Monday, May 25, 2015

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma - 4

නානාප්‍රකාර වන්දනා නඩ සිරීපාදෙ වඳින්න යනව. මං ඒ අය දිහා බලං ඉන්නව. ගංවලිං ආපු මැදිවයසෙ අය කණ්ඩායම්වල ‘ගුරා‘ ඔලුවෙ තලප්පාවක් බැඳගෙන අතේ හැරමිට්ටක් තියාගෙන සිය නඩේ මෙහෙයවනව. ඒ අතරෙ ළමා ළපටි, දෙමාපිය ආදීන්ගෙන් සැදුම්ලත් ගාලගෝට්ටිත් තියෙනව. ඒ නඩවල ඉන්න පුංචි එවුංව සෙල්ලම් බඩු කඩවලින් මුදවා ගැනීමේ මහා මෙහෙයුමේ අම්මලා යෙදෙන අතරෙ බිම අඩි හප්පමින්, පොළවෙ පස්කන පුංචි එවුං මරහඬ දෙමින් අඬනව. ඒ පස්සෙං තාත්තල අතිං කටිං බඩු මලු එල්ලගෙන යනව. තව තරුණ, තරුණියං විතරක් ඉන්න කණ්ඩායනුත් ඉන්නව. කලිසං ඇඳල පංකොල තොප්පි දාගත්ත තරුණියො සංග්ලාස් දාගෙන ඉන්න තරුණයංගෙ අතේ, උරෙස්සෙ, බෙල්ලෙ, කමිසෙ හෝ අතට අහුවෙන වෙනයං තැනකිං අල්ලගෙන යනව. ඒගොල්ලං තමයි නිස්සද්දම කණ්ඩායම්. ඒ නඩවලිං ඇහෙන්නෙ හීං ‘මුනු මුනු‘ සද්දෙකුයි යංතං හිනාවෙන ‘හිචිස්‘ සද්දෙකුයි විතරයි. ආයි එනව තරුණයං විතරක් ඉන්න කණ්ඩායං. ඒ ගොල්ලංගෙ කරේ ලොකු ‘රේඩිවේකක්‘ හරි ‘කැසට් පීස්‘ දාන පීකර දෙකේ ‘කැටස්‘ එකක් හරි තියෙනවමයි. ඒ වගේම පැත්තක් වහුං ඇරපු බෙර, ඩොල්කි, තප්පු වගේම ‘සිලිං බිලිං‘ ගාන වාදන බාන්ඩ එහෙමත් තියෙනව. ඒගොල්ලො තමයි සද්දෙ වැඩිම කණ්ඩායං. ඒ අය සිංදු, හූ වගේම දෙපිට කැපෙන කතාත් තියනව. ඔය අතරෙ වයසට ගිහිං හොඳටම අමාරු අයත් අරං දවස් ගණනක් ගමනේ යෙදෙන අයත් ඉන්නව. සමහර අයව පුටුවල තියල උස්සගෙනත් යනව.
ඉතිං අපිත් ගමන පිටත් වෙනව. සේරටම ඉස්සර වෙන්න කියල ආච්චම්ම පහු වෙනව.

“හා, එහෙනං සමං දෙයිහාන්දුරුවංගෙ පිහිටෙං කරුණාවයි, කරුණාවයි“

එතැන් සිට බාසාව මදක් මාරුවෙනව. ඉං පස්සෙ ‘යනව‘ කියන්නෑ ‘කරුණා කොන්නොව‘ කියල කියනව. ‘එපා‘ කියන්නෙත් නෑ ‘කරුණාවයි‘ කියනව. මොනවත් දෙන්න ඇහුවත් ඕනිනං ‘කරුණාවයි‘ කියනව . එපානං ඒත් ‘කරුණාවයි‘ කියනව. යන්න කියනව නං ‘කරුණා කරන්න‘ කියනව. නවතින්න නං ඒත් ‘කරුණා කරන්න‘ කියනව. ඉතිං අපිත් ඒකට හැඩ ගැහෙනව. නැත්තං ආච්චම්ම කට වරද්දගත්ත එකාගෙ ‘හොක්ක තලන්න‘ ඉදිරිපත් වෙනව. ඉතිං ඔය වැඩෙං තවත් සෑහෙන වැඩ අවුල් වෙනව.
හැමෝම ‘සාදු සාදු සා....දු‘ කියල ගමන පිටත් වෙනව. පළාබද්දලින් පටං ගත්ත ගමන කඳු අතරින්, අතරින් පතර ඇති ගල්පඩි, ගල්මුල්, උඩින් ඇදීගෙන යනව. මාත් දිග බෑක්කෙකත් එල්ලගෙන ආච්චම්මගෙ උපදෙස් අනුව ඉස්සර වෙලා යනව. ‘ලීහිණිහෙළ, ආඬයම්බලම, ආදී වශයෙන් එක එක තැංවල අම්බලම් පහු කරගෙන ඉදිරියටම යනව. ඔය අතරෙ ඉක්මනින් යන වෙනත් නඩෙයක පිරිමි ටිකක් අපිව ඉක්මනින්ම පහු කරනව. ඕං ආච්චම්මට සැක හිතෙනව.

“රංඔල නංගියේ, පොඩ්ඩියේ, රංඔල නංගියේ, රංඔල නංගියේ, පොඩ්ඩක් කරුණාවයි (මේ කියන්නෙ ටිකක් ඉන්න කියනෙක) කෝ බලහං ඔය කෙල්ලෝ දෙන්න ඉන්නවද? නැත්තං ඔය යන එකෙක් එක්ක අතිං අල්ලං යයි“

ආච්චම්ම බෙරිහං දෙනව. උන්දැ හිතන විදිහට ඒ කෙල්ලො දෙන්න බලං ඉන්නෙම කවුරුහරි අතිං අල්ලගන්නකං. අල්ලපු සැනිං ඒ දෙන්න රොබෝවරු බවට පත්වෙනව. ඉංපස්සෙ අල්ලගත්ත එකා එක්ක යනව. මාත් ලොකු වෙලා ‘බත් උයන්න‘ ගෑනියෙක් ගන්න ඕන උනදාට කාගෙ හරි අතිං අල්ලගන එක්කං යනව (ඒ දවස්වල මං හිතං හිටියෙ කසාද බඳින්නෙ බත් උයාගන්නයි රෙදි හෝදගන්නයි කියල)

“මේ ඉන්නෙ අක්කෙ, උං දෙන්න ඉන්නව“

රංඔල ආච්චි අම්මත් ආපහු කෑ ගහනව. ඉං පස්සෙ නවතිනව.

