Monday, November 30, 2015

ගංවතුර හෙවත් The Village Water 3







ආත අත දික්කලේ මේසෙ උඩ තිවිච්ච පාර්සල් ගොඩට. බත් පාර්සල් විස්සකට එහා එතන. තමුංගෙ පිඟාන මේසෙ උඩිං තියල ආත එක බත්මුලක් ලිහල බැලුව.


“මේකෙ කරෝල කෑල්ලක්කහ් නෑ. වට්ටක්කයි, පරිප්පුයි කන්න බැහ්“


ආත ඒක පැත්තකිං ගුලි කරල දාල වෙනිං එකක් දිගෑරිය.


“ඒකෙනං මොනවද තියෙනව. බලහං මේ මොනොවද කියල. ඊයෙත් මං කුකුලුමස් කියල කන්න බැලිංනං ගැටපොලොස්. මේකත් ගැටපොලොස්ද දන්නෑ.“


මේ විදිහට ආත බත්මුල් විසි කරන එකට මට යකා වැහුන. මිනිස්සුන්ට කන්න නැතුව ඉඳිද්දි මෙයා මගුල් නටනව.


“ආතෙ. ඔය සේරම ලිහන්නෙපා. අනිත් ඈයත් කන්නපොයැ.“


ආත බත් මුල් ලිහිල්ල නවත්තල මගෙ මූන දිහා බැලුව.


“අනික් එවුං කියන්නෙ තව මොකා කන්නද? මේ මට හම්බෙච්ච බත් පාර්සල් ටික.“


මගෙ කට ආතගෙ මේස ලාච්චුව වගේ ඇරුන.


“මං මේ උඹ එන්න පැයකට හමාරකට කලිං ඇහැරිල ඉස්තෝප්පුවෙ ඉඳං හිටිය ටිකට මට පාරෙ යන ආදහර කංඩායං ගෙනත් දීපු ටික මේ. ඕං ඔය එව්වයෙං මසක් මාලුවක් තියෙන එකක් තෝරල මටද්දීල බෝත් කාහං. ඕන්නං බල්ල අනික් එව්වගෙං හොදි මාලුපිනි එහෙම ගනිං.“


මගෙ සිහිය හරියාගෙන එනකොට මට මතක ආතයි මායි ඒ බත් පාර්සල් සේරම ලිහල මේසෙ පුරා පිලිවෙලට තියාගෙන දිලිසෙන අලුත්ම අලුත් හැංදකිං තමුං කැමති කැමති ජාතිවල කෑම පිඟං වලට බෙදාගනිමිං සිටීම විතරයි.


“බලහං ඔය අනික් එව්වගෙ කරෝල බැදුං එහෙම තියෙයිද කියල.“


“මේ මේකෙ තියෙන්නෙ ආතෙ. ආ“


“සම්බ හාල්නං කටේ තියන්න බෑ. ඔය බෙරි වෙච්චි නැති කැකුලු හාලක් ඇර වෙනිං එව්වනං ඕනම නෑ. පහුගිය ටිකේම කැවෙ සම්බයි, නාඩුයි සුදු හාලුයි.“


“බලහං අර ඉපිටහ ලාම්පුව ගාව තියෙන බත්මුලේ තියෙන්නෙ මාලුද කියල“


“මේ තියෙන්නෙ ආතෙ සෝක් පරිප්පු හොද්දක් මේකෙ.“


“බොට ඕන්නං කාහං. මේ ටිකේම පරිප්පු කෑව. මුං එව්වට තෙල් ඩිංගක්කද්දාල නෑ“


“මේං මේකෙනං තියෙනව සැමැං බැදුමක්“


“චැහ්. අද උදේ දීපු මාලුපාං සේරගෙමත් තිවුනෙ සැමැං. බෝ කාහං“



“මේ ඉතුරුවෙන කරෝල කෑලි ටික එහෙම අනල පැටියට දෙන්නද ආතෙ?“



යංතං සිහිය ආපු ගමං මං ආතගෙං ඇහුව.


“නිකං මිදුලෙ බත් ගොඩගහන්නැතුව හිටහං. ඌත් දැං මසක් මාලුවක් උනත් කන්නෙ හිතුනොත් ඉතරයි. දැං ඩිංගකට කලිනුත් ඔය බඩත් උස්සගන්න බැරුව නගුටත් වන වනා වෙනිං බලු දංඩෙක් පස්සෙ එලවං ගියෙ. පුලුවං හරියක් කාල ඔය ඉතුරු කෑම බීම සේරම අර ලැට්ටෙක් ගාවිං පල්ලෙ ලංදට දාපං. ආදහර බෙදන අයට පේන්න තියන්න නාකයිනෙ. ආයි තුන හමාර වෙනකොට එනවනෙ හවසට කහට බොන ජාති එහෙම අරං.“



“ඈ ආතෙ. එතකොට මේ මිනිස්සුංට කිසි අහේනියක් නැද්ද?“


මං බත් පිඟාන අතේ තියාගෙන ආතගෙං ඇහුව.


“කාල හිටහංකො විස්තර කතා කොරන්න. බඩකින්නෙ මොනයම්ම දෙයක්වක් පුලුවනෑ“


මං බඩේ පොත්ත හීං සිවියක් තරමට ඇදෙනකං කාල පිඟාන හෝදල තියද්දි ආත වෙනදට වඩා ඩිංගක් අඩුවෙං කාල වතුරත් බීල ඉවරයි.


“මොකෝ ආතෙ අඩුවෙං කෑවෙ“


“දැං හවසට බනිස්, වංඩු, ජෑංපාස් ආ.... තව එතනිං ගියහං රෝස්. ආ.. හිටහං බලන්න කල්පනා කොල්ල. ආ. තව ජෑං ගාපු පාං පෙති කපාපුව එහෙම හම්බෙනවනෙ. ඉතිං ඒවත් කන්නෙපායැ.


පේන විදිහටනං අපේ අයට කෑම බීමනං අඩුවක් නැතුව වගේ.එතැං පටං ආත ආයිමත් වංගියක් ගංවතුර ගැන විස්තරේ මට කිව්ව.


“මේක උනේ ඔය සමං දේවාලෙ කරඬුව හරියාකාරව තැංපත් කොරාපු නැති එකෙංනෙ. බලහංකො පහුගිය කාලවල් ඔල ඔය විදිහෙ දෙයක් උන්නෑනෙ. ආ. හිටාංකො බොට මුලහිටම කියන්න.“


ආත ඉස්තෝප්පුවෙ කොට බිත්තිය අයිනෙං ඉටි පුටුව තියාගෙන ඉඳගෙන ආයිමත් විටකට පුවක් ලියන ගමං කතාව පටං ගත්ත.


