Saturday, August 15, 2015

ඡන්දය, චංදෙ නොහොත් මැතිවරණය



නිදහස් සිතුවිලි වල අලුතෙං දාල තිවුන පෝස්ට් එකකට කොමෙන්ටුවක් ලියන්න යද්දි මටත් හිතුන චංදෙ ගැන මට හිතෙන දේවල් ටිකත් ලියන්ට ඕනි කියල. ඒක හිංද වංදනාව ටිකකට පැත්තකිං තියල මාත් ලියනව චංදෙ ගැන.

මං පුංචි එකා සංදියෙ ඒ කියන්නෙ අනූවෙ දසකෙ මුල මැතිවරණය ගැනයි මගේ මතකෙට මුලිංම එන්නෙ. ඒ දවස්වල මැතිවරණයක් පවත්වන බවට රේඩිවේකෙ ප්‍රවෘත්ති වලිං දැනුං දෙනව. එයිං පස්සෙ අපි ජීවිතේටවත් දැකල නැති කාන්ඩෙයක් චංදෙ ඉල්ලන්න ඉදිරිපත් වෙනව. වෙනදට හදිසියෙ මරණ දැන්නීමක්, එහෙමත් නැත්තං මොකක් හරි සමිතියක රැස්සීමක් පවත්වන බවට දන්වල හාප්සීට් වල පැටිග්නම් වලිං ලියන දැන්නීම් විතරක් ඉඳල හිටල අලවන පාලං ඇඳි, ටැලිපෝං කනු, ආදිය සියල්ල දවසට දෙකට පෝස්ටර් කියල ජාතියකිං වැහෙනව.

ටැලිපෝං කනුවල උස අතට අලවන බෙහෙත් සීට්ටුව වගේ උස කෙට්ටු කොළවල 

පවිත්‍රා
වන්නිආරච්චි 

කියල උඩිං ලියල ඊට යටිං පුටුවක් ඇඳල ඒ ඉස්සරහිං X දාල 9 ඉලක්කම ලියල තියෙනව. ඊටත් යටම පේලියෙ පොදුජන එක්සත් පෙරමුණ කියලත් ලියල තියෙනව. ඔය විදිහට පුටු වරක් 9 පුටු වරක් 8 වගේම අලි වරක් 11 අලි වරක් 12 ලියපු එව්වත් අලවල තියෙනව. ඒ අතරෙ දැං තියෙන පොකට් කැලැන්ඩර් වලිං බාගෙ වගේ පුංචි පුංචි කොළ කෑලි වලත් ඔය චක්කරේම ලියල පාරෙ හලල තියනව මිනිස්සුන්ට අහුලගන්න.

තාරපාරෙ දිගටමත් පුටු වරක්, අලි වරක් චක්කරේ සුදුපාටිං ලියල තියෙනව. ඒ විතරක් නෙමෙයි

“දෙයියා දිනවමු“

 “සුසන්ත දිනවමු“

“පවිත්‍රා වැඩිම මනාපයෙන් දිනවමු“ 

වගේ දේවලුත් පොල්ගෙඩි අකුරිං පාර පුරාම ලියල තියෙනව. පාරෙ තියෙන එව්ව මකන්නවත් ඒවට උඩිං ලියන්නවත් බැරි උනාට පෝස්ටර් වලට ආයුෂ තියෙන්නෙ එක දවසක් විතරයි. අද දවල්ට දකින්න තියෙන  පෝස්ටර් සේරම හෙට උදේ වෙනකොට ඉරල ඒ තැංවල වෙනිං එව්ව අලවල. පහුවදාට ඒවත් නෑ වෙනිං ජාතියක්. එව්ව අලවන්නෙ කවුද ගලවන්නෙ කවුද කියල කවුරුවත් දන්නෙ නෑ.


අපෙ මාමත් හොරෙං වගේ දේසපාලනේ කලාට එයාට අලවන්න දෙන පෝස්ටර් එකක්වත් අලවන්න යන්න බයයි. ඒක හිංද එව්ව සේරම එයාගෙ ඇඳේ පැදුරයට තියල තියෙනව. මං එයිං ඇතිතරං පෝස්ටර් ගන්නව. ඒ අතරෙ තිවුන චිත්‍රකතා වගේ එකක් මං අරං ගිහිං ඉස්කෝලෙ යාලුවන්ටත් පෙන්නුව. ඒකෙ සාරියක් ඇඳපු වයසක ආච්චියෙක් ලොකු පොට්ටනියක කරේ තියං කංදක් නගිනව. එයිට යටිං මෙහෙම ලියල තියෙනව.

“බැරිබර කරේ තියං දෙපයට වාරු අරං අපායෙ කංද නගිනවා“
“සිරිමෝ නුඹනාඩං හෙට අනිද්ද නිවාඩු දෙනවා....

ඒක මඩ පත්තරෙයක් බව මං දැනගත්තෙ ඊට ගොඩක් කාලෙකට පස්සෙ.

චංදෙං පස්සෙ ඒ සේරම පෝස්ටර් පුංචම්මගෙ කඩේට ගන්නව සීනි, පරිප්පු, පිටි එහෙම දාන ගොටු හදන්න.

ඒ වගේම තමයි රැස්සීම්, චංදෙ ඉල්ලන අයව ගෙන්නල හංදිවල, පිට්ටනිවල, තදේටම දේසපාලනේ කරන අයගෙ ගෙවල්වල මිදුලෙ රැස්සීම් තියනව. රැස්සීම තියෙන තැන ටිකක් උසට “ඉස්ටේජ්“ කියල කියන උස ටකරං මඩුවක් හදල ඒ වටේට අදාල පක්සෙ පාටිං ඉටිකොළ රැලි එල්ලනව. එතන ඉඳං වටේ තියෙන ගස්, කණු ආදියටත් රැලි වැල් අදිනව. තව ඒ පාටිං ලොකු ඉටි කවර පුම්බල එව්වයෙත් අර චක්කරේ ලියල එල්ලනව.  සද්දෙ ඇහෙන්න ලයිස්පීකර දෙහෙකුත් ගෙනත් උස ගහක බඳිනව. චංදෙ ඉල්ලන අය කතා පවත්වනව අහන්න එන්නෙ ඒ පක්සෙ අය විතරයි. චංදෙ ඉල්ලන එක්කෙනා හුඟක් පරක්කු වෙලා ඇහිල්ල පීකරෙං ගිරියටිං කෑගහල බනිනව අනික් පක්සෙ හැමෝටම. ඒ ගමංම කියනව තමං දිනපු ගමං අසුවල් අසුවල් ජාති සේරම දෙන බව.