“හා. හා. එහෙනං කරුණාවයි. මං ගැන බලං ඉන්න ඕන්නෑ. උඹල කරුණාවයි“

ආච්චම්ම කියනව. ඉතිං ආයිත් අපි ගමන පටං ගන්නව. ටික දුරක් යනකොට පිරිමි කාණ්ඩෙ ඉස්සර වෙනව. ආච්චම්ම ටිකක් පහු වෙනව ගෑනු ටිකත් එක්ක. උන්දැ පටං ගන්නව කයිවාරුව. සමහර වෙලාවට වෙනිං නඩේක එකෙක් හරි අල්ලගන්නව කතාවට. මදකින් සිහිය එලවාගෙන බැලූ කොට නඩේ බාගෙයක් අඩුයි. උන්දැ ආයි බෙරිහං දෙනව.

“විජේසේනෝ, රාජෝ, සු**යෝ, ඩිංගක් කරුණාවයි“

ඉතිං අපි නවතිනව. ආච්චම්ම සිය ඕපදූප මල්ල වපුරමින්ම අප අසලට කිට්ටුවෙනව.

“බොලට කිව්වෙ අස්ප රේස් තියන්න කියලද මෙතන, නඩේ එක්කොම එකට කරුණා කොරපල්ල“

උන්දැ අපිට ගොරෝනව.

“ඉතිං, අපිට කිව්වෙ ඉස්සර වෙයල්ල කියල. ඒකනෙ අපි ඉස්සර උනේ“

මං කියනව.

“කට. කට. තොගෙ කට කඩන්න. දෙනව තොගෙ කට කල්ල විසිවෙන්න. ආ..නාදිකම මුගෙ“

ආච්චම්ම මගෙ කට මිරිකනව. මගෙ ඇහෙං කඳුළු දොට්ට පයිනව කේංතියට. රංඔල ආච්චම්ම මැද්දට පැනල බේරනව.

“නිකා ඉන්නකො අක්කෙ. ළමයට ඉන්න දීල“

අපි ආයිත් ගමන පිටත් වෙනව. අතර මග තියෙනව අම්බලං වල නැවති නැවති ගිමං අරිනව. ඒ ළඟ තියෙන කඩවල බඩු ගනං අහනව. රුපියල් තුනේ පේන්ටිය ඒ කඩවල රුපියල් පහලොවයි. ආච්චම්ම එක එක විස්කෝතු පෙට්ටිවල ගනං අහල ‘ඔව්ව අපේ මැණිකෙගෙ කඩේ ඔයිට සෑහෙන අඩුවට තියෙන‘ බව කියල එළියට බහිනව.
ඔය අතරෙ ‘මහන්සිය නිවෙන්න‘ තුං සරණේ කවි කියන්න පටං ගන්නව. අපේ ආච්චම්මට අකුරු බැරි හිංද උන්දැ කියන්නෙ කට පාඩමිං. ඒක කියන්නෙ නඩේ දෙකට බෙදිල. ගුරුන්නාන්සෙ තනියෙනුත් අනික් රැළ වෙනමත් වශයෙං. ඕං දැං ආච්චම්ම නිල් පාටිනුත් අපි රතු පාටිනුත් කියනව.
බුද්ධං සරණේ.........ඒ...
සිරස දරාගෙන
ධම්මං සරණේ ........ ඒ...
සිත පහදාගෙන.....
සංඝං සරණේ..... ඒ..
සිවුරු දරාගෙන........
ගන්නයි තුං සර.......
ණේ අදහාගෙන.........
ඔය ආදී වශයෙං කවි බරගාණක් කියල ඉවර වෙනව. ඉං පස්සෙ ආච්චම්ම ‘බීට්‘ එක මාරු කරල අලුත් තනුවකට අලුත් කවි කියනව. ආච්චම්ම නිල් පාටිං, අපි ඔක්කොම රතුපාටිං.
අග්ගල කං
ඩෝං පුතා
 හෙලේ නගිං
 ඩෝං පුතා
 මෙන්න මෙතන
තැනිතලාව
අලුව කන්න
හොඳ වෙලාව
ඉතිං අපි එක එක තැන නැවතිල ගිමං හරිනව. බෑක්වල තියෙන කැවිලි පෙවිලි ඇදල ගන්නව. ආයිත් ‘බෙදා හදාගෙන‘ කනව. අනුංගෙ නඩේක කෙනෙක් වුනත් දෙන දෙයක් අරං කන එකත්, අපේ තියෙන දෙයක් අනික් නඩවල අයට දෙන එකත් නීතියක්. ඉතිං අපේ ආච්චම්මත් තමුං කකා ඉන්න අලුව කෑල්ල, කැවුං බාගෙ අනික් නඩවල ඉන්න එවුන්ට කවන්නත්, පුංචි එවුන්ගෙ නං ගිරියෙම ඔබන්නත් පසුබට වුනේ නෑ. උන්දැගෙ ලොඹු කටේ ගහල දෙන ආහාර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කළ දරුවෝ බෑඟිරි ගහමින් අඬද්දි, මහ එවුං එව්ව අතට අරං ආච්චම්මට නොපෙනෙන්න කැලේට විසික් කරනව මම දැක්ක. ඒක හිංද හැම වෙලේම කටේ චුයිංගං එකක් තියාගෙන ඉන්න මම කටයුතු කලා. දැං කාටවත් මයෙ කටේ මොනවක් ඔබන්න බෑ.
ඔය අතරෙ නඩේ ඉන්න පිරිමි සමහර අය ගල් පරුවත, බට පඳුරු ආදියට මුවා වෙමින් ‘කහපාට මූඩිය තියෙන තේ වතුර බෝතල්‘ වලිං උගුර දෙක කටේ හලාගෙන ‘ක්‍රාක් තුහ්ක්‘ කියල කෙළ ගහල ‘ආච්චම්මට කියන්න එපා‘ කියල මට කිව්ව. ඉං පස්සෙ අපේ නඩේ තුංසරණෙ කවි පෙරටත් වඩා ගාම්භීර උනා. ආච්චම්මටත් බොහොම සංතෝසයි.
එක් එක් අම්බලම පහු කරල ‘ගෙත්තම්පාන‘ කියන හරියට එනව. එතන ලොකු ගල් තලාවක්. විසාල දොළ පාරකුත් තියෙනව. ඒකෙං නාල ගෙත්තං කරන්න ඕනි. අපෝ ඒ හීතලට නාන්නෙ මොකාද? නඩේ කට්ටියම වටේට හිටෝල නූල් බෝලෙට ඉඳිකටුව අමුනල අපිව නූල්වලිං අමුනනව. ඒ කියන්නෙ අපේ ඇඳුං වලට නූල ඉඳි කට්ටෙං අමුනනව. ඒ වැඩේ කරද්දි අපේ ඇගේ කොහේ හරි ඉඳිකට්ට ඇනල නියමිත පරිදි ඇමිනී ඇති බව තහවුරු කරගන්නත් උන්දැට පුලුවං උනා.
“ආ.....යි“

