කොහොමිං හරි මදැයි කොලා. එක කොටහිං අවසන්
කරන්න හිටපු සිරීපාදෙ ගමන කොටස් පහක් දක්වා ඇදෙන්න වැඩ සිද්දඋනා. ඒ මදිවට බොහොමයක්
පස්සෙං එළවන්නො එකතු වුනා. පුරාම අදහස් දැක්වීම් ලැබුන. එව්වට උත්තර දෙන්න උනා.
දුන්නු උත්තර හරියට “යන්නෙ කොහෙද පොල්ලෙ මල්“ ආකාරයේ එව්ව උනා. හෙන ගාමිභීර විදිහට
පටං ගන්න හිටපු බ්ලොග් එක කොමඩියක් වුනා. කොහොමිං කොහොමිං හරි වචනයේ
පරිසමාප්තාර්ථයෙන්ම මේක “යාංහෑල්ලක්“ බවට පත්වුනා. ආං එහෙමයි ගණ පිහිටුවල මහප්‍රාණ
නැතුව නමක් දැම්මම වැඩේ කිරිබෝතලේ බිම වැහ්න වගේ.
ඔය අතරෙ සමහරු කිව්ව ආච්චම්මත් එක්ක ගිය තවත්
ගමං ගැන ලියහං කියල. කඩේ ගිය එකක් හරි කමක්නෑ ලියහං කිව්ව. අංතිමට මං පැත්තක
ඉඳිද්දි ආච්චම්ම ඉස්ටාර් කෙනෙක් බවට පත්තුනා.
ආච්චම්මත් එක්ක වට වන්දනාවෙ ගිය එව්ව තිබ්බට
ඒවයෙ සංවිධායක කං කොලේ අපේ දෙවැනි පුංචම්ම කසාද බැඳල උන්නු, ඩිපෝවෙ වැඩකල බාප්ප.
අපිට පොඩිකාලෙ කියාදීල තිවුනෙ එයා ඩිපෝ එකේ ලොක්ක කියල. බස් කොන්දොස්තරල, ඩැයිබරල
එහෙමත් එයාට මහත්තෙය කියල තමයි කතා කෙරුවෙ. එයා තමයි ඩිපෝ එකේ ටිප් යන ගමං
ලැහැත්ති කෙරුවෙ. ඒ හිංද එයාට පුළුවංකම තිබ්බ සිය හත්මුතු පරංපරාවෙම එවුං ඒ ගමං
එක්ක යන්න. ඔය බාප්පගෙ නම උසුරුවන්න බැරි විදිහට මගෙ දිවයි දක්කුට්ටමයි හැදිල
තිවුන හිංද මං එයාව හඳුන්වන්න ගත්තෙ මං හොඳින් හඳුනන වැල් ජාතියක නමක්. ඒ වැල්
ජාතිය තමයි ‘ලෝකපාලු‘. ඉතිං හිතාගල්ල බාප්පයෙ නම. එයාට විසාල බඩ ගෙඩියකුත් තිවුන
නිසා බරසාර පෙනුමක් ගන්නත් එයාට පුළුවං. පවුලෙ හිටපු කන්තෝරුවක වැඩ කරන එකම කෙනා
හිංද අපෙ ආච්චම්මත් ආතත් සිය බෑනාවරුන් අතරිං වැඩියෙංම සැලකුවෙත් ඔය බෑනට තමා. ඒ
වුනාට එයා පුංචම්ම එක්ක ‘පැනල ගිය‘ කාලෙ ආත කිව්වය කියන්නෙ මේං මෙහෙම.
“ඕකුං තට්ටු පිට තට්ටු හතක් උස
මාලිගාවක් හදාල පයට පාවඩ උඩට උඩුවියං ඇතුව රන්තැටියෙ කනව කිව්වත් මං තියා මයෙ බ්.භල්..ලවත්
යන්නෑ ඕකුං ඉන්න තැනකට“
මේක
කියද්දි ආත ඉදිරියෙ හිටපු ප්‍රේක්ෂකයගෙ නහයට ඉතාමත් කිට්ටුවෙන්, විටට හුණු ගන්න
ඇඟිල්ල වේගයෙං වනන ගමං මූනත් ඉතාමත් කිට්ටු කරනව. එතකොට හදිසියෙ බලන කෙනෙකුට
හිතෙන්නෙ ආත අර ප්‍රේක්ෂකයට බයිනව කියලයි. ඕං ඒගමන මතක් වෙනව ආතගෙ කෙබර ඇදබාන
ආකාරය. ඒක කියන්න ගියොත් මේ වැඩේ කෙරෙන්නෑ. කට්ටිය කියයි ඔන්න රවියගෙ මලය පටං අරං
කියල.
ඉතිං ඔය
කියන ලෝකපාලු බාප්ප ටිප් එකක් ලැහැත්ති කරද්දි අපිටත් කියනව. පුරුදු විදිහටම ඒ
ගමනට මාමත්, පුංචිත් යන්න ‘බෑ‘ කියනව. මාමට ඒ දවස්වලට ‘අසුවල් ගුරුපුහුණු පාටමාලාව
තියෙන බවත් නැත්තං කීයටවත් නෑහිල්ල ඉන්නැති වගත්‘ කියනව. පුංචම්මට යන්න බෑ ‘ගෙදර
උයන්න කවුරුවක් නෑ. කඩේ ඉන්නත් කවුරුවක් නෑ‘. අපේ ගෙදර අයට සල්ලි නෑ. ඔය ගමනට අපේ
ආච්චම්මට මාව ඕනි වෙන්නෑ. මොකද බඩුමලු උස්සං යන්න එකෙක් ඕන්නෑනෙ. ඒ උනාට මටත් ඔය ගමන යන්න පුලුවං වෙනව. ඒක වෙන්නෙ දැංම
නෙවෙයි. අග හරියෙදි. ඒ ගැන පස්සෙ කියමුකො.
