Sunday, December 6, 2015

කචල් පැන්ටා

අපේ ගමේ හුඟක් අය දවල් දවසෙ මහංසිවෙලා වැඩකරන අය. හුඟක් අය කලේ දලු කැඩිල්ල, කිරිකැපිල්ල හා තමුංගෙ පවුලෙ ප්‍රමාණෙට සෑහෙන කුඹුරු ගොවිතැන. ඉඳල හිටල පතලක් කපන්න, ගස් කපන්න වගේ වැඩවලත් යෙදුනා. ඒ කොයිව කලත් එක හා සමානව මහංසි වෙන්න ඕනැ.


ඒ හිංදමද කොහෙද අපේ ගම්වාසීන්ට කිතුල් මලක්, සා ඩිංගක් නිකං අමුර්තෙ වගේ. නමුත් ගම පුරා ඉන්න ඇඟේ අමාරු කාරයින්ට හරියන තරං ‘සා‘ හැදීම අමාරු හිංදත්, එව්වයෙ තියෙන සුකොමළ ‘ලා‘ ගතිය හැඩිදැඩි අයට මදිවීම නිසාත් විකල්පයක අවශ්‍යතාව තදිංම කාට කාටත් දැනී තිබුනා.


ඕං ඔය අවශ්‍යතාව සංතෘප්ත කරන්න අපේ ගමට අවුසදයක් කඩාපාත්තුනා. පොදුවේ ‘කචල් පැන්ටා‘, ‘නැටුං තෙල්‘ ආදී නංවලිනුත්, කාන්තාවන් විසින් හු@# යන Simple water හැඳින්වෙන වචනයෙනුත් හැඳින්වූ මේ ජාතියට පොලිසියත් පත්තරකාරයොත් කිව්වෙ ‘කසිප්පු‘.


මේක නිෂ්පාදනය මුලින්ම පටංගෙන තියෙන්නෙ අපේ ගමට පිටිං ආපු ‘කරුණාවතී‘ කියන ගෑනුකෙනා. ගමේ කරුණාවතීලා කීපදෙනෙක් හිටිය හිංදද කොහෙද මේ කියන කරුනාවතී වහාම මෙම නිෂ්පාදනය ආරම්භ කරලා ‘කසිප්පු කරුනාවතී‘ යන විරුදාවලිය ලබාගෙන ඒ පටලැවිල්ල මගහැර දුන්නා. එයිං පස්සෙ අපේ ගෙවල් ලඟ ‘කරුනෙ මාමා‘ත් මේ ක්‍රියාවලියම පටංගත්තා. නමුත් පසුකාලීනව ‘සූරියසේන‘ මේ වැඩේ පටං ගැනීමත් එක්ක අනික් අයට තිවුන අවස්තාව අහිමිවුනා. මිනීමරල හිරෙත් ගිහිං හිරෙනුත් පැනල ඇවිත් හිටිය සූරියසේන එක්ක හැප්පෙන්න කවුරුත් බයවුනා.


නමුත් පස්සෙකාලෙක කලුවන් අතරින් එකෙක් වන ‘කඩේ කලුවා‘ මේ නිෂ්පාදනයට අතගහපු නැකත හොඳ හිංදද කොහෙද මිනිහගෙ වෙළඳාම නැගල ගියා. දවස ගානෙ විකුණන තැන මාරු කිරීම, හංගන තැන කවුරුවත් නොදැනගෙන හිදීම ආදී පූර්වාරක්ෂක ක්‍රම නිසා මිනිහට එතරං නඩු වැටුනෙත් නෑ.


කසිප්පු හදන එක කාර්මික නිෂ්පාදනයක් විදිහට කරන්න කලිං ගෘහස්තව කරපු බවට ඇස්පනාපිට සාදක හම්බවුනේ එක ගමනක් අපෙ තාත්තගෙ මහගෙදර වහලෙ අලුතෙං ගහද්දියි. අටුවෙ තිවිල බිමට දාන ලට්ට ලොට්ට අස්සෙ තිවුන ලීයෙං හදාපු හැංදක් වගේ උපකරණයක් දැකල මං ඒක ගැන විස්තර අහද්දි ඒක ‘කසිප්පු පෙරන හැංදක් බව සුනිල් මාමා මට කිව්වා. ඒකෙං ඔය වැඩේ කරන විදිහ දන්නෙ නැතත් ඒකෙං කසිප්පු හදන්නට ඇතිබවනං සහසුද්දෙංමෙ කියන්න පුලුවං.

කසිප්පු හදන්න මූලිකවම ඕනැවෙන ජාතියක් තමයි සීනි. සීනි මිටි බාගෙක විතර වඩියක් එකපාර දාගන්න ඕනැ. සූරියසේනගෙ තැපැල් නයිංටියෙ සීනි මිටිය අරං එන හැටි මං අනංතවත් දැකල තියෙනව. සමහර වෙලාවට සීනි ගනං වැඩිනං සක්කර උණත් මේ වෙනුවට ගන්න පුලුවං. ඉස්සර දෙමල මිනිස්සු කහට බොන්න ගිනියන්නෙත් සක්කර.


ඊළඟට ඕනවෙන්නෙ ඊස්. අපේ පුංචම්මලගෙ කඩෙත් saf-levure කියල ඉංගිරිසියෙං ලියපු නිල්පාටයි සුදුපාටයි ඊස් ටිං එකක් තිවුනා. ඒකෙ පිංතූරෙට ඉන්නෙ දිග පත්තක් හරහට අල්ලං ඉන්න මිනිහෙක්. ඒ මිනිහගෙ ඔලුවෙ මහත හත්තකුත් තියෙනව. දෙමල මිනිස්සු ආප්ප පුච්චන්න ‘සොටි‘ පුච්චන්න ආදී වැඩවලට ඒව ගිනියනව. ඒත් කසිප්පු පෙරන්න කියලනං කවුරුවත් එව්ව ගිනියන්නෑ,


තඩි බැරල්ලෙහෙකට ඔය සීනි මිටි බාගෙත් ඊස් දාන තරමකුත් දාල කැලේක හංගල තියනව. බොහෝ වෙලාවට දියපාරක් ගාවමයි. කඳු මුදුන් වලින් ගලාබහින පොඩි පොඩි දොලපාරවල් අද්දර පඳුරුවල තමයි මේ වැඩේ බොහෝවිට වෙන්නෙ. මං දන්න තරමට සතියක් හමාරක් ඔය විදිහට හංගල තියන්න ඕන. ඒ කාලෙ ඇතුලත ඒකට පනින කටුස්සො, නයි, පොලොං, ආදී රසකාරකත් ඒකෙම කොටසක්.  සමහරු මේකට කටුකම්බි, මූඩිය හිල්කරපු ගැමැස්සෝං බෝතල් ආදිය දානව කියලත් මට ඇහිල තියෙනව.  ඒ උනාට එව්ව හරියටම කියන්න මං දන්නෑ. මේං මේ පැහෙන අවදියෙ තියෙන බැරල්ලෙකක් කුකුලෙ ගඟට ගලාබහින ‘ඉංදොල‘ ඉස්මත්තෙ තිවිල රුවනයි, සුදුවයි, මායි ඇතුලු සෙට්ටෙකක් විසිං දොලකට පෙරලුවෙ කසිප්පු ගැන තියෙන විරුද්කාරකමකට නෙවෙයි. හිතේ තියෙන කොලුකමටයි.


