Sunday, October 29, 2017

තොරණ හෙවත් Pandol - 7 වලිය

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව.

"පොඩි බබාගෙ විනෝදේ.... පොඩි බබාගෙ විනෝදේ.... බබ්බු බබ්බු බබ්බූ...."


මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං මෙහෙම අහනව.

"බොට ඕන්ද එකක්"

අපේ අම්මත් ඒක මගෙන් අහනව.

"එපා"

මං කියනව. අනික් ළමයිත් එහෙමම කියනව ඇති.

"අර අනික්වෑං එකක් ඇරං දෙන්නං"

බැලුංකාරය ගාව තියෙන තැඹිලිපාට බැලුං බෝල තුන හතරක් දිගටි බැලුමකිං අමුණපු "තැඹිලි වල්ලක්" කියල කියන තවත් ඒ වගේ බැලුං සුකුරුත්තමක් පෙන්නල අම්ම අහනව. 

"මටේපා ඒ හොරි පොකුර"

මං අඩිය පොලවෙ හප්පල කියනව.

"හිටාං තොට කිසියාම්ම කිසිදෙයක් ඇරං දෙන්නෑ. අම්පා"

අම්මා ආච්චිඅම්මව ඇපේට තියල දිවුරනව.

ළමයි ඉතාම සතුටට පත්වෙන පැනි රහ කෑම ජාති, බීම, අයිස්ක්‍රීම් වගේ කෑමක්වත්, වයිං කරන, බැට්ටි කෑලිවලින් වැඩකරන සෙල්ලං බඩුවක්වත් අරන් දෙන්න මේ වගේ ඇඟිල්ලෙං ඇනල අහන්නෙ නැති මහ අය කිසිම වැඩකට නැති මේ වගේ බහුබූත අරන් දෙන්න නං සෑහෙන මහන්සි වෙනව. ඒ විතරක් නෙවෙයි ඒවා සෙල්ලං බඩු විදිහට පිළිගන්න කියලත් තර්ජනේ කරනව. 

"වෙනිං කිසියම්ම කිසි දෙයක් අරං දෙන්නෑ" කියල තර්ජනය කරල බොහොම අමාරුවෙන් එයිං එකක් අරගන්න නෝනක්කව කැමති කරගන්න චන්දරෙ මාමලෑ නැංදට පුළුවං වෙනව. අපි හැමෝම ගිහිං බැලුංකාරයව වට කරගන්නව.

"ඕකක්කීයද?"

"බබෙද්දායයි, තැඹිලිවල්ලප්පාලවයි"

"බබෙද්දෙන්න"

බැලුංකාරයගෙ ඉන වටේට පැකැට් කීපයක් එල්ලල තියෙනව. බැලුංකාරය කිහිල්ලෙ ගහං ඉන්න හුලං පොම්පෙ අගිස්සට අර පැකැට්ටෙහෙකිං ගත්තු බැලුම් බෝලයක් අරගෙන හයිකරලා හුලං ගහනව. බැලුම්බෝලෙත් ගහ්ලබු ගෙඩියක් වගේ දිගටියට පිම්බෙනව. වෙලෙන්දා බැලුම පොම්පෙං ගලෝල අරං හුලං පිටවෙන්න නොදී කට හිර කරගන්නව. ඊළඟට තව පැකැට්ටෙකකිං ගන්න දියකූඩැල්ලෙක් විතර හීං බැලුමකටත් හුලං ගහනව. හුලං පාරවල් තුනෙං දියකූඩැල්ලා ගැඩවිලෙක් වෙලා, අහරකුක්කෙක් වෙලා, කොහු මිටක් විතර මහත වෙනව. ඒ වගේ දිය කූඩැල්ලො දෙන්නෙක් කොහු මිටි කරලා ගන්න වෙලෙන්දා කලිං පුම්බපු ගස්ලබ්බෙ අගිං ඩිංගක් මෙහා හරියෙං අල්ලල මිරිකලා හීං කරනව. ඊළඟට ඒ හීං වෙච්චි තැනට එක දිගටි බැලුමක මැද හේත්තු කරලා දෙකොන ඒ වටේට පටලවනව. අනික් දිගටි බැලුමත් අරගෙන ගස්ලබ්බෙ හුලං ගහපු කට ගාවටඑක කොනක් තියලා පටලවනව.

බැලුං බබෙක්


අපි බලා ඉන්දැද්දිම වෙලෙන්දා බබෙක් හදල ඉවරයි.


"ආ"


මේ අරුම පුදුම සුකුරුත්තම නෝනක්කගෙ ඇඟේ ගහන වෙලෙන්දා චන්දරෙ මාමගෙ අතේ තියෙන රුපියල් දහය ඇදල ගන්නව. මේ මොන ජාතියෙ සතෙක්ගෙ බබෙක්ද කියල හිතාගන්න බැරුව නෝනක්ක වටපිට බලනව. නෝනක්කා මේ සුකුරුත්තමට අකමැති වෙන බවක් දකින චන්දරෙ මාමලෑ නැන්දා 


"ආනේ..... මේක නං හරිම ලස්සනයි. කාටවත් දෙන්නෙපා."