“මේ ගමන වැස්ස පටංගත්ත විඩේ එක දිගට දවස් තුනකට වැඩිය ඇදහැලුන එක දිගටෝම. මිනිහෙට්ට රෙද්දක්, බැනියමක් හෝදගන්න, දරකෑල්ලක් පලාගන්න තියා  දොට්ට පිලට යන්න තරමටවත් විදිහක් නැතිඋනා. ආයි ඉතිං දවස් තුනක් වැස්සහං ගන්න දෙයක් තියෙයියැ. අපි ගෙදර බඩුමුට්ටු පුලුවං හරියක් රත්නෙලෑ අගුවට ඇද්ද. කොහෙද..... ඒ ගමන උංගෙ ගේත් යටඋනා. අංතිමට ආච්චම්මයි මායි ගුනොවර්දනලෑ ගෙදෙට්ට ගියා. පුංචි එහෙමනං ඔය මහතුංලෑ සුමනෙගෙ ගෙදර හිටියෙ. දවස් ගානක් තිවිල බැහැල යනකොට සේරොම රොම්මඩ වැහිල. ගේ අස්සෙ හැම තැනම පල්ගංදස්සාරෙ බෑ.“


ඕං ඔය විදිහට ආත පැය ගානකට කතාව අදිද්දි ලොරියක් ගේ ඉස්සරහ නැවතුනා. ඒකෙං බැහැපු කෙනෙක් පත්තරේක ඔතපු මෙනවද පොදියක් ගෙනත් ආතගෙ අතට දුන්න.


“ආ හොඳා.. බොහොම්පිං“


කියල ආත ඒ ටික අතට අරං මට දුන්නා.


“ගෙං තියහං මේක. පුලුවන්නං වතුර ඩිංගක් ලිපේ තියහංකො කහඩ්ඩිංගක් බොන්න“


වතුර කේතලේ ලිපේ තියල පොල්කට්ටකුත් තලල ලිපට දාල ලිප අවුලෝල මං ආයිමත් ආතගෙ කතාවට කන තිබ්බ. ගංවතුර නිසා වෙච්චි විනාසෙ ගැන තවත් විස්තර කියන්න ගිය කතාව අංතිමට ‘ඩීයැස් සේනානායක, දඩ්ඩි හාමු‘ ආදීන් ගැන දක්වා ගලාගෙන යද්දි වතුරත් උණුවෙලා ඉවරයි.


“ආතෙ වතුර නටනව“


“ආ එහෙනං අර උණුවතුර බෝතලේට වක්කොරං වරෙංකො“


මං කොතලේ වතුර ටික උණුවතුර බෝතලේට දාල කෑම කාමරේ මේසෙ උඩිං ගෙනත් තිබ්බ. වතුරට අහුවෙච්චි ඒ මේසෙ පෝමිකා කෑල්ල කුල්ල වගේ උඩට නැමිල ඒක උඩිං තියන හැම දේම පෙරලල දානව.


“ආං අර කහපාට පෙට්ටියෙ තියෙනව කහට මුල්. බොට ඕන්නං ඒකෙං කහට මුලක් ඇරං කහට හදාගනිං. ආයි මේං මේ බාස්කැට්ටෙකේ තියෙනව පිටි. පිටි ඕන්නං ඒකෙං ඇරං හදාගනිං. ආයි ආං අර බෙලෙක්කෙ ඇති කෝපි ඕන්නැං. බොට පුලුවංනං අර මගෙ කාඹරේ තියෙන අනික් මලු එහෙම අවුස්සල බලහං එව්වයෙ නැස්ටොමෝල්, මයිලො, හෝරලිස් පැකැට්ටෙහෙමත් ඇති. ඉස්කෝතුත් ඇති ඕන්නැං. මං නං කහඩ්ඩිංගක්ම බොනොව“


එහෙම කියල ආත LIPTON කියල ලියාපු කහපාට පැකැට්ටෙකේ තියෙනකහට මුලක්‘ (මේ තමයි ටී බෑග් එකට අපෙ ආත දීපු නම) අරං ඒක කඩල තේ කොල ටික තේ ගොට්ටට දාල කහට වක්කරගත්ත. මාත් ඒකෙංම කහට ටිකක් හදාගන්නව.


ආතයි මායි අර පාර්සලේ දිගෑරල ඒකෙ තිවුන එව්වත් එක්ක කහට බොද්දි විසාල පෝර මලු දෙක බැගින් පටවගත්තු මොටෝසයිකල් දෙකක නැගපු මාමයි බාප්පයි පෙරටු කරගෙන තම තමන්ට උහුලන්න පුලුවං බරින් යුතු මලු, පෙට්ටි ආදිය කර තියාගෙන මහා ‘චරෝ බරෝ‘ නාදෙකුත් එක්ක අපේ පරම්පරාවෙ සේරම සෙනග එතනට එනව. ගංවතුරෙං කිසිම හානියක් නොවිච්ච අපේ ‘අඬන පුංචම්මත්‘ බාප්පත්, අපෙ අම්මට බාල පුංචම්මත් ඒ අතර ඉන්නව. ඒ හැමෝමත් බඩුමලු කර තියාගෙන.


“හප්පච්චියේ හොඳ ගනං“

“අනෙ අම්මෙහ් “

ආදී වශයෙන් කියමින් ඒ අය තම තමං ගෙනා මලු බිමිං තිව්වා.


“ඔව්ව ගෙං ගිහිං තියහල්ල. කාටවක් පේන්න තියන්න නාකයි.“


ආච්චම්මගෙ අවවාද හමුවේ අපේ අම්ම තමුංගෙ මල්ල ගෙයි කාමරේකිං තිව්ව.


“ලොකුවක්කෙ මගෙ කවරෙත් ගෙං තියහංකො“


ඒ අනික් කවර ටිකත් ගෙනයාමෙ වගකීම අම්මටම පැවරුනා.


ටික වෙලාවකිං කිරි ඕනැ අයට ඒවාද, කහට ඕනැ අයට ඒවාද, කෝපි ඕන්නං එහෙමද, විස්කෝතු, බේකරි කෑම ආදී දේවල් වලිං සමන්විත මගුල් මේසෙයක් හා සමාන තේ පැන් සාදයක් පැවැත්වුනා. මොනව කලත් පාර දිහාවෙන් ඇහෙන වාහන සද්ද වලට කවුරුත් ඇහුංකන් දුන්නා. ඒත් එක්කම කට්ටියත් එක්ක තම තමං බඩු මුට්ටු උපයා ගත් හැටි කයිවාරුවත් පටංගත්තා.


“මට හම්බුනා සෝක් ගවුං වාගෙයක්. අලුත්ම එවුව. උඹ ගත්තෙ නැද්ද චූටියෙ?“


“කොහෙංද බොට දුන්නෙ?“


“ඇයි බං අර පාලම ගාව රතුපාට ඩබොල්කැබ්බෙහෙකිං ඇහිල්ල හිටපු නෝන කෙනෙක් දුන්නෙ.“


“ආ. මං හිතුව ඒ නිකං ආපු එකක් කියල. මං හිටියෙ අර ඉස්කෝල ලමයිංගෙ බඩු බෙදන තැන.“


“ඉතිං මාත් එතන හිටියනෙ“


“මමනං සාය හැට්ට විතරයි ගත්තෙ. අංන සිසිරට හොඳ කමිස වගේකුත් හම්බුවුනා.“


“මංනං වැඩිය සෙනග අස්සෙ ගියෙනෑ. අපේ ඉස්කෝලෙ ලමයිත් ඉන්නකොට. මං එතන යන එක හරිනෑනෙ. ඇත්ත වසයෙංම නැත්තං ලොක්කමකට එහෙම නෙමෙයි. නමුත් ඒක හරිනෑනෙ.“


මාමත් ඒ විදිහට ගෝනියක් පිරෙන්න තරම ගෙනත් ඇත.


