Follow by Email

Thursday, October 20, 2016

ආශ්චර්යය

ජංගම දුරකථන නොතිබූ, හදිසි වැඩ නොතිබූ, කරන්ටෙක හෝ විදුලිය නොතිබූ ඒ කාලයේ දෙන්නෙක්ට වැඩි ගණනක් එක තැනකදී මුණගැහුනොත් විනාඩි දහයක් තරමවත් කයිවාරු ගැහීම අපේ ගමේ චාරිත්‍රයක්. එතකොට ගමේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය  වුනෙත් එහෙම එකිනෙකා හමුවී කයිවාරු ගැහීමයි. ඉතා වැදගත් කාරණාවක් නම් ගෙදරටම ඇවිත් කීවත් එහෙම නොවන පොදු දෙයක් නම් කියන්නේ කඩපිලේ, දොලේ, ළිඳ ගාව, දළු කඩන වෙලාවල්වලදියි. එහෙව් වෙලාවක තමයි මේ වසංගතෙත් පැතිරුණේ.


අපේ පවුලෙං මේ ලෙඩේට අහුවුනේ අපේ තාත්තගෙ නංගි. උන්දැටත් කියල තියෙන්නෙ වෙනිං කවුරුහරි. අපි දැනගත්තෙ උන්දැ අපේ මිදුල උඩිං යද්දි අපිටත් කියාගෙන හිංද.


“ජයක්කෙ ආං සාලාමි අයිය කිව්ව ෂෝක් දිහාවක් තියෙනවලු කුන්නෑගල දිහාවෙ. හාංදුරු කෙනෙක් ගල්ගුහාවක පංසලක් හදාගෙන සෙස්සාංති කොන්නවලු”


“ඇත්තෙයි මැණිකො”


“ඔව්වොව් ඔය එගොඩහ කීප දෙනෙක්ම වෑන්නෙයක් ඇරං ගීං තියෙන්නෙ. පෙලම්මිනිස්සු එදා ඉල්ලපුව එවෙලෙම හරියනවලු.”


“ඉතිං උඹලච්චනවද?”


“සාලාමි අයිය කිව්ව තව හත්තට දෙනෙක් හොයාගෙන යනව කියල. සාලාමි අයියට අර ගෙපලෙ ඈත්තෙක්ක නඩුවක් තියේනෙ. මටහ්හිතුනොත් මාච්චනව”


ඔන්න ඔහෙමයි අපේ ගමට දොළුකන්දෙ යාමේ රැල්ල කඩා පාත්වුනේ. අපේ ගමේ හිටි තරමක් කොඩිවින කරන්නෝ, කොඩිවින වලින් අසරණ වෙච්චි අය, නඩුහබවල අනුං පටලන්නෝ, නඩු හබ වල පැටලුනු අය, නිධං හොයන අය, පතල් කපන අය, ටිකට් හූරන අය, මහංසිවෙලා හම්බු කරන්න කම්මැලි අය, ආදී මෙකී නොකී සියළුම වර්ගයේ ආශ්චර්ය බලාපොරොත්තුවෙන අය අහල පහල ගම්, නියම් ගම්, හංදි, නගර ආදියේ තියෙන තරමක වෑං හයර්රෙකට අරං දොළුකන්දෙ යන්න පටං ගත්තා.  මේ වගේ පොදියකට අහුවෙලා අපේ නැන්දත් දොළුකන්දෙ ගියා. තනියම නෙමෙයි තමුංගෙ දෝනියන්දෑ වන ‘ලොකු චූටි’වත් අරගෙන.


දවස් දෙකකට පස්සෙ නැන්දා ආපහු ආවා. එදා හවස එකපාරටම නැන්දලගෙ ගෙවල් පැත්තෙං බල්ලො රොත්තක් කාවැටෙන සද්දෙ වගේ එකක් ඇහෙන්න පටං ගත්තා.


