සිංදුව නවත්තන්න කියල මට වම් පැත්තෙං තියෙන හාංසි පුටුවෙ
ඉඳං ඉන්න බාප්පගෙං වදින අප්පුඩිය වෙනුවට
දකුණු පැත්තෙ කනට වැදිච්ච හෙන ගෙඩිය මොකද්දැයි කියල බලන්නවත් සිහියක් එන්න
කලිං ‘ආර්ටිඇස්‘ එකේ දළු ලොරිය කන්ද අදින්නා වාගෙ ඇහිච්ච මහා ගෝරනාඩුව මගෙ අනික්
කනෙත් අගුලු දානව.
“පෙනේද මුගෙ වයසට කියන කතාද මේව. තාම දැලි
රැවුල ඇදිලත් නෑ. කියන්නෙ තිත්ත කුණුහරුප. ආයි හැදෙන්න දෙයක් නෑ. මූව හෙට උදේට
පොලිසියට අල්ලල දෙන්න ඕනි. “
මගෙ කනට දුන්න පාරට හේතුව විග්‍රහ කරමින් ගෙදර ඉන්න බාල
පුංචම්ම බැනවැදුනත් ඒකෙ අගක් මුලක් තේරුං ගන්න බැරුව මං වටේ බලනව. වටේම ඉන්න අයගෙ
ඇස් මයෙ දිහාට යොමුවෙලා තියෙනව. ඒ අයගෙ ඇස්වල කුප්පි ලාංපුවෙ දැල්ල පුංචියට
දිලිසෙනව. ඔය සද්දෙ ඇහිල ආච්චම්මත් කුප්පි ලාංපුවක් දික්කරං එතැන්ට එනව.
“මොකෝ මැණිකෙ උනේ. මූ සුදු මාත්තෙයට ගැහුවද?
ලාංපු කුප්පිය පෙල්ලුවද? “
මගෙං වෙන්න පුලුවං යැයි එවෙලෙට සිතෙන චෝදනා දෙකක්
ඉදිරිපත් කරමින් ආච්චම්ම අහනව. මං කරපු වැරැද්ද මොකද්ද කියල කියන්න කාගෙවත් කට
ඇරුන්නෑ. ඒ වුනාට බැනිල්ල නං අඩුඋනේ නෑ.
“අච්චර බොන්න යන මුගෙ තාත්තවත් ඔහොම එව්ව
කියන්නෑ“
“ඉස්කෝලෙ යනව කියල හොහෙ යනවද දංනෑ. මූ මේව
ඉගෙන ගන්නෙ කොහෙංද නැහ්නං“
“පොලිස්සියට අල්ල දුන්නනං මූව අරියි පරිවාසෙට
හැදිල එන්න“
පේන විදිහට මං කරල තියෙන වැරැද්ද ‘කසිප්පු පෙරිල්ල‘,
‘හොරෙං දලු කැඩිල්ල‘, ‘රණ්ඩු කර ගැනිල්ල‘ වගේ දේවල් වලටත් එහාගිය වරදක් වගේ.
“හරි හරි මැනිකෙ. දැං ඔය කතාව නවත්තමු. මට
පේන්නෙ සුරංග දැනගෙන කියපු එකක් නෙමෙයි ඒක.“
මං තක්කුමුක්කු වෙලා වටේ බලද්දිම මට වෙච්ච දේ මංවත්
නොදන්න බව බාප්පට වැටහෙන්න ඇති. අනික් අයටත් ඒ බව තේරිලද කොහෙද බැනිල්ල හිමීට
නැවතුනා. මං කියපු සිංදුව කැසප්පීස්සෙහෙක තිවුන එකක්. ඉතිං ඒක කිව්ව එක වැරැද්දක්
වෙන්නෙ කොහොමද? ඊළඟට සිංදුව කියන්න තිවුනෙ මට නොවෙයි වත්ද? මට ඒ ගැන කිසි
කල්පනාවක් ඔලුවට එන්නෑ. මං ඔය විදිහට හිතද්දි මං වටේ ඉන්න අයගෙං මා කෙරෙහි
අනුකම්පාවක් ඇතිවීගෙන එන බව මට දැනෙනව. ආං එතකොට මට මං ගැන දුක හිතෙනව. එතකොටම ‘මුහුහ්‘ ගාල එක පාරටම ඇඬුමක් පයිනව. මං එතනිං නැකිටල
ගිහිං සාලෙ වී ගෝනි ගොඩගහල තියෙන අතරෙ ඉඩක බිම ඉඳගෙන, දනිස්ස අස්සෙ ඔලුව ගහගෙන
අඩනව. වී ගෝනි ටික මාව වටකරගෙන හිංද මට එතන අමුතු ආරක්සාවක් දැනෙනව. ඒ අස්සෙං
විඩිං විඩේ එකිං එක්කෙනා ඇහිල්ල මට කතා කරනව.
“සු**යෝ, නැකිටාං. බොට ඔතන බුදියන්න බෑනෙ. ආං
අර පැදුට්ට ගිහිං බුදිය ගං“
ආච්චම්ම මගෙ මූනට කුප්පි ලාංපුව කිට්ටු කොල්ල අල්ලගෙන කියනව. මං අඬන සද්දෙ
පිටට ඇහෙංන ඩිංගක් වැඩි කරනව.
“බොට බැයිනං නිකා හිටහං. අනෙ අපිට මොටද“ ආච්චම්ම කුප්පියත් අරං යනව.
“හූ.. හූ.. සු*** අඬනවෝ“ අක්කයි අයියයි මාරුවෙං මාරුවට ඇහිල්ල මං මූන වහං ඉන්න එක
අතක් ඇදල දාල දුවනව. මං උංට පයිං ගහනව. ඔය කාටත් මාව වී ගෝනි ටික අස්සෙං එළියට ගංන
බැරි වෙනව.
අංතිමේදී බාප්ප පුටුවෙං නැකිටල මං ගාවට එනව.
ස්‍රංග... ඕක ගනං ගන්නෙපා.. ඇහුනද? ආ... මං
කියනදේ ආලා නැකිල්ලා ගිහිං අර පැදුරෙං නිදාගන්න. හෙට ඉඳං ලැහැත්ති වෙන්න අපිත්තෙක්ක ටිප්පෙක යන්න.
මට අනික් මොනවත් නොතේරුනත් බාප්ප කහපාටිං මතුකරල කියපු ටික මට
හොඳටම වැටහෙනව. ඒකෙං මගෙ මූන වහගෙන ඉන්න අත් දෙකම පහලට වැටෙනව. කට ඇරෙනව. ඇඬුම
වැහෙනව. බාප්ප නං දෙයියෙක්. ඇස් ඇරල බලනකොට මහා විසාල බඩ ගෙඩියක් තියෙන බාප්ප මං
ඉස්සරහ හිටගෙන හිනහවෙනව.
