අපේ ගමනෙ මුල්
ආරම්භය වෙන්නෙ රත්නපුරේ සමන් දේවාලෙ. බස්සෙක එතැන තියෙන පිට්ටනියෙං නවත්තල පලවෙනි
දෙවෙනි වංදනාකාරය බිමට බහිනකොටම මල්, හඳුංකූරු, පූජාවට්ටි විකුනන වෙලෙංදො රොත්ත
පිටිං කෑ ගහන්න පටං ගන්නෙ අපේ ආත බත් පිඟාන අතට ගන්නකොට කලුවයි, කිරියයි කෑගහන්නා
වගේ.
“සුදු
මල්ලට්ටියක්කඳුංකූරු පෑට්ටෙයග්ගන්න“
“පූජාට්ටියග්ගන්
මල්ලට්ටියග්ගන්නපෙනුග්ගන්“
වෙළෙංදන්ට
අසුවී කරකියාගන්න දෙයක් නැතිතැන මල්වට්ටියක් ගත්ත අය ඇරෙන්න අනික් අය වෙලෙංදන්ගෙං
බේරිල දේවාලෙ දිහාවට අඩිය ඉක්මං කරනව.
අපේ ගම් පලාතෙ
මිනිස්සුංගේ ඕනෑම දේකට පිහිට වෙන සබරගමුවට අධිපති සමන් දෙයියන්ට අයිති මහ සමන්
දේවාලෙට ගිහිං එතැනදි දේවාශිර්වාද ලබාගැනීමට බාප්ප හැම අවුරුද්දකම වන්දනා ගමන පටං
ගන්නෙ එතැනිං. ඒ දවස්වල එතරං දැනුමක් තේරුමක් නැති උනත්, සමං දෙයියන්නෙ අනුහස් මයෙ
ඇස්දෙකිංම දැකල විඳල තියෙනව.
ඒ වෙලාව
වෙනකොට යාංතං ‘ඇහැ කන‘ පේන ගානට ඉර එළිය වැටිල තියෙන හිංද වංදනා ගමනට යන අයගෙ
මූනු, ඇඳුං පැළඳුං ආදිය පේන්න ගන්නව. ඉතිං අපි හැමෝම අපිත්තෙක්ක එක බස්සෙකේ යන
අයගෙ දිහා අමුතු සත්තු දිහා බලනව වගේ බලාගන්නව.
බාල, තරුණ, වැඩිහිටි ආදී එක් එක් තරාතිරම් වල අය වයිවාරන්න ඇඳුං ඇඳං
බැබලෙද්දි මං මුල්ලකට වෙනව. ඒ ඇඳුං පැළඳුං එක්ක මගෙ ඇඳුං පැළඳුං ලැජ්ජාවට පත්වෙනව.
ඒ හිංද මං මගෙ ඇඳුං එක්කම සෙනග අතරෙ මුවා වෙනව. සමහර අය ගාල තියෙන ‘සැං‘ ජාති වල
සුවඳ මයෙ නාහෙට ජීවිතේටවත් දැනිල නෑ. ඒ අතරෙ ආච්චම්මනං මේ දුරලබ අවස්තාවෙං නිසි
‘පොරෝජං‘ ගන්නව.
“කවුද
බොලේ මේ ඉසකුඩිච්චිය. දිලිසි දිලිසි කලිසමකුත් ඇඳං පු* වන වන දඟලන්නෙ? ඈ චූටියෙ“
ආච්චම්ම අහනව
පුංචම්මගෙං. දිලිසෙන ඊයං කෑලි වගේ තැනිං තැන දිලිසෙන බිංදු අලෝපු කලිසමක් ඇඳං
හිටපු ගෑල්ලමෙක් තමයි ආච්චම්මගෙ ඉලක්කය. ආච්චම්ම කොහොමත් ගෑනු අයගෙ ඇඳුං එක්ක
හරියට එදිරිවාදිකං පිරිමහනව.
“කෑ
නොගහ ඉන්න අම්මෙ. අපිට මොකෝ ලමයි මොනව ඇඳං උන්නත්“
පුංචම්ම
ආච්චම්මගෙ කට වහන්න රහසිං කුටු කුටු ගාල කියනව. ඒ වුනාට ආච්චම්මගෙ කට වහන්න ඒ ටික
මදි.
“ඒ
උනාට බලහංකො හිරිකිතේ බෑනේ අරෙහෙම තට්ටං දෙක බේරිල තියෙනකොට. නිකං කොල්ලො කුලප්පු
කොරනව. අම්ප මුංගෙ අම්මල අප්පලටවත් වගේ වගක් නැතුවද මෙව්ව. “
අපෙ ආච්චම්ම
හරි අකමැති දෙයක් තමයි කාංතාවංගෙ කකුල් දෙක වෙං වෙංව ඉහලට යනකං පේන්න තිබීම. ඔය
විදිහට අනුංගෙ ඇද කුද කිය කිය ආච්චම්ම යන අතරෙ මං අයියටයි, අක්කටයි මුවාවෙලා
පස්සෙං යනව. සමං දෙයියන්ට වැඳල, පැළවෙන ගල් ගෙඩියත් බලල අපි ආපහු ඇහිල්ල බස්සෙකට
නගිනව. සමං දේවාලෙ පිං පත්තර නෑ.
වංදනා ගමං
යද්දි බාල පුංචම්ම මට පාස් පොතකුයි පෑනකුයි දෙනව. පාස් පොත කියන්නෙ ඇක්සයිස් පොතෙං
බාගෙ සයිස් පොඩි පොතක්. සමහර දලු එකතු කරන ලොරිවලිං දෙන්නෙත් ඒ සයිස් පොතක්.
පුංචම්ම දීපු පොතේ අපි යන ගමනෙ මග විස්තරේ ලියන්න ඕනි. ගමන අවසං උනහම ගෙදර ඇහිල්ල
පොත උංදැට පෙන්නන්නත් ඕනි. ඉතිං මං බස්සෙකට නැගල මගෙ බෑග්ගෙක ඇරල ඒ පොතයි පෑනයි
ගන්නව. ළඟ ඉන්න එක්කෙනෙක්ගෙං වෙලාව අහගෙන ලියනව.
199..... ....... මස ...... දින
වෙලාව
පෙ.ව. 06.15
අපි
රත්නපුර සමන් දේවාලයට පැමිණියෙමු. සමන් දේවාලයට ගොස් වැංදෙමු.
ලියල ඉවරයි.
පොත බෑක්කෙකට දානව.
