මේ හැංදෑවට වහින වැස්ස හිංද ගේ අස්සටම වැදිල
ඉන්න අතරෙ හදිස්සියෙම මතක් වුනා වැස්ස හා සම්බන්ධ අපේ ගමේ උරුමයක් ගැන. ඒ තමයි
ගංවතුර
අවුරුද්දෙ එක කාලෙකට ගංවතුරක් ගලනව. ඒක
පරක්කු වුනොත් අපේ ගමේ අයට හිතට මදිකමක්.
“මේ ගමන තාම ගංවතුර නෑ නේද?“
“ඒකනෙයැ පොඩියප්පු ලමෙයො
මාත්මේ කල්පනා කොලේ.“
“අම්ප මේ ගංවතුර ගලයි කියල
අතෑරදැම්ම මිසක් නැත්තං මට අගේට දවටගහ ලියැද්ද අස්සද්දන්න තිවුන. ඕක ඔය තට්ටු
මාරුවට ආවෙ අවුරුදු දොලහකිං.“
ඒ ආදී වසයෙං හැමෝම ආඩපාලි කියනකොට වැස්ස
පටංගන්නව. ඒ වැස්ස දවස් ගානක් වහිනව. රැයක් දවාලක් නැතුව එක සීරුවට වහින වැස්සෙං
අවතැංවෙන වතුර ගඟ, ඇල දොලවල්, වේලි, ලිං, කුඹුරු, කාණු, වලවල්, හට්ටි, මුට්ටි,
පනිට්ටු සේරගෙමත් පිරිල යනඑනමං නැතුව
ගංවදිනව. ආං ගංවතුර. දොල දිගේ යන වතුර පාර
කිරිම කිරි පාට වෙනව. මේ කිරි පාට කියන්නෙ නෙස්ටමෝල් පාට. දොලයි, ලිඳයි, කුඹුරයි
සේරම වතුරෙං හා වෙලා වතුර බොන්නවත් තැනක් නැතිවෙනව. ඒ වෙලාවට අපි ගෙයි අගු පිල්වල
පනිට්ටු තියල වහලෙං වැටෙන වතුර එක්කහු කරගන්නව. නැත්තං දොරකඩ තියෙන පොල් ගහේ කඳට
පොල් අතු අගිස්සක් ගැටගහල ගහ දිගේ වැටෙන වතුර ටික ඒ පොල් අතු අගිස්ස දිගේ
වාස්සගන්නව. මේ වහින වැස්ස හිංද කාටවත් කොහෙටවත් යාගන්න විදිහක් නැතුව ගෙවල්වලට
වෙලා ඉන්න සිද්දවෙනව. තාත්තත් බුලත්විට කකා දොරකඩිං පුටුවක් තියාගෙන මිදුලට කෙළ
ගගහ වැස්ස දිහා බලං ඉන්නව. මාත් ඉස්කෝලෙ යාම නවත්තනව. ඉස්කෝලෙ ගියත් ළමයි
දෙතුංදෙනා හිංද උගන්නන්නෑ. ඉන්ටෝල් වෙලාවට ගෙදර එවනව.
අපේ ගම තියෙන්නෙ කුකුලේඟඟ ඉවුරෙ දෙපැත්තෙ තැනිතලාවෙ. ගම වටේට කඳු. ආයෙ
ගංවතුරට කියාපු තැන. හතරවටිං වටකරපු කඳු හරහ ගලාගෙන එන වතුරට ගඟ දිගේ ගලාබහින්න ඉඩ
මදි උනහම ඒ වතුර ටික යන එන මං නැතුව සරණාගතයො විදිහට අපේ ගමේ නවාතැං ගන්නව. ඒ වතුරට තමුංගෙ
වතුපිටි, ගේ දොර අතරෙ නිදහසේ ඉන්න ඉඩ හැරල ආගන්තුක සත්කාර දන්න ගංවැසියො උස්බිම්වල ඉන්න තමුං අඳුරන කාගෙහරි ගෙවල් වලට යන්නෙ පහත දැක්වෙන සී පදේ කියමින්.
“නිද්දකිං මේ දියබල්ලගෙ රටේ
හැමදාම බඩයනව වගේ වැස්ස“
තාර පාර දෙපැත්තෙ තියෙන කුඹුරු ටික යටවෙලා
දොලත් පිරුනට පස්සෙ යටවෙන්නෙ පාර. පාරට වතුර පිරෙන හැටි බලන්න අපේ ගමේ කාලගුණ විද්‍යාඥයො
කුඩ ඉහිලං වැස්සෙම කඩේ ගාව පාරෙ බලං ඉන්නව. විටිං විටේ කඩේට ඇහිල්ල බීඩි, සිකරැට්,
සුරුට්ටු, විට ආදියත් ගන්නව. පුංචම්ම විටට පුවක් කපනව. බුලත් විට කොච්චර තිවුනත්
මදි. බෙලෙක් තහඩුවකිං දැල්ල පැත්තකිං වහපු කුප්පි ලාංපුවක් කඩේ ඉස්සරහ ලැල්ල උඩ
පත්තු කරල තියල එතනිංම කඩදාසි තීරු ටිකකුත් තියල තියෙන්නෙ සිකරට් පත්තු කරන්න.
“අක්කෙ සිකෑට්ටෙයක් දෙන්න“
කියල දෙකයි පනහක් දීල පුංචිගෙ කඩෙං ගන්න බිස්ටල්
එක කටේ තියන පැත්ත දෙපාරක් ‘ටප් ටප්‘ කියල ලැල්ලෙ ඇනල කටේ ගහගන්නව. ඊළඟට
කඩදාසි තීරුවක් අරං ඒකෙ කොනක් පත්තු කරල සිකරැට්ටෙකේ අගට අල්ලනව. ඒ අතරම
සිකරැට්ටෙක දෙතුං පාරක් හයියෙං උරනව. හොඳට පත්තු වුනාට පස්සෙ කඩදාසිය බිම දාල පාගල
සිකරැට්ටෙක අතට අරං කටේ තිවුන දුං ටික “ආ....ඕ....“ කියල කට හැදෙන විදිහට පිඹිනව.
පාරට වතුර අඩියක් දෙකක් තරම දානකං වාහන යන්න
පුලුවං. පාරෙ තියෙන වතුර දෙබෑ කරගෙන ලොරි එහෙම යන අපූරුව බලාගෙන මාත් පාරෙ ඉන්නව.