කියලා තමුං මේ අරං දුන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සෙල්ලං බඩුව බව නෝනක්කට පෙන්නන්න හදනව. අපේ අම්මත් පුලුවං තරං කට ඇරලා පුදුම වෙච්චි බවක් පෙන්නලා ඒ තරං අලංකාර සෙල්ලං බඩුවක් කිසියම්ම කිසි තැනක නැති බවත් "මේ මූට ඒකක් ගන්න පිනක් නැති" බවත් කියලා චන්දරෙ මාමලෑ නැන්දට උදව්වෙනව.

"ඒ උනාට මේකෙ කකුල් නෑනෙ"

මගෙ කට ඇරෙනව. එතකොටම අපේ අම්මා මගෙ කට මිරිකල සද්දෙ වහනව. අන්තිමට මේ තරං අය කියන එකේ තමුන්ට හම්බුවෙලා තියෙන්නෙ ලෝකෙ තියෙන හොඳම සෙල්ලම් බඩුව වෙන්නැති කියල හිත හදාගන්න නෝනක්කට පුළුවං වෙනව.

"අඟහරු ලෝකයෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය. එන්න නර්රඹන්න. ප්‍රීතිවන්න"

තව තැනක තියෙන කඩ කාමරයක් ඉස්සරහ බැඳල තියන හතරැස් පීකර කටක් කෑ ගහනව. චන්දරෙ මාමලගෙ නැන්දට බය වෙන්නට තියෙන එකම හේතුව වන හුලං බබා ගැන මගේ අදහස් දැක්වීම හුළඟෙ යනවා. මට කුරුමිට්ටො බලන්න ඕන වෙනව. යන්තං ඉස්කෝලෙං අයිං වෙච්චි ගමං සල්ලි හම්බු කරගෙන දුරදක්නයක් අරං වහලෙ උඩ හයිකරගෙන "කඹරු ඉකෙයා" වගේ වෙන්න හිතා ඉන්න මට, විජය පත්තරේ මැද පිටුවල තිවිච්චි ඇපලෝ රොකට් සනුහරේම පොතක අලෝපු මට, අඟහරු ලෝකෙං ආපු කුරුමිට්ටො බලන්න නොයා ඉන්න පුළුවන්ද?


"අම්මෙ යං අම්මෙ"

"කොහෙද"

"කුරුමිට්ටො බලන්න"

"අනෙක් කටවහං හිටාං."

"අනෙ යංකො. එක පාරක් යංකො."

"මයෙ ගාව සල්ලි නෑ"

"අනෙ තීනොව. අර බැලුංබෝල ඇරං දෙන්නං කිව්වෙ. ඒ සල්ලි ඔලිං යංකො."

"කටවහං"

"මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං"

අපි දෙන්නගෙ වාදෙ මැද්දට චන්දරෙ මාමලෑ නැන්ද පනිනව.

"මොකදක්කෙ"

"මේ මුට කුරුමිට්ටො බලන්න යන්න"

අම්මට කලිං මං උත්තර දෙනව. මගෙ කට වහන්න නියම වෙලාව මේක බව හිතන චන්දරෙ මාමලෑ නැන්ද මගෙ පැත්තට උදව්වට එනව.

"යං අක්කෙ ඒකත් බලන්න"


මිනී පෙට්ටිවල මිනිය වටේට දාන බලුප් වැල් දෙක තුනක්ම වටේට එල්ලපු දොරක් ගාව ඉන්න මිනිහෙක්  අඟහරු ලෝකෙට යන්න අපෙං සල්ලි ගන්නව.


"හැමෝම දික් කොරන්නෙ සීයෙ කොල, කවුරුවහ්ම මාරු සල්ලි ගේන්නෑ"


මිනිස්සුන්ට බැණ අඬගහන ගමන් ඉතුරු සල්ලි බේරන අඟහරුවා අපිව කඩේ ඇතුලට තල්ලු කරනව.

"දොරකඩ ටැක්ගැහෙන්නැතුව ඇතුල්ට යනවලා."

කඩේ ඇතුළ කිරි නැන්දගෙ දේවාලෙ වගෙයි. කිරිනැන්දගෙ දේවාලෙ ඇතුලෙත් ඉන්න රත්තරං බඩු පැළඳගෙන සාරි ඇඳපු දෙයියො එක්කොමත් තිර රෙද්දකිං වහල ඉන්නෙ. ඒ වගේම මෙතනත් පියං හතරෙ ජනේලයක් විතර කොටහක් තිරේකිං වහල තියෙන්නෙ. දොරකඩ ඉන්න මිනිහා බැන බැනා කඩේ ඇතුලට තල්ලු කරන සෙනග පැන්සල් ඇහිරුවා වගේ පිරිලා ඉඩක් නැතිම වෙනකොට මිනිස්සු කෑ ගහන්න පටං ගන්නව.