ඕං ඔය විදිහට මටත් ඔය ගමන යන්න අවස්තාව ලැබෙනව. ආච්චම්ම
මේ ගැ න එච්චර කැමැත්තක් නෑ. මොකද එයාට මේ ගමනට නාට්ටාමියෙක් ඕනි නෑනෙ. ඒ හිංද මට
ඕනි අඩුමකුඩුම එක්කොම මං හොයාගන්න ඕනි. හීතලට අහුවෙන්නැති හිංද ආයි ‘බූල් ඇඳුං‘
හොයන්න ඕනිත් නෑ. දවස් පහක් හිංද ඇඳුං විතරක් යහමිං ඕනි. ඒ හිංද මං අහල පහල ගෙවල්
ගානෙ අම්මව යවල ‘පස්සෙ ගෙනත් දෙන්නං‘ කියල ඇඳුං සූට් දෙකක් ගෙන්න ගන්නව. ඔය අතරට
මගෙ ඉස්කෝලෙ අඳින කලිසමි කමිස දෙකත් ගත්තහම ඇඳුං සූට් හතරක් හරි. ඒ ටික දවස් පහට
මාරුවෙං මාරුවට ඇංදැහැකි. ඔය අතරෙ මගෙ සිස්සත්තෙ සල්ලිත් ලැබෙනව. ඒක ගන්න අම්ම
ඉස්කෝලෙට යන්න ඕනි. අම්ම අස්සං කලැයිං පස්සෙ සල්ලි හම්බෙන්නෙ අම්මගෙ අතට. මං
ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපු ගමං අම්මගෙං ඒ සල්ලි ටික ඉල්ලනව. ඉස්කෝලෙං රුපියල් පංසිය
ගානක් දුන්න බව මට මතකයි. එයිං තුංසීසක් අම්මගාව තිවිල මට හම්බුවෙනව. අනික් ටික
ඉල්ලුවහම.
“ඒව ඉවරයි“
අම්ම කියනව. ඒ කියන්නෙ එයා ඒ ටික කොහෙ හරි කඩේකට ‘පූජ
කල්ල‘.
ඔය අතරෙ ආච්චම්මට තියෙනව ලොකු රාජකාරියක්. ඒ තමයි දර
පැලීම. අපි ගෙනාපුවයිං ලොකු කොට ටික හීං වෙන්න පලාගන්න ඕනි. ඒක ආච්චම්මගෙ
රාජකාරිය. අපෙ ආච්චම්ම හිතන හැටියට දර නැතුව ඔය ටිප්පෙක යන්න තියා හිතන්නවත්
නාකයි. දර කියන්නෙ ටිප්පෙකේ ප්‍රාණ වායුව හැටියට පෙන්නා දෙන්න උණ්දැ හැමවිඩේම
උත්සහ කරනව.
මහතට තියෙන ගහේ මුලම හරියෙ කොට ටික පළාගන්න ආච්චම්මට අපෙ
පියානංගෙ උදව් ඕනිවෙනව. එයා හවසට දෙකක් දාගන්න කලිං ‘සිහියෙං ඉන්න‘ වෙලාවක් බලල
ආච්චම්ම ඒ පිළිබඳව කියනව.
“සෝංපාල, අර මුල කුට්ටි දෙක තුන මට ඩිංගක් හීං
කොරල දෙන්නකො“
තමුංගෙ බෑනලට දුවේ, පුතේ කියල කතා කරන පුරුද්දක් අපේ
ආච්චම්මලට නෑ. ඒක හිංද සිය බෑනාවරුං වූ සියලුම ‘පාල‘ලාට නමිං තමයි ආතයි, ආච්චම්මයි
ඇමතුවේ. “ගුණපාල, ජෝකපාල, සෝමපාල“ ආදී
‘පාල‘වරුංගෙං කෙනෙක් බැඳගංන බැරිවුනේ බාල පුංචම්මට විතරයි.
“බැරියැ“
ආං එහෙමයි අපේ පියානෝ වැඩක් ‘හා‘ කියල බාරගන්නෙ. නොබී
ඉන්න වෙලාවට වැඩි කතාවක් නෑ. එහෙම බාරගත්ත වැඩේ පහුවදා ඉඳං එයා කරල දෙනව. පොරවෙං
පලන්න බැරි ලොකු කොටවලට මැදිං යකඩ උලක් තියල කුලු ගෙඩියෙං ගැහුවහම කොටේ දෙකට
පැලීගෙන යනව. ඒ විදිහට කොටේ යංතං හතරට පලාගන්නකොටම ආච්චම්ම කෑ ගහනව.
“හා. ඔයෑති ඔයෑති. මං ඉතුරු ටික පලාගංනං. ඔය
හැටි හීං කරන්නෝන්නෑ“
ආච්චම්ම කැමති නෑ දර පැලීමේ තියෙන අයිතිවාසිකමෙං
ටිකක්වත් තමුංගෙං අහක යනවට. සම්පූරණෙංම දර කොටේ පලල දුන්නොත් ‘ඒක සෝංපාල පලපු
කොටේ‘ බවට පත්වෙනව. එතකොට ආච්චම්මට “මේ දර සේරම මං
සංපූරණෙං පළාදුන්නෙ“ කියල කියන්න බැරි වෙනවනෙ. ඔය විදිහට ආච්චම්ම කරදර
කරනකොට ඒ වගේ දෙකට පලාපු එක දර පලුවක් ආච්චම්මට හම්බුවෙනව. එයා ඒක අරං එක පැත්තක්
කොටෙයක් උඩ තියල අනික් පැත්ත බිමට හිටින්න තියල කොටේ උඩිං තියපු කොනට දෑත බදල
පාරක් දෙනව පොරවෙං. ඒ පාර කොටේ කාගෙන ගිහිං
හිරවෙනව. ආච්චම්ම පොරවෙ මිටෙං අදිනව. දෙපැත්තට හොලවන්න බලනව. කොටේ පාගගෙන
පොරව ගලවගන්න බලනව. පොරව නෙමෙයි හෙල්ලෙන්නෙවත්. උංදැ වටපිට බලනව. කියංදෝ නොකියංදෝ
කියල හිතල අංතිමට කට අරිනව.
“සෝංපාල, මේ පොරොව හිරඋනානෙ. මේ කම්මලෙ බාස
මේක පනපෝල නැද්ද කොහෙද හරියට නැත්තං මේක මෙයාකාර හිරවේයැ“
මීට මාස ගානකට කලිං පොරව පනපෝල දීපු කම්මලේ බාසුන්නැහැගෙ
පිට වැරැද්ද තියල ආච්චම්ම තමුංගෙ මෝඩ වැඩේ වහගන්නව. කීප විටක් ඔය විදිහට කියවන්න
ඇරල පොරව ගලෝල දෙන්න අපේ පියානං කටයුතු කරනව.
