ඒත් ලියන්න මොනවද මං දන්නෙ? ජීවිතේ අවුරුදු විසි නමෙන් අවුරුදු විසි හයක් විතර මගෙ මතකෙ ඇති. ඒත් ඒ විසි හයෙං කාටවත් කියවල රසවිඳින්න දෙයක් තියෙයිද? ඒක මටම ප්‍රශ්ණයක්. සමහර විට මං ලියාගෙන යද්දි ඒක මහ කන්දොස්කිරියාවක් වෙලා එපා වෙන්නත් පුළුවං. අනේ එහෙම උනොත් මට සමාවෙලා මේං මෙහෙම අදහසක් දක්වන්ට.
“බොගෙ ඔය අඬෑඬියාව නවත්තගං හොඳ හිතිං නැත්තං බොට අපි **********“
හොඳා නේ එහෙම.
හෙනං මයෙ මුල්ම ලියවිල්ල ලියන්නං අමුතු මිනිස්සු මිනිස්සු කොට්ඨාශයක් ගැන. මං දැං ඉන්නෙත් ඒ මිනිස්සු අතරෙ. ඒ අය ටිකක් අමුතුයි.
මේ අය “පුතා කොහෙද යන්නේ?“ කියල අහන්නෙ නෑ. “ පුතාා කොහෙ යනවා...“ කියලයි අහන්නෙ. මෙතන පුතාා කියල ‘තා‘ යන්න ඩිංගක් ඇදල ‘යනවා‘ කියන තැනත් අකුරු බාගෙයක් විතර අදින්න ඕන. එතකොට තමයි නියම ක්‍රමයට උච්චාරණය.
ඒ වගේම තමයි “තේ බිව්වද“ කියන එක මේ අය අහන්නෙ “තේ බිව්වාා...“ කියලයි. තව
“සුවඳ බැලීම“ නොව “සුවඳ ඇහීම“ත් මේ අයගෙ සුවිශේෂ හැකියාවන් අතරින් එකක්. රටේ අනික් පළාත්වල “පොල්කිච්චො“ මේ අයට “මීච්චො“.
ඉතිං මේ හරි අපූරු ජන කොට්ඨාශය ඉන්නෙ කොහෙද?
වැඩි දුරක නෙවෙයි. කොළඹ ඉඳං තනි බස් එකේ පැය හයයි, හතයි. දැං ඔබට නහුතෙටම මල පැනගෙන එනව ඇති. “මූ මොකද්ද මෙයාකාර උජෝවඩන්නෙ“ කියල. ඔබට මල පනින්නට පෙර කියන්නං
“මේ තමයි බදුල්ලේ මිනිස්සු“
‘ඉතිං මොන ඉටිගෙඩියකටද මං මේ කොහෙවත් ඉන්න මිනිස්සු ගැන කියන්නෙ‘ ඔබට හිතෙන්නට පුළුවන්. ඒත් මේ මිනිස්සු ගැන නොලිය මට මගේ ජීවිතේ ලියන්න දෙයක් මතකෙට එන්නෙම නෑ. මේ අය ගැන තේරුම් ගන්න මම දුටු හොඳම නිදසුන තමයි මේ.
ස්ථානය : බදුල්ල පුස්තකාල පාරේ සිරිපාලගෙ පත්තර කඩේ
පිරිස : සිරිපාල, පාරිභෝගිකයා
නරඹන්නන්: ලොරි රථ ගාලේ රියදුරු පිරිස, මම සහ චූටි මැණිකේ, පාරේ යන තවත් අය.
ඕං අපිදෙන්න කොහෙදෝ රවුමක් ඇවිදල කඩවල් කීපෙක ලාච්චු පුරෝල එන ගමං ඔය කඩේ ලඟින් එනකොට සිරිපාලගෙ පත්තර කඩේගාව හෙන වාදයක්
“මහත්තය දාහක්නෙ දුන්නෙ. ඒකෙ ඉතුරු සල්ලි තමයි ඔය“ සිරිපාල කණ්නාඩිය අතේ තියං ටිපිටිප් පැකට් පොදියකට යටින් ඔලුව දික් කරගෙන කියනව.
“නෑ මුදලාලි මං දුන්නෙ පන්සීයයි“ මං එනකොට දාහෙ කොළයක් ගෙනාවෙවත් නෑ“ පාරිභෝගිකයත් අරින්නෙ නෑ.
