ආයිත් බස්සෙක නවත්තන්නෙ දවාලට කන්න කියල.
අතරමග තියෙන පංසලක් හොයාගෙන පංසල් මිදුලෙං බස්සෙක ගාල්කරල බාප්ප යනව පංසලේ
හාමුදුරුවො මුනගැහෙන්න. පංසල් වත්තෙ ඉඳං දවල් කෑම ගන්න අවසර ඉල්ලන්න. කොයි
පංසලේවත් ඒකට එපා තියන්නෑ. හතලිහක් විතර ඉන්න බස්සෙහෙක එකා රුපියල් පහ ගානෙ පිං
කැටේට දැම්මත් කීයක්ද පිංවත්නි. දෙසීයක්
බිමට බැස්ස ගමං කොටසක් අතපය හිරි ඇරල වටේ
පිටේ ඇවිදිනව. තව කොටසත් පන කඩාගෙන වැසිකිලි හොයං යනව. ඒ ඔක්කොම අතරෙ බඩගින්න ඉවසං
ඉන්න බැරි අය පෙරටුව අනික් අය කන්න පටං ගන්නව. ඉතිං රෝංදෙ ගිය අය එනකොට කට්ටියෙං
සමහරක් කාල ඉවරයි. ආච්චම්මත් පුංචියි, අක්කයි, අයියයි එක්ක “කක්කුස්සියක්“ හොයාගෙන
ගිය හිංද මට ඒ අය එනකං ඉන්න වෙනව. මගෙ බත්මුල තියෙන්නෙත් ආච්චම්මගෙ බෑක්කෙකේ. මං
එතකං බස්සෙකේ පිට පැත්තෙ දූවිලි වැදිල අඳුරුවෙලා තියෙන තහඩුවෙ මගෙ නම ලියනව. ඊට
යටිං ‘අනේ මාව හෝදන්න‘ කියලත් ලියනව. බස්සෙක වටේ යනව.
“එන්න අපේ පංගු ඔලිං කන්න පුලුවං“
සමහර අය නයාට අඳුකොල පෙන්නන්න හදනව.
“බෑ... පස්සෙ කංනං ආච්චම්ම
එක්ක“
ආච්චම්මට සෙනෙහෙවංත මුනුබුරු වන මං කියනව.
ඔය අතරෙ එකාට එකා පේලියට ඉඟටියෙං බදාගෙන එහෙට මෙහෙට විසිවෙවී එන පුංචම්මත්,
අයියත්, අක්කත් ඒ පිටිපස්සෙං වට පිට බල බලා කියෝ කියෝ එන ආච්චම්මත් මං දකිනව. අපේ
පුංචම්මත්, අයියත්, අක්කත් නිතරම එකළඟ ඉන්නකොට තුරුල්වෙලාමයි ඉන්නෙ. ඒගොල්ලං ගිය
ආත්මෙ කුරුල්ලොද කොහෙද. දැනුත් ඒ අය එන්නෙ මැද්දෙ ඉන්න එකා දෙපැත්තට අත්දෙක දාල
දෙපැත්තෙ දෙන්නව තුරුල් කරං සහ දෙපැත්තෙ දෙන්න මැද එකාව තුරුල් කරං. ඉතිං සමහර
වෙලාවට තුංදෙනාගෙ ගමං වේගෙ වෙනස් වීමෙං කකුල පැටලිල වැටෙන්නත් යනව. ඒ කාංඩෙ එද්දි
පලමුව බත්ක කාපු අය බත්කොලත් අතේ උංඩි කරගෙන බස්සෙකෙං බිමට බැහැල වතුර බොනව.
“උඹ රෙ** වත් හු** කරන්නවත්
යන්නැද්ද? ආයි මග තැං නෑ... බොට මගදි කලිසමේ **නොත් ඕං අපි එහෙම නෑ. ආනාදිකම නැතුව
ගිහිං වරෙං ආං අර මුල්ලකටවත්“
බඩපනුවො පිනුංගහන ඒ මනරම් අවස්තාවෙ ආච්චම්ම
මරු කියෝනව. ඒ අතරෙ මං බෑක්කෙකෙං බත් මුල් දෙක එලියටත් අරං ඉවරයි.
“මොකදැ බොට ඔච්චර හදිස්සියක්.
හිටහං අර ඩිමුටු පුටා ඉන්න වගේ කලබොල නැතුව. බොට ඔහෑටි බඩකිනිනං ගෙදර ඉන්න
තිබ්බනෙ“
ගහන්න ඇහ්නං අම්ප මේ අම්මන්ඩිගෙ හොස්සෙ මේ
බත්මුල. මට බඩකිනි උනහම යකා නගින විත්තිය උන්දැ දංනැද්ද මංද. මං සද්ද නැතුව
බත්මුලත් අරං ටිකක් දුරිං තියෙන සීට්ටෙහෙකට ගිහිං දිගෑරගන්නව. නැත්නං මටත්
ඒගොල්ලංගෙ ‘කුරුලු කෑම‘ කන්න වෙනව.
“මේ කිට්ටුවෙං හිටහං. ඔය අනුංගෙ
සීට්ටොල බච්චිහිරෝල බැනුං අහන්නැතුව. ඇයි බොට අපි ඉන්න තැංඔල ඉන්න නාකද? අපේ ඇඟේ
හොරිද?“
උංදැ ආයිමත් හිරිකිත ජාතියක් මතක් කරනව. මං
සද්දෙ නැතුව කන්න පටං ගන්නව. මට මොකෝ උංදැ මොනව කිව්වත්. අයියත්, අක්කත් හිචි හිචි
ගගා මොනවද කියල හිනාවෙනව මට ඇහෙනව. මට මොකද උං ඕනි එකක් කියපුවාවෙ. බත් කටවල්
හතරක් විතර කද්දි ඒ කාංඩෙ ‘කුරුලු කෑම‘ පටං ඇරං කියල මං දකිනව. අනේ අප්පේ අරුං
ආච්චම්මගෙ ලොඹු කටේ උලල කන හැටි. බත් කටවල් දෙකක් කටට දාගෙන ආච්චම්ම කියවිල්ල පටං
ගන්නව.
මේ පංසලේ හරිහමං කක්කුසියක් නෑනෙ.
හාමුදුරුගොල්ලංටවත් හරිහමං තැනක් නැතුවද කොහෙද? අර මංගිය එකේ කොයිකෙක්ද අලි ****
දාල වතුර ගහං නැතුව ගිහිං. හිරිකිචේ බෑ“
ඉදකිං මුංදැ කියන හිරිකිත කතා. කන්න ගත්ත
බත් කටත් පංගුවට දාල ඒක එහෙම්මම ගුලි කරගෙන මං බස්සෙකෙං බහිද්දි ආච්චම්මගෙ ගෝරනාඩුව
ඇහෙනව.
“තෝ කන්නැද්ද ඕක. අපසාදෙ බච්ටික.
ඔව්ව බොගෙ මහඑකා හම්බුකොරපුව නෙමෙයි. ඔය විදිහෙං අහක දාන්න. හිටපංකො බොට සෑටත්
හුලං බිබී ඉන්න අරින්න“
මං ගනං ගනී ඕව. මං දැනටමත් ඩිපෝ එකේ ඩැයිබරල
කීප දෙනෙක්ගෙ හොඳ යාලුවෙක්. ඒ අයට කියල මං දවසක ආච්චම්ම කොහෙ හරි ගමනක් යන්න
බස්සෙකට නගින්න ඉන්නකොට උංදැට නගින්න නොදී බස්සෙක අද්දෝනොව. අනික අද උනත් උංදැව
බස්සෙක පල්ලෙ දාන්න මට බැරිකමක් නෑ.
