දැනට මාස
ගණනකට කලිං සිට දවසට ඊමේල් දෙක තුනෙං පටං ගෙන පැයට දහය දොලහ දක්වා වේගයෙං වර්ධනය වුනු සමූහ ඊමේල් හුවමාරුවකිං මේ
කතාව පටං ගැනේ. ඒ ඊමේල් හුවමාරුව සිද්ධවුනේ නෙළුම්යාය බ්ලොග් සංසදයේ බ්ලොග් සම්මාන
උලෙල 2016 ගැනයි. මගේ නමත් ඒකට ඈඳිලා තිබුණත් මට ඒ වෙනුවෙන් කරන්න කරන්න දෙයක්
තිබුනේ නැති තරං. ඒ වුනත් මගේ නමත් නිර්දේශ වෙලා තිබුන නිසා මාත් මේකට යන්නම ඕනෑ
වුනා. ඒ නැතත් අපි හැමෝම එකතුවෙන තැනක් ආයෙ නොඑන හිංදා මං මේ වැඩේට යන්ටම ඕනෑ කියන
මතයේ හිටියා.
මේ දවස්වල
තියෙන අධික රස්නය හිංදත්, බදුල්ලේ ඉඳං කොළඹට යද්දි බස් නියමුවන් විසින් රිය පදවන
ආකාරයත් හිංදා “මං එන්න ඕනි නෑනෙ. ඔයා නිදහසේ ඔය ගමන
ගිහිං එන්න“ කියලා චූටි මැණිකේ අඩියක් පස්සට ගත්තා. ඒ හංදා මං තනියෙං මේ
ගමන පිටත් වුනා.
ඇහැට කඩා පනින
විසාල ටීවී එකකුත් කං දෙපලු කරන ස්පීකර් පෙට්ටි හමුදාවකුත් අරක්ගත්තු බාගෙට සැප(semi luxury) බස්සෙකට
මං නැගගත්තා. ගොනාට පැට්‍රෝල් ගැහුවා වගේ හිටි අඩියේ ගුවන්ගත වෙච්චි බස්සෙක වංගු
දිගාරිමින් ඇඟේ ලේ වලින් ජලය නිපදවද්දී මං ටෙලිපෝන් එකේ Flight Mode එක දාගත්තා. උදේ
පාන්දර මලක් වගේ බස්සෙකට නැගපු මම දවල් දොලහ වෙද්දි කිරුලපනින් බිමට බැස්සේ
කෙල්ලන් එකසිය පහලොවකිං බූට් කාපු, කසාද දහ අටකිං දික්කසාද වෙච්චි, නව වතාවක් හිරේ
ගිය තුං පාරක් එල්ලුං ගහට නියම වෙච්චි අසරණ ප්‍රේමවන්ත සුවාමිපුරුෂයෙක් විදිහට. ආං
එහෙමයි අපේ රටේ බස්වල Entertainment. හිත හයිය
නැති අයට නාඩා එව්වායේ තියෙන අඳෝනා අහගෙන යන්න අමාරුයි. ඒ වගේම අතපය හයිය තියෙන
කෙනෙක් උනත් බස්එකට නගිද්දි ඉස්කුරුප්පු නියනක් අරං යන්න ඕනෑ සමහර වීදුරු අරින්න.
කිරුළපන ඉඳන්
ජනමාධ්‍ය අමාත්‍යංශයට යන්න විනාඩි දහයක් යන්න ඇති. මාත්, තරුරසීත් දෙන්නම එකම
වෙලාවට එතැනට ඇවිත් තිබුනා. ඒ වෙනකොටත් ටෙක් සයුර බ්ලොග් එකේ ටෙක් මලයා ඇවිල්ලා.
ටෙක් මලයාගේ කෑම බීම, කිරි බෝතලේ ආදිය අරං ටෙක් මලයාගේ අම්මත් ඇවිත් තිබුනා. තව
තවත් කීප දෙනෙක් එතැන්ට ඇවිත් හිටියා. මගේ ඇමතුමට උත්තර දෙමින් ‘දැතියා‘ කියුවේ “මේ එන ගමන්“ බවයි.
ඔය විදිහට
විඩිං විඩේ රංචු වශයෙන්, ජෝඩු වශයෙන්, තනි වශයෙන් බාග වශයෙන් කට්ටිය ආවා. ඒ අතරේ
කල්‍යාන මිත්‍ර, අජිත් ධර්ම, ඉවාන්, ප්‍රාජේ ඇතුළු නඩය සංවිධාන කටයුතුවල යෙදී
හිටියා. අපිත් ‘නිකං ඉන්න හොඳ නැති‘ හිංදා හැම දේටම ඇඟිලි ගහමින් හැකි ආකාරයෙන්
තියෙන වැඩක් ‘අල‘ කිරීමට දායකවුනා. එන අය අඳුනා ගැනීමත් හරිම සංතෝෂදායක වැඩක්.
තරුවක් වගේ ඇතැයි සිතා සිටි කෙනෙක් වෙනුවට වල්ගා තරුවක් වගේ අක්කා කෙනෙක් කියුවේ
එයා “තරු රසී“ බවයි. අඩි හතක් විතර උස වට අඩි
හතරකට වඩා මහත කෙනෙක් වෙනුවට දොරක් විවෘත නොකර එය හරහා යා හැකි තරමේ හීං කෙනෙක්
කියුවේ එයා “ප්‍රාජේ“ බවයි. ඩයිනෝසරයෙක් තරම්
කෙනෙක් කියුවේ එයා ‘කටුස්සා‘ බවයි. හමුදාවේ
අඳින විදිහේ බඩ මැදින් අඳින කලිසමක් ඇඳගත් ‘මහෝදර‘ පරම්පරාවේ ගාම්බීර නාදයක් තියෙන
කෙනෙක් ‘මං විචාරක‘ කියා අතට අත දුන්නා. ඔලුවට
සංග්ලාස් දාන, ජම්බෝලයක් වාගේ රතු අයියා කෙනෙක් අතට අත දී ‘මා... තලං‘ කිව්වත් ඒකට
හරි හමං පොලු කෑල්ලක් නැති හිංදා එයාව තලා දැමීම පසුවට කල් තිබ්බා. කුරුටු ළමා
හවුලේ ළමා කැළ තමුංගේ ඇඹේනිවරුන් එක්ක ඇවිත් තිබුනා. ‘සජ්ජා‘,‘ඉවාන්‘, ‘දැතියා‘
ආදී අයනම් මං හිතා හිටි තරමට කිට්ටුවෙං සමාන රූපකායෙන් දකින්න ලැබුනා.
දෙකයි හතලිහ
විතර වෙද්දී වැඩසටහන ආරම්භ කෙරුනා. පිටිපස්සේ පේලියකට වෙලා ‘අව්ස්සාවේල්ල පැත්තේ
ඉස්කෝලෙක ගුරුවරියක්‘ එක්ක කතාවක් දාගෙන හිටිය අපිට ඉවාන්ගේ නිවේදනය පරිදි ඉස්සරහ
පේලියට එන්න සිද්දවුනා. ඒ අතරේ විචාරකතුමා හීං සීරුවට ළලනා සංගමයක් මැද්දෑවට
පැනගෙන තිබුනා.
බ්ලොග් සංගීත
කණ්ඩායමේ සජ්ජා, මනා ඇතුළු පිරිසගෙන් නෙළුම් යාය ගීතය වාදනය වෙද්දි සාම්ප්‍රදායික
පොල්තෙල් පහන වෙනුවට වෙනිං පහනක් දැල්වීමට කටයුතු යොදා තිබුනා. ඒ දුටු ‘දැතියා‘
ඉකි ගහන්න පටංගත්තේ උට උගේ සුවාතා මතක්වෙන බව කියමින්. ඔය විදිහෙම සුවාතාත්
හැංදෑවට හේනෙ පැලේ ගිනිමැලයක් ගහනවාලු. පාන පත්තු කිරීමෙන් පස්සේ තිබුනේ ‘අජිත්
මහත්තැංගේ‘ කතාවයි. නෙලුංයාය කණ්ඩායමේ සමාජ සත්කාර ගැනත් මේ සම්මාන උලෙලේ අරමුණු
ආදිය ගැනත් පැමිණ සිටි පිරිස දැනුවත් කරමින් Slide
show එකකුත් ඉදිරිපත් කෙරුනා. දැනුම වාරණය යන
උපද්‍රවය ඉදිරියේ සමාජ මාධ්‍යයේ ප්‍රබලතාවය ඉතැනදී ඉස්මතු කෙරුනා. ඉදිරියේදී
පාසල්වල සමාජ මාධ්‍යය භාවිතා කිරීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ‘නෙලුම්යාය‘ මගින්
සිදුකරවා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශය හිතාගෙන ඉන්නා බවත් එතැනදි කියවුනා.
