ලෙඩක් ඇත්නම් එයට බෙහෙත් දෙන කවුරුත් දොස්තරලාය. දොස්තරලාගේ රස්සාව ලෙඩ්ඩු හොඳ කිරීමයි. ඉතිං පසුගිය දිනවල ලෙඩ තනතුරක් හෙබවූ මාගේ මේ ලිපිය දොස්තරලාට උපහාරයක්ම වේවායි පතමි.
තුන වසරේ ළමයින්ගෙන්
"හා කියන්න බලන්න ඔයා කවුරු වෙන්නද කැමති කියලා"
ඇසූ විට පළමුවෙන්ම කියන්නේ
"මම ලොකුවෙලා දොස්තර කෙනෙක් වෙලා අසරණ රෝගීන් සියළු දෙනා සුවපත් කරනවා"
කියලාය. මමත් තුන වසරේ හිටිද්දී අපේ පන්තිය බාර "මිස්" ඔය ප්‍රශ්ණය ඇසූ කළ හැමෝම දොස්තරලා වෙන්න ඕනෑ බව කීවේය. ඒ දවස්වල අකුරු ලියන්න බැරුව හිටපු දිනූකයාත් කිව්වේ "දොස්තර" කියාය. හැබැයි මම නං කිව්වේ මම ගොවියෙක් වෙන බවය. මං දැනං හිටපු ආකාරයට ගොවියෙක් වෙලා කුඹුරට බැහැලා මඩ ඩිංගක් ගාගෙන පිට වේල්ලෙං මඩ හෝදාගත් ගමං රජ කෙනෙක් වෙන්න පුළුවනය. රජකමට කෙටිම පාර මං තෝරාගත්තේ ඒ නිසාය.
ඉස්සර අපේ අම්මා, මම, නංගී යන තුංදෙනා තට්ටුමාරුවට ඇදුම රෝගය කරපින්නාගත් නිසා අපි බෙහෙත් ගත්තේ කුමුදු මැඩං ගෙනි. කොන්ඩේ කැරළි ගැසුණු උන්දෑ ලෙඩුන් දිහා බලන්නේ පොලිස් රාළහාමි කෙනෙක් ඇඳුං අස්සේ ගංජා හංගගෙන සිටිනා සැකකාරයෙක් දිහා බලනා බැල්මෙනි. "මොකද?" කියා අසන්නේ "ඇයි වලියටද" වගේය. අපි පුටු ගැට්ටේ ඉඳගෙන ලෙඩේ කියන්න ඕනෑ.
"දැං දවස් දෙහෙක ඉඳං ඇදීම"
"ඇයි කලිං එන්න තිබුණෙ නැද්ද?....ආ......"
අපි කට පියාගෙන ඉන්නව. දොස්තර නෝන බෙහෙත් ලියනව. ඒ ලියන ගමං බනිනව.
"ලෙඩ වැඩිකරගෙන ආවම හරියනවද? ආ........"
එයා බෙහෙත් ලියල ඉවරවෙලා ආයිමත් අපිට ඔරෝනව. අපි විගහට කාමරෙං එළීයට පනිනව. බෙහෙත් දෙන ගෑනු කෙනා බෙහෙත් කවර හතරක් ලියල අම්මගෙ අතේ තියෙන කුප්පිය ඇරං ඒකට බොන බෙහෙතුත් පුරෝනව. ඊට පස්සෙ
"හතලිහයි"
කියනකොට අපි සල්ලි දෙන්න ඕනි. සල්ලි දුන්නම තමයි බෙහෙත් ටික හම්බුවෙන්නෙ.
ඔය විදිහට අපි සතියක් ඇර සතියක් වගේ කුමුදු මැඩං ගෙන් බෙහෙත් ගේනවා. කොච්චර බැනුං අහන්න උනත් මිනිස්සු යන්නෙම උන්දැගෙං බෙහෙත් ගන්නමයි. ඒ හංදා වැඩි කාලයක් යන්න මත්තෙං කුමුදු මැඩං රතුම රතු පාට කාර්රෙහෙකුත් ගෙනාවා.
අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙං ඇදුමට බොන බෙහෙත් පෙත්තක් මහපාරෙ වැටිල තිබුණත්
"මේක ඇදීමට බොන බෙහෙත් පෙත්තක්"
කියලා කියන්න තරම් හැකියාවක් අපේ අම්මට ලැබුණා. හැමදාම ලැබෙන්නෙ එකම බෙහෙත් වර්ග ටික හින්දා අපේ අම්මා තමුංගේ පලපුරුද්දෙං අඩු වියදම් ක්‍රමයක් හොයාගත්තා. කෙලිම්ම බෙහෙත් ටික පාමසියෙං ගන්න. ඇදුමට හැමදාම ලැබෙන බෙහෙත් වර්ග හතරෙන් ලෙඩේට බෙහෙත පෙති වර්ග දෙකක් විතරයි කියලා අපේ අම්මා හොයාගෙන තිබුනේ. ඉතිං අපේ අම්මා කොපි පොතකිං කොලයක් ඉරල අරගෙන දොස්තර ලියනව වගේ කැතට නැතුව බොහොම ලස්සනට සිංහල අකුරෙන් ලියනවා බෙහෙත් තුණ්ඩුව. ඒකත් එක්ක හතරට නමලා රුපියල් පහලොවක් මගෙ අතට දෙනවා.
"ඉස්පිතාලෙ පාරෙ පාමසියෙං මේ බෙහෙට්ටික ගෙනපං"
මමත් එකයි විසිපහකට බාගෙ ටිකට්ටෙකක් ඇරං බස්සෙකෙං ගිහිං මානාන ටවුමෙං බැහැල පාමසියට ගිහිං අර තුණ්ඩුව දෙනව. ඒකෙ බොහොම පැහැදිලිවට බෙහෙත් වර්ග දෙක ලියල තියෙනව.