ඉං පස්සෙ අපේ
ගමන යන්නෙ සංකපාල විහාරෙට. පැය දෙහෙක විතර නිදිකිරාවැටෙන බස් ගමනකිං එ තැනට යා
හැකි. එතැනටත් ගිහිල්ල විහාරගෙට වැඳල බිත්තිවල ඇඳල තියෙන පිංතූරත් බලනව. ආච්චම්ම ඒ
සේරම චිත්තර වලට වඳිනව. දෙව්දත්තර බුදුහාමුදුරුවන්ට ගල පෙරලන පිංතූරෙටත් වැංදද
කොහෙද. ඔය සේරම වැඳුං පිදුං අහවර වෙලා අපි ආපහු එනකොට වංදනා නඩෙයක් එනව දැකපු
පංසලේ පොඩි හාමුදුරු නමක් විගහට ඇහිල්ල පංසලේ මිදුලෙ හදපු ලොතරැයි කූඩුවක් වගේ
කාරියාලෙං ඉඳගෙන පීකරෙං මෙහෙම කියනව.
මහරහතුංවහංසෙලාවැඩසිටිවන්දනීයසංකපාලරජමහවිහාරස්තානයවැඳපුදාගැනීමටමෙමස්තානයටපැමිණිඋපාසකඋපාසිකාසියල්දෙනාටමතුනුරුවංසරණයිතිස්තුංකෝටියක්දෙයිදේවතාවුංගේපීටයි.
වියාර්සංවර්ධනාරමුදලසඳාඔබගේසායෝගේලබාදීමෙන්මෙලෝපල්ලෝදෙකටමවැඩදායකවනමාපුන්‍කර්මයක්සිදුකරගන්නමේකාර්යාලයටපැමිනොබගේදාරයලබාදෙං
වසර ගානක්
තිස්සේ කටපාඩං වෙච්ච වාක්‍ය ටික කියාගෙන කියාගෙන යන පොඩි හාමුදුරුවො නවත්තන්නත්
කලිං අපේ ආච්චම්ම ඇතුලු පිං පත්තර ලෝලී කාංතාවන් පිරිස හැඹිලි, පෝස් ආදිය බෑක්
වලින් අතට ගනිමින් ලේංසු ගැට ආදිය ලිහ ලිහා කාරියාලෙ ලඟට දුවනව. අපෙ ආච්චම්ම
ගිහිං බලන්නෙ ‘පිං පත්තර‘ තියේද කියල. නිල්, කහ, රෝස ආදී පාටවලිං තියෙන පිං පත්තර
මේස ලැල්ල උඩ දිලිසෙනව.
“කීයෙ
කීයෙ එව්වද හාමුදුරුනේ තියෙන්නෙ“
“රුපියල්
විස්ස, පනහ, සීය, දෙසීය“
“කලිං
සැරේ එද්දි දහයටත් තිවුනනෙ. ... “
“දැං
රුපියල් විස්ස තමා අඩුම තියෙන්නෙ“
හාමුදුරුවොත්
පිං පත්තර අලෙවියෙ යෙදෙන අතරම කියනව.
“***ගම
සිට පැමිණි ඇම්.ජී.**නෝනා උපාසිකා මාතාව රුපියල් විස්සකාදාරයක්
වියාර්සංවර්දනාරමුදල්ට පරිතයාක්කන්නවා. ඇයටත්තැගේ පවුලේ සියල් දෙනාටමත් නිදුක්
නිරෝතිරජීවනය පාතනාකන්නවා“
ආච්චම්මගෙ
රුපියල් විස්සෙ පිං ලයිස්පීකරෙං පිටවෙලා දිවිය ලෝකෙ බලා යද්දි සිස්සත්වෙ පාස් උනා
වගේ සංතෝසෙකිං ආච්චම්ම පිං පත්තරේ බෑක්කෙකට දා ගන්නව. අපි උදේට කන්න ගෙනා බත්මුල්
ලිහාගෙන කන්න පටං ගන්නව. මං පුංචම්මට නොපෙනෙන්න අරලිය ගස් දෙකක් අතරෙ තියෙන ඉඩක
හැංගිල බත් කනව. කෙහෙල් කොලේ ඔතාපු අල බැදුං සමග පරිප්පු හොද්ද අපේ කුසගිනි නිවනව.
අපි ගමනක් යද්දි බත්මුලේ තියල බැඳගෙන යන්නෙ සුදු හාල් බත්තෙක්ක ඔය වැංජං දෙකම
විතරයි. කෙහෙල් කොලෙයි, අලයි, පරිප්පුයි එක පවුලෙද කොහෙද?
බත් කාල වතුර
බීල අහවර වෙලා පංසලේ වැසිකිලිවලටත් හැකි විදිහෙං දායකත්වය සැපයීමෙං පස්සෙ අපි
ආයිමත් ගමනට සූදානං. ඒ උනාට අවට තියෙන ඉටිකොලවලිං ආවරනය වුනු කඩ ලැලි තට්ටු ගානෙ
තියෙන සෙල්ලං බඩු, තොරෝංබල්, කැවිලි, වෙරලු තංබපුව, අඹ කපල ලුණු මිරිස් දාපුව ආදිය
ගන්න සහ බලන්න යන කාන්තාවො, තරුණ අය, ළමා ලපටි ආදිය වගේ වගක්වත් නැතුව
ඒ අය හොයන්න
ආපහු කීප දෙනෙක් යනව. අර කාන්තා පරාන ටික එනකොට එයාලව හොයන්න ගිය කට්ටිය නෑ. ඉතිං
ඒ අයව ගේන්න බාප්ප යනව. කොහොමිං හරි එක්කොම එකතු කරල බස්සෙකට දාල ඉවර උනාට පස්සෙ
බාප්ප බස්සෙකේ ඉස්සරහ හිටගෙන මගීන් දෙස පරික්සාකාරී බැල්මක් හෙලනව.
“කවුරුවත්
අඩුද?.... තමුං ගාව ඉන්න අයගෙං කවුරු හරි අඩුනං කියන්න.....“
“නෑ..
ඔක්කොම හරි යං යාං“
කීප දෙනෙක්ම
කියනව.
“චූටී,
චූටී, ජුවේ....., ජුවේ........, ඩිමුටුපුටේ.......“
ඒ ජරමර අස්සෙ
ආච්චම්මත් සිය දියණිය හා මුණුපුරු, මිනිපිරි දෙන්නව හොයනව. උංදැගෙ කරදරෙං බේරෙන්නම
බැරි තැන මං ඒ අය සියලු දෙනාම ‘අර තියෙන සීට් වල‘ ඉන්න බව උංදැව සිට්ටෙකෙං
නැකිට්ටෝලම පෙන්නා දෙනව.
ඉතිං අපි
ආයිත් යන්න පිටත්වෙනව. පංසලේ ඉඳං ටික දුරක් යද්දි වැඩිවෙන ඉරේ රස්නෙත් එක්ක
එකිනෙකා කිරාවැටෙන්න පටං ගන්නව. ඕං ඔය අතරෙ සාමාන්‍ය ටවුමක් කිට්ටු වෙද්දි බස්සෙකේ
හිටපු පිරිමි කීප දෙනෙක් ඩැයිබර ගාවට කිට්ටු කරල එයාගෙ කනට කිට්ටු කරල රහසක්
කියනව. ටවුමෙ ඉඩ ඇති තැනක් බලල බස්සෙක නවත්තද්දි, රහස් කියපු කීප දෙනාගෙං දෙන්නෙක්
‘කලු කවරෙයකුත්‘ අරං බස්සෙකෙං බහිනව. ඒ අය ‘කලමනා වගෙයක්‘ ගේන්න ගිය බව කට්ටිය
කතාවෙනව.