ඒ කාලෙට බොහෝ කාලයක් වහල තිවුනු පාර අයිනෙ තියෙන පරණ ගෙවල්, වහලදාපු කඩ ආදිය කාර්යාල බවට පත්වෙනව. අපේ ගෙට උඩහ පාර අයිනෙත් උණ කොට හතරක් හිටවල ටකරං දෙකතුනක් හෙවිල්ලල, මේස කබලකුයි, පුටු කබලකුයි තියල වටේට රතු ඉටිරෙදි වලිං වට කරල රතු රැලිත් එල්ලල, රතු ඉටි රෙද්දෙම සුදු පාටිං රෝදෙයක් ඇඳල

................................එක්සත් පෙරමුණ
මැතිවරණ කාර්යාලය

කියල ලියල තියෙනව. ඒක දවසක් ඒ මේසෙට ඉටි රෙද්දක් දාල මල් පෝච්චියකුයි, බීම බෝතලේකුයි, වීදුරුවකුයි, බීම බෝතලේ පියන අරින යතුරකුයි තියල සරසල තියෙනව මං දකිනව. එතන්ට ආපු රතු කමිසෙයක් ඇඳපු චන්දෙ ඉල්ලන කෙනෙක් කතාවක් පවත්තනව. ඒක අහන්න ඉන්නෙ හත් අට දෙනෙක් විතරයි. පහුවදා රෑ ඒ කාර්යාලෙ කඩල ටකරං ටික හොරු අරං ගිහිං කියල කඩේ ළඟ කතාවෙනව මට ඇහෙනව. ඒ වුනාට කොළපාට, නිල්පාට රැලි එල්ලපු කාර්යාලවල රෑටත් සෙනග එකතුවෙලා බූරු කුට්ටමෙං සෙල්ලං කරනව, කැරම් ගහනව හිංද එව්වයෙ ටකරං ටික හොරු ගන්නෙ නෑ.


ඒ අතරෙම කෙරෙන තවත් වැඩක් තමයි වාහනේක නැගල කෑ ගගහ යාම. ඒ වැඩේට යොදාගන්නෙ ලොරියක් හරි වෑං කට්ටක් හරි. යොදාගන්න වාහනේ මොකක් උනත් ඒක වටේට තමුංගෙ පක්සෙ පාටට කොඩි, රැලි, පෝස්ටර්, අපේක්සකයගෙ පිංතූර ආදී සේරම එල්ලනව. වාහනේ යන අයත් අපේක්සකයගෙ නම ගහපු කමිස, පක්සෙ පාටිං තියෙන කමිස ආදිය ඇඳල ඔලුව වටේටත් ඒ පාටිං රැලි ටිකක් හරි එල්ලගන්නව. ලාඩප්ප කෝට්ටකට පක්සෙ පාටිං ඉටිකොල ටිකකුත් අමුනල කොඩි විදිහට හදා ගන්නව. ඉං පස්සෙ කට්ටියම අර වාහනේ නැගල කඳ විතරක් වාහනේ ඇතුලෙ තියාගෙන ඔලුව, අතපය ආදිය වාහනේ කවුලු, ජනෙල්, දොරවල් ආදියෙං එලියට දාගෙන කොඩි ආදිය වනමිං කොටස් දෙකකට කෑ ගගහ පාර දිගේ යනව. වාහනේ ඉන්න අයගෙං කොටසක් රතු පාටිං කියනව. ඊට පස්සෙ අනික් අය නිල් පාටිං කියනව.

“කාගෙද මේ“

“බලවේගේ“

“පයිත් රාගේ“

“බලවේගේ“

“මෙදා පොටේ“

“දෙනව බැටේ“

“ගිය පාරත්“

“දුන්න බැටේ“

ඔය විදිහට යමිං ගමං විරුද්ද පක්සෙ කෙනෙක්ගෙ ගෙයක් ගාවිං යතොත් එතනදි වෙනම හූවකුත් කියනව.


ඒ අතරෙම අපිත් එක්ක හොඳට හිටිය අසල්වැසියොත් අපේ ගෙවල්වල නෑවිත් අරිනව. අපේ ගෙදරිනුත් මට ඒ ගෙවල්වල යන්න තහනං කරනව.


“ඕකුංගෙ ගෙදර යන්නෙපා. උං පොදු පෙරමුණේ. බොට වහටිකක් උනත් දෙන්න බැරි නෑ“

අපෙ අම්ම තාත්ත ඇතුළු සේරම ටික “ජූ ඇම්පී“ හිංද අසල්වැසි “පුටුකාරෙයො“ අපෙං ඈත්වෙනව. ඒක තවදුරටත් ඔප දමමින් කවුදෝ කෙනෙක් අපේ ගෙදර බල්ලව අල්ලගෙන ඌට කොළපාට “ජූඇම්පී“ කමිසෙයක් අංදල ලාම්පුතෙලුත් ගහල එවනව. ඇඟේ නලියන ලාම්පුතෙල් හිංද පනකඩාගෙන ගෙට දුවපු බල්ලව අල්ලං ඌව කමිසෙං බේරගෙන නාවන්න අරං යනව. ඒ අතරෙ අම්ම මිදුලට බැහැල ගමටම ඇහෙන්නමේ වැඩේ කරපු අපි නොදන්න එකාට බයිනව.


“තරහක් තිවුනනං අපිට ගැහුව බැන්න වෙනයි. මේ සතාට දසවද දීපු දහදුරා අවලමාටනං හොඳක් වෙන්නෙපා“


එයිං පස්සෙ පවුලෙ කට්ටිය කතාවෙනව ඕක අහවලා කරපු වැඩක් වෙන්නැති කියල.


චංදෙං පස්සෙ රටට මොනව වෙයිද කියල දන්නැති හිංද මිනිස්සු හැමෝම අතේ තියෙන තරං වියදං කරල හාල්, සීනි,පරිප්පු, හාල්මැස්සො, මිරිස්, තුනපහ, සාඩිං ටිං ආදී නරක් නොවෙන ආහාර ජාතිත්, ගිනිපෙට්ටි පැකැට්ටෙකක්, දුංකල හත අටක්, ලාම්පුතෙල් ගැලුමක්, බැෂ්ටිකෑලි හත අටක් ආදී අත්‍යවශ්‍ය ජාතිත් ගෙනැත් ගෙදර ගොඩගහගන්නව. වෙනදට මේ විදිහට බඩුමුට්ටු ගොඩගහගන්නෙ සිංහල අවුරුද්දට විතරයි.


රේඩිවේකේ හවසට ප්‍රවෘත්ති කියද්දි “අසුවල් අපේක්සකගේ ආදාරකරුවං තුංදෙනෙක්ට කඩුවලිං පහර දීලාය, අසුවල් අපේක්සකගේ ආදාරකරුවං දෙන්නෙක් වෙඩිතබා මරා වාහන ගිනි තියලාය“ කියල කියනව. අපේ ගමෙත් කීප දෙනෙක් ගුටි ඇනගෙන පොලිසියෙං අරං යනව. එයිට දවස් කීපෙකට පස්සෙ, කලිං අල, ලූණු ආදිය විකුනපු වෙලෙංදෙක් වන “ලූණු අපුච්ච“ නමිං ගමේ අය හඳුන්වන “උඩෝකංදෙ ආතගෙ“ ගෙයි මිදුලට මහ රෑ ආපු කට්ටියක් ගෙට ගල් ගහමින්

“වර LUNA හඳේ අරින්න“

කියල බැන වැදුන බව අපිට ආරංචි වෙනව.