“ඕක තමා මං කිව්වෙ. ඔය පොරෝකෙටි ඔලිං මේක
පලන්න බෑ“
ඔය ආදීකොට ඇති අලකලංචි රැසක් මැදිං දර පැලීම කෙරීගෙන
යනව. අවසානයේ දවස් තුනක් විතර ගිහිං ආච්චම්ම දර පැලීම කරල ඉවර කරනව. ඉං පස්සෙ ඒව
වේලන්න ඕනි. උදෙංම පලාපු දරටික මිදුලෙ පේලියට අහුරල අව්වෙං තියල හැන්දෑවට බිත්තිය
අයිනෙං අඩුක්කරන එක ආච්චම්මගෙ චාරිත්‍රයක් බවට පත්වෙනව. ඒ අතරෙ වටේ පිටේ කවුරුහරි
හිටියොත් කලිං ගමං වලදි වැඳගත්ත ‘සිද්දස්තාන‘ සහ එව්වයෙ පිං කැට වලට දාපු ගනං සහ
‘පිං පත්තර‘ වලට දීපු ගනං එහෙම උජාරුවෙං කියනව. අංතිමට එක් එක් සිද්දස්තානෙට දීපු
ගනං හිලව් එක්කහු කරල මේං මෙහෙම කියනව.
“ගිය වලියෙ මං ඔය කවටයමුනෙ විහාරෙ පිංකැටේට
දැංම සුපියල් අටක් - දෙකේ කට්ට තුනයි සුපියලේ එව්ව දෙකයි, එතකොට පිං පත්තරේට සුපියල් විස්සක්. බලහං එතකොට සුපියල්
විසියටක් නේද? ඔය විදිහට හැම තැනටම මං දීල තියෙනව. ආයි උඹලෑ ආත වගේ (මෙතන ආත
කියන්නෙ ආච්චම්මගෙ හස්බන්ඩ්) සිල් රෙද්ද *කේ ඔතාගෙන හතර පෝයටම රිංගන්න නොගියට මං ඒ
අතිං යන තැනට වැඩ කොරගෙන තියෙන්නෙ. ම්චප්“
මෙහිදී ආච්චම්ම තලු මරල රෙද්ද ආයි පාරක් ලිහල අඳිනව.
ආයිත් කරමින් හිටපු වැඩේම යෙදෙමින් කතාව පටං ගන්නව.
“උඹලෑ ආත දුන්නට මං ඔය මෙහෙ පංසලේ ඉන්න
ගනෙයටනං සත පහක් දෙන්නෑ. උන්නාංසෙ දන්නෑ ආදාරෙයක් ගන්න. පෝය දාසටවත් පීකරෙයක්
බැඳල, පිං පත්තරෙයක් අච්චු ගහල ගෙනත් තියල පිලිවෙලකට යමක් කරන්න එපායැ. උංනාංසෙ
දන්නෑ එහෙම වැඩක්වක් කරන්න“
ආච්චම්ම කියන විදිහට පිනක් සම්පූර්ණ වෙන්නනං ආදාරෙයක්
දුන්න කියල ගානත් එක්ක තමුංගෙ නම සද්දෙට කියවන්න ඕනි පීකරෙං. උංදැ හිතන්නෙ එතකොට
දිවිය ලෝකෙට ඇහිල පිං පොතේ නමයි ගානයි ලියාගන්නව කියල වෙන්නැති. ඊට අමතරව ආදාරෙයක්
දුන්න බව පස්සෙං පහු හරි ඔප්පු කරන්න ඕනි උනොත් කියල පිං පත්තරේකුත් ගන්න ඕනි. නැත්තං එවෙලෙ ලියාගන්න අමතක වෙලා බැරිවෙලාවත් මලායිං පස්සෙ දිවියලෝකෙට වැද්ද නොගත්තොත් ඉදිරිපත් කරන්න හරි අර
පිංපත්තර ටික තියෙන්න එපායැ. එව්ව තියෙන්නෙ ආච්චම්මගෙ අල්මාරියෙ.
ඔය අතරෙ ගේ ඉස්සරහ හංදියෙ සෙනග ටිකක් යහමිං හිටියොත් ප්‍රේක්ෂක
ප්‍රතිචාර ලබාගැනීමේ අරමුනිං මහන්සි නොබලා දර ටිකක් ගෙනැත් පාර අයිනෙ තියෙන
පුංචම්මගෙ කඩේ මිදුලෙත් අඩුක් කරනව. එතකොට කවුරුහරි අවාසනාවංතයෙක්
“මොකටෙයි නැංදම්මෙ මෙයාකාර දර?“
කියල අහනව. අහපු සැනිං ඉතාමත් තෘප්තියට පත්වෙන ආච්චම්ම
අතේ තියෙන දර ටිකත් බිමට අතෑරල රෙද්දත් ආයි පාරක් ලිහල ඇඳල “ම්චප්“ කියල තලුමරල, වංදනා ගමනෙ වංහුං කියන්න පටං
ගන්නව. ගමන ලැහැත්ති කොරන්නෙ ‘ජෝකපාල‘ බවත්, ඩිපෝකෙ අසුවල් අසුවල් මහත්තුරු ගමන යන
බවත්, ඒ ගමනට ‘මෙහෙං යන්නෙ මං‘ විතර බවත්, තවත් ගමේ කීප දෙනෙක්ම එන්න අහල ‘පොරකෑ‘
බවත් (මේකනං පට්ට බේගලයකි), ඒ උනාට ඒක එහෙම එක එකාලව එක්ක යන ගමනක් නොවන බවත්, ජෝකපාලට ‘පව්‘ කියල
හිතිච්ච හිංද ‘චූටි මහත්තෙයව‘ බලාගන්නත් එක්කල ‘මූවත්‘ එක්ක යන බවත්, ‘මූ‘ පහුගියදාක
රෑ කුණුහරපෙයක් කියල මැණිකෙගෙං ‘කට සැල්වෙන්න‘ ගුටිකෑ බවත් කියනව.
ඔය වගපල විස්තරේ අහගෙන ඉන්න බැරිම තැන අදාල අසන්නා,
“හරක් බඳින්න යන්න තියෙන“ බව, “දං සීට්ටුව ඉල්ලං එන්න යමිං ගමං“ බව, “බෙහෙත් බඩුවක්
හොයන්න යන්න තියෙන“ බව හෝ වෙනිං මොකක් හරි ‘තියෙන බව‘ කියල “ගිහිං එන්න“ හදනකොටම
“ආ.. උඹ ඇහුවට මට ඒක කියන්න බැරි උනානෙ. උඹ
ඇහුවෙ මේ දර මක්කරන්නද කියලනෙ“
කියල ආයිත් කතාවට බහින ආච්චම්ම, මේ දර ගහ ‘සංපූරනෙංම
පැලුවෙ‘ තමුං බවත්, හරියටම දවස් තුනකුත් ටිකක් මේ වැඩේට ගතවුන බවත්, ඒකට තමංගෙ
‘හොඳ පන‘ ගියබවත්, වෙනිං එකෙක්වත් ‘මෙහෙම කියල ඩිංගක් (මෙතනදි ආච්චම්මා සිය අතේ ඇඟිල්ලක අග පුරුකෙං අංතිම ප්‍රමාණය දක්වයි)‘ උදව්වක් නොකල බවත්, කියනව.
උන්දැ කියන විදිහට එතකොට බාප්පත්, අපේ පියානනුත්, මමත් දර කෑල්ලක් අල්ලලාවත් නැත.