“වෙන්න බෑ මට හොඳට මතකයි“ සිරිපාලත් දහ අතේ දිවුරනවා.
“හොඳා ඉන්නකො මං ගෙදරිං අහන්න“ පාරිභෝගිකයා ගත්තා ගෙදරට ඇමතුමක්.
“හලෝ... හලෝ..ආ පුතේ අම්මිට ෆෝන් එක දෙන්නකෝ....... “ ගෙදර පොඩි එකා ටැලිෆොන් ඔපරේටර්ද කොහෙද.
“ආ.. මේ පියංකා ඔයා මට ටවුමට එද්දි දුන්න සල්ලි ටිකේ දාහෙ කොළයක් තිබුනා...?“
“නෑ.. නෑ සල්ලි හලාගත්ත නෙමෙයි. ......... නෑ බීලා නෙමෙයි..... තිවුනද නැද්ද කියන්නකො“ මිනිහ දෙකට නැමීගෙන කියනව. මූත් ගෙදරදි මං වගේම ඇති.
“ ඔයාට හොඳටම ෂුවරනෙ තිවුන්නෑ කියල... හා හරි හරි මං ගේන්නං ගේන්නං...... නෑ. නෑ අද රෑ වෙන්නෑ. තියන්නං. ඕක් බයි“ මිනිහ බොහොම ගාම්බීර කමෙන් ඔලුව ඉස්සුව.
“ඒකනෙ කියන්නෙ මුදලාලි අපේ ගෙදරිනුත් කිව්ව මං ගෙනාවෙ පන්සීයක් විතරයි. මේ පන්සීය ආපහු ගන්න“ මිනිහ පන්සීයක් බලෙංම සිරිපාලගෙ ඇඟේ ගැහුව.
“එහෙනං ඇත්ත වෙන්නැති“ සිරිපාල අකමැත්තෙන් වගේ පන්සීය ලාච්චුවට දැම්ම.
“මේ මාව කොනිත්තන්නකො“ චූටි මැණීකෙ මට ඇඟිල්ලෙං ඇන්න.
“සෙනග මැද්දෑවෙ කාන්තා සරීර එහෙං මෙහං අල්ලන එක හරිනෑ නෙ“ මෙච්චර වෙලා ඇරගෙන හිටපු කට වහගත්තු මම ඒ පැත්තට හැරිල කිව්ව.
“හුහ්, ඒ උලව්වක් නෙමෙයි. මේ සිද්ධවෙන දේවල් වෙන්නෙ හැබැහිංමද කියලත් මටනං අංසුවර්“
සත පනහට කොන්දොස්තර එක්ක මරා ගන්න, ලූනු ගෙඩියට, අල ගෙඩියට, කරපිංච මිටියට හෙට්ටු කරන, ත්‍රීවිල් එකෙන් බැහැල රුපියල් දහයක් හරි අඩුවෙන් දීල එන්න හදන මිනිස්සු ඉන්න රටක මේ මිනිස්සු වැඩියෙන් තඹයක්වත් එපා කියනව. හරි පුදුමයි නේද?
දෙවෙනි එක
බලන්නකො මේ පින්තූර දෙක. මේව ගත්තෙ පසුගිය වෙසක් පෝය දවසෙ රෑ
වෙසක් පෝය දවසෙ බදුල්ලෙ පෙරහැරවල් දෙකක් තියෙනවා. එකක් රොක්හිල් කාලිඅම්මන් දේවාලේ රදොං පෙරහැර. තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් විතර විශාල කරත්ත තුනක් මේ පෙරහරේ යනවා. එදාට හින්දු මිනිස්සු ඔය පෙරහැර ඉස්සරහ පොල් ගහනවා, පූජා වට්ටි පූජා කරනවා. (ටවුමෙ දෙමළ කඩ මුදලාලිලගෙ ඉටිකිරිස් දෝනියන්දල කඩවල් ඉස්සරහපිට ඉඳං ඔය පෙරහැර එනකන් බලං ඉන්න බැවින් මේ පෙරහැර විශේෂත්වයක් ගනී) ඊට පස්සෙං නගර සභාවෙ ටැට්ටරේ යනව පොල් බෑ එකතු කරන්න. ඒකෙං පස්සෙ තමයි මුතියංගණය රජමහා විහාරයේ වෙසක් පෙරහැර.
