මුල් කොටහ පොජෙට්ටෙක 1 -ඇල්ල බැඳිල්ල
ඒ අතරේ අපේ ගෙවල්ගාව පිස්සු මඩමක් හදන්න පාරක් කපලා ගෙපල ඇදලා තිබුණු කන්දෙ අනික් පැත්තෙ දං ගස් ලවලෙ විසාල ගෙපලක් කපලා "බිල්ඩිං" හදන්න පටං ගන්නවා. ඒවා සුද්දන්ට ඉන්න හදන ඒවා බව කටකතා පැතිරෙනවා. ඇල්ල බඳින වැඩේ ලොක්කො ටිකට ඉන්න හදන තැන හිංදා කාටවත් ඒ පැත්ත පලාතකවත් බලන්න යන්න දෙන්නෙ නෑ. ඇල්ල බැඳිල්ලෙං තමුංගෙ ඉඩං යටවෙන මිනිස්සු සුද්දන්ට ගහයි කියල සැක හිතලා වෙන්න ඇති. ඒ හංදා තවත් කුපිත වෙච්චි දරුමෙ මාමා හැන්දෑවක හොඳටම බීගෙන තමුංගෙ සරමෙත් පැත්තක් 'හරියක්' වගේ උඩට උස්සගෙන පාර දිගේ බැනබැන යනවා.
![]() |
චිත්‍රය ඇන්දේ මං |
"ඔය *ක හෝදන්නැති සුද්දොන්ට මං බයනෑ යකෝ. ඕකුං උඩිං එන්නෑනෙ. මංජුලෙයෑ කඩේ ගාවිං එපෑ යන්න. ඕකුං සේට්ටොම මං දෙන්නෙ ලාඩප්ප පොල්ලකිං. මං උපං ගම මම්ම බේරගන්නොව යකෝ.... මේ දරුමෙ ඒ ජාතියෙයායි කුව්වොක් කූව"
ඇල්ල බඳින තැනට පාර කැපෙන්න පටංගන්නෙ ඔය අතරෙ. ගඟට කිට්ටුවෙං මහ කැලේ මැදිං පාරක් කැපෙන බව මිනිස්සු කියනවා. අපේ ගමේ සමහර අය ***** මැඩංගෙං ලියුං අරගෙන ඇහිල්ලා එතන වැඩට යනව. ඒගොල්ල තමුං වැඩට යන්නෙ "ප්‍රජට්ටෙකේ" බව කියනව. "ඇල්ල බැඳිල්ල" කියන එක තවදුරටත් වයසක අයගෙ වචනයක් බවට පත්වෙනව. අපිත් ඇල්ල බැඳීම පැත්තක දාල ප්‍රජට්ටෙක පාවිච්චියට ගන්නව.
අල්ලපු ගමේ ගෙදරක ලිපේ තියෙන හොද්දට දාපු ලුණු කැට ගානත් දැනගන්න තරං තොරතුරු තාක්ෂණයෙන් දියුණු අපේ ගමේ අයට තමුංගෙ ගම මැද්දෙං ගමේ අයට නොදැනි පාරක් කැපෙන එක උහුලන්නෙ නැතුව යනව. ඒ හංදා ගමේ එකා දෙන්නා "ප්‍රජට්ටෙකට යන පාර" කැපෙන හැටි බලන්න යනව. ඒ අය ගිහිං ඇවිත් තමුං දුටු දේ පුංචම්මගෙ කඩේ එලිපත්තෙ දිගාරිනව.
"ඩෝසර තියෙනව හොඳේ. අම්මප එකක් හිටී මේ ගේ වගෙ දෙකක් ඉතර. මහපත ඇංජිං තඩි තියෙන්නෙ එව්වයෙ."
එක්කෙනෙක් අපේ පුංචම්මලගෙ මහගෙදර පෙන්නල කියනව.
"හැබ්බෑඈ...ට"
අපේ ආතා කට උඩු අතට හරෝල ඇස් නලලට අරං අහනව.
"එහෙනං මාමෙ. පොලොව බිඳලගෙන බිඳළගෙන යනව අසුරු සැනේට."
"අනිච්චං අප්පෙයි"
ආතගෙ ඇහිබැම ඉහට උඩිං යනව.
"මහ තඩි පතංගර ගල් කඩනොව නිකං කරුංක තලන්න වගේ"
තව කෙනෙක් කියනව.
"වටාඩි හතාටේ ගස් ගලෝනොව නිකං පංගස් උදුරන්නැහේ."
"මාහිතේ ඒ තියෙන ඩෝසර කංදරාවෙ හැටියට මාසෙං හදයි එක්කොම"
තව කෙනෙක් ඒකට කෑළි එක්කහු කරනව.
"අර සිරිපාලයියෑ බෑනෑ ලොරිය සයිස්සෙහෙකට ඒ ඩෝසරේ කුල්ලෙං පුරෝල එහෙකට වඩා දාන්න බෑ"
"පාරක් කිව්වට ඒක ගාලුපාර වගේ. මහ විසාලයි. ආසියාත්තරාවක් උනබ්බෑවැහැකි"
"පුංචි පහේ ලොරි, වාහන එහෙමනං කොච්චරද ගානහ් මිම්මක් නෑ."
