පොල දවසට ටවුමෙ ඉන්න සෙනග වගේ දහ දොලොස් ගුණයක සෙනගක් ටවුමෙ ඉන්නව. වෙනදට පාරෙ අයිං වෙලා පයිං යන මිනිස්සු පාර සම්පූර්ණයෙම්ම වහගෙන. වෙනදට එක හෝන් පාරෙං මිනිස්සුංව පාරෙං අතුගාල දාන වාහනවලට යංතං රෝද හතරට ඉඩ හදාගන්න ඇති වීරියෙං හෝන් එක පිඹලා මිනිස්සුන්ට වැඳ වැටෙන්න සිද්දවෙනව. ඕපීඩී එකේ බෙහෙත් පෝලිම වගේම පෝලිමක් නිව්ටම් පෙරේරගෙ තැබෑරුමේ ඉස්සරහ තියෙනව. ඒ කිට්ටුවම මිනිහෙක් සරමක් දනිහෙ ඉඳං පාතට ඇඳගෙන බිම බුදියගෙන දෙපැත්තට අත දික්කර කර මොනවද කියනවා. තැබෑරුමට යන මිනිස්සුත් ඒ මිනිහට හිනාවෙවී උඩිං පැනල යනව.
බස් එකෙං බැහැපු මිනිස්සු හැමෝම අනිත් අයව තල්ලු කරගෙන තොරණ දිහාවට යනව. අම්මත් මගෙ වැලමිට ගාවිං අල්ලගෙන පුළුවං තරං ළඟට කිට්ටු කරගෙන ඉන්න හිංදා මගෙ අතේ වැලමිටෙං උඩ ටිකත් කැති මිට වගේ ඉස්සරහට දික්වෙලා තියෙන්නෙ. වැලමිටෙං නමාගන්නත් බෑ. ඒ මදිවට අම්ම ඉස්සරහට තියන හැම අඩියකම දුර යන්න මගෙ කොට කකුල්වලට අඩි දෙකක් තියන්න වෙන හංදා ඒ දෙක අතර මොනයම්ම හෝ ගස්ටනයක් ඇතිවෙලා අම්මට මගෙ කකුල පෑගෙනව. මිනිස්සුත් කලු කූඹි බිත්තිය දිගේ යනව වගේ දෙපැත්තටම යනව. ඒ හංදා හැම අඩි දෙක තුනකටම සැරයක් අසුර වේගෙං අපේ මූනට එන කෙනෙක් දැක්ක ගමං හැප්පෙන් නැතිව බේරෙන්න අම්මා මාවත් ඇදගෙන දකුණට හරි වමට හරි පනිනව. අම්මා වමට අඩියක් තියල බේරිච්චි ගමං ඉස්සරහට එන කෙනාගෙ බඩේ ඇනෙන්නෙ අම්මා කැති මිට වගේ උඩට අල්ලං ඉන්න මගෙ අත. සමහර වෙලාවට මාව දෙන්නෙක් අතර හිරවීම හන්දා අපේ අම්මා නැමති ඔරු කඳට මං නැමති කොල්ලෑවෙං අවහිර වෙනව. ඒ වෙලාවට අපේ අම්මා දෑත බදලා මාව අදින ඇදිල්ලට ඇද්දොත් මාදැලක් උනත් ඔරුව එක්කම ගොඩට විසිවෙනවා.
මේ සේරටම ඉහළිං ටවුම පුරාම තැනින් තැන කණුවල බැඳපු ලයිස්පීකර් රංචුව ටවුමෙ කඩවල්වල තියෙන බඩුමුට්ටු ගැන කියෝනව.
"මහා තොරණ් රාජෙයාට මේ සුභ පැතුම් ගෙන එන්නේ ඔරලෝසු කණුව අසල දිසානායක කඩේ ට්‍රේඩර්ස් සහ ඉස්ටෝස් වෙතින්. ඔබට අවශ්‍ය අනර්ඝ තත්වයේ හාල්, මිරිස්, තුනපහ, සහ සියළුම පැකැට් බඩු, ඉටිපන්දම්, ගිනිපෙට්ටි, කරවල, සහල් මැස්සන්, සඳුන්කූරු, සබන් වර්ග, රෙදි සෝදන කුඩු, බැටරි කැබලි, ඉන්දිම බීඩි සහ සුදු බීඩි, කැප්ටන් සුරුට්ටු, ශ්‍රීමත් මදන මෝදකය, බිස්ටල් සිගරැට්, කිරිපිටි ආදිය තොග සහ සිල්ලර මිලට ලබාගැනීමට මේ දැන්ම පියනගන්න දිසානායක ඉස්ටෝස්, ඔර්ලෝසු කනුව අසල"
ඊළඟට පීකරෙන් ඇහෙන්නෙ ගෑණු කෙනෙක්ගෙ කටහඬක්
"යසවද්දන ඉලෙක්රිකල්ස්සායතනයේ තොරණ් රාජයාට ආසිරි පතන්නේ පැරණි බස්නැවතුම අසල හොරණ කඩයේ මුදලාලි මහත්මා, මුදලාලි මැතිණියත් කාර්ය මණ්ඩලයත් විසින්. නිවසට අවශ්‍ය හිරමණ, සැලි වලන්, මුට්ටි, කල, මැටි පහන්, බෙහෙත් පැදුරු ආදිය, පතල් කර්මාන්තයේ යෙදෙන ඔබට අවශ්‍ය ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු, පිචස්, උදලු තල, වැල් කූඩ, කොසු ලණු, කඹ, බාල්දි ආදියත්, තන්ගෝස් නූල්, බිලීකොකු, ඕනෑම වර්ගයක ඇන ආදිය මිලදී ගැනීමට ඔබ පිය නැගිය යුතු එකම තැනයි පැරණි බස් නැවතුම අසල හොරණ කඩය"
හත් අට දෙනෙක්ගෙ ඇඟේ වැදිලා තැලිලා, අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව. තොරණෙ යට කොටස මිනිස්සුන්ට වැහිලා උඩ කොටහ විතරක් මට පේනව. තොරණෙ තවම ලයිට් දාල නෑ. තොරණ ගාව පැත්තක තියෙන මඩුවෙ විතරක් බලුප්පෙකක් පත්තු වෙනව. ඒ මඩුවෙ පැත්තක කාඩ්බෝඩ් කෑල්ලක "කාර්යයාලය" කියලා ලියලා වහලෙ එල්ලලා තියෙනව. ඒක ඇතුලෙ මේසෙයක් උඩ පොත් වගේකුයි කලුපාට පෙට්ටියකුයි කැසට්ටෙහෙකුයි තියෙනව. යකඩෙක උලගහපු මයික්කෙකකුත් තියෙනව. අපේ ගෙදර රේඩිවේකෙ බුරිය රතුපාටට පත්තු වෙනව වගේ ඒ පෙට්ටියෙත් රතුපාට තිත් ටිකක් පත්තුවෙනව.