"දැං දවස් දෙහෙක ඉඳං ඇදීම"
"ඇයි කලිං එන්න තිබුණෙ නැද්ද?....ආ......"
අපි කට පියාගෙන ඉන්නව. දොස්තර නෝන බෙහෙත් ලියනව. ඒ ලියන ගමං බනිනව.
"ලෙඩ වැඩිකරගෙන ආවම හරියනවද? ආ........"
එයා බෙහෙත් ලියල ඉවරවෙලා ආයිමත් අපිට ඔරෝනව. අපි විගහට කාමරෙං එළීයට පනිනව. බෙහෙත් දෙන ගෑනු කෙනා බෙහෙත් කවර හතරක් ලියල අම්මගෙ අතේ තියෙන කුප්පිය ඇරං ඒකට බොන බෙහෙතුත් පුරෝනව. ඊට පස්සෙ
"හතලිහයි"
කියනකොට අපි සල්ලි දෙන්න ඕනි. සල්ලි දුන්නම තමයි බෙහෙත් ටික හම්බුවෙන්නෙ.
ඔය විදිහට අපි සතියක් ඇර සතියක් වගේ කුමුදු මැඩං ගෙන් බෙහෙත් ගේනවා. කොච්චර බැනුං අහන්න උනත් මිනිස්සු යන්නෙම උන්දැගෙං බෙහෙත් ගන්නමයි. ඒ හංදා වැඩි කාලයක් යන්න මත්තෙං කුමුදු මැඩං රතුම රතු පාට කාර්රෙහෙකුත් ගෙනාවා.
අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙං ඇදුමට බොන බෙහෙත් පෙත්තක් මහපාරෙ වැටිල තිබුණත්
"මේක ඇදීමට බොන බෙහෙත් පෙත්තක්"
කියලා කියන්න තරම් හැකියාවක් අපේ අම්මට ලැබුණා. හැමදාම ලැබෙන්නෙ එකම බෙහෙත් වර්ග ටික හින්දා අපේ අම්මා තමුංගේ පලපුරුද්දෙං අඩු වියදම් ක්‍රමයක් හොයාගත්තා. කෙලිම්ම බෙහෙත් ටික පාමසියෙං ගන්න. ඇදුමට හැමදාම ලැබෙන බෙහෙත් වර්ග හතරෙන් ලෙඩේට බෙහෙත පෙති වර්ග දෙකක් විතරයි කියලා අපේ අම්මා හොයාගෙන තිබුනේ. ඉතිං අපේ අම්මා කොපි පොතකිං කොලයක් ඉරල අරගෙන දොස්තර ලියනව වගේ කැතට නැතුව බොහොම ලස්සනට සිංහල අකුරෙන් ලියනවා බෙහෙත් තුණ්ඩුව. ඒකත් එක්ක හතරට නමලා රුපියල් පහලොවක් මගෙ අතට දෙනවා.
"ඉස්පිතාලෙ පාරෙ පාමසියෙං මේ බෙහෙට්ටික ගෙනපං"
මමත් එකයි විසිපහකට බාගෙ ටිකට්ටෙකක් ඇරං බස්සෙකෙං ගිහිං මානාන ටවුමෙං බැහැල පාමසියට ගිහිං අර තුණ්ඩුව දෙනව. ඒකෙ බොහොම පැහැදිලිවට බෙහෙත් වර්ග දෙක ලියල තියෙනව.
ඇදුමට බොන රෝස පාට පෙති රුපියල් 5 හක
ඇදුමට බොන සුදු පාට පෙති රුපියල් 5 හක
පාමසියෙ ඉන්න කෙනත් ඒ බෙහෙත් ජාති දෙක කවර දෙහෙක දාල දෙනවා. අපි ඇදුම හැදිච්ච ගමං ඒ බෙහෙත් පෙති වලිං එක පෙත්ත ගානෙ බොනවා. ඉං පස්සේ වෙවුල වෙවුල නිදාගන්නවා. ඒ බෙහෙත් වලට වෙව්ලිල්ලක් හැදෙනවා. අපිට හැමදාමත් "ඇදීම" තිවිච්චි නිසා සති දෙකකට විතර සැරයක් අපෙ අම්මගෙ බෙහෙත් තුණ්ඩුව අරං මං පාමසියට ගිහිං බෙහෙත් ගේනවා.
ඔය විදිහට කාලයක් ගිහිං ඇඟ ගැහෙන රෝසපාට පෙත්ත වෙනුවට එයිට වඩා පුංචි කහ පාට පෙත්තකුත් අපේ අම්මා හොයාගත්තා. ඒ බෙහෙතත් අපි කාලයක් බිව්වා. අන්තිමට ගෙදර හාල් තුනපහ වගේම අත්‍යවශ්‍ය ජාතියක් වුනේ 'ඇදුමට බොන පෙති'.
මං ඉස්කෝලෙ දහය වසරට විතර එනකං 'ඇදීම' තත්වෙන් තිබුණ මේ ලෙඩේ තවත් ඉදිරියට පියවරක් තියලා 'පීනස' බවට පත්වුනා. ඉංගිරිසි බෙහෙත් කොච්චර ගත්තත් සනීප කරන්න බැරිවුනා. මගෙ කටහඬත් අංජබජල් වෙලා ගෑනු කටහඬක් ආවා. ඉස්කෝලෙ එවුං මට කෝචොක් දාන්න පටං ගත්තා. මං ඔලුවෙ ජෙල් ගාන හිංදා පීනස හැදෙන බව අපේ මාම කිව්වා. ආච්චම්ම කිව්වෙ හැමදාම නාන හිංදා කියලයි.
