Follow by Email

Sunday, January 1, 2017

මැසේජ්, කැලැන්ඩර්, ලිත් සහ පොත්

“කුදටික්”

“චුහුක්”

“චුහුක්”

“චුහුක්”

“ඥිමුක්”

“කුදටික්”

“මොකද්දනේ ඔය පෝන්නෙක සයිලන් දාන්නකො. හොඳටම නිංදයාගෙන එන වෙලාවෙ.”

අපේ ගෙදර 2017 නව වසර පටං ගත්තේ ආං එහෙමයි. ඔය උඩිං තියෙන සද්ද ටික සේරම ආවේ ටෙලිපෝන් එකෙන්. අන්තිම වාක්‍ය දෙක නිකුත් උනේ අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනාගෙ කටිං.

අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත් එස්සෙම්මෙස්සෙකක් යවන්න ඕනි. එහෙම යැව්වෙ නැත්තං තරහ වෙන්න පුලුවං. ඉස්සර නං ඒ වගේ මැසේජ් එක එක්කෙනාට වෙන වෙනමම යවන්න වෙන හිංදා ටිකක් පැයක් විතර ගතවෙනවා. ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ මුල ඉඳං අගට වෙනකං එක එක නොම්බරේට වෙන වෙනම මැසේජ් යවන එක බොහොම කරදරකාරී, වෙලා ගතවෙන වැඩක්. ඔය අතරේ කිරිබත් හදන්න පොල් ගාන්න, ලිපට පිඹින්න, කෙහෙල් කොල කපන්න වගේ වැඩවල යෙදෙන්නත් වෙනවා. ඇයි ඉතිං තමුන්ට එන මැසේජ් ගෙදර හැමෝටම ඇහෙන්න කියවලා ඒවට “Esema wewa” කියලා උත්තර යවන්නත් එපෑ. එතකොට සමහරුංගේ අංක මග ඇරෙන්න පුලුවං. එහෙම උනොත් ඒ අය තරහ වෙන්නත් පුලුවං. ඒ බව තේරුං ගත්ත ටෙලිපෝන් හදන සමාගම් තමුංගේ ටෙලිපෝන් වලින් එකම මැසේජ් එක ගොඩක් දෙනෙක්ට යවන්න ක්‍රමයක් හැදුවා. 

ඒ හංදා දැං එස්සෙම්මෙස් සුබ පැතුම් ඇරිල්ල හරිම ලේසියි. මුලින්ම කරන්න ඕනි කාගෙ ළඟවත් වැඩිය නැති අවුරුදු සුබපැතුම් එස්සෙම්මෙස්සෙකක් හොයාගන්න එක. ඉංග්‍රීසියෙන් තියෙන එකක් තමයි වැඩිය හොඳ. බරසාර ඉංග්‍රීසි වචන තියෙනවනං තවත් හොඳයි. ඊළඟට ඒකේ අන්තිමට තමුන්ගේ නමත් & Family කියන කොටසත් ටයිප් කරගන්න. බැඳපු අලුත ළමා ලපටි නැති අයට නං තමුං දෙන්නගෙ නං දෙකම දාන්න පුළුවං. හරියට, අර විදානෙගේ ෆේස්බුක් ගිණුම වගේ. ඊළඟට වැඩිපුර රුපියල් සීයක හමාරක කාඩ්ඩෙකක් පෝන් එකට දාගන්න.  ඉං පස්සේ මැසේජ් යවන්න ඕනි කට්ටිය තෝරන්න. මේ වැඩේට බිරිඳවත් සහභාගී කරගන්න.

“අපේ සුදුවක්කට මැසෙජ්ජෙකක් දාන්න එපා. මං එයාට කෝල් කරනව. මැසේජ් දැම්මොත් තරහ වෙයි.”

නෑදෑයන්ට කෝල් එකක් මිස මැසේජ් හරියන්නේ නෑ.

“පියන්තිලට යවන්නෙපා. ගියපාරත් අපි යවපු මැසෙජ්ජෙකට රිප්ලයි කලේ නෑ.”

“අර සක්කරවට්ටමට එහෙම යවනව නෙමෙයි. නැත්තං ආයි පටං ගනී දෙන්නගෙ කිචිබිචිය. මං දන්නැතුවේ තමුංගෙ තරම”

“වීල්ලෙකේ අයියට එකක යවමු නේ. ඒ මනුස්සය ඉතරයි හදිස්සියකට ඉන්නෙ.”