"මොන සෙද්දද්ද මංද. මෙච්චර ඇඳිරි වැහ්ලත් මේකෙ ලැයිට් දාන්නැත්තෙ"
"ඊයෙ ලැයිද්දාද්දි බච්චන වෙලාවත් පහූනාලු"
"අම්ප, මිනිස්සුන්ට එන්න කියල ලැයිද්දාන්නැතුව මක් කොන්නොවද මංද. තොර්ණ බලන්න වෙන්නෙ චෝට්ටෙක ගහල තමා"
මිනිස්සු තමුන්ට ඇති තරං ආඩපාලි කිව්වට පස්සෙ මිනිස්සු දෙන්නෙක් ඒ ගොල්ලංගෙ කර ගාවට විතර උස පිත්තල පානක් ගෙනත් කාර්යයාලය ඇතුලෙං තියනව. ඒත් එක්කම සරමකුයි අත් දිග කමිසෙකුයි ඇඳපු සිංහල වෙදමහත්තයෙක් වගේ කෙනෙක් මඩුව ඇතුලට ඇවිල්ලා මයික්කෙකෙං කතා කරන්න පටං ගන්නව. තව 'සුවල්ප වේලාවකිං' තොරං රාජයා විදිලි ආලෝකයෙං බබලන්න පටං ගන්නවා ඇති කියලා එයා කියනව. ආයිමත් පීකර රංචුව ටවුමෙ තියෙන කඩවල්ඔල ගෝනියක් ගානෙ, බැරල්ලෙකක් ගානෙ, වැලක් ගානෙ, රාක්කයක් ගානෙ, ලාච්චුවක් ගානෙ බඩුමුට්ටුවල වරුණාව කියෝනව. ඒ අතරෙ
"කකුල් සිදෙනොව"
"වඩාගන්නකො"
"අයිස්කීමක් ඕනි"
"සටකජු ඕනි"
ආදී වසයෙං කනිපිංදං කියන්න පටං අරගෙන එයිං එකකට එක ගානෙ කන ඇඹරීමක්, කකුල පෑගීමක්, කොන්දට ගුටියක් ආදිය ලබාගන්න මට පුළුවං වෙනව. කලවානෙ ඉස්කෝලෙ ගාවිං පටංගෙන වැද්දගල පාරෙ, ඉස්පිතාල පාරෙ, මතුගම පාරෙ අහුමුලුවල තියෙන හැම කඩේකම වග විස්තර පීකරෙං කියල ඉවර වෙනකං අපිත් "සුවල්ප වෙලාවක්" බලා හිටියට පස්සෙ ආයිමත් සිංහල වෙද මහත්තය වගේ මනුස්සය මඩුව ඇතුලට එනව. මයික්කෙක තියෙන කණුවට කට දික්කරලා කතා කරනව. එයා කියන විදිහට අපි සෑහෙන වෙලාවක් පුලපුලා බලා සිටි අවස්ථාව උදාවෙන්නයි යන්නෙ. පස්සෙ වෙලාවක තේරුම අහගන්න ඒ වචනෙ මං මතක තියාගන්නව.
"අද දින මෙම දර්සනීය තොරන් රාජයා විවුර්ත කිරීමට පොල්තෙල් පහන දැල්වීමට මෙම ඉස්තානයට සැපත්වන ලෙස පොලිස් ඉස්තානාදිපති ............. මහතාට, ග්‍රාම නිලදාරී ........... මහතාට......................................"
නිවේදකයා දිගටම කියාගෙන යනවා. ඒ විදිහට පුස්කැප් පිටුවක දෙපැත්තක් විතර කියවද්දි තඩි බඩගෙඩි තියෙන මිනිස්සු ඇවිල්ලා මඩුව ඇතුලෙ පිරෙන්න ගන්නව. ඉඩ මදි වෙච්ච අය දෙතුන් දෙනෙක් එලියෙත් පිරෙනව. නිවේදකයවත් පැත්තකට තල්ලු වෙනව. අන්තිම නමත් කියල ඉවර වෙනකොට මඩුව ඇතුලෙ ඉන්න අය අපි ආපු බස්සෙකේ සෙනග හිටියා වගේ හිරවෙනව. ආවතේවකාරයෙක් ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා මඩුව ඇතුලෙ ඉන්න අයට දෙනව. ඒගොල්ලත් ඉටිපන්දම අරං පානෙ තිර එක ගානෙ පත්තු කරනව. මඩුවෙ ඉන්න සෙනග බාගයක් තරම ඉවරවෙද්දි පානෙ තිර සේරම පත්තුවෙලා ඉවරයි. අනික් අය පත්තුවෙන තිරේකටම ආයිත් පාරක් ඉටිපන්දම අල්ලගෙන ඇති තරං වෙලා ඉඳල හිත හදාගෙන යනව. තාමත් තොරණෙ ලයිට් පත්තු වෙන්නෑ. ඒ ගමන නිවේදකයා මයික්කෙකට කට තියනව.
