Sunday, February 5, 2017

පොජෙට්ටෙක 1 - ඇල්ල බැඳිල්ල


දවසක් පහලවත්තෙ කුඹුරෙ පිල්ලෑවට හෙලිකොප්පරයක් කියන ජාතියෙ එකක් එන බව කියා අපේ ගමෙං බාගයක් විතර තමුංගේ වැඩපොල සේරම පැත්තක දමා පිල්ලෑවට එක්කහු වුනේ ඒක බලන්න. ඒ කාලේ කාටවත් හදිස්සි වැඩ තිවුනෙ නෑ. වෙනදට පාවර හදන තැන පිදුරු තුනී කර තිබුනේ අපිට ඒ උඩ පිනුං ගහන්නට ආස හිතෙන විදිහට. පොලේ ලොතරැයි වෑන්නෙක වටේ සෙනග එක්කහු වෙනව වගේ සෑහෙන සෙනගක් පිල්ලෑව වටේ එක්කහු වෙලා හිටියා. තඩි ග්‍රාමසේවක රාලහමි එතන පොලවට පයිං ඇන ඇන බල බලා


“මෙතන්ට තව පිදුරු ටිකක් දාන්න”

“මෙතන මේ යට උලක්ද කොහෙද. බලන්න”

කිය කියා මිනිස්සුන්ට වැඩ පැවරුවා. මාව වඩාගෙන අම්මත් එතනට වෙලා හිටියා. තාත්තත් හිටියා. රාජාලි, කපුටො, කොක්කු ආදී කුරුල්ලො සැරිං සැරේ ඇහිල්ලා මිනිස්සුංව රවට්ටල ගියා. හැමෝම බෙලි උලුක් වෙනකං උඩ බලං ඉඳලා එපා වෙලා "කවුද කියාපු බේගලෙයද්ද කොහෙද" කියලා ආපහු යන්න හදද්දි “ගොජ ගොජ” ගාගෙන අයිස්කිරිං වෑන්නෙහෙක සද්දෙ අහසිං ඇහුනා. කෝට්ටක උලගහපු ගැටපොලහක් වගේ මොකද්දෝ එකක් ගුනදාස මාමගෙ තේ කෑල්ලෙ පොල් ගහේ කරිට්ට ගාවිං මරහඬ දීගෙන එක පාරටම මතුවුනා. ගැටපොලහෙ වගේ නෙමෙයි ඒකෙ ඔලුවෙයි නැට්ටෙයි හුලංපෙති කැරකුනා. ගුණදාස මාමගෙ කොට්ට ගහේ පුලුං ගෙඩිවල පුලුං හුළඟෙ ගියා.  ගැටපොලහ තවත් විසාල වෙලා ගොරවගෙන පිල්ලෑවට කඩා පැන්නා. මේ නං ළමයි බයකරන 'හග්ගුඩු බිල්ල තමයි' මට හිතුනා.







මං බයවෙලා අම්මගෙ උරිස්ස විකාගෙන යටිගිරියෙං කෑගැහුවා.

“ගෙදර යමාං”

පිල්ලෑවෙ හිටපු අය ලියදිවලට පැනලා ලියදිවල හිටපු අයත් එක්කම සරොං කැහැපොට ගහගෙන දුවන්න ලැහැත්ති උනා. ගැටපොලහ පිල්ලෑව උඩිං වටයක් කැරකුනා. පිදුරුගස් උඩ ගියා. අම්මා මාව කරේ තියාගෙනම ආපහු හැරිල බැලුව.

“ඔන්න ඌ මාව ගිලින්න හදන්නෙ....ඒඒඒ”

මං ආයිමත් අම්මගෙ උරිස්සට දෑතිම්ම තල තලා බිරුසන් දුන්නා.

“අර රාලාමිත්තින්නෙ. කටවහපං.”

අම්ම මගෙ කොන්මෙැද්දට එකක් තැලුවා. ගැටපොලොස් තඩියෙ සද්දෙට ඒ සද්දෙ යටඋනා. තඩි ග්‍රාමසේවක රාලහමි පිල්ලෑවෙ අයිනෙ ලියැද්දට වෙලා හිටියා. ගැටපොලහ හිමීට පාත්වෙලා අඬුදෙක බිමට තිව්වා. සෙනග ආපහු කිට්ටු උනා.  ගැටපොලහෙ පෙති කැරකෙන වේගෙ අඩු උනා. සුද්දො දෙතුං දෙනෙක් ඒකෙං බිමට බැස්සා. තව එක්කෙනෙක් කොක්කක් තියෙන පොල්ලක් ඒකෙ කොනක් ගැටපොලහෙ උඩ කැරකෙන පෙත්තෙ කොනක අමුනලා ඒකෙ අනික් කොන නැට්ටට ඇමිනුවා.

“ඇල්ල බඳිනේක බලන්නනෙ සුද්දො ඇහිල්ල තියෙන්නෙ.”

එදා හවස තාත්ත ගෙදර ඇහිල්ල කිව්වා.