“අර මැණිකට එහෙම කං ඇහෙන්නැද්ද මංද. බලහං කොල්ලො අර බලුකොටියව කනවද කොහෙද අර කරුනෑ කඩේගාව දඩාවතේ යන බලු හැත්ත ඇහිල්ල. ගිහිං බලහං පොඩ්ඩක්.”


දවල්ට කාලා බූරු ඇ‍ඳට වැටිලා නිදං හිටපු අපේ තාත්තා මට කිව්වා. මාත් බිංදුවාව බේරාගන්න නැංදලගෙ ගෙදරට දිව්වා. මං යනකොට බිංදුවා උගෙ ටකරම අස්සට වෙලා පෝර කවරෙ උඩ බුදි. අහල පහලක බලු නකුටක් තරංවත් නෑ. අපිට කෝලහලයක් වගේ ඇහෙන්නෙ නැංදලගෙ ගෙදර තියෙන තනි පීකරේ කැසට්ටෙකෙං. ඒකෙ දාල තියෙන පීස්සෙකේ පෙට්ටිය කබට්ටෙක උඩ තිබුණා


“දොළුකන්දේ.......... ගල්ලෙන් විහාරයේදී පටිගත කළ........හිමිගේ ‍බෝධි පූජාව”


ගල්ලෙනක් ඇතුලේ තියන බෝධි පූජාවේ පීස්සෙකෙන් අපිට ඇහෙන්නේ දෝංකාර ගොඩක් එකතු වෙච්ච කෝලහලයක් විදිහටයි. ආච්චම්මයි නැංදයි ලොකු චූටියි කැසට්ටෙක තියෙන කබට්ටෙක ඉස්සරහ පැදුරක ඉඳගෙන වැඳගෙන ඉන්නවා. නැංද විතරක් පීස්සෙක අනික් පැත්ත දාන්න එක පාරක් නැගිට්ටා. ඒ තුන්දෙනා අර බුරාහැලෙන කැසට්ටෙක වන්දනා කරලා ඉවර වෙනකං මං බිංදුවත් එක්ක ඔට්ටු සෙල්ලමක් තිබ්බා.


පස්සෙං පහු දැනගත් විදිහට ඒ කැසප්පීස්සෙක දාලා වැඳගෙන හිටියහම හැමදේම හරියනවලු. මහා බලසම්පන්න පිරිත් වතුර වගේකුත් නැංදට ලැබිල තිබුණා. තලකැරලි, හුලං කෑලි පැකැට් බාගෙකුත් එක්ක එයිං පිරිත්වතුර ඩිංගකුත් අපේ ගෙදෙට්ට ලැබුණා. අපේ අම්මත් තාත්ත නිදං ඉද්දි එයිං ටිකක් තාත්තගෙ ඔලුවෙ ගෑවෙ එයාගෙ බීම නවත්තන්න. 


නැංද වගේම තවත් සෑහෙන පිරිසක් දවස් ගනං පෝලිමේ ඉඳලා පිරිත් වතුර අරං තිබුණා. ඒ වුනාට කාගෙවත් උවමනා එපාකං හරි නොගිය හිංදා මාස ගානකට පස්සෙ අපේ ගමේ අයගෙ දොළුකන්දෙ ගමන නැවතුනා. ඉං පස්සෙ "නීල හොරෙක්", "තක්කඩියෙක්" ආදී වශයෙං නීල කතාවෙන් බැනලා 'දොළුකන්දෙ හාමුදුරවං'ව පතුරු ගැහුවා. අනික් වෑන්වලට වඩා රුපියල් දාහක් අඩුවෙං දොළුකන්දෙ යන්න හයර්රෙක ගත්තු අපේ ගමේ වෑංකාරයෙක්ට නං හරිගියා. එයා රෑ බෝවෙනකං ඉඳලා ඒ පන්සල ගාව තියෙන ගස්වල මිනිස්සු ගැටගහපු පඬුරු ගලෝලා මාරු කාසි එකතු කරලා ගෙනැත් ටවුමෙ කඩවලට ‘පොඩි සල්ලි’ සැපයීමෙන් වෙනම ළාභයක් ලැබුවා.


