ආච්චම්මා ගෙනා
ආම්පන්න මල්ල පැත්තකින් තියල ඒකෙං ගත්ත ‘නිල් සබං‘ කෑල්ල තණකොළවල තියෙන පින්නෙං
තෙමල අරං කකුල් දෙකේම දනිහ ගාවට යනකං ගාගත්ත. ඉං පස්සෙ අපිටත් ගාගන්න කියල දුන්න.
බාප්පත්, පුංචම්මත් ඒ කියපු ආකාරෙටම ගාගත්ත. ඔය සබං ගාගන්නෙ කූඩැල්ලො එල්ලෙනවට.
තවමත් අපේ ගම් පළාතෙ කූඩැල්ලන් පලවාහැරීම තියෙන්නෙ පර්යේසණ මට්ටමේ. අපේ ගමේ ග්‍රාමීය
විද්‍යාඥයින් ඒ පිළිබඳ නොයෙක් අත්හදා බැලීම් කලා. මුලින්ම ලුණු වතුර කකුලෙ
ගාගැනීම. ලුණු කූඩැල්ලට විසයි. ඒ වුනාට පින්න නිසා හේදීමෙන් හෝ තණකොළවල වැදීමෙන්
කකුලෙ තියෙන ලුණු ඩිංග ඉවත් වුන ගමන් කූඩැල්ලො අහුවුන තැන කනව. ඒ වැඩේ අසාර්ථක
වුණු තැන දුංකල පොට්ටනියක් කකුලෙ උලාගැනීම පාවිච්චියට ගත්ත. එතැන වියදම වැඩියි.
දුංකලෙයක් දවස් දෙකක් යනකොට ඉවරයි. ඉං පස්සෙ කූඩැල්ලගෙ රඳා පැවැත්ම නැති කරන්න
කකුලෙ සබං ගෑම පටං ගත්තා. අපි ඒකට භාවිතා කලේ එදවස මිල අඩුම ‘සංලැයිට්‘ හෝ ඊටත්
අඩු මිලෙං යුත් නමේ අගට ‘-වයිට්‘ හෝ ‘-ලයිට්‘ යන වාසගම ඇති සබං වර්ගයක්. යහමිං
කකුලෙ සබං ගෑවම කූඩැල්ලට කකුලෙ එල්ලිල ඉන්න බෑ ලිස්සනව. නමුත් සබං වේලුනහම පරණ
ඒවටත් එක්ක හරියන්න කනව. ඒ හිංද වෙළඳපොලට ආපු ජාතියක් ජම්මෙයක් නැති ‘නිල් සබං‘
මිලෙං අඩු, සබංවල ලිස්සන ගතිය වගේම ලුණුවල තියෙන විසත් ඇති කූඩැල්ලංගෙ මාරයෙක් බවට
පත්වුනා. හැබැයි ඇඟිලිකරුවල ඉඳං හමයන හිංද ඒ සබං අපිටත් විසයි. ඕං ඔය හිංද මගෙ නං
තීරණය වුනේ කූඩැල්ලො මාව කෑවට කමක්නෑ. උංගෙ බඩ පිරෙනවනෙ කියල. ඒකෙං මට පිං සිද්ද
වෙනව ඇති කියල මට හිතුන. මං මේ ආත්මෙ කූඩැල්ලංගෙ බඩ පිරෙවුවහම ඊළඟ ආත්මෙ මට බඩ
පිරෙන්න කන්න තියෙන තැනක ඉපදෙන්න පුළුවං වෙයි. එතකොට මහන්සිවෙලා වැඩ නොකර ගෙදෙට්ට
වෙලා ඉන්න ඇහැකි.
ඕං ඔය හිංද මං
සබං ගෑවෙ නෑ.
කූඩැලු භීතිකාවෙන් වෙලී ගිය අයියයි අක්කයි
දෙන්නම ඒ අහලක තිවුන කපල දමපු රබර් ගහක ඉතුරු කොට කෑල්ල උඩට නැග ගන්නව. ඉං පස්සෙ ඒ
දෙන්න තල්ලු කරගන්න පටං ගන්නව. කොටේ පල්ලෙ වැටිච්ච එකා හූ කියාගෙන මරහඬ තලාගෙන
ආයිත් සිය ක්‍ෂේම භූමිය වන කොටේට නගින්න හදනව. එතකොට කොටේ උඩ ඉන්න එකාට ලකුණු පහක්
හම්බෙනව.
ඔය අතරෙ ආච්චම්ම රබර් කෑල්ල පුරා නිරීක්ෂණ
චාරිකාවක් යනව. නිරීක්ෂණ චාරිකාවක් කියන්නෙ මෙහෙමයි. ඔන්න පළමුවෙනි රබර් ගහ ගාවට
යනව. ගිහිං බිම ඉඳං උඩට යනකං ගහ දිහා බලාගෙන යනව. හරියට පෝය
දවසට ටීවි එකේ බණ කියන අතරෙ චෛයිත්තියක් පෙන්නනව වගේ. බිම ඉඳං උඩට හිමීට බලාගෙන
යනව. ඉං පස්සෙ ගහේ කඳ දිහා බලල පොඩ්ඩක් අතගාලත් බලනව. ඊළඟට ඒ ගහෙං කිරි ලැබෙන ප්‍රමාණය
මතක් කරනව.
