Sunday, October 8, 2017

තොරණ හෙවත් Pandol - 6 ඇස්බැන්දුම

අපි කාණ්ඩෙම ආයිත් සැරයක් හතර අතේ දුවන සෙනග මැද්දට වැටිලා එක පොදියක් විදිහට එක දිහාවකට ඇදිල යනව. “සේරම වාහන පාරෙං එලෝලා දාලා සම්පූර්ණ පාරෙම අයිතිය ගත්තෙ මං තමයි“ කියල හිතාගත්තු මිනිස්සු දකුණෙං යාමේ නීතිය පැත්තක දාලා තමුන්ට ඕන විදිහට පාරෙ යනවා. ඒ හංදා අපිටත් පාරෙ යන්න වෙන්නෙ දාං අදිනව වගේ. දැං කාලෙ නං මොටෝ සයිකල් ටැපික් එකේ යනව වගේ. ඒ හංදා වැඩිවෙලා යන්න කලිං අපේ පොදිය සීසීකඩ යනවා. වෙලාවකට අම්මයි මායි දකුණු පැත්තෙ, අනික් කට්ටිය පාර මැද්දෙ, තවත් වෙලාවක අපිව ඉස්සරහට ඇදිල යත්දි සෙනග පොදියකට අහුවෙලා ආච්චිඅම්මවයි නැංදවයි අපේ ගාවිම්ම ආපස්සට ඇදිල යනව. මිනිස්සුංගෙ කකුල් පෑගිලි, අතපය වැදිලි අනන්තයි. එව්වට වලි ඇදගත්තොත් බේරන්න අහල පහල රටවල පොලිසිත් ගේන්න වෙන හංදා මිනිස්සු එවෙලෙට 

"මක්කොන්නොවදෝයි" 

"පාර බලං යනවකෝයි" 

"බලංතමයියෝයියන්නෙ"

වගේ සරල වචන දෙක තුනකිං සුබ පතාගෙන යන අතකට ඇදිල යනව. ඒ විදිහට දෙතුන් දෙනෙක්ට සුබ පතාගන්නකොට සෙනග පොදිය අම්මවයි මාවයිත් ඇදගෙන ගිහිං මොකද්දෝ එකකට යන පෝලිමකට අමුණල ඉවරයි. වැඩි වෙලා යන්න කලිං එතනිං සෙනගගොඩේ ගසාගෙන යන නැංදවයි, ආච්චි අම්මවයි බේරගෙන පෝලිමට අමුණගන්න අපේ අම්මට පුළුවං වෙනව. ඉං පස්සෙ අපි හැමෝම එකතුවෙලා චන්දරෙ මාමලෑ ගෙදර හතරදෙනාවත් පෝලිමට ඇදගන්නව. හිටපු ගමං මුළු පෝලිමම තල්ලු වෙලා යනව. එතකොට මැද ඉන්න අය හිරවෙලා, මිරිකිලා තුනී වෙලා යනව. ඒ වෙලාවට තෙරපිච්චි අය ඇඟේ තියෙන අන්තිම හුස්ම ටික එක්කහු කරගෙන බෙරිහං දෙනව.


"තල්ලු කරන්නෙපා, මේ පොල්ලමයියී වයසක මිනිස්සුයි ඉන්නොවෝ"


පොඩි ළමයිනුත් බලල්ලු දුසිමකගෙ නැටි එකපාර පෑගුනා වගේ සද්දෙකිං බෙරිහං දෙනව. ඒ වුනාට තල්ලු කරපු කෙනෙක් හොයාගන්න නෑ.


 පෝලිම ඇදිල යන්නෙ කඩයක් අස්සට. හැබැයි දැං ඒක කඩයක් නෙමෙයි. කඩේ ඉස්සරහ ලොකු පින්තූරයක් තියෙනව. ඒක ඉස්කෝලෙ ලොකු පන්තිවල ඉන්න තරං ලොකු අක්ක කෙනෙක්ගෙ රූපයක්. එයා රැලි දාපු හැට්ටෙකුයි මගෙ ඉස්කෝල සූට්ටෙකේ නිල් කලිසම තරං ඇති සායකුයි ඇඳං ආයිබොවං කියාගෙන ඉන්නව. කලිං සැරේ බාප්ප එහෙම මහගෙදර නැවතිල ඉන්න වෙලාවෙ ජෑන්ති අක්කත් ඒ ජාතියෙ සායක් ගෙනැත් තිවිලා නැංදයි, අපේ අම්මයි බැන්නෙ

"බලහං ඕක ඇඳං කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් තෝරන්නෙ කොහොමද කියල. නැවිච්චි ගමං තොගෙ රෙද්ද අස්සෙ තියෙන සේරම එලියෙ" 

කියල. අන්තිමට ඒක නෝන ඇරගෙන ඉන හීං වෙන්න හැට්ට කට්ටක් ගහල කාලයක් ඇන්ද. ඒකිට නං ඒක පයට පෑගෙන්නම උසයි.

ඒ පින්තූරෙට උඩිං ලොකු ඉටි රෙද්දක 


ඉන්ද්‍රජාලම් මැජික් බලයෙන් 
අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.

කියලා ලියල තියෙනව.