ටිකකිං ඒ අය
ආපහු එන්නෙ කවරෙ පිරෙන්න බරටම මොනව හරි අරං. කවරෙ අඬු දෙකෙං අල්ලගෙන යටිං අතත්
තියාගෙන එන්නෙ බර වැඩිකමට වෙන්ටැති. ඒ අය පිටිපස්සෙම සීට්ටෙකට යනව. එතැන හිටපු
කාංතාවන් කීප දෙනාව යාප්පුවෙං වැඳල වගේ ඉදිරිපෙල සීට්වලට වඩම්මන්නත් ඒ අයට හැකි
වෙනව. ටිකකිං නඩේ හිටපු පිරිමි එකා දෙන්න ‘පිටිපස්සෙ සීට්ටෙක‘ ගාවට ගිහිං පාත්වෙලා
ඉඳල එනව. ඉං පස්සෙ කඩල පැකැට්ටෙකක් බෙදාගෙන කනව. ඒ අයගෙ කියවිල්ල ටිකක් වැඩි වෙලා
මූනු රතු වෙද්දි බස්සෙකේ කැසට්ටෙකක් නැති අඩුව ඒ අයට දැනෙන්න ගන්නව. කොහොමටත්
සීටීබී බස්සොල කැසට්ටෙකක් තියා රෝද හතරවත් තියාගන්න අමාරුයි. ඒ හිංද කට්ටිය යෝජනා
කරනව මෙහෙම.
“පටං
ගම්මුකො සිංදුවක් කම්මැලි කම යන්නත් එක්ක“
“කෝ
ඉතිං මේ ජාසූරිය අප්පොගෙ කිසි උනංදුවක් නෑනෙ“
“හරි
හරි ඉතිං මෙතියෙස් අයිය පටං ගන්නකො ඉස්සර වෙලා“
“යෝකපාල මහත්තෙයා.... එන්නකො පොඩ්ඩක් මෙහෙට. මේ ජාසූරිය
අප්පොට කියන්නකො පටං ගන්න කියල හොඳ සිංදුවක්“
ඉතිං ඔය
විදිහට පෙරැත්ත කිරීම් සමග ‘අයගම‘ බස්සෙක එලෝන ජයසූරිය අප්පො සිංදුව පටං ගන්නව.
මුලින්ම ඇස්දෙක පියාගෙන මූන ඇඹුල් කරගෙන ටිකක් කල්පනා කරනව.
“ංආ
පටංගමු..“
එයාට සිංදුවක්
මතක්වෙලා. අතේ තියෙන රිදීපාට ඔරලෝසුව “සල්.. සල්... සල්..“ කියන සද්දෙං නාද වෙන
විදිහට ‘තොප්. තොප්. තොප්‘ කියල අප්පුඩි ගහමින් සිංදුව පටං ගන්නව.
ංආ
ටනං ටනං ටනං ටනං
චංදනෑඟ
ගාලා
කොන්ඩෙකඩා
දාලා
ගගුලේගි
ලීලා
ටිකි
රිමලී නාල්ලාවගේ...... ඒ ඒ
විලේ
පැලීලීලා
පැල්කවිකි
යාලා
පැල්රැ
කලා මාරෑ
දිලිදූදේ
ආව්වා වගේ... ටන නනන නනාආ...
සිංදුව පාඩං
නැති අය උනත් සෑම සිංදුවකටම පොදු “ලලල ලලල, ආ......
ආ....., ම්..... ම්....... “ ආදී කොටස් හයියෙං කියනව. ඔය “ලලල ලලල“ කියන කොටස සිංදුවෙ මතක නැති වචන වෙනුවට යොදල
තමුංගෙ ජාමෙ බේරගන්නත් පොරෝජං.
සීටීබී බස්වලට
ආවේනික වීදුරු එකට ගැටෙන “දර් දර්“ ශබ්දය, වලක
වැටීමෙං නැගෙන “ඩඩං ඩඩං“ ශබ්දය, ආදී අටානූවක් කාර්මික ශබ්දයන් පරදවන තරං ‘අඬ‘
ඇතුව සිංදු කියන්න ජයසූරිය අප්පොට පුලුවං. ඒ නදින් කුලප්පු වුන අනිත් අයත් අතට
අසුවූ අසුවූ භාණ්ඩයන් වාද්‍ය භාණ්ඩ ලෙස හසුරුවන්නට වීමෙන් බසය තුල එකම
ගාලගෝට්ටියක් ඇතිවෙනව. වීදුරු බෝතල් වලට දෙකේ කාසිවලිං තලමිං ‘ටික් ටික්‘ හඩ ඇතිකරන්නෝද, බාස්කට් පියං වලිං ‘ටකට ටකට‘ නදිං රබං ගසන්නෝද, බස්සෙකේ දොරත් ඊට
ඉදිරියෙන් ඇති සීට්ටෙකත් වෙං කරන තහඩුවට හා බස්සෙකේ දෙපැත්තෙ තහඩු වලට ‘දදං දදං‘ හඬිං පහර දෙන්නෝද ආදීකොට ඇති වාද්‍ය
වෘන්දයේ සමහරෙක් තාලයට වයන අතර, සමහරෙක් ශරිරගත වෙර වීරිය යොදා විනාසකාරී ශබ්ද
නැගීමෙන් එම ගාලගෝට්ටිය විචිත්‍රවත් වෙනවා. ඔය අතරේ එක් අයෙක් කොහෙංදෝ හොයාගත් කෝටු
කෑලි දෙකකිං වැරයොදා ගැලුමකට තැලීමෙං ගායකයාට සිය ගායනාව තවදුරටත් පවතාගත නොහැකි
වෙනව.
“අතුලෙයො
මෙහෙ දියං ඔය කෝටු කෑලි දෙක. උඹ සිංදුවත් කාල ගැලුමත් පලනව. ඕක මෙහෙට දීල ගහපං
හයියෙං අප්පුඩි“
ගායකයා මදකට
සිංදුව නවත්තල ගැලුං වාදකයාගේ කෝටු දෙක පැහැර ගන්නව. ඉං පස්සෙ ඒ අහලම හිටපු මගෙ
අතට ඒ කෝටු දෙක දෙනව පරිස්සං කරන්න. ඒ සිංදුව ඉවර වෙනකං මං කෝටු දෙක පරිස්සං කරනව.
