"දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ටුකුරු"
"පෙදේසවාසී පෙංවතුනි පෙංවතියනි. ***ගම සී කුසුමකුක්කාරාමයේ කටින පිංකමේ කටින චීවරය පෙරටුකොටගත් පෙරෑර මේවනවිට වියාරස්තානයෙන් පිටත්වෙනවා. මෙම්පෙරෑර **ගොඩ හංදියේ පේමදාස මහත්මාගේ නිවස බලා පිටත්වෙනවා ඇති."
සුගත් ආතගෙ කටහඬ පන්සලේ මිදුලේ මහෝගනී ගහ මුදුනෙ ගැටගහල තියෙන පීකරෙන් පිටවෙලා අපේ ගෙවල් පහුකරගෙන යන ගමං අපේ ගෙවල් තියෙන කඳු බොකලම අස්සටත් පනිනවා.

පන්සල පැත්තෙන් ඇහෙන දවුල් සද්දෙ ටිකෙන්ටික අඩු වෙනවා. පෙරහැර පන්සලේ පල්ලම බහිනවා ඇති. මං මිදුලට බැහැලා බෙරිහං දෙනවා.
"චූඌඩී... චූඌඩී... පෙරෑරක්කෙනෝ"
චූටිත් අනික් ගෙවල්වල සන්නිවේදන ජාලයත් සක්‍රීය වෙනවා.
"නෝනක්කේ... පෙරෑරක්කෙනෝ...."
"බට්ටියක්කේ පෙරෑරක්කෙනෝ"
"හා....ආ... අපි කරුම්මාමලෑ ගේගාට එනෝ."
වටපිටාවෙ ළමා ලපටි ටික විනාඩියෙං පණිවිඩේ අල්ලගනිද්දි වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එක වගේ සුනංගු වෙන අපේ තාත්තගෙ අම්මා තමුංගෙ මිනිබිරීට කෑ ගහනවා.
"චූටී... චූචී.... ඉනඩුවයියාවයි මුංගෙ කංඇහෙන්නෑනෙයම්ප. චූචී... ආං ලොකුමාමලෑයිය කතා කොන්නොව මොකද බලාං"
"පෙරෑරක්කෙනවලු ආච්චම්මෙ. පෙරෑරක්."
"කොයියන පෙරෑරැද්ද?"
ආච්චම්මට පෙරහැරේ වර්ගෙත් ඕනි. ඒ ගැන චූටි දන්නෙත් නෑ. අපිට කොයි පෙරහැරත් එකයි. ඒ හංදා ආච්චම්මා චූටි ලවා ආයිමත් මට කතාකරවනවා.
"අයියේ"
"ඕ"
"ආච්චම්මහනව මොන පෙරෑරද්ද කියලාආ..."
"පංසලේ පෙරෑර. පේමදාස මාමලෑ ගෙදෙට්ට යනේක."
චූටි ඒ කාරණාව ආච්චම්මට පැහැදිලි කරනවා.
"ආච්චම්මෙ ඒක පංසලේ ඉඳං පේමදාස මාමලෑ ගෙදෙට්ට යනේකලු"
ආච්චම්මට ඒ කාරණේ විස්සාස නෑ.
"පංසලේ ඉඳං ගෙවල්ලොල්ට යනවෑ පෙරෑරවල්. බොන්නොකිය හිටාං"
ඒ එක්කම පන්සලේ පීකරේ ආයිමත් බලියනවා.
"කටින චීවරය පෙර්ටුකරගත් මෙම් පෙරෑර මේවනවිට අතුල මහත්මාගේ කඩය පසුකරන බව අපට වාර්තාවෙනවා."
"ඒ කටින චීවරේ කියන එක ඇරං යන පෙරැහැරලූඌ"
මං ආයිමත් විස්තරේ කියනවා.
"ආ. ඒකමිසක්ක. ලැහැත්තිවැනිං විගහට යමං."
ආච්චම්මා චූටිව දක්කන සද්දෙ ඇහෙනවා. මං මේසෙ උඩ තියෙ ගුරුලේත්තුව අස්සට අත දාල ඒක ඇතුලෙ තියෙන දුංකොල දෙක එලියට ඇදල දානව. ඊළඟට ආයිමත් අතදාල අතට අහුවෙන කාසි දෙකතුන කලිසමේ සාක්කුවට දානව.
"ටිලි ටිලිං රව රව රව ටිං"
ඒ සාක්කුව ඉරිල. එක කාසියක් මේසෙ යට්ට රෝල්වෙනව. මං මේසෙ යටට රිංගලා ඒ කාසියත් අහුලගෙන අනික් සාක්කුවට දාගන්නවා. ඉස්කෝලෙ අඳින කමිසෙත් ඇඳගන්නවා. කුස්සියෙ දොරට වට්ටිය හේත්තු කරලා හරහට කොස්ස තියනවා. දැං බල්ලො පනින්නෑ. ඉස්සරහ දොරපියන වහලා දොරේ තියෙන නූල උලුවස්සෙ ඇනේ පටලවනවා. ඒකෙ එලියෙං අගුලක් නෑ. එතකොටම බිංදුවා අපේ මිදුලෙ. ඒ කියන්නෙ චූටිත් ඒ ළඟම එනවා.
"කෝ බං චූටි?"
මං බිංදුවගෙං අහනවා. බිංදුවා ඔලුවයි නගුටයි වනන වේගෙට උගෙ පෙට්ටියක් වගේ බඩ ගෙඩියත් වැනෙනවා. එතකොටම චූටිත් දනිස්දෙකට අත තියාගෙන හති දාගෙන අපේ මිදුලට ගොඩවෙනවා.
"හම්මෙහ්"
"කෝ ආච්චම්ම?"
"ආච්චම්ම හැට්ටකටු හොයනොව. කෝ දෝනියන්නැද්ද?"
"ඒකියම්මත්තෙක්ක පල්ලෙහ ගියා. අපි යමං"
අපි බිංදුවත් අරගෙන කන්ද නගිනව. බිංදුවා අපි දෙන්නගෙ ඇඟේ හැප්පීගෙන ඉස්සරවෙලා දුවනව. චූටිව ඉස්සර කරගෙන මං පහුවෙනව. චන්දරේ මාමගෙ කුඹුර මැද්දෙං තවත් පෝලිමක් එනව. ඒ ගොල්ලො කියන ඒව අපිට ඇහෙන්නෙ නෑ. පුංචම්මගෙ කඩේ කිට්ටුව පෙරහැර එනව ඇත්තෙ ඒ හරියෙං දවුල් සද්දෙ ඇහෙනව.
"දංකුඩ පූ..සට දංකුඩ පූ...සට"
බෙර තාලෙ මාරු කරල. ආච්චම්ම තාම නෑ, බිංදුවා පාරෙ යන වාහනවලට පයින්න යනව. මං බිංදුවව ආපහු එලවන්න ලාඩප්ප කෝට්ටක් කඩාගන්නව. නෝනක්කයි අයියයි, හංසනියි බට්ටියි කරුනෙ මාමලෑ කඩේ ගාව ඉඳං අපිට කතා කරනව.