චාරිත්‍රානුකූලව
ඔය ගමන සඳහා ආරාධනා කරන්න දෙවැනි පුංචම්ම මහගෙදර එනව. සබං, සීනි, දුංකොළ ආදී තෑගි
බෝග ආතටත්, ආච්චම්මටත් අරගෙන උන්දැ එනව.
ඇහිල්ල හැමෝමත් එක්ක කතා කරල අඬනව.
ඕං අමතක
උනා, ඒ අපේ දෙවෙනි පුංචම්ම හරිම ආසයි අඬන්න. එයා ගෙදර ප්‍රශ්න ගැන කියල අඬනව(මහ
ලොකු ප්‍රශ්න නෙවෙයි ගෙදර මාරු සල්ලි නැතිවීම, කඩේ ගියාට බිත්තර ගේන්න අමතක වීම,
ගඟේ නාද්දි සබං කැටේ ගහගෙන යාම, මිදුලෙ තිවිච්ච සෙරෙප්පුවක් බල්ලෙක් අරං යාම, සීනි
බෝතලේට කූඹි රිංගීම, අක්කට ගනං ඔලට ගිය පාරට වඩා ලකුණු තුනක් මදිවීම, බාප්පගෙ
කොණ්ඩෙ ගහක් ඉදීම වගේ ඒව), අනුංගෙ ප්‍රශ්න ගැන කියල අඩනව, කැඩිච්ච පිඟන් කෝප්ප ගැන
කියල අඬනව, ගහක ඉඳං බට්ටිච්චෙක් දං ගෙඩියක් කෑවත් අඬනව, පාරෙ බස්සෙකක් ගියත් අඬනව.
ඉතිං එයා
ඇහිල්ල ආතත් එක්ක කතා කරල ආතට ටිප්පෙක යන්න කතා කරනව. අපේ ආත කීයටවත් ඒ ගමන යන්නෑ.
ඒ දවස් ටිකේ ආච්චම්ම ගෙදර නැති උනහම ‘ගුණවර්ධන මාම‘ එක්ක ඕන හැටියෙ කෙබර කියවන්න
පුළුවං හින්ද? ඒ හිංද ආත මෙහෙම කියනව.
“අනේ චූටියෙ මට යන්න හැටියක් නෑ.
මට දැං ඉස්සර වගේ ගමං බිමං යෑම අමාරුයි. දැං ඉතිං මං කොයිවෙලේද නෑ. මාරය යන්න
අඩගහපු හැටියෙ යන්න ඕනි“
ඕං ඔය
වැකි තුන හොඳටම ඇති පුංචම්මට අඬන්න.
“අනේ තාත්තේ, එහෙම කියන්නෙපා........
ඉහි .. ඉහි.. ඉහි... තාත්ත දැංම මැරෙන්නෑ තාත්තේ...... ඉහි... ඉහි....
ඉහීඊඊඊඊඊහ්....
ආදී වසයෙං
පුංචම්ම අඬනව. ආතගෙ ඔය මැරෙන කතාව මං අවුරුදු විස්සක් තිස්සෙ අහල තියෙනව. මට කතාබහ
තේරුං යන කාලෙ ඉඳල ඔය කතාව කියල කියල අංතිමට උන්දැ මලේ මං කසාද බැන්දටත් පස්සෙයි.
ආතත් ලේසියෙං අරින්නෑ. එයත් එකහෙලාම කියනව
තමුං දැං උනත් මැරෙන්න පුළුවං බව. ඉතිං දෙවෙනි පුංචම්ම ඕක අහගෙන අඬාගෙන ගිහිං අපි
එක එක්කෙනාට වෙං වෙං වසයෙනුත් කියල අඬනව. ආතව ‘ගලේ
ගැහුවත් මැරෙන්නැති වගත් පෙරේදත් ජයකොඩි මාමගෙ මලෙං රා බීල ඇහිල්ල ආච්චම්මට බැන්න‘
බවත් මං කියනව. සිය ඇඬීම නතර කිරීමට තරම් වන ඒ කතාව නිසා සිය ඇඬීමට හානි වේයැයි
බියගත් පුංචම්මා “තෝ පලයං යන්න“ කියා මාව එලවනව.
ඉං පස්සෙ පිළිවෙලිං ගෙදර ඉන්න පුංචම්මත්,
මාමත් හමුවෙලා
“වරෙං මැණිකෙ අපිත් එක්ක යන්න,
වරෙං මල්ලියෙ අපිත් එක්ක යන්න“
ආදී වසයෙං ටිප්පෙක යන්න ආරාධනා කරනව.
“ඔය ඉන්නෙ අනික් අයට කියහංකො චූටි
අක්කෙ මටනං බෑ“
ගෙදර ඉන්න පුංචම්ම කියනව. ඒ දවස් ටිකට එයා
යාළුවෙලා ඉන්න බාප්ප එක්ක ‘ලව් කොරන්න යන්න‘ එයා හිතං ඉන්නව ඇති.
“මටනං එන්න බෑ. අම්මව එකක පලෙයං.
මං සල්ලි දෙන්නං.“
මාමත්
කියනව. එයත් ඒ දවස් ටික හෝටෙලේකිං බත් කාල කොහෙහරි යාලුවෙක්ගෙ ගෙදර යයි.
ඔය මදැයි.
දෙවෙනි පුංචම්ම ආයිත් අඩනව.