“මේ ගහනං හොඳා. ඒ උනාට කිරි
තියෙන ගහ කපල අපරාදෙ“
ඊළඟට ආච්චම්ම චීත්තෙ ගැටේ ලිහල ආයිත් තද කරල
ඇඳ ගන්නව. වෙනිං ගහක් බලන්න යනව. ඒක දිහාත්
අර විදිහටම බිම ඉඳං උඩට යනකං බලාගෙන යනව. ගහ අතගානව. බිම තියෙන කිරි පිරෙන
පොල්කට්ට දිහා බලනව. ඔය විදිහට ආච්චම්ම රබර් කෑල්ල පුරාම ඇවිදිනව. ඒ අතරෙ ගහක පෝට
වැලක් තිවුනොත් ඔක්කොම පැත්තක තියල ඒ වැල ඇදල අරං සුද්ද කොරනව. ආයි පුවක් ගහකින්
බිම වැටිච්ච පුවක් ගෙඩියක් කොළපතක් තිවුනොත් ඒක අහුලනව.
ඔය අතරෙ බාප්ප මං ගෙනාපු කියත අරං ඒකෙ
අඩුපාඩු බලනව. පොරවෙ මිට හයියද කියල බලනව. ඉං පස්සෙ කමිසෙ ගලවල නවල ගහක් උඩිං තියල
ඇඳං ඉන්න සරම වෙනුවට පරණ සරමක් ඇඳගන්නව.
ඔය කිසිම දේකට නැති මං අහලක තිවුන මොට්ටු
ගහකිං මොට්ටු කඩාගෙන ඒවයිං නලලට ඇනගන්නව. එතකොට ‘ටක්‘ සද්දෙට එව්ව පුපුරල නළලෙ
යාංතං රෝසපාට පැල්ලමක් ඉතුරු වෙනව.
ඒ අතරෙ පුංචම්ම ආච්චම්ම පස්සෙං යනව. ඒ යන
ගමං දෙන්නත් එක්ක විස්තරත් කතා කරනව.
“මේං බලහං මේ සබර ගහ හිටෝන කාලෙ
උඹලෑ මල්ලි හම්බු වෙන්න ඉන්නව එතකොට මට. දැං බලාං මේකෙ වයස කීයක් වෙනවද“
ආච්චම්ම රබර් ගහට උප්පැන්න සහතිකේ හදනව.
“අනේ අම්ම ඇයි අම්මෙ මෙහෙම
දුක් විඳිංනෙ. අම්ම ගෙදෙට්ට වෙලා ඉන්නකො මං අම්මට මාසෙ වියදමට කීයක් හරි දෙන්නං“
පුංචම්ම ආච්චම්මට විශ්‍රාම වැටුපක් දෙන්න
කතා කරනව.
“ගිය මුරේ පුවක් අහුලල කරුංක වේලල
ගත්ත සල්ලි ඔලිං මං ගත්ත උණුවතර බෝතලේ තමා එදා මැණිකෙ කුඹුරෙ ගිනිහිං ගලක් උඩ
ඇතෑරියෙ“
“අම්මෙ මේ කෝපි ගස්සොල කෝපි
හැදිල තියෙන්නෙ කාටහරි කියල කඩොවන්නකො“
ඔය ආදී වශයෙන් දෙන්නත් එක්ක එක් එක්කෙනාට
ඕනි දේවල් කිය කිය නිකං පැය බාගෙයක් විතර ඇවිදිනව. එතකං බලා ඉන්න බැරි කමට බාප්ප
කෑ ගහනව.
“මැණිකේ... මැණිකෙ. අම්මෑං
අහන්නකො කොයි ගහද කපන්නෙ කියල“
ඒ සද්දෙ මදි ඒ දෙන්නගෙ කතාව ඇතුලින්
රිංගන්න. ඉතිං බාප්ප තව ඩිංගක් හයියෙං අහනව.
“මැණිකේ.. අම්මගෙං අහන්නකො කොයිකද
කපන ගහ කියල“
ඕං ඒගමන පුංචිට ඒක ඇහෙනව. ඒ හොඳටම ඇති
මෙතෙක් වෙලා නැලවිලා හිටපු පුංචි සිය විනෝදාංසය පටං ගන්නව.
“අනීඊඊඊ.. ඇයි ඔයා මට ඔහොම
හයියෙං කෑගාන්නෙ ඉහි ඉහි ඉහික් හී... හී...“
“නෑ නෑ... ඔයාට ඇහුන්නැති හිංදනෙ
මං ටිකක් හයියෙං කිවුවෙ. බැන්නයැ. බයින්නෙ ඔහොමයැ“
බාප්ප පුංචිව සනසන්න යනව.
ඕං ඔය විදිහට ගිය කාරණාව පැත්තක තියෙද්දි හැමෝම වෙනිං වෙනිං විකාර කරනව. ආයිත්
ටිකකින් ආච්චම්මට මතක් වෙනව ආ කාරනාව
“ඔය විකාර කොලා ඇති විජහට ගහක්
කපල කුට්ටි කොරගමු. ජෝකපාල, මේං මේ ගහ හොඳයි නේද?“
අපි හැමෝම විකාර නටද්දි තමුං විතරක් හොඳ
සිහියෙං ඉන්න බව පෙන්නන ආච්චම්ම ‘වලපයයි ගොඩපයයි‘
ඉන්න අත්තක කොල හතරක් පහක් තියෙන සබර ගහක් අපට පෙන්නනව. ලෝකපාලු, මදුවැල්, පෝටවැල්
ආදී සියලුම වැල් වලින් සමන්විත පොදියකින් වෙලී කෝපි ගහක් සමග ‘ආල වඩන‘ ඒ ගහ දකිද්දිම මගෙ කට ඇදවෙනව. බාප්පටත්
විරවෙන්න ඇති.