"ඔතන්ට වඩා හොඳට මෙතන පේනව වැඩිපුර"
අපිත් අපි ඉන්න තැන එයිට වඩා හොඳ බව කියනව.
"ඔයිට කලිං මෙතෙන්ට පේනව අර වංගුවෙං එනකොටම බැලියැහැකි"
අන්තිමට අපි කියන දේ ඇත්ත විදිහට අරගෙන ඒගොල්ලොත් අපි ඉන්න තැනට එනව. එතකොටම වංගුවෙං මනුස්සයෙක් මතුවෙනවා.
"ආං නැට්ටුවෙක්. මං තමා මුලිම්ම දැක්කෙ."
බට්ටි උඩ පයිනව.
"ඒ අපෙයම්මනෙ."
චූටි කියනව. නැංදයි මාමයි දෙන්නම දළු කඩල ඉවරවෙලා ගෙදර එනව.
"තව පුරාම පල්ලෙහා පෙරෑර තියෙන්නෙ. වත්තට හැරෙන තැන සෙල්ලං පෙන්නනව."
නැංද කියනවා. අපි ඉවසං ඉන්න බැරුව එහාට මෙහාට ඇවිදිනවා. බිංදුවටත් එක විදිහට ඉන්න බැරුව අපේ ඇඟේ හැපෙනව. චන්දරෙ මාමලෑ අයියා පාරෙං එහා පැත්තෙ පරගස්වලට ගල් ගහනව. නෝනක්කයි බට්ටියි චූටියි ගල් කිරන්න පටං අරගෙන ගෝරියක් දාගන්නව. හංසනී විතරක් සැරිං සැරේ දෙපැත්තට හැරිහැරි නියපොතු විකනවා. හංසනී සුරුස් ගාලා එක පැත්තකට හැරෙනකොට ඇඳං ඉන්න ගවුම රැලිටික විහිදලා කැරකෙන හැටි මං බලං ඉන්නවා.
පෙරහැර දැන්නං හොඳටම ළඟ බව බෙර සද්දෙං තේරෙනවා. මහතුම්මාමලෑ නැංදයි, ගුන්තිලක මාමලෑ නැංදයි පාරට එබිකං කරනවා.
පුබ්බයිසිකලෙත් තල්ලු කරගෙන කන්ද නැගගෙන අයිස්කිරීං කාරයා වංගුවෙං මතුවෙනවා. එයාගෙ අතේ තියෙන නලාවෙ බෝලෙ මිරිකනකොට "කෝපී කෝපි කොපි කෝපී" කියල සද්දෙයක් එනව. හංසනී ගවුමෙ පටිය අස්සෙං කොලපාට සල්ලි කොලයක් අරගන්නව. අයිස්කිරිංකාරයා අපි ඉන්න තැන නවතිනවා.
"එකද්දෙකයි පනහයි"
"හතරද්දෙන්න."
හංසනීගෙ අතේ තියෙන රුපියල් දහය සරමෙ ඔලොගුවට දාගන්න අයිස්කිරිංකාරයා හැඬල්ලෙකේ තියෙන පෙට්ටියෙං ගොටු අරගෙන ලැකිජ්ජෙකේ තියෙන පෙට්ටියට හැන්ද දාල අයිස්කිරිං අරං පුරෝනව. හංසනියි, බට්ටියි, නෝනක්කයි සුමිත්තයියයි වටවෙලා බලං ඉන්නව. මාත් සාක්කුවට අතදාල සල්ලි ගන්නව. සල්ලි ඔක්කොම රුපියල් තුනයි පනහක් තියෙනව.
"මේකෙං අයිස් කිරිං එකක් ගනිං. මං ගෙදෙට්ට දුවල සල්ලි ඇරං එන්නං"
සල්ලි ටික චූටිගෙ අතට දීල මං ගෙදර දුවනව. දොර ඇරගෙන ගෙට පැනල ගුරුලේත්තුවෙං දුංකල දෙක ඇදල දාල සල්ලි තියෙද බලනව. තව සත හැත්තපහක් තියෙනව. ඒක මදි. පෙරහැර එනව ඇති. මං ආපහු දොර වහගෙන කන්ද උඩට දුවනව. අයිස්කිරීං කාරය ගිහිං අනික් අය අයිස්කිරිං කනව. චූටි එක අයිස්කිරිං ගොට්ටක් අතේ තියං ඉන්නව. මාව දැක්ක ගමං එක් මට දෙනව.
"ආයියෙ. එකක් ගත්ත. අයිස්කිරිංකාරය ගියා."
"මට එපා. මං පොලේ ගියහං කන්නං. මං හැමදාම පොලේ යනවනෙ. උඹ කාහං ඕක."
අපි දෙන්නට ඒක බෙදාගෙන කන්න දෙයක් නැති හිංදා මං කියනව. මං පර ගහකිං කොලයක් කඩාගන්නව.
"මේං මේකට ඔය අයිස්කිරිං ඇඹිංදක් දාහං"
චූටි අයිස්කිරිං ගොට්ටෙං අයිස්කිරිං ටිකක් පරකොලේට හලනවා.
"ඇති ඇති ඔයෑති."
"ඉඳහ්. බිංදු කාහං මේක"
මං පරකොලේ බිම තියනව. බිංදුවා නගුට වනවනා පරකොලේ තියෙන අයිස්කිරිං ටික ලෙවකනවා.
"මං මේ ගොටුව කන්නෑ."
හංසනී එයාගෙ අතේ තියෙන අයිස්කිරිංගොටුවෙ අයිස්කිරිං ටික කාල ගොටුව විසිකරන්න හදනව.
"කෝ දෙන්නකො මට ඕක."
හංසනී පුදුම වෙලා මාදිහා බලල අයිස්කිරිං ගොටුව මට දෙනව. මං ඒකත් බිංදුවට කවනවා. චූටිත් අයිස්කිරිං ගොට්ටෙ කෑල්ලක් ඉතුරු කරල බිංදුවට දෙනව. බිංදුවගෙ නගුට තව හයියෙං වැනෙනව.
සරමක් කැහැපොටගහගෙන කමිසෙ උඩ බොත්තං දෙකත් ඇරගෙන විටක් කාගත්තු මනුස්සයෙක් වංගුවෙං මතුවෙනව. එයාගෙ අතේ වට දෙකතුනක් ඔතපු කඹෙයක් තියෙනවා. එයා එන්නෙ ගැරඬියා යනව වගේ දෙපැත්තට වැනි වැනී. අපි ඉන්න තැනට ඇවිත් නැවතිලා කඹපොට දිගාරින ගමං වැනි වැනී එයා අපිට මෙහෙම කියනවා.
"ළමයි එහෙට්ටලො ඉන්න... ඕං ඇඟේ වැදුනොත්තෙහෙම මන්දන්නෑ. හර්ද"
"ඕක කසෙයක්. සත්තපුරේ පෙරැහැරේ ඔයිං කීපයක්ම ගහනව හරි සද්දයි."
මං චූටිට ඒ ගැන කියා දෙනව. කසකාරයා පාර මැද්දෙ හිටගෙන කඹේ වනන්න ගන්නව.
