මේ තියෙන්නෙ අපි ගමං කල පාර. මීට අවුරුදු 6 කට විතර කලිං ගත්ත එකක්. |
කඩා වැටී හිර වුන සබර(මේක රබර් හෙවත් rubber නමින් හැඳින්වුනත් අපේ ගමට ඒක ඒ
ගහ ‘සබර‘ බවට පත්වුනා) ගහ ඒ වේගෙට තමංව රඳවා ගත් පුවක් ගහේ ඉදිච්චි පුවක් ගෙඩි හත
අටකුත් බිම දානව. ඒක දැක්ක ගමං ආච්චම්ම ‘කුප්පමේනිය මුලක් දැකපු බලලෙක් වගේ‘ වැටිච්චි පුවක් ගෙඩි ටික අහුලන්න පනිනව. බැරි
වෙලාවක් ගහ ගැස්සිල වැහ්නොත් ආච්චම්ම කෙනෙක් ගේන්න වෙන්නෙ කාටුන් එහෙකිං තමයි.
ඉතිං මං ආයිමත්
“ආච්චම්මෙ අර සරුපය කොතන ඉංනවද දන්නෑ. ඔය ටික
අපි අහුල දෙන්නං“
කියල වැඩේ බේරුව. ආච්චම්ම අතට අහුවෙච්චි පුවක් ගෙඩි ටික
අහුලගෙන අහකට වෙනව.
“තවක් ගෙඩි හතරක් වැහ්න ආං අර ලවල අස්සට.
මතක්කොරහං ඒක අහුලගන්න“
මං ආච්චම්මගෙ පුද්ගලික ලේකම් හැටියට ඒක මතක් කිරීමෙ
වගකීම බාරගන්න ඕනි.
ටිකෙං ටික බය ඇරිච්චි අයියත් අක්කත් මොට්ටු මල් ගහෙං
මොට්ටු කඩල නලලෙ ගහ ගනිද්දි, ආච්චම්මත් පුංචිත් දෙන්න ආයිමත් කයිවාරුව පටං ගෙන
ඇවිදින්න පටං ගත්ත හිංද බාප්පටත් මටත් තනියම ‘සබර‘ ගහ බාගන්න වැඩේ කරගන්න සිද්ද
වෙනව. පලමුවෙංම ගහේ අත පොවන මානෙං තියෙන කොටහ පොරවෙං කපනව. එතකොට ගස් තුනක් අතරෙ
හිරවෙලා තියෙන ගහ කොටස් දෙකට බෙදිල එක කොටහක් නිදහස් වෙනව. ඉං පසුසෙ ඉතුරු අගිස්
කොටහ හිමීට එහාට මෙහාට කරල පටලැවිල්ලෙං බේරගන්න පුලුවං වෙනව. ඒත් වැල් ගාල නිදහස්
කරගන්න අපිට ටිකක් කරදර වෙනව. මං තේ කපන මන්නෙ අරං වැල් ගාල කපල සුද්ද කරල ගහේ
අගිස්සත් බේරල ගන්නව. ඒ කටයුත්ත අවසං වෙනකොට ආච්චම්මගෙ ‘සාරෙට
හැදිල තිවුන‘ කෝපි ගස් දෙකක් ඌරො තලපු ‘හබරල ගහ‘ වගේ ආසනාසි වෙලා තියෙනව. සබර
ගහේ කඳේ ඉතුරු අතු දෙක තුනත් මන්නෙං කපල එව්වත් වෙනම තියනව. කඳ කුට්ටි කිරීමට
අඩවලට ගන්නත්, එයිං පස්සෙ දරට ගන්නත් ඒ කෝටු පොරෝජං වෙනව. පොරෝජං කියන්නෙ ‘ප්‍රයෝජන‘ කියන එකටයි.
බාප්පගෙ බඩ ගෙඩිය දිගේ වතුර වගේ දාඩිය ගලල ටෙනිස්
බෝලෙයක් වගේ බුරියට පිරෙනකොට එයා ටිකක් ඉඳගන්නව. මගෙත් කමිසෙ පිටට ඇලිල, අතේ ‘සබර
කිරි‘ ගෑවිල කලුපාට වෙනකොට ඕං ආයිමත් ආච්චමත්, පුංචිත්, අයියත්, අක්කත් ‘චරෝ බරෝ‘ ගාගෙන එතැංට එනව. ආච්චම්ම ‘කොලපොතක්‘ කිහිල්ලෙ
ගහගෙන එනව. ඒක පුරෝල පුවක්. ආච්චම්ම සුවර් එකටම මද්දුම්මහත්තෙ ආතගෙ පුවක් අරඹත්
සුද්ද කොරන්න ඇති. පුංචම්මගෙ අතේ කොළ මිටියකුත් තියෙනව. ගඟට බහින ඇල අද්දර තියෙන
‘මියන කොල‘ ගාලෙ රිංගල එව්ව කඩාගෙන ඇහිල්ලද කොහෙද?
“බොල දෙන්න තාම ඕක කුට්ටි කොලේ නැද්ද? මං
හිතුව දැං කුට්ටි කපල පලලත් වියර ඇති කියල“
ආච්චම්ම වැඩ පරීක්සක වසයෙං කියනව. ආච්චම්ම හිතන විදිහට ‘සබර‘ ගහක් කපන එකත් හරියට
පොල් අත්තක කොල ටික පෑහැල පොල් පිති කෑලි තුන හතරකට කපල අව්වට දානව වගේ වැඩක්. ඕං
ඔය වෙලාවට තමා සේරම දමා ගහල යන්න හිතෙංනෙ. ඒ වෙලේ බාප්ප ඉදිරිපත් වෙලා වැඩේ
බේරනව.
“හෙහ්, ඒක ලේසි නෑ. අපි දෙන්නට හොඳ ගනං.
තනියෙං පුලුවං වැඩක් නෙමෙයි. සුරංග හිටියයිං තමයි මෙහෙමවත් ඉවර උනේ. කෝ මේ අපේ
‘සුදු මහත්තෙය‘ එහෙම හිටියට මේවට උදව් කරනවයැ“
බාප්ප සිය පුත්‍ර රත්නයට ඇනුං පදයක් සමගිං වැඩේ බරපතලකම
කියා හිටිනව. ඕං ඔය අවස්තාවෙ නැවත වතාවක් සියලු දෙනාම සිය මතය ප්‍රකාස කරනව. එකවර
එකවිට.