ඔය විදිහට මැසේජ් ලබන්න ඕනෑ අයගේ අංක ටිකට හරි ලකුණ දාලා ‘ඇරපිය(send)’ ඔබන්න. මැසේජ් ටික අදාල තැන් වලට යන අතරේ ටෙලිපෝන් සමාගම පෝන් එකේ තියෙන සල්ලි ටිකට අරිනවා බලාගන්න පුලුවං.

සමහරු වෙලාව ඉතුරු කරගන්න මේ විදිහට තෝරා බැලිල්ලකිං තොරව තමුන්ගේ ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ තියෙන සේරම අංක වලට මැසේජ් යවනවා. ඒ වැඩේට ගතවෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ‘සේරටම ඇරපිය (Send to all)’ ඔබපු ගමං අංක ලැයිස්තුවේ ඉන්නා සේරටෝම එක බැගින් මැසේජ් ලැබෙනවා. දැං තියෙන කඩවසම් දුරකථන වල අංක පන්සීයක් විතර තියාගන්න පුලුවං. සමහර නම්වලට අංක දෙකතුනක් තියෙන්නත් පුලුවං. එතකොට දුරකතන සමාගමට එක කඩවසම් දුරකතනෙකිං රුපියල් හාර පන්සීයක්ම ලාබයි. ඒ වගේම තමයි. අපේ ඇමතුම් ලැයිස්තුවේ තියෙන්නේ අපේ හිතවත් අයගෙ නොම්බර විතරක් නෙවෙයි. ගිය අවුරුද්දේ ගන්න බලපු කාර් එකේ අයිතිකාරයා, ට්‍රිප් එකක් ගිය වෙලාවේ නැවතුන ගෙස්ට් හවුස් එකේ එක්කෙනාගෙ නොම්බරේ, දානෙට බඩු ගත්ත කඩේ මුදලාලිගෙ නොම්බරේ, ගිය සිංහල අවුරුද්දට බඩු මදිවෙලා වැඩි ගානට බෝතල් දෙකක් ගත්ත හොර පොට් එකේ එකාගෙ නොම්බරේ, යාළුවොංගෙ පරණ නම්බර් (මේවා සමහර එව්වා කැන්සල් වෙලා ගිහිං දුරකථන සමාගමෙන් ඒ අංක වෙනත් අයට දීලා වෙන්න පුළුවං) ආදී අංක සේරටමත් මේ විදිහටම මැසේජ් එක බැගින් යනවා. දැනටමත් ඒ වගේ මැසේජ් ලැබුණු අය “මේ මොකාද මේ” කියලා කල්පනා කරනවා ඇති. ඒ වගේ මැසේජ් හත අටක් මටත් ලැබිලා තියෙනවා. 


ඒ වගේම ඔබේ පෙර වැරදි තියේනං කාගෙන් ආවාදැයි බිරිඳට සනාථ කර පෙන්වන්නට බැරි ඒ වගේ මැසේජ් හිංදා ඔබව නාන කාමරේ ලිස්සා වැටෙන්නට, කොන්දට ලීයක් පෙරලීමට, කකුල ඇමැට්ටි වීමට, පුටුව පල්ලේ වැටීමට පවා ලක්වන්න පුළුවං.


ජනාධිපතිතුමාත්, ඩිජිටල් ඇමතිතුමාත් ඒ විදිහටම මැසේජ් පොදි පිටිං එවා තිබුනා. එතුමන්ලා නම් ඩුවල් සිම් පෝන්වලට මැසේජ් දෙකක්ම එවනවා. එව්වාට ආපසු සුභ පැතුං යැව්වාට බාරගන්නෙත් නෑ. එව්වාත් අපිටම තියාගන්න පුලුවං.


බුකිය පුරා බැලූ බැලූ අත සුභ පැතුං විතරමය. බුකියෙන් එන මැසේජ්වලත් ඇත්තේ සුභපැතුම් විතරමය. ඊමේල්වලත් නොයෙක් විදිහේ ආලවට්ටං දැමූ මෙගාබයිට් බර ගණංවල පින්තූර, ඇනිමේෂන් දකින්න පුලුවංය. ටෙලිපෝන් එකේ ස්කයිප්, වයිබර්, පේස්බුක්, ජීමේල්, වට්සැප්, ඉමෝ, අම්මෝ ආදී සේරමත් දමාගෙන නොටිෆිකේෂන් සක්‍රීය කරගෙන ඩේටා කනෙක්ෂන් එකත් සක්‍රීය කරගෙන හිටියා නං ඊයේ රෑ දොලහේ පටං ඔබට නින්ද යන්න විදිහක් නැතිය. ඇටිකිච්චංගේ නාද, ගෙඹි නාද, සාස්පාංවල පියන් බිමට වැටෙන සද්ද, කාටුන් සද්ද, ආදී නොයෙක් සද්ද ඇති කරමින්, “අහවලා ඔබට මැසේජ් එකක් එව්වාය”, “අහවලා ඔබේ කාල රේඛාවට පින්තූරයක් දැම්මාය”, “ආං ඒකට අහවල්ලු ලයික් කොලාය”, “එව්වාට අහවල්ලු කොමෙන්ට් දැම්මාය”, ආදී නොයෙක් කේලං කියමින් ටෙලිපෝන් එක ඔබේ නිංද කඩන්නට ඇති.