දෙවැනි විභීෂණ සහ ප්‍රේක්ෂකාගාරය |
පැමිණි පිරිසෙන් කොටසක් |
කුරුටු ලමයි |
සාකච්ඡාව |
ඊළඟට තිබුනේ
නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් සමග ඉවාන් මෙහෙයවූ සාකච්ඡාවයි. ‘සාරඝර්භ‘ කතාබහක්
වෙනුවට ‘හරවත්, සරල‘ කතා බහක් නිසා කාගෙත් අවධානය ඒකට නිතැතින්ම යොමුවුනා. ඒ වාගේ
නිර්ව්‍යාජ සාකච්ඡාවක් වෙනත් මාධ්‍යකින් දකින්නවත් අහන්නවත් නොලැබෙනවා සිකුරුයි.
දුරින් මාතේය මෑතින් ඉවාන්ය |
එයින් පස්සේ
සම්මාන දීම පටංගත්තා. ඉවාන් එක්ක නිවේදන කටයුතු වලට ආපු මේ දැරිවිගේ නම මට අමතකය. මුලින්ම
සම්මාන දෙන්න වේදිකාවට ආවේ ‘මාතලන්‘. ඔලුවට ඉර එලිය වැටෙනවාට නලලට ‘සංගලාස්
කුට්ටමක්‘ දාගෙන බස් නැවතුමේ ඉන්නා නංගී කෙනෙක්ට ‘ආ නංගී‘ කියා අමතන ආකාරයෙන් මේ
ඉන්නේ උන්නැහැය. එයා සම්මාන බර ගානක් දුන්නේය. ඒ අතරේ සම්මාන ගන්න යන අයට ‘හූ‘
කීම නොහොඹිනා වැඩකැයි දැතියාට කියා දෙන්නට මට සිද්ධ විය. සම්මාන ගත්තු අය ගැන වග විස්තර එක්කම කලාහිතේ
ලියා තියෙන්නේය. ඒ නැතත් දැතියාගෙත් මගෙත් කයිවාරුව අස්සේ කවුරු සම්මාන ගත්තාදැයි
නිච්චියක් අපිට නැත. ඒ අතරේ කැමරාවක් අපේ දිහාවට හැරවෙන විට බැරෑරුම් ලෙස ඉන්නා
හැටිත්, සුවනියර් එක දිගෑරගෙන බරපතල සාකච්ඡාවක් ලෙස ඇඟවෙන ආකාරයට ඉන්නා හැටිත්
දැතියාට පැක්ටිස් කරවන්න මට සිද්ධවිය. පවුලේ උදවිය මෙව්වා ටීවියෙකෙං දකිද්දි ටිකක්
පිලිවෙලට ඉන්න ඕනා නෙවද? නැත්තං ‘දවසේ වැරැද්ද‘ට අහුවෙන්නත් පුලුවනි.
දනගසා පොටෝ ඇල්ලීම |
මං, දැතියා, ටෙක් මලයා |
ඔය අතරේ කතානායක
කරු ජයසූරිය ආවේය. මාධ්‍ය කැමරා නඩේ වහාම ඉදිරියට පැන එයාව සම්පූර්ණයෙං ස්කෑන්
කලේය. ඒ වුනත් වෙනත් තැනකට ගියාට වඩා නිදහසේ එයාට ඉන්න ඉඩ තියා තිබුනි. වෙනත්
උත්සව වලදී අදාල තැන ප්‍රධානියා ප්‍රධාන ආරාධිත අමුත්තා ලඟිං වාඩිවී කනට කියා රහස්
කීමත්, වතුර බෝතලේ මූඩිය ඇර දීමත්, ආදී සුළු සේවා කටයුතුවල යෙදීම ප්‍රධාන ලක්ෂණයකි.
ඒ අතරේ සමහර අය ලියුං කවර ගෙනැත් දී දෙකට නැමී වඳී. ඒත් මෙතැන එහෙම දෙයක් තිබුනේ
නැත. ප්‍රධාන ආරාධිත අමුත්තාට තමුන්ගේ කතාවේ අත් පිටපත සංශෝධනය කරගන්නටත්, ‘නමක්
නැති‘ නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය හිනා වෙමින් රසවිඳින්නටත් ‘නිදහස‘ ප්‍රථම වතාවට ප්‍රසිද්ධ
සභාවකදී ලැබී තිවුනා.
නාට්ටිය අහවර
වෙලා, ප්‍රධාන ආරාධිත අමුත්තගේ කතාවෙන් පස්සේ ආයිමත් සම්මාන දීම පටන් ගැනුනා. මේ
ගමන සම්මාන ලැබුනේ කරු ජයසූරියගේ අතිං. දැතියාටත් සම්මානයක් ලැබුනා. උගේ ටෙලිපෝන්
එකෙං මං පොටෝ ගහන්න ඉගෙන ගනිද්දි ඌ සම්මානේ ඇරං ආපහු ඇහිල්ලාත් ඉවරය. මටත් බඩවැල්
සහතිකයක් (බඩ=කුස, වැල්=ලතා) තරමවත් ලැබෙනු ඇති බවට දැතියාත්, දෙවැනි විභීෂණ
උන්නාන්සෙත් කියා හිටියා.
වසරේ හොඳම
බ්ලොග් අඩවිය තුංවැනි තැනට හිමි සම්මානය දෙනවාත්, හොඳම බ්ලොග් අඩවිය දෙවැනි තැනට
හිමි හේතු පාඨය බාගයක් කියවනවාත් මට මතකය.
වටේ සේරම සද්ද
නතර වී මාව පාවෙන්න විය.
“පලෙයං
පලෙයං.“
දැතියා මාව
ඉස්සරහට යැව්වා. මං හීනෙං වගේ ඉස්සරහට ගියා. අර සුදු සරමයි කමිසෙයි ඇඳපු වයසක
මනුස්සයා ‘කොහාමද‘ කියා අසා හිනාවෙලා මට සම්මානෙත්, සහතිකෙත්, බෑක් මල්ලකුත්
දුන්නා. මං යංතං ‘බොහොම ඉස්තූතියි‘ කියලා ආපහු ආවා. ඉවාන් තවත් මොනවද කිව්වා. මට
එව්වා ඇහුනෙ නෑ. ඇහුනත් කියන්න වචන නෑ. මගෙ අතේ තිවුන සම්මානෙ පිත්තල තහඩුවේ
2015
වසරේ
හොඳම
බ්ලොග් අඩවිය
දෙවන
ස්ථානය
කියලා ලියා
තිබුනා. මගේ ජීවිතේ පළවැනි වතාවට මට සම්මානයක් හම්බවුනා. මෙතෙක් වෙලා මට එහාපැත්තේ ඉඳං හිටපු මහත්තැං
කෙනෙක් මටකතා කලා. එයයි, එයාගෙ නෝනයි, දුවයි තුන්දෙනාම මගෙ බ්ලොග් එක කියවනවලු. මං
දාන පෝස්ට් එකක් පැයක් යන්න මත්තෙන් ඒ තුන්නොම කියවලා ඉවරලු. ඒ සම්මානෙත් මං
පරිස්සමට හිත ඇතුලෙ තියාගත්තා.
සම්මාන දීමෙන්
පස්සෙත් තවත් නාට්ටියක් ඉදිරිපත් කෙරුනා. ඒකත් ‘නමක් නැති‘ කණ්ඩායමේ වැඩක්. රෑට
රෑපවාහිනියෙ පෙන්නන ඉලාස්ටික් ටෙලිපටි වලට වඩා මේ වගේ දෙයක් පෙන්නුවනං මිනිස්සුංගෙ
ඔලුව මීට වඩා සෑහෙන විචාරශීලී වෙනවා ඇති. ඒ නාට්‍ය කණ්ඩායමේ රඟපෑමත් අති
විශිෂ්ඨයි.
අන්තිමට සභාව
අවසන් වීමෙන් පස්සේ බ්ලොග් සංගීත කණ්ඩායමේ සිංදු පසුබිමෙන් ඇහෙද්දි, අපි එකිනෙකා
අඳුරගන්නත්, සුභපතාගන්නත් පටං ගත්තා. විචාරක තැන ඉක්මනින්ම යන්න ගියේ “මස්සිනාගෙ
මරණ ගෙදර යන්න ඕනෑ. එතැන වැඩවලට ගුරුහරුකං දෙන්ට කෙනෙක් නෑ“ කියාගෙනය. ඒ අතරෙ තේ පැන් (ඇත්තටම නෙස්කැපේ) සංග්‍රහයත්
බ්ලොග්කරුවන්ගෙ පොත් ප්‍රදර්ශනයත් පටං ගැනුනා. මාත් ‘පොල්කට්ටෙන් එලියට‘ ගත්තා.