අන්තිමට මං 'උඩහ කුකුලෙ වෙද මහත්තයා' හම්බුවෙන්න ගියා. එයා දෙපාරක්ම 'කුඩු මුල්' වගයක් එක්ක අරිෂ්ඨ බොන්න දුන්නා. ඒකෙං යන්තං හොඳ වුනත් ලෙඩේ නිට්ටාවටම හොඳ වුනේ නෑ. ඊළඟ දවසෙ බෙහෙත් ගන්න ගියහම බෙහෙත් තෙලක් එක්ක කසායක් ලැබුනා.
"සතියක් යනකං මේ කසාය උදේ හවස බොන්න. මේ තෙල් ඔලුවෙ ගාන්න. හැබැයි නාන්න එපා"
හරියටම සතියක් යද්දි මගෙ පීනස සනීපයි. එයිං පස්සෙ මට හොඳ ගාම්බීර කටහඬක් ලැබුනා. මං ඉස්කෝලෙදි අපේ පංතියෙ ඉඳං තව පංති ගානක් දුරට ඇහෙන්න කෑගැහුවා. ගුරුවරුංගෙං ගුටි කෑවත් මට සංතෝසයි. ඒත් එක්කම මහ රෑට පින්නට අහුවෙලා නෑවත් මට කිබුහුමක්කත් යන්නැති තරං සනීපයක් ලැබුනා. ඒකටත් වෙනම සංතෝසයි.
අපේ පවුල්වලත් ඉන්නව සාමාන්‍ය තරමේ වෙදකමක් දන්න අය. ඒ පවුලෙ වෙද්දු එකට හම්බුනාම ලෙඩ රෝග ගැන කතා වෙනවා. වටිනා වෛද්‍ය අදහස් හුවමාරු වෙනවා.
"මට මේ ගිය සතියෙ ඉඳං හෙබ්බිරිස්සාවක් හැදිල තාම නෑ හරි හමං හොඳක්. කන කෑමක් මෙලෝ රහක් නෑ."
පුංචම්මා ලෙඩ අඳෝනාවක් කියනව.
"අර සෙඩ්ඩෙක ලඟ මහත්තයගෙං බෙහෙට්ටිකං ගත්තනං ඉවරනෙ. ඒ මිිනිහෑ බෙහෙත් හොඳයි"
නැංදම්මා උපදෙස් දෙනව. එක එක දොස්තරගෙ බෙහෙත් පත්තියං වෙන්නේ ඊට අදාල අයට විතරයි. මේ අතරෙ මටත් කිඹුහුමක් තරම ගියොත් උන්දැ වෙදකම පටං ගන්නව.
"ඔය ළමෙයට හෙංබිරිස්සාව නේද දරුවෝ. අර බෙහෙත් වගයක් ඇති මං ගිය සුමානෙ මේ ළමයට ගෙනාපුව. වේලෙං හොඳ වෙනව."
"අනේ ඕව බීල හොඳද දන්නෑ"
මං අකමැත්ත පළ කරනවා.
"ආ.... මොනවක් වෙන්නෑ. පෙරේද මාමටත් හෙම්බිරිස්සාව හැදිල එක වේලයි එයිං බිව්වෙ හොඳවුනා."
සේරම වැඩ තියෙද්දි නැංදම්මා කබඩ්ඩෙකේ ලාච්චුව ඇදලා බෙහෙත් කවර ගොඩක් ගන්නවා. ඒවා බෙහෙත් කවර තුන හතර වසයෙං වෙනම සොපිං කවරවල දාල තියෙන්නේ.
"මේං මේකද කොහෙද. කොහෙද මට මේ කන්නාඩි නැතුව පේන්නෑනෙ."
උන්දෑ බෙහෙත් කවරෙක බෙහෙත් අල්ලට හලල බලනව. බෙහෙත් පෙත්තක් බිමට වැටිල බිම දිගේ රෝල් වෙලා කබට්ටෙක යටට යනව.
"අන්න බොලේ බෙහෙත් පෙත්ත ගියා. ඔන්න දරුවො ඔය කබට්ටෙක යට්ට ගියෙ හොයල ගන්න ඒක."
අපේ මස්සිනා කෝටු අතක් කබට්ටෙක යටට දාල බලනව. හොයාගන්න බෑ. අන්තිමට කොස්ස ගෙනත් අතුගාල ගත්තම මකුළු දැල් පිරිවරාත්තු බෙහෙත් පෙත්ත අහුවෙනව. ඒක පිහල මකුළු දැල් අයිං කරල ආපහු කවරෙටම දානව.
"ඒව මේ කලිං සැරේ මයෙ කොන්දෙ අමාරුවට ගෙනාපුව. හරිම හොඳ බෙහෙත් වාගයක්. මට වේලෙං සනීප උනා. මට කොච්චරවත් ඕක හැදෙන හංද මං මේ ඇරං තිබ්බෙ. හදිස්සියට බොන්න."
ආයිමත් තව කවරයක් ගන්නව.
"මේක මේ අර උණට ගෙනා ඒව. ඉස්පිතාලෙ දෙවෙනි මහත්තයගෙ බෙහෙත්. මේක වැඩක් නෑ. මෙ ළමයට කිසිම ගුනෙයක් උනේ නෑනෙ මේවෑං. තියං වැඩක් නෑ විසිකල්ල දානව."
ඒ බෙහෙත් ගුලිය බිමට දාන්නෙ අතුගාල විසි කරන්න. ඔය විදිහට බෙහෙත් කවර අටක් විතර ඇදල අදාල බෙහෙත් ජාති තියෙන කවර ටික හොයාගන්නව.
"ආ... මේ තියෙන්නෙ. මේක තමයි. මේකෙ අර ලොකු පැන්ඩෝල් පෙති පුස්කාල. ඒ ජාතියෙ බෙහෙත් පෙති අර අනික් බෙහෙත් කවරවොල තියෙනව. ආ.... එයිං අරං බොන්නකො."