"සද්දෙට කම්බීරිවෙනව"
"ආයි මිනිහෙක් යටවුනක් කෑගැහුවට ඇහෙන්නෑ"
තමුංගෙ ශ්‍රාවකයො දෙන්නවත් පැහැරගත්තු මේ වර්ණනා ටික තවත් අහං ඉන්න බැරි තැන ගුනොවද්දන මාම මැද්දට පයිනව.
"ඔයිට හපං ඒදාස්සොල දඩ්ඩිහාමුගෙ කාලෙ මහපාලම හදද්දි. කැනේඩියංකාරයො ගෙනාව මහ අමුතුම සැම්පලේ වාහන. සමහරක්කෙව්ව දිගයි මේ හරියෙ පංසල හරියෙ ඉතර"
කවුරුවත් ඒකට උත්තර දෙන්න උනන්දුවක් නෑ. හැමෝටම ඕනි දැං මේ කෙරෙන වැඩේ දෑහිං දැකගන්න.
![]() |
මහ පාලම |
*************************************************************
අල්ලපු ගංවල කට්ටියත් එකා දෙන්නා ඔය විදිහට "පෙජෙට්ටෙක" බලන්න යනවා. ඒ යන ගමං
"අපිනං මේ ප්‍රජෙට්ටෙක බලන්න යන ගමං"
කියලා අපේ ගමේ අයටත් කියාගෙන යද්දි අපේ ගෙවල් මණ්ඩියෙ අයටත් තමුංගෙ නම්බුව බේරගන්න 'පෙජෙට්ටෙක බලන්න' යන්නම වෙනව. එක්කෙනෙක්ගෙ කටෙං යෝජනාව පනින කොටම ගමනට නඩේ ලැහැත්තිවෙලා ඉවරයි. ගෙවල්වල ගෑනු අයයි ළමා ලපටි ටිකයි ඇරුනම පිරිමි අය දෙන්නෙක් විතර අපිත් එක්ක එනවා. බිංදුවාව නාන්න ගෙනියන්න බැරුවා වගේ අපේ තාත්තවත් මේ වගේ ගමං ගෙනියන්න බෑ. හැබැයි බිංදුවා මේ ගමන යන්න එනව.
ගමනක් යද්දි හැමෝම මහ හයියෙං කියෝ කියෝ යනවට අමතරව මගදිගට හම්බවෙන අය එක්ක වචනයක් කතා කරන එක අපේ ගමේ සිරිතක්. ඒ හිංදා මගදි හම්බෙන අයයි පාර අයිනෙ ඉඩංවල ඉන්න අයයි අපේ කාණ්ඩෙ ඉස්සරහටම ඉන්න කෙනාගෙං විස්තර අහනව.
"කොහෙද නංගියෙ මේ රොත්ත බුරුත්ත පිටිං"
"අපියනව පෙජෙට්ටෙක බලන්න"
"බලන්න දෙනවෑ?"
"ඔව්වොය හැමෝම යන්නෙ"
"කලිං දැනගත්තනං අපිටච්චන්න තිබුනනෙ"
සමහරු එහෙම කියලා පසුතැවිලි වෙලා තමුං යන ගමන යන්න යනව. තවත් සමහරු
"පොඩ්ඩක්කින්න මාත්තෙනව"
කියල අපිත් එක්ක එනව. පාර අයිනෙ ගෙදරක මිදුල අතුගාන ගෑනු කෙනෙකුත් අපෙ අම්මගෙං විස්තර අහනව.
"කොහෙදක්කෙ යන්නෙ"
අපෙ අම්මත් උත්තර දෙනව
"අපි මේ අර මොකද්දෙක බලන්න යනව"
"මොකද්දක්කෙ?"
"අර පාරක් කපන්නෙ. ඇල්ල බඳිනෙකට. ඒක බලන්න යනව"
"අනේ ඩිංගක් ඉන්නක්කෙ මං විජානියට එන්නං බොඩියක්කැඳං."
ඒ නැන්දා ඇඳුං ආයිත්තං හැට්ටකටු හොයාගෙන ඇඳගෙන එනකං අපි පාර අයිනට වෙලා කියො කියෝ ඉන්නව. ඔය විදිහට මගින් මගට විස්තර අහන අය මිදුල් බාගෙට අතුගාලා ඉදල් එතනම දාලා තියලා, යන්න හදන ගමං නවත්තලා, කඩ කඩා හිිටය දළුටික කවරෙ පිටිම්ම දමාගහලා, අපි එක්ක එකතු වෙනවා. එතන සැලකිය යුතු ගෑල්ලමයි කණ්ඩායමක් ඉන්න හිංදා අපි පහුකරන හැම හංදියකම ඉන්න කොලු රංචු ටිකත් වෙනිං ගමනක් යන මුවාවෙං අපේ කණ්ඩායම පිටපස්සෙං වැටෙනවා. ඒ බව ඉවෙං වගේ තේරුං ගන්න අපේ නඩේ නැංදලා ටික තමුංගේ දූවරුංගේ සාය කොටං අන්දපු පශ්චාත් භාග කොල්ලන්ට නොපෙනෙන්න දූලව ඉස්සර කරලා තමුං එයිට පිටිපස්සෙං යනව. අන්තිමට එක සාය කොටේකට කොල්ලො හතර පස්දෙනා ගානෙ වෙන්න අපේ පෙරහැර දික්වෙනව. අතරමගදි හම්බවෙන අයට අපි යන ගමන ගැන කියන්නත් එක් එක් බලු වැයික්කි පහුකරද්දි බිංදුවාට ඇදෙන වලිවලිං ඌව බේරගන්නත් ඇරුනුකොට අපේ නඩේ නොනැවතී ඉදිරියටම ඇදෙනව.