ඒකට වෙනම විචාරයක් ලියන්න ඕනෑය. තැනින් තැන ආගිය කතා එක්ක අපේ ඇහැට නුදුටු මිතුරෝ
මුන ගැහුනා. රන්දිල් නෝනා මහත්තැං ඇතුළු පවුලේ නඩය, හුම් නොකියන බසු ඩබල, එයිං කීප
දෙනෙක්.
පොත් |
ඒ අතරේ මං එක සුවිශේෂී මනුස්සයෙක් හෙව්වා. ඒ අටං.
“මේ
ඉන්නෙ අටං“
කවුදෝ මට
අටමාව පෙන්නුවා.
“යකො
තෝද මෙ #%^&“
අටමා මාව
සාදරෙං පිලිගත්තා.
“මෙහෙව්වර
තෝ #@$#^ @$%^“
ඊළඟ නිමේශයේදී
‘හු‘යන්නෙං එන ක්‍රියාපද, ‘ප‘යන්නෙං එන නාම පද කීපයකින් සහ සුෂුම්නාව කටිං එන්න
පිටට වැදිච්චි පාරෙනුත් මට අටං ගැන නියම අවබෝධයක් ලැබුනා. IGI ගේම් එකේ Jones වගේ
හැඩහුරුකම ඇති ‘රසික‘, ‘ආකාස කසුන්‘, ‘ඇනෝපිලිස්‘,
බයානක පෙනුමක් ඇති ‘චෙෆාකි‘ ඇතුළු නඩේ ඇතුලට මාවත් නිකම්ම විසික් වෙලා ගියා.
මේකෙ දෙවෙනි
ජවනිකාව පටං ගැනෙන්නේ දෙහිවල මුහුදු වෙරලේදි. අපේ නඩේට මුණගැහෙන්න ‘ජාති‘ පොට්
එකක් හොයාගෙන තිබුනා. එතැන ඉන්දැද්දී ‘තිලක සිත‘ කතා කරලා අපි හැමෝටම සුභ පැතුවා. මුහුදු
වෙරලේ දිග මේසයක්, ඒ වටේ පුටු තිහ හතලිහක්, මේස උඩ වීදුරු, මුහුදු සුළං, විසින් කල
පෙළඹවීමෙන් අගය මත එකතුකල බද්ද 69ට අපිව අහුකරගෙන තිබුනා. සජ්ජාගේ ගිටාර් දෙකත් වැඩ
පටං ගත්තා. බදුබර වැඩිවෙද්දි පුටුවලට සමුදීලා අපි ඇවිදින්න පටං ගත්තා. එක තැනක “ක්‍රිස්තියානි
ආගමේ සම්භවය“ පිළිබඳ කටුසු දේශනයක් පැවැත්වෙද්දී තවත් තැනක ‘දේශීය පේර ශාක සහ එහි
විකෘති‘ පිළිබඳ අටං දේශනය. තවත් තැනක ‘හමුදා විනය සහ එහි ප්‍රභේද‘ පිලිබඳ විද්වත්
කතිකාවකි. ‘කූඥ්ඥ ගසා ගල් පැලීමේ‘ විද්‍යා ප්‍රබන්ධය තව තැනකය. මේ අතරේ කැමරාකරුවෙක්
දනගහගෙන පොටෝ අල්ලයි. තව කෙනෙක් ගිටරෙකෙං වෙඩි තියනවාය. ඒ අතරේ ‘ප්‍රාජේ, අජිත්
ධර්ම, අටං‘ ඇතුළු නඩයගෙන් බ්ලොග් ලිවිල්ල පිළිබඳව කතන්දරය.
අජිත්, කල්‍යාන |
අජිත් පැරකුම් |
ගිටාරයෙන් වෙඩි තැබීම |
කෑමට ලුණු
මදිවූ කෙනෙක් පිඟානත් අරං මුහුදට ගිය එකත්, මහා ධූමකේතු දන්සැල සහ එව්වා ආපහු එකතු
කිරීමත්, ආදිය ගැන නොලියන්නේ ආත්මාරක්ෂාව තකාය. නිදහසේ සුහද හමුවකට අවකාශ ලැබීම
ගැන සතුටු වෙන්නට එතැන ඕනෑ තරම් කාරනා තිබුනේය.
රෑ දොලහත්
පහුවී විදානෙත්, මමත්, රසිකත්, සජ්ජාත් හැමෝගෙංම සමුගෙන හැමෝටම උම්මා දීලා එතැනිං පිටත්වුනා. මිනිට්ටු
පහක් යන්නට පෙර සජ්ජා සිය ‘එලන්තරාවෙං‘ අපිව මහරගමට ගෙනැත් ඇරලුවා. එතැනින්
බස්සෙකෙං පැය පහෙං මං බදුල්ලේය.
මේ වගේ හිතට
බරක් නැතුව නිදහසේ ඇවිත් යන්න පුලුවන් උත්සවයක් සංවිධානය කරපු බවට පෙනෙන්ට හිටපු
අජිත් ධර්මකීර්ති, කල්‍යාන මිත්‍ර, ඉවාන් ඇතුළු නඩයත් ඒ පිටිපස නොපෙනෙන්නට හිටිය
සියලු දෙනාටත් පිංදෙමි. අපෙං තඹ දොයිතුවක්වත් නොගෙන මේ සියල්ල සංවිධානය වීම අගය කල
යුතුය. සියලු පහසුකම් ඕනෑවටත් වඩා තිබුනි. සංවිධාන කටයුතු ඉතා අගනාය. එකම කරුණක් සඳහන් කළ යුතුය. එක කොමෙන්ට් එකට, එක පෝස්ට් එකට අපිට වඩා දස ගුණයක් වෙහෙස වෙන එකෙක් අප අතරේ සිටී. ඒ ආකාස කසුන්ය. කසුන්ට කුසලතා සම්මානයක්වත් ඒ වෙනුවෙන් ඊළඟ වතාවේ හෝ දෙන්ට පුලුවන්නම් හොඳය.
ඒ වගේම මෙතැනට
ආ ගිය සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙමි. හිතේ සතුට වෙනුවෙන් වැඩකරන, අනුන්ට උපකාරී රටකට
වටිනා මිනිසුන් රැසක් මට මුනගැහෙන්නට අවස්ථාව ලැබුනේ ඔබ සියලු දෙනාගේ පැමිණීම
හේතුවෙනි.
එමෙන්ම මට
දුන් සම්මානය ගැන ස්තූතිවන්ත වෙමි. මේ සම්මානය මට උපකාරී වුන ආකාරය ගැන අජිත්
මහතාට මං එතැනදී කීවෙමි. එමෙන්ම රටින් පිට සිටියත් මට සුභ පැතූ ‘අම්බලංගොඩ කතා‘, ‘වෛද්‍ය කවිඳු‘, ‘තිලක සිත‘ ඇතුළු
සියළු දෙනාට ස්තූතිවන්ත වෙමි. එමෙන්ම ඉදිරියටත් මේ ආකාරයෙන්ම ලියාගෙන යන බවට මගේ
ලිපි කියවන, ඒවාට අදහස් දක්වන, අනෙක් අයටත් පෙන්වන සහ මා දිරිමත් කරන සියළු දෙනාටත් නෙළුම් යායටත් පොරොන්දු
වෙමි. එසේම අටං කියූ ආකාරයට ‘කැ‘යන්නෙං පටං ගන්නා නාමධාරියෙක් නොවෙමි.
සැ.යු:- මෙහි
අඩංගු සමහර විස්තර ඉවත්කළ යුතු බව පසුව සිතුනු බැවින් (ඉස්කෝලෙදි කියා දී ඇති
පරිදි) ඒවා තනි ඉරකින් කපාදමන ලදී. ඒවා කියවීමෙන් වලකින්න.
ඔය සම්මානෙ බොට හම්බුචේච එකක් නෙවෙයි... උඹේ තියෙන කුපාඩිකමට ඒ මනුස්සයව එක්කගොන නොආවට, ඕක අයිති උඹේ අර සුප්‍රසිද්ධ, උපාසිකා ආච්චි අම්මට... ඔය සහතිකෙයි, තෑගි ටිකයි අරගෙන ගිහින් උන්දැව බලල, ඔය ටික පෙන්නල, කකුල් දෙක අල්ලල වැඳල වර....
ReplyDeleteහි හි....
