පංදම පත්තුවෙච්චි වෙලේ වටේම ගිනිතියන්න
හිතාගෙන මං සාලාවෙ එහා කොනේ ඉඳං මෙහා කොනටම බලාගෙන ආවත් පුංචම්ම නෑ. ඒ ගමන කොයි
ගියාද මෙයා?. සාලාවෙං එළියෙ යාංතං ලැයිට් එළිය වැටෙන සීමාවෙ අඹ ගහක් යට බැම්ම උඩ
ඉඳගෙන ඔලුව ඔඩොක්කුවෙ ගහං ඉන්න ගෑනු කෙනෙක් විතරක් ඉන්නව. කිට්ටු කරල බලද්දි ඒ අපේ
පුංචම්ම තමයි. දවල් ඇඳං ආපු ඇදුං දැං වෙනකොට මාරු කරල හිංද අපේ නඩේ අය අඳුරගන්න
ආයිත් අමාරුයි.
මං පුංචම්ම ළඟට කිට්ටු කරනව.
“පුංචී... පුංචී....“
“ඒ ගවල වෝට්ටාවඩ.... වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්...“
ඔඩොක්කුවෙං ඔලුව උස්සපු පුංචම්ම අමුතු බාසාවක්
කියනව. ලැයිට් එලිය වැදිල උන්දැගෙ මූනෙ ඇහේ ඉඳල පහලට හංගොල්ලො ගියා වගේ දිලිසෙනව.
එතකොටයි මං දකින්නෙ උංදැ හොටු පෙරාගෙන අඩනව. අක්ක දන්නෙ නැතුව ඇති. නැත්තං එයත්
මේවගේ අවස්ථාවල සමූහ ගායනයට එක්කාසු වෙනව.
“මොකද පුංචියෙ අඬන්නෙ“
“කිහිග් කිහිග්......
ඊඊඊඊඊඊඊඊඊ . වලාග් ගාජ්ජව්ව ගලවු වැලේ“
පුංචම්මගෙ නහයෙං කටෙං කෙල පෙරාගෙන ආයි සද්දෙ
වැඩි කරනව. එතකොට මුංදැ මේ අඬන්නෙ ආච්චම්මගෙ ආරක්සක වැඩ පිලිවෙල පටංගැනිල්ල හිංද
වෙන්නැති.
“වලාග් වග්ගෝවඩ අල
විලිස්සුඩ්ඩ වූලලෙල්ලෙ“
ආයි පුංචම්මට කාටවත් මූන දෙන්නැති වෙන්න
වැඩක් අරෙහෙ වෙනව කියල නොදැනයි මේ තරං අඩන්නෙ. හවස එක මිනිහෙක්ට අරෝවට කතා කොරල
කරපු හරියට මෙහෙමනං මේකත් කියපුහාම කොහොම හිටීද?
“ආං ඒකෙ ඉතුරු හරිය ආච්චම්ම අතන
දිගාරිනව. පුංචියි බාප්පයි පැල්ල ගිය හැටි හිටං ආච්චම්ම දෙසා බානව. ජෝකෙ බාප්ප
ඉස්සර ටිකැට් කඩපු හිංද ආත පුංචිගෙ මගුලට කැමති උනේ නැති එකයි, පුංචි පැනල ගියෙ
ඉස්කොලෙ යද්දි කියලයි විතරයි තාමනං කිව්වෙ“
පුංචම්මට ඇඬිල්ල හිරවෙනව. මගෙ මූන දිහා බලල කතාකරගන්න බැරුව ඉන්නව.
“හලේ... අව්වලං
වට ඉල්ල ලියල්ලෑ.......“
කට ඇරිච්ච ගමං අඳෝනාවක් තියපු පුංචම්ම නැට්ට
පෑගිච්ච බලලෙක් වගේ සාලාව ඇතුලට දුවනව. ටෙලිනාට්ටියක වාදනේ ඇහෙද්දි ගෙට දුවන බාල
පුංචම්ම වගේ මාත් අවසන් ජවනිකාව බලන්න ඒ පස්සෙං දුවනව. ඒ යන අතරෙ ආච්චම්මගෙ ශ්‍රාවක
පිරිස තවත් කිහිප දෙනෙක්ගෙන් වැඩිවෙලා. ආච්චම්ම බිම ඉඳගෙන බිත්තියට හේත්තුවෙලා නව
පරිච්ඡේදයකුත් ආරම්භ කරල.
“ චූටිව බල්ලෙක් කාපු වෙලාවෙ
අපිනං හිතුවෙ මැරෙයිම කියල. මුංගෙ තාත්ත තමයි යංතං කොහෙද වෙද මහත්තෙක් ගාවට
ගිහිල්ල හොඳ කෙරෙව්වෙ. නැහ්නං අංතිමට අංතිමට කටේ කෙළ පෙරාගෙන හපන්නත් පයිනව.
ලෙඩේනං කොහොම හරි හොඳ උනා. ඒ ලෙඩෙං පස්සෙ තමා ඔයහැටි කොච්චොරොවත් අඩන්නෙ. දැං අපේ
චූටි නිකං නිස්කාරනෙත් අඬනවනෙ.“
පුංචම්ම කාමරේ දොර ගාවට ගිහිං ආච්චම්මට කතා
කරනව.
“අම්මෙ මෙහෙට එන්නකො ඩිංගකට“
“මොකටෙයි. මං මේ ඩිංගක්
ඉඳගන්න බැලුව විතරයි. ළමයි දෙන්න නැද්ද? මං ඩිංගකට එහෙට මෙහෙට උන අල්ල පනල්ලෙ බොට
බැරි උනාද ඔය ළමයි දෙන්න දිහා ඇහැ ගහගෙන ඉන්න?“
ආච්චම්ම වියහැකි දෙයක් හිතේ මවාගෙන දොස්
තියනව. උංදැ කැමති නෑ උංදැගෙ දේසනාවෙං ලේසියෙං නැකිටින්න.