“අනේ බලන්නකො තාත්තේ මුං දෙන්නට
මං අඩගැහුවං එන්න බැයිලු. මං දුප්පත් හිංදද තාත්තෙ මුං මේ හැටි මට වෙනස්කං කොරන්නෙ
තාත්තේ. ඉහි ... ඉහි..... ඉහි.... ඊඊඊඊඊඊහ්“
ඒ ගමන ආත සිය තුංවැනි දෝනියංදැව නලෝගන්න
හිතං
“උඹ ගනංගන්නෙපා චූටි. ඕකුංට
ඔව්වයෙ යන්න ඌමනා කමක් නෑ. ආයි ගමනක්
යනකොට උං එන්නැතෑ. අම්මව එක්කං පලෙයංකො“
ආදී වසයෙං
සැනසිලි බස් කියනව. සැනසිලි බස් තියා සැනසිලි කෝච්චි කිව්වත් නැලෙය්යැහැකි
ඇඬිල්ලක් නෙමෙයි ඒක. ඉතිං ආයිමත් මං ඉදිරිපත් වෙලා ‘ඊයෙත්
පුංචිට හොර ලියමනක් ආපු‘ බවත් ‘සුවර් එකට බාප්ප
එක්ක හොරෙං ලවු කරන්න යන්න හිතං ඇති ‘ බවත් කියනව. ඒකට ආයිමත් මට බැනල, ‘මූනං හැදිල ඉවර‘ බවත් ‘මූ අනාගතේදි
මහා පෝරිසාදයෙක් වෙන‘ බවත් කියන පුංචම්ම මගෙ අනාගතේ සිහිපත් කරල ආයිමත්
අඬනව.
ඔය ඇඬුං අතරෙම
දවල්ට කෑමත් කාල. ආයිමත් ගෙදර විස්තර කියල අඬල හවස බස්සෙකේ නැගල අඬ අඬා ආපහු යන්නෙ
ටිප්පෙක යන දවස් ගැන අපිට කියල. අද වගේ දුරකතන නොතිබුණු ඒ කාලෙ පණිවිඩෙයක් කියන්න
ගිහිං හම්බු වෙන්නම ඕනි.
නිල වසයෙං
දැනුංදීම ලැබුනයිං පස්සෙ ආච්චම්ම සිය වැඩ කොටස පටං ගන්නව. පළමුවෙංම හැන්දෑවට දළු
දෙන ගමනුත්, අතර මගදිත් ආදීකොට සෑම තැනකදීම හම්බුවෙන අයට වෙනද කියන ඕපදූප ප්‍රමාණය
අඩුවෙං කියල සිය බෑනා සමග යන ටිප්පෙක ගැන වැඩියෙං කියනව. ගම්මානයකුත්, තේ වත්තකුත්
හරහා ගමං කරන ‘බස් වැඩ නොකරන‘ සහ ‘දළු ලොරි‘ පමණක් යන බැවින් මිනිස්සු පයිං ගමන්
කරන පාරක් තාර පාරට එකතු වෙන හංදියක මහගෙදර පිහිටීම නිසා ආච්චම්මට ප්‍රේක්ෂකයො හිඟ
නෑ. අනික කලවාන - මතුගම පාරෙ යන බසුත් එතැන නවත්තනවනෙ.
“අපෙ
යෝකපාල වන්දනා ගමනක් එක්කහු කොරනව මේ ගමනත්. ඩිපෝ එකේ බස්සෙහෙක යන්නෙ. කන්න බොන්න
ඉඳුං හිටුං හැමදේම හම්බෙනව. දවස් පහක් ගමන. අනුරාජපුරෙ, පොලොන්නරු, සිගිරි, දඹුලු,
මහියංගන, තිස්සමහරාම එක්කොගෙම යනව. ආයි ලේසි පාසුවට හම්බෙන්නෑ ඒ වගෙ ගමනක්. එක්කොම
විස්සරාම සාලා ඔල නවාතැං ගන්නෙ. යෝකපාල මුළු රටේම පාරවල් දන්නවනෙ. ඕනි තැනක බය
නැතුව ගියැහැකි.“
“නඩේ
හුඟක් ඈය ඉන්නවද නැංදම්මෙ?“
ප්‍රශ්නයක් නො
ඇසීම නොමනා යැයි සිතන අයෙක් එසේ විමසනව. ආච්චම්ම එයිං වහා තෘප්තියට පැමිණෙනව. උන්දැ
‘ම්චප්‘ කියල වරක් තලුගහල හෙම පටං ගන්නව.
“උඹල
බන කතා කොරනව. ඩිපෝ එකෙං බාගෙකට වැඩියෙ කට්ටිය යනව. අර පිටිගලකංදෙ බස්සෙකේ
පියසේනයි ගෙදර එක්කොමයි යනව. තව යෝකපාලලගෙ ගෙට එහාපැත්තෙ ගෙදර එක්කොම යනව. ඒ
ගෙදරත් බස් ඩැයිබර කෙනෙක් ඉන්නවනෙ. තව අයගං පාරෙ බස්සෙකේ වැඩ කොරන ලොකු අප්පොගෙ
නැංදම්මයි, මල්ලි බැඳපු පවුලගෙ බාප්පයි යනව. කහංතැන්නෙ ආනංද කොලුවයි, උගෙ ගෑනියි
යනව, කොඩිප්පිලිකංදෙ ඉඳං ඔය හැමදාම උදේට බයිසිකලෙයක් පැදගෙන ඩිපෝ එකේ වැඩට යන මහත
රතු හාදෙයයි, ඒ ගෙදර මහ දෙන්නයි යනව(අපේ ගමේ මිනිස්සුංගෙ පාට කියන්නෙ කලු, එහෙම
නැත්තං හම ටිකක් සුදු අයට කියන්නෙ රතු) ...........“
ඔය ආදී වසයෙං
ප්‍රස්නෙ අහපු එකාට පස්ස විකං මැරෙන්න වෙන තරං දිගට නං හෑල්ල කියාගෙන යන ආච්චම්ම
කලිං වතාවෙ ගිය ගමං ගැනත් රෙද්දෙ ගැටේ එහෙම තද කොරගෙන විස්තර කරද්දි තවදුරටත් අහං
ඉන්න බැරි තරං වෙනකොට එතන ඉන්න අය ‘හදිස්සි වැඩක්‘,
‘ගෙදර උන්දැ ගේන්න කියපු දෙයක්‘ ආදිය මතක් වෙලා එතනිං හිමීට මාරුවෙනව.
අංතිමට ඉතුරු වෙච්ච එකාට හරි සිය දේසනාව කියල අවසන් කරන්න ආච්චම්ම සමත් වෙනව.