පාරෙ පහලම හරියෙ හිටෝල තියෙන යකඩ කනුවෙ අඩියෙං අඩිය හිල් විදල තියෙන්නෙ ගංවතුර
මට්ටම බලන්න. පාරෙ ඉන්න සෙනගෙං එකා ගානෙ විඩිං විඩේ ගිහිං වතුර මට්ටම කනුවෙං
බලාගෙන එනව.
“දැං අඩියෙකාමාරක්කිතර තියෙනව“
මද්දුම්මහත්තෙ ආතලෑ ගෙදර පොඩි මාම එක පාරක්
කනුව බලං ඇහිල්ල කියනව.
“මොන පිස්සුද බං අර දැංගිය
බස්සෙකෙත් සයිලංසරේ ගාවටම තිවුන. අඩි දෙකක්වක් හිටී. මෙහෙ දිය මටත් සිකරැට්ටුගුරක්“
තව එකෙක් ඒක සංසෝදනය කරනව. ඔය අතරෙ සමහරු
දැනට ගංවතුර තියෙන මායිමෙං කෝටු හිටෝනව. ටික වෙලාවකිං ඒක බලල එතන පහුකරං වතුර
ඇවිල්ලනං
“තාමත් ගලනව“
කියල නිවේදනය කරනව. තවත් සමහරු ගංවතුර
ගැලීමේ සීඝ්‍රතාව ගනං හදල
“පැයට අඩියක් ගලනව“
කියලත් කියනව. අපෙ ආතගෙ කයිවාරු මිත්‍රයි වන
ගුණවර්ධන මාමත් ඒ රැල අතරට රිංගල කෙබරයක් පටංගන්නව.
“මේ....ක ගංවතුරක්යැ. ඕං මීට සෑහෙන්න
කාලෙකට උඩදි අවුරුදු තිහාතලිහකටත් එහා මාහිතේ එකවංගියක් ගංවතුරක් ගැලුව ආං අර
ඉපිටහ පේන ගොරග්ගහේ මුදුනටත් උඩිං යන්න. මේ පැත්තප්පලාතම මොකවක්කහ්ම
පේන්නැතිවෙන්න. “
“ඒක එහෙනං විසාල ගංවතුරක් නෙමේ
වෙන්නැති ගුනොවර්දන අයියෙ?“
“උඹප් මේ බන කතාකොන්නොව. ඇයි බං ඒ
තරං විසාල වතුරක් මයෙ අම්ම මුත්ත කාලෙවත් දැකල නෑ“
“නෑ ඒක නෙමේ. අර ගොරක්ගහ ඒ
කාලෙ පැලහැට්ටක් වෙන්නැතිනෙ. ඕන්නං අඩියක් හමාරකට වඩා ඉන්නැතුව ඇති.“
ගුනවර්දන මාමගෙ ටොම්පචේ අතේ පත්තු වෙනව. ඒ
උනාට මිනිහ සූදානං නෑ වැඩේ අතාරින්න. අනිත් එවුංගෙ මෝඩ කමට කියන කතාවක් මිස මේ නං
තමුන්ට කොලොප්පමට කියන එකක් නොවන වගට හිතල ආයිත් තමුංගෙ ගජබින්නෙ නිවැරදි කරන්න හේතු
දක්වනව.
“උඹලට ඔල්මාදෙද අම්ප? ඔතන තිවුනෙ
ඔය සයිස්ම වෙනිං ගොරොග්ගහක්. ඒ ගංවතුර අල්ලපු ඇල්ලිල්ල දවස් ගානක් යටවෙලා තිවිල ඒ
ගහ මැරුන. එයිං පස්සෙ ඒකෙ කඳෙං අමුතුවෙං ලියලපු ගහ තමයි ඔය තියෙන්නෙ. බොල ඒ කාලෙ
ඉපදිලවත් නෑ මයෙ හිතේ.“
ආයිත් තමුංගෙ මතේ තහවුරු කරන්න අපේ ආතගෙ
දිහාවට හැරිල මෙහෙමත් අහනව.
“මාමට නං මතක ඇති මාහිතේ.“
කවදත් තමුං ගහන කෙබර වලට අතහිත දෙන තමුංගෙ
සගයාට ආත උල්පංදං දෙනව. හැබැයි පත්තු නොකර.
“ආ.... මේ... ඔය කියන ගංවතුර කාලෙ
මං ගෙදර හිටියෙ නෑ මාහිතේ. ඒදාස්සොල මං ඔය කොහෙද ඉපිට දිහාවක ගිහිං හිටියද කොහෙද?
ආ.. මේ කිතුල්ගොඩ මුදලාලි එක්ක මීරං පටොවන්නද කොහොද ගිහිං හිටල.“
“ආං ඒකනෙ. මං කිව්වෙ. නැත්තං
මාමට අමතක වෙන්න විදිහන්නෑ.“
පාරෙ යන්න එන්න බැරිවෙන්න අඩි හතරක් විතර
ගැලුවට පස්සෙ එන වාහන සේරම එතනිං එහාට යන්න බැරුව නවතිනව. එව්වගෙ ඉන්න අය නාවලවත්ත
පැත්තෙං අනුංගෙ මිදුල් පිලිකනු අස්සෙං ගිහිං ගංවතුර මගෑරල එගොඩහ ගොඩට වෙනව. වාහන
වලට යන්න බැරි හිංද ඒවගෙ ඩැයිබරල එහෙම වාහනේ තියාගෙන නතරවෙනව. සමහරු ආපහු යනව.
පුංචම්ම සිකරැට්, බුලත්විට, විස්කෝතු ආදියෙ මිල වහාම ඉහල දානව.
ගංවතුරෙං අපේ නෑ ගෙවල් වලිං මුලිංම යටවෙන්නෙ
අම්මගෙ මහගෙදරයි පුංචම්මගෙ කඩෙයි. එකම මිදුලෙ තිවුනට ගෙදර ටිකක් උසකිං හදල තියෙන
හිංද ඉස්සෙල්ල යටවෙන්නෙ කඩේ. පාරෙ අඩි හය පිරෙනකොට පුංචම්මගෙ කඩේ මිදුලෙත් වතුර
පිරෙනව. එතකොට කඩේ තියෙන බඩු සේරම ගෙට ගන්නව. ඒ ගමන මිනිස්සු බඩු ගන්න ගෙට එනව.