එයිං පස්සෙ ගෙවල් වලිං ගෙනා කෑම ඉවරයි. එදා
ඉඳං රෑට, උදේට , දවල්ට තුං වේලම උයං කන්නෙ. ඒකත් වෙනම කෝස් එකක් කියල බාප්ප කියනව
මම අහගෙන. මුලිංම කාපු අය ඔක්කොම ඉවර කරල තැංපත්ව ඉඳං යන්න හදිස්සි කරද්දි අපෙ
ආච්චම්ම වතුර බොනව. කාල බීල සියල්ල සංසුං උනාම පිටත්වෙන්න කලින් නඩේ එක්කෙනෙක්
එයාගෙ තොප්පිය අරං නඩේ අයගෙං සම්මාදං එකතු කරනව. කවුරුත් ආයිමත් ලේංසු ගැට
ලිහමින්, පොකට් අරිමින්, මාරු සල්ලි නැත්තනම් අනික් අයගෙන් ණයට ගනිමින්, රුපියල්
පහ, දහය දෙනව. බාප්පයි, තව කෙනෙකුයි ගිහිං ඒ සල්ලිටික පංසලේ හාමුදුරුවන්ට දීල වැඳල
එනව. ඒක රජ්ජුරු කෙනෙක් හදපු පංසලක් නොවන හිංද ඒ පංසලට වඳින්නෙ නෑ. වංදනා ගමං
ගියහම වඳින්නෙ ලොකු පංසල් විතරයි. ආයිමත් ගමන පටං ගන්නව. අඩු අය හෙවීම, ඒ අය
හොයන්න යාම, හොයන්න ගිය අය හොයන්න යාම සහ අවසානයේදී බාප්පා විසින් “ඔක්කොම ඉන්නවද“
බැලීමත්, ආච්චම්මගේ “ඩිමුටුපුටා සහ ජුව“ හෙවීමත් මේ හැම අවස්ථාවකම සිදුවන බව මතක
තබා ගන්න.
අපේ ඊළඟ ගමනාංතය කතරගම. රෑට නවතින්නෙ එහෙ.
කෑමෙං පස්සෙ කටට ටිකක් පණ ආපු හිංද ආයෙත් කට්ටිය සිංදුව පටං ගන්නව.
ඉස්සං මගුරං ලොකුවැලි ගොව්වං
මේදැං අල්ලපු මා..ලූ...
ලාබයි ගන්නකො යාලු..
ආ..... අ..අ .....ආ.......
ආ..... අ..අ .....ආ.......
අලපොතු මාලුව ඇගලේ වඩවයි
මමනෑ කියන්නෙ බේ ගල්
කේබල් කරකර ඉන්නෙ ඇයි තව ඔතාල
දෙන්නද මේබල්
සිංලිංදු නයිවැල එහාගෙ දර
මැගියක්කටමේ දැං වික්කේ
සතදහයක්කඩු කරලා දෙන්නං ගන්නවාද
මැගියක්කේ...
සිලිංදු
නයිවැල කියන කොටසනං මට ටිකක් හිතට හරි නෑ. සිනිදු
උනත් නැති උනත් නයි, ගැරඬි ආදී උරගයො මට හිරිම හිරිකිතයි. පස්සෙ කාලෙක ඒක සිනිදු නයි වැලක් නොව සිලිං තුනයි වැල බව මං
දැනගන්නව.
ඔය විදිහට හැංදැ වෙනකොට අපි කතරගමට එනව. ඒ
ගමං මගදි උයන කලමනා ගන්නත් තැං කීපෙක නවතිනව. හාල් මිටියෙ පටං හැම දේම ගන්නව. ඔය
අතරෙ ආයිමත් කලු කවරවල පුරෝපුවත් ගේනව. ඒ එක්කොමත් අරගෙන ඇඳිරි වැටෙද්දි අපි
නවාතැං ගන්න “විස්රාම සාලාවට“ එනව. වංදනා ගමනක් ගියහම නවතින්නෙ විස්රාම සාලා
නැත්නං පංසල් වල. ඒක හරිම අපූරු අද්දැකීමක්.
කතරගම ‘සීටීබියෙකේ‘ විස්රාම සාලාව කලිංම
ටැලිපෝං එකෙං කියල වෙංකරල තියෙන හිංද ගානක් නැති වගත්, නැහ්නං විස්රාම සාලා හොයනෙක
පනයන වැඩක් බවත් කට්ටිය කතාවෙනව.
විස්රාම සාලාවෙ ඉස්සරහම රතු පාට ගාපු කොංක්‍රිට්
බෝඩ්ඩෙකක් තියෙනව.
“ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම
විශ්‍රාම ශාලාව“
ඒක ඉස්කෝලයක් වගේ විසාල ගොඩනැගිල්ලි කීපයක්
මිදුලෙ අඹගස් වවල එව්ව වටේට අඩියක් විතර උසට බැම්මකුත් බැඳල. බස්සෙක නවත්තපු ගමං
බාප්ප බස්සෙකෙං බැහැල ගොඩනැගිල්ල ඇතුලට යනව. පැයගානක් ඉඳගෙන පැතලි වුන පස්සවල්
උස්සගෙන අපිත් නැකිටිනව. නිදං හිටපු අය ඇහැරෙනව. අනික් අය හිරි අරිනව. වටපිට බලනව.
“එහෙනං බහිමු බිමට. බඩු මුට්ටු
මොනවත් තියන්නෙපා බස්සෙකේ. ඒ ඔක්කොම ගන්න. නැත්නං නැතිවෙයි“
ආපහු ආපු බාප්ප කියද්දි අපි රාක්කවල, සීට්
යට, තියෙන බෑක් පෙට්ටි ආදියත් අයිනෙ කොකුවල, සීට් පොලුවල එල්ලල තියෙන වතුර බෝතල්
හා සොපිං කවරත් අරං බහින්න පටං ගන්නව.
“අයියෙ මේං මේ බෑක්කෙක අරං
දෙන්නකො“
“කෝ දියං ඔය පෙට්ටිය මං අරගන්න“
“ආ පුතාගෙ අනික් සෙරෙප්පුව
මගෙ සීට්ටෙක යට තිබුනෙ“
“මේ ටික තියල එන්නං බඩු ටික බාගන්න“
හැමෝම කාට කාටත් සහයෝගෙං උදව් කරනව.
“සුරංග... සුරංග.... මේ බෑක්කෙක
ගං බිමට“
“හා.. කලබල නැතුව ඉන්න නැංදෙ
මං අරං දෙන්නං. හීංසැරේ බයිමු“
මට පැවරෙන වැඩෙත් ලඟ හිටපු කෙනෙක් කරල දෙන්න
හදනව.
“චූටී.. ඔය ළමයි දෙංන අල්ලගනිං
හයියෙං. නැහ්නං බැහැල එහෙමෙහෙ දුවයි. කොයි දීපංකරේ කියල හොයන්නද නැතිඋනොත්“
ආච්චම්ම අයියවයි, අක්කවයි මොංටිසෝරි යන එවුං
ගාන්ට සලකල කතා කරනව. උංදැ හිතං ඉන්නව ඇත්තෙ අයියයි අක්කයි බලං ඉන්නෙ ‘බිමට බැහැපු ගමං කොහෙට හරි දුවල අතරමං වෙන්නං‘ කියල
හිතාගෙනයි කියල.
“ඒ ලමයි කොහෙ යන්නද නැංදෙ. ඒ
ගොල්ලං ලොකුනෙ. අනික දැනුං තේරුං තියෙනවනෙ“
අපෙ ආච්චම්මගෙ හැටි නොදන්න කෙනෙක් උංදැ
කෙරෙහි පතල කරුණාවෙං කියනව.