අන්තිමට මට ඒ බෙහෙත් ජාති බොන්නම වෙනව. මේ විදිහට බෙහෙත් පෙති පුස් කනකං, බෙහෙත් සිරප් වර්ග අවුරුදු දෙක තුනක් යනකං පාවිච්චි වෙනව. සමහර වෙලාවට අහල පහල අය ලෙඩ උනහම 'උදව්වක්' වසයෙං ඒ අයටත්
"මේං මේ බෙහෙට්ටික බීහං. මං ඔය ගිය මාසෙ ගෙනාපුව මගෙ උණට. හුලං වැදිල නෑ මං කවරෙක ගැටගහල තිවුනෙ"
කියල ගිහිං දෙනව. ඒ විතරක් නෙවෙයි සමහර බෙහෙත් වර්ග පරීක්ෂා කිරිමත් මේ පවුලේ දොස්තරල නොමිලේම කරනව.
"පුතේ අර මාමට දෙන කැල්සියං පෙති හරි හොඳයිනෙ"
අපේ මාමණ්ඩිගේ තයිරොයිඩ් ග්‍රන්ථිය අයිං කරල හිංදා එයාට දවස ගානෙ කැල්සියම්වලට පෙති බොන්න තියෙනවා. ඒ බෙහෙත් ගැනයි මේ කියන්නෙ
"ඒ පෙතිවල ගුණ අගුණ අම්ම දන්නෙ කොහොමද?"
චූටි මැණීකෙ අහනවා.
"එයාට ඒ පෙති නැතුවහං ඇඟ වෙව්ලීමක් හැදෙනවනෙ. මටත් සමහර දවස්වල්ට මහන්සි වෙලා වැඩි උනහම ඇඟ වෙව්ලිල්ල හැදෙනව. මාත් බිව්ව බලන්න එයිං පෙත්තක්. හරියට හරිනෙ දරුවො ඒක. ඇඟ වෙව්ලිල්ල කොහෙං ගියාද නෑ,"
අපි ඔළුවෙ අතදෙකම ගහ ගන්නව.
අද ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙයි, මෙහෙයි දෙකේම දොස්තරලා. ඉකොනොමැට්ටා ඊලඟ පෝස්ට් එකේ දොස්තරලාගේ කාර් පිස්සුව ගැන ලියනවලු. මෙහේ දැන්මම කුමුදු මැඩම් රතු කාර් එකක් අරගෙන. lamborghini? :P
ReplyDeleteදොස්තරලා එපාවෙලා තියෙන්නේ. ඇත්තටම එයාලගේ අකුරු කැතයි. අනෙක එයාලා හිතන්නේ කෙල්ලෝ එයාලා එනකල්, යනකල්, කෝල් කරන කල්, එයාලට විවේකයක් ලැබෙනකල් බලාගෙන ඉන්න ඕනි කියලා :P
දොස්තරලා එක්ක සෙට් වෙන්නෙ නර්ස් නෝනලානෙ. ඒ ඇර වෙනිං කෙනෙක්ට දොස්තරලා එක්ක දීග කන්න බෑ. එතකොට දොස්තර නෝනලා බඳින්නෙ කාවද?
Deleteමේල් නර්ස්ල වෙන්ඩැති?
Deleteයකෝ උඹලගෙ පවුලෙ අයට අර සයිටම් එකට වැඩිය හොඳ දොස්තර කඩයක් දාගන්න තිබුණනෙ. අපරාදෙ.
ReplyDeleteදැං ඔය අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනත් සීමාවාසික පුහුණුවෙ ඉන්නෙ. ඔව් හිටි ගමං මට බෙහෙත් දෙනව හෙංබිරිස්සාවට හෙම.
Deleteඋඹල ඔහොම බෙහෙත් බීල තාමත් ජීවත් වෙලා ඉන්නව පුදුමයි.
ReplyDeleteඅපේ ටවුමෙත් පාරෙ ඇවිදින වයසක ඩෑල් එකක් හිටිය. පොරත් ඔය පාරෙ වැටිල තියෙන බෙහෙත් පෙත්තක් අහුඋනාම මොනවද කියල බලන්නැතුව ගිලල දානව.
ඒ කියන්නෙ මේ බෙහෙත්වල බලෙයක් නෑ. එව්ව නිකං පෙති විතරයි.
Delete/අපේ ටවුමෙත්/?
මේ ටවුම කියන්නෙ අර පාලමෙං එහා දෙල් ගහයට බස්සෙක නවත්තන කඩ මංඩිය නේද?
කොහෙද බං දෙල් ගහක් තියෙන්නෙ
Deleteගොඩකවෙල කඩමණ්ඩියෙ බස්සෙක එනකල් මිනිස්සු බලං ඉන්නෙ දෙල් ගහ යටනෙ.
Delete//ඒ දවස්වල අකුරු ලියන්න බැරුව හිටපු දිනූකයාත් කිව්වේ "දොස්තර" කියාය.//
ReplyDeleteඒක එච්චර අවුලක් වෙන්නෙ නෑ මල්ලි. උඹට පුලුවන්ද දොස්තර දෙන බේත් සීට්ටුවෙ අකුරු කියවන්න. ඒ නයින් බලනකොට දොස්තර කෙනෙක් වෙන්න අකුරු ලියන්න බැරිවීම නුසුදුසුකමක් නෙමෙයි.
පාමසිවල එවුන්ට මුලට ලොකු C අකුරක් එක්ක කුරුටු බලි ටිකක් ඇඳල දුන්නහම උං මොනව හරි බෙහෙත් ටිකක් දෙනව.
Deleteඒ නයින් කිව්වේ අර ප්‍රසිද්ද පාරද ?