චංදෙට කලිං දවසෙ අපේ පවුලෙ ඉන්න එකම රාජ්‍ය සේවකය වන අපේ මාමත් “ඡන්ද වැඩට“ යනව. මාමට ගිනියන්න ලොකු බෑක් එකක් පුරෝල ඇඳුං, කෑම ආදිය තියෙනව. එයා ආතටයි, ආච්චම්මටයි වඳිද්දි

“හොර චංද දාන එවුං ආවොත් එහෙම ඩැස්සෙකක්, පුටුවක් යට හරි රිංගල බේරියං“

“වෙඩි තියන්න හැදුවොත් වැඳල හරි බේරියං“

ආදී වසයෙං ආතයි, ආච්චම්මයි උපදෙස් දෙනව.


චංදෙ දවසට කවුරුවත් දලු කැඩිලි, කිරිකැපිලි ආදී කිසිම වැඩක යෙදෙන්නෙ නෑ. එදාට හැමෝම නිවාඩු. අපේ තාත්ත චංදෙ දාන්න යන්නෙ හවසට. අම්මයි මමයි විතරක් උදේ දහයට විතර යනව. පෝලිමේ ගිහිං සාලාව ඇතුලට ගියාට පස්සෙ අම්මගෙ අතේ තියෙන චංද කොලේ මහත්තයෙක් අරගන්නව. තව එක්කෙනෙක් අම්මගෙ නම සම්පූරනෙංම කියනව. ඉං පස්සෙ ඇඟිල්ලක් ඇදල අරං ඒක පාට කරල කොලයක් දෙනව. අම්ම ඒකත් අරං ඩෙස් එහෙක හයිකරපු කූඩුවක් ඇතුලට නැමිල ඉඳල අර කොලේම අරං ඇවිල්ල පෙට්ටියකට දාල මාවත් ඇදගෙන එනව. වයසට ගිහිං ජීවිත කාලෙම ගෙවල් අස්සට වෙලා ඉන්න අය, කවදාවත් නොදැකපු අය එදාට දකින්න පුලුවං.


චංදෙ ප්‍රතිපල බලන්න අහල පහල ඉන්න ජූඇම්පී එකේ හැමෝම එකතු වෙන්නෙ අපෙ අම්මගෙ මහ ගෙදරට. ඒ දවස්වල ගමේ තිවුනු ටීවී තුන හතරෙං එකක් තිවුනෙ එහෙ. චංදෙට දවස් දෙක තුනකට කලිං චාච් කරල ගෙනාපු බැට්ටි දෙක පාවිච්චියට නොගෙන තියල තියෙන්නෙ චංදෙ බලන්න ගන්න.


හවස හය හත වෙනකොට චංදෙ බලන සියලු දෙනාම ඒ ගෙදරට එනව. ගෙදර තියෙන පුටු මදි හිංද සාලෙ පුරාම පැදුරුත් එලල තියනව. එදා රෑ ප්‍රවෘත්ති වලටත් හොර චංද දැමිලි, චංද පෙට්ටි මාරු කිරීම්, වෙඩි තැබීම් ආදිය ගැන කියනව. එව්ව අහල ආච්චම්මත්, අපෙ අම්මත්, පුංචම්මත් මාම චංද වැඩට ගිය හිංද තමුංගෙ පපුවෙ ගිංදර පත්තුවෙන  බව කියනව. එදා රෑ ඉඳං අවසං ප්‍රතිපලය දක්වා පැයෙං පැය තේ, කෝපි, හැලප, කැවුං ආදී කෑම් බීං සියල්ලත් ලැබෙනව.


චංදෙ ප්‍රතිපල කියන අතරෙ එව්ව ලියාගන්න “බෙහෙත් තෙල් රාජා“ පත් කරනව. ප්‍රතිපල කියනකං කල්මරන්න දාන චිත්‍රපටිය හිටි අඩියෙ නැවතිල ප්‍රතිපල කියන වාදනේ වාදනය කරල


“මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්“


කියල ටීවියෙකේ කියනකොටම රාජ මාම පොතයි පෑනයි අරං ලියන්න පටං ගන්නව. නිදං ඉන්න අය නැකිටිනව. කයිවාරු කියවන අය කටවල් වහගෙන නිස්සද්ද වෙනව.


ඒ ආසනේ ජූඇම්පී එක දිනුවොත් කට්ටිය හිනා වෙවී ආයිත් පම්පෝරි පටං ගන්නව.


“ඕකනෙ. අර අම්මන්ඩි මහලොකුවට කිව්වට පැරැද්දුවද සංජීව අප්පොව“


“කොලොන්නෙ පරද්දන්න බෑ ලේසිවට“


බැරිවෙලාවත් ජූඇම්පිය පැරදුනොත් ඒකෙ අනික් පැත්ත


“ෂික් අම්මප ඒ ආසනේ පැරදුනානෙ“

“ඔය පැත්තෙ එවුන්ට ගෙවල් හැදුවෙත් ගම්මුදාවෙං. මුංට ඒ කෙලෙහිගුනේ නෑනෙ“


“ඕකුන්ට දෙන්න නාකයි ආයි ආහාර මුද්දරේවත්, ජනසවියවත් අම්ප“

 පහුවදා දවල් වෙලා අවසන් ප්‍රතිපලය නිකුත් වෙනකොටත් එයිං බාගයක් විතර දෙනා ඉන්නව. ඒ වෙනකොට චංද ගනං කරල ඉවරවෙලා මාමත් ආපහු ගෙදර ඇවිල්ල. එයා චන්දපොලේ විස්තර කියනව.


චංදෙ ප්‍රතිපල කිව්වයිං පස්සෙ දිනපු අය පැරදුන අයගෙ ගෙවල්වලට ගල් ගැසීම, හූ කීම, හබරල ගස් මිදුලට ගෙනත් දැමීම, කාන්තාවන්ට සරම උස්සා පෙන්නීම වගේ පශ්චාත් මැතිවරණ ආතල් ගනිද්දි  ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇඳිරිනීතිය ප්‍රකාශ කරනව. ඒ හිංද මට සතියක් විතර ඉස්කෝලෙ යන්න නොලැබීමේ අවස්ථාවත් ලැබෙනව. එතකොට ඉස්පිරිතාලෙ වැඩ කරන “තෝර නැන්ද“ විතරක් එයාට ලැබුන පාස් එකේ උජාරුව කිය කියා පාරෙ යන පොලිස් වාහනේක නැගල වැඩට යනව. අනික් මිනිස්සුන්ට පාරෙ යන්න තහනං. අන්තිමට පාං රොඩ්ඩක්වත් ඇහැට දකින්න නැතුව, දලු ගස් ගියත් දෙන්න ලොරියක් නැතුව, ජනතාවට චන්දෙ අමතක වෙද්දි ඇඳිරිනීතිය අවලංගු වෙනව. අහල පහල අයත් ටිකෙං ටික අපිත් එක්ක හොඳ වෙනව.