( මට මේකව මිස් උනානෙ... නැත්තං මං එතනදිම අහනව කෝ ආච්චි අම්ම කියල... හි හි)
Cow She කියලා කෙනෙක් හිටියද? මට මතක නෑනෙ .
Deleteකොහෙ මතක හිටින්නද, මං මේ දැතිහුලහා එක්ක කයිවාරුවකනෙ හිටියෙ.
---------------------------------------------------
Deleteදුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!
"මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!
------------------------------------
හමුවීම සතුටකි.
ReplyDeleteබස්සෙකක් ද ඉක්ම්නින්ම හමුවී ඇති හැඩයි.
තව පොඩ්ඩෙං බසය හමුවී විදානේ නැතිවෙනවා.
Deleteහපොයි මේං මේකා මගේ මුනත් කහඩුවත් දාලා..අම්මප මට හොරෙන් ඔයි පොටෝ කෑල්ල ගත්තෙ කොයි වෙලාවෙද
ReplyDeleteමේක සෙල්පියක් මෙයා. ඔය පැත්තකින් මගෙ පලුවකුත් පේන්නෙ.
Deleteඑතකොට මටයි විදානයටයි එහා පැත්තේ පුටුවේ හිටියේ ඩබ්.කේ ද. කලු මහත අක්කා කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැක්කා. කතා කරන්න විදියක් නැති වුනා.
Deleteඅක්කා.. හැක්..
Deleteබොලාට අක්කෙක් නෙවෙයි. මට ඉතරක් සුට්ටක් වැඩිමල්.
Deleteමේ කමියෝ අහුවෙයංකෝ ආයේ.ඇයි බොලව් මට තවම 20 යි. ඉතින් අක්කනේ. ශ්‍රංගයාට නම් 40 පැන්නේ ඊයේ පෙරේදා
Deleteඅයියෝ මොනාද බන් මේ බ්ලොග් පොස්ට් කියලා දාන්නේ...
ReplyDeleteතාම බඩ රිදෙනවා...
------
මට උන්නාන්සේ කියා ඇමතීම ගැන මාගේ බලවත් ප්‍රසාදය.
----
අනේ මන්ද උඹයි ඩ්‍රැකි යයි එක එක වැල්ලේ අහවල් එව්වා වගේ එක ම ජාතියේ පිස්සු පොරවල් දෙකක්..
තෑගී ගන්න ගිය කී දෙනෙක් ට නම් හූ කිව්වද...කඩප්පුලි කතා කිව්වද...
හෙළ සිරිතට අනුව හැසිරෙන්නේ ඔහොමද?
----------------------------
මොනා වුනත් සුරංග යෝ හම්බුවෙච්ච සම්මානෙට මගේ හදපිරි උණුසම් සුබ පැතුම්....
ජයෙන් ජය..
දැතියා ජාතික බුවෙක් තමා. ඌලයි ගමේ මං උන්නනං ඒ ගම විනාසයි.
Deleteදවසක ඇවිත් යන්ඩ වරෙං බං. (මං කිව්වෙ සුරංගට. ඒ උනාට විභියත් වෙල්කම්)
Deleteසම්මානයට සුභපැතුම්. දුර ගෙවාගෙන ඇවිත් පසුදාට එලිවෙන්න වත් ආපහු යන්න තිබෙන මුත් රෑ වෙනකම් අපි සමඟ සිටීම ගැන බොහොම ස්තූතියි. හිටෙන් දැනන් හිටි දක්ෂයෙක් හැබැහින් දැක්ක එකටත් සංතෝශයි. උඹෙ බ්ලොග් එක ගැන ගිය අවුරුද්දෙම හැම එකාටම කිය කියා ප්‍රසිද්ධ කලේ ප්‍රා ජේට 'අපහාස' කිරීම ගැන මගේ ස්තූතිය.
ReplyDeleteඇත්තෙං එලිවෙනකං උනත් ඉන්නවා. පහුවදා පොලේ යන්ට තිවුන නිසයි ගියේ. ඇත්තෙං මං හිතා හිටපු තරං සරීරයක් ඔය පෙරකදෝරු මහත්තයට නැති එක ගැන මට හෙනම කනගාටුයි
Deleteඅන්න ශ්‍රංගයෝ උඹ 'යෙටී' ගෙයි 'නිට්ටෑව' ගෙයි වෙනස පැහැදිලි කොරපු අපූරුව..
Deleteමගේ සුබපැතුම් සුරංග!!!
ReplyDeleteඅනෙ නිකං ඉන්ට මහත්තෙයා. ඔව්ව ඔට්ටු නෑ. දීර්ඝ වසයෙං ලියන්ට හොඳා. අර රන්දිල් නෝන මහත්තැන් වෙනුවෙංවත් ලියන්ට යමක්.
Deleteමං හිතාන හිටපු තරං අරකි තඩිච්චියෙක් නෙමෙයි බං , ඔය හිතේ සංතෝසෙං ටිචැර් කෙනෙක් එක්ක කතා කලාමද කොහෙද
ReplyDeleteඅනේමංද. උන්දැ ගුරු විජ්ජාලෙ ගිහිංම නැද්ද කොහෙද?
Deleteසුබ පැතුම් ශ්‍රංගට ලැබුනු සම්මානයට. සෙට් වෙලා කතා කරන්න ලැබීම සතුටුයි.
ReplyDeleteජය වේවා!!!
අපි ඉතිං මූදු වෙරලත් හෝදාපාලුවට ලක්කලානෙ නේද?
Deleteහිකිස් :D.
Deleteහම්බෙච්චෙක ගැන සතුටුයි..ඊටත් සතුටුයි බස්සෙක්කක් හම්බුනාකියලා දැනගත්තෙකට...මම කොහොමෙද යක්ෂයො භයානක පෙනුමක් තියෙනකෙනා උනේ....!
ReplyDeleteහයානක
Deleteඔය භයානක කම ඇති වෙලා තියෙන්නෙ අර බීච් එකේ පාටියෙදි ශ්‍රංගය ඉස්සරහ චෙෆා පිහි ගෑරුප්පු වලින් අඩව්වක් ඇල්ලවට පස්සෙයි කියල තමයි ආරංචිය ආවෙ. හැක්..
Deleteඅනේ මංද චෙෆාකි උන්නැහැ මට පේන්නෙම ‘පුරාම බයානක‘ විදිහට. බෙල්ලෙ අලි දංවැලක් විතර මාලයක් දාලා අතටත් ඒ බරටම බේස්ලට් දෙකක් දාලා මුදු පහක් දාලා ගත්තනං නියම .............. නේද?
Deleteශ්‍රන්ගයෝ මටත් ඇත්තටම ඕක හිතුනනේ. අර භයානක පිළුම් එකකුත් තියනවා නේද චෙෆාකි වගේ නළුවෙක් ඉන්න
Deleteහරියට හරි. "ස්ට්‍රේන්ජ් විල්ඩනස්" ෆිල්ම් එකේ අන්තිම හරියෙ ගුහාවක් ඇතුලෙ ඉන්නෙ චෙෆා...
Deleteශුභ පැතුම් වේවා..!
ReplyDeleteඅඩේ.... සෑහෙන හොඳ අඩියාර් එකක් ආව වැඩේ ගැන.
//භයානක පෙනුමක් ඇති චෙෆාකි// බොලත් ගිලියි කියල බය උනා නේහ්?
අහස්කූරුත් පත්තු කරලා මූදු හුලං විඳලා ඒ පැත්තත් ලෙශටම ගිහිං.... ගස්ලබ්බත් හිතාගෙන හිටියෙ 'ආමාශයික යුශ මඟින් පදම් කරන ලද සූකර මාංස' සුප් එකක් එහෙම කස්ටියට පෙන්නලා එන්න.. කොහෙද.. චැහ්ඃ..කමක් නෑ අඩුවක් නැතිව බොලා ලියල තියෙන එක කියවලා සැනසෙනවා.
ජයවේවා..!!
සූකර මාංස' තිබුන්නෑ. කඩේ අයිතිකාරයා සුරයක් දාලනෙ හිටියෙ.
Deleteදුහන පුහුල් තිබුනා නොතිබුනේ කරත්ත එන්ජින්
Deleteයකෝ ශ්‍රංගයට වැඩිවෙච්ච පාර කෑවෙ මොනවද කියලත් දන්නැද්ද කොහෙද. හැක්..
Deleteහා සුරා. එහෙනම් ජය ෙවේවා කියල ඔන්න ආයෙත් සුබ පැතුව. ආයෙ ලඟදි දවසක හම්බෙමු.ඉ
ReplyDeleteආයෙ ඉතිං කවද බැරිද. ගමේ ආවෙලාවක බැරියැ.