පාර කපන්න පටං ගත්තු තැනට ලංවෙනකොට අපේ රංචුව ඉස්සරවෙලා යන තොරතුරු සැපයුම බාර නැංදලා දෙතුන් දෙනෙක්, එයිට පිටිපස්සෙං යන කෙලි රංචුව, තමුංගෙ දූලගෙ පශ්චාත් දර්ශනය අවහිර කරන අම්මලා පේලිය, උඩබලාගෙන වටේ පිටේ ගස්කොලං වලට දිෂ්ටිලාගෙන යන මං ඇතුළු කොලු කුරුටු රැල, මේ සේරම ආවරණය කරන ගමං එහාට මෙහාට දුවන බිංදුවා, බිංදුවා අහුවුන තැනදි බැටේ දෙන්න බලාගෙන පස්සෙං එන අපි අන්තිමට පහුකරගෙන ආ සුනඛ වසමේ බලු රැල, අන්තිමට කෙල්ලංගෙ පෙම පතා පුබ්බයිසිකල්වල නැගී එකතැන බයිසිකල් පදිමින් එන තරුණ කැල ආදී එක එක වර්ගයේ කණ්ඩායම් ගනනාවක් ඉන්න හැතැප්ම බාගයක් විතර දිග නඩයක්.
අලුතින් කපාපු පාර මැද වතුර වලවල්. වටේට මඩ. ඒ හංදා වතුරවලවල් මග ඇරගෙන මඩ ගොඩවල්වල නොවැටී යන්න ගිහිං අපේ කණ්ඩායමේ පේලිය බිඳෙනව. මඩ වලවල් වලිං එගොඩ වෙච්චි ගෑනු අය තමුං පිටිපස්සෙං එන අනිත් අය කිසිම දෙයක් නොපේන කන්නු ගානට දාල උපදෙස් දෙනව.
"ඕං ඔය ඔතන මඩවලක්. මේං මෙහෙං එන්න. ඔයායිනෙං එන්න. ආං එහෙමාංඑහෙම"
ඒ උපදෙස් අනුව යන සමහරු මඩවලවල් වලිං බේරෙන්න ලාම්පුතෙල් පාර කාපු ගැරඬි වගේ පාර පුරා යනව. කෙලි නඩේට තවදුරටත් පාරෙ හරහට බාන බැන්ද වගේ ඉඟටි අල්ලං යන්න බැරිවෙනව. ඒ හංදා වැලක් වගේ පාරෙ දිග් අතට යන්න පුළුවං වෙන විදිහට ඉස්සරහ එකාගෙ වං අත පස්සෙං ඉන්න එකාගෙ දකුණතිං අල්ලන ක්‍රමේට පෝලිමක් හදාගන්නව. ඒ ගොල්ලො මඩවලක් පනින හැම වතාවෙම
"ඊක්"
කියල මහ හයියෙං කෑ ගහනව. ඒ අතරට මඩ වලවල්වලිං පැනගෙන කොලු රෑනෙ එකා දෙන්නා රිංගනව. සමහරු අපිව පහුකරගෙන "සුරුස්" ගාලා බයිසිකලේ පැදගෙන යමිං සුරුවිරුකං දක්වනවා. කෙලි නඩේ "හිචි හිචි" ගාල හිනා වෙනව. නැන්දල නඩේ ඔරෝනව. වතුරට අකමැති හිංදා බිංදුවා ආපිට හැරෙනව.
තේ පැට්ටේරිවල තේ කොල ගෙනියන ලොරිවල යකඩ පෙට්ටිය වගේ යකඩ පෙට්ටි පාර අයිනෙ තැනිං තැන තියල තියෙනව. එ්වයෙ ඇතුලෙ මිනිස්සු පදිංචිවෙලා ඉන්න බවට ලකුණු වසයෙං එලියෙං බැඳපු රෙදි වනන වැල්වල්වල රෙදි පාංකඩ වනල තියෙනව. අපිට ඒවයෙ ඇතුල බලන්න ඕනි වෙනව. මායි සුදුවයි ඒ එක පෙට්ටියක දොරගාවට කිට්ටු කරනව.
"මේ වරෙල්ල. දෙන්නම මෙහෙ."
අපෙ අම්ම කෑගහනව. අපි දෙන්න තව ඩිංගක් කිට්ටු වෙනව. අපෙ අම්ම මගෙ පිටිපස්සෙං ඇවිල්ල කෑගහනව
"යම ඕකස්සෙ රිංගන්නැතුව"
අපි ආපහු පාරට එනව.
"ඒවස්සෙ දහයක් දොලහක් ඉන්නව ඇති. අර තිවුනෙ රෙදි පෙරෙදි පුරාම ගොඩවල්"
අපේ අම්ම අනික් නැංදල එක්ක කියනව.
විඩිං විඩේ අපිව පහුකරගෙන ලොරි, ඩබොල් කැබ්, ජීප් එහෙම යනව. අපි පාරෙං අයිංවෙලා ඉඩ දෙනව.
