Follow by Email

Sunday, August 20, 2017

තොරණ හෙවත් Pandol-3

තොරණ 1
තොරණ 2


ඔය අතරෙ බීටියෙස් එකේ දළු ලොරිය එනව. ඒකත් සෙනග පහුකරල ගිහිං නවත්තනව. ලොරියෙ මහත්තය ඔලුව එලියට දාල සෙනග දිහා බලනව. එතකොට එතන ඉන්න කමල නැංදයි උන්දැගෙ දුවයි මනුස්සයයි තුන්දෙනාම ලොරිය ගාවට යනව. ලොරියෙ මහත්තය බිමට බැහැල කමල නැංදව පලවෙනියටත්, උන්දැගෙ දූව දෙවනියටත් ලොරියෙ ඉස්සරහට නග්ගගෙන ඉං පස්සෙ තමුනුත් නගිනව. කමල නැංදගෙ මනුස්සය ලොරිය පිටිපස්සෙං නැගල, දළු ගෝනි අට්ටිය උඩ ඉඳගෙන විට මල්ල දිගෑරගන්නව. ලොරියෙ ගෝලයත් එයාගෙ විට මල්ලට හවුල් වෙනව. එතකොට ලොරිය පිටත්වෙලා දුං වලාවක් ඉතුරු වෙනව. සෙනග අතරෙ ඉන්න ගෑනු අයගෙ කටවල්වලට පණ එනව.


"දැක්කද නිකං උංගෙ ලොරියක් වගේ නැගල ගියෑටි. මෙච්චෙල්ලා කතා කොර කොර හිටිය අපිත් මතක නැතිවුනා ලොරිය දැක්ක ගාං. "

"ඔය කෙල්ල ලොරියෙ මහත්තය එක්ක ලැහැත්තිලු. අම්මණ්ඩි ඩැයිබර එක්ක ලැහැත්තිලු"

"හැබෑට"

"දැක්කෙ නැතෑ අම්මණ්ඩි ඩයිබරයට හේත්තුවෙලා ගියා කෙල්ල මහත්තෙයෑ ඔඩොක්කුවෙ ගියා"

"අර උසාවියෙ වැඩ කොන්න දයානංද මල්ලි දැක්ක කිව්වෙ ඕකුං සත්තපුරේ චිත්තරපටි හෝල්ලෙකෙං දොට්ට බහිනව හිටං. කෙල්ලයි මහත්තෙයැයි වෙනමලු ඩැයිබරයැයි මහ අම්මණ්ඩියි වෙනමලු"

"මිනිහට වගක් නැති හැටි අම්ප"

"ඌට ඉතිං බොන්න ඩිංගක් ඇහ්නං මදෑ"

"අනෙයම්ප අපේ මිනිස්සු එහෙම උනානං අපිව තඩි ගහලම මරයි"


ඔය විදිහට ඒ පවුලත් පතුරු ගහන අතරෙ තව කට්ටියක් ඒවයෙං අකුරක් නෑර මතක තියාගන "හුම්" කිය කියා ඉන්නෙ පස්සෙ දවසක කමල නැංදව හම්බුනාම

"එදා පාලම ගාව ගෙදර ලොකුවක්කා කිව්වනෙ මෙහෙම කතාවක්"

"අර දයානංද මල්ලිත් මේ යසට ඉන්න කෙල්ලටයි කාටවක්කක් කරදරයක් නැති අක්කටයි පදයක් හදල තියෙන්නෙ"

"අනේ මං නං ඔව්ව විස්සාස කොලේ නෑ"

"වැඩියක්ම ඔව්ව කිව්වෙ කරුනෑ පවුල තමා"

"අනේ අක්ක ඔව්ව අහන්න යන්නෙපා. මං කිව්වයි කියලනං කියන්නත්තෙපා ඔන්න"

ආදී වසයෙං කියල උන්දැගෙ නූලට ගිනි තියන්න. මෙව්වා අහං ඉන්නකොට අපේ කං අලිකං වගේ වෙන එක නවත්තන්න අමාරුයි.

“චිත්‍රපටි බලන්න යන්න හොඳ නැද්ද අම්මෙ?“

මං අම්මගෙං අහනව.