ඒ අතරෙම ගමනට
සති තුනකටවත් කලිං ආච්චම්ම මහා මෙහෙයුමක් පටං ගන්නව. එදාට ටිප්පෙක සංවිධානය කරන
බාප්ප සිය ළමයි දෙන්නත්, වැළපෙන භාරියාවත් එක්කං මහ ගෙදරට එනව. ඒ දර කපන්න. ඔය
ටිප්පෙක ගියං උයාගෙන කන්න බඩු මුට්ටු, සාස්පාං, හාල්, පොල් ආදී සියලුම දේ අරං යනව.
ඒ අතර දරත් ඕනි වෙනව. අපෙ ආච්චම්ම තමයි දර සම්පාදක.
යොදාගත් දවසෙ
පාංදරම මහ ගෙදෙට්ට එන බාප්ප ඇතුළු පිරිස ආච්චම්මත්, මාවත් එක්කගෙන මහ ගෙදර ඉඳං
හැත්ක්මක් විතර දුරිං තියෙන ‘රබර් කෑල්ල‘ බලා පිටත් වෙනව. ‘රබර් කෑල්ල‘ කියන්නෙ
රබර් ඉඩම කියන එක. ‘රබර් කෑල්ල‘, ‘තේ කෑල්ල‘, ‘පොල් කෑල්ල‘ ආදී වශයෙං භෝගය අනුව
ඉඩං හඳුන්වනව. මේ ‘දර කැපීමේ‘ පෙරහැරට ලණු
ගෝනි, පොරව, කඹ, පිහිය ආදිය පැටවූ විල්බැරැක්කය ධාවනය කරන ‘ලෝකපාලු බාප්පත්‘, ඒ
පස්සෙන් අඬන්න හේතුවක් හොයමින් යන‘අඬන පුංචම්මත්‘, ඒ දෙන්නගෙ දරු දෙදෙනා වන නිතරම
“අම්මි පැටියෝ“, “තාත්ති පැටියෝ“ කියමින් කියෝන කන්දොස්කිරියාකාර අක්කත්, පුබ්බයිසිකලේ
පැදගෙන යන අයියත්, වතුර පෝච්චිය සහ අඩුම කුඩුම රැගත් මල්ල රැගෙන යන ආච්චම්මත්, බණ්ඩි
කියත කරේ තියාගෙන කියත පැද්දෙන තාලෙට උඩ විසිවෙවී යන මමත්, අයිති වෙනව. පාරෙ අද්දර
තියෙන දං පඳුරකිං දං ගෙඩියක් කඩාගන්න මං නැවතුනත් බණ්ඩි කියත දුන්නක් වගේ උඩ
පනිනව. අපි කුකුළේගඟ අද්දරිං ඇති අඩිපාර දිගේ ‘චව් චව්‘ ගගා කියෝ කියෝ යනව.
“ආං
අරක තමයි දිමුතු පුතේ පිචොක් ගහ කියන්නෙ. ඕවයෙ ගෙඩි කනව ළමයි එහෙම“
“අනී...
අම්ම කොහොමද මෙච්චර දුරක් පයිං යන්නෙ අම්මේ.
මට නං දුකේ බෑ අම්ම ගැන.“
“අක්කෙ,
අක්කෙ, පාරෙං අහකට වෙනවකො මට තමුසෙ යන වේගෙං බයිසිකලේ පදින්න බෑ“
“තාත්ති පැටියො, තාත්ති පැටියො, අර බලන්නකො
අර හරක් පැටිය දුවන හැටි“
“සුරංග...
සුරංග.... උඹලෑ තාත්ත ඊයෙත් බීලද ආවෙ?“
“ආච්චම්මෙ. ඕං ඔතන මුලක් තියෙනව බලාගෙන කකුල
හැපෙයි. ඊයෙ මගෙත් කකුලෙ නියපොත්ත කල්ල ගියා ඕකෙ වැදිල“
ඔය ආදී වසයෙං
තම තමන්ට ඕනි දේවල් කියමින්, කාටවත් ඇහුංකන්නොදී අපි රැලම පේලියට එකා පස්සෙ එකා
යනව. ඒ අතරෙදි ගමේ අපි අඳුරන අයත් හම්බු වෙනව.
“ශ්‍රංග..
කොහෙදකට්යත්තෙක්කන්නෙ“
ඒ බණ්ඩර ආතගෙ
බාල ලමය. ඒ ගෙදර අය තප්පරේට වචන බර ගානක් කියන්න දස්සයි. එව්ව තේරුං ගන්න පුළුවං
අපේ ගමේ අයටම විතරයි. ඒ මාම මගෙං ඇහුවෙ ‘සුරංග කට්ටියත් එක්ක කොහෙද යන්නෙ‘ කියන එක
කෙටියෙං.
“එබෝවිටේ
රබර් කෑල්ලෙ යනව මාමෙ“
කතාවට වගේම
ගමනටත් වේගවත් ඒ මාම ඒ වන විටත් අපෙං බඹ පනහකට වඩා දුරක් ගිහිං ඉවරයි.
කොහොමිං හරි
ආච්චම්මගෙ කකුල ගලක වැදීමත්, අක්කගෙ කකුලෙ කූඩැල්ලෙක් එල්ලිලා එයා මරහඬ තැලීමත්,
මද්දුම්මහත්තෙ ආතගෙ ‘අයින කොටිය‘(මේ කියන්නෙ අනින්න බලං ගත් ගමං ඉන්න අං දිග මී
හරකෙක් ගැන) පාර අයිනෙ බැඳල තිවීමත් ඇරුණු කොට කිසියං අකරතැබ්බෙයක් නැතුව අපි
‘රබර් කෑල්ලට‘ කිට්ටු කොලා.
ශ්‍රංග කමැලි නැට්න්සට්යටෙකක්වත්ලියන්....
ReplyDeleteනොලිය කොහොමෙයි. මං ලියමි.