"හුස් පුස් හුස් පුස්"
කඹේ හුළඟ කපාගෙන දෙපැත්තට වැනෙන සද්දෙ විතරයි. පුපුරන සද්දෙ ඇහෙන්නෑ. බිංදුවා බුරන්න පටංගන්නවා. මං ඌව කංකෙටියෙං අල්ලගෙන හොස්ස මිරිකගන්නව.
"මේ ලබ්බ අම්මගෙ රෙද්ද. යකෝ දැං අතන පහල වංගුවෙ ගහද්දි හොඳට සද්දි තිවුන දැං නෑනෙ."
කසේ නවත්තල තව දෙපාරක් විතර වැනිලා කෙලිං හිටගන්න කසකාරයා කසේට බැනල ඒක අකුලගන්නව. ආයිමත් වැනිවැනී කරුණෙ මාමලෑ ගේ ගාවට යනව. එතනත් සෙනග ඉන්නව. කසකාරයා කඹේ දිගෑරල වනනව. එතනදිවත් සද්දෙ එයිද කියල අපි බලං ඉන්නව. එතැනදිත් හුලං සද්දෙ විතරයි. කසකාරයා ආයිමත් කසේට බනිනව.
"යකෝ අතෙන්දි තිවිච්චි සද්දෙ මෙතෙන්ට එද්දි නෑනෙ. මොන බඩ කැවුත්තද්ද මංද"
ඊළඟට එන්නෙ දවුල් ගහන ජයවර්දන මාමයි දවුල් ගහන අදාසේනෙ මාමයි. ජයවර්දන මාම සරම කැහැපොට ගහල මේස් බැනියමක් ඇඳගෙන ඔලුවෙ ජටාවකුත් බැඳගෙන දවුල ගහද්දි අදාසේනෙ මාමා ඔලුව බිමට නමාගෙන පාරෙ හැමපැත්තටම හැරිහැරි තම්මැට්ටමට වකුටු කෝටු දෙකකිං ගහනව.
"අර නැටුං කොරන ලමයින්ට එන්න කියන්නකො විජහට. මට මේක ගගහ ඉන්න බෑ මෙතන."
ජයවර්දන මාමා බෙරේ ගහන ගමං කෑගහනව.
ඊළඟට එන්නෙ අද්දිග සුදු කමිසෙකුයි සුදු සරමකුයි ඇඳගෙන දිග ලාඩප්ප කෝට්ටක අමුනපු බෞද්ධ කොඩියක් කෙලිං අල්ලගෙන එන වඩු ඉස්කෝලෙ මහත්තයෑ පුතා. එයා තමයි දහම්පාසලේ හොඳම ළමයා. එයා කොඩිය හරි කෙලිං අල්ලගෙන අපි දිහාවත් නොබල යනව. අපි එයාට ඔරෝනවා. හුඟක් ගෙවල්වල ළමයින්ට ගෙදරිං ගුටි වදිනකොට දෙමව්පියො තාලෙ අල්ලන්නෙ එයාගෙ නම කියල.
"බලහල්ල අර වඩුයිස්කෝලෙ මහත්තෑ ළමෙය. කිසියම්ම කිසිවදයක් නෑ."
ඔය හිංදා අපිට වැඩිමල් ලොකු අයියලා එයාව දුටුතැන ගහල පන්නනවා.
පෙරහැරේ එයාට පිටිපස්සෙං ඩොලැක්කියක් ගගහ එන්නෙ එගොඩහගොඩේ පාලමගාව බීඩි බිබී ඉන්න මිනිහා.
"තක් බුං බුං තක් බුං බුං"
කියලා ඩොලැක්කෙ ගහද්දි බිස්ටල් බෝඩ්වලිං හදාගත්තු කොලපත් වගේ කුලු කීපයක් අරගෙන කුලු නැටුං කණ්ඩායමේ ළමයි ටික එනවා. ඒ කණ්ඩායමේ ඉන්නෙ හැමදාම දහම්පාසල් යන, වැරදි වැඩ කරන අය ගැන හාමුදුරුවන්ට කියන දහම්පාසලේ හොඳම ළමයි ටිකක්. නට නටා කන්ද නැගල හති වැටිච්චි ඒ කට්ටිය කාඩ්බෝඩ් කුලුවලිං පවං ගගහ දිව දොට්ට දාගෙන හති අරිද්දි ඩොලැක්කෙ ගහන කෙනා කෑ ගහනව.
"මේ මෙතන කට්ටිය බලා ඉන්නව නටන්නෝනැ"
කුළු නැටුං කණ්ඩායමේ ලමයි ටික අපි දිහා දත්කූරු කාගෙන බලල එක කකුලක් නමල ඩොලැක්කියෙ තාලෙට කිසිසේත්ම ගැලපෙන්නැති තාලෙකට අනික් කකුලෙං උඩ පැනල කුල්ලෙං අති ඉන්න පැත්තට පොලනව. ඒ කුල්ලෙ හාල් තිබුනනනං ඒව අපේ ඉහටත් උඩිං යන්න තිබුනා. ආයිමත් නමං ඉන්න කකුල දිගෑරල අනික් කකුල නමල පාරෙ අනික් පැත්තෙ පරගස් ගාල දිහාවට හැරිල කුල්ල උඩට ගස්සනව. නැටුම පරක්කුවෙලා පටං ගත්ත කෙනෙක් අපේ පැත්තට කුල්ල ගස්සන්න ගිහිං එයා ළඟ ඉන්න කෙනා පරගස් ගාල පැත්තට ගස්සන කුල්ලත් එක්ක හැප්පිලා කුල්ලෙ එක කොනක් ඉරිල යනව. කීප විටක් එහෙට මෙහෙට ගැස්සුවට පස්සෙ කුලු නැටුං කන්ඩායම ආයිමත් හැල්මෙ යනව. ඒ කට්ටිය පස්සෙං දහම්පාසලේ උගන්නන මල්ලිකා නැංදයි ශ්‍රියානි නැංදයි අත් අල්ලගෙන යනව.
ඒ පිටිපස්සෙං රබං ගහන මනුස්සයෙක් තවත් නැටුං කණ්ඩායමක් දක්කගෙන එනව.
"බුං ටට්ටක් බුං ටට්ටක්"
දෙපැත්තෙ ඉටිකොල රැලි අල්ලපු අතක් විතර දිග ලාඩප්ප කෝටු දෙක දෙක අතේ තියාගෙන එන ලීකෙලි නැටුං කණ්ඩායමත් හැමදාම දහම්පාසල් ගිහිං අහුවෙච්ච කාණ්ඩයක්. ඒ ගොල්ලත් අපිව දැකපු ගමං හති ඇරිල්ල නවත්තල අපිට ඔරෝල වං කකුල නමල අනික් කකුලෙං උඩ පැනල අත්දෙක උඩට කරල කෝටුකෑලිදෙක එකට හප්පනව.
