Sunday, August 9, 2015

වට වංදනාව නොහොත් Circle Pilgrimage 10





වියළි කලාපෙට ඉර පායන්න කලිං අපි අපේ ඊළඟ සිද්ධස්ථානෙට යනව. ඒක බොහෝවිට ඔය අහල පහලකම තියෙන තැනක් තමයි. උදෙංම ඒ සිද්ධස්ථානෙ වැඳ පුදාගෙන ඒ අවටම තැනක හෝ පාර අයිනෙ ඉඩ ඇති තැනක බස්සෙක නවත්තල උදේට කනව.

ඒකත් අර විදිහම තමයි. උදේ කෑම දාල තියෙන සාස්පාන් ටික බිමට අරං සුදුසු තැනක තියා ගන්නව. බොහෝවිට ගහක් යට නොවන තැනක. ඉං පස්සෙ බෙදුංකරුවො තමං වෙත එල්ලවෙන සෑම පිඟානකටම බෙදාගෙන බෙදාගෙන යනව. අන්තිමට ඉතුරු වෙච්ච දෙයක් තිබුනොත් එව්ව අහල පහල ඉන්න අයට හරි, සිද්ධස්ථානයක් ළඟනම් හිඟන අයට හරි දීල අපි අපේ ගමන පිටත් වෙනවා.

කුරුල්ලන් කීචි බීචි හඬ නංවමින් උදෑසන සිය ආහාර සොයා යන අතරෙ, වියළි කලාපෙ කුඹුරු, හේන්වල බවභෝග සුළඟේ වැනෙමින් සිය පිනි වැකුනු අතු පතර විදහා දක්වද්දි, ඉරු කුමරා සිය රැස් දහර මහ පොළවට සෙමින් සෙමින් පතිත කරද්දි, පෙරදා රැයේ සහ උදේ පාන්දර ඉවුම් පිහුම් කරමින් නිදිවැරූ අපේ බාප්පා ඇතුළු පිරිස කටවල් ඇරගෙන, බසය පැද්දෙන තාලයට ඔරලෝසු බට්ටන් මෙන් පැද්දෙමින් නිදාගන්නවා. ඔය අතරෙ හමුවෙන පලමුවැනි නගරයෙංම නැවතත් කලු කවරවලට බඩු වගයක් ගන්න බස්එක නවතිනව.

ඒත් එක්කම තවත් කීප දෙනෙකුත් බහිනවා. ඒ තමයි කැමරාකාරයෝ. ඒගොල්ලං යන්නෙ කැමරාවට දාන්න ‘රෝලක්‘ අරගන්න. ඒ දවස්වල වන්දනා ගමනක් යන අයගෙන කීප දෙනෙක් ගාව තියෙන භාණ්ඩයක් තමයි කැමරාව. ඒවට දැම්මෙ ‘රෝල්‘. 12, 24,36 කියල එක එක සයිස්සෙකේ රෝල් තියෙනව. රෝලක් අරං තමන්ට කැමරාවට දාගන්න තේරුමක් නැත්නං ඒක ඉස්ටුඩියේකෙ ඉන්න එක්කෙනාට කියල දාගන්න ඕන. අපෙ බාප්ප ගාවත් KODAK කියල ලියාපු රිදි පාට කැමරාවක් තියෙනව.  බාප්පගෙ වුනාට ඒක පාවිච්චි කරන්නෙ අයියයි, අක්කයි.

කලු කවරෙ බඩු පිටිපස්සෙ සීට්ටෙකේ මුල්ලෙං තියල පස්සෙ එක එක්කෙනා වෙන වෙනම එතන්ට ගිහිං පාත්වෙලා ආහම ආයිමත් සිංදුව පටං ගන්නව. මාත් කෝටු කෑලි දෙක අරං වාදනේ පටං ගන්නව. හරියටම ඊළඟ සිද්දස්තානෙ ගාවට කිට්ටු වෙද්දි: ඒ කියන්නෙ සිද්දස්තානෙට ඇතුල්වෙන තැනදි අපේ නඩේ එක්කෙනෙක් කෑ ගහනව

“හා... හා... දැං නවත්තමු. මේ වෙහෙර හේනෙ ඉන්නෙ“

වෙහෙර හේන කියන්නෙ පංසලක් කියල දන්න අය සිංදුව නවත්තද්දි නොදන්න අය

“වෙහෙර හේනට ගිනිච්ච එකා මොකාදැ“යි අහනව.