එයිං පස්සෙ අපේ අම්මගෙ ලොකු නංගිගෙ ගේ ගාව තැනක් ආශ්චර්යය සපයන තැනක් බවට පත්වුනා. ඒ මැටි ගහල හදපු පොඩි ගෙයක්. ඒ ගෙදර මනුස්සයට හදිස්සියෙම වරමක් හම්බුවුනා. එයා ඒ වරමෙං තෙල් ගාන්න පටං ගත්තා. ඕනම ලෙඩක් තියෙන කෙනෙක්ට ඒ තෙල් ගෑවං හොඳවෙනවා, නඩු හබ දිනන්නත් ඒ තෙලම තමයි. තවටිකක් කල් යනකොට හතුරො හැඳිගෑවෙන්න, කුඩු කෙටෙන්න පොල් ගහන්නත් ගල් ගෙඩියක් තියලා එතන සංවර්ධනය කරල තිබුණා. තෙල් වගේම පොල් ගැහිල්ලත් නැගල යද්දි මිනිස්සු රෑ දවල් නැතුව මේ පොල්-තෙල් සෙල්ලමට පෝලිං ගැහුනා. අපිට නිදංගතව තියෙන ඇඳීමෙං නිදහස් වෙන්න අපේ අම්මා මාවයි නංගිවයි ඇදගෙන ඒ පෝලිමට එකතු වුනා. පෝලිම දිගට ‍සෙල්ලං ගෙවල් වගේ කඩවල් හැදුනා. බඩට දාගන්න පුළුවං කෑම ජාති අහස පොලව නුහුලන ගානට විකුණුනා. ඒ අතරෙ අන්තිම අමාරු ලෙඩ්ඩුන්ට තෙල් ගාන්න කපුමහත්තයව ඩැහැගෙන යන්න ගේ ගාව වාහන පෝලිං ගැහුනා. කපු මහත්තයා ඒ තැංවලට යද්දි ගෙදරට එන අයට තෙල් ගාන වරම කපු මහත්තයගෙ හාමිනේ අතට ගත්තා. තවටික දවසක් යද්දි ඒ ගෙදර බල්ලයි, පූසයි ඇර අනික් සේරම අය වරං ලාභියො වුනා. කපු මහත්තයා වරම ඇඟට අරං වෙව්ල වෙව්ලා කොයි අතට වැටෙයිද හිතා ගන්න බැරිතරං වැනෙමින් තෙල් ගාද්දි ගෙදර අනෙක් සුළු වරම් ලාභියොත් හැකි තරං වෙව්ලන්නත් වැනෙන්නත් පුරුදු උනා. සල්ලි නොගෙන පිනට කරන සේවයක් විදිහට ඒ වැඩේ ප්‍රසිද්ධ සිද්ධ වුනත් පෝලිමේ ඇවිත් ගෙදර මිදුලට ඇතුල්වෙනකොටම එතන ඉන්න ආවතේවකාරයෙක් නියෝගයක් දුන්නා.


“ආ... ඔය හැමෝම පඬුල්ලන්න පඬුරු අතට ගන්න... මාරු කාසි දාන්නෙපා.. කොල සල්ලි ඉතරයි”


අපිත් රුපියල් විස්සෙ කොලයක් කපුමහත්තය ඉන්න තැන තියෙන ඉලත්තට්ටුවට දාල සන්නිය හැදුන වගේ වෙව්ලන ලොකු කපුමහත්ත‍යගෙං තෙල් බිංදුව ගානෙ ගාගත්තා. රැයක් පිනිබාල අපි තුංදෙනාටම හුස්ම කටක් නැතුව හතිය හැදුනා. අපි ගෙදර එන ගමං පාමසියෙන් “ඇදුමට බොන රෝස පාට පෙතියි, සුදුපාට පෙතියි” අරං ආවා. මාසයක් විතර යද්දි ඒ දේවවරමෙං තෙල් ගාන තැනත් මිනිස්සුන්ට එපා වුනා. එතැනත් 'පල් හොරු', 'හොර ගුහාවක්' ආදී වශයෙං හඳුන්වමින් බැනවැදිලා එතැන අත්හැර දැම්මා.