Deleteඔන්න අද තමයි මේ ඉසවුවට එන්න ඉස්පාසුවක් ලැබුනෙ. එක හුස්මට කියෝගෙන කියෝගෙන ගියා. නරකද ආච්චම්මා ගැන පොතක් කාරිය ලිවුවා නං? :D
ReplyDeleteආවට පිං සිද්ද වෙනව. අනික් අයටත් කියන්න.
Deleteඇර සොයිසා කිව්වලු . අනුරාධපුරේ ටටිප්පෙකක්ද ? දාහන්කො හොඳ පින්තුරයක් එක්ක. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17235-circle-pilgrimage
ReplyDeleteමෙතන බලහන්.
පිංතූරයක් තිබුන. හොයාගන්න බැරිවුණා. ඊළගට දාන්නං.
Deleteමරු බං උබයි උබලගෙ නෑයො සෙට් එකයි. හැමෝටම මෙහෙම අද්දැකීම් ලැබෙන්නෙ නැ......
ReplyDeleteපොඩ්ඩක් වටේ ඇහැ යොමා බලන්න. ගොඩාක් ඔය වගේ අය ඉන්නව.
DeleteSuranga
ReplyDeleteHow can I contact you?Can you send me a mail?
Kumara
Ranjithsuranga312@gmail.com වෙතින් එන්න
DeleteThis comment has been removed by the author.
DeleteOnna apith set una trip ekata. Patta ban. Matath innawa koi magulatath andana punchi kenek. Dukata sepata dekatsma andaagaththa gaman. Eekatath hariyanna andana gaman langa inna ekage mulu muunama athagaanawa. Ubata kiyanne call karath eth andanawa. Hikz. Ithuru tikath wigahata liyahan. Jaya subha..!!
ReplyDeleteඕං ඕය වගේ අයට අඬංනැතුව ඉන්න හෙන අමාරුයි. ඒක මානසික ලෙඩක් කියල දවසක් දවල් බත් කන වෙලාවෙ ටීවී එකේ දොස්තර කෙනෙකුත් කීව.
Deleteකලින් පොස්ට් එකෙත් කිව්වා වගේ මේක කියවගෙන යනකොට මමත් එතන ඉන්නවා වගේ දැනෙනවා... ප්‍රබන්ධයට වඩා සත්‍ය විශ්මයජනකයි කියනවනෙ.... ඔන්න ඒකට හොද උදාහරණයක්...
ReplyDeleteඑහෙනං එහෙනං. සත්‍යය ඇතුලේ තිබෙන දේ තරම් ප්‍රබන්ඳය රසවත් නැති නිසානෙ ටෙලිනාට්‍ය බලන අයට ගෙදරටම ඇවිත් සල්ලි දෙන්නෙ.
Deleteඅද නම් චූටි මැණිකේ උදැල්ල දාල නෑ වගේ. පුරුදු විදිහටම හිනා ගියා. එල එල
ReplyDeleteඋඹලගේ බාප්පාගේ ඇත්තම නම මොකද්ද? යෝකපාල ද? ඇහුවමයි නම.
යකඩෝ කතා මැදට පැනල උඹ කියල තියන එව්වගේ හැටියට මැරුම් නොකා බේරුනා ඇති සුරංගයෝ .
අරපුන්චිඅම්මහෙමපස්සේගේමකෝල්කලේනැල්ලුද?
'ක' යන්න 'ග' යන්න වෙන්න ඕනි.
Deleteයෝකපාල බාප්ප ඩිපෝ එකේ ලොක්ක වගේ බස් එකත් හොරෙන්ම උස්සගෙන එනවද දන්නෑ.
ReplyDelete//ශ්‍රංග.. කොහෙදකට්යත්තෙක්කන්නෙ// හෙක්... ඒකනං මරු
සුබසාධක සංගමේට අඩු මිලට හම්බු වෙනවනෙ. බාප්ප ඩිපෝ එකේ ලිපිකරුවෙක් වෙන්ටැ මං පස්සෙ දැනගත් විදිහට.
Deleteසර්පයක්ලාක්‍රිංඤෙංගහලම්රපුලොකප්පොද?
ReplyDeleteආං එයා තමා.
Deleteතලු මරන සද්දෙත් මරු.. :-)
ReplyDeleteඅර රුසියන් කථාවල පරිවර්තනවල එයැයිලගෙ ගතිය අඩු නෑ වාගේ මේකෙත් එහෙං පිටිංම අපේ එව්වා තියනව
ජයවේවා!
මං ඉස්සර ඉඳං ඇහෙන සද්ද මගේම ක්‍රමේකට මතක තියා ගන්නව. ඒක හෙනම ආතල් වැඩේ.
Deleteඉස්සර ඔය වන්දනා ගමනක් යන්න සංවිධානය කිරීම පටන් ගන්නේ අවම වශයෙන් මාස තුනකටවත් කලින්. අද යන්නම් කියන එවුන් හෙට බෑ කියනවා. ආයෙ අනිද්දා හා කියනවා. කැවිලි ජාති හදන්න, දර, උයන භාජන, වියළි සලාක එකතු කරන්න, මහා ගිනිවිජ්ජුම්බරයක් කරනවා.
ReplyDeleteඅර ඕපන් බොඩි බස්වල, ඉස්සරහා පුවක් මලක් එහෙම බැඳගෙන නෙවෙයිද ගියේ?
අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා අර ජාතියෙම. අපේ අම්මා තමයි ඒ පවුලේ ලොකුම අක්කා. අර පුංචිඅම්මා මාස කීපයකට සැරයක් එනවා ආඩාපාලි, පැමිණිලි, වාර්තා, ගෝනියක් අරගෙන. ඔය ඔක්කොම අපේ අම්මට කියමින් අඬමින් දෙස් දෙවොල් තියමින් ගේ පුරා ඇවිදිනවා.
එක දවසක් මහා හඬින් හඬමින් මොනවදෝ කියා කියා ඇවිදින අතරේ කුස්සියට ගිහින් මේසේ උඩ තිබුණු කරවල කෑල්ලක් නහයට ලංකරලා බලලා අඬන එක නවත්තලා අපේ අක්කාගෙන් අහනවා මේවා බල කරවලද කියලා. ඔව් කිව්වම ආයෙත් ඇඬිල්ල පටන්ගත්තා.