කඩේ දොර ලැලි දෙකක් ඇරල. එක මිනිහෙක් දොරකඩ ඉඳං සල්ලි ගන්නව.

"කීයද?"

එයා අපෙං අහනව.

"පද්දෙනයි"

අපේ අම්ම කියනව.


"විසිපාක් දෙන්න"


සල්ලි ගන්න මිනිහ අත දික් කරනව. අම්ම පොකට්ටෙක අදිනව.


"අපි දෙන්නංංක්කෙ."

චන්දරෙ මාමලෑ නැංදා අපෙ අම්මට සල්ලි දෙන්න නොදී අතිං අදිනව.

"නෑ නෑ මං දෙන්නං එක්කොටම"

අපේ නැංදත් පොකට්ටෙක අදිනව.

එහෙම තමයි අපේ ගමේ හැටි. රංචුවක් එක්ක ගමනක් යතොත් බස්සෙකේ ටිකට් ගන්න, හෝටලේකිං කෑවොත් සල්ලි දෙන්න, වෙනිං තැනකිං ටිකට් ගන්න ඇතොත් ඒවට සල්ලි දෙන්න පොරකාගන්නව. ඒ විදිහට පොරකාල ඉස්සර වෙලා සල්ලි දෙන එක සිරිතක්. එහෙම සල්ලි දුන්න කෙනා ඒ ගැන වෙනිං අයත් එක්ක කියද්දි

"මං තමා හැවෝටම ටිකැට් ගත්තෙ. අනික් අයගෙං කිසියම්ම කිසි වියදමක් නෑ"

කියලා ආඩම්බර වෙද්දි ඒ විදිහට පිනට ගිය අය ලැජ්ජාවෙං බිම බලාගෙන පොලව හාරනව.

ඔය විදිහට ටිකට් ගැනිල්ල පැත්තක තියෙද්දි දැං තුන්දෙනාම තමුංගෙ සල්ලිය දික්කරන ගමං අනික් දෙන්නගෙ අත්වලිං අදිනව. සල්ලි ගන්න මිනිහ කොයිකෙං සල්ලි ගන්න හැදුවත් අනික් දෙන්නා ඒ අත ඇදල අරං තමුංගෙ සල්ලිය දික් කරනව. මේ 'ආ.... එපා... සෙල්ලම' නිසා සල්ලි ගන්න මිනිහට කේන්ති යනව.

"ඉහ්මන්ට සල්ලි දෙනවල. නැත්තං යනවල යන්න. මොන්න වික්කාරයද්ද මේක."

ඒකට අපේ අම්මටයි, චන්දරෙ මාමලෑ නැංදටයි, අපේ නැංදටයි තුන්දෙනාටම තදවෙනව.

"ඉන්නොව පොඩ්ඩක්. මේ සල්ලි දෙන්න තමා හදන්නෙ."

"සල්ලි අතේ තියං ආවෙ නෑ"

"අපි හොරෙං බලන්නයැ ආවෙ"

අන්තිමට අපේ නැන්දගෙ අතේ තියෙන සල්ලි කොලේ සල්ලි එක්කහු කරන මිනිහට දෙනව. අපි දොරෙං ඇතුල්වෙනකොටම සල්ලි ගන්න මිනිහ ආයි කෑ ගහනව.


"ඔය පොල්ලමයින්ට ටියට්ගන්නැද්ද?"


මේකෙං ආයිමත් අපේ අම්මයි, නැංදයි, ආච්චිඅම්මයි ඇවිස්සෙනව.


"මේ ළමීන්ට බස්සෙකේ යද්දිවක් ටිකැට් ගන්නෑ."


"එහෙම හරියන්නෑ. දෙකයි පනහ ගානෙ දෙන්න"


"මේ ළමයි අනික මේක බලන්නෙත් නෑ"


"අනික අපි මුංව වඩාගෙනනෙ ඉන්නෙ"


සල්ලි ගන්න මිනිහත් දිනුම දෙන්න කැමති නෑ.


"එහෙම හරියන්නෑ. එහෙනං ළමයි එලියෙං තියල යන්න"


මේකෙං අපේ අම්ම තවත් කුපිත වෙනව.


"ළමීංව එලියෙ තියල යතෑද්ද. අනේ අපිට ඕන්නෑ මේ කෙහෙම්මල බලන්න. දෙනව අපේ සල්ලි"


ඒකෙං සල්ලි ගන්න මිනිහ මර්දනය වෙනව.


"හා. හා. යනව යනව. ඇතුල්ට. ඔය ළමයි බිම තියන්නෑ. හොන්ද? වඩාගෙනම ඉන්නව"


අපි හැමෝම කඩේ ඇතුළට රිංගගන්නව. අපිට පිටිපස්සෙන් හිටපු අයත් තල්ලුවෙලා ඇවිල්ලා සල්ලි ගන්න මිනිහා ගාව නතර වෙනව.

කඩ කාමරේ මැදිං වැටක් ගහලා. වැට ඇතුලෙං තිරේකුත් දාලා. බිමට පිදුරු දාලා. ඒ ගමන ආච්චි අම්මා  උරිස්සෙ එල්ලං යන බෑක් එක අැරලා ඒක ඇතුලෙ මොනවද හොයනව.