"අපික් කුරුමිට්ටො කියල හිතුවදෝයි. මේකස්සෙ වෙන ඉඩ නෑ..."


එතකොට දොරකොඩෙං ඔලුව ඇතුලට දාන අඟහරුවා ඒකට උත්තර දෙනව.


"බැයිනං යනව යන්න. හැබැයි සල්ලි අහපහු දෙන්නෑ"


අන්තිමට දොර උලුවස්සෙං ඇතුලට මනුස්සයෙක්ව රිංගවන්න බැරිවෙන තරම් පිරුණට පස්සෙත් එක මිනිහෙක්ව දොරකඩ වැහෙන්න තියන අඟහරුවා එලියෙ ඉඳං දොර වහනව. දොරකඩ හිටපු මිනිහව මිරිකිලා ඇතුලට විසිවෙනව. ඒ විදිහට සම්පූර්ණයෙං වහපු කාමරේ ඇතුලෙ කසාය මුට්ටියක් ගානට රත්වෙනකොට, පොඩි ළමයි දෙතුන් දෙනෙක් අඬන්න පටං ගන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනව.

"හූ...චු...හූ...චු....හූ...චු..හුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචු"

ඒත් එක්කම තිරේ දෙපැත්තට ඇරෙනව. ඉපදිලා සතියක්වත් නැති පොඩි ළමයි තරං උස මිට්ටො තුන්දෙනෙක් මගෙ කොට කලිසං විතර දිග දික් කලිසනුත් ඒ තරම්ම කොට කමිසත් ඇඳලා දනිස්ස ගාවට විතර උස සපත්තු දාලා ඔලුවටත් හෙල්මට් දාගෙන තිරේ පිටිපස්සෙං මතුවෙනවා. ඒ හෙල්මට්වලිං ඒරියල් කූරු දෙක ගානෙ දික්වෙලා. හෙල්මට් වලයි ඒරියල් කූරුවලයි හැමතැනම අස්සජි හාමුදුරුවො හදාදිපු බුදු රැස්මාලාවෙ ජාතියෙ පාට පාට කලාමැදිරි බලුප් නිවි නිවී පත්තු වෙනව.
කුරුමිට්ටෝ

හුචුහුචුව නැවතිලා සිංදුවක් පටං ගන්නව. ඉස්සරහ ඉන්න අය කුරුමිට්ටංව හොඳටම පෙන්නන්න හිතාගෙන  තමුංගෙ ළමයිංව වඩා ගන්නව. අඩි පහේ දෙමව්පියන්ට අඩියක් දෙකක් උස ළමයගේ උසත් එක්කහු වුනාම පිටිපස්සෙම ඉන්න අයට මොනවත් පේන්නැතුව යනව. එතකොට පිටිපස්සෙ ඉන්න අය කලුපාටිං කෑ ගහනව.


"ඔය ළමයි පාත් කොරල අල්ලගන්නවකො. අපිට පේන්නෑ."


එතකොට ඉස්සරහ ඉන්න අය කොළ පාටිං උත්තර දෙනව


"පේන්නැහ්නං ඉස්සිලා බලනව. අපි මේ පොඩි එවුන්ට පෙන්නන්නෙපෑ"


ඉස්සරහ අය උත්තර දෙනව. ඒ අතරෙ පිරිමි කෙනෙක් නිල්පාටිං සිංදුව පටං ගන්නව.


"පාවෙන පිරිසියක්කුඩ නැගලා පිටසක්කොලකිං මෙහාට වැහැලා ආවේ කුදකට ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ... 
අපිනන්නෑ කවදාවක් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් අහමුද වටපිට බලලා කුරුමිට්ටෝ....
කොයිදේසේ ඉඳලද එන්නේ.....


කුරුමිට්ටොත් එව්වට රතුපාටිං උත්තර දෙනව



"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"




"මෙහාට ආවේ කුමකටද"




"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"






ඔය විදිහට සිංදුව කියවෙද්දි කුරුමිට්ටො ටික තමුන්ට පණ තියෙන බව පෙන්නන්න ඕන හංදා අතපය හොලවන ගමං මොන්ටිසෝරියෙ ළමයි මල් නැටුමට ඔලුව හොලොවනව වගේ ඔලුවත් හොලවනව. කකුල් හොලවන්නෙ නෑ. ඒ වෙනුවට සපත්තුවෙ අගිස්ස විතරක් යංතං හොලවනව. ඒ අතරේ ඉස්සරහ පේලියෙ ළමයිංගෙ දෙමව්පියොයි පස්සෙ පේලියෙ පිරිමියි අතර වලිය දරුණු වෙනව.