************************


“අපිට විදුලිය එපා. අපේ පාඩුවේ ඉන්න දෙන්න”

කියලා මාතෘකාව දාපු එයිට යටිං පින්තූරයක් දාලා විස්තරයක් ලියපු ලිපියක් තියෙන පත්තර පිටුවක් මහ ගංවතුර කාලෙ වෙනකම්ම අපේ අම්මගෙ මහගෙදර තිබුණා. ඒ ලිපියේ පිංතූරෙ තිබුණෙ මහගෙදර වත්තෙ කොණක බෙන කොස්ගහයට අපේ ආච්චම්මයි, ආතයි, මාමයි, පුංචම්මයි, බෙහෙත් තෙල් රාජ මාමයි සීරුවෙං හිටගෙන ඉන්න හැටියි. ඒගොල්ලංට පිටිපස්සෙං කොස් ගහේ ගැටපොලොස් බුරුතු පිටිං එල්ලිලා තිබුණා. ඒ පිංතුරේ ගහගෙන ගියේ ඒ දවස්වල ආණ්ඩු පක්ෂේ මංතිරි  කෙනෙක් වෙලා හිටිය සංජීව අප්පොගෙ යාලු සුද්දො කාණ්ඩයක් බව අපේ මාමා කිව්වා.  සුද්දො ගෙනත්දීපු ටොපි වගයක් එහෙමත් මට හම්බවුනා.  ඒ පින්තූරෙ යටිං තිවුන විස්තරේ තිවුනෙත් මේ ගමේ අසරණල අහිංසක ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගමේ පාඩුවේ ඉන්න හිටින්න මිසක අයට කොයියම්ම හැටියකටවත් කරන්ටෙක ඩිංගක්වත් ඕනෑ නැති බවයි. ඒ කාලෙත් මං ඉස්කෝලෙ යන්න පටං ගත්තු කාලෙම වෙන්නට පුළුවනි.

************************

“ඔන්න මාමෙ ආයි වංගියක් ඇල්ල බඳින්න යනවයි කියන්නෙ”

ගුනොවද්දන මාමා කිහිල්ලෙ තිබුණ කපු කුඩේ අතට අරං ඒකෙ වකුටු මිටෙං අල්ලගෙන කුඩේ අගිස්ස ඉස්තෝප්පුවෙ පඩියකට තියලා “හම්මෙහ්” කියලා ඉස්තෝප්පුවට ගොඩවෙද්දි “කුඹුරු තඩිගහල හරිම හානියි” කියාගෙන නැගිටගන්නවත් පණ නැතුව තමුංගෙ කාමරේ ඇඳ උඩට වෙලා කෙඳිරිගගා හිටිය ආතවත්, මිදුලට වෙලා දිග කොල තියෙන ක්‍රෝටන් අතු රවුං කොළ තියෙන ක්‍රෝටන් ගස්වලට ‘බත්’ කරන්න උත්සාහ කරමින් හිටිය මාවත් ඉබේම ඉස්තෝප්පුවට ඇදෙනවා.

“ආ ගුනොවද්දන ලමෙයනෙ මේ. මං මේ කුඹුරු ගිහිං ඇහිල්ල නාකියාගෙන ඩිංගක් ඇලඋනා. ඉස්සර වගේ නෙමී දැං දවසක් කුඹුරු තඩිගැව්වං හරිම හානියි මටනං. අම්ප”

“මේ ගිනිකූටකේ කාටවුනත් අමාරුයි මාමෙ.”

ගුනොවද්දන මාම ආතගෙ හිත හදනව.

“ඉඳගන්නකො ගුනොවද්දන ළමෙයො ඔය ඉටිපුටුවක්කැරං. මහ්නං ඔව්වෑ ඉඳගන්න බෑ. ඉඳගද්දි පුටුව පස්සට යනව. අනිග්ගාන තුන්ටිය කැල්ල යනොව බිමෑනිල”

ගුනොවද්දන මාමත් පුටුවක් ඇදල අරං ඉඳගෙන කුඩේ බිත්තියට හේත්තු කරල තියනව.

“මං කිව්වෙ මාමෙ ඕංආයි වංගියක් ඇල්ල බඳිනොව කියන්නෙ”

“හැබෑඈ....ට”

“එහ්හෙනං.. අන්නාර ගුන්සේකර කඩේගාවා කතාඋනේ. ආපහු පාරක් මැනං ගියා කියල. මේ සැරේ යටවෙනවලු නීතිගල දිහාටම.”

“හැබ්බෑඈ...ට”

“ඔව්. අර එගොඩහ කබර පේමෙය කිව්වෙ. බදුවත්තෙ මහත්තෙය එක්ක ඔය මයින්නාපු කාණ්ඩෙ මිනිහෙක් කියල තියෙන්නෙ. බදුවත්තෙ මහත්තෙය ගුණෙයත්තෙක්ක කියල. ගුණෙය හොඳයිනෙ අර ඒබරං කලුවෑ ගෑනි එක්ක. ආං ඒ ගෑනි තමා කබර පේමෙගෙ ගෑනි එක්ක දලුකඩද්දි කියල තියෙන්නෙ. මං අර පහුගිය දාක මැණිකෙගෙ කඩේ තුනයියටේ බලුප් නැතිපාර ගියානෙ ගුංසේකර කඩේට. එතන තමා ඔය පේමෙය එහෙම කිව්වෙ ඔය කතාව.”