අපේ ගෙවල් ළඟ ඉන්නවා විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. එයා කතාකරන වේගය අනුව ඒවා තේරුම්ගන්න නම්. අපිට කියන්න වෙනවා කරුණාකරලා කියන ඒවා ලියලා දෙන්න කියලා. 'මහතකොද්ග්ය්' කියන්නේ මහත්තයා කොහෙද ගියේ කියන එකයි. දැනට මාස කීපයකට උඩදී හරි වැඩක් වුණා. අපේ පන්සලේ බෝධි පූජාව වෙලාවේ මේ මහත්තයා මා අසලින්ම වාඩිවී සිටියා. මෙයා ගාථා කියන්නේ මෙහෙම. බුද්ස්ර්නංගච්මි, දම්ස්ර්නං ගච්මි. මට ඩෝං ගාලා හිනාගිය එක මම කැස්සකට පරිවර්තනය කරගෙන එතනින් මාරුවුණා.
ඕපන් බොඩි කියන්නෙ දොර තිවුනට දොර වහන පියන නැති ටකරං පාට බස් නේද?
Deleteඔය මං කිව්වෙ හැම තැනම ඔය වගේ නාඩගං ඉන්නව. ඔයාගෙ නැංදත් ඒ වාගෙ කෙනෙක්
තඹ සරණයි බැංකුවෙං සල්ලි ගන්න ආ අයට
මලේ මෙතන
Deleteතියේ ඕපන් බොඩි බස් එකක්
පහුකාලෙක නෙල්සන් කොමිසමෙන් දුන්නු උපදෙස් අනුව වටේ වැහුවා.
මිනිස්සු ඒවාට කිව්වා නෙල්සන් බොඩි බස් කියලා
/ කට්ටිය කියයි ඔන්න රවියගෙ මලය පටං අරං කියල. /
ReplyDeleteශ්‍රරංගමගෙමල්යක්කියනෙකමටසුවල්පග්ගහුරවයද්ද?
හෙනං හෙනං ගෞරවේ දෙපිටිං යයි මගෙ කල්කිරියාව දැක්කහං
Deleteමල්ලි උඹ රත්නපුරේ බස රකිනවා "ඇහිල්ල" කියන පදයෙන්. රසවත් රචනාවක් ඇහිල්ල හිටං.
ReplyDeleteඇබිත්තං කාලෙ හිටං පුරුදු වෙච්චි වචන අතෑරගන්න අමාරුයි. ඒකයි එය ඇහිල්ල කියන එකත් හැලෙන් නැත්තෙ
Delete/*‘ඊයෙත් පුංචිට හොර ලියමනක් ආපු‘ බවත් ‘සුවර් එකට බාප්ප එක්ක හොරෙං ලවු කරන්න යන්න හිතං ඇති ‘ බවත් කියනව*/
ReplyDeleteමොනව උනත් සුරංග යුතුකම් ටික හොඳට ඉෂ්ට කරල තියෙනවා
ඒ කාලේ ලව් කිරීම ඉස්කෝලෙං අස් කල හැකි වරදක්.
Deleteවෙලාවට හෙට ඔෆීස් එකට යන්න කලින් මේ රෑ මැද්දෙම මේක කියෙව්වේ.. හැක් හැක් හැක්.. බඩ පුරා හිනා වුනා..
ReplyDeleteශ්‍රංග ඕමයංඕමයං..
මට මැවිල පේනව තමුන්නැහැ හිනා වෙද්දි බඩගෙඩිය උඩ විසික් වෙනව.
Deleteදෙවෙනි පුංචි අම්මට ආදරේ හිතෙනවා...:P
ReplyDeleteකුමාරිහාමිගෙ වලව්වෙං ගෙනත් තියන්නං හෙනං. සුවර් ගෙදෙට්ට මූදේවිගෙ බැල්ම වැටෙනව
Delete“ශ්‍රංග.. උඔඑලදබ්‍රාවගේලියලා.
ReplyDeleteමේ ලියන ක්‍රමය වෙනස්.උඔ බොහොම ඉක්මනට බ්ලොග් වල නමක් දිනාගත්තා..
තනියම හිනාවෙනකාට මට පිස්සුද කියලා මගේ කෙල්ලො අහන නිසා වුන්ටත් පෙන්නුවා..
මංනං හිතන්නෙ එහෙම නෙමෙයි. මගෙ ලිවිල්ල තව හොඳ මදි. මේ කාලෙට මගෙ වචන අමුතු වගේ ඇති. ඒක වෙනස් නිසා කාටත් අල්ලල යනව.
Deleteකෙල්ලන්ටනං පෙන්නන්න එපා. ඔව්ව දැක්කහම කෙල්ලො මූන හෝදන තැංඔල ඉඳං මේං මෙහෙම කතා වෙනව.
“අනී අර බ්ලොග් එක රයිට් කරන බෝයි නන්සන්ස් නේද මෙයා ලියන්නේ.... හිචි හිචි හිචි“
“හිචි හිචි හිචි... රබර් කෑල්ල කියන්නෙ ඉරේස එකටද දන්නෑ නේද මෙයා..“
“අපෙ මෙන්ඩ් අය්යටත් වෙන වැඩ නෑනෙ. එයාට බොයිස් ඕවද ෆ්ලවස් වත් ගෙනත්දෙමු නේද නංගා“
නෑ... ශ්‍රංග..මගේ කෙල්ලෝ පොලවේ පය ගහපු වුන්..අපේ ඔෆිස් වල ඉන්න සමහර උඩැක්කි නම් ඔය නන්සන්ස් කතා කරනවා...අනේ වුන් බලන බ්ලොග්..