“වහක්කට, ගහත්තොගෙ කට කල්ල විසිවෙන්න“

අම්ම මගෙ කට දෙපැත්තෙං අල්ලල මිරිකනව.

“බ්‍රිහියෑ.........ං...........“

සෙනග හැමෝටම ඇහෙන්න මං මගෙ ඇඬිල්ල පටං ගන්නව. හැමෝම මගෙ දිහා බලනව.

“මොකදක්කෙ ලමෙයඬන්නෙ“

හත් අට දෙනෙක්ම අහනව.

“මොකොවහ්නෑ මේ නිකං“

අම්ම බොරුවක් කියල හිනාවෙලා මගෙ පැත්තට හැරිලා මගෙ කකුල පාගනව.

“වහක්කට. නැත්තං හොස්ස තල්නව දැනගං“

අම්මගෙ තර්ජනේට මං සැලෙන්නෑ.


“මගෙ කකුල පාගන්නෙපායකෝ......“


හැබැයි ඒ සද්දෙ කාටවත් ඇහෙන්නෑ. ඊට උඩිං වී මෝලක සද්දෙ ඇහෙනව.

“ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  ගඩ  .............................“

හැමෝම ඒ සද්දෙට කං දික්කරද්දි කටවල් ඉබේම වැහෙනව. ඒ සද්දෙ ඇහෙන්නෙ අයිස් කිරිං වෑන්නෙකෙං කියලා හිතන පොඩි ළමයි අම්මලගෙ අතේ තියෙන පෝස්සෙක දිහා බලනව. මනුස්සයෙක් බුලත්විට කවරෙ සාක්කුවෙං අරං විටට කලමනා එකතු කරලා මදිවෙලා තිවුන දුංකොළ කෑල්ලක්, පුවක් කෑල්ලක් එහෙම කාගෙං හරි ඉල්ලගෙන විටක් හදලා කටේ දාගෙන විට කවරෙත් සාක්කුවේ දාගෙන පලවෙනි විට කෙල පාර ගහන්න තරං වෙලාවක් ගියාට පස්සෙ වීමෝල් සද්දෙ අපි ඉන්න කිට්ටුවට එනව. ඒ තමයි උලුමඩුවෙ ගෙදර ලෑම්මාට්ටරේ. ලලිත් මාමා ඒකෙ ඉස්සරහ හරහට දාපු ලැල්ලෙ මැදිං ඉඳගෙන ලෑම්මාට්ටරේ දෙපැත්තෙ අඬු දෙකෙං අල්ලගෙන ඉන්නව. එයාට දෙපැත්තෙං ලැල්ලෙ ඉඳං ඉන්න දෙන්න මාරුවෙං මාරුවට පාරට ටෝච් එළිය අල්ලනව. ලෑම්මාට්ටරේ ඉස්සරහ ලයිට්ටෙක තියෙන්න ඕනි තැන කලු කුඹලක් විතරක් තියෙනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙං එල්ලිල එන සුරුට්ටු පෙට්ටිය වගේ එකේ ඇන්ද දෙපැත්තෙ පිරිමි අය ඉඳං ඉන්නව. තව පවුල් දහයක් පහලොවක ගෑනු අය පන්සලේ බෝධි පූජාවට ගියා වගේ මැද හරියෙ බිම  ඉඳගෙන ඉන්නව. ඒ අයගෙ ඔඩොක්කුවල ළමයිනුත් දුසිමක් විතර ඉඳගෙන ඉන්නව. අයගම පාර දිගේ ආපු ලෑම්මාට්ටරේ 'ග' යන්නයි 'ඩ' යන්නයි මැද්දට හල් අකුරක් දාලා සද්දෙ වෙනස් කරගෙන මානාන පාරට හැරෙන්න ලැහැත්ති වෙනව.


"ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ   ගඩ්ඩ................................."