"ඔව්. දැන් පොල්තෙල් පහන දල්වා අවසානයි. තොරණේ විදිලි ආලෝකය දැන් දැල්වෙනවා ඇති."
ඒත් තොරණෙ බලුප් පත්තු වෙන්නෑ. ආවතේවකාරයෙක් ඇවිල්ලා නිවේදකයගෙ කනට මොනවද කියනව. නිවේදකයත් සරම කැහැපොට ගහගෙන තොරණ පිටිපස්සට දුවනව.
"මොන බඩකඩිත්තුවද්ද මංද"
"ඒකනෙ."
"මෙවුන්ට මේකෙ බලුප් ටික පත්තු කොරගන්න ඔයි තරං අමාරුද"
තොරණ බලන්න ආපු අය ආයිමත් කටවල් අරිනව. තොරණෙ පින්තූර කොටු පේලි අතරින් ටෝච් එලි දෙක තුනක් එහෙ මෙහෙ හෙලවෙනව. තොරණෙ මොකක් නමුත් අඩුවක් වෙලා ඒක හදන බව තේරුං ගත්තු තොරණ බලන්න ආපු අයත් ඒක හදාගන්න උදව්වක් හැටියට තමුංගෙ අතේ තියෙන ටෝච් පත්තු කරලා තොරණ දිහාවට අල්ලනව.
"වෑර් සෝට්ටෙකක්ලු"
සමහරු වැඩේ බරපතල කරලා වටේට ප්‍රචාරයක් යවනව. තොරණ හදන එක්කෙනෙක් බුදුපිලිමෙට යටිං තියෙන නෙලුම් මල අස්සෙං ඔලුව එලියට දාලා බෙරිහං දෙනව.
"ඔය ටෝච් ලබ්බවල් මෙහෙට දික් කොරන්නෙපා ඕයි. එළිය මූනට වැදුනහං මෙලෝ ලබ්බක් පේන්නෑ"
මිනිස්සු ටෝච් නිමාගන්නව.
"මුන්ට උදව් කොරන්න ගියත් වැරදියි"
ටෝච් අල්ලපු අය මූණ බෙරි කරගෙන ටෝච් කිහිල්ලෙ ගහගන්නව.
ටික වෙලාවකිං බුදුරැස්මාලාව පත්තු වෙනව. වැඩිවෙලා යන්න කලිං තොරනෙ අනික් කොටු ටිකත් පත්තුවෙනව. තොරණ ඉස්සරහ බිම කණුවල හිටෝල තියෙන කොටු බලුප් ටිකත් කහපාටට පත්තු වෙලා තොරණෙ පින්තූර ටිකට එළිය දෙනව.
"සාස් සාස් සාස් සා............හක්"
තොරණ බලන්න අහිල්ල ඉන්න වයසක මිනිස්සු කරේ තියෙන සාලු අතට අරං ඔලුවට උඩිං වැඳගෙන සාදු කියනව. අපේ ආච්චි අම්මත් වැඳගෙන නමස්කාරය කියනව.
"තොරං ඔල්ට වඳින්නෑ කියල උඹලෑ අම්මට කියහං මැණීකො"
අපේ අම්මා දැතිහුලහ නැංදට කියනව. උන්දැත් ඒක ආච්චි අම්මට කියනව
"අම්මෙ, තොරං ඔල්ට වඳින්නැහ්ලු. පංසලේ තියෙන එව්වට ඉතරලු වඳින්න ඕනි"
"ඉනඩුවයියාවයි මුම් මට පිනක් කොරගන්න දෙන්නැති හැටි."
ආච්චි අම්මා නැන්දට මෙත්වඩලා ආයිමත් ගාතා කියන්න පටං ගන්නව.
"ඔන්නොහෙ ඕනෙකක් කොරගච්චාවෙ"
නැන්දයි අපේ අම්මයි ආච්චම්මව නොමග යන්න ඉඩ අරිනව.
බුදු පිළිමෙ වටේ තියෙන රැස් වලල්ලෙ බලුප් ටික ඉරි වගේ රවුමට කැරකෙනව. ඒ විදිහට දෙපැත්තටම සෑහෙන වෙලාවක් කැරකිලා මැද ඉඳං වටේට මාලු කොරපොතු වගේ එව්වා විදින්න පටං ගන්නව. ආයිමත් සැරයක් රවුමෙ පිට ඉඳං ඇතුලට තුංහුලස් වගේ එව්වා විදිනව. තුංහුලස් වටේට කරකෝනව. රවුම අටට බෙදලා කුඩේ කරකවනව වගේ කරකවනව.