ඉතිං අසන්නත් ආයිත් විඩෙයක් “ගිහිං එන්න“ හදද්දි,
“කෝ ඉතිං තාම මට උඹ අහපු එකට උත්තරේ දීගන්න
බැරි උනානෙ. මේ වැල්වටාරං හිංද“
කියල, මේ දර තියෙන්නෙ ඉහතිං විස්තර කළ ‘වංදනාවෙ‘ යන දවස්
ටිකට උයාගෙන කන්න බවත්, මෙම ගමනේ මූලිකම අවශ්‍යතාව වන දර සපයන්නෙ තමුං බවත්, ඒ
ටිප්පෙකට දර සපයන්නෙ තමුං වීම නිසා “ජෝකපාලට“ ඩිපෝකෙ සෑහෙන්ට සැලකිලි තියෙන බවත්,
තමුං සපයන දර ටික නැත්තං ‘වන්දනා ගමං‘ ගිහිං හමාර බවත්, යන්න හැරෙන අසන්නාගෙ
පස්සෙං එලවං ගිහිං කියනව.
ආච්චම්ම කියන විදිහට උන්දැගෙ දර නැත්තං මිනිස්සු වංදනා
ගමං යන්න විදිහක් නැතිව හාමතේ මහ මග හාමතේ මියැදෙනු ඇත.
ඔය විදිහට පනවගේ රැකගෙන තියෙන දර ගොඩෙං දිනපතා දර කෑලි
දෙක තුන බැගිං අඩුවී සතියක් පමණ යත්දී ඇස ගැටෙනා පමන වෙනසක් ඇතිවන බැවිං ආච්චම්ම
“දර කෑලි ටික හොරකං කොරන එකා“ හොයන්නත් කටයුතු කරනව. ඒ වෙන කවුරුවක් නොව ගෙදර
ඉන්නා සිය ‘බාල දෝනියැංදා‘ දර කෑල්ලක් හොයාගන්න තියෙන කම්මැලි කමට කරන වැඩක් බව
ලිපේ පත්තුවෙලා ඉතුරු වෙච්ච දර කෑල්ලකිං ආච්චම්ම හොයා ගන්නව.
සතියකටත් දවස් දෙක තුනක් වැඩියෙං කල් අව්වෙ වේලිලා,
කරකුට්ටං වෙලා, ආච්චම්ම අතින් වර්ණනාවට ලක්වෙලා පදං වෙන දර ටික ‘වංදනා ගමනට‘ දවස්
දෙකකට විතර කලිං, දලු ගෝනි වලිං ගලෝගත්ත කොහු ලනුවලිං අපේ පියානං අතින් මිටි බැඳිල
‘දර මිටි‘ බවට පත්වෙනව. ඒ දරමිටි වංදනාවෙ යන බස්සෙකට නගින්න බලාපොරොත්තුවෙං
පුංචම්මගෙ කඩේ අගුවෙ කොනක තැංපත්වෙලා ඉටිරෙද්දකිං මුවා වෙලා බලං ඉන්නව.
උබ බොනව කියල බැන්නට උබලගෙ තාත්ත හොදයිනෙ බං නැන්දම්මට උදවුත් කරන්නෙ
ReplyDeleteඔව්. එහෙම උදව් කරනව. ගමේ මිනිස්සුන්ට හරියට උදව් කරලත් ඇති.
Deleteඅම්මප උඹලෑ ආච්චම්මගෙ වචන සෙට් එක තමයි මරු. මේ පාර වචන වල තේරුම් දාපු නැති එක හොඳයි. මේ විදිහ තමයි හොඳ.
ReplyDeleteඑහෙනං මං වැරැද්ද හරියටම හදාගෙන නේ...?
Deleteමුලදි තිබ්බ ගතිය නෑ.
ReplyDeleteඅඩු මොන ගතියදැයි කීවානං වටී
Deleteවෙන ඇනොවෙක්...
Deleteදැන් නිකං හිත හිත ලියනවා වගේ... එක දිගට ගලාගෙන යන ගතිය අඩුයි. ඒත් අවුලක් නෑ...
ඒකට හේතුව මේකයි. මට එක දිගට ලියාගෙන යන්න තරං වෙලාවක් නෑ. ඔපිසියෙදි ලිව්වොත් වචන දහයෙං, දහයට නැකිටල යන්න වෙනව. ඇයි ඉතිං අපේ ලොකු මැඩංට නිතරම අරව මේව ගැන විස්තර අහන්න වෙනවනෙ මයෙං.
Deleteගෙදෙද්දි ලියන්න වෙන්නෙ ‘චූටි මැනිකෙ‘ ටෙලිනාට්ටි බලන හරඹෙ කරන වෙලාවට විතරයි. අනික් වෙලාවට වියරෙයක් නෑ.
ඒ හිංද මට එක දිගටම ලියං යන්න වියරෙයක් නෑ. ඒකයි ලිවිල්ල සවුත්තු.
ඇත්තෙන්ම අර ගිය පාර පෝස්ට් එකට උඹේ ප්‍රේක්ෂකයෙක් කිව්වට පස්සේ මටත් මේ කතාවල උපහාසය යටින් දිවෙන ඛේදවාචකයක් පේනවා. ළමා අපචාරය එයින් ප්‍රධානම එකක්.
ReplyDeleteනමුත් එහෙමයි කියලා උඹේ කතාවේ රසය අහිමි කරගන්න මම කැමති නෑ.
වෙච්චි දේවල් වලිං කාටහරි පාඩමක් කියාදෙනව ඇරෙන්න එව්ව පෙන්නල කාවවත් අැඬවීමෙං ඇති එලක් නෑ..
Deleteකතාව රස විඳල “මරු පෝස්ට් එකක් තියෙනව බං“ කියල තවත් කාල හරි පෙන්නන එක විතරයි මට ඕනි. ඉස්කෝතුයි.
ඕක ඩූඩ් අපිට අද ළමා අපචාරය කියල කිව්වට ඉතිං ඉස්සර එහෙම නෑනෙ.... ගෙදර පිරිමි ළමයි ගෙදර වැඩට උදව් කරන්නම ඕනෙ.. ගෑණු ළමයි උයන පිහන ළමයි බලන වැඩ ටික කරන්නම ඕනෙ.... ඒවා නොකළොත් අහ ගත්තෑකි හොඳවැයින් කතා ටිකක්...
Delete( හම්මෝ.... ඒ කාලෙ ඉවර වෙච්ච එක නං ලොකු දෙයක් කියල හිත හදා ගන්නව මිසක් වෙන මොනා කිව්වත් වැඩක් නෑ... ... )
ඒ උනාට කවුසි, ඔය විදිහෙං තෙම්පරාදු උනේ නැහ්නං අපිට මේ වගේ අතන මෙතන කියෑවිදින්ට කයි කතංදර කොයි.
Deleteඕක තේරෙන්නෙ දැං අවුරුදු අටේ නමේ වයසෙ එවුං ලොකුවෙච්ච දාක බ්ලෝක් ලියද්දි තමයි.
දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ .......
ReplyDeleteඅඩේ ඒ සිංදුවෙ මුල මතක නෑනෙ.
Deleteපෙරුම් පුරාගෙන ආ සංසාරේ
Deleteපැතුමද සුනුවිසුනුව වැටුනේ..
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ
පෙරුම් පුරා ගෙන ආ සංසාරේ
Deleteපැතුමද සුනුවිසුණුව වැටුනේ
කාටද රිදුනේ,කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ.
අඩේ මෙයා දාලා මම දැක්කේ නැහැනේ.
Deleteමේ අහස පොලව උහුලන්නේ නැති කතාවක් කියල තියෙන්නේ ඇයි අප්පා ( ඇයි ජෝකේ...... ඔහොම කියන්නේ! ඉහි ඉහි)
Deleteමම දාපු අඩයක් තියෙනවද?
මේක මේ කෝච්චියක් මග හිටපු එකක් ගැන තියාපු ඉංකවරි එකක් ගැන සිංදුවක්නෙ.
DeleteOya thiyenne malli wesak ekata thoran wage. Elaz..
ReplyDeleteවිරිඳුවක් කාරිය එහෙමත් දාන්නද?
Deleteහැක් බොලාගෙ ආච්චිගෙ වර්ණනාව හිතාගත්තැකි බොලා මේ දර ටික පලල ඉවර කරන්න දවස් කීයක් ගියාද කියන එකෙන්ම.
ReplyDeleteආච්චි කියන කතාව ඇත්ත. පිං පත්තරයක් නැත්තං පිනක් කළාය කියල කිසිම හැඟීමක් ඇඟට එන්නෙ නෑනෙ.
අර පිංතූරෙ ආච්චි දර පලනකොට ඇස් වහං ඉන්නෙ සෝංපාල ද?
Deleteආච්චම්මගෙ පිං පත්තර ටික 2002 ගංවතුරට ගහගෙන ගියා..... හෙහ් හෙහ්..
Deleteඑහෙනම් ගසාගෙන ගිහිල්ල මුහුදට ගියාම මුහුදේ ඉන්නේ දේවතාවෝ මතක් කරලා දිව්‍ය ලෝකේ ගේට් එකට දෙන්න ඇති.
Deleteමොකද හිකි හිකි ගගා හිනාවෙන්නේ ඒ උන්දැට? ( ඉහි ඉහි...... )
මුහුදට ගියෙ නැතෝ. ඒටික තිවුනෙ රත්තෙ බාප්පලගෙ මිදුලෙ මල් වැලේ පැටලිල. ඒක ගන්න විදිහක් උන්නෑ. ආච්චම්ම උං එක්ක තරහයි. ඒටික දිරල ගියා එතනම.
Deleteබහුතරයක් තැන් වල තාත්තගෙ පැත්තේ set 1 තමයි අවුල. මේ කතාවේ එකේ අනිත් පැත්ත. දැන් ඔය සුදු මහත්තයා මොකද බන් කරන්නේ? එක එකාට වෙනස් විදියට සලකන 1 සමහර මිනිස්සුන්ගේ තියන ජරා ගතියක්.
ReplyDeleteතාත්තගෙ පැත්තෙ එවුං අපිටත් අන්ත දුක්පත් එවුං.
Deleteඅයියද?... ආ මිනිහ දැං ගේ ගාව හංදියේ ටීවිල්ලෙකක් එලෝනොව.
හ්‍ර්හුත්හුකා
Deleteඅටමො බොලා දැන් වෙන භාෂාවක්ද කතා කරන්නෙ.
Deleteමැෂින් භාෂාව නේ? සරලයි සුගමයි ...හා තවත් අය
Deleteකීබෝට්ටෙකේ දෙකතුන එකට එබිල
Deleteනැ බං පොං එකෙන් කමෙන්ට් කෙටිල්ල මට හරි යන්නේ නැ , බොලා හැම එකාවම වගේ කියවල නිකං යනව , ඒත මෙහෙම තැනක් දැක්කහම නොකොටා බැ , ඔන්න දවස් ගානකට පස්සේ අද තමා කොම්පීතරෙන් ඉද ගත්තේ , කෝ දැං ඒකට වෙලාවක්
Deleteමරු...උඹේ ජීවිතේ ගැන දුකයි. ඒත් මම ඒ දුක සමාපත්තිසුවයට සමවැදිල යටපත් කරල උඹේ රචනාවෙ අපූර්ව රසය විඳිනව.
ReplyDelete/ “ආ.. උඹ ඇහුවට මට ඒක කියන්න බැරි උනානෙ. උඹ ඇහුවෙ මේ දර මක්කරන්නද කියලනෙ“ /
/ “කෝ ඉතිං තාම මට උඹ අහපු එකට උත්තරේ දීගන්න බැරි උනානෙ. මේ වැල්වටාරං හිංද“ /
මම බොහොම මනාපයි බොලයි ආච්චම්මට. පඳුරු තැලිල්ල මයෙත් ඉතිං ප්‍රියතම විනෝදාංශයක් නෙව. අඩේ බොලේ....ආච්චම්ම අපිට නෑයො වෙනවවත්ද මංද...හෙහ්, හෙහ්,
පළමුකොටම සමාපත්ති සුවයට වදින හැටි මටක්කියාදෙන්න.
Deleteපඳුරු තැලිල්ල කියල කියන එකට තව තේරුමක් තියෙනව. දන්නවද? දන්නෑනෙ,
එහෙනං පොඩි මග පෙන්නීමක් දෙන්නං. අපෙ ගං මංඩියෙ අනාචාරෙ යන කාන්තාවන්ට බයිනව මේං මෙහෙම
“පඳුරු තලා ඇවිදින පට්ට ****“
තමුන්නැහැ එහෙම එයාකාරෙට පඳුරු තලා ඇවිදින්නෙපා.
/ පළමුකොටම සමාපත්ති සුවයට වදින හැටි මටක්කියාදෙන්න. /
Deleteසමාපත්ති සුවයට වදින්ට බෑ බං සමවදින්ටයි ඕන..සමවදින්ට..සමවදින්ට..
එහෙම සමවදින්ට පොඩ්ඩක් ඔය ***** කාරිය ඩම් දෙකක්කිතර අදින්ටවෙනව….:)
/ පඳුරු තැලිල්ල කියල කියන එකට තව තේරුමක් තියෙනව. දන්නවද? දන්නෑනෙ, /
දන්නව..දන්නව...පට්ට පඳුරි..පඳුරු වේ*….. අන්න එහෙමයි අපි කියන්නෙ ..හෙහ්,හෙහ්,
/ තමුන්නැහැ එහෙම එයාකාරෙට පඳුරු තලා ඇවිදින්නෙපා. /
මම නං එහෙම ඇවිදින්නෙ නැතුවා. ඒත් එහෙම කලා කියල උනත් බං පිරිමියට ඒකෙ අවනම්බුවක් නෑ..හෙහ්,හෙහ්, ගෑණිට තමයි නරක නාමෙයි..නම් පටබැඳිලියි ඔක්කොම..දැං බලාපං පඳුරියො මිසක පඳුරො කියල ජාතියක් ඉන්නවද? නෑනේ...ඒ කාලෙ බෝදිපූජා එහෙම තියල බබලත්තු මතු ලබනාත්මබාවයක් පාසා පිරිමි ජම්මයක් ලබාගන්ට හේතු වාසනා වේවා කියල පාත්තනා කොලේ ඒක නෙව...:)
මරු ශ්‍රංග...