වංගුව සැර වැඩි හංදා ලලිත් මාමට දකුණු පැත්තෙං ඉන්න එක්කෙනා බිමට පනිනව. ලලිත් මාමත් අඬු දෙකෙං අල්ලගෙන දකුණු පැත්තෙං බිමට බැහැලා දෑත බදලා ඇදලා ලෑම්මාට්ටරේ බෙල්ල මානාන පැත්තට හරවන්නෙ පොල්ලත්තෙ ආත අයින කොටියව ගෙදර ඇදං යනව වගේ . ලෑම්මාට්ටරේ හොටේ බිම ඇනෙන ගාන්ට බිමට නැමිලා බෙල්ල වම් පැත්තට හරෝනකොට වම් පැත්තෙ හිටපු එක්කෙනත් බිමට පනිනව. ලෑම්මාට්ටරේ පිටිපස්සෙ හිටිය අයගෙනුත් පිරිමි හත් අට දෙනෙක්ම බිමට පනිනව. එයිං කාණ්ඩයක් දර්මසේන මාමෑ කඩේට දුවනව. තව කාණ්ඩයක් ගුණසේකර මාමෑ කඩේට දුවනව. ලෑම්මාට්ටරේ වංගුව හරෝගෙන බෙල්ල කෙලිං කරගෙන දිගටම යනව. ලලිත් මාමා ආයිමත් ලෑම්මාට්ටරේට ගොඩවෙලා ලැල්ලෙ මැදිං ඉඳගන්නව. ගුණසේකර මාමගෙ කඩේට ගිය අය සිකරැට් අරං පත්තු කරගෙන එනව. කඳු උඩ ගෙවල් තියෙන අය ආපහු ගෙදර යද්දි ඕනවෙන ඉටිපංදං ගිනිපෙට්ටි එහෙම අරං එනව. ඒ අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගින්න යද්දි මැදහරියෙ ඉඳං ඉන්න ගෑණු අයත් කෑ ගහනව.


"අනේ මල්ලියෙ මට ඩිස්පිං පෙති දෙක්කුයි හැට්ටකට්ටකුයි ගෙනද්දියංකො. හැට්ටෙට ගහං හිටිය දොඩං කට්ටත් කැන්න. හිටාං සල්ලි දෙන්න"


එයා සායෙ ඉනේ ඉලස්ටික් පටිය අස්සෙං ගහල තියං ඉන්න පෝස්සෙක ඇදල අරං සල්ලි කොලයක් අතට අරගෙන කඩේ යන කෙනාට දෙනව. ලෑම්මාට්ටරේ දිගටම යනව. දර්මසේන මාමගෙ කඩේට ගිය අයත් දර්මසේන මාමා වෙව්ල වෙව්ලා ලාච්චුවට අත දාගෙන සිකරැට් ටින්නෙක හොයනකං කඩේ ඉස්තෝප්පුවට වෙලා බලා ඉන්නව. ලෑම්මාට්ටරේ නවතින්නැතුවම යනව. ඒ අතරෙ ලෑම්මාට්ටරේ ඉන්න අය බස් හෝල්ටෙකේ ඉන්න අයට කතා කරනව.


"යංඅක්කෙ මේකෙම නැගල. මේ ඉඩ තීන්නෙ. පොඩියෙකා මයෙ ඔඩොක්කුවෙ තියාගන්නං."

"අනෙබෑ නංගියෙ මම්බස්සෙකේම එන්නං. මේ අනිත්තෑයත් ඉන්නොවනෙ"

"ඉතිං ඔය කොහෙ කොහෙ හරි එල්ලිල යං."

"අනෙ බෑ නංගියෙ අපි වෙනිම්මොහොක හරි නැගල එන්නං"


ඒත් ලෑම්මාට්ටරේ දිගටම යනව. ඒ අතරේ කඩේ ගිය අය ආපහු ඇවිල්ල ලෑම්මාට්ටරේට නගිනව. ලෑම්මාට්ටරේ ඒ වේගෙම්ම යනව. ඒ අතරෙ හෝල්ටෙකේ හිටපු කොල්ලො දෙන්නෙකුත් ගිහිං ලෑම්මාට්ටරේ පිටිපස්සෙ ලැල්ලෙ දාරෙ උඩිං ඉඳගන්නව. තවත් පැය බාගයක් විතර යනකං ලෑම්මාට්ටරේ සද්දෙ ඇහෙනව.


"ඒකෙ ගිහිං නං තොරණ බලන්න වෙන්නෙ හෙට උදේට තමා."

