Friday, November 20, 2015

ගංවතුර හෙවත් The Village Water 2




වසංතය ඇතුලු නඩේ මාසෙකට සෑහෙන්න පොල් එකතු කරද්දි තවත් නඩයක් ගංවතුරෙං වාසි ගන්නව. ඒ තමයි කාලයක් තිස්සෙ ගහක් කපල ලී ටිකක් ඉරාගන්න බලා හිටපු අය. මේකට එච්චර බයවෙන්න ඕන නෑ. ගංවතුර හිංද පොලිසියටවත් ග්‍රාමසේවකටවත් මේ තැනට කිට්ටු කරන්න බෑ. සැකයිනං කවුරුහරි ලවා ග්‍රාමසේවකට එදා දවසෙ යහමිං ටිකක් බොන්න දෙන්නයි තිමෙන්නෙ. දැං තියෙන්නෙ හැකි ඉක්මනිං ගංවතුර බහිනන කලිං ගහ කපල ඉරාගන්න එක. ඕනිනං ගහ කපල කුට්ටිකරල ගංවතුරෙ පාකරගෙන හරි ඔරුවක බැඳගෙන හරි පහසු තැනකට අරං ගිහිං ඉරාගන්නත් පුලුවනි.


මේ ගංවතුර හිංද කසිප්පු වඩි බැරල්ලෙක පිටිං ගහගෙන ගිහිං කසිප්පු නිෂ්පාදකයො වගේම පාරිභෝගිකයොත් අසරණ වෙනව. ඒ හිංද ‘ඩිංගක් නැතුව බැරි‘ අයට ටවුමටම යන්න වෙනව. තේ ගහෙං ජීවත්වෙන ගමේ බහුතරයකට දවස් ගානක් යනකං රස්සාව නැතිවෙනව. අපේ ගමේ බහුතරයක් තේ වවාපු ඉඩං තියෙන්නෙ තැනිතලාවෙ හිංද ඒව සේරම ගංවතුරට යටවෙනව. කුඹුරුවල ගොයං පෙරලිල මඩ යට යනව. තවත් කොටසක වැලි පිරෙනව. අංතිමට ඒකෙං හරිහැටි අස්වැන්නක් නැතුව යනව.


වැස්ස නැවතුනත් ගංවතුර තව දවස් දෙකතුනක් තියෙනව. ටිකෙං ටික බැහැල ගිහිං පොලව මතුවෙනව. ඒ උනත් අඟලක් විතර ඝනකමට මඩ තට්ටුවක් පොලොවෙ හැමතැනම ඉතුරුවෙනව. ඒ මඩ ගොඩේ ඇවිදිනව බොරු. තේ ගස්වල කොල කුණුවෙලා හැලෙනව. ඒ පිටටම වැස්සක් වැස්සොත් ඒ ගස්වල කොළ හේදිල යතත් බොහෝවෙලාවට රොම්මඩ වලිං වැහිච්ච හිංද තේ ගහේ කොළ ටික හැලෙනවම තමයි.


ගංවතුර කාලෙ පැදපු ඔරු සමහර වෙලාවට ගංවතුර බහින්න කලිං ආපහු තමුං හිටපු පිලිකනු වලට යාගන්න බැරුව කුඹුරු ලියදි, පාරවල් අයිංවල රැඳෙනව. ඒ වගෙ වෙලාවට කීපදෙනෙක් ඔරු කඳං කර තියාගෙන ගිහිං අදාල තැන තැංපත් කරනව.


තේ ගස්වල කොළ ලියලල ආයිත් දලු හැදෙත්දි, රොම්මඩ තට්ටුව පොලවට දූවිලි වෙද්දි, ගෙවල්වල බිත්ති, ගහකොල ආදියෙ ලකුණු වෙලා තිබුන ගංවතුර මට්ටම මැකිල යද්දි ආයිමත් පුංචම්මගෙ කඩෙං සාමාන්‍ය මිලට කාටත් බඩුගන්න පුලුවං වෙනව.


ඒ උණාට මට අමතක නොවෙන විදිහට විසාලම ගංවතුර ගැලුවේ දෙදාස් තුනේ අවුරුද්දෙ. ඒ කාලෙ මං සාමාන්‍ය පෙල ලියල සංක්‍රාන්ති සමය ගෙවමිං හිටියෙ. ඒ කියන්නෙ උසස්පෙල කරන්න ඉස්කෝලෙ යන්න වෙනකං සල්ලි හොයමිං. කොට්ටාව මාළඹේ පාරෙ විද්‍යාල හංදිය කියන තැන තිවිච්චි පොටෝ සාප්පුවක රස්සාවක් කරන ගමං.


ඒ අතරතුරේදි එකදිගට දවස් ගානක් වැස්ස නිසා අපේ ගමත් ඇතුලු සමංදෙයියන්ට අයිති සබරගමුව මුළුවසංම යටකරගෙන ගංවතුර ගලල තිවුනා. ඒ කාලෙ ගමේ නොහිටිය හිංද මං ගංවතුර ගැන දැනගත්තෙ අනික් අය කියාපු කතාවලිං. ඒ කිව්වෙ ‘ලු‘යන්නක් දාල.