සති දෙකක් විතර කාලයක ඉඳං “වී කරේ ඕල්වේස්” සමාගමෙං “ඔබ අපේ සමාගමට රුපියල් අච්චරයි සත මෙච්චරක් හිඟපාඩු තියා ඇති නිසා තවත් ණයට දොඩන්න දෙන්නේ නැත”යි තර්ජනය කර ඇති හිංදත්, එයිටත් වඩා නිකම්ම මෝඩ වැඩක් බව දැනෙන නිසාත් මං අද කාටවත් මැසේජ් යැව්වේ නෑ. ඒ වුනාට මට ලැබෙන සුබ පැතුම් ගානේ අඩුවකුත් නෑ. එයිනුත් ඉංග්‍රීසියෙන් තියෙන සමහර එව්වායේ තේරුම ලිහාගන්න බැරි තැන මං මැසේජ් කියවිල්ල අත්තැර දාලා පොලේ ගියා. 


පොලේ හත් අට තැනකම ලිතයි පොතයි දෙකම රුපියල් පනහයිය. ලිත එක්ක දෙන පොතේ ඇත්තේ 2017 එලාඑලද කියන එකයි. ඉස්සරනං ඒ පොතේ නම ටිකක් බයානක වැඩිය. මං පොඩි කාලේ ලිතත් සමග දුන්නේ 

1996
ඉරණම
විසඳෙන හැටි

වගේ බයානක නමක් තියෙන පොතක්. කොච්චර බයානක දැයි කියතොත් අපේ අම්මා ඒක බලාගෙන එක එක ලග්නය අයිතිකාරයින්ගේ ඉරණම කියවනවිට සමහරුන්ට තමුංගේ ලග්නෙත් අමතක වෙනවා. ඒ පොතේ වුෂ්චික, දනු, මකර, කුම්බ ආදී එක එක ලග්නේ නමත් ඒකට අයිති සතා හෝ බඩු මුට්ටුවේ රූපෙත් ඇඳලා එයිට යටින් ටිකක් තද කලු අකුරෙන් ඒ ලග්න හිමියාට ඒ අවුරුද්දේ වෙන්න පුලුවං ලොකුම නස්පැත්තිය ලියා තියෙනවා. 

වෘශ්චික
දේපල හානි

කියලා. එයිටත් යටිං ඡේදෙන් ඡේදෙට ඒ ලග්නහිමියාට අදාල අවුරුද්දේ හැදෙන ලෙඩ රෝග, වෙන්න පුළුවං නස්පැත්ති, සේරම විස්තර කරලා තියෙනවා. ඉගෙනීම, රස්සාව, කසාද, ළමා ලපටි ආදී සේරම ගැන විස්තර ඇතුව වාර්තාවකුත් වෙන්න පුලුවං විපත්ති වලට පිළියමුත් ඒවටම එකතු වෙනවා. අන්තිමට 

අය- * වැය-**
ජය වර්ණය - කොළ පාට

ආදී වසයෙන් ලියා තියෙනවා. සමහර ලග්න වලට විතරක් හදිසි ධනලාභ, විභාග ජය ආදී හොඳ දේවලුත් තියෙනවා. අපේ ආච්චම්මගෙ ලග්නෙටත් එක පිට අවුරුදු කීපයක්ම විවාහ යෝග සහ දරු සම්පත් තිබුණා. 

අන්තිම පිටු දෙකේ තියෙන්නේ ඒ අවුරුද්දේ රටේ වෙන්න පුළුවං නස්පැත්ති සේරම. ඒවත් කවියෙං

වාහන අනතුරු වැඩිවී සැම තැන ජීවිත දහසින් බිලිවෙනවා
ගංවතුරද, කඳු නාය යාමකින් රටට විපත් තව ඇතිවෙනවා
පියා දුවව හඳුනන්නැති තරමට සදාචාරයෙන් පිරිහෙනවා
කැරලි කෝලහල දසතින් ඇතිවී මහජන දේපොල වැනසෙනවා

ඉරණම පොත කියන්නේ ඒ විදිහට අවුරුද්දක් පුරාවට මිනිස්සුං බයකරගෙන ඉන්නා බලගතු පොතක්.