Deleteඇයි බං බ්ලොග් එක කෙට්ටු වෙලා
ReplyDeleteඒක තමා. මේ දවස්සොල පෑවිල්ල සැරයි. ඒකයි මේ.
Deleteසුරන් ඇදුමට දෙන රෝස පාට පෙත්ත ( සැල්බියුටමෝල් /වෙන්ටෝලින් ) වල අතුරු අබාධයක් තමයි වෙව්ලීම ( tremors) . සුරන් සමහර දොස්තර ලාටත් වඩා හොඳට පෙත්තේ අතුරු ඵල ( side effects) විස්තර කරලා නේ .. මම හිතන්නේ ඔය සුදු පාට පෙත්ත ප්‍රෙඩ්නිසලෝන් ( Perdisolone) කියන එක. ඒවා මේ රට වල නම් දෙන්නේ හරි පරිස්සමෙන් ( දවස් තුනකට- පහකට වඩා දෙන්නේ නෑ . දෙන්නෙත් ඇදුම හොන්දටම වැඩියි නම් තමයි ). ලංකාවේ නම් හතු පිපෙන්නාක් වැනි පුද්ගලික සායනවල විශේෂයෙන් බටහිර බෙහෙත් හරියට අධ්‍යනය නොකළ ( අද කාලයේ "ආයුර්වේද " දොස්තරවරු සහ Quacks ලා යනුවෙන් හැඳින්වෙන හරි සුදුසුකම් නොලැබූ දොස්ත්රවරුත් ඒ අය හා මුදල් තරගන්යට වැටුණු අපේ ඇලොපති ( MBBS) දොස්තර වරුන්ගෙන් සමහරකුත් ඔය ප්‍රෙඩ්නිසොලෝන් පෙති හිටු කියලා තමුන්ගේ ලෙඩ්ඩුන්ට දෙනවා පොඩි හෙම්බිරිස්සාවට පවා. ඒ පෙත්තේ අතුරු ආබාධ වැඩියි. දියවැඩියාව අඩු වයසකින් හැදෙන්නෙත් හේතුවෙන්න පුළුවන් දිගටම ඒ පෙත්ත ගැනීම .
ReplyDeleteප්‍රෙඩ්නිසලෝන් . සැල්බියුටමෝල් දෙක හොදට අඹරල අරං බෙහෙත් ගුලි වලට කලවං කරන කෙනෙක් මම දන්නවා
Deleteමේ රටවල සැල්බියුටමෝල් පෙති නෑ. තියෙන්නේ ඉන්හේලර් විතරයි. ඉන්හේලර් වලින් කෙලින්ම ස්වසන මාර්ගයට හරි පොඩි මාත්‍රාවක් ඇතුල් වෙන්නේ
Deleteබේත්වල අතුරු ආබාධ ගැන ලංකාවෙ දොස්තරල කියන අවස්තා බොහොම අඩුයි. එක සැරයක් පොඩි ඇස් අමාරුවකට නවලෝකෙ "මකුලොළුව" (eye surgeon) කියන දොස්තරව චැනල් කලා.
Deleteමෙයා ස්ටිරොයිඩ් එකක් මාස දෙකකට ලියල දුන්න වෙලේ මම ඇහුවා මෙකෙන් IOP (intraocular pressure) වැඩිවෙන්න පුළුවන් නේද කියල. මේක ඇහුවයි කියල දොස්තර මගෙ ඇගට ගොඩ උනා.
මමත් උන්දැට පුටුවෙන් උඩ යන්න දෙකක් කියල ආවා.
ඔහොමයි ලංකාවෙ සමහර දොස්තරලගෙ හැටි
මේ කියන විදිහට අපෙ නැංදම්මත් තාම ලාබාල වයසෙ වෙන්න ඕනැ. නැත්තං උංදැ ඔය බෙහෙත් පෙත්ත බොන විදිහටයි නාහෙට එයිං කුඩු අදින විදිහටයි උණ්දැට ඩයිබිටික් එන්නම එපෑ.
Deleteමගේ පවුලේ මවගේ පැත්තේ සහෝදරියකට හා මගේ සහෝදරියකට තියනවා. මගේ සහෝදරියට දැන් හැදෙනවා අඩුයි. වැඩිවෙන එකම හේතුව බෙහෙත් කිරිල්ලේ වරද වෙන්නත් පුළුවන්. එයාට පුංචි කාලේ ඉඳලම බෙහෙත් දුන්න. නමුත් ඇදුම කියන්නේ ඇත්තටම්අසාත්මිකතාවය ක් හෙවත් allergy එකක් කියල කවදාවත් කියන්නේ නැහැ ලංකාවේ දොස්තරලා. බෙහෙත් දෙනවා විතරයි. මගේ පොඩි එකාට හතිය හැදිලා ඇදුමට එයි කියල බයවෙලා ගියා බෙහෙත් ගන්න. ලංකාවෙන් නොයෙකුත් උපදෙස් ආව මේ සුරංග කියන විධිහටම අරක ගන්න මේක ගන්න කියල. ඒ අතින් මේ රට වෙනස් නිසා බේරුනා. ඉංග්‍රීසි දොස්තර කෙනක් හිටියේ paediatrician. ගෙදර විස්තර ඇහුවා . දුව්ලි වල ඉන්න පුංචි සතුන්ගෙන් හැදෙනවා කියල කිව්වා. (dust mite). කාපට් හෙම බොහොම භයානකයි කිව්වා මේ ලෙඩේට. එහෙම නැත්නම් අසාත්මික කෑම , කිරි වර්ග, යෝගට්, පූසෝ , බල්ලෝ ඇති කිරීම, චොකලට් වර්ග, මිරිස් කෑම වගේ හේතු ගානක් කිව. කියල ඒ එකින් එක ගෙදරින් අයින් කරන්න. එතකොටත් හතිය හෙම නවතින්නේ නැත්නම් එන්න බෙහෙත් දෙන්නම් කීව . ගෙදර ඇවිල්ල ළමයාගේ කාමරේ කාපට් ගලවල ලී දැම්ම. (කාපට් යට තිබ්බ දුවිලි කුණු දැක්කම හිතුනා ඇදුම ම නෙමේ වෙන ලෙඩත් හැදෙයි කියල ) හරි ගියා . මුළු ගෙදරම කාපට් ගලවල විසි කරා. පස්සේ fruit yoghurt වලට හැදෙන නිසා එකත් නැවැත්තුව. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ළමය පුංචි කාලෙම නවත්ත ගත්ත නිසා වෙන්න ඇති.