Deleteඋඹලාපුංචිඅම්මාගේඇඩිල්ලමරුබං
ReplyDeleteමරු නෙමේ මරු නගිනව ඉහට උඩිං
Deleteබලාගෙන යනකොට "රැප්" සිංදු පටන් අරගෙන තියෙන්නේ රත්නපුරේනෙ බොල.
ReplyDeleteසුපිරියි..සුපිරියි..!
දොස්තර ඇල්බං මහත්තෙයා, ඔය වගේ රැප් පවුල් දෙකක් ඉන්නව අපේ ගමේ
Deleteහොඳ වෙලාවක කට්ටිය සුරංගට කරදර කලේ වටවන්දනාව ගැනවත් ලියහං කියලා. ආයෙ නෑ වෙඩි වගේ තමයි.
ReplyDeleteඅර අන්තිම වචනේ කොලා නැතුව කරනවා/කොරනවා කියලා හැදුවා නම් හොඳ නැද්ද බං?
අයියන්ඩි අලුත් කතා නැද්ද?
Deleteඩුඩ්ඩෝ, උගේ භාෂාවේ අමු ගතිය එහෙම්ම තියෙන්න අරිමු බං...
Deleteනැත්නම් අන්තිමට හැමෝම එකම වගේ උනහම වැඩක් නැතුව යනවා...
ලොකු පුතා: මම කිව්වේ උගේ භාෂාව වෙනස් කරන්න නෙවෙයි. උගේ භාෂාව ඌ එතනට එනකල් ලියාගෙන ආපු consistency එක රකින්න. මම හරිම ආසයි මුගේ පෝස්ට් කියවන්න. ඒ ආසාව නිසාමයි පොඩි අඩුපාඩුවක් පෙන්නලා දුන්නේ ඌට ගල්වල නොහැපි දුර ගමනක් යන්න හැකි වෙන්න.
Delete@මෙන්ඩා: ලියන්න දෙයක් නැතුව නෙවෙයි බං. අර දුටු ගැමුණු රජ්ජුරුවන්ට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. ඒකයි අතපය වකුටු කරගෙන නිදා ඉන්නේ. හිටහංකෝ. (උඹට ස්තුතියි වරිං වර පයිං ඇනලා බලනවට මෙන්ඩා)
නියම ශාස්ත්‍රීය සංවාදෙ. මට නිකං හෙනම ආඩම්බරයි. මගේ ගැන ඉතිං මෙහෙමත් කතා වෙනවනෙ.
Deleteඅඩෝ සුරංගයා. උඹ දන්නෙ නෑ මම කී දෙනෙකුට උඹේ බ්ලොග බලන්න ආරාදනා කලාද කියලා පහුගිය ටිකේ.
Deleteඅනේ බෝම පිං ඩූඩ්.
Delete///ඔය අතරෙ සමහරු කිව්ව ආච්චම්මත් එක්ක ගිය තවත් ගමං ගැන ලියහං කියල. කඩේ ගිය එකක් හරි කමක්නෑ ලියහං කිව්ව. අංතිමට මං පැත්තක ඉඳිද්දි ආච්චම්ම ඉස්ටාර් කෙනෙක් බවට පත්තුනා.///
ReplyDeleteඑහෙම තමයි බන් අපි, රහ ලිවිල්ලක් දැක්කම ඉතින් රහ කෑමක් හම්බ වෙනවා වගේ. කොච්චර දුන්නත් මදි කියනවා...
///“ශ්‍රංග.. කොහෙදකට්යත්තෙක්කන්නෙ“///
මෙන්න මේක තමයි එලම සීන් එක.
අපිටත් මේ වගේ අපුරු මිනිස් චරිත ඕනේ තරම් මුණගැහිලා ඇති. නමුත් ඒවා උඹට වගේ ලස්සනට මතක ඉඳල නැහැ.
බලන්න ඕනේ මතක් කර ගන්න පුලුවන්ද කියලා... හෙහ් හෙහ්...
අපේ නංගිත් වෙලාවකට මේ වගේ හුස්ම ගන්නෙ නැතුව කතා කරනවා
DeleteMendo, e ithin genunge upan gathiyane...
DeleteMage genith e wagemayi, mama marila watunath mala miniyata hari kiyanna one tika kiyalayi passa balanne...
Ita passe ahayi ayi ane saddayak naththe kiyala...
හරියට හරි ලොකු පුතේ..මම හිතුවෙ ඔය මොඩල් එකේ ලෝකෙටම ඉන්නෙ අපේ ගෑනියි නංගි විතරයි කියලා.
Deleteබලං ගියාම හැම තැනම ඉන්නෙ එකම මොඩල් එකේ කට්ටියනෙ. හැබැයි කෝම උනත් ගෙදර ඉන්න, බත් පංගුව උයාදෙන, රෙදි පාංකඩ ටික හෝදල දෙන, දුකට සැපට බලන බිරිංඳෑට ගෑනි කියන්නෙපා මෙන්ඩ්. හාමිනේ, නෝනෙ, මැණිකෙ වගේ වචනෙයක් කියන්ට.
Deleteela kollo ! kiyonawa eka husmata........
ReplyDeleteනිවී හැනහිල්ලේ කියවන්ට. එතකොට තමා පත්තියං වෙන්නෙ
Deleteඅඩේ මේ රබර් කෑල්ලට යන ගමන මට මතක් කරලා දෙන්නේ ඉස්සර අපි අම්මිගේ අය්යා ( මාමාගේ) ගෙදර ගියහම නාන්න කියලා ඇළට යන ගමනමයි. රබර් වතු මැද්දෙන්, නියරවල් දිගේ වැටි වැටි ගිහින් පොඩියට තියන ඇළක බැහැලා ඇළ බොර කරලා තමයි ආපහු එන්නේ. එනකොට කකුල් රැලි ගැහෙනකල් වතුරේ පෙඟිලා. නාලා ආයමත් ගෙදර එනකොට ඉතින් නාපු ගතිය ඔක්කොම යනවා.. හි.. හි... මගෙත් ඔහොම යනකොට දවසක රබර් මුලක ඇනිලා දකුණු කකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්ත ගැලවිලා ගියා. අම්මේ සනීපෙ! නියපොත්ත යන්තමට දැක්කා විතරයි. මගේ ඉතිහාස කතා දන්නා උදවිය දන්නවා මොකක්ද ඊට පස්සේ වෙන්ට ඇත්තේ කියල.!