ලිත කියන්නේ ගෙදරකට ලුණු වගේම නැතුවම බැරි දෙයක්, ලංකාවෙ ප්‍රසිද්ධම “ඈපා ලිත”. අපි එකොලහේ පන්තියෙ හිටිද්දී ගනං සර් පාලිතයගෙන් ප්‍රශ්ණ ඇහුවෙත් 

“ඈ පාලිත, කියනවකො බලන්න මේකට උථ්ථරේ” 

කියලයි. සමහර පත්තර වලිනුත් තමුංගේ නමිං ලිත් බෙදාහැරියට කවුරුත් ගන්නේ “ඈපා ලිත”. ලිත කියන්නේ වැදගත් දෙයක් හිංදා අවුරුද්ද මාරු වෙද්දි පරණ ලිත ගලෝලා විසි කරන්නේ නැතුව අලුත් ලිත ඒක උඩිං අලවන එක තමයි සිරිත. සමහර ගෙවල්වල බිත්තියේ තියෙන ලිත් තට්ටුව දශක ගානක් පරණයි. 


ලිතේ උඩිම්ම කහපාට බිත්තරයක් ඇතුලේ සැරසිලි ඇතුව “ඈපා ලිත” කියලා තියෙනවා. දැන් තියෙන්නේ “ඈපා පංචාඬඟ ලිත” කියල එකක්නෙ. ඒකට යටිං මොකක් හරි සිද්ධස්ථානෙක පොටෝ එකක් තියෙනවා. ඒකට යටිං ලොකු වගුවක තියෙන්නේ “පොහෝ පවුරුනු පිළිවෙල සහ පෙහෙවස් සමාදං විය යුතු දවස්” කියන ලැයිස්තුව. පෝය ලබන ගෙවෙන වෙලාවල් ගැන සිල් සමාදං වෙන අය, මාලු බාන අය දැනගන්නෙ ඒකෙං. පෝයට කලිං හෝ පස්සෙ දවසේ ගෙදර බිත්තර තම්බන්න හිතං ඉන්නව නං, නැතිනං ඔලුවෙ උකුණො බලන්න හිතං ඉන්නවනං ඊට කලිං පෝය ගෙවිලද බලන්නත් ඕනෑ. එව්වා බලන්නේ ඔය වගුවෙන් තමයි. 


දුරුතු මස ජන 15 සිකු පුභා 03.08 න් අමාවක ලබා එමදා අභා 11.21 න් ගෙවේ සෙන සිල් 


කියා අපි ඒ වගුවෙ තියෙනා නොදන්නා හරුපෙ කියවුවම දන්නා අය පෝය ලබන ගෙවෙන වෙලාවල් දන්නවා. එතකොට

“එහෙනං අද රෑට බිත්තර තැම්බුවට කමහ්නෑ. හෙට පාන්දරට පෝය ලබන්නෙ. පාන්දර තුනකුග්ගානට”

කියා කියන්නට අපේ වැඩිහිටියෝ දන්නවා. 

එයිට අමතරව රිට්ටා කියා ජාතියක් ඇතත් එයිං ඇති වැඩේ මම දන්නෙ නෑ. අලුත් අවුරුදු චාරිත්‍ර සේරම තියෙන්නෙත් ඔය ලිතේම තමයි. ඉරණම පොතේ තියෙන අය වැය විස්තරෙත් ලිතේ තියෙනවා. සත් දිනට මරු සිටින දිශාව, රාහු කාලය, රජයේ සහ ප්‍රසිද්ධ බැංකු නිවාඩු, සුභ දවස්,  ආදී සේරම දේවල් දන්නෙත් ඔය ලිතම තමයි. බැරිවෙලාවත් හූනෙක් ඇඟට වැටුනත් ඒකෙ තේරුම දන්නෙත් ලිතම තමයි. ඒ හංදා ලිත කියන්නේ ලිප වගේම ගෙදරකට නැතුවම බැරි දෙයක්.