"ගහනව තොපෙයි පැටවුංගෙයි ඔලුකටු කුඩුවෙන්න"


"ගහපියව් බලන්න. තොපිට දෙන්නෙ මොලකැටි විසිවෙන්න"


"තොපි වරෙව්කො තපස්සරකන්දෙං යන්න."


"දවසට පැය කීයක්ද එහේ.......


"හැච හැච හෑ චෑ හැච හැච හෑ"


"නැත්තං අපි උඩින්ද බොල යන්නෙ"


"කටවහගන්නවලකො ඕයි."


"අපිට මේක බලන්න දෙන්නැද්ද තවුසෙල"


"අරූට කට වහගන්න කියනව. අපි නෙමේ ඌනෙ පටංගත්තෙ"


වලිය දරුණුවටම ඇවිලෙද්දි සින්දුවෙ අග හරියට ඇවිල්ල සිංහලෙං කියන කෑලි ටික ඉවරයි. කුරුමිට්ටො විතරක් අන්තිම ටික කියනව.


"වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව් වව් වා..."



ඒ ටික ඉවර වෙද්දී පටං ගනිද්දි තිබිච්චි හුචු හුචු සද්දෙ ඇවිල්ලා තිරේ වැහිල යනව. එලියට යන්න තියෙන දොර ඇරිලා හීතල හුලඟක් එක්ක හිරිගඩු පිපෙන සද්දෙං දොරකඩ ඉන්න කෙනා කෑ ගහනව.



"ආ... තව බලාහිිල්ල වැඩහ්නෑ. ඉක්මන්ට එළියටෙන්න. තව පුරාම අය ඉන්නව බලන්න."


රබර් ගෙඩ්ඩක් පිපිරුවහම ඇට දස අතේ විසිවෙනව වගේ අපිව කඩ දොරෙං එලියට විසිවෙනව. එතකොටම පිටිපස්සෙ හිටපු වලිකාරයා සෙනග පෙරලගෙන ඉස්සරහට පැනලා ඉස්සරහ පේලියෙ හිටිය මිනිහගෙ බෙල්ලෙං අල්ලගෙන පොදිය පිටිං මහපාරට විසිවෙනව. ඒ දෙන්නගෙ සරොං කැඩිල වැටෙනව. දෙමල චිත්තරපටිවල වගේ කොයිතරං ගහගත්තත් ලිහෙන්නෙ නැති වෙන්න සරං අඳින්න අපේ අයට බෑ. ඒ හංදා වලියක් පටං ගන්නෙම වලිකාරයංගෙ සරොං ලිහිලා ඉන පල්ලෙ හැලීමෙං. ඒ වෙලාවට තනි අතිං සරම අහුලන ගමං දෙන්නම අනික් අතිං ගහගන්නව. ඒ අතරෙ බැණගන්නවත් එක්ක.


"තෝ...තෝ ....තෝ....තෝ... කිව්ව නේද බොල..ඈ..."

අතිං හරි අතේ තියෙන ආවුදෙං හරි ගහනව ඇරෙන්න පයිං ගැහිල්ලක් කෙරෙන්නෙ නැති තරං. නිසියාකාරව පුහුණුවක් නැති හංදා ඒ අතිං ගහන පාරවල් වදින්නෙත් දුරාවාරෙ. එහෙම පාරක් වැදුනම

"තහ්. තොහ්."

"කිවුහ් තබ් තොක්"

"තක්"

"චක්"

වගේ සද්ද ඇරෙන්න චිත්තරපටිවල වගේ "දෲෂෘ", "බෲහූ" වගේ සද්ද ඇහෙන්නෙ නෑ. ඉඳල හිටල හරි පයිං ගැහුවොත් ඒකෙං වෙන්නෙ පයිං ගහපු කෙනාම බිම ඇදගෙන වැටෙන එක. 

"අනේ කවුරුඅරි මේක බේරන්නකෝ"


"අනේ මේ ළමයිංගෙ තාත්තව බේරගන්නකෝ"


ඉස්සරහ පේලියෙ වලිකාරයගෙ බිරින්දෑ බෙරිහං දෙනව. 

කොයිතරං භයානක වෙලාවක උනත් තමුංගෙ මනුස්සයගෙ නම කියලවත් නැත්තං "මගේ මනුස්සයා", "මගේ ස්වාමිපුරුෂයා", "මගේ ගෙදර එක්කෙනා" කියල තමුන්ගෙ සැමියව හඳුන්වන එක අපේ ගමේ කාන්තාවන්ගෙ සිරිත නෙවෙයි. එහෙම කියනවනං ඒක විලිලැජ්ජ නැතිකමක් කියලයි වයසක ගෑනු අය කියන්නෙ.  ඒ වෙනුවට "ළමීන්ගෙ තාත්තා" , "මුංගෙ තාත්තා" කියල තමයි තමුංගෙ ස්වාමිපුරුෂයව හඳුන්වන්න ඕන.  ඒක තමයි සීලාචාරකම.