ReplyDeleteකතාව ආපහු පරණ ට්‍රැක් එකට වැටිලා.
උඹ බට්ට වනල ගුටි කෑවට පාඩුවක් උනේ නැහැ නේද, බට්ට වැනුවේ නැත්තන් ටිප යන්න වෙන්නේ නැහැනේ...
ආච්චම්මගේ "ම්චප්" සද්දෙනම් පට්ටයි...
අවුලක් නෑනෙව.
Deleteආච්චම්මගෙ තලුමැරිල්ල වගේ තවත් සමහර සද්ද තියෙනව මට හොඳටම මතක ඇති එව්ව
It is so sad in a way. but the way you have written this story awesome. I still can't believe such people exist in SL...
ReplyDeleteසච් පීපොල් ආ එක්සිස්ට් ඉං අවර විලේජ්. එක්කො ඕන්නෑ සිංහලෙංම කියඤ්ඤං. ඔයවගේ විවිධාකාරයෙ අය අපේ රටේ හැම තැනම වගේ ඉන්නව. එකම දේ ඒ අය ගැන ලෝකෙට කියවෙනව අඩුයි.
Deleteමොකද අප්පා බාප්පා ඇර අනිත් හැමෝම ඔයත් එක්ක ගේමෙන් ඉන්නවා වගේනේ පේන්නේ.....මට නම් කිසිම හාස්‍යක් දැනුන්නෑ....හැම වෙලේම තැලෙන කොළුවා හැන දුක හිතුනා විතරයි
ReplyDeleteආං බලන්ට ඔබතුමීගෙ සංවේදීකම විසේසෙං අගේ කරන්ට ඕනැ. ඔබතුමී අතිංනං මේ සම්මජ්ජාතියෙ ලමෙක්ට කෙනෙහිල්ලක් වෙනේකක් නෑ. මිං පස්සෙ ලියනකොට එහෙම දුක හිතෙනු ඇතැයි හිතෙන තැං මකල ලියන්නං.
Deleteබාප්ප ඉතිං යම්තාක් දුරට ඉගෙනගත් රටේ ලෝකෙ දැකපු මිනිහ හිංද එයාට අපව තලන්න ඌමනාවක් නෑ.
සමහරෙකුට පුදුම දේවල් උනාට, මේතම්යි නියම සිරි ලංකාව. උඹෙ කතාව ඇතුලේ, අපේ සංස්කෘතිය, ඇවතුම් පැවතුම් සියල්ල හාස්‍යයට ලක් වෙනවා. ඇයි අපි හිනා වෙන්නේ. උඹේ ආච්චි අම්මා, උඹ මෙච්චර අපිට සමීප වෙන්නේ? හේතුව තමයි අපි තුලත් තාමත් මේ ආච්චි අම්මා ඉන්නවා. අපේ ඇතුලේ ඉන්න ආච්චි අම්මා මතු වෙන්න නොදී, අපි ආයසයෙන් වෙනත් චරිතයක් රඟ පානවා. ඊට වඩා උඹේ අච්චම්මා අවංකයි බං.
ReplyDeleteමාතලං අයියට අමතක වෙලාද මන්දා, කමෙන්ට් එක අගිස්සට මරා හොරා, මිණී මරුවා කියල දාන්න. ලින්ක් එක සිරිකොතට 1600/= සාක්කුවට
Deleteඒ අවංක කම කියල පේන්නෙ තමං හරිය කියල හිතාගෙන ඉන්න උද්දච්ච කමයි කියල හිතෙන්නැද්ද? ඒ මිනිස්සුන්ට හරි හමං උපදේසයක් දෙන්න කෙනෙක් හිටපු නැති නිසා නොවෙද මේ ආකාරෙට අද උපහාසෙට ලක්වෙන්නෙ?
Deleteතෝ උපදෙස් දෙන්න ගිහින් නේ ඉල්ලගෙන කාලා තියෙන්නේ.. උඹ හිතන්නේ අද සමාජය ඔයිට වෙනස්ය කියලද...?
Deleteශ්‍රංග උඹේ ආච්චම්මගෙ හෙයාර් ඉස්ටයිල් එක නං පට්ට ඈ...පිගර් එක එහෙම ඉටිකිරිස් එකට මේං ටේං කොරං ඉන්නව... වයසට ගියත් පුල් මොඩිපයි එකේ ඉන්නෙ ගිනි කිකිලි වගේ නේහ්.....අර ඈතිං ඇස් වහං ඉන්නෙ උඹ මයි හිතේ.. ඒ ඇයි බං අස් වහං ඉන්නෙ.....? ආච්චම්මගෙ ක්‍රිඩාසීලීත්වයට ගිනි කන වැටිලය...?
ReplyDeleteවිස්සාසෙට ගන්න ඔය උංදැ ගමනක් යද්දි පවුඩර් නානව ලිබ්බොක්කෙ ලැගල උන්න වගේ. ඔසරිය ඇඳල ලේංසුව තුංහුලැස්වට නමල ඉනේ ගහගෙන මල් කුඩෙත් ඉහිලගෙන තමයි උංදැ ගමනක් යන්නෙ.
Deleteඔය බොලාගේ අයියයි අක්කයි මොකෑ දැන් කොරන්නේ ?
ReplyDeleteඅයියා :-
Deleteබාප්ප පැංසං යනකොට හම්බු වෙච්චි පන්ටෙකෙං කොටහක් දාල ටීවිල්ලෙකක් අරං ගේ ගාව හංදියෙ හයර් දුවන්නේය.
අක්කා:-
කැංපස් ගිහිල්ල ඉස්පැසල් උපාදියක් කල්ල ඇහිල්ල, කසාදත් බැඳල, ලමෙකුත් හම්බුවෙලා ලමෙයටත් අවුරුදු හතරක් ඉතර උනාට පස්සෙ ‘අබ්යාසලාබී පත්තීමක්‘ හම්බුවෙලා දැං ප්‍රාදේසීය ලේකං කාරියාලෙ වැඩ.
රසවින්දෙමි
ReplyDeleteඒත් දැන් නම් වැඩියෙන් අර කොලුවා ගැන දුක හිතෙන එක තමා වැඩියෙන්ම
ඒක නේන්නං. මට දැං හිතෙනව මොන කෙහෙම්මලකට මං මෙව්ව ලියල මිනිස්සුංගෙ ඔලුවලට දුක්ක දෝමනස්ස පුරෝනවද කියල
Deleteශ්‍රංග පිස්සු කෙලින්න නම් ලෑස්තිවෙන්න එපා 😊😊😊
Deleteහෙක මතේ ස්මරණ කියල කතාව ලියන්න ගත්ත එපා වුණා.