“අනෙ කෑනෙගහ හිටිං. කොයිකෙක්වක්
මේ ලමයි දෙන්න අරං ගියොත් එහෙම මොකද උඹ එනවෑ හොයන්න. අනික හොඳට ඉගෙනගංන පුලුවං
ලමයි.“
ඉගෙන ගන්න පුලුවං කියල උංගෙ පිටේ ගහල තියෙනව
වගේ ආච්චම්මගෙ කතාව. ආච්චම්මගෙ සැර කෙරිල්ලට වටේ හිටපු හතරපස් දෙනෙක්ටම හිනා යනව.
සමහරු කුටු කුටු ගාල කතාවෙලා ආයි හිනාවෙනව.
“අනේ අම්මෙ කෑනොගහ ඉන්න
අම්මෙ. මං ලමයි දෙන්න බලාගන්නං. ආයි මොකවත් කියන්නෙපා අම්මෙ“
පුංචම්ම ආච්චම්මට නොවඳිනා වැඳුං වැඳල
ආච්චම්මව ඇදං විගහට බිමට බහිනව.
“අනෙ කෑනොගහ හිටිං චූටියෙ. ඌ නං
කියයි කොයියන්නද කියල. මේ.. මෙහෙට වරෙල්ල උඹල දෙන්නම“
ආච්චම්ම අයියවයි අක්කවයි ඇදල ගන්නව ලඟට.
“අර මිනිහ එහෙම කතා කොලාට එහෙම
කොහෙවක් යන්නෙපා. හොඳද?. ඌ මහ එක ජාතියක මිනිහෙක් මට පේන්නෙ. ඇහුනද? තේරුනද බොලට?
ආයි කරෝල වාඩියකට ගිහිං දැම්මොත් එහෙම උඹල එන්න නෙමෙයි ගෙදර. ඒක හිංද කියන එක අහල
දඟ කරන්නැතුව ඉන්න ඕනි තේරුනාද? ඈ? දෙන්නටම කියන්නෙ“
ආච්චම්ම උං දෙන්න “හා“ හෝ “ඔව්“ කියනකංම
හොල්ලනව. ආච්චම්ම කියාපු හරිය නඩෙං බාගෙකට ඇහෙද්දි බාප්පගෙ සායම හේදිල ගිහිං පොලවට
උරා ගන්නව. අක්කයි, අයියයි, පුංචම්මයි හතර අතට ඇඹරෙනව. හැමදා නියං එකදා වැහි
වලාවේ.
උයා පිහාගන්න ලිග්ගල් දෙකතුනක් සහිත මඩුවක්,
වැසිකිලි කීපයක් සහ වතුර ටැප්පෙකක් යන මූලික පහසුකම් සහිත විසාල සාලාවක් විශ්‍රාම
ශාලාව නමින් හැඳින්වෙනව. ඒ සාලාව ඉස්කෝලවල පංති කාමර වගේ කෑලි කීපෙකට බෙදල තියෙනව.
ඇඳං, මේස, පුටු ආදී කිසිම බඩු බාන්ඩෙයක් නැතුව සිමෙන්ති පොලව සහ එලිය දෙන්න බලුප්
කීපයක් ඇරුනම වෙන කිසිම දෙයක් ඒකෙ නෑ. නිදාගැනීම, බඩු බාන්ඩ තැංපත් කිරීම ආදිය
සඳහා බිමට ඉටි රෙද්දක් එලා ගත්තම හොඳටම ඇති. කොට්ට වෙනුවට ඇඳුං කීපයක් නවල
තියාගන්නත් පුලුවං, නැත්තං බෑක්කෙක් තියාගන්නත් පුලුවං.
බඩු භාණ්ඩ තැංපත් කලායිං පස්සෙ කට්ටිය කාන්ඩ
කීපෙකට බෙදිල වරිං වර ගිහිං “මූන අතපය“ හෝදගෙන එනව. හැමෝම එකපාර ගියොත් බඩු මුට්ටු
පරිස්සං කරගන්න බැරි හිංදයි එහෙම කොටසිං කොටස යන්නෙ.
ඒ අතරෙ බාප්ප ඇතුලු කීප දෙනෙක් බස් එකේ
තියෙන උයන පිහන කලමනා, විසාල සාස්පාං, තාච්චි ආදිය අරං ඇවිත් උයන මඩුවෙං තියනව. තව
දෙන්නෙක් බස් එකේ වහලෙං අවශ්‍ය දරමිටි ප්‍රමාණෙ බානව. සේරම බඩු ගෙනාවට පස්සෙ ලොකු
සාස්පානකට වතුර එකක් පුරවල ලිපෙං තියනව. ඒ වතුර එක රත් උනහම නාගෙන, මූන හෝදගෙන හෝ
කරෙං පාත නාගෙන එන කාටත් පුලුවං තේ බොන්න. ඒක තම තමං හදාගන්න ඕනි. උනුවතුර විතරයි
දෙන්නෙ.
ඔය අතරෙම දෙන්නෙක් පොල් ගානව. තව දෙන්නෙක්
හාල් ගරනව. තව කෙනෙක් අල ගෝනියක් දිගෑරගෙන ගෙඩියෙං ගෙඩිය පෙරං ගානව. තවත් අය වෙන
වෙන වැඩ. ඒ අතරෙ ‘නාගෙන‘ එන අය එතන තියෙන වැඩ බාර අරං වැඩ කරන අයව නාන්න යවනව.
“ඔය අල ගෝනිය මට දීල ගිහිං නාගෙන
වරෙං“
“හා උඹ පලෙයං මං පොල් ගාන්නං“
“මෙතියෙස් අයියෙ, මං නාගෙන එනකං මේ
සාස්පානට වතුර එකක් තියහං බත්තුයන්න“
“අතුල උඹ සාලාවෙං හිටහං කට්ටිය
නාගෙන එනකං. එතන බඩු මුට්ටු තියෙනවනෙ“
ඒ කවුරු ගියත් බාප්පත් තව දෙන්නෙකුත් එතන
ඉතුරු වෙනව. ඒ අය නාන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම අන්තිමට.
බස්සෙකෙං බැස්ස වෙලේ පටං අක්කවයි අයියවයි
ආච්චම්මගේ අත්තඩංගුවට පත්වෙනව. තමුං නැතුව මේ ළමයි දෙන්න ආංබං කරන්න අමාරු බව
අනික් අයට පෙන්නන්න ආච්චම්ම කටයුතු කරනව.
“ඩිමුටුපුටේ, සුදු මහත්තෙයා,
ජුවේ, හිමිං යං හිමිං.. වැටෙයි නැහ්නං ඔය ගල්ගෙඩිඔල පැටලිල“
උං දෙන්න ඇවිදින කොට ආච්චම්ම වේග සීමා දානව.
“දෙන්නත් එක්ක මෙන්න මෙහෙට වෙලා
ඉඳහල්ල. ඔය කරුවලේ අහරෙ මෙහෙ යන්නැතුව“
ගමනාගමනය පාලනය කරනව.
“ඔය එක එකා දෙන එව්ව කන්නෙපා“
ආහාර පාලනය කරනව.
“ඔය එක එකා එක්ක කියොවන්නෙපා.
ගෙදර සල්ලි තියෙනවද? තාත්තගෙ පොතේ සල්ලි තියෙනවද? අම්මගෙ රත්තරං බඩු කොහෙද? කියල
චාටුවෙං අහගෙන අංතිමට ගෙට පැනල බෙලි මිරිකයි“
සංනිවේදනය පාලනය කරනව.
මේ ගමන මං ආච්චම්මගෙ කිසිදු සේවාවක් නොකරන
හිංද උංදැට මං ගැන කිසිම ගානක් නෑ. අයියවයි අක්කවයි පාලනය කරන එකෙං උංදැ සංතෝසෙට
පත්වෙනව.