"ත්‍රක්"
ආයිමත් ඒ කකුල දිගෑරල අනික් කකුල නමල පරගස් ගාල දිහාවට හැරිල කෝටු කෑලි දෙක හප්පනව. රැලි දෙකතුනකුත් බිම වැටෙනව. ආයිපාරක් උඩ පැනල ළඟ ඉන්න කෙනාගෙ අතේ තියෙන පොල්ලට ගහනව. කීප විටක් කෝටුකෑලි හප්පල පෙන්නල ඒගොල්ලොත් හති ඇරඇර කන්දෙ ඉතුරුටික නගිනව. දලු ලොරියක් හෝන්ගහගෙන කන්ද නගිනව. පෙරහැර පාරෙං අයිනට වෙලා ඉඩදෙනව. ලොරිය ගිහිං දුං ටිකත් පාවෙලා ගියාට පස්සෙ පෙරහැර ආයිමත් පාරට එනව. මොටෝ සයිකල් එහෙම පාරෙං අයිං වෙලා යනව.
පුස්ප නැංදගෙ නංගිත් සීනි පිට්ටු කටු දෙකක් වගේ නූළකිං අමුනපු පිත්තල පියං දෙකක් එකට ගගහා එනවා.
"ටිං ටික්. ටික් ටික්"
එයා දක්කගෙන එන්නෙ කලගෙඩි නැටුං කණ්ඩායම. ඒ කට්ටිය පිටිපස්සෙං දහම්පාසලේ ගෑල්ලමයි ටිකක් කවි කියකියා එනව.
"අහකට පිඹිනා...
එරං කලේයා...
කලගෙඩි කණ්ඩායමත් අපිට ඔරෝල කකුලක් නමල උඩ පැනල කලේ බිම අනින්න වගේ පහලට දික්කරනව.
පොලඟට පිඹිනා
කූඹි කලේයා..."
ඒගමන අනික් කකුල නමල උඩ පැනල පරගස් ගාලෙං උඩ සිරිපාල මාමගෙ තේ කෑල්ල දිහාවට කලේ දික්කරනව.
ගුන්තිලක මාමලගෙ ගෙදර සුදුවා පෙරහැර බලන්න පාරට එද්දි උංගෙ ගෙදර ඉන්න අන්ඩක් කැඩිච්චි බල්ලා අඬු තුනෙං තුම්පිම්ම පැනගෙන පාරට එනවා.
"ව්...රැව් රැහ්"
මගෙ කකුල්දෙක මුල ඉන්න බිංදුවා එකපාරටම බුරන්න පටං ගන්නවා.
බිංදුවගෙ බිරුං දෙකට සුදුවෑ බල්ලා නගුටෙං අමුඩෙ ගහගනිද්දි බිංදුවා උගෙ ඇඟට පනිනවා. බලු පොදිය පෙරහැර මැදට පනිද්දි නැටුං කණ්ඩායම අහකට පිඹපු එරං කලෙයක් බිම වැටෙනවා. ගායනා කණ්ඩායම ගිරියටිං කෑගහගෙන පොලු නැටුං කණ්ඩායමත් පහුකරගෙන දුවනවා. ඒ බලු ගාලගෝට්ටිය පාර අයිනෙ කැකිල්ල ගාලක් තලාගෙන කාවැටිල ආපහු නැටුං කණ්ඩායම සීසිකඩ විසිකරගෙන අපේ පැත්තට පනිද්දි මං බිංදුවගෙ පටියෙං අල්ලගෙන උගෙ එක කනක් කරකෝනව. සුදුවලෑ අන්ඩ කැඩිච්ච බල්ලා "කැව්කැවුක් කැව් කැවුක් කැව් කැවුක්" කිය කියා ආපහු ගෙදර දුවනවා. ගායක කණ්ඩායමේ එක්කෙනෙක් බිඳිච්ච එරං කලේ කෑලි ටික එක්කහු කරගන්නව. බිංදුවා මගෙ කකුල් දෙකට හිරවෙලා කන අතාරින්න කියලා බෙරිහං දෙනවා.
ඊළඟට එන්නෙ කොල්ලයි කෙල්ලයි ජෝඩුවක්. අපේ ලොකු නැංදගෙ පුතා බඩ මැදිං බෙල්ටෙක හිටින්න දිග කලිසමක් ඇඳලා කමිසෙත් කලිසමට යටකරලා හොඳ සෙරෙප්පු කුට්ටමක් දාගෙන කොල්ලා විදිහට යද්දි නන්ද නැංදගෙ මල්ලි ගවුමක් ඇඳලා කොණ්ඩෙ වගේ හිටින්න හවරියකුත් දාගෙන එයාගෙ අතේ එල්ලිලා කෙල්ල වගේ යනවා. අපි හිකි හිකි ගාල හිනාවෙනවා.
වෙස්මූණු දාගෙන, බඩේ දැලි ගාගෙන, ඉස්කෝලෙ අඳින නිල්පාට කොටකලිසමට උඩිං කොල අතු එල්ලගෙන උණ කෝටුවලට බැඳපු නූල්වලිං හදාපු දුනුයි බටලී පතුරු ඊතලයි අරගෙන යක්කුද වැද්දොද නොදන්නා නැටුං කණ්ඩායමක් ඊළඟට එනවා. ඒ ගොල්ලංව දක්කන්න කෙනෙක් නෑ. විටිං විටේ හූ කියන ගමං ඒගොල්ලො පාර අයිනෙ ඉන්න ළමයින්ගෙ ඇඟට පැනලා බය කරනවා. ආයිමත් දුන්නට බට පතුරක් තියල අපි දිහාවට කුරුමානං අල්ලනවා. අපිවත් බයකරන්න අපේ ඇඟට පනින එක වැදි යකෙක් බිංදුවගෙ ගෙරවිල්ලට බයේ ආපහු දුවනවා.
"හූ.... කලු පූසෝ.... හූ...."
එක වැද්යකෙක් අඳුරගත්තු සුදුවා හූ කියනවා.
"අඩෝ ගෑනු ටොක්කා.. තෝ අහුවෙයංකො."
සුදුවගෙ හූවට ලක්වෙච්ච වැදියකා දුන්න උරුක්කරලා සුදුවට තර්ජනේ කරනව.
ඊළඟට එන්නෙ බයිසිකල්කාරයො ටිකක්. කෝටුවක අගිස්සෙ සිදලං ගෙඩ්ඩක් හරි ජම්බල පලුවක් හරි උලගහලා ඒක වටේට වෙසක්කොල වලිං හදපු මල් අලෝපු ඉරට කූරු උලගහලා හදාගත්තු ඉත්තෑවෙක් වගේ එකක් බයිසිකලේ බැඳගෙන කීප දෙනෙක් එනවා.
"ආ...නේ.. අර.... නෝනක්කෙ අර මල්ගස් හරීඊඊඊ ලස්සනයි"
හංසනී ඒ බයිසිකල්වල තියෙන කෝටුවල උලගහපු ඉත්තෑවො වගේ ඒව දිහා බලාගෙන කියනව. ඒවා මල්ගස්ද ඉදල්ද කියල හිතාගන්න බැරුව මාත් ඒ දිහා බලං ඉන්නව. අනික් අය බයිසිකලේ තල්ලු කරගෙන එද්දි පීටර ආතලගෙ ගෙදර වසන්ත විතරක් හිටගෙන බයිසිකලේ පැදගෙන එනවා. ඒ අතරෙ වැදියකෙක් ආපස්සට හැරිලා දුනු බටපතුරු එල්ල කරලා වසන්තට බනිනවා.