අංතිමට කතාව ඉවර වීමත් රෑ බෝවීමත් සමගම තවත් ආදහර නොලැබෙන බව දැනගත් හැමෝටම මා ගැනත් මතක්විය.

“බොටත් තිවුනෙ ගංවතුර ගලාපු ගමං එන්න. ඉස්කෝලෙ යන ලමින්ට සෙදි, කුඩ. සෙරෙප්පු සපත්තු හිටං හම්බුනා. පෙලක් ලමින්ට සල්ලි හිටං හම්බෙලා තියෙනව“


සියලු දෙනාගෙම ඒකමතික තීරණය උනේ මං කලිංම ආවනං මට වැඩිමනක් දේවල් ආදහර විදිහට ගන්න තිවිච්ච වගත්, කලිං නාපු එක අපරාදෙ වගත් කියන එකයි. ඒ උනත් තමුන්ට තව ලමෙක් ඉන්න වගත්, ඉගෙන ගන්න දස්ස බවත්, ඒ ලමයා ලබන අවුරුද්දෙ උසස්පෙල ලියන්න ඉන්න බවත් කියලා හැකි විදිහෙං මා වෙනුවෙනුත් යමක් කමක් උපයාගන්න අපෙ අම්මා සමත්වෙලා තිවුනා.


ඇඳිරි වැටීගෙන එන අතරෙ තම තමං උපයාගත් ‘ආදහර‘ මලු පෙට්ටි ආදිය කරතියාගෙන කඳු මුදුන්වල තියෙන තම තමුංගෙ ගෙවල් බලායන උදවිය මහන්සිය නිවෙන්නත් එක්ක තම තමුං ආදහර ලබාගත් හැටි, ගංවතුරෙං බේරිච්චි හැටි එකිනෙකාට කියමින් පාර පුරා වචන හලාදැම්මා.


“අපේ මිනිහ යංතං මොලේ පාවිච්චි කොල්ල කංදක් උඩිං ගේ හදාපු හිංද හොඳා. නැත්තං අපිටත් ගංවතුරට අහුවෙන්නයි වෙන්නෙ.


ඒ නඩේ එක කාන්තාවක් කියාපු ඒ උදාන වාක්‍ය මගේ කනේ තාමත් කැරකෙනව.


පහුවදාම මං මගේ අතිජාත පාසල් මිත්‍ර රෑන බලන්නත් එක්ක පුබ්බයිසිකලේ කකුල්දෙක අස්සෙ ගහගෙන ගමේ සංචාරයක යෙදුනා. පාරෙ අඩි දහයක් යන්න කලිං හම්බ වෙච්චි ජෑකොඩියා සුපුරුදු විදිහට මාව ආමන්ත්‍රණය කලා.


“ඈ බොල *&^&$%@ %@$&*% %#*$ *($^උ% ^ ගිහිං හිටියෙ“


මේ වාක්‍යය ලිඛිත සිංහලට පෙරලූ කල එන්නේ ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද යන ආකාරයේ තේරුමක්. ඒ කාලෙ අපේ හිතවත්කමේ සංකේතය තමා ශාරීරික අංගවලින් සාදාගත් නාමපද හා ශාරීරික ක්‍රියාකාරකම්වලින් සාදාගත් ක්‍රියාපද සහිත වාක්‍යවලිං එකිනෙකා අමතාගැනීම.


ඒකට උත්තර ලෙස මං කොළඹ පැත්තෙ රස්සාවක ඉන්න බව කියා ගංවතුරෙන් වෙච්චි දේ බලන්න ගෙදර ආබව කිව්වා.


“වෙච්චි ලොකුම විනාසෙ තමා බං සිකරැට්ටෙයක් නැති එක. බලහං එක්කොම දෙන්නෙ රෙදි, කෑම ජාති, වලංපිඟං ඉතරයි. කඩවලුත් වහලනෙ. හිටහං චොකලට්ටෙයක්කත් දෙන්න බොට.“


යංතං අවුරුදු හතක් විතර වයස ජෑකොඩියගෙ මල්ලිත් එතනම අපේ කටදිහා බලං හිටියා. උගෙ සාක්කුවෙ තිවිච්චි පාටපෙට්ටියක් ඉතර චොකලට් පෙට්ටිය සුරුස් ගාල ඇදල ගත්ත ජයකොඩිය තමුංගෙ මල්ලිට තර්ජනේ කලා.


“තෝ මෙතන හොරනෑව ගහන්න පටංගන්නව නෙමෙයි බොගෙ චොකලට් පෙට්ටියගත්ත කියල. හොංද. ආයි තෝව ගෙදරිං දොට්ට ගන්නෑ මං.“


ඉං පස්සෙ මගෙ අතට ඒක දුන්න


“උඹ කාහං. මටනං ඕව එපාවෙලා. දැං කන්න බැයිනං ඇරං පලෙයං. බොට සිකරැට්ටෙකක් හම්බුනොත් මට ගෙනැත් දියං. මාත් යනොව බං උඩහ පැත්තෙ.“


තව විස්තර ටිකක් කියෝ කියෝ ඉඳල ඌයි මායි දෙපැත්තට ගියා. ආයිමත් මග දිගේ හම්බෙන අය එක්කත් කතා කරල දන්න අයගෙ ගෙවල් වලටත් ගියා. මගදි හම්බෙන මගෙ යාලුවොත් යම් යම් ශාරීරික අවයව වල නම්වලින් මාව පිළි අරං තමුංගෙ ගෙවල්වලට අරං ගියා. හැම ගෙදරකිංම වගේ අවුරුදු දාට ලැබෙන සැලකිලි ලැබෙනව. වෙනද කහට දෙන තැංවලිං කේක් විස්කෝතු සමග කිරි තේ. මිනිස්සුංට එකම අඩුව සල්ලි විතරයි. අංතිමට හවස ගෙදර එනකොට එක එක ජාති පුරෝපු බඩකුත්, කතංදර පුරෝපු ඔලුවකුත් මට ඉතුරුවෙලා තිවුනා.


ඒ වග විස්තර අනුව ගංවතුරට අහුවුනු නොවුනු කවුරුත් ගමට එන ආදහර ලොරි වලට වගකියල තියෙනව. මහ රෑට පාර අයිනෙ තියෙන ගෙවල්වල අය තමුංගෙ ගෙවල්ගාව ‘ගංවතුර ආධාර බාරගන්නා කාර්යාලය‘, ‘ග්‍රාම නිලධාරි කාර්යාලය‘ ආදී වසයෙං බෝට් හිටෝගෙන රෑ තිස්සෙ එන ආධාර ලොරි පිටිං බාගෙන තිවුනා.


ගංවතුර ආධාර විදිහට රටිං හම්බෙච්චි ආදාර පෙට්ටිවල අඩිය කපල ඒවයෙ තිවිච්චි පොඩි ජෙනරේටරේ ‘ඒජියෝපිස්‘ එකේ නිලදහරිං අරං තිවුනා. එක පෙට්ටියකිං විතරක් ඒක ගන්න බැරිවෙලා හොරකම අහුවුනත් කරන්න දෙයක් නැතිලු.