ගුනොවද්දන මාමා කතාව මග වැනුමත් එක්කම කියනව. අපේ ගමේ මොන කතාව උනත් එන්නේ ඔය විදිහට සංස්කාරකවරු දහ දොලොස් දෙනෙක් අතිං අත මාරුවෙලා තමයි.

“අනිච්චං අප්පෙයි”

ආතත් කම්මුලේ අත තියාගෙන කියනව.

“ඔව් මාමෙ. කොයියාණ්ඩුවට ඡන්දෙ දුන්නත් වැඩහ්නෑ. හැවෝම කියන්නෙ උං දිනුවොත් ඇල්ල බැඳිල්ල නතර කොන්නොව කියල. ඒ උනාට ඔය අපූරුවට පටංගන්නයන්නෙ.”

“ඒකනෙයැ ගුනොවද්දන. මුන්ට ඔය ඇල්ල බැඳල අහවල්ලෙහෙකට මංහාන්නෙ.”

“කරන්ටෙක හදන්නලුනෙ මාමෙ.”

"කරන්ටෙක හැදියකෑ ගුනොවද්දන ලමෙයො ඇල්ලතුරෙං."

"ඒකනං මංද මාමෙ. ඔන්නොය මොකද්ද විපිරියාසෙයක් කොල්ල පුලුවං කියන්නෙ"

“අනෙයම්මප. අපිට මොන කරන්ටෙකදැ. ලාම්පුතෙල් කුප්පියක් තිමිනි ලාම්පුවප් පත්තු කොරගත්තං මදෑ. එලියට පහලියට යනොවනං හනසු දෙකබ්බැඳල හරි පොල්ලතු අගිස්සක්කරි බැඳගන්නොවනෙ. ආයි ඉතිං මොටදැ කරන්ටෙක. ඕං රේඩිවේක අහන්නබ්බැරියැ බැට්ටි කෑලි හතරත් තිවුනං.”

“ඒකනෙයැ මාමෙ”

“අම්ප මහ්නං කරන්ටෙක නාමෙයක්කත් නැතියුනාට කමහ්නෑ. ඔය ඇල්ල බැඳිල්ල නතර කොන්නොවනං. කුඹුරු ලියැදි ටිකයි තේ ගස්ටිකයි යටකොල්ල දාල ගෙවල් දොරොවල් ටිකත් යටකොල්ල දැම්මහං මිනිස්සු කොහෙද ඉන්නෙයම්මප?”

“කොහෙද මංද ඉපිටහකිං ඉඩං දෙනොව කියන්නෙ.”

ගුනොවද්දන මාමා විසඳුං දෙනව

“ඔය බිංඅගල් හතරද්දෙයි. ගහක්කොලක් කපාගන්න, වී කුන්නියක දෙහෙක ගොයිතැං බතක් කොරගන්න තියා මෙලෝ දෙයක් වවාගන්න ඇතෑ එහෙම.”

වෙනදට ආතගෙයි ගුනොවද්දන මාමගෙයි කටපල්ලෙං හැලෙන වචනයක් ගානෙ අහුලන මම එදා මගෑරල දාල යන්න යනව. එදා රෑට මට නිංද යන්නෙත් නෑ. ඇල්ල බැඳිල්ල කියන්නෙ මොකද්දැයි නොදන්නව උනත් ඒකෙං අපේ ගෙවල්දොරවල් සේරම නැතිවෙන බව මට තේරුං යනව.

“අම්මෙ ඇත්තදම්මෙ ඇල්ල බඳිනොව කියල එකක් කොල්ල මේ එක්කොම යටකොල්ල දානොව කියන්නෙ.”

බැරිම තැන මං අම්මගෙං අහනව.

“අනෙමංදන්නෙකහ්නෑ. පලෙයංයන්න”

අම්මට ඒවයෙ වගක්වත් නෑ. තාත්තගෙං අහන්න තමයි වෙන්නෙ. ඒකටත් එයා නොබී හිටපු වෙලාවක් වෙන්ට එපෑ. දවස් ගානකට පස්සෙ කලු මාමාව ගෝඩ හැලියක් පිටිං පොලිස්සියෙං අල්ලං ගිහිං ගමේ කසිප්පු හිඟයක් ඇතිවෙලා ඒ දවස උදාවෙනව. එතකං ඒ ගැන හිතලා මට ඉස්කෝලෙදි ගණං වලට ලැබෙන්න තියෙන දහයෙං දහය එව්වා දහයෙං හය වෙනකං පල්ලෙහා බැහැල මාව කොල තරුවෙනුත් පල්ලෙහට වැටෙනව.

“තවුසෙ දන්නවද බොලේ මේ ඇල්ල බඳිනොව කියල කියනවැයි කියන්නෙ?”

අම්මා මං වෙනුවට තාත්තට ප්‍රශ්ණෙ යොමු කරනව.

“කවුදෝයි කියන්නෙ”

“ගුනොවර්දනයිය කිව්ව කියන්නෙ”

“කාඑක්කද?”