"අර වාහන ඔල ඕනහැටි ඉඩ තීනව. මේ පොඩියෙවුං ටිකයි ගෑනු කීපදෙනයි හරි දාං ගියානං මක්කෙනවද ඕකුන්ට"
අපිව බලෙං ගෙන්න ගත්තා වගේ හිතල නැන්දල ටික කතාවෙනව. ඒ කියන විදිහට වාහනවලට පටවගත්ත නං ඉතුරුවෙන්නෙ ළමයින්ටත් පිරිමින්ටත් අතර මැද ඉන්න අපි කීප දෙනා විතරයි.
"අනෙයම්මෙ කකුල් රිදෙනෝ"
"බඩිගිනියියම්මෙ"
එක එක්කෙනා බැරි අමාරුකං කියනව. මේ වගේ වෙලාවට ළමයිංගෙන් ගැලවෙන විජ්ජාව අපේ ගමේ අම්මල දන්නව.
"තව ඩිංගයිලු දුර. යං ඒ ටිකත්"
තමුං ජීවිතේට නොගිය පාරක උනත් හරියටම දිග කියන්න උන්දැලා දන්නව.
"ඉස්සරා කඩේකිං මොනොව හරි අරං දෙන්නං"
විජ්ජාවකිං පහලවුනොත් මිසක මේ වගේ කැලයක කඩෙයක් තියෙන්න බැරි බව දැනගෙනම පොරොන්දු වෙනව.
"බැයිනං මොටද ආවෙ. ගෙදර ඉන්න තිවුනනෙ."
බැරිම තැන තමුංගෙ ගැලවිල්ල හදාගන්න එහෙමත් කියනව. මේ අතරෙ සඳමාලි අක්කගෙ සෙරෙප්පුව මඩ වලක එරෙනව. තමුංගෙ කකුල කිඹුලෙක් කෑව වගේ එයා ගිරියටිං නාදයක් නිකුත් කරනව.
"zග්‍රීඊඊඊඊ"
අනික් කෙල්ලො ටිකත් හේතුවක් නොදැනම ඒ සද්දෙංම කෑ ගහනව.
"මොකද මයෙ පුතේ"
සඳමාලි අක්කගෙ අම්මා තමුංගෙ දුවව ඩයිනෝසරයෙක්ට අහුවුනා වගේ කෑ ගහනව.
"අනෙයම්මෙ මගෙ කකුල...අහියෝ."
පොලේ හිඟා කන කකුල නැති මිනිහ වගේ අසරණ මූනක් හදාගෙන සඳමාලි අක්කා බෙරිහං දෙනව.
"මොකද්ද ඔයාගෙ කකුලට උනේ"
සඳමාලි අක්කගෙ ගිරියටිං කෑගැහිල්ලට අත්වැල් අල්ලපු අනික් කෙල්ලො ටික අහනව.
"මඩේ එරුනා"
"ඇදල ගන්නකො"
"අනෙයනේ... බෑ..... සිදෙනා....."
කොලු නඩෙත් බයිසිකල් ටික බිම පෙරලල දාලා සිද්දිය වටේ එක්කහු වෙනව.
"ඉන්නමං ගන්නං"
එගොඩහ ගොඩේ පාලම ගාව ඉන්න කොලු රංචුවෙං එකෙක් සඳමාලි අක්කගෙ අම්ම හිතන්නත් කලිං ඉස්සරහට පැනලා සඳමාලි අක්කගෙ අතිං අල්ලල එයාව මඩගොඩෙං අදිනව. සඳමාලි අක්කත් ළමෙක් හම්බුවෙන්න තරං අමාරුවෙං කෑ ගහල අන්තිමට මඩෙං වැහිච්ච තමුංගෙ සෙරෙප්පුවත් කකුලෙ දාගෙනම මඩවලෙං ගොඩ එනව. සඳමාලි අක්කලගෙ අම්මා පැනපු ගමං තමුංගෙ දුව අල්ලගන්නව. කොලු රංචුවෙ හතර දෙනෙක් බයිසිකල් හරවගෙන ආපහු යද්දි සඳමාලි අක්කව ගොඩ ඇදපු අයියා අපේ නඩේටම ඈඳෙනව. කෙල්ලො ටික තමුං ගාව තියෙන වතුර බෝතල් ටිකෙං සඳමාලි අක්කගෙ කකුලත් සෙරෙප්පුවත් හෝදල දෙනව.
තව ටිකක් දුර යද්දි පාර අයිනෙ එක තැනක සෙල්ලං ගෙයක් වගේ කණු හතරක් හිටෝලා ඉටි කොලයක් හෙවිල්ලපු තැනක් තියෙනව. එතන කෝටු වලිං හදපු මැස්සක් උඩ බුලත් විට, සිකරට්, කඩල වැල් වගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක් තියෙන හිංදා ඒක කඩයක් කියල දැනගන්න පුලුවං.
"අන්න කඩයක්"
අපේ රංචුවම එතනට කඩා වදිනව. විනාඩියක් යද්දි අයියලා හතර දෙනාට අහුවුනු බටහිර පලාතේ බැංකුවක් වගේ කඩේ ඉතුරු වෙන්නෙ බුලත්විට දෙක තුනයි සිකරට් ටින්නෙකයි විතරයි.