පුංචම්ම ලාම්පුතෙල් ගැලුම ආතගෙ කාමරේ හංගනව. නැත්තං තව දවස් ගානක් ගංවතුර තියෙන බව
දන්න හිංද මිනිස්සු කඩේ තියෙන බඩුමුට්ටු සේරම ගෙනියනව. ටික වෙලාවක් යද්දි පිටි
මිටිය, හාල්, සීනි ආදියත් ආතගෙ කාමරේ හැංගෙනව. එයිං පස්සෙ බඩු දෙන්නෙ සුදුසුකම්
බලල තෝරාගත් කොටසකට විතරයි. ආච්චම්මටවත්, පුංචිටවත් විරුද්ධව හීනෙකිංවත් වචනයක්
නොකියපු, කඩේ නය තුරුස් වෙලාවට බේරපු, වෙනිං කඩ වලින් බඩු නොගන්න, දලු කඩන්න එනව
කියල නෑවිත් පොල්ල නොතියපු, ගෙදර පැවැත්වෙච්චි සේරම උස්සව වලට උදව්වට ආපු සත්ගුණවත්
අයට විතරයි බඩු දෙන්නෙ. ඉහත සුදුසුකං සපුරාලන්න අසමත් අය ගේ පැත්තට හැරෙද්දිම
ආච්චම්ම පුංචිගෙ කනට කරල මෙහෙම කියනව.
“ඕං තෝර පියසේනගෙ ගෑනි එනව.
දෙන්නෙපා ඕකිට කිසියම්ම කිසි දෙයක්. බොට මතකනෙ ඕකුං කාලෙයක් පල්ලෙහ කඩෙං බඩු ඇරං
අපිට පෙන්න පෙන්න ගියහැටි“
ඉතිං ඒ ගෑනු එක්කෙනා ඇවිල්ල අහන අහන බඩු
ජාති නෑ කියල පුංචම්ම කියනව.
“සීනි තියෙද මැනිකෙ“
“නෑ තෝරක්කෙ“
“හත්තිලව්වයි. ගේ හරියෙ සීනි
ඇටෙයක් නෑ. දැං අර මිනිහ මයෙ ඉහැට්ටත් කයි. සක්කර ඩිංගක්වත් නැද්ද?“
“මොකොවහ්ම නෑ“
එයා අහන අහන එව්වට නෑ කියල එයාව
එලෝගන්නව. ඉං පස්සෙ එන විජේසේන මාමව ගෙට එක්ක ගිහිල්ල හංගපු බඩුවලිං කිරල දෙනව.
එයා තමයි පුංචම්මගෙ බ්ලොග්ගල් ගහන වැඩේට එන්නෙ.
මේ වැස්සත් එක්කම පිටාරට අහුවෙලා ගඟේ ඉන්න
මාලුත් කුඹුරු ලියදි, වලවල් ආදියට එනව. ඒක ඉවෙං වගේ දැනගන්න ගඟේ වැලි ඇටෙයක් ගානෙ
දන්න නිලමෙ මාම, රත්නෙ බාප්ප ඇතුලු නඩෙයක් මාලු බාන්න යනව. කිතුල් පිත්තෙං හදාපු
බිලිපිති වල අගට දිලිසෙන බිලිකොකු අමුනල කර තියාගෙන ‘කුඩ රොඩ්ඩකුත්‘ ඉහිලගෙන සරමත්
තුනටිය ගාවටම කොටට ඇඳං මග ලකුණට බීඩියකුත් පත්තු කරගෙන ඒ කට්ටිය මාලු බාන්න තමුං
දන්න තිප්පොලවල් වලට යනව.
ගංවතුරිං ගමන අවහිර උනත් එගොඩ මෙගොඩ යන්න ඕන
අයට ඔරු වෙං යන්න පුලුවං. මේ ඔරු මුහුදු යන කොල්ලෑව බැඳපු ඔරු නෙවෙයි. මේවගෙ
දෙපැත්තම ඔරු කඳං දෙකක්. අපේ තාත්තත්, ජයකොඩි මාමත්, පරණ ඔරුකාරයෙක් වගේම අපේ ආතගෙ
මල්ලි වන වල්මී ආතත් තම තමංගෙ ඔරුවලිං පුංචම්මලගෙ කඩේ ගාව ඉන්න සෙනග අරං ගිහිං
අනෙක් කොනේ නිලමෙ මාමගෙ ගෙවල් ගාවිං බස්සනව. සමහර වෙලාවට මෝටර් බයිසිකල් පවා එගොඩ
කරනව. ඒ වෙලාවට ඔරුවෙ තියෙන වෙනම ලැල්ලක් පොලවෙ ඉඳල ඔරුවෙ තට්ටුවට තියල බයිසිකලේ ඒ
ලැල්ල දිගේ නග්ගනව. ඔරු පැදීමත් හැමෝටම කරන්න බෑ. සමහර ඔරුවලට දෙන්නෙක් හබල්ගාන්න
හිටියට ගොඩක් වෙලාවට ඉන්නෙ එක්කෙනයි. ඔරුව කෙලිං ගෙනියන්න වගේම හරවන්නත් උපකාරෙට
තියෙන්නෙ හබල විතරයි. කොයිතරම් වාර ගානක් ඔරු එහෙමෙහෙ යනව දැක්කත් ඔරු අනතුරක්
සිද්ද වෙලා තියෙන්නෙ එකම එක වතාවක් විතරයි.
එදා
වල්මී ආතගෙ දිරච්ච ඔරුව පුවක් ගහක වැදිල කෑල්ලක් කැඩිල පෙරලිලා ගිහිං. හොඳ වෙලාවට
කවුරුවත් මැරුනෙ නෑ. හැබැයි වල්මී ආත එදා වටේ හිටපු සේරම ඔරු කාරයො එක්ක රන්ඩු
කොරල හිටපු හිංද කවුරුවත් උදව්වට ගිහිං නෑ. පස්සෙ ඔරුවෙ එක කඳක් බදාගෙන හිටපු
මිනිහෙක්
“මෙන්න මිනිහෙක්ට ළමෙක් හම්බුඋනෝ
“
කියල කෑගැහුවයිං අපේ ගමේ සේරම ඔරුකාරයො
එතන්ට ඒ අරුමෙ බලන්න එකතු වුන බවත් ඒ විගහිං අනතුරට ලක්වෙච්චි අය අනික් ඔරු වලට
පැනගත් බවත් මට කිව්වෙ ගල්කොටුවෙ ආනංදෙය.
ඔරු පැදීමෙං වාසි වෙන්නෙ දලු ගෝනි ගෙනියාමෙං.
එහාගොඩේ තියෙන ලොරියක දලු ගෝනි ගානට මෙගොඩහට ඇදල දෙන එකෙං හොඳ ගානක් හොයන්න
පුලුවං. ඔරුව යංතං නොගිලෙන ගානට පුල් ලෝඩ් පටෝල මෙගොඩහට පදින්න දක්ස අපේ තාත්තත්
එයාගෙ කසිප්පු මිත්‍ර ජයකොඩි මාමත් විතරයි.