"වසන්තයියෙ තෝ ආයි බයිසිකලේ ගෙනැත් මගෙ ඇඟේ ඇන්නොත් හිල්කොන්නොව ටෑර්රෙක. දැනගනිං."
ඒ අතරෙ විමලසේනයි, පියරත්න බාසුන්නැහැයි බයිසිකල් දෙක එක කිට්ටුවෙං තල්ලුකරගෙන යන ගමං කයිවාරු ගහනව.
"අපේ කුඹරෙ නං දැං ඒ තරං එරෙන්නෑ"
"දිය හබොල්ල ගාලක් හැදිල තිවුනනෙ"
ඒ දෙන්නගේ බයිසිකල්වල බැඳපු මල්ගස් දෙකේ උඩ ඉරට කූරු එකට පැටලිලා කීපයක් කැඩිල බිමටත් වැටෙනවා. අපි කෑගහනව.
"විමලසේන මාමේ ඔන්න ඉට්ට කූරු පැටලිලා. ඔය ඔය උඩ උඩ"
ඒ දෙන්නා උඩ බලලා බයිසිකල් දෙක ඇලකරලා පැටලුං බේරගන්නවා.
පේමදාස මාමා රෙද්දකිං වහපු මොකද්ද එකක් ඔලුව උඩ තියාගෙන යනවා. වත්ත පාරෙ නිමල් අයියා පංසලේ හාමුදුරුවො ගාව තියෙන ජාතියෙ කහපාට කුඩයක් එයිට උඩිං ඉහලලා අල්ලගෙන යනවා. ඒ එක්කම නෙස්ටමෝල් බෙලෙක්කෙකිං හදාපු කැටයක් අරගත්තු හීං ආතා එනවා. එයා ගේන බෙලෙක්කෙ වටේට සුදුපාට හාප්සීට් කොල අලෝලා. පියනෙ විතරක් පිංකැටේ තියෙන ජාතියෙ හරහට කපාපු කට්ටයක් තියෙනවා. ඒකෙං සල්ලි දාතහැකි. හීං ආතා පාරෙ දෙපැත්තෙ ඉන්න සෙනග පොදිය මැද්දට කඩා වදිනවා.
"හාහාහැමෝම මේ කැටේට පඩුල්ලන්න පඩුල්ලන්න. සද්දහයෙ එව්ව එහෙම දාන්නෙපා. සල්ලි කොල උනක්කමහ්නෑ. ඔය සුනිම්මල්ලිලෑ දූ ගාවෙහෙම සල්ලියැති පඩුල්ලන්න මේකට. පිංසිද්දවෙනව"
හංසනී ඇඹරෙනවා. එයාගාව තිවුන සල්ලි අයිස්කිරිං කාල ඉවර උනානෙ. නෝනක්කයි සුමිත්තයියයි ගාවත් සල්ලි නෑ. ඒ දෙන්නත් හංසනී එක්ක ඉන්නෙ ඒකනෙ.
"සල්ලි ඉවරවුනා...."
හංසනී ඇඹරි ඇඹරි ගවුමෙ පටියත් අඹරෝන ගමං කියනවා.
"ඈ..පෝ... තාත්ත මුදලාලි නේද? ෂැහ්.. කමහ්නෑ"
හීං ආතා ආපහු හැරෙනව. එයා අපෙං අහන්නෙ නෑ. අපිගාව සල්ලි නෑ කියල හිතෙන හිංද වෙන්නැති.
"ආහ් මේ සුපියල දාන්න"
අයිස් කිරිං කන්න මදිවුන සල්ලි එකයි හැත්තපහෙං රුපියලක් මං හංසනීගෙ අතට දෙනව. හංසනී ගවුමෙ පටිය අතෑරල ඒක අරං හීං ආත ඉස්සරහට පැනල කැටේට සල්ලිය දානව.
"දැං එහෙනං නෑ කිව්වෙ"
හීං ආත අහනව. හංසනී ආයිමත් ගවුමෙ පටිය අඹරෝනව.
"මේටික උඹද්දාහං"
අනික් සත හැත්තපහ මං චූටිට දෙනව. චූටිත් හීං ආත පස්සෙ එලවගෙන ගිහිං කැටේට සල්ලි දානව.
"ටලස්"
පේමදාස මාමා රෙද්දකිං වහං ඔලුවෙ තියාගෙන යන එක දිහාවට වැඳගෙන පංසලේ උපාසකම්මල නඩේම යනව. සෙනග ඉන්න තැං ළං වෙද්දි ඒගොල්ලං අත්දෙක නලලෙ තියල හයියෙං සාදු කියනව.
"සාහ් සාහ් සාහ් සාහ් සාආආආහ්ක් සාහ් සාහ් සාහ් සාහ් සාආආආහ්ක්"
ඒ නඩේ ඉන්න සුබරත් මැණිකෙ ආච්චම්මා සාදු කියන ගමං පාර අයිනෙ ඉන්න අපිටත් සැර කරනව.
"ළමයි සාදු කියනවලකො. පවුසිද්දකොරගන්නැතුව. පෙරහැර බැලුවං සාදු කියන්නෝන. නැත්තං පිං සිද්ද වෙන්නෑ"
අපිත් දෑත නලලෙ තියාගෙන සාදු කියනව. ඊළඟට යන්නෙ මහතුං මාමලෑ ගෙදර නැංදා. එයා ගෝනිලනුවකිං බැඳපු බෝතලේකුත් අතේ එල්ලගෙන ලාම්පුතෙල් ගේන්න හන්දියෙ ගුණසේකර මාමගෙ බාරෙකට යනව. එයිට පිටිපස්සෙං දලු කඩන්න ගෙනිච්ච කවර මලු, පෝච්චි, ගෝනි එහෙම අරගෙන මඩුගෙයි සුදුමාමයි නැංදයි යනව. එයිටත් පිටිපස්සෙං යක් වැද්දෙක්ට ඇඳපු ළමයෙක් කනෙං ඇදගෙන කෙලිංකන්දෙ අනුරගෙ පවුල යනවා.
"තෝ යම.. යමකො. තොට මං දෙවන්න දෙකක්. ඩිංගක් නටපියකො පෙරහැරේ. තව ටිකයි දුර නටහං ගිහිං."
යක් පැටියට ඇඳං ඉන්න අනුරගෙ ළමය උඩ පැනලා බෙරිහං දෙනව
"බෑ යකෝ... මට ඉන්න දීපාං."
අනුරගෙ පවුල ළමයගෙ ඉනේ තියෙන කොල අත්තක් ඇදල ඇරං ළමයගෙ පිට හරහට දෙකක් දෙනවා. ළමය තවත් හයියෙං අඬනව. ඒ දිහා බල බලා හිනවෙවී තව ගෑනු අය දෙන්නෙක් යනව.
"යං පෙරෑර ඉවරයි"
අපි ආපහු පෙරහැරේ වග විස්තර කියෝ කියෝ ගෙදර යනව. හංසනියි බට්ටියි එහෙමත් අපේ ගෙවල් පාරෙන්ම යනව. බිංදුවත් කිසිම වැරැද්දක් නොකරපු ගාන්ට අපේ ඇඟේ හැපි හැපි යනවා. පෙරහැර බලන්න කන්ද නගින ආච්චම්මා
"පෙරැහැර ගියාද"
කියල අපෙං අහනව.