ගංවතුර ගලාගෙන එනකොට අපේ ගුණසිංහ ආතත් ආච්චම්මත් දෙන්න ගෙදර බඩුමුට්ටු අටුවට දාල බලං හිටියලු. ගෙට වතුර දානකොට මේසෙ උඩට නැග්ගලු. තවත් ටිකක් එනකොට අර මහ විසාල අල්මාරිය උඩට නැග්ගලු. ඔය විදිහෙං අටුවට, වහලෙට, මුදුං උලු පේලියට, නාරං ගහට, මාරුවෙලා අංතිමට හිටියෙ අඹ ගහේ කරටිල්ලෙලු.


සමහර අයගෙ ගෙවල්වල තිවිච්ච බඩුමුට්ටු ගහගෙන ගිහිං අනුංගෙ වතුවල තිවුනලු. ඇඳං, අල්මාරි, පිරිජ් ආදිය ගස්වල කරටිල්ලෙ, උනකොට වක්කලමෙ ආදී තැංවල තිවුනලු. කුකුලෙඟග වංගු දිගෑරල අංතිමට ගම මැද්දෙං රදාගොඩේ ගෙවල් ටිකත් ගලෝගෙනම ගිහිං තිවුනලු,


වීමෝලෙ වතුර පුරෝපු තඩි බැරල් දෙකත් බට ටිකත් එක්කම ගැලවිල ගිහිං ලවල් අස්සෙ හංගල තිවිච්ච කසිප්පු බැරල් එක්ක පටලැවිල අයිතිකාරයො අංතිමට එව්වගෙ අයිතිය හොයාගෙන තියෙන්නෙ වීමෝලෙ තිවිච්ච බැරල් බට දාන්න යටිං හිල්කරල තිවිච්චි හිංදලු.


මං ගමේ නොහිටියත් ටීවියෙකේ කඩිං කඩ පුවත් වලට පාලං ඇඹරිච්ච, බෝක්කු ගැලවිච්ච, ගෙවල් පිටිං ගහගෙන ගිහිං අත්තිවාරම විතරක් ඉතුරුවෙච්ච, පාරවල් කැඩිච්ච ආදී වසයෙං ගංවතුරෙ හානි වරිංවර පෙන්නුවා. අවතැංවූ ජනයා යනුවෙං හැඳින්වූ හිස් පෝරකවර අතිං ගත් කමිසෙ උඩ බොත්තං නොදාපු පිරිමි සහ, ලමයිං කිහිල්ලෙ ගහගත් කටහැකර ගෑනු ආදීන් ටීවියෙකේ පෙනී හිටිමිං ‘අපිට හරිහමං ඉන්න හිටින්න තැනක්, අඳිංන වස්තරෙයක්, කන්න කෑමක් නෑ. ආයි පාරක් චංදෙ ඉල්ලන්න ආවොත් දේසපාලකයංට@#%%^^ ‘ කියමින් බෙරිහං දුන්නා.


ටීවීවලට නොදෙවෙනි විදිහට පත්තරත් තමුංගෙ මුල් පිටුව පුරාම ඇඹරිච්ච පාලං, කැඩිච්චි ගෙවල්, වැරහැලි ඇඳපු මිනිස්සු ආදීංගෙ පිංතූර දාල ඒ සේරටම හෙවන වැටෙන්න පිටුවෙ ඉහලිංම තඩි අකුරෙන්


මහ වැස්සක් කල හදියක්


කියල මාතෘකාව දාල තිවුන. ඒ පැත්ත පලාතක විදුලිය, ජලය, ආදී පොදු පහසුකං නොමැති බවත්, ප්‍රවාහන පහසුකං ගැන අහලවත් වැඩක් නැති බවත් පත්තරේ තිවුනා. ඒ එක්කම එක් එක් දිහාවල් වල ගෙවල් කැඩීම්, මියයාම්, අතුරුදහන් වීම්, ආදියේ ගනං මිනුං ආදිය පත්තරේ පුරා අරක්ගෙන තිවුනා. කොටිම්ම කියතොත් ඇහූ බැලූ සෑම අතකම ගංවතුර ගැනම තමයි.


මේ විදිහට රටට වෙච්චි විපත්තිය හමුවේ ‘තුංහුලස්‘ රේඩියෝ චැනල් එකෙං ගංවතුරෙන් විපතට පත් අයට ආදාර එකතු කරන්න පටං ගත්තා. ඒත් එක්කම හැම තැනකම තියෙන්නා වූ සංවිධාන, පුන්‍යායතන, සමිති, සමාගං, කොම්පැනි, පැට්ටේරි, කාර්යාල, කඩ සාප්පු, රථ සංගම් විතරක් නෙමෙයි ඒ කාලෙ වෙනකොට ලෝකෙ අංක එකේ අවි හිංසාවාදී සංවිධානය වෙච්චි පෙබහකරං (ආං එහෙමයි අපේ ආච්චම්ම කියන්නෙ) අංකල්ගෙ ඇල්ටීටී (ඒක ආත කියන විදිහ) සංවිධානෙත් ආධාර එකතු කලා. හැමතැනම ඇහුනෙ ආධාර ඉල්ලන අඳෝනාව. පාරට බැස්සොත් ආධාර ඉල්ලන අය. කඩේකට ගියොත් ආධාර එකතුකරන කැට. පාරෙ ගියොත් ආධාර එකතුකරන වාහන. මිනිස්සු තමුංගෙ ගෙවල්වල තියෙන සබ්බ සකලමනාවම ඒ ඒ තැංවලට ආධාර වසයෙං දීපු කාලයක් මට ආයි ජීවිතේට මතක නෑ.