මේ ඔරුවලිං එහෙ මෙහෙ අපිව එක්කං යන්නෙ නෑ.
මාව නිකං එක්ක යනව වගේ නෙමෙයි අනික් මිනිහෙක් එක්ක ගියොත් රුපියල් පහක් හම්බෙනව. ඒ
හංද මං ගොඩක් වෙලාවට කරන්නෙ ඔරු යනහැටි බලං ඉන්න එක. ඒ වුනාට පීටර් ආතලෑ වසන්ත
ඇතුලු කොලු නඩේ කෙහෙල් ගස් දෙකතුනක් පෙරලගෙන එව්ව ලාඩප්ප කෝටු දෙහෙකිං උලගහල
හදාගන්න කෙහෙල් කොට පහුරක් හරි උන ලී මිටි දෙක තුනක් බැඳල ඒව හරහර පොලු ගැට ගහල
හදාගන්න උන පහුරක් හරි අරං හබලක් නැත්තං ගෙදර දොදොල් හැඳිගාන පත්ත හරි හබලට අරගෙන අනුංගෙ
කුඹුරු උඩිං පොල්වතු මැදිං යමින් පොල් අහුලනව. වෙනදට අමාරුවෙං බඩගාන ගස්වල කරටිය
අතිං අල්ලන්න පුලුවං ගංවතුරෙ ඒගොල්ලං පහුරු පදින හැටි බලං ඉඳල වැඩිහිටියො
ඉරිසියාවෙං පැලෙනව.
“ආං බලහල්ල වසංතෙය අර බඩකඩිත්තුවක් පැදගෙන යන හැටි. අද ඕක පොල් ඇට්ටියක්වක්
තියනෙකක් නෑ“
“ඕකට සන්නිය හැදෙන්නැද්ද මංද මේ වැස්සෙ වතුරෙ ජබු ගහල“
ඒ මොනව කිව්වත් ඉහෙං බහින ලෙඩන් හැදෙන්නැති
වසන්ත එකම එක පාරක් ගංවතුර හිංද දරුනු බඩේ අමාරුවක් විතරක් හදාගත්ත. ගංවතුරෙ පොල් කඩන ගමං
කුරුම්බෙයක් කඩල බීල ඒකෙ මදෙත් කාල කෝම්බ දෙක වතුරට දාල මිනිහට බඩේ අමාරුවක්
හැදුන. එහෙම වෙන්නෙ දියකූඩැල්ලො අර කුරුම්බ කෝම්බෙ ඇල්ලුවහම.
අම්මප බොලාගෙ පොලේ යාම වගේ තමයි ගංවතුර කතාවත් මාර විදියට ලියල තියෙන්නෙ.
ReplyDeleteඔය අවුරුද්දකට සැරයක් නොවරදවා ගලන ගංවතුරට යටවෙන මිනිස්සු ඒ කාලෙට ඒකට රෙඩි වෙලා ඉඳල වැඩේ උනේ නැත්තං බොහොම සෝකයට පත්වෙනව තමයි. ඒ වගේම සීසන් එක මාරු වෙලා වැඩේ උනොත් කට්ටිය නන්නත්තාර වෙනව.
කරුමෙ කියන්නෙ අපේ පැත්තට ආසාවටවත් ගංවතුරක් ගලන්නෙ නැති එකනෙ.
//නෑ ඒක නෙමේ. අර ගොරක්ගහ ඒ කාලෙ පැලහැට්ටක් වෙන්නැතිනෙ. ඕන්නං අඩියක් හමාරකට වඩා ඉන්නැතුව ඇති// හැක්.. ඒක නියම කතාව.
තංතෝස වෙයං අයියා බොට ගංවතුර නැතියෙක ගැන. ඕ හැටි ඕන්නං දොහක් මහවැලි ගඟේ බැහැල හිටාං ආසාව යන්න.
Deleteආයි අපෙ ආතගෙයි ගුනවර්දන මාමගෙයි කෙබර වෙනම ලියන්න ඕන
ලියහං කො කෙබර ටික වෙනම පෝස්ටු දෙක තුනක්කත්... මයෙ ගජබින්නත් හිඳීගෙන එන්නෙ.
Deleteඩ්‍රැකී
Deleteමුසාවාදා වේරමනී සික්කාපදං සමාදියාමි
හපෝයියා...2003 ගංවතුර නම් අපිටත් හොඳට සැලකුවා. අපුරු ආපදා කලමනාකරණයක් තමා පුංචි අම්මා කරලා තියෙන්නෙ. ඕකට තමා කියන්නෙ බොර දියේ මාළු බානවා කියලා. " තෝර නැන්දා.". " වල්මී ආතා" එයාලට ඒ නම් කියන්නේ ඇයි.වල්මීයා කියලා සතෙක් ගැන නම් දන්නවා. මීමින්නාට කියන්නෙත් අපි වල්මීයා කියලයි. කතාව නම් රසයි. විශිෂ්ටයි.
ReplyDeleteඒ ගංවතුර ගැන වෙනම ලියන්නං. 2002 නේද?
ReplyDeleteතෝර ගෙදර පියසේනගෙ පවුල.් තෝර තමයි
වල්මී ආත කියන්නෙ, දවසක් බූරු පොලට පොලිසියෙං පැන්න වෙලේ මිනිහ වැටෙං රිංගපු තැන දැකල පොලිස් කාරය කිව්වලු ‘මූ නං වල්මීයෙක්‘ කියල.
එදා ඉඳං එයා වල්මී පුංචි මහත්තෙය. ඕක කිව්වම මිනිහගෙ කට රිට වගේ වෙනව
අපේ බස් ඩැයිබරල ගං වතුරෙ බස් ඇරං යන විද නං හරිම අපුරුයි නේ..
ReplyDeleteසුද්දෙක් එහෙම දැකෙත්ආපදා සහන සේවා වලට ඇරං යනව සිටිසෝං එකත් දීල ඕ යේස්...
මෙහෙත් ඕ වගේ ගං කෙබරයෙක් හිටිය මිනිහට කීයෙ පතෝලය කියල හෙහ්.. මිනිහ කියන කෙබඑ වලට ගහන්න කෙබර නෑ සුරංගයො
වතාවක් ඕ යකා කොටියෙක් ගෙ කටිං අත දාල නැට්ටෙං ඇදල අනික් පැත්ත ගහල තියේ කියන්නෙ
හෙහ් හෙහ...
මනිහගෙ කතාත් ලීවැකි ගමකට
බ්ලොග් ලෝකෙත් හිටිය කෙබර චන්දන කියල එකෙක්. ඌ බ්ලොග්ගෙත් අකුළගෙනම ගියානෙ.