දැං තමයි ඉහත පින්තූර දෙකට අදාල කතාව. ඔය පින්තූර දෙකේම තියෙන කඩ දෙක දෙමළ මිනිස්සුන්ගෙ. හාල් සිල්ලර බඩු විකුණන ලෝකා ස්ටෝර්ස් අයිති මුදලාලි මට මතක මිනිහගෙ බිල් හැදිල්ල නිසා.
ගාන තුන්සිය හතලිස් දෙකයි නං “ටුන්ෂිය අතලියක් දෙන්ඩ“ කීමත් තමං ලඟ නැති බඩුවක් ගත හැකි තැන් පෙන්නා දීමත් නිසාවෙනි. අනික් කඩේ අයිති ‘කයිලාස්‘ මුදලාලි ගණ දෙවියන්ට දෙවියන්ට මෙන් වඳින්නේය. මිනිහා කෝවිල් යන ආගමික වතාවත් කරන සතියට කඩේ වැඩකරන කෙනක්ටවත් පිළී ජාතියක් කන්ට තහනම්ය. ඒ කඩේට ඇතුළුවන විට ඇහෙන්නේ “ඕම්...... මහා ඝණාධපතිනී නමහ්ක්ඃ“ මන්ත්‍රයයි.
“ඉතිං මොක්කද උඹ කියන්නෙ. ඔය ටික කිව්ව කියල අපිට පාංද?“
ඔබට සිතෙන්නට පුළුවන. ඇත්ත, ඒ වුනාට ඇස්ගෙඩි දෙක සූම් කරල පොඩියක් ඔය පිංතූර දෙක බලන්නකො. දෙපැත්තෙං කෙහෙල් ගස් හිටෝල ගොක්කොළ සැරසිලි එල්ලල එහෙම.
“ඉතිං එහෙම තමයි දෙමළ මිනිස්සු තමංගෙ ආගමික උත්සව දවසට. ඕක කියන්නත් දෙයැක්යැ“
ඔබ ආයෙත් මගෙන් අසනු. ඇත.
නෑ.නෑ ඒක නෙමෙයි තව ඩිංගක් සෝදිසියෙන් බැලුවොත් පෙනෙයි. ඒ අතරම බෞද්ධ කොඩි, වෙසක් කූඩු එහෙමත් තියෙනව නේද?
“හෑ..... හැබෑ නේන්නං“ ඔබේ කටේ මැස්සෙකුත් රිංගනු ඇත.
ඇත්ත එයයි. මේ මිනිස්සු ආගමික සහජීවනය හොඳින් හඳුනති. ඔවුන්ට කෝවිලත් පන්සලත් එක වගේය. වතුකරයේ මිනිස්සු වෙසක් දාට ‘රදොං‘ පෙරහැරත් බලාගෙන ‘වෙසක්‘ පෙරහැරත් බලාගෙන එළිවෙනජාමෙට ගෙදර යති.
නමුත් මට එක ප්‍රශ්ණයක් තිබේ. දෙමළ මිනිහාට අපේ වෙසක් දිනය ඔහුගේ දිනයක් මෙන් සැමරිය හැකිය. ඔහු අපේ ආගමට ගරුකරමි. නමුත්,
දෙමළ මිනිහාට සිය කෝවිල සරසන්නට මාගේ වත්තෙන් දුන් කෙහෙල් ගස කපද්දී අත්වැරදීමකින් විදුලි වයරයේ අත්තක් වැදී මද වෙලාවකට විදුලිය විසන්ධි වීමෙන් කෝපයට පත් අල්ලපු ගෙදර එකා කෑගැසුවේ “මොන ‘හු‘යන්නක් කරනවද ‘ප‘යන්නෝ.. යනුවෙනි. දෙමළ මිනිහාගේ සමාව ඉල්ලීමෙන්වත් සිය කෑගැහීම නවත්තන්නට හෙතෙම නොකැමැති විය.
“මං හිතල කරපු දෙයක් නෙවෙයි නෝනා“ කෙහෙල් ගස කපන්නට ඉල්ලාගත් පිහිය චූටි මැණිකේ අතට දෙමින් දෙමළ මිනිහා පිටි අල්ලෙන් දාඩිය පිසදමා කෙහෙල් ගස කරගසා ගත්තේය.