අයියා :- “ඉතිං තාත්තට පුලුවං
හිංදනෙ මට කිව්වෙ නැත්තෙ. නැත්තං මං මේ රබර් ගස් සේරම උනත් එක පැයට කපල දෙනව“
ආච්චම්ම :- “ඒකට තමයි සු***ව එක්ක ආවෙ. නැත්තං මුට නිකං බත් ගිල්ල ගිල්ල තියං
ඉඳල වැඩක් තියෙනවයැ. සුදු මහත්තෙයට පුලුවනෑ මඩ ගාගෙන ඔය වැඩ කරන්න.“
පුංචම්ම:- “අනේ අපේ තුදු මාච්චෙයට බෑ නේද මයෙ අම්මො ඔය
වැඩ. ඇයි ජෝකේ ඔයා ඒම කියන්නෙ අපේ දරුවට“
අක්ක:- “අනි
අනී.. මගෙ තුදු මල්ලි පැටියට කුණු ගාගන්න දෙන්න බෑ“
ඔය ආදී වසයෙං අයියව බදාගෙන සිය දාඩිය මූණූ වලිං උට උම්ම
දෙක තුනකුත් දෙන්න ඒ අම්මල දූල කටයුතු කරනව. අවසානෙදි බාප්පයි මායි කට පියා ගන්නව.
ඒකට අපෙ ආතනං කියන්නෙ “කටයි පු** පියාගෙන පැත්තකට
වෙනව“ කියලයි.
“මැණිකේ. අර ගෙනාපු කහට ඩිංගක්වත් ගමුකො බොන්න.
හරිම මාංසියි“
මේං මේ අනභිබවනීය අවස්තාව එනකං තමයි මාත් බලං ඉන්නෙ. කහට
ඩිංගක් එක්ක සීනි ටිකක් තරං අපේ පරානෙට හයියක් දෙන්ට පුලුවං දෙයක් තවත් නෑ.
පුංචම්ම උදේ එද්දි ගෙනාපු කෑම ජාතිත් මොනවහරි මේ මල්ලෙ තියෙන්න පුලුවං. ඔය එක්කොම
තියෙන ‘බෑක් මල්ල‘ ආච්චම්ම දං ගහක බලට්ටක එල්ලල තියෙනව. අපි සියලු දෙනාමත්
කනාමුට්ටිය ගහන්න යන ක්‍රීඩකයො වගේ ඒ ‘බෑක් මල්ල‘ දිහාම බලාගෙන එතැංට යනව. ගහකිං
වැල ගෙඩියක් බාන්නාක් මෙන්ද, දුමෙං කරෝල මල්ල ගන්නාක් මෙන්ද, අටුවෙං වී කවරෙයක්
ගන්නාක් මෙන්ද ඉතා පරිස්සමින් ආච්චම්ම සිය අඩුම කුඩුම මල්ල ගහෙං බිමට ගන්නව. ඊළඟට
ඒක කලිං සදහං කල පරන ගස් කොටේ (අයියයි අක්කයි සෙල්ලං කරන්න යොදාගත්) උඩිං තියනව.
ඉං පස්සෙ මල්ල ඇතුලට අතදාල තවත් ‘සිලි සිලි‘ මල්ලක් අතට ගන්නව. ඔය ‘සිලි සිලි
මල්ල‘ කියන්නෙ ‘සිලික්කවරෙට‘ නැත්තං ‘සිලි කවරෙ‘ නැත්තං ‘සොපිං බෑක්‘ . එහෙමත්
වැටහුන් නැත්තං ‘ෂොපින් බෑග්‘. ඔන්න ඔය ‘සිලි කවරෙ‘ අස්සෙ පත්තර පිටුවක ඔතල තමයි
අදාල කෑම ජාතිය තියෙන්නෙ. ආච්චම්ම පලමුව සිලිකවරෙ ලිහල ඒක කොටේ උඩ දිගාරිනව. ඉං
පස්සෙ ඒක උඩිං තියල කඩදහිය දිගාරිනව. ආං බඩු.
“ඇවරියා“
ඒවට කියන්නෙ ‘ලැවරිය‘ කියල පස්සෙ කාලෙ දැනගත්තට ඒ කාලෙ
මං ඒවට කිව්වෙ ‘ඇවරියා‘ කියල. ඒ වචනෙ මං දන්න කියන කෙහෙල් ඇවරියත් එක්ක ටක්කෙටම
ගැලපුනා. පුංචම්ම ගෙදෙරිං අරං ආපු එව්වයිං පහක් ඉතර එතන තියෙනව.
“ආ ජෝකපාල,“
ආච්චම්ම පින්න කොලෙයක් උඩ තියල එක ‘ඇවරියක්‘ බාප්පට
දෙනව. පින්න කොලේ දන්නව නෙ. කැංද කොලේ වගේමයි. බුලත් නැති කාලෙට මිනිස්සු කන්නෙ
පින්න දලු. ඉං පස්සෙ උණුවතුර බෝතලේ කෝප්පෙට කහට ටිකක් වක්කරනව. ඒකත් බාප්පට දෙනව.
නිකං නෙමෙයි දෝතිං. ඉං පස්සෙ තවත් ‘ඇවරියක්‘ අතට අරං ඒකත් පින්න කොලෙයක් උඩ තියල
අයියට දෙනව.
“ආ. සුදු මාත්තෙයටත්“
ඉං පස්සෙ අනික් අයටත් ආරාදනා කරනව.
“චූටි, ඔය දූටත් දීල කාහං කො.“
හරියටම ඔන්න ඔය අවස්තාවෙ පටං ගන්නව කවුඩංගෙ, කපුටංගෙ,
කිරලුංගෙ, පිළිහුඩුවංගෙ වගේ කුරුල්ලං වගේ හිරිකිත ආහාර රටාව. බාප්ප එක කෑල්ලක් කාල
ඉවර වෙලා ‘ඇවරියෙ‘ ඉතුරු කෑල්ල වං අතේ උඩු අතට හරෝල තියාගෙන අනික් අතිං කහට ඩිංගක්
බොද්දි
“තාත්ති පැටීගෙ එකෙං මචච් කෑල්ලක් ඕඥි“
කියාගෙන බාප්ප ලඟට එන අක්ක බාප්පගෙ අතේ තියෙන ‘ඇවරිය‘ එක
මනාකොට තමංගෙ කට ඇතුලට දාගෙන ඉං ඩිංගක් කාල ඉතුරු ටික ඉතුරු වෙන්න ආයිත් කට අහකට
ගන්නව. ඒ අතරෙ අයියගෙ අතේ තියෙන ‘ඇවරිය‘ට පුංචම්ම වැඩේ දෙනව.