Deleteචන්දනයගෙ කෙබර නං තාත්විකය
Deleteඩ්‍රැක කෙබර ඇද බාන්න ගත්තම චන්දනය ගියා දැං ඩ්‍රැකා කෙබර ඇද බාන්නෙත් නෑ
හැක්
ඒගමන පටං ගත්තද සේරොම එක්ක මෙතන කෙප්ප කෙලින්න
Deleteසුරංගයා, උඹලෑ පැත්ත වගේම තමයි ගමපහ දිස්ත්‍රික්කේ ඉන්න අපේ පැත්තත්, ඉස්සර නිතරම කැළණි ගඟේ පිටාර පාරට යට වෙනවා. බියගම පාර දිගටම යට වෙනවා කොළඹ යාගන්න බැරි වෙන්නේ. නෙද්දකිං, වඳුරෙක් හුජ්ජ කරත් මේ පැත්ත යට වෙනවා කියලා තමයි දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෝ කිව්වේ.
ReplyDeleteඔය ගංවතුර කාලෙට ගං වතුර බලන්න යන එක අපේ ප්‍රියතම විනෝදාංශයක්. ගංවතුරට තාර පාර යටවෙලා තියෙනකොට ඕං මරු මරු සීන් දකින්න පුලුවං. ඕං ගංවතුර හරහා ගෑණු කට්ටියක් කතා කරකර ඇවිදගෙන යනවා. එන්න එන්න රෙදි උඩට කැටි කරලා උස්සගන්නවා. දැන් නම් කලවා හරියත් වැහිලා කියහංකෝ. ගෑණුංගේ කතාව ඉතිං උඹ දන්නවනේ. දැං රෙදි හොඳටම උස්සගෙනත් කතාව. දැං ගං වතුරේ මැද නොහොත් ගැඹුරුම තැනත් පහුවෙනවා. දැං හරුනම් උඩට උස්සගත්ත රෙදි ක්‍රමක්‍රමයෙන් පහළ වැටෙන්න ඕනෙ වුනාට එහෙම වෙන්නේ නෑ. මොකද කතාව වැඩි කමට. දැං වතුර යන්තම් පතුල් වැහෙන ගානට. ඒත් රෙදි හොඳටම උස්සගත්ත ගෑණු චරෝ චරෝ ගගා කතා කරකර වතුරෙන් ගොඩ වෙනවා. ඉන් පස්සේ රෙදි පාත දාන්න මතක් වෙන්නේ ගොඩබිමත් සෑහෙන දුර ගියාට පස්සේ.
ඔය කියනනෙ අඩි තුනේ මට්ටම. අපේ ගමෙත් ඉන්න ගෑනු අයත් අඩි තුනට රෙද්ද උස්සන අය තමා. ඒ වුනාට මං පොඩි එකා. ඒ නිසා මට ඔව්ව පේන්නෑ.
Deleteබියගම පාර හතර වටින් වට වුනාම අපිට හෙන ආතල්.. අපි කොටු වෙනවා.. ගංවතුර කියන්නේ අපිට නම් ඒ කාලේ හරිම ආතල් ජනක සිද්දියක්..
Deleteඒ කියන්නේ ගංවතුර ගැලිම වනාහී එකම ආතල් ලෝකයක් වගේ නේද ? කට්ටිය ඉන්නෙ එහෙම කොහෙද, ඔය ගොරොක් ගස් උඩින් වතුර ගලනකොට....?
ReplyDeleteඇටැම්පිටිය පැත්තෙනම් සිගරට් එකට "සියැට් එක" කියනවා මම අහලා තියනවා... "සිකෑට්ටෙයක්" ගැන අද තමා ඇහුවේ
ඇටැම්පිටියෙ වෙනම බාසාවක්නෙ. දැං ඔය පෙලක් කුලවලට හෙමත් කියන්නෙ වෙනමම නංනෙ.
Deleteඔය කටේ හුරුවට හැදිච්චි වචනනෙ
වැස්සට කඩදාසි බෝට්ටු පා කලේ නැද්ද සුරංග?
ReplyDeleteඇයි පොඩ්ඩි ඔයාලගෙ ඩාර්ලිං ගඟ මරේ ගඟ හෙම ගලන්නේ නැද්ද ආසාවටවත්?
Deleteගංවතුර ආසාවටවත් දැකලා නෑ. නියඟවල් (වතුර නැති කාලවල්, ඒ කියන්නේ, කාර් හෝදන්ට, පැලවලට වතුර දාන්ට, විනාඩි කීපයකට වඩා ඇඟ හෝදන්ට තහනම් කාලවල් ) නම් දැකලා තියෙනවා. :D
Deleteඅපිට නම් 2011 ගංවතුරක් ගැලුවා හැබැයි එක තනිකරම mens made එකක් dam එක පුපුරලා කඩාගෙන යයි කියලා හිතලා flood gate ටික එකපාරට ඇරියා
Deleteකියල වැඩන්නෑ හොඳේ. ඔය කුමාරිහාමිට මං කට කැඩෙනකං කිව්ව ඔය ඉන්න රටක් රාජ්ජෙයක විස්තර ලිය ලිය ලිය කියල. කෝ අහනවයැ. වෙනිං බහුබූත ලියනව මිසක්ක
Deleteඔය ගංවතුරට පාර යට උනාම නිකං අතපොරෝගෙන ඉන්ට එපල්ල බොල. කොල්ලො උනහම ව්‍යාවසායකත්වය ප්‍රදර්සනේ කොරන්ට ඕන. ඒ කියන්නෙ Entrepreneurship කොටිම්ම කිව්වොත් බිස්නස් මයින්ඩඩ් වෙන්ට ඕන. ගංවතුරෙ වලවල්වල වැටිල නැවතිල තියෙන වාහන තල්ලු කරල ගතමන්ට් එකක් හොයාගන්ට තිබ්බනෙ බොලාට ඔය කාලෙට.
ReplyDeleteඒ කාලෙ මනම්පිටිය පාර අනිවා දෙසැම්බර් මාසෙ යට වෙනව. ඒ වැස්සට කියන්නෙ හත්දා වැස්ස කියල . දවස් හතක් එක දිගට වහිනව. අපිත් ඒ කාලෙ යනව ගංවතුර ආතල් එක බලන්ට.
මෙන්න බලනකොට අපෙ චෙක් රෝලෙ අබූබකර්ගෙ මල්ලිත් ඉන්නව කොල්ලො රෑනත් එක්ක වාහන තල්ලු කරන වැඩේට බැහැල. ඕකගෙ නම මුස්තාපා. අබූබකර් වෙනුවට සමහර දවස් වලට වැඩට ඇවිල්ල මම ඕකව අඳුනනව.