දැං ඒ කාලෙ ගෙවිල. එදා වගේ ගහමරා ගැනිලි නැතුව, ඇඳිරි නීති නැතුව, නිදහසේ  චන්ද වැඩට යන්න පුලුවං කාලෙක තමයි මට ඒ රාජකාරි හම්බුවෙලා තියෙන්නෙ. ඇඳුං කැඩුං, දවල් කෑම එක, තම්බපු කඩල ටිකක්, වෙනිං මොනවහරි සැර ජාතියක් ආදිය පොදි බැඳගෙන, හවහට මල්පැං සම්මාදමටත් ගානක් සාක්කුවෙ දාගෙන මගදි හම්බුවෙන අයගෙනුයි, Google Earth එකෙනුයි පාර අහගෙන හෙට උදැහැනැක්කෙම මාත් යනව ඌව පලාතෙ මං කවදාවත් නොගිය ඈත ගමකට. ඒ ගමේ අයගෙ චංද අයිතිය පාවිච්චි කරන්න ඒ අයට උදව් කරන්න.

හැබැයි


එදා මාම එනකං අපේ පවුලෙ අයගෙ පපුවෙ තිවුන ගින්දර හෙට මගෙ චූටි මැණිකෙට දැනෙන එකක් නෑ.

ඇත්තටම අපේ රටේ මිනිස්සු එදාට වඩා හොඳවෙලා.

55 comments:

  1. අප්පට සිරි..පහුගිය පොස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් නෑතිඋනාම මම ඒත් බෑලුව බොලාට මක් උනාද කියල. මේ තියෙන්නෙ නියම පොස්ට් එකක්..

    ReplyDelete
  2. අද මම 1 ද මන්දා..

    ReplyDelete
  3. ඔබ 1
    කොහෙද මේ වැඩ හිංද ලියන්න වෙලාව අඩුයි.

    ReplyDelete
  4. මාත් යනව ඡන්ද වැඩ වලට...මං නං අපේ ගමේමයි...මම නං මේ පාර ප්‍රචන්ඩ ක්‍රියා බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම එකක් දෙකක් වෙනවා සුළු සිද්ධි. ඒ කිව්වේ උදෙන්ම චංදෙ දාන්න එන වලිය වගේ එව්ව.

      Delete
    2. ඩබ්.කේ,

      පෙචන්ඩ කිරියාවන් ඉතින් උඹැහෙ කලොත් තමයි, නැහ්නම් මේ යහපාලනේ අස්සෙ අහවල් පෙචන්ඩ කිරියාවන්ද?

      Delete
  5. //පුටු වරක් 9//අංකත් මතකද? ඒක නෙමෙයි,ඒ කාලෙත් ඕකි ඉල්ලුවද චන්දෙ! ඒ කියන්නේ සෑහෙන්න නාකි වෙන්න එපැයි
    //කොටසක් රතු පාටිං කියනව. ඊට පස්සෙ අනික් අය නිල් පාටිං කියනව.// ජාතික ආණ්ඩු කියන්නෙ මේවට වෙන්ඩැ
    //කාන්තාවන්ට සරම උස්සා පෙන්නීම වගේ පශ්චාත් මැතිවරණ ආතල් ගනිද්දි//අන්න කරනවනම් ප්‍රචන්ඩක්‍රියා

    ReplyDelete
    Replies
    1. එහෙනං. ඔය උංදැ චංදිරිකා නෝන තරංම පරනයි. අපේ ගමේ පුටුකාරයො කියන්නේ "පයිත්තරා මැඩං කියලා "

      Delete
    2. සුරන්ගයා,

      ඔය පයිත්තරා මැඩන්ට කලින් ඉල්ලුවෙ එතුමීගෙ තාත්තා. දර්මදාස මහත්තයා.බොලා මේ හීන් එවුන් කොහෙද එව්ව දන්නෙ? ..හෙහ්,හෙහ්,

      Delete
    3. පයිත්තරා මැඩන් 93 පලාස්සබාවෙන් ඇවිත් 94 පාල්ලිමෙන්තුවට ආවේ චන්ද්‍රිකා නෝනා එක්කම තමයි.. පාල්ලිමේන්තු එනකොටත් උන්දැට 30ක් වෙනෝ.. දැන් වයස මං කියන්නෑ හරි නෑනේ ගෑනු දැරිවියන්ගේ වයස් එලි කරන්ඩ..

      Delete
    4. දැන් තාජුදීන් ගේ මිනිය හාරනවා කියලා කෑ ගහන අම්මන්ඩිලා,අප්පච්චිලා ඒ දවස්වල සුරිය කන්ද හැරුවා මතකයි.

      Delete
    5. කල්‍යාණ:- හාහා ඔය වයසක උන්දැලගෙ වයස එහෙම කියනව නෙවෙයි.

      මනෝජ්:- ආං ඔය කියන්නෙ. ඒ දවස්වල පත්තරවල දවස ගානෙ ඕක ගැන ලියනව. ‘සූරියකන්දේ ඛේදවාචකචකය“ කියල කටු අකුරිං ලොකුවට දාල “අද ඉළ ඇට මෙච්චරක්, දත් මෙච්චරක්, හකු දෙකක්“ හම්බවුනාය කියල දාල තව ඕනිනං වයසක උංදැල අඩා හැපෙන පිංතූරත් දානව

      Delete
  6. “වර LUNA හඳේ අරින්න“ මේ කතාව ඇත්තනෙ බං. luna ඉන්න ඕනෙ හඳෙ තමයි....
    මටත් මේ පාර නිරීක්ෂන වැඩට යන්න තියෙනවා. ලඟ පාතම නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. කෝමදැ අපේ ගමේ අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේ වැඩ?

      Delete
  7. හ්ම්ම්ම්ම්.. හොඳ පෝස්ට් එකක්. ඔයා පුටු වරක් චක්කරේ කියලා පයිත්තරා නෝනට කඩේ යනවද මන්දා.. ඔය කොයි කොයි චක්කරෙත් ඉතින් අන්තිමට අපේ කරුම චක්කරේ වෙනවා. හෙට උදේම බේත් සීට්ටුව අතට අරන් හොඳ සිහි කල්පනාවෙං හරියනම බේත තෝරාලා ලකුණු කොරලා එන්න ඕන. ජයවේවා....!!!!

    ReplyDelete
    Replies
    1. මමනං දුන්නා ස්වාධීන කංඩායම 4ට

      Delete
  8. ඔය වගේ චන්දයක් දැක්ක පොඩිම පොඩි කාලේ

    ඔන්න එක පුටු ගෙදරක කොල්ලෙකුට කම්මුල් ගාය හැදුනලු ඔය පශ්චාත් මැතිවරණ කාලේ. කොල්ලගේ අම්මා ගියාලු අලි හක්කක් ඉල්ලා ගන්ට අසල්වැසි අලි ගෙදරකට. චන්දෙ පැරදිලා මලෙන් හිටපු ඒ ගෙදර අලි බුවා කිව්වලු "බොට මොකටද අලි හක්ක, උරච්චි කරලා ගාපන් පුටු කකුලක්" කියල

    ReplyDelete
    Replies
    1. හිකිස්! මෙන්න දවසේ කතාව

      Delete
    2. වසරේ හොඳම කමෙන්‍ටුව වෙන්නත් පුලුවන්.