ඔය අතරෙ අපෙ අම්මගෙං ලියමනකුත් මට හම්බුවුනා. මේං මේ විදිහට ලියල.


අද ....වැනි දා
ගෙදරදී


පුතේ
මේ ගමන ගංවතුරට ආතලගෙ ගෙදර වහලෙටත් උඩිං ගංවතුර ගැලුවා. මාමලගෙ ගේත් යටවුනා. මිනිස්සුංගෙ ගෙවල් එහෙම සේරම වියරයි. පේම නැංදලෑ ගේත් කැන්නා. අපේ තේ කෑලි සේරම වියරයි. අපිටත් ආදාර හම්බ උනා. අපි කන්නේ බත් පාර්සල්. උඹට දෙවි පිහිටයි.

මං
අම්මා
**වතී


ඕං ඔය ලියුම මොකද්දෝ හේතුවකිං හරියටම දවස් දෙකිං මගෙ අතට හම්බවුනා. මේ කියන ආකාරයට අපේ ගෙදර අයටත් අඳින්න හරි හමං වස්තරයක් නැතුව ඇති. උයං පිහං කන වලං මුට්ටි ටිකත් වතුරටම ගහගෙන යන්න ඇති. අපේ ගෙදර අය අඳින්න ඇඳුමක් නැතුව කොළ අතු ඇඳගෙන පාර අයිනට වෙලා එන එන වාහන දිහාවට අත දික්කරගෙන කන්න ඉල්ලනව ඇති. ඇස් ගෙඩි දෙකෙං දොට්ට පැනපු කඳුළු බිංදු හොස්ස අගිං බිම වැටෙද්දි මගෙ සේවා සගයො මාව අස්වැසුව.


“ගනං ගන්නෙපා බං. උඹලයි ගෙදෙර අඩුපාඩු ඇහ්නං කියහං. අපි එව්ව කෝම හරි විසඳමු. අපේ පඩිය හරි දෙන්නං. අපි කවුරුත් මිනිස්සුනෙ බං.“


හවසට බොස් ආ ගමං මං එයාට කතා කෙරුවා.


“මහත්තෙයා, මේ මට හෙට ගෙදර යන්න ඕනැ. අපේ ගෙදරෑට හරිහමං කෑමක්වත් නැතුව ඇති“


ආයිමත් ඇහෙං වැටෙන කඳුලු බිංදු හොස්ස දිගේ බිමට පැන්නා.


“ආ... ඒක ගනං ගන්න එපා. ඉන්නකො සුරංගට මෙන්න පඩිය. මේ දෙදහත් මගෙ ගානෙ. ගෙදර අයට මොනව හරි අඩුපාඩුනං මට කෝල් එකක් දෙන්න. හෙට උදේම යන්න.“


බොස්ට වැඳල පඩිය අරගත්තු මම අනික් එවුංගෙ දිරිගැන්වීම් එක්ක ඕනැ දේකට මූන දෙන්න විස්වාසෙං පහුවදා උදේම මහරගමට ඇවිල්ල ගෙදර එන්න පිටත්වුනා. හයිලෙවල් පාරෙ බස්සෙහෙක රත්නපුරේට ඇවිල්ල කලවානට යන බස්සෙකට නැගල ජනේලෙ අයිනෙං වාඩිවෙලා මං කල්පනාවට වැටුන. දැං ඉතිං මොනව කරන්නද. අපෙ පවුලෙ තුංදෙනාවම නඩත්තු කරන්න මේ පඩිය මදි. ආපහු කොළඹ ගිය ගමං පරන බදාම අනන රස්සාවටම යනව. ඒකෙං මේ වගේ තුංගුනේක විතර පඩියක් ගත්තැකි.



පාර දෙපැත්තෙ ගස්, වැල්, ගෙවල්, කඩ, පාලං ආදී සෑම දෙයකම එක මට්ටමකට රොම්මඩ පාර වැදිලා. මුලු පලාතම පිලී ගඳයි. පාර අයිනෙ තියෙන සමහර ගෙවල්වල කොටසක් නෑ. පාලං සමහර එව්ව ගලවං ගිහිල්ල. දෑළ අලුත් පාලමටත් උඩිං වතුර ගියා කියල බස්සෙකේ සමහර අය කියනව. පාර අයිනෙ තැං තැංවල සෙනග පෝර කවර ආදිය අතේ තියාගෙන පාරදිහා බලං ඉන්නව. ළමයි කිහිල්ලෙ ගහගෙන ඉරිච්චි රෙදි හැට්ට ඇඳපු ගෑනුත් ළමයි කිහිල්ලෙ ගහගෙන වාහන සද්දෙයක් ඇහිච්ච ගමං පාරට පනිනව. අපේ ගෙදර අයත් මේ වගේම අසරණ වෙලා ඇති. මගෙ ඔලුවෙ පන තියෙනකං මං ඒ කාටවත් අනුන්ට අතපාන්න දෙන්නෙ නෑ. මහා දහිරියවංතකමක් මගේ හිතේ ඇතිවුනා.