මට මේ සේරම මතක්වුනේ ෆෙංෂුයි උගන්නපු දේව නියෝජිතයගෙ ෆේස්බුක් පිටුව අපේ අය හාන හැටි දැක්කමයි. 

එයාගෙ ෆෙංෂුයි කඩෙයක් මං දැක්කෙ රත්නපුරේ ටවුමෙදියි. ඒ මීට අවුරුදු හත අටකට උඩදියි. සමහර කඩවල්වල මුදලාලිගෙ මේසෙ උඩ පහේ කාසි පුරෝපු දීසියක ‘මහෝදර’ කෙනෙක් ඉන්දවලා තියන්න ගත්තෙ ඒ කාලෙදියි. ඉං පස්සෙ ෆෙංෂුයි ගැන දැක්කෙ මොකක් හෝ පත්තරේකයි. ඒකත් මහ පුදුම ක්‍රමයක්. ගෙදර ගෘහ මූලිකයගෙ රැකියාවෙ උසස්වීමක් ගන්න ඕනි නං මැද හිල්කරපු ෆෙංෂුයි කාසියක් ඔෆිස්සෙකේ මේසෙ යටි පැත්තෙං එල්ලා තියන්න, ගමන් බිමන්වලදී කරදර නොවෙන්න ලුණු ටිකක් වාහනේ නිරිත දිශාවෙ කාපට්ටෙක යටින් තියන්න, නිවසේ අගහිඟකං ඇතිවෙනවා නං කාසි පුරෝපු මුට්ටියක් ගෙදර දකුණු දිශාවෙන් වල දාන්න ආදී නොයෙක් අමුතු ක්‍රම ඒකෙන් කියා දෙනව. ඒ විතරක් නෙවෙයි ගෙදර එක එක දිශාවල්වල ලුණු, සීනි, මිරිස්, දෙහි ආදී ජාති තියන්නත්, මැදිං හිල්කරපු අරුම පුරුම කාසි, සීනු, කඩදාසි ආදිය එක එක තැංවල එල්ලන්නත්, ෆෙංෂුයි කඩවල තියෙන ඉබ්බො, ගෙම්බො, නයි, මුකටි, බස්සො, මීයො ආදී සත්තුංගෙ රත්තරං පාට පිලිම එක එක තැංවල තියන්නත්  ඒ ලිපිවල උපදෙස් දීලා තිබුනා. එතකොට ‘චිං’ ශක්තිය ආදී එක එක බල ශක්ති වැඩිවෙන බව කියා තිබුනා. ගෙදරට සෞභාග්‍යය වැඩිවෙන්න නිරිත දිශාවෙ මුල්ලෙන් තියන ලුණු ඩිංගක් උදව්වෙන්නෙ කොහොමද කියන එක මට එදා ගැටළුවක්.


නමුත් දැං ෆෙංෂුයි ජී උගන්වන අරුම පුදුම මන්තර ගුරුකම් කරලා වැරදිච්ච කෙනෙක්ට කවදාවත් එයාට බණින්න බෑ. ඔය තියෙන වීඩියෝවෙ එයා කියන ඉංග්‍රීසි මන්තරේ සිංහල අනුවාදනය බලන්න. මේක ප්ලේ වෙන්නෙ නැත්තං මගෙ ෆේස්බුක් එකවුන්ට් එකේ ඇති ඔය වීඩියෝ එක.