“හිටහං මං එන්න. ...... ආ
ඉතිං ඔන්න ඔහොමයි අපෙ චූටිගෙ පිස්සු බලු අමාරුව සනීප උනේ. මං මේ ලමයි දෙන්නට මොකද
උනේ කියල බලල එන්නංකො. අපි ඉතිං දැන හැඳින ගන්නත් එපායැ නැද්ද?“
ආච්චම්ම නැකිටල රෙද්ද ආයිපාරක් ඇඳගෙන දොරෙං
එළියට එනව.
“මොකෝ. කෝ ජුවයි පුචයි“
“අනේ අම්මෙ පිංසිද්දවෙයි. ඔය එක
එක එව්ව නොකිය කට පියාගෙන පාඩුවෙ ඉන්නකො. අපේ පවුලෙ එව්ව ඒ මිනිස්සුන්ට කියන්න
එපා. ජෝකෙටනෙ රස්සාවට යන්න බැරිවෙන්නෙ“
පුංචම්ම ආච්චම්මට නොවඳිනා වැඳුං වඳිනව.
“මං මොකක්කක් කිව්වෙ නෑ.. ඇයි
බං ගල්බිල්ලො වගේ මනුස්සයෙග්ගෙ මූණක් කටක් නොබල හිටියෑකැ. අන්තිමට ඒ මිනිස්සු
කියයි ආනාදිකම කියල. අනික මිනිස්සු දැන ඇඳින ගත්තැයි කියල උං අපේ ගෙදර එනවෑ.“
“නෑ.. නෑ අම්මෙ කතා කෙරුවට
කමහ්නෑ. අපේ පවුලෙ විස්තර කියන්නෙපා. එව්ව මිනිස්සු දැනගත්තහං ජෝකෙට හරිනෑනෙ.“
“අනෙ උඹ කට වහපං. අපේ පවුලෙ
විස්තර කිව්ව කියල ජෝකපාලට නිංගිරාවක් වෙන්නෑ. මං සෝංපාල බොන එකවක්, ලොකු ජූ
නහත්ති කොන්න එකවක්, සු**ය ගෙ ජඩ වැඩවක් කියන්න ගියෙ නෑනෙ. මොකෑ මල්ලි ඉස්කෝලෙ
මහත්තෙක කියන එකවක්, මැණිකෙගෙ කඩේ ගැනවක් කියන එක බොට මහ නිංගිරාවද්ද?“
ආච්චම්මත් ලේසියෙං අරින්නෑ.
“අනේ නෑ අම්මෙ එව්ව නෙමෙයි. අම්ම
මොටද ඒ මිනිස්සුංට ජෝකෙයි මායි පැල්ල ගිය ඒව එහෙම කියන්න ගියෙ? මං කියන්නෙ ආං එව්ව
කියන්නෙපා කියල ජෝකෙට හරිනෑනෙ අම්මෙ“
පුංචි කාරනේ මුලටම හගිස්සනව.
“මං කී එකක් නෑ. කවුද උඹට ඔය
කේලං කියාපු එකා කියහං බලන්න.“
“මේ සුරංගෙයට ඇහිල තියෙන්නෙ. ඌ
ඇහිල්ල මට කිව්වගෙං පස්සෙ තමා මාත් ඇහිල්ල බැලුවෙ. එතකොට අම්ම මට පිස්සු බලු රෝගෙ
හැදිච්චි හැටි කියනව“
“ආ...... මූධ එතෝට කේලම
කිව්වෙ. ගක් කට කල්ල විසිවෙන්න. මූව වංදනා ගමං ගිනියන්න නෙමෙයි පාරක ගිනියන්න වටිංනෑ“
පුංචම්මගෙ පාවා දීම හමුවෙ ආච්චම්ම සේරම
වැහෙන්න මගෙ පිටිං වරදක් අරින්න හදනව.
“උට බයින්න නෙමෙයි අම්මෙ. අම්ම
අනික් මිනිස්සු එක්ක මොනවක් වැඩිය කියවන් නැතුව ඉන්නකො“
“මූව අල්ල ගස් බඳින්නෝනෙ.
මුගෙ කටේ තියෙන බලු ගති අරින්න බෑ කොච්චර ඉස්කෝලෙ ඇරියත්“
එතනිං එහාට තමුංගෙ වරද නෑසූ කන්ව ආච්චම්ම මට
බයිනව. උන්දැටත් ඕනි කරල තියෙන්නෙ කතාව වෙනිං අතකට හරව ගන්න. දැං හරි. ආයි මුල්
මාතෘකාවට උංදැව ගන්න බෑ කොහොමටවත්. අන්තිමට ආච්චම්මගෙ කටට දිනුම දීල පුංචියි මායි
පහු බහිනව. ආච්චම්ම ආපහු රෙද්ද ගලෝල ඇඳගෙන ගිහිං සිය ප්‍රේක්ෂක නඩේ ළගිං ඉඳගන්නව.
ඒත් එක්කම නාගෙන ආ අය කොණ්ඩ පීරල සැං පවුඩර
දාල කතරගම දේවාලෙත්, කිරි වෙහෙරත් වඳින්න යනව. ඒ ටික යන්නෙ පයිං. උයන අයත් තව
පිරිමි දෙතුන් දෙනෙකුත් ඉඳිද්දි අනික් අය ඔක්කොම ඒ ගමනට එකතු වෙනව. කීප දෙනෙක්
ඉතුරු වෙන්නෙ “බෑක් මලු බලාගන්න“
සාලාවෙං එලියට බහිනකොටම ආච්චම්ම අයියවයි
අක්කවයි අල්ලගන්නව. උංදෙන්නට දෙන්නව අල්ල ගන්න කියල එකට ඈඳනව. ඉං පස්සෙ ආච්චම්ම ට ඉස්සරහිං ඒ දෙන්නට යන්න
කියල නියම කරනව. ආච්චම්ම එක්ක එක පෙළට පුංචම්මව තියා ගන්නව. දැං ආච්චම්මට අයියවයි
අක්කවයි දක්කන ගමන්ම පුංචිව ඇදගෙන යන්නත් පුලුවං.