"මොකද්ද අම්මෙ හොයන්නෙ"

නැන්ද අහනව.

"මයෙ බැටලිය ගෙනාව. ඩිංගක් හිටිං බලන්න."

ආච්චි අම්ම බෑක් එකේ තියෙන සාලුව, කුඩේ, යතුරු කැරැල්ල එහෙම බේරලා ටෝච්චෙක එලියට අරගෙන ඒකෙ අඩිය කරකවල ගලෝනව. ඉං පස්සෙ යටිම්ම තියෙන බැට්ටි කෑල්ල අතට ඇරං අනික් පැත්ත හරෝල ආපහු ටෝච්චෙකට දානව. (ඒ විදිහට එක බැට්ටි කෑල්ලක් නොපිට දාල තියෙද්දි ටෝච්චෙක බෑක්කෙකේ දාගෙන යනවනං හරි නැත්තං ඉනේ ගහගෙන යනවනං හරි ඒකෙ රතුපාට මොට්ටුව ඉබේ එබිලා ටොච්චෙක පත්තු වෙන්නෙ නෑ.) ඊළඟට ටෝච්චෙක පත්තු කරල බිම හැමතැනටම අල්ලල බලනව.

රතු මොට්ටුව තියෙන බැටලියක්


"කෝ බලන්න උඹලගෙත් කකුල් උස්සහල්ල." 

අපිත් සැරේකට එක කකුල ගානෙ උස්සල අපි ඉන්න තැන බිම සම්පූර්ණෙම්ම බලාගන්න ආච්චි අම්මට ඉඩ දෙනව.

"මොකද්ද නැංදම්මෙ හොයන්නෙ? කරාබුවද්ද"

අපේ අම්ම අහනව.

"මොකොවක් හොයනව  නෙමෙයි. මේ පිදුරු කැටි අස්සෙ සත්තු සරපයි ඉන්න ඇහැකි. කෑවොත්තෙහෙම නිකා ඉන්න වෙයි"

බිම අඟලක් ගානෙ බලලා සත්තු සර්පයො නැති බවට තහවුරු කරගන්න ආච්චි අම්මා ආයිමත් ටෝච්චෙකේ අඩිය ගලෝල බැට්ටි කෑල්ල අනික් පැත්ත හරෝලා ආයිත් අඩිය වහලා ටෝච්චෙක බෑක්කෙකට දාගන්නව.

ඒ වුනාට අපිට එක තැනම ඉන්න බැරිවෙනව. සල්ලි එකක්හු කරන මනුස්සයගෙ සල්ලි පොට්ටනිය ලොකු වෙනකොට කඩේ ඇතුලෙ තිරෙං මෙහා පැත්තෙ ඉඩ මදිවෙනව. අපිව ටිකෙං ටික එහාට තල්ලුවෙලා තිරේ ගාවටම යැවෙනව. එහෙම ඉස්සරහට තල්ලුවෙන සැරයක් ගානෙ ආච්චි අම්මා බෑක් එකෙං ටෝච්චෙක අරගෙන බැට්ටි කෑල්ලෙ පැත්ත මාරු කරලා ටෝච්චෙක පත්තු කරලා පොලව පරීක්ෂා කරනව. ආයිමත් බැට්ටි කෑල්ල නොපිට හරෝලා ටෝච්චෙක බෑක්කෙකට දානව.

කාමරේ ඇතුලෙ සෙනග පිරිලා තව එක්කෙනෙක්වත් දාන්න ඉඩක් නැතිවෙනකොට සල්ලි එකතු කරන කෙනා තව තුන් හතර දෙනෙක්ව අමාරුවෙං ඇතුලට තල්ලු කරලා දොර වහනව. එතකොට කාමරේ ඇතුලෙ සෙනග දර මිටිය බැන්ද වගේ හොඳට හිරවෙලා ඉවරයි.

සුදු සරමකුයි කමිසෙකුයි ඇඳපු නිවේදකයෙක් තිරේට ඉස්සරහිං ඉඳලා මයික්කෙකක් අතේ තියාගෙන මිනිස්සුංව පස්සට කරනව.


"කරුණාකරල තව ටිකක් පස්සට යන්න. ඔය පොඩි අයව වඩාගන්න බිම තියන්න එපා."

මිනිස්සු තමුන් හුස්ම ගන්න ප්‍රමාණය අඩු කරල ඇඟ හීං කරගෙන පස්සට වෙනව. අපේ අම්මා මාවත් වඩාගන්නව. චන්දරෙ මාමයි නැංදයි දෙන්නත් අයියවයි නෝනක්කවයි වඩා ගන්නව. එතකොට නිවේදකයා තිරෙං කොටසක් ඇරලා පෙන්නලා මොනවද ටිකක් කියෝනව. තිරේ ඇරපු කොටසින් දොරකඩ තිවුණු පින්තූරෙ ඉන්න ගෑණු ළමය වගේම එක්කෙනෙක් පේනව. නිවේදකයා එයාගෙ නම අහනව.

