උදෑසන කෑම වේල පහවෙනකං නිදාගෙන ඉඳල දහයත්
පහුවෙලා ඇහැරින ආතා රැයක් පුරා එකතුවෙච්චි පඩික්කම වැට අයිනට හිස්කරල ඉස්තෝප්පුවෙ
මඩුවෙ ඉටි පුටුවෙ ඉඳගෙන නව දවසේ හිරුකිරණ විඳිමින් නැවුම් විටකට පුවක් ගෙඩියක්
කපනව. දවල් වීමත් සමගම කඩේට එන සෙනග අඩුවෙනවත් එක්කම මගෙ කඩේ වැඩ අඩුවෙනව. ඒ වුනාට
ළමයි බැලිල්ල එහෙම්මමයි.
“සුලංගයියේ. මච කක්ක බලයි.“
ආං කොරහංකො වැඩේ. දැං මොකක් කරන්නද. මේකි
දැං ගල් තියෙන තැනක ඉඳගත්තොත් මං ඉඳල ඉවරයි.
“අර කොස්ගහ හරියට ගිහිං දාහං“
“මච චඤියෙං යඤ්ඤ වෑ“
“හා. යමං ඉතිං“
“මෙතෙනිං ඉඳගනිං“
පොලවෙ හොඳට වැලි තියෙන තැනක් බලල මං ළමෙයව
ඉන්දෝනව. ටික වෙලාවක් යනකොට අවට හැමතැනම කහපාට ගොඩවල් කීපයක් හැදෙනව. මං රට උදැල්ල
ගෙනත් ඒ ගොඩවල් ටික එකිං එක අරං වත්තෙ කොනකිං පල්ලෙහට විසික් කරනව.
“දාල ඉවරද?“
“ඉවලයි“
“යමං ටැප්පෙක ගාවට හෝදොවන්න“
මං ළමෙයව ටැප්පෙක ළඟ බිම ඉන්දෝල අන්ඩ
කැඩිච්චි බෙලෙක්කෝප්පෙන් වතුරදාල වං අතිං අතුල්ලල හෝදෝනව. ආතගෙ පරණ කම්බි ලේංසුවෙං
පිහදාල කලිසම අන්දනව. උදැල්ලටත් වතුර කෝප්ප දෙකක් ගහල ගෙයිං තියනව. ඔය විදිහට
එක්කුසේ උපං නගා ඇතුලුව ළමයි පොඩි උං හතරපස් දෙනෙක්ගෙම ‘පස්ස හේදීමේ‘ කටයුත්ත පවා මං කරල තියෙනව.
“ආච්චම්මෙ මං නාං එන්නං“
“කොහෙ යන්න? බෝ මානං යනව
කියලෑ කිව්වෙ?“
“නෑ. මං දොලට ගීං නාගෙන එන්නං.
එතකං පොඩ්ඩක් කඩේ දිහා බලන්න.“
“බොට ඕන දිහාක පලෙයං. වෙනදටත්
මංතමා කඩේ බලන්නෙ මැණිකෙ නැතුවහම“
මගෙ කට ගලක උලාගන්න කල්පනාකරගෙන මං දොලට
යනව. දැංම නාගත්තෙ නැතොත් මට පාඩුයි. යංතං විනාඩි පහෙං මං නාගෙන එනව. නැත්තං
ආච්චම්ම මොන නාඩගමක් නටයිද දන්නෑ.
මං නාගෙන එනකොට ආච්චම්ම උදේ-දවල් ඒකාබද්ධ
ආහාර වේල හදල. දිය හොද්දක් සමග කිරිබත් වගේ බතක් හෝ ඒ වගේ දෙයක් තමයි ඉතිං. මං
එයිං හැංදක් දෙකක් බෙදාගෙන ගුලිකරල කටවල් දෙක තුනට ගිරියෙං ඇතුලට තල්ලු කරල
බඩපනුවන්ට ප්‍රතිප්‍රහාර දෙනව. එයිං තරමක් දුරට මගෙ බඩගින්න මර්දනය වෙනව.
ඒවයෙන්ම මැටිකෝප්පෙට හැංදක් විතර බෙදං
ඇවිල්ල ආච්චම්ම ළමෙයටත් කවන්න උත්සාහ කරනව. පාරෙ යන මිනිස්සු පෙන්නමිං,
‘සිලිබිල්ලො‘ පෙන්නමිං, නොයෙක් දේවල් දෙන්න පොරොන්දු වෙමිං ගුලි කීපයක් ගිල්ලන්න
හදනව.
“ආං. තව ඩිංගෙං ලොකුඅම්ම ආවහං මං
උඹොව පොලේ අරින්නං. මේ බක්කට කාහං. ආ..ආ. ආං කට ඇරියා“
“මච බෑ“
ආච්චම්ම ආයිමත් බත්කට පිඟනෙට දාල පිඟාන වටේ
බත් ගුලිය යවමින් ඒක මනාව ගුලි කරමින් අලුතිං දහං ගැටෙයක් නිර්මානය කරනව.
“ආං අර ගහ මුදුනෙ අඹෙයක් තියෙනව.
මේක කෑවොත් ඒක කල්ල දෙනව.“
අලුතෙං පොරොංදුවක්
“කෝ. කොතෙංද තියෙඤ්ඤෙ“
“මේක්කෑවොත් පෙන්නනව“
“මට බත්තෙපා.. මට අඹ ඕනි“
“බත් නොකා අඹදෙන්නෑ“
මේං මේ අවස්ථාවෙ පොඩිඑකී එකපාරටම කකුල්දෙකෙං
මාරුවෙං මාරුවට පොලවට අනිමිං එක තැන උඩ පනිමිං අඬන්න පටං ගන්නව.