කලවාන ටවුමෙ කඩවල් බාගෙට බාගයක් වහල. හෝටල් සේරම වහල. දුරාවාරෙ ඇරපු කඩ දෙකතුනෙත් හරිහමං ගන්න දෙයක් නෑ. යංතං කඩේක තිවිච්චි ඉස්කෝතු පෙට්ටියකුයි අපේ නංගිත්, පුංචම්මගෙ ළමෙයත්, මාමගෙ ළමෙයත් යන තුංදෙනාට චොකලට් තුනකුයි අරං මොනව උනත් අඬන්නෙ නෑ කියන කාරනේ හිතට අරං මං බස්සෙකට නැග්ගෙ ගෙදර යන්න.



පුරුදු විදිහට මාමලගෙ ගෙදර ගාවිං බැහැල මං මාමලගෙ ගෙදරට ගියා.  අවුරුදු දාහතරෙදි තාත්ත මාව ගෙදරිං දොට්ට දැම්මට පස්සෙ එහෙ තමයි මගෙ නිත්‍ය නිවහන. ගෙදර කවුරුවත් පේන්න නෑ. රොම්මඩ ගඳ නාහෙ පලාගෙන යනව. දොරත් වහල. මං හිතන්නෙ අනතුරු දායකයි කියල ගෙවල්වලිං අයිං කරල ඇති. ඒත් කෝකටත් කියල මං දොර තල්ලු කරා අඟලකට වඩා දොර ඇරෙන්නෑ. මොනව හරි හිරවෙනව. අන්තිමට යංතං මගෙ සරීරෙ රිංගවගන්න තරං කපොල්ලක් හැදෙන තරමට දොර ඇරගෙන මං ගෙට ඇතුල්වුනා.


දොර ඇරෙන්න බැරි තරමට සාලෙ පුරාම ලොකු, කුඩා, ගෝනි, පෙට්ටි, සොපිං කවර, පොදි ගොඩගහල. මං හිතන්නෙ ගෙවල් කැඩිච්චි අයගෙ බඩු මුට්ටු මෙහෙ ගෙනත් දාල වෙන්න ඇති. අතරිං පතර පෙට්ටි වලිං එලියට පැනපු රෙදි, පොත් ආදියේ අහු කොං එයට සාධක සැපයුවා. මෙතන ඉඳීමෙං වැඩක් නෑ. මං එහෙම්මම මහගෙදරට ගියා.


එහෙ ගෙදර ඉස්තෝප්පු මඩුවෙ ඉටි පුටුවක් තියාගෙන ආතා ඉඳගෙන හිටියා. ඇති යංතං කවුරුහරි ඉන්නව. මං ඉස්තෝප්පුවට ගොඩඋනා.


“ආ.. උඹත් ආවද?“


“ඔව් ආතෙ. පඩිය අතට ගත්තු ගමං ආවෙ. කෝ අපේ ගෙදර අය එහෙම. මාම එහෙමත් නෑ නේද?“


“ආ. එහෙනං ඔය ආදාර ගන්න යන්නැති. සේරමත් එක්ක.“


“කොහෙටද දන්නෑ ගියෙ. මං ගිහිං එක්කං එන්නං“


“ඕන්නෑ. ටිකකිං එන්නෙ නැතෑ“


ආතගෙ කීම හමුවේ ඉස්තෝප්පුවෙං ඉඳගෙන ගංවතුර ගැන මං විස්තර ඇහුවා. ඒ අතරෙ කොපි පොතක් අරගෙන ආපු ටවුමෙ රස්තියාදු ගහන කොල්ලෙක් තමුං ‘රාවනා‘ කියන පත්තරෙං බවත් ගංවතුර ගැන විස්තර දැනගන්න ඕනැ බවත් ආතට කිව්වා.


“මොකක් කියන්නදැ. මේ වෙලා තියෙන හරිය පේන්නැතෑ“


ආත ඌව සැරකරල එලෝගත්තා.