“උහ්“

“අම්මෝ“

“හුක්“

“උයීයා“

“අහුක්“

ආදී වශයෙන් ප්‍රතිචාර ලබමින් හැමෝවම එක නූලට ඇමුණුවයිං පස්සෙ අපි ඒ නූල් ටික කඩාගෙන රවුමෙං පිටට පනින්න ඕනි. ඉං පස්සෙ ආච්චම්ම ඒ නූල්ටික එතන තියෙන මහ විසාල නූල වැටේ පටලෝනොව. එතකොට කලුවර වැටිල. හීතලත් වැඩියි. ආච්චම්ම මගෙ පිටේ තියෙන බෑක්කෙක ඇරෝල ඒකෙං උණුවතුර බෝතලේ ගන්නව. ඉං පස්සෙ ඒකෙං කහට ටිකක් කෝප්පෙට වක්කොරගෙන බොනව. ආයි මටත් ටිකක් දෙනව. උන්දැ කට තියපු එකේ මට බොන්න බෑ. ආච්චම්ම අහක බලනකං ඉඳල මං ඒ ටික විසි කරනව.
අපි ආයිත් පිටත්වෙනව. ‘හැරමිටි පාන‘ කියන හරියට එනකොට රෑ අට විතර වෙලා. අපි එතෙන අම්බලමෙ නවතිනව. එතන එක යුද්දෙයයි. මිනිස්සු සිංදු කියනව. තව කොටසක් නිදියනව. සමහර අය කනව. තව සමහර පිරිමි දෙතුං දෙනා වටේට ඇවිදිනව. මේ සියලු දෙනම පැමිණ ඇත්තේ සිය නඩයේ සේසතම මංකොල්ලකෑමට සහ ඉන්න කෙල්ලො දෙන්නව පැහැර ගැනීමට බවත් සිතන ආච්චම්මා අප සියලු දෙනාවම එක පොදියකට තියනව. අපිට හෙල්ලෙන්නවත් දෙන්නෑ. අපි බිමට ඉටිකොළ එලාගෙන ඒව උඩ අපේ බෑක් තියනව. ඉං පස්සෙ බෙස්සීට්, බූල් ඇඳුං ආදී සියලු උණුසුම්කාරක ඇඳගන්නව. දැං අපිට අපේ නඩේ අයවත් හොයාගන්න බෑ. ඔක්කොම තදිං උණ හැදිල බෙහෙත් ගේන්න යන අය වගේ. ඒක හිංද මං අපේ කාණ්ඩෙ අය හොයාගන්නෙ පෙරවං ඉන්න බෙස්සීට් වලිං හා බූල් ඇඳුං වලිං.  ආච්චම්ම ඇඳං ඉන්නෙ මාමගෙ බයිසිකලේට හම්බු වෙච්ච රේංකෝට්ටෙක. ඉතිං ආච්චම්මව හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි ඒක.
ඉංපස්සෙ අපේ බත්මුල් ගන්නව එලියට. කට්ටිය එක ඉටිකොලේ වටේට ඉඳගෙන කන්න කියල ආච්චම්ම නියෝග කරනව. කවුරුහරි මගෙ බත් මුලට ‘බෙදාගදාගන්න‘ හැදුවොත් කියල මං රවුමෙං පිටට වෙලා හැංගෙන්න හදනව.

“මෙහෙ වර. ආනාදිකම නැතුව. තෝ අතරමං වෙන්නද හදන්නෙ?“

ආච්චම්ම මගෙ කණෙං ඇදල රවුමට ගන්නව. ඉතිං අපි අයිස් වගේ හීතල බත් කන්න පටං ගන්නව. ටිකකිං මගෙ බත්මුලට නොයෙක් කෑම ජාති වඩිනව. අලුකෙහෙල්, මුංඇට, පරිප්පු, අල, ආයිත් පරිප්පු, සම්බෝල, පිපිඤ්ඤ, ආයි මුංඇට, ගහ්ලබු හොදි, ආයිත් අල බැදුං, කරවිල........... ආදී වශයෙං එක එක ජාති එනව. මං බත්මුල අකුලනව.

“පින්නිවෙලා කන්න බැහ්“

මං බත්මුල අකුලනව. රෑට ආච්චම්මට නිංද ගියහම බෑක්කෙකෙං පොල් ගහ ඇඳපු ඉස්කෝතු ඇරං කනව. එයිං එකක් බෑක්කෙකේ අඩියෙ තිවුන. මං ඒක පිට සාක්කුවට දැම්ම ගන්න ලේසි වෙන්න.