මාත් ඉස්කෝලෙදි පෑං වලිං ඩෙස්සෙකට තට්ටු කිරීමෙං සංගීතය සැපයීමේ රාජකාරිය කරල
තියෙනව. මට ඒ දවස්වල හරි හමං සිංදුවක් මතක නැතත් අනික් අය කියන සිංදුවලට තාලෙ අල්ලන්න
පුලුවං. ඒ පුරුද්ද ඉස්මතු වෙද්දි ඊළඟ සිංදුවෙ ඉඳං මාත් කෝටුකෑලි දෙකෙං ඉස්සරහ
සීට්ටෙකේ උඩ දාරෙට අල්ලල තියෙන ඇලුමිනියං බටේට හිමීට තට්ටුවක් දානව. ඒකෙං හරි
ලස්සන “චිකි චිකි“ සද්දෙයක් එනව. ඔය අතරෙ ජාසූරිය අප්පො ආයිත් සිංදුවක් අදිනව.
“ඔබෙරාආආආ.............
ගීඊඊඊඊඊ............... මන
කැලබේදෝ...... ඕඕඕ....
නිරිමල
අ....අ....අ..... හදවත පෑරේ...ඒ...ඒ.... දෝ.......
ඔය ඇද.....ල
කියන පද දෙකිං පස්සෙ එක පාරටම සිංදුව පටං ගන්න බව මං දන්නව. ඒ හිංද මං කෝටු දෙකම
සූදානං කරල ඉහලට ඔසවල එල්ල කරගෙන ඉන්නව.
ඔබේරාගීමන
කැලබේදෝ
චික්
චිකි චිකි චිකි
නිර්
මල හද වත පෑයිරේදෝ
චිකි
චිකි චිකි චිකි
ඇඟේ හිටපු
සංගීතකාරය අත් දෙකෙං එලියට පනිද්දි මගෙ වාදනේ අනික් වාදන පරදාගෙන ඉහල නගිනව. නිවැරදි
තැනදි නවත්තල හරිතැනදි වාදනේ ආයිත් පටං ගනිද්දි ගායකයාගේ කටෙං හිනා මලක් එලියට
පයිනව. ඒ සිංදුව ඉවර වෙද්දි මං කෝටු කෑලි දෙකේ අග හරියෙ පොත්ත ඇරල, වැරදීමෙං
ඉස්සරහ සීට්ටෙකේ ඉන්න එකාගෙ ඔලුවටත් කෝටු පාරවල් දෙකක් දීල ඉවරයි. සිංදුව අහවර
උනාම ජාසූරිය අප්පො මාව වර්නනා කරනව.
“ෂ:
නියමයිනෙ. ආං එහෙම තමා තියෙන්නෝනෙ නැතිනං සිංදුව හරියට එන්නෑ. හරිම සෝක් හරිම
සෝක්“
මතක ඇති
කාලෙකිං ලැබුනු ප්‍රශංසාවෙන් දිරිමත් වෙච්චි මම “අත් දෙක කැඩුනත්“ කෝටු දෙක
අතාරින්නැති බවට හිතාගන්නව. එතැං පටං සිංදුවක් පටංගද්දි ජාසූරිය අප්පො සංගීතය මගෙ
දිහා බලාගෙන දකුණු අතේ ඇඟිලි ටික උලට හිටින්න හදාගෙන අත ඉහල පහල යවමිං සිංදුවට
අදාල නාදය කටිං කියල පෙන්නනව.
“ටනං
ටනං ටනන ටනං“
ඒ එක්කම මාත් වාදනේ පටංගනිද්දි එයා සිංදුව
කියනව. අංතිමට මාත් වටිනා කියන කෙනෙක් බවට පත්වෙනව. ආච්චම්මටවත්, පුංචම්මටවත් ඕනැ
විදිහට හසුරුවන්න බැරිවෙන විදිහට නඩේ අය මාව අයිති කරගන්නව. එදා මට ඒ වගේ
වටිනාකමක් දීපු ඒ මනුස්සය පහුගිය කාලෙ අපේ ගම්පලාතෙ අයගෙ ‘අසිපත‘ බවට පත්වෙච්චි
දේසපාලඅක්ඥයෙක් අතිං පොලු පාරක් කාල නිරපරාදෙ මැරිල ගියේත් බස්සෙකක් ඇතුලෙදිමයි.
ඔය ආකාරෙට පැය
ගානක් සිංදු කියල අහවර උනායිං පස්සෙ ඒ අයට මහංසියි කියල ඩිංගක් විවේක ගන්නව. ඒ
අතරෙ නඩේ හිටපු, අපේ ආච්චම්ම කියන විදිහට ‘විච්චූරං‘ ඇඳපු අවුරුදු දහාටේ විස්සෙ
තරුණ ගෑනු ලමයි පිරිසත් අක්කත් අයියත් ඇතුලු තවත් තරුණ පහේ පිරිමි අයත් ආදීන්ගෙන්
සමන්විත කාංඩෙයක් අනික් අය විසිං සිංදු කීමේ ‘වදයට‘ ඇද දමනු ලබනව. ඒ අය අතරිං
පිරිමි අය ‘කටක් හොල්ලන් නැතුව‘ ‘චප් චොප්‘ කියල අප්පුඩි ගහද්දි ගෑනු අය කීපදෙනා
සිංදු කියනව. ඒ අය ඉතාම මිහිරිවට හීං හඬිං කියන සිංදු බස්සෙකේ සද්දෙං යටපත් වෙනව.
තමං කියන සිංදුව ඉතාමත් මිහිරිවට ඇහෙන බව හිතන ඒ අය ඔලුව දෙපැත්තට ඇල කරමින්, මූනු
බල බලා හිනාවෙවී සිංදු කියද්දි අප්පුඩි ගහන කීප දෙනාට සිංදුව ඇහෙන්නැති හිංද ඒ අය
වෙනම තාලෙකට අප්පුඩි ගහනව. අපිට ඇහෙන්නෙ
ලලල
ලලල ලලල ලලල.ලා.ලා.ලා.ලා.......
ආ...
ආ.... ආ.... ආ..........
ම්......
ම්........ ම්...... ම්.........
වගේ සෑම
සිංදුවකටම පොදු සද්ද විතරයි. යුතුකමක් වසයෙං අප්පුඩි ගහපු සමහරු සිංදුව ඉවර උනාට
පස්සෙත් ඒ බව නොදැන වෙනිං කල්පනාවං පිට අප්පුඩි ගහද්දි තාලෙ අල්ල ගන්න බැරුව මාත්
කෝටු සෙල්ලම අත්තැර දානව.
යකෝ සමන් දේවාලෙ ඉඳල සංකපාල විහාරෙ ගාවට යන්න පැය දෙකක් යනවනං ඒක සීටීබී එකක්ම තමයි. ඔය දුර උපරිම පැයකින් ගිහැකි.
ReplyDeleteමොනව උනත් බස්වල සින්දු කියනකොට තඩිබාන එකනං නියම වැඩක් තමයි.
කලු කවරෙ දාගෙන ආපු කලමනා වලින් මූඩියක් දෙකක් ශ්‍රංගටත් දුන්නනං මියුසික් වැඩේ ඔයිට වැඩිය ලස්සනට කරගන්න තිබ්බ.