ටික වෙලාවකිං පුංචම්මව කසාද බැඳල හිටපු පොලේ යන බාප්පා මොටෝ බයිසිකලෙං විසාල ගෝනියක් ගෙනැත් ඉස්තෝප්පුවෙං දාල


“ඔය මල්ල විගහට ගිහිං කුස්සියෙං තියහං. ඕක වෙනම තියන්න ඕන හොංද“


කියල ආපහු ඉගිලුනා. මේ මොකක්දැ කියල අහන්නවත් වෙලාවක් නෑ. මං ඒ මල්ලත් අරං කුස්සියට ගියා කුස්සියෙ හැම තැනමත් ඒවගේ මලු, පෙට්ටි, ඉටි බේසං, ඇලමේනියං වලං ආදියත් තිවුන. බාප්ප එහෙම තාමත් අවතැං වෙච්චි අයගෙ බඩු මුට්ටු ආරක්සා කරන්න ගේනවද කොහෙද. මං සෝකයෙං බරවෙච්චි මූන බිමට පාත් කරගෙන ඉස්තෝප්පුවට ආව.


“උඹ කෑවද?“


“කොහෙ කන්නද ආතෙ. මේ වෙච්චි දේවල්වල හැටියට මට කෑමක් කන්න සිහියක් පතක් තිවුන්නෑ“


“යමං එහෙනං බඩ්ඩිංගක් කන්න. මාත් තාම දවල්ට කෑවෙනෑ. බඩ පිරිල හිංද“


මුංදැගෙ මොලේ නරක් වෙලාද කොහෙද. හුලං බීලද දන්නෑ බඩ පිරුනෙ. ආත කුස්සියෙං අලුත්ම ඉටි පිඟානකුයි ආතගෙ බෙලෙක් පිඟානයි අරං ආව. ආතගෙ බෙලෙක් පිඟාන ගංවතුරට ගිහිං නෑ. ඉං පස්සෙ ආතගෙ කාමරේට මාව කැඳෙව්ව.


“ඉඳා. මේං පිඟාන. මේං මෙව්වයිං ඕනැ එකක් බලල හොඳ එකක් කාහං“



55 comments:

  1. Replies
    1. සුනාමි මොනවද මේකෙ ඉතුරු කොටහ කියෙව්වම තමුන්නැහැ උඩ යන්නත් පුලුවන්

      Delete
  2. හෙහ් හෙහ් හේ... මොනව කියන්නද හරිම ලොල් සහගතයි... මොනා වුණත් අපෙ මිනිස්සු හරි වෙනස් අන්න ඒ වෙනසට අපි ගරු කර්න ඕන.. නැද්ද සුරංගයො... හැක්...
    ඔය 2003 නේද රත්නපුරෙන් බාගයක් විතර නාය ගියෙ... චෙෆාකි ට නං මතක ඇති... අභයපුර කියල මුළු ගමක්ම යට වුනෙ.්

    ReplyDelete
    Replies
    1. නාය, ගංවතුර වගේ වියාසන ගනනාවක් එකවර කඩා වැටුණේ ආං ඒ වංගියෙ තමයි

      Delete
  3. හැක්.. හැක්... එහෙනං උඹලට දුන්න ආදාර වලට වෙච්ච දේ මේකයි. ඒකත් නරකම නෑ. ඇයි ඉතිං ආපහු දලු හැදෙනකල් කන්න බොන්නත් තියෙන්න එපැයි. ඔය හම්බෙච්ච අනික් අඩුම කුඩුම පුංචම්මගෙ කඩේ විකිණෙන්න ඇති. ඒත් ඉතිං කවුද ඒව ගන්න ඉන්නෙ. ගමේ හැමෝටම ඇතිවෙන්න හම්බ වෙන්න ඇතිනෙ.

    ඔය 2003 ගං වතුරට ඉස්සෙල්ල ආපු නියගෙට රත්නපුර පැත්තෙන් ආධාර අරගෙන හම්බන්තොට පැත්තට ගිය එකට ප්‍රති උපකාර විදියට ගංවතුරට පස්සෙ හම්බන්තොට පැත්තෙන් ආධාර අරගෙන ආපහු රත්නපුරට ආපු එක තමයි මට මතක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කඩවල් වලට වෙච්චි හරිය ඉදිරි කොටස් වලිං බලාපොරොත්තුවන්න.

      Delete
  4. අනික අපේ මාම වෙන කෙනෙක්ගෙ නිවිතිගල ගෙදර තියෙනව ඔය ගංවතුරටම අහුවෙච්ච මහන මැෂින්, බයිසිකල් වගේ ඒව තනිකරම මඩ වලිනුයි මළකඩ වලිනුයි වැහිල තාමත් එහෙමම.

    ReplyDelete
  5. Replies
    1. ලොක්කයියෙ ආං බොටත් මතක නැතෙයි ඔය පැළෑඳ පැත්තෙ වෙච්චි හරිය එහෙම

      Delete
  6. තව ටිකක් ලියන්න තියනවා නේද?
    උඔ ලියන ඉට්ටැයිල් එක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං තව ඩිංගිත්තක් තියෙයි

      Delete
  7. අම්මාපල්ල මම ආය ගංවතුර ආදාර දෙන එක වියරයි. එක සතපහක් දෙන්නෙ නෑ මිංපස්සෙ. බොලාගෙ නෑදෑ හැත්ත බුරුත්තට කාඹර ගානෙ ගොඩගහ ගංට අපි දුක් මහංසියෙං හම්බු කොරන තුට්ටු දෙක දෙන්නෙ අර අහවල් මඟුලටද? ආය වරෙල්ලකො ආදාර ඉල්ලගෙන..බූ හනස්සකිං ගහල පන්නංනෙ..බූ හනස්සකිං..බූ හනස්සකිං..දෙයියම්පල්ල...