ඔය විදිහට පැහෙන වඩිය පැහිල ඉවර උනාගෙං පස්සෙ දිය පාරක ඉවුරෙ තියෙන ලිපක් උඩ තියල පියන වහල රත් කරනව. හැබැයි මේ වඩිය වතුර නටනව වගේ නටන්න දෙන්නෙ නෑ. එයිට අඩුවෙං රස්නෙ තියාගන්න ඕන. බැරල්ලෙකේ පියනෙ සිදුරකිං එලියට එන රබර් බටේ දොලපාර දිගේ ගිහිං අනික් කොන ගැලුමක් ඇතුලට දාගන්නව. දැං තියෙන්නෙ අවශ්‍ය විදිහට දර දාල වඩිය නියමිත ප්‍රමානෙට රත්කරන්න. මේං මේ වැඩේට කියන්නෙ කසිප්පු පෙරනවා කියලයි. ඈත කංදකිං නගින හීං දුමකිං පෙන්වා දෙන්නෙ ආං එතැන කසිප්පු පෙරිල්ල ජයටම කෙරෙන බවයි. ඕනෑම දෙයකදි දෙයියං බුදුං අදහන අපේ මිනිස්සු මේ කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ දෙයියන්ට කියල අහක දානව. එයිං පස්සෙ එනටික තමයි පාවිච්චියට ගන්නෙ. ඔය විදිහට සීනි මිටි බාගෙං බෝතල් විස්සක් තරම හදාගන්න පුලුවං බව තමයි මං අහල තියෙන්නෙ.


මේ විදිහට පෙරාපු කොටසට කියන්නෙ ‘ඉස්පීට්ටෙක‘. මේ ඉස්පීට්ටෙකේ ඇඟිල්ල ඔබල අරං ගින්දරකට අල්ලපු ගමං ඇඟිල්ලට ගිංදර පනිනව නං ඒක හොඳ ඉස්පීට්ටෙක. මේ පරීක්ෂණේ කරල තප්පරෙං ඇඟිල්ල නිවාගන්න ඕනැ. නැත්තං ඇඟිල්ල පිච්චෙනව. බෙහෙත්තෙල් රාජ මාම මේ වැඩ් කරනව මං දැකල තියෙනව. ඔය ඉස්පීට්ටෙක දාල දුවපු මේට්ටෙකක් ඒ දවස්සල අපේ ගෙවල්ගාව කරුනෙ මාමට තිවුනා.  විකුණන්න කලිං මේ ඉස්පිට්ටෙකට වතුර කවලං කරන්න ඕනැ. ඒ අනුව බෝතල් ගාන වැඩිකරගන්න පුලුවං. හැබැයි ඕනෑවට වැඩියෙං වතුර දාල ‘බාල‘ කරපු එව්ව විකුණන්නත් බෑ. දැංනං මේ ඉස්පීට්ටෙක තැබෑරුංවලට දෙන්න පුලුවනි.


පාරිභෝගිකයන් විසින් එදා දවසෙ වෙලඳාම කෙරෙන තැන හොයාගන්නෙත් අපූරු විදිහකට. එදා දවසෙ විකුණන තැන දන්න එකා කලිංම කඩේ ගාවට ඇවිත් ඉන්නව. අනික් අයත් එකා දෙන්න එතන්ට එක්කහු වෙලා එක එකාගෙං අහනව.


“අද කොහෙද්දන්නෑ නේද?“


“ආ.. මේ ගල්ලවිටේ කෝපිකෑල්ලෙ කියල කිව්වෙ“


ඉතිං පාරි‍භෝගික රැල සරොං දෙකට නමල ඇඳගෙන නියරවල් දිගේ පෝලිමට පිලිවෙලට වැඩි සද්දයක් නැතුව අදාල තැනට එකතු වෙනව.


මේක විකුණන ක්‍රම දෙකකුත් තියෙනව. එකක් තමයි බූලියෙං කෙලින්ම වීදුරුවට වක්කරල දීල වීදුරු ගානට අයකරන එක. තමුංට ඕන්නං කඩල මුලක් එහෙම ගිනිහං කටසැර යන්න කන්නත් පුලුවං. අනික් ක්‍රමේ තමයි ඔඩොක්කුවෙ දාගෙන යන්න පුලුවං ප්‍රමානෙට ගොසරි කවරවල දාල take away ක්‍රමේට විකුණන එක. මේ විදිහට පැකැට්වල දාල ගිනියන එක පඳුරක් මුල, පිලිකන්නක, පැලක හෝ තමුං කැමති තැනක තියාගෙන රසවිඳින්න පුලුවං. ඒ කියන්නෙ කැමතිනං කවරෙ මුල්ලක් කඩල කටට හලාගන්න. එහෙමත් නැත්තං පරකොලේකිං හෝ කැංද කොලේකිං ගොට්ටක් හදල ඒකට දාගෙන බොන්න ආදී වසයෙනුයි.


ඔය කොයිහැටි බිව්වත් වෙලදං කරපු තැනිං විනාඩියට දෙකට බූලියත් ඇරං මාරුවෙන එක වෙලෙංදගෙ ආරක්ෂක උපායන්ගෙන් එකක්. නැත්තං පොලිසියට අතවැනීමක් තමයි ඒක.


කලිං පිලිවෙලට, සද්ද නැතුව නියර දිගේ සීරුවට ගිය අය ආපහු එන්නෙ ඒ ගිය ගමනටත් හරියන්න සද්ද කරගෙන. සමහරු පුලුවං හැටියට කුඹුරත් හාගෙනම එනව කලගුණ සැලකීමක් වසයෙං. මේ ගමන ගිහිං එන අපේ තාත්තත් ගෙට ගොඩවෙන්නෙ මට මෙලොවට එන්න මගසැලැස්සූ ආම්පන්න ආදියෙ අහුකොන් ආදියත් ප්‍රදර්ශනය කරමින් සරමේ පහල කොන උරෙස්ස මට්ටමට උස්සගෙන.


වත්ත පාරෙං ගෙදර යන ජෝතිපාල මාමත්


@# $%^^^ *() !@#^ %&**^


ආදී වසයෙං ගමටම ඇහෙන්න ආරාධනා කරමින් සරමෙ පහල කොන අත්වැලට අල්ලගෙන පාර දෙපැත්තෙ කානු ආදියත් පරීක්ෂාකරගෙනම ගෙදර යනවා. ඉහත රතුපාටින් දැක්වෙන කොටසේ සිංහල තේරුම අර්ධයෝ, පුරුෂ ලිංගයෝ, මවත් සමග සංසර්ගයට පැමිණෙන්න යන්නයි.