ReplyDeleteහික්ස් අපෙ ආච්චම්මල දෙන්න නං මට පණ ඇරල බං. උන්දැලව මතක් වුණා ම්චප් එක හන්ද
පණ තියල ලියල තියේ බං
පොතක් ගහමුකො යකෝ
කොයිං අප්පා අපට ඔව්වට සල්ලි
DeleteShrunga
ReplyDeletePlease publish these one day.This would be like "Mage Hapankam" by Gufur Gulom
දිස් ඕල් සෝ් එ කයින්ඩොප් පබ්ලිස්. දිස් ඊස් ප්රී පබ්ලිකේසන්. එනි වන් කැන් ටේක් දිස් විතවුට් පේයිං.
Deleteමට තමක් වෙන්නෙම හපනා එකේ අමාරිස්... තව එකක් තියෙනව මල්ලිගෙ විත්ති කියල... තව එකක් තියෙනව පස්වෙනියත් පුතෙක් තියල... හොයාගෙන කියෙව්වනං... අනේ උනුත් මේකා වගේම තමා... වෙලාවකට පවු කියල හිතෙනව.. වෙලාවකට හිනා යනව...
ReplyDeleteහපන විතරයි කියෝල තියෙන්නෙ. ඒකෙත් අග කොල ටික නැතුව
Deleteඅනිත් කොටසත් ඉක්මනට දාපන් කොලුවො.මටත් මාර ආසාවක් තියෙන්නෙ උඹලගෙ ආච්චි අම්මත් එක්ක ටිප් එකක් යන්න. බැරිද සෙට්කරල දෙන්න.
ReplyDeleteඅනෙ උංදැට දැං වයසයි.
Deleteඔහොම තමයි අද කාලේ ළමයින්ට ඔහොම සලකනවා කියන එක අරුමයක් වුනට ඒ කාලේ එහෙම නැහැ.උඹලා ආචම්මා දැන් තරුවක් වෙලා බ්ලොග් ලෝකේ.
ReplyDeleteඒක තමා . උංදැ තරුව, මං වල්ගා තරුව
Deleteමම මෙතනට ගෙනල්ල දානවා මගේ ඇඩ් එකක්.
ReplyDeleteසුරංග වෙනුවෙන්.
මෙන්න මේ කතාව පොඩ්ඩක් කියවහන්.... කියෝලා කොමෙන්ටුවක් නොදැම්මට කමක් නැහැ. කැමති දෙයක් ලියන්න පුළුවන්.
කියන්න තියෙන දේ ලිව්ව කොටිංම.
Deleteප්‍රශ්න කීපයකි.
ReplyDeleteගැහුවේ පුංචි අම්මාද? එයා දැන් මොකද කරන්නේ ? ළමයි එහෙම නැතුව ඇති කියල හිතනවා
ඔච්චර හුරතල් කරපු අයිය දැන් ත්‍රිවිල් එක එළවන් යද්දී උඹව මුණට දකින සින් එකක් බලන්න කුඩුකේඩු කැමැත්තක් තියෙනවා... ආච්චිට තාම ඌ හුදු මහත්තයමද?
උඹ මොන මගුල කිව්වත්, ඔය කියන නෑ සෙට් එකත් එක්ක ඔලුව ගහගෙන හිටියට උඹේ තාත්තට මල් තියල වදින්න වටිනවා..
ඒ දවස්වල අවිවාහකව උන්නු බාල පුංචම්ම තමා නෙලුවෙ.
Deleteඋංදැට දැං ලමයි දෙකයි. දෙකම කෙල්ලො. ලොකු නංගිට දැං දාසෙයටත් වැඩියි.
ආ... ඌනං ඔය අගේට ඉන්නෙ. මාත් දවසක් උගෙ ටීවිල්ලෙක පැද්ද. ආච්චම්මටනං ඌව තාම අගෙයි. මායි ඌයි අතර අවුලක් නෑ. මට එහෙම වෛර හිතේ තියං ඉන්න ඌමනාවක් නෑ. මොකද මං දන්නව මං ඉන්නෙ උට උඩිං කියල. උටත් ඒවයෙ වගක් නැතුව ඇති.
එතන තිවුනෙ වෙනම දෙයක්. අපෙ පියානං සහ ඔය නෑ සෙට්ටෙක අතර මගේ සම්බන්දයෙං මත ගැටුමක් නෑ, දෙගොල්ලම පොදුවෙ මට සැලකුවෙ එකම විදිහට. ඒ දෙගොල්ල අතර වලියක් නෑ.
මං නොවැරදීම යාං හෑල්ල කියවනවා. මටත් ඔය වගේ කටේ බ්රේක් නැති අාච්චම්මලා හමුවෙලා තියෙනවා. ඒක අපේ සිංහල අනන්‍යතාවය. හාස්‍යයට කරුණක් නෙවි. දිගටම ලියන්න. සුභ පැතුම්..!!!
ReplyDeleteකටේ බ්රේක් නැති? ආං ඔන්න තවේකක්. අපේ ආච්චම්මගෙ කට හිංද තව හරි හරි විපත්ති වුනා නේන්නං
Deleteඅනේ විඩෙන් විඩේ එව්වත් ලියලා දාන්ට. මෙව්වා හරි රහයි අප්පා.මේ දවස්වල ටැලිවිසොන් බැලිල්ලත් එපා වෙලා. පත්තර කෙරුවාවත් එහෙම්මයි. ඔළුව කුරවල් වෙනවා.
ReplyDeleteඅප්පේ ... ටැලිවිසොං නං බලන්ට එපා. මේ පේන්නැතෑ මයෙ චූටි මැණිකේ ටැලිවිසොං එකට දෙන දසවදේ.
Deleteමම ඊලග පාර ලංකාවට ආවම බොලා ගෙ ආච්චම්මා බලන්න එනවා.. අර අඩන පුන්චම්මත් පෙන්නපන් හොදේ..
ReplyDeleteහයියෝ හක්පෝ.... මේ සිරිලංකාවෙ වෙන බලන්ට ඈයෝ නැද්ද. දැං මේ මා බලන්ට එන්ට පුලුවංනෙ විස්කියක් කාරිය ඇන්න.
Deleteතව එවුන්ට බෝගේ හිට්ලරාච්චාම්මගේ ගති බලන්න දැම්මා.
ReplyDeletehttp://nelumyaya.com/?p=3361
පිං සිද්ද වෙච්චාවේ.