අවුරුද්දෙ මුල කඩ, බැංකු, ආයතන වලින් තමුංගේ ගනුදෙනුකාරයන්ට කැලැන්ඩර් දෙනවා. සමහරු කැලැන්ඩර් ඉල්ලලා මුදලාලිලා එක්ක වලිදාගෙන

“අපිට කැලැන්ඩරෙයක් නොදුන්නොත් අපි ආයි මේ කඩෙං ලුණු ඇටේක දෙයක් ගන්නෑ”

කියල තර්ජනය කරනවා. ඒ හංදා සමහර මුදලාලිලා තමුංගේ වැදගත් පාරිභෝගිකයන්ට කොල දොලහේ ලොකු දින කැලැන්ඩර් දෙන්නේ අනික් කැලැන්ඩර කොල්ලකාරයින්ට හොරෙන්. සමහරු කඩවල්වලට ගිහිං

“අපි හැමදාම ගනුදෙනුකරනෑයො. අපිටද්දෙන්න කැලැන්ඩ්‍රෙයක්”

කියලා තර්ජනය කරනවා. ඒ වගේ කරදර කරන අයට දෙන්නේ තනි කොලේ පහලිං පොඩියට මාස දොලහම ලකුණු කරපු පොඩි කැලැන්ඩර්. ඒවයේ පහල

නව වසරට ආසිරි
ප්‍රසන්න ප්‍රින්ටර්ස්

මරන දැන්වීම්, පන්ති කාඩ්, පෝස්ටර්, පැකැට් ලේබල්, කොටු කපන කාඩ්, ඇඩ්රෙස් කාඩ් ආදිය අච්චු ගසන්නෝ

බොක්කේ බැද්ද, අලියාවැටුන වැව.     දු.ක 074-*******

කියලා ලියල තියෙනවා. ඉස්සර නං සමහර මල් පත්තර එක්කත් කැලැන්ඩරයක් ලැබෙනවා. දෙසැම්බර් මාසෙ අන්තිම සති දෙකේ පත්තරේ ඒ ගැන කලින්ම දැන්වීමක් වැටෙනවා.

“සංගීතා වීරරත්නගේ වෛවර්ණ ඡායාරූපයක් සහිත ඔප කඩදාසියේ මුද්‍රිත කැලැන්ඩරයක් සහිතව ලබන ජනවාරි ** වැනිදා සුවඳ පත්‍රය අදම වෙන්කරවා ගන්න”

ඒ පත්තරේ මුලයි අගයි පිටු දෙක වදින කොලේ ඇතුල් පැත්ත තමයි කැලැන්ඩරේ. ඒවගේ කැලැන්ඩර එල්ලන්න බෑ. ඒවා බිත්තියේ අලවන්න ඕනි. 


ඔය කොයි කැලැන්ඩරේත් දෙන්නේ රෝල් කරලා. ගෙදර ගෙනැත් එල්ලන්න කලිං කැලැන්ඩරේ දිගෑරලා අනෙක් පැත්තට රෝල් කරන්න ඕනි. ඒ වැඩේ කීප විටක්ම කරලා කැලැන්ඩරේ සම්පූර්ණ සමතලා තත්වෙට ගන්න ඕනෑ. නැතිනං කැලැන්ඩරේ යට කොටස බටකොල ආච්චිගේ කටේ යටි තල්ල වගේ ඉස්සරහට දික්වෙලා එනවා. නැත්තං මාගල වගේ රෝල් වෙනවා. මේ හිංදා සමහරු කැලැන්ඩරේ බලහත්කාරෙන් දිගාරින්න ගිහිං අන්තිමට කැලැන්ඩරේ ටකරම වගේ රැලි හිටින තත්වෙට පත්වෙනවා.


 අද අපි හාල්මැස්සො දෙසියපනහක් ගත්ත කඩෙනුත් අපිට කැලැන්ඩරෙයක් දුන්නා. මේං බලන්නකො ඒකත් එහෙමයි. මාස හයක් රෝල්වෙලා.


අපේ ගෙවල්වල පරිස්සං කරලා තියාගන්න අමාරුම දෙයක් තමයි ඉඳිකට්ට. කොතනක තිබුණත් නොපෙනෙන හිංදත්, අත පයේ ඇනෙන්න පුළුවං හිංදත්, හොයා ගන්න ලේසි වෙන්න ගෙදර තියෙන ඉඳිකටු ගහල තියන්නෙත් ලිතේ හරි කැලැන්ඩරේක හරි තමයි. කාටවත් ඒ ගැන වගක් නැතිවුනාට ඉඳිකට්ට පරිස්සම් කරගැනීම වගේම ඉඳිකට්ටෙන් ගෙදර අයව පරිස්සම් කිරීමත් ලිතෙන් සහ කැලැන්ඩරෙන් සිද්දවෙන වැදගත් සේවයක්.

බ්ලොග් ලියන, කියවන, බෙදන සැමටත් අනෙක් සියළු දෙනාටත් ලැබුවාවූ 2017 නව වසර ඵලදායී වසරක් කරමු!




67 comments:

  1. හිටහං ප්‍රසන්න ප්‍රින්ටස් අදිපතිය එනකල්.