“නෑ. මංමේ කිව්වෙ මේ ජූටයි
පුටාටයි එක තැනකට වෙලා ඉන්න කියල. දැං කාලෙ කිසිමෙකෙක් විස්සාස නෑ“
ආච්චම්ම අහල හිටිය ගෑනු කෙනෙක්ට බලෙංම
කියනව. ටික වෙලාවක් යනකොට අහල පහල හිටපු ගෑනු කීප දෙනෙක් බලෙංම අල්ලගෙන ආච්චම්ම
කියවිල්ල පටං ගන්නව.
“අපෙ චූටිට මේ ලමයි දෙන්න පරිස්සං
කරගන්න කිසියාම්ම කිසි තේරුමක් නෑ. දැංකාලෙ ළමයි පරිස්සං කිරිල්ල ලේසි නෑ. අනික මේ
ලමයි දෙන්න රතෙං රතට ඉන්නකොට ඕනි එකෙට්ට ගිනියන්න හිතෙනව. ඉගෙනගන්න පුලුවං ලමයිනෙ.
කවදහරි වයසට ගියහං කන්න හම්බුකොල්ල දෙන විත්තිය දන්න හිංද ඕනි කෙනෙක් චාටුවෙං ඇරං
යන්න බලනව. නැද්ද මං අහන්නෙ?“
“එහෙනං.. ඔව් ඔව්“
එක් ශ්‍රාවිකාවක් කියනව.
“මං නං කිසිම ලමයෙක් ඔහොම
ආලපාලුවට යන්න ඇරියෙ නෑ. ඔය අපේ චූටි උනත් හිතුවක්කාරෙට ජෝකපාල එක්ක පැනල ගියාට
ඕකුංට මං පොඩි කාලෙ කිසියංම කිසි අඩුවක් දැක්කුවෙ නෑ. ඉස්කෝලෙට ඇරෙන්න ආයි කිසිම
දිහාක තනියෙං ඇරියෙ නෑ. ඔය ඉස්කෝලෙ යද්දිනෙ ජෝකපාල එක්ක ලැහැත්ති වෙලා පැල්ල ගියෙ.
නැහ්නං මුංගෙ මහ මිනිහනං කිසිම කැමැත්තක් තිවුන්නෑ ජෝකපාලට. ඒ දාස්සොල ටිකැට් කඩන
එකනෙ කොලේ. චූටිත් තව ඩිංගක් එහාට ඉගෙන ගත්තනං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්.“
ආච්චම්මගෙ කටෙං ගලා බහින ඕපදූප ගංගාවට
අහුවෙලා බාප්පගෙ ඉතුරු සායං ඩිංගත් හේදිලා යද්දි පුංචම්මට ඔත්තුව දෙන්න හිතාගෙන මං
එතනිං විගහට මාරු වෙනව.
අපෙ රවියටම හරි යන ආච්චම්ම... හි හි...
ReplyDeleteහැමදා නියං එකද වැහි වලාවේ.. නේද සුරංග... හි හි
හැමදා නියං එකදා වැහි වලාවේ
Deleteනියම අවස්ථාවෝචිත කියමන නැද්ද?
රවි උන්නැහැට ආච්චම්ම? ඒක නිකං හොද්දට පිහිය වගේනෙ.
ඊයේ බොග දාන උන් සෙට් එකක් සෙට් වෙච්චි වෙලාවේ අපි උඹ ගැන කතා උනා.. කතා දෙකක් නැතිව හැම එකාම පිලිගත්ත දේ තමයි.. දැන් තියෙන පට්ටම බොග උබේ එකෙයි කියන කාරනාව. ලෝබ නැතිව ඒක කිව්වයි කියලා. උඹත් අච්චම්මා වගේ අපිට ගෙම්බර් හෙම දානවා නෙමෙයි ඕන්...
ReplyDeleteඋඹේ ලියවිල්ල ගැන අපි ඊයේ සම්මේලනයක් තිබ්බා....සුරංග ගේ ඉස්ටයිල් එක ගැන දිගින් දිගට කතා කරා මෙන්න මේ වගේ අය;
Deleteප්‍රාජේ
අටම්
දමියා
මම
ඒ බොන්න ඉස්සරවෙලා...
ඊට පස්සේ තව ගොඩාක් අය බොන ගමන් උඹව විශ්ලේෂණයට භාජනය කලා....ඒ මෙන්න මේ වගේ අය;
හැලපයා
අටමා
කම්මල
නලියා
ශ්‍රීනාත්....
අනිත් අය එනකොට අපිට වැදිලා....ඉතින් උන් මොනාද කිව්වෙ කලේ කියලා උන්ගෙන් අහපන්...
ඒ මේ වගේ අය;
ඇනෝපිලිස්
ලොකුපුතා
සුදීක
සජ්ජා
කටුස්සා
.....
.....
.....
තාමත් උඹේ ලියවිල්ල ගැන තමයි කතාව...
තුහ්:.. නොදකින්.. බේබදු හැතිකරයක් නෙ බ්ලොග් ලියන්නෙ..
Deleteඔය හොඳටම ඇති ශ්‍රංගයට බෙල්ලෙ වැල දාගන්න.
Delete>>තුහ්:.. නොදකින්.. බේබදු හැතිකරයක් නෙ බ්ලොග් ලියන්නෙ..<<
Delete+++++++++++++++
:D
Mr.Maathalan. Boss ge political post kiyawalama kiyawalama normal post (iye demma mana ge song post eka wage) kiyawaddi kisima thrill ekak ne siraawata. Onna ohe nalla pane kiyala political gena liyahan budu ayye. Enge le tikak wathura unahama hena saneepai.. Jaya wewa Mr. Maathalan..!!!
Deleteඋඹ අර එක පාරක් කලා වගේ වචන වල තේරුම් නොදා ලියන එක ගැන නම් ඔන්න හැමෝම හොඳ කිවුවා....
Deleteඕං ඉස්සුව කොලර්රෙක උඩටම.
Deleteපී. ආර්. අජේ
ඒ.ටී. අම්පහුර
ඩී.ඒ. මියා
සී.එච්.ඊ. ෆාකි
එච්.ඊ. ළපයා
කේ.ඒ.එම්. මල
එන්. අලියා
එස්.ආර්.අයි. නාත්
ඒ.ඇන්.ඕ. පිලිස්
ඇල්.ඕ. කුපුතා
එස්.අජ්ජා
කේ.ඒ.ටී. උස්සා
යන මහත්වරුන් ඇතුලු සම්බාවනීය ජනකායක් විසින් සහභාගීත්වය දරන ලද ඉහත කී අඩි පෑදීමේ උත්සවයේදී මා පිළිබඳ වචන සල්පයක් අවුලුපත් ලෙස භාවිතා කිරීම පිළිබඳ මාගේ නොවක් ඉස්තූතිය මෙයිං පිරිනමමි.
ඉස්කෝතුයි පේන්ටියි.
ඔල්සෝ,
Deleteබ්ලොග් ලියන්නෝ බේබදු හැතිකරයක්? බේබදු යනු හැමදාම බොන අයයි. ඉඳල හිටල දවසකට සැරෙයක් දෙකක් සුට්ටක් ගන්න අය මධු ලෝලීහු නම් වෙති.
දවසට සැරයක් දෙකක් ගන්න උන් උබට මධුලෝලීනං, උබගේ මීටරෙන් බේබද්දො වෙන්න අරක්කු ෆුල් එකක පීනා පීනා ඉන්න වෙයි
Deleteඅටමා කිනම්ම හෝ බ්ලොග් එකක් ගැන ප්‍රසිද්ධියේ අදහස් පලකිරීම ගැන මගේ බලවත් මෙව්වා එක.. විනිශ්චය මණ්ඩලයේ සාමුහික වගකීම කඩලද කියලා විනය පරීක්ෂණයක් තියන්න වෙනවා..