“අපෙ තාත්ත එක්ක. මේ මූ අහං හිටිය කියන්නෙ”

තාත්තා කට උල්කරලා දොරකොඩිං එලියට “පුතුහ්ප්” කියල බුලත්කෙළ පාරක් ගහනව.

“අනෙ ඔය්යකා දන්න කෙහෙම්මල. තමිසෙලෑ තාත්තයි ඔය්යකයි දෙන්නම අමු බේගල්නෙ කියොවන්නෙ”

ආතයි ගුනොවද්දන මාමයි කියන්නෙ ඇත්ත බව තහවුරු කෙරුවෙ නැත්තං මේක මගෑරෙන බව දන්න හිංද මං ඉදිරිපත් වෙනව.

“රුවල්ලෑ සීය එක්ක කියල තියෙන්නෙ මයින්නාපු කාණ්ඩෙ. රුවල්ලෑ සීය කියල තියෙනොව ගුනේමාම එක්ක. ගුනේ මාම කියල තියෙනොව ඒබරං ආතලෑ ගෙදර කලුමාමෑ නැංද එක්ක. ඒ නැංද කබර පේමෙ මාමෑ නැංදට කියල. කබර පේමෙ මාම ගුනොවද්දන මාම එක්ක කියල.”

අම්මයි තාත්තයි දෙන්නම මා දිහා බලං ඉන්නව.

“ඒක කපුටො හද්දෙනාගෙ කැඳ හැලිය වගේනෙ. කොයික බොරු කියනවද කවුද දන්නෙ.”

තාත්තා ඒ කතාව පිලිගන්න බවක් පේන්නෑ. ඒ වෙනුවට වෙනිං කතාවක් අහන්න ලැබෙනව.

“එහෙම මුල්ලෝකෙම යටවෙන්නෙ කල්ප විනාසෙ ආවහං. ආං එතකොට මහ විසාල වැස්සක් වහිනොව. එයිං එක වැහි පොදෙයක් මේං මෙච්චර ඉතර හිටී...”

තාත්තා මෝල් ගහක් ඉතර මහතක් අත් දෙකෙං පෙන්නනව.

“ඒ විදිහට වැහැලා වැහැලා වැහැලා කුඹුරු, ඇලදොලොවල්, ගඟවල් මුහුදු එක්කොම පිරිල පිරිල පිරිල පිරිල අංතිමට කොහෙවක්ම නැතිවෙන්න පිරෙනව. එතකොට මිනිස්සුංගෙ ගෙවල් යටවෙලා යනව. ආං එතෝට දෙයියො නැවක් හදල හොඳ මිනිස්සුං ඉතරක්කේකට නග්ගෝගන්නොව. නරක මිනිස්සු ගන්නෑ. මැරිල යන්න වතුරටම දානව”

“බල්ලො, පූසො එහෙම”

බිංදුවට යන කලදසාවක් ගැන හිත හිතා මාත් අහනව.

“බල්ලො පූසොත් ගනී මා හිතේ.”

එහෙනං බිංදුවත් ඇරංම නගිනව ඒකට.

“අන්තිමට වැහැලා වැහැලා වැහැලා වැහැලා ගංවතුර ගලනොව අකනිට්ටක් බ්‍රහ්මලෝකෙට යනකං. එයිට පස්සෙ වැස්ස නැවතිලා ගංවතුර බහිනව. එතකොට ඉතුරු නැවේ හිටිය හොඳ මිනිස්සු ටික ඉතරයි. ඒ මිනිස්සු ආපහු ඇහිල්ල ගේ දොර හදාගෙන ජීවත්තෙනව. ආන්නෙහෙමයි.”

“එතෝට තාත්තෙ ඔය ලෝක විනාසෙ කවද්ද වෙන්නෙ?”

“කල්පෙ ඉවර උනහං”

“ඒක කොච්චරද්ද”

“අවුරුදු තව කෝටියෙ එයිනුක් කෝටියක්”

අන්තිමට තාත්ත කියපු කතාවත් ගුනොවද්දන මාම කියපු කතාවත් දෙකෙංම කොයික හරිද කියල හිතාගන්න බැරුව ඉඳල මට ඒක එහෙම්මම අමතක වෙනව.

ආයිමත් ඔය කතාව ඇදෙන්නෙ මං ඉස්කෝලෙට දිග කලිසං අඳින්න ඔන්න මෙන්න තියලයි. ඩෝසර දෙක තුනක් ඇවිත් මතුගම දිහාවෙනුත් රත්නපුර පැත්තෙනුත් අපේ ගමට එන්න තියෙන පාර දෙපැත්ත උලාකන්න පටං ගන්නවා.

“පාර පලල් කොන්නොවලු. වංගු සේරම කෙලිං කොන්නොව කියන්නෙ. මහ විසාල වාහන එනවලු ඇල්ල බැඳිල්ලට බඩුමුට්ටු ඇරං.”

ගම පුරා පැතිරෙනවා. පාර අයිනෙ ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු බයවෙනවා. පාරෙං දුරට වෙන්න ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු සතුටු වෙනවා.