“මක් කොරලද ආච්චම්මෙ මේක මේ වැල්
ගාලෙං දොට්ට ගන්නෙ.“
මං ආච්චම්මගෙන් අහනව.
“බෝ කට වහපං. ඒක ජෝකපාල ගනියි
යස අගේට. බොට බැරි උණාට. ජෝකපාල, මේ කෝපි ගහ කැඩෙන්නැති වෙන්න ඔය සබර ගහ කපන්න. ඕක
ඒහැටි එකක් නෙමෙයි. පිහියෙං දෙපාරක් ගහල වැල්ටික ඇදල දැම්ම. හීං සැරේ ගහ කපල අනික්
ගස් බේරල බිමට පෙල්ල ගත්ත. එච්චරයි“
ආච්චම්ම බොහොම ලේසිවට කියල දැම්ම. වෙනිං
කෙනෙක් අහං හිටියනං හිතන්නෙ අපි ආච්චම්මව රවට්ටල උන්දැගෙ සේරම බෝග ටික ආසනාසි
කොරන්න හදනව කියල. බාප්ප මගෙ දිහා බලල ‘හික්‘ ගාල හිනාඋනා.
ඉතිං අපි සබර ගහ කපන්න පටං ගත්ත. ආච්චම්ම
කිව්වට ගස් මුදුං දෙකේ පැටලිල තියෙන වැල් ගාල් ලිහන්න අපිට උඩිං යන්න හැකියාව
තියෙන්න ඕනි. ඒ හිංද ආච්චම්ම ඒ මහඟු අවස්තාවෙං පොරෝජං අරගෙන ‘මුට ගහක කොළකට නැගගන්නවක් බැරි‘ බවත් ‘නැහ්නං සබර ගහේ නැගල වැල් ටික කපාදාන්න‘ තිවුන බවත්
කියා මගෙ නොහැකියාව පෙන්වා දුන්නා. ඒ අතරෙ බාප්ප පොරවෙං සබර ගහ කපන්න පටං
ගත්ත. ආච්චම්ම ඒ ගහ මුල තියෙන පුවක්
අහුලන්නත්, ඒ පස්සෙං පුංචම්ම හොටු පෙරමිං යන්නත්, අක්කයි අයියයි ඔට්ටු තියන්නත්
පටං ගත් හිංද එතැන මොහොතිං ජනාකීර්ණ උනා. ඉතිං බාප්පට සිය පොරෝ පාරවල් කෙරෙහි
සැලකිලිමත් වෙන්නත්, “අහකට වෙන්න“ කියන්නත් සිද්ද
උනා. එයට සැම දෙනාම විවිධ ප්‍රතිචාර දැක්කුවා.
ආච්චම්මා:-
“මං හිටියට කමහ්නෑ. මට අහකට වෙතෑකි. මංගැන බය වෙන්නෙපා. ඕක පෙල්ලෙනකොට මට
හැතැහ්මක් ගියෑකි“
පුංචම්මා:-
“අනේ ඇයි ඔයාට මාව පේන්න බැරිද? මට කොච්චරවක් සැර කරන්නෙ. ඉහි ඉහි ඉහි“
අක්කා:-
“මං මගෙ තාත්ති පැටී ඉන්න තැන්ටම වෙලා ඉන්නෝ. “
අයියා
:- “මං විතරක් ගිහිං වැඩක් නෑනෙ. මාත්තින්නව“
ඔය ආදී වසයෙං කට්ටියම තොදොල් වීම නිසා
බාප්පට සිය වැඩේ කරගෙන යන්න බැරි වෙන බව දැනගත් මම
“කොහෙ ගියක් කමහ්නෑ. ඔය සබර ගහට
එහායිං තියෙන පෝර වැල් ගාල අස්සෙනං යන්නෙපා. මං දැක්ක මොකෙද්ද ඒක අස්සට ඇදෙනව. “
කියා අනතුරු ඇඟෙවුවා.
“හ්‍රීඊඊඊඊඊක්“
“බුදු අම්මෝ“
“ඌ අපිව කනකංද බොල තෝ බලං
හිටියෙ“
“තොට ඉස්සෙල්ල කියන්න තිවුං
නැද්ද“
ආදී වසයෙං සිය සතුට පළකල අය විජහට එතනිං
අයිං වෙද්දි, මං කිව්වෙ බොරුවක් බව මයෙ මූන දිහා බලපු බාප්පට මං එක හිනාවෙං පහදා
දුන්න.
ඉතිං බාප්ප සතුටිං නිදහසේ ගහ කැපුව. ආච්චම්ම
කියපු විදිහට තණකොලේ ඉඳං බේරල කැපිය යුතු සබර ගස අවසානයේදී තමං වෙලාගෙන සිටිය වැල්
ගාලේ ආධාරයෙං වටේ පිටේ තිවුන කෝපි ගස් දෙක තුනකුත් පටලවාගෙන ඇලවෙන්න පටං ගත්තා. එය
අහස පොලවට කඩා වැටෙන තරං විශාල දෙයක් ලෙසට සැලකූ අනිත් අය
“අනී ... යෝකේ බලාගෙන ඔයා අහකට
වෙන්න“
“අනි අනි අනීඊඊඊ තාත්ති පැටී අහකට වෙන්නකෝ“
“ඕක වැටෙන්නෙ අක්ක ඉන්න තැන්ට
තමයි“
“මං මුට කිව්ව අර කෝපි ගහේ
පැටලිල තිවිච්ච වැල් ටික කපාං කියල. අපසාදෙ, ගිය මුරෙත් ඕකෙ කෝපි ටික ගස්යට වැහ්ල
ගියා“
ආදී වසයෙං මරහඬ තලද්දි. සබර ගහ මුලිං වෙං
වෙලා පුවක් ගස් දෙකක් සහ සබර ගහක් අස්සෙ හිරවුනා. ඉස්කෝලෙදි විතරක් කියන කුණුහබ්බ
වලිං එකක් මට කියවුනත් අතු පොඩිවෙන සද්දෙට ඒක කාටවත් ඇහුන්නෑ,
මෙන්න පිලිගන්න..පුංචම්මා..නැවතත් කරලියට...