“ළමයි නෙමෙයි මහ එවුවොත් අතරමං
වෙන රටක් මේක“
ආච්චම්ම තමං ළඟ ඉන්න එක් ශ්‍රාවිකාවකට
කියනව. උංදැ තමයි ආච්චම්මගෙ කතා සේරටම ‘ඇත්තද, එහෙමද‘
කිය කිය කටඋඩ බලං හිටියෙ. නඩේ ඉන්න අයගෙං දුරට පේන තද තැඹිලිපාට කමිසෙයක්
ඇඳං හිටපු එක්කෙනෙක්ව මගෙ මග සලකුන විදිහට තියාගෙන මාත් නඩෙත් එක්ක ඇදෙනව.
කිරි වෙහෙරට යන පාර දෙපැත්තෙ මල් විකුණන අය
සියගාණක් ඉන්නව. ඒ හැමෝම ගිරිය පුප්පල යටිගිරියෙං කෑගහනව.
“අනේ අපෙනුග්ගන්නකෝ.“
“එන්න එන්න.. සුදු මාල්, රතු
මාල්, කහමාල්.. හැම ජාතියකම මාල් තියෙනවා“
මට හිතෙන්නෙ ඒ අයට අද දවසටම එකම මලක්වත්
විකුනගන්න බැරිවෙන්නැති කියල. පව් ඒගොල්ලං එක්කොම බඩගින්නෙ ඉඳියි අද රෑට.
සමන්දේවාලෙ හිටිය වෙලෙංදො “මල්ලට්ටියග්
ගන්නෙන් නපෙනුග්ගන්“ කියල සැරෙං කිව්වට මේ අය හරි අහිංසක විදිහට කෑගහන්නෙ.
මං සිස්සත්වෙ පාස් හිංද හොඳට ඉගෙනගෙන දොස්තරෙක් උනහම කාර් එකෙං ඇහිල්ල මේ හැමෝටම
රුපියල් පංදාහ ගානෙ දෙනව. පංදාහ නෙමෙයි දහ දාහක්ම දෙනව. එතකොට ඒගොල්ලන්ට ගෙදෙට්ට
වෙලා කාල බීල ඉන්න පුලුවං. මං එහෙම හිතාගෙන නඩෙත් එක්ක ඉස්සරහටම ඇදිල යනව.
දෙන්න තුංදෙනා වසයෙං හැදිල ඉන්න අපේ නඩේ
පහුකරගෙන සීඝ්‍රගාමී නඩයක් යද්දි ආච්චම්ම සිය දරු මුණුබුරු තුංදෙනාව ඇති වීරියෙං
අල්ලගන්නව. ඒ අතිං මං නිදහස්. ඔය විදිහට අපි කිරිවෙහෙරෙ මලුවට සේංදු වෙනව. දකුණු
අත ඇතුලට හිටින්න චයිත්තිය වටේ යන ගමං තැනිං තැන පිහිටල තියෙන මල් තියන තැං වලට
වඳිනව. එහෙම එක වටයක් සම්පූර්ණ කලාට පස්සෙ කට්ටිය එක තැනක ‘පාත්වෙලා‘ බුදුං බඳිනව. වටේට ලොකු කොරොස් වගෙ විසිල ලයිට් හයිකරල
ඒවගෙං සැර එලියක් පිටවෙලා ගිහිං චයිත්තියෙ වදිනව. ඒ ලයිට් එලියට චයිත්තිය කහ සුදු
පාටට බබලනව. බිම හයිකරල තියෙන ඒ ලයිට්ටෙකක් ගාවට ගිහිං හිටගත්තම මගෙ හෙවනැල්ල දිගට
දිගේ චයිත්තිය ගාවට වෙනකම්ම තියෙනව.
මං වටපිට බලද්දි අපේ නඩේ එහෙට මෙහෙට වෙලා.
මං ආයිත් තැඹිලි කමිසෙ හොයාගෙන එයා පස්සෙං යනව. ඒ ගමන අපි යන්නෙ කතරගම දේවාලෙට.
එතනත් කඩවල්වල එක පොරයයි. මිනිස්සු පූජාවට්ටි විකුණගන්න තරඟෙට කෑගහනව. උක්ගස් කෑලි
දෙකතුනක්, කොමඩු කෑලි දෙකක්, දොඩං කෑල්ලක්, අඹකෑල්ලක් ආදී ලාබ පලතුරු කීපයක් දාපු
වට්ටි තියෙන කඩවල්වල මිනිස්සු එව්ව පෙන්නල “පූජාවට්ටි
ගන්න එන්න“ කියල අඬගහනව. අපි ඒව මොනවක් දැක්කෙ නෑ වගේ පහුකරගෙන යනව.
දේවාලෙ ඉස්සරහ ලොකු තොරණක “රුහුණු මහා කතරගම දේවාලය “ කියල බෝඩ්ඩෙකක් තියෙනව. ඒකෙං ඇතුලට ගියහම දේවාලෙ.
සුවඳ කුඩු, හදුංකූරු ආදියෙ සුවඳත්, ඝන්ටාර සද්දෙත්, සීනු සද්දෙත්, යාතිකා කියන
සද්දෙත් අතරෙං තෙරපිල ඇතුලට ගිහිල්ල යංතං වැඳගෙන නලලෙ මොට්ටුවකුත් තියාගෙන අපි
එළියට බහිනව.
ආපහු එන ගමනෙදි අපේ නඩේ ළමයි හා ගෑනු අය ඒ
අවට තියෙන තොරොම්බල් කඩ ලැලි බලන්න යනව. ඉටි රෙදි වලිං වට කරල ඉහලිනුත් හෙවිල්ලල හදපු
මඩු වගේ කඩවල බඩු තියල තියෙන්නෙ පොලවෙ ඉඳං අඩි දෙකක් විතර උසට හදපු තට්ටුවක. කඩේ
පිටිපස්ස පැත්ත ආවරණය වෙන ලැල්ලෙත් ඉදිරිපැත්තට පේන්න බඩු එල්ලල තියෙනව.