Deleteඒ කාලෙ පාරවල් එතරං හරි නෑ. ඒකයි ගමං පරක්කු. පාරවල් හැදුනෙ අප්පච්චි රජ උනාට පස්සෙනෙ.
Deleteඒ කාලෙ මං නොබොන කාලෙ.
පැයෙන් යන්න බෑ බං..අප්පච්චිගේ පාරෙත් රත්නපුර ටවුමේ ඉඳන් සංඛපාලෙට පැය එක හමාරක්වත් යනවා දැනුත්....අර රන්නෙන් ත්‍රී වීල් ගේන ඈයෝ නම් පැයෙන් යනවා මයේ හිතේ...
Deleteඔය ගමන පැයකින් යන්න ඇහැකි බව තමයි මගෙත් අත්දැකීම...
Deleteඅද කාලේ වෙද්දී ඔය ගමන යන්න ගත වෙන්නේ පැයද, එක හමාරද කියන එක තීරණය වෙන්නේ රිය පැදවීමේ ක්‍රමය අනුව නේද ආයිබෝං...
අවුරුදු ගානක් පැල්මඩුල්ල-ඇඹිලිපිටිය පාර කඩාගෙන හැදුවා. ඔය කියන කාලෙත් ඊට පෙරත් ඔය කියන කාලය බස් එකකට හරි.
Deleteසුරංග මේ කියන කාලේ වෙනකොට පාර හදන්න පටන් අරන් නෑ. 1998 වගේ නේ රත්නපුර පාර හදන්න ගත්තේ. ආයේ 85 ඇඹිලිපිටිය ගම් උදාව කාලේ මට මතක විදියට.
Deleteසමන් දේවාලේ ගාව ඉඳන් නම් ඔච්චර වෙලාවක් ගියා කිව්වාම පුදුමයි. ඒ කාලේ ඒ තරම් වාහනත් තිබ්බ එකක්යැ! හැබැයි ඉතින් අර පැල්මඩුල්ල, කහවත්ත, මාදම්පේ, ගොඩකවෙල, පල්ලෙබැද්ද වගේ බටු ඇට ටවුන් ටික පහු කරන්නම ලොකු වෙලාවක් යනවා.
රත්නපුර පාර නම් හදන්න ගත්තේ අප්පච්චි රජ වෙන්න බොහොම කලින්. අපි එදා ඉඳන් ගෙදර යන පාර නොව.
Deleteගොඩකවෙල, බටු ඇට ටවුමක්.. කොයි කාලෙ විතරද?
Deleteකතාව සීයට සීයක් අැත්ත..... බස් ඒකේ සද්දේ යටවෙන්න සින්දු කිව්වාම තවත් අාතල්.... ගෙදර අැවිත් සතියක් විතර යනකල් කටෙන් හුළං යන සද්දේ විතරයි අැහෙන්නේ.... උඹේ ලියැවිල්ලනම් පට්ට හරිද????
ReplyDeleteඋගුර කටුස්සො කාලද කියලත් අහනව සමහරු. ඉස්සර මට ලෙඩක් තිබුන කතා කලාම එන්නෙ ගෑනු කටහඩක්. කට්ටිය හූ කියල හිනාවෙන්නෙ. පස්සෙ සිංහල වෙදමහත්තෙක් බෙහෙත් කල්ල ගොඩ දැම්ම.
Deleteඇයි බං බත් එක හුැංගිලා කන්‍ෙනෙ
ReplyDeleteශ්‍රංගනේ ශ්‍රාවකයෙක් හැටියට මම කියන්නේ ඌ කැමතිනෑ අනිත් උන් උගේ කෑම එකට අතදානවට, අනිත් උන් උන්ගේ අත්වලින් අල්ලපු කෑම උගේ පිඟානට දානවට හෙම.
Delete//ශ්‍රංගගේ ශ්‍රාවකයෙක් හැටියට// මටත් දෙන්න බැරිද බොලාගෙ සොෆ්ට්වෙයාර් එක.
Deleteප්‍රසන්න මලේ උඹ ගාවා ඒකෙ අලුත් වර්ෂන් එක තියෙනවා. ඔන්නං බලහං මේ කමෙන්ට් එක නැතුව මම මේකෙ කමෙන්ට් දෙකක් දානකොට උඹ දාලා තියෙනවා හතරක්.
Deleteඇත්තෙන්ම මම මූ ලියන කතා කියවන්න මගෙම කතා කියවනවට වඩා හුඟක් ආසයි.
ඔය දිල ඇත්තෙ යස මහිමට උත්තරේ
Deleteරත්නපුර පැත්තෙ "අප්පො" කියල කතා කරන්නෙ රදළ අයට නේද ?
ReplyDeleteඉස්සර නං එහෙම වෙන්නැති ඇනෝ. හැබැයි මං දන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා නිවිතිගල පැත්තෙ. සර්නේම් එක පෙරේරා. එයාටත් ගමේ උදවිය කියන්නෙ අප්පො කියලා. ඒක ගොඩක් ලෙංගතු ඇමතුමක් මං හිතන්නේ. සමහර විට රදළයන්ට කින්ඩියට එහෙම කියනවා වෙන්නත් පුළුවනි.
Deleteඔය අයගම පාරෙ උඩුගල, පරගල අතර ඉන්නව පරණ වලව්කාර කට්ටියක්. කොටසක් ඩිපෝවෙ වැඩ. පරණ අය තාමත් අප්පො කියල කතා කලාට අමුතු ගරුසරුවක් නං නෑ. ඒක නිකං ‘මචං‘ වගේ තමයි
Deleteඋඹත් අර නැවක කැප්ටන් කෙනෙක් වගේ ලොග් සටහනක් තියාගන්නවා නේද.
ReplyDeleteඅර විදියට කට්ටිය එකතු කරන එකට කියන්නේලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ කියලා. අහලා තියෙනවද ඒ යෙදුම?
යකෝ අර බජව්වනම් ඔය විදියම තමයි. උඹ ඒක නියමෙට විස්තර කරලා තියෙනවා
ලාහට ගෙම්බො එකතු කිරිල්ල ලේසියි මෙයිට වඩා.
Delete(සමං දෙයියන්ට වැඳල, පැළවෙන ගල් ගෙඩියත් බලල) ....මොකක්ද බන් ඒ ගල්ගෙඩිය? . තේරුනෙ නෑ. ඒ නිසා අහන්නෙ. අදත් මල් හතයි.
ReplyDeleteසමන් දේවාලය තුල ඇති “ගල් පැලය” යනු කාලයත් සමග ගසක් සේ වර්ධනය වන ගලකි. මෙහිදි මා හා කතාකල වයස අවුරුදු 40ක පමණ මහත්මයෙකු මාහට පැවසුයේ ඔහු කුඩා කල මෙම ගල කුඩාවට තිබු බවක්ය. විද්‍යාත්මකව ගත් කල ගල් වර්ධනය වන බව සැබැවක් නමුදු එය සිදුවන්නේ ඉතා සෙමිනි. එසේ තිබියදි මෙම ගල වේගයෙන් වර්ධනය විම අධ්‍යනය කල යුතුදෙයකි. - නඩේ ගුරා
Deleteගල
ඕං එය උඩ තියෙන්නෙ කාටත් බලාගන්න දාල ‘ගල් පැලේ‘. මට මතකයි ඕක උඩට ගිහිං වීදුරු පෙට්ටියෙ පියෙනෙ වැදිල පහලට නැමිලත් තිවුන
Deleteඇත්තෙන්ම ඒක කොරල් එකක් කියලයි මං හිතන්නෙ. මට වඩා දන්න අයත් එහෙම කියල තියනව.