"ඒකයි මාත් නොගියෙ"

"පයිං ගියානං ඔයිට ඉස්මනට යන්න තිවුන"

"ඔව් හැබෑට ඉස්සර අපි සත්තපුරා ගිහිං පෙරෑර බල්ල එද්දි කාණ්ඩෙත්තෙක්ක එක පැයෙං එනව මානානෙ ඉඳම් පයිං"

"යංදම්ප පයිං ඔන්නොහෙ"

"බස්සෙකක්කාවොත් නගින්න බැරියැ"

"මේ පොඩියෙවුවොත්තෙක්ක බෑනෙ. මුන්ට කකුල් කඩිත්තුව හැදෙනවනෙ. අනික්ගාන මුංවත් උස්සං යන්න වෙන්නෙ."

ඔය විදිහට කතාවෙං පස්සෙ එතන ඉන්න පිරිමි කීපදෙනෙක් පයිම්ම ටවුමට යන්න පිටත්වෙනව. ඒ ගොල්ලොත් සෑහෙන දුරක් ගියාට පස්සෙ බලාහිටල එපා වෙච්චි කීප දෙනෙක්

"අනේ ඔය බඩකඩිත්තුව බල්ල වැඩහ්නෑ"

කියල තොරණටයි, බස් අයිතිකාරයින්ටයි, ඩිපෝ එකටයි, තොරණ හදපු කෙනාටයි හැමෝටම බැනලා තොරණ බලන්නම ඕන කියලා බෙරිහං දෙන තමුංගෙ ළමයින්ගෙ කං කෙටිත් මිරිකලා උංවත් ඇදගෙන ගෙදර යනව.

අන්තිමට වම්පැත්ත පාත් වෙච්චි ඉස්සරහ එක ලයිට්ටෙකක් විතරක් පත්තුවෙන එකැස් කන තනිදොරේ බස්සෙකක් එනව. හැමෝම පාරට පැනල කෑගහල බස්සෙක නවත්තගන්නව. බස්සෙකේ ඩයිබරයි කොන්දොස්තරයි දෙන්නම බෙරිහං දෙනව.

"බෑ බෑ මේකෙ තව නගින්න තැනක් නෑ. මේ පේන්නැද්ද"

අපි ඒ මොනවත් අහන්නෑ. අම්මා මාව බෙල්ලෙං අල්ලගෙන ගිනිපෙට්ටියට ගිනිකූරක් දානව වගේ  බස්සෙකේ දොරේ ඉන්න සෙනග පොදිය අස්සට මගෙ ඔලුව ඔබනව. ඉං පස්සෙ මාව තල්ලු කරන ගමං ඇතිවෙන හිඩස අස්සෙං අම්මත් රිංගනව. මාත් අතට අහුවෙන දෙයක් අල්ලගෙන නොවැටි ඉන්න බලනව.

"ඔය... මගෙ සරොං කෙටියෙ එල්ලෙන්නෙපා ළමෙයො"


එක මිනිහෙක් කෑගහනව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ නැංදා අයියවයි, අක්කවයි බස්සෙකට නග්ගලා කෑ ගහනව.

"අනේ මගෙ ළමයි දෙන්නා.... මාව දාල ලමයි දෙන්නව අරං යන්නෙපෝ"


බස්සෙක සැරදාලා යන්න හදනව. චන්දරෙ මාමලෑ නැංදා විලාප තියනව. ඒ ගමන බස්සෙකේ ඉන්න සෙනගෙං බාගයක් තරම එක සැරේ කෑ ගහනව.


"හෝව් හෝව් වෝව්."

"පොඩ්ඩක් ඉන්ඩෝ"

"තව යන්නෑය ඉන්නෝ"