ඒවයෙ තියෙන සෙල්ලං බඩු ටියුබ් ලැයිට් එළියට
දිලිසෙනව. වතුර විදින තුවක්කු, වතුර විදින කැමරා, බෝනික්කො, බැට්ටි කෑලි දාන
සෙල්ලං වාහන, වයිං කරන වාහන, පෙති තුනක් තියෙන රවුමක් මුදුනෙං තියල නූලෙං ඇද්දහම ඒ
රවුම කරකැවිල උඩ යන සෙල්ලං බඩුව (මං ඒකෙ නම දන්නෑ), නැට්ටෙං අල්ලල හරහට අල්ලං
හිටියහම දෙපැත්තට වැනෙන සෙල්ලං නයි, නූලක් දාල ඇදගෙන යන සෙල්ලං කාර්, හයියෙං පොලවෙ
අතුල්ලල අතුල්ලල බිමිං තියපු ගමං දුවන සෙල්ලං කාර්, ටකරං පාට තහඩුවෙං හදපු මූණත්
තහඩුවත්, පිටිපස්සත්, දෙපැත්තෙ වටේත් රතු පාට ගාපු සෙල්ලං ලංගම බෙලෙක් බස් ආදී
වාහනද,
බඩ මිරිකුවහම “චා“ කියල අතෑරියහම “කූහ්“
කියන සෙල්ලං වලස්සු, ඇස් අරින වහන බොනික්කො, සෙල්ලං පිඟං කෝප්ප සැට්, ආදී සෙල්ලං
ගෙවල්වලට ගන්න භාණ්ඩද,
අගට රබර් රවුමක් හයිකරපු ප්ලාස්ටික් කූරු
දාල වෙඩි තියන තුවක්කු (එව්ව එක්ක කූරු දෙකක් දෙනව), කැප් රෝල් දාල වෙඩි තියන
ගින්දර විසිවෙන පිස්තෝල (එව්වට දාන කැප් රෝලක් දෙකයි පනහක් වෙනව) බැට්ටි කෑලි වලිං
වැඩ කරන වෙඩි තියන සද්දෙත් එක්ක රතු ලැයිට් පත්තුවෙන සෙල්ලං තුවක්කු ආදි තුවක්කුද,
නූලක් දාල බෙල්ලෙ එල්ලං යන්න පුලුවං නලා තුනක්
එකට හයි කරපු නලා, පනාව වගේ හරහට අල්ලං තොල් දිගේ දෙපැත්තට ඇද ඇද පිඹින හිල් හිල්
ගොඩක් තියෙන දිගැටි නලා, බටනලා, හොරනෑව
වගේ දිග මැදිං තියෙන හිල් ඇඟිල්ලෙං වහල පිඹින නලා, නලාව මැදිං එලියට ඇවිත් තියෙන
කූරට අමුනපු මුද්දෙං ඒ කූර ඉස්සරහට පස්සට කරන ගමන් පිඹින නලා (ඒ ආකාරෙට නලාව
පිඹිනකොට “වියෝ වියෝ“ කියල සද්දෙයක් එනව), අපේ ආත වායු පිටකරනව වගේ සද්දෙ එන ලාබ
නලා, ආදී කොට ඇති සියලුම නලා සහ සෙල්ලං
දුරදක්නද,
කොන්ඩ බෑං, කොන්ඩ කටු, කොන්ඩ බූල්, මොට්ටු,
සාරිකටු , වළලු, පාට නූල්, ඉමිටේසන් මාල වලලු මුදු කරාබු ආදී ආදී සියලුම කාන්තා ආයිත්තම්ද,
රිදී චේන්, මිනී ඔලුවත් ඇටකටු සැට්ටෙකත්
එක්ක තියෙන රිදී චේන්, රත්තරං ගාපු චේන්, ඇත්දත් මුදු, අතේ බඳින පටි, කලු නූළක් හා
කතරගම දෙයියන්ගෙ කුඩා කාලෙ දැක්වෙන පිංතූරෙ සහිත පෙන්ඩන්ට් එකකින් යුතු මාල, ඇත්දල
දෙකේ පෙන්ඩන්ටෙක සහිත නූල්, කහ සහ රතු නූල්, නවගුනවැල් ආදී සියලුම පිරිමි ආයිත්තම්
ද,
කැප්තොප්පි, ඉඳිකොල තොප්පි, සිංහය සහ කඩුව
සහිත Sri Lanka කියල සඳහන්
රවුං ගෑනු තොප්පි, සංග්ලාස්, ඔලුවෙ බඳින
ලේංසු, ආදී ඔලුවෙ දාන දේවල් වලිංද ඒ කඩ පේලිය සම්පූර්ණ වෙනව.
ඒ හැම දේකම ගාන රුපියල් සීයට එහා හිංදත්, “එව්ව අස්ප ගනං“ කියල නඩේ කීප දෙනෙක් කියපු හිංදත් මං
මොනවත් ගන්නෙ නෑ. පස්සෙ කාලෙක සල්ලි
හම්බකරල ගන්න මං ඒවා මතක තියා ගන්නව.
සැයු
: මේ දිනවල කංතෝරුවේ ඉතා අධික වැඩ හේතුවෙං ලියා ගැනීමට කල් මදිවූ නිසා මෙම කොටස
දැමීමට රෑ වූ බව සලකන්න.
ටිකක් පරක්කු වෙනකොට මං ඒත් මොකද කියල බැලුවා..
ReplyDeleteඅපේ චුටි මැණිකෙ නංගි එහෙම සනීපෙන් ඉන්නවැයි .....?
එයැයිව මතක්කොලා කියන්ට....!
එහෙමයි එහෙමයි.