    ReplyDelete
    Replies
    1. ඌ මට අච්චු කොරයිද?

      Delete
  2. Wish you ,your wife and the cat a very happy new year

    ReplyDelete
    Replies
    1. Beast wishes from me, she, Tikiri and Sukiri

      Delete
    2. Beast wishes from me, she, Tikiri and Sukiri

      Delete
  3. //මැසේජ් ටික අදාල තැන් වලට යන අතරේ ටෙලිපෝන් සමාගම පෝන් එකේ තියෙන සල්ලි ටිකට අරිනවා බලාගන්න පුලුවං.// හැක්.. හැක්... මොක නැතත් ඒකනං අගේට වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. එවෙලෙම බිලත් එවනවනෙ.

      Delete
  4. උඹ කියල තියෙන කතාවනං ඇත්ත සමහර කඩ්ඩෙන් එවන මැසේජ් කියෝල තේරුං ගන්නවට වඩා හොඳයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය කට පාඩං කරන එක.
    ඒ වගේම අන්නෝන් නම්බර වලින් විශස් ආවම මොකාද කියල හොයාගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. විශස් එන නම්බස් අයිඩෙන්ටිපයි කොරන්ඩ බෑ කිය.

      Delete
    2. විශස්(vicious) එවන නම්බස් නං කොහොම හරි අයිඩෙන්ටිප්යි කොරගන්ට ඕන

      Delete
  5. අපේ ලොකු උතුමාටනං මේ ගමන මට විශෂ් දෙන්න අමතක වෙලා හිටං.

    ReplyDelete
    Replies
    1. කැලෑ කපල අහුවුනාද?

      Delete
  6. අදනං මට ඔය මැසේජ් කෙලියෙන් එක වාසියක් උනා. අවුරුදු ගානක් මට කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු එකෙක් අද උදේ යවහු මැසේජ් එකට රිප්ලයි එකක් එවල තිබුණ. ඒ හින්ද ඌත් එක්ක තියෙන යාලුකම මේ අවුරුද්දෙවත් හරිියයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඌද නැත්තං ඒ සිම්මෙකේ දැං අයිතිකාරයාද දන්නෑ

      Delete
    2. නෑ ඌම තමයි. මොකද ඒකෙ නමත් එක්කම ටයිප් කරලයි ආවෙ.

      Delete
  7. ආ... අර ප්‍රසන්න ප්‍රින්ටර්ස් එක ගොඩකවෙල පැත්තෙ තියෙන එකක්නං අද දවසෙත් ඒකෙ මරණ දැන්වීම් දෙකක්ම ගහන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මී කතුරක්වත් ඇටෙව්වද?

      Delete
    2. පිස්සුද. අපි මල් ශාලාවක ප්‍රින්ටින් ඕඩර් එකක් කරනව.

      Delete
    3. ඕං බලහන් සුරංගයියෙ බ්ලොග් වල ඇඩ් දාන විදිහ.. ;) හැක්!

      Delete
  8. සුරංගටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි ප්‍රසන්න ප්‍රින්ටර්ස් වෙතිං.

    ReplyDelete
    Replies
    1. ඊලග අවුරුද්දේ සම්මාන උළෙලට ඉස්සර මට මරණ දැන්වීමක් තියනවා ගහගන්න

      Delete
  9. උඹටත් පවුලේ සියලු දෙනාටත් ලැබුවාවූ නව වසර ශ්‍රී සුබ නව වසරක් වේවා !!
    පට්ටයි මචෝ ,,ජයවේවා !!!

    සිනාවයි ඉනාවයි සදා වාසනාවයි
    නවෝදේ ප්‍රබෝදේ විනෝදෙ උදාවෙයි
    නැටුම් ගැයුම් විහිළු තහළු ගමන් බිමන් යන්නේ
    සිනාවෙන්ම පිනා ගොසින් මනාපයෙන් ඉන්නේ
    වනේ කුසුම් නැත්නම් මී වාදයේ පැණිද නැත්තේ
    සෙනේ මෙන්ම ගුනේ මිහිර මිතුරා ළඟ ඇත්තේ ......

    සුවඳ හමන සඳුන් කඳක් පවා දිරා යන්නේ
    ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ
    නම්බු හොයලා හම්බ කරලා තට්ටු ගහලා ඉන්නේ
    තුට්ටුවකුත් නැතිව නිකන් හිස් අතින්ම යන්නේ ......