Deleteඅවුරුද්දට ගමේ එනකොට වරෙං.
Deleteහම්මේ ඉතිං නේ..
ReplyDeleteඅර කුදාර් වෙච්ච විදානෙත් එක්ක යන්න වුණ එකත් හෙනම සීන් එකක් වෙන්නට ඇති නේ. හිහි.
සුභ පැත්ම් සුරංග..
ජයෙන් ජයම වේවා
විදානේ කරදරයක් නැති මනුස්පයා. ඔය හිටියට බුලත්විටි හොයන්න රෙදිකඩ ගානෙවත් යන කෙනෙක් නෙවෙයි.
Deleteහැක්.. මූ එහෙමත් කරන්නැද්ද වැඩක් නෑ අප්පා
Deleteහිහි
දැති හුළහ එතනදිත් අතෑරලා නෑ එහෙනං .... ලබන නෙළුම් යායටත් තරඟයක් දෙමු...ජයවේවා !!!
ReplyDeleteදැතියා ඉතා එළ කොල්ලෙක්නෙ (අවුරුදු දොලහකට ඉතර කලිං)
Deleteමටත් ඌව හොදට හිතට අල්ලලා ඉන්නේ මං වාගේමයි කටවාචාල කමට කියවන්ඩ මරු බඩුව
Deleteමට දැං තිස් හතයි බොලව් වයස. (අවුරුදු දොළහ...) මං කිව්ව කියල හිතාගං.!
Deleteසුබ පැතුම්!
ReplyDeleteස්තූතියි තුමනි
Delete"දුරින් මාතේය මෑතින් ඉවාන්ය" පිංතූරේ ඉවාන් ඔසරියට හරි හැඩයි නේද?
ReplyDeleteකෝ ඔතන සාරස මහත්තය නෑනෙ.
ReplyDelete// ඒ අතරේ සමහර අය ලියුං කවර ගෙනැත් දී දෙකට නැමී වඳී. ඒත් මෙතැන එහෙම දෙයක් තිබුනේ නැත. //
ReplyDeleteනැත්තෙත් නැ එක්කෙනෙක් තුන්ඩු කැල්ලක් දෙනවා දැක්කා ලොක්කට ලෝකෙටම පෙන්න ඉස්ටෙජ් එක උඩදීම. එකත් නරක නැ මොකටද හැන්ඟී හොරා ගේම් කියලා හිතාගෙන කියලා වෙන්න ඇති .
හබෑටම රශික උන්නැහැ කරුට නේම් කාඩ් එකක් දීල මොනවද බලාපොරොත්තු උනේ කියලනම් තේරෙන්නෙ නෑ
Deleteනේම් කාඩ් එකක් නෙවෙයි ඒක රසිකලොජි බ්ලොග් එක ගැන කාඩ් එකක්. ඒ අවස්ථාවේ හැටියට එහෙම සුදානමකින් ආපු එක හොඳයි. කරු ජයසුරිය මහතාට විවේක ඇත්නම් රසිකලොජිය පැත්තේ ගොඩවෙලා බලන්න පුළුවන්නේ. 'නාලක ගුනවර්දන'ට සම්මානේ දෙනකොට කරු ජයසුරිය මහතා කියුවා ඔහුගේ ලිපි හැම එකක්ම පාහේ කියවන බව.
Deleteඅපි නොකරන නිසා හෝ එහෙම කරන්න පුරුද්දක් නැති නිසා හෝ තවත් කෙනෙක්ගේ ක්‍රියාවක් විවේචනය කරන්න එපා.
@ KM,//අපි නොකරන නිසා හෝ එහෙම කරන්න පුරුද්දක් නැති නිසා //
Deleteඔයාගේ කාඩ් එක ඉතින්....
ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තුන්ඩු කැලි අරගෙන වරෙල්ලා මොකාට හරි ස්ටේජ් එක උඩදී ප්‍රධාන කොකාට දෙන්න
Deleteබස්සියො කටුසු ගෙන්බෝ පුසෝ බල්ලෝ වවුලෝ මන්කොල්ල කාරයෝ මිනි මරුවෝ ලබබෝ මදුරුවෝ ගැටයෝ මැට්ටෝ කුරු කොට්ටෝ ඔක්කොටම කියන්නේ මතක් ඇතිව තුන්ඩු ගෙනෙන් නැත්නම් සම්මාන සුම්මා
මාරම මාරයි ඔයි !!!!!!!
ප්‍රධාන කොකාට ත් කියාපන් සිලි සිලි බැග් එකක් අරන් එන්න කියලා මතක ඇතිව තුන්ඩු කැලි ගොඩ දාගෙන යන්න හැක්..හැක්
ඇනෝ...මොනාද බන් ගෑනු වැඩ.. කියන්න තියන දේ නියම නමින් ඇවිත් කියහන්කෝ ගූ වැඩ කරන්නේ නැතුව.. ඔය එක්ස් රේ ගන්න තැනකට ගිහින් පොඩ්ඩක් බලවගනින් කශේරුකාව උපතින්ම පිහිටලා නැද්ද කියල.. කුජීතයි බන් උඹේ මේ හැසිරීම..
Deleteකුජීතයි බන් උඹේ මේ හැසිරීම..ඉතින් ඔයාට පාන් ද මෙයා ,,,අපිට නම් පාන්
DeleteAnonymous කියන වචනේ තේරුම ඔයා ගු ..ගල් කරලවත් දැනගන්නකො මෙයා මෙන්න ඔයාට උම්මා ......
මමත් බැලුව කකා මොකක්ද දුන්නෙ කියල, කකා කොහොමත් පෙර සූදානමින් ඉන්න කෙනෙක් වග තේරුනා , කොටින්ම black label එක බෑග් එකේ දාගෙනම ඇවිත් හිටියෙ.
Deleteඇනෝ, රසික කියන්නේ සිංහල බ්ලොග් වලට ලොකු සේවයක් කරපු කෙනෙක්. මුලින්ම ලියන්න ගත්තු කෙනෙක්. රසික පෙන්නපු පාර නිසා ගොඩක් හොඳ සිංහල බ්ලොග් ලියන්නෝ බිහිවෙලා ඉන්නවා.තමුන්ගේ බ්ලොග් කාඩ් එකක් කියන්නේ හොඳ සංකල්පයක්.
Delete"ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තුන්ඩු කැලි අරගෙන වරෙල්ලා මොකාට හරි ස්ටේජ් එක උඩදී ප්‍රධාන කොකාට දෙන්න" රොටියෝ උඹත් අච්චුගහගෙන වරෙන් අපිට පාන් යැ
Deleteස්‍රන්ගො ඔය සම්මානේ දීපන් ආච්චිට....
ReplyDeleteපෝස්ට් වගේම උඹ එළ කොල්ලෙක් බන්
ආච්චිට දෙන්නත් ගමට යන්න එපෑ. ගූගල් විලේජ් විව් එකෙන් තමා දැනට බලන්න වෙන්නෙ
Deleteවිචාරක තැන ඉක්මනින්ම යන්න ගියේ “මස්සිනාගෙ මරණ ගෙදර යන්න ඕනෑ. එතැන වැඩවලට ගුරුහරුකං දෙන්ට කෙනෙක් නෑ“ කියාගෙනය.
ReplyDeleteපොඩි ඇරියස් එකක් කවර් කරගන්න හොයනකොට පොර මාරු
කව්‍රු හරි සීනිගම ගිහින් මිරිස් අඹරලා පොල් ගහපු එකේ ප්‍රතිපලයක්ද
අපරාදේ නුවරඑලිය ගමනත් කැන්සල් කරන්න ඇති පව්!
අනේ අසරණයා කිසි කෙනෙක් මළගමට සහභාගිවුණේ නැතේ ?
අපරාදේ. මටනං මතක නෑ ඇරියස් එකක් තිබුනා කියලා. ඉල්ලුවානං අර තෑගී හම්බවෙච්චි සල්ලි වලින් පිනට යමක් දෙන්න තිබුණා.
Deleteඅම්මෝ මල ගෙවල් වලට දවල්ටත් මළපෙරේතයෝ එනවද?
සීනි ගාලා මිරිස් අඹරලා ගුලියක් ගහගත්තම දැනෙයි රඟේ හැක්
මිනි මරලා හම්බකරපු සල්ලිවලින් පින් කලාට මදි ලොක්කෝ කල පව් පස්සෙන් එනවා
Deleteපිස්සුද එහෙනං මං මරලා තියන ඇනොලා ගානට මේ වෙනකොටත් මාව අපායේ යන්න එපාය. ඒ ගණන ළඟදීම තවත් වැඩි කරගන්නවා. හැක්.