පහල තියෙන පින්තූර වටේ බලුප් පේලිත් එ් විදිහට එක එක රටාවට පත්තු වෙනව. ගැරඬි රංචුවක් පින්තූරෙ වටේ යනව වගේ දිලිසෙන්න ගන්නව. ඊළඟට දෙපැත්තෙ ඉඳං මැදට එන එළි ටික මැදදි හැප්පිලා දෙපැත්තට විසිවෙනව. ආයිමත් කොටුවක් ඇර කොටුවක් පත්තු වෙලා කොටු ටික දෙපැත්තට දුවන්න ගන්නව. මේ රටා ටික බලා ඉඳිල්ල බොහොම පොඩි වෙලාවකදි මට එපා වෙනව. ඒ වුනාට අනික් අය ගුණවර්ධන මාමා පත්තරේ බලන තරම්ම උනංදුවෙන් තොරණ දිහා බලං ඉන්නව.
"සාහ් සාහ් සාහ් සා......හක්"
අපේ ආච්චම්මා දෙයියන්ට පිං දීලා වඳින අන්තිම වැඳිල්ල වඳිනව.
නිවේදකයා සරම පාත දාගෙන හෙමිං සැරේ කාර්යයාලය ඇතුලට එනව. එයා මයික්කෙකට පිඹලා දෙතුං පාරක් තට්ටු කරනවා. ලයිට් කණුවක් ගානෙ බැඳලා තියෙන ලයිස්පීකර් රංචුවත් පොල්කටු දෙකක් හැප්පෙන සද්දෙං මුළු ටවුමටම ඇහෙන්න "ටොහ් ටොහ්" කියනවා. ඉං පස්සෙ නිවේදකයා මයික්කෙකෙං සෑහෙන වෙලාවක් කියෝනව. එයා කියන හැටියට
සිදුවූ කාර්මික දෝසය නියා ඇතිවූ අපහසුව ගැන සංවිධායක කමිටුව කියන එක හැමෝගෙම්ම සමාව ඉල්ලනවා. මේ වගේ විසාල අම්ම මුත්තගෙ කාලෙවත් තිවිච්චි නැති තරං පුදුමාකාර ලස්සන තොරණක් හදන්න සෑහෙන විසාල සල්ලියක් වියදං වෙනවා. මැණික් වෙළඳ වියාපාරිකයින්, නගරයේ වියාපාරික වෙළද මහතුන් ආධාර දුන්න හින්ද තමයි මේ තොරණ හදාගන්න පුළුවං වෙලා තියෙන්නෙ. මේ තොරණ පෙන්නන්නෙ සල්ලි ගන්නැතුව නිකං. ඒ වුනාට රටේ අනික් තැංවල තොරං පෙන්නන්නෙ වහගෙන. සල්ලි දෙන අයට විතරයි පෙන්නන්නෙ. එහෙම නැතුව මේ තොරණ සම්පූර්ණෙංම වහුං ඇරලා නිකම්ම පෙන්නනවා. කැමති කෙනෙක්ට ඕන්නැං මේ කාර්යාලයට ආදහරයක් දීලා තමුංගෙ නමිං කවියක් කියෝලා පිං සිද්ද කරගන්න පුළුවං. එ් විදිහෙ කවි කියලා රබං ගහන්න පුළුවං කෙනෙක් වන අසුවල් කිවිඳුංට මෙතැන් සිට මයික්‍ර පෝනය බාරයි.
කොණ්ඩෙ උරෙස්ස ගානට වවාගෙන සාක්කු බර ගානක් තියෙන දනිස්ස ගාවට දිග කමිසෙකුයි කලිසමකුයි ඇඳගත්ත කෙනෙක් කාර්යයාලයට ඇතුල්වෙනවා. එයා මයික්කෙක ගාවට කිට්ටු කරලා නිල් පාටිං රබාන ගහන ගමං මේසෙ දිහා බලාගෙන රතු පාටිං කවියක් කියනව. ඒ සද්දෙ පීකර වලින් ටවුම පුරාම ඇහෙනව.
"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
මුලු සිරිලක පරසිදු ඒ යසවද්දන ඉලෙක් ටිකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
හරි ලක්ෂණ තොරණක් මෙහි සාදා ලන්නෙය හැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
සැම දෙනටම නොමිලෙම එය පෙන්වන්නෙය නැතිවම ලොල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
ඔබෙ ආදාරය දෙන්නට මෙහි ඉඩකඩ ඇත සැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්
වැඩිවෙලා යන්න කලිං කාර්යයාලය ඉස්සරහ නිව්ටම් පෙරේරගෙ තැබෑරුම ඉස්සරහ තිවිච්චි පෝලිමට වැඩි පෝලිමක් හැදෙනව. හුඟක් වෙලාවට අම්මලා තාත්තලා සල්ලි දීලා පොඩි ළමයිංගෙ නං පීකරෙං කියෝනව. තව වැඩිකාලයක් ජීවත්වෙන්න බැරි තරං වයසක අයත් දිවියලෝකෙට ඇහෙන්න තමුංගෙ නම කියෝගන්න හැරමිටි ගගහ පෝලිමට රිංගගන්නව. විරිඳුකාරයගෙ උදව්වට කලිං හිටපු නිවේදකයත් එනවා. නිවේදකයා ආදාරය දෙන කෙනාගෙ නම අහල ලියාගෙන සල්ලි අරගෙන එයාගෙ නමයි විස්තරෙයි දීපු ගානයි පීකරෙං කියනව.
"වැද්දාගල සිට පැමිණි ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාව තොරන් රාජෙයාට රුපියල් දහයකිං ආදාරයක් කන්නවා. ඇයටත් ඇගේ පවුලේ අයටත් නිදුක් නිරෝගී චිර ජීවනය පාත්තනා කන්නවා. ඇය නමිං මිය පල්ලොව ගිය සීලුම නෑදෑයින්ටත් මේ පිම්බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගි චිරජීවනය පාත්තනා කන්නවා."