Deleteකෙසේවෙතත් මිනිස්සු ආශ්චර්යයක් ලෙස විශ්වාසය නිසා එය වැවනවයි කියල හිතනව. ඇත්තටම මටත් ඇහිල තියනව ඒක ඉස්සරට වඩා වැඩිලයි කියනව වයසක ගෑණු කෙනෙක්.
ඒත් ඇත්තටම ඒක බ්ලැක් කොරල් එකක්. මුහුදෙදි ඒකෙ සත්වයින් ජීවත්ව ඉන්න කොට පාට තිබුනට මැරුනහම ස්කෙලිටන් එක කලු හෝ තද දුඹුරු https://en.wikipedia.org/wiki/Black_coral
https://www.google.lk/search?q=black+coral&biw=1366&bih=620&tbm=isch&imgil=GSQHXn_mx_enaM%253A%253Bc44g67oF_kEWIM%253Bhttp%25253A%25252F%25252Foceanexplorer.noaa.gov%25252Fexplorations%25252F06laserline%25252Fbackground%25252Fblackcoral%25252Fblackcoral.html&source=iu&pf=m&fir=GSQHXn_mx_enaM%253A%252Cc44g67oF_kEWIM%252C_&usg=__pqKz8rVaihyGHbupnqymqk9dYNg%3D#imgrc=kE4-oOthUekVZM%3A&usg=__pqKz8rVaihyGHbupnqymqk9dYNg%3D
https://commons.wikimedia.org/wiki/Category:Coral#/media/File:Corail_M._B..jpg
https://commons.wikimedia.org/wiki/Category:Coral#/media/File:Expl0687_-_Flickr_-_NOAA_Photo_Library.jpg
සැ.යු. විද්යාත්මක පැහැදිලි කිරීමක් පමණි. දේව විශ්වාසය අනුව ආශ්චර්යවත් දේ විශ්වාස කරන්නන් උදහස් නොවෙත්වා.
http://economatta.blogspot.com/2015/07/blog-post_13.html
Deleteට්‍රිප් යද්දි ඉතින් කට්ටිය ඩැයිබොර මහත්තෙයගෙ කනට රහසෙන් කියන්නෙ ඔය සිංහ මූණක් තියෙන තැනෙකින් බස්සෙක නවත්වන්න කියලා තමයි. අදත් කතාව මාර රහයි. අපිට රහ වුණාට තමුන්නැහේ මාර කට්ටක් නෙව පුංචි කාලෙ කාලා තියෙන්නෙ. සමහර තමන්ගෙ කියලා ඉන්න ඇයොම තමයි තමන්ගෙ එකාට වල කපන්නෙ. පාගන්න පුළුවන් එකාව පාගල චප්ප කරලා දමන්නෙ. අනේ මෙහෙම නෑයෝ (වේයෝ).
ReplyDeleteදිගටම ලියන්න. සුභ පතනවා .
එක් ගමනක් ගමන ඉවර වෙනකොට තිබුන හිස් බෝතල් හතලිස් දෙකක් (දවස් පහට)
Deleteටිප් යද්දි කට්ටිය බස්සෙකේ ඩයිබොර මහත්තෙයට කනට කල්ලා රාසෙන්කියනවැත්තේ ඔයි සිංහ මූණක් තියෙනතැනකින් බස්සෙක හිටවන්න කියලා තමයි.අපොයි අපොච්චියේ තමුන්නැහේගේ ආච්චම්මා ඇහැ කන පියාගෙන උන්නද අනිත් අය සප්පායම් වෙනකන්. නොදොඩා මුවින් හිටියා කියන්නේ හෙණ අඩුවක් වගේ දැනෙනවා. නැත්තන් ආච්චම්මට පණු බේත් සුට්ටක් පෙව්වද නින්ද යන්නත්එක්කලා. කොහොම වුණත් අද කතාවත් මාර රහයි. අනේ අපිට රහ වුණත් මේ තමුන්නැහේගේ කතාව නේද කියලා හිතෙනකොට තිත්ත රහකුත් එනවා කටට. අනේ මෙහෙමත් නෑයෝ ( වේයෝ) . මුන් බලන්නෙම තමන්ගෙම එකාව තලන්න. පෙලන්න. පාගලා චප්ප කරන්නමයි. දිගටම ලියන්න. මේවා රටේ ලෝකෙ ඈයො දැනගන්නම ඔන දේවල්. පුංචි දරුවන්ට උන්ගේ ළමා කාලය නැති කරන උන් හැම තැනම ඉන්නවා. ඔබට ජය!!!
ReplyDeleteසුභ පැතුං යාාාං....ඔයාගෙ ලියවිල්ල මාර රහයි...ඒත් ඔයාගෙ ළමා කාලය ඔයාගෙම වේයෝ එකතු වෙලා කාබාසිනිය කරල දාපු එක ගැන තරහයි.ඒවා පරාද කරල අද ඔයා ඉන්න තැන ගැන ආඩම්බරයි
ReplyDeleteඑහෙනං. එහෙනං. දැං දෙයියනේ කියල කාල බීල සැපසේ ඉන්නව හරිනෙ.
Deleteඋඔට කියන්න ශ්‍රංග කොයි පන්‍සලෙත් ඔහොම තමා. මං මේ පෝයට දකුණෙ ප්‍රසිද්ධ පංසලකට ගියා. යකෝ කාරෙක පාරෙ නවත්තනවටත් පංසලෙං රුපියල් 50ක ටිකට් එකක් කඩනවා. (පෝය දාට විතරයි) මං ටිකට් කඩන එකාගෙං ඇහුවා පෝයට පාර පන්සලට අයිතිද කියලා. පන්සලේ සෙරෙප්පු දෙකක් තියල යන්න තැනක් නෑ. ඒත් පඩිපෙළේ ඉදලා උඩට යනකම්ම ආදාර එකතු කරන අය (හාමුදුරුවරු ඇතුළත්ව) පිරිලා.
ReplyDeleteඒ විතරක්යැ දුංහිඳ ගාව, හක්ගල මල්වත්ත ගාව පවා පාර අයිනෙ නවත්තන්න ටිකැට් ගන්න ඕනි.