ReplyDeleteසුපිරි ආහ්!
සීසන් ටූ. බැක් විත් ග්‍රෑන්ඩ්මා.
Deleteමොකද්ද බං අර කුනු හබ්බේ
ReplyDelete"අම්මට හැමිනුනා නේද"
Delete“...කල තියෙන්නෙ“, “ඔය ....කුවෙ“
Deleteමතකත් නෑ. ඔය කියල තියෙන එව්වගෙං එකක් තමයි.
Deleteනිවැරදි කුණු හබ්බය තෝරා යටින් ඉරක් අඳින්න
Delete1. Ano June 14, 2014 at 4.57 PM
2. Ano June 14, 2015 at 7.01 PM
3. ඉහත පිළිතුරු දෙකම නොවේ.
ඔබේ පිළිතුරු අංක 3 නම් සුදුසු කුණු හබ්බයක් පහත තිත් ඉරි මත ලියන්න.
........................................................!!!
යකෝ ඩූඩ හදන්නෙ ශ්‍රංගයගෙ බොගට කෙලවන්නද.
Delete@ අටම්...
Deleteබොටත් ඉතින් මෙච්චර රස කථාවක යන්තම් සඳහන් වෙච්ච කුනුහබ්බේමයි හොයන්න ඕනිනේ....ඇයි උඹ කුනුහබ්බ දන්නේම නැද්ද...?
ඔයිට වඩා හොඳ නැද්ද ඇහුවානම් අර ලිහ ලිහ ආයේ අඳින අච්චම්මාගේ චීත්ත රෙද්දේ පාට මොකක්ද කියලා....???
ඔන්න ඒකයි ඇනෝ අරින්ඩ ඕනේ
Deleteහා මචං...
Deleteආච්චිගෙ රෙද්ද ? ආං වැඩේ .... තවත් කතාවක් ලීයැහැකි “ග්‍රෑන්ඩ් මදර්ස් ක්ලෝත් ඇන්ඩ් හවුටු වෙයාර් ඉට් ප්‍රීක්වන්ට්ලි“ කියල
Deleteඩූඩා නියම සර්..
Deleteප්‍රශ්න පත්තරමයි දාන්නෙ.
මමත් කාලයක් සබර ගස් යාර කරල විකුනල ටියුෂන් සල්ලි හොයාගත්තා..සබර කිරි සුවඳ මතක් උනා සුරන්ගගේ විස්තර කිරිල්ලට...සබර වත්තේ කාක කෝටු අහුලපු විදියයි ගොටුකොළ කඩාපු විත්තියි ගැන මායි අටමයි හපයක් ගහන ගමන් කථා කොලේ මේ ඊයෙ නැත්නම් පෙරේදා...
ReplyDeleteඔට්ටුපාලු බෝලයක් ඇඟේ වැදුනාම තියෙන සනීපේ කොහොමද...?
ඔය සබර ගස් යාර ගහල විකුණන එක මරු රස්සාව. සබර යාරෙයක් දැං එද්දාස් පංසීයක් විතර වෙනව මා හිතේ. ඉස්සර කාලෙයක් මං තේ පැට්ටේරි සුපයිසර් කමක් කොළානෙ. ඒ දාස්සොල ඔය සබර දර ගන්නව තේ කොළ වේලන ලිපට දාන්න. එතැන්ට කාක් කෝටු ගෙනාපු වික්‍රෙම්ත් පස්සෙ කියන්නං. ඔට්ටපාලු බෝල හරියන්නෑ අප්ප. හරියට ඔතා ගත්තෙ නැතොත් එක පාරක් බම්පෙනකොට වෙනිං කොහෙටවත් හැරෙනව. අනේ වැදියං එකක් කකුල්දෙක මුල හරියෙ ********** පෙනෙයි
Deleteඅපිත් ඉස්සර උඩහ වත්තේ දර අහුලන්න යනවා, සමහර දවස් වලට ගහට නැගලා ගහේ තියෙන මැරිච්ච අතු එහෙම කපා ගන්න වෙලාවල් තියෙනවා.
Deleteහැබැයි ඉතින් වත්තේ මුරකාරයා දැක්කොත් එහෙම අපේ බෙල්ල කන්න හදනවා...
ගොටුකොළ කඩන එකටයි, බිම තියෙන දර අහුලන එකටයි මිනිහගෙන් කේස් එකක් නැහැ.
සමහර මිනිස්සු විකුණන්න බලාගෙන ඔට්ටපාළු ගලවන නිසා බෝලයක් හදා ගන්න, සෙල්ලම් කරත්ත, වෙසක් කුඩු හදන්න ඔට්ටපාළු ටිකක් ගලවන එකටත් බාල්දි වැටෙනවා.