ආයි උදේ වෙනකං ටික වෙලාවක් නිදාගන්න කියල අපි නඩේම එක යාවට ඉටි කොළ උඩ අඩුක් වෙනව. කොං දෙකේ පිරිමි දෙන්නෙක් ඊළඟට වයස අඩුවෙන පිලිවෙළට මැදට එනව. මැදම ඉන්නෙ අංඔල ආච්චිගෙ කෙල්ලො දෙන්න. ඒ දෙන්නගෙ ඇඳුං කෙළවරවල් දෙකක් අරං තමුංගෙ චීත්තෙ ගැටගහගන්න කියල ආච්චම්ම රංඔල ආච්චිට නියෝග කලා. එතකොට උඩිං එන එකෙට්ටවත් කෙල්ලො දෙන්නව උස්සන්න බෑ. ඉස්සුවොත් උන්ට නොමිලෙම නැංදම්මත් හම්බුවෙනව. ඔය සේරම අතරිං මාත් ආච්චම්මත් එක ලඟ. මං දිග බෑක්කෙක ලඟට අරං ඒකෙ ඉස්කෝතු පැකැට්ටෙක තියෙන කොන මං පෙරවං ඉන්න බෙස්සීට් එක අස්සට ගත්ත. දැං හරි. කට්ටියට නින්ද යනකං ඉඳල හෙමීට ඉස්කෝතු කන්න ඕනි. කවුරුහරි අනික් පැත්ත හැරෙනකොට ඉටිකොලේ ‘සර බර‘ ගාන වෙලාවට ඉස්කෝතුව හපන්න ඕනි. එතකොට සද්දෙ ඇහෙන්නෙ නෑනෙ.

ඉතිං යංතං නින්ද යාගෙන එනකොට ආච්චම්ම ආයිත් පටං ගත්ත අලුත් සෙල්ලමක්. ඕං කවුරුහරි අපි ඉන්න තැනිං යනව. ඒ මිනිහ ටිකක් ජයකොඩි මාම වගේ. ඉතිං ආච්චම්මට ඔය හොඳටම ඇත.

“බලහං අර ජෑකොඩිය නේද? ඌ කොහෙද යන්නෙ?“

මං ඇහැරල බලනව. ඒ වෙනිං කෙනෙක්. ජයකොඩි මාම අපිට හතර දෙනෙක් එහායිං තියෙන බෙස්සීට් ටික අස්සෙ තමයි ඉන්නෙ. එයා එහෙමම ඉන්නව මං දකිනව.

“මෑ. ආංඥව්වෙ, ඒ ජාකොචි වාව ඤෙවෙව්“

කටේ ඉස්කෝතු පුරෝගෙන හිංද මට කියවෙන්නෙ වෙනිං වචන.

නැත්තෙ, බලහං ඌ තමයි ඒ. ජෑකොඩී,....., ජෑකොඩි ළමෙයෝ...........“

ආච්චම්ම ආයිත් නං අඩගහනව. මං විගහට ඉස්කෝත්ත ගිලිනව.

“ඇයි නැංදම්මෙ එළිවෙලාද“

අපිට එහායිං තියෙන බෙස්සීට් ගොඩකිං ජයකොඩි මාමගෙ ඔලුව එලියට එනව.

“ආ.. උඹ ඉන්නවද? මං හිතුව අර ගියෙ උඹ තමයි කියල“. හෝදිසියෙං ඉන්නෙපෑ. උඹල මේවයෙ ඇවිදින්න දන්නෙකක්යැ“

ඉතිං ආයිත් පිරිස සිය පොරෝනා අස්සට වී නිදන්න පටං ගන්නව.

“සු**යෝ, සු**යෝ, නැකිටහං නැකිටහං“

ආයිත් ආච්චම්ම කෑ ගහනව ඇහිල මං ඇහැරෙනව. මගෙ ඇඟට යටවෙලා ඉස්කෝත්තක් පොඩි වෙනව. රෙදි, පොරෝනා, බාච්චු, කම්බිලි, බෙස්සීට්, ආදී රෙදි ගොඩකින් ඔතන ලද පොදියක් අස්සෙං අතක් එළියට ඇවිත් ඒ අතේ අගිං ගෑනු ඔරලෝසුවක් මගෙ දිහාට දික්කරගෙන ඉන්නව. ඒ රෙදි ගොඩ අස්සෙං ආච්චම්මගෙ ඔලුව මගෙ දිහාට එබීගෙන මට මෙහෙම කියනව.

“බලහං වෙළාව කීයද කියල මේකෙං. මට මේකෙ කටු පේන්නෑ“

සත විසිපහේ කාසියක් විතර මූනක් තියෙන ඒ ඔරලෝසුව ඉස්සර අපේ පුංචම්මට බයිසිකල් රේස් පැදල තෑගි හම්බුවෙච්චි එකක්. ඒකෙ කටු ඇහේ ඇනුනත් පේන්නෑ. මං ඇහැ හොඳටම කිට්ටු කොරල බැලුව. ඒත් පේනව මදි. අම්බලමට තියෙන ලැයිට් දෙකෙං එකකුත් නිමල. ඒක දාන සුයිච්චෙකක්වත් පේන්න නෑ.

“පේන්නෑ ආච්චම්මෙ, මේ එළියක් නැද්ද? කාගෙං හරි චෝට්ටෙකක් ඉල්ලගන්න වෙයි“

“අනේ මංද බොගෙ ඇස් පේන්නෑනෙ මට තරංවත්, හිටහං බලන්න“

ඒ ගමන උන්දැ බෑක්කෙක ඇදල බැලුව ගිනිපෙට්ටියක් හොයන්න. ඒ අතරෙ ‘හදිස්සියට ගන්න‘ ගිනිපෙට්ටියක්, චෝට්ටෙකක් බෑක්කෙකට දැම්මෙ නැති එකට පුංචිටත්, මාමටත් බනින්නත් ඒ වගේම ආතනං කොයි වෙලෙත් චෝට්ටෙක ‘පු‘යන්න අස්සෙ ගහගෙන ඉන්න බව කියා දෙස්දෙවොල් තැබීමටත් අමතක නොකලාය. අන්තිමේදි සිය නඩය විමසා බැලීමට තීරණය කළ ඇය එකින් එකා ඇහැරවමින් ‘එළියක් ගන්න තියෙද?‘ යි විමසීමට පටං ගත්තාය. අවසානයේ එක් අයෙක් ලඟ තිබී විදුලි පන්දමක් සොයා ගැනීමට සමත් විමු. ඉතිං ආච්චම්මා එය මගෙ අතට දී මෙසේ කීවා ය.
“ඉඳා, දැං බලල කියහං, හුහ්. දැං ඉන්න එවුන්ට වෙලාව බලන්න ටෝච් එව්ව හිටං ඕනි“








67 comments:

  1. උඹ නම් මාර පොරක්.... අම්මපා අාච්චිඅම්මලා ඔහොම තමා....... ඒත් අාච්චිඅම්මා නැති වුණාට පස්සේ තමා තේරුණේ ඒ කරුණාවේ වටිනාකම

    ReplyDelete
    Replies
    1. උන්දැ නැති වෙච්චෙකේ වටිනාකම ද?