“මච අබදීපා...ආ.ආආආ....ං.
හ්ග් හ්ග්. ජීපාආආආආංග්........“
ගහපු දහං ගැටේට තමුංගෙම බෙල්ල හිරවුනා කියල
දැනගත්ත ආච්චම්ම පසුබසිනව.
“ඔහෙ අඬපුවාවෙ. ඉල්ලන ඉල්ලන සෑඈඈම
දේමත් දීල තව මොනවෑ ඔච්චර. මං දෙනව මේ බට්ටික වෙනිං ලමෙක්ට“
තමුං කිසිදු වැරැද්දක් නොකල ගානට ආච්චම්ම
පිඟානත් අරං කුස්සියට යද්දි ළමය මගෙ ඔලුව කන්න හදනව.
“මච අබදීපාආආං. සු*** උමට
ඇඑන්නැජ්ජ. මච අබගෙඩ්ඩග්ගල්ල දීවාං“
මේකි දැං මෙතන ඩෙඟා නටන බව දන්න හිංද මං
ආච්චම්මට හිතිං බැන බැන ළමෙයව වඩාගන්නව.
“මේ මැනික් ඔය ආච්චම්ම කියන
පිස්සු ගනං ගන්නෙපා. ආච්චම්මට පේන්නෑ ගහේ අඹ තියෙනවද කියල. උඹට අඹ ඕනැද?“
“හොව්. වට අව ඕලෑඈඈ“
“හා හා අඬන්නැතුව හිටිංකො. අඹ
ඕනැනං අපි අම්මට පනිවිඩෙයක් යවමු. දැං තව ඩිංගෙං හේමිචංදර මාමලෑ නැංද පොලේ යයිනෙ.
අපි එයාට කියමු බොලෑ අම්මට කියන්නෙයි කියල අඹගේන්න පණිවිඩේ. මේ ගස්සොල හැදෙන ඇඹුල
අඹ නෙමී, පොලේ තියෙනව පැණිම පැණිරහ අඹ“
මේ අමුතු යෝජනාවෙං මංඥං වෙච්චි ලමය ඇඬිල්ල
නවත්තල කල්පනා කරන්න පටං ගන්නව. ඒ අතරෙ මං ඊළඟ තුරුම්පුව ගහනව.
“දැං එහෙනං උඹ මේ පුටුවෙ ඉඳං පාර
බලං ඉඳල හේමිචංදර මාමලෑ නැංද දැක්ක ගමං මට කියහං“
“හා“
ළමයව ඉස්තෝප්පුවෙ ඉටි පුටුවෙං තියල මං කඩේට
යනව.
උදේ වරුවෙ පොලේ ගිය කට්ටියත් පංති ගිය
ලමයිනුත් දවල් දොලහ පහුවෙනවත් එක්කම ආපහු එන්න ගන්නව. සෙනග පිරිල පුපුරන්න
ලංවෙච්චි බස් පල්ලම බැහැගෙන ඇවිත් බොහොම අමාරුවෙං නවත්තනව. පාරෙං එහාපැත්තෙ නවත්තපු
බස්සෙකට යටිං බස්සෙකෙං බහින අයගෙ කකුල් ජෝඩු පේනව. සරොං වලිං වහපු කකුල් පිරිමි
අයගෙ, සාය වලිං වහපු කකුල් ගෑනුංගෙ, පහල කොටස වැහිච්ච නැති කකුල් කෙල්ලංගෙ, ඩෙනිං
හෝ කලිසං කකුල් කොල්ලංගෙ. පංති ඇරිල එන අයටත් පොලේ ගිහිං එන අයටත් පයිං යන්න ඉතුරු
හැතැක්ම හමාර යන්න වතුර ටිකක්, අයිස් පැකැට්ටෙකක් ඕනැමයි. ඒ හිංද ලොකු වතුර පෝච්චි
දෙකක් කඩේ ඉස්සරහ ලැල්ල උඩිං ගෙනැත් තියල තියෙනව.
බුලත් විට කටේ පුරොවං හිටපු ‘සංකර‘ බඩු මලු
දෙක කඩේ ඉස්සරහ තියෙන පොල්කොටේට හේත්තුවෙන්න පැත්තකිං තියල වතුර පෝච්චියෙං වතුර
ටිකක් කටට හලාගෙන කට වහගෙන ‘බබු බබු බබු‘
කියල හොඳට කලත්තල ‘පොචස්‘ කියල එලියට දානව. ආයිත් එහෙම කරල සුද්ද වෙච්චි කටිං ‘ග්ග
ග්ග ග්ග‘ කියල වතුර බොනව.
“මට පොලෙං බුංදි ටිකක්වක් ගන්න
බැරිඋනා. දැං ගෙදර ගියහං පොඩි එව්වො මයෙ ඉහටියත් හිඳියි.“
ජිනපේමෙගෙ පවුලට ළමයි සිහිවෙලා තියෙන්නෙ.
ඒගොල්ලං අඩුකුලේ හිංද එයාලට නැංදෙ මාමෙ කියන්නෑ.