ඒත් ඉතින් අපි අත අරින්නෙත් නැහැ.
ඔට්ටපාළු බෝල එක්ක ගෙවිච්ච අතීතේ මොන තරම් සුන්දරද...
කාලෙයක් තිවුන ඔට්ටපාලුත් හෙන ගානකට ගිය 2008 2009 වගේ
Delete//නමේ අගට ‘-වයිට්‘ හෝ ‘-ලයිට්‘ යන වාසගම ඇති// ඔය කියන්නෙ ස්නෝ වයිට් වෙන්නැති.
ReplyDeleteමොනව උනත් ගහ කපන්න දවස් දෙකක් ගියානං වන්දනාව ගැන හිතාගත්තැකි.
අනේද කියන්නේ ප්‍රරසන්නයෝ ගනින් බර බාගයක් අර රවියවයි මුවයි බානේ බදින්ඩ , හදිස්සියට බැකප් එකට පස්සෙන් හැලපයවත් ගැට ගහල දක්කතහැකි
Deleteකට වහපිය... මු නැත්නම් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ එක කෙළියට ලියල දැම්මොත් එහෙම වග කියන්න වෙන්නේ තොට තමයි,
Deleteකලින් බාල්දි පෙරලුවේ චුටි මැණිකේ විතරයි, දැන් තව එකෙක්...
තව එක කොටහයි. ඉං ඉවරයි.
Deleteඅපොයි අපිනං බාල්දි පෙරලන්නෙ නෑ. සුරංට ඕන හැටියට ලියාන යන එකයි ඇත්තෙ. අපි ඉන්නව කියෝල කොමෙන්ට් කෑල්ලක් දාන්න.
Delete//ප්‍රරසන්නයෝ ගනින් බර බාගයක්//
බරනං නෑ අටමො. ගල් බාගයක් නං ඉස්සරහ කඩෙං ගත්තැකි.
රවියට වැඩියනං මේක හොඳයි. රවි අයියගෙ කොස් කපන ගෑණුළමය එහෙම අපිට ආයෙ හම්බවෙන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි. :D
“දැංගිනි අඩුවෙලා ගිහිං....
Deleteගල් බාගෙයක් අරං එන්න යාපනෙං“
කියල ඉස්සර සිංදුවකුත් තිවුන
උඹේ විස්තර කිරිල්ල උපරිමයි ශ්‍රංග...
ReplyDeleteඔහොම තමයි විද්‍යානුකුලව ගහක් කපන්නේ, නැද්ද බං...
ඔය උඩහ ඉන්න Praසන්ன යි අටමයි වගේ උන් ඕවා දන්න එකක්යැ, ඕකුන් දෙන්නව කතා කරගෙන ගිහින් ලොකු සබර ගහක් කපපන් ඔළු ගෙඩි දෙක උඩට...
සබර ගහක් දැක නැති අයට පේන්නත් එක්ක ලබන සතියෙ අපෙ නැංදම්මගෙ ඉඩමෙ සබර ගහක් පොටෝ ගාපුව තිවුනොත් දාංඥං
Deleteඅඩේ ලොක්ක, විද්‍යානුකූලව ගස් කපන හැටි මාත් හොඳට දැකල තියෙනව. මොකද අපේ මස්සිනා කාරය ඒ ජාතියෙ වැඩ්ඩෙක් තමයි. :D
Delete///මොකද අපේ මස්සිනා කාරය ඒ ජාතියෙ වැඩ්ඩෙක් තමයි. :D///
Delete++++++
සබර කැපීම ක්‍රම දෙකයි. එකක් කිරි පිහියෙං කැපීම. අනික පොරවෙං කැපීම.
Deleteඅංක 3: රබර් ගහ බිම දමාගෙනෙ දර කැපීම.
ReplyDeleteඅංක 4: දර ගෙදර ගෙන ඒම.
අංක 5: ආච්චම්ම ගමනට කැවිලි සැදීම.
අංක 6: ගමන පිටත් වීම.
අංක 7. චූටි මැනිකෙ උපදෙස් පිට, සීගිරි, දඹුලු, අනුරාජපුර, පොලොන්නරු, වට වන්දනාවම එක පෝස්ට් එකට සීමා කර අවසාන කිරීම.
අඩේ ආච්චම්ම විතරක් නෙවෙයි චූටි මැණිකෙත් ඉස්ටාර් කෙනෙක් වෙලානෙ
Deleteඅනේ පස්වාං දහසකට කුඩුවන්න. එයැයිට මොකුක් කියනව හෙම නෙවෙයි. කොම්පීටරෙයි, තලපරිගනකෙයි, පැදුරයි, කොට්ටෙයි, බත්පතයි. නැතිවෙයි
Deleteසිරාවටම සුරංග. විස්තර සහිතව ලියපන් මචෝ.
Deleteසුරංග රත්නපුරේ ඉදන් කලවාන පැත්තට මම ගොඩක් කාලෙකට කලින් දවසක් ගිහින් තියනවා මට හොදට මතක් දෙයක් තමයි පාර දෙපැත්තෙම හොදට ගස් වැවිල නුවර එළිය පැත්තෙ වගේ සීතල පරිසරයක් තියන බව. ඔයාගෙ ගම තියෙන්නෙ ඒවගෙ හරියකද ?