      Delete
  2. හොක්.... හොක්... මුං සෙට් එකට වෙලා තියෙන්නෙ සිරී පාදේ නෙමෙයි බරපතල වැඩ ඇතුව හිරේට ගියා වගේ වැඩක්නෙ.
    අපිත් කොල්ලො සෙට් එක ගිය කාලෙ රෑ දොලහට, එකටත් සීත ගගුලෙන් නානව.

    ReplyDelete
    Replies
    1. බොලාතුමන්ලා අයිස්ලංතෙද?

      Delete
    2. අපි කෙලින්ම සිරීපාදෙ යන්නෙ නෑ. ඊට කලින් දවසෙ සහ එදා දවස‍ෙ වෙන කොහහෙරි වටයක් ගහල තමයි එන්නෙ. අර කහපාට මූඩිය තියෙන වතුර බෝතලුත් යහමින් පාවිච්චි වෙලා ඒ වෙනකොට. ඉතිං ඒ මහන්සි පිට ඔය නාන වැඩේ එච්චර අවුලක් නෑ.

      Delete
  3. හරිම සජීවීව රසවින්ද.නියමයි. :)

    ReplyDelete
    Replies
    1. ආං එහෙමයි ඉන්නෝන. සජීවීව රස විංදනය

      Delete
  4. නියමයි බං.තාම අම්බලමේ නේද?මළුවට යද්දින් හොඳ හොඳ වැඩ තියේවි.

    ReplyDelete
    Replies
    1. තාම ඒ ටික ලීවෙනෑ. කොයි ඉතිං මේ දවස්වල ඔපීසියෙ වැඩනෙ. රිටන්ස් කියල ජාතියක් හදනවනෙ

      Delete
  5. / ඒ දවස්වල මං හිතං හිටියෙ කසාද බඳින්නෙ බත් උයාගන්නයි රෙදි හෝදගන්නයි කියල /

    මොනවද බොල හිතං හිටියෙ කියන්නෙ? ගෑණියෙක් ගේන්නෙ ඒ දෙකට තමයි. වෙන අහවල් දේටද? අනික රයිස් කුකරුයි වොසිං මැසිමයි කියන එව්ව ආවට පස්සෙ ඒ දෙකත් ගෑණු නැතුව කොරගත්තෑකි යස අගේට...හෙහ්,හෙහ්,

    අම්මාපල්ල බොලාගෙ ආච්චි අම්ම දන්නවනං එහෙම්ම රතනපුරා ගිහිල්ල අබ්බකාත් මාත්තයෙක් අල්ලල ගිනි දෙකක් දීල තොට විරුද්දව නඩුවක් පයිල් කොන්නව, සාපරාදී අපහාස නීතිය යටතෙ.තොගෙ සබ්බ සකල මනාවම විකුනන්ට වෙයි ඔන්න වංදි ගෙවංට..ඇයි බාං ආස පොලෝ නුහූලන අපරාදයක්නෙ අර අහිංසක මනුස්සයට නිස්කාර්ණේ කතංදර හදල කොරල තියෙන්නෙ..සංදුක්කාරේ!!!!

    ReplyDelete
    Replies
    1. ආච්චම්ම නැතුවට ආතා නං නඩු ගිය තරම කියතොත් ඕං තිවුන කොස් ගහකට නඩුවක්. පස්සෙං පහු කොස් ගහ මැරුණ, ඉං පස්සෙ ආතත් මැරුණ, දැං මාම තමයි නඩුවට යන්නෙ. කොයි වෙලේක හරි ආයිත් කෝ කොස් ගහ කියල ඇහුවොත් කොස් ගහ නෑ. එතකොට ඉතිං අධිකරණයට බොරු කිව්ව කියල එක්කොම හිරේ. මායි තව එකෙකුයි ඉඩං නඩුවක් අහවර කොරපු හැටි පස්සෙ දොහක කියඥ්ඥංකො. අන්තිමට අබ්බගාත් නෝන කිව්ව “මෙම නඩුව තවදුරටත් පවත්වා ගත නොහැකි නිසා ඉල්ලා අස්කරගනිමි සුවාමීනි කියල“.

      Delete
    2. ආච්චම්මට ගැලපෙනම මනුස්සයෙක්නේ ඉඳල තියෙන්නේ. මගේ අම්මේ වටේ උන් කොහොමද දන්නේ නැහැ ජිවත් උනේ.

      Delete
  6. මගෙත් ඉන්නව නිවිතිගල පැත්තේ මිත්‍රයෙක්. කිව්වහං මොකද උෟත් කතා කරන්නෙ ඔය විදියටමයි

    ReplyDelete
    Replies
    1. අමතර වසයෙං මිනිහගෙ ඉනේ මූන නැති ටෝච්චෙකක් ඇති.

      Delete
  7. එළම කිරි සුරංගයෝ. එළම කිරි. මම මේක මගේ පවුලේ සාමාජිකයන්ටත් රෙකමෙන්ඩ් කරලා යැව්වා.

    ඒක නෙවෙයි. උඹ මොකද මේ ටෙන්ස් එක එක පාරටම මාරු කරන්නේ? අර අන්තිම ඡේදේ මොකෝ එක පාරටම පාස්ට් ටෙන්ස් වුනේ? ඒක උඹ හිතලම කරන දෙයක්ද?

    මෙහෙම ලිව්වනම් මොකද

    >>ඒ ගමන උන්දැ බෑක්කෙක ඇදල බැලුව ගිනිපෙට්ටියක් හොයන්න...<<

    ඒ ගමන උන්දැ බෑක්කෙක ඇදල බලනවා ගිනිපෙට්ටියක් හොයන්න...

    ReplyDelete
    Replies
    1. මුලු පවුලෙම අය බ්ලොග් කියෝනවද? නියමයිනෙ.

      Delete
    2. උඹ මගේ ටෙන්ස් ප්‍රශ්ණෙට උත්තරයක් දුන්නේ නෑ.