video




දෙවිවරුනි දේවතාවරුනි මාවෙත එන්න (දෙවිවරුන් දේවතාවරුන් කියන්නෙ දෙගොල්ලම එකයි නේද?)
මේ වසරේදී මම සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා (අවුලක් නෑනෙ)
මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම් (මෙන්න පොයින්ට් එක)
මම කිසිවිටෙකත් ණය නොවී ඉන්නම් (දෙවැනි පොට‍)


ඕක තමයි මන්තරේ. ඒ වගේම මේක තමයි සූත්තරේ. දැං බලන්න මේ කාසිය බිම නොවැටෙන්න නලල උඩ තියාගෙන හරියටම මන්තරේ නව පාරක් කියලා ගුරුකම හරියටම කරපු කෙනෙක්ට උනත් මේ කියන විදිහට සල්ලි නොලැබෙන්න පුළුවං. ආං එතකොට ෆෙංෂුයි ගුරු ගාවට ගිහිං 


"කෝ මගෙ වැඩේ හරිගියෙ නෑනෙ"


කිව්වොත් ගුරුජීට අනුගාමිකයගෙ කනෙං රිංගන්න පුළුවං වෙන්න තමයි මේ මන්තරේ අග පේලි දෙක හදල තියෙන්නේ. මෙතන අනුගාමිකයා දෙයියන්ට පොරොන්දු දෙකක් වෙනවා. එකක් තමයි මහන්සියෙන් සහ දක්ෂ ලෙස වැඩ කරන්නම් කියන එක. එහෙම වැඩ කරන කෙනෙකුට මේ ගුරුකම කළත් නැතත් සෑහෙන ගානක් උපයාගන්න ලැබෙනවා. තමුන් ඒ විදිහට වැඩ කළා කියලා ඔප්පු කරන්න බැරිවුනොත්? අවුරුද්දක් මහන්සියෙං දක්ෂ ලෙස වැඩ කළහම බෝනස් එකක්වත් ලැබෙන්නෙපායැ. ඒ වගේ මොනයම් හෝ ක්‍රමයකින් තමුං මහන්සියෙං දක්ෂ ලෙස වැඩ කළා කියලා ඔප්පු නොකලොත් අනුගාමිකයා එතනම දෙයියන්ට බොරු කරලා කියලා ගුරුජී කියන්න පුළුවන්. අනෙක තමයි කිසි විටෙකත් ණය නොවී ඉන්නම් කියන එක. ලංකාවෙ ඉන්න හැම මිනිහම මොකක් හරි ණයක් වෙනවම තමයි. එහෙම නැතුව බැලුවත් ලීසිං එකක්, නිවාස ණයක්, ණය කාඩ් එකක් නැති කෙනෙක් හොයන්න අමාරුයි. දෙවියොත් එක්ක මේ ගිවිසුම අවුරුද්දක් පුරාවට ක්‍රියාත්මකයි. ඉතිං මේ පොරොන්දු දෙක අවුරුද්දක් පුරාවටම රකින්න ලේසි නෑ. අතේ මාරු සල්ලි නැතුව හරි අපි අවුරුද්දකට එකපාරක්වත් යාළුවෙකුටවත් ණයවෙනවා. සල්ලි නැතත් බඩු මුට්ටු හරි ණයට ගන්න වෙනවමයි. එහෙම වුන ගමන් ගිවිසුම අහෝසියි. එහෙම බලාපුවහම මේ ගිවිසුම රකින්න පුළුවං කෙනෙක් මේ රටේ ඉන්නවද සැකයි. මේකෙ  අනික් පැත්ත ගත්තොත් මහන්සියෙන්, දක්ෂ ලෙස වැඩ කරන, ණය නැති මිනිස්සුන්ට අමුතුවෙන් මේ ක්‍රමයට සල්ලි හොයන්න ඕනි නෑ. ඒ කියන්නේ මේ පොරොන්දු රකින්න පුළුවන් අයට මේ පොරොන්දුව රකින්න ඕනි නෑ. ඒ අතින් ගුරුජීගේ මන්තරේ හරියටම හරි.