"දැං හන්දියෙ ඇති."
මං කියනව. ආච්චම්මා චූටිට බැන බැන ආපහු හැරෙනව.
"මේං මේකි මගෙ හැට්ටෙ කටුටික නැතිකොල්ලනෙ. මෙච්චෙල්ල ඒක හෙව්ව. අපසාදෙ. පඬුරද්දාගන්න බැරිඋනානෙ."
චූටිට ඒවයේ වගක් නෑ.
"අයියෙ පෙරෑර බැලුවහං පිංසිද්ද වෙනවද?"
චූටි මගෙං අහනව.
"වෙන්නැති බං"
මාත් උත්තර දෙනව. පන්සලේ කොයි වැඩේට අතගැහුවත් පිං සිද්ද වෙනවනෙ.
"ඒකනෙ බිංදුවෝ උඹ වැරදි නොකර පෙරෑර බැලුවනං පිංසිද්ද වෙනව."
චූටි බිංදුවට කරුණු පැහැදිලි කරනව. බිංදුවා නගුට වනලා ඒ කාරණාව පිළිගන්නවා.
අපි ගෙදර එද්දි වට්ටිය පෙරලගෙන බල්ලෙක් කුස්සියට පැනල පොල් බෑය අරං ගිහිල්ල. ඒකට අම්මගෙං බැනුං අහන්න වෙනව. ගුරුලේත්තුව ඇදල දුංකලේ ලිහාදාපුවට තාත්තගෙනුත් බැනුං අහන්න වෙනව.
***********************************************************
පහුවදා ඉස්කෝලෙදි ඉන්ටෝල්ලෙකේදි හංසනී මං ඉන්න තැනට එනව.
"ආ... ඊයෙ දුන්නු රුපියල"
දිලිසෙන රුපියලේ සල්ලියක් මගෙ අතට දීල හංසනී ආපහු හැරෙනව. සුදු ගවුමෙ රැලි ටිකත් වට බාගයක් කැරකිල ආපහු යනව.

බිංදුයි මායි |

![]() |
පරගස් |

හැදියංකෝ අර වඩුයිස්කෝලෙ මහත්තලෑ ලමයා වගේ.. එහෙනං මේ රෑ තිස්සේ අපිට කිසියම්ම කිසි වදයක් නෑ නොව.. සුවල්ප වදයක් ද මෙහෙම හිනා වෙන්න ගියාම..
ReplyDeleteආන්න දැක්කද? කමියත් ඔය කියලා තිියෙන්නේ. ඇත්ත කියහන් උඹ හන්සනීගේ ගුවම් කැරකෙන් කොට වෙසක් පොසොන් පේන හැටි බැවවා නේද?
Deleteමොනව කොරන්ඩද? ඌත් ගියානෙව අන්තිමට ඒ පැත්තෙ හිටපු නොම්බර එකේ මිනිමරුවෙග්ගෙ දෑත ශක්තිමත් කොරන්ඩ.
Deleteගුනසේන මහතා, අනේ මට ඒ දවස්සොල ඔය හැඟුම් පහලවෙන කාලෙ ලබල තිවුනෙ නෑනොවැ.
ඉතාම අලංකාරයි . පෙරහැර වගේම වචන පෙළහර.
ReplyDeleteආලෝක ගෙදර මහතා,
Deleteපෙරහැර නෙමී පෙරෑර පෙරෑර
"කෝපී කෝපි කොපි කෝපී" මාර කනක් බං උඹට තියෙන්නේ...
ReplyDeleteමගෙ රෙකෝඩින් වෙන තැටි සෙට්ටෙක ටිකක් අවුල්. ඒ හංදා කියන දේ නෙමෙයි ඇහෙන්නෙ.
Delete/හුඟක් ගෙවල්වල ළමයින්ට ගෙදරිං ගුටි වදිනකොට දෙමව්පියො තාලෙ අල්ලන්නෙ එයාගෙ නම කියල./
ReplyDelete/"බලහල්ල අර වඩුයිස්කෝලෙ මහත්තෑ ළමෙය. කිසියම්ම කිසිවදයක් නෑ."/
/ඔය හිංදා අපිට වැඩිමල් ලොකු අයියලා එයාව දුටුතැන ගහල පන්නනවා./
මේක තමයි මට අල්ලලම ගිය කෑල්ල.හෙහ්,හෙහ්,
යකෝ බලාගෙන යනකොට දහං පාසලේ හොඳ ලමයිංට දඬුවමක් නෙව දීල තියෙන්නෙ... කුලු නැටුමයි, වැදි නැටුමයි, කල ගෙඩි නැටුමයි
ආං ඒකයි හොඳට වැඩ කරන එකාට වැඩ වැඩියි. ආං ඒකට අපේ නන්දසිරි. ඕනි වාහනයක් නියරක් දිගේ උනත් ගෙනියයි. හැබැයි, ආණ්ඩුවෙ වාහනයක් එලෝල නෑ අවුරුදු දෙහෙකිං. රස්සාව රජයේ රියදුරු.
Deleteමේක කඨින පෙරහැරම කියල ෂුවර්ද?
ReplyDeleteමේක තමයි කටිනෙ මහන්න ගෙනියන පෙරහැර
Deleteමොනව උනත් පෙරහැරට වඩා හංසනීදිහෑ බලලවගේ :D
ReplyDeleteආං බලාං. හරියටම බැලුවොත් තුම්පාරයි. අනික් එව්ව කොච්චර බැලුවද? ඒව බොලට පේන්නෑ.
Deleteහංසනී😉😉
ReplyDeleteදන්න කෙනෙක්ද?
Deleteඑල...
ReplyDeleteනැතුව නැතුව
Deleteමට හංසනී ගැන දුක හිතුණා.... පෙරහැර වරුණේ නම් නියමයි කියලා වැඩක් නෑ..
ReplyDeleteදුක හිතෙන්න ඕනැ. එදයි අදයි දැක්කම.
Deleteකෝ බං හංසනි
ReplyDeleteඉන්නව ඉන්නව
Deleteතම්මැට්ටම් ගහන්නේ "ආච්චි මළත් අපිට මොකද" කියලා නේද?
ReplyDeleteඅර කපල් එකක් යන සීන් එක කලින් අහලා නෑ.
මහඹබා නැද්ද?
ඒවා අපේ ගමේ අඩුවියදම් ක්‍රම. මහබබා ඉන්නෙ මහ සමන් දේවාලෙ පෙරෑරේනෙ.
Deleteරසවත් බ්ලොග් එකක්..අම්බලන්ගොඩ අයියා තමා පාර කිව්වෙ ..කාලයක් තිස්සෙම කියවා සතුටක් ලබනවා..බොහොම ස්තූතියි ..දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!
ReplyDeleteඅම්බලංගොඩයියා එළ මහතෙකි. මගෙත් ප්‍රියතම ලියන්නෙක්. එකම කරුමේ මිනිහට හුඟක් ඒවා ලියන්න බැරි එකයිනෙ.
Deleteඅයිස්ක්‍රීම් කාපු කතන්දරෙයි, සුරංග බිංදුවට අයිස්ක්‍රීම් දුන්න එකයි හිතට හුඟක් දැනුනා...