Deleteෙකෙො ෙමෙව්ව එක එලියට දාහං බලන්ඩ
Deleteමොකෑ මේ අකුරු මැද්දෙ වලලු දාල. අටං කොමෙන්ටෙකත් අටං පහුරු වෙලා
Delete@ එස්. යූ. ආර්. අංගම්ල්ර්,
Deleteයූ ආර් වෙල්කම්
ඇයි යකෝ තොපේ ආච්චිට කියපිය ඒ බේබදු උත්සවයේ මෙන්ඩා නොහොත් එල ද බ්‍රා ත් හිටියා කියලා
Deleteහිටියද? අනික් අයගෙං අහන්න වෙයි හිටියද කියල.
Deleteචෙෆා හොද වර්ණාවකින් තමයි පටන්ගත්තෙ. මම කැමැත්තෙන් ඉන්නෙ සුරංග ආච්චිත් එක්ක ගමන් නැතිව වෙන දෙයක් ගැන ලියන විදිහ බලන්න. ඒකෙන් අදහස් කරන්නෙ මේක රස නෑ කියන එක නෙමේ ,මේ පන පිහිටුවල ලියන ලියවිල්ලත් සුපිරියි.
Delete///තුහ්:.. නොදකින්.. බේබදු හැතිකරයක් නෙ බ්ලොග් ලියන්නෙ..///
Deleteවෙන මක්කටවත් නෙමෙයි අයිබෝන් පරණ දේවල් මතක් වෙන්න, අලුත් අදහස් ගලන් එන්න තමයි මේ බ්ලොග් ලියන ඇත්තෝ අනුපානය පොඩ්ඩක් ගන්නේ... :)
"කරෙං පාත නාගෙන" : )
ReplyDelete'ඇඟ හෝදගෙන' වෙන්ටැ
Deleteඔය නෑමෙත් විවිධ ප්‍රභේදනෙ.
Deleteකරෙං පාත නෑම කියන එක ප්‍රාදේශීය ව්‍යවහාරයක් නෙවෙයි. ඒක කීප දෙනෙක් විතරක් පාවිච්චි කරන දෙයක්. සමහර යෙදුම් තියෙනව එව්ව භාවිතා වෙන්නෙ පවුලෙ අය, පවුල් කීපයක්, ගෙවල් මන්ඩියක් අතර විතරයි. දැං කියමු බලන්න ‘ගුජුප්සාව‘ කියන්නෙ මොකද්ද?
කරෙං පාන නෑම, කරේ නෑම, ඇඟ සේදීම
Deleteමේ සේරම එකයි. ඒවා ප්‍රාදේශීය ව්‍යවහාර නෙවෙයි කියන්න බැහැ.
ඔය ටික කිව්වමයි මතක් උනේ. අපේ වයිෆගෙ යාලු ඇන්ටි කෙනෙක් උන්න. එයා ඉංග්‍රීසියෙං හිතල සිංහලෙං කියන්නෙ. දවසක් උන්දැ කියනව මං අහගෙන උන්න.
Delete“අනෝමා මෙයා මේ වැස්ස දවස් හරි සීතයි නේද? මම නම් නාන්නෙ නෑ. යට කෑල්ල විතරයි සෝදන්නෙ“
කියපල්ලකො මොකද්ද ඔය යට කෑල්ල කියල
අන්න අන්න උඹ වරද්දලා. ඇත්තටම කියනවා නම්, අපේ වයිෆ් ඇන්ටිගෙ යාලු කෙල්ලෙක් කියලා කියන්න ඕනේ.
Deleteඅපේ ගෙවල් ළඟ ඉන්න මං වගේම තරුණ, වයස 62 ක විතර ලමිස්සියක්, අපේ වයිෆ් කෙල්ලට දවසක් කියනවා, අනේ අද තුන වදිනකොට නැගිට්ටේ කියලා.
හ්ම්................ඔව්වා ඔහොමයි.
ආං බලමු විචාරක නෝනට තිවුනෙ
Delete“කොහෙද අනේ වැදුනෙ?“
කියල අහන්ටනෙ. නැත්තං
“කෝ බලන්ට රිදුනද කියලා“
එහෙම අහන්ටත් පුලුවං
මේ කොමෙන්ට් ටිකම ඇති දවසක් හිනා වෙන්න. @විචාරක , @සුරන්ගමීර්
Deleteරැට මොස්කිටොස් දවල්ට ෆලයි හවු ටු ස්ලිප් මෙයා? කියලා ඇහැව්වා අපේ නැන්දා
Deleteඑතකොට ඔයාද කිව්වය කියන්නෙ
Deleteමයි හන්ඩ්‍රඩ් යෙලෝ යෙලෝ ඔන් ද ඩොංකි බෙඩ්
කියල
අනේ ඒකේ තෙරැම කියපන්
Deleteමෙන්ඩො,
Deleteමයෙ සීයා කහ කහ බූරු ඇඳ උඩ
අපි නං කියන්නෙ “බිග් ෆාදර් රැට් යෙලෝ යෙලේ බොංකි බෙඩ් ඔන් ස්ලීප්“ කියලයි
ගිය ගමන එකේ හැලපයියට ආච්චි ගැන මදියි කිව්ව හින්දද කොහෙද මේ ගමන දීල තියෙන්නෙ ඇති වෙන්නම. යන්නතං ඩිමුතු පුතයි ජුවයි හින්ද මේ ගමන බොලා බේරිලා.
ReplyDelete//සිලිංදු නයිවැල// ඒකත් අර රත්නපුරේ හී කූඩු තනන්ටා වගේ තමයි.
ඔය කතරගම රේල්වේ එකේ විශ්‍රාම සාලාවෙනං මම කීප පාරක් නැවතිලා තියෙනව. ඊට පස්සෙනං ඉතිං අල්ලන්නෙම YMBA එක තමයි.
ඈ බං ප්‍රසන්න මලයා...රත්නපුරේ හී කූඩු තනන්ටා නෙවෙයිද ඒක? මට ඇහෙන්නේ එහෙමයි.
Deleteතව දෙයක්...
සංසර්ගේ ජීවිතයේ මනහාරී// ප්‍රීතී...ප්‍රීතී
කියන එක එහෙම නෙවෙයිද උඹලට ඇහෙන්නේ? එහෙම නෙවෙයිනං කොහොමද හරි එක?
මේක සින්දු ඇනෝගෙන අහන්න ඕනෙ එකක්ද මන්දා.
මට තාමත් විස්සාස නැත්තෙ
Delete“මග බල බලහ්
ඇතිය මගෙ සුදහ්
සුකොමලසිරියහ්
පෙමි තන තන තා“
කියන එක. ඔය ‘තන තන තා‘ කියල කියන එක මට ඇහෙන හැටිද?
හැබෑට ප්‍රසන්න නුවර පැත්තෙ නැද්ද ඔය වගේ තැනක් විස්රාම සාලාවක් වගේ එකක් දන්න කියන තැනක
Deleteරත්නපුරේ හී = ස්වප්න පුරේ හී
Deleteසංසර්ගේ ජීවිතයේ මනහාරී = චංචල වේ ජීවන මේ මනහාරී
පෙමි තන තන තා = ප්‍රේමෙන් සනසන්නටා
ඔය හින්දි තනු වලට අපේ වචන දැම්මට ඒ වචන වල නියම සද්දෙ එන විදියට ඒව කිවුවොත් පිච් අවුට් යනව.ඒ හින්ද ඕව කියන්න වෙන්නෙ අරහෙම තමයි.