“මට දෙන්නකො චොකලට් ඉස්කෝතු
පැකැට්ටෙයක්. හැබැයි ළමයි දැනගන්නව කඩෙං ගෙනාවෙ කියල නේද?“
“සට ඉඳි තීනව දෙන්නං. එව්ව
පොලෙං ගෙනාව කියන්න පුලුවන්නෙ“
මං අහනව.
“කීයද?“
“දෙසිය පනහක් පාලොහයි“
ග්‍රෑ.
250 ක්
13
යි
කියල ලියල තියෙන කොලේ වැහෙන්න හිටගෙන මම
කියනව. ඉං පස්සෙ කාටත් නොපෙනෙන්න ඒ කොලේ රටඉඳි කවරෙ අස්සට දානව.
“හෙනං එයිං දෙසිය පනහක් දෙන්න“
මං රට ඉඳි දෙසිය පනහක් කිරල එයාට දීල
රුපියල් පාලොවක් ගන්නව. ඒ සල්ලි ලාච්චුවට දාල හිස් සිකරට් පැකට් කොල කෑල්ලක් අරං
ඒකෙ 2 ඉලක්කම ලියල සාක්කුවට දාගන්නව. ඒත් එක්කම ආච්චම්මත් රෙද්දෙ අත පිහදාන ගමං
එතෙන්ට කඩාපාත් වෙනව.
“සුරංග... මට දෙකේ අයිස්
හයද්දෙන්න“
කඩේ ලැයිට් බිලට වඩා ගෙදර ලැයිට් බිල අඩු
හිංද පිජ්ජෙක තියෙන්නෙ ගෙදර සාලෙ. මං අයිස් ගේන්න ගෙට දුවනව. ඒ අතරෙ ආච්චම්ම කතා
පෙට්ටිය දිග අරිනව.
“ඈ සංකරෙයො. උඹල දැං බඩුගන්නෙ
අතුලගෙ කඩෙං නේද?“
“අනෙ නේ මෙනිකෙ. මේං තමා
ගෙන්නෙ“
“අනෙප්පලෙයං යන්න. බොගෙ කෙල්ල දැං
දවස් කීපෙයක්ම පල්ලෙහට යනව මං බලාගෙන.“
තමුංගෙ බොරුව අතේ පත්තු වෙච්චි සංකර ඒක
වහන්න බලනව
“උං ගිව්වට හාන්නේ මෙනිකෙ. මං
ඇමදේම කීනව මෙනිකෙලගෙ කෙඩෙං ගේන්න කීල. උං හාන්නේ.“
“ඒ උනාට බොලා බස්සෙකෙං බැහැල
හානිවෙලා ඇහිල්ල වතර ටික බොන්නෙ අපේ කඩේ පෝච්චියෙං නේද? මිං මනත බොලට අපේ කඩේ
පෝච්චියෙං වතර බොන්න එපා කොරෝනව. දැනගං.“
ආච්චම්මගෙ වචන පහරිං කරටිය පාත්වෙච්චි සංකර
බඩුමලු දෙකිං එකක් කරේ තියාගෙන අනික අතේ එල්ලගෙන යන්න යනව. ආච්චම්ම ටික වෙලාවක්
යනකං අනික් අය එක්ක කිය කියා වත්තෙ දෙමලු සේට්ටම බයිනව.
ඒ අතරෙ කඩේට ආපු සෙනග ආච්චම්මගෙ රතු පාට වචන පොදි අස්සෙං තමුන්ට ඕන දේවල් අඩංගු නිල් පාට වචන මගෙ දිහාට රිංගවනව.
“ඔය වත්තෙ දෙමොල්ලු සේරම එකයි.
උංට නයට දෙනකං අපේ කඩෙං ගන්න පුලුවං. ඉං පස්සෙ සල්ලි ඔලට ගන්නෙ වෙනිං කඩවල් ඔලිං.“
“පුතේ මට සල්ලයිට් බාගෙයක්
දෙන්න“
“අද මැණිකෙ හිටියනං ඕකුන්ට වතර
බොන්න හම්බෙන්නෑ. ගහල එලෝනව“
මං සල්ලැයිට් කැටෙයක් අරං කොලේ ගලෝල රාක්කෙ
ඇනේක පටලෝපු නයිලෝන් නූලෙං එල් අකුර මැදිං යන්න සබං කැටේ වටෙයක් පටලෝල අදිනව.
හරියට දෙකට කැපිච්ච කැටෙං බාගෙයක් කොලේක ඔතල දීල ඉතුරු බාගෙ සබං කොලේ ඔතල රාක්කෙං
තියනව.
“පහුගිය කාලෙ රාමුවගෙ ගෑනිත් ඔය
සෙල්ලම කලා. අපෙං නයට ඇරං නය ගෙවන්නැතුව වෙනිං කඩවල් ඔලිං බඩු ගෙනාව“
“කීයද පුතේ ගාන?“
“අටයි“
දහයෙන් ඉතුරු සල්ලි දීල මං සිකරට් කොලේ සත
පනහක් ලියනව.
“ඒ ගමන දවසක් මැණිකෙ අල්ලගෙන
කිව්ව කිවිල්ලක් ගෑනිගෙ සෙදි ගැලවෙන්න“
“යන්නං නැංදම්මෙ. සෙදිටික
හෝදල පොලෙ යන්නත් ඕනැ“
පොල් ගෙඩ්ඩෙං කොස්සැට තලද්දි පොල්ගෙඩ්ඩෙ පැත්තකට
අහුවෙන කොස්සැටයක් හොයාගන්න බැරිවෙන්න විසිවෙනව වගේ ඒ නැංද කන බේරගෙන පැනගන්නව.