ඔය තේ බිව්වා?..බත් කෑවා? කතන්දරේ මට හොඳට පුරුදුයි. මම ඉපදුනෙ බදුල්ලෙ..ඒත් අවුරුදු තුනක් වගෙ ඉඳල එහෙං ආපු නිසා ඔය බදුල්ලෙ කතාබහ ගැන මට ඒ හිච්චි කාලෙ මතකයක් නෑ. අපෙ පොඩි අම්ම දීගගියෙ බදුල්ලට. ඒ නංගිල මල්ලිලගෙ කතාබහ ඔන්න ඔය විදිහ...හෙහ්,හෙහ්,
ReplyDeleteසුරංග ..එහෙනං කොල්ලො දිගටම ලියහං හොඳේ...උඹෙ ලිවිල්ලෙ තියෙනව බොහොම හෘදයාංගම ගතියක්..අමුතු මෙව්ව එකක්...අම්මාපල්ල...කුකුළේ ගඟ මතක කියල මම පටංගත්ත සටහන් මාලාවෙ දැන්නම් ලියවෙන්නෙ වෙන වෙන බහුබූත...හෙහ්,හෙහ්..එව්ව එහෙම තමයි..
එහෙනං බං මගේ සුබපැතුම්!!!...දීර්ඝ යාං හෑල්ලකට....:)
කුකුළේ ගඟ මතක කියල මම පටංගත්ත සටහන් මාලාවෙ දැන්නම් ලියවෙන්නෙ වෙන වෙන බහුබූත.///
Deleteහි හි... ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවයැ... රවීගෙ හැම සීරීස් එකටම වෙන්නෙ ඒකනෙ....
ඔබගේ කොමෙන්ටුවට මාගේ බලවත් චිත්ත ප්‍රීතිය. අනේ අනික් අයටත් මේ ගැන කියන්න.
ReplyDeleteහොඳ ලිපියක්. රවී ගේ බ්ලොගයේ ලින්ක් එකක් හරහායි ආවේ. දිගටම ලියන්න.
ReplyDeleteඡේද අතර ඉඩක් තිබ්බොත් අපිට කියවන්න ලේසියි. මේ කතා ලිපි දෙකකට තුනකට විතර ලියන්ත් තිබුණා!
ඔන්න මං ජීවිතේ මුල්වරට මගේ හිතවතෙක් එක්ක බදුල්ලේ පිහිටි ඔහුගේ ගෙදරකට ගියා.
ReplyDeleteගෙට ගොඩ වුණු ගමන් හිතවතා ඔහුගේ අම්මා අමතා කිව්වේ මේකයි.
"අම්මා, පොඩීය වැඩට ගියා"
මට මුලින් හිතුණේ මේ මාස දෙකකට පස්සේ නිවාඩුවකට ගෙදර එන පුතාට අම්මා කියන්න තිබුණු දෙයක් නේද කියලයි, "පුතා පොඩි අයියා වැඩට ගියා".
ටික වෙලාවකට පස්සෙයි තේරුණේ මේ මගේ හිතවතා අම්මාගෙන් අහලා තියෙන්නේ "අම්මේ, පොඩි අයියා වැඩට ගියා ද" කියන ප්‍රශ්ණය බව.
Good. Keep it up !
ReplyDeleteරවී අයියගේ කතා කියවනකොට එන ගතියම දැනෙනවා මේවා කියවද්දිත්.. එකක් කියන්නම් ඌ වගේ වරහන් එලෝ කෝටියක් ඇරලා අපේ වයර් මාරු නොකර ලියපන් හරි ද හෙහ් හෙහ්
ReplyDeleteමටත් ඔය භාෂාව හොඳට හුරුයි මගෙත් උපන්ගම හපුතලේ..
රවී සහෝදරයගෙ ඔත්තුවට ආවෙ. මල් මසුරං.. දිගටම ලියමු. අපි එනව කියවන්න.
ReplyDeleteමැදවච්චිය පැත්තෙත් පොල්කිච්ච වගේ තනිකර කළු පාට කුරුල්ලෙක් ඉන්නවා. ඌට කියන්නෙත් මීච්චා..
සාධාරණ මිනිස්සු සාධාරණ මුදලාලිලා තාමත් ඉන්නවා අපි අතරෙ. අසාධාරණ මිනිස්සු සහ ව්‍යාපාරිකයෝ වැඩි නිසා ඒ උදවිය පස්සට ගිහිං.
එකමුතුව එකා වගේ ජීවත් වෙන ක්‍රමය ජාතිවාදී සහ ආගම්වාදී කාලකන්ණි හැතිකරේ නිසා යටපත්වෙන එක තමයි කරුමෙ වෙලා තියෙන්නෙ.
මැදවච්චිය පැත්තෙත් //ගල් කොරියක් කරන// පොල්කිච්ච වගේ තනිකර කළු පාට //මහ යෝධ// කුරුල්ලෙක් ඉන්නවා. ඌට කියන්නෙත් මීච්චා.. හැක් හැක් හැක්
Deleteඅපූරුයි කතාව
ReplyDeleteඒ වගේ මිනිස්සු තාම ඉන්නව ඒ වගේම අර වගේ මිනිස්සු ඕන තරං ඉන්නව...
හුගක් අය හුගක් වෙලාවට හිතන්නෙ තමන් ගැන විතරයි අනික් අයට හෙණ ගහල කරවෙලා ගියත් කමන්නෑ...
අර මුදලාලි වගේ අර මනුස්සය වගේ අය ඉන්නෙ කලාතුරකිං මටත් දෙන්නෙක් තුං දෙනෙක් හම්බෙලා ඇති හරි අහිංසක නිහතමානි මිනිස්සු...
දිගටම ලියමු
ජයෙන් ජයම වේවා
රවි මහත්තයා, රසිකොලොජිස්, අර්තාපල් අලේ, පැතුම් හේරත්, සජිත්, මහේෂ් රත්නායක ඔබ සියළු දෙනාට මාගේ අවංක භක්ත්‍යාදරය. මා වෙනුවෙන් අනික් අයටත් මේ ගැන කියන්න. හැමෝ්ම මං ලියන හැම එකක්ම කියවන්න. කියවල හැකි නම් ගුණ දොසක් කියල යන්න. ඔබ සැමට මගේ දන්ඩනමස්කාරය වේවා.
ReplyDeleteරවී අයියගෙ බාරේ තමයි මෙතෙන්ට ආවෙ.
ReplyDeleteරුපියල් පන්සීයක් බලෙන් ඇඟේ ගහනව කියන්නෙ අද කාලෙ හැටියට විස්වාස කරන්න බැරි දෙයක් තමයි.
දිගටම ලියමු. ජය.
සිතියම අකුල ගත්තැයි ඔහේ.
ReplyDeleteඑහෙනම් ලියමුකෝ දිගටම හිටං.
රවිගෙන් පාර අහගෙන ආවා.කතා ටික අපූරුයි.බයක් හැකක් වෙන්න දෙයක් නෑ දිගටම ලියමු.
ReplyDeleteමිනිසත්කම නැතිවෙලා නැහැ, මිනිස්සු හම්බ වෙන්න තරමටවත් අපේ ගොඩක් දෙනෙක් සමාජයේ ගැවසෙන්නේ නැති නිසයි හොඳ මිනිස්සු මුණ ගැහෙනවා අඩුවෙලා තියෙන්නේ...
ReplyDeleteදිගටම ලියමු... ජය වේවා...!
අඩෝ බොරු කියන්නෙපා.. රුපියල් පන්සීයක් ආපහු දෙන්න තරම් 'හොඳ ' උන් දැන් බදුල්ලේ නෑ.. හැක්. නැත්තෙමත් නෑ හැබැයි.. ඉතින් උඹ ඒ වෙලේ චූටි මැණිකෙව කෙනිත්තුවාද? වීල්ස් පාක් එක ලඟට මට මේ ලඟදි දවසක ඇහුණා ගෑණු කෙනෙක් මර ලතෝනි දෙනවා පුස්ථකාල පටුමඟ පැත්තේ. ශුවර් එකටම ඔය සීන් එක වෙන්නෝනෙ..
ReplyDeleteඔය ආගමික සහජීවන කතාවනම් පට්ට ඇත්ත.. සහජීවනේ කෙසේ වෙතත් දෙමළ සිංහල බේදයක් නැතුව ඔය උත්සව දෙකටම හැමෝම එක වගේ සහභාගී වෙනවා.. ඒත් මුස්ලිම් උන්නම් එන්නේ දන්සල් කන්ඩයි කූඩු බලන්නයි විතරයි.. උඹට කියන්න මං ඉන්නේ ඔය රොක්හිල් කාලිදේවාලෙට ඇවිදගෙන යන දුරින්.. මෙදා පාරත් වෙසක් දවසට කලින් දවසේ ගිහින් කට්ටියම ගිනි පාගනවා බලල පූජාවත් බලල තමයි ආවේ.. පෝලිමේ ඉඳල 'දේවදානේ' ගත්ත පුංචි කොලු පැංචෙක් අපිට බත් පාර්සලේ දීලා ආයිම පෝලිමට එකතු උනා.. දිගටම ලියපං බදුල්ලේ විත්ති. ජය ශ්‍රී!