Deleteඅපායේ යන්න වැඩිකල් නෑ ළඟදීම බබා හම්බ වෙයි විසා වලට ඇප්ලිකේෂන් දැම්මනේ ..මස්සිනා එවයි ටිකට් එක යි විසා එකයි දෙකම එකට පින් කරනවානම් දැන්ම කරගන්න බෙන්ගමුවේ නාලක ට කියලා එයා හරි උනන්දුයි ඒවාට ඔයාලගේ කට්ටියේ කියලා මාතලන් ලියලා තිබ්බා
Deleteමේ වයසක මනුස්සයට කියන කතා. වැඩිහිටියෙක් නේද? ඈ
Deleteඋඹ කොහොමද විදානයව එකතු කරගෙන ගියේ.10 ට බෙදාගත්ත බත් එක පාන්දර එක වෙනකලුත් පැය තුනක්ම කෑවා බුවෙක් විදනයා කියන්නේ.
ReplyDeleteසම්මානයට සුභපැතුම් මචෝ
Deleteඑදා එච්චර ලොකු දෙයක් වෙලා නැහැ කියලා ෂුවර්.... නැත්තං අපේ ෆෝනුත් රින්ග් වෙන්න එපැයි.......
Deleteවිදානේ මට පිටිපස්සෙ සීට්ටෙකේ උන්නෙ. බදුල්ලට එනකොට මනුස්සය නෑ. මං හිතන්නෙ මගිං බැහැල.
Deleteමුලිංම උඹේ සම්මානෙට සුබ පතනව ශ්‍රංගයො.
ReplyDeleteමේ විස්තරෙත් නියමයි.
ඊට වැඩිය නියමයි උඹට අර විදානය එක්ක එන්න වෙච්ච එක. ඌ උඹේ ඇට දෙක ගලොගන්න එහෙම ට්‍රයි කළේ නෑ නේද?
කවුද මන්ද මා තලං කියල පොරක් විදානයගෙ පෝං එක අරගෙන රෑ 10 ට විතර කෝල් එකක් දුන්න මට මතකයි. හැක්..
හැකි ඉක්මනින් උඹවයි මායි හමුවේවායි කියල පතනව.
Deleteඒ අහවල් දේකට.යැ ....... මිත්‍රපුක් සුම්මා . එයා ඒවාට නැ..
Deleteඅපරාදෙ.
Deleteඕන්නැං ගොඩකවෙලට එන්නම බැරියැ වෙලාවක පහක් කතා කරල යන්න. එදාටත් කඩේ ඇරල තියෙයිනෙ. නේද?
Deleteසුබ පැතුම් !
ReplyDelete//මුලින්ම සම්මාන දෙන්න වේදිකාවට ආවේ ‘මාතලන්‘. ඔලුවට ඉර එලිය වැටෙනවාට නලලට ‘සංගලාස් කුට්ටමක්‘//
ඉස්සර සන්ග්ලාස් දැම්මෙ මොලේට ඉර එලිය වැටෙයි කියල. දැන් දුර දක්නා නුවණ ඇවිල්ල ලෙන්ස් තියන කන්නාඩි ඔලුවට දාල
ලබන සැරේ එනකොට ඔය මනුස්සයා සූරිය කෝස හයිකරං එයි ඔලුවට
DeleteCongrats Suranga!!
ReplyDeleteඉස්තූතියි
Deleteසුබ පැතුම් මල්ලී... අඳුනගන්න ලැබීම සතුටක්... චූටි මැණිකෙයි, ටිකිරි මැණිකෙයි මතක් කළා කියන්න.. කෙසෙල් කොලේ බත් එක හරිම රසයි කියලත් චූටි මැණිකෙට කියන්න...
ReplyDeleteදැං තමයි ඒක කියන්න මතක්වුනේ. ඉන්නකො කියල එන්න.
Deleteසම්මානයට සුබපැතුම් සුරංග!!!
ReplyDeleteඇයි මට සුභ පතන්නැද්ද? සම්මානෙට විතරද?
Deleteඋඹේ නොම්බරේ ඉල්ල ගන්න හිටියත් අමතක උනානෙ , කොහෙද මට කටුස්ස ධර්ම දේශනාවක් දුන්නනෙ. උඹත් එල කොල්ලෙක් සුරංග ආයෙ දවසක හම්බවෙමු.
ReplyDeleteනැන්දම්මව බලන්න ඉක්මනට පලයං ගිහින් කියපන් රබර් මිල අප්‍රේල් මාසෙන් පස්සෙ වැඩිවෙයි කියල.
බිංදුවයි හැත්තෑ එක්කෝටි අසූතුන් ලක්ස විසිහය දාස් හාරසිය තිස් තුනයි
Deleteසුබ පැතුම් සුරංග!!
ReplyDeleteතමුන්නැහැත් ආවනං අර චෙපාකි උන්නැහැ එක්ක සැට්වෙලා පොඩි ලමයි බයකරන්න තිබ්බා
Deleteසුබපැතුම් සුරංගයා...
ReplyDeleteමේ ලියන තියෙන හැටියට ඔක්කොම ඉඳල තියෙන්නේ වෙලේනේ බොලල්ලා... මඩ නාල.. හෙහ් හෙහ්...
සම්මාන ගන්නකොට 'හූ' නොකිව්වොත් ඒක නොහොබිනා කමක්නෙව?
ඒකනෙ. මූ දන්නෑ සභාවක හූ කියන්ඩෝනෙ බව...
Deleteඔය අත්පුඩි ගහන ගමන් 'හූ' කියන එක මගේ තදටම තියෙනවා. එකනේ ඒවා පාලනය කරගෙන ඉන්නේ. නැත්තම් කොන්වකේෂන් එකෙත් තව ඩින්ගෙන් ඇතුලේ ඉන්න එකී එලියට එනවා. චඃ... ආවනම් මටම හරියන සගයත් එක්ක එකසිය ගානට 'හූ' කියන්න තිබ්බ.නැද්ද?
Deleteආන්න ඕක හින්ද තමයි මම දැන් අජිත්ට, කමියට තේරුම් බේරුම් කරමින් යන්නේ, මම නැති හින්දය ඔය සම්මාන උළෙල සාර්ථක උනේ කියල
උපේ නැති අඩුව තනියම මං කොහොම හරි පිරෙව්වා.
Deleteඒක තමයි ඩැකියා හූ කිව්වෙ අමුතු විදිහකට
Deleteහූ...//
හූ...//
කියලා. දෙන්නටම හරියන්න
සුභපැතුම්.
ReplyDeleteඋඹ ආවේ නෑනේ... අපි පරණ ණයකුත් ගෙවන්න බලං හිටියේ..... (සමහරුන්ටනං ගෙවන්න තිබුණ ණය අමතක වුණා.... ඒත් උඹේ ණය ගෙවන්නමයි හිටියේ.. බඩුත් ගෙනැල්ලා තිබුණේ... දැන් ඉතින් ඊළග පාර තමා...)
Deleteඅර අවයව කතාව කියාගන්නවත් තිවුනා. නැද්ද?
Deleteරෑ ගිහිල්ල උඹ ටිකිරිට මචං කිවුවය කියන්නෙ ඇත්ත වෙන්නැති නේද?
ReplyDeleteරෑ...? මං රෑ එලිවෙනකං තඩි තම්බියො දෙන්නෙක් මැද්දෑවෙ ඉඳගෙන බස්සෙක හැරෙන සැරයක් ගානෙ දෙපැත්තට තැලෙනව.
Deleteඅර මාත කිවුව වගේ (පොඩි තං ... හිකිස්..).. ඕක දීපං ආචිට....
ReplyDeleteඕං X-පෝටරේ ගෙනුත් සුබ පැතුම්....දාපං පහක්.. එක්කෝ දහයක්ම දාහං....
සෑ...හෙන කාලයක් බොලාලගෙ සෙද්දෙ බොග කියෝන එකෙක් වසයෙං පැලෑනක් ගහං හිටිය ඔය සෙද්දට එන්න. කොගෙද මේ ගල් අරාබියො අප්‍රේල් යන්න කිවුවනෙ.. ආච්චිට හාල් ගරන්න (නෑ.. නෑ.. බොලාගෙ ඒ සුප්‍රසිද්ද කෙනා නෙවේ..)
ආවනං අපිට සටඉඳියි, ඔටු කිරියි ගේන්ට තිවුන නේද?
Deleteසුබ පැතුම්...!