Deleteමං ඉන්නේ සිංහරාජෙ කැලේ මායිමේ ආයිබොවන්ඩ.අනේ මයෙ අම්මාපල් සුරංග මහත්තයෝ අද හිමිදිරිි පාන්දරම මට තමුන්නැහේගේ ආච්චම්මව මතක් උණා. මොකදෑ කියනවනම් උළමා, උළලේනා,යක් කුරුල්ලා ගේ කියන එකාගේ හඩ මේ අපිට නම් අරුමයක් නෙවෙයි නෙව. මං අවුරුදු ගානක් තිස්සේ අහනවා. මේකා ගැන රටේ එවුන් කියලා තියෙන සමහර කතා ඇහුවම හිනාත් යනවා. මමත් අපේ අත්තම්මාගෙන් තමා හැන්ද ඔළුවේ ගහගෙන කැලේට දිවුව කෙනා උලමා වෙලා කියලා ඇහැව්වේ. ඒත් ඔය හැන්ද තාම තියෙන්න විදියක් නෑනේ. මේ කතාවට නිමිත්ත වුනේ අද උදේ පාන්දරම උලමෙක් ඇඩුවා(උෟ අඩනවද හිනාවෙනව ද කියන්න මං දන්නේ නෑ) ඒත් ආයිබොවන්ඩ ඔය තමුන්නැහැගේ ආච්චම්ම ගාව ඔය වගේ රස කතා අනන්තවත් ඇති. තමුන්නැහේ ඒවා අහලත් ඇති.ඉඩක් ලැබුණ වෙලාවක ඒවත් ලියලා දාන්ට.අම්මපා සුරංග මහත්තයෝ මේ බ්ලොග් කෙරුවාව හරි ඉහලයි. නවත්තන්ට මග දාල යන්ට හෙම එපා ඕං.
ReplyDeleteවැද්දගල කුඩව පැත්තේ ද?
Deleteඅනෙ අපේ ආච්චම්ම දන්න කතා. ආත නං කථා දන්නව. එව්වට ආච්චම්ම කියන්නෙ "කෙබර ඇදබානව" කියල.
තමුන්නැහැ කියන හිංද එව්වා ටිකත් හීංසැරේ කියංනංකො.
තාමත් ඔය ආච්චම්මා යහතින් ඉන්නවැයි. ඔය උන්දලා අසනීපයක් වෙලා ඉස්පිරිතාලෙක හෙම නැවතුනොත් හොඳ සඟිස්කුරුත අහගන්න පුළුවන්.ඇයි බස්සෙහෙකට නැග්ගම.පුංචි කාලෙ ඔයාව බයිට් එකට ගත්ත වගේ දැන් කාවද මරාගෙන කන්න හදන්නේ. එ මොකවත් නැත්තන් දිවිය ලෝකෙ යන්න ටිකට් එක එනකන් බලා ඉන්නවද.
ReplyDeleteදැං නං කාව අල්ලංද දන්නෑ. අනික් එවුවොනං උංදැට හැරිච්චි අතට බයිනවනෙ. තාම මං හිතේ වීසා අනුමත නැතුව ඇති.
Deleteආච්චම්ම සීරීස් එක මරු අයියේ.
ReplyDeleteඋඹ ඔය අල්ලපු ගෙවල් වලින් ඇඳුම් ඉල්ලන් ඇඳන් ගියා කිව්වම මට මතක් වුණා මගේ යාලුවෙක් ව. ඌත් කොහේ හරි යනවනම් අපේ ගෙදරට ඇවිල්ල ඇඳුම් ඉල්ලනවා. පොඩි කාලේ මට ඌ ගැන මාර දුකක් හිතුනා. මම ඉතින් ඔය තියෙන එකක් දුන්න. ලොකු වෙලා කොල්ලෙක් ඇවිල්ල තියෙන එකක් උස්සන් යන එක වෙනයි හැබැයි පොඩි කාලේ තමන්ගේ වයසේම ළමයෙක් ඇවිල්ල ඇඳුම් ඉල්ලන එක මට ඒ දවස් වල තදට දැනුන දෙයක්.
ReplyDeleteමට ඒ දවස්වල ඇඳුම් කියල තිවුනෙ ඉස්කෝලෙ අඳින නිල් කලිසමයි, සුදු කමිසෙයි විතරයි. ඒක දියවේගෙන යනකොට ආංඩුවෙං රෙදි දෙනවනෙ අලුත්තෙහෙකට. ඉසසර මං කොහේ ගියත් අඳින්නෙ ඒ සූට්ටෙක.
Deleteමගේ ලඟ තවමත් තියෙනව අනුං ඇඳපු ඇඳුං.
සුරංගගේ ආච්චම්මා සමග කඩේ අක්කා කල වෙල් කොම්ෆරන්ස් එකේ සංක්ෂිප්තය.
ReplyDelete" ඈ නැන්දම්මෙ මං මේ කිහිප දොහක ඉඳලා අහන්න හිතාඋන්නෙ. කොයි උඔලයේ අහ හිීන් සන්දියෙ ඉඳං උන්නු සු...... කොළුව ?
අනේ උගෙ වගක්.. ඌට දැන් හරි සරුයිලු බොල. ඔය මොකක්දෝ ආණ්ඩුවෙ තානාන්තරයකුත් කොරනවයි කියන්නෙ. බොට කිව්වම මොකද . ඕකා මයෙ එකිලයි දිහාවෙ උන්න නම් රැලේ වැටිල ආසානාසි වෙලා යන නිසා මං ඕකා හීන් එකා සන්දියෙ ඉඳලා ගෙනත් හැදුවා. අනිත්තෙක ඕකා මහ නාහෙට අහන්නැති ඇට්ටරයා. උඹ දන්නවනේ මං ඕකට කවලා පොවලා උගන්නලා. උස් මහත් කෙරු හැටි. ම්චප්.. උගේ අප්ප කොරයි හෙනං.
ඉතින් නැන්දම්මෙ ඒකා උඔව බලන්නත් ආවැයි.
අනේ මොටදෑ ඒ වගක්..
අනේ හැබෑටම. තමුන්නැහැ ලියල තියෙන හැටියෙං මට හිතෙන්නෙ අපේ ආච්චම්මව කාලාංතරයක් තිස්සෙ දැනං ඉන්නව වගේ. අපේ ආච්චම්මගේ ඔය “අනුං කලදේ මං කලා යැයි“ කියන ගුණය ඉදිරි කාලෙදි විස්තර කරන්නංකො.
ReplyDeleteදන්නවා සුරංග මහත්තයෝ. ආච්චම්ම මොන වගේද කියලා.මේ බ්ලොග් කෙරුවාව දැනගත්ත දවසෙ ඉඳල මං ආසාවෙන් කියෝනවා. මේක ගැන මං ඔත්තුව සොයා ගත්තෙ මාතලන් ගොයියා දාපු ලින්කුවකින්. ඒක තිබුනෙ සුරංගෙ ආච්චම්මා කියලා. වගේ මතක. අපේ මේ දෙණියාය ගම් පලාත්වලත් ඔය වගේ උන්දලා අනන්තවත් ඉන්නවා. කටේ වාදම ඉහලින්ම තියෙන. ආච්චම්මගෙ විස්තර දිගටම ලියන්න. එදා තමුන්නැහේට ඒක දුකක් වුණත් අද ඒවා මතක් කොරද්දි හිනාවෙන්ටත් පුළුවන් නෙව. මේ අපිත් එක්කලම.
ReplyDelete:-)
ReplyDelete