ReplyDeleteපාර දෙපැත්තෙ ගස්? දැං නං තියෙන්නෙ තේ ගස් විතරයි. හැම තැනම තේ. තේ.තේ.තේ.තේ.තේ.තේ.තේ.තේ.තේ.තේම විතරයි. අපෙ නැංදම්මනං තේ හිටෝල නැත්තෙ ලිබ්බොක්කෙ විතරයි.
Deleteදැංනං පාරත් කරපට් දාල. එව්ව මහරජ්ජුරුවංගෙ කාලෙම කරල ඉවරයි. හීතලකුත් නෑ. කොහොමත් දැං එහෙ ඉස්සරට වඩා වෙනස්. අනික මං උන්නෙ කලවානටත් එහා කුකුලේගම කියන ගමේ.
හම්මේ ඉතිම් නේ....
ReplyDeleteපෝස්ට් දෙකමකියෙව්ව මරු හොදේ... ආයෙ කියන්න දෙයක් නෑ ලෙසටම ලියල තියෙනව හිහි... ආලවට්ටං විච්චූරං නැත්තං ඇත්තට කතාවක් ගති නෑ නැද්ද මං අහන්නෙ...
ජයවේවා
හිතල මොනවත් දාල නෙමෙයි. නිකංම එව්ව එනව ඔලුවට. ඕං ඔය වෙලාවට අසූවෙ පොල් රා බෝතලෙයකුත් තිවුනනං තවත් මරු
Deleteඅසුවෙ පොල් රා කියන්නෙ අර මාරවිලිං බෝතල් කරල බාර් වලට ඒන ඒව නේද. ඒව බොන්න පුලුවං ද?
Deleteපුළුවං. එව්ව හොඳා. ටිංගක් බඩ දැවිල්ල ආවට. අඩු මිලට වැඩි වෙරි.
Deleteමේ ටික නම් නොකියම බැහැ වගේ...
ReplyDeleteගහ කපන 'යෝකපාල' ට ගහ කපාගන්න උදව් කරන එකාත් ඒ වගේම 'ලෝකයෙක්' කියන එකනම් ඉතින් අහන්නත් දෙයක්ද? ඔය අත්තමලගේ 'බෝ කටවහපන්' කියන කොටස නම් අඩුවක් නැතුව ඇහිලා තියෙනවා.
කවදා විතරද දැන් ටිප් එක යන්නේ? ඔය කියන විදියට නම් 20ත් සම්මත වෙලා තියෙයි වගේ එව්වා කියනකොට!
ඒක නොයෙක් ආකාරෙට කියන්න පුළුවං නමක්. උප්පැන්න සහතිකේ තියෙන්නෙ “යෝගපාල“ කියල. මං කියන්නෙ “ලෝකපාලු“ කියල. පුංචම්ම කියන්නෙ “ජෝගේ“ කියල. ආච්චම්ම කියන්නෙ “ජෝකපාල“ කියල. බාප්පගෙ ඉතුරු නෑනල ටික කියන්නෙ “ජෝකයියෙ“ කියල. ඉඳල හිටල ගමේ එකෙක “සෝකපාල“ කියලත් කියනව.
Delete“ලෝකයෙක්“ කියන වචනෙ හරියට හරි. ඒ දවස්වල මං ලෝකයෙක් තමයි. බත් පංගුවට, රුපියල් පහට ඕන වැඩක් කලා. කපටිකං, හොරකං, වංචා කියන එව්ව ඉගෙන ගත්තෙ කාගෙංවත් ටියුෂන් අරං නෙවෙයි. ස්වෝත්සාහයෙන්මයි. මං කරපු කපටි වැඩ, හොරකං, වංචා ලිව්වොත් මාව නවත්තන්න වෙන්නෙ වතුපිටිවල.
කොහොමත් එව්වත් ලියන්නං. විශේෂයෙං මං කරපු රස්සාවල් ටික ලියන්නම එපායැ. කොහොමත් අදටත් මං හෙනම කට්ටයෙක් කියල ‘චූටි මැණිකෙ‘ කියනව.
“පේන්නැතෑ ඔය කංඔල මයිල් දිගට තියෙන්නෙ. කපටිංගෙ. නැත්තං අර සෝක්කෙකට ගෙදෙට්ට වෙලා හිටපු හය හතර නොදන්න මාව රවටාගෙන එන්න පුළුවං වේයැ“
ඉතිං බලන්ටකෝ.....
කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා අනේ... අපි කරපු දේවල් ඔක්කොම ලිව්වා කියල කොහේ යන්ටද අනේ... ( අනී...ඊ ඊ ඊ ඊ ඊ .... එහෙම කියන්නේ ඇයි අනී - පුන්චම්මගේ වර්ෂන් එක)
Deleteමිනිස්සුන්ගේ නම් විකෘති කරන එක මට පේන්න බැරි දෙයක්. අපේ අත්තම්මත් එක එක මිනිස්සුන්ට එයාට ඕනේ නමින් තමයි කතා කලේ. මට දැන් මතකත් නැහැ. 'පිරිජ්' එක තමයි මට ඉස්සර ඇහෙනකොට ඇඟේ මාළු නටන වචනේ.
කට්ටයෙක් කිව්වා නේ? මොන කට්ටයෙක් උනත් ඉතින් චුටි මැණිකේ නෙව පාලනේ කරන්නේ දැන්, නැද්ද? ( හැබෑටම කන්වල මවිල් දිග අය කට්ටද ඈ ?)
මගෙ යාලුවෙක් උන්න උගෙ නම ප්‍රියාන්. ආච්චම්ම උට කියන්නෙ ‘බෙලෙක් පියං‘ කියල.