    ReplyDelete
    Replies
    1. ඔය බූ හනස්ස ශ්‍රංගයටම දීල දාන්න රවී අයියා. මම හිතන්නෙ ඊගාව එපිසෝඩ් එක පටංගන්න කලින් මිනිහම ඕකෙන් තමන්ට ගහගනී. ගමේ එවුං ගංවතුරට අහුවෙලා කියල මේ මනුස්සය නොකා නොබී හිටියට උං ඒ දවස්වල කාල තියෙන්නෙ තුං වේලටම ෆ්‍රයිඩ් රයිස් ඔවු, ෆ්‍රයිඩ් රයිස්. හැක්..

      Delete
    2. Ravi
      අනේ මට ඔය කියන බූ හනස්සක් ගෙනත් දෙන්න. මට ඔයිං එකක් බලන්න ඕනැ.

      Praසන්ன
      ප්‍රයිඩ් රයිස් නෙමේ ‘කහබත්‘. අපේ ගමේ කියන්නෙ ඔව්වට ‘කහබත්‘

      Delete
  8. හි... හි..... 2011 මෑන් මේඩ් ගන් වතුර හන්දා අපිට $ 5120.87 ආධාර මුදලක් රජයෙන් දුන්නා
    දවස් 2-3 සැල්වේෂන් ආමි එකෙන් කන්න බොන්න දුන්නා ගේ යටවුනේ නෑ වතුරට කොටු වුනා .වැටගාවටම වතුර ආව. හැබැයි විදුලිය නැතිව දවස් 6ක් හිටියා එකයි සල්ලි ගෙව්වේ
    හැබැයි එක ලංකාවේ වේසිගෙ පුතතේක් ආවේ නෑ අපව බලන්න පස්සේ හම්බවුනාම ඇහුවා $ කොච්චරක් හම්බුඋනාද ආන්ඩුවෙන් කියාලා . මම කිව්වා $ හත් අට දාහක් කියාල උන්ට ඉරිසියාවේ පැලෙන්න .

    ReplyDelete
    Replies
    1. Is this Queensland flood? Bloody hell we collected money in Melbourne for you guys.Never do it again.

      Delete
    2. that's correct mate, you guys collect the money in Melbourne, where the hell is the money you guys handed over ?.

      If you hand over to the salvation army funds. they will just spend the money correctly. supplying food and accommodation.and clean a mess.and helping volunteers for food and beverage ext.

      Delete
    3. දිස් කේස් ඉස් ගොයිංටු බීය ඉන්ටනැසනල් කිරිමේල් කේස්. සම් ටයිම්ස් ඕස්ටේලියන් ප්‍රයිම් මිනිස්ටර් ඕල්සෝ විල් බී හියර්. දෙන් වී කැන් සේ හී ඉස්ද තීප්.

      Delete
    4. වේසිගෙ පුතාල මොකටද යකෝ ආණ්ඩුවෙන් ගංවතුරට අහුවෙච්ච අයට ඕන කරන හැමදේම දෙනකොට.... ඕක ආවේ බ්‍රිස්බේන් වලටනේ පන්සල් වලින් කෑම පාර්සල් හදලා බෙදුවා හැබැයි ලංකාවේ එවුන්ටද කියල හොය හොය දුන්නේ නෑ. අනිත් සංගම් වලිනුත් ආධාර කලා, ඒවා දුන්නේ ඒවට අධාර එකතු කරපු පිළිගත්ත ආයතන වලට. උඹලට වෙලා තියෙන්නේ රට හිටියත් අර පිනට ගේ ලඟට ඇවිල්ලා දීලා යන බත් පාර්සලේ නැති එකට හූල්ල හූල්ල ඉන්න එක...

      Delete
  9. ඔබතුමා කියන කතාව අපට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආ එව්ව මොකද ඔය හිටපු අප්පච්චිටත් අයවැය නොතේරුනකොට.

      Delete
    2. Aiyo Suranga-I can't stop laughing. Once I read a post from you and another one from Ravi, it keeps me going on for a week. So much fun (and of course some deep life philosophy). Thank you for purifying our blood.

      Delete
    3. Thank you for purifying our blood?
      මගුලයි. මයෙං එහෙම දෙයක් වෙනවද? හිටුකො හෙටානිද්දට බිල එවන්න.

      Delete
  10. අර 1998 අව්රුද්දෙ ආපු ගංවතුර ඔහෙට මතක නැතෙයි ස්‍රංගයො? ඒකත් මේ වගේ ගංවතුරක්නෙ. එතකොට මම පොඩි එකා නිසා ඒතරම් දෙයක් කියන්න මතකයක් නෑ.

    අපරාදෙ උඹේ පඩියත් අරගෙන ගමට ආවෙ. ෆොටෝ සාප්පුවෙ ඉඳගෙන ම තව කීයක්හරි හොයාගන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ආ. ඒක නේද බොලේ අර සති දෙකක් විතර අප්ඩේට් වෙවී ගලන බහින වතුරක් වෙලා තිබ්බෙ.