තවත් ඉලාස්ටික් හැතැක්ම දෙක තුනක් ගියායිං පස්සෙ පාරෙ අග හරියට යන්න පුළුවං වෙනව. ගෙවල් තරං විසාල ඩෝසර් නැතත් යුද ටැංකිවගේ තහඩු උඩ දුවන ඩෝසර් ඉවුරු උඩ නැගලා කඳු කපල පාත් කරනව. ටැට්ටර් ටයර් දාපු ඩෝසර් පාරෙ ඉඳලා ඉවුරු පහුරුගානවා. ඒ ජාතියෙ තව එකක් තමුංගෙ පස්ස පැත්තෙ නැට්ටෙං කාණුවක් හාරනව. ඒවා ඩෝසර් නෙවෙයි බවත් එව්වයෙ නම ජේසීබී බවත් දැනුමැත්තෙක් කියනව. මග දිගට ඉවුරුවල තිබුණු පහුරුගාපු ලකුණු හැදුනු හේතුව මට පැහැදිලි වෙනව. ඒ අතරෙ තවත් තහඩු පටි උඩ දුවන ඩෝසරයක් සෙක්කුව කැරකෙනව වගේ හතර වටේටම කැරකෙන ගමං ලොකු හැන්දකිං අතන මෙතන තියෙන සුන්බුං එක්කහු කරනව. ඒකෙ නම HITACHI කියල ඉංගිරිසියෙං ලියල තියෙනව. ඒ ඩෝසරේ හැන්දෑවට ගෙදර යද්දි ඉස්සරහ පස්ස හොයාගන්න සෑහෙන අමාරු වෙනව ඇති. ඒ ඩෝසර කිට්ටුවෙං බිම ඉන්න කෙනෙක් අත්දෙක එක එක දිහාවලට වනවනා ඇඟිලි උරුක් කරලා ඩෝසරේ ඉන්න කෙනාට ගොලු බාසාවෙං උපදෙස් දෙනව. ඩෝසරේ ඉන්න එක්කෙනා ඒව දිහාවත් නොබල තමුන්ට ඕනි හැටියට වැඩ කරනව. තව ඒ වගේ ඩෝසරයක් තමුංගෙ හැන්දෙ අගට උලක් අමුනගෙන කොට්ටෝරුවෙක් කඳකට කොටන්නා වගේ "ටර ටර ටර ටර" කියල ගල්ගෙඩි වලට අනිනව. මේ සේරම අලකලංචි මැද්දෙං එකට ඇතිල්ලෙන තරං කිට්ටුවෙං විසාල ටයර් හතරක් හයිකරපු අගිස්සෙං කුල්ලක් හයිකරගත්ත වාහනයක් අහුමුලු අතරෙං රිංග රිංගා අනික් ඒවට ආවතේව කරනව. ඒකෙ පැත්තක BOBCAT කියල ලියල තියෙනව. තව තැනක තඩි ගල් පරුවතයක් උඩ නැගපු මිනිහෙක් මැසිං තුවක්කුවක් වගේ එකකිං ගල් ගෙඩියට ඇනගෙන ඒක උඩ කකුලකුත් තියාගෙන ඉන්නව. එ් තුවක්කුවට හයිකරපු බටෙයක අනික් කොන රෝද දෙකක් තියෙන ගොරෝන පෙට්ටියකට හයිකරල තියෙනව. ඒ පෙට්ටියෙ නම AIRMAN බව ලියල තියෙනව. තව තැනක යකඩ අට්ටාලෙක අමුනපු වෙද පප්පගෙ අරිශ්ට කල්දේරම වගේ එකක් පතල් ඇන්ජිමකිං කරකවනව. එතන ඉන්න කහපාට ඉටි තොප්පි දාපු මිනිස්සු සිමෙන්ති මිටි ගනං, වැලි බාල්දි ගනං අර කල්දේරමට දානව. ටික කිං ඒකෙ තියෙන සුක්කානම කරකෝල මුට්ටිය ඇල කරල බදාම ටික විල්බැරැක්කවලට හලාගන්නව. එතන ඉන්න නිල් පාට තොප්පි දාපු එක්කෙනා වැඩ කරන්නෑ. තවත් තැනක ගල්රෝලකිං පාර තලනව. එතන අයිනෙ තව පොඩි මැසිමක් තමුංව අල්ලං ඉන්න මනුස්සයත් වෙවුලන තරං හයියෙං උඩ පැන පැන පස් තලනව. තව විසාල වාහනයක අපෙ අම්මා කොස් කඩන්න බඳින උසම රිට තරං උසට අතක් උඩට උස්සලා තියෙනව. ඒකෙ අගිස්සෙං කම්බියක එල්ලපු විසාල කොණ්ඩ කැවුමක් වගේ යකඩ කුට්ටියක් තියෙනව. එකපාරටම ඒ කොණ්ඩ කැවුම කම්බියත් ඇදගෙනම බිම තියෙන ගල් ගෙඩිය උඩට වැටෙනව. ආයිමත් කම්බියෙං ඇදිල උඩට යනව. අපේ ගමේ කාටවත් නැති තරං විසාල ලොරි පස් පුරවගෙන ගිහිං පස්ස පැත්ත උස්සල පස්ටික හලාදාල පස්ස පාත් කරගෙන ආපහු එනව. බඩ මැද්දෙං තලයක් හයිකරපු වන්දෙක් වගේ දිග ඩෝසරයක් ඒ පස් ගොඩවල් තුනී කරනව.