මේ ආදී නොයෙක් ආකාර වලින් නිවෙස් බලායන පිරිමින්ගේ ඊළඟ කටයුත්ත වන්නේ සිය බිරින්දෑවංගේ දරාගැනීමේ හැකියාව සිය කාය ශක්තියෙන් මැනීම, සිය දරුවන්ගේ හඬනැගීමේ පරාසය දියුණු කිරීම, හැලිවලං ආදීකොට ඇති සියලු ගෘහභාණ්ඩවල ශක්තිය මැනබැලීම ආදියයි. මෙයට නිරන්තරයෙන් ලක්වීමෙන් පලපුරුද්ද ලද අපේ අම්මාද ප්‍රමුඛ අනෙකුත් කාන්තාවන් වහාම සිය පැටි පැටවුන්ද රැගෙන නිවසින් පලාගොස් අනුංගේ අගුපිල්, ලඳුකැලෑ ආදියේ සෙවනේ රාත්‍රිය ගත කිරීම සිදුකල හැටි මට අදටත් මතකයි.


අපේ තාත්තත් මහ රෑ වෙනකන් කෑ ගහල අපිව බයකරල නිදාගන්නෙ රෑ දහයත් පහුවෙලා. සමහර දවස්වලට ගෙදර ඇදෙන ගුටිකෙලි කෙලවර වෙන්නෙ පාංදර දෙකට තුනට. අනුංගෙ අගුපිල්වල, ගස්යට, බස් හෝල්ට්වල රැය ගතකරපු දවස්  කීයද කියන්න මංවත් දන්නෙ නෑ. මං සිස්සත්වෙ ලියන දවසට කලින් රෑ ගතකලේ ග්‍රාමසේවක කාර්යාලෙ පිලිකන්නෙ මඩුවක.


මේ ආකාරයට ජනෙල් කැඩුනු ගෙවල්, කෑලි අඩු රේඩියෝ, තැලිච්ච ටෝච්, දත් කීපයක් අඩු කාන්තාවන් පමණක් නොව සර්වාංගෙම පිච්චුන ලමයිනුත් කසිප්පු නිසා අපේ ගමට දායාද වුනා. සමථ මණ්ඩලේටත් පොලීසියටත් නඩු අහන්න දවස් මදිවුනා. ළමයිංගෙ අධ්‍යාපනේ කඩාවැටීම්, මානසික රෝග තත්ව ආදී අනෙකුත් විපාකවල ගනංමිනුං කාටවත් කියන්න බෑ.


අන්තිමට කුකුලේඟග ව්‍යාපෘතිය නිසා අපේ ගම කසිප්පු වලිං මිදුනා. මිනිස්සුන්ට රස්සාවල් කරල සල්ලි ඇතිවෙන්න හම්බවුනා. හැබැයි රෑ වෙනකං වැඩකරන නිසා කසිප්පු බොන්න යන්න වෙලාවක් නැතිවුනා. කසිප්පු පෙරන එකාටත් ඒකට වඩා ‘පෙජට්ටෙකේ‘ වැඩට යන එක ලාබයක් බවට පත්වුනා. එයිං පස්සෙ දැනටත් අපේ ගමේ කසිප්පු නෑ.


ඒ උනාට අදටත් කවුරුහරි දොරකඩට ඇවිල්ල හයියෙං කකුල පොලවෙ ගැහුවොත් මාව අහේතුකව බයවෙනවා. ඉස්සර අපේ තාත්ත බීල ඇවිල්ල කකුලෙ තියෙන වැලි හැලෙන්න කකුල දොරකඩ පඩියෙ ගහන සද්දෙත් ඒ විදිහමයි.


කාලෙකට පස්සෙ මාත් ලොකුමහත් වෙලා සුරා සූදු දෙකෙං පලවෙනි එක සමත් වුනාට පස්සෙ දවස් දෙකක් කසිප්පු බොන්න මටත් හම්බවුනා. අපෙ මාමගෙ මාමණ්ඩි පස් දෙනෙක් වූ සිය බෑනලා නඩේටත්, සිය ඥාති මිත්‍ර සනුහරේටත් අවුරුද්දට ‘සලකන්න‘ සුපිරිසිදු ආකාරෙට නිවසේම නිෂ් පාදනය කරන එව්වගෙං කොටහක් මටත් එහෙදි ලැබෙනවා.


අන්තිමට මට තේරුංගිය එකම දේ නං කසිප්පු වැරදි නැති බවත් වරද තියෙන්නේ මිනිහාගේ හිත ඇතුලෙ තියෙන දුර්ගුණවල බවත් මං තේරුං ගත්තා.  කසිප්පු හෝ වෙනිං මොනම ජාතියකිංවත් දුර්ගුණ ඇතිකරන්නෙ නෑ. නමුත් බිව්වහම මිනිස්සුංගෙ ඒ ගතිගුණ එලියට එනව.  දවසක් දා තාත්තටත් ඒ වග කියා දෙන්න මං කටයුතු කලා.


“මේ දොර ඇරහං @#$% පුතෝ තොගෙ මං %^&^ තලනව දැනගං“


එදා රෑ එලිවෙනකං තමුංව හිරකරල අගුලුදාපු කාමරේ අස්සෙ ඉඳං ඒ පාඩම පුනරාවර්ජනය කරන තාත්තගෙ කටහඬ මුලු ගමටම ඇහෙන්න ඇති.

88 comments:

  1. ඔය මුල්ල කඩල බොන හින්ද ඕකට මුල්ල පටස් කියනවයි කියල අර සඳරුව කියල තිබුණ.
    ඕකට රබර් බටේකට වඩා හරියන්නෙ තඹ බටයක්.

    අර බැරල් එක පෙරලපු ‍වෙලාවෙ වඩිය දාපු එකාට උඹලව අහු උනානං ඊගාව වඩියට උත්ප්‍රේරකයක් විදියට උඹලව බැරල් එකට ඔබන්නත් ඉඩ තිබ්බ.

    කසිප්පු බිව්වත් විස්කි බිව්වත් අර අන්තිමට කියල තියෙන දේ වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. තඹ බටේ දඟරයක් විදියට හදල ඕක පාවිච්චි කරන්නෙ.. බිස්නස් එක කරන එකා ඕකට කියන්නෙ නිකංම "දඟරෙ"..වාෂ්ප ලීක් කරන සීල් කරන්නෙ පාන්පිටි තලපෙකින් (පාප්ප). බැරල් එක, දඟරේ , බූලිය, අසෝකා වීදුරුව ඔය බිස්නස් එකේ වචන තමා...ගෝඩා වචනේ මිස් වෙලානේද... හෑන්ද පාවිච්චි කරන්නෙ හැලි අරක්කු කරුමාන්තෙදී...