      ආ. එහෙම කියන්ට නාකයි. අපි ඒකෙං වැදගත් දෙයක් කරගත්තා.

      Delete
  11. හෙහ් හෙහ් නියමයි බං මේක...... සහනාදාර විකුන්නද ඉංපස්සෙ කඩේ තියාගෙන?

    ReplyDelete
    Replies
    1. ආයෙ කාට දෙන්ටද ආරියරත්න මලේ. ඔක්කොම ස්වයං පෝෂිත වෙච්චි ගමේ මොකාට දෙන්නද?

      Delete
  12. ඔය ගං වතුරවල්, සුනාමි වගේ දේවල් ඉහතින් එන්නේ වාසනාව අරගෙන බං .. අපේ පැතිවල සුනාමි අහුවෙච්ච යට ගෙවල් දෙකයි දැන්... ඒ තමා වාසනාව.. එව්වට ඊසියා කඅන්න නාකයි...

    සුරංග... ආතම්ම නැතුව පාලුයි බන් .... ඊළඟ පොස්ට් එකෙන් මේ විලේජ් වෝටර් ඉවර කරලා ආතම්ම නැවතත් වේදිකාවට නග්ගපන් මගේ දෙයියෝ..

    ReplyDelete
    Replies
    1. නාකයි නාකයි.

      ආච්චම්මව නේද? හොඳා බලමුකො උංදැව ඇදල ගන්ට.

      Delete
  13. ලියවිල්ල සුපිරි

    ReplyDelete
  14. මේක විහිලුවකට ගන්න මට බෑ බං... මිනිස්සු මූණ දෙන දුක් මදිවට සොබාදහමෙ කෙනෙහිලිකමුත්.. වෙනද වගේම ලස්සනට ලියල..

    ReplyDelete
    Replies
    1. ආයි විහිලුවට ලක්වෙන්නෙ කවුද කියල ඊළඟ කොටහිං බලන්නකො

      Delete
  15. සුපිරි ලියවිල්ල. 2003 මැයි 12 13 ගලපු ගංවතුර, දෙණියායෙ කඳු ඉරාගෙන නාය යාම්. පවුල් පිටින්ම පරලෝකප්‍රාප්ත වුණ ඒ දවස් මට ආයෙ ආයෙම මතක් වුණා. මටත් මේක සතුටින් කියවන්න බැරි හැබෑවටම අපේ ගෙදරත් අඩි 05 ක් උසට වතුරෙන යට වුණ නිසා. අපිට දවස් 2 ක් කෑම නැති වුණා. හෙලිකොප්ටර් වලින් කෑම බෙදුවත් ඒවා ගන්න යන්න හිත හදාගන්න බැරි වුණා. ආධාර ගන්න ගියේ ඇත්තටම ගෙවල් වතුරෙන් යට වුණ මිනිස්සුවත්, නාය ගිහින් අවතැන් වුණ අයවත් නෙවි. එහෙම අසරණ වුණ අයට ඇත්තටම වතුර බොන්න වත් හිතක් එන්නෙ නෑ. පුදුම අසරණ කමක් දැනෙන්නෙ ඒ වෙලාවට. අනේ එහෙම විපතක් නම් කිසිම තැනක වෙන්න එපා..!! වෙනද වගේම ලියවිල්ල ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එක ගමනක් මේ බදුල්ලෙත් නාය ගිහිං මිනිහෙක් තමුංගෙ ගේත් එක්කම ඊළඟ ග්‍රාම නිලදාරි කොට්ටඨාසෙට ගිහිං තිවුන.

      Delete
    2. අයිඩියානන්ද මතක් උනා.

      Delete
  16. යහ පාලනේ ආනුභාවයෙන් ගංවතුර නොගලම තේ කර්මාන්තෙන් ජිවත්වෙන මිනිස්සුන් අනාත වෙලා ඇඩ්ඩ්‍රස් නැතුව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලියල තියන පොස්ට් එක රසවිඳින්න තේරෙන්නේ නැත්තම් උම්බෑ නොකිය හිටහන් බූරුවෝ ....

      Delete
    2. ආ...ටොයියෙක් කිපිලනෙ....රවිය පුන්නක්කු ගාන වෙනස් නොකලෙ උබවගෙ පාක්ෂිකයෝ ගැන හිතලම තමයි. දැම්ම ඔහොම ෆෝම් වෙන්න එපා තව අවුරුදු 5ක්ම තියනවා ෆෝම් වෙන්න.