"මායාදේවි"

ඒ ගෑනු ලමය කියනව. මං කියවපු රජ කතා පොත්වල විතරක් ඒ වගේ නං තියෙන අය හිටියට අපේ අහල ගං හතකවත් ඒ වගේ නමක් තියෙන ගෑනු ළමයෙක් නැති එක ගැන මට පුදුම හිතෙනව. ඒ අතරෙ නිවේදකය අායිමත් කතා කරනව. එයා කියන විදිහට ඊළඟට පෙන්නන්න යන්නෙ අතපය, කඳ, මෙලෝ දෙයක් නැතුව ඔලුවක් විතරක් කතා කරන හැටි. ඉතිං අපි ආවෙත් ඒක බලන්න වෙච්චි මේ කොහෙවත් යන අරුම පුදුම රජකාලෙ නමක් තියෙන ගෑනු ළමයෙක් අපිට පෙන්නන්නෙ මොන කෙහෙම්මලකටද කියල මට හිතෙනව.


ගෑනු ළමයව නොපෙනෙන්න තිරේ වැහෙනව. නිවේදකය විතරක් තිරෙං එලියෙ ඉඳං මයික්කෙකෙං කියෝනව. මේ පෙන්නන්න යන මහා ඉන්ද්‍රජාලය කොයියම්ම විදිහකිංවත් වෙන කා ගාවවත් නැති විදිහෙ අරුම පුදුම දෙයක් බවත්, ආයි අපි ලෝකෙ කොහේ ගිහිං හෙව්වත් මේක බලන්න හම්බුවෙන්නෙ නැති වගත් තවත් ඒ වගේ සෑහෙන ලොකුකං ටිකකුත් නිවේදකය කියනව. ඒ අතරෙ දාඩිය ගඳ එක්ක කලවං වෙච්චි ගඳවල් හත අටක් කාමරේ ඇතුලෙ පිරිල පොඩි ළමයි කීප දෙනෙක්ම අඬන්න පටං ගන්නව. ඒ ළමයිංගෙ අම්මලත් උන්ට කිරි දීල නලෝගන්න මුවාවෙං ළමයිංගෙ මූණු පපුවට තියල හිර කරගෙන ඇඬිල්ලෙ සද්දෙ අඩු කරගන්න හදනව. මිනිස්සුත් කියවන්න පටං ගන්නව.

"මොන ලබ්බද්ද මංද, මේක කියෝනව විතරනෙ."

"පෙන්නන රෙද්දක් විජානියට පෙන්නල ඉවර කොලානං හරිනෙ"

"මේකස්සෙ තැම්බෙනව ඉන්න බැරිවෙන්න"

 එතකොට තිරේට ඇතුල් පැත්තෙං කවුද කෙනෙක් නිවේදකය කිට්ටුවට ඇවිල්ල මොකක්දෝ කියනව. නිවේදකයා පම්පෝරිය නවත්තලා ඊළඟට වෙන්න යන වැඩේ කියනව. එයා කියන විදිහට අපි හැමෝම පුලනවා කියන වැඩේ කරමින් බලාගෙන හිටපු ඔලුවක් කතා කරන ඇස්බැන්දුම පෙන්නන්නයි යන්නෙ. ඉතිං අපි කයිවාරුව නවත්තලා තිරේ දිහාම බලං ඉන්නවා. මං විතරක්

"පුල පුලා කියන්නෙ මොකක් කරනවටද අම්මෙ"

කියල අහන්න ගිහිං අම්ම ලවා කට මිරිකෝගන්නව.


නිවේදකය පැත්තකට වෙද්දි තිරේ ඇරෙනව.

"හ්‍රීඊඊඊඊඊක්"

"අනෙයම්මෙහ්"

"ඔන්න අල්ලනව ඕයි"

"වැටෙයි ළමය වැටෙයි"

අපි ගාවම හිටපු ගෑනු කෙනෙක් ලතෝනි තියල සිහිනැතුව වැටෙනව. කීප දෙනෙක් උන්දැවයි උන්දැගෙ අතේ හිටිය ළමයවයි අල්ලගන්නව.

"මං කිව්වෙ සර්පයි ඇති කියල ඕක තමා"

ආච්චි අම්ම බෑක්කෙකෙං ටෝච්චෙක අදිනව.

"නෑ නෑ සර්පේක් නෙමෙයි. මෙයා බය වෙලා."

සිහි නැතුව වැටිච්ච කෙනාගෙ මනුස්සයා එහෙම කියලා තමුංගෙ ගෑණිවයි, ළමයවයි අරගෙන එළියට යනව. උන්දැ බය වෙච්චි හේතුව බලන්න මම ඉස්සරහ බලනව. කාගෙද ඇඟෙ හැපිල ආච්චි අම්මගෙ ටෝච්චෙකේ අඩිය බිමට වැටෙනව.