      Delete
    2. අපේ ගමේ නං ගන්නෙ අර මල්පැල වලට වතුර දාන, වාහන හෝදන හෝස් පයිප්පෙ තමා.
      ආයිත් අහල. ගෝඩ වෙනුවට අපේ ගමේ එවුං කියන්නෙ වඩිය කියල. දැං ඉතිං හැලි අරක්කු තමා අපිටත්

      Delete
  2. Replies
    1. හෙහ්... මගෙත් පලවෙනි පොස්ට් එක ඔය සම්බන්ධව තමා... මෙන්න බඩු
      http://padanguwa.blogspot.com/2015/01/blog-post_20.html

      Delete
    2. දැංනං මේ කරුමාන්තෙ ගෙදර දොරේ කරන්ටම වෙනව. නැත්තං පිපාසාවෙ මැරෙන්ටයි වෙන්නෙ.

      Delete
  3. @# $%^^^ *() !@#^ %&**^ = අර්ධයෝ, පුරුෂ ලිංගයෝ, මවත් සමග සංසර්ගයට පැමිණෙන්න

    මොකක්ද බං මේ ට්‍රාන්ස්ලේටර් සොෆ්ට්වෙයා එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කොල්ලො මේ.... එක පාර අරකා ලියල තිහන ඔක්කොම කියවල එක කමෙන්ට් එකක් දාහං..උඹැහෙ මට පේන්නෙ චේදයක් කියෝනව. දුවගෙන ඇවිල්ල කමෙන්ට් එකක් දානව..ඊ ගාවට තව පොඩ්ඩක් කියෝනව,,ආයම ඇවිල්ල කමෙන්ට් එකක් දානව....:)

      Delete
    2. හිකිස්.... හොඳ කතාව ....

      Delete
    3. ඔක්කොම කියෝල තමයි රවී අයියෙ කොමෙන්ට් කරන්නෙ. මේ ටික ඔක්කොම එකට දැම්මොත් ශ්‍රංගයට මොලේ ඔල්මොරොන්දං වෙනව. ඒ හින්ද තමයි කොටස් වශයෙන් කොමෙන්ට් කරන්නෙ.

      Delete
    4. @RaviDecember 6, 2015 at 2:27 AM
      තම තම නැන පමන කියනවනෙ !

      Delete
    5. ඊළඟ සම්මාන උලෙලකදි ප්‍රසන්නට වෙනම සම්මානෙයක් දෙන්න ඕනැ. මං හිතන්නෙ හැම සිංහල බ්ලොග් එහෙකම හැම ලිපියකම ප්‍රසන්නගෙ කොමෙන්ට් තියෙනව.

      Delete
    6. ඔය සම්මාන කෑලි තියන්න අපේ ගෙදර ඉඩක් නෑ බං.

      Delete
    7. ඔව් හැබැට අර බලල් රංචුව පෙරලා දමයි.

      Delete
  4. අර දෙයියන්ට අයින් කරන කාල ගැහුවනං ඔන්ද ස්පොට් දෙයියො ලගට යන්න පුලුවන්......කොහොමහරි මිනිස්සු මෙතනෝල් ටික අයින් කරල එතනොල් ගන්න දන්නවා.

    ගම්වල මිනිස්සු රස්සාවල් ලැබිල "බිසි" වෙන එකේ හොදකුත් තියනව එහෙනං

    ReplyDelete
    Replies
    1. ඒ දෙයියන්ට අයිං කරන ටික පැස්ටොල් වෙනුවට බයිසිකලේට දාන්ට බැයිද දන්නෑ නේද?

      Delete
  5. // ඕනෑම දෙයකදි දෙයියං බුදුං අදහන අපේ මිනිස්සු මේ කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ දෙයියන්ට කියල අහක දානව. //

    ඔය වැඩේ කලේ නැහ්නං දෙයියො කෝප වෙලා ඇල්කොහොල් විසවෙලා මිනිස්සු මැරෙන්ටත් පුළුහං.. :-D

    ReplyDelete
    Replies
    1. දෙයියන්නෙ හාල් කෑව වගේ තමා.

      Delete
  6. මේ වගේ ආන්ඩුවත් එක්ක තරඟෙට කරන බිස්නස් තියෙන්නෙ දෙකයිද කොහෙද. අනික හොර සල්ලි ගහන එක. මේවට තමයි අයෝජන බදු සහන දෙන්න ඕන. පොලිසිය පනින කොට උස්සගෙන දුවන්න කාර් පර්මිට් එකකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. //අනික හොර සල්ලි ගහන එක. //

      සජිත් ගේ නන්ගි දුලාන්ජලී ඉන්නවනේ ඒ බිස්නස් එකට :)

      Delete
    2. සීනි වලට සහනාධාරෙකුත් දීල බැරල්ලෙකයි දඟරෙටයි වවුචරේකුත් දීල මෙව්ව ගොඩදාගන්න ඕන.

      Delete
  7. / ඕනෑම දෙයකදි දෙයියං බුදුං අදහන අපේ මිනිස්සු මේ කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ දෙයියන්ට කියල අහක දානව. /

    මං ඔය කැලේ මැද ඉන්න කාලෙ අපේ කෑම්ප් එක ඊමම තිබ්බ කසිප්පු පොලේ මුදලාලි ඉස්සෙල්ලම වඩියෙං ඉස්පිරිට්ටෙක සුට්ටං දිදාලයක් වගෙ වීදුරු පොඩියකට දාල බුද්ද පූජාවට තියනව.

    / අපෙ මාමගෙ මාමණ්ඩි පස් දෙනෙක් වූ සිය බෑනලා නඩේටත්, …..../

    ඒ කියන්නෙ උඹෙ මාමණ්ඩියගෙත් මාමණ්ඩි ගැනද මේ කියන්නෙ? යකෝ ඒ මනුස්සයට අවුරුදු අනූවක්කත් නැතෑ..තාම බඩු පෙරනවද? අදහන්ට වටිනවනෙව එහෙනං...

    ReplyDelete
    Replies
    1. දෙයියං බුදුං අදහන අපේ මිනිස්සු මේ කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ දෙයියන්ට කියල අහක දානව.///////////////////////////////////////// සුරා දෙවියට (බැකස්)

      Delete
    2. Ravi
      ඇත්තෙම්ම කියනවනං ඔය අපෙ අම්මගෙ මල්ලිගෙ මාමණ්ඩිනෙ. අපෙ මාමගෙ පවුල මාමට වඩා අවුරුදු දොලාක් බාලයි. ඉතිං ඔය ආතත් යංතං දහඅටෙං කසාද බැඳල පැනිහඳෙංම බබ්බු ලෝඩ් කල බුවෙක්ලු. ඒ හිංද මිනිහටත් හැටගානක් වගේ තමා දැනට වයස. බුවා ගෙදර මිදුලෙ වෙනම දෙයියං බුඳුං වඳින්න කුටියක් හිටං හදල තියෙන්නෙ. බලන්න එපායැ මිනිහ හවසට සුදෝසුදු මල්වට්ටියක් නෙලාගෙන ඇවිල්ල බුදුං වැඳල දෙයියන්ට පිංදීල අහවරවෙලා මල්පිහියත් ඉනේ ගහගෙන බිලී පිත්තත් ඇරං ගේගාව පල්ලම බැහැල බැද්දට වදින අපූරුව.