“ඕක තමයි අපි කිව්වෙ. පාරයිනෙ ගෙවල් හදාගත්ත එවුන්ට යස මට්ටුව.”

පාර අයිනෙ ගෙවල්වල අයත් ලේසියෙං අරින්නෙ නෑ. ඒ ගෙවල්වල පිරිමි අය හැන්දෑවට බීගෙන ඇවිත් පාරට බැහැල කෑ ගහනව.


“ඕකුංගෙ ඩෝසර කටු කුලුගෙඩ්ඩෙං ගහල තල්ල දාන්නෙ. හුහ්... මට ඩෝසර ලොකුනෑ ප* (පුරුෂ ලිංගයෝ). අපි නියම ෂිංගලෙයො. පපුව ඔඳ කොල්ලො”


“ආයි දෙන්නෑ එකාණ්ඩුවකටවච්චංදෙයක්. ආණ්ඩුවට %^$*@ (සංසර්ග කරනව) මගෙ ඉඩමෙං ගල්ගැටෙයක් හරි ගැලෙව්වොත්තෙහෙම”


ටිකෙං ටික ඩෝසර් හමුදාව අපේ ගම හරහත් යනව. ගෙවල් කැඩුනෙ නැතත් පාරෙ රිසිවේසමට අහුවෙන සමහරුංගෙ තේ පඳුරු හත අටක්, ගල් වැටියක් එහෙම ගැලවෙනව. ඩෝසරේ අපේ ගම පහු කරගෙන ගියාට පස්සෙත් ග්‍රාමීය වීරයෝ පාරට බහිනව.


“පර්ර හැත්ත. මං ගෙදර නැතිවෙනකං බලාඉඳල මයෙ ගල්වැටිය ගලෝදාල. මයියනොව පොලීසි ඕකලට විරුද්දොව. මං මෙතන හිටියනං ඕකලෑ මලකඩ කැටි ටික හතර්ට නමල ගහනොව ඕකලෑ %&* (අධෝ මාර්ගයේ).”


“ඕකුන්ට හොඳස්සිද්දවෙන්නෑ. මං සීනිගම ගීං අඹරනොව ගම්බිරිස්. හැතිකරේ හැඳිගෑවිල යන්න.”


සමහරු තමුංගෙ තරහකාරයො එක්ක පැටලෙනව.


“තොපි තමයි ඩෝසරකාරයො ලව්ව අපේ ගල්වැටිය කැඩෙව්වෙ. තෝයි තොගෙ %&*&* කෙල්ලො දෙන්නයි ගවුං කොටං ඇඳං උං එක්ක හිචිබිචි ගානොව කීපදෙනහ්ම දැකල තීනව. අනේ හෙන ගහං තොපිට. තොගෙ මිනිහත් ලැජ්ජාවක් නැතුව උංට තැඹිලි කල්ල ගිහිං දුන්නයි කියන්නෙ.”


පාරවල් පලල් වුනාට බෝක්කු පාලං ආදිය පලල් නොවුන හිංදා රෑට එන වාහන කීපයක්ම පාලං බෝක්කු පල්ලෙ වැටුනට පස්සෙ


“ආන්ත්‍රාවයි. ඉදිරියෙන් මාර්ගය පටුය.”


කියලා බෝඩ් කීපයක් පාරෙ හිටවෙනවා. ගමේ හතුරෙක් වන “ඇල්ල බැඳිල්ල”ට උදව්වට ආපු මේ බෝඩ් කෑලි ටිකත් හතුරෙක් හැටියටම පිලිගන්නා ගමේ අය එකමුතුව ඒවා කඩලා, තලලා, කුඩුපට්ටං කරලා අකුල්වලට විසිකරන්නෙ “ආණ්ඩුවට” හොඳ පාඩමක් උගන්නන්න හිතාගෙනයි. ඒ පිහිටෙං අපේ ගමේම කොල්ලෙක් බයිසිකලේ එක්කම බෝක්කුවෙ මෙහා ඉවුරෙං පැනලා එහා ඉවුරෙ ඇනෙන්නේ උගත් පාඩමේ ප්‍රයෝජනය ඊළඟ ආත්මෙට ඉතුරු කරගෙනයි.

58 comments:

  1. මාර ඇල්ල බැඳිල්ලනේ ඒක ...

    ReplyDelete
    Replies
    1. මං හිතා හිටියෙ ඕක ලොකු කඹයක් අරං කරන වැඩක් කියලනෙ.

      Delete
  2. ඔහේලගෙ ගමේ එවුවන්ට අර බේගල් රවී කාරය එහෙම ඔය පැත්තෙ කරක්ගහනකොට අහූනානං එහෙම මක්ක කොරයිද ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඩෝසරේට වෙච්චි එක තමා වෙන්නෙ :D

      Delete
    2. අම්මට හුඩු අපේ කොල්ලා දැකපු කල්

      Delete
    3. ආ... ලේකංතුමා කාලෙකින්

      Delete
    4. මොනව වෙන්ටද? ඔය රවියන්නාංසෙ සමහර විකට... හුටා වැරදුනා විටක විටක .. සමහර විටක අපි දැකලත් ඇති.

