හිතෙනවනම්....
Deleteඒ ගහේ ගොරකද අර ගනේමුල්ලෙ කඩේක තිබ්බෙ අප්පේ ඇස්වහක් කටවහක් නෑ තුඃ...තුඃ..තුඃ හේන් වට්ටක්කයක් විතර ඇති..
Deleteආය මං මොකටද වචන නාස්ති කරන්නෙ. මුල අල්ලල දුන්නම ඇති.
Deleteගෝනි සීයක්... ගොරකත් එක්කද නැත්තම් ගෝනි විතරක්ද බන්... හැක්... බැලුවාම උඹත් ගුනොවද්දන ආතට එහානේ..
Deleteඅපේ ගෙදරින් ඉල්ලගෙන ගිය පැලයක් තමයි ද්‍රකියලගේ ගෙදර තිබුනේ
Deleteපට්ට පට පට...
ReplyDeleteඋබේ ලිවිල්ලනම් මල් හතයි, විනිච මණ්ඩලේ හිටියනම් මම සම්මානයක් දෙනවා..
ReplyDeleteබඩුම තමා එක කුසේ උපන් මාමන්ඩියා
ReplyDeleteඅන්න මාමලා බෑනලා.
ReplyDeleteහිටු මම උඹේ මාමන්ඩිට පැට්ටෝල් ලීටර් පහක් ගහල දීල එවන්න...
ReplyDeleteමමත් ඉතින් මෙහම හිටියට එසේ මෙසේ පොරක්ද? මම ගර්මෙන්ට් එකට යනකන් කෙල්ලෝ මහන්න පටන් ගන්නේ නැහැ මගේ මුණ බලලා මහන්න පටන් ගතේ නැත්තනම් උන්ට පිට් නැහැලු
ReplyDeleteඒ ඉතින් වෙන මොකක් හින්දද... මෙන්ඩා දැක්ක ගමන් උන්ට දත්කුරු කැවෙන හින්ද, මෙන්ඩගේ කට කියල හිතාගෙන ඕවලොක් මැෂිමයි , ජුකී මැෂිමයි පා...........ගල.. මහගෙන මහගෙන මහගෙන යන හින්දනේ
Deleteකෙබර කතා පෙළ නියමයි මචං...
ReplyDeleteඔය කියන බළලා අපේ සුදු පුසගේ නෑදෑයෙක් වත්ද.. කයිවාරු ටික නම් නියමයි අපේ ගමේ හිටපු "කයිවාරු මාමා " මතක් වුනා..
ReplyDelete