Deleteආයි මං කියන්න දෙයක් නෑ එයාම කියෝගනී.
සුරංග පස්සෙ කාලෙක සල්ලි හම්බ කරල ගන්න කඩේ තිබ්බ ඔක්කොම බඩු මතක තියාගෙනනෙ.
ReplyDeleteමං පස්සෙ කාලෙක ඔය සෙල්ලං බඩු හැම එකක්ම වගේ ගත්ත.
Deleteමොඅද බං මේ එකම කතාව තුන් සැරයක්ම දාලා ,
ReplyDeleteසුරංගගේ කතාව මුල ඉඳන්ම එකදිගට කියෙව්වේ අද තමයි. කතාව තුල තියෙන හාස්‍යරසය ඉහලයි. කවුරුත් කියනවා වගේ මරු ලියවිල්ල. හිනාවෙලා පනයනවා (මම මේ කියන්නේ කොටස් ඔක්කොම ගැන)
හැබැයි මේ කතාවේ යටින් දිවෙන කතාව ගැනනම් සතුටු වෙන්න හැකියාවක් නෑ. ළමයෙකුට ජීවිතේ වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි කුඩාකාලයේදී නොසලකා හැරීමට ලක්වෙන්න සිදුවීම. නොයෙක් ආකාරයෙන් වැඩිහිටියෝ හැම කෙනෙක්ම මේ ලමයව අපයෝජයන කිරීමක් තමයි සිදුකරලා තියෙන්නේ. එහෙම වුනාම තමනුගේ නෑදා සනුහරේ ගැන කේන්තියක් ඇතිවීම සාධාරණ නෑ කියලා තර්ක කරන්න බෑ.
හැබැයි එහෙම වුනාම ජීවිතේ ඉතුරු කොටස ගෙවන්න ලොකු ශක්තියක් තමන් තුලම ගොඩනැගෙනවා . ඒ බව සුරංග ඔප්පු කරලා තියෙනවා .
ඇත්තටම ඩිමුටු පුටයි , ජුවයි දැන් කෝමද ? සියලු සැප සම්පත් වලින් ආද්‍යය වුනු ඒ දෙන්නා ජීවිඔතේ සාර්ථක කරගත්ත ය වෙන්න බෑ කියලා මටනම් හිතුනේ අර වන්දනාවේ යන්න දර කපන්න ගියවෙලේ සුරංග බාපපත් එක්ක ගහ කපද්දී ඒ දෙන්නගේ හැසිරීමෙන් . කතාව දිගටම ලියන්න සුබපැතුම් .
තුන එකට බැස්සුවා.
Deleteඅයියා = තීවිල්කරු
අක්කා = අභ්‍යාසලාභී
අද සුරංගයට කොයිල් මාරු වෙලා
ReplyDeleteඑකම කතාවෙ කතාව තුන් පාරක් දාල හිහි
ඉතුරු ටික එන කං අද කියන්න දෙයක් නෑ නෙව
ඒත් ඔය සෙල්ලං බඩු කියන ඒව ගණං හින්ද මාරු වෙලා ගිය වෙලා වල් නං අනන්ත ඇති...
ඒක නෙවී දැං අර ගොල්ලන්ට මාසෙකට පන්දාහ ගානෙ දෙනවද හොදට කාල බීල ඉන්නවද දන්නෑ එයාල නේහ්
අනේද කියන්නෙ. ඇත්තම කියන්න මං තාමත් සමහර සෙල්ලං බඩුවලට ආසයි. කඩවල්වල තියෙන නැගල යන්න පුලුවං සෙල්ලං කාර් දැක්කහම තාම හිතෙනව එව්ව එකක් ගන්න ඕනි කියල.
Deletechef-archi ?
Deleteඅර දෙකේ, හතරේ, හයේ, අටේ වශයෙන් එකිනෙකත සෙට් කරන කෑලි තියෙන්නෙ. මම් කීවෙ එකිනෙකට සෙත් කරල පඩි පෙල්, බිත්ති, කෝච්චි, පාලම් ආදිය හදන කෑලි(බිල්ඩින් බ්ලොක්ස්). ආං ඒව මම පොඩි කාලෙ කවදාවත් මා ලග තිබිල නෑ. මම හරී ආසයි ඒවට. මම ගොඩාක් ලොකු කාලෙ, අපේ බාප්පගෙ දෙවනි පුතා පොඩි කාලෙ එයා ඒවගෙන් සෙල්ලං කරද්දි මාත් සෙල්ලං කලා මතකයි, හරිම ආසාවෙන් දුකෙන්. අදටත් මං ආසයි ඒවට...
Deleteඉතින් පොඩි ළමෙක්ට තෑග්ගක් දෙද්දි මං මුලින්ම ගන්නෙ ඒවයින් සෙත් එකක්, මට දැනුන අඩුව එයාලට නොඩැනෙන්න...
Deleteඇයි බන් මේ අපිව අවුල් කරන්නේ???? මම හිතුවා මගේ අවුලක් කියලා....
ReplyDeleteදෙතුන් පාරකින් තමා දැනගත්තේ උඹේ අවුලක් කියලා...
හැමදාම වගේ මේක සුපිරි!!
තුන එකට හිඳ ඇත.
Deleteඅවුල පිළිබඳ මාගේ කනගාටුව පිලිගන්න
අධික වැඩ අස්සෙ උනත් තුන්පාරක් එකම කතාව ලියන්න සෑහෙන්න මහංසිවෙලා තියෙනවා..
ReplyDeleteඑහෙනං ctrl+v ඔබන්න සෑහෙන්න මහංසියක්නෙ.
Deleteමම ලියන්නෙ word වල. කොහෙදිහරි ඉඩක් ලැබුන ගමං පෙන් එකේ තියෙන පයිල් එක දිගෑරගෙන ලියනව. පස්සෙ මෙතන්ට පිටපත් කරනව. ඉතිං එක පාරට තුං පාරක් පිටපත් වීම තමයි මේකට හේතුව
අද නං ශ්‍රංගට දෙක වැදිල වගේ. ඒකයි තුංපාරක්ම එකම දාල තියෙන්නෙ.