රකින්න බැරි පොරොන්දුවක් මත වස්තුව ලබාදෙන්න පොරොන්දු වෙන මේ උගුලට දැනටමත් කී දාහක් දෙනා අහුවෙලා ඇතිද? මේ උගුලට අහුවුනෙත් හම්බුකරන දෙයින් සතයක් ඉතුරු නොකළත් සක්විතිට අහුවුණු, අතේ ඇති දෙයින් ආයෝජනයක් නොකලත් පිරමීඩවලට සල්ලි හිරකරපු, නිකං තියෙන හිස් පොලවෙ පැළයක් හිටවන්නෙ නැතිවුනාට නිධං හාරන්න පෙරමුණ ගන්න පිරිසම තමයි. එකම අවාසනාව මේවායෙ ගොදුරු බවට පත්වෙන මිනිස්සුන්ට වේගයෙන් පෝසත් වෙන්න උවමනාව ඇතත් තමුං පෝසත්වෙන්න තෝරගන්න මාර්ගයේ තියෙන උගුල් දිහා බලලා නුවණින් විමසා බලන්න මොහොතකවත් වෙලාවක් නැති එකයි.

80 comments:

  1. මේ පාර අන්තිම හරියේ ස්ටයිල් එක වෙනස් වෙන තරමට සීරියස් වුණා නේද?

    ReplyDelete
    Replies
    1. නැත්තං ඒක හිතට වදිනවා හොරයි නේද?

      Delete
  2. ඔය වගේ පොට් වල පොදු දෙයක් තියෙන්නෙ අදාල පලාතෙ හරි වටපිටාවෙ හරි උදවිය විශ්වාස කරන්නෙ තියා ගණන් ගන්නෙවත් නෑ..
    බොහොම දුර ඉඳන් එන අය තමා ගොඩක්ම ශ්‍රද්ධාවෙන් අහුවෙන්නෙ.
    වෑන් කාරයෝ කරන වර්ණනාව නොසෑහෙන්න ප්‍රභලයි.
    මාර්ගය දුශ්කර වන තරමට ගුණ වැඩියි.
    ඔව්වගෙ රස්තියාදු වෙන්න අකමැති සෙන්ට් නෝනලාව ටැකල් කරගන්න ෆෙංශුයි ලොක්කා දස්ස උනා.හක්ගෙඩියා අනිකා.
    ගෙදරට වෙලා ඉන්න එකේ ගස්ලබ්බත් කල්පනා කලේ පොඩි සෙත්ශාන්ති මධ්‍යස්ථානයක් දා ගන්න.මාස හයක් ඇදගත්තොත් හොඳටම ඇති.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දරුඵල නැති අයට එල්ලගන්න පොඩි ඝණ්ඨාර වගේ එව්ව එහෙම විකුණලා මාසෙට පනහක් හැටක් හොයන්න තිබ්බ නේද?

      Delete
    2. පනහක් හැටක් කිව්වෙ ලක්ශ නම්..., ඔව්.

      Delete
  3. වතුරෙ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා

    ReplyDelete
    Replies
    1. හරි හමං තුත්තිරි ගහක එල්ලුනත් ඇති. හැබැයි ඒක හරිහමං එකක් වෙන්න ඕනැ.

      Delete
  4. දවසක් මාවත් ඇදගෙන අපෙ අම්මා ගියා ඔය වගේ තැනකට, හරී අනුහස් තියන තැනක්ය, යන මිනිස්සු හිතන දේවලුත් හරියටම කියනවය,කතන්දර ගොඩයි. දේවාලෙ ඇතුලට ගියාම ටිකක් ඇහැට කනට පේන අක්ක කෙනෙක් වෙව්ල වෙව්ල දරුවා කාරනාව හිතේ තියාගන්න කිව්වා.අහවල් කාරනාද මං එයාව හිතේ තියාගත්තා ;) දෙමළ වචන වගයක් කියෝල පිංවන්ත දරුවෙක්ය කියල කිව්වෙ තව පොඩි අපල වගයක් තියනව ඒකට පූජාවක් තියන්න කාරනාව ඉෂ්ට වෙනව කීවා.ආයෙ යන්න බැරිවුණා :D
    කමෙන්ට් එක සිකුරිටි වුනා හා ද ?