“මචච් ජෙඤ්ඤකො මගෙ චූචි මහච්චෙයගෙං ජිංගක්“
ඉතිං පුංචම්මත් අර විදිහටම මුලු ඇවරියම කට අස්සෙ දාගෙන
එයිං “ජිංගක්“ කඩාගෙන ඉතුරු ටික ආයිත් මුදාහරිනව. මේ බඩ දඟලන වැඩේ බලං ඉන්න බැරි
තැන මං අහකට යනව. මටත් ‘ඇවරි‘ බාගෙයක් හම්බු වෙනව. ඒ උනාට ඒක කන්න ගන්නකොටම මට
මතක් වෙන්නෙ පුංචම්මල, අක්කල, ‘ඇවරිවල‘ කෙල හලාගෙන කෑලි කඩාගන්න විදිහ. ඉතිං මං
මගෙ පංගුව ලවලකට විසික් කරනව කාටවත් නොපෙනෙන්න.
ඔය පුංචම්මලගෙ ගෙදර ආහාර පුරුදුත් හරි අමුතුයි. ඒ
ගෙදෙට්ට ඉස්කෝතු පැකට්ටෙකක් ගිනිච්චහම ඒක මාසෙයක් කනව. ඒ කියන්නෙ ඉස්සෙල්ලම
පැකැට්ටෙක කඩල කට්ටිය එක්කෙනා එක ගානෙ කනව. ඉං පස්සෙ ඉතුරු ටික ඔතල ටිං එහෙක දාල
තියනව. ආයි කහට බොන වෙලාවට ටිං එක ඇරල ඉස්කෝතු ගාන බලනව. ඉස්කෝතු පහක් ඉතුරුනං ගනං
බලනව, ආයි ගෙදෙට්ට ඉස්කෝතු පැකැට්ටෙකක් කවද ලැබෙයිද කියල. එහෙම නැත්නං බාප්පට පඩි
හම්බු වෙන්න දවස් කීයක් තියෙද කියල. තව සති තුනක් තියේනං කට්ටියත් එක්ක ගනං හදනව.
පහ තුනෙං බෙදුහම සතියට ලැබෙනව ඉස්කෝතු එකයි තුං කාලක් ඉතර. ඉතිං කට්ටිය සතියෙ දවසක
තේ බොද්දි අර ඉස්කෝතු එකයි තුංකාල හතෙං බෙදල දවසට ලැබෙන ඉස්කෝතු කාල හතර දෙනාට
බෙදා ගන්නව. එතකොට එක්කෙනාට ඉස්කෝතු 1/16 ක ප්‍රමාණයක් ලැබෙනව. ඔය විදිහට කූඹි වගේ
ඉස්කෝතු ලෙවකනව. ඒ අතරෙ අයියට ලැබෙන ඉස්කෝතු 1/16න් “ජිංගක්“ අක්කටත් ඕනි. එහෙම නියපොත්තෙං කොනහන
තරං ප්‍රමාණෙයක් අනික් අයට දීල කන එක එයාල කියන්නෙ
“බෙදාගෙන කෑම“ කියලයි. ඔය රංචුව මහගෙදර ආ දාට අපිත් බත්පංගු පරිස්සං කරගන්න
ඕනි. එයාල බත් කනකොටත් එහෙමයි. එක්කෙනාට එක්කෙනා “ජිංග, ජිංග“ කවාගන්නව. ආයි බත්
පංගුවට අතදාලත් කනව. දවසක් පුංචම්ම මගෙං “බජ්ජිංගක්“ ඉල්ලල මං බත් පිඟානම දුන්න
කියල මගෙත් එක්ක තරහත් වෙනව. ඒකට එයාල කියන්නෙ “මූ බෙදාහදාගෙන
කන්න ඉගෙනගෙන නැති එකෙක් කියලයි“
ඉතිං ඔය ආකාරෙට කට්ටිය “බෙදා
හදාගෙන“ කාල තේ කෝප්පෙත් “බෙදා හදාගෙන“ බොනව.
මාත් සීනි ටිකක් කාල ‘ගොඩපර‘ කොලේකිං ගොට්ටක් හදාගෙන ඒකට දාගෙන කහට ටිකක්
බොනව. ඔය විදිහට එදාට යංතං බේරිල ඉන්න
පුළුවං වෙනව. එයිං පස්සෙ අපි නැකිටල, පස්සවල් වල අත් පිහලද අල්ලෙ ඇලිල තියෙන සීනි
ටික බිමට හලල ආපහු වැඩ පටං ගන්නව.
බාප්පයි මමයි පෙරලගත්තු ගහ කොට කෑලි දෙකක් උඩ තියල ‘බංඩි
කියතෙං‘ අඩි දෙකක් ඉතර දිග කුට්ටි වලට කපනව. බාප්ප කියත අදිනකොට මං කියතට යන්න ඇරල
යංතං අල්ලං ඉන්නව. ඉං පස්සෙ මං කියත අදිනකොට බාප්ප කියතට මගෙ පැත්තට යන්න අරිනව.
ඔය විදිහට කියත හරි කෙලිං දෙපැත්තට අදින එකෙං ටිකෙං ටික කඳ කුට්ටි වලට කැපෙනව. අපි
කපන ලී කුට්ටි වල මහත අඩු එව්ව විතරක් ආච්චම්ම පොරවෙං පලනව.
“චාං. චස්“
“චාං. චස්“
“චාං. චස්“
“චාං. චස්“
සමහර වෙලාවට මගෙ අතිං කියත ඇදේට ඇල්ලිල හිරවෙනව. ඒ
වෙලාවට “චඃ“ කියල කියත නවතිනව. එතකොට ආච්චම්ම පොරව
අතෑරල අපි දිහා බලනව.
“ඔය කියතෙහෙමෙ කඩන්නෙපා. ඕක ඉස්සර සබර කිරි කපල සොටි විකුණල සුපියල්
හැත්තපහකට ගෙනාවෙ මතුගමිං. දැං අවුරුදු විසිපහකට වැඩී ඕකට. දැං ඒ ගාන්ට කියතක්
ගන්නබ්බෑ“
ආච්චම්ම මට සැර කරනව. උන්දැ ඒක ඒරොප්පෙං ගෙනාවත් මට
මොටද? හැබැයි මං ඒකෙං යමක් ඉගෙන ගන්නව. මගෙ අත රිදෙනකොට වැඩේ පොඩ්ඩකට නවත්තගන්න නං
කියත පොඩ්ඩක් ඇදට අල්ලන්න ඕනි. එතකොට කියත “චඃ“ කියල හිරවෙනව. බාප්ප ඒක ගලෝගන්න
දඟලන අතරෙ මට ඩිංගක් මාන්සි අරින්න පුලුවං. ඉතිං ඔය විදිහට කීපවලියක් කරන්න මට
සිද්දවෙනව.