      Delete
  8. කසිප්පු ගහලා මිනිස්සු පිස්සු කෙලින විදිහ හැටි දැක්කහම උන්ට පිස්සු කියලමයි මට හිතෙන්නේ.... මම උනත් මල් පැණි පොඩ්ඩක් බොනවා.... ඒ උනාට ඔහොම දගලලා කෑ ගහන්නේ නෑනේ ...... සුරංග කිව්වා වගේ වරද තියෙන්නේ මිනිහාගේ හිත ඇතුලෙ තියෙන දුර්ගුණවල කියලා තමයි කියන්ඩ තියෙන්නේ......

    "@# $%^^^ *() !@#^ %&**^ = අර්ධයෝ, පුරුෂ ලිංගයෝ, මවත් සමග සංසර්ගයට පැමිණෙන්න " - ඒ ටික සෝක් ඈ ......

    ReplyDelete
    Replies
    1. මං බීගත් කල අනුන්ට කිසි අවුලක් නෑ කියල දැකපු අය කියනව කියල මං දන්න කියන අය කීපදෙනෙක්ම කිව්ව.

      Delete
  9. මල් මසුරං.... බොල ස්‍රංගයො.. කසිප්පු පෙරිල්ලට රබර් බටේ විතරක් මදි තඹ දඟරෙකුත් ඔනෙ. දඟරෙ තමයි වතුරට ඔබන්නෙ වශ්පෙ සීතල කොරල දියර කොරන්න. සීනි යීස්ට් පැහුනම ගෝඩ බැරල් එක. ගින්දර වැඩි වෙලා.... ගෝඩ බැරල් පුපුරල..... අහස් ගුන්ඩු වගේ උඩ ගිහිල්ල...... වටෙ හිටපු උන්ගෙ මූනු පිච්චිලා .....පට්ට සීන් වෙලා තියෙනව අපේ පැත්තෙ ඉඳගෙන.....කලිං එන කසිප්පු ටික විසි කොරන එකේ හේතුවක් තියෙනව. ගොඩක් වෙලාවට කලින් එන්නෙ මීතයිල්. කාලෙකට කලිං දං කො‍ටුවෙ බරගානක් හොස්පිටිතයිස් කොලේ ඔය මීතයිල් කලවං වෙලා මයි හිතේ.... ඕක ගැන අපේ විද්ඤාක්ඤියො විග්‍රහ කොරයි.

    ReplyDelete
    Replies
    1. තඹ දඟරයක් වෙනුවට Stainless Steel බටයක් ගන්න පුලුවන් නම් නියමයි. ලංකාවේ තියෙන මොලැසස් වලින් ස්ප්‍රීතු හදන ස්කාගාර වල පාවිච්චිකලේ තඹ පෙරණ උපකරණ. ඒවයින් තඹ සුළු ප්‍රමාණයක් ස්ප්‍රීතු එකට එකතුවෙනවා. ඒ නිසා තමයි ගඳ සහ පහුවෙනිදට ඔළුව කැක්කුම වගේ ඒවා වෙන්නේ. දැන් හදන අරක්කුවල එම දේවල් නැත්තේ Stainless Steel ස්කාගාර වල හදන ස්ප්‍රීතු පමණක් යොදාගන්නා නිසා.

      Delete
    2. මේ දැං තියෙන ගොඩක් අරක්කුවලත් තියෙන්නෙ තනිකර ගෘහස්ත කසිප්පු. චූටිමැනිකෙලෑ ගමේ ඉන්නව පවුලක් උං කසිප්පු පෙරල බාර්රෙකට දෙනව. බාර්රෙකෙං ඒවට ඩයිදාල අරක්කු බෝතල්වල පුරෝල සීල් ගහල අරක්කු කියල විකුණනව. දැං ඒ පවුලෙ අයට ඩිමෝ බට්ටෙකුත් තියෙනව හිටං.

      Delete
  10. peranakota mulinma ene methanol.eka biwoth sorry thama.katu kambi hari tin hari dane ewa galvanized karala tiyana metal react karala kasiyawala abul gathiya nethikarana nisa.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇඹුල් ගතිය නැති වෙලා අර ලෝහවල විස එනව ඇති නේද?

      Delete
  11. වෙල් ෆැන්ටා. බොකු දිරාස්. කියන්නෙත් මේවටම නේද
    අන්තිමට මට තේරුංගිය එකම දේ නං කසිප්පු වැරදි නැති බවත් වරද තියෙන්නේ මිනිහාගේ හිත ඇතුලෙ තියෙන දුර්ගුණවල බවත් මං තේරුං ගත්තා. කසිප්පු හෝ වෙනිං මොනම ජාතියකිංවත් දුර්ගුණ ඇතිකරන්නෙ නෑ. නමුත් බිව්වහම මිනිස්සුංගෙ ඒ ගතිගුණ එලියට එනව..// ඒක නම් ඇත්තම ඇත්ත වෙන්නෝන. ඔයා තාත්තට දුන්න දඩූවම නම් නියමයි. ඒත් එයින් පස්සෙදි වත් එයා නොබී හිටියද??.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සු. මිනිහ බීම දිගටම කරගෙන ගියා. මට තේරුන විදිහට එයා බීල කචල් දාන්නෙ මං ගෙදර ඉන්නවනං විතරයි. ඒ හිංද මං ගෙදරිං අයිං උනා.

      Delete
  12. ඔය මුලිම්ම එන ඉස්පිරිට් එක හරිම සරයි එකට තුනක් කලවන් කරන්න පුළුවනි එතකොටත් ඇඟිල්ලෙ පත්තු වෙනවා.කතාව හරිම රහයි සුරංග.

    ReplyDelete
    Replies
    1. එකට තුනක්? නියමයි. අද ඉඳං පටංගන්න ඕනැ පෙරන්න.

      Delete
  13. දෙයියන්ගේ කොටහ හරියට තියන එකනම් බොහොම වැදගත්! බලාගෙන ගියහම දෙය්යන්ගේ සුමිහිරි පානේ මීතයිල් වගේ.