සමහර වෙලාවට බඩු ගොඩක් ගන්න කෙනෙක් ඇවිල්ල
බඩු ගනිද්දි ආච්චම්ම වැඩ පරික්සක කමටත් එනව. බඩු ජාති දහයක් දොලහක් කිරල ගානත්
කිව්වට පස්සෙ ආච්චම්ම මැද්දට පයිනව.
“කීයද්ද හීංළමෙයො මූ ගාන කිව්වෙ“
“අසූ පහයි නැංදම්මෙ“
“මුට ගනං හදන්න බෑ. මූ මෙලෝ සීයෙං
වැඩක් නොකරන හිංද තමා මැනිකෙ මූව පොලේ යවන්නැත්තෙ. මොනවෑ ගත්තෙව්ව කියහංකො“
ආච්චම්මට ලියන්න කියවන්නත් බෑ. ඉතිං ආච්චම්ම
ආයිමත් බඩුගත්ත කෙනා ලව්ව තමුං ගත්ත බඩු මුට්ටු කියෝනව. එයා ලව්වම කොලේක ඒවගෙ ගනං
ලියවනව. එයා ලව්වම ගාන එකතු කරවනව. සමහර අයට ගනං වරදිනව. ඒ වෙලාවට මං මැද්දට පැනල
එව්වත් නිවැරදි කරවනව. අංතිමට මං හදාපු ගාන හරි කියල තහවුරු වෙනව. ඉං පස්සෙ
ආච්චම්ම ඒක වහනව.
“ඇති යංතං මූ ඒකවත් හරියට හදල.
නෑ. බොරු නෙමෙයි මැනිකෙ කියනව සමහර දාට මූ ගනං වරද්දල මිනිස්සුංගෙං බැනුනුත්
අහනවලු. ඔය සිසිරත් කියන්නෙ දහදොලොස් වතාවෙ එහෙම පාඩු හිටං වෙලා තියෙනව කියල.“
ඒ අතරෙදි ගෙයි පිලිකන්න පැත්තෙං ඇහෙන
ඇඬියාවකිං මාව උඩවිසිවෙනව. පුංචිගෙ ළමෙය අතක් පයක් ලෙලිගහගෙන හරි කපාගෙන හරි වෙන්න
ඕන. මං අඩියට දෙකට සද්දෙ ඇහෙන දිහාවට දුවනව.
“ළමයි බලන්නයි. වෙළදං කොරන්නයි.
සේරම කරන්න ඕනැ මං. මැනිකෙට කියන්න ඕන සෙනසුරාදට කඩේ වහදාල යන්න කියල“
ආච්චම්ම සෙද්ද ඇඳගෙන හැරෙනකොට මං ගිහිං
සිද්දිය විමර්ශනය කරල ඉවරයි. ළමෙය ලීයක් ඇදං දුවද්දි වැටිල වැලමිට හීරිල. මං විගහට
ළමෙයව වඩාගන්නව. ඇඬිල්ල ඉස්මොලේ හිරවෙලා සද්දෙ නෑ, කට විතරක් ඇරිල. ඒක හරිගිහිං
සද්දෙ එන්න කලිං මං ළමෙයගෙ තුවාල තැං බලනව. වැලමිට ඉතරයි හීරිල තියෙන්නෙ. මං එතන
විගහට පිහල හිං ලේපැල්ලමක් නැති වෙන්න සුද්ද කරනව.
“මොකෝ මැණික් බොරුවට අඬන්නෙ?“
“වලාග් වයෙ වේ වෙතල උවාල
එලා...ආ.ග්“
“බොරු නොකිය හිටිං. කිසිම එකක්
වෙලා නෑ. මේ බලහං“
මං වැලමිට නමල ළමෙයට පෙන්නනව. හීරිල තියෙන
තැන ළමයට පේන්නෑ. ළමය උඩබිම බලනව. තුවාලෙයක් නැත්තං තමුන්ට රිදෙන්නෙ කොහෙදැයි
බලනව.
“ඔය මොකොවක් වෙලා නෑ. ආං අර
ගෙටවෙලා හිටිං“
මං ළමයව බිමිං තියල ගෙට යවනව. තමුන්ට වෙච්ච
තුවාලෙයක් නැතුව අඬල වැඩක් නැති බව දන්න ලමය බිම බලාගෙන ගෙට යනව. ඒ අවස්ථාවෙ
ආච්චම්ම රේස් එකේ අංතිමට එන හාවවගේ ඇවිල්ල ලමයව වඩාගන්නව.
“මොකෑ බොට උනේ? කොහෙද වැටුනෙ? තුවාලද? ලේ එනවද?“
මේ ලද අනගි අවස්ථාවෙං පොරොජං ගන්න ළමෙය
ආයිමත් අඩනව. මං දත්කූරු කකා කඩේට වදිනව. අංතිමේදි කඩේ තියෙන විස්කෝතු පැකැට් දෙක
තුනක් කඩල එහෙම්මම විසිකරල දාල ළමය තමුංගෙ පලිය සම්පූරණ කරගන්නව. ආයෙමත් ළමය කොහෙද
නොදැන ආච්චම්ම කඩේ ඉස්තෝප්පුවෙ ඉඳං මිනිස්සුං කං පුරවනව.