ReplyDeleteරහ පෝස්ටුවක්...
බිංදුවා මට හිටපු හොඳ යාළුවෙක්. හිත හොඳ කොල්ලෙක්. උගෙත් හොඳම යාළුව මං. මනුස්සයෙක් වගෙම තමයි. උදේට සීනියි කහටයි නැතුවම බෑ. දැන්නං මැරිලත් ඇති.
Deleteපේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
ReplyDeleteපේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ
චූටි චූටි චූටි ළමයි කොඩිගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා
සේසත් අරගෙන තෙල් මල් හිස ගෙන
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා
පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
ගායනය: ආර්. පී. ආරියසිංහ
ගී පද රචනය: ඩබ්ලිව්. ඒ. අබේසිංහ
තනුව: ලීලානන්ද රත්නායක
පේනව නේද ඔය දර්ශීය පෙරහරකයි අපේ පෙරෑරකයි වෙනස. අහසට පොලොව වගෙයි.
Deleteඅඩේ මරු හොදේ...හංසනියට මොකැ වුනේ....
ReplyDeleteතවමත් හොඳිං ජීවත්වෙනව. වැඩි විස්තර ලියන්න බෑ. ඒකිගෙ ළමයෙක්ට මතුයං දවසක අන්තර්ජාලෙ නිදහසේ ඇවිදින්න ඉඩ තියන්න ඕනැ නිසා.
Deleteමට නං අල්ලලම ගියේ හංසනීවයි චුටිවයි. දැන් මේ දෙන්න මොකද කරන්නේ?
ReplyDeleteහංසනී ගැන ලියන්න බෑ ඉහත හේතුව මත. චූටි නං හොඳ කොල්ලෙක්ව බැන්ද. දැං ළමයෙකුත් ඉන්නව. සාමාන්‍ය විදිහට ජීවත් වෙනව ඇති.
Deleteයකෝ මේක මාර පෙරහැරක් නෙ. කස ගහන එකා බීල ගියා උනාට සරම කැහැපොට ගහගෙන බෙර ගහන එකෙක් ඉන්න පෙරහැරක් ගැන ඇහුවමයි.
ReplyDeleteඒකනෙ අපේ ගමේ කෙරුවාව වෙනස් කියන්නෙ.
Deleteඔන්නෝක තමයි දහංපාසලේ නෙමෙයි මොන තැනක ගියා උනත් හොඳට ඉන්නෙපා කියන්නෙ. හොඳට ඉන්නෙකාට තමයි උරචක්කරමාල ඔක්කොටම කර ගහන්න වෙන්නෙ.
ReplyDeleteආං ඒකයි අයියා මාත් ඔපිස්සෙකේ මහජනයගෙ වැඩ ඇර අනික් සුකුරුත්තං වැඩවලිං ඈත්වෙන්න යන්නෙ.
Deleteමොක උනත් හංසනී හොඳ කෙල්ලක් වගෙයි. ඒකනේ බොලාගෙන් ගත්ත සල්ලි ආපහු ගෙනත් දුන්නෙ.
ReplyDeleteඋන්ට සල්ලි තිවුනා. අපි දුප්පත් කියල හංවඩු ගැහිල තිවුනෙ. ඒකනෙ පිංකැටේ උනත් අපිට දික්කරේ නැත්තෙ.
Deleteදැංනං කටින පෙරහැරවල් යන්නෙ තනිකරම හම්බ කරන්න තමයි. ඉස්සරහං ඕව ගියේ පාංදර එළිවෙන යාමෙ.
ReplyDeleteඇයි ඔය පෙරහැරේ කප්රුක උස්සගෙන ගියේ නැද්ද?
ඔය පෙරහැර යන්නෙ මහන ගෙදරටනෙ. රෑට සිවුර මහල ආපහු උදේට අරං එනව. එතකොටත් පෙරහැර. ඒකෙ නං නැට්ටුවො කරුවලේ එන්නෙ නටන්නැතුව. ටෝච්චෙක ඇල්ලුවොත් විතරක් පොඩ්ඩක් නටනව.
Deleteතවේකක්, අර පොටෝ කෑල්ල අවුරුදු කීයෙදි ගත්ත එකක්ද?
ReplyDeleteඅනිත් උන්ටත් කොමෙන්ට් ලියන්න ඉඩ තියහන් බං.
Deleteනෝ ප්‍රොබ්ලම්ස් ලොක්ක. ඔය පල්ලැහෑයිං ඕන තරං ඉඩ තියෙන්නෙ.
DeleteSaturday, September 05, 2009, 8:23:58 PM කියලයි සඳහං වෙන්නෙ. මට වයස විසි තුනක් විතර කාලෙ.
Deleteසම්මානේ ගන්න ඕකා ට්‍රයි එක
Deleteඅම්මප ප්‍රසන්නෙට සම්මානයක් දෙන්ටම වටිනවා. නැද්ද ගඟෙං ගොඩදාපු කට්ට කඳක්වත්.
Deleteදෙමළ නයන්න
Deleteඋබට මම විහිළු කරාට ඇත්තටම උබ කෙමෙන්ට් වලින් මුන්ට දෙනා සප් එකට මගේ හිතේ හැමදාම උබ ගැන තියෙන්නේ බක්තියක්
කිසියම්ම කිසිවදයක් නැතුව ඔපීසියේ කියල හිතන්නේ බලන්නේ නැතුව අතින් කට වහගෙන හිනා උනා...
ReplyDeleteඇත්තටම කෝ බං හංසනී...
මෙව්වටත් හිනා යනවද ලොක්කයියෙ? හංසනී තමුන්ට ඇත්තටම ලව්කොරපු කොල්ලව බැන්දා.
Delete
ReplyDelete"අහකට පිඹිනා...
එරං කලේයා...
පොලඟට පිඹිනා
කූඹි කලේයා..."
මුළු සටහන පුරාම කනට ඇහෙන විදිහට ලියල තියෙන විදිහ පංකාදුයි.
ආං එහෙමයි ඇත්ත ඇති සැටියෙං වාර්තා කරනව කියන්නෙ.
Delete"...කුසුමකුක්කාරාමයේ" ඒක නම් මරු ආරාමයක් තමා. කොහොම වුණත් පෙරහැර බැලුවා වගේම රස වින්දා. පුදුමයි ඔයා හංසනීව පරගහ උඩ නග්ගලා පරකොල නොකැඩුවා. හිග්.
ReplyDeleteඔය කුයන්න රුයන්න බව පන්සලේ බෝඩ්ඩෙකේ සඳහං වෙනව.
Delete//අහකට පිඹිනා...
ReplyDeleteඑරං කලේයා...
පොලඟට පිඹිනා
කූඹි කලේයා...//
උඹට හරියටම ඇහිලා ලියලා තියෙනවා.....
අපේ නෑනෙ ඔය විකුර්ති කතනය. ඇහෙන ලෙසටම ලියනවා.