අනුංගෙ වතුවල තිවුන තමුංගෙ බඩුමුට්ටු ගේන්න ගිය සමහරුංට ඒව නොදී පොලිසි යන්නත් වෙලා තිවුනලු.


අපේ ගෙදර මාස ගානකට සියලුම ආහාර ද්‍රව්‍ය ගොඩගැහිලා තිවුනා. තාත්තට හිතේ හැටියට බීල පොලවෙ ගහන්න ටෝච් බරගානක් ලැබිල තිවුනා. පෝරකවර ගානක් පුරෝල රෙදි. අම්මටත් අලුත් සාස්පාං, හැඳි වලං, කෝප්ප, ආදියත් ඉටි පිඟං ලංදකුත් හම්බුවෙලා තිවුනා. වෙනදට නිකං කඩදාසියකට බත්දාල දෙන බිංදුවටත් බත් කන්න අලුත් බේසමක් දීලා. අම්මා මං ගැන කියලා ආදහර කන්ඩායං වලිං ඉල්ලගත්තු ‘කාකටු පෙට්ටි‘, ‘පොත් බෑක්‘, ‘කුඩ‘, ‘පොත් මිටිගනං‘, ‘සුදු ඇඳුං රෙදි‘, ‘සපත්තු කුට්ටං‘ වෙනම පෙට්ටියක දාල තිවුනා.


ඔය විදිහට අපේ ගමට කිසිම අඩුවක් කාලෙකට ඇති නොවෙන්න වැඩේ සිද්ධවෙලා තිබුනා. ඒ හිංද දවස් දෙකතුනකිං මං කොළඹ එන්න ලැහැත්තිවුනා. මගෙ සේවා සගයින්ටත් ඇති තරං ඉස්කෝතු පෙට්ටි, කිරිපිටි, හොඳ ඇඳුං ආදිය දාපු ලොකු බෑක්කෙකකුත් මා එක්ක එන්න ලැහැත්තිවුනා. අතේ තිවිච්ච සල්ලි වලිං රුපියල් දෙදහක් අම්මගෙ අතට දීල මං බස්සෙකට නැග්ගා.


දුංකල, සුරුට්ටු, සිකරැට්, හුනු ආදිය ඇරෙන්න වෙනයම් මෙලෝ දෙයක් විකුනගන්න බැරි හිංද තව හත්මාසෙකට ඇරෙන්නැති කඩත්, රොම්මඩිං මායිං සලකුනු වෙච්චි ගෙවල් දොරවල් වතුපිටි ආදියත් පහුකරගෙන මං ආපහු කොළඹ ආවත් අපේ ගමටවත් මටවත් ගංවතුර අමතක වෙන්නෙ නෑ.


ආදහර විදිහට ලැබිච්ච කොළඹ පැත්තෙ නෝනල පාටිවලට අඳින පාට පාට ගවුං, සාය හැට්ට ආදිය ඇඳපු අපේ ගමේ ගෑනු කුලී වැඩට ගියා. මහත්තුරු පාටිවලට මගුල්වලට ඇඳපු කෝට් කුඹුරු නියරවල්වල හිටපු පඹයන්ට අගේට ගැලපුනා. මහත්තුරු කාර්යාලවල වැඩට අඳින අත්දිග කමිස ගමේ පිරිමින්ට මහෝපකාරි උනේ තමුංගෙ සල්ලි හංගගන්න. කමිස අතට තියල කොටවෙන්න නැමුවම සල්ලි වලට ආරස්සාවයි.


බොහෝ කාලයක් යනකං අපේ ගමේ කුඹුරුවල ගොයං කපන කාලෙට ගොයං පාගද්දි පාවිච්චියට ගත්තු ගංවතුර කාලෙ ආදහර හම්බුවෙච්චි UNHCR කියල නිල්පාට අකුරෙං ලියපු රිදී පාට කූඩාරං රෙදි හිංද අපේ ගමේ අයට ගංවතුර මතක් වෙනව.






2002 හෝ 2003 අවුරුද්දෙ ගනිපු මේ පිංතූරෙ මං ඇඳං ඉන්න මේං මේ කලු සුදු කොටු තියෙන ගංවතුර ආදහර විදිහට හම්බුවුන කමිසෙ හිංද මටත් ගංවතුර මතක් වෙනව. අදටත් මේ කමිසෙ මයෙ ගාව තියෙනව.

90 comments:

  1. Original comment eka heta...
    Loku putha

    ReplyDelete
    Replies
    1. අපිට නැතත් ලොක්කයියට හෙටත් උදෑසනක් වඩින්.

      Delete
    2. අපි හදාගෙන ආපු බත් පාර්සල් එහෙමත් උඹලගේ ගෙදර මේසේ උඩ දිග ඇරලා දාල තිබ්බ නේද... (විහිළුවට හරිය...)

      වැඩිවෙන්න හරි දෙන වෙලාවට අත දිග ඇරලා දෙන එක හැම රටේම මිනිස්සු කරන්නේ නැහැ බං...
      ඒ අතින් අපේ මිනිස්සු ඉදිරියෙන් ඉන්නවා...

      ///ඈ බොල *&^&$%@ %@$&*% %#*$ *($^උ% ^ ගිහිං හිටියෙ///

      අපිත් කැම්පස් එකේදී මේ සම්ප්‍රදාය අනුගමනය කලා, දැනටත් මගේ සමහර යාළුවො කෝල් එකක් දීල මුලින්ම අහන්නේ "ආආ... ශුක්‍රාණු වේ%$ගේ පුතෝ, තෝ අම්මට හැ%$#@ද" කියල ආදරෙන් අමතනවා...

      මචං ඔය පාර ආපු මහ ගංවතුරට හේතුව කුකුළේ ජලාශයේ දොරටු ඉබේ ඇරෙන්න බැරිවෙන විදිහට කොට හිරවෙලා පස්සේ වතුර පිරෙද්දී බැම්ම බේරගන්න මැනුවලි දොරටු අරින්න සිද්ධ වෙච්ච නිසාය කියල ඒ දවස්වල හාවක් හුවක් ගියා නේද...

      Delete
    3. ලොක්කා,

      කුකුලේ කියන්නෙ ඇත්තටම වතුර රැස්කරල තියන ජලාසයක් නෙවෙයි. අමුණක්. මහ විසාල ඇනිකට් එකක් කියල කිව්වැහැකිත්. ගඟේ එන වතුර එහෙම්මම පොඩි අමුණකින් හරස්කරල උමඟකට හරවල ආයම විදුලිය නිෂ්පාදනය කලාට පස්සෙ පල්ලෙහායින් ආයම ගඟට දානව. ඒ නිසා ඒ කතාවට පදනමක් නෑ කියලයි මට හිතෙන්නෙ.අමුණෙ දොරවල් අරින්ටම බැරිවුනොත් අමුණට උඩිං ස්පිල් වෙන්ට කටයුතු යොදල තිබ්බ.

      Delete
    4. කුකුලේ බැම්ම පොඩි උනාට සෑහෙන දිගකට වතුර රැඳිලා තියෙන නිසා ලොකු වතුර ප්‍රමාණයක් රැඳිලා තියෙනවා නේද...
      ගංවතුර අවස්ථාවක හදිස්සියේ දොරටුවක් කැඩිලා එක වර වතුර නිදහස් උනොත් හරි, රඳවාගෙන තියෙන වතුර යම් හේතුවක් නිසා එක වර මුදා හැරියොත් ඒ වගේ දෙයක් වෙන්න ඇහැකි නේද...