හවස හය විතර වෙද්දි ආපහු යන ‘සිරිපාල ආතගෙ ලොරියෙ‘ පුංචම්ම එන බව මං දන්නව.
ඊට කලිං සාක්කුවෙ තියෙන සිකරට් කොලේ ගාන එකතු කරල එයට සමාන ගානක් ලාච්චුවෙං අරං
සාක්කුවෙ දාන්නව. මේ ගාන පනහෙං එහා ගානක් වෙනව.
සිරිපාල ආතගෙ ලොරිය කංද ඉහල ඉඳං “කොපි රට
කොපි රට කොපි රට“ කියල හෝන් එක ගහනකොට
ආච්චම්මගෙ වල්ගෙ පත්තු වෙනව. මෙලෝ සිහියක් නැතුව ළමෙය හොයනව. ඒ වෙලාවට ළමය පුටුවක
ඉඳං හිටියත්, ඇඳේ නිදං හිටියත්, ටැප්පෙක ළඟ වතුර තැලුවත්, අනිවාර්යෙන්ම ආච්චම්ම
ඒකිව ඇදල ඇරං වඩාගන්නව. ලොරිය ගේ ගාව නවත්තද්දි ළමෙය ආච්චම්මගෙ ඉනේ. තමුංගෙ අම්ම
ලොරියෙං බහින බව දකින ළමයට උදේ ඉඳං මේ වෙනතෙක් තමුංව දාල ගිහිං හිටපු වාඩුව ගන්න
හිතෙනව.
“ඇහැග් ඇහැග් ඇහැග්
ඈ..........ග්. වෑඈඈඈ...............“
පුංචම්මත් බඩුමලු දෙකක් අරං ගෙට ගොඩවෙනකොට
මල ගෙවල් පනහක් හැටක නාදයෙං අඬන ළමය අරං ආච්චම්මත් ගෙට එනව. ඉං පස්සෙ ‘ම්චප්‘ කියල
මේං මෙහෙම කියනව.
“උදේ හිටං මේක වඩාහිල්ල මගෙ
උරිස්සත් කැක්කුමයි. දොට්ට පිලටවක් යන්න හැටියහ්නෑ. කඩ කොරන්නයි ළමයි බලන්නයි. “
ඉං පස්සෙ ළමයගෙ මූන බලල කියනව.
“ඕං දැං අම්ම ඇහිල්ල ඉන්නෙ. පලෙයං
අම්මෑ අතට. ගිහිං ඉල්ල ගනිං බොට ගෙනා දෙයක්“
ළමයගෙ යටිපල්ලෙ වැලිකැටෙයක් තරම නොගෑවෙන්න
ආච්චම්ම ළමෙයව පුංචිගෙ අතටම දීල නිදහස් වෙනව.
එදා රෑට කඩේ අස්කරල අතුගාල ඉවරවෙලා තරාදි
තැටි දෙකත් අනික් පැත්ත හරවල ඉවර වෙලා පුංචම්ම කඩේ ආදායම ගනං කරනව. ඉං පස්සෙ මට
දවසෙ පඩිය විදිහට රුපියල් පනහක් හැටක් දෙනව. ඒ සල්ලි කොලේ හෝ දෙක මගෙ සාක්කුවට
රිංගල තමුංගෙ සහෝදරයගෙ තුරුලට වෙනව.
උඹ තමා දවසකටවත් බඩුව... කඩේ කෙරුවාවෙන් උඹ නියමෙට ගොඩ ගිහින් තියෙන පාටයි
ReplyDeleteනියමයි මචං. එක දිගට කියෙව්වා
මේකට කියන්න තියෙන්නෙ ව්‍යාපාර කළමනාකරණය. ඔව්. ඒක තමා. ව්‍යාපාරික ඥානය.
Deleteයකෝ උඹ කඩේටත් නොදැනෙන්න නියමෙට ගාන කපල තියෙනවනෙ.
ReplyDeleteඋඹ අර ළමයගෙ තුවාලෙ වැනිෂ් කරල බුවාගෙ කට වහන ක්‍රමේනං මාරයි.
එහෙම තමයි. ළමය අඬන්නෙ ඒ තුවාලෙ ඩිමාන්ඩ් කරල ගාන කපන්න පුලුවං හිංද. තුවාලෙ නැති උණාම ඒ වැඩේ අහවරයි.
Deleteපොලේ ගියාට වැඩිය කඩේ හිටිය එක ලාබයි වගේ.
ReplyDeleteඑහෙම තමා පඩි වැඩිවෙන්න එපායැ. කළමනාකරු නෙ
Deleteපොඩි එකෝ උඹ බැරිවෙලාවත් ප්‍රයිවට් බස් එකක කොන්දෙක් උනානම් එහෙම කීදෙනෙකුට ඉතුරු සල්ලි නොදී ඉදීද ? කොච්චරක් කියලා ඩේ කලෙක්ෂන් එකෙන් මාටියා ගහයිද ?
ReplyDeleteඑහෙනං මං ඒකත් නියමෙට කළමනාකරණය කරනව. එහෙනං
Deleteමරු කථාව. මමනං ඔය ආච්චිට දේශාභියෝගයක් ගේනව. එක දවසක් කිව්වනම් ලමය බලාගන්න විදිහයි කඩේ බලාගන්න විදිහයි නැන්දට කියනවයි කියල එයා සරෙන්ඩර් කරගන්න තිබ්බා. එහෙම නැත්තං එක දවසක් ලමයව කොච්චර ඇඬුවත් අතට නොගෙන කඩේට යන්නෙත් න්.අතුව ඉඳල නැන්ද එනකොට ලමයව ගත්තනං එයාට තේරෙනව. පුදුමයි උඹ ගැන බොරු කියල මග්ගොන ඇරියෙ නැති එක අර සරත් ෆොන්සේකගෙන් වැඩේ අරගෙන හිරේ දැම්ම වගේ.
ReplyDeleteනඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ. මං එහෙම කලානං පීචං වෙන්නෙ මං. නිකං හම්බෙන බත්පතයි, අතට හම්බෙන ගානයි බැලුවහං මට හොඳ නරකිං වැඩක් නෑ. දැං නං මට හිතෙනව ඒ දවස්වල මට අඩත්තේට්ටං වුනා කියල. හැබැයි එ්දාස්සලනං මට එහෙම දෙයක් තේරුන්නෑ.
Deleteහරි ඉතිං.. කඩේ ඉඳිල්ලට විතරයිනෙ සල්ලි දෙන්නෙ.. ළමයි බැලිල්ලට දෙන්නෙ තැනි හින්ද සාක්කුවට දාගත්ත ගාන අවුලක් නෑ... හි හි
ReplyDelete( හපෝ ඔය අනුන්ගෙ ළමයි බැලිල්ල නේද.... )
ආං හරි. කතා කරන්න. ඔයා විතරයි මයෙ පැත්තට උදව්වට කතා කොලේ.
Delete/( හපෝ ඔය අනුන්ගෙ ළමයි බැලිල්ල නේද.... )/
එහෙම කියන්න එපා. ඒකෙං මොනතරං ලාබ තිනෙවද?
කතාව මරු මචෝ...
ReplyDeleteඋඹ ආච්චිට විරුද්ධව මොනවහරි ක්‍රියා මාර්ග ගත්තේ නැද්ද...
අඩු ගානේ බුලත් විට මල්ලේ දුන්කොලේ කට කහන මොනවහරි දෙයක් උලලා තියෙනවා වගේ වැඩක්වත්...
උඹ කඩේ කරන ගමන් පොඩි ගාණක් ගත්තු එකේ මටනම් කිසි අවුලක් නැහැ...
ඕකට කියන්නේ කොමිස් ගහනවා කියල වෙන්ටැ...
ආච්චි විට කන්නෑ බොලේ. ඒකෙං වැඩේ දෙල්. අපෙ ආච්චම්මත් පස්දුංකෝල්ලෙ ගෑනියෙක්නෙ.
Deleteකොමිස් නෙමෙයි ලොක්කයියෙ ඒක ඇවිල්ල ලාභය.
අනේ.. අනේ... උබ කඩේ ඇරලදාල ගිහින් හිටිය කල්...
ReplyDeleteThe shop doing and children watching 2 is better than 1
Deleteමක්කොරන්නද පැණිකු. මොලේ කචල් උනහම මොනවක් ලියන්න අමාරුනෙ.
Deleteහරි මචෝ. ඒකත් ඉවරයි. ඔය කොමිස් අරං කරපු වැඩත් ලිව්වනං මොකෝ වෙන්නෙ. මුං කියනව වගේ ආච්චිට මොකුත් අඩත්තේට්ටමක් කරෙ නැතෙයි?
ReplyDeleteමං ඒ සල්ලි වලිං සීසන්නෙක ගන්නව, සේනයියගෙ ගනං පංතියට ගෙවනව. සමහර දවස්වලට සුපියලේ අයිස්සෙකක් කනව. පොතක් පෑණක් ගන්නව. ඒ අතරෙ අපෙ අම්මත් ඒවට විදිනව.
Deleteඅපූරු කඩ කෙරුවාව. දවසෙ පඩියට වඩා සහෝදරයො වැඩිවෙන්ටෑ.. ඉතින් ඉතින් ඊට පස්සෙ මොකෑ වුණේ???
ReplyDeleteමොනව වෙන්නද? කලක් ඔය විදිහට කරගෙන ගියා
Deleteශ්‍රංගයා මාටියා පප්පෙක්නේ යකෝ. එහෙම නැතුවත් බෑ නේද? ඉටි පුටු කිව්වේ ප්ලාස්ටික් පුටු කියන එකද? උඹ ඔව් කිව්වොත් එතකොට ඉටි බෝනික්කා කියන්නේ ප්ලාස්ටික් බෝකික්කා වෙනවා.
ReplyDeleteඉටි කියල ප්ලාස්ටික් වගේම පොලිතිං වලටත් කියනව. දැං ඔය කඩේ තියෙන යාර ගාන්ට ගන්න පොලිතිං වලට කියන්නෙ ඉටිරෙදි කියලනෙ.
Deleteසාධාරණ මාටියා ගැහිල්ලක්. ඔය ආච්චි ඇත්තටම ආච්චිද ? :)
ReplyDeleteආච්චි කියන්නෙ මෙහෙමයි. උන්දැට ලමයි නෑ කියල අපෙ අම්මව ඒගොල්ලං අරං හදාගෙන. අපෙ අම්මව ගත්තත් හරි ආච්චිට පෝලිමට ලමයි හතරයි. ඉතිං උංදැ අපිට අඩු සැලකිලි. ඒ කියන්නෙ කොහොමත් උංදැ මයෙ එකබඩවැල කඩං ආපු ආච්චම්ම නෙමෙයි. අරං හදාගත්ත ආච්චම්ම.