    ලෝකෙට අපි තෑගි කරමු හැම දේ හැම තිස්සේ
    ලෝකෙම හොඳ එවිට ලැබෙයි අප වෙත තුති වැස්සේ
    ඊයේ ආයේ නෑ හෙට වී එන්නේ
    කාලා බිලා ඉන්නයි අද වෙන්නේ
    වාද භේද බින්න බලය මත්තේ
    වාසනාවේ පාර පෑදී ඇත්තේ .........

    ගායනය - එම් .එස් ප්‍රනාන්දු
    ගී පද - සිරිල් ඒ සීලවිමල
    සංගීතය - ටී .එෆ් ලතිෆ්
    (චිත්‍රපටිය- "සිනාවයි ඉනාවයි" - 1973)

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වෙන්න පතමි.
      මේ සිංදු ටයිප් කරලා තියං ඉන්නවද ?

      Delete
  10. ලැබුවාවූ නව වසර යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවායි පතමි!!!!

      Delete
  11. මැසේජ් එකෙම් පටන් ගෙන කැලැන්ඩරෙන් ඉවරවුණ යාං හෑල්ල නම් මරු,,,,, ඉස්සර අපේ ගෙදරත් ඉඳිකට්ට ගහලා තිබුනේ කැලෙන්ඩරේ,,,,

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒක මනුස්ස ජාතියේ ආවේනික පුරුද්දක්ද කොහෙද

      Delete
  12. ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
    (මෙන්න කලින් ම!)

    ReplyDelete
    Replies
    1. කලිං දුන්නු එක හොඳා. පොලියත් එක්කහු වෙනවනෙ.

      Delete
  13. මගේ හිත නැවතුණේ අර 'පෙර වැරදි තියේනං කාගෙන් ආවාදැයි බිරිඳට සනාථ කර පෙන්වන' කතාවේ... ඇයි දන්නෑ...!

    ReplyDelete
    Replies
    1. අපි දන්න අයියෙක්ට එහෙම වෙනවා. උගේ ටෙලිපෝන්නෙක හුඟක් වෙලාවට තියෙන්නෙ ගෙදර පොලිසිය බාරේ. සමහර කාලවලට ඇඟ බැඳලා ටවුමෙං පිට යන්න තහනං.

      Delete
  14. //අර සක්කරවට්ටමට එහෙම යවනව නෙමෙයි. නැත්තං ආයි පටං ගනී දෙන්නගෙ කිචිබිචිය. මං දන්නැතුවේ තමුංගෙ තරම//

    යවනව එහෙම නෙවේ... :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා මලයා...

    ReplyDelete
  15. ප්‍රසන්න ප්‍රින්ටස් එකෙන් අලුත් කැලැන්ඩරයක් ලැබුනේ නැත්ද?
    //“අර සක්කරවට්ටමට එහෙම යවනව නෙමෙයි. නැත්තං ආයි පටං ගනී දෙන්නගෙ කිචිබිචිය. මං දන්නැතුවේ තමුංගෙ තරම”// මාට්ටු.

    මමනම් මොබයිල් එක සයිලන්ස් දානවා නිදා ගන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. දැන් අපායට ගහපු ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕනනං එකක් එවුවහැකි. හැක්..

      Delete
    2. අනෙ මුගෙ කැලැන්ඩරෙ.. :)

      Delete
    3. අජිත් මහත්තයා පෝන්නෙක සිංහලට හරෝගන්න. එතකොට අවුලක් නෑනෙ. ඉස්සර නොකියා පෝන්නෙකේ සිංහල මෙනුව අපිටත් අවුල්.

      අපායට ගහපු දෙකක් හීනියට රෝල් කොරල එවාං අයියෙ,

      වරෙං මලේ මුගෙ කැලැන්ඩර දෙකෙං කඩුපයිට් පුරුදු වෙන්න.

      Delete
    4. කැලෙන්ඩරේ බිත්තියෙ එල්ලන අර බෙලෙක් පටිය කඩුවට වැඩිය බයානකයි බොල.

      Delete
  16. කෝ බං උඹට සුබපතල දාපු කොමෙන්ට් එක.

    ReplyDelete
  17. සුබ නව වසරක් වේවා ශ්‍රංගයෝ...

    ReplyDelete
  18. සුරoචියා, හාමිනේ සහ බිළාලයා ඇතුලූ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ඕo ලිතේ හැටියටම මේ අවුරුද්දේ වැඩ සිද්ද වෙන්න ඕන එහෙනං 😁

    ReplyDelete
    Replies
    1. මං හිතා ඉන්නෙ ලිතේ තියෙන හැටියටම නිවාඩු ටික නං ගන්නව කියලයි.

      Delete
  19. ඔය ඈපා ප්‍රකාශන හිමිකාරයා දවසක් වත්ත පහළට ගිහින් ටික වෙලාවක් යනකන්ම ආපු නැති නිසා හාමිනා උන්නැහේ හොයනවාලූ...