එතනටත් ටිකක් එහායින් දිය පාරක් ගාව නැවතිලා සමහරු තමුං ගෙනිච්ච බත්මුල් ලිහාගෙන කනව. තව සමහරු ගස්වලිං කඩාගත්තු කොල වලට ඒ අයගෙං බඩ්ඩිංගක් ඉල්ලගෙන කනව. අන්තිමට එයිටත් ඩිංගක් එහාට ගිහිං ගස්වලට වතුර දාල ආපිට හැරෙනව.
"අනේ මේ රෙද්ද බලන්නද ආවෙ?"
"මං හිතුව මෙයිට වඩා විසාලෙට ඇති කියල"
"අර විමලෙය එහෙම කිව්ව අරුම පුදුම වාහන නෑනෙ."
"මීට පස්සෙ ළමයියරං මේවෑ එන්න නාකයි. පේන්නැද්ද මුංගෙං තියෙන වදේ"
"මිං පස්සෙ එක එකා කිව්වට බලන්න යන්න නාකයි කිසි දෙයක්."
ආපහු මඩවලවල් මගෑරගෙන වාහනවලිං බේරිලා පාරට ඇවිල්ලා ඉතුරු ටික දුර බස්සෙකේ එන්නෙ කකුල් අමාරුව හිංදයි. එදා රෑ අපේ අම්මා තාත්ත එක්ක තමුං දැක්ක දේවල් විස්තර කරල කියනව.
"මහ විසාල හල්ගහක් ගලෝදාල තිවුන බොලේ. ගෙඩිතියෙන්නැති කෝඕටියක්කිතර"
"අම්ප ෂෝක් කැලෑදෙල් ගහක් ගලෝල තිවුන මුලිම්ම. ගෙඩිනං එක්කොම තරු. පැහිච්ච නෑ"
තාත්තා රැවුල අතගගා "හුං" කියල කරබාගෙන අහං ඉන්නව.
හැක හැක... නියමයි ශ්‍රංගයො බොලාගෙ විස්තර කිරිල්ලනං. මැවිල පේනව උඹලෑ ගමේ සැට් එක පෙරහැර යනව.
ReplyDeleteඅනික අර කාර්මික යන්ත්‍රෝපකරණ ටික හඳුන්නල දීල තියෙන විදියත් නියමයි.
අපි ෙකාෙහ යතත් පෙරහැර පිටිං තමයි. ඒ කාලෙ ඕනි තරං වෙලාව තිබුනනෙ මිනිස්සුන්ට.
Delete//මං විජානියට එන්නං බොඩියක්කැඳං// එච්චර වෙලා ඒ මනුස්සය චැසිය පිටිං විතරද හිටියෙ.
ReplyDeleteසයිස් ඒක 36 ඩි ද
Deleteඉස්සර ගංවල ගෑනු වැඩි හරියක්ඉන්නෙ බොඩිලස්,ඡංගිලස් තමයි
Deleteමෙන්ඩා, ඒක අහන්න ඕන සුරංගයගෙන් තමයි.
Deleteලලින්ද, ගංවල ඕව කවුරු බලන්නද. අනික දැකපු නැති එකෙකුත් නැතුව ඇති.
මං හිතන්නෙ දාඩිය දාන හංදා වෙන්නැති. අපේ පැත්තෙ ආර්ද්‍රතාවය වැඩියිනෙ.
Deleteඋඹලගේ පැත්තේ විතරක් නෙමේ සුරංග....කොළඹ පලාත්වලත් ඕවා ගමනක් යනකොට විතරයි ඇන්දේ ඒ දවස්වල.
Deleteඑතන ඉන්න අයගෙන් විස්තර අහන්න ගියේ නැද්ද කවුරුත්? ලෝක පුදුමයක්..
ReplyDeleteඔහොම වැඩ පරීක්සා කොරන එක ගෑල්ලමයි ඩෝසර් අයියලාට පණ ඇරලා.. හෙහ් හෙහ්
නියමයි.
ජයවේවා..!!
ඒකට ඉතිං අම්මලගෙං බේරීමක් නෑනෙ.
Deleteඋඹ දන්නවද මම BOBCAT එකට කොච්චර ආසද කියලා? ඉස්කෝලේ කාලේ ඉඳන් මම ඕකකට කෙළ හලන්නේ...
ReplyDeleteසිරාවටම බං ...බයික් එකක් පදිනවා ඇර ..වෙන මෙලෝ වාහනයක් පැදලා නැ මං .... ඔය හුත්තට නං මං පට්ට ආසයි
Deletephoto අමුනුන ක්‍රමයක් තිබුනානම් මෙතන දාන්න තිබුන මම ආසාවට ඔකක් පැදපු හැටි ...අපේ සමහර පැක්ටරි වල තියනවා කන්ටේනර් වලට පෙට්ටි පටවන්න
Deleteහරි හුරුබුහුටි වාහනේනෙ බං ඒකයි ඒකට ආස හිතෙන්නෙ.
Deleteමෙන්ඩා, උඹ කියන්නෙ ෆෝක් ලිෆ්ට් එකක් ගැන නේද?
ඔය බොබ් කැට් එකක් ඕල් ටෙරයින් වෙහිකල් එකක් විදිහට හදාගත්තනං හෙන වටිනව.ඒකම නේද ඔය පැට්ටරිවල නාට්ටාමි වැඩේට අරං තියෙන්නෙ අඬු දෙකක් හයිකරල?