"ඉනඩුවයියාවයි බැටලියෙ මූඩිය හැලුන"


තිරෙං එහා පැත්තෙ බැලුවම මගෙ ඇස් උඩ යනව. ටීපෝ එකක් උඩ තියපු අපේ ආතා බත් කන පිඟාන විතර බෙලෙක් පලංගමක් උඩ පිල්ලෑවෙ කුන්දිරා ගහේ ගෙඩියක් තිබ්බ වගේ අර කලිං හිටිය ගෑල්ලමයගෙ ඔලුව බෙල්ල මුලිම්ම කපල අරං කෙලිං හිටෝලා තියල. ඇස් වැහිලා. එතනම බිම දරට කැපුව වගේ උන්දැගෙ කඳ වෙනම. කකුල් වෙනම අත්දෙක වෙනම. එව්ව යංතං වෙව්ලනව. නිවේදකය කතා කළහම අර ඔලුගෙඩිය ඇස් අරිනව.



ඇස්බැන්දුම


නිවේදකය ඒ ඔලුගෙඩියෙං නම අහනව.

"හා. දැං කියන්න බලන්න ඔයාගෙ නම මොකද්ද?"

ඔලුගෙඩිය නම කියනව.

"මායා දේවි"

අපේ ආච්චි අම්ම දෙකට නැමිල බිම අතගානව. ඊළඟට නිවේදකය ඔලුගෙඩියෙං තව මොනවද විස්තර ටිකක් අහනව. ඔලු ගෙඩිය ඒවටත් උත්තර දෙනව. නිවේදකයා ඊළඟට බලං ඉන්න අයටත් ඔලුගෙඩියෙං කැමති දෙයක් අහන්න කියනව. ඒ ගමන පිටිපස්සෙ ඉන්න පිරිමි කීප දෙනෙක් ප්‍රශ්න අහනව.

"වයස කීයද?"

"අවුරුදු දාසයයි"

ඔලු ගෙඩිය උත්තර දෙනව.

"අනේ ළමයො කකුල ඩිංගක් අහට්ට ගන්නකො මයෙ මේ බැටලියෙ අඩිය වැහ්න බිමට"

අපේ ආච්චි අම්ම කාටද පිංසෙන්ඩු වෙනව.


"කසාද බැඳලද?"


තව කෙනෙක් ඔලුගෙඩියෙං අහනව. සද්දෙ හැටියට නං බීපු මිනිහෙක්ද කොහෙද.

"තාම නෑ..."

ඔලු ගෙඩිය ඇස් කරකෝල හිනාවෙලා උත්තර දෙනව.

"මාව බඳිනවද"

ඊට වඩා සද්දෙට තව කෙනෙක් අහනව

ඔලු ගෙඩිය හිනාවෙනව.


"ඔන්න ඔය ඔතන මොකද්ද ළමෙයො දිලිසෙන්නෙ."

අපේ ආච්චි අම්මා කාගෙද කකුලක් මුල ඉඳං තව කෙනෙක්ට කියනව.


නිවේදකය තිරේ වහනව. අපේ ආච්චි අම්මගෙ ටෝච් අඩිය කාගෙද පයට පෑගිලා හොයාගන්නව. ආච්චි අම්ම ඒක අරගෙන ටෝච්චෙකට හයිකරගෙන බෑක්කෙකට දාගන්නව. එතකොටම තිරේ ඩිංගක් ඇරෙනව. කලිං කෑලි ගලෝලා හිටපු ගෑනු ළමයා ආපහු මූට්ටුවෙලා හිටගෙන ඉන්නවා. එයා අත්දෙක එක්කහු කරල ආයුබෝවන් කියනව. නිවේදකයත් "ආයුබෝවන් වාසනාවන්" කියනව. ඒත් එක්කම එලියට යන දොර ඇරෙනව. සල්ලි එකතු කරන මනුස්සයා කෑ ගහනව.

"එන්න එන්න.. ඉක්මන්ට එළියට බයින්න. කවුරුවත් අස්සෙ නවතින්නෙපා."

අපිත් දාඩිය පෙරාගෙන සෙනග පොදිය පිටිං එළියට විසිවෙනව. හුලං රැලක් අපේ ඇඟේ වදිනව.

"නිවං ගියා වගේ"

කීප දෙනෙක්ම කියනව.

කලන්තෙ හැදිල වැටිච්චි ගෑණු කෙනාගෙ මිනිහා කීප දෙනෙක්ට කිය කියා තමුංගෙ ගෑණිට බණිනව.

"මේක අැදගෙන වැහ්නනෙ. අපර්රාදෙ රුපියල් දහය. මටවබ් බලන්න උන්නෑ."


ඒ මනුස්සයගෙ හිතේ අමාරුව අරින්න ආච්චි අම්ම ඉදිරිපත් වෙනව.

"ඒකෙ බලන්න දෙයක් නෑ ළමයො. ඔය ළමයි දොට්ට බැස්සයිං පස්සෙ මයෙ බැටලියෙ අඩිය හැලුන. මං ඒක හොයාගෙන නැකිල්ලා බලනකොට ආයි වංගියක් ආං අර සාය කොටෙයි හැට්ට කෑල්ලයි ඇඳං හිටිය කෙල්ල පෙන්නුව. එතෝටම අර මිනිහා දොර ඇරල හැමෝම දොට්ට දැම්ම. ඕං ඔච්චරයි බලන්න තිවුනෙ."









66 comments:

  1. Replies
    1. ඔහ්,ප්‍රසා ...

      Delete
    2. බලාගෙන ගියාම ආච්චි තමයි හොඳම හරිය බලල තියෙන්නෙ. හැක්..