Deleteපංසල්වල හෙල්මට් සෙරප්පු පරිස්සං කරන්න වෙනම දෙන්න ඕනි ගානක්. මම ඔය වැඩේට නියම විසඳුමක් යොදාගෙන තියෙන්නෙ. සෙනසුරාදා මං ගියා මහියංගනේ පංසල්. බයිසිකලේ නැවැත්තුව ගහක් යට. පූජා උපකරණ ටික තියෙන්නෙ පිටේ එල්ලං යන බෑක්කෙකේ නෙ. හෙල්මට් දෙකත් එල්ල ගත්ත ඒකෙම දෙපැත්තෙ. සෙරප්පු කුට්ටං දෙකත් දාගත්ත සොපිං කවරෙක. දාල එල්ල ගත්ත බෑක්කෙකේම පටියක. ඉං පස්සෙ ගියා පංසල්. ආයි මෙකක් කියන්නද? පංසලට හෙල්මට්, සෙරප්පු දාං එන්න එපා කිව්වට එව්ව එල්ලං එන්න එපා කිව්වෙ නෑනෙ.
හැබැයි ටිකට් විකුනන අයගෙං බේරෙන්නනම් කරන්න තියෙන්නෙ එකම දේ උංව දකිනකොටම වැඳගෙන ගාතාවක් කිය කිය එතන තියෙන බෝදිය හෝ චෛත්තිය හෝ වටේ යන්න පටං ගන්න එක
Deleteකතාව නං පට්ට රහයි සුරංග හැබැයි අද ආච්චි ඉස්මතුවෙලා නෑ නේද?
ReplyDeleteවයසක ඩෑල් වලට ආච්චිල නැතුවම බෑ නේද? :P
Deleteඔය දීල තියෙන්නෙ උත්තරේ
Deleteඕං මං මේක මූණු පොතට දැම්මා. කමක් නැතෙයි.?
ReplyDeleteදාපු තැනක ලිංක් එකක් මටත් එවා තියෝ
DeleteLalla pane. Kane weli.. #^ke pas. Elama thamayi suranga.. Puka dige roooos paan kiwwalu.. Lol
ReplyDeleteඇයි ටික්කෝ කවුද තමුන්නැහැගෙ බඩේ බේකරියක් දැම්මේ
Deleteඅපි පුංචි කාලේ වට වන්දනාවේ ගිය බස් එක මීටත් වැඩිය විනෝද ජනකයි. ඒ බස් එක ස්ටාර්ට් කරන්නේ ස්ටාර්ටින්ග් හැන්ඩ්ල් එකෙන්. බස් එකට නගින්නේ පිටිපස්සේ හරි මැද තිබුණු දොරෙන්. වැස්ස වෙලාවට දෙපැත්තෙන් වහගන්න කැන්වස් රෙදි දෙකක් තිබුනා.
ReplyDeleteමේ තියෙන්නේ ඒ ජාතියේ එකක්
විචා ගිහින් තියෙනවද ටාසන් බස් වල ට්‍රිප්
Deleteඔය පෙන්නා තියෙන ෂවලට් බස් නං දැකල නෑ. හැබැයි අපේ ගමේ තිබුන සෙනග අදින ලොරි. එව්වගෙ ඔය තරං සැප පහසුව නෑ. පොල් පැටෙව්ව වගේ පටෝන එකයි තියෙන්නෙ. හුඟක් අය යන්නෙ පස්සෙ පොල්ලෙ.
Deleteයේස් යේස්, අපි පුංචිකාලේ කෑගල්ලේ ඒ වගේ බස් දෙක තුනක් තිබුණා.
Deleteසුරංග අපිත් සෑහෙන කාලයක් කිව්වේ චවලට්, පර්ජෝ, කියලා තමයි. පස්සේ තමයි දැනගත්තේ නිවැරදි නම් ශෙව්ලේ, ෆියුෂෝ, කියලා.
Deleteමට හරි දුක හිතුනා සුරංග අර සංඛපාලේ ඉස්සරහා තියෙන කඩ ටික ඉකමන්ටම ලිස්සලා දැම්මට...ඇයි බං එහෙම කලේ...
ReplyDeleteඅර ගල් පැලේ දැන් තියෙන්නේ වීදුරු පෙට්ටියක් ඇතුලේ නිසා ඉස්සර වගේ පඩුරු බදින්න බැහැ නේද?
එක සමහර විට උල්කාපාතයකින් පිචිච්ලා ඉතිරිවෙච්ච කොටසක් කියලයි මම මුල ඉඳන්ම හිතා හිටියේ..ඒකේ වැලක් වගේ හැඩය නිසා උස මතක තියාගන්න බැහැ ඉතින් වැවෙනවා කියන එක විශ්වාස කරනවා ඇති..කුඹුරක් කොටනකොට හම්බුනා කියල තමයි අහලා තියෙන්නේ.
කඩ කියන්නෙ එව්වයැ. කඩ යනු කවරේදැයි පසුව දක්වමි.
Deleteපිං පත්තර එක එක මිලට තියෙනවා කියන්නේ පිනත් වර්ගීකරණය කරලා තිබිලා තියෙන්නේ.
ReplyDeleteඔව්නෙ. මට මතකයි එක විහාරෙක සීලිමෙ මල් අඳින්න කියල මලකට දහය ගානෙ එක්කහු කලා. ඒ මල්ටික අඳින්න සල්ලි අපේ නඩෙංම එක්කහු උනා එදා. ඉං අවුරුදු තුනකට විතර පස්සෙ යද්දිත් මල් අඳින්න සල්ලි එක්කහු කරනව. ඒ අතිං ඉස්තරං බදුල්ලෙ මුතියංගන පංසල විතරයි.
Deleteශ්‍රංග අදත් මරැ
ReplyDeleteමමත් පැත්තක ඉඳන් අප්පුඩි ගැහුවා ල ලා ලා කිව්වා
ලලල ලිලයි ලාල ලාල. ලිලල ලලයි ලාල ලාල. ලල්ල ලලහ්ලහ් ලවලහ්.
Deleteලයනු වියරයි. යකෝ මටද වෙරි කොංපීතරේටද?
වෙනදා වගේම සුපිරි ලිවිල්ල ශ්‍රංග...
ReplyDeleteදැන් දැන් බස් වල සෙනග පුරෝගෙන යන මේ වගේ ට්‍රිප් යන එක ටිකක් අඩුයි නේද.
පුංචි උඹට පොතක් අතට දීල විස්තරේ ලියන්න කියල කියපු එකෙත් තියෙන්නේ යම්කිසි පෙළීමක් කියල මට හිතෙනවා.
මේවා දකින්නේ නැතුව උඹේ මේ කතාවේ ලස්සන කොටහ විතරක් බලන්න පුළුවන් උනානම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා...
ඕං බලන්නකො. මට එහෙම අඩු කරල ලීහැකි. එතකොට කට්ටිය කියනව “ආච්චම්ම ඉස්මකතු වෙලා කෑ“ මොන සික් වැරදුනා. ආච්චම්ම ඉස්මතු වෙලා නෑ කියල. ඉතිං මං උංදැව ඉස්මතු කරනව. එතකොට අනික් අයට දුක ඇති වෙනව. ආයි යටපත් කරනව. එතකොට ඉසුමත නෑ සික් වැරදුනා ඉස්මතු උනේ නෑ කියනව. ආයිත් ඉස්මතු කරල ලියනව. එතකොට දුකයි කියනව. ආයි යටපත් කරනව. ආයි ඉස්මතු උනේ නෑ කියනව. ආයි ඉස්මතු කරනව.