Delete//අපේ සමහර පැක්ටරි වල තියනවා කන්ටේනර් වලට පෙට්ටි පටවන්න//ඒකම නේද ඔය පැට්ටරිවල නාට්ටාමි වැඩේට අරං තියෙන්නෙ අඬු දෙකක් හයිකරල?//
Deleteඒ fork lift එක..
හරි ඒක තමයි ...
Deleteඅන්න එහම කියලා දියල්ලා
නැත්තං අපි මෙව්වා සභා සම්මත කොරල දැම්මං ආයි වෙනස් කිරිලි බොරු.
Deleteමං කියන්නං මෙන්ඩෝ වැඩේ. උඹ බ්ලොග් එකක් අටවපන්. ඊට පස්සේ ඔය ෆොටෝ දාන්න ඕනේ මගුල් ඒකෙ කරලා ලින්ක් එක දාපං. ඕනෙමනම් පොඩි විස්තරයක් කොටන්නත් බැරියැයි. ඊට පස්සේ විස්තරේ ටිකක් දික් ගස්සා ගන්න එකයි ඇත්තේ.
Deleteමදි බන් අතපය දිග ඇරලා ගිය සැරේ වගේ ලියහන්කෝ
ReplyDeleteචූටි මැණිකෙ මූට අතපය දිගෑරියොත් අඬු කඩනව කියලලු තියෙන්නෙ.
Deleteබැලලි ඔඩොක්කුවෙ. පැටියා මොනිටරේ හොම්බ කහනව. උන්දැ කරේ ඉතිං අතපය දිගෑරල ලියන්නෙ හවුද?
Deleteඅනේ පව් මේ අහිංසකයා ...කමක් නැහැ උබ මිට අඩුවෙන් හරි ලියපන්
Deleteමටනම් මෙතන අල්ලලම යන්නෙ බින්දුව. සොමි චරිතයක්.
ReplyDeleteඑහෙම කිව්වට ඉතින් බින්දුවව මවල පෙන්නන ශ්‍රංගය තමයි ඉතින් මෑන් නේද.
ඌ එන හොඳ එකා. මට හිටපු හොඳම යාලුවෙක්. ඌ මට ගොවිතැං වැඩට පවා උදව් කලා. ඌව උපරේසං කරල ගෙනාපු දවසෙ වඩාගෙන ආවෙත් මම.
Deleteසඳමාලි අක්ක වගේම හංසනීත් හිටියනම් තමා ඉතින් ප්‍රජෙට්ටෙක බලන්න යාම තව තවත් රසවත් වෙන්නෙ බං..
ReplyDeleteහංසනී ඒ කාලෙ අපේ ගැන්සියෙං ඈත හිටියෙ.
Deleteසම්පුරන් විස්තර ප්‍රචාරයක් දීලනේ අර වාහන වල නමුත් එක්කම.
ReplyDelete//අතරමගදි හම්බවෙන අයට අපි යන ගමන ගැන කියන්නත් එක් එක් බලු වැයික්කි පහුකරද්දි බිංදුවාට ඇදෙන වලිවලිං ඌව බේරගන්නත් ඇරුනුකොට අපේ නඩේ නොනැවතී ඉදිරියටම ඇදෙනව.// හද බැඳී කෑල්ල .
බල්ලෙක් බලු වැයික්කියක් පහුකරන එක ඕසට්‍රේලියාවට බෝට්ටුවෙං යන තරම්ම අමාරු වැඩක්.
Deleteඅර උඩින් කියල තිබුන වගේ ඇහැට නොදැක්කට බින්දුව ගැන ලියන කොටසට තමයි කැමතිම....මරු ප්‍රජෙක්ට් බලන්න ගිය ගමනේ විස්තරේ නම්
ReplyDeleteඌ පෙට්ටියක් වගේ බඩගෙඩ්ඩ වන වනා මට ඉස්සර වෙලා දුවන හැටි මට මේ මොහොතෙත් මතක් වෙනව.
Deleteපට්ට ප්‍රොජෙක්ට් එක.. 👍🏽👍🏽👊🏽👊🏽👊🏽🤡
ReplyDeleteඒක පට්ට වෙන්නෙ ඊළඟ කොටහට.
Deleteමේකනෙ පෙරහැර පට්ට :D
ReplyDeleteමඩේ එරුණු කකුල් උඩට අදිද්දී සෙරෙප්පුවෙ පට් එහෙම ගැලවිලා එනව ලෙසටම :)
පටි ගැලඋනාටනං කමක් නෑ කියමුකො, කොහොමද සෙරෙප්පු ලෑල්ලත් එක්ක එන මඩ පාර පිට දිගේ වැදුනම තියෙන ආතල් එක.
Deleteඅන්නෙකයි
Deleteවෙන් යූ පාස් එනි මඩ ගොඩක් වෙයාරින් සබර සෙරෙප්පු යුවර් පිටකොන්ද විල්බී කලර්ඩ් විත් මඩ පැල්ලං ස්ටෑන්ඩ් අප්
Deleteමෙන්න මේකත් ඔය සීන් එක ගැන ලියපු එකක්
Deleteවැස්ස සහ රබර් සෙරෙප්පු
මාකෙළිය අවට ඉස්සර තිබ්බ සුන්දර ගතිය ඔය පොජෙට්ටුවත් එක්ක අඩුවෙලා ගියපු හැටි මතක් වෙද්දී දැන්නම් දුකයි...