      Delete
    3. ++++++++++++++++++++++++++++

      Delete
    4. හැක්... පට්ට කොමෙන්ට් එක.

      Delete
    5. මරු කතාව ඒක...:)

      Delete
    6. ඒකාලෙ සමහර අලි ගෙවල්වල තිවුනෙ බංකු. පුටු තිවුනෙත් නෑ

      Delete
  9. ඉලවුවයි මම මෙච්චර කල් හිතාන හිටියෙ ලූන හඳට යැවුවෙ නාසා එකෙන් කියල. බලාගෙන ගියාම ඒ වැඩේ කරල තියෙන්නෙ සුරංගෙ ගමේ පොරවල් නෙ.

    ඔය ඇඳිරි නීතිය දාල තියෙද්දි කර්ෆිවු පාස් නැතුව මාත් පාරෙ ගියා. ඒකට අවසරේ දුන්නෙ ඒ දවස්වලට අපේ ගෙවල් ගාව ඉස්කෝලෙ දාල තියෙන තාවකාලික හමුදා කෑම්ප් එකෙන්. හැබැයි ඉතිං ගෙදර ඉඳල කඩේටයි ආපහු එන්නයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ලූන හඳට ඇරියේ රුසියාවෙං. රුසියන් බාසාවෙං ලූනා කියන්නෙ හඳටනෙ.

      Delete
  10. පහුගිය කාලේ කුලියට කඩේ ගිය "නිදහස් සිතුවිලි" වලට වැඩිය උබේ පෝස්ට් එක දහස් ගුණයක් හොදයි

    ReplyDelete
  11. සුරන්ගයා,

    ඔය පයිත්තරා මැඩන්ට කලින් ඉල්ලුවෙ එතුමීගෙ තාත්තා. දර්මදාස මහත්තයා.බොලා මේ හීන් එවුන් කොහෙද එව්ව දන්නෙ? ..හෙහ්,හෙහ්,

    පස්චාත් මැතිවරන පෙචන්ඩ කියාවක්මත් නෙවෙයි ඒත් ඒ වගේ එකක් මේක. නමසිය හැත්තෑවෙ කෑගල්ල කච්චේරිය ඉස්සරහ වෙච්චි සත්තම සිද්දියක්. ඒ කාලෙ චන්ද ප්‍රතිපල ගනන් කරල ඉවර වුන ගමන් දිසාපතිතුමා කච්චේරිය ඉස්සරහට ඇහිල්ල නිවේදනය කොන්නව ප්‍රතිපල.ඔතන ඉන්නව තුන් හාරසීයක් පතිපල අහන්ට ඇහිල්ල. ඉතින් තමන්ගෙ ආසනේ පතිපල කිව්වම දිනපු එකාට ජයවේවා කියල පැරදිච්චි එකාට හූ කියල කට්ටිය ගෙවල් වලට යනව.

    70 චන්දෙන් ගලිගමුව ආසනේ දිනුවෙ පී.බී. බාලසූරිය උන්නැහේ.සිරි ලන්කා එකෙන් ඉල්ලුවෙ. ලකුන අත. දැන් ගලිගමුවෙ පෙතිපල කිව්ව ඔන්න.බාලසූරිය මහත්තය දිනුම්.ජයවේවා කියන අය එහෙම කිව්ව. හූ කියන අය එහෙම කිව්ව. එව්ව චාරිත්තර පරිදි ඉස්ට සිද්ද කෙරුනයි කියමුකො.

    දන් ජයග්ගරාහකයගෙ කතාව. බාලසූරිය මහත්තය පොඩි කතාවක් කරල හැමෝන්ටම ඉස්තූතිකරල කාරෙකට නැග්ග ගෙදර යන්ට. නැඟල පිටිපස්ස සීට්ටෙකේ ඉඳගත්ත. එතන හිටපු ආදාර කාරයෙක් දොර වැහුව. එතකොටම බාලසූරිය මහත්තය කෑගැහුව " අත..අත..අත.." කියල. වටේ ඊස්මීස් නැතුව හිටපු පාක්සිකයො එක හඬින් මරහඬ තිබ්බ " අතට ජයවේවා!!! අතට ජයවේවා!!! " කියල. ආයම බාලසූරිය මහත්තය කෑගැහුව " අත.... අත... අත" කියල. ඔන්න ආයෙම පාක්සිකයන්ගෙ හඬින් අවට ගිගුම් දුන්න.." අතට ජයවේවා!!...අතට ජයවේවා!!...අතට ජයවේවා!! "

    ඒ පාරනම් බාලසූරිය මහත්තයට මලම පැන්න. " ජයවේවා නෙවෙයි යකුනේ..ඇරපියව් කාරෙකේ දොර..මගෙ අත අහුවෙලා තියෙන්නෙ දොරට "

    ReplyDelete
    Replies
    1. ධර්මදාස මහත්තයා නම් පවිත්‍රා තරමටම ගැන්ස්ටර් නෑ මම හිතන්නේ. උසාවියේදි වුනත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා වගේ කතා අහලා තියෙනවා.

      Delete
    2. Ravi :-
      නියමම කතාව. අම්ප. මම නං ඔය අත ලකුණ දැකලම නෑ. පුටු පෙරමුණ විතරයි.

      Buru Babe :- ඔය ධර්මදාස උන්නැහැටත් හරියට ජූඇම්පී කරදර තිවුන කියල දවසක් පයිත්තරා මැඩං කිව්ව මං අහගෙන

      Delete
  12. Putu x 9.. Lol lol lol menna mewwa wage mewwa gena liyahan. Ela shranga.. :)

    ReplyDelete
  13. නියම චන්ද කතාවක් ගොයියො. මම පලවෙනි පාරට චන්ද පොලකට ගියාම ඒකෙ හිටිය සූකිරි බෝලෙ වගේ ඇන්ටි කෑල්ලක් මගෙ ඇගිල්ලත් පාට කරල මොකද්ද විකාරයකුත් කලා මතකය හිහික්

    ReplyDelete
    Replies
    1. හාහා මැතිවරණ කාර්ය මංඩලේට කියල අරව මෙව්ව කරව ගන්නව එහෙම නෙමෙයි

      Delete
  14. // කාන්තාවන්ට සරම උස්සා පෙන්නීම//

    ඕව කරපු උන් ඊට පස්සෙ කොහොමද බං ගමේ මිනිස්සුන්ගෙ මුණ බලන්නෙ. ගම්වල හමදාම මුණ ගැහෙන්නෙ එකම මිනිස්සු කට්ටියක්නෙ.

    ReplyDelete
    Replies
    1. අනෙ මොන ලැජ්ජාවක්ද බං. අපේ ගංවල තරහ, යාලුකං සේරම වැඩි දවසක් තියෙන් නෑ.