      Delete
    5. අඩේ අදයි මම මේ පොජෙට්ටෙකේ විස්තරේ කියොවන්ට ගත්තෙ...අපරාදෙනොව.

      එතකොට එහෙමයි පොජෙට්ටෙක බොලාගෙ ගමට ආවෙ? ඒ ෂුරංගයො?

      /ඔහේලගෙ ගමේ එවුවන්ට අර බේගල් රවී කාරය එහෙම ඔය පැත්තෙ කරක්ගහනකොට අහූනානං එහෙම මක්ක කොරයිද ඒ කාලෙ./

      ඇයි උං මට මක්ක කොරන්ටද?

      /මොනව වෙන්ටද? ඔය රවියන්නාංසෙ සමහර විකට... හුටා වැරදුනා විටක විටක .. සමහර විටක අපි දැකලත් ඇති./

      අඩේ කිව්වත්වාගෙ උඹ නම් වෙන්ට බෑ. උඹ ඒ කාලෙ පොඩි එකා නෙව. බොලාගෙ ගමේ එවුං එක්ක මම වැඩ කරන්ටත් ඇති. ඔය ඒ අහල පහල ගෙවල් තිබ්බ කපිලරත්න කියල හොඳ උස මහත කොළු ගැටයෙක් මට මතකයි.අපේ බ්ලාස්ටිං ටීම් නම්බර් ටූ එකේ හිටියෙ. ඌ විතරයි මම දන්න තරමට අපේ සෙක්ෂන් එකේ අහල පහල එකෙකුට හිටියෙ. අනික් ඔක්කොම ගිණිගත්හේන, ලක්ෂපාන, නෝටන්බ්‍රිජ් දිහා කට්ටිය.

      Delete
  3. //කෝට්ටක උලගහපු ගැටපොලහක් වගේ මොකද්දෝ එකක්// හැක්... ඒක මරු උපමාව ශ්‍රංගයො.

    ReplyDelete
    Replies
    1. ඕකට ඇත්තම සිංහල නම හෙල්ලිකොට්ටඋරේ නෙ.

      Delete
    2. ඒක සිංහලෙං ‘හරක් දොර මහත්තෙයා‘

      Delete
  4. මොනවද බං අර සිම්බල් දාල ඊට පස්සෙ වරහං අැතුලෙ දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වචනේ සංකේතවත් කරලා තේරුම වරහං අස්සෙ දැම්මා ඇයි අවුලයි වගේද?

      Delete
  5. තෝයි තොගෙ %&*&* කෙල්ලො දෙන්නයි...
    මොකුන්ද බන් ඒ...! විලිසන්ගෙ නැති....තේ උඩිච්චියො...වගේ උන් ද?

    ReplyDelete
    Replies
    1. මට නම් හිතුනේ "රැකියාව පිණිස පුරුෂයන් සමග නිදාගන්නා" කියල තමා හිටං

      Delete
    2. ඔය 'බටියා රොබා" කියා තියෙන එකම තමා හැබැයි 'ගන්නා' නෙමෙයි 'ගන්නී'.

      Delete
  6. Mona wedak Patan yanna giyath gamwala minissu oyawage thama.kenda heliya heduwe andi 7k neda.kaputu pihatuwa kaputo7k unalu.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තගෙ ඔය පටලාගැනීම ටිකක් තියෙනව. අර කල්ප විනාසෙ ගැන කතාවත් ඒ වගේනෙ. බාගයක් ක්‍රිස්තියානි ආගමෙන් ගත්ත කොටහක්නෙ.

      Delete
  7. ඔය්ඉටි පුටුඔල වාඩි උනොත්තොහොම්මමයි

    ReplyDelete
    Replies
    1. දැං ඒවගෙ කැඩිච්චි ඉටි පුටුවලට ප්ලාස්ටික් බේසමක් දෙනව.

      Delete
  8. ප* (පුරුෂ ලිංගයෝ) උබ බ්ලොග් වලට අලුත්ම ලිවීමේ කලාවක් ගෙනාව, කියවන්න ගියහම %^$*@ (සංසර්ග කරනව). මදිවට අපේ %&* (අධෝ මාර්ගයේ) ඉරෙනවා .

    කිසිම අහිතකින් නෙමයි මේ කෙමෙන්ට් එක කෙටුවේ උබව අගය කරන්න උබගේ වචන ගත්තා

    ReplyDelete
    Replies
    1. හක් හක් හක්... හාආ..ක් හක් හක් හක්...

      Delete
  9. කෝ බං ඉතුරු ටික? තුනයියටේ බලුප් කියලයි දෙකයිපහේ බලුප් කියලයි ජාතියකුත් තිබුනනෙ ඇත්තට :)

    ReplyDelete
    Replies
    1. තුනයියටේ බලුපුයි, දෙකයි පහේ බලුපුයි දෙකම තිවුනා. තුනයියටේ එව්ව දැම්මේ කෑලි තුනේ බැට්ටියට. දෙකයි පහේ එව්ව දැම්මෙ කෑළි දෙකේ බැටලියට.