      අපේ පැති වලට කිසිම දාක ඒ තරම් විශාල ගංවතුරක් ඊට කලින් සහ අද වෙනතුරුත් ඇවිල්ල නැහැ...
      වෙනදා අඩියක් දෙකක් ගංවතුර තියෙන මාරගහදෙනිය හංදියේ තිබ්බ තට්ටු දෙකේ ගෙයක උඩ තට්ටුවත් යටවෙලා තිබුනා...
      අනික ඒ වතාවේ ගංවතුර සති දෙකකට ආසන්න කාලයක් අල්ලලා හිටියා කවදාවත් නැති විදිහට...

      අන්න ඒ කරුණු නිසා අපිත් කුකුල් දොරටුවේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා කියල විශ්වාස කලා...

      Delete
  2. කමක් නෑ ඉතිං... ඔය මිනිස්සුන්ට තව මාස ගානක් යනකං කඩ කෙරුවාවල්, ගොවිතැන් කෙරුවාවල් කරන්න වෙන්නෙ නෑ නෙ... ඒක නිසා ගොඩ ගහගත්තාවෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ආං හරි. නියම දැහැමි සිතිවිල්ල

      Delete
  3. මචං උබලගෙ ආත අරිසෙන් අහුබුදු වගෙ පොරක්නෙ.

    ටි බෑග් වලට "කහට මුල " කියල නියම පාරිභාෂිත වචනයක් හදල තියෙන්නෙ.

    සමහර මිනිස්සු තේ බැග් කිවුවට මෙවගෙ ලස්සන සිංහල වචනයක් මම මීට කලින් අහල නෑ

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ මිනිස්සුංට මොකක් හරි ජාතියක් කඩදහියක හරි, ගහක කොලේක නැත්තං කොලපතක හරි ඔතල තියේනං ඒක ‘මුලක්‘. පැණිමුල, හකුරු මුල, බත්මුල එයිං මුල් කිහිපයක්.

      Delete
  4. සුරංග මල්ලි, උඹේ මේ ලියවිල්ල හරි අනර්ඝයි. මම නොවරදවාම දාන හැම පෝස්ටුවම කියවනවා. ලියන ශෛලිය, වාක්කෝෂය, අත්දැකීම් විස්තර කරන පිළිවෙළ ඔක්කොම හරිම ආකර්ෂණීය යි. ජය වේවා ! දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ වචන ගොඩක් එව්වා අපේ පවුලේ අයගේ වචන. තමුංගෙ කටේ හැඩේට හදාගෙන.

      Delete
    2. මං ලියන්න හිටි එක කසුන් ලියල. මාත් ඒකම ලිව්වා කියල හිතා ගන්.

      Delete
  5. ඒ කියන්නේ අපේ එවුන් එළිවෙනකල් දුම් ගහගෙන උයල අරන්ගිය බත් මුල් ටිකටත් වෙන්න ඇත්තේ ඔය සන්තෑසියම තමයි වෙන්ටෑ .... මමත් සුපියල් දාහක් දුන්න බත් පාර්සල් හදන්න බඩු ගන්න.. ඊට අමතරව කුරුඳු දර ටියකුත් දුන්න උයමනට ගන්න ... මට යන්න උනේ නෑ එදා මගේ ආචාම්මගේ අවුරුද්දේ දානේ .. සුරංගයෝ උඹේ බ්ලොග් එකට ක්මෙන්ටෙකක් ලියද්දි උඹේ භාසාවෙන් වචනයක්දෙයක් දැම්මෙ නැත්තං හිතට හරි නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඇයි බොලාට සුනාමියට ලැබිච්චි ආදාර වලට වෙන්න ඇත්තෙත් ඔය සන්තැසියම තමා.

      Delete
    2. සුනාමි වෙලේ කිරි බෝතල් , කිරිපිටි, සනීපාරක්ෂක තුවා ..... මට හිතාගන්න බෑ උඹ මේවයින් මොනවද කලේ කියල.

      Delete
    3. යකෝ අපි සුනාමියටයි, ගංවතුරටයි දෙකටම ආදාර දුන්නනෙ.

      Delete
    4. සුනාමි කතාව ලියන්නම්කො අද හෙටම... අපි ඉන්න හරියට සුනාමි ආවේ නැහැ බන්... අදහර , ගෙවල් දොරවල් කෝටි ගානක් ලැබුනත් සුනාමිනම් ඕන නැහැ මචන්ලා.. සුනාමි ඇවිත් අවුරුදු දොළහක් වෙලත් තවමත් මාසෙට දෙතුන් වතාවක් මම හීනෙන් සුනාමි දැකල භයවෙලා ඇහැරෙනවා තවමත්..

      Delete
    5. අම්බලංගොඩයියේ
      බොලාත් අපේ උන්ට ආදහර දුන්නැයි? අනේ ඒව අර බඩතඩියාට හෙම දුංනනං පිං සිද්ද වෙනව.

      Delete
    6. සුනාමියට මැරිලා හිටපු සෙනඟ මතක් වෙද්දි සංසාරේ එපා වෙනව

      Delete
  6. දෙන කෙනා දෙන එකෙන් සතුටක් ලබනවානේ. ඒ මදෑ? මේක කියවලා අනාගතේ දී ස්වභාවික විපත් වලට දෙන ආධාර නවත්වනව නෙමෙයි ඕං

    ReplyDelete
  7. අපිට නම් උදේට බිත්තර බේකන් බැදලා බටර්ටොස් පාන්දිලා ඔරේන්ජ් ජුස් දුන්නා .දවල්ට චිකන් සැන්විච් දුන්නා සවසට ආනොට් බිස්කට් එක්ක ෆ්රුට් කේක් හොට් කපචිනෝ / ලාටේ එක්කක් දුන්නා. දිල්මා ටි තිබුනා කවරුත් බිව්වේ නෑ. රැට බාබකිව් සොසේජ් /පෝක් චෝප්ස් දුන්නා සැලඩ් එක්ක අතුරු පසට අයිස් චෝක් දුන්නා ඉට පස්සේ රැට නිදියන්න හුලන් ගහපු ඓයර් මෙට්ට්‍රස් කොට්ට දුන්නා තව රැට දත්මදින්න දත් බුරුසුයි ටුත් පේස්ට් දුන්නා රෙන්න මොබයිල් පෝටබල් ටොයිලට් ගෙනත් තිබුනා
    සුද්දෙක් රැ පෙරවන්න රෙදි නැ කියලා කචල් එකක් දැම්මා අනේ උන් එකත් රැ 10.00 විතර ගෙනල්ලා දුන්නා පින් කරන ඇත්තොනේ ඒකට්ටිය

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපා මේ සුද්දන්ට බැරි උනානෙ ඔය කැචපිනෝ ටිකක් එහෙම අරං අපිව බලන්න එන්ට

      Delete
    2. මේ අර බ්‍රිස්බේන් පැත්තේ ඉන්න අනාථයා වෙන්න ඕනේ... :)

      Delete
    3. අනේ මංද. මේ කෑමජාතිනං එකක්වක් මං ඇහැට දැකලවත් නෑ. ඔව්ව කටේ තියන්න බැරුව ඇති.