ඔය විදිහට පවුලෙ එක්කෙනෙක් හරි බස් එකට රිංගගත්තු ගමං බිම ඉන්න එයාගෙ හත්මුතු පරම්පරාවම පවුලේ අවමංගල්‍ය උස්සවයකදි වගේ බිරුසන් දෙනව. ඔය විදිහට ලෑම්මාට්ටරේකිං හැතැප්මක් විතර දුරක් යන්න පුළුවං තරං වෙලාවක් දඟලලා සෙනග ගිලලා බඩගෙඩිය මහත්වෙච්චි බස් එක මගුල්ගෙදර කෑම මේසෙං නැගිට්ට කෙනෙක් වගේ තනි ඇහෙං පාර බලාගෙන  යන්න පිටත්වෙනව. බස් එක ඇතුලෙ වහලෙ හයිකරල තියෙන කාකටු පෙට්ටි වගේ එව්ව ඇතුලෙ පත්තුවෙන බලුප්වලිං යංතං එලියක් විහිදුනාට මනුස්සයෙක් අඳුරගන්න ඒ එළිය මදි. ඒ හංදා සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔඩොක්කුවල, සීට් පේලි අතරෙ අඩුක් කරල ඉන්න ළමයි අම්මල හොයාගන්න බැරුව බෙරිහං දෙනව. බස්සෙකේ හිටං ඉන්න පිරිමි සමහරු සැරිං සැරේ සීට්වල ඉඳං ඉන්න අයගෙ ඔලුවලට උඩිං දෙකට නැමිලා ඔලුව දික්කරලා ජනේලෙං ඔලුව දාලා "ප්පෲවැහ්" කියල විට කෙල පාරවල් ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කීප දෙනෙක් පිටිපස්සෙම තහඩුවට "දල් දල්" කියලා තලන ගමං සිංදුවක් කියනව. ඒ අතරෙ කොන්දොස්තර


"ටියට් ගන්න. ඔයි ටියට් ගත්තෙනැතියය ටියට් ගන්න. ඉස්ස්‍රා පයිස්කෝට්ටින්නවා."


කියල මිනිස්සු බය කරලා සල්ලි දෙන්නැති අයගෙං සල්ලි ගන්න හදනව. ඊළඟට පාර අයිනෙ සෙනග පොදිගැහිල ඉන්න තැනක් දකිනකොට කොන්දොස්තර කෑ ගහනව.


"නවත්තන්නෙපා...... යයියයියං"


ඒ වුනාට මිනිස්සු පාරට පැනල බස්සෙක නවත්තගන්නව. කොන්දොස්තර බෙරිහං දෙනව.


"බෑ බෑ බෑ බෑ... කිව්වං අහන්නකො. ඇඟිල්ලක්ගහන්නවක්කත් ඉඩ නෑ. පස්සෙං බස්සෙයක් එනව. ඒකෙ එන්න."


ඒ වුනාට මිනිස්සු එව්ව අහන්නෙ නෑ. ඉන්න අයගෙං හීනිම කෙනෙක් රිංගවල ඒ පස්සෙං ටිකෙං ටික මහත අයත් නගිනව. ඔය විදිහට වැඩිදුරක් යන්න කලිං අපිට ලෑම්මාට්ටරේ හම්බුවෙනව. ඒක කැඩිල. ලලිත් මාමයි තව කීප දෙනෙකුයි ඒක හදනව. ලෑම්මාට්ටරේ ආපු සෙනග බිමට බැහැල හිරි අරිනව. බයිසිකල්වලිං යන අය, පයිං යන අය එහෙම පහුවෙනව. තීවිල් ටිකයි දලු ලොරියයි පහුකරගන්න බැරිවෙනව. අන්තිමට බස්සෙක ටවුමෙ ඔරලෝසු කනුවටත් මෙහායිං නවත්තනව. 


"මෙතනිං බෑගන්න." 

කොන්දොස්තර ආයිමත් කෑ ගහනව. බස්සෙකේ පිටිපස්සෙම ඉන්න කෙනාගෙ ඉඳං හැමෝම එක සැරේ බස්සෙකෙං බහින්න පොරකනව. 


"කකුල් පාගන්නෙපා"


"තල්ලු කොරන්ඩෙපා ඕයි"


"පුතේ... ළමයෝ... වරෙං බහින්න"


"අනේ... මගෙ සෙරෙප්පුව...."


"අනෙයම්මේ.... හ්‍රී...........ං"


"අා.....ව් මගෙ කරාබුව...."


කකුල් පෑගිච්ච අය, ළමයි හොයන අය, අනුංගෙ කොණ්ඩෙ තමුංගෙ කරාබුව පටලගත්තු අය, හැමෝම බස්සෙක ඇතුලෙ කෑ ගහද්දි. බිමට බැහැපු කොන්දොස්තර දොරගාව ඉඳං බස්සෙකෙං බහින අයගෙං සැක කටයුතු අය අල්ලනව.