Deleteඅනේ මගේ පුතාට නිතරම හතිය හැද්නවා .ඉන්හිලර් පාවිච්චි කරන්නේ .මට බාබාව හොදටම හොද කරගන්න පුලුවන් වෙයිද.ඇලජ් ටෙස්ට් එකක් කොරොත්
Deleteකොරොත්
ඉස්සර මම හිටිය නුවර බෝඩිමක ටිකෝ කියල ඩයල් එකක් හිටිය. පොරත් කාගෙහරි බෙහෙතක් තෙලක් දැක්කොත් ඒ ලෙඩේ උට මේ දැන් හැදුන කියල කෙලින්ම උගුරෙන් පල්ලෙහට දාගන්නව. දැන් ජීවතුන් අතර ඉන්නවද දන්නේ නෑ හිටං 🙈
ReplyDeleteතෙලක් නං ගෑවට කමක් නෑ කියමුකො. බෙහෙතක් කැවුනොත්?
Deleteදොස්තරලා පිරිවරාගත්ත පවුලක්නේ... ඔය බෙහෙත් පසු පාවිච්චියට ගන්න වැඩේ අපේ ලොකුඅම්මගෙත් තියනවා...
ReplyDeleteමරු පෝස්ටුව...
එයාලා හොයාගත්තු බෙහෙතුත් තියෙනව. ඔන්න කැස්ස හැදුනොත් සීනි දාල ඇල්වතුර බොනව. දතේ කැක්කුමට ඒ දතට අරක්කු පුරෝනව. නැත්තං දත්බෙහෙත් තියනව.
Deleteඔය ආකාරයටම නොවුනත් අදත් තම තමන්ට හිතෙන විදිහට ඇට්ටර කමට බෙහෙත් බොන නිසි වෛද්‍ය උපදෙස් නොගන්න මෝඩ මිනිස්සු ඉන්නවා.
ReplyDeleteබ්ලොග් පිටුවේ පළල වැඩි කරන්න. අපරාදේ මේ තරම් පටු තීරුවක ලියන්නේ.
මං මේ තාම ඒක පලල් කරන ක්‍රෙම් හොයනවෝ......
Deleteමට පුලුවන් උඹට උදව් කරන්න.
Deleteහරි උඹ දැනටම ඒක කරලා තියෙන බව පේනවා. ඔය සයිඩ් බාර් වල අකුරු සයිස් එක පොඩ්ඩක් පුංචි කරපං. අකුරු එක උඩ එක නැගලා තියෙන්නෙ ෆයර්ෆොක්ස් වලින් බලනකොට
Deleteඋඹ අසනීප වුනාට පස්සේ බ්ලොග් එකත් කෙට්ටු වෙලා සුරන්ගයෝ ...
ReplyDeleteඅපේ ගමේ ආච්චි කෙනෙක් හිටියා බෙහෙත් පෙත්තක් බොන එක නම්බුවක් විදිහට සලකපු ....හැක්
එන්න එන්න වාඩිවෙන්න .
අය්යෝ අය්යෝ ..
මොකද ඔතන ඇයි හිටගෙන වාඩිවෙන්න වාඩිවෙන්න
මේ මිනිහා හිටගෙන නිදි මෙන්න මෙතැන වාඩිවෙන්න
නම මොකක්ද ? තිරික්කලෙන්
මොකක් කිවා ? තිරික්කලෙන් මන් ආවේ තිරික්කලෙන්
ආපු විදිහ මට මොකටද ඒවා ඇහුවේ කවුරුද
නමයි ගමයි වයස එක්ක කියනවා මට ලෙඩේ මොකද
අපොයි එක මම වික්කා අලුත් එකක් අරගත්තා
දැන් මට ඇති එකම රතේ ගොනා බඳින බර කරත්තේ
හතර වරම් වරම් ගත්තු අනෙ ඇත්තට මෙහෙම පුත්තු
කන ඇහීම අඩු වෙලාද ඉහේ ඇම්ම තද වෙලාද
කුර ගෙවිලා අඩමානෙට කකුල හිටින්නේ බාගෙට
දැම්මත් ලනුවක් නාහෙට ගොනා යන්නේ අනුමානෙට
අසනීපෙන් ඉන්නේ කවුද තමුසේ බෙහෙත් ගන්නේ නැද්ද
මොකද කිව්වේ නැ ඇහුනේ ගහේ හෙරලි නැ පැහුනේ
අවිස්සෙනවා මගේ කෝපේ කාටද ඔය අසනීපෙ
මගේ රතේ බැන්ද ගොනා අසනීපෙන් උන්න නොකා
ඌට දෙන්න ගෙනා බෙහෙත් වැරැද්දකින් මට පෙවුනා
එදා ඉඳල බඩගින්නට තණකොළ ඕනෑමයි මට
කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට
කලි යුග කාලේ අරුමේ අරුම පුදුම ලෙඩක්නෙ මේ
උන්නැහේ මේ අහනවා ඕකට මේ දේ කරනවා
බෙහෙතක් දෙන්නම් තමුසෙට පොවනවා ඒවා ගොනටා....