ReplyDeleteචෙෆාකි ගෙ ආසාව ඉෂ්ට වෙන්නම මේ ගමන කඩ ගැන හොඳ විස්තරයක් දීල තියෙනව. හොඳම කට්ට කන්න වෙන්නෙ පොඩි උං ඇදගෙන ඕව ඇතුලට ගියාම තමයි. දාහක් දෙදාහකටවත් කෙලෝගන්නෙ නැතුව එලියට එනව බොරු.
අපිනං වට්ටි කඩ වලින් කවදාවත් පූජාවට්ටි අරගෙන නෑ.
කිරි වෙහෙරෙ ඉඳං දේවාලෙට එනකොට කොහොමද පූජා වට්ටි කඩ හම්බවෙන්නෙ.
Deleteමාත් ගන්නෑ. මාත් ඔය දෙවි ගොල්ලං කාට කාටත් පුදපූජා තියනවනෙ. දෙයියන්ට පූජා තියද්දි පළතුරු එහෙම එවෙලෙ කපල තියන්න ඔිනි. දෙවියො ගන්නෙ ඕවයෙ සුවඳ සහ රස කොටස විතරයිනෙ.
Deleteපුද පූජා ගැන විස්තරයක් මං වෙනම වෙලාවක කියන්නං. මං ඒව ගැන එක්කොම දන්නව.
ඇත්තට මට මතක නෑ කොහෙං කොහොම ඔය පාරවල්වල ගියාද කියල. මං කීප විටක් ඔය ගමන ගිහිං තිබුනත් ඒ හැටි පාරවල් ගැනනං නිනව්වක් නෑ. හැබැයි පූජාවට්ටි කඩ මතකයි.
Deleteටවුන් එක පැත්තෙන් ගියොත් වාහනේ නවත්තන තැනම ඉස්සරහ තමයි පූජා වට්ටි කඩ තියෙන්නෙ. ඊට පිටිපස්සෙ ඇතුලට වෙන්න තමයි ඔය තොරොම්බල් කඩ, දොදාල් කඩ තියෙන්නෙ. ඒ ටික පහු කරල අර ගම්උදා වැටෙන් ඇතුලට ගියාට පස්සෙ වෙළඳාම තහනං. ඒ පැත්තෙන් ගියාම දේවාලෙ පහු කරල ඕන කිරි වෙහෙරට යන්න.
Deleteසු**ය ඒ කාලෙ කරල තියෙන්නෙ ගෙ ජඩ වැඩ නෙ. ඔය ආච්චිඅම්ම කියන්නෙ.
ReplyDeleteඑහෙනං. එහෙනං. ඒකනෙ මං කීදෙනෙක්ගෙ නනෙං රිංගුවද කියල මටවත් මතක නැත්තෙ.
Delete“ඒ ගවල වෝට්ටාවඩ.... වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්...“
ReplyDelete“කිහිග් කිහිග්...... ඊඊඊඊඊඊඊඊඊ . වලාග් ගාජ්ජව්ව ගලවු වැලේ“
“වලාග් වග්ගෝවඩ අල විලිස්සුඩ්ඩ වූලලෙල්ලෙ“
“හලේ... අව්වලං වට ඉල්ල ලියල්ලෑ.......“
මෙන්න මේ ටිකේ සබ්ටයිටල් දාහංකෝ බං ...
මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ ......
ඒ ගමන තෝත් ආවද මට ඉල්ලලා දීල? පලයන්
Deleteබලහන් ආච්චම්ම කරපු වැඩේ
බලහන් මන් කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නේ
අනේ අම්මනම් මට ඉන්න තියන්නෑ
බෑ... බෑ.... බෑ.... කට්ටිය මට බනී.
Delete“ඒ ගවල වෝට්ටාවඩ.... වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්...“
ඒ ගමන බෝත් ආවද... මට ඉන්න දීල පලෙයං
“කිහිග් කිහිග්...... ඊඊඊඊඊඊඊඊඊ . වලාග් ගාජ්ජව්ව ගලවු වැලේ“
බලහං ආච්චම්ම කරපු වැඩේ
“වලාග් වග්ගෝවඩ අල විලිස්සුඩ්ඩ වූලලෙල්ලෙ“
බලහං මං කොහොමද අර මිනිස්සුන්ට මූනදෙන්නෙ
“හලේ... අව්වලං වට ඉල්ල ලියල්ලෑ.......“
හනේ.. අම්මනං මට ඉන්න තියන්නෑ...
මේකතමයි අඬන අයගෙ බාසාව
මේ භාෂාව නම් ඉස්තරම් මචං...
Deleteසමහර වචන ඇරෙන්න ගොඩක් ඒවා ඩිකෝඩ් කර ගන්න ඇහැක් උන එක ගැන ප්‍රීතියි.
අඩේ මම මේ කියන්නේ සහතික ඇත්ත ශ්‍රංග.... මම මේ දෙවැනි පාරට තමයි කියව්වේ.
Deleteපලවෙනි පාර මේ දෙබස් මම කියෙව්වේ නැහැ. මොකද දන්නවද..
දැන් උඹට ටික වන්දනාවේ ගිහින් නේ ඉන්නේ ශුද්ද භුමියේ. මම උන්න පුන්චම්මට දිස්ටියක් වැහිලා මලයාලම් වලින් කතාකරනවා කියල. සහතිකයි මේ කියන්නේ. දෙවාපි පාරට කියෝනකොට තමයිනේ මේ සිද්ධිය තේරුනේ.... ඔහොම දිස්ටි වැහෙන එක මාර වැඩක්. නැද්ද? ( කොහොමත් පුන්චම්ම ඉන්නේ දිස්ටියක් වැහිලා වගේනේ.. මගේ උපකල්පනෙත් ඉතින් වැරද්දක් නැහැනේ නැද්ද?)