Deleteමටත් අහන්න තියෙන්නෙ කෝ බං හංසනී... පොඩිවට වගේ මෙව්ව එකක් තිබිලා තියේ ඒ කාලෙ... නැහ්නං ඉතිං පුරාම හංසනී ගැන ලියන්නෝනැයැ
ReplyDeleteහංසනී ගැන හිතන්න දෙයක් තිබ්බෙ නෑ බෝ. මං හිතං හිටියෙ උන්දැ සල්ලිකාරයෙක් බැඳල තට්ටු තුනක ගේක ජීවත්වෙයි කියල. ඒ තරං උස අනාගතයක් තියෙන එකා ගැන මොනව හිතන්නද? අනික හංසනී මට දවස් දෙකක් හෝ තුනක් වැඩිමල්. අනික ඒ කාලෙ මගෙ ළමා කාලෙ බෝ.
Deleteපෙරහර බෙරපද :
ReplyDeleteරඹකඳං වගෙ එල කකුල් දෙක - රඹකඳං වගෙ එල කකුල් දෙක
දැන් දුන්නොත් දැං ගහනව - දැං දුන්නොත් දැං ගහනව
*ත්ත *කට දැම්ම කලට - ඇටේ පැන්න දොර මුල්ලට
හෙක් හෙක් හෙකේස් හෙක්... මරු බෙරපද ටික. වහාම අපේ චුට්ටෙයට පාඩං කරවන්න ඕනි.
Deleteගොඩපර? දියපර?
ReplyDeleteෆොටෝ එකේ තියෙන්නේ දියපර...
Deleteඔය පර කොල කියන්නෙ ඩිස්පෝසබල් ප්ලේට් වෙනුවට පාවිච්චි කරන්න ඇහැක් දෙයක්.
Deleteඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි..
ReplyDeleteඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි..
ජයවේවා..!!
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි - රෑට වවුලො මොරගෙඩි කති
Deleteඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි..
Deleteසුපිරි බටිල්ලා..
පෙරහැර බැලුව වගේ... කියවන්න පටන් ගත්තේ ඔෆිස් එකේ බාගෙට නවත්තලා ඉතුරු ටික ගෙදර ඇවිල්ලම කියෙව්වා.... හිතේ හැටියට හිනාවෙවී.
ReplyDeleteඅන්දිරිස් පෝන්නෙකක් තියෙනවනං බස්සෙකේ එනගමං කියෝල රටට විහිළුවක් වෙන්නත් තිබුනා. මම නං හුඟක්ම ඒව කියවන්නෙ පෝන්නෙකෙං.
Deleteඑතකොට පෙරහැරට වැඩිය හංසනී විතරයි පෙනිල තියෙන්නේ නේහ්.
ReplyDeleteඅර බලු ජෝගිය නං මරු ඈ. බුහා.. ටොප් හැටයි බං
ඇත්තටම තුංපාරයි බැලුවෙ.
Deleteකොහොමද බලු පෙරයක් මැදට පැනල බල්ලෙක් අල්ලගන්නකොට තියෙන ගැම්ම. අපේ බිංදුව ගෙවල් දෙකක සුරතලා හිංදා උගේ හයිය ගාය වැඩියි. නගුලට බඳින්න පුළුවං.
අම්මපල්ල ඇහුවයින් ඇහුවේ නැහැ මේ වගේ පෙරෑරක් මං කියන්නේ ...
ReplyDeleteබොලාත් අර වඩුයිස්කෝලෙ මහත්තෑ ළමෙය වගේ හැදුනා නං නේද හොඳ ... කර ගල්ලකෝ පිනක් දහමක් ඔය පෙරෑරක ගොහිල්ල වත් !
මෙව්ව මොනවද බොස් අපේ ගමේ තියෙන අනික් වැඩ ඇහුවහං.
Deleteපව් වයසක ආච්චම්මා. :)
ReplyDeleteරහ පිරුණු කතාවක්.
ජයවේවා!!!
ආච්චම්මා ඒ දවස්වල හිටියෙ ලංකෝනිස් තරං කෙට්ටුවට. අපිටත් ඒ දවස්වල වගේ වගක් නෑ උන්දැ ගැන.
Deleteබලං ගියාම පෙරහැර ගොහිං තියෙන්නෙ හංසනීගෙ ගවුමෙ රැලිවටේනෙ හිටං...
ReplyDeleteමිං මනතට කිසිදු ගවුමක් ගැන නොලියා සිටිමි. ඉස් ඇට් තිංකිං "යකෝ මේක හරි වැඩක්නෙ"
Deleteබොලා මේ පොස්ට් එක ඇතුලේ පෙරහැර උක්තය විදිහට තියාගෙන ලිව්වට පේනවද අපේ පාඨක රසික රසිකාවියෝ පෙරහැර ආක්‍යාතය කරලා හංසනී උක්තය කරගෙන තියන අපූරුව.. බලහන් අපේ පාඨක ජනතාව කොයිතරම් සූක්ෂම විදිහට කියවන උදවියද කියල.. උඹ කොයිතරම් උක්තය ආක්‍යාතය කරලා ලියාගෙන ආවත් කියවනකොට හරි තැනට උක්තය දාල හරි තැනට ආක්‍යාතය දාල කියවන්න අපේ මිනිස්සු දක්ෂයි..
ReplyDeleteපොස්ට් එක මරු ඈ....
මෙන්න මු හංසනීට මොනවද කරලා
Deleteපෙනේයි පෙනෙයි අම්බලංගොඩයියේ.
Deleteමැන්ඩිස් බ්‍රා, මං මොකෑ කොලේ.
අම්බලංගොඩයියා අක්ත උක්ත අකත්ත තව මොනවද උබ කරයි කියන්නේ
Deleteසුපිරියි ..!
ReplyDelete+++++
Deleteඋඹලා හැමෝම මේ සංසනියක් ගැන අහලා මුගෙ තල පරිගනෙකෙයි, බත් පතයි පැදුරු කඩමාල්ලයි අහිමි කරන්න හදන්නෙ. ඒක පොසි ක්‍රෂ් එකක් විතරයි
ReplyDelete'ස' යනු අවභාවිතය හෙලා දකිමි.
Delete-කො.ක.ස.-
හංසනී මට වැඩිය දවස් දෙක තුනක් වැඩිමහල්. අක්කෙකි.
Deleteඅවුලක් නෑ බං.. දවස් දෙකයිනේ..හැක්..
Deleteඅම්මේ ඉන්න බැහැ බඩ රිදෙනවා පෙරහර බලලා ...
ReplyDeleteචුටි මැණිකේ නෙමෙයි නේද මේ හංසිනි
නෑ නෑ මේ වෙනිං කෙනෙක්.
Deleteබඩ රිදෙනවනං ක්‍රි්මිරාජ කරල් ගුලි දෙකක් දෙහි ඇඹුලෙන් දියකරල බීහං ඔෆිස්සෙක ගඳ ගස්සන්නැතුව.
Deleteගල් අරක්කු හොද නැද්ද දිය කරන්න
Deleteකොහොමත් ඒ කාලේ ඉස්කෝලේ දහම් පාසලේ හැම වැඩටම ගන්නේ හොඳම ළමයි. අපි කැලේ. අපේ ඉස්කෝලෙයි දහම් පාසලෙයි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටපු කොල්ලා දැන් හෝටලේක බාර් මැනේජර්.
ReplyDelete