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
මේක නං මාත් අහල තියෙන සිංදුවක්. අපෙං පස්සෙ පරම්පරාවට අහන්න නොලැබුන එකක්.
Deleteඋඹලෑ ගෙදර උන් ජීවත් වෙලා ඉන්න එකම මදැයි බං කල් ඉකුත් වෙච්ච බේත් බීල තියෙන හැටියට.
ReplyDeleteඉස්සර අපි ටොපි කනව වගේ මෝරගුලි ගෙනත් කනව පාමසියෙං. හෙනම රහයිනෙ එව්ව.
Deleteපෝස්ට් එක කියවලා ඉවර වුණාම ඉස්පිරිතාල ගඳ නාහෙට දැනෙනවා වගේ... අපූරු ලිපිය... අර කන්ද උඩ ඉඳන් කතා කරන එකා වගේ රූප සටහනකුත් තිබ්බා නම් කියලා වැඩක් නෑ...
ReplyDeleteමේ වගේ සරල දේවල් වලට රූප සටහං නෑ. අර වගේ අමාරු ඒවට විතරයි අඳින්නේ.
Deleteමේ බේත් ක්‍රමය ගොඩක් දෙනෙක් කරනවා.
ReplyDeleteමේක ඇවිල්ලා සකසුරුවං කම. අපතෙ යන්න දෙන්නෙ නෑ.
Deleteඅනේ උඹෙ ගාම්භීර කටහඩ... කබරගොයෙක් ටකරමක් දිගේ යනව වගේ...
ReplyDeleteඅනෙ නිකං යන්ඩ සර්. මගෙ කටහඬට කෙල්ලො වශීකෘතහස්ත වෙලා යනව. සමහරු එවුං මගේ කටහඬ අහන්නම මට කෝල් හිට ගන්නව.
Deleteඅපේ බාප්පෙක් ඉන්නව දොස්තර කෙනෙක්... මං සැරෙයක් ලිව්ව උන්දැ ගැන. අර බල්ලෙක්ගෙ වයිබ්‍රේට් ඔන් කළේ, ආං එයා තමා...
ReplyDeleteඅපේ ඩොක්ටර් බාප්ප අපේ බාප්ප උනේ අපේ නර්ස් නැන්දා බැදගෙන...
Deleteඑයාට බැයිද දන්නෑ මේ අපේ බලල්ලුන්ගෙත් බැක්ලයිට් විතරක් පත්තු වෙන්න හදල දෙන්න.
Deleteඅපේ ගජබිං බාප්පත් බෙහෙත් වලට සම්බන්ධයි. පොර සිරෝසිස් හැදිලනෙ මළේ. ඉස්සර මායි බාප්පගෙ පුතයි ඩොක්ටර් බාප්පගෙ ගෙදර යනකොට ගජබිං බාප්ප කියනව පුතාට, "තාත්ත දැං බොන් නෑ කියන්ඩ. කසාය බොනව කියන්ඩ..." කියල. එහෙම කියල උන්දැ හීං සීරුවෙ පල්ලං බහිනව කසිප්පු මහත්තෙය හොයාගෙන...
ReplyDeleteපරණ ණය ටික ගෙවල ඉවර කොරන්ඩ වෙන්නැති.
Deleteඅපේ තව බාප්පල දෙන්නෙක් උන්න. උං ගැන නං කියන්ඩ විශේෂයක් නෑ. දෙන්නම දිවි නහගත්ත.
ReplyDeleteඅපරාදෙ දැං දිවිනහගත්තට බෙහෙත් තියෙනව. හොඳකරන්ඩ තිබ්බ.
Deleteඅපේ අර මින්ස්ක් බයික් එක තිබ්බ බාප්පගෙ පුතාට අපි කියන්නෙ පිස්සු දොස්තර කියල. ඌ පොඩි කාල්ර් සිරින්ජෙයක් අරං මල්ගස් වලට බෙහෙත් විදිනව.
ReplyDeleteඌ ගස් වෙදෙක් නේද? මිනිහ බෙහෙත් විදල මල් පුප්පනව ඇති.
Deleteඅපේ නැන්දම්මයි දෝනියි දෙන්න එක්ක හිටු කියල බෙහෙත් මාරු කරගෙන ගිලිනවා හෙම්බිරිස්සාවට උණට එහෙම...
ReplyDeleteවතාවක් නැන්දම්මත් මටත් ඔය වගේ බෙහෙත් දෙන්න ඇවිත් මගෙන් හොඳට අහගෙන තියෙනවා...
ඒ කියන්නෙ ඕක පස්දුං කෝරලේ ලක්සනයක්. ජයවේවා.
Deleteඅම්මට සිරි ඔය තියෙන්නෙ ක්‍රමේ අකිල ඇමති කුමා එක්ක එකතුවෙලෙ ප්‍රචලිත කරන්න ඕනි එතකොට බලමුකො ස්ට්‍රයික් කරන විදිය.
ReplyDeleteදැං අපේ නැංදම්ම බෙහෙත් ගේන්නෙ පාමසියෙං. උංදැ පාමසියෙ එකාට ලෙඩේ කිව්වම මිනිහ දෙනව බෙහෙත් රුපියල් පනහයි.
Deleteස්කූල් යන කාලෙ අපේ සෙට් එකටම කැස්ස හැදුන. ඉතින් පාමසියෙ අයිය බෙහෙත් තුන්ඩුව නැතිවම බෙහෙක් දුන්න.
Deleteමාත්‍රාව දවසව පැනි බොතල් වලින්. අපරාදෙ කියන්න බෑ තව සෙට් එකක් හිටිය දවසට මාත්‍රාව කියන්නෙ බෙහෙත් පෙති කාඩ් ගානෙන්. උග්‍ර ලෙඩ්ඩු නම් ඔය දෙක කලවමේ ගත්ත.