ReplyDeleteඅනේ අප්පා... මට මගේ අත්තම්මම මතක් වෙනවා ඉවරයක් නැතුව. මේ මොඩ්ල් එකෙන්ම උනේ කොහොමද අප්පා! හැබැයි පස්සේ එයා ගොඩක් වෙනස් උනා.
ඔය ඇළ දොළවල් වල ඉන්න ගල්පාඬි කියන මාලු ජාතිය දැකල තියෙයිද? කලු හරස් ඉරි තියෙන එවුං. ආං ඒකල වතුරට බැස්ස එකාගෙ කකුල් කනව. තුවාලෙයක් එහෙම තිවුනොත් විනාසයි.
Deleteආයි ඉතිං බෑඟිරිගහල අඬන්නැති. “මගෙ කකුල වියරෝ... මාව උස්සං ගෙදර අරං පලෝ.... බෙහෙත් දාන්නනං එපෝ.... “ කියල.
පුදුමයි පරණ දර කෝටු නැවෙනව බොහොම අඩුයිනෙ.
ඔව් ඔව් උන්ට කියන නම දන්නේ/මතක නැති උනාට මම උන්ව දන්නවා. මම කිව්වා මේ ඇළ ටිකක් විතර ලොකුයි. බැහැලා නාන්න පුළුවන්. හිටපු ගමන් දිය නයි එහෙම මතුවෙනවා. සමහර වෙලාවට දියබරියටත් බය වෙලා මර ලතෝනි දීගෙන එලියට පනිනවා. තුවාල වලට නම් කොටනවා තමයි උන්. නිකනුත් මම හිතන්නේ කකුලට කොටනවා. මම හරි ආසයි ඒ වැඩේට. හික්..
Deleteඅඬන්න ඇති කියල නේද හිතුවේ? හික්... මොන? ඔහොම දෙයක් උනහම වෙන්නේ මගේ කතා සහ සද්ද ඔක්කොම වැහිලා ගොහින් එකපාරටම ඔලුව උඩින් රේසින් කාර් බාර් සියගානක් යන්න පටන් අරගන්නවා. ටික වෙලාවයි, මම හාන්සි! වටේ ඉන්න උන්ට සිද්ද වෙනවා මාව කරේ තියන් යන්න.
මෙන්න ඉතිහාසේ!
වෙලාවක් තිබ්බොත් කියවන්න. ආයේ ඒ තුවාලේ ගැන මතක් කරන පමාවයි, ආයෙත් 'ටින් ටොන් ' ගාල බිම.
අපේ අත්තම්ම එහෙම නැමුණේ අපේ අම්මිගේ තියෙන මෘදු ගතිය නිසා. අපිටත් දැන් හිතල බලනකොට පුදුමයි එයා කොහොමද අපේ අම්මි වෙනස් කලේ කියල. අත්තම්මගේ ප්‍රතිවිරුද්ධ ගතිගුණ එයාට තිබ්බේ. එයාට බලෙන් නෙවෙයි ඒ දේ සිද්ද උනේ, නොදැනෙන්න වගේ. ඒ නිසා වෙන්න ඇති වැඩේ හරි ගියේ.
“මෙන්න ඉතිහාසේ“ කියල තියෙන වචන දෙකට වෙනිං තැනක ලිංක් එකක් අමුනන්නෙ කොහොමද?
Deletehttps://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=how%20to%20put%20a%20link%20in%20html
Deletetry the first suggestion
ඔය කියන විදියට බොලාගෙ ආච්චම්මගෙ ගේ තියෙන්නෙ කැප්පෙටිමන්ඩිය හංදිය හරියෙ කියලයි මටනං හිතෙන්නෙ....මමත් දැං අවුරුදු හතරක් විතර තිස්සේ කලවානෙ පාට් ටයිම් පුරවැසියෙක් :-) තව ටිකක් සිංහරාජෙ පැත්තට වෙන්න..
ReplyDeleteමම මේ බ්ලොගය ඉතා ආසාවෙන් කියවනවා. ඒ භාෂා ෛශලීය පුරාම අපේ නිර්ව්‍යාජ ගැමිකම උතුරා යනවා. මමත් ගමේ ඇළ දොල සතා සීපාවා ගහකොල එක්ක ගත කරපු ළමා කාලයක් තිබුණා. ඇත්තටම ඉතාම රසවත් ලියවිල්ලක්. දිගටම ලියන්න. ඔබතුමාට දිරිය සවිය ලැබේවා!!!
ReplyDeleteපමා උනා උත්තරෙයක් දෙන්න. වාසනාවං අනේ තමුන්නැහැත් හරිහමං ලමා කාලෙයක් ගෙවල තියෙනව.
Deleteඋඩිං ඇනෝ මං.
ReplyDeleteනැතුව නැතුව. මගේ ළමා කාලය උපරිමයෙන් වින්දා. මමත් නිවාඩු කාලෙට ආච්චම්මගේ ගෙදර තමා යන්නේ. ආච්චම්මට හරක් පට්ටියක් හිටියා.එළදෙන්නුන්ගෙන් කිරි දොවනවා. කිරි මුදවනවා. ඒ උණු කරන කිරිවල යොදය එකතුකරලා එලඟිතෙල් හදන්න අපේ ආච්චම්මා රුසියා. කොහොම වුණත් අපි නාල එද්දි ඒ කිරියොදය පොඩි කරලා ලුණු ඇබිත්තක් දාලා මෝරු හදලා දෙනවා බොන්ට.හැබැයි මං ඒ නැවුම් කිරි යොදය හොරෙන් කන්න පුරුදු වුණ නිසා මෝරුත් නෑ එළඟිතෙලුත් නෑ.
rasai.....
ReplyDelete