    ඈපා කෝ..... ඇපා කෝ... ඇපා කෝ......? කිය කියා...

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන්නේ ගෙදෙට්ට ආපු එකෙක් හාමිනාගෙං එහෙම ඇහුව කියලයි.

      Delete
    2. ඒ ඇවිත් තියෙන්නේ යාපා කියලා ඈපා මහත්තයගේ යාලුවෙක්..

      ඔය ඈපා මහත්තයගේ හාමිනාගේ නම චාපා ය කියලත් කියනවනේ හිටන්...

      Delete
  20. ඇයි බං අය්යෙ බැංකුවට ගිහිං රු. 100 ක් දැම්මනං තව කැලැන්ඩරයක් ගන්න තිබ්බ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජය!

    ReplyDelete
    Replies
    1. ආං අද අපේ එකියො දෙන්නෙක් ගෙහුං පිනෑස් කොම්පැනියෙං කාල බීලත් ඇහිල්ල තිබුනෙ.

      Delete
    2. නෙද්දකිං ජාතියේ මහා ඉටිපන්දමෙන් එහෙම එකක්වත් දෙන්නෙ නෑ බොල. අන්න ඒකට සම්පත්, ග්‍රාමීය බැංකු

      Delete
  21. අප්පේ හිනා කාලා මැරෙනෝ.... 2017 හිනාවෙන් පිරේවා...!!!!

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්ට එකක් ලියන්න ඕනෑ මීළඟට. ජෛන් ජෛම වීවා!

      Delete
  22. මැසේජ්, ෆේස් බුක්, සුභ පැතුම්, කිරිබත්, පාටි, කැලැන්ඩර්, ලිත්, නැකත්, ගමන් බිමන්, පන්සල් මොකුත් නැතුව ලබපු අවුරුද්දක්.. මාර නිදහසක් තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. මගේ වගේ ටෙලිපෝන් ලයින්නෙක කපලද?

      Delete
    2. නෑ බං. මූ 31 රෑ ගහපු ගැහිල්ලට ඇහැරිලා තියෙන්නෙ දෙවෙනිද උදේ.

      Delete
  23. ලැබුවාවු 2017 වසර ජීවිතයට අරුත්බර යමක් එකතුවන වසරක් වේවායි කියා පතනවා. හරවත් රසවත් ලියවිලි රැසක් කියවන්න ඉඩ (මට) ලැබෙන්න කියාත් පතනවාග ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුජියක්කා දුවගෙන ආවා....
      හොඳ කොමෙන්ටුවක් මෙහි දැම්මා....
      මට ආසිරිවාදය පැතුවා....
      අක්කට ජෛන් ජෛම සිදුවේවා....

      Is @ watching Apinodanna Live old episode.

      Delete
  24. ලිත කියන්නේ ඉඳිකටු පෑඩ් එකක්ම තමයි.අවුරුද්ද අන්තිම වෙනකොට ලිත හිල් වෙලා.

    ReplyDelete
  25. මට නම් ඔය වගේ මැසේජ් එනවා හරි අඩුයි. ඉස්සර ආවා. දැන් නම් එන්නෙම නැති තරම්. මම යවන්නෙත් නෑ. මහ කම්මැලි වැඩක්! පවුලේ ළඟම අයට විතරක් කතා කරනවා එච්චර තමා. හෙහ් හෙහ්..

    සුරංග ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  26. අවුරුදු දෙකකට කලින් නම් ලැබුනු මැසේජ් 350 පැන්නා. ගිය අවුරුද්දේ 36 ක් වගේ මතක. මේ අවුරුද්දේ 21. හිතාගන්න පුලුවන්ද ඇයි කියලා.

    ReplyDelete
  27. රසවත් ලිපි ලියවෙන සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  28. ඔන්න අලුත් අවුරුද්ද ලබල දවස් දහයකට පස්සේ තමා සුරන්ගයෝ පොස්ට් එක කියවන්න ලැබුනේ. මේ අවුරුද්දේ ආපු ඔක්කොම සුභපැතුම් වලට එසේම වේවා කියල යැව්වට එව්වා එව්වේ කව්ද කියලනම් නොදන්නා තැනට වැඩ සිද්ද කරා කඩවසම් දුරකථනය. ඔක්කොමත් හරි උඹ මේකේ කිරිබත් කෑමක් ගැන ලියල මටත් කිරිබත් කන්න දොළක් පහලවෙච්චි..

    ReplyDelete
  29. මේක ලියන්නැද්ද බොල.

    ReplyDelete