ReplyDeleteමට මේ පස්සේ කල්පනා වුනේ,උඹ ඔය සම්මානේ ගන්න කොළඹ ආපු බස් රූට් එක තමයි මම ලංකවේ යන්න අකමැතිම රූට් එක කියලා.විශේෂයෙන්ම බණ්ඩාරවෙල-රත්නපුර අතර කොටස.ඒ වගේම පාරක් තමයි රත්නපුර-පානදුර පාර.ගමන් එපා වෙනවා ඒ වංගු අස්සේ යන්න ගියාම.
Deleteකාන්තා සංගමේ නෙවෙයි බොල තනි අයිතියට පවරාගෙන හිටියේ. හිටපියකො මගේ ලිපිය එනකල්.
ReplyDeleteහොඳ විස්තරේ ඈ.
හරියමන් කෙලින් කරගන්න බැරි, රබර් ආතල් ගන්න වෙන ඇති අයිතියට පවරාගෙන හිටියේ
Deleteඑහෙම ප්‍රශ්නයක් තිබුනේ ඔයා ආශ්‍රය කරපු කාලේ. දැන් එකසිය ගානට වැඩ. අනික ඔයාගේ මූණත් කැතයි කටත් ගඳයි නේ.
Deleteහරි හමන් විදිහට කෙලින් කරගන්න උඹට පුළුවන් උනානම් ඔහොම ඇනෝ ආතල් නොදී නියම ID එකෙන් ඇවිත් කෙලින් ලියන්න තිබ්බ නේද බන්..
Deleteදැන් එකසිය ගානට වැඩ. ...ලා නිල්පාට පෙති 2 ගානේ අරගත්තා හින්දද එක වැඩ දැන් ......
Deleteඔහොම ඇනෝ ආතල් .......ඔයාම ගන්න මෙයා
DeleteAnonymous කියන වචනේ තේරුම ඔයා ගු ..ගල් කරලවත් දැනගන්නකො මෙයා මෙන්න ඔයාට උම්මා .....
පැණි හැලියටලු කූඹි ඇදෙන්නෙ. ඔමා ගෙනා බෝතලේටනෙ බොස් ඇදිල තියෙන්නෙ. පස්සෙනෙ අපි දන්නෙ
Deleteඋඹ ගෙදර ගියාද කියලවත් අහන්න බැරි උනා. වෙලාවට පොස්ට් එක දැක්කේ.. චුටි මැණිකේ හැමදාම වගේ මෙදා පාරත් අවස්ථානෝචිතව කම්පනා කොරලා උඹව තනියෙම එවලා තියෙනවා..
ReplyDeleteතනියෙං ආවෙ නැත්තං කරු ජයසූරියට කලිං මං ගිහිල්ලා.
Deleteසමානයට සුබ පැතුම් මචෝ...
ReplyDeleteඒකට සව්දිය පුරන්න සව්හාල් පැකැට්ටෙහෙකුත් ඇරං අවුරුද්දට එඤ්ඤං
Deleteසම්මානලාභී සුරංග ට උණුසුම් සුබ පැතුම් ! තව තවත් සම්මාන ලැබෙන ලිපි එළිදකීවා !!
ReplyDeleteඑසේම වේවා. තැංකිව්ය
Deleteමචං උඹව හමුවීම සතුටක්..... ගං පළාත මේ පැත්තේ නිසා තවත් සතුටු හිතුණා... විදානෙගේ මැනිල්ලට සම්මාදන් වෙන අයිටම් එකක් කියා දැනගත් විට ටිකක් විතර සැක හිතුණාට උඹ හමුවී කතා කිරීමට ලැබීම මාර සතුටක්...... අර කිව්ව විදිහට එන දවස කලින් ම කියලා වරෙන්...... ඉතුරු විස්තර හමුවෙලාම කතා කරමු.........
ReplyDeleteමේ අර දම්පාට කමිසෙ ඇඳපු කෙනා නේද? කුරුටු කීවහම සෑහෙන ගානක්නෙ. ඒකයි ඇහුවෙ.
Deleteකොහෙ තිබිච්ච් කිරි බෝතලයක් ද හිටං! මඩු වලිගයක් එවන්නෙයි? මුට කොහෙං එනවද මංදා මේ කතා....
ReplyDeleteහමු වීම ලොකු සතුටක්, උණුහුම් සුභ පැතුම් සුරංඟ අයියා!
(පෝං නම්බරේ ඉල්ල ගත්තට කෝල් එකක් ගන්න බැරි උනා ම්චං...)
ඇයි උඹට අම්ම කිරි පෙව්වෙ බස්සෙකේදි...
Deleteහැක්.. උබ දකින්න විදියක් නෑනෙ.. උබ ගියේ වෙන බස් එකක නේ!
Deleteඒ උඹ හිතං ඉන්න හැටි. මං ගියෙ පියාඹගෙන, කෙල්ලො දෙන්නෙක් හපල...
Deleteමේ පොඩි එකාට ඔව්ව තේරුමක් නෑ.
Deleteපොඩි එකා..! මෙන්න මූ දෙවෙනි පාරටත් මට අපහාස කලා... හැක්!!!!!
Delete@ ඩ්‍රැකී
ඒ ඩිංගට හීනෙකුත් දැක්කද බං....
සුභ පැතුම් සුරංග... මේ පෝස්ට් එකක් එළ. යාංහෑල්ලට පණ දුන්න ආච්චම්මාට දිගාසිරි පතනවා.තාම මතක් වෙන්නේ සිරි පාදෙ ගිහින් නිදාගෙන ඉන්න අතරෙදි හොරෙන් බිස්කට් කෑ හැටියි. අර නංගිලා මාරු වෙනවට රෙදි කොණ ගැට දාලා පරිස්සම් කළ හැටියි. ඒක තමා ලියවිල්ලක සාර්ථකත්වය. ජයවේවා...!!!
ReplyDeleteඔයත් ඉතිං එදා පටං මං ලිව එව්ව කියවනවනෙ. ඇත්තෙං මේ පින්තූරෙ මාරු වෙනකං හිතං හිටියෙ මේ කොල්ලෙක් කියලා. දැන්නෙ දන්නෙ දෑහැට සූරිය කෝෂ හයිකරපු ගෑනු ලමිස්සියක් කියලා
Deleteඋඹල මෙව්වා මෙහෙම පන පිහිටුවල ලිව්වාම එන්න බැරිවීම ගැන දැනෙන හිතේ මෙව්වා එක වැඩි වැඩියෙන් දැනෙනව බන්.. සම්මාන උළෙල ගැන ලියල නිකම් හිටියනම් ඉවරනේ බීච් පාර්ටියක් ගැන මගුලක් ලියල එන්න බැරිවුන අපේ මල් වගේ හිත් තලන්නේ නැතුව බන්.. ශික්...
ReplyDelete(උඹට භය හිතුනෙ නැද්ද බන් දැති හුළහ ළඟ වාඩිවෙලා ඉන්න.. යකෝ ඕකා මනුස්ස වේශයක් අරගෙන ඔව්වට ආවට රෑට ගෙදර යන්නේ වවුලෙක් වෙලා පියාඹලා.. ඒ යන අතරේ පාලු තැනකදී මනුස්සයෙක් සෙට් උනොත් උගේ ලේ ටිකත් බීල තමයි ගෙදර යන්නේ.. වෙලාවට උඹ සජ්ජයි විදානෙයි එක්ක එකට ආවේ.. නැත්තම් ඕකා එදා හිතන් ඉන්නේ ඇත්තේ ගමේ කෑම කාල හැදිච්ච එකෙකුගේ ගමේ සුවඳ තියන organic Blood ටිකක් බොන්න.. කොළඹ ලේ බීල ඌ දැන් එපාවෙලා ඉන්නේ..හැක්..)
හොඳ වෙලාවට මට වතුර උඩිං පියාඹන්ඩ බැරි. නැත්තං අම්බලංගොඩ ලේ රහත් බලන්ඩ තිබ්බ...
Deleteලංකාවට ආවාම පරෙස්සමට ඉන්න වෙනවා රෑ පානේ ගමන් නොයා..
Deleteලංකාවට එද්දි අනිවාර්යෙන් මට දන්වපං... :-)
Deleteකුරුස පොඩ්ඩකුයි කෑලි තුනේ ටෝච්චෙහෙකුයි ඇරං ගියහම හරි.
Deleteඋඹට සම්මානයක් ලැබුනා කිව්වම පුදුම සතුටක් දැනුනා. දිග ගමනක් යමන් මලේ ඉවසිල්ලෙන් . ජය !
ReplyDeleteතිලකසිරි මහත්තැං එදා කතා කරලා සුබ පතද්දි අපි මූදු වෙරලෙ. එහෙං රැල්ල, මෙහෙං කෝච්චි වැඩ ගොඩයි.