@සුරංග,
නුවර ඒ වගේ තැනක් ගැන මම දන්නෙ නෑ. හොයල බලන්නං
තියෙනවා. වැව රවුමේ තියෙන YMBA
Deleteස්ථාන දෙකක් හරියටම තියෙනවා. මාළිගාවට ඇවිදින දුරින්, මාළිගාවේ වහපු වැවරවුම පාර පටන් ගන්න තැන. අර බිසෝවරු නාපු තැනක් තියෙන්නේ, අන්න එතැන. මම හිතන්නේ ඒක බෞද්ධ සංගමයක් විසින් තමයි කරන්නේ. අනිත් එක තියෙන්නේ ටවුමට ළඟ, අර බෝගම්බර පිට්ටනියට උඩින් තියෙන YMBA බිල්ඩින් එකේ. ඒකෙ නම් කාමර ගන්න තියෙනවා.
Deleteමොකද, පෙරහැර බලන්න පෙරහැරක් එක්කන් එන්නද කල්පනාව?
උපේක්ෂලාගේ ගෙදර නවාතැන් දෙනු ලැබේ...
Deleteඅඩෙයි... පිස්සු නම් කෙලින්න එපා බොලේ. මගේ නම දරු පොතෙනුත් කැපෙන කිරිමේල් එකක් ඒක !
Deleteඇත්තම කියනවනං අපෙ නැන්දම්මා අලුතිං ටීවිල්ලෙකක් ගත්ත පීතිය නිමිත්තෙං ඒකෙං හිතේ හැටියට ගමං බිමං යනව.
Deleteඋපංදා ඉඳල දුක් විඳල විඳල දැං තමයි එයා සැපක් විඳින්නෙ. ඉතිං සිය පවුලම දරු සෙනෙහස මුදුංපත් කොරගෙන ලබන මාසෙ මෙහෙ එනවලු. ආගමං දලදා මාලිගාව වඳින්න යන්න ඕනිලු. නුවර ඉතිං තව තැං තියෙනවනෙ බලන්න. නැංදම්මයි මාමන්ඩියි මලෙයයි අපි දෙන්නයි දොහක් නුවර නැවතිල ඉන්න බැලුවෙ.
උපේක්සලයි ගෙදර නවතිංන බැරි උනාට තුංවේල සේප් කරගන්ටනං පුලුවං වෙයි වගේ එහෙං. මං ඔය කොයි ගෙදර ගියත් ඉස්සරෝම හිතවත් වෙන්නෙ ගෙදර අම්ම එක්කනෙ.
Delete“ඉතිං නැංදෙ කොහොමෙයි මේ දවස්සොල වග විස්තර“ කියල අහල ඩිංගක් කට ඇරියනං ගෙදර තියෙන දෙයක් උනත් “ඔය ලමෙය ඇරං යන්ට“ කියල ඔතල දෙනව. ඕය්යැස්.
ඒන පොට හොද නැත
Deleteකෙල්ල ගං ගෙට
"ඔය ළමෙය ඇරං යන්ට" කියලා කෙල්ල ඇරං යන්ට දෙයි පරිස්සමින් හිටු....
Deleteලබන මාසේ ඉඳන් පෙරහැරට මිනිස්සු පොදිගැහෙන්න ගන්නවා. කලින්ම බුක් කරලා තියෙනවා නම් හොඳයි. ශ්‍රංග කියන්නේ ඒ දවස් වලට පාරේ යන්න වත් බැහැ. බොලාගේ ආච්චම්ම වගේ අය මහපාරේ ඉටිකොළ එලාගෙන ඉඩම් කෑලි අල්ලාගෙන ඉන්නේ පෙරහැරට දිය කපන්නත් කලින්.
Deleteතුන් වේල නේද? අනේ මන්ද ශ්‍රන්ගයෝ උඹ මේවා කොහොම ඉගෙනගත්තද කියල. අපේ අම්මිත් ඔන්න ඔහොම කතා කරපු ගමන් 'චෝරොස් ' ගාල උණු වෙලා ගෙදර තියෙන ඕනේ දෙයක් දීල, බත් හැලියත් දීලා තමයි පිටත් කරන්නේ.
කැමරා: ආන්න වෙන්න පුළුවන් පළවෙනිම දේ කිව්වා! ශ්‍රංග.... දැක්කනේ.. පලිබෝධ නාශක අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් !! ඊට අමතරව අපේ අය්යාගේ අඩම්තේට්ටම් ඉවසන් ඉන්න පුළුවන් එකෙක් ඉන්නවද මිහිපිට?
//අපේ අය්යාගේ අඩම්තේට්ටම් ඉවසන් ඉන්න පුළුවන් එකෙක් ඉන්නවද මිහිපිට//
Deleteශ්‍රංගය බඹර කපන්න හෙලට බහිනකොට කඹේ කොන දෙන්න හොඳ මස්සිනෙක් සෙට් වෙයි වගේ.
නැංදම්මයි මාමන්ඩියි මලෙයයි අපි දෙන්නයි =5
Deleteහෑ..???
ටීවීල් එකේ...????
ටීවීඇස් එකක් වෙන්ටෑ.... හි හි
Deleteකවුසිට දිවැස් තියෙද? දාමු බලන්න දිව දොට්ට. නැංදම්මයි මාමයි මලෙයයි හෝ නැංදම්මයි මාමායි චූටි මැනිකෙයි හෝ ටීවිලියෙ යනව. මායි චූටි මැනිකෙයි හෝ මායි මලෙයයි අපේ බයිසිකල් එකේ යනව
Deleteහොයන්න යාමත් හොයන්න ගියවුන් හොයන්න යෑමත් කෙරෙන හැටි මරු නේද බං. සමහර විට ඕකට තවත් layer එකතු වෙනවා හොයන්න ගියවුන් හොයන්න ගියවුන් හොයන්න යෑම වගේ
ReplyDeleteඔය කට්ටිය හොයන්න යන අතරෙ බස්සෙකේ ඉන්න අයත්
Delete“ඒ අය එනකං බුලත්තිටක් අරං එන්නං“
“ළමෙයට සෙල්ලං බඩුවක් අරං එන්නං“
“සටකජු ගොට්ටක් අරං එන්නං“
“පම්පෙයක් දාල එන්නං“
ආදි වසයෙං කියල යනවනෙ. එතකොට උං එනකං ඉන්නත් ඕන.
Adath elama kiri.. "Dimuru' purhai "juwai".. Ha haa. Ayeth puka dige roooos pan..ube liwilla pissu peekuju 60k ban..
ReplyDeleteමට මැවිලා පෙනෙයි ඔබ ඔයටික කියන අපූරුව
Deleteට්‍ර්ප් එකක් යනකොට තියෙන එපාම කරපු වැඩේ තමයි බං මග ඇරුනු උන් හොයන්න යන උන්ව හොයන්න යන්න වෙන එක.
ReplyDeleteඒ යන අපිත් සමහර වෙලාවට නැති වෙනවනෙ.
Deleteඅදනම් මදි නොකියන්න ලියලා...ඉරිදට කරන්න plan කරගෙන ඉන්න ලිස්ට් එකෙන් ප්‍රදානම එකක් තමයි බොලගේ බොගට එබෙන එක. තව සතියකින් හමුවෙමු නේද..මචන්..ආච්චම්මත් එක්ක. අදත් excellent.
ReplyDeleteඅද ඉඳං ඊළඟ කොටහ ලියනව.
Deleteමේ එතකොට බොලගේ ආච්චම්ම උයන තෑනට සෙට් වෙලා එයාගෙ ශිල්ප දක්වන්න යන්නෙ නෑද්ද.
ReplyDeleteඋන්දැගෙ සිල්ප දක්වන්න එතැන විසාල වැඩියි. ඒක නිසා අපට වෙලාවට කන්න හම්බුවෙනව.