ඒ විදිහට සිද්දස්තානෙකට ඇතුල් වෙනකොට සිංදුව නවත්තල සංවරව එතැනට ඇතුල් වෙනව. ඉං පස්සෙ කට්ටියම බස්සෙකෙං බහිනව. ඒ බහිනකොට බස්සෙකේ සේරම වීදුරු වහන්න ඕනි. නැත්තං හොරු ජනේලෙං අත දාල බඩු හොරකං කරනව. ඒ වගේම දොරවල් දෙකමත් වහල ඩැයිබර විතරක් බස්සෙකේ තියල තමයි සිද්දස්ථානෙට යන්නෙ. එහෙම යන්නෙත් නඩේම එකට. ඔය යන හැම තැනකම මල් විකුණන අයගෙ මල් ගන්න කියල කංකෙඳිරි ගෑම තියෙනව. මුලිං මුලිං එහෙම මල් ගත්තත් පස්සෙං පහු කවුරුවත් මල් ගන්නෙ නැහැ. සිද්දස්තානෙට පූජාවක් කියල කරන්නෙ පිං පෙට්ටියට කාසි දාන එක විතරයි. සමහර තැංවලිං පිං පත්තරත් ගන්නව. හැම තැනකම තියෙන චිත්‍ර, පිළිම ආදිය දැකල වඳින්නං වාලෙ වැංදට මට ඒ එකකවත් අගයක්වත් ලස්සනක්වත් දැනෙන්නෙ නෑ. ඒ හිංද මට ඒවයෙ විස්තර එකක්වත් මතක හිටින්නෙ නෑ. සමහර විහාරවල නං මතක හිටින්නෙත් නෑ. 

වියළි කලාපෙ අව්වට රත් වෙච්ච පොළව උඩිං සෙරෙප්පු නැති කකුල තිය තියා උඩ පැන පැන යන අය අතරෙ සෙරෙප්පු නැතුව ගිනි මද්දහනෙ තාරපාරෙත් ගිහිං පුරුදු මං ගානක් නැතුව ඇවිදිනව. 

ඕං ඔය අතරෙ අපේ නඩේ කැමරා කාරයො ටිකත් වැඩ පටං ගන්නව. ඒ කාලෙ වංදනා ගමනකට වියදං කරන්න පුලුවං තිස් හයෙ රෝල් දෙකක් වගේ අඩු ප්‍රමාණයක් හිංද පොටෝ ගන්නෙ බොහොම අඩුවෙං. එක සිද්දස්තානෙකදි එක පොටෝ එකක් වගේ තමයි ගන්නෙ. ඒක හිංද ගන්න පොටෝ එකෙං සේරම එව්ව ආවරණය වෙන්නත් ඕන. චෛත්තියක් තියෙන තැනකනං පොටෝ එක ගනිද්දි වැලි මලුවෙ ඉඳං චූඩා මානික්කෙ වෙනකං සම්පූරන චෛත්තියත් පවුලෙ සනුහරේ සේරම ටිකත් අහුවෙන්නත් ඕනි.අන්තිමට පොටෝ එක “සුද්ද කලහම“ මනුස්සයෙක්ගෙ ඔලුව ගිනිකූරක ඔලුවක් තරමට වඩා ලොකු නෑ. ඉතිං ඒ වගෙ පොටෝ එකක් බලද්දි ඒ වන්දනා ගමන ගිය කෙනෙක් ඉඳං  

“මේ ලා කොළ පාට හැට්ටෙ ඇඳං ඉන්නෙ ආච්චිඅම්ම.  මේ මැද ඉන්නෙ අපෙ අම්ම. අම්ම ළඟම ඉන්නෙ මං“

ආදී වසයෙං කියා දෙනව. ඒ අතරෙ නරඹන්නා විස්තර කරන්නාව කොටඋඩ යන ඒවත් අහනව.

“මොකද්ද පුතේ එතකොට මේ චයිත්තිය“

ගොඩක් චෛත්ති එක වගේ  හිංද හරියටම ඒක කියාගන්න විස්තර කරන කෙනාට බෑ. ඉතිං එයා කාගෙං හරි හරස් ප්‍රශ්ණ අහනව.