කොහොමිං හරි කපාපු ගහ කුට්ටි කිරීමෙං පස්සෙ ගෙදෙට්ට ගෙන
ඒමත් කරන්න ඕන. ඒ වැඩේට අවශ්‍ය රථවාහන ආදියත් අපි ගෙනත් තියෙනව. ඉස්සරෝම කරන්නෙ
බාප්ප ගෙනාපු විල්බැරැක්කෙට ලනුවක් ඈඳන එක විල්බැරැක්කෙ රෝදෙ හයිවෙන යකඩ බටේ
ඉස්සරහට ඇහිල්ල නැමෙන තැනිං ලනුව ගැට ගන්න ඕනි. ඉං පස්සෙ බාප්ප කොට පහක් ඉතර
විල්බැරැක්කෙට පටෝනව. පටෝල ඉවරවෙලා එයා විල්බැරැක්කෙ හැඬල් දෙකිං අල්ලල උස්සගන්නව.
එතකොට මම ලනුව අල්ලගෙන ඉස්සර වෙනව. මං ලනුවෙං ඇදං යද්දි ඒ පස්සෙං විල්බැරැක්කෙ
ඇදිල එනව. ඊට පස්සෙ බාප්ප ඇදිල එනව. අයියත් බයිසිකලේ ලැකිජ්ජෙකේ පටවං එන්න පුලුවං
කොට තෝරනව. එයා කියන විදිහට එයාට ගේන්න සයිස් කොට එතන නෑ. ඉතිං එයා නිකම්ම
බයිසිකලේ පැදං එනව. ආච්චම්මත් පලාපු දර එක්කහු කරල මදුවැලකිං දර මිටියක් බැඳගෙන
යටිං කොලපතක් තියල ඔලුවට තියා ගන්නව. අක්කත් පුංචම්මත් ඉතුරු බෑක්, පෝච්චි එහෙම
අරගෙන ආච්චම්ම පස්සෙං අඬ අඬා එනව. ඒගමන පුංචම්ම අඬන්නෙ ආච්චම්ම දර මිටිය උස්සං එන
හිංද. ඔහොම වාර කීපයක් ගමං කරල අපි දර ටික
ගෙදෙට්ට ඇදගන්නව. අංතිම පාර මං කියත අරං එන්න ඕනි හිංද “නොවඳිනා වැඳුං වැඳල“ අයියව
ලනුව අදින්න එක්ක යන්න බාප්පට පුලුවං වෙනව. ඔන්න ඔය විදිහට දර ගෙනඒම අවසං වෙනව.
එදා දවසෙම වැඩකරල “හොඳටම හානි
වෙලා“ හිංද බාප්පත්, පුංචිත්, ළමයි දෙන්නත් එහෙ නවතිනව. හානි වෙනව කියන්නෙ
හොඳටම මහංසි වෙනවට අපේ ගම් මණ්ඩියෙ කියන වචනෙයක්. එදා රෑට “සාඩිං ටිං එකක්“ උයල හොඳට කන්න දෙන බව දන්න හිංද මමත් මහගෙදර නවතිනව.
එදා රෑට අක්කත්, අයියත්, බාල පුංචම්මත්, මමත් ඇතුලු පිරිස “ගීතයෙං ගීතය“ සෙල්ලම කරනව. ඒක කරන්නෙ මෙහෙමයි. ඔන්න අපි රවුමට
ඉඳගන්නව. එක්කෙනෙක් සිංදුවක් කියනව. ටිකක් කියාගෙන යනකොට තරඟෙ මෙහෙයවන බාප්ප
අප්පුඩියක් ගහනව. එතකොට සිංදුව නවත්තන්න ඕනි. නවත්තපු වෙලාවෙ අංතිමට කියවෙන අකුරෙං
පටං ගන්න සිංදුවක් රවුමෙ ඊළඟට ඉන්න කෙනා කියන්න ඕනි. ඔන්න අක්ක මුලිංම සිංදුව
කියනව.
සුරාංගනී.... සුරාංගනී.... සුරංගනීට
මාලුගෙනාවා..
මාලු මාලු මාලු මේ දැං ගෙනාපු මාලු...
සුරංගනීට ටහ්.
‘ටහ්‘ කිව්වෙ අප්පුඩියෙ සද්දෙ. එතකොට අවසං අකුර
‘සුරංගනීට‘ කියන වචනෙ අවසං අකුර වන ‘ට‘ යන්න. රවුමෙ ඊළඟට ඉන්න අයිය ‘ට‘ යන්නෙං පටං
ගන්නව.
“ටික්කි ටිකිරි ටිකිරි සිනා පා....ලා“
ඔය විදිහට රවුං කීපයක් යද්දි මට කියන්න වෙනව ‘බ‘ යන්නෙං
සිංදුවක්. බයන්නෙං සිංදුවක් මට මතකෙට එන්නෙම නෑ. අවුට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි
මතක් වෙනව ඒ දවස්වල “කෝපි කඩේ අප්පුව“ කියල කෙනෙක් සිංදු කියපු කැසට් පීස්සෙහෙක
තිවුන සිංදුවක්. ඒක කවුරුවත් දන්නැතුව ඇති. මටත් කියාදුන්නෙ ‘ගල්කොටුවෙ ගෙදර ආනංදෙය‘ . මං ඒක කියනව.
අපේ ගෙදර ඔරලෝසුවෙ බට්ට වැනෙයි..
බට්ට නටන තාලයටයි පුතා නටන්නේ...
පුතා නටන තාලයටයි බට්ට නටන්නේ...
ඒ දෙන්නා මැද්දට වී මාත් නටන්නේ “
“සටාස්“ **********
කීඊඊඊඊඊඊඊඊඊං
ඇයි යකෝ බට්ට වැනෙයි කියන්නේ කුණුහබ්බයක් ඇයි..
ReplyDeleteමේ ශ්‍රංගය උඹ වැඩේ කාලා.. කවුද උඹට කියුවේ මැද්දෙන් මැද්දට වචනවල තේරුං දදා ඉන්න කියල.. උඹේ කතාව කියෝනකොට ඒක නිකම්ම තේරෙනව.. එහෙම තෙරන්නැති එහෙකුට ඕන්නං පස්සේ අහ ගන්න බැරිය.. උඹ පණඩිතය වගේ ඒව කියල දෙන්න ගියාම අපිට බෝරිං නෙ.. මතක තියාගං දැන් මේක උඹට ඉතරක් නෙවෙයි අපිටත් අයිති කතාවක්.. එහෙම උඹට ඕනි ඕනි විදියට නටන්න දෙන්න බැ මෙතන.. හැක්..
හුකා..කමිය කෙලලා තාප්පෙට..මම දාන්න හිටපු කමෙන්ට් එක මූ දාලා...කපනවා අම්මපා සබර ගහක් උඹේ ඔලු ගෙඩිය උඩට....