Deleteඅදමයි මේ පැත්තට ආවේ සම්මානෙට මගෙන් සුබපැතුම් :) නෙලුම් යාය දවසේ නම් කතා කරන්න බැරිඋනා :(
ReplyDeleteඔයා නේද අර එනවුස් කොලේ. මට මතක නෑනෙ
Deleteනෑ ඒ මම නෙවේ දිලිනි :)
Deleteමේක තමා බස් ගමනක් ගැන දැක්ක හොඳම ලියවිල්ල. //දේ පාන්දර මලක් වගේ බස්සෙකට නැගපු මම දවල් දොලහ වෙද්දි කිරුලපනින් බිමට බැස්සේ කෙල්ලන් එකසිය පහලොවකිං බූට් කාපු, කසාද දහ අටකිං දික්කසාද වෙච්චි, නව වතාවක් හිරේ ගිය තුං පාරක් එල්ලුං ගහට නියම වෙච්චි අසරණ ප්‍රේමවන්ත සුවාමිපුරුෂයෙක් විදිහට.//
ReplyDeleteමේ බස් ගමනනං එපා වෙනව. අද ඉඳං මං කැටේකට දවස ගානෙ රුපියල් පහක් දානව ඊළඟ උස්සවේට වාහනේක එන්න.
Deleteඇයි අප්පා ඔයාගෙ මරුටිය.. ටිකිරි සඳමාලියි, චූටි මැණිකෙයි එක්ක ඒකෙ එන්නකො..
Deleteනෑ නෑ අක්කෙ ඔයැයි ඔය හයිබ්‍රිඩ් එකක් හරි ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න හරි ඔය හදන්නෙ..
Delete/මටත් බඩවැල් සහතිකයක් (බඩ=කුස, වැල්=ලතා) තරමවත් ලැබෙනු ඇති බවට දැතියාත්, දෙවැනි විභීෂණ උන්නාන්සෙත් කියා හිටියා./
ReplyDeleteමං උඹට කිව්වෙ බං උඹට කුසලතා සම්මානයක් හම්බෙන්නෑ කියලයි. මොකද, මට හොඳටම ශුවර් උඹට ප්ලේස් එකක් එන බව...
සුභපැතුම් බං. උඹ දැකල කතා කරපු ටික වෙලාවට, මගෙ නැතිවෙච්ච සහෝදරයෙක් හම්බුනා වගේ දැනුන. මං බදුල්ල පැත්තෙ ආවොත් උඹලැ දිහෑ එනවමයි. (ඒක තව සෑහෙන කාලෙකට වෙන එකක් නෙවෙයි කියල මට පේනව. ඒ නිසා උඹ වරෙං දවසක අපේ දිහෑ. දවසක් දෙකක් ඉඳල යන්ඩ. චූටි මැණිකෙයි ටිකියයි ත් අරං වරෙං.)
//මං බදුල්ල පැත්තෙ ආවොත් උඹලැ දිහෑ එනවමයි.// එදාට තමයි බදුල්ල දුබල්ල වෙන්නෙ. හැක්...
Deleteඊට කලිං ගොඩකවෙල වෙඩකගොල කරගන්න ආසද?
Deleteටිකිය ඇරං ආවොත් කෙරිල තියෙයි. පිඟං, තාච්චි, මාලු, හැඳි, කෝප්ප, කමිස, කාපට්, පෙට්ටි, නෙට්, මෙට්ට, මේස, පුටු, වැලි පෙට්ටි ඔය සේරම අරං එන්න එපායැ.
Deleteඒයි ඩ්‍රැකී... ගොඩකවෙලට සද්දෙ දාන්න එපා හරිද....
Deleteහදවතින්ම සුබ පතනවා...
ReplyDelete//මං දාන පෝස්ට් එකක් පැයක් යන්න මත්තෙන් ඒ තුන්නොම කියවලා ඉවරලු. ඒ සම්මානෙත් මං පරිස්සමට හිත ඇතුලෙ තියාගත්තා.//
අනිවා අපි ලියන දෙයක් බලලා ඒ ගැන අදහසක් ලියලා යනවයි කියන්නෙත් හරි සතුටක්..
ඒකනෙ කියන්නෙ. කවුරුහරි අදහසක් දාන එක තමයි සලකුණ ඒක කියවපු බවට.
Deleteඋඹේ ලියවිල්ලට මට නිකන් එතන හිටියා වගේ දැනුනය කියහන්කෝ...! සුබපැතුම් මචං. උඹේ බ්ලොග් එක තමයි දවසට එක පාරක් කියවන එකම බ්ලොග් එක (අනික් ඒවා කියවන්නේ රෝලේ අප්ඩේට් උනාම හොඳේ)
ReplyDeleteලියපන් මචං රම්පෙට පොරි හැලෙන්න.
සතියට එකක් සෙනසුරාදා නැත්තං ඉරිදා තමයි. දවස ගානෙ ලියන්න බෑනෙ. බෝම ඉස්තූතියි කියෝනවට.
Deleteයාං දැක්කත් කතාකරන්න බැරිවුණා...
ReplyDeleteපස්සෙ වෙලාවක මුණගැහෙන්ඩ ඕන...
රෑ වැඩේ තමයි මිස්වුණේ
එතැන්ටයි එන්න තිබ්බෙ. අඩියක් ගහල, ගුටියක් කාල යන්න තිබ්බා.
Deleteමමත් මුල් වරට මේ යාං හෑල්ලට ආවේ. එදා සම්මාන දෙද්දී නොට් කරගත්ත බ්ලොග් අඩවිවලට දැන් තමයි යන්නේ. ලැබුණු සම්මානයට උණුසුම් සුභ පැතුම්! හමුවෙලා කතාබහ කරන්න නම් බැරි වුණා, පස්සෙ හම්බ වෙමු.
ReplyDeleteආ එකට ස්තුතියි. ලබන අවුරුද්දෙ බැරියැ කතාවක් දාන්න නේද?.
Deleteඅනිවාර්යයෙන්ම..
Deleteසුබ පැතුම් ..
ReplyDeleteහැම කොම්මෙන්ට් එකකටම උත්තර දෙන්න බලපන්..
පරන පොස්ට් වල සමහර කොම්මෙන්ට් වලට උත්තර නැහැ
මේ තනි ලැට්ටොප් එකෙන්නෙ ඔක්කොම. ගූගල් එකත් දෙවැනි අකුරෙ ඉඳං මකනවනෙ. එතිං පෝන් එකෙං මොනවත් කරන්න බෑ.
Deleteඋඹේ කතන්දර වලට කමෙන්ට් කරන එක සෑහෙන දුශ්කර වෙන්නෙ උඹේ ලියවිල්ලට ගැලපෙන තරම් ඉස්තරම් කමෙන්ට් එකක්ම කරන්න ට්‍රයි කරන නිසයි. ඒක හරියන වැඩක් නෙවෙයි. මේ සම්මාන උලෙලට ආපු නැතිනිසා මට මිස් වෙච්ච දේවලින් ප්‍රධානම දෙයක් තමයි උඹත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න නොලැබීම.
ReplyDeleteඋඹට නොදෙන සම්මාන!
ඒකට ගානක් නෑ. ඔය හිතෙන දෙයක් ලියා යන්න. සම්මාන උලෙලට නොආපු අයට මිස්වෙච්චි ලොකුම දේ තමයි අපි වාගෙ කොච්චරක් අය මේ ලංකාව ඇතුලෙ ඉන්නවද කියලා බලාගන්න බැරිවෙච්චි එක.
Deleteඩෙනිම් හැන්‍රිය කිව්වැහෙ මේලියැවිල්ලට නොදෙන සම්මාන අහවල් රෙද්දටෙයි බං?
ReplyDeleteඉඳහිට කමෙන්ට් කරත් මේක හැමදාම කියවන එකෙක් විදිහට, සම්මාණ උළෙල ගැන කර තිබූ හොඳම විස්තර ව්චාරයට මෙන්න මගේ රන් සම්මාණය!!
ඩුඩ්යි උබගෙයි කටේ ගල් කාලක් දාන්න ඕනේ
Deletetoooo late නේ. අයියේ ත්‍රීවිල් එකක් හයර් කරන් ආවේ කොමෙන්ටුව කොටන්න. හිහ්....
ReplyDeleteඇත්තටම බොට තියෙන්නේ අවංක නිහතමානී හිතක්.
සුබම සුබ පැතුම් අයියේ බොට. ජය වේවා. !!!
සම්මානයට සුභ පැතුම්.
ReplyDeleteඉතාම ආසාවෙන් තමයි මමත් මේ බ්ලොග් එක කියවන්නේ, නිතර කොමෙන්ට් නොකලට.