පරිවර්ථනයට ස්තුතියි. දැන් තමයි කියවගත්තෙ හරියට
Deleteදැන් තමා තේරුනේ . පට්ට බාසාවක් නෙ බොල
Deleteවැඩි වැඩි නං කතාව එක පාරක් ලියපන්, තුන් පාරක් ලියන්න යන්න එපා.
ReplyDeleteමංතරයක් උනත් තුං පාරක් කිව්වෙ නැත්තං බල පිහිටන්නෑ.
Deleteනමස්කාරෙත් තුංපාරක් කියනව.
වෙංදේසියෙත් මිටිය තුං පාරක් ගහනව
මං තුනක් දාන්න නරකද?
අද ඉන්න වලස්සුන්ගේ බඩ මිරිකන්න පුළුවන් එවුන් තමා ගොඩ යන්නේ.
ReplyDeleteඑහෙනං එහෙනං. වලස්සුංගෙ කටෙං රත්තරං පයින කාලෙයක් මේක.
Deleteහුකෑස්..... හිහ්...හිහ්.... මං හිතුවෙ ස්‍රංගය පුංචම්ම කියල දෙමල හරි වැදි හරි මනුස්සයෙක්ට රැවටිලා කියල බං. ආයිත් බලනකොට තමයි යකෝ බාසව අහූනේ කියහංකො.... මං චාටර්.....
ReplyDeleteහරි පුදුමයි !!! අච්චම්මත් එක්ක හගිස්සනකොට පුංචම්ම නාඬ හිටි එක.......
මාල වලලු මුදු කරාබු කියනකොට මතක්කුනේ අපේ ඇල්ටන්ජෝන්ස්ගෙ සිංදුව බං.... මතකෙයි "මාල වලලු මුදු කරාබු දෑත දිලෙන රත්තරං....රන්කරු මං.. සාදන ආ....බරන හරිම ඉස්තරං ටෙං.. ටෙං.. ටෙං..ටේං... ඔබේ පෙංවතියගෙ ගෙල සරසන්න..... රන්මාලය.....සාදවගන්න..."
උඹ තාමත් හනුමන්තය...?
මං පොඩිකාලෙ ඔය සිංදුව නිතර රේඩිවේකෙ ඇහුන. දැං කොහෙද එව්ව.
Deleteඋඹල දේවාලෙට පුජා වට්ටි තිබ්බේ නැද්ද.
ReplyDeleteඋඹලගේ ආච්චමනම් කාටහරි තරහ කාරයෙකුට තෑග්ගක් විදිහට ඔතල දෙන්න කියාපු මනුස්සයා.
බෝනස් එකක් විදිහට පුංචම්මා වත් දුන්නනම් දවසෙන් අර මනුස්සයට පිස්සු හැදෙනවා.
උඹ පොඩි කාලේ ඉඳලම එක එක ශබ්ධ නිවැරදිව මතක තියාගෙන ඉඳල තියෙන බව උඹේ පෝස්ට් වලින් හොඳට පේනවා.
ඔය දෙන්නවමත් තව දූල තුංදෙනෙකුත් පුතෙකුත් තියං අපෙ ආත උන්නෙ. හැබැයි උංදැ මලේනං වයසට. එහෙව් හිත හයිය පිරිමිත් ඉන්නව.
Deleteදැන් තියෙන තත්වය අනුව උඹට අර දහදාහ තියා පන්දාහවත් ගෙනවන්න බෑ නේද?
ReplyDeleteඋඹ කොහොමද බං අර තොරොම්බල් කඩ වල විස්තරේ ලියන්න සෙල්ලම් බඩු වල ලැයිස්තුව මතක තියාගත්තේ. උඹ මේක ලියන්නම සෙල්ලම් බඩු කඩේකට ගිහිල්ල විස්තරේ ලියාගත්තාවද්ද?
මොන. මට උංගෙං පංදහ් ඉල්ලන්න වෙලා තියෙන්නෙ. ආයි සෙල්ලං බඩු ඕනි එකක් මට මතකයි.
Deleteතොරණේ විස්තරේ වගේ තොරොම්බල් කඩ ටිකේ විස්තරේ තමයි මරු බං. කඩ මුදලාලිලා ටික මේක දැක්කොත් උඹට ගානක් දෙනවා මාර්කටින් පාරට. මට තාමත් ඕය කඩ සෙට් එක ලඟින් ගැලවෙන්න හිතෙන්නෙ නෑ ඔවා ටික දැක්කාම. මොකක් හරි ගන්න හිතෙනවා.