      Delete
  8. ලිවිල්ල නම් වෙනද වගේම පුපිරියි ඈ... මෙන්න මේක නං මාසෙකට ඇති
    //ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද//

    ReplyDelete
    Replies
    1. හැංදෑවට දෙකක් දාල "මවත් සමඟ සංසර්ගයේ යෙදෙන්න" කතා කරන අයත් ඉන්නව

      Delete
  9. නරකම නෑ ගං වතුරත් එහෙනං :)

    ReplyDelete
    Replies
    1. ආහ්... මේකට ආවේ නිදහස් සිතුවිලි වලින්

      Delete
    2. රවීගෙ පාරෙං ආ ඔබත් පිලිගන්නවා.

      Delete
  10. සුරංගම්ල්ර් මේක පත්තරේක හරි පොතක හරි ප්‍රකාශයට පත් කලොත් හුඟදෙනෙකුට අනාගත පාඩු වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. උඹත් මේකට එක එක අවයව වල නම් වලින් අමතන්න ගත්තද? :D

      Delete
    2. ආයිත් අහල පාඩු පිට පාඩු. මෙහෙම ආසනාසි කොරන්න කාටද දෙන්න පුලුවං

      Delete
  11. සිරීපාද කැලේ හිටිය සුදු ඇතා මරපු හින්දයි ඔය කේස් එක උනේ කියල තමයි කියන්නෙ. පස්සෙ ඒ කේස් එක ගැන 'ඇඟිලි සලකුනෙත්' පෙන්නුව.

    උඹලට ඔය කෑම බීම එක්ක බඩේ අමාරුවට බොන බෙහෙත් එහෙම හම්බඋනේ නැද්ද.

    ඔය වැඩි හරියක් ආදාර හම්බවෙන්නෙ ප්‍රධාන පාරවල් කිට්ටුව ඉන්න අයට විතරයි. හම්බන්තොට සුනාමි ආදාර බෙදන්න ගිහිල්ල අපි හොඳට දැකපු දෙයක් ඒක.

    ReplyDelete
    Replies
    1. පායන කාලයක් බලල සුදු ඇතෙක් හොයල හරි මරල දැම්මනම්.. ගොඩ නෙහ්? හැක හැක හැක..

      Delete
    2. ඒකට ඉතිං සමනලේටම හරි මයියංගනේට හරි යන්න වෙනව. සමන් දෙයියංගෙ වාහනේ සුදු ඇතා හින්දනෙ ඔය කේස් එක.

      Delete
    3. සමංදෙයිහාන්දුරුවංගෙ ඇත් වාහනේට එහෙව් එව්ව කොල්ලනං උංදැල ඉහගහං ඉන්නව බොරු.

      Delete
  12. //ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද//

    දවසටම ඇති :D

    ගංවතුර ආපුවහම අවුරුදු වගේ නේ?

    ReplyDelete
    Replies
    1. රතින්නයි බොන්නයි විතරයි අඩු.

      Delete
  13. ප.ලි. : අර බොලාගෙ ෆොටෝ කෑල්ලත් ලස්සනයි ඈ...

    ReplyDelete
    Replies
    1. හෙනං හෙනං බලාංකො සලමොං කාං වගේ ඉන්න අපූරුව

      Delete
  14. සුරංගයො... උඹේ බාසා සයිලිය වගේම මම වැඩියෙන්ම උඹට ආස උඹ කොළේ වහන්නේ නැතුව මෙව්ව කියල දාන එකටයි... අන්න ඒකට මගෙ ඩබොල් සැලියුට්... මේ කතා වල රහ නොමැරෙන්න ඒකත් එක හේතුවක්.. ජය..

    ReplyDelete
    Replies
    1. ආයි මොනව වහන්නද? අනුංගෙ සායම අරින එක මගේ වැඩක්. ආයි සායං ගාන එක උංගෙ වැඩක්.

      Delete
  15. මේ වාක්‍යය ලිඛිත සිංහලට පෙරලූ කල එන්නේ ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද//

    මේකත් ලියලා දාපන් බං සුද්ද සිංහලෙන්...වැටකඩුලු බාධක සිමා මායිම් තියාගන්න එපා බං ලියනකොට..

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න එපා උබ මෙතෙක් ලියාගෙන ආපු තත්වය රැක ගනිං.

      Delete
    2. ඔව්වොව්.. ශ්‍රංග උඹේ තත්තේ තියාගන්.. අපිටනම් ඉතින් ගානක් නෑ තත්තේ හුටු නේ.. හැක හැක.

      Delete
    3. ඌරො හිතනව ඇත්තෙ උන් කන කෑම හමෝම කන්න කැමති රස ගුණ පිරි සුවදවත් ආහාර කියල

      Delete
    4. මචං..ඇනෝ..
      අපි කවුරැත් මෙතන පොඩි ළමයි නෑ..මම කමියා වැඩ කරන්නේ(රස්සාව) කරන්නෙ විවිධ අධ්‍යපන සමාඡ මට්ටම් තියන මිනිස්සු එක්ක ඒ සමහර අවස්තාවල කෙනෙකුට යමක් වටහලා දෙන්න බොක්කෙන් කතා කරන එක වටිනවා..

      ඒක සුරංගයාගේ කැමැත්ත..මම නිකන් කිව්වා කමියා ඌගේ අදහස කිව්වා ඇනෝ ඔයාගේ අදහස කිව්වා..

      Delete
    5. මං මේක මෙහෙම ලිව්වෙ එතකොට මේක බලන්න එන බවලත් ඇත්තියන්ටත් කිසි හිරිකිතක් නැතුව අඩිය තියල කොමෙන්ට් අතර යන්න පුලුවං වෙන්නයි.

      Delete
  16. මේකට තමා හැබෑම ගැමි සිරියාව කියන්නේ. ගම ලස්සනයි. ගමේ උන් අහිංසකයි සුන්දරයි අව්‍යාජයි අරකදයි මේකදයි කියලා පොත්වල, කතන්දරවල පිටු අස්සෙ හිර කලාට ඔය දීල තියෙන්නෙ රෙදි ගැලවිලාම යන්න ගමේ තෝම්බුව. ඔය වගේ සට කපටි බුද්ධියක් ඇති යටිකූට්ටු කෛරාටික, ලැජ්ජා බය නැති බහුතර මිනිස්සු ගෑණු ඉන්නේ මේ වගේ හද්දා ගම්වල තමා. ලියවිල්ල නම් සුපිරිමයි. ආ. ෆොටෝ කෑල්ලටත් ලයික් අපිව නන්නත්තාර කරන්නැතිව දිගටම ලියන්ඩෝ.

    ReplyDelete
    Replies
    1. ඒකියන්න මේ ගමේ බයියන්ගේ ටෝක් එකක්ද

      Delete
    2. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි ඇයි බයවෙන්නේ මං.
      හැබැයි ගමේ ගිහිං හමාරයි.