එතකොටම විරිඳු කාරයාත් රබානට තට්ටුවක් දාලා විරිඳුව පටං ගන්නව.
"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
වැද්දාගල සිට පැමිණිය ඩිංගිරි මැණිකේ අම්මා
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
තොරණට ආසිරි පතමින් රුපියල් දහයක් දුන්නා
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
ආයුස බල සැප සම්පත් තව තව ඇගෙ වැඩිවේවා
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
මෙපින් බලෙන් නෑයොත් ඇගෙ නිවනට ගොස් සැනසේවා
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්"
හමුදාවෙ ඉඳලා මැරිච්ච අයගෙ පවුල්වල අයත් මේ පෝලිමේ ඉන්නවා. විරිඳු කාරයත් ඒ අයට වෙනම රබං පදයක් ගහලා කවි දෙකක්ම කියනවා.
"දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
රට වෙනුවෙන් දිවිපිදු අයියා...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
සිහි කරයි සමන්මලි නංගී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
අයියාගේ ගුණකඳ සිහිවී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
දෑසෙහි කඳුලැලි නැංවේවී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
දෙව්ලොව සිටිනා මගෙ අයියේ...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
ඔබ වෙනුවෙන් ආදාරය කරමි...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මේ පින් මගෙ අයියට එවමී...
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මතු නිවනෙන් සැනසෙනු මැනවී...
ඒ කවිය අහගෙන අඬාගෙන යන ගෑනු කෙනා දැකලා අනික් අයටත් තමුංගෙ පවුල්වල මැරිච්ච අය මතක් වෙනවා. ඒ ගොල්ලොත් පෝලිමට එක්කහු වෙලා ලේන්සු ගැට ලිහන්න පටං ගන්නව.
හ්ැක්... ය්ක්ක්ල් ස්ංග්ිීට්ත්ය්ක්(ජ්ිීව්ිට්ත්ෙේ ප්ල්ප්ල්ම්ු ව්ට්ත්ාව්ට්) ක්ිය්ෙව්ව්ෙේ... ජ්ය්... ස්ුර්ංග්ය්ොෝ.. .....
ReplyDeleteඔබට තෙරුවන් සරණයි මගේ යාළුවේ. බොහොම ස්තූතියි ඔයාට.
Deleteසිංහල බ්ලොග් වල ස්පාඤ්ඤ බාසාවෙන් කොමෙන්ට් දැමීම හෙලා දකිමි.
Deleteකො.කා. සංගමය.
මේ අදහස් දැක්වීම ගැන ඔයාටත් ස්තූතියි ප්‍රසන්න අයියේ. සුභ දවසක් වේවා!
Deleteහොදම එක හිනා කැවුනා ඔ්යි
Deleteසිනහව ආහාරයක් කරගත් ඔයාගේ ජීවිතය මලින් බර සුවදායී එකක් වේවා මගේ යාළුවේ.
Deleteබ්එඑය ්සයියවනන යිඉිකංය
Deleteකට්ටිය තොරණ බලල ගෙදර යනකොට...
ReplyDeleteතොරණේ විස්තර බලන අපිව අවුරුද්දකින් වයසට යනවා..!
මේ අදහස් දැක්වීම ගැන පැණිකුටත් මගේ ස්තූතිය. ඔයාගෙත් ආයුෂ වැඩිවේවා මගේ යාළුවේ.
Deleteමට මතක "චුල්ල පදුම කුමාරයා -හිටගෙන ගෙදරට ආවා... දහ් ටොට්ටොට් දහ් ටොට්ටොට්... වගේ විරිඳු තමයි....
ReplyDeleteමේ අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තූතියි මහත්මයා. ඔබටත් සුභ දවසක් වේවා!
Deleteතව තියනව නේද ... ඔක්කොම ඉවර වෙලා කමෙන්ට් එකක් කොටන්නං ...
ReplyDeleteබොහොම ස්තූතියි මගේ යාලුවේ. ඔයාගෙ ඉදිරි ජීවිතය සාර්ථක වේවා!
Delete//සැම දෙනටම නොමිලෙම එය පෙන්වන්නෙය නැතිවම ලොල්
ReplyDeleteදට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
ඔබෙ ආදාරය දෙන්නට මෙහි ඉඩකඩ ඇත සැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්//
නිල් පාටිං රබාන ගහන ගමං මේසෙ දිහා බලාගෙන රතු පාටිං කියපු කවි ටික ලස්සනේ බැරුවා.....
ඔය අනිත් සමහර ඒවා උබට තාම මතක කොහොමද බං ?
මේ කවිය නම් මම ඒ කාලෙ තිබුණු කවි ශෛලිය අනුව හදපු එකක්. අනිත් ඒවා නම් මට තවම මතකයි යාළුවේ. අදහස් දැක්වීම ගැන ඔයාට ස්තූතියි මගෙ යාළුවේ. ඔයාට සුභ දවසක්.
Deleteපට්ට නේ මචන්
ReplyDeleteඅදහස් දැක්වීම ගැන විශාල මහත්මයාටත් මගේ ස්තූතිය. ඔබට සුභ දවසක් වේවා!
Deleteකියල වැඩක් නෑ බං. මමත් පොඩි කාලෙ තෝරන් වල ලයිට් දකිද්දි හිතුවෙත් ඔහොම්මම තමයි,
ReplyDelete👍🏽👍🏽👍🏽
ඒ වාගේ සිතුවිලි සමාන ඔබ හමුවීම සතුටක් යාළුවේ. ඔයාට සුභ දවසක් වේවා!