ReplyDeleteඒ කියන්නෙ අපේ හිත ඇතුලෙ තාමත් අපේ පොඩි කාලෙ ඉතුරුයි
Deleteශ්‍රන්ගයො ආච්චම්මා නම් සුපිරි නගුල නේ බන්? නගුලක් නෙවෙයි කොම්බයින් හාවස්ටර් එකක්. හානව කියල ඔහොමත් හානවද අප්පා
ReplyDeleteආච්චම්ම හාපු කුඹුරුවල නියරත් නෑ. එක දවසක් මායි අපෙ අයිය කෙනෙකුයි නූලෙං බේරුනේ
Deleteමල්ලියේ උඹ අමුවෙන් යන නිසා ඔක්කොම හොඳට මතකින් කියහැකිනේ එත් බන් මන් උදේ පාන්දර බස් එක පිටත් වෙනකොට බාල්දියකට වතුර එකක් පුරෝගෙන බස් එකේ පස්සේ පුට් බෝඩ් කෙලවරෙ පැත්තේ කොනේ සිට එකේ වාඩිවෙනවා [රෙන්න නෙමෙයි යකෝ ] ඉල්ලුම නැති එකම සිට් එක ඕක හින්දා
ReplyDeleteඊට පස්සේ දාගෙන ඉන්න බාටා කැලි දෙක ගලෝලා කකුල් දෙක බාල්දියට දාගෙන තණමල්විල පුජාවට්ටියට සමාදන් වෙනවා [ඒ එක්කකම මට මගේම කියලා පුජා භාන්ඩයකත් හදා ගන්නවා ]අපි ජීවිතේ කෙටි කරගෙන සංසාරේ කෙලවරට ලන්වෙනවා දෙයියනේ එපා කියනවා අතල් එක වැඩි වෙකොට නැගලා බහිනවා
ඔන්න ඕක ඉවර වෙනකොටම කළු දොදොල් පාරක් සාන්ගික කරලා වටේටම යනවා කට්ටිය ඒ එක්කම පිරිත් කියන්න පටන් ගන්නවා "ඔබෙ රාගී මන කැළබේ දෝ කියලා ඔන්න නඩේ වුනුත් හැපී පෙස් දාගෙන බැකප් එකක් දෙනවා
ජුබිලි කණුවේ වහුතුවා හැම එකාටම අසෝකා ග්ලාස් ඒකෙන් කට කපලා සුකිරි පැන්බෙදනවා කියන පිරිත් පාර හැරෙනවා පෙරලියන් බස් එක පෙරලියන් ඊළඟ පල්ලමේදී පෙරලියන් කියලා
ඔන්න එතකොටම ගැනුන්ගේ මුණු දෙල් ඉස්ටුඩියේ මියිසික් අනික් පැත්ත ගහානවා වගේ නැගලා යනවා වරෙවා ගේම පටන්ගන්නවා නඩේ සෙට් එකේ කාන්තා සෙට් එක හඬින්ම .
එත කොට මම කරන්නේ කකුල් දෙක බාල්දියේ අඩියටම ඔබාගෙන මගේම කියලා මටම ගත්ත පුජා භාණ්ඩේ වන්දනා කරනවා ඉතින් ඊටපස්සේ......මට මතක් නැ බන්.
.ලංගම සුබ්සාදනේ වන්දනා කරපු එවුන් තමයි දන්නේ එකේ පින කොහොමද කිලා
මලක්.......................?
Deleteඑළ. මල් තමයි අපේ රටට ගැලපෙන එකම බාන්ඩෙ
අඬන ගමන් කතාකරන ටිකනං හරිම තාත්ත්විකයි.
ReplyDeleteබුදු අම්මේ! බඩු ලිස්ට් එකේ දිග. හොඳ වෙලාවට බොලා ෆුඩ් සිටියකට එහෙම නොගියෙ.
පුස් සිටියෙ උනත් තියෙන හැම එකක්ම මං කියංඥං. ආයි මට මතක නැද්ද කනබොන ජාති.
Deleteඅදත් කතාව නියමායි.... සෙල්ලම් බඩු වලට ආසා නිසාම ඒවා මතකයේ හොඳම තැන තැන්පත් වෙනවා. මමත් ඔය වගේමයි. රෑ වෙලා කිරිවෙහෙර වඳින්න ගිය එක හොඳයි. දවල් වෙලාවක ගියානම් අර ඉන්න වඳුරෙක් ආච්චම්මගේ ඔළුවට පනිනවා . ආච්චම්මා පලතුරු වට්ටිය ඔළුව උඩ තියාගෙන යනවා ඇත්තේ.අම්මපා මට හිතෙනවා එහෙම දෙයක් වුණානම් හොඳයි කියලා. නන්ස්ටොප් කියවන්න.
ReplyDeleteහුහ්. පූජා වට්ටි ඔලට පිං පත්තර හම්බු වෙනවද?
Deleteහපොයි කිසි දෙයක් තේරුනේ නෑලු...:(
ReplyDeleteවැටහුනේ නෑ... වැටහුනේ නෑ.......
Deleteඅලේ..... වලල්ල වෙල්ල වෙයාල ගියල ලෙල්ල..
ඒ ගවල වෝට්ටාවඩ.... වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්...“ (ඒ ගමන බෝත් ආවද.. මට ඉන්න දීලා පලයන්.) බලහන් ආච්චම්මා කරපු වැඩේ...!( වලාග් ගාජ්ජව්ව ගලවු වැලේ“)
ReplyDelete“වලාග් වග්ගෝවඩ අල විලිස්සුඩ්ඩ වූලලෙල්ලෙ“(බලාහන් මන් කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නේ? )හලේ... අව්වලං වට ඉල්ල ලියල්ලෑ.......“(හනේ අම්මා නම් මට ඉන්න තියන්නෑ.)
මේ ඉංනෙ දන්න ඇය
Delete/බඩ මිරිකුවහම “චා“ කියල අතෑරියහම “කූහ්“ කියන සෙල්ලං වලස්සු, /
ReplyDeleteමේ වගේ කිඹුලෙක්මං දැක්කා කඩවත පොලේදි දවසක්. අපේ පන්තියෙත් හිටියනෙ කිඹුල කියල කොල්ලෙක්. මං ඉතිං පහුවදා ඉස්කෝලෙදි උගෙ බඩ මිරිකුවා "මෑක්" ගායිද බලන්න. ඌ "මෑක්" ගානව වෙනුවට, "තාෙගෙ අම්මට... " කිව්වනෙ.
මිරිකුවෙ බඩමයි කියලා ශුවර්ද...? :D
Deleteබඩෙත් කොටස් දෙකයි.... බඩේ අපර කොටස ඇල්ලුවනං තමයි සාමානයෙං ඔය වගේ මව්පිය වන්දනාවක් අහගන්න පුළුවං
Deleteඅලේ මේ වයේ ලවලිංගිලා විලිල්ල අපි වොකල ආවද.අලේ යෝකේ අව්වගෙ අටවාල්ල කියල්ල. ක්හික්....ක්හික්.....ක්හික්.....ඊඊඊඊඊඊඊඊඊඊඊඊ.....
ReplyDelete(පුංචි අම්මා එහෙමත් ඇඩුවලු.)
nice. ....
ReplyDelete