//අඩෝ බොරු කියන්නෙපා.. රුපියල් පන්සීයක් ආපහු දෙන්න තරම් 'හොඳ ' උන් දැන් බදුල්ලේ නෑ..// හිකිස් ...
Deleteදැන් ඉන්නේ ඉතින් තොපි වගේ කුඩුකේඩු එවුන් ඉතරයිනෙ ...හැක් හැක්
දෙමළ මුදලාලිලාගේ කඩවල් වලට යන්න මමත් හරි ආසයි. ගොඩක් එහෙම තියෙන්නේ ( මම ගියපු) රෙදි කඩ. ඒ මිනිස්සු හරිම සුහදයි. මම දන්නේ නැහැ, මට හරි පුරුදු ගතියක් දැනෙනවා. මටත් ඒ වගේ කඩවල් වලින් සල්ලි වලට තියෙන අවංකකම දැනිලා තියෙනවා.
ReplyDeleteඉස්සර නුවර තේරු අදින්න අපිත් යනවා. උත්සවේ තියෙන්නේ රෑ වෙලා. අපේ අය්යා නම් කරත්තෙත් අදිනවා. මුරුතැන් බතුත් කනවා. මම දෙය්යෝ වඳින්නේ නැහැ. නමුත් ගෞරවය තියෙනවා. මිනිස්සුන්ගේ හිත්වල වෛරය වැපිරුවේ එකට ජිවත් වෙන අය නෙවෙයි කියලා මම අදටත් විස්වාස කරනවා.
අපූරු කතා... ආසාවෙන් කියෙව්වා. තව ලියමු
Praසන්ன, Manoj Fernando,Helapa kade,Helapa kade, ලොකු පුතා,කල්‍යාණ මිත්‍ර, උපේක්ෂා බොහොම පිං මා බලන්න ආවට. අනික් අයටත් කියන්න හොඳේ.
ReplyDeleteමං මහියංගනේ එකෙක්. ආවා.. කෑවා.. බීවා.. බාසාව අපිටනම් හොඳට හුරුයි.
ReplyDeleteඔබේ ලිවීමේ හැකියාව වගෙම ඔබ ලිටන ආරත් කදිමයි. දිගු ගමනක් යමු.
Manosh Sandaruwan
Deleteබොහොම පිං ආවට. මාත් දොහක් දෙකක් මහියංගනේ ඇහිල්ල තියෙනව. ඔය රජමහ විහාරෙ නායක හාමුදුරුවන්ට ලියුං කවරවල මුද්දර අලෝල දෙන්නත් වුනා එක දවසක්. ඔය රජමහ විහාරෙ අසබඩ අපේ ඔපිසියෙ සගයෙකුත් ඉන්නව.
මනොෂ් අපිට නම් ඔය භාෂාව තෙරුන් ගන්නවත් බෑ බන් .....හැක්
Deleteඕං මාත් ආව යාං හෑලි කියවන්න. දිගටම ලියමු එහෙනං.
ReplyDeleteආවට පිං. ලියන්නකො විචාරයක් කාරිය. දාන්නකො ඔබතුමංගෙ බොලොක් එකෙත් ඇඩ් එකක්
Deleteමාව පොඩ්ඩක් කොනිත්තපං බලන්න. මට විස්වාස නෑ අර පන්සීයේ කේස් එක නම්. කොනිත්තන්න බැරිනං පයිං එකක් ගහපං.
ReplyDeleteඔන්න මමත් ගමේ එකා මුණ ගැහිලා යන්න අවා .....දිගටම ලියමු මචෝ ..ජයවේවා !!!
ReplyDeleteපස්ට මචං දිගටම ලියහන්!
ReplyDeletemaathege sammaaneta baajanaya welaa thibunu nisaath, kiyawapu kotasa rasawath nisaath mula patan kiyawanna hithuwaa.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොනක ඉදන් පටන් ගත්තා කියවන්න
ReplyDeleteආයෙමත් මුල ඉඳන් කියවනවා. මේ හතර වෙනි ගමන වෙන්න ඕනෙ.
ReplyDeleteමාත් මේ අග ඉඳං මුලට කියෝගෙන එන ගමං. දැං ඉන්නෙ අන්තිම හරියෙ.
Delete