Deleteශ්‍රරංග,
Delete/ “පේන්නැතෑ ඔය කංඔල මයිල් දිගට තියෙන්නෙ. කපටිංගෙ. නැත්තං අර සෝක්කෙකට ගෙදෙට්ට වෙලා හිටපු හය හතර නොදන්න මාව රවටාගෙන එන්න පුළුවං වේයැ“ /
මයෙ යාලුවෙක් හිටිය උගෙත් කනේ මයිල් ඕසෙට.උගෙ වයිෆ් මඟුලකට වගෙ යද්දි ඕකගෙ කණේ මයිල් එකට ගැටගහල සුට්ටං බෝ එකකුත් දානව. උඹත් චූටි මැණිකෙට කියල ඔය වැදගත් ගමං බිමං යනකොට එහෙම කර ගනිං..පුදුම ගාම්බීර පෙනුමක් එන්නෙ. දෙයියම්පල්ල..
සුරංගගෙ තාත්ත කරපු රස්සාව මොකක්ද ?
ReplyDeleteඅපේ ගෙදර ඇයට තේ කෑලි දෙක තුනක් තිවුන. එහ දෙන්නම කලේ එව්වයෙ වැඩ. විනෝදාංස වසයෙං තාත්ත කලේ “කසිප්පු බීම සහ රණ්ඩු කිරීමත් අපට තඩිබාල ගෙදරිං එලවීම හා බියවැද්දීම“.
Deleteශ්‍රංග අරුං කියන ඒව අහල දඩිබිඩියට ලියල දාන්නෙ එහෙම නෑ හරිද? ඔය ලියන තාලෙන්ම ලියාපං. මල් හතයි බං
ReplyDeleteහුහ්. මං ලියයි දඩිබිඩියෙ. එහෙනං මේක යාංහෑල්ල නෙමෙයි. මහා පතරංග ජාතකේට ඩිංගක් කොටට ලියනව ඇරෙන්න මං ලියයි කොටිං (කොටිං කියන්නෙ කෙටියෙන් කියන එක)
Deleteශ්‍රංග ආච්චම්මව ඉස්ටාර් එකක් කරලා තියෙන්නෙ.නිකං ඉස්ටාර් නෙවෙයි සුපර් ඉස්ටාර්.
ReplyDeleteහැලප මාත්තෙයට කියන්න තමුන්නැහැල තමා උංදැව ඉස්ටාර් කලේ
Deleteදැං මේ අපේ අය කියන්නෙ උංදැට වඩා උංදැගෙ දෝනියැංද ඉස්ටාර් කියල.
ReplyDeleteපට්ට මචන්. නියම කථා ටික
ReplyDeleteයහගුණයෙං ඉදිරියටම
Deleteහැමදාමත් වගේ කථාව නියමයි. හෙමින් සීරුවෙ, ඉක්මනින් ලියන්න හොඳේ
ReplyDeleteමේක මතක තියා ගනින් මම කිව්වා කියලා, උබේ බ්ලොග බ්ලොග් අතර ස්ටාර් එකක් වෙනවා කලක් යනකොට, හැබැයි පුතෝ උබ දිගටම ලිව්වොත් විතරයි
ReplyDeleteඅනේ වාසනාවං. සුදෝ ඕං ඔය වටේ ඉන්න හත්අට දෙනෙට්ටත් කියන්නකො මේ වගෙ බොලොක් එකක් තියෙන බව
Delete"ජ "යන්නයි "ය"යන්නයි වෙන බාසාවල වගේම සිංහලෙත් මාරුවෙන අවස්තාතියනව නේ?
ReplyDeleteJohann = යොහාන්,
යෝගපාල = ජෝකපාල
සිංහල "ග"යන්නයි "ක"යන්නයිත් එහෙම වෙනවවගේ.
දෙමලවල නම් "ග"යන්න නෑ "ක"යන්න විතරයි තියෙන්නෙ මං දන්න තරමට
කනගරත්නම් , කනකරත්නම්
ඇයි ‘ත‘ යන්න සහ ‘ද‘ යන්නත් එහෙමයි. අපි නං ඔය නං කටේ හුරුවට හදාගෙන නෙ ඔහොම වෙලා තියෙන්නෙ.
Deleteමේ ලියන දෑතට සම්මා සම්ම්බුදු සරණයි...
ReplyDelete- කෙන්ජි -
මට අහන්න හිතුන. කවුදැ මේ කෙන්ජි කියන්නෙ? එයාට සිංහල ලියන්න බැරි ඇයිද? එයා බ්ලොග් ලියනවද?
Deleteආං .. අමතක උනා. බොහොම පිං කරපු ප්‍රාර්ථනාවට
එයා දන්නේ ශුද්ද හින්ගල...
Deleteඅපිවත් ගහ කපන තැනට එක්ක ගිහින් ඉන්නවා වගේ... සබර කියන්නෙ රබර් ගහටම නේද? අපෙ පැත්තෙ නම් වැස්ස කාලෙට රබර් වත්තට අඩිය තියන්න බෑ පටි කූඬැල්ලෝ කියන පටියක් වගේ දිග උන් ජාතියක් ඉන්නවා.
ReplyDelete‘සබර‘ කියන්නෙත් අපි කටේ හුරුවට හදාගත්ත එකක්. කූඩැල්ලංගෙං බයානකම දිය කූඩැල්ලො. කුඹුරුවල ඉන්නව උං. හැබැයි එල්ලුනොත් ගලෝනව බොරු.