      Delete
    3. ඒක මගෙ අවුලක්. ලියද්දි මට එහෙම අවුල් වෙනව. අනික ලියපු එක මං ආයි කියවන්නෑ. එතකොට මට හිතෙනව ලියපු එක හරිනෑ කියල. ඔය ණන ළල කඛ ගඝ බේදෙත් වැරදි ඇති මා හිතේ.

      Delete
  8. අදහසක් තියෙනවා දිග නිවාඩුවක් අරන් ඇවිත් රට වටේ ඇවිදින්න යන්න හැම අස්ස මුල්ලකම.

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙ ආවම නවාතැන මගෙං. (හැබැයි මං හිටියොත් තමයි)

      Delete
    2. හිටියත් නැතත් වචනේ ඇති බං

      Delete
  9. මම පලවෙනි සැරේට සිරීපාදේ ගියේ 1968 දී. අපේ නඩේ ගුරා වුනේ මගේ ලොකු අක්කා බැඳපු මචං ගේ තාත්ත. අනේ මේ යකා පාන්දර මාර හීතලේ මාව නෑව්වනේ සීත ගඟුලේ. ඒ මදිවට ශ්‍රී පාද පද්මයෙදී මගෙ බෙල්ලෙන් අල්ලලා ඔලුව ඇන්නා ඩොග් ගාලා. අම්මපා මට දෙන්න හිතුණා උන්දැගේ 'ගෙඩියට' එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ තට්ට ගෙඩියට වෙන්ටැ

      Delete
    2. ශ්‍රී පාද පද්මයෙදී මගෙ බෙල්ලෙන් අල්ලලා ඔලුව ඇන්නා ඩොග් ගාලා///

      මටත් ඕක උනානෙ.... මං නේද ඉතිං ... මොකද ඕයි කරන්නෙ .. කියාගෙනම තමයි නැගිට්ටෙ.... හි හි

      Delete
    3. ආං කවුසි නෝන වැරදි වැඩේ. ‘කරුනාවයි කරුණාවයි‘ කියන්නනෙ තිබ්බෙ.

      Delete
  10. මචන් කොර නෙ. මම දන්න හැමෝටම කිවුවා. මෙකේ හිනා වෙනවට වැඩිය දෙයක් තියනව. මේ කාලෙකට ඉස්සර මිනිස්සුන්ගෙ ගති සිරිත්, ජීවන රටාව. මෙහෙමවත් ලිවුවෙ නැත්නං මේවා කාලයත් එක්කම නැතිවෙලා යනවා.මේ කතන්දර දන්න අය බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. මාත් දන්නෙ ටිකයි. පෙලක්ව මතකත් නෑ

      Delete
  11. Comment walata reply karanta tharam nihathamani weyan.. Echcharai.. Jaya subha

    ReplyDelete
    Replies
    1. පැරා හැර අනෙක් සියලුම සාර්ථක බ්ලොග් කරුවෝ සියලුම කමෙන්ට් වලට පිළිතුරු බඳිති. පැරාට වැටෙන කමෙන්ට් වලට පිළිතුරු බැඳිය නොහැක. යාං හෑල්ලටත් ටික්කා දීපු අවවාදය ඉතා වටිනවා.
      උඹෙ ලියමන ගැන ආයි නෝ ටෝක්ස්! එකේ දෙකක් නෑ.

      Delete
    2. අයිත් මං මොකට ලොකුකං පානවද. මේ බ්ලොක් එක ගූගල් මාමලගෙ. ලියහං කියන්නෙ ඔබ සොයලු දෙනා. මාතලං සහ අටං ආදීං තමයි පාර කියන්නෙ. රවි සහ ඉංදික තමයි පටංගං කිව්වෙ. ඉතිං මං කීකරු උනා පමනයි. මම බොහෝ විට බලන්නෙ එක පෝස්ට් එකක් දාපු ගමං අනික ලියන්න. ඉතිං වචන 1500ක් ලියන්න හෙන ගේමක් ගහන්න ඕනි. දවසට පැයක් හොයාගන්නත් අමාරු දවස් තියෙනව. ඉතිං කොමෙන්ට් එකක් දෙකක් මග ඇරෙන්න පුලුවං. ගනංගන්නෙපා යාලුවනේ. මං මහලොක්කෙක් නෙමෙයි. ආන්ඩුවෙ කංතෝරුවක මාසෙ පඩියට වැඩ කරන සාමාන්‍ය මිනිහෙක් කියන එක මං හොඳින් තේරුම් අරං ඉන්නේ. ඔබ සියලුදෙනාම මෙතන ඇවිත් මං ලියන ලිපි කියවල කොමෙන්ටුවක් කොටල ගියාම මං ඒකෙං දවස් ගානක් සතුටු වෙනව. ඒ වගේම ඔබේ කොමෙන්ටුවට උත්තරත් දෙන්නං.

      Delete
    3. මචං...කරන රස්සාව අනුව මිනිස්සු ලොකු පොඩි වෙන්නෙ නෑ..
      ලියපන් අපි ඉන්නවා කියවන්න..හැබැයි උඔට කමෙන්ට් වගේ අපිට රිප්ලයි එකත් වටිනවා.

      Delete
    4. වන්දනාවෙ දෙවෙනි පෝස්ට් එකේදි මාත් ඔය ගැන කිවුව. ඉන් පස්සෙ අද වෙනකල් අවුලක් නැතුව වැඩේ සිද්ධ වෙනව.

      Delete
  12. ඒ දවස් වල උඔට ආච්චි අම්මා වදයක් වුනාට ඒ ලියපුවගෙන් උඔට තියන වටිනාකම බලපන්.
    එල ද බ්‍රා

    ReplyDelete
  13. හම්මේ කිවත් වගේ උඹලෑ අච්ම්මා එක්ක ඔය ගමන ගිය උඹව සම්මානයට පත්‍ර කරන්න එපැයි බං.

    ReplyDelete
  14. මටනම් හිතෙන්නෙම බොලෑ ආච්චම්මා ටිකක් විතර සැර පරුස උනාට ගමන් බිමන් යන්න ආස්සරේට හොඳ මනුස්සයෙක් කියලා.. ගොඩක් උන් ඔහොම වගකීම් ගන්නේ නෑ.. ගත්තත් ඔහොම ඉන් ඩීටේල් යන්නේ නෑ.. ගමනක් බිමනක් යනකොට එහෙම වගකීමක් ගන්න කෙනෙක් හිටියම අනිත් උන්ට හිතේ බරක් නෑ. ඒත් මට වැඩිය හොඳට උඹ උන්දෑව දන්නවනේ. ලියහං ලියහං ඉක්කණට. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අත් දෙකම උස්සලා රෙෂ්පට් කමියාගේ කතාවට..
      එල ද බ්‍රා

      Delete
    2. රෑ තිස්සෙ මිනිසුන්ට නිදාගන්න නොදී, පීචං වැඩ කොරන එක එක්තරා වගකීමක් තමයි.