"සල්ලි දුන්නෑ නේද?"

"දුන්න"

"කෝ ටියට්ටෙය"

"ටිකැට් දුන්නෑ"

"බොරු කියන්නෙපා. බොරු නොකිය සල්ලි දෙනව"


සමහරු නං


"පෝස්සෙක අරගන්නවත් ඉඩක් තිවුන්නෑ"


"ටිකැට් දෙන්න පිටිපස්සට ආවෙනෑ"


කියලා ඇත්තම කියලා කොන්දොස්තරට සල්ලි දෙනව. එයා ඒවට ටිකට් දෙන්නෑ. මං සෙනග පොදිය එක්කම බිමට විසික්වෙලා ගිහිං වටපිට බලද්දි සෙනග අස්සෙං අම්මගෙ අත ඇවිල්ල මාව ඇදල ගන්නව. අපි බස්සෙකෙං එහාට වෙලා නැංදයි ආච්චම්මයි, චන්දරෙ මාමලෑ ගෙදර අයයි බහිනකං බලා ඉන්නව. ඒ කවුරුවත් බස්සෙකෙං බහින බවක් පේන්නැති හංදා වටපිට බලපුවාම ඒගොල්ලනුත් ටිකක් එහාට වෙලා අපි එනකං බලා ඉන්නව පේනව. 





68 comments:

  1. Replies
    1. කොටු දාන්නෙපා. මේව හැවෝටම බලන්න පුළුවං

      Delete
  2. කොළඹට කිලෝමීටර 20 ක් 30 ක් ඈතින් හිටියට අපිත් බොලා වගේම කට්ටක් කෑව, මේ බස් කෙරුවාව කියනවනකං මට මතක් උනේ ඒක :)

    ReplyDelete
    Replies
    1. දැනටත් බස්සෙකක් කොළඹීන් පිටවෙන්නෙ ළමෙක් හම්බුවෙන්න තරං දහදුක් විඳලනෙ

      Delete
  3. යකෝ ලෑම්මාස්ටරේක ගියානං අපිට අදවත් තොරණ බලාගන්න තිබ්බ හිටං.

    ReplyDelete
    Replies
    1. බලලා එන්නත් තිබ්බ

      Delete
    2. මාස්ටරේ නෙමෙයි මාට්ටරේ.

      Delete
  4. උඹේ ලෑම්මාස්ටරේ හැසිරිවීමෙ කතාවනං මරු.
    සංඛපාල පෙරහැර බලන්න ගිහිල්ල තමයි මමනං ඔහොම බස් එකක ටිං උනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා උය කෙයි ?

      Delete
    2. ගමි පලාත කෙහෙද ? කියලා ඇහුවෙි හිටං...

      Delete
    3. එකනෙ එකනෙ මෙි සංඛපාල,ඇඹිලිපිටිය ගැන කතාව..මන් ඇඹිලිපිටියේ...

      Delete
    4. මධුසංක මලෙයා, බෝත් සබරගමුවෙයි?

      Delete
    5. නැතුව නැතුව සුරංග අයි⁣යේ.

      Delete
  5. කෝ බං පෙරහැර? කරන්ට් එක ගියා වගේ පොස්ට් එක ඉවර කරල නෙ..?? 😳

    ReplyDelete
    Replies
    1. පෙරෑරක් නෑ බං. තොරණ ඉතරයි

      Delete
  6. ලෑම්මාස්ටරේ කතාව හොඳයි වගේ තොරණට වඩා
    විචාරක diyaniya

    ReplyDelete
    Replies
    1. අන්නෙකයි. මං මේ පැක්ටිස් වෙන්නෙ රවියාට එහා ගිය පඳුරෙක් වෙන්න.

      Delete
  7. Replies
    1. ඕක ජනේල පෝන්නෙකක් නේද?

      Delete
  8. ක්ොට්ු ප්ෙේන්ව්ා.. ට්ත්ිට්ත් ප්ෙේන්ව්ා.. ප්ස්ස්ෙේ බ්ල්න්ඩ් ඕන්ි..

    ReplyDelete
    Replies
    1. ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ‍ෙ

      Delete
    2. ර්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් ඝ්ජ්ජ්ක්ක්

      Delete
    3. යකෝ මේනකය වෙන ග්‍රහලෝකෙක ඉඳගෙනද මේ කොමෙන්ට් එක දාල තියෙන්නෙ.