      Delete
  15. http://nelumyaya.com/?p=3987
    අතට දොරාහුවෙච්ච කටහ්වත් මරු. හැබැයි චුටි මැණිකේට භය නැත්තේ දැන් මහා එකා හොඳ වීම නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මහින්ද යටතේ තිබ්බ ඡන්ද වලදී බය වෙන්න මොනවද හේතු තිබුනේ
      නිකං බොරු වපුරන්න් එපා අජිත්, චන්ද්‍රිකාගේ කාලෙන් පස්සේ ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු සහ ඡන්ද ක්‍රමය හොඳ අතට හැරුනා.
      ගිය පාර ජනාධිපතිවරණය පැවැත්වුනේ මහින්ද යටතේ, එය මෙවර මැතිවරණයට වඩා සාමකාමී කියල කියන්න පුළුවන්.
      ඒකට හේතුව මෛත්‍රී බලපෑම් කරපු ආකාරයෙන් ඔහු යටතේ මිනිස්සුන්ට බලපෑම් සිද්ධ වුනේ නැහැ.
      මේ මනුස්සයා පෙරමුණ අකර්මන්‍ය කරලා unp එකට බලය ලබා ගන්න හැකිවෙන වටපිටාවක් සැකසුවා අවසාන මොහොතේදීත්.
      පක්ෂේ බහුතරය අකමැති ඔහුව සභාපති කමෙන් ඉවත් කරලා පක්ෂය බලවත් කරන්න තිබ්බ අවස්තාව ඔහු බලෙන් වලකුවා, මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියල ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා මිනිස්සු ඡන්දේ දෙන එක වළක්වපු එකා හොඳ වෙන්නේ කොහොමද.
      තමන්ගේ පක්ෂෙට ඡන්දේ දෙන එක වළක්වන්න කැන්වසින් කරපු එකා කොහොමද අජිත් හොඳ වෙන්නේ.
      එවැනි මහ එකෙක්ගේ හොඳ දකින ඔහේලා වගේ කබර කුළේ මිනිස්සු ගැන දුක සහ තරහ ඒවයෙන් හානි වෙන්නේ රට ඉන්න ඔහේලට නෙමෙයි වීමත් විඳවන්න වෙන්නේ ලංකාවේ ඉන්න අපිට වීමත් නිසා.

      Delete
    2. http://kolambagamaya.blogspot.co.uk/2015/08/blog-post_8.html
      මහින්ද ජනාධිපතිවරණයේදී වැඩි බලපෑම් කලේ නැත්තේ රටේ හැමතැනම ඔත්තු කාරයෝ හිටි නිසා. අනික දිනනවා කියල හිතන් හිටියා .
      //මේ මනුස්සයා පෙරමුණ අකර්මන්‍ය කරලා unp එකට බලය ලබා ගන්න හැකිවෙන වටපිටාවක් සැකසුවා අවසාන මොහොතේදීත්.
      පක්ෂේ බහුතරය අකමැති ඔහුව සභාපති කමෙන් ඉවත් කරලා පක්ෂය බලවත් කරන්න තිබ්බ අවස්තාව ඔහු බලෙන් වලකුවා, මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියල ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා මිනිස්සු ඡන්දේ දෙන එක වළක්වපු එකා හොඳ වෙන්නේ කොහොමද.// මේ තමයි ලංකාවේ දේශපාලනය. මහින්ද මිට වඩා වෙන දෙයක් කලාද? සල්ලි දීල කොච්චර මන්ත්‍රීලා ගත්තද. චන්ද්‍රිකා , රනිල් මීට වඩා වෙනස්ද?
      //තමන්ගේ පක්ෂෙට ඡන්දේ දෙන එක වළක්වන්න කැන්වසින් කරපු එකා කොහොමද අජිත් හොඳ වෙන්නේ// පොර දිනුවේ තමන්ගේ පක්ෂෙන් නෙමේ නිසා වෙන්න ඇති. නමුත් මම හිතුවට වඩා හොඳයි. රනිල්ට වැඩිය නටන්න දෙන්නෙත් නැති වගක් පෙනේව. ලංකාවේ වගේ රටක මෙහෙම ද්විත්ව බලයක් තිබෙන එක හන්වයි. දුෂකයෝ හොරු පාර්ලිමේන්තු යවන රටකනේ.
      //එවැනි මහ එකෙක්ගේ හොඳ දකින ඔහේලා වගේ කබර කුළේ මිනිස්සු ගැන දුක සහ තරහ ඒවයෙන් හානි වෙන්නේ රට ඉන්න ඔහේලට නෙමෙයි වීමත් විඳවන්න වෙන්නේ ලංකාවේ ඉන්න අපිට වීමත් නිසා.// මොන කුලේ හරි මගේ මුළු පවුලම ඉන්නේ ලංකාවේ. උන්ට තියෙන ප්‍රශ්න මම දන්නවා. හැමදාම ටෙලිෆෝන් එකේ කතා කලොත් ප්‍රශ්න. රට හොඳ වෙලා , නීතියට ගරු කරන රටක් හැදුනො ත් මගේ පවුලටම හොඳයි. නැත්නම් ගෑණු දුෂණය කරන උන් රකින නායකයෙක් ඉඳල, පොලිසිය ට එන දෙන යුව රජ වරුන් ඉඳල වැඩක් නැහැ. මේකෙන් අදහස් වෙනෙන් නැහැ දැන් ජෝන් අමරතුංග හොඳයි කියල. නමුත් මේ ද්විත්ව බලය යටතේ මර්දනයකින් තොරව ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා.
      //විඳවන්න වෙන්නේ ලංකාවේ ඉන්න අපිට වීමත් නිසා// මෙච්චර කල් වින්දෙව්වේ ලංකාවේ අපේ මිනිස්සු. දේශපාලකයට ගැති එවුන් යහතින්. දැන්වත් ඕක වෙනස් කරනන් හිතෙන්නේ නැත්ද? මේ අලුතෙන් ආපු එවුනුත් ඒ ලෙවල් එකට එනවනම් එකතු වෙලා විරෝධය පල කරලා උන්වත් එලවමු. දැන් වඩා ලේසියි.

      Delete
    3. [චන්ද්‍රිකා , රනිල් මීට වඩා වෙනස්ද? ]
      මුන් දෙන්නා රටට කිසි වැඩක් කරපු උන්ද, රටේ සම්පත් විකුණගෙන කාලා, යුද්දේ වවාගෙන කාපු උන්. උන් එක්ක මහින්දව සසඳන්න පුළුවන්ද.

      රනිල් කළින් හයිජැක් කරපු දින 180 ආණ්ඩු කාලයේදී කරපු වයිට් කොලර් හොරකම් දැක්කේ නැතුව හිටියේ කොහොමද අජිත්. තඹ හොරකම් දැක්කේ නැද්ද.
      ඔබ විතරක් නෙමෙයි ඔය හොඳයි කියන මෛත්‍රී මේ සිද්ධි දැකලා කට පියාගෙන හිටියේ නැද්ද. ඉස්සරහදි ඔහු එවැනි ක්‍රියා වළක්වයි කියල තියෙන සහතිකය කුමක්ද.