" මුස්තා..උඹලටනම් ගංවතුරෙං වාසියි නේද බං? "
එතන ඇළ කණ්ඩිය උඩ ට නැඟල ගල් තලාවෙ වාඩිවෙන ගමං මම ඇහුව. ඔය පාරෙ තමයි පාසිකුඩා එහෙම යන්නෙ. කොළඹ පැත්තෙ හොඳ ඇහැට කණට පේන කෙල්ලො ජීන්ස් එහෙම උඩටම නමාගෙන සෙරෙප්පු සපත්තු අතේ අරගෙන " බ්ලඩි ෂිට්..වට් ද හෙල් සිස්. බිස්.." .කියකිය මූණු රතු කරගෙන යනහැටි බලන්ට ලස්සනයි.ඒ හින්ද අපිත් නිතර දෙවේලෙ ඔතනම තමයි.
" ඔව් මහත්තය දන්නෙ නැද්ද ඉතිං? මිනිස්සුන්ටත් උදව්වක් කරල කියක් හරි හොයාගන්නව අපිත් ඉතිං….." මුස්තා හිනාවෙලා කිව්ව.
ටිකකිං මම දැක්ක එතනම එහා පැත්තෙ පලු ගහට හේත්තු කරල තියනව අලවංගු දෙකකුයි උදැල්ලකුයි.
" මුස්තා මොකටද බං මේ අලවංගුයි උදැල්ලකුයි ? " මම ඇහුව. " වාහනේ ගොඩගන්ඩම බැරිවුනොත් රෝදෙට තියල අල්ලන්ටද? "
" නෑ මහත්තය….. වාහන එන්නෙ නැතිවෙලාව බලල අපි ඔව්වයින් වලවල් නැති හරියෙ වලවල් කපනව. "මුස්තා කිසි ගාණක් නැතුව කිව්ව.
හැක්... උං බිස්නස් එක වවාගෙන කාල.
Deleteඒකට තමා එන්ට්‍රපෘෘනර් ද මක්කද කියන්නෙ ප්‍රසන්නය්යෙ හැක්
Deleteරවී තව හොඳ 'බිස්නස්' එකක් තමයි ගංවතුරෙ යන්න බැරි බබලත්තු වඩාගෙන ගිහින් දාන එක. වයසක උන්දැල නම් සල්ලි ගෙවල යයි. තරුණ උන්දැල වඩාගෙන යන්න තියෙන ඩිමාන්ඩ් එකට සල්ලි ගෙවල තමයි උස්සගෙන යන්න වෙන්නේ.
Deleteඔය වගේ කතාවක් තිබ්බා ගුණදාසලියනගේ ගෙ ("ගෙ" යනු ගාණ හරි නේ?) ගුවනින් ගිය ගොඩයා කතාවෙ. පොර මහා ගංවතුරක, (හැත්තැ ගණං වල මයෙ හිතේ) බස් එකක් කතා කරගෙන මඩකළපුවෙ ඉඳං ඇවිත්. ගංවතුර සැර තැං වල බස් එක තල්ලු කරලති තියෙනව කොල්ලො සෙට් එක. සමහර තැං වල පාරෙ අගල් කපල තිබුණලු ඒ පැත්තෙ උදවිය.
Deleteඕං පෙනේද තම්බිංගෙ තරම බොලාට පෙනෙයි. උං ගංවතුරෙත් වලවල් කපන එවුං. යකෝ රට ජාතිය, ආගම අනතුරේ. සිංහලයා ගංවතුරේ. ඒකෙත් හම්බයො වලවල් කපල. තවත් හ@##$%
Delete(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි)
ඩ්‍රැකි හරි, ඔය වගේම කතාවක් තමයි ගුවනින් ගිය ගොඩයා කතාවත්, මම කියෙව්වේ පරණ සිංහල පෙළ පොතක ඒ කතාව තිබිලා...
Deleteඒකෙ තිබ්බ විදිහට ඔය විදිහට අගල් කපලා මිනිස්සුන්ගෙන් ගසා කාපු මුස්ලිම් මිනිස්සුන්ව හඳුන්වල දීල තිබ්බේ මට්ටයෝ කියලා...
සුරංගයො.. මං හිතන්නෙ ඔය උඹ කිව්ව ඔරු ජාතියට කියන්නෙ අඟුල කියල... අපේ ඉසව්වට ගං වතුර නැතත් හයියෙන් වහින කාලෙට කෙහෙල්කොට පහුරු දියත් කල උදවිය තමා අපිත්... වැස්සට කුඹුරු පිටාරෙ යනකොට ඉහත්තෑවට එන මගුරො අල්ලන්නත් කට්ටිය සෙට් වෙලා හිටිය... වෙනද වගේම මසුරංපහට ලියල.. ජයවේවා.
ReplyDeleteසජ්ජො මතකද ගං වතුරේ ඔරු පැදීමු කියල පාඩමක් තිබ්බ හතරෙ හරි පහේ හරි පොතක
Deleteඋඹ නං නාකිය වෙච්ච එකේ මතකද දන්නෑ
නැතුව ඉතිං... ලොහ් කොල්ලො ඔව්ව අපට තාම මතකයි..ලොහ් ලොහ්
Deleteඅපෙ අම්ම ගාව තාම තියෙනව ඔය පාඩම කියෝල මං ලිව්ව රචනාවක් පරිස්සම් කරල.... හි හි....
Deleteලොහ් ලොහ් ගාන්නෙ මොකද බං.. හැක්... හිනාවෙන්නත බැරිව ඇති නෙ නෙහ් හිහි
Deleteඑහෙනං ඒ රචනාව අති විසිස්ට වෙන්න ඇති හික්ස්
එහෙනං විස්සෙං දෙකයිලු අඩු රචනාවට. ඒ කිව්වෙ අර බිංදුවට කලිං ලියන 2
Deleteගංවතුර ගැලුවා වුණත් , ගම ගැන කරලා තියන විස්තරය හරිම සිත්ගන්නාසුළු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා වගේම ගමේ මිනිස්සු හිතන පතන විදිහ වුණත් නිර්ව්‍යාජ ආකාරයෙන් දක්වලා තියෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න කම්මලගෙ නිවුන්නි ඇවිත්...
DeleteAnuththara
Deleteඇත්තටම මෙතන සෑහෙන්න කප්පාදු කරල තියෙන්නෙ හිතන පතන කියන විදි. නැත්තං මට අසභ්‍ය චෝදනා යටතේ චෝදන එන්න පුලුවං. අනික ගමේ සුංදරත්වය කාටත් එපාවෙන්න පුලුවං.