      Delete
  10. මැදැයි ගමට කරන්න හදන විනාසේ.
    අර බයික්කෙ ගිහින් වැටුණ කොල්ලා මැරුණද

    ReplyDelete
    Replies
    1. මලාද අහල. සම්පූරනෙංම මලා.

      Delete
  11. ඇල්ල බැදිල්ල නම් නියමයි:D

    ReplyDelete
    Replies
    1. ඇල්ල බැඳිල්ල ලියලා මගේ බෙල්ල ඇදිලා.

      Delete
  12. එකෙක් මැරෙන්නම ඕනි සේෆ්ටි මතක් වෙන්න.. ලියහන් මේක සතියක් ඉන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. ඔහේටත් සේෆ්ටි මතක් වෙන්නෙ එහෙමෙයි. වැඩකරන මිනිස්සුන්ට දෙයියන්නෙම පිහිටයි. හැක්..

      Delete
    2. නියම පෝස්ටුව... තව කොටසක් තියනවා නේද???

      Delete
    3. කලන මිතුරු,
      මේක ප්‍රචාරණය සඳහා ගන්නවනං කතුරු බාගය ගෙවන්න ඕනෑ. (ගල් හෝ ඇනපිය උනක් කමහ්නෑ)

      පොරසන්න ළමයා,
      මෙව්ව ඉතිං හෙට අනිද්දට අර මාමා කොම්පැනියෙ එකාලට බස්සයි ග්‍රීස් නොගාම.

      නිර්මාණී,
      තව කොටහටත් වැඩි වෙයිද මංද?

      Delete
  13. කොච්චර කියවුවත් එපා වෙන්නෙ නැති බ්ලොග් එකක් මේක. අමුතු වචන. ඇල්වතුර වගේ පිරිසිදු සිදුවීම් ඒ විදිහටම මතකයෙන් එලියට ගන්නෙ කොහොමද කියලා පුදුම හිතෙනවා. තවත් බොහෝමත්ම කාලයක් මේ අඩවියේ රැඳී ඉන්නට වාසනාව ශක්තිය ලැබේවා බ්‍රෝ.

    ReplyDelete
    Replies
    1. එව්ව ඉතිං මතක හිටිනව ලෙසටම. හැබැයි බැරිවෙලාවත් අහන්නකො ටින් එකෙයි ග්‍රිඩ් එකෙයි වෙනස. නැත්තං රිමෝට් සෙන්සිංවල පොඩි ප්‍රශ්ණයක්. මචක ඥැක්. ආං ඒකයි මගෙ ඔලුව වල්පල් ගුහාවක් කියන්නෙ.

      Delete
  14. Supiri Kathawa............. Ithuru tikath ikmanata danna...........

    ReplyDelete
    Replies
    1. කලක් ගතවෙනවනෙ. දවස ගානෙ ලියන්ට තිබාගත්තොත් වැඩි කලක් යන්න කලිං ලියන්න දෙයක් නැතිවෙනවනෙ.

      Delete
  15. කව්ද කරන්ට් එක එපා කියන්නෙ?

    පිස්සුනෙ‍‍.

    ReplyDelete
    Replies
    1. ඔය අපේ ගමේ හැවෝම කිව්වෙ. එපා කියල. සමහරු කිව්ව ඕන්නැං ලැයිට් ඇංජිං ගත්තැකි කියලත්.

      Delete
  16. උඹේ ලිවිල්ල නම් පංකාදු පහයි මචෝ...

    උඹට මතකද මුලින්ම හාරපු උමග බලන්න මිනිස්සු පෝලිමේ ආපු හැටි...
    ඊට පස්සේ කාලයක් වැඩ නතර වෙලා තිබිල පස්සේ වෙන තැනකින්නේ වැඩ පටන් ගත්තේ...
    මම මුලින්ම ඇල්ල බලන්න ගියේ 1992 වගේ කාලෙක, එතකොට මෝල්කාව පැත්තෙන් එන්න තිබ්බේ අඩි පාරක්, ගෙවල් වල මිදුල් හරහා එහෙම තමයි එන්න තිබුනේ...
    සැලකිය යුතු දුරක් පයින් කොටාගෙන ආපු ඒ ගමන අදටත් හොඳට මතකයි, නාන්න හිතාගෙන ආපු නැති නිසා අමතර ඇඳුම් තිබුනේ නැති උනාට උපන් ඇඳුමෙන් නාගෙන එහෙම තමයි ආපහු ගියේ...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල මට හොඳට මතකයි. මාත් ගියානෙව ඕක බලන්න.

      Delete
  17. ලයිට් නෑවිත් තිබ්බනම් ඇත්තටම මීට හොඳයි බන් සුරන්ගයෝ.. දැන් බලහං උදේට වැඩට යන්න තියෙනවා කියල දැන දැනත් මේ මගුල දිහා බලන් ඉන්නේ ඔය ලයිට් නිසානේ බන්.. ඔය ලයිට් එක්ක මිනිස්සුන්ගේ ජීවිත් කොයිතරම් නම් සංකීර්ණ වුනාද.. රූප පෙට්ටිය මිනිස්සුන්ගේ ජීවිතවල කාලය කොයිතරම් නම් කාල දානවද..