      Delete
  2. "ඔන්න ඔය ඔතන මොකද්ද ළමෙයො දිලිසෙන්නෙ." අපේ ආච්චි අම්මා මහ සද්දෙට අහනව.

    "කොතනද? මොකද්ද?" ඔලු ගෙඩිය වටේටම ඇස් කරකෝල අහනව.

    "ඇයි බං පේන්නැද්ද? ඔය උඹේ කකුල ගාවම තියෙන්නෙ?" ආච්චි අම්ම තරහෙං අහනව.

    "මට කකුල් නෑනෙ" ඔලු ගෙඩිය හිනාවෙලා කියනව. මිනිස්සු ඔක්කොම හිනාවෙනව.

    "කකුලක් නෙවෙයිනං ඔය තියෙන්නෙ වෙන අහවල් දෙයද්ද? මෝල්ගහද්ද?" ආච්චි අම්ම ආයෙමත් අහනව.

    ReplyDelete
    Replies
    1. ආ ඒ මගෙ හිටපු කකුල් දෙකනෙ.

      Delete
  3. අර බැටලියෙ ජාතිය මොකද්ද බං? අපි පොඩි කාලෙ තිබ්බෙ ටයිගර් හෙඩ් බැටලි.

    ඊට කලිං අපෙ අම්මලයෙ කාලෙ ෆේමස් බැටලි ජාතිය තමා වින්චෙස්ටර්...

    ReplyDelete
  4. අපේ සීයටත් තිබුණ ඔය වගේ බැටලියක්.

    සුරංග ගේ ආච්චි හරි ෂෝයි අනේ.

    //"ඒකෙ බලන්න දෙයක් නෑ ළමයො. ඔය ළමයි දොට්ට බැස්සයිං පස්සෙ මයෙ බැටලියෙ අඩිය හැලුන. මං ඒක හොයාගෙන නැකිල්ලා බලනකොට ආයි වංගියක් ආං අර සාය කොටෙයි හැට්ට කෑල්ලයි ඇඳං හිටිය කෙල්ල පෙන්නුව. එතෝටම අර මිනිහා දොර ඇරල හැමෝම දොට්ට දැම්ම. ඕං ඔච්චරයි බලන්න තිවුනෙ."//
    මේක තමයි මරු කතාව.

    ඇත්තටම කොහොමද ඔය ඉන්ද්‍රජාලෙ කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. කණ්නාඩි වලින් දාන මොකක්ද සෙල්ලමක් කියල තමයි කියන්නෙ.

      Delete
    2. යමෙක් ඇස්බැන්දුමක් පෙන්වයිද එතැනට කඩදාසි ගුලියක් විසිකරන්න. එය කැඩපතේ වදිනු ඇත. ඒතං මෙරේ අනුශාසනං.

      Delete
  5. යකෝ පොඩි උං වඩාගෙන ඉන්නකොට ටිකට් ගන්න ඕන නෑ කියල අදමයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ කතාව තර්කානුකූලයිනෙ බං...පොඩි එකෙක් හිටගෙන හිටියම ඔය විජ්ජා පෙන්නන එවුන්ට තව ටිකට් කෑල්ලක ගාණ පාඩුයි. පොඩි එකා වඩා ගත්තම අවුලක් නෑ ඒ ඉඩට තව එකෙක් තල්ලු කලෑකි.

      මුංට තිබ්බෙ කොහොම හරි කරල එකා පිට එකා නඟින්ට. එහෙමනං එක ටිකට් එකකිං වැඩේ කරගන්ට තිබ්බ. චන්දරේ මාමගෙ කරපිට ඒ නැන්ද. නැන්දගෙ කර උඩ ආච්චි අම්ම. ආච්චි අම්මගෙ කර උඩ අම්ම. අම්මගෙ කර උඩ නැන්ද අන්න ඒ වගේ...කොහෙද එච්චර එකක් කල්පනා වෙන්නෙ නෑනෙ සෙක්...

      Delete
    2. මුංගෙ සෙට් එක එහෙම නැග්ගනං චන්දරේ මාමටත් වෙන්නෙ අර ගෑණුළමයට වෙලා තියෙන සංගෙදිය තමයි.

      Delete
    3. ඕක මොකක්ද? අවුරුද්දට ලිස්සන ගහේ නගින්ඩ එක උඩ දොලහක් විතර නගින්නෙ.

      Delete
  6. මොනව උනත් උඹේ කංචුකේ අර ගෑළ්ලමය අර විදියට කෑලි වලට කපපු එකනං කැතයි ඔඳේ

    ReplyDelete
    Replies
    1. ඕක ඇන්දෙ ක්ෂුද්‍රමෘදු තීන්ත එකෙං. කොහෙද ඉතිං අපි මෝඩගඩොල් නිර්මාණකරුවා දන්නෑනෙ.

      Delete
  7. මම මුලින්ම ඔයවාගේ සීන් එකක් බැලුවේ 87 දි ඉස්කෝලේ තිබුන මහපොල ප‍්‍රදර්ශනේදි. ඉස්සරායින් ලොකු කන්නාඩියක් තියලා තියෙනවා පොලව පැත්තට ඇලකරලා. එතකොට කන්නාඩියෙන් පෙන්නේ බිමට දාපු පිදුරු හරි පුළුන් හරි තමයි කන්නාඩියට මුවා වෙලා ඔළුව උඩින් පෙන්නනවා. මරු මැජික් එක.