Deleteබෝ මගෙ ඔලුවට සබර ගහක් කපනකොට මට හැතැක්මක් දීයැහැකි.
Deleteකතාව මැද්‍ෙදෙේව මැද්‍ෙදෙේ බුදියලා සුකුම් අලකරන්ඩ එපා බං
Deleteඅෙනෙේ ෙපෙොං එෙකෙන් ෙකෙොටන ෙකෙොට අවුල් බං බ
Deleteමූ මොකක්ද යකෝ මේ ගහපු අමු කුණුහබ්බේ?
Deleteගණං ගන්න එපා දිලා. බඩු බැස්සම ඕක හරියයි. :D
Deleteබැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ කල්යාණ මිත්‍ර වගේ කතාකාරයන්ගෙන්. ඒත් ඔන්නඔහෙ කියල දාන්නම් පුවක් අහුලන්න පනින ආච්චි වගේ.
Deleteමට නම් වචන තේරුම් කරන එකෙන් රසයට බාධාවක් වෙන්නෙ නෑ. සමහර තේරුම් කිරීම අනවශ්‍යබව ඇත්ත. ඒත් හානියක් නෑ. මටනම් ඊට වඩා බාධාවක් වෙනව තේරෙන්නෙ නැති වචනයක් අහුවෙලා කතාව ගලායන විදිහට කියවන්නෙ නැතුව ඒක මොකක්ද කියල හිතන්න වුනාම.
කල්යාණ මිත්‍ර හෝ අටම් සබර ගහ මගෙ ඔලුවට වැටෙන්න ඉස්සෙල්ල යන්නම්
Btw, රබර් ගහට ඒ නම් වැටුනෙ මකනය eraser නිසා බව දන්නවද? අතුල්ලල මකනවා = rub off = rubber
රබර් වලට ස්ලෑන්ග් තේරුමකුත් තියනවා KM ඒව නම් හොඳට දන්නව ඇති.
//රබර් ගහට ඒ නම් වැටුනෙ මකනය eraser නිසා බව දන්නවද? අතුල්ලල මකනවා = rub off = rubber // වාව්.. ඒක දැන ගත්තේ අද.. මං ඇත්තට හිතාගෙන උන්නේ ඕකේ අනිත් පැත්ත. Eraser එකට rubber කියන්නේ ඒකේ තියෙන රබර් ගතිය නිසා කියලා.. rub off කියනෙක ඔළුවට ආවෙම නෑ කියහංකෝ.. රත්නපුරේ මගේ බැචෙක් ඉන්නවා හැම මගුලම කියල අන්තිමට කියහංකෝ කියනව.. ඉතින් අපිත් ඌ කියපු එක රිපීට් කරනව. අන්න එතකොටනම් රබර් වගේ ඇදේ...න වල්ගර් ස්ලෑන්ග්ස් ටිකක් අහගන්න පුළුවන්. ඊට අමතරව ඔය එක එක ස්ලෑන්ග්ස් දැන ගන්න මොකෝ මං නරක ළමයෙක් කියල හිතුවැයි? මං කොච්චර හොඳ උනත් හැමෝම හිතන්නේ එහෙමද මංදා.. කොහොමත් rub of the green මේ දවස් වල නොට් ගොයින් ටු ෆේවර් මී කියල හිතෙනව. :(
Deleteස්ලෑංග් රබර් ගැන මරු කතා දෙකක් මතක් වුනා....ටිකක් දිගයි...පස්සෙ වෙලාවක කියන්නං ...හොඳද?..:)
Deleteඔය කමිය වගේ බදුලු ගමයෝ කියනවා අහන්ට එපා කොලුවෝ. වචන වල තේරුං ලියහන් අපටත් එක්ක.
Deleteපළාතෙන් පළාතට භාෂාව වෙනස් වෙන හැටි නම් අපූරුයි. කම්මල කීවා වගේ වචන වල තේරුම් දාන්න එපා. ඒකෙන් කතාවෙ ගලාගෙන යන රසය එක්ක කතාවෙ තියෙන සජීවී ගතිය නැති වෙනවා. ලංකාවෙ කොහෙ ඉපදුනත් ඔය වචන තේරෙනවා කතාව එක දිගට කියවද්දි අනික් වචන එක්ක එකතු උනාම.
ReplyDeleteසමාවෙන්න.. කම්මල නෙවෙයි කල්‍යාණ මිත්‍ර.
Deleteමිං පස්සෙ ඔය කිව් හැටියට ලියන්නං. බෝම ඉස්තූතියි.
Deleteමිං පස්සෙ ඔය කිව් හැටියට ලියන්නං. බෝම ඉස්තූතියි.
Delete/සමාවෙන්න.. කම්මල නෙවෙයි කල්‍යාණ මිත්‍ර./
Deleteඅවුලක් නෑ මමත් ඒකම තමයි කියන්න හිටියෙ. ඊට කලින් මට කඩේ යන කොල්ල ඒක කියල.
This comment has been removed by the author.
Deleteමොකද අප්ප මේ ඩබල් ඩබල්. කට්ටිය රියල් ඩබල් ගහනවද මන්ද.
Deleteමේං තව එකෙක් . මේහ් එක එකා කියන විධිහට නැතුව ලියහන්.
Deleteඔවු යාං...එ්කෙන් කතාවට ගොඩක් හානි වෙලා...වෙනදා විඳින රසය අද විඳින්න බැරි වුනා
ReplyDeleteආයේ එහෙම නොලිය ඉන්නං.
Deleteආයේ එහෙම නොලිය ඉන්නං.
Deleteඋඹ ඔය කියන අප්පුවගේ කැසට් එකක් මගේ ගාව තිබුනා.. ඒ දවස්වල මම අහන්නෙම ඕක..
ReplyDeleteඔක්කොම වගේ සින්දු තිබුනේ හින්දි තනු අනුව. එකක් තිබුනා,
ජොකා ජොකා ජොකා මගෙ ජොකා
මගෙ පවුලටත් වඩා වටිනවා මගෙ ජොකා
එහා ගෙදර මළ යකා ඉල්ලනෙම මගෙ එකා
කොයි කාටත් දෙන්නම නෑ මගෙ ආදර මගෙ ජොකා
ඕක අපේ නැන්දම්මත් කියනවා.. පස්සෙ හාමිනා කියලා දීලා ඕක කියන්න එපා.. ජොකා කියන්නේ ජොකියට නෙමෙයිය, ලන්කට් එකටෙයි කියලා...
Mage joka..
DeleteHonda ekaa..
Aadara bara,
Jok raja.. Ha ha haa.. Mageth aasama piece eka. Oka daala thaththagen awankawama guti kewa..
ඔය කැසට් එක අපෙ තාත්තා ගෙනල්ලා එක දවසයි අහන්න හම්බ වුණෙ කියහංකො. ඊලග දවසෙ කැසට් එක කුණු ගොඩේ. තාත්තම විසික් කරලා.
Deleteඕකෙ තිබුණා සිංදුවක්,
"ලබ්බටත් ආසයි පුහුලටත් ආසයි
දෙකම අතගෑවොත් ඔන්න වැඩ වරදියි" කියලා..
තවේකක් තිබුන. “ලේනා මගෙ ලේනා. නෝනා දැක්කොත් වියරයි“ කියල.
Deleteඔය කැසට් එකත් එක්කම අප්පුව කොපි කඩෙනුත් නැතිව ගියා නේද? ජොක් සිංදුව නම් මගෙත් ප්‍රියතම එකක්. ගෙදර ඉන්න වෙලාවට කියල බැනුම් අහගන්න නියමයි හෙහ් හෙහ්
DeleteIt isn't circle pilgrimage my dear. More precisely it should be 'Circular Pilgrimage'
ReplyDeletepilgrimage circuit ?
Deleteමරු ශ්‍රංග. උඹටත් කෑම කන හැටි බලා ඉඳලා කෑම අප්පිරියා වෙනවා නේද? මම ඒක දැන් කීප වතාවක් නෝට් කලා. මටත් ඕක ටිකක් තියෙනවා.
ReplyDeleteමට නං හොඳටම
DeleteMacho. Raha poddak aduwela. Lunu madida wathura wedi welada danne ne. Una liyana widihata liyahan macho. Digata liwwath kotata liwwath yaan heellata api enawamai. Jaya wewaa..
ReplyDeleteමිශ්‍රනේ වෙනස් වෙලාද?
Deleteඅර සටාස්......... කීං........ කිව්වේ කණේ පාරක් වැදුනද? ඇයි යකෝ, කතාව කියාගෙන ඇවිත්, අන්තිමට කණේ පාරක් දීලානේ නවත්තලා තියෙන්නේ.
ReplyDeleteඑතකොට තමයි අනික් කොටසට කුතුහලේ ඇවිස්සෙන්නෙ
Deleteඈ බං සුරංග ගැට පද විවරණත් වරහන් ඇතුලෙ දාල ලියන කතා උඹ කොහේදි හරි දැකල තියනවද ?
ReplyDeleteඋබට ඔන්නං ගැට පද විවරණය වෙනම ලියපන්
උබත් කමෙන්ට් ටිකක් වැටුනහම ෆෝම් වෙනව නේද ...
අඩේ ඒම කියන්නෙපා බං. මට එතකොට එපා වෙනව. අනික කොමෙන්ට් කියන්නෙ ඡන්දවත්, සල්ලිවත් නෙමෙයිනෙ.
Deleteශ්‍රංගයො අර කමිය කියල තියෙන වගේ පද වල තේරුම දාල වැඩේ අවුල් කරන්න එපා.
ReplyDeleteපුදුමයි බොලාට හිතුතෙ නැති එක පුවක් අහුලන්න ගිය වෙලාවෙ ආච්චම්මගෙ ඔළුවට සබර ගහ පතබෑඋනානං හොඳයි කියල.
දැං ඔය කණේ කීං ගාන එක දවස් කීයක් තියෙනවද?
ශතියක් පමණ
Deleteමං හිතන්නෙ පෝස්ට් එක ලියන කං කණේ පාරෙ සද්දෙ තියන්නෙ ඇති හිහි
ReplyDeleteදුක හිතෙනව අය්යෝ අච්චර වැඩ කරලත් ගුටි කන්න වෙච්ච එක ගැන
හිහි
ඒම තමයි. වැඩකාරයට සලකන්නෙ එහෙමනෙ
Deleteකතාවෙ මැදට පැනල වචනාවල තේරුම් විස්තර කරන්න යන්න එපා ශ්‍රංග.දන්නෙ නැති කෙනෙක් ඇහුවොත් කියල දෙනවා මිසක.
ReplyDeleteබුලත් වෙනුවට පින්න දළු කනවා කියල අයි දන්නෙ.තිත්තයි නේද.
මාත් දවසක්ද කොහෙද කෑව. අවුලක් නෑ. කෑහැකි.
Deleteශ්‍රංගයො උඹලා පුංචම්මලා දන්නවා බෙදා ගෙන කෑමේ තියෙන ආනිසංස.ඔය බෙදාගෙන කෑම එක්සත් ජාතින්ගේ සංවිධානයයේ "ලෝක ආහාර කමිටුවට"ආරංචි වුනොත් උඹලෑ පුංචම්මලා පවුලට සම්මාන දෙනවා.
ReplyDeleteකවුඩු පනික්කි සංමානෙ තමා ඉතිං
Deleteමු කොම්පිතරේ ඉස්සරහ වාඩිවෙලා බ්ලොග් ලිය ලිය ඉන්නවටද දන්නේ නැහැ "සටාස්" ගාල කණේ පාර වැදුනේ...
ReplyDeleteමටත් කවුරුහරි කාල බාගයක් දෙන කෑමක් කන එක සමහර වෙලාවට අවුල්. ඒ ලැබෙන විදිහ අනුව...
අදනම් පෝස්ට් එක කොටයි බොල...
කවුරුවක් කටේ ගහපුව කන්නෙ කොහොමද? අදටත් මට බත් පංගුව බෙදාගෙන කන්න පුලුවං මගෙ චූටි මැණිකෙ එක්ක ඉතරයි. මොන හේතුවකටද මංද වෙනිං මොකෙක් අත තිබ්බත්, යංතං හොස්ස ගැහුවත්, කන්න බෑ. අනික මොන කෑමක් උනත් ඒක ජරාවකට සමාන ආකාරයේ නොවිය යුතුයි. ඒක හිංද මට කැඳ, අලිගැටපේර බීම ආදී අරහං කෑම ගොඩක් තියෙනව.
Deleteකණේ පාරකින්ද අවසාන වෙන්නෙ........ඕක කුණුහරපයක් නං මහ උන්ට තිබ්බනෙ ඔක කියන්න හොද නෑ ලමයො කියල අවවාදයක් දෙන්න. ගහන්න කලින්
ReplyDeleteවැඩ කාරෙයන්ට එහෙම කරුණාවෙං සලකන්නෙ කොයි රටේද?
Deleteඅපේ අම්මගෙ අම්මට අපි කිව්වෙ ගමේ අම්ම කියල.ඒ පැත්තෙත් හරියට රබර් තිබ්බා.ගමේ අම්ම රබර් වලට කිව්වෙ රබොට් කියල.
ReplyDeleteඔව්. ඔව්වට රබොර් කියලත් කියනවනෙ.
Deleteමම හරිනං ඔය බට්ට වැනේ ඔරිජිනල්ම සින්දුව හෙන්රි ගායක අන්ද කල්දේරාගෙ
ReplyDeleteනෑ නේද? මිනිහ එතරං කුප්ප සිංදු කිව්වෙ නෑ. මිනිහ කිව්වෙ
Delete“ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා..
හිතවතකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා.....ආ..
කිමද මේ කරුමේ....ඒ...
මට නොහැගේ කලු දෙබරේ“
වගේ එව්ව විතරයි.
මට මේක කියවල රස විදින්න බෑ බන් ඒක ඇතුලෙන් පේන පොඩි කොලු පැටියා නිසා. මහ කාලකන්නි දුකක් දැනෙනවා.
ReplyDeleteඇනෝ මහත්තෙයො,
Deleteතමුන්නැහැ වගේ එක මනුස්සයෙක් අපේ ගමේ උන්නනං,
* මං දොස්තරෙක්
* මට හයියෙං ඇහෙන සද්ද අහන්න පුලුවං
* කවුරුහරි කකුල් පොලවෙ හප්පනවට බයවෙන්නෑ
* මගෙ දකුණු කකුලෙ දණිස්ස කොච්චරවත් ‘කටස්‘ ගාන්නෑ
හැබැයි
*තමුන්නැහැලට කියොවන්න මේ වගෙ බොලොග් එකක් නෑ
කොහොම උනත් මට සතුටුයි. තමුන්නැහැට හරි ඒක පෙයිච්ච එක. කවුරුහරි මේක කියෝල අසාදාරනේට ලක්වෙන ලමෙක්ට සාදාරනේ බේරල දෙනවනං ඒක තමා වටින්නෙ.
මේ ඇනෝ කියපු වචන ටික ගොතාගන්න බැරුව මම හිටියේ.
Deleteසමහර නෑයන් අහේතුවකට අපිව නොසලකා හරිනවා. මම මගේ පවුලේ සියල්ලන්ටම වඩා පෙනුමෙන් කළුයි. ඒ නිසා මම වැඩකාරයා උනා එයාලගේ. මගේ පවුලේ අයත් එය එතරම් ගණන් ගත්තේ නැහැ. සුරංග මේ දේවල් කියනකොට හිතේ ඇතිවෙන හැඟීම ඒ නිසා මට තේරෙනවා. සුරංග කියනවා වගේ මම හිතින් තදට හිතාගෙන ඉන්නේ මේ අත්දැකීම කාටවත් විඳින්න මම ඉඩතියන්නේ නැහැ කියල.
ප.ලි. සුරංග ඔබ හිතනවා නම් ඔබ මෙහෙම නොවී දොස්තර කෙනෙක් වෙන්න තිබ්බ කියල, මිත්‍රයා ඒක එහෙම නෙවෙයි.
Really touched bro! I too had experienced the same
Delete/ ආච්චම්ම :- “ඒකට තමයි සු***ව එක්ක ආවෙ. /
ReplyDeleteඒ බං උඹට ආච්චිඅම්ම කියන්නෙ සුරංචියා කියල නේද?..:)
උංදැල කාලෙං කාලෙට ඒක මාරු කරනව. ‘සු‘යන්නෙං පටං ගන්න ඕනි වචනෙයක් මාව අමතන්න යොදාගන්න ඒ අයට පුලුවං. අලුතිං ඒ වගේ වචනයක් ටීවියෙකේ, රේඩිවේකෙ ඇහිච්ච ගමං පරණ නම අහක්වෙලා ඒ අලුත් නම ඈඳනව. ඉතිං මාත් දැනගන්නව ඒ කියන්නෙ මටම තමයි කියල. ඒ නං මෙතන කියන්න බෑ. කිව්වොත් එහෙම හැමෝම මට ඒ නං කියන්න පටං ගනී. වනේ වන වන ඉන්න හතුරෙකුටවත් ලැජ්ජ බය ඇතුව අහං ඉන්න පුලුවං නං නෙමෙයි එව්ව.
ReplyDeleteමට නං පේන්නෙ මෙයාට ආච්චම්ම එක්ක විතරක් නෙවෙයි බාප්පලා පුංචම්මල එක්කයි, ඊටත් වැඩිය අයිය එක්කයි එක්ක පරාණ වෛරයක් තියෙනව... හි හි ( ඒක මං හිතන්නෙ ඒ කාලෙ පෙන්නන්න බැරි ගානට තිබිල, ටික ටික වැඩි වෙලා මේ වෙනකොට පරාණ වෛරයක් වෙලා තියෙන්නෙ... හි හි)
ReplyDeleteමේ ඔය බෙදාගෙන කන්න බැරි කම ලෙඩක්.. ලෙඩක් කිව්වට ලෙඩක්මත් නෙවෙයි... අර මට තියෙන ‘ දුවන පඩිපෙලවල් වල යන්න තියෙන බය වගේ එකක්...
ඔයාට ඔහොම හිතෙන එක ගැන වරදක් කියන්න බෑ. හැබැයි, ඔයත් දවසක් හරි මං හිටපු ජීවිතේ ගතකරා නං ඔයාට මං කියපු දේ වැටහෙනු ඇත.
Deleteඒක වෛරයක් නෙවෙයි කෞෂි , කලකිරිල්ලක් මම හිතන්නේ.
Deleteඑහෙම තමයි බොලන්ලා.... කොහොමත් නෑයො කියන්නෙ වේයන්ටත් අන්න ජාතියක් කියන ගොඩේ මමත් ඉන්නෙ... මගේ ඉතිං ජීවිතේම එක දවසින් කෑව උන්නෙ නෑයො කියන්නෙ.... හැබැයි ඉතිං ඔය ආච්චම්මල පුංච්චම්මල වගේ එක්කෙනෙක් මට හිටියනං, ඔය පස්සෙන් ඇවිද ඇවිද ඉන්න ජීවිතේ ඉන්නෙ වැඩිම උනොත් බස් එකක තනියෙන් යන්න පුළුවන් වෙනකං විතරයි... ඒ අතින් සුරංග හොඳයි...
Delete( හැබැයි ඉතිං මගේ කට නං තිබ්බ... ඔය ආච්චම්මල දෙන්න එහෙම අනිත් උන්ව ලොකු කරන් කතා කරනකොට අනේ මේ ඔය මහ ලොකුවට කෙරුවට අන්තිමට ආච්චම්මට ඉතුරු වෙන්නෙ අපි විතරයි කියල සභාව මැද්දෙම හොඳට හයියෙන් එක පාරක් කිව්වම, මෙකී නොකී සියලුම නෑයෝ කට වහගන්නව.... හි හි අන්තිමට ඒකම තමයි දෙන්නටම උනෙත්... )
කෑම සම්බන්දව නම් මාත් ඔහොමම තමයි. ජිවිතේ කවම දාකවත් බෙදා ගෙන කාලා නෑ. ඉස්කෝලේ එවුන් කද්දී ළඟ ඉන්නෙත් නෑ. ඉඳුල් පෙන්නන්න බෑ. අනුරාධපුරේ ගිය වෙලාවක ගියා තැනකට දවල්ට කන්න. එතන ඇත හෝදන සින්ක් එකට දැල් කුඩයක් දාල, ඔක්කොම ඉතුරු බිතුරු එකේ ඉතුරු වෙලා වතුර ටික විතරක් බැහැල යන්න. ඒක දැකල ආපහු හැරිලා ආව කන්නේ නැතුව..... .. ශ්‍රංග ගේ සපත්තුවට බැහැල කියවද්දී, හිනා වෙන්න ඕනේ තැන්වල මම අඬලා මචං
ReplyDeleteඒකනෙ. සමහර කෑම වර්ග තියෙනව එව්වගෙ භෞතික ස්වභාවය හරි නෑ. උදාහරණයක් වසයෙං කීවොත් අලි පේර බීම = දියරමය ගොම, කැඳ = කබරය. ඒක නිසා මං යෝජනා කරනව ඔය කඋඹ වර්ග ඇස් පියාගෙන ජාතිය නොදැන කෑ, බී යුතුයි කියල.
ReplyDeleteඅපිටත් කන්න එපා කරවනව මේකා ඉඳගෙන... හි හි...
Deleteඒම කියන්ටෙපා.. මේ කෑම ජාති කොයි තරං තියෙනවද කන්ට එපා කොරපු ජාතියෙ එව්ව. බලන්න දැං ඔය වම්බටු, බණ්ඩක්ක වගේ ජාති හරිම සෙවලයි. කංට පුලුවංය? ඔය වටලක්පං වගේ ජාති හිල් හිල් හැමතැනම. කංන අජූතයි. තව කියංඥං
Deleteඋඹ මොනවද බන් එතකොට කන්නේ
Deleteපාං, බෙරි නොවිච්ච බත්,බෝංචි, අල බැදුං, හතරැස්වට කපාපු ලූණු බැදුං (දික් අතට කැපුවම පනුවො වගේ), කොස්, විස්කෝතු, කේක්, බීට්ටල, බෙරි නොවිච්ච පරිප්පු (බෙරි උනාම කැතයි) ආදිය
Deleteමමත් බලන් ඉන්නෙ උඹට කනේ පාර වැදුනද කියලා
ReplyDeleteඑල ද බ්‍රා
වැදුනද කියල?
Delete// “ඒකට තමයි සු***ව එක්ක ආවෙ. නැත්තං මුට නිකං බත් ගිල්ල ගිල්ල තියං ඉඳල වැඩක් තියෙනවයැ. සුදු මහත්තෙයට පුලුවනෑ මඩ ගාගෙන ඔය වැඩ කරන්න.//
ReplyDeleteමට උඹේ අච්චාම්මව එපාවටම එපා වුනා බන්. හොඳ වෙලාවට එහෙම ආච්චිලා හිටියේ නැහැ. මට උඹ ගැන දුකයි හොඳටම. ආච්චි අම්මල මුණුපුරන්ට මිනිපිරියන්ට කොච්චර ආදරෙන්ද ඉන්න ඕනේ.
මටනං ඒ හැටි එව්ව ගැන වගක් නෑ. ඒවගෙං තමා මං ඉගෙනගත්තෙ කනෙං රිංගන විදිය, සල්ලි හමුබුකරන හැටි, සමාජයෙ නොවැටි ඉන්න හැටි හෙම. දැං ඒ අයට වයසයි. මට ඕන්නං පුලුවං ඔය සේරටම මට කරපුවට හරියන්න රිටන් එක දෙන්න. සමහරුංව මහ පාරට දාන්නත්, තවත් සමහරුංව පාච්චල් කරන්නත් හොඳටම අවස්තාව තියෙනව. මට දැං ඒවයෙං වැඩක් නෑ. මොකද ඒ අය එක්කෙනෙක්වත් දැනට මං තරං සතුටිං නෑ.
Deleteමට ඕනි කරල තියෙන්නෙ තවත් කවුරුහරි පොඩි ළමයෙක්ට වහල් විදිහට සලකන එක වැරදියි කියල පෙන්නන්න විතරයි.
දැන් ඔය පුන්චම්මගේ සුදු පුතණ්ඩිය මොනාද කොරන්නේ ?
ReplyDeleteසුරංග.. උඹේ බ්ලොග් එක මුල ඉඳල කියවන අවස්තාවක් ලැබුනේ අද.. මෙතක් දවස් මම උඹේ ආච්චි අම්මගේ චරිතය රසවිඳපු එකෙක්. එත් මේ පොස්ට් එකෙන් පස්සේ මමත් උඹ වගේම උඹේ ආච්චි අම්මව පිළිකුල් කරනවා. මට උඹේ ළමා කාලය ගැන හරිම දුකයි... උන් මහා කාලකන්නි හැත්තක්..
ReplyDeleteමගේ ඥාති ගෙදරක උඹ වගේම කොල්ලෙක් උදව්වට ගෙනත් තියන් හිටිය මම පුංචි කාලේ. මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා මගේ ඥාති නැන්දා ඒ පොඩි දරුවාගේ කනෙන් උස්සන හැටි.. අද ඒ ඥාති කෙනා පිළිකාවක් හැදිලා දුක් විඳින හැටි දැක්කාම මට මතක් වෙන්නෙම එයාගේ තිබ්බ නපුරුකම්.. මේ සංසාරය හරිම භයානකයි.. කර්මය එලවාගෙන ඇවිත් දෙන්නේ වැල් පොලී එක්ක.. උඹේ ඥාති වරිගයාටත් මේ කර්ම වලින් ගැලවෙන්න ලැබෙන එකක් නැහැ.. මම උඹෙන් එක දෙයක් ඉල්ලනවා.. ඒ පහත මනුස්ස කොට්ටාශයට වයිර කරලා උඹ පවු සිද්ද කරගන්න එපා. පුළුවන් තරම් මයිත්‍රී කරපන්.. කරන්න අමාරු තමයි.. එත් කරන්න උත්සහ කරපන්..
a good post.
ReplyDelete