ReplyDeleteමම අදටත් ආසයි ඉස්සර තිබ්බ කෙට්ටු තාර පාරට, බස් එකක් එද්දී අපි කාණුවට බහින්න ඕනේ...
වාහන දෙකක් මාරු වෙන්න වෙන වෙනම තැන් තිබුනා...
ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ ටිකෙන් ටික ගම වෙනස් වෙච්ච හැටි චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා...
ඒ වෙනස එක්ක අපේ පරණ මතක ගලපාගන්න රූප රචනා නැතිවෙච්චි එක තමයි අවුල.
Deleteදැන් ඕකේ හරි වචනේ මොකක්ද? ප්‍රජෙට්ටෙක ද පෙජෙට්ටෙක ද? ඔන්නොහෙ මාත් එක්කෝ ඇල්ල බැඳිල්ල කියලම කියෝනව..
ReplyDelete"සද්දෙට කම්බීරිවෙනව"
"ආයි මිනිහෙක් යටවුනක් කෑගැහුවට ඇහෙන්නෑ" සෑහෙන පස්න.. කොළපාට තොප්පි දාගෙන (වැඩ නොකරපු) කෙනෙක් එහෙම දැක්කේ නැද්ද?
උඹ එතන හිටියනං සුදුපාට තොප්පි දාගෙන වැඩ නොකරන එකෙක් බලාගන්න තිබුණ. හැක්..
Deleteහුගක්ම ඔය ටෙලිකොම් එකේ, වතුර මණ්ඩලේ වැඩ කෙරෙන තැනක උණත් ඒ වගේ තමයි.
Deleteඉස්සර අපේ පැත්තේ පාරවල් හදන්න ඩෝසර් ගෙනාවාම ඒවා බලන්න අපිත් පෝලිමේ යන්නේ මේ විදිහට තමයි
ReplyDeleteඒකනෙ. ඩෝසරේ කියන්නෙ අපිට දුවල පරද්දන්න පුළුවං වාහනයක්. ඒ හංදා අපි ඒකට කැමතියි.
Delete'ඒ ඩෝසරේ හැන්දෑවට ගෙදර යද්දි ඉස්සරහ පස්ස හොයාගන්න සෑහෙන අමාරු වෙනව ඇති....'හද බැඳී කොටස.. මල් පහේ විස්තරේ...
ReplyDeleteඔව් බැරිවෙලාවත් අගමුල මාරුකරගෙන ගියොත් නොන්ඩි හතයි.
Deleteඅමතකුනා.. මල් හතේ චිත්තරේ
ReplyDeleteඒක මගේ සහජ හැකියාව
DeleteBOBCAT is a trade name. Real name for that machine is Skid Steer Loader. Other companies make them as well such as Toyota,Thomas, Gehl, John Deer ed ect.
ReplyDeleteJCB කියන්නෙත් එහෙවු එකක් තමයි. Backhoe loader හදන එක කොම්පැනියක් විතරයි JCB කියන්නෙ. CAT, John Deere වගේ තව කොම්පැණිත් ඒව හදනව. ඕක ඉතිං අර හැම PVC බටේටම එස්ලෝන් කියනව වගේ වැඩක්.
Deleteඅනේ ඒ වුනාට ඒකට ගැලපෙන නම බොබ් කැට් තමයි. ඔය ලෝඩරේ කියන නම ඒකට හරියන්නෙ නෑ. අර මෝටර් ග්‍රේඩරේට උනත් ගැලපෙන නම තමයි "බඩ තල යන්ත්‍රය"
Delete/////"අම්ප ෂෝක් කැලෑදෙල් ගහක් ගලෝල තිවුන මුලිම්ම. ගෙඩිනං එක්කොම තරු. පැහිච්ච නෑ"////////
ReplyDeleteමට ගමේ ආච්චිව මතක්වුනා....සුරංග ස්පෙෂල්.....මේවා හැමෝටම බැහැ. නියම ගම. විවෘත ඇත්ත. හැමදාම වගේ ආසාවෙන් කියවනවා.
මුහුකුරා ගිය කෙනෙක්ගෙන් හොඳක් අහන එක සම්මානයක් ගත්ත වගේ තමයි. බොහොම ස්තූථියි.
Deleteඅදත් කතාව ලෙසටම තියෙනවා. ඒත් පොඩි අවුලකට පේන්නේ ඇයි මේ ගමනට ආච්චම්මා ආවෙ නැත්තෙ කියලයි.
ReplyDeleteබලපන් සුරා උබ ගැන පාටකයෝ මොන තරම් අවදන්නෙන් ඉන්නවද කියලා
Deleteමම හැමදාමත් කල්පනා කරන දෙයක් තමයි, මේකා ගං දෙකක ඉපදුන සඳරුවාගේ නිවුන් සහෝදරයෙක් කියන එක. එක්කෝ මුන් දෙන්නගේ ගං එකවගේ හින්දා මේ කතා ලස්ස්සනයි. නැත්නම් මුන් දෙන්නගේ ලිවිල්ල එක වගෙයි. මේක සතියක් කියෙව්වා කියපන්කො. අද පොඩි එකී අසනීප නිසා නිවාඩුවක් දැම්ම නිසා කියවලා ඉවර කර ගත්තා. තැනින් තැන නෙවෙයි මුළු පොස්ට් එකේම අව්‍යාජ ගැමි රසය පිරිලා. එළකිරි පහයි.
ReplyDelete