      Delete
    3. කමියා බලපන් අත්තම්මත් එක්ක මුගේ මල

      Delete
  15. සු**යෝ.... මේක මරු ඕයි.......

    අර අච්චම්ම නිල් පාටිනුත් අපි ඔක්කොමල්ල... සික් .... තොපි ඔක්කොමල්ල රතු පාටිනුත් කියන කෑල්ල මරූ...... ඕයි..........

    ReplyDelete
    Replies
    1. මේක කියොනකොට හිස් අහස මතක් උනා ඕයි.....

      Delete
    2. ආං එහෙම කැමති කොටහ කියන්නෝන. ‘හිස් අහසෙ‘ සඳරු ගෙ අහලිං යන්න අපට අමාරුයි. එයා තරං අපි අවංක නෑ. ඒකයි ඒ.

      Delete
  16. මෙ මල්ලි ගල් බලකායට බැදෙන්න කැමති නැද්ද?
    බ්‍රෑන්ඩ එක ගල්ද?

    ReplyDelete
    Replies
    1. බැදිච්චි දවසක උඹ යමං මාත් එක්ක බදුල්ලේ. උඹලා ගල් ගහන ගමං මට විෂ්කි ශුට්ටක් අරං දීපල්ල රිවර්සයිඩ් එකෙං.. නැත්තං බෝතලයක් අරං යමල්ල බ්ලැක් පූල්.. දැන් මේක දැකපු ගමං ගල් කාරයෝ පෝලිමේ එකතු වෙයි.. හැක්.

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල් වුනාට අපි බොන්නෙ වැට් 69

      Delete
    3. අපිනං බදුල්ලෙ ගිහිල්ල බිවුවෙ රා.
      බොන්න බැරි වෙනකොට අන්තිම වීදුරු දෙකට ගල් කාලක් කලවං කරල තමයි ගැහුවෙ. හම්මේ සනීපෙ.

      Delete
    4. දෙයි හාන්දුරුවනේ කිතුල් රා ඩිංගක් පිං සිද්දවෙයි ගෙනත් දියං. කොයි අහකවත් නෑ. පිපාසෙට දිව ගිලෙන්න එනකොට රා ඩිංගක් ඉල්ලුහං මුං එකෙක් මූණ බලන්නෑ. හැමෝම කියන්නෙ. “හුහ්. බොට දෙන්න කොයි රා තියෙන්නෙ ඕන්නං ආං කාරෙකේ ඩිකියෙ ඇති විස්කියක් එකෙක් යවෝල ගෙන්න ගනිං. හැබැයි ඉස්සරහ කැබි හෝල්ලෙකේ තියෙන කිතුල් රා නිංගට අතතියල මයෙං මැරුං කන්නෙපා“ කියල. ඕං රටේ ලෝකෙ අපිට සලකන හැටි. කිතුලක් තියෙන එකෙග්ගෙං රා ඩිංගක් තොලකට තෙමාගන්න තරමට ඉල්ලුහම කියන්නෙ “මයෙ කෙල්ලෝ හය දෙනාම එකපාර ඉස්සුවත් රා මුට්ටියට අතතියන්න දෙන්නෑ“ කියල. එහෙවු පාපී රටක් මේක. කවදහරි තේරෙයි මං මහමග මැරිල ගියහම පිපාසෙට බොන්න රා ඩිංගක් නැතුව.

      Delete
  17. නියමයි. ඊළඟ කොටහත් ඉක්මණට දාන්න.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම ලියන්න අත තියාගන්න බැරි උනා. මේ මගුල් මාසෙ රෙදි පාංකඩ ගන්න කඩෙයක් ගානෙ ගෙහුං මගෙ දකුණු දණිස් පොල්කටුව ගෙවිල.

      Delete
  18. සු**යෝ උඹේ කතා ඔක්කොමයි කමෙන්ට්ස් ටිකයි කියවල ඉවර කලා...
    උඹ ලියන විදිහ ටිකක් අමුතුයි, ඒ වගේම ලස්සනයි.

    උඹ පාවිච්චි කරන සමහර වචන මට උඹලගේ ගං පළාතේදී අහන්න ලැබිල නැහැනේ
    සමහර විට අපි පොඩ්ඩක් එහා ඉසව්වකින් ආපු නිසා අපි එද්දී ප්‍රාදේශීය භාෂාව යටපත් කරගෙන කතා කරනවද දන්නේ නැහැ.
    සිරිපාදේ බාගයක් නගින්න කොටස් හතරක් ගියා කියන්නේ සිරිපාදේ නැගලා බැහැලා ආපහු ගෙදර යන්න කොටස් කීයක් යයිද බං...
    කොටස් ගාන ගැටළුවක් නැහැ දිගටම ලියපන්, වෙන්න ඕනේ එච්චරයි...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. කොටස් ගාන මාත් දන්නෑ ලොක්ක පුතේ. මේක යාංහෑල්ල වෙච්චි ඉතිං පානෙ තෙල් ඉවරෙනකං ලියැහැකි. මයෙ චූටි මැණිකෙත් මට කිව්ව “ඕං ඔයාගෙ යාංහෑල්ලත් මෙගා ටෙලිනාට්ටියක් ගාන්ටම වැටෙනව“ කියල

      Delete
  19. මේ ආච්චම්මා හැර වෙන කෙනෙක් ගැන අසා තිබේද?

    තිබේ.. ඔය ලිමිටඩ් එඩිෂන් මොඩ්ල් එකේ එකක් අපේ ගෙදරත් හිටියා. මගෙත් එක්ක කොක්ක. ගමනක් ගියොත් ආයේ නෑ , ඒ පාරේ ආයෙත් අපි යන්නේ නැහැ. හික්... ඒ ගැන ලියම්දෝ නොලියම්දෝ?? එක්කෝ මේකම ආයෙත් ලියන්නේ මොටද, ඊටත් වඩා මේ තරම් හොඳින් ලියන්න බැරි එකේ!