    ReplyDelete
    Replies
    1. හරි හමං සාත්තර පොට්ටෙකක් වුනානං චරිත සහතිකේ දොට්ට පනිනව නැද්ද? නෑ නෑ මෙයත් කම්කරු

      Delete
  5. දොළුකන්දේ අපේ පැත්තේ කට්ටියත් ගියා මතකයි. අන්තිමට ඒ පෙනුනේ බෝ ගහේ තිබ්බ පළුද්දක් කියලා තමයි කිව්වේ .පිරිත් වතුර බෙදුවේ බවුසර් වලින්ලු. ඒක නෙවෙයි ඔය ගුරු ජි කියන අන්තිම කාරණා දෙක ඉෂ්ට කරොත් නම් ඉතින් කට්ටිය ගොඩම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කථාවක් ගියා දොලුකන්දේ හාමුදුරුවෝ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව පිරිත්කලා කියලා විනාඩි තුනයි තත්පර ගානකින්.
      දැන්නම් ආයේ මුකුත් මැජික් පෙන්නන්නේ නෑ කියලා වැළිකඩ හිරගෙදර වැඩ ඉන්නවලු

      Delete
    2. ඔය බෝ ගහේ පලුද්ද තිබුණෙ නිකවැරටියෙ නේද? මං හුඟක්ම පුංචි කාලෙ තමයි ඒක සිද්ධවුනේ. ඇඹිලිපිටියෙ බෙදන්න පිරිත් වතුර මදිවෙච්ච හින්දා ගෙනා පිරිත් වතුර බවුසරේ චන්ද්‍රිකා වැවට හලලා මුළු වැවම පිරිත් වතුර කලා කියල තමයි පත්තරේ තිබුණෙ.

      Delete
  6. /* මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම් */

    දැන් බලන්න අර අජිත් පැරකුම් ජයසිංහ, හැමදාම මහන්සියෙන් එක බ්ලොග් පෝස්ට් එකක්වත් ලිව්වා. සමහර දවස්වල දෙකක්. අන්තිමේ දී වෘත්තීය බ්ලොගෙක් වුණා!

    අපිත් පැරා වගේ වෙමු!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බලන්නකො අර රුවන් මහත්තයා. එයත් හැමදාම පෝස්ට් එකක් දානවා. ඒත් එයා තවමත් දොස්තර. එයාට වෘත්තීය බ්ලොගෙක් වෙන්න බැරිවුනා. ඒක තමයි වාසනාව තියෙන්න ඕනැ කියන්නෙ.

      Delete
    2. // ඒත් එයා තවමත් දොස්තර // ?????

      මෙන්න මේ ලින්ක් එකෙන් සොයා බලා ගන්නකෝ ඒ වගත්

      http://www.cpso.on.ca/public-register/all-doctors-search.aspx

      Delete
  7. ඔය කොතනත් ඉන්න ගොඩක් උන් හොරු...
    ගෙදර මිනිහට වරමක් ලැබුනට පස්සේ ඊළඟට උගේ ගෑණිට ආදී වශයෙන් වරම් ලැබෙන බව මම පෞද්ගලිකව දැකල තියෙනවා වීරවිල මගේ මිතුරෙක්ගේ ගෙදරදී...
    එතැනදී උනේ නොපිට, මුලින් ගෙදර ගෑණු මනුස්සය වරම් ලබල දේවාලයක් දා ගත්තා...
    කණ පාත් වෙන්න බිබී හිටපු මගේ යාළුවට බොන එක මුලින්ම තහනම් උනