කොහොමෙං හරි ආච්චම්ම දලු ටික
වෙලාවට කඩාගන්න බැරිවෙච්ච එකෙං පටං ගත්ත කතාව රත්නෙ බාප්ප ගෙනාපු ‘ගෑනි‘ට ළමෙක්
හම්බු වෙන්න ගිහිං ළමෙය මැරිච්ච එක දක්වා දුරදිග යද්දි බස්සෙක ආව. අපේ ගමට එහා ගමේ
ඉඳං එන ‘කාරියවසං බස්සෙක‘ රත්තපුරේටම යන හිංද ඒකෙ යමු කියල ආච්චම්ම කලිංම කියා
තිබුන. හෝං ගහගෙන පිඹගෙන ආපු බස්සෙක අපිව දැක්ක ගමං ‘බොඳ, බොඳ, බොඳ, බොඳ‘ කියල
වේගෙ අඩු කොල්ල නැවැත්තුව. කලිං දවසෙ පුංචම්ම බස්සෙක එලෝන ‘ගුණේ‘ට කියා තිවුන හිංද
අපිව දැක්ක ගමං එයාම කෑ ගැහුව බස්සෙකේ ඉන්නෑයට.
“ඔය මානානෙං
බහින අය නැකිටල මේ ගොල්ලංට සීට් දෙන්න“
ඕං ඒගමන ආච්චම්ම නඩේ ගුරා
තනතුර අතෑරල හදිසියෙම කොංදොස්තර උනා.
“හා නැගහල්ල,
නැගහල්ල, රංඔල නංගියේ ඔය කෙල්ලො දෙන්නත් අරං නැගහං විගහට. රාජෝ, විජේසේනෝ,
නැගහල්ල“
උන්දැ අංතිමට නගින්න හදන්නෙ.
කට්ටියම නැග්ගහං ආච්චම්ම එක අතක ටිකැට් පොත තියාගෙන දොරේ එල්ලිල ‘රයිට් යං‘ කියනව මට
මැවිල පෙනුන.
“අම්ම
ඉස්සෙල්ල නගින්නකො, අනික් අයට නැගගන්න පුළුවං. අම්ම මොකෝ පුට් බෝට් එකේ යන්නයැ“
මාමයි පුංචියි කෑගහලා
උන්දැගෙ තනතුර අත්හිටෝල මාවත්, ආච්චම්මවත්, දිග බෑක්කෙකත් මුලිංම බස්සෙකට පැටෙව්ව.
අච්චම්ම කට පියාගෙන බස්සෙකට නැග්ග. මට හරිම සංතෝසයි. බලෙං නැකිට්ටෝපු මිනිස්සු
අකමැත්තෙං අපිට ඉඩ දෙද්දි රංඔල ආච්චම්මගෙ කෙල්ලංට හැම තැනම සීට් හම්බුනා.
“විජේසේනෝ,
රාජෝ, යගිරල නංගියේ“
ආච්චම්ම බස්සෙක ඇතුලෙ නඩේ
සංගණනය කරනව. එතකොට අදාල නම හිමිය, තමං ඉන්න බව කියන්න ඕනි. නැත්තං තව වාර ගානක්
උනත් නම අඬගහන්නත්, ඒත් ප්‍රතිචාර නැත්තං අදාල පුද්ගලය ඉන්නවද බලන්න මාව බස්සෙකේ
එහාට මෙහාට යවන්නත් උන්දැ පසුබට වෙන්නෑ. කොහොමහරි බස්සෙකේ ඉන්න අනික් මිනිස්සු මේ
‘නරි නාඩගම‘ මොකද්දැ කියල අපි දිහා බලද්දි, අපි සියලු දෙනා නව නිංගිරාවට
පත්වෙද්දි, බස්සෙකේ හිටපු මිනිස්සුංට අපේ නං ගං වාසගං කට පාඩං වෙද්දි, ආච්චම්මගෙ
නං අඬගැහිල්ල පැය බාගෙකට වඩා බස්සෙක දෙවනත් කලා. ඉං පස්සෙ ටිකට් ගන්න කොන්දොස්තර
ආව. ආච්චම්ම තමං ලඟ තිවිච්ච බෑක්කෙක ඇදල සල්ලි හොයන්න පටං ගත්ත. ඒක අස්සේ අතදාල
වරුවක් කාල්ගාල සල්ලි ඔතල ගැට ගහපු ලේංසුව හොයාගත්ත. ඒ අතරෙ බෑක්කෙකෙං බිම වැටිච්ච
දෙහි ගෙඩි දෙකක් හොයන්න මට සෑහෙන්න වාර ගානක් සීට් යට අතගාන්නත් උණා.
ඉං පස්සෙ තමා හොඳම හරිය.
ඔන්න මොකක් හරි ටවුමක් කිට්ටු වෙනකොට උන්දැ මට මෙහෙම කියනව.
“ඔය කඩේක
බෝට්ටෙකක් කියොවහං“
උන්දැට අකුරු ඉලක්කං
කියොවන්න බෑ. ඉතිං මං කියෝනොව.
“ආරියරත්න
ඉස්ටෝස් තොග සහ සිල්ලර වෙලෙංදෝ. කුරුඳු, කරුංකා, කෝපි, ගම්මිරිස් වැඩිම මිලට ගනු
ලැබේ“
ඒ ටික කියෝනකොටම බස්සෙක එතන
පහු කොරනව.
“ඒක නෙමෙයි
බොල. ටවුමෙ නම මොකද්ද කියෝපං. උඹලට ඉස්කෝලෙදි බෝට්ටෙකක් කියොවන්න කියාදීල නැද්ද?“
උන්දැ මට ගොරෝනව.
“එහෙම
කියන්නපෑ. මේ උඩකරවිට ටවුමනෙ“
මං කියනව.
“උඹ කොහොමද
දන්නෙ?“
ආච්චම්ම අහනව.
“මං දන්නව
සේරම ටවුං, ඊළඟට නිවිතිගල, ඉං පස්සෙ මාරපන, ආයි දෑල, ඉං පස්සෙ තිරිවානකැටිය,
ඉංපස්සෙ රත්තපුර“
ආච්චම්ම පැරදෙනව. ඒ උනාට
උණ්දැ ඒක පිලිගන්නෑ.
“මේ
ළමෙයො මේ උඩ කරවිටද“
උන්දැ ලඟ ඉන්න එකෙග්ගෙං
අහනව.
“ඔව්“
ඒ මිනිහත් කියනව. ඒත් එක්කම
බස්සෙක නවත්තනව, උඩ කරවිටිං බහින අයට බහින්න
“රංඔල එකී
එහෙම බහීද දන්නෑ මෙතනිං, උං දන්නෑනෙ“
රත්නපුරත් පහු කරල තව සෑහෙන
දුර තියෙන ගමකිං ආ රංඔල ආච්චම්ම ගැන අපේ ආච්චම්ම එහෙම හිතනව.
“රංඔල නංගියේ,
රංඔල නංගියේ, රංඔල නංගියේ, පොඩි එකියේ, පොඩ්ඩියේ, ලොකු කෙල්ලේ, යගිරල නංගියේ,
යගිරලියේ“
ආච්චම්ම නං අඬගහනව.
“බොලට කං
ඇහෙන්නැද්ද? රංඔල නංගියේ, රංඔල නංගියේ,“
“ආ අපි ඉන්නව අක්කේ, ඇයි?“
යගිරල ආච්චි බස්සෙකේ අනික්
කොනේ ඉඳං අහනව.
“මෙතනිං එහෙම
බහින්නෙපා, මේ උඩ කරවිට. අපි තව එහා යන්නෝනෙ. උඹල දංනැතුව බහී. රාජටයි, විජේසේනටයි
එහෙමත් කියහං“
සිය නඩය හයක් හතරක් නොදන්නා
එවුං මට්ටමට ඇද දමමින්. උන්දැ බස්සෙක දෙවනත් කරනව. ඒ අතරෙ බස්සෙකෙං බැහැල යන සෙනග
අතරෙ අපේ නඩේ කෙනෙක්ට හැඩහුරු කමෙං සමාන කෙනෙක් උන්නොත්, ඒ අපේ නඩේ එකාමද කියල
දැනගන්නත් උන්දැ ආයිත් කෑ ගහනව. පහුවන සියලුම නගර වලදී මේ ක්‍රියාවලිය සිදු
කරමින් බසයට අලුතින් නගින අයටත් ‘මේ නම් හද්ද වන්නියකිං ගොඩ බැස්ස ගොරකයො රැලක්‘
බවට අපව හංවඩු ගසමින් උන්දැ අපිව හසුරෝනව. සෙනග එකිනෙකා දෙස බලා අපට හිනාවෙන අතරෙ
අපි මූනු හංගගෙන ඉන්නව.
ඔය අලකලංචි මැද්දෙං බස්සෙක
රත්තපුරේට ලං වෙනව. බස් ඉස්ටෑං එකේ බස්සෙක නවත්තල හැමෝම බැස්සම ආයිත් ආච්චම්ම
සංගණනය කරනව.
“කෝ රාජ
එහෙම.“
ආච්චම්ම හොයනව. කණ්ඩායමේ
පිරිමි රැළෙං එකෙක් ඇරෙන්න අනික් ඔක්කොම නෑ.
“ආං අර එහා
කඩේකට ගියා නැංදෙ මොනවද බඩු වගෙයක් ගංන කියල. ඩිංගෙං එයි“
ඉතුරුවෙලා හිටපු කෙනා කියනව.
ටිකකින් ඒ කාණ්ඩෙත් එනව.
අසුවල්, අසුවල් බඩු ගන්න ගිය බව ඒ අය කියනව. විජේසේන මාමගෙ බෑක්කෙකේ සිප් එක
ඩිංගක් ඇරිල ඒකෙං කහ පාට මූඩියක් විතරක් පේන්නන තියෙනව. ආච්චම්ම ආයිත් අපි රැලම
ගනං කරනව. අහවලා, අහවලා අඩුබව කිව්වම ඒ අසුවල් අය තමුං නැතිවෙලා හෝ මගෑරිලා නැතිව
‘මේ යස අගේට‘ ඉන්නා බව කියනව.
“ආ, මේක ගනිං“
ආච්චම්ම දිග බෑක්කෙක මට
දෙනව. මං සැකෙං වගේ බලනව. මේක මට කිව්ව වෙන්න බෑ. ආච්චම්ම මගෙ බඩුත් ගෙනියයි
කියලනෙ මං හිතුවෙ.
“ගං මේක. බොට
එන්න කිව්වෙ මේක ගිනියන්නත් එක්ක තමා“
බළල මල්ලෙං එළියට පනිනව.
මුන්දැමාව එක්කං ඇහිල්ල තියෙන්නෙ නාට්ටාමි කමට. මොනව කොරන්නද? මං ඒක උරෙස්සෙ
එල්ලගන්නව. ඉස්කෝලෙ පොත් බෑක්කෙකට වඩා ටිකක් බර වැඩියි. මක් කොරන්නද. යංකො,
ආච්චම්ම කෙරෙහි මගේ කේන්තිය ඉහ වහා යනව.
“හා, යමල්ල“
උන්දැ අපිව දක්කනව. අපි
උන්දැ පස්සෙං යනව. කාගෙංවත් අහන්නැතුව උන්දැ බස් එකක් ගානෙ යනව. හැම බස්සෙකක්
ගාවටම ගිහිං ඒක ඉස්සරහ හිටගන්නව. හිටගෙන බස්සෙකේ මූණතට ඇඟිල්ලක් දික් කරල මට අණ
දෙනව
“කියෝපං මේකෙ
බෝට්ටෙක“
ඉතිං මං කියෝනොව.
“හොරණ“
“රත්ගඟ“
“නිවිතිගල“
“මල්වල“
ඔය ආදී වශයෙන් ඉස්ටෑන් එක
පුරාම අපි පෙරහැර වගේ යනව.
“නැංදම්මෙ, ආං
අතනලු බස්සෙක ගහන්නෙ“
අපේ නඩේ එකෙක් කියනව. ඒත්
ආච්චම්ම නෙමෙයි ගානකට ගන්නෙ.
“ඔය මිනිස්සු
කියන්නෙ බොරු. උඹල රවට්ටල කොහෙකට හරි අරං ගිහිං අතේ තියෙන සල්ලි ටික ගනියි.
යන්නෙහෙම එපා“
එහෙම කියල උන්දැ ආයිත් බස්
බෝට් කියවීමේ චාරිකාවෙ යෙදෙනව. උන්දැ හිතන විදිහට උන්දැගෙ ආරක්සාවෙන් මිදිච්ච ගමං
වටේ ඉන්න මිනිස්සු අපිව මංකොල්ලකනව. මිනීමරුවො, මංකොල්ලකාරයො, සේනාවක් මැදිං අපව ආරක්ෂාකාරීව ගෙනියන සේනාධිනායිකාව තමං
හැටියටයි උන්දැ හිතං ඉන්නෙ.
“සිරිපාගම“
මං තව බෝට්ටෙකක් කියෝනොව.
“ඒකහ් නෙමෙයි.
‘සිරීපාදෙ‘ කියල බෝට්ටෙකක් ගහපු බස්සෙකක් තියෙද බලහං“
උංදැ මට අණ දෙනව.
“මේක තමයි
නැංදම්මෙ බස්සෙක. මේකෙ ගියහං හරි“
නඩේ අය එකහඬිං කියනව.
“කෑ නොගහ
හිටහල්ල මං තිස් වතාවකට වැඩියෙං ගිහිං තියෙනව සිරීපාදෙ. උඹල දන්නවැ මට වැඩිය“
ආච්චම්ම ඒකාධිපති වෙනව.
අංතිමේදී අහල පහල හිටි වංදනා
නඩ දෙක තුනක අයත්, බස් කොන්දොස්තරත් සාක්කි වසයෙං කැඳවීමෙන් පසුව අපි යායුතු
බස්සෙක මේක බව උන්දැ පිළිගන්නව. අංතිමේදී අපි ඒ බස්සෙකට නගිනව. බස්සෙක පිටත් වෙන්න
ටිකක් වෙලා යනව. ඒ අතරෙ උන්දැ ආයි බස්සෙක දෙවනත් කරනව.
“රංඔල නංගියේ,
රංඔල නංගියේ, ඔය කෙල්ලංට කතා කොරහං“
සිය නම අඬ ගැහීමෙං භිතියට
පත් උං අපේ පැත්තට හැරිල හීං හඬිං මෙහෙම අහනව
“ඇයි
නැංදම්මෙ“
“බොලට කටෑරල
කතාකොරන්න බැයිද? මගෙත් එක්ක විගඩං නටන්නද හදන්නෙ?“
ආච්චම්ම උං දෙන්නව තෙල්
නොගාම ගිලිනව.
“බොලට රෙ**,
හු** කොරන්න එහෙම ඕන්නං දැංම පලයල්ල ආං අර කෙරෝලෙ තියෙන කක්කුස්සියට. ආයි බස්සෙක
යද්දි බරක් හැදුනොත් එහෙම උඹලට රෙද්දෙම හු** යයි“
ආච්චම්ම උං දෙන්නට උංහිටි
තැං නැති වෙන්න වැඩේ සිද්ද වෙන විදියට අහල පහල බස් වලටත් ඇහෙන්න කියනව. මුළු
බස්සෙකේම ඉන්න අය හිනා වෙද්දි අපි ආයිත් මූනු හංගගෙන ඇකිලෙනව. අර නැංදල දෙන්න
ලැජ්ජාවෙංද, කේංතියෙංද මංද රතුවෙලා ඉස්සරහ සීට්ටෙකේ මූනු හංගගන්නව.
බස්සෙක පිටත් වෙනව. ආච්චම්ම
හිතන විදිහට බස්සෙක යන්න ඕනි කඳු පාරවල් දිගේ ඉහලටම විතරයි. බස්සෙක පල්ලමක යන හැම
විටම උන්දැ හිතන්නෙ අපි වැරදි බස්සෙකේ නැගල කියලයි. ඉතිං උංදැ වටේම එවුංගෙං ආයිත්
සැකහැර දැනගන්නව. බස්සෙක සීඝ්‍ර කන්දක් නගිනව. එතකොට ආච්චම්ම අපිට මෙහෙම කියනව.
“හයියෙං අල්ල
ගනිල්ල, ඔය ඉස්සරහ සීට්ටෙකේ පොල්ල හයියෙං අල්ල ගනිල්ල. බැරිවෙලාවක් බස්සෙක ආපස්සට
ආවොත් මා ගැන බලන්නෙපා, බොල පැනහල්ල, මං කොහොම හරි බේරෙන්නං“
උන්දැගෙ වීරෝදාර ප්‍රකාශය
ඇහිච්ච බස් ඩැයිබරටත් හිනා යනව ඉස්සරහ කංනාඩියෙං මං දැක්ක.
ආච්චම්ම ඒ ගමන අපිට ඉස්සරහ
සීට්ටෙකේ හිටපු මනුස්සයෙක් එක්ක කතාව පටං ගත්ත. සිය පුත්‍රයා ගුරුවරයෙක් බවත්, සිය
බාල දියණිය මුදලාලි කෙනෙක් බවත්, තවම කසාද බැඳලා නැති බවත්, බයිසිකල් රේස් පදින්නට
දස්ස බවත්, ඈ කඩේ ණය නොගෙවූ මිනිහෙක් ගස් බැඳ ලාඩප්ප පොල්ලෙං තැලූ බවත්, සිය
බෑනාවරුන්ගෙන් එක් අයෙක් ‘ඩිපෝ එකේ ලොක්කෙක්‘ බවත්, මේ ඉන්නේ සිය ලොකුම දුවගේ
කොලුවා බවත්, මුට හරියට බෝට් එකක් කියවන්නවත්, ගාණක් හදාගන්නවත් බැරි බවත්, තමංගේ
නඩේ අයගේ නම් ගම් ආදියත්, අර ඉන්නා ‘යගිරල එකී‘ ගෙ කෙල්ල ළමයි දෙන්නෙක් ඉන්න
මිනිහෙක් එක්ක හොරෙං පැනල ගිය බවත්, ඊට එහායිං ඉන්න රාජගෙ ගෑනි ‘වෙනිං මිනිහෙක්
එක්ක ලැහැත්තිවෙලා ඉඳල‘ අහුවෙලා ගුටි කෑ බවත්. අර සුදු සරමයි කමිසෙයි ඇඳං ඉන්න
විජේසේනගෙ බාල කෙල්ල ‘සක්කරවට්ටමක්‘ බවත්, ඒකි ‘බාගෙට හෙලුවෙං‘ පාරෙ යන වගත් එම
පුද්ගලයාගේ ඔලුවට පිරවිමට ආච්චම්මා සමත් වූවාය. තමං ගිහිං තියෙන සිද්දස්තාන ගැන
කියද්දී බස්සෙක ගමනාන්තයට පැමිණියෙන් ඒ
ටික ‘බස්සෙකෙන් බැහැලා කියන‘ බවට උංදෑ පොරොන්දු වූවාය. බසය නැවත්වූ විගස එම ශ්‍රාවකයා
ආගිය අතක් හොයා ගන්නට නැති විය.
බස්සෙක නවත්තපු තැන කඩ පේලි
රැසක් තිබූ අතර ඒවායේ තියෙන බඩු ගනං වැඩි බවත් එක බඩුවක්වත් නොගන්නා ලෙසත් සිය
පිරිසට දැන්වූ ආච්චම්මා නැවතත් සිය නඩේ ගනං කිරීමට පැය කාලක් පමණ ගත්තාය. එතැං සිට
තාර පාරේ පා ගමනිං පැය බාගයක් විතර යාමෙන් පසුව දෙපස ගෙවල් වැනි කඩ වලින් සැදි පඩි
පෙලින් යුතු පාරකට අවතීර්ණ වුනෙමු. එම කඩවල් රසකැවිලි, ආහාර පාන විකුනූ අතර ඇතුලට
වන්නට විශාල ශාලාවකින් යුක්ත විය. ඒ වන්දනා නඩ සඳහා ලැගුම් සැපයීමටය. එක් කඩෙයක්
තෝරාගෙන එතුලට වැදුනු ආච්චම්මා අපවද එහි ශාලාව වැනි කොටසට කැඳවීය. එහි අපගේ
බඩුමුට්ටු තබා නාගන්නට අවශ්‍ය රෙදි පෙරෙදි රැගෙන අසල පිහිටි දොලකට ගියෙමු. ඒ යන
ගමංද වරින් වර අප සියලු දෙනා ගණං කිරීමට උන්දෑ අමතක නොකලාය. අන්තිමේදී අපි අදාල
දොළ පාර වෙත සැපත්වූ අතර ඉන් හොඳහැටි නා ගතිමු. අප වැනි නඩ දෙක තුනක්ම එහි සිටි
අතර, කලිසං ඇඳං නාන කාන්තාවන් දෙස බලා.
“අරුංගෙ
විලිසංගෙට නැති කම. තංටං දෙක පේන්න නං රෙදි අඳින්න ඕනැයැ. හෙලිබැල්ලෙං හිටියහං
වියරනෙ“
යනුවෙන් දෙස් තැබීමටද
ආච්චම්මා පසුබට නොවුවාය. නෑමෙන් පසුව සිය ඔසරියෙන් චීත්තය හා හැට්ටෙට මාරු වූ
ආච්චම්මා තවත් රුදුරු වූවාය. රංඔල ආච්චම්මාගේ දූලා දෙන්නාද ගමන් පහසුව සඳහා දික්
කලිසං ඇඳීමට ඒවා බෑගයෙන් එළියට ගන්නා විටම ආච්චම්මාගේ උකුසු ඇසට එය ලක්විය.
“මොකද්ද බොල
ඔය“
ආච්චම්මා පිලිවිසියාය.
“මේ. මේ. මේ.
කලිසමක්“
“කලිසං,?
තොපිට මොටද බොල කලිසං අබුද්දස්සෙටද?.
ලැහැත්ති උනාද මෙතන නටන්න නාඩගං? අනේ හැබෑටම රංඔල නංගියෙ බොට බැරි උනානෙ මේ
සුකුරුත්තං දෙක හරියට හදාගන්න“
ආච්චම්මා වරදකරුවන්ට
නොපිරිහෙලා බයිනව.
කාලයක් පෙරුම් පුරා කළඑලි
බසින්නට සිටි කලිසං දෙක තිඹිරි ගෙයිදීම ආපසු බෑගයට ඔබා දමන ලදී.
ඊළඟට‘පාං‘ කියා ගන්න බැරුව
බඩගින්නේ ඉන්න අපිව අරං උන්දැ යනව ඒ ළඟ තියෙන පංසලට. පංසලට කිව්වට ඒකෙ තියෙන
දේවාලෙට. එතෙන්දි ‘සමං දෙයියන්ට‘ බාර වෙලා පඬුරක් ගැට ගහනව. ඒක ගැට ගහන්නෙ අපේ
අතේ. සුදු රෙද්දක කාසියක් ඔතල ඒක අතේ ගැටගැහුවම ඒ කාසිය උඩ පැත්තට හරවල තියා
ගත්තහම ඔරලෝසුව වගේ. එතෙන්දි සෙනග වැඩි හින්ද පස්සට වෙන්න කියල කපු මහත්තය කෑ
ගහද්දි, සිය නඩේ එකෙට්ටවත් පස්සට වෙන්න නොදී අපිව ඉස්සරහටම ගෙනියන ආච්චම්ම අපි
වෙනුවෙං ‘කුටු කුටු‘ ගාල යාතිකාවක් කියනව.
ඉං පස්සෙ තමයි ආපහු අපි
හිටපු කඩේට ඇහිල්ල ගෙදරිං බැදං ආපු බත් මුල කන්නෙ. ඔය වෙලාවට නඩේ කට්ටිය තමුංගෙ
බත් මුලේ තියෙන ඒව අනික් අයගෙ පිඟානටත් දාන ‘බෙදාහදාගෙන කන‘ සෙල්ලම පටං
ගන්නව. ඕක කලින්ම දන්න මම කාටවත් හොයා ගන්න බැරි මුල්ලකට වෙලා තමයි කන්නෙ. අනික්
අයගෙ අතිං අල්ලපුව මට කන්න බෑ. ඒකට ආච්චම්ම කියන්නෙ “ඕකගෙ ආනාදිකම කියල“
කෑමෙං පස්සේ අපේ බෑග් වලින්
අවශ්‍ය ආම්පන්න විතරක් අරගෙන අනවශ්‍ය ඒවා ඔක්කොම එක මල්ලකට දාල කඩේ මුදලාලිට දෙනව.
එයා තමයි අපේ බඩු මුට්ටු අපි එනකං බලා ගන්නෙ.
ඉං පස්සෙ නඩේම ඉස්සරහ ආච්චම්ම ප්‍රසිද්ධ කතාවක් කොරනව. ඊළඟට රතු පාට තෙල්
ජාතියක් දාල තියෙන කුප්පියකට නූලක් දාල හදපු මාල අරං අපේ කරේ පලංදනව. ඒකෙ තියෙන්නෙ
කුරුඳු තෙල් ලු. ඉතිං අපි ‘පඩුරු අත් ඔරලෝසු සහ කුප්පි මාල‘ පැළඳ ගමනට සැරසෙනව
“උඹල කාටවක්
කවුරුවක් අඬගැහුවට යන්නෙහෙම එපා. අතරමං උනොත් කවුරුහරි එනකං එතනම හිටපල්ල. නැත්තං
පීකරෙයක් බැඳල තියෙන කාරියාලෙකට ගිහිල්ල කියහල්ල. රංඔල නංගියෙ ඔය කෙල්ලො දෙන්න
හයියෙං අල්ලගෙනම හිටහං. ඕකුං දෙන්න නැත්තං කොයිකෙක් හරි එක්ක යයි පැනල.“
ආච්චම්ම අපි සියලු දෙනාටම
තදිං ඔරවනව.
“උඹල දෙන්නට
මං මේ කියන්නෙ“
ආච්චම්ම රංඔල ආච්චම්මගෙ දූල
දෙන්නට කියනව.
“උඹලට පිරිමි
එහෙම මොනව හරි කිව්වොත් හරි, අතිං ඇල්ලුවොත් හරි මට කියහං. කියල පෙන්නහං මට උංව“
උන්දැ ඊළඟට තමංගෙ කරේ එල්ලං
යන බෑක් එකෙං ඇදල ගන්නව, හඳුංකූරු පෙට්ටියක කොලෙං ඔතපු අග වකුටු වුන අඟල් තුනක්
විතර දිග, යංතං පුවක් ගෙඩියක් කපාගන්න තරං දිග පළල ඇති ඒ මාරක ආවුදය. ඒකෙ අග
වකුට්ට ආච්චම්මගෙ නහය වගේම කුඩුකේඩු කමෙං දිලිසෙනව.
“මෙන්න මේකෙං
තමයි උන්ට මං දෙන්නෙ. හුහ් මං බය නෑ ඔය එකෙක්ටවත්. හොංද“
ආච්චම්ම සෙන්පතියෙක් සිය
කඩුව උරුක් කරන්නා වගේ උදාර ලීලාවෙන් ඒක වටේටම පෙනෙන්න සිරස්ව අල්ලගෙන ඉන්නව.
සියලු දෙනාම එය දුටු බවට සෑහීමට පත්වූ ඇය, ආයි ඒක බෑක්කෙකටම දානව. පිහිය අදිද්දි
බිම වැටිච්ච උන්දැගෙ ලේංසුව මං අහුලල දෙනව.
හෙහේ අච්ම්මා පොඩි පහේ ඒකාධිපතියෙක් නෙමයිනේ එහෙනම්.
ReplyDeleteඔව්. උන්දැ රට පංඩිත ඇණ ගෝනියක්
Delete// ඕක කලින්ම දන්න මම කාටවත් හොයා ගන්න බැරි මුල්ලකට වෙලා තමයි කන්නෙ. අනික් අයගෙ අතිං අල්ලපුව මට කන්න බෑ. ඒකට ආච්චම්ම කියන්නෙ “ඕකගෙ ආනාදිකම කියල//
ReplyDeleteඋඹත් මයේ ජාතියේ එකෙක්
කවුරුවත් අල්ලපු කෑම වල ගඳක් හෝ නැත්තං සීතලක් මට දැනෙනව. අටංපහුරෙං යාං හෑල්ල ගැනත් ඇඩ් එකක් දාල දෙන්න හොඳේ
Deleteඋයනකොට හැන්ද බිමින් (ලිප උඩින් ) තිව්වය කියල මමත් හොඳහැටි බැනුම් ඇහුවා දන්දෙනියෙදි අටම් අය්යගෙන්....
Deleteමේව අහල පණ පලයං පෙරේදා කිව්වලු....අම්මප හිනාවෙලා පණගියා නෙව..මල් හතයි හඳුංකූරු දාහතරයි..බොලායෙ ආච්චම්ම බං හිට්ලර්ගෙ නැන්දම්ම වගෙ බඩුවක් නෙව.උන්දෙ ඉන්නවය තාම? අම්මාපල්ල තාම ඉන්නවනං මං එනව බැහැදකින්ට..අනෙ ඇත්තමයි...
ReplyDeleteමං හූණ කියන්නැහෙ කියඤ්ඤා සිරීපාදෙ කරුණා කිරිල්ල ඉවර වෙනකොට උන්දැ හතර පස් දෙනෙක්ට නුහුගුණේ හදවන එකත් හදවනව...
උන්දැනං ඔය යස අගේට තාම ඉන්නෙ. උන්දැ හම්බුවෙන්න තියා සනුහරේ එකෙක්වත් හම්බුවෙන්න මං යන්නෑ. උන්දැටවත් උන්දැගෙ දරු කැලතටවත් මාව අල්ලන්නෑ. උන්දැලගෙ පරවැඩ කරපු මම ආණ්ඩුවෙ රස්සාවක් කරද්දි, මාව වැඩකාරකමට ගනිපු අනික් එවුං ‘තෙසක් රථ රියදුරෝ‘, ‘ගෘහණියො‘ බවට පත්වුනා. ඉතිං කාටද උහුලන්න පුළුවං. බෑනෙ උහුලන්න. ඒ ගමන ඒ ඇත්තො කෙටෙව්වා කෙටවිල්ලක් දෙපැත්තම ආයි මගෙ අම්ම, අප්පවත් මයෙත් එක්ක කතා නොකරන්න. ඉතිං රවි මහත්තෙයෝ ඔය කුණු ගොඩේ මං කොහොමෙයි තමුන්නැහේව එක්කං යන්නෙ? ඔන්නොහෙ නිකා ඉමු.
Deleteඑහම කරන්න එපා ආච්චි අම්මා බලන්න පලයන්
Deleteමරු බං පටන්ගත්ත තැන ඉඳල ඉවරවෙන තැනට එනකල් එක දිගට හිනාවෙලා පණගියා.බොලාගේ ආච්චම්ම තාම ඉන්නවද?අම්මප බැහැදකින්න වටින කාන්තාවක් නොවැ.
ReplyDeleteඋඹ බ්ලොගේ දිගටම ලියනවනං කියපං ගෙනිහුං රෝලෙ එල්ලගන්න.
ආං හොඳයි හැලප මහත්තෙයා. මේක ගෙනිහුං ඔය කියන මොකද්ද එකේ එල්ලන්නකො. ආච්චම්ම නං ඔය ඉන්නෙ.
Deleteඇබං හැලපයියේ කාලෙකිං රසදිව ටීං ටීං ගෑවා නේ
Deleteදැන් දැං උඹත් මෙලෝ රහක් නැති වෙනව
අර රවියත් නිකං මොකදෝ වෙලා
උඹට තාම ආච්චි අම්මා එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ.. ඔන්නෝව අතෑරල දාපං මස්සිනා.. වයසට යනකොට ඔය කොයි උන්දැත් එකයි.. උන් බයයි ඉක්කණට මැරිල ගියොත් තියෙන වැඩටික අහවරයක් කර ගන්න බැරිවෙයි කියල.. ඒක මේ අපි දැන් හිතනවට හරි හිතන්න පුළුවන් පරිමානෙට හරි ගොඩාක් වැඩි හැඟීමක්.. අපි ඒ උන්දලෑට අනුකම්පා කරන්න ඕනි කාලේ..
ReplyDeleteමොනවා උනත් සුරෝ උබේ ලියවිල්ල නම් මල් මසුරං..
මං මොකටද උන්දැගෙං ඇරියස් පිරිමහන්නෙ. ඒ වුනාට උන්දැගෙ වැඩ රට්ටු දැනගත්තම ඒක මතු පරපුරට වැදගත්. විශේෂයෙං හිනා වී තර වීමට
Deleteතක්කෙටම අපේ ටල් අම්මා වගේ ඹුංගේ ආච්චම්මත් මූට අමා සැප දෙන්ඩ ඇති ,
Deleteහෙහ් හෙහ් හෙහ්.....කොහෙද යකෝ මෙච්චරකල් දැක්කේ නෑනේ මේක. අටමා තමයි පාර කිව්වේ. ඔන්න මම මගේ රෝලෙත් එල්ලුවා.
ReplyDeleteමේ වගේ චරිත තවමත් ඉන්නවා. අපි 21 වැනි සියවසේ හිටියට ඒගොල්ලෝ තවම 18 වැනි සියවසේ.
දිගටමු මෙව්වා ලියමු. අපි එනවා කියවන්න.
ආයෙත් එන්න. විචාරෙකුත් ලියන්න.
Deleteඅටං තමා පාර කිව්වෙ. උන්නැහෙට ඉස්තෝත්‍ර කොරාලම හිටිං.
ReplyDeleteමේ ඉට්ටැයිල් එක හොඳා. ඔය පැත්තෙ නැද්ද උදේ පාන්දර නඩු යන, ඉස්පිරිතාලෙ යන කට්ටිය. මේක කියෙව්වම මතක් වෙන්නෙම දූරං ගමං බස්ඔල යන ඒ කට්ටියමයි.
මොකද නැතුව. නඩු යන්නෝ, කිනික් යන්නෝ,
Deleteජෙනරල් නෙවෙයි බං උඹලැයි ආච්චම්මා ෆීල්ඩ් මාෂල් ආච්චම්මෙක්
ReplyDeleteඋණ්දැ හිතං උන්නෙ තමුං එහෙම කියල තමයි
Deleteමළහත්තිලව්වෙ බං රෙද්දක් ඇඳං උන්දත් එක්ක බස් එකක ගියේ කොහොමෙයි? අටම පාර කියලයි මේ පැත්තට ආවෙ. අම්මප මල් මසුරං උඹේ ලිවිල්ල. ඕං මගේ රෝලෙත් එල්ල ගත්තා ඈ
ReplyDeleteමොනව කරන්නද බැඳගත් මොකද්දෙක ගහන්නෙපායැ
Deleteඅටමාගේ තවත් එක් ප්‍රජා සත්කාරයකි.
ReplyDeleteලියවිල්ලනම් විශ්ෂ්ඨයි.ආච්චි අම්මා අති විශිෂ්ඨයි.නවත්තන්නනම් එපා.කොහොම හරි දිගටම ඇදගන පලයන්.
ජය වේවා....
එහෙමයි බොහොඬානනේ
Deleteඅන්න නියම නම වල් කසුට්ටට... බොහොඬා...හැක් හැක්
Deleteඅටමා එව්වේ. නියමයි. හිනා වෙලා පන ගියා අපේ කිරි අමම්ව මතක් වුනා. හෙන සැරයි.
ReplyDeleteඋන්දැත් එහෙමද?
Deleteහොඳ වෙලාවට අපේ ආච්චම්මල ඔක්කොම වගේ දැං මියපරලොව ගිහිල්ල.. එක්කෙනයි ඉන්නෙ.. එයා නං පොඩ්ඩක් මේ ශතවර්ශෙට ඇවිල්ල ඉන්නෙ... ඒක නිසා ඔය වගේ නෑ... මං මතක් උනේ අපෙ ආතව... හයියෝ උන්දැ කොට්ටාව ටවුම මැද්දෙ මගේ කාඩ් එක කීපාරක් නං කුඩු කළාද... හි හි.... උන්දැ මළාට පස්සෙ කොට්ටාව ටවුම මෙලෝ රහක් නැති වෙලා දැං...
ReplyDelete//හොඳ වෙලාවට අපේ ආච්චම්මල ඔක්කොම වගේ දැං මියපරලොව ගිහිල්ල//
Deleteනැත්තං මිනිබිරී මිනී බීරි වෙන්න දෙයි
මෑතක කියවූ සුපිරිම ලිවිල්ලා..
ReplyDeleteඅරින්න එපා පනේ... දිගටම ලියහං
අච්චම්මාට කියලා මිරිස් ටිකක් පුච්ච ගනින් අමතක නොකර..
අනෙ උන්දැගෙ මිරිස් පිච්චිල්ල
Deleteවෙලාවකට අපේ අම්මත් මේ වගේ..හැබැයි එකාධිපතිත්වයට මම කැමති..
ReplyDeleteලියවිල්ල එල ද බ්‍රා
අම්මනං මොනව කීවහං මොකද?
Deleteනවත්තන්න එපා දිගටම ලියපං.. ඒකාධිපති ආච්චම ජය වේවා... ලියන එක නැවැත්තුවොත් අන්ෆාලා් කරල යනවා..
ReplyDeleteඑහෙමයි එහෙමයි
Deleteනියමයි බොල. ඔය වගේ නෝන්ඩියක් වෙලා එකෙක්වත් බස් එකටම බෙල්ල තිබ්බෙ නැති එක ලොකු දෙයක්. ඔන්න ඔය වෙලාවට තමයි අර ඩ්‍රැකියගෙ වයිබ්‍රේට් මූඩ් ඔන් කරන ගැජට් එකක් තිබුනනං නියමයි කියල හිතෙන්නෙ.
ReplyDelete‘පඩුරු අත් ඔරලෝසු සහ කුප්පි මාල‘ හැක්... නියමෙට තියෙන්න ඇති නඩේ සෙට් එක.
කුප්පි මාලෙනුත් වැඩක් තියෙනව
Deleteඉස්තූතියි ප්‍රසන්න ඇඩ් එකට...
Deleteමාතලං කිව්වත් වගේ සුපිරිම ලියවිල්ලක්. මුල ඉඳන් අගටම එක හුස්මට කියෝගෙන යන්න පුළුවන්. ඒ වගේම භාෂා විලාසයත් යුනික්. ඒ ඒ පලාතට ආවේනික වචන යොදලා හොඳ රහට ලියලා තියෙනවා.
ReplyDeleteජයෙන් ජය !
ආයිත් ඇහිල්ල යන්න එන්න
Deleteපට්ට ලියවිල්ල , ආච්චිත් එක්ක තරහ අතහැරපන් එතකොට තවත් ඔයවගේ කතා ටිකක් ලියන්න පුළුවන්.
ReplyDeleteඅටමට ස්තූති කරන්ඩ ඕනෙ ලේ පිරිසිදු කරන්න දායක උනාට
මොන තරහද උන්දැ එක්ක
Deleteඅටම් අය්යගේ පෝස්ට් එකක් කියල හිටං කියවගෙන යනකොට හිතුනා ඒ අය්යා රත්නපුර පැත්ත ගැන මේ හැටි දන්නේ කොහොමද කියලා....අගට ආවාම තමයි තේරුනේ මෙන්න මේ මනුස්සයා වෙන කෙනෙක්ය කියලා..
ReplyDeleteසබරගමුවටම ආඩම්බරයි සුරංග...
මමත් එල්ල ගන්නං යාංහෑල්ල....
ජයෙන් ජය...
සමන් දෙය්යන්නෙ පිහිට ආරස්සාවයි අච්චමාටයි උඹගේ ලියවිල්ලටයි...
සමන් දෙවි අඩවියේ නොවුනට අපිත් හතරකෝරලේ හිටං
Deleteමං නං කොහෙද මංද. අම්ම සබරගමුවෙ උනාට උංදැව බස්නාහිර පලාතෙං අරං ඇහිල්ල හදාගෙන තියෙන්නෙ. අපුච්චගෙ අප්ප ගම්පහ. අම්ම සබරගමුවෙ. ඒ අනුව බැලුවහං වැඩි බර බස්නාහිර පලාතට, මං උපන්නෙ සබරගමුවෙ. ඒ උනාට සබරගමුවෙ මගෙ කියල මෙලෝ ලබ්බක් නෑ. දැං ඉන්නෙ ඌව පළාතෙ. ඉතිං මං කොහේ එකෙද්ද? මං ආතක් පාතක් නැති එකෙක්.
Deleteඅපෙත් හිටියා මචං මේ වගේ ආච්චි කෙනෙක් .අපේ නැන්දා බස් එකට නගින්න කලින්ම කියන්නේ "අම්මා ඔන්න බස් එකේ මාළු විකුණන්න ලෑස්ති වෙන්න එපා කියලා " ...මොකද නැන්දාගේ නම "මාලා ".ඉතින් ආච්චි බස් එකට නගපු වෙලාවේ ඉඳලා "මාලෝ මාලෝ " කියලා කතා කරනවා ...
ReplyDeleteනියමයි මචෝ දිගටම ලියමු .පහුරෙන් තමයි ගොඩ උනේ ...
අහල පහල එවුං ‘හුරුල්ලො, සාලයෝ‘ කියන්නැතෑ
Deleteමේ වගේ ගමනක් ගියාමයි...හී හී....හිනාවෙලා මහන්සී...
ReplyDeleteසන්තෝසයි. ඇත්තටම මට ලේසිවට හිනා යන්නෑනෙ
Deleteඅපූරු ලිවිල්ලක්.. ආච්චි අම්මත් අපුරුයි.. එක හුස්මට කියෙව්වා තනියම හිනාවෙවී...
ReplyDeleteආයිත් එන්න තව කීප දෙනෙක් අරගෙන
Deleteමචං එළමකිරි .වැඩක් නා කියල උබත් මාරු ආච්චිත් මාරු.............
ReplyDeleteහෙනං හෙනං අපි වැඩක් කොලොත් *** *** ** නේ
Deleteඋඹේ ආච්චි තමයි බං ආච්චි.. මරු මතකයන් බං..
ReplyDeleteආච්චි නෙමේ ආච්චම්ම ආච්චම්ම
Deleteඅටම්පහුරෙන් පාර අහගෙන මටත් එන්න මිහිර විඳින්න පුළුවන් උනා.
ReplyDeleteආයි එනකොට තව තුං හතර දෙනෙක් ඇන්න එන්න
Deleteඅටන් පහුරු ලින්ක් එකෙන් අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ. මචන් මැක්ස්......
ReplyDeleteහෙනං අටං තමයි මෙච්චර සෙනග ඇද්දුවෙ
Deleteඅඩ්ඩඩා..මාතලන් අයියගෙ ලින්කුවෙන් තමයි ඕන් මේ පැත්තට ගොඩවැදුනේ..මරු කතාව ආහ්..පුදුමෙ කියන්නේ මටත් ඔය වගේම පරිප්පුවක් සෙට් උනා දැන් මාස ගෘනකට කලින් මං කෝඩුකාරයෙක් විදියට සිරීපාදේ යද්දි.අපේ අාච්චි එක්ක නෙමෙයි ගියෙ හැබැයි.අපේ යාලුවෙක්ගේ ගමේ ආච්චි කෙනෙක් එක්ක..
ReplyDeleteමාතලංගෙනුත් සෑහෙන පිරිසක් ඇහිල්ලනෙ
Deleteමාතා පෙන්නපු පාරෙන් අාවේ.. දිගට ම ඒන්නම්.... වැදගත් ම දේ තමා දිගට ම ලියන්න... අපි ඉන්නවා හයියට...
ReplyDeleteඑහෙනං එහෙනං ලියන්න තමා මගෙත් අදහස
Deleteසුපිරි ලියවිල්ලක්. ලියල තියෙන භාෂාවත් හරි අමුතුයි ලස්සනයි. අටං තමා පාර කීව්වෙ. නවත්තන්නෙ නැතුව දිගටම ලියන් යං. ජය වේවා!!!
ReplyDeleteඅනිවාරෙංම ලියනව.
Deleteසුරංග. මම දැන් උඹේ පෝස්ට් හතරක් කියවලා ඉන්නේ. මම උඹට අනතුරු හැඟවීමක් කරන්න ඕනේ. යම් විදියකින් උඹ අර චන්දනයා කලා වගේ බ්ලොග් වහලා දැම්මොත්, ප්‍රසන්නයා කලා වගේ පාඨකයා අතරමං කලොත් හරි මං කලා වගේ කම්මැලි කමට නොලියා හිටියොත් මම අතිං වියදං කොරගෙන බදුල්ලට ඇවිත් උඹව ඇහේ ඉඳං පට්ට ගහනවා.
ReplyDeleteමම උඹේ ලියවිල්ලට ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නේ. කාලෙකින් කියෙව්වේ නෑ මෙහෙම රස ලියවිල්ලක්.
ඇත්තටම මමත් ලියන්න ආසයි. අපේ ඔපීසියෙ ලොකු නෝන මහත්තැං හැමදාම ක්‍ෂේත්‍ර චාරිකාවල යෙදෙනවනං ලියන්න තිබ්බ. නැත්තං ඔපීසියේ උන්නොත් මං ලියල හමාරයි.
Deleteඅනේ මාව පට්ට ගහන්ටනං එපා. මයෙ නෝනෙටයි බලා පැටා දෙකටයි කන්ට බොන්ට දෙන්නෙ මොකා හෙනං.
මස්සිනේ .. ලියවිල්ල නං ටොපේ ටොප් .රස වින්දා බොක්කෙන්ම. සමහර වයසක අය සුදුකොඩි පේන කාලෙ මංඥං කෙලිනවා.හැක් . කාරි නෑ ආච්චි අම්මා නිසා තමයි මේක රහ :D
ReplyDeleteඋන්දැටනං තාම සුදුකොඩි පේන්නෙ අනුංගෙ මරණවල විතරයි ඕං. තාම සාරිය ඇඳල, ලේංසුව ඉනේ ගහල පවුඩර දාගෙන, කුඩෙත් ඉහිලල කරේ තියං කරකෝ කරකෝ යන්නෙ පාරෙ. උන්දැගෙ පරානෙ හයියයි. කුඩුකේඩුකම හිංදමයි මා හිතේ්.
Deleteහැක්. එසේ මෙසේ මලක් නෙමෙයි තියෙන්නෙ නේ උඹට :D
Deleteඅටම ඉතිං ඔය ආවට ගියාට රෙකමදාරු දෙන ගොයියෙක් නෙමේ නිසා හොම්බ දාල බැලුව. විශ්වාස කරහං එක හුස්මට ඔක්කොම පෝස්ට් ටික කියෙව්ව.
ReplyDeleteදිග ගමනකට ආසිරි
මුළු සීරීස් එකම කියෙව්ව. වල්ලාපට්ට!
ReplyDeleteපිස්සු දඩබල් වෙනවෝයි කියවන්කොට, එක හුස්මෙට කියෙව්වා........අටමගේ පාරෙන් ආවේ....දිගටම ලියමු ආයෙත් එන්නං......අර ආච්චි අම්මත් එක්කගෙනම එන්න....ආ... කියන්න අමතක උනා....මාව කරලියට ගෙනාවෙත් ඔය අටමයි මධ්‍යස්ත මතධාරියයි තමයි. ඕං ඉති මාත් ඔය අටම කියපු හැමදේම කලා ඕම් එහෙනං............
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17086-travel-with-grandma-3
ReplyDeleteලස්සනයි ලස්සනයි...හිනා ගිහිල්ලා පණ ගියා...ආච්චි එක්ක මල තියා ගන්න එපා.ආච්ච් මෙච්චර ලස්සන කතාවකට වත්තුබීජය දුන්න එක මැදැයි පොඩිකාලෙ කරපු අඩත්තේට්ටේත්තම් වලට හරියන්න.මගේ බොලොගත් බොගක් වෙලා යනකොට අටම් අයියා තමයි නයිට් ඩියුටි 2ක කරලා ගොඩ දාලා දුන්නේ...
ReplyDeleteසුප්ප කතාව යකෝ......කතාව වගේම.....
ReplyDeleteවල්ල පට්ට ලියවිල්ල පුතෝ.......දිගටම ලියහන්........
ඔවැනි චරිත ඇහැටම දැකල තියෙන නිසා....පුදුම රසයක් වින්ද.......
හෙහ් හෙහ් නියමයි. ඔපිස් එකේ වැඩ පැත්තක දාල හෝ ගාල මේ ටික කියවනවා. ඇබ්බැහි වෙලා වගේ.
ReplyDeleteඒත් මචන් ඒ් කාලෙත් කෙල්ලො කලිසම් අැන්දද???? විසේසයෙන රත්නපුරේ වගේ පැත්තක........... මේ කියන කාලය අනූ ගනන්වල මුල විය යුතුයි
ReplyDeleteසුරා මලේ ... උඹගේ කථාවෙයි මගේ කථාවෙයි වැඩි වෙනසක් නෑ... උඹ පොඩි කාලේ මුණ දීපු අත්දැකීම් එක්ක අද ඔතන ඉන්නවා කියන්නේ ලොකු දෙයක් .... සත්තයි උඹට වගේම තමයි මටත් පුංචි කලේ කෙනෙහිලි කන් කරපු ගමේ උන් නෑදැයෝ... අදටත් පේන්න බෑ...... හැබැයි මම අඩියක් හරි ඉහලට ගිය නම් ඒ උන් කරපු කෙනහිලි කම් වලට පින් සිද්ද වෙන්න..... මගේ මොරාල් එක නැග්ගුවේ පොඩි කාලේ වෙනස් කම් කරු උන්ම තමයි
ReplyDeleteජයවේවා!!
ReplyDeletepatta...
ReplyDeleteniyamayi
ReplyDeleteතව ලියහං... අද ගොඩවුනේ..
ReplyDelete