Deleteපොලේ ගිහින් ආවද?
ReplyDeleteඔය යන අතරවාරේ නැද්ද ආච්චම්ම කට ඇරගෙන නිදාගන්න ගොහින් හොම්බ ඇනෙන අවස්තා? සමහර වෙලාවට දාගෙන හිටපු පවුඩර් වල පිටි ගතිය පේන්න ගන්නේ ඉර එළිය වැටෙන වෙලාවට.
ආයේ පොලේ යන්න ඕනේ නේද ඉතිරි ටිකට? ඈ ශ්‍රංග... අර අඬන පුංචිට ඇඩෙන්නේ නැද්ද අර ආච්චම්ම කියන දේවල් වලට?
ඕං ඉතිං ද කැට් ඉස් ජම්පිං ෆොම්ද බෑග්.
Deleteහිටින්ටකො එව්ව ටිකත් ලියඥ්ඤං. ආ හැබෑට ලබන සතියෙත් පොලේ යන්න එපායැ. දවසක ලියන්න ඕනි පොල ගැනත්. පොලද. අපෝ මං පොලේ වෙලදාමත් කරල තියෙනවනෙ. එව්වත් එක්ක ලියන්න වෙනව. තවත් යා...ංහෑල්ලක් වෙයි වගේ.
ඕන්න බලමුකෝ... මම මේ පොහොර ඩිංගක් ලංකලා යාං හෑලි පැලේ සරුසාර වෙන්ට කියල. ඔය තියෙන්නේ මාතෘකා.... ඔය ආච්චම්ම දැන් ඩිංගක් බිමින් තියල ලියහන් වෙන දෙයක්. නැත්තං උන්දැ තරුව වෙලා උඹ නිකම්ම ආච්චම්ම ගැන ලියන එකා වෙනවා! ( මෙහ්... මම මෙව්වා අද්දැකීමෙන් කියන්නේ හරිද? අපේ අක්ක ගැන ලියාගෙන ලියාගෙන ලියාගෙන ගොහින් අන්තිමට ඒකි තරුව වෙලා මම ඔරුව වෙලා තිබ්බ. දැන් මම ඒකි ගැන මෙලෝ දෙයක් ලියන්නේ නැහැ, අනේ ඔව්!)
Deleteඅප්පද බොල ඒකත් එහෙමද? කීව එක හොඳා හංගමු ආච්චිව සාස්පානක් අස්සෙ, සීට්ටෙකක් යට
Deleteසුරංගටම හරියන ආච්චම්ම. හිහි
ReplyDeleteආයෙ මොනවද ආරළු බූරළු නැතිව කෙලිංම කියනව නෙ තුන පහ දෙහි ඇඹුල් ගාණට දාල
හිහි ජයවේවා
ආච්චම්මගෙ කට හිංද එක ගුරුවරයෙකුත් මාරුවෙලා ගියා. අපේම නෑයෙක් තමා ඉතිං. එව්වත් කියන්න වෙනව නෙ.
Deleteඅදත් කතාව නියමායි...
ReplyDeleteතාමත් නිදාගන්න සීන් එකට ඇවිත් නෑ නොවැ.. මට මැවිලා පේනවා නසරානි ආච්චම්මා කටත් ඇරගෙන ගොරවන හැටි.. ක්රාහ්.. ප්ස්ඌෟෟ.... ක්රාහ්... ස්ප්ඌෟෟෟෟ.... ඒ ටිකත් ලියන්ඩැ ඈ.
එහෙනං. දැං ඉතුරු කොටහට අමුද්‍රව්‍ය කොමෙන්ටොලිංම එකතු වෙනව. බෝම ඉස්තූතියි.
Deleteමම මේ කල්පනා කලේ, සුරංගලාගේ වන්දනා නඩේ - වමනේ යන කවුරුවත් හිටියේ නැද්දෝ කියලා බස් එකට නැගපුවාම.
ReplyDeleteඒ කාලේ අපේ නම් බස්එක පිටත් වුණ වෙලාවේ ඉදලා කිහිප දෙනෙකුටම වමනේ යනවා. ඕකට අපි කියන්නේ "හෝටලේ දානවා" කියලා.
සමහර වෙලාවට ඉස්සරහ ජනේලයකින් දාන හෝටලේ පිටිපස්සෙ ඇරලා තියෙන ජනේලයකින් ඇතුලේ..... එහෙම නැත්නම් ඇරලා තියෙන ජනේලයකින් ඔලුව එලියට දාගෙන යන පොඩි එකෙකුගේ ඇගේ..... ඉතින් කවුරුත් කලබලේ ඇරලා තියෙන ජනෙල් වහන්න මොකද ඉස්සරහින් දාලා තියෙන හෝටලෙන් බේරෙන්න.
ඉතින් "හෝටල් සංස්ථාවේ" සාමාජිකත්වය තියෙන ඇත්තෝ, ගමන පිටත් වෙන්න කලින් නොයෙකුත් "හෝටල් පාලන අඩුම-කුඩුම" එකතු කර ගන්නේ, ගමන යනවටත් වඩා වැඩි උනන්දුවකින්,
ඒ ඉතින්..... දාපු හෝටලයට පස්සේ වන ලැජ්ජාව හන්දමත් නොවේ,,,, පස්සේ එන ඇගේ-පතේ අමාරුවෙන් බේරෙන්න.
ඒ දවස් වල වමනෙන් බේරෙන්න දෙහි ගෙඩි, දෙහි කොල, අර තල් ගහක් කොටලා තිබ්බ ලොකු තඹ සතේ කාසියක් වගේ ඒවා තමා අරන් යන්නේ.
පෙලක් වෙලාවට මග තියෙන කඩවල් වල නතර කලාම කන කඩචෝරු වලින් පස්සේ දාන හෝටලයෙන් බේරගන්න අපේ තාත්තා සෝඩා හරි නෙක්ටෝ හරි බීමත් අරන් දෙනවා - කොයි කාගෙත් "සායම" බේරගන්න.
සමහරු නම් ඉටිකවර, කඩදාසි මලු වගේ ඒවා අරන් යනවා ජනේලයෙන් එලියට දානවා වෙනුවට- වැඩිය කාටවත් නොපෙනෙන්නත් එක්ක- ඉස්සරහ සීට් එකට මුවාවෙලා, ඇරන් ගියපු කවරේ ඇතුලේ හෝටලය සිල්ලරටම දාන්න බලාගෙන.
අනික තමා ඉස්සරහ කෙනෙක් හෝටලයක් දානවා දැක්කම, පස්සේ ඉන්න කිහිප "ස්‌වයං හෝටල" තත්ත්වයන් ක්ෂණිකවම ඇතිවීම.
එහෙනම් ඉතින් බොහොම ස්තුතියි කීවා .... සුරංග.
මං ඕක ලිව්වෙ නැත්තෙ ඕක කියවලමත් “ඕක්“ කියවෙන අය ඉන්න හිංදයි. නැත්තං කොහෙද හෝටලා නැත්තෙ
Deleteඔය කියන තරං ලොකු රහක් නෑ බං. උඹ බොරුවට උඩ යන්න එපා. තව ලස්සනට ලියල මා සනසාපං.. හැක්
ReplyDeleteආං ඇත්තක් කිව්ව එකම කෙනා. තව කොහොමෙයි හොඳට ලියන්නෙ?
Deleteඋත්සාහ කරන්න. ඒ කියන්නේ උඹ හිතාගෙන ඉන්නවා උඹ හොදට ලියනවා කියල නේද?? හැක්..
Deleteඅනේ නෑ දේ සක තුමෝ. මටම පේනව මං ලියපුව මෙලෝ රහක් නෑ කියල.
Deleteඅනේ, නෑ බං. මං එහෙම හිතන්නෑ.