Deleteඇති යන්තං තොරණෙ බලුප් ටිකවත් පත්තුවෙලා තියෙන්නෙ.
ReplyDeleteඔය පොල්තෙල් පාන පත්තුකරනව වෙනුවට ආරාධිතයින්ට තොරණෙ එක බලුප් එක ගානෙ පත්තුකොරන්න දුන්නනං සෑහෙන ගානක් හොයාගන්න තිබ්බනෙ.
ඔයාගෙ අදහස ගොඩාක් වටිනවා. ඉදිරි තොරණකදී ඒ අදහස ක්‍රියාත්මක කරන්නම්. ඔයාට සුභ දවසක් මගේ යාළුවේ!
Deleteඇයි බොල ඕකෙ ආධාර දෙන උංට කවි කියනව විතරද.
ReplyDeleteඅහවල් අය විසින් අහවල් ශබ්දාගාරයේ පටිගත කරන ලද තොරණේ කතා වත්තුව නැද්ද?
එය ඉදිරියේදී තිබේවි මහත්මයා. ඔබගේ අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින් ස්තූතියි.
Delete+++++
ReplyDeleteඔබතුමාගේ ධනාත්මක අදහස් පිළිබඳ ස්තූතියි මහත්මයා. ඔබට තෙරුවන් සරණයි! සුභ දවසක් වේවා!
Deleteමාර කේස් එක ලබන අව්වුරුද්දෙ තොරන ගහන කාලෙ වෙද්දිවත් මේ තොරන ගලවයිද?
ReplyDeleteඔබතුමාගේ හාස්‍ය රසයෙන් පරිපූර්ණ අදහස් දැක්වීම මහත් අගේකොට සලකමි. සුභ දවසක් වේවා!
Deleteබොලා මේ දවස්වල FM චැනල් එකක වැඩ කරන්න පුරුදු වෙනවද?
ReplyDeleteඅපට සංඛ්‍යාත මුහුර්ජන නාලිකාවක සේවය කිරීමට මෙතෙක් අවකාශ ලැබී නොමැති බව කාරුණිකව සිහිපත් කරමි. ඔබතුමාට සුභ දවසක් වේවා!
Deleteපත්තු කලා දෙයියො පත්තු කලා.එ්ක සුරංග අයියා පත්තු කලා...
ReplyDeleteමන් හිතුවෙිම සිදු වු කාර්මික දොෂය හේතවෙන් මහා තොරන් රාජයා අද දින ප්‍රදර්ශනය නෙවෙි කියලම තමා....
ඔයාගෙ අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි මගේ යාළුවේ. සුභ දවසක් වේවා ඔයාට! පරිස්සමිං ඉන්න....
Deleteයකෝ මම නොදැක මේකේ කොටස් හතරක් ගියේ කෝමද??
ReplyDeleteසේරම ඉවරවෙලා ලොක්ක දැක්කනම් හොදයි කියල හිතෙයි ඉතුරු කොටස් ටික එනකන් බලන් ඉන්න උනාම. මුල් කොටස් වල කොමෙන්ට්ස් බලුවනම් තේරෙයි, සුරන්ග බොසාව කිඩ්නප් නොකරපු ටික විතරයි කතාව ඉල්ලලා.
Deleteබොලා ඉබ්බගෙ යනකොට මූ යන්නෙ මරුටියෙ. අන්නේකයි වැඩේ.
Deleteඉස්තූතියි මගේ යාළුවේ. ඔයාගෙ අදහස් දැක්වීම මට මහත් දිරියක්.
Delete[ඉන්දිම බීඩි සහ සුදු බීඩි, කැප්ටන් සුරුට්ටු, ශ්‍රීමත් මදන මෝදකය, බිස්ටල් සිගරැට්, කිරිපිටි ආදිය තොග සහ සිල්ලර මිලට ]
ReplyDeleteහෑ.. ඒ ඔක්කොම අස්සේ මදන මෝදකෙත් විකිණිලානේ !
මදන මෝදකේ ඒ කාලෙ තහනං දෙයක් නෙමෙයි.
Deleteඑම දිනවල මදන මෝදකය සාමාන්‍ය සිල්ලර වෙළඳ සැල්වල විකිණීමට ඇති වැඩිහිටියන් ආහාරයට ගන්නා රස කැවිල්ලක් ලෙසයි භාවිතා වුනේ. බොහොමත්ම ස්තූතියි මගේ යාළුවේ.
Deleteසුරන්ගයා දාල තියෙන ප්‍රතිචාර බැලුවහම ඇත්ත කියලත් හිතෙනවා. එක්කෝ ගෘහස්ත ප්රචණ්ඩත්වයේ වින්දිතයෙක් වෙලාද මන්ද දාල තියෙන උත්තර දැක්කහම ඔලුවේ බලුප් නිවෙනවා.. පත්තු වෙනවා..... නිවෙනවා... පත්තු වෙනවා....
Deleteඔයාගේ ගවේශනශීලී අදහස් දැක්වීම ගැන ගොඩාක් ස්තූතියි යාළුවේ. මගේ ලිවීම හිසෙන් දරාගැනීම ගැන ඔයාට ගොඩාක් ස්තූතියි. සුබ දවසක් වේවා!
Deleteතොරනෙ රටා ගනන ගනන්කරල තෑගි දිනගන්න අවස්තාවක් නැද්ද ඔය පැත්තෙ.