“ආච්චම්ම වංදනා ගමනෙ කීවෙනි දවසෙද කොළපාට හැට්ටෙ ඇංදෙ?“

“මංද... හිටිං බලන්න මතක්කොල්ල බලන්න.. පලමුදා හිටියෙ කතරගම නෙ. දෙවෙංද ..... ආ දෙවෙංද ඇංදෙ ගුණපාල ගෙනද්දීපු සුදු සෙද්දෙං මහපු හැට්ටෙ. තුං වෙනි දාසෙ තමා කොලපාට පරණ හැට්ටෙ ඇංදෙ. ඔව්වොව් අනික් හැට්ටෙට කහට වැහ්නනෙ අර කුලප්පුව හැදිල හිටපු එකියක්ගෙං. ඔව් තුංවෙනිදාසෙ තමා“

තුංවෙනි දවසෙ ගිය චෛත්ති වලිං මේ පිංතූරෙට ගැලපෙන චෛත්තියක් තෝරගෙන මේ තියෙන්නෙ ඒක බව විස්තර කරන එක්කෙනා කියනව. සමහර වෙලාවට “තූපාරාමෙද, රුවංවැලි සෑයද“ ආදී වසයෙං සමාන උත්තර දෙකක් ඇවිල්ල වැඩේ ටිකක් දුරදිගත් යනව.

ඒ වගේම තමයි පොටෝ ගහද්දි පිට කවුරුවත් ඒකට අහුවෙන්නත් බෑ. ඒ හිංද පොටෝ ගැනිල්ල සෑහෙන වෙලාවක් යන වැඩක්.

අනෙක් අය පොටෝ ගනිද්දි අයියයි අක්කයිත් පොටෝ ගන්නව. මුලිංම අයියා චෛත්තිය සම්පූරනෙංම පේන තැනක් තෝරගන්නව. ඉං පස්සෙ කැමරාවට ඇහැ තියල බලනව සේරම අහුවෙනවද කියල. ආයිත් ටිකක් පස්සට යනව. එයා පස්සට යනකොට වැටෙයිද කියල බලං ඉන්නෙ මං. අංතිමේදී එයා ගැලපෙන තැනකට එනව.  ඉං පස්සෙ කට්ටිය එක පෙලට හිටෝනව. මුලිංම පුංචියි අක්කයි.  ඒ දෙන්න ළඟට බාප්පව ගන්නව. ආයි පුංචම්මලගෙ ගෙවල්ගාව දෙල්ගොඩ නැංද සහ උන්දැගෙ කෙල්ලො දෙන්නත්, කොල්ලත් ගන්නව.

“තව පස්සට යන්න නැත්තං ඉඩ මදි.  ආ... දුර වැඩියි. තව කිට්ටු වෙන්න.“

අයිය කැමරාවෙං බලල කියනව. ඉතිං ආයිමත් කට්ටිය කිට්ටු වෙනව. තවත් ඉඩ මදි උනහම තමුංගෙ එක උරිස්සක් ළඟ ඉන්න එක්කෙනාට පිටිපස්සෙං හිටින විදිහට හේත්තු වෙනව. අයිය ආයිමත් කැමරාවෙං බලනව.

“ආච්චියෙ. ආච්චිගෙ බෑග්ගෙ අයිං කරන්නකො“

අයිය කියනව.

“ඒක අයිං කොල්ල කොහොමෙයි. ඒකෙනෙ සල්ලි. සුපියල් හාරපංදාහක් ඒකෙ. කොයිකෙක් වක් ඇරං ගියොත්“

“අනෙ ආච්චියෙ ඔය පිටිපස්සෙ බිමිං තියන්නකො ඕක“

ආච්චම්ම අකමැත්තෙං බෑක්කෙක තමුන්ට පිටිපස්සෙං තියාගන්නව චීත්තෙට මුවාවෙන්න. ඒ දවස්වල පොටෝ වලට ඉන්නකොට අතේ බෑග්, ලේංසු ආදිය තියාගන්නෙ නෑ. එව්ව ඔක්කොම ළඟ ඉන්න කෙනෙක් අතට දෙනව.

“හා දැං ඔන්න මෙහෙ බලන්න. ඇස් පිල්ලං ගහන්නෙපා.“

අයිය පිංතූරෙ ගන්න හදනව. මාත් එයාට පිටිපස්සෙ ඉඳං බලං ඉන්නව. ඕං අයිය ඩිංගක් දෙකටත් නැමෙනව. එතකොටම ආච්චම්ම පිටිපස්සට හැරෙනව.