      Delete
    3. හී.... ඔයා අමතක වෙලා හරි ගමේ ගියොත්. මේ කතාවල ඉන්න පාත්‍ර වර්ගයා ඔයාට සලකන්නෙ මෙහෙමයි. තොග්...///.දඩිං../////.ඥොහ්.. හුචෑස්ස්ස් .. උඩුකුරුඤ්ඤං

      Delete
  17. මටනම් මේ අත්දැකීමම තියෙනවා සුනාමියෙන් පස්සේ.. අපේ වයිෆ් ලගේ මහ ගෙදර වත්තේ මේ මෑතක් වෙනකම් ඔරු තිබ්බ.. මුහුදේ ඉඳල හැතැක්ම එක හමාරක් රට ඇතුලට වෙන්න.. කුඩාරම් නම් තාමත් තියෙනවද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඔය ඔරුනං සුනාමියට ගොඩ ගහපුව වෙන්ටැ නේද? කූඩාරං එහෙමත් ගලෝල අකුලල පරිස්සමට තියා තියන එක හොඳා.

      Delete
  18. උඹ දැක්කම මට මතක් වෙන්නෙ බාං මලබද්දෙ හැදිච්ච මූකලං බස්සෙක්...හෙහ්,හෙහ්, අර චූටි මැණිකෙද කවුද බොට කැමතිවුනේ එකත් එකටම උඹ මුනිං අතර බුදියං ඉන්න වෙලාවක වෙන්ට ඕන....

    කොහොමහරි කොල්ලො උඹේ මේ වැඩෙං වෙන්නෙ ආය ගෙවල්ඔල මුදුං උලු වැහෙන්ට ගන්වතුර ගැලුවත් ලූනු බිකක ආදාරයක් දෙන එකක් නෑ මෙලෝ යකෙක්.

    ඊලඟ පාර ගමේ කට්ටිය ඔන්න බලා ඉන්නවලු අදාර එනකල්. ඔන්න පාං කෑල්ලක් තරං දෙයක් ගේන්නෙ නෑලු කවුරුවත්.

    " ඈ බොලව් මොකද මෙදා පාර කිසිදෙයක් නැත්තෙ? මතකද ගිය පාර මෙච්චර ගන්වතුර ගලල නැතුවත් මොන තරං ආදාර හම්බ උනාද? "

    " ඇයි දන්නෙ නැද්ද? අර නරිප්පඩය, සුරන්ගය කියන හෝතබුව ඒකගෙ අර බොග් ද මොකද්ද කියන මල ඉලව්වෙ ලියාදාල කියනවනෙ පහුගිය පාර ආදාර නාස්ති කරපු හැටි සහසුද්දෙං. ඒක හින්ද තමයි මේ පාර කවුරුවත් ආදාර අරං එන්නෙ නැත්තෙ. "

    " මුගෙ අම්මට...ආදෙන්කො ඔය වරත්තුව ගමට. ඇහේ ඉඳල පට්ට ගහන්ට එපාය. ඇහේ ඉඳල..ඇහේ ඉඳල."

    ReplyDelete
    Replies
    1. හැක්... ඔන්න ශ්‍රංගයො නාහෙ ගාවට වතුර ගැලුව කිවුවත් ආයෙ ගම් පළාතෙ යන්න හිතන්න එපා.

      Delete
    2. ඔව් ඔව්, උඹ අල්ලල, වෘෂණ කෝෂ දෙක අධෝ මුඛය වටේ කරකවයි...

      Delete
    3. ඩ්‍රැකියාත් හොද ළමයෙක් වෙලා..
      ඔව් ඔව්, උඹට ගහයි කනෙන් ශුකානු විසිවෙන්න..

      Delete
    4. නැත්තං චීන වධ තුන දෙයි. (දන්නැති උං කියහල්ල. මං කතාව ලියඤ්ඤං)

      Delete
    5. දන්නෙ නෑතෝ..පොස්ට් එකක් විදිහට ලියපන්

      Delete
    6. //අර චූටි මැණිකෙද කවුද බොට කැමතිවුනේ එකත් එකටම උඹ මුනිං අතර බුදියං ඉන්න වෙලාවක වෙන්ට ඕන....//
      අනේ නෑ. උංදැ කැමැත්ත දෙන්න කලිං අයිඩිං කාඩ්ඩෙක හිටං බැලුව.

      Delete
    7. ඩැකී
      අනේ ඒ චීන වදතුන කියාං. මං දඤ්ඤෑ

      Delete
    8. ආයි මං අමුතුවෙං කියන්න ඕනැයි? මේං තියෙනව කියෝගල්ලා...

      ------
      ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

      මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇටයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”

      උපුටා ගැනීම - www.slanghome.wordpress.com

      Delete
    9. රවී ඕව දැම්ම කියන්න එපා. සුරංග අල්ලලා ගහක බැඳලා දිමි ගොටු දාන වෙලාවක ගිහින් බේරාගෙන එමු.

      Delete
    10. ඩ්‍රකි :) නියම ස්ටෝරි එක.

      Delete
  19. අර කතාවනං සිරා. හැබෑට කෑම බීම ඇඳුං ගේනව විතරනෙ. සිගරැට්ටෙකක්, ගල් බාගෙයක් වගේ දෙයක් දෙන්නෑනෙ. තිබ්බෙ කහට මුළක් කඩල කඩදාසියක රෝල් කරල බොන්න - අර අම්බලංගොඩය කියල තිබ්බ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල ශ්‍රංගය දැනගෙන හිටියනං අපිටවත් යන්න තිබ්බ ගලක්, ගෝලිප් එකක් අරගෙන ගංවතුර ආතල් එකක් ගන්න. හැක්..

      Delete
    2. දවසක් දෙකක් නැවතිලා හිටියත් මොකෝ කෑම බීම වලට මුංගෙ අතින් පයින් යනව කියලැයි.

      Delete
    3. ආය ගංවතුර දාපුවම ගැනියි ළමයයි අරන් මම යනවා සුරංගලාගේ ගෙදර..

      Delete
    4. යමං මෙන්ඩො වතුර බලන්ඩ.... (පරණ සිංදුවකි)

      Delete
    5. ප්‍රසා,
      බයිට් දෙන්නෙත් නෑ නේද බං ආදහර වලට...?

      Delete
    6. බයිට් එකටනං ඔය බැදපු කරෝල කෑල්ලක් හරි, සැමන් කෑල්ලක් හරි ගන්න බැරුවයැ

      Delete
    7. සති දෙක තුනක් කාල බිලා එනකොට බඩු මල්ලකුත් අරන් එනවා

      Delete
    8. බඩු? මල්ලක්? ගේන්න?
      හා පුලුවං වෙයි.
      ඒදවස්වල අපේ උං බිව්වෙ බීඩි. ආයි දුංකොල ඔතලත් බිව්ව.

      Delete
  20. //පුලුවං හරියක් කාල ඔය ඉතුරු කෑම බීම සේරම අර ලැට්ටෙක් ගාවිං පල්ලෙ ලංදට දාපං. ආදහර බෙදන අයට පේන්න තියන්න නාකයිනෙ. ආයි තුන හමාර වෙනකොට එනවනෙ හවසට කහට බොන ජාති එහෙම අරං.//
    ලියලා තියෙනවා නම් ලස්සනයි. ඒත් මිනිස්සු මහන්සියෙන් ආධාර කරන ඒවට වෙන දේවල් දැක්කාම ඇත්තටම ආධාර කරන්ට හිතෙන්නේ නෑ.