    //මිනිස්සුන්ට රස්සාවල් කරල සල්ලි ඇතිවෙන්න හම්බවුනා. හැබැයි රෑ වෙනකං වැඩකරන නිසා කසිප්පු බොන්න යන්න වෙලාවක් නැතිවුනා.//
    මිනිස්සුන්ට අවස්ථාවන් හිඟවීම තමයි ගොඩක් දුරට මේ කරුමාන්තේ නැගල යන්න හේතුවෙන්නේ. ඉල්ලුම සැපයුම දෙපැත්තෙන්ම.

    ReplyDelete
    Replies
    1. දැංනං කොතනත් ඉන්නෙ බියර් ටිං එකට වහවැටිච්ච එවුං. පාර හැමතැනම උදේට බියර් ටිං.

      Delete
  14. ස්‍රංගයො මාවත් ගමේ හිටපු පුන්චි කාලෙට අරං ගියා නෙ උඹ. අපේ ගෙදරත් ඇති තරමට #$%^^%##%$@@^$##$#@%^&%$^^# කියන ඒව ඇහෙනව අනන්ත. මගෙ අම්මේ ඒ කාලෙ කතානම් එමටයි. කොහෙද ලියාගන්න වෙලාවක් නෑනෙ අප්පා.

    ReplyDelete
    Replies
    1. දැං ඔය අපේ මාමණ්ඩිලගෙ ගමේ එහෙමෙත් දෙමාපියො ලමයි හිටිය කියල නෑ. කුනුහබ්බ කියනව.

      Delete
  15. වෙනද වගේම විශිෂ්ටයි සුරංග.

    මතක විදිහට කසිප්පි පෙරනකොට මුල් අවස්ථාවේ වෑහෙන්නේ මෙතනොල්.ඒ එක්කම තව විෂ සහිත රසායනික ද්‍රව්‍ය වගයක් එනවා වගේ මතකයි. (දැන් හරියටම මතක නැහැ ) මුල් ටික අයින් කරන්නේ ඒ නිසයි.. මෙතනොල් ඇවිත් ඉවර උනාම තමයි එතනෝල් එන්න පටන් ගන්නේ. ඒ නිසයි මුල් ටික ඉවත දාන්නේ. මෙතනොල් විෂ සහිතයි. එත් කසිප්පු නිෂ්පාදනයේදී ඔය මෙතනොල් එතනෝල් කවලම් වෙන නිසා තමයි කසිප්පු බීමට ඇබ්බැහි වෙච්ච උදවියගේ ඇස් පෙනීම ඉක්මනින්ම අභාවයට යන්නේ.

    බැලුවාම සුරන්ගලාගේ ගමේ රසායන විද්‍යාගාර හුඟක් තිබිල වගේ ඇල දොළ අයිනේ. වැඩේ ජයටම කෙරෙන්නනම් ඉතින් ඇලක් දොළක් අත්‍යවශ්‍යයි. කසිප්පු නිෂ්පාදනය සහ බීම තහනම් උනාට අරක්කු තහනම් නැහැ රජයට බදු ලැබෙන නිසා.. එත් මහා නයා කෑවත් මැරෙනවා පොඩි නයා කෑවත් මැරෙනවා කියන්න වගේ ඔය දෙජාතියේම ආනිසංස එකයි.. වෙනස කසිප්පු බීමෙන් ඉක්මනින් යන්න පුළුවන් ගමන අරක්කු බීමෙන් ප්‍රමාදවී යා හැක. එත් ඉඳලා හිටලා සුට්ටක් තොල ගෑවට මක් වෙනවද බන් නේද. අපි ඔව්වයේ රස පරීක්ෂා කරලා බැලුවේ ඉස්කෝලේ කාලෙ . ග්‍රොසරි බෑග් එකේ බීම බටෙත් එක්ක තමයි බදු ඇතුලට එන්නේ. හැක් ..හැක් ..

    ReplyDelete
    Replies
    1. බටෙං බොන්න කසියා? ගෑරුප්පුවෙං රොටි කෑව වගෙයි. මං නං ඉස්කෝලෙ යන කාලෙ බිව්වෙ ගල් විතරයි.

      Delete
    2. ඉස්කෝලේ ඇතුලට කසිය පැකට් එකක්, මදන මෝදක ටිකක් එන්නේ බොහොම කලාතුරකින් බන්. ඉතින් ඒ වෙලාවට සවුදිය පුරන්න වෙලාවක් නැහැ. විස්සක් තිහක් එක්ක බටෙන් සහයෝගෙන් තොල ගානවා. මදන මෝදක නම් ඉතින් බුල්ටෝ කන්න වගේ තමයි.

      Delete
  16. ඔය ග්‍රොසරි බෑග් එකේ දාගෙන බටෙන් බොන එක මටනම් හිතාගන්න බෑ බොන ඒකේ නියම ආතල් එක ලැබෙනවද කියල.
    විදුරුවකට දාගෙන බොනව වගෙ නෙවෙයි බටෙන් උරනකොට කෙලින්ම උගුර හරහා බඩට යන්නෙ මගෙ රැඳෙන්නෙ නෑනෙ.
    පොල් කට්ටක උනත් කමක් නෑ තොලේ සිට ස්පර්ශ වෙමින් බඩට දමා ගන්න කොට තමයි උපරිමය මම නම් හිතන්නෙ.
    ඒත් ඒකට ඇබ්බැහි වෙලා ඉවසන්නම බැරි උන්ට නම් බටේ දිගේ නෙවෙයි පුක දිගේ හරි බඩට දාගන්න එපායැ.
    අර සිගරැට් එකක් නැතුව උහුලන්නම බැරි උන් හොරෙන් ටොයිලෙට් එකට ගිහින් පපුව පිරෙන්නම ඇදල කට උල් කරල ජනේලෙන් දුම ඈතට විදල දාන්නෙ, අන්න ඒ වගෙ.

    ReplyDelete
    Replies
    1. සිකරැට්ටෙක එහෙම බීම ගැන මං විරුද්ධයි. සිකරැට් බොන්න ඕනැ හීං සීරුවෙ. අරහෙම දුං විද්දහම වටේට ගන්ධ සංඥාව යනව වැඩියි.

      Delete
  17. අඩේ අදත් උබේ පොස්ට් එක උත්ක්රුෂ්ටවත් අති බලවත් හාස්‍යයෙන් පිරිපුන් හිනාවෙලා පෙනහළු දෙක මෙව්ව උන ආතල් විමානයකි. ඇත්ත කියපන් ශ්‍රන්ගයෝ. තෝත් පේරුව නේද කසිය ???? ලොල් ලොල් ලොල්..

    ReplyDelete
    Replies
    1. තාමනං බැරිඋනා ටික්කෝ. ඒත් පෙරන්න බලවත් ආසාවක් තියෙනව.

      Delete
  18. මට සඳරූ මතක් උනා...

    ReplyDelete
  19. අපි නම් ඒ කාලේ ඉස්කෝලේ chemistry ලැබ් එකෙන් බඩු උස්සලා (අර ආසවනයද මොකක්ද කරන කෑලි සෙට් එකක් තියෙන්නේ...) ග්ලූකෝස් + යීස්ට් දාලා නියමම විද්‍යානුකූල විදියට පෙරලා බීවේ මචං......