      Delete
    4. මොනවයි බං මේ අකුරු මැදිං පංචරෙං විදල වගේ. හා කියාල්ල බලන්න පංචරේට කියන සිංහල වචනෙ.

      Delete
    5. පංච යන්තරේ.
      පංචතන්තරේ ලිව්වේ ඔය අකුරු වලින්

      Delete
    6. වැරදියි...

      සංස්කෘතෙං කියන්නෙ ජිද්‍රකරණය

      හෙළ බසින්, “පදින-වික“

      Delete
  9. ඔය ආච්චම්ම අර ප්‍රසිද්ධ ආච්චම්ම නෙමෙයි නේද? තාත්තගෙ අම්ම නේ?

    ReplyDelete
    Replies
    1. ආං හරි. තාත්තෑ අම්ම තමයි.

      Delete
  10. උඹේ බළල් පුරාණය ලියහංකො, තොරණ පැක්කක තියල.

    අපේ පැත්තෙ කරත්ත සීයෙක් කරත්තෙ පෙරළගෙන කෑගහනව, “ගොනා පැක්කක - කරත්තෙ පැක්කක - බෝංලීය පැක්කක - රෝද දෙක පැක්කක - ආරියපාල පුකේ...! මෙහෙ ඇයිත් මාව උස්සපාාාංංංං...!“

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං. කරත්තෙ කියන එකෙයි ඇයිත් කියන එකෙයි තයනු මිනිහ කිවුවෙ කොහොමද?

      Delete
    2. එතන්ට එද්දි මිනිහෑ තයනු පැකැට්ටෙක වියර වෙලා

      Delete
    3. මෙව්වනේ යකෝ ආතල්....

      Delete
    4. නෑ ප්‍රෙසා්... උන්දැට “ක“ යන්න කියවෙන්නෙ “ප“ යන්න ට පරව!

      Delete
  11. හයියෝ මේ තොරණ නම් බලන්න වෙන්නෑ. අර පයිස්කෝට් කීවේ ටික්කන්ට වෙන්නැති. මාර මතකයක් නේ අප්පා ඔයාට තියෙන්නෙ. නියමයි. ඉක්මණට තොරණ පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. මං මේක අවසානෙ ලියන්නෙ සුජීවා අක්කට මංගල්ලෙයක් හරිගිය දාට. හිටිංකො වැඩිකල් නොයා බුකියේ "අරුණාලෝකය" ගෲප් එකේ දානව මංගල දැන්නීමක්.
      රජයේ රැකියාවැති වයස හතලිස් තුනක් වන මුත් වයස නොපෙනෙන, රූමත්, නවීන පන්නයේ කාර් රථයක් සහ නිවසක් හිමි දියණියට රජයේ රැකියාවැති හෝ ව්‍යාපාරික සහකරුවෙක් දෙමව්පියන් සොයයි. සුළු වරදකින් බළලුන් දෙදෙනෙක් ගෙදර ගෙනැවිත් ඇත. භේද නොසැලකේ. පාපී කේන්ද්‍ර සලකා නොබැලේ. විනෝදයට නොලියන්න.

      Delete
    2. පාපී කේන්දර ඔට්ටුයි නං ඇප්ලයි කරන්නත් තිබ්බ.. මටත් සුළු වරදකින් ළමයි තුන්දෙනෙක් ඉන්නවා.. හැක්

      Delete
    3. මටත් සුළු වරදකිං ඔළුවට ගස්ලබු ගෙඩ්ඩක් වැටුණ

      Delete
    4. ආ ලබුආ ලබු දෙයියා.

      Delete
  12. මම එච්චර සතුටකින් නෙවෙයි බං අද හිටියෙ. වැඩ වැඩියි. නමුත් මේ කතාව කියවලා අද දවසටම පළවෙනි වතාවට හිනා වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ සතුටෙන්ම පොස්ට් එකක් ලියලා දාමු

      Delete
    2. ඕකට කියල වැඩක් නෑ මෙන්ඩො

      Delete
    3. එපා එපා ලියන්නෙපා.