Delete/උංදැ මයෙ එකබඩවැල කඩං ආපු ආච්චම්ම නෙමෙයි. අරං හදාගත්ත ආච්චම්ම./
Deleteපට්ට...!!!
ඊයා ලමයිනුත් එපාවෙනවා...:D :D
ReplyDeleteහෙම කියන්නෙපා පොඩ්ඩියෙ. ඔය ළමයි කියන්නෙ අහක දාන්න පුලුවං ජාතියක් නෙමෙයි.
Deleteහැමදාමත් වගේ අදත් කියවල ඉවර උනාම හිතුන අයියෝ තව ටිකක් තිබ්බනම් කියල.. උඹ බැලුවාම ඔනර්ට සාධාරණ මාටියෙක්...
ReplyDeleteඑව්ව දීර්ඝකාලීන ව්‍යාපාරික උපක්‍රම.
Deleteඋඹ නං මාර ටැලන්ටඩ් පොරක් සුරංග. කඩේ කෙරුවාවෙං නං සාධාරණ පඩියක් ලබාගෙන තියෙනවා. ඒ ගැන කියවද්දි මට මතක් උනේ අර කේ ජයතිලකගෙ “කාලෝ අයං තෙ“ පොතේ තියෙන බණ්ඩාරගෙ කඩේ. ඒකෙ “වෙසක් කාලෙට එන උපාසකම්මලට සත පහ දහය එකතු කරල ගණං කියන්න“ කියලා බණ්ඩාරමයි කියන්නෙ.
ReplyDelete/පොල් ගෙඩ්ඩෙං කොස්සැට තලද්දි පොල්ගෙඩ්ඩෙ පැත්තකට අහුවෙන කොස්සැටයක් හොයාගන්න බැරිවෙන්න විසිවෙනව වගේ ඒ නැංද කන බේරගෙන පැනගන්නව./
මේක නම් මාර ප්‍රායෝගික උපමාවක්. හරියට අර සද්ධර්මරත්නාවලියෙ තියෙන උපමා වගේ.
/“මච අබදීපා...ආ.ආආආ.../
මිසිස් ඩූඩ් වත් මතක් කරල තියෙන්නෙ...
අම්මපා දීපවත් මතක් කරලා තියෙනවා නේන්නං.
Deleteඇබෑට ඩුඩ්ගෙ නෝනත් “දීප“ද. ඊයෙ කොහෙද හිටියෙ (දීපා වලී දවසෙ). පිලේ වෙන්නැ.
Deleteඩූඩ් බලු කූඩුවෙ. බල්ල පිලේ...
Deleteහැබෑට අර ගෑණි මිනිහෙක්ට වතුර ටිකක් බොන්නවත් දෙන්නැති මහ ...... (ඕනෙ වචනයක් දාගනිං)
ReplyDeleteවතුර නෙමෙයි ‘වතර‘. ඔය වගේ තව වචනයක් තමයි ‘කුඹර‘ .
Deleteඔය විදිහට 'පුක' කියල කියන් නැතුව ඇති නේ? :-)
Deleteහෙහ් හෙහ්..
Deleteසුරන්ගම්ල්ර් බ්ලොග් කියවන අයට දෙන ඊමේල් ඇඩ්‍රෙස් එකක් තියනවද?
ReplyDeleteතියනවනම් දෙන්න පුලුවන්ද?
ranjithsuranga312@gmail.com
Deleteමොකක්ද බන් රට උදැල්ල කියන්නේ?
ReplyDeleteරට උදැල්ල කියන්නෙ අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන 9*9 උදැල්ලට. ඒ කියන්නෙ ගොඩ ඉඩංවල වැඩට ගන්න උදැල්ල. ආයෙ තියෙනව කුඹුරු උදැල්ල, පතල් උදැල්ල (මේක අඩි පාලොහක් විතර දිග රිටක් වගේ මිටක් තියෙන එකක්. ගන්නෙ ගඟේ පතල් අදින්න), කැකුලං උදැල්ල ආදිය.
Deleteලැහැස්ති උනේනං වෙන වැඩක් පටන් ගන්නයි. ඒත් මේ ලිංකුව දිග ඇරියා ම නොකියවා බැරි උනා...
ReplyDeleteරහයි..
ඉතිරි කොටස් පස්සෙ බලන්නම්.
අප්පද බොල මේ ඔරිජිනල්ම තේනුවර මහත්තැං නේද? සංතෝසයි. ටීවියෙකේ හිටං පිංතූරෙ පෙන්නපු කෙනෙක් මයෙ බ්ලොග්ගෙක කියෝල.
Deleteහෙහේ....!!
Deleteමාත් ඉතිං බ්ලොග් කාරයා නෙව..!!
මේ මගේ බ්ලොගේ.
Deletehttp://magekathandara.blogspot.com/
හෙනං හෙනං. මාත් තමුන්නැහැගෙ බ්ලොග්ගෙක කියෝන කෙනෙක් තමා.
Deleteසුරා... සුපිරි මචෝ.... ආච්චම්ම ඔක්කොම වැඩ වලින් එක දාගද්දි කීයක් හරි යටි මඩි ගැහුවෙ නැත්තං වැඩක් තියේ යැ... නියමෙට ලියල තියනවා බං... හරිම රහයි...