ඒ කෑගැහිල්ල තුට්ටුවකටවත් ගනං නොගන්න වලිකාරයො දෙන්න සරොං නැතුව කමිසෙත් බොත්තං කඩාගෙන ලංකට් පිටිං රණ්ඩුවෙනව. තප්පර දෙක තුනෙං ඒගොල්ලංගෙ නෑයො, යාලුවො, අඳුරන අය, ඒ අයගෙ අඳුරන අය, යාලුවො එහෙම එකතුවෙලා මහ ගෝරියක් ඇදෙනව. චන්දරෙ මාමත් සරම කැහැපොට ගහගෙන


"පොඩ්ඩක් බලමු මොකද්ද කියල"


කියාගෙන ලැහැත්ති වෙනව. 


වලියක් යද්දි ඒක ඇහෙන පේන මානෙ ඉන්න පිරිමි හැමෝම ඒකට සහභාගි වෙන එක අපේ සිරිතක්. නැත්තං පස්සෙ දවසක ඒ ගැන වෙනිං තැනක කතාවෙද්දි වලියට නොගිය අයව හෑල්ලුවට ලක්වෙනව.


"අච්චර අර සෙනග ගොඩක් ගෝරියක පැටිල්ලා ඉද්දි සෝමය හිමීට මගෑර්ලදාල ගියා"


"ඕකුං ඔහොම්ම තමයි. ඉස්සෙරිං ඉඳම්ම බයගුල්ලො"


"ඒකනෙ ඕකුන්ට මොකක්වත් වෙච්චිකොට කවුරුවහ්ම නැත්තෙ"


ඒ හංදා වලියක් යද්දි අතට අහුවෙන ලාඩප්ප පොල්ලක්, ටෝච්චෙකක්, ගල් ගෙඩ්ඩක්, කොහුමිටක්, වගේ දෙයක් අරගෙන එහෙම නැත්තං පොල්ලක් ගහකිං කඩාගෙන, වැටකිං ගලෝගෙන හරි පිරිමියෙක් වසයෙන් වලිය මැද්දට පනින්න ඕනි. සමහර වෙලාවට තමුංගෙ අතේ තියෙන වෙනිං උපකරණයක් උනත් මේකට ගන්න පුළුවනි. බොහොම දරුණු චන්ඩි නං මේ වගේ වෙලාවට උල් පිහියක් අරගෙන වලිය මැද්දට පැනලා තමුංගෙ හතුරන්ගෙ බඩගෙඩි හිල් කරනවා. 


එක ගමනක් අපේ ගෙදර අයත් ඈඳලා අපේ ගෙවල් මණ්ඩියෙ පැතිරිලා ගිය කේලමක් හගිස්සවන වෙලාවකදි අපේ තාත්තත් කම්මලට ගිහිං එන ගමං අහම්බෙන් එතැන්ට කඩා වැදුනා. ඒ වෙලාවෙ තාත්තගෙ අතේ තිවුණෙ ඊට කලිං සතියෙ අම්මා ළිඳෙං වතුර ගේන ගමං ගලක් පල්ලෙ වැටිලා බිම වැදිල හිල්වෙච්චි ඇල්මේනියං කලගෙඩිය. ඒක කම්මලේ බාස් උන්නැහැ මොකද්දෝ විපිරියාසයක් කරලා පාහලා අලුතිං තින්ත ඩිංගකුත් ගාලයි දීල තිබුනෙ. හරියටම ඒ අපේ දැතිහුලස් නැන්දා අපේ අම්මට දොරවල් දහයකට කියන නමක් කියලා බැන අඬගහන වෙලාව. අන්න ඒ වෙලාවෙ අලුත පාස්සපු කලගෙඩියත් අරං නැන්දගෙ පිටිපස්සෙං මතුවෙච්චි අපේ තාත්තා කලේ කට දෑත බදල අල්ලගෙන නැන්දගෙ කොන්දට කලගෙඩියෙ බඩෙං පාරක් දුන්නා. ඒ වගේම තැඹිලි ගෙඩි ටික කපාගෙන කඩේ මිදුලෙ අහක විසිකරල තිවිච්චි තැඹිලි ඉත්තක් අරගෙනත් උන්දෑ දවසක් වලියක් මැද්දට පැන්නා.  

Google image - කලයක්

ඒ වුනාට චන්දරෙ මාමලගෙ නැන්දා චන්දරෙ මාමට වලිය මැදට පනින්න දෙන්නෙ නෑ. 


"මෙන්න මේ ළමය තියාගෙන ඉන්නව"

කියලා නෝනක්කව චන්දරෙ මාමගෙ අතට දෙනව. රටේ තියෙන ඕනම පණ නැති දෙයක් අරගෙන වලියක් මැදට පැනලා ඒක ආවුදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවං උණාට අංගවිකල හුලං බබෙක්ව කඩුව වගේ අල්ලගෙන ඉන්න පණ තියෙන ළමයෙක්ව එහෙම පාවිච්චි කරන්න බැරි හංදා චන්දරෙ මාමා සරම පාත දාගෙන නිහඩ වෙනව.