“මොකද්ද ආච්චියෙ කරන්නෙ. තව පොඩ්ඩෙං අපරාදෙ ෂෝට්ටෙක“

අයිය බිරුසං දෙනව.

“කොයිකෙද්ද මයෙ පිටිපස්සෙං යනව වගේ දැක්ක. කවුද දන්නෙ මගෙ බෑක්කෙක හොරකං කොරං යන්න ආවද කියල. ඒකයි බැලුවෙ“

“හා හා ඉක්මනට හරියට ඉන්නකො.“

ආච්චම්ම නැවතත් හරියට හිටගන්නව.

“දැං ඔන්න හරී. ඇස් පියන්නෙපා හෙල්ලෙන්නෙපා. හිනාවෙලා ඉන්න.“

අපි ඉස්කෝලෙදි ජාතික ගීය කියනකොට සීරුවෙං හිටගෙන පිංසිබල්ගෙ ඔලුවට ඉහලිං වහලෙ දිහා බලාගෙන ඉන්නව වගේ හැමෝම මෝල්ගස් ගිල්ල වගේ හිටගෙන ඉන්නව. ඒ දවස්වල පොටෝ ගන්නෙ පනාවෙ දැති ටික වගේ එක පෙළට ගෑවෙන්න හේත්තුවෙලා සීරුවෙං ඉඳං. එහෙමත් නැත්තං මූනු එකට හේත්තු කරං.

 කට්ටියක් පෝලිමට හිටං පොටෝ එහෙකට පෙනී හිටිනව දකින එතනිං යන අයත් කැමරාවට පිටි පස්සෙං යනව. නැත්තං පොටෝ එක ගන්නකං නැවතිල ඉන්නව. ඒ දවස්වල පොටෝ වලට ඒ තරං සැලකිල්ලක් තියෙනව.

ඕං ආයිමත් පොටෝ එක ගන්නයි අයියගෙ සූදානම. ආච්චි පිටිපස්ස බලන හිංද මං ආච්චම්මගේ බෑග්ගෙකත් අරං මගෙ ළඟිං තියා ගන්නව. දැං ආච්චම්ම ඉද්ද ගැහුව වගේ ඉස්සරහ බලාගෙන. කැමරාව දිහා නෙවෙයි. කැමරාවට පිටිපස්සෙං ඉන්න මගෙ කරේ තියෙන ආච්චම්මගෙ බෑක්කෙක දිහාවයි බලං ඉන්නෙ. ඒක නිසා ආයි සැක නැතුවම පොටෝ ගත්තැකි. අයිය ඩිංගක් දෙකට නැමිල කැමරාවෙ බොත්තම ඔබනකොටම යංතං අඩපය ගගහ දුවන පොඩි ළමයෙක් කැමරාව ඉස්සරහිං දුවනව. ඒ එක්කම පොඩි එකා අල්ලගන්න එක අතක මල් මිටියක් අරං දුවන ළමයගෙ අම්මත් කැමරාව ඉස්සරහට පනිනව. එකපාරටම විදිලියක් වගේ විසාල එලියක් එක්ක “ක්ෂටස්“ කියල පිංතූරෙ වදිනව.  ළමයත් අම්මත් එකපාරම නැවතිල ඒ විදිලි එළිය මොකද්දැයි ගල්ගැහිල බලද්දි,

“කෑව. කෑව. කෑව....“

කියල අයිය මහ සද්දෙට කියනව.

“කීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊං........“ කියල කැමරාවෙං හීං සද්දෙයක් එනව.  ඒක නැතිවෙනවත් එක්කම  කැමරාවෙ තැඹිලි පාට එළියක් පත්තු වෙනව.

“ඒ ෂොට්ටෙක අපරාදෙ. අයියෝ“

කියල අයිය කැමරාවෙ දැති රෝදෙ දකුණු අතේ මහපටැඟිල්ලෙං තුංපාරක් කරකවනව.