නියම ලියවිල්ල. ඔය ගමට හිතෙන් ගියා.
ReplyDeleteඔහේ ගංවතුරට අහුවෙලානං දන්න කියන එකෙකුට මැසේජ් එකක් දාන්න. අපි එන්නං බෝට්ටුවක්වත් අරගෙන.
Deleteඉයං
Deleteගිය දිහාකිං වරෙං අපෙ පවුලෙ උන්ට අහුනොවී.
නියමයි ඈ......... එක දිගට කියවං ආව............. විස්තර කිරිල්ලනං පට්ටයි........... අපිට ඉතිං මොන ගං වතුරද.............
ReplyDeleteආපිකෝ හයිබිජ් වතුර ටැංකියක් ගත්තනං හැමදාම ගංවතුර තමයි.
Delete(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්නීමකි)
කුකුළේ ගඟේ ගංවතුර කාලෙට ගස් නගින්න පුරුදු වුණ කිඹුලෙක් පායන දවස්වලටත් ගහකට නැගලා අව්ව තපින්න පුරුදු වෙලා හිටියලු. මේ ගඟේ ඔරු හොරෙන් වැලි ගොඩ දාපු අන්දිරිස් මාමා දවසේ වැඩ අහවර වෙලා හොර පොට් එකකින් වෙල් බියර් පාරක් හෙම දාගෙන සීපදයක් කියාගෙන සිග්සැග් හැඩේට වැනි වැනි ගෙදර ගියාලු. හැමදාම කිඹුලත් ගහ උඩ මේ සීපද අහගෙන ඉන්න පුරුදු වුණා. හැමදාම අහගෙන ඉඳලා විතරක් හරියන්නෑ කියලා හිතපු කිඹුලා අන්දිරිස් මාමා ගහ යටින් යනකොට " බේබද්දා.. බේබද්දා...ඔන්න එනව බේබද්දා කියලා කොචොක් කරනවලු. අන්දරිස් මාමට ඉවසුම් නැතිවෙලා දවසක් කිඹුලා ගහෙන් බිමට බැහැපු වෙලාවක උගේ කටට අත දාලා වලිගෙන් අල්ලලා කිඹුලා කණපිට ගහලා විසි කරාලු ගහ උඩට. ඊට පහුවෙනිදාත් අන්දිරිස් මාමා හොඳටම බීලා වැනි වැනී ලහ යටින් යද්දි අමුතු සද්දයක් අහෙනවලු. " බා බෙද්දා... බා බෙද්දා..එන්න ඔනව බා බෙද්දා.." කිඹුලා කණපිට බාසාවෙන් එහෙම කීයනවලු.
ReplyDeleteඒක මරු කතාව ... කිඹුලා කනපිට භාෂාව දැනගෙන ඉදලා .....හී ...
DeleteThis comment has been removed by the author.
Deleteඔය කතාව ඉස්සර අයුබොවන් එකේ ප්‍රේමකීර්තිද අල්විස් කියපු එකක් නේද?
Deleteපට්ට යකෝ...
Deleteමැංචෝසන් සාමි වරයත් සැරයක් වෘකයෙක්ව කණපිට ගැහුවලු ඔය විදිහට.
අපෙ අම්මත් කීපවිටක් කිව්ව “තෝව මං කනපිට ගහනව කියල“. හොඳ වෙලාවට මං තාමත් හරි පිටට ඉන්නව.
Deleteබැලුවහම ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ගෙ සේසතම සුද්ද කරගෙන තියෙන්නෙ උබලගෙ පුංචිඅම්ම නෙ.
ReplyDeleteගංවතුර ගැලුවහම පීඩාවට ලක්වෙච්ච අයට කැම බෙදනව නේද.. ඒව ලැබුනෙ නැද්ද ?
පැනිිකු
Deleteකෑම බෙදීම ගැන වෙනමම ලියන්නං.
වෙනද වගේම තව ටිකක් තිබ්බනම් හොඳයි ඉතින්...අපිට ඉතින් ගංවතුර අත්දැකීම් නම් නැහැ.. සුනාමි අත්දැකීම් තමයි තියෙන්නේ..
ReplyDeleteඅප්පේ සුනාමි එක්ක බලද්දි ගංවතුර මොනවද?
Deleteමම ගංවතුරක් දැක්කේ බදුල්ලේ ලුණුගල කුඹුක්කන් ඔය ගලනවා. මුළු පාරයි වෙල් යායයි ඔක්කොම යටවෙනවා. මේ කියන විධිහම තමා කැටිය බලන් ඉන්නේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=4595
මං බදුල්ලෙනං ගංවතුර දැකලම නෑ.
Deleteගංවතුර කාලෙ මැවිල පේන්ඩ ලියපු මසුරං ලියවිල්ලක් සුරංග.
ReplyDeleteඅපිටත් අවුරුද්දකට සැරයක් අත්තනගලු ඔය හින්ද ගංවතුර අත් දැකීම් තියනව. උදේ පාන්දර ඔය බන්ට් එකෙන් ශෝ... ගාල එක දිගට වතුර දාන සද්දෙ ඇහෙද්දි මිදුලට ගියාම ලස්සනට පේනව . ඊට පස්සෙ ගම පුරා තියන කෙහෙල් ගස් කපල ඔරු හදාගෙන වැව වාගෙ තියන වෙලේ දවසම පදිනව.
රෑට මාළු අල්ලන කට්ටිය කෑලි 6 ටෝච් ගහගෙන' චොක්' ගගා මාළු කොටනව. අර ඩූඩ් කිවුව වගේ පාරට වතුර දාපු තැන් වලින් එගොඩ වෙද්දි තමයි රෙදි උස්සන් ගිහින් වතුර අඩු තැන් වලදි අමතක වෙලා පහලට නොදා යන්නෙ.
දවස් හතරක් විතර වතුර අල්ලල හිටියොත් වෙල් වල හිටපු කූඩැල්ලො පාරටත් ඇවිත් යන එවුන් භීතියට පත් කරනව .
ඔය මාලු ඇල්ලිල්ලටනං මං විරුද්දයි. කතරගම යන ගමං එවෙලෙම වැව්වලිං බාවෝගෙන මාලු බැදං කන බැතිමත්තු ඉන්න රටක් මේක.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපෙ තාත්තගෙ තිබුණ දිග මන්නයක්. (ඒකෙ කැපෙන තලේ තිබ්බෙ අගිස්සෙ. ඒකෙ ඉඳං ජිරාපෙයගෙ බෙල්ල වගේ කොටසක් ඇවිත් මිටට හයි වෙන්නෙ.) අපි දවසක් ඕකෙං ලූලෙක් කෙටුවා වැස්ස කාලෙ.