      [මේ තමයි ලංකාවේ දේශපාලනය. මහින්ද මිට වඩා වෙන දෙයක් කලාද? සල්ලි දීල කොච්චර මන්ත්‍රීලා ගත්තද. චන්ද්‍රිකා , රනිල් මීට වඩා වෙනස්ද? ]
      මේක ලංකාවේ දේශපාලනය බව පිළි අරගෙන, රනිල් සහ චන්ද්‍රිකාත් ඒ ගොඩේම බවත් ප්‍රකාශ කරන ඔබ ඇතුළු පිරිස රනිල් වැන්නෙක් හරහා මේ රටට කරවන්න හදන්නේ මොකක්ද.
      ඔවුන් තුලත් මහින්ද වෙත තිබු දුර්ගුණම තිබෙන බව ප්‍රකාශ කරන අතරේ අසාර්ථක බව ඔප්පු කරලා පෙන්වපු රනිල්, සාර්ථක බව ඔප්පු කරලා පෙන්නපු මහින්දට වඩා හොඳයි කියන්නේ කුමන පදනමකින්ද

      Delete
    4. Ajith Dharma ට රනිල්ගෙ අශූචීත් සුවදයිලු...චෝක්

      Delete
    5. //රනිල් කළින් හයිජැක් කරපු දින 180 ආණ්ඩු කාලයේදී කරපු වයිට් කොලර් හොරකම් දැක්කේ නැතුව හිටියේ කොහොමද අජිත්. තඹ හොරකම් දැක්කේ නැද්ද.// අපොයි හොඳටම දැක්කා. ඒකනේ පොරව අවුරුදු දෙකෙන් එලෙව්වේ. ඔයා කොහෙද හිටියේ. මට නම් msn group වගේ ඒවා තිබුන.
      //ඔබ විතරක් නෙමෙයි ඔය හොඳයි කියන මෛත්‍රී මේ සිද්ධි දැකලා කට පියාගෙන හිටියේ නැද්ද// මෛත්‍රී එතකොට හිටියේ විපක්ෂයේ නේ. මන් හිතනවා පොර විරුද්ධව කතා කලා කියල. මහින්ද එක්ක. හොයල බලන්න.
      //මේක ලංකාවේ දේශපාලනය බව පිළි අරගෙන, රනිල් සහ චන්ද්‍රිකාත් ඒ ගොඩේම බවත් ප්‍රකාශ කරන ඔබ ඇතුළු පිරිස රනිල් වැන්නෙක් හරහා මේ රටට කරවන්න හදන්නේ මොකක්ද.// මේ ද්විත්ව බලය යටතේ රනිල් හොරකම් කරන්න ආවොත් එලවන්න ලේසියි නේද? සුදු වෑන් , බටලන්ද, රතු පස් වල නැතුව.
      //ඔවුන් තුලත් මහින්ද වෙත තිබු දුර්ගුණම තිබෙන බව ප්‍රකාශ කරන අතරේ අසාර්ථක බව ඔප්පු කරලා පෙන්වපු රනිල්, සාර්ථක බව ඔප්පු කරලා පෙන්නපු මහින්දට වඩා හොඳයි කියන්නේ කුමන පදනමකින්ද// මෙහෙම දෙයක් මම කොහෙවත් කියල නැහැ. රනිල් සාර්ථක වෙන් පුළුවන්. ඉහත රනිල් හොරකම් කල කියන ඔබටම මහින්දගේ අන්තිම අවුරුදු හොරකම් පෙනුනේ නැත්ද? මම 2010 මහින්දට සපෝර්ට් කරපු කෙනෙක්. නමුත් මහින්ද ආන්තිම අවුරුද තුනේ නිතිය බල්ලට දැම්මා . හොරු ලං කර ගත්ත.

      Delete
    6. //Ajith Dharma ට රනිල්ගෙ අශූචීත් සුවදයිලු...චෝක්// මම නම් කොහෙවත් එහෙම කියල නැහැ. මහින්දගේ අසුචි බුදින අය අනිත් අයත් එලෙසමයි කියා හිතනවා ඇති. හුඟක් රටවල ඉන්දියාව, චීනය , ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය ජර්මනිය වගේ රටවල මිනිසුන් පිරිසක් ඉන්නවා සිවිල් සේවකයෝ හෙම, දේශපාලකයන්ට වඩා රට ඉහලින් තබන. රනිල් හා මෛත්‍රී ඉන්නත් ඕනේ රටට පහලින්. අපි දේශපාලකයෝ රජවරු කරලා වඳින්න පුදන්න ඕනේ නැහැ.

      Delete
    7. යමක් කියන්න, ලියන්නම ඕනෑ නෑ කෙනෙකුගෙ ක්‍රියාවෙන් තෙරුම් ගන්න පුළුවන්

      ඉන්දියාව, චීනය , ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය ජර්මනිය ලංකාවට වැඩිය ලොකු හින්ද වෙන්න ඇති.

      රනිල්ල කවදත් රටට පහලින් තමයි හිටියේ ඒකනේ එක කෑල්ලක් කොටින්ට ලියල දුන්නෙ.. රටට පහලින් ඉන්න උන්ට කවදාවත් රට රකින්න බෑ.. පණ නෑ. උන් කරන්නෙ වෙන රටක කවුරුහරි කියන දෙයක් කරන එක විතරයි.

      Delete
    8. මේ මගේ යාළුවෙක් ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර යුද්දේ කාලේ ආරක්ෂක අමත්යන්ශේ උපදේශක සභාවේ ඉඳල, දුෂණ නිසා රජයට විරුද්ධ වෙලා තර්ජන ලැබූ කෙනෙක්. බුකියෙන් ගත්තේ මේ සඳහන //
      Thrishantha Nanayakkara
      5 hrs · Edited ·
      ‪#‎GenElecSL‬ Now that I can visit Sri Lanka without fear of being abducted at least for another five years, I can start a research collaboration with an academic partner in Sri Lanka. I’ve been trying to find somebody in the area of Anthropology/anatomy of Native Vedda communities to test some hypotheses about the role of the variable impedance profile of the knee joint in human locomotion. I can send the exact research question and motivation if somebody can help to connect with the right partner. Thamara F. Dias anyway you can help through NSF?//