    ReplyDelete
    Replies
    1. ඉස්සර රාම් රාඹ් කියල මිනිහෙක් අපේ ඉස්කෝලෙටත් ඇවිල්ල මැජික් පෙන්නුව. එයා ළඟ නං තිවුනෙ සේරම මවන එව්ව තමයි.

      Delete
  8. කංචුක නිමැවුමටනුව ඇස්බැන්දුමේටියෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල සාධාරණ සැකයක් මතුවෙනව🤔

    ReplyDelete
    Replies
    1. මං ඉතිං පොඩි ළමයා හිංදා කෙළි අඟ පසඟ ඉස්මතු කලේ නෑ.

      Delete
  9. ආච්චි අම්මට පව්. සල්ලි දීලත් මායාදේවි බලන්න බැරි වුනානේ. සුරංගය හොරෙන්ම ටෝච් එක විසි කරල දැන් අපට කියන්නේ වෙන කතාවක් :)

    ReplyDelete
    Replies
    1. මුල් වාක්‍යෙං කියන්නේ Pavu for grandma කියන එකද?
      එවුන් ඒක වැඩිවෙලා පෙන්නන්නෙ නෑ. පෝලිමේ ඉන්න අනික් අය යයි කියල වෙන්නැති

      Delete
  10. Replies
    1. නැගී සිටින්නට වැටවල් හදනා රජෙක් වගේ මහ නායකයෙක්.

      Delete
  11. අපිත් බැටලියෙ කෑල්ල හෙව්වා නම් තව ගොඩක් දේවල් බලා ගන්ට තිබ්බා.

    ReplyDelete
    Replies
    1. බැට්ටි කෑල්ල බිම දාල උඩ තියෙන ප්ලෑෂ් ලයිට් බලනව වගේ වැඩක් වෙන්ටැ.

      Delete
    2. ඒත් කරුවලයි නෙවැ.

      Delete
  12. ජෙරල්ඩ් ඩරල් තමංගේ පවුලේ සාමාජිකයින් ගැන ලියපු දේවල් ආයිත් මතක් වුනා සුරංගම්ල්ර් ගේ කතා කියවල.
    https://en.wikipedia.org/wiki/My_Family_and_Other_Animals

    මං දෙතුන් පාරක් සුරංගම්ල්ර් ට කියලා තියනවා මං හිතන්නෙ මේකෙ කොලිටි එක ගැන.

    මේවා genre එකක් වෙන ගානට තියනවා දැන්.
    https://www.goodreads.com/shelf/show/funny-memoirs
    සුරංගම්ල්ර් ඒ මට්ටමට ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මගේ පවුලයි අනික් සත්තුයි පොත නම් කියවල තියෙනවා. ඔය "හොඳකියවිලි" එකේ පොත් බාගන්න අමාරුයි නෙවැ. මං බිගල්ස්වර්ත්ගේ වික්‍රම පොත් ටික බාගත්තෙත් ටොරන්ට් එකකිං. එව්වෑ ඉංග්‍රීසි මහම අමාරුයි. අරුම පුදුම තේරුං තියෙන්නෙ.

      Delete
  13. සුරංග අයියගේ කතාවත් එක්න අපි ඔහෙ ඇදිලා යනවා..
    දැන් එත⁣කොට තාම සුරංග අයියාගෙ තාත්තාට තියපු පයින්ඩෙි ලැබුනෙ නැතෙයි...
    මරැ ඈෑෑෑ...

    ReplyDelete
    Replies
    1. හිටිංකො ලබන සතියෙං අහවර කරන්න මේක.

      Delete
    2. කිය කිය ඉන්නේ ඉවරයක් ඉවරයක් කොරපන්කෝ...දවස ඇවිල්ලයි තියෙන්නේ...

      Delete
  14. Replies
    1. මේ අර අරුණ පෙරේරා නොවන වෙනත් කෙනා නෙවද?

      Delete
  15. සුරංචියගේ මැජික් පෙන්නිල්ල හන්ද මම බොහොම අසාවෙන් බලාපු ඉංගිරීසි පිචර් දෙක තුනක් මතක් උනා ඕං නම් ටික යටින් දැම්ම හොයාගෙන බලන්න කැමති අයගේ පහන් සංවේගය උදෙසා :

    The Illusionist
    Now you see me
    The Prestige

    ReplyDelete
    Replies
    1. +++++++++
      Now you see me 1, 2 & 3

      Delete
    2. මාසෙ අන්තිමට බාගැනීමට අදහස් කරමි.

      Delete
    3. Now you see me 3...!! & illusionist.. well said Kanda da brother man..! 👊🏽

      Delete
    4. now you see me 3 ත් ඇවිල්ලද?