ReplyDeleteතොරණේ විදුලි බුබුළු සංඛ්‍යාව නිවැරදිව ගණනය කර ඉදිරිපත් කිරීමෙන් ත්‍යාගයක් දිනාගැනීමට නම් එවකට තරඟයක් පැවැත්වුනා මහත්මයා. ඔබගේ අදහස් දැක්වීම මට මහත් දිරියක්. බොහොම ස්තූතියි මගෙ යාළුවේ.
Deleteඅර විරිදුවේ තාලය තමයි ලස්සන. අපරාදේ කියන්න බේ ඒ කාලේ සැබෑම තොරණේ අසිරිය තමයි මේ ලියල තියෙන්නේ. ආයේ එකේ කිසි ඇද පලුද්දක් නෑ
ReplyDeleteවිචාරක දියණිය
මා ලියූ දෙය ස්ථිර කිරීම සම්බන්ධයෙන් ඔබතුමියට බොහොමත්ම ස්තූතියි! තෙරුවන් සරණයි!
Deleteයාං හෑල්ල වෙනුවෙන් ලද සම්මානයට සුභ පතනවා මුුලින්ම. තොරණ බැලුවා. පොඩි අවුලකට තියෙන්නේ සුරංව කවුරු හරි කිඩ්නැප් කරලද?. මෙහෙම ආගන්තුක රිප්ලයි දෙන්නේ.අනේ මන්දා.
ReplyDeleteඔයාගෙ අදහස් දැක්වීම ගැනත් සුභ පැතුම ගැනත් බොහොමත්ම ස්තූතියි මගේ යාළුවේ! සුභ දවසක් ඔයාට.
Deleteමේ... යාලුවේ අනං මනං එපා හරිය..
ReplyDeleteඅර ශර් මත් එව්වා ගැන කිව්වම පිස්සු වැටුනා....
ජ ය ෙව්ව ා .!!!
ඔයාගෙ අදහස් දැක්වීමෙන් මගේ බ්ලොග් ලිපිය හැඩ කලාට බොහොම ස්තූතියි මගෙ යාළුවේ! සුභ දවසක් වේවා ඔයාට!
Deleteමදන මොදකේ ගැනත් පීකරෙං කියනවද බං
ReplyDeleteඑවකට මදන මෝදකය රසකැවිල්ලක් තරම් සුලභ දෙයක්. ඕනෑම සිල්ලර කඩයකින් මිලදී ගන්නට ලැබුණා. එනිසා ඒ ගැන කියන්නට තහනමක් තිබුණේ නැහැ. සුභ දවසක් වේවා ඔයාට!
Deleteතොරණේ විස්තරේට ඉස්තුතියි මගේ යාලුවේ. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.
ReplyDeleteඔයාටත් එසේම වේවා මගේ යාළුවේ. පරිස්සමින් ඉන්න!
Delete
ReplyDeleteදට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
බ්ලොග් ලොව පරසිදු සුරං සිංඤෝ
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
තොරනට සත පනහක් දෙංඤෝ
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
මෙතුන් බලෙන් ඒ පිං අරගංඤෝ
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
පන ගියදාට නිවංපුරට යන්ඤෝ
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්
යාංහෑල්ලේ සුරංගයා පෙන්නු මහා තොරන් රාජෙයාට රුපියල් සියයකින් ඔබත් ආදාරයක් ලබාදෙන්න. සුරං මහතාටත් ඔහුගේ පවුලේ අයටත් නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා. ඔහු නමිං මිය පල්ලොව ගිය සීලුම නෑදෑයින්ටත් මේ පිං බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගි චිරජීවනය ප්‍රර්ථනා කරන්නෙමු.
ලස්සන කවියකින් අදහසක් එක් කළ ඔයාටත් බොහොම ස්තූතියි යාළුවේ. ඔයාටත් නිදුක් නිරෝගී සුවබර දවමසක් වේවා!
Deleteඅපිත් ඒ කාලේ උඩපැනගෙන තොරන් බලන්න යනවා. හැබැයි එනකොට කරත්තෙ ඇතුලේ නිදාගෙන එන්නේ.
ReplyDeleteඔයාගේ අදහස් දැක්වීම පිළිබඳ බොහොමත්ම ස්තූතියි. කරත්ත ඇතුලේ සුවැති නින්දක් ලබන්නට ඇතැයි අපේක්ෂා කරනවා. ඔයාට සුභ දවසක් වේවා!
Deleteසුරංග මහත්මයාණෙනි,මෙම හදිසි වෙනස් විමට යෙදුණු කරැණු කරණා කිම ? පවසනු මැනවි...
ReplyDeleteඑක්කො මූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අහුවෙලා නැත්තං මේ රිප්ලයි දාන්නෙ මුගෙ පූස් තඩියංගෙන් එකෙක්.
Deleteඅන්න එහෙම වෙන්න ඔිනි ප්‍රසන්න අයියේ.....
Deleteඔබ දෙදෙනාගේ සංවාදය මෛ අදහස් දැක්වීම් අතර කැපී පෙනෙන වෙනසක් ඇති කළා මගේ යාළුවනේ. ඔයාලට ගොඩාක් ස්තූතියි.
Deletesurangaya srimath madanamodakaya kalawage
ReplyDeleteමා විසින්ද දෙවරක් පමණ එම දුසිරිතේ යෙදී තිබෙනවා. නමුත් මා දැන් එයින් තොරයි. ඔබට සුභ දවසක් වේවා!
Deleteදීලා තියෙන උත්තර දැක්කම කොමෙන්ටෙකක් දාන්නත් මොකක්ද මොකක්ද වගේ..
ReplyDeleteඔයාගේ අදහස් දැක්වීම ගැන ගොඩාක් ස්තූතියි මගේ යාළුවේ. සුවබර යහපත් දවසක් වේවා!