Deleteසංසාරේ...... මේ කීබෝඩ්ඩෙකට ගල් කාලක් හැලිල මේක පිස්නු කියෝනවෙ
ස්‍රන්ග, ලස්සනයි .හරිම සජීවියි. ස්තුතියි.
ReplyDeleteආං බලන්න මට ලස්සනයි කියාපු, ඒ වගේම ඉස්තුතියි කියාපු පලමු කොමෙන්ටුව
Deleteකියල වැඩක් නැහැ. අර බස් එකේ වදනේ විස්තරේ නම් එල. මම ජිවිතෙටම් ඔහොම ගමනක් එකම එක පාරක් ගිහිල්ල තියනවා. අහම්බෙන් හම්බවෙලා. අපේ අක්ක ෆාමසිට්ට කාරියක් වෙන්න කරන කෝස් එක කරද්දී පාඨමාලාවේ එවුන්ගේ විනෝද ගමනට මටත් සෙට් වෙන්නේ උනා. සින්දු ගැහුවේ ඔය විධිහට තමා .
ReplyDeleteශ්රංග, මේකේ එකින් එකට ලින්ක් දාන්න බැරිද? මට මතක නැහැ කොයි කෑල්ලද නෙළුමේ දැම්මේ කියල?
අපිට එළ උනාට අහං ඉන්න උංට නං ඒක ගාලගෝට්ටියක් වෙන්නැති. ලිංක් දැමිල්ලනං මාත්් දන්නෑ කොහොමද කියල.
Delete"සංසාරේ......මේ කීබෝඩ්ඩෙකකට ගල් කාලක් හැලිල මේක පිස්සු කියෝනව.." නෑ කීබෝඩ්ඩෙක උඩ පූසො ඇවිදිනවා වෙන්ටැ. තමුන්නැහැගේ බලු බළල් සෙනෙහස ඒ කාලෙත් තිබුණද.
ReplyDeleteමගෙ බලු බලල් සෙනෙහස ද? හෝව් හෝව් පොඩ්ඩක්.. තමුන්නැහැ හැබෑටම දන්නෙ කොහොමෙයි ඒ විත්ති?
Deleteමං මූූණු පොතට එබිලා බැලුවා. අපුරු පූස් සකියො නෙව ඉන්නෙ. ඔය ආච්චම්මා පූසන්ට බල්ලන්ට හෙමත් කරුණාවෙන් සැලකුවද. නැත්තන් මදි නොකියන්න සැලකුවද.හිතන්න අමාරුයි අප්පා.මට නම් තමුන්නැහේගේ ආච්චම්මා ගැන කියවද්දි මැවිලා පේන්නෙම ලස්සන වසිලිස්සා කතා පොතේ එන බබායිගා යකින්නිව.
Deleteහුහ් බණ කතා කොරනව. තමුන්නැහැට කියන්න අපේ නෝනෙගෙ ටෙලිපෝන් එක බැලුවොත් මිනිස්සු හිතන්නෙ ඒක බලලෙක්ගෙ එකක් කියල. මුල් පිටුවෙ තියෙන්නෙ ‘ටිකි‘ ‘බෝ‘ දෙන්නගෙ පොටෝ එකක්. ඇතුලෙ තියෙන පිංතූර සේරම බලල්ලු කන බොන ඇවිදින නිදාගන්න හිටගෙන කිරා වැටෙන, ආසනාසි වැඩ කරන, ටිකි බෝ වන්නම නටන එව්ව. වීඩියෝ ඔක්කොම බලල්ලු කුපමේනිය කන, කිරි බොන, පිස්සු නටන එව්ව. අච්චු ගැහුවොත් වෙනම ප්‍රදර්සනෙයක් තියතැහැකි.
Deleteමේ කතාව මම හැමදාම කියෙව්වට මේ භාශා ස්ටයිල් එක සපරගමුවේ එකක්මද කියලා පොඩි අවුලක් තිබ්බා. මොකද අපේ පැතිවල මෙහෙම කතා කරනවා ඇහිලා නෑ. වැඩියම ඇහෙන්නේ අර සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ භාශා ස්ටයිල් එක නෙව.
ReplyDeleteහැබැයි ඉතින් භාගෙට සුද්දියක් වෙච්ච මට එහෙම ඇහෙන්න තේරෙන්න නැතිව වෙන්නත් පුළුවන්. කොහෙද මම ගමේ මිනිස්සු එක්ක කතා කරන්නේ හාවා හඳ දකිනවා වගේනේ.
කියන්නත් ලැජ්ජයි කාලයක් රත්නපුරේ ඉස්කෝලෙත් ගිහින්, ගමත් වෙලා මම ඔය සමන් දේවාලෙට ගිහින් නෑ නෙව. එතන එලියේ ඕනේ තරම් වාහනේ නතර කරගෙන ඉඳලත් තියෙනවා. පොඩි කාලෙනම් අලියන්ට බයේ ගියේ නෑ වෙන්න ඕනේ. ඒත් මේ ළඟ කාලෙක මෙච්චර තැනක් මඟ හැරුනේ කොහොමද කියන එක පුදුමයි. ඒ සෙතේ හන්දම අර පැළ ගලත් දැකලා නෑ නෙව.
ඒ වුනාට ආයිබෝං සංඛපාල කියන්නේ නම් පෙර දවසේ ඉඳන් බොහෝ සිහිවටන තියෙන තැනක්. ඉස්සර මම හිතන්නේ පෙරහැරට අමතරව තොරණුත් තියෙනවා වෙන්න ඕනේ. අර උඩ කැලේ ගහක් ගලක් ගානේ ගිහින් ඇති. බඹරුත් හිටියා වෙන්න ඕනේ. ඒවට බය වෙයි අපි. කැලේ භාවනා කරන හාමුදුරුවොත් හිටියා වෙන්න ඕනේ ඉස්සර.
මෙතන භාෂාව වෙනස, අපෙ ආච්චම්ම පස්දුං කෝරලේ. උංදැගෙ බාසාව එකක්. ආත සබරගමුවෙ. එයාගෙ වෙනම බාසාවක්. ඔය හිංද මගෙ බාසාව හත් කලවං.
Deleteමං එනකොට පෙරහැර ගිහින් වගේ... මං හැමදාම කියන්න හිටියෙ උබේ වචන වලින් කියන සද්ද ටික ඒ වෙලාවට ඇහෙනවා වගේ...
ReplyDeleteඑහෙනං මං සාර්ථකයි. එහෙම තමයි මතකේ රැව් දෙනව කියන්නෙ.
Deleteela....
ReplyDelete