53 comments:

  1. අන්න යාං හෑල්ලෙ තොරනෙ අලුත් එකක් දාලා..(මං හස්බන් ට කිව්ව)
    ආ දාලද? එහෙනම් ඉක්මනට ගිහින් කොමෙන්ට් එකක් දාන්න...
    ඔන්න දැම්ම..අපි හැමදාමත්..යංහෑල්ල.. කියවනව..විශිෂ්ඨයි..
    ඔබට ජය..!

    ReplyDelete
  2. ප්‍රසන්නයියා මේ ගැන විස්සෝප වනු ඇත. ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හා හා..හස්බන්ඩ් බොහෝ සතුටු වනු ඇත..අපි දෙන්නම හැමදාම යාං හෑල්ල කියවනව..අපි නිතරම කතා වෙනව ඇයි මේක තාම පොතක් විදියට දකින්න බැරි වුනේ කියල..මේ විදියට ලියන්න හැමෝටම බැහැ..ඔබේ ලිවීමෙ හැකියාව පුදුමාකාරයි..ස්තුතියි. ♡♡

      Delete
    2. නියෝඡිතයන් එවා ස්ථාන වෙන් කර ගැනිම හෙලා දකිමි හිටං..

      Delete
    3. ශාලිනි හංසකා, මං කවදාවත් පොතක් නම් ලියන එකක් නෑ. හැබැයි මෙව්වා එකතු කරලා EBOOK එකක් හදලා කාටත් ඕනනම් නොමිලෙ ඩවුන්ලෝඩ් කරලා කියවගන්න ක්‍රමයක් හදන්න නං කැමතියි

      Delete
    4. තරිඳු,
      හෙලා දැකීමෙන් බිම බලන්නට වනවා ඇත.

      Delete
    5. මේක තේරුං ගත නොහැක.

      Delete
  3. උඹත් දැං අර 'තිනා' වගේ හංවඩු ගහන්න පටං ගත්තද? තව ටික දවසක් යනකොට පිංතූරෙ මැදත් හංවඩුව වැටෙයි ද?

    ReplyDelete
    Replies
    1. නැතිනම් බෑ. මේවා පිටපත් කරලා ලක්ෂ ගණනින් මුදල් උපයන වංචනිකයින්ගෙන් අපගේ කලාව රැකගත යුතුයි.

      Delete
  4. බැලු කාරය ඔහොම ළමයි හදන එක ගැන විසේස පරීක්ෂනයක් කරන්නය කියල ෆැමිලි ප්ලෑනින් එකට පෙත්සමක් ගහපං.

    ReplyDelete
  5. අදනං ‍තොරණ ගැන සෑහෙන විස්තරයක් තියෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි හැමෝටම අභ්‍යන්තරය පෙනෙන්නෙ නැහැ.

      Delete
    2. සමා වෙන්ඩෝනෙ මේක මෙතන දැම්මට.... මෙන්ඩ අයියගෙ කතවෙ ඉතුරු ටික දාල තියෙනවද කියල කව්රු හරි දන්න පිංවතෙක් ඉන්නව නම් කරුණා කරල කියන්න පුලුවන්ද....

      Delete
  6. යහන් හෑල්ල කියවීමෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල prasa ගේ රිමෝට් එක ගැන ඉඟියක් ලැබීම

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්..
      මූට තාම පණබය කියල එකක් තියෙනව මයෙ හිතේ.

      Delete
    2. ඔබගේ කමෙන්ටුව පැහැදිලි නැත. අසා සිටි ඔබ සැමට ස්තූතියි

      Delete
  7. මේකනම් තොරණේ විස්තරේම් තමයි . හැබෙයි අනාගතේ නම් මෙහෙම තොරන් ර්හියේවිද දන්නෑ. මොකද ඩිගිටල් තෝරන් ෆෝන් එකෙන් පෙන්වයිද දන්නෑ.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. දැනටමත් ෆ්ලෑෂ් වලින් වැඩකරන තොරන් වෝල් පේපර් තියෙනවා.

      Delete
  8. කටිටිය එන්න කඩු කිනිසි අරවද මෙිවිවද අරගෙන මෙිකෙ දෙකෙන් එකක් විසදගන්න..සුරංග අයියාට තනියම වලිය පාලනය අමාරු වෙන්නයි යන්නෙ..

    එක හොදයි..එවගෙම සසායි...මරැ...