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්කෝලෙදි පෙරුව. බොන්න බැරිඋනා.

      Delete
  20. http://homedistiller.org/

    මෙතනොල් කොහොමත් විසයි.දෙයියන්ගෙ කොටහට වෙන් කරන්න ඕනෙ.

    එතනෝල් විස වෙන අවස්තාත් තියනව. බින්ජ් ඩ්‍රින්කින් වගේ ගොඩාක් එකවර ( සුලු වෙලාවක් ඇතුලත )බිව්වහම

    // The fatal dose of ethanol is 300-400 mL of pure ethanol (600-800 mL of 50% spirits), for the average adult if consumed in less than one hour.//



    ReplyDelete
    Replies
    1. // The fatal dose of ethanol is 300-400 mL of pure ethanol (600-800 mL of 50% spirits), for the average adult if consumed in less than one hour.//

      Not entirely true dude. fatal ethanol dose can vary significantly by age, sex, size, race etc etc. and of course the level of addiction. chronic users can tolerate much more than a first timer.

      සීනි වලින් පටන් අරන් පෙරන කොට එන මෙතනොල් ලෙවල් එක සෑහෙන අඩුයි. පෙක්ටින් ගොඩක් තියන දේවල් (ඇපල් , මිදි , බෙරි වර්ග) පෙරුවොත් එහෙම එන මෙතනොල් ලෙවෙල් එක වැඩියි.

      Delete
    2. POM,

      / fatal ethanol dose can vary significantly by age, sex, size, race etc etc./

      Ahh sex..I know. You mean whether you are having sex while taking ethanol..:)

      Delete
    3. @PoM,

      //for the average adult//

      //Chronic users develop a tolerance to ethanol. Ethanol depresses the central nervous system irregularly in descending order from cortex to medulla, depending on the amount ingested. The range between a dose that produces anesthesia and one that impairs vital functions is small. Thus, an amount that produces stupor is dangerously close to a fatal dose. Effects are potentiated by concomitant ingestion of barbiturates and other depressant drugs.

      Intoxication levels (broadly) are found in this manner:Mild (Blood alc content 0.05%-0.15% - one fourth of the people at this level are clinically intoxicated) results in decreased inhibition, slight visual imparement, muscular incoordination, and slowed reaction time.
      Moderate: (BAC: 0.15%-0.3% - 50 to 95% of the people at this level are clinically intoxicated)- results in definite visual imparement, sensory loss, muscular incoordination, slurring of speech.
      Severe (BAC 0.3%-0.5% -fatalities begin to occur in this range)-marked muscular incoordination, blurred vision, approaching stupor.
      Coma (BAC above 0.5% - death is common in this range)- Unconsciousness, slowed respiration, complete loss of sensations.//

      ඔබතුමා මේවාගෙ කුමාරයෙක් නිසා මට වඩා ගොඩක් දන්නවනේ. නම දාපු මෑන්ට බාගයක්වත් හදල දුන්නෙ නැද්ද?

      හැමෝටම :-
      Basic Safety Guidelines when Distilling
      • Don't distill in a closed room. Try and keep some through-draught (eg both a window and door open)
      • If your still leaks (liquid or steam) - fix it instead of using it
      • Collect the alcohol securely - dont put yourself in a position where its easy to knock over the collection vessel etc, or bump the tube out of it. This means having enough space to work in, well lit, tidy.
      • Keep a fire extinguisher with you (and on your side of whatever is going to catch fire)
      • If using electrical heating, have an RCD on the line (residual current device - a fancy circuit breaker)
      • Check your still with water-only the first time you use it, to make sure your condensor is up to the job. You dont want vapour coming out of the collection tube.
      • Be sober - its not a time to be making drunken mistakes.
      • Pay attention to the still - check it regularly (cooling water still flowing, no leaks, collecting nicely, all temperatures OK)
      • Do the maths - don't boil the still dry
      • Make sure the outlet tube is free flowing - not crimped or blocked in any way.
      • Make sure the still design is such that you can't pressurise the still - it should always be able to vent somehow to atmosphere. There shouldn't be valves such that you can fully close the column off
      • Don't smoke - you dont want ignition sources around a liquid as flamable as gasoline

      Delete
    4. @Ravi,

      Could even be that PoM meant that a certain level of ethanol ingested makes gender (or even species, for that matter) immaterial? Any would do.

      කසිප්පු කතාවක් වෙනත් උසස් තලයකට ගෙන යනු ඇතයි රවි වැනි ඒ දෙකම පිලිබඳ විශේෂඥ රසවතෙකුගෙන් සෑම විටම බලාපොරොත්තුවිය හැක.

      Delete
    5. //Ahh sex..I know. You mean whether you are having sex while taking ethanol..:)//

      or how much you have sex :P
      BTW alcohol causes dryness.

      @pra
      using the blood alcohol percentage can be a better system. but still it depends on a lots of variables. I know people who can laugh at the face of scientific facts about blood alcohol levels. Im sure u guys know too.

      Delete
    6. I know one guy who laughs at.. in fact not only of blood alcohol level, but also of scientific facts about 'blood sugar' level.. he he.. it's me. (donno how long the laugh would last though..)

      Delete
    7. / රවි වැනි ඒ දෙකම පිලිබඳ විශේෂඥ රසවතෙකුගෙන් /

      Which two Pra? Surely you don't mean Kasippu and inter species relationships..If that is not criminal defamation I don't know what is…:(

      Delete
    8. මේ ඉංගිරිස් කෑලිනං මට මොකවත් තේරෙන්නෑ. ඕං එව්වට දෙන්න උත්තරත් නෑ.

      Delete
    9. I meant moonshine and amorous activities Mr. Weerasinghe. No defamation meant or done. However, I can not deny a certain amount of envy on my part about your such abilities.

      Delete
    10. උත්තර ඕනෙ නෑ සුරන්ගම්ල්ර් , ඔන්න ඔහේ මේං මේක බලන්නකො http://homedistiller.org/

      Delete
  21. ඉස්සර පෙරුව උක් පැණි වලින්. ඊට පස්සෙ තමයි සීනි වලින් පෙරන්න ගත්තෙ.
    දෙයියො එතනෝල් නොබී මෙතනෝල් බොන වග දැනගත්තෙ අදයි. අපේ ගමෙත් කසිය ගහන කට්ටිය හිටිය හැබැයි බීල කුණුහරප , ගෙදර ගෝරි නෑ. එහෙම කරන එවුන්ට මග රැකල වතුර ගහන එක නොවැරදීම කරන්න අපි අතපසු කලේ නෑ. ගත්ත ආතල් එක සීතල වතුර නාල කුඩු කරගන්න බැරි නිසා කට්ටිය ෂේප් එකේ හිටිය.