“රස් රස් රස්“

වෙච්චි දෙයිං තමංට බැනුමක් අහන්න වෙයි කියල හිතපු අනපේක්ෂිතව දර්ශනතලයට ආපු අම්මයි දරුවයි හනිකට එතනිං මාරු වෙනව. මේ සිද්දිය නිමිත්ත කරගෙන පුංචම්ම අඬන්න පටං ගන්නව. අක්ක එයාව සනසන්න කියල හැකි පමණිං සහායක ඇඬීම පටං ගන්නව. ඒ වුනත් වෙච්චි දේ ගැන හාංකවිසියක දෙයක් තේරුමක් නැති ආච්චම්ම විගහට ඇවිල්ල මගෙං උංදැගෙ බෑක්කෙක උදුරගන්නව.   පුංචියි අක්කයි දෙන්න අඬන හේතුව නොදන්න ආච්චම්ම

“මොකදැ චූටියෙ අඬන්නෙ. ඈ.. අර එළියට උඹෙ ඇහැ නිලංකාර උනාද. ඒක තමා මං කලිං බෑ කිව්වෙත්. ඔය සැර එළි ඇස්සොලට අගුණයි. පොටෝ ගැහැලි වගේයැ නේත්තරාදෙක පරිස්සං කරගැනිල්ල. මං නං ආයි කිසියංම කිසි දාක පොටෝ ගැහැල්ලට ඉඳල ඇස් කන කොරගන්නෑ. යංතං දල්ලක් දෙකක් අහුලගන්න ඇහැකන පේන්න තියාගන්න ඕනැ“

ආදී වසයෙං රැවුලෙං සුරුට්ටු පත්තු කරනව. කට්ටියම වතුරෙ ඔබල තියපු නැති ඕලු මල් වගේ මූනු බිමට බරකරගෙන කටවල් උල් කරගෙන ආපහු බස්සෙකට යනව.

27 comments:

  1. ඇ බං හැමදාම හැමතැනම ‍ෙහෙ‍ෙනෙේ ආච්චහ්මම‍ෙනෙම්මම‍ෙනෙ

    ReplyDelete
  2. සුරංගලගෙ ආච්චිඅම්ම ලෙසි නැ එහෙනං, සුපියල් හාරපන්දහක් බැක් එකේ දාගෙන වන්දනා ගමන යන්නෙ

    ReplyDelete
  3. ඔහොම මොකාද වගේ බලාගෙන ඉන්නේ නැතුව ෆෝකස් වෙයල්ලකො.

    ReplyDelete
  4. අද කතාව ලීවේ චූටි මැණිකෙද?:P

    ReplyDelete
  5. දැං නං ගූවේගෙනයි එන්නෙ බං. අජිනමොටෝ පාර වැදිලා මදි වගේ අදනං.

    ReplyDelete
  6. Adanam melo rahak ne ban. Onna kelinma muunatama kiwwa. Aye ahawalak. Welawa aran liyapan ban. Ikman kotai kiyanawane. Balamu labana iridatawath??? Hhhhmmmm....

    ReplyDelete
  7. අද නම් වෙනද ඉට්ටයිල් එක නෑ සුරංගයෝ..... මොකෑ උනේ....?

    ReplyDelete
  8. Machan....me katha tika epawenna kalin wena topic ekakin post tikak dapan....Hamadama kewama pani warakath epa wenawa.....

    ReplyDelete
  9. ෆෝකසින් පොඩ්ඩක් අවුල් තමයි.. ඒ ෂොට් එක අපරාදේ උනාට අවුලක් නෑ.. ඊළඟ එක හොඳට ෆෝකස් කරලා ගනින්..

    ReplyDelete
  10. මේ ආච්චි හොඳයි මෙගා ටෙලියක ප්‍රධාන චරිතෙකට...... හි හි...

    ReplyDelete
    Replies
    1. මට ඒ අස්සෙං රුබී ද මැල් මතක්වෙනව බං !!

      Delete
    2. //මට ඒ අස්සෙං රුබී ද මැල් මතක්වෙනව// පොඩි කාලේ ආසාවෙන් 'අඹ යාලුවෝ' බැලුව නේද?

      Delete
    3. උඹ හරියට හරි කමියො ..

      Delete
  11. ඔවු ශ්‍රංගයො මේ ෂොට් එකනං පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝකස් තමයි. අවුලක් නෑ හැම එකම එක විදියට වදින්නෙ නෑනෙ. ඊගාව එක ගානට ෆෝකස් කරල ගහමු.