    අපිට පුංචි කාලේ ඉඳන්ම ලයිට් තිබ්බ.. ඒත් ලොකු අම්මලාගේ ගෙදර ලයිට් තිබ්බේ නෑ.. මොකද ඒ ගෙදර තිබ්බේ විසාල කන්දක් මුදුනේ නිසා කණු හිටවල ලයිට් දෙන්න දේසපාලුවෝ ඉදිරිපත් වුනේ නැහැ. නිවාඩු කාලෙට එහෙ ගියාම රාත්‍රිය ගතවෙන්නේ බොහොම එකමුතුවෙන්.. හැමදෙනාම රෑට කාල එහෙම කයියක් දානව.. ආගිය කතා බොහොමයි.. දවසේ පුවත් බොහොමයි.. ඒ ඔක්කොම ඉවර වෙලා ඇඳන් වලට ගිහිල්ල පැට්‍රොල් මැක්ස් එක නිවනකොට හැමදාමත් මගේ හිතේ හුලං බහිනවා.. ඒ වගේම උදේ එලිය වැටෙනකම් එකක් මලා කිව්වත් ඇස්දෙක අරින්නේ නෑ.. අද කාලේ මිනිස්සු තම තමුන්ගේ ලෝකවල තනිවෙලා එකම ගෙදරක් ඇතුලේ.. ලයිට් තිබ්බේ නැති කාලේ පවුල් ඇතුලේ බැඳීම් මීට වඩා වැඩියි කියල මට හිතෙනවා බන්..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ එහෙම තමයි. නමුත් එදාට වඩා දැං හොඳයි. එදා කරන්ටෙක නොතිබිච්චි කාලෙ අපේ ගමේ පිරිමි කලේ බීල ඇවිල්ල ගෑනිටයි ළමයින්ටයි තඩිබාන එකනෙ. දැං උං ටීවී බලන එක හොඳා. ගුටි අයිනවට වඩා.

      Delete
  18. මේ පොජෙට්ටෙකේද අර හොඳ ක්‍රීඩාශීලී ඩෝසර් ඔපරේටර් ලා උන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩාශීලී එකෙක් දැක්ක නේද ඩොසරේක ‘පෙර වෙඩි තැබීමක් (Pre-shoot)‘ කරල තිබ්බා. අපේ ගමේ අය කිව්වෙ ‘ඩෝසර් කාරෙයො‘ කියලනෙ.

      Delete
  19. එකාණ්ඩුවකටවච්චංදෙයක්...........මාත් දෙන්නේ නැහැ.

    නියමයි සුරංග...

    ReplyDelete
    Replies
    1. දෙන්නාකයි දෙන්නාකයි... හැවෝම සම්පූරනෙං බොරුවක්කොරන්නෙ.

      Delete
  20. //දවස් ගානකට පස්සෙ කලු මාමාව ගෝඩ හැලියක් පිටිං පොලිස්සියෙං අල්ලං ගිහිං ගමේ කසිප්පු හිඟයක් ඇතිවෙලා ඒ දවස උදාවෙනව.// මේක ඇත්තටම වුන දෙයක්ද? ලිවිල්ල නම් පංකාදුයි. මොකද්ද ඔය ඇල්ල ශ්‍රංග මල්ලි ? මතුගම පැත්තේ?

    ReplyDelete
    Replies
    1. මෙව්ව ඉතිං ඇත්තම තමා. ඔය කලු මාම අපේ ගමේ ප්‍රධාන කස්ටා නිෂ්පාදකයා. මිනිහා නොපෙරන දාට විතරයි අපේ ගමේ ගෑනුන්ට නිංද යන්නෙ. ඇල්ල බැඳිල්ල කිව්වට ඉතිං මේක ගඟ බැඳිල්ලනෙ.

      Delete
  21. // "කරන්ටෙක හැදියකෑ ගුනොවද්දන ලමෙයො ඇල්ලතුරෙං."

    "ඒකනං මංද මාමෙ. ඔන්නොය මොකද්ද විපිරියාසෙයක් කොල්ල පුලුවං කියන්නෙ"

    //
    බොලාගේ පැත්තේ ගෑනුන්ට ළමයි හම්බෙන්නෙත් මොකක් හරි විපිරියාසයක් කොරලද ?

    මේකා දැක්කම මට මතක් වෙන්නේ ආත්මා ලියනගේව. කතා කරනකොට ගොත ගහනවා. සින්දුව අපූරුවට කියනවා. මේකා ලියන්නේ ගොත භාෂාවෙන්, හැබැයි උත්තර දෙනවා සාමාන්‍ය භාෂාවෙන්. ආත්මගේ අනික් පැත්ත. මූට කියන්න වෙන්නේ "මාත්ආ" කියලා. විහිලුවට හොඳේ.

    ReplyDelete
  22. උඹලගෙ තාත්තා කියල තියෙන කතාව බයිබලයෙ තියෙන කතාවක් නේද?

    ReplyDelete
  23. දැං මේ වට ඇල්ලෙ ඉතුරු ටික බඳින්නෙ කවදැයි ළමයො

    ReplyDelete