ReplyDeleteමචන් ගහ කපපු තැන හිටිය වගේ . නිකම් මැවි මැවී පේන්න ගත්ත. කල්‍යාණ මල්ලි නිවාඩු වගේ. ඕන් මන් අපේ එකෙත් බෙදා ගත්ත.
ReplyDeletehttp://nelumyaya.com/?p=3082
ආං හොඳා. එළ එළ එලෑ
Deleteනිවාඩු නැතුව අජිත්තයිය.. නාහෙට උඩිං වැඩ.. මොනව උනත් ශ්‍රංග ගෙ බ්ලොග බලන්නැතුව පුලුවනෑ.. ඒකයි මේ තකහනියක් ආවේ.. තරහා අවසර හොඳයි..
Deleteආ... මං බැලුව මොකෑ තමුංනෑ මොකද නාවෙ කියල
DeleteThis comment has been removed by the author.
Deleteආඃ එහෙම මිසක්. මන් ඒත් බැලුව විචාරක බ්ලොගේ ආපු ඇනෝ ඇටෑක් එකෙන් පස්සේ ලජ්ජා හිතුනද කියල. අවුලක් නැහැ . ඇදගෙන යනවා හුදී ජනයා උදෙසා. යාං හෑල්ල නොදා පුළුවනෑ.
Deleteමම හිතුවා අර 'කර ගහ, කර ගහ' කතාවත් මෙතනට එයි කියලා.
ReplyDeleteකර ගහක් නං මාත් දැකල නෑ. හැටි සොබාව බලාගන්නවත්.
DeleteThis comment has been removed by the author.
Deleteසබර යනු රබර් ද ?
ReplyDeleteඈ බං සුරනෝ බොලගේ ආච්ම්මයි,අඬන පුංචාම්මයි දෙන්නා නියම ඩබලක් තමයි.බොලා කැමතිනම් පැත්තේ මරණ ගෙවල් වල වැඩ අල්ලලා දිය හැකි පුංචාම්මට.මොකෑ කියන්නේ.
ඕං උංදැව ඔය අඬන වැඩේට ගත්තොත් මං එහෙම නෑ වගකියන්න. මං ඉංතේරුවෙංම දන්නව අපේ පුංචම්ම ඔතන අඬන්න ගත්ත ගමං මළ මිනියත් නැගිටල “මොන ඉලගොට්ටක්ද? කනක් ඇහිල ඉංන හිතල මළායිං පස්සෙ මේ ‘අඬන හිරියෙක්‘ ඇහිල්ල මෙතන බලියනව. මාව විගහට කනට ඇබ දෙකක් ගහල වලලපියවු“ කියනු ඇත.
Deleteඋන්දැගේ ඇඩිල්ලට මළවුන් නැගිටින්න ගත්තොත් ගිනි විජ්ජුම්බරයක් විය හැකිවා සේම ආච්ම්ම සහා පුංචාම්ම දෙදෙනාට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීමෙන් මේ දිනවල වැදගත් පුවත් වන අප්පච්චි පන්සල් යාම,ජනපති සපත්තු ගන්න යාම,අගමැති xකයා වීම වැනි වැදගත් පුවත් යට යා හැකි බැවින් එසේ නම් මේ වැඩේ අත්හැර දමමු.වෙනින් බිස්නොස් එකක් හොයා ගන්ට උත්සහාකරමු.
Delete"මං හිටියට කමහ්නෑ. මට අහකට වෙතෑකි. මංගැන බය වෙන්නෙපා. ඕක පෙල්ලෙනකොට මට හැතැහ්මක් ගියෑකි"
ReplyDeleteස්ශ්‍රාඟඋබේඅත්තම්මනින්ජියක්දබන්?
නිංජො හොඳයි. ඔය වචනෙ උංදැට කිව්වනං කියයි වෙනිං එකක්
Deleteශ්‍රංග, නියම රනිං කමෙන්ට්‍රියක්.මමත් මෙච්චර වෙලාම හිටියෙ ගහ කපන තැන..
ReplyDeleteපරිස්සමෙං එහෙට්ට වෙලා ඉන්ට. නැත්තං ඔලුගෙඩ්ඩ බේරගන්න වෙන්නෑ
ReplyDeleteකොල්ලෝ ශ්‍රංග , හැමදා ආවත් පලවෙනි කොමෙන්ටුව....
ReplyDeleteෆීල්ඩ් මාෂල් අච්චම්මා ගේ වික්‍රම ඉමහත් ලෙස රස වින්දෙමි ...ඒ අස්සෙන් කියවෙන කොලු ගැටයාගේ කතාවද වින්දෙමි ..දිගටම ලියන්න ...
ඔහොම අඬන කෙනෙක් මමත් දනිමි . හින්දි ෆිල්ම් එකක් බලන්න ගත්තම මළ ගෙයක් වගේ
හොඳ වෙලාවට පුංචම්මලයි ගෙදර හිංදි පිච්චර් බලන්නැත්තෙ. නැත්තං ඉංදියාවෙ සිනමා කරුමාන්තෙටමත් ඒ මූසලකම ගහනව
DeleteHari mahansiy ban mechchara wela gahak kapala. Nedda hangapu gal baagayak. Eka gahala ube 24/7 andana nenda ekka penala yanna. Ha haa. Liyapan macho. Api kiyawanawa.
ReplyDeleteගල් ගනං වැඩියි. මං නං ගහන්නෙ අසූවෙ පොල් රා බෝතල.
ReplyDelete:-)
ReplyDelete