      Delete
    5. Now you see me, Now you see me2 පට්ට

      Delete
  16. යාන් හෑල්ලේ පාවිච්චි කරන වචන වලට පාරිභාෂික පද මාලාවක් හදන එක ගැන කවුරු හරි උනන්දු උනොත් හරි අගෙයි

    ReplyDelete
    Replies
    1. එක වංගියක් මං ඔව්වා පැහැදිලි කරන්න ගිහිං බැනුං ඇහුවා. අර පැංසං පලච්චි හැලපෙ උන්නැහැ මට කඩා පැන්නා "තෝ ලියන එක ලියහං මෙතන ගැටපද විවරණ නොලිය. ආයි එහෙම වචන හගිස්සන්ට ආවොත් බොගෙ හොක්ක තලනව දැනගං." කියලා. එදා මෙදා තුර මං නෙමෙයි වචනවල තේරුං ලියන්න ගියෙ. කවුද දන්නෙ ඔය මනුස්සයාට බයේ නැදුංමාරත් දිව්වලුනෙ.

      Delete
  17. මමත් ඔය බෙල්ල කන්නාඩියක් උඩ තියල තියෙන මැජික් එක බලල තියෙනව. මතක් උනේ මේක කියවද්දි.නියම පොස්ට් එක මචෝ. නව් යූ සී මී පාර්ට් එකේ ඉඳල තුන වෙනකං ම බලපන්. කලබලෙන් බලන්න එපා..
    👊🏽

    ReplyDelete
    Replies
    1. එහෙනං මාසෙ අන්තිම වෙද්දි කොටස් තුනම බාලා තියාගෙන එකපාර බලන්නං.

      Delete
  18. මරු ඈ......
    මාත් කාලයක් කලවානේ හිටපු කාලය මතක් වෙනවා.
    බාසාව හරියටම .........

    පට්ට අහිංසක සුන්දර මිනිස්සු ඉන්න පලාතක්........

    අතාරි පතර ඉන්න ගේම් කාරයොත් දෙන්නේ පට්ට ආතල් අහිංසක ගේම්.....

    තත්වය කොහොමද දන්නේ නැහැ...

    ReplyDelete
  19. ඕන් බලපන් ඉතිං උඹේ බ්ලොගේ මග ඇරිලානේ මට මාස දෙක තුනක්ම. ජාතික අපරාධ මෙව්වා. හිටහන් තොරං කතා ටික ඔක්කොම කියවලා එන්නං විජහට!

    ReplyDelete
  20. ඔය ආච්චි එක්කරං ආවට වඩා හොඳයි නෙ අර ලෙජන්ඩරි උඹලැයි අම්ම අරං හදාගත්තු ආච්චි අම්ම එක්කරං ආවනං. උන්දැ ආවනං අපට ඔයිට වඩා ආතල් සපයනවනෙ. ඇයි උන්දැ දාල ආවෙ?

    ReplyDelete
  21. ඉතිං තාත්තට තාම අර දෙහි ගහ යට, ගල් ගෙඩ්ඩ යට තිබ්බ ලිව්ම හම්බෙලා නැතුව ඇති නේ? උන්දැ ආවෙ නැද්ද තොරණ බලන්ඩ?

    ReplyDelete
    Replies
    1. ගල යට තිබ්බෙ යතුර. ලිවුම නෙවි. :D

      Delete
    2. ඒ... සුරංග මෙන්න උඹලැයි ගෙට පැන්න හොරී අහුඋනා...! ඉක්මණට වරෝ... මේකි මයෙ අත කාල පැනගන්ඩයි යන්නෙ...!

      Delete
    3. උබේ අත හපල ලේ ගිලුනොත් another bride 4 drc

      Delete
    4. අම්මට සිරි! ඔව් නේන්නං... හපපං හපපං යෝදියෙ... කොච්චර හැපුවත් මං නං අතාරින්නෑ ඕං...

      Delete
    5. :D
      අර ජීනියස් එකේ ඩ්රැකී සීනියර් ලෙස කමෙන්ට් දාන්නෙ ඔබ තුමාද?

      Delete
    6. මමතුමා තමයි. වෙරි ක්‍රීම්ක්‍රැකර් ටු මීට් යූ... (හපපං යෝදියෙ තව හපපං...)

      Delete
  22. දමහ් ප්හ් පි
    Maya devi ta kiyala mage sinhala hadala dipiya

    ReplyDelete
  23. ආච්චි අම්මගේ මැජික් බැලිල්ලක් නේ යකඩෝ.. හෙක්.

    ReplyDelete
  24. අම්මා ආච්චි පවු හලෝ. ඒ ඩයලොග් මට හොඳටම මතකයි.දැන් අලුත් ආච්චිලා කරලියට ගෙනාවට අපිට ඕනි පරණ ආච්චිව. එයා නැතිව තොරණ බලන්න ගිය එකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මූ ආච්චම්මවත් නතර කළා. හංසනී ගැනත් ලියන්ඩ ඕනෙ දේවල් නෙමෙයි ලියන්නෙ.

      Delete

  25. එතතොට කොට සාල ඇදපු ගෑල්ලමය බලන්න රු.5.00

    ReplyDelete
  26. දැං උඹ මේක ලියනවද නැත්තං අර ගෑල්ළමය වගේ බෙල්ල ගලෝල අතට දෙන්න ද?

    ReplyDelete