      Delete
    9. //යමක් කියන්න, ලියන්නම ඕනෑ නෑ කෙනෙකුගෙ ක්‍රියාවෙන් තෙරුම් ගන්න පුළුවන්// මොකක්ද ක්‍රියාව පෙන්වන්න බලන්න.
      //රනිල්ල කවදත් රටට පහලින් තමයි හිටියේ ඒකනේ එක කෑල්ලක් කොටින්ට ලියල දුන්නෙ// කවදද? මම දන්නා විධිහට රනිල් තමා කරුණාව කඩන්න හේතු වුනේ. රනිල් ගියේ වෙන විධිහකට ප්‍රභා කොටු කරන්න. එක තම ප්‍රභා මහින්ද ට සහයෝගය දීල චන්ද වැලැක්වුවේ. නමුත් අන්තිමට ප්‍රභාම ඇන ගත්ත මහින්ද ගෙන.
      //ඉන්දියාව, චීනය , ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය ජර්මනිය ලංකාවට වැඩිය ලොකු හින්ද වෙන්න ඇති.// නැහැ මේ රටවල් මිනිස්සු න්ගේ හිත් ලොකුයි. පටු නැහැ ලංකාවේ වගේ. උන් රට ඉදිරියට තබල කටයුතු කරන්නේ. රජවරු, දේශපාලකයෝ නෙමේ. චර්චිල් තමා යුද්දේ දිනුවේ. නමුත් ඉලනාග චන්දෙන් චර්චිල් පැරදුනා . එහෙම වුනා කියල කවුරුත් චර්චිල් ට ගරහන්නේත් නැහැ. ස්ටාලින් යුද්දේ දිනන්න නායකත්වය දුන්න. නමුත් ඉන් පස්සේ ස්ටාලින් කල වැරදි හෙළි දරව් කලා.
      //රටට පහලින් ඉන්න උන්ට කවදාවත් රට රකින්න බෑ// රට කියන එක හැමදාම තියෙන එකක්. ඔය රටට ඉහලින් තමන් ඉන්නවා කියල හිස උදුම්ම ගත් කෙනෙක්ද? දේශපාලකයෝ රජවරු ඉඳල මැරිලා යයි. රටක් සහ එහි ජනතාව දිගටම තිබෙනව, නැති වෙන්නේ නීරෝ වැනි දේශපාලකයෝ නිසා. රට ගිනි ගනිද්දී වීණා වැයීම.

      Delete
    10. Ajith Dharma:- ඇත්ත කතාව. මොකද දැං ඔය මැකෝ උනත් කෙලිං ඉන්නෙ ඒකනෙ. ආයෙ මිනිහ කියන එකත් මහ එවුං අහන්නැත්නං මොනව කරන්නද? මයිත්රිපාල මහත්තය තමයි මහ මැතිවරණෙකදි කාගෙවත් පැත්ත නොගෙන මැදිං හිටපු එකම ජනාධිපතිතුමා. එතුමා පැංසං ගිය දාක මං ඒක එතුමා හම්බෙලාම කියනව

      Delete
  16. දැන් තමයි අපේ මිනිස්සු පරිණාමය වෙන්නේ ආයෙමත් හොඳ අතට.

    ReplyDelete
    Replies
    1. හෝමෝ සේපියන්ස් - හෝමෝ ඉලෙක්ෂන්ස් බවට

      Delete
  17. චන්දෙ කාලෙට බල්ලෝ බළල්ලුත් හැංගෙනවා එහෙනං ඈ

    ආච්චම්ම තියල මේක කියපු එක වටිනවා. ස්වාධින කණ්ඩායමට දුන්න කිව්වේ? කවුද?

    ReplyDelete
    Replies
    1. ස්වාධීන කංඩායමට දුන්න කිව්වෙද
      මේ මං හෙවත් ඩබල් මයන්න

      Delete
  18. ආධුනික අපට තාම ඡන්ද ඩියුටි නෑනේ. ඉස්සර කාලේ ඡන්ද කතා, අපේ තාත්තත් ඔය වගේ කථා කියනවා සැහෙන්න. සුපුරුදු පරිදි ලියැවිල්ල සුපිරියි. ඔෆීස් ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි සමහර දවස්වලට කියන කථා, ලිව්වනම් නරකද අයියේ.....

    ReplyDelete
  19. මචෝ මට පේන්නේ උබම රත්නපුරේ වගෙයි. උඹට මතකද ත්රීමාවිතාරන සිද්ධිය... එතකොට මම 10 වසරේ . ත්‍රිමා එක්ක ඇන ගහල මරපු බන්ධුවර්ධ්නගේ මිනිය කුරුවිටට ගෙනාපු දවස. එදා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටශයට විතරක් ඇදිරි නීතිය දැම්ම. ඇහැලියගොඩ පැත්තේ ඉදළ කුරුවිට පැත්තට හැතැම්ම ගානක් දිග පෙළපාලියක් ආව. බන්දුගේ මිනිය ගෙනාවේ හෙලිකොප්ටරේ. ඊට කලින් රත්නපුර අතරුමැතිවරණය තිබුන. උන්ප් එකෙන් සුසන්තයි ශ්‍රී ලංකා එකෙන් නන්ද අප්පොයි ඉල්ලුවේ. සුසන්තගේ තාත්තා මහ ඇමති. අපේ තාත්තා වැඩ කලේ නන්ද අප්පොට. ජන්දේ දවසේ රෑ 8.00 විතර අපේ තේ කඩේට ගිනි තියල සුසන්තගේ ගෝලයෝ. අපි මාමාලගේ ගෙදර ට්වී බලනව. ගිනිදැල් අහසට නගිනවා දැක්කා. කොහොම උනත් පහුවදා නන්ද අප්පෝ වැඩි චන්ද 5000 ගානකින් දිනනවා. තාත්තා යු.ඇන්.පී. පොරක් එක්ක රු:1000.00 ඔට්ටුවක් දාල තියෙනවා පුෂ් බයිසිකලෙකට. මම උදේ පාන්දරම මගේ පුටාර් එකේ මාමලාගේ ගෙදර ඉදං අපේ ගෙදරට ආවා . තාත්තා මගදී හමු උනා. මම තාත්තා එක්කම ආවා. තාත්ත මුලින්ම කලේ ඔට්ටු අල්ලපු කෙනාගේ ගෙදරට ගිහින් බයිසිකලේ ගත්ත එක.... (ඒක ඒ පොර රේස් පදින එකක්) මට මාර හැපී.පුටාර් දෙකයි... ඊට පස්සේ අපි පුච්චපු කඩේ බලන්න ගියා. තේ බොන වීදුරු ඇලුමිනියම් තැටිය උණු වෙලා වැක්කෙරිලා තිබුණා. තාත්ත පොලිසි ගියා. ගිනි තියපු එකාට වන්දි ගෙවන්න උනා. කඩේ තිබුන ඉඩම අපේ නොවෙයි. අලුතෙන් අල්ල ගත්තු ඉඩම් කෑල්ලක් අල්ලගෙන අලුතෙන් කඩයක් දැම්ම.ඒත් එක්කම තමයි වඩමාරච්චි මෙහෙයුම නතර කරලා ඉන්දියාවෙන් පරිප්පු දැම්මේ. ඊට පස්සේ පළාත් සභා විරෝධය . දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය . ත්රිමවිතරණ සිද්දිය..... ඒ මිනීමැරුම එලියට ගන්නේ නන්ද අප්පෝ. ඔහොම තමයි අපේ පුංචි කාලේ කාලේ දේශපාලන අද්දැකීම්.

    ReplyDelete