    ReplyDelete
    Replies
    1. ට්‍රේලක් ගෙනත් ඉස්සරහ රෝදෙ උස්සල සෙල්ලමක් දාන්න වෙයි

      Delete
  9. අම්පා මේ තොරණ පෙන්නනකොට අපි බැලුන් බබ්බු හදලා උන්ව මොන්ටිසෝරිත් යයි මයෙ හිතේ. හිතට වැදුනම එක."මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං" ඒක ගැන කියන්න දෙයක්ම නෑ. කතාව රහයි.

    ReplyDelete
    Replies
    1. මේ වසරේවත් බැලුන්කාරයෙක් ලැබේවායි පතමි. නැත්තං මං දන්නා බුකිගත අයියෙක්ව සෙට්කර දෙන්නට හිතාගෙන හිටිමි.

      Delete
  10. අර උඹ කිව්ව කඔරු ඉකෙයා ඉෆෙක්ට් එක මගෙ හිතේ නං තාම තියෙනව

    ReplyDelete
    Replies
    1. මං ඔය නම කියෙව්වෙ කඹරු ඉකෙයා කියලනෙ. මට හිතුනෙම කබරයි වගේ ඔය කඹරුත් දිගැටියි කියල. ඔය කඹරුගෙ කතාව තිබ්බෙ හතරෙ පහේ වගේ සිංහල පොතක. මං ඒක කියෙව්වෙ දෙක වසරෙදි මං හිතන්නෙ. කොහොම හරි අපි ඒ පාඩම අදාල පන්තියට එද්දි ඒ පොත අයිං වෙලා. ඒ පාඩමත් නෑ.

      ඒ පාඩමේ තිබුණ විදිහෙ දුරදක්නයක් අටවන්න පුලුවං විදිහෙ පැතලි ස්ලැබ් එකක් දාපු ගෙයක් කියල මං දැක්කෙ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් ගානක් දුර ගෙදරක් විතරයි. පොලේ ගිහිං එද්දි හැමදාම මං ඒ ගේ දිහා බලාගෙන එන්නෙ. ඒ ගෙදර අයිති කරගන්න මං හිතෙං ගහපු ප්ලෑන් ඒ ගෙදර අයිතිකාරය දන්නවනං ආයි අදවත් මාව ඉතුරු කරන්නෑ.

      දියතලාවෙ ඉන්න කාලෙ ලෙවල් එක අහසට හරෝල හඳ බැලුවට ආයිමත් ආකාසෙ බලන්න දුරදක්නාවක් ගන්න බැරිවුනා. පහුගිය කාලෙ මං අඳුරන ගෙදරක ගිය වෙලාවේ දැක්කා ඒ ගෙදර මිනිහ වෙච්චි ස්වීඩන්කාරයට උගෙ කලිං කසාදෙ දූ ලක්ස ගානක් වටින තාරකා දුරේක්සයක් ගෙනැත් දීල තියෙනව. සුද්දා ඒක ගැන මහ විස්තර ගොඩක් නං කිව්ව. හැබැයි ඌ කැමති උනේ නෑ මං ඒක අල්ලනවට. මං ඒකට කිට්ටු කරද්දිම ඌ කිව්වා "ඕක සුළු සෙලවීමකිං උනත් ඇජස්මන්ට් වෙනස්වෙලා හෙන හෙයියම්මාරුවක් වෙනව" කියල. මං ඒ ගමන පැත්තකට උනා. අපි මොකටද නිකං සුද්දට උණත් දෙකයි වෙන්නෙ.

      Delete
    2. ඔයි දුරදක්නෙයක් අපටත් ගන්ඩ පුළුවං. මේං...
      https://www.space.com/15693-telescopes-beginners-telescope-reviews-buying-guide.html

      මාත් ගන්නව මේ ණයතුරුස් ටිකක් තුරල් උනහම. දැනටම ගෙදර විපක්ෂෙ අනුමැතියට දාල තියෙන්නෙ.

      Delete
    3. මං මේකට රිප්ලයි එකක් දැම්ම, ස්පෑම් වෙලාද දන්නෑ...?

      Delete
  11. ඔය සරම කඩන් වැටිලා "ලන්කට් පිටින්" වලි දා ගන්න සීන් අපිත් පොඩි කාලේ දැකලා තියෙනවා අපේ ගමේ..

    ReplyDelete
    Replies
    1. දැංකාලෙ සරමෙං යන කට්ටිය අඩුයිනෙවැ. හැවෝම කලිසම තමයි අඳින්නෙ.

      Delete
  12. පොතක් ලියන්න ඔනනේ සුරංගම්ල්ර්.
    ගපූර් ගුල්යාම්ගේ (දැදිගම වී රුද්‍රිගූ) මගේ හපන්කම්වලට වඩා හොඳ වෙනවා


    https://www.google.lk/search?q=village+fights+in+gaulish+village&hl=ca&dcr=0&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0ahUKEwiG1sWUvJfXAhVIo48KHUpnDIIQsAQIIw&biw=1366&bih=620

    ReplyDelete
    Replies
    1. ලිව්වයි කියමුකො. ඕක විකිණෙන්නෙ නෑ. නැත්තං ලස්ස හතාටක් වියදං කරල ඕකක් අච්චු ගහන්න බැරියැ. අන්තිමට වෙන්නෙ කරදහි කිලෝ ගාන්ට සටකජුකාරයට දෙන්න.