හෆොයි.. ඇති ඔයතරමින් ගියා. ඔහොම බෙහෙත් බීලා ඉතුරු වුණා කියන්නේ..... අදත් ලියවිල්ල ලස්සනයි ජයවේවා
ReplyDeleteමේ බෙහත්තොල ගුණයක් නෑනෙ. ඒකයි. නැත්තං වැරදි බේත් බීවහම මැරෙන්නෙපෑ. නේද?
Delete++++++++++++++
ReplyDeleteබෙහෙත් පෙත්තෙ මැද ගහල තියෙන්නෙ ඖකෙං බාගෙ - ලකුණ
Deleteඉස්සර අපේ ගමේ හිටියා ඇපොතිකරු දොස්තර මහත්තයෙක්. අපරාදේ කියන්න බෑ බෙහෙත් ටික අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. හැබැයි උදේට වෛද්‍ය නිල නිවාසෙම චැනල් සර්විස් එක කොරලා තමයි ඉස්පිරිතාලෙට එන්නේ. ඉස්පිරිතාලෙට එන අයට අඩුවක් කලෙත් නෑ. අපේ අම්මා අපිට බෙහෙත් ගන්න ගියාම හැමදාම බෙහෙත් කලවං කරන එකාට බේත් තුංඩුවට ගුලි කරලා රැපියල් 2 ක් දෙනවා. එතකොට ඒකා බේත් ටික හරියට දෙනවා. පස්සේ කාලෙක බේත් කලවං කරන මිනිහත් ගෙදර බේත් දෙන්න පටන් ගත්තා.
ReplyDeleteඔය වචනෙ වැරදියි නේද මලේ. දැං බලන්න බෙහෙත් කලවං කරනව නං කවදාවත් හරි බෙහෙතක් දෙන්න බෑනෙ. ඇයි ඌ බෙහෙත් කලවං කරනවනෙ.
Deleteමේ සිද්ධිය මීට අවුරුදු 30 ට විතර කලින් එකක් බං අය්යේ. ඒ කාලේ අපේ ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්නේ කලවං කලේ එකම පොර. දන්නවනේ ගංවල ඉස්පිරිතාලවල තත්වේ.
Deleteඋඹ කියන කථාව හරි. බෙහෙත් කලවං කරන එකාට බෙහෙත් දෙන්න බෑ. ඌ කරන්නේ කලවං කිරිල්ලක්නේ. හරි එතකොට රට සංවර්ධනය කරන්න දියවන්නාවට යන එකාට රටට කෙලවන්න පුලුවන්ද. ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දුන්න එකාට වෙනම රටක් ඉල්ලන්න පුලුවන්ද. යහපාලනය ඇති කරනවා කියලා ආපු උන්ට යමපාලනය කරන්න පුලුවන්ද. නීතිය රකින්න ආපු පොලෝසියේ උන්ට පොලිසාය ඇතුලේ මිනී මරන්න පුලුවන්ද. මේ විදිහට බලනකොට බෙහෙත් කලවං කරන එකාට බෙහෙත් දෙන්න බැරිද.
බෙහෙත් ගැන කියවලා නිදිමතයි..
ReplyDeleteනිදිපෙත්තක් බීලද?
Deleteඑයාට ඒ පෙති නැතුවහං ඇඟ වෙව්ලීමක් හැදෙනවනෙ. මටත් සමහර දවස්වල්ට මහන්සි වෙලා වැඩි උනහම ඇඟ වෙව්ලිල්ල හැදෙනව. මාත් බිව්ව බලන්න එයිං පෙත්තක්. හරියට හරිනෙ දරුවො ඒක. ඇඟ වෙව්ලිල්ල කොහෙං ගියාද නෑ,//////////// placebo effect
ReplyDeleteහිකිස් ... මේක කියවපුවම මට අපේ පුංචි අම්මවයි අම්මගේ මාමවයි තමයි මතක් උනේ.
ReplyDeleteපුංචි වැඩ කලේ ආණ්ඩුවේ ඩිස්පැන්සරියක හින්ද උන්ද තමයි අපේ මුළු පවුලේම නිල නොලත් දොස්තර !
එක හින්ද අපිට ඔය පොඩි පොඩි අමාරු වලට බෙහෙත් ගන්න යන්න උනේ නම් නැහැ ! ලොකු ලෙඩ වලටත් බෙහෙත් දුන්නට අපි එහෙමට බිව්වේ නැහැ !
හැබැයි අම්මගේ මාම තමයි පුංචිගෙන් හොඳටම බෙහෙත් ගත්ත මනුස්සය අපි ඔක්කොටමත් හරි යන්න .. අපේ නෑකමයි අම්මගේ නෑකමයි දෙක එක්කහු කරලා අපි එයාට කියන්නේ සීය මාම කියල ...
මට තාම මතකයි ගෙදර ආපු දවසට බෙහෙත් බොන හැටි,
ලොකු දුව... ඔලුව කැක්කුමයි දෙන්නකෝ පිරිටන් එකක් ... ?
බඩේ අමාරුවට කොහෙද මාමේ පිරිටන් බොන්නේ ??? ඔහොම බෙහෙත් බොන්න හොඳද ...! අම්ම කෑ ගහනවා
දෙන්න එපා ලොකු දුව මේ මනුස්සයට පිස්සුද කොහෙද ? ... ලඟ පාතක හිටියොත් ආච්චි අම්මත් සම්මාදන් වෙනවා ... අනේ අක්කේ මේ ඔයා යන්න කෑ නොගහ සීය මාම ආච්චි අම්මට බනිනවා ! මේ ගැන මෙහෙම බැහැ වෙනම දවසක ලියන්න ඕනේ !