ReplyDeleteමට අදටත් නම්බුවටයි එක දාගැනිල්ලටයි වඩා සල්ලි වටිනව. ටිකක් කැතයි වගේ තමා. ඒ උනාට මං සල්ලි පෙරේතයෙක්.
Delete‘සිලිබිල්ලො‘ කියන්නෙ මොක්කුද ?
ReplyDeleteසිලිබිල්ලො කියන්නෙ කුරුල්ලො ජාතියක්. ඔයිට හපං අපෙ මාම ළමයි බලාගද්දි කියන එව්ව.
Delete“ආං බලන්න පුතේ අර සීනපුම්බ“
“ආං පුතේ චූචිකුචියා“
මෙව්වො දැකල තියා අහලවත් තියෙද?
අපේ පැත්තෙ සීයෙක්, මුණුපුරාට පෙන්නලා ඔය වගේ "ආං පුතේ ගෝරචප්පා" කියලා. එදා ඉඳං මුණුබුරා පොරට කියන්නෙ ගෝරචප්පා...
Deleteසිලිබිල්ලො කියන්නෙ මයිනෙකුට වඩා පොඩ්ඩක් විතර ලොකු අලුපාට කුරුල්ලො ජාතියකට. උං රංචු පිටින් ඇවිල්ල ඔය මිදුල්වල පොඩි සත්තු අහුලගෙන කනව. හැම වෙලාවෙම සිලි බිලි ගගා සද්ද කරන හින්දද කොහෙද උංට ඔය නම කියන්නෙ.
Deleteඅපි දෙමලිච්ච කියන කුරුල්ල වෙන්නැති?
Deleteසංකර බඩු මලු දෙක කියුවම මම එහෙ මෙහෙ උනා.. බැලින්නම් සංකරයාගේ බඩු මලු දෙක නේ.. කොස් ඇට උපමාව තමයි දවසේ කියමන.. එළ!
ReplyDeleteඕං බලන්න කැත සිත ‘සිරිකැත‘
Deleteසුරංග , පුලුවනිනම් පොස්ට් එකක දෙවැනි කොටස දානකොට පලවෙනි කොටසේ ලින්ක් එක උඩින්ම දාන්න. නැත්තම් අලුතෙන් බ්ලොග් එකට එන උදවිය ටිකක් අපහසුතාවයට පත් වෙනවා මැදින් කියවන්න ගත්තාම.. මේ පොස්ට් එකෙත් පලවෙනි කොටසේ ලින්ක් එක දැම්මනම් හොඳයි . උඹේ ලිවිල්ලනම් එල බන්. මමත් බදුල්ලේ වැඩ කරලා තියෙනවා බන් 98-2000 කාලේ . ඉස්සර මම බදුල්ලේ වැඩ කරන සතිය නවතින්නේ ඉස්ටේෂමට මෙහායින් තියන පාලම ගාව තියන ඉමාලි ගෙස්ට් එකේ.. බදුල්ල දිස්ත්‍රික්කේ පුරාම ඇවිදලා තියනවා මමත්..
ReplyDeleteදැන්නං එතන තියෙන්නෙ රූබන්ස් ගෙස්ට් කියල එකක්. දුන්න අවවාදෙ ඉස් මුදුනෙං පිලිගත්තා.
DeleteAmmata udu. Uba patta talent buwek ee.. Uba horakamath saadaranen kala ela buwek. Ube sadda puujaawanam maru.. Ee kiwwe side effects ehema. Parakku karan nethuwa part III ekath liyahan. Jayawewa sranga. Choz choz chozzz baraaaaazzZZZzzz...
ReplyDeleteටික්කා මේක කොටස් දෙකෙං ඉවරයි රජෝ.
Deleteසුරා
ReplyDeleteඋඹේ ලියවිල්ල කියවන්න පහුගිය දින කිහිපයේම වෙලාවක් නැති වුනා.පරන මග හැරැන ඒවත් කියවලාම එන්නම්
මගෑරගන්නෙපා. මේ කාලෙ කොමෙන්ට් මසුරං වටී,
DeleteUba meka part II eken iwara karala ditta damma wedaniya karmayak karaganta hadanne honde.. Aye patanganin pilgrims part IV hari V... Mata thama mathakai ban spring valley patanganna hariye thibba guest house eka.. Nama meter ne. Mokakda summer wage namak. Thawamath ara colombo badulla duwana inter-city bus eka thiyenawai.. TV thiyena.. Maharagama peththen yanne.. Honde..!! Hema fridai night badulle gihin kella ekka love karala ara town eke thiyena loku pansala (nama meter ne ban den) wendala pirith nuul bendan kolla monday bankuwe rassawata awe ratak rajjayak allala wage. Good old memories..!!
ReplyDeleteහයියෝ මේක මට මගෑරිලානේ..... කමක් නෑ. සුපුරුදු ලෙසටම පට්ටයි ඈ...... එක දිගට කියවං ගියා.............
ReplyDeleteප්‍රා ජේ තුමාගේ මග පෙන්වීමෙන් තමා මෙතෙන්ට කඩන් වැටුනෙ...
ReplyDeleteඔය ශබ්ධ තියන ඩික්ශනරියක් එහෙම තියනවද හැබෑටම ? :D
රහයි ආ... උපරිම රහයි....
තාමත් සිගරට් කොල පාවිච්චි කරනවද ?
උඹ නම් හැබෑම දක්‍ෂයෙක් මල්ලි.
ReplyDeleteniyamai.
ReplyDelete