ReplyDeleteඅර වගේ සිගරැට් පත්තු කරන්න ගැජට් එකක් අපේ ගමේ බේකරි කඩේ තිබුණා මට මතකයි අපි පුංචි කාලෙ. ඒකෙ ටින් දෙකක්ක එකට ඈඳල තිබ්බා. එක ටිං එකක භූමිතෙල් දාලා, ටින් දෙක සම්බන්ධ වෙන තැන සිදුරු කරලා, අර භූමිතෙල් ටින් එකේ ඉඳන් එන පාංකඩ තිරයක් අනිත් ටිං එකට ඇදලා, අනිත් ටිං එකේදි පත්තු කරලා තිබුණා. අර දෙවෙනි ටිං එක නිසා හුළඟට දැල්ල නිමෙන් නෑ. සුරංගගෙ ලියවිල්ල කියවද්දියි එහෙම එකක් තිබුණ කියල මතක් උනේ.
සමහර කඩවල්වල කොනක් පුච්චපු ගෝනි නූලක් තියෙනව මං පරන සිත්තරපටියක දැක්ක
Deleteගං වතුරට ඉංගිරිසියෙං කියන්නෙ ග්ලූ වෝටර් කියලනෙ. විලේජ් වෝටර් යැ...?
ReplyDeleteනෑ ඩැකී ඒ බෝතලේ තියෙසන්නෙත් විලේජ් තමයි. දැං ඔය අපේ ඔපීසියෙ ඉන්න සමහර පොෂ් නගාල ගම්බෝතලේ ඉල්ලන්නෙ
ReplyDelete“මට්හ විලේජ් බොට්ල් එක දෙන්න“
කියලනෙ
අපේ ගෙදරට ගංවතුර ආපදාවක් ඇතිවෙන්නේ නැහැ කන්දක් උඩ ගේ තියෙන නිසා...
ReplyDeleteනමුත් අපේ ගෙදරට හැරෙන හංදියට පොඩ්ඩක් එහා ඉඳලා පාරවල් විතරක් නෙමෙයි ගෙවල් දොරවල් පවා යටවෙන මහා ගංවතුර එනවා...
මට මතක විදිහට 2002 දීද කොහෙද ආපු ගංවතුරට තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවෙනුත් බාගයක් යට උනා...
ඒ වතාවේ අපි කෙසෙල් කොට, උණ ගස්, පුළුන් කොටයක් සහ 200 බැරල් එකක් එකට අමුණාගෙන පහුරක් වගේ එකක් හදාගෙන ගමේ එව්වෝ 7 දෙනෙක් සෑහෙන දුරක් පහළට පැද්දා. යන අතරමගදී ගස් නගින්නේ නැතුව අතින් කඩාගන්න පුළුවන් කුරුම්බා කඩාගෙන බීලා ගත්තු ආතල් එක අදටත් අමතක නැහැ...
ආපහු එද්දී උඩහට පදින්න බැරි නිසා අපේ පහුර වගේ අයිතමය පහළ ගමේ අයිනකට ඇදලා දාලා පයින්ම ගෙවල් බලා ආවා...
ඒ පාර ගංවතුර සතියක් විතර අල්ලලා තිබුනා...
මම හිතන්නේ ශ්‍රංග ලගේ පැති වලට ගොඩක් අලාභහානි සිද්ධ උනා නේද...
අපිට නම් ගංවතුර එන්නේ නෑ . හැබැයි අම්මා පොඩිකාලේ එයාලගේ ගමේ නම් සැමදා ගංවතුරලු. ගම්පොල ඉස්ටේසමේ ගහල තියනවා විස්තරේ.
ReplyDeleteකැළණි ගඟ හැම අවුරුද්දෙම වගේ උතුරනවා.. අපි පොඩි කාලේ හැම අවුරුද්දෙම ඔය ගංවතුර එනවා.. මම හිතන්නේ තාමත් බියගම පාර යටවෙනවා ටිකක් වැස්සත්.. අපේ ගෙවල් වතුරට යට වෙන්නේ නෑ හැබැයි එලියට යන්න බැරි විදියට පාරවල් ඔක්කොම යට වෙනවා.. මරු ආතල් තමයි ඉතින්.. කෙහෙල් කොට ඔරු වල ඉස්සර මට යන්න දෙන්නේ නෑ.. අම්මල ඒවා පෙරලෙයි කියන බයට.. මම ඉතින් ඔය එච්චර ගැඹුර නැති තැන් වල ඔරුව පදිනවා..
ReplyDeleteඑකම එක සැරයක් අපි මාළු ඇල්ලුවා.. කම්බි කොක්කක ඇමක් දාල.. එකට අහු වෙච්ච මාළුවාගේ කට ඇතුලෙන් ගිහින් කටුව අනිත් පැත්තෙන් මතුවෙලා තියෙනවා දැකල මට ජීවිතේටම මාළු බාන එක එපා වුණා...
ගංවතුර කිව්වම මතක් වෙන ජාති ගොඩයි...
මටත් ගංවතුර ගැන සජීවි අත්දැකීම් නෑ..අපේ සුදු මහත්තයට නං තියනවා.අහගෙන වෙලාවක ලියන්නංකෝ..පස්ටයි ලියවිල්ල නං
ReplyDeleteela. ...
ReplyDelete/ආච්චම්මටවත්, පුංචිටවත් විරුද්ධව හීනෙකිංවත් වචනයක් නොකියපු, කඩේ නය තුරුස් වෙලාවට බේරපු, වෙනිං කඩ වලින් බඩු නොගන්න, දලු කඩන්න එනව කියල නෑවිත් පොල්ල නොතියපු, ගෙදර පැවැත්වෙච්චි සේරම උස්සව වලට උදව්වට ආපු සත්ගුණවත් අයට විතරයි බඩු දෙන්නෙ.// ඔන්න ඔහොම කරොත් තමයි බිස්නස් සරුවෙන්නේ.. පුන්චි අම්මා "අද මුදලට .. හෙට ණයට" "ණයට ඉල්ලා අමනාප නොවන්න " වැනි බෝඩ් ගහලා තිබ්බේ නැද්ද කඩේ ..?
ReplyDeleteකෝ දැං පොඩි කුමාරිහාමි??
ReplyDeleteහුටා දාපු රිප්ලයි එක වෙන තැනක වැටුනේ
ReplyDeleteගංවතුර කාලෙ ගංවතුර කතා