    ReplyDelete
    Replies
    1. ඒක වැඩියත් එක්ක හොඳයි. ආං එහෙම තරුන ප්‍රජාවක් ගමක ඉන්න ඕනැ. හිඟුරාන සැර ඒක වෙන්නැති නේද?

      Delete
  22. //අර්ධයෝ,// අන්ත්ව ෙත්රැනා ෙම්ක තමයි ෙනාෙත්ෙරන්ෙන

    ReplyDelete
  23. ගිනිගන්න දුරින් මෙතනෝල් ද එතනෝල්ද කියලා කියන්න පුලුවං විද්‍යාඥයෝ ගම් වල ඉන්නව මතක විදියට නං ඇගිල්ල පිච්චෙන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල පිච්චෙන්නැති ගානට පු: ගාල පිඹල නිමන්න ඕනැ.

      Delete
  24. සුපිරි... නියම ලියවිල්ල... අපේ සිය ඉස්සර හිටපු ගමන් හවසට කසිප්පු බොන්නේ නැතුව පොල් අතු හෝම්මනක් අහුලාගෙන ඇදගෙන එනව. එදාට අපි දන්නව කසිප්පු පොට් එකට පොලිසියෙන් පැනල කියල..

    ReplyDelete
    Replies
    1. නිතරම පොලිසියෙං පැන්නොත් ගෙදර පොල්ලතු විමානෙයක් වෙයි නැද්ද?

      Delete
    2. උඹ කියන්නෙ පොලිසියෙන් පැන්නම නියරවල් දිගේ දුවනවා වයසක බුවාලා ඉස්සර.. අන්න දිවිලි... කඟවේන්නු වගේ.. උසේන් බෝල්ට් කැලේ...

      Delete
  25. අපේ ගමේ කසිප්පු පෙරුවෙ නං නෑ. හැබැයි හිටිය අරක්කු මහත්තෙය කියල පොරක්. උන්දැට කසිප්පු ගේන්නෙ සේල්ස් රෙප් කෙනෙක්, මෝටබයික් එකක. අපේ ගේ ගාවිම්ම තිබ්බ අඩි පාරෙ තමා පොරගෙ ගෙදර. උදේ පාන්දර කුකුලත් කිහිල්ලෙ ගහගෙන වයසක උදවිය හැරමිට්ට ගහගෙන වෙවුල වෙවුල යනව පහළට. ආපහු එන්නෙ හැරමිට්ට කරකෝ කරකෝ...

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ඔය කියාපු කලුවගෙ පවුලත් අරක්කු විකුන්නා. ඒ උනාට උංදැ ඒකට කලවමට තේ කහට දානව කියල කට්ටිය වැඩේ සීමා කලා.

      Delete
  26. අපේ ගමේ හිටිය සිරප්පු කියල පොරක්. ඌ හවසට කියාගෙන එනව මේ වගේ එකක්.

    "මුං ඔක්කොම ශුක්‍රානු බල්ලො. මුංගෙ අම්මල මුං ජාතක කරල තියෙන්නෙ බල්ලො එක්ක සංසර්ගයෙ යෙදිලා. මුංගෙ අම්මට සංසර්ග කරන්ඩ. මොනවද බොල හූ කියන්නෙ? තොපි දැක්කද මගෙ අංගජාතය? අප්පට සංසර්ග කරන්ඩ එනව මෙතන. යෝනියක් අැති තැනැන්තියගෙ බල්ලො. ශුක්‍රානු ගණීකාවොංගෙ බල්ලො..."

    තව මතක් උනොත් පහළිං දාන්නං...

    ReplyDelete
    Replies
    1. ශුක්‍රාණු නපුංසකය... වෛශ්‍යා සුනඛයා... අධෝ මාර්ග සංසර්ගයේ යෙදෙනවා දැනගනින්...ගහනවා ශුක්රාණුවට අණ්ඩ දෙක පශ්චාත් භාගය වටේ කරකැවෙන්න... ... ඔව්ව කියල බැන්නේ නැද්ද බං?

      Delete
    2. ඔය තියෙන්නෙ සජ්ජො...
      සිරප්පු නං කිව්වෙ එකම කතාවයි. ඒක කීප සැරයක් කියව කියවා අර සුරංග කියනව වගේ පාර දෙපැත්තෙම තියෙන කාණු එහෙමත් චෙක් කරගෙන යන්නෙ.

      දවසක් එකෙක් කිව්ව බං කුණුහරප තිස් හතරක්! එකක්කත් මතක හිටියෙ නෑ.

      Delete
  27. Mama ada thama me bolg eke comment ekak danne 1st time.
    Hoda nirmanathmaka blog ekak.
    Awyajathwaya uparimayi kiwwoth mn niwaradiyi.
    obata jaya.

    ReplyDelete
  28. සුරංගම්ලර්...ඇමරේජන් බීලා තියෙනවද..?

    ReplyDelete
    Replies
    1. ඇමරේජන් කියන්නෙ ගෝඩා වලට දෙහි අනං මනං දාල හදන බඩු විශේෂයක් නේද බොස්?

      Delete
  29. මේ කසිප්පු කටහ්ව යටින් යනවා හුඟක් දුක හිතෙන කතාවකුත් .
    http://nelumyaya.com/?p=4793

    ReplyDelete
  30. ඇතුලෙන් කියැවෙන කටුක කථාව කටු කම්බි වලට වඩා දුෂ්කරයි. අපේ නෝනලා ගමේදී මම දැක්කා හෝදලා බොන්න පුළුවන් තරම් හොඳ මිනිහෙක් හැබැයි හවසට කසිප්පු වඩියක් දා ගත්තම ජාතිය අමතන එකමයි වැඩේ.. ඔබ කිව්වා හරි වල් ෆැන්ටා වල නෙවයි වැරැද්ද තියෙන්නේ බොන මිනිසුන්ගේ හිතේ.. ඔය කුණු හබ්බ කියලා බනින හැමෝටම මතකයි එයාලා ඒවා කිව්වා කියලා.. ඔය මම කියන මනුස්සයා කියන්න මහත්තයා මට මේ ටික ඔය යකාට කියන්න ඕනෑ වුනා.. එකයි ඊයේ රෑ කෑ ගැහුවේ කියලා..

    ReplyDelete
  31. තඹ බටේ තමා බැරල් එකට සෙට් කරන්නෙ. වතුරෙන් උඩට ආවම රබර් බටයක් සෙට් කරනව.
    අපෙ පැත්තෙ කියන්නෙ ජලබෝල කියල, කොහොම උනත් Oneday ඩීසියල් දාලා දැන් ගොඩක් උන් ගහන්නෙ. දවසෙන් 2න් ගන්නවලු. වස තමා ඉතින්.
    හරියට පෙරුවොත් ඒක තමයි හොඳම අරක්කු එක මම නම් හිතන්නෙ 😑

    ReplyDelete