      Delete
    3. භූරුවෝ.. මේ බ්ලොග් ලියන්නේ උඹල වගේ භූරුවන්ට වරුසු හලන්න නෙවෙයි. ඒකට වෙන තැනක් හොයාගනින් ගිහින්. ටෝයියෙක් උනත් බයියෙක් උනත් මේ නිර්මාන ඇතුලේ වසුරු හලන්න එපා.. උම්බෑ කියන්නත් එපා... උඹල වගේ දෙසපාලුවන්ට ජාතක වෙච්ච එවුන් ඇරුනාම හුඟක් සාමාන්‍ය මිනිස්සු මේ නිර්මාණ රස විඳිනවා. මේවා ඇතුලට උඹලාගේ ජරාව අරන් ඇවිත් උඹලගේ අවජාතක කම පෙන්නන්න එපා. ඕනෑතරම් බ්ලොග් තියනවා දේශපාලනේ ගාන ලියන. ඒවාට ගිහින් ඕනෑතරම් වසුරු හලලා උම්බෑ කියල කකුල උස්සල හුජ්ජ කරලා වරෙන්. ඒ ගැන කිසිම අහිතක් නැහැ. එත් මේ අහිංසක නිර්මාණ ඇතුලේ රෙන්න එපා. මේ ටික ලිව්වේ ටෝයියොන්ටයි , බයියොන්ටයි දෙගොල්ලන්ටම. උඹල වගේ කාලකන්නි තමයි පන්සලේ බෝ මලුවෙත් රෙන්න දෙපාරක් නොහිතන කාලකන්නි. ජාතක අක්රපු අම්මට තාත්තට පව් නොදී හිටපං .

      Delete
    4. අර නිකම්ම බූරුවට වඩා ‘භූරුවා‘ හෙන දරුනුයි

      Delete
  17. ඔය ගංවතුර එද්දි මං උන්නෙ මහරාජ එකේ. අපේ යාළුවෙක් උන්න රත්නපුරේ. පොර ගෙ ගෙදර තට්ටු දෙකයි. ගංවතුර දවස් වල මුලු පවුලම උන්නෙ වහළ‍ෙ. උන්දැ කියනවා, ආධාර විදිහට හම්බවෙච්ච ඇඳුං ගොඩවල් බස් හෝල්ට් වල පුරවල තිබ්බලු. මොකෝ, කවුරුවත් කැමති නෑනෙ කලිං වෙන කවුරු හරි ඇඳපු ඇඳං අඳින්න. අපේ උං ආධාර විදිහට දෙන්නෙත් තමුං අඳින් නැතුව අයිං කරපුවනෙ...

    අර වටවන්දනාවත් නතර කරපු තැනිං පටං ගමුද?

    ReplyDelete
    Replies
    1. ඩැකී, අපෝ බෑ. ඒ වංදනාගමනනං ආයෙ ලියන්නම බෑ.

      Delete
  18. සුරංගගේ අනික් කතා ටිකත් මේ විදියට ලියවෙයි කියලා හිතනවා. ඔයා ඉගෙන ගත්තු හැටි. රස්සවක් හොයාගත්තු හැටි. චූටි මැණිකේ ගස් උඩ ඉන්නකොට එයා දිහා බලලා යාලු වුනු හැටි එහෙම. :P

    ආතා මොනවා කාලද ඔච්චර බඩ පිරුණේ?

    ReplyDelete
    Replies
    1. ආ. ඔය කියන හැටියට මයෙ උප්පත්තියෙ පටං කතාව ලියන්න වෙයි වගේ. මොකක් ගස්උඩ ඉන්නව බැලුව? චික්කිතරක් ලැජ්ජාවෙ බෑ.
      ආතා කාපුව ඊළඟ කොටහිං බලන්න

      Delete
  19. අර හංසිකා ගැන ඉතුරු විස්තර කිව්වෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. මේක අප්ඩේට් වෙන්නේ සතිපතා ද,මාස් පතාද, කියලා වහාම පාඨකයන්ට දැනුම් දෙන්න. නැත්නම් මතුරනවා "උඩුකුරුඤ්ඤං" වෙන්න. හි හි හි...

      Delete
    2. ඩැකී, හා හා කට කට කට

      සුජී, ආපහු කපන මංතරේ මාගාව තියෙනව

      ආයිත් ඩැකී, පහට හත්පාරක් මතුරල දෙනව පිටට

      Delete
  20. Anith kotasath ikmanata danna ayye,
    Podi kumarihami kiwa wage hamadema liyanna.

    ReplyDelete
  21. ගං වතුර සත්තුන්ට (හරක්, බල්ලො පූසො වගේම ඉත්තෑවො මීමින්නො වගේ වල් ..සොරි ..වන සත්තු ) බලපාන හැටිත් ඉතිරි කොටසෙ සුරංගම්ල්ර් ලියයිද ?

    ReplyDelete
    Replies
    1. අඩේ එව්ව කොහොමෙයි. මටත් දැනුයි කල්පනාවට ආවෙ.

      Delete
  22. මම මෙච්චර කල හිතන් හිටිය සුරංග ලියන්න අවුරුදු 20- 30 එහා අතීතයක් කියල. 2003 කියන්නේ මේ අවුරුදු 12 කලින්නේ. මෙහෙම ගමක් ඇත්තටම තිබුනද කියලවත් හිතා ගණන් බහ. හැබැයි සුනාමියේදී ඔය සීන් එකම වුණා. අපි බැනුනුත් ඇහුව පරණ ඇඳුම් යවල.

    ReplyDelete