ReplyDeleteමටත් බඩගිනිවෙලාවට දරුණුවටම තරහ යනව...ඒ වෙලාවට සෙල්ලන් කොරන්න එපා කියල මම දන්න කාටත් කියල තියෙන්නෙ.. අනික ඔය බෙදාගෙන කන එක මටත් අරහන්...
ReplyDeleteඑක ජාතියෙ එවුං සයිබරේදි මුන ගැහෙනව කියන්නෙ ඕං ඕකට
Deleteඅඩේ අච්චම්ම ගැනම ලියහං බං.උන්දැ උඹලායේ බාප්පගේ සායම යවලා තියෙන්නේ පුංචාම්මට ඇති තරම් වැලපෙන්න ඉඩ දීලා හිටං.
ReplyDeleteඕං බලමු අපේ පවුලෙ එවුං මේක අස්සෙ දාගෙන ඒකටත් මටමයි වදේ. ලබන සතියෙ කොටහෙදි ආච්චම්මව හදිසියෙම මරා දාන්න ඕනි.
Deleteමචන් මම කටු ඉඹුලේ පින්තුරයක් දැම්මා. අවුලක් නැහැනේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3720
අවුලක් නෑ. පංසලේ තියෙන එකක්නෙ.
Deleteඅනේ බං මේකට දාන්ඩ කමෙන්ට් එකක් එන්නෙ නෑ බං .....මොලේ ඤක වෙලා ගියා කියවල ඉවර වෙනකොට ... වන්දනාව ඉවර උනාම හිතල මතල එකක් දාන්නං ...
ReplyDeleteයකෝ අපිට හිටියෙ නෑනෙ මෙහෙම ආච්චියෙක් ........
හිටියෙ නෑනෙ? හුහ් ඕක තමා කියන්නෙ හිටියනං එහෙම ඕම කියනෙකක් නෑ.
Deleteඇනෝපිලිස් කියනවා වගේ කමෙන්ටු ටික කියවගෙවන ඇවිත් දැන් පොස්ට් එක මතකත් නෑ..
ReplyDeleteඑල ද බ්‍රා මචං
ඇයි අර උඩ ලියල තියෙන්නෙ.
Deleteඇත්තට ඔය එළ ද බ්‍රා කියන එකෙං අංතිම අකුර අයිං කරමුද? නැත්තං බවලත්තු
“මොන එලක්ද අයියා. ලාබෙට තියෙන හිංද අඳිනව“
“වැඩක් නෑ අයියා. පටි ඇදෙනව“
එහෙම කියයි නෙ.
අනේ සුදෝ...බ්‍රා අයින් කරලා බෑ..ඒක නිකන් මගේ හදවත වගේ. බ්‍රා නැත්නම් මට නින්ද යන්නෙත් නෑ..
Deleteලාබෙට තියනවා...$ 69 රැපියල් වලට හරවලා බලපන්..
පටි ඇදෙන්නෙ නෑ...වැල වරකා කරනවා...උඩට උස්සලා පුම්බලා පෙන්නවා.
ඩොලර් හැට නමෙයක්......?***********
Deleteපෝස්ට් එක වගේම කමෙන්ටු කියවිමත් රහයි. ඈ ස්රංග ආච්චම්මට අර සිරීපාදෙ කරුණා කොරන්න යද්දි දොයියන්න යනකොට කොරා වගේ ඩිමුටු පුටාගෙයි ඩුවගෙයි ඇඳුම්වලින් ගැටයක් දාන්න කිව්වනම් හරි. එතකොට උන් නැති වෙන්නෙ නෑ නෙව.
ReplyDeleteමෙතන එහෙම කරන්න බෑ. මොකද ඔය වියලි කලාපෙ රෙදි පෙරවන්න බෑ ලේසියට රස්නෙයි. අනික ඒ පවුලේ අය නිදාගන්නෙ කන්නෙ බොන්නෙ සේරම තුරුලෙ.
Deletehttp://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17840-circle-pilgrimagecfchgg
ReplyDeleteඋඹගේ ලිවිල්ල හරි රහයි මචං....
ReplyDeleteආච්චි අම්ම සුපර් ස්ටාර් උනත් කමක් නැහැ ලිවිල්ල ලස්සන නිසා ආච්චිව හලන්න එපා බං...
බෑ ලොක්කයියෙ. මං ආච්චිව මරණව. නැත්තං රට අරිනව
Deleteකාලෙකින් ගොඩ උනේ මෙකට
ReplyDeleteCTB ජිවිතේ පුහුණුවත් එක්ක 8 අවුරුදක අවුරුද්දකට 2 /3 පාරක් ලංකාව වටේ ගියා යාපනේ / තිරිකුනාමලේ /මඩකලපු ඇරෙන්න ඒවගේ කාලයක ගිය දවස් 5 හේ ට්‍රිප් මිලියන් ගනනින් දැන් හම්බ හම්බකලත් ආයිනම් යන්න හම්බවෙන එකක් නම් නැ
අන්තිම අවුරුදු වල ට්‍රිප් යනකොට ගෙනියන්නේ සරමයි නාන්න අදින්න කොට කලිසමකුයි දත් බුරුසුවකුයි ඇදුම් කෑල්ලකුයි විතරයි ඉතිරිවා නඩේ යන කට්ටිගේ පරපොශිතෙන් ගෙමයන්නේ CTB පාස් එක අන්වාර්යයි ....
උඩහමුල්ල මිතොටමුල්ල හොරන ඩිපෝ වල නියම ජර්මන් ටෙක් කොල්ලෝ සෙට් එකක් හිටියේ ට්‍රිප් යන්නම ඒව රේඩි ගැන්සියක්. යන්න කලින් රැ යන බස් එකේ සිට් ගලවලා අපිට ඕන අතට හයි කරගෙන පිටිපස්සේ බාර් එකට හොඳට ඉඩ හදාගෙන ගත්ත ආතල් එකට මල්ලි මෙහෙමවත් එක්ක ගිය එක ........කියලා වැඩක් නැ ...... ගිහිල්ලම බල්ලන්නොනේ නේද මල්ලි..... අපිත් එක්ක ගියානම් කොහොම ලියයිද
උඹලගේ අච්චි වගේම වක සෙට් එකක් හම අවුරුද්දෙකම අපිත් එක්ක ගියා පිට එක කොහොමද කියනවානම් අච්චි කියනවා මුනටම හූජ්ජ බිලා ඉන්න එකෙක්වත්
පන්සලකට එහෙම අඩියක් තියන්න දෙන්නේ නැකියලා කොටින්ම කියනවනම් ඒ සෙට් එක ඊළඟ අවුරුද්දෙත් මේවගේ යන්න ඒ තැන්වල බාර හාර වෙනවා. අපිත් එක්කමයි උන්ට යන්න ඕනේ කියලා කියනවා
පංකාදු පනස් පහක විස්තරයක්නෙ. තමුන්නැහැ වෙන්ටැ කලිනුත් එයවගේ දිග විස්තරයක් ලියල මට ඊයක් එවල තිවුනෙ.
Deleteඅර හොඳට ඉගෙන ගන්න ඇහැක් ඩිමුටු පුටයි, ජුවයි දැන් කෝ? ඒ ගොල්ලො ඇත්තටම හොඳට ඉගෙන ගත්තයි?
ReplyDeleteඑහෙනං. එහෙනං. අක්ක ඉස්පැසල් උපාදියක් ඇරං දැං අබ්යාසලාබී පත්තීමකුත් ලැබිල ප්‍රාදේශීය ලේකං කාරියාලෙ වැඩ.
Deleteඅයිය ගේ ගාව හංදියෙ ටීවිල්ලෙහෙක වැඩ
Pattooi.....
ReplyDelete