Deleteදැන්නම් තොරන් ළඟ පික් පොකට් කාරයොත් ඉන්නවා නේද? එයින් කෑල්ලකුත් දාලා වැඩය තව දිග්ගස්ස ගන්න පුළුවන් වේවි.
ReplyDeleteඔබතුමාගේ අදහස් දැක්වීම මට මහත් දිරියක් හිටපු නියෝජ්‍ය කොමසාරිස්තුමනි. ඔබේ බ්ලොග් අඩවියත් මෙහි ඇතුළත් කිරීමට අදහස් කරනවා. ඔබට ස්තූතියි!
Deleteමරු ඈ
ReplyDeleteඔබට යහපත් දිනක් උදාවේවා මගේ යාළුවේ! අදහස් දැක්වීම ගැන ස්තූතියි!
Deleteප්ටැ විංඉ ංංදංකප් විඉනිි
ReplyDeleteme #%YYUU sinhala naha ban
ඉතා මිහිරි නාදයක් ඇති කරමින් අදහස් දැක්වූ ඔබට මාගේ ස්තූතිය. සුබ දවසක් වේවා!
Deleteසම්මානයට සුභපැතුම්...
ReplyDeleteමේ උත්තර දීල තියෙන්නෙ සුරංග නෙවෙයිද ෙකොහෙද.....
මේකෙ තව කොටසක් තියනවාද...
තවත් කොටසක් පමණ තිබේවි. ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි මිතුරියේ. සුභ දවසක් ඔයාල දෙන්නටම!
Deleteශ්‍රංග උඹට මක්වෙලාද යාලුවේ.... මං මේ ළඟදී බොලෑ ගෙවල් පැත්තේ ගියා... පොජෙක්ට් හංදියෙං හැරිලා දියඇලි බලංට
ReplyDeleteඑහි දිය ඇලි දෙකක් පමණ තිබෙන බවට මට මතකයි. ඔබ එහි සුන්දර දසුන් නැරඹීමෙන් ඉමහත් සතුටට පත්වන්නට ඇතැයි විශ්වාස කරනවා. සුභ දවසක් වේවා ඔයාට!
Delete
ReplyDelete"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
තොරනේ විස්තරය ලියලා අප සැම දෙන කල කුල්මත්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
සුරංග ළමයට පතනව ආසිරි වෙන්නට වල්මත්
@Dude: අර ඩෙනිමට මොකක්හරි සාධාරණයක් නොකලොත්.... බලගම්මු ඈ !
Delete
ReplyDelete"දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
තොරනේ විස්තරය ලියලා අප සැම දෙන කල කුල්මත්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
සුරංග ළමයට පතනව ආසිරි වෙන්නට වල්මත්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
කියන්න හිතුනේ දැකලා උඹ දී ඇති පිළිතුරු වැල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
චූටි මැණිකෙ කෙලියද උඹෙ ඉස් මුදුනට ඈස් යූෂුවල්
++++++++
Deleteඔබගේ මනරම් පබැඳුම මහත් සේ අගය කරමි. ස්තූතියි යාළුවේ. සුභ දවසක් වේවා ඔයාටත් පවුලේ හැමෝටමත්ම!
Deleteසුරංගට එක්කෝ සුනීත විනීත බෙට්ටක් පෑගී ඇත, නැතහොත් පොළොස් ගෙඩියක් කඩන්ට ගොහිං පත කොස්ගෙඩියක් ඔළුවට පතබෑවී ඇත...
ReplyDeleteමා පාවහන් පැළඳ මිසක ගමන් නොයමි. පනා ශාඛවලින් ඵල නෙලීමට ද නොගියෙමි. ඔබගේ ගවේශනාත්මක අදහස් දැක්වීමට ස්තූතියි මහත්මයා. සුභ දවසක් වේවා!
Deleteතොරං ගාතාව දාල නෑනෙ.
ReplyDeleteසොරි සොරි,
තොරණ රාජයාට වඳින ගාථා රත්නය සඳහන් කර නැත්තේ කුමන හේතුවක් නිසාද යන්න මා මිත්‍ර සුරංගම්ල්ර් මැතිතුමාගෙන් ඇසීමට අවසර පතමි
ඒ සඳහා පාළි භාෂාවෙන් තැනූ ගාථාවක් නොමැති බව කණගාටුවෙන් වුවද දැන්වීමට සිදුවනවා. නමුත් පිංවත් අසපු වාසී ස්වාමීන් වහන්සේගේ බැතිමතෙකුගෙන් විමසුවහොත් ඔබට ඒ සඳහා යොදාගත හැකි සිංහල බසින් පබැඳූ ගාථාවක් .මප3 ආකාරයේ ගොනුවකින් ඔබගේ ජංගම දුරකථනයට නිල් දත් ඔස්සේ ගෙන්වා ගැනීමට හැකිවනවා නොඅනුමානයි. ඔබට එවන් පින්වත් දුරකථනයක් සහිත උපාසකයෙකු හමුවන ලෙස ආසිරි පතමි. ඔබගේ අදහස් විමසීම ගැන බොහොම ස්තූතියි. ඔබට ඉතාමත් පැහැබර දිනයක් උදාවේවා!
Delete"අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
ReplyDeleteතොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
(තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!
ReplyDeleteමේ සුරංචියො මරුං කන්නැතුව ඊගාව කොටහ දානවද ඉක්මනට.
ReplyDeleteස්තූතියි යාළුවේ. සුභ දවසක් වේවා ඔයාටත් පවුලේ හැමෝටමත්ම! $^$*&ූ$^)@(ර්$*!ර්_)