      Delete
  13. උඹල කලබල නොවී ඉඳහල්ල සුරංචිය ඔය තොරණ පෙන්නන්නෙ ඊළඟ වෙසක් එකට !

    ReplyDelete
    Replies
    1. අනෙයම්මපා. අර හාමිනා කෙල්ලට බෝව ගෙනිහුං 'මුත්‍රා සෝක්' වෙරලෙ ගල් හැක්කක් අස්සෙ ගහතියන්න බැරිවුනානෙ.

      Delete
  14. ලබන වෙසක් එකකටවත් අපිට තොරණ බලන්න පුලුවන්වෙී නේද...
    බස්වලට සෙනග පැක් කරන එක නම් කොයි කවද, කෙහෙද එක වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නංගියෙ කියන්නෙ. ලබන වෙසක්කෙකට හරි බලන්න බැරියැ තොර්ණ නං.

      Delete
  15. මෙියන විදියට තොරනට තව ගෙඩාක් උුරයි වගෙ ...
    තොරන බැලුවට වඩා ගමන ආතල්....
    නියමයි...

    ReplyDelete
    Replies
    1. නෑ. මල්ලියෙ මං මේකෙං පෙන්නන්න හදන්නෙ ග්‍රාමීය ජනයා දයිනිකව මුහුණ දෙන ප්‍රවාහන ගැටළුව. ඒක වක්රාකාරකයෙන් දඟරයක් වගේ ඔතලා තමයි මං මේ ලියැව්වෙ.

      Delete
    2. එක නමි ඇත්ත තමයි.

      Delete
  16. තොරන බලන්න පන පිටින් ගියා ඇති.

    ReplyDelete
    Replies
    1. තාම තොරණ ගාවට ගියේ නෑ‍ බොල. බස්සෝල්ටෙකේ ඉඳල තොරණ ගාවට යනකොට මොනා වෙයිද දන්නෑ.

      Delete
    2. ඒ දුරත් සෑහෙන දුරක්නෙ

      Delete
  17. ඇති යංතං මානාන ටවුමටවත් ආව.. තොරණ බලලා ආපහු පයිං එහෙම යන්න උනොත් නං පුතේ අපි වයසට යනව.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පැංසොං යන්න කලිං ලියනව.

      Delete
  18. කොහොම ලියනවද මන්දා මේ කතා ! රසවත් !

    ReplyDelete
  19. එක්කො කතාව ඉවර උනාම කමෙන්ට් එකක් දාන්නං ...

    ReplyDelete
  20. //“මගෙ කකුල පාගන්නෙපායකෝ......“// අම්මට මෙහම් බනිනවට නම් ගැහුව එකට කමක් නැහැ. ඔය ලෑම් මාස්ටරේ ඔච්චර හිමින්ද යන්නේ කඩේට ගිහින් තේ බිල ඇවිත් නගින්න තරං :)

    ReplyDelete
  21. මරු මරු මරු මරේ මරු...... නියම වචන ටික

    ReplyDelete
  22. බිනර පෝයටවත් (5th Sep) තොර්ණ බලන්න ඇහැක් වෙයිද බොලේ.....

    ReplyDelete
    Replies
    1. ඔබේ අපේක්ෂාවන් සුණු විසුණු වී යාම ගැන අපේ බලවත් ශෝකය.
      කො.කා. සංගමය.

      හැක්..

      Delete
  23. මේ දවස්වල වැස්ස වැඩී ශ්‍රංගයො. තොරණ ගංවතුරට යට වෙලා කඩා වැටෙන්න ඉස්සර බලන්න ගියොත් හොඳා.

    ReplyDelete
  24. මේ දිනවල වසන්තය සම්මාන කොටය තැබීමට නිවසේ තැනක් සැකසීමට කාලය හා ශ්‍රමය කැපකරන බැවින් යාං හෑල්ල පළ නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  25. සුපිරි අනේ අපි ඉස්සර ඔහොම ගෙවපු කාලයක් තිබ්බා කියලා මතක් වෙද්දී ආසයි.........මරැ කතාව

    ReplyDelete
  26. සුපිරි අනේ අපි ඉස්සර ඔහොම ගෙවපු කාලයක් තිබ්බා කියලා මතක් වෙද්දී ආසයි.........මරැ කතාව

    ReplyDelete