    අපොයි ඒ කාලෙ ෆොටෝ ගහනව කියන එකනං මහ එපා කරපු වැඩේ තමයි. රීල් එක සුද්ද කරල එනකල් ගහපු ෆොටෝ කොහොම වැදිලද කියල බලාගන්නයැ. එහෙම කියල වෙඩිං කාරයො වගේ එක ෆොටෝ එකකට ෂොට් දෙක තුනක් නාස්ති කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. වෙඩිං කාරයො එක ෆොටෝ එකට ශොට් දෙක තුන ගන්න දැන් ඩිජිටල් තියෙන නිසා. නත්නම් ඉස්සර ගත්තෙ එක ශොට් එකයි. දවස් දෙකටම රෝල් දහයයි. අපිත් ඒකෙන් තමයි පුරුදු උනේ ප්‍රසන්න. ඒ කාලෙ දැන් වගේ ෆොටෝ ගහන අය අඩු ඒ නිසයි.

      Delete
    2. SLR කැමරාවල View Finder එකෙන් පේන්නෙ ලෙන්ස් එකෙන්ම එන රිප්ලෙක්ෂන් එකක් නිසා වැඩිය අවුල් නොවුනත් Point and Shoot කැමරාවල ලෙන්ස් එකෙන් කොහොම පේනවද කියන එක ෆොටෝ එක ප්‍රින්ට් කරනකල් අපිට දැනගන්න බෑනෙ.

      Delete
    3. මේ අච්චම්මත් කැමා අයියගේ අප්පුච්චා වගේ.......

      Delete
    4. යකෝ අපෙ අප්පුච්චා හොඳයි වගේ.....

      ඒ අවුල නොර්මල් SLR එකෙත් තියෙනවා ප්‍රසන්න. මොකද මැනුවල් මෝඩ් එක තියෙනකොට අපි දෙන සෙට්ටින්ග්ස් වලටනෙ එක්ස්පෝෂර් එක එන්නෙ. අනික රීල් එකේ ISO එකත් ඕකට බලපානවා. අනික ෆොටෝ එකේ ඉන්න කෙනා ඇස් පියාගෙන නම් ඒක දැනගන්නත් බෑ. ඩිගිටල් වල ඔය අවුල නෑ. ඒත් අර ක්‍රමේදි ශොට් එක වේස්ට් වෙන බයට වෙලාව අරගෙන හරි වන්ශොට් ගන්න හුරු උනා.

      Delete
  12. මෙදා පාර පබ්ලිස් කරන්න පරක්කු වෙනකොට මම හිතුව, මොකක් හරි හුට්ටප්පරයක් තමයි කියල,, මොකද බන් හදිස්සියෙද ලිව්වෙ..

    ReplyDelete
  13. කතා ශෛලය පිට පැන ඇත. රසයේ අඩුවක් එනිසාම දැනේ.

    ඉස්සර අපි ට්‍රිප් යද්දී රීල් දෙකක් අරගෙන යන්න ලැබිල නැහැ කවදාවත්.
    36 රීල් එකෙන් තමයි දවස් තුනේ ට්‍රිප් එහෙමත් ගොඩ යන්නේ...

    ReplyDelete
  14. කලු කවරෙ බඩුනං මදි පාඩුවක් නැතුව ගමන පුරාම තිබිල වගේ.

    ReplyDelete
  15. මොකෑ ... චූටි මැනිකෙට මක්කහරි එහෙකට මල පැනලවත්දෑ...උඹ අවුල්වෙලා තියෙනෙ....??????

    ReplyDelete
    Replies
    1. කලු කවරෙ බඩු නැහ්නං කිසි ගෝ එකක් නෑ වගේ....හෙහ්...හෙහ්....

      Delete
  16. පොස්ට් එක "ෆෝකස්"මදි වගේ බං.

    ReplyDelete
  17. අනේ මන්දා.....පොටෝ එක පැහැදිලි නෑ. අර බාප්පට තඩි බඩක් තිබ්බලු නේද. ඩිමුටු අයියා මේම කිව්වලු."අනීඊඊඊඊ තාත්ති පැටීගෙ බඩ ඉතරයි පේන්නෙ බඩ ඇතුලට අරන් හුම්ම ගන්නැතිව මයෙ දිහා බලන් චීස්ස්ස් කියන්නකෝ..."

    ReplyDelete
  18. කෝ මේ මනුස්සය. වන්දනාවෙ ගිහිල්ල අතරමං වෙලා ද?

    ReplyDelete