    ආධාර අංක 1 : ගංවතුර ආධාර දීම අද සිට අත් හිටවනු ලැබේ. :P

    ReplyDelete
    Replies
    1. වැරදියි වැරදියි.... වෙන ආධාර නවත්තලා සිකරට් වලින් ආධාර කරන්න ඕනේ කියන එක තමයි මම තේරුම් ගත්තේ..

      Delete
    2. අඩුගානෙ දුංකල, හුනු තරමවත්

      Delete
  21. වැස්ස සුවඳයි..
    ගං වතුර ගඳයි..
    ඉර එලිය සුවඳයි..
    නියඟය ගඳයි..

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී අයියා. කියන්න බලන්න මේ බ්ලොග් එකේ ආයු කාලය කොපමණද කියලා.මං කියෝපු බ්ලොග් වලට වුණ ආනිසංසෙම මේකටත් වෙයිද කියලා දුකයි අෆ්පා.
      1. දුකා හෙවත් දුක්ගන්නා රාළ - උඩුකුරුඤ්ඤං
      2. දුමීගේ කට කහන කතා ( කට ගෙවිලද කොහේද) -උඩුකුරුඤ්ඤං
      3. ලකිරෝස් බාඳුරා අසපුවේදී උඩුකුරුඤ්ඤං
      4. ජනුගෙ කතා - ජනු බබත් උඩුකුරුඤ්ඤං
      5. සිරාගෙ කාමරේ(ගෙඹි මස් සමග බත් කෑවට පස්සෙ) - සිරා කාමරේ ඇතුලෙම උඩුකුරුඤ්ඤං. අයියෝ අප්පා බ්ලොග් සංසාරෙක හැටි.!!

      Delete
    2. චන්දනගෙ සටහන් - බ්ලොගත් එක්කම උඩුකුරුඤ්ඤං
      ඒ.කේ.එම්. ගෙ අඩවිය - උඩුකුරුඤ්ඤං
      මඩයාගේ ලෝකය - උඩුකුරුඤ්ඤං
      බට්ටාගේ පුස්කොළපොත - උඩුකුරුඤ්ඤං
      ගැමියාගේ පත්ඉරුව - උඩුකුරුඤ්ඤං (මූනං බුකියට ඇබ්බැහි වෙලා)
      මඩිස්ස - උඩුකුරුඤ්ඤං

      තව තියෙනව....

      Delete
    3. අර සඳරුවගෙ ‘හිස් අහසත්‘ එහෙමයි. මගෙනං අදහස කාලයක් මේක ලියං යන්න. කරුමෙ කියන්නෙ මගෙ කතා ඉවර උන දාට මොකක්ද ලියන්නෙ. දේසපාලනේ එහෙම ලියන්නත් බෑනෙ.

      Delete
    4. සුජී,
      සුරංගයට එහෙම මගදි නවත්තන්න දෙන් නෑ අපි ඉන්නකං. බයවෙන්න එපා.

      සුරංග,
      ලියහං සිතියං ගැන. අර කාලෙකට කලිං පටං අරං එහෙම්ම නවත්තල තියෙන්නෙ...

      Delete
  22. අද තමයි සුරංග ගේ බ්ලොග් එක බැලුවේ... හරිම අපූරුයිනෙ... පලාතේ භාවිතා වෙන කතාකරන බාසාවෙන් ලියලා තියන හින්දයි, විස්තර වල නිර්ව්‍යාජ ගතිය හින්දයි හරිම අපූරු පාටක් එකතු වෙලා තියනවා... නෝනගේ ගම පානදුරේ නිසා සුනාමි ආධාර ගැනත් මම මේ වගේ කතා අහලා තියනවා. ඒත් ඉතින් පළමෝත (first hand - රවි අයියගෙන් ගත්තේ) අත්දැකීම් නෙමෙයිනේ.

    සුනාමියට ඒ පැත්තේ අය කියන්නේ පිං වතුර කියලා... ඒක නෙමේ උඹලගෙ අම්මත් පානදුරේ පැත්තෙද? වියරයි කියන එක අහලා තියෙන්නේ මම ඒ පැත්තේ කස්ටියගෙන් විතරයි. 'වියලා වියරයි' කියන්නේ මොකද්ද දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියතොත් අපේ ගමේ අයත් කියන්නෙ ‘ගංවතුර නෙමෙයි පිංවතුර‘ කියල. වියලා වියරයි කියන්නේ උයලා අහවරයි කියන එකනෙ.අපේ ගමනං පානදුරේ නෙමෙයි. ඒ උනාට අපේ නෑයො හිටියා එහේ. අපෙ ආච්චම්මගෙ පැත්තෙං නෑදෑ වෙන කෙනෙක්. ආං ඒ ආත තමයි අපේ ගෙදර තිවිච්චි දලං බෝතලේම ඇරං ගියේ.

      Delete
  23. සුරංග කතා ඉවර වුණාම දන්නා දේශපාලනේ ගැනත් මේ බාසාවෙන්ම නම් ලිව්වම හරි. හැබැයි එතකොට දෙපිල බෙදෙයි කොමෙන්ට්. නෑ ඒත් ඕනේ නැහැ.
    සුනාමියේදී අපි යැව්ව බඩු නිසා බැනුම් ඇහුව. ඇයි මේ පාවිච්චි කරපු ඇඳුන් එවන්නේ කියල. ගාල්ල පැත්තෙන්. අලුත් ඒවා ඇරෙන්නේ අනිකාව විසික් කලාලු. ඊට පස්සේ අපි අලුත් සපත්තු අලුත් පොත්පත් ආදිය ලංකාවෙන්ම අරන් දුන්න. බැලුම වැඩේ වුනේ මොනවාද ඕනේ කියල ඇහුවම කොම්පියුටර් ටිකක් එවන්න සුනාමි වැඩ කෝඩිනෙට් කරන්න කියල. යවපු ලැප් 10 pc 10 විතරයි ඔක්කොම සුනාමි ළඟ වත් නැති කාර්යලෙක දාල පාවිච්චි කරනවලු බිස්නස් වැඩට.

    ReplyDelete
  24. අදයි මේ පැත්තේ ආවේ උබේ ලිවිල්ල පට්ටම රසයි සහෝ..ඔක්කොම කියවල එන්නම්...

    හොරණ පැත්ත යට උන පහුගිය වතුරට අපිත් ගියා යාලුවෙක්ගේ ඩිපෙන්ඩරයක් කරකවගෙන දන්න කියන අපේ උන් ටිකකට කෑම එහෙම හදාගෙන..අන්තිමේ අපේ උනුත් දවස් 2කක් එහෙට වෙඅ ලැබෙන ඒවා කාකා හිටියා..එහෙට නම් බුලත් විටත් හම්බ උනා..තොර බිඩි වගේම දුන්කොල ඔතගෙනත් බිවුවා..අපි අරන් ගිය බෝතල් වලට බයිට් උනේ වියලි අදාර මාළු වල තිබිච්ච සැමන්..රෑ එකෙක් ජෝඉන්ට් පාරක් ගලපාගෙන ආවා තිබ්බ චොක්ලට් ගොඩ දැකලා

    ReplyDelete