      Delete
  13. අපේ ගමේ බුවෙක් පොලිස් කාරයෙක් එක්ක වලියක් දාගෙන පොලිස් කාරයා අතින් සරම කැඩුනා. පස්සේ ඌ පොලිස් කාරයාටම කියල සරම අන්දවා ගත්තා. හැබැයි ජීප් එකේ දාගෙන ගියාට පස්සේ වෙච්චි දේ...........
    ..
    ..
    ..
    ..
    අමබානට නෙළුවා කියල හිතුවද?
    ..
    ..
    ..
    ..
    නැහැ එහෙම උනේ නැහැ.
    ..
    ..
    ..
    ..
    පහුවදා යහතින් ගෙදර එවල තිබ්බා.
    ..
    ..
    ..
    ..
    පස්සේ බලනකොට පොලිස් කාරයා මුත් එක්ක එකට කසියා ගහන එකෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙනං වලිය යන්නැත්තෙ කසිය පැකැට්ටෙක බෙදාගන්න බැරුව වෙන්ටැති.

      Delete
  14. Replies
    1. බැන්දත් හරිය කසුනා...
      ගිය අතක් කොහෙද නොමැතා...
      උගෙයත ගත්තු අඟනා...
      එළ එළය යැයි කොමෙන්ට් දමනා...

      Delete
  15. රොටියා හා ගෑනු ළමයා බලා උන්නේ ශ්‍රාංග ඊළඟ කතාව ලියන තුරුය. දැන් පොත් ලියනවා යයි කියා ගන්නා බක පණ්ඩිතයන්ගේ මලදාන වලට වඩා මේ ලිපි තියෙන්නේ හෙන ඉදිරියෙන්ය. කියවන විට චිත්‍රපටයක් බලනවා ලෙස හැගෙන්නට ලියන්න හැමෝටම බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔය තරං උඩ දැමීමෙන් මාව අබ්බයාවකාසයට ගසාගෙන ගොස් අබ්බගාතගාමියෙක් වන්නට හැකිවනු ඇතැ.

      Delete
  16. දොරවල් දහය මොකක්ද බොලේ එ අමුතු කුනු හබ්බෙ??????

    ReplyDelete
    Replies
    1. දහය නම් "දහ". දොරවල් නම් "දොරා"

      Delete
    2. ඕක 'දහ දොරා' නෙවෙයි 'දහ දුරා' නේද.. දුරාව නම් වූ (අඩු)කුලය තවත් ඒ වගේ හීන කුල නවයකට එකතු කරලා ඔහොම 'ආශ්‍රය කරන්න වටින්නේ නැති' 'හීන කුල දහයක්' සමඟ ආශ්‍රය කිරීමෙන් පරිභවයට ලක්වූ තැනැත්තෙකුට තමයි ඔයාකාරයෙන් 'දහදුරාවේ ගිහින් ආපු එකෙක්/ එකියක්' කියල අවමන් කරන්නේ.. ඒ කාලේ ඒක බරපතල අවමානයක් ලු.. තව සමහරවෙලාවට ඕකම 'දහ-පදු-දුරා' කියන තේරුමෙන් 'දහපත්දුරා' කියලත් කියනවා.. පදු කියන්නෙත් තවත් හීන කුලයක්..

      Delete
    3. ඔව්වා පුංචි අපේ කංවලට ඇහිච්ච හැටි තමා මං ඔය ලියල තියෙන්නෙ. ඒ විදිහට මං හිතාගෙන හිටියෙ දොරවල් ගාන වැඩිවෙන එකත් නින්දාවට ලක්වෙන කාරණාවක් කියල. කොටිම්ම අපේ ගෙදර දොරවල් දෙකක් විතරක් තිබීම ගැන මං සන්තෝසවුනා.

      Delete
  17. සුද්දන්ගේ තොරණක් අසලින් ඇසුනු ගීතයක්

    https://youtu.be/kWbMikrZ91U

    ReplyDelete
    Replies
    1. සුනිල් පෙරේරා මේක කොපි කරල නේද?

      Delete
  18. තොරණ දැන් ඇති බං
    වෙන එකක් පටන් ගනින්

    ReplyDelete
  19. අපරාදෙ අරක ඇතුලෙම ගහගන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. එව්ව මෙහෙම ප්‍රසිද්ධියෙ කියන එක හරි මදි නෙහ්?

      Delete
  20. ඔන්න අද ඔක්කොං ටික එක පර කියෙව්වා යන්තන්. නියමයි සුරංග මල්ලි.

    ReplyDelete