    නියම ලියවිල්ල. ඒ උනාට විඳිනකොට කොහොම වෙන්න ඇතිද කියල මට නම් තේරෙනවා එකෙන්ම! හික්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ඒ කතාවත් ලියල දාන්න අනේ. නැත්නං උන්දැ හිතයි අපේ මිණිපිරී මාව සෙකන්ඩ් කලා කියල.

      Delete
    2. මේ වගේ ලියන්නේ කොහෙද? නොදන්නා දෙමලේ නොකර හිටියම ඉවරයිනේ.

      Delete
  20. //ඉං පස්සෙ බෙස්සීට්, බූල් ඇඳුං ආදී සියලු උණුසුම්කාරක ඇඳගන්නව. දැං අපිට අපේ නඩේ අයවත් හොයාගන්න බෑ. ඔක්කොම තදිං උණ හැදිල බෙහෙත් ගේන්න යන අය වගේ. ඒක හිංද මං අපේ කාණ්ඩෙ අය හොයාගන්නෙ පෙරවං ඉන්න බෙස්සීට් වලිං හා බූල් ඇඳුං වලිං. ආච්චම්ම ඇඳං ඉන්නෙ මාමගෙ බයිසිකලේට හම්බු වෙච්ච රේංකෝට්ටෙක. ඉතිං ආච්චම්මව හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි ඒක.//

    හී...හී...මට මැවිලා පේනවා...

    බිස්කට් රෑ තිස්සේ ලඟ තියාගෙන කන එක පොඩ්ඩිත් කරනවලු. :P

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිට කියන්න ඔය බිස්කට් නෙමෙයි නියම වචනෙ ‘විස්කෝතු‘. ඒ වුනාට අපේ ගමේ කඩ ඔල තියෙන්නෙ ‘ඉස්කෝතු‘. රෑට ඉස්කෝතු කටේ තියං බුදියලා කූඹි කටෙත් යනුව නැතෑ.

      Delete
  21. මචෝ මම ලියන්නේ කෙන්ජිගෙ කොමෙන්ට් එකක්..
    මේ ලියන දෑතට සම්මා සම්බුඩු සරණයි...!!!

    පුදුම රහක් බං... අනේ උඹේ ඔෆීසියේ උන් කොහේවත් යන්නෙම නැත්තන්,, වහ ටිකක් හරි දියන්කෝ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඌලට වහ දීල කොහොමෙයි. මාතලං මහත්තැංට කියන්න අපේ ඔපිසියෙං කෙරෙන කෙං ගෙඩියකුත් නෑ. ඒ උනොත් එකෙක් මලොත් ආයි මාසෙකිංවත් ගොඩයන්න බෑ. එකා දෙන්න තිරේට හොස්ස පොවල
      “මොකද්ද බෝ ඔය ලියන්නෙ“

      කියල අහනව. ඊළඟට උං අහන්නෙ
      “ඉතිං ඕකලෙියලමොකද කොරන්න‍ෙ“

      ඊළඟට බ්ලොග් ගැන මුල ඉඳං කියන්න ඕනි. ආයි අහනව
      “ඉතිංඕකෙං මාසෙට කීයක් හම්බුවෙනවද“?

      සල්ලි හම්බුවෙන්නෑ කිව්වම අහනව
      “මොන බම්බුවටද එහෙනං ලියන්නෙ“

      අන්තිමට කියනව
      “මගෙ පෙන්නෙකටත් දාහං ගෙදර ගිහිං කියොවන්න“

      පස්සේ ආයි දවසක කියනව

      “අර උඹේ කතාව තාම පෙන්නෙකේ බං කියෝගන්න වෙලාවක් උන්නෑ“

      Delete
  22. ඒ දෙන්නගෙ ඇඳුං කෙළවරවල් දෙකක් අරං තමුංගෙ චීත්තෙ ගැටගහගන්න කියල ආච්චම්ම රංඔල ආච්චිට නියෝග කලා. එතකොට උඩිං එන එකෙට්ටවත් කෙල්ලො දෙන්නව උස්සන්න බෑ. ඉස්සුවොත් උන්ට නොමිලෙම නැංදම්මත් හම්බුවෙනව.

    මෙන්න මේ කෑල්ල පට්ටම පට්ට....!

    ආච්චිඅම්මාට සියළු දෙවි දේවතාවන්ගේ ඵිට ආරක්ෂාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ආං එහෙම තමුං කැමතිම කොටහ කිව්වම තමා මට හිතෙන්නෙ මෙයා නං ඇත්තටම කියෝල කියල. බෝම ඉස්තූතියි.

      Delete
  23. හම්මේ අදමයි මේ බොග දැක්කේ. අපේ අත්තම්මා මතක් වෙනවා. මුන්දැත් උන්දැ වගේමයි. ඔය එක එකාට බනින එක, නම් ලකුණු කරන එක එහෙම, ආයේ ඇරපු අතක් නෑ .


    “රංඔල නංගියේ, පොඩ්ඩියේ, රංඔල නංගියේ, රංඔල නංගියේ, පොඩ්ඩක් කරුණාවයි (මේ කියන්නෙ ටිකක් ඉන්න කියනෙක) කෝ බලහං ඔය කෙල්ලෝ දෙන්න ඉන්නවද? නැත්තං ඔය යන එකෙක් එක්ක අතිං අල්ලං යයි“
    හිනා කාලා මැරෙනවා. ඇස් වහක් කට වහක් නෑ පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. ඕකනෙ කියන්නෙ. මුං කියනව මං ආච්චිත් එකක් තරහට මේම ලියනවලු.

      Delete
  24. ඔය අතරෙ නඩේ ඉන්න පිරිමි සමහර අය ගල් පරුවත, බට පඳුරු ආදියට මුවා වෙමින් ‘කහපාට මූඩිය තියෙන තේ වතුර බෝතල්‘ වලිං උගුර දෙක කටේ හලාගෙන ‘ක්‍රාක් තුහ්ක්‘ කියල කෙළ ගහල ‘ආච්චම්මට කියන්න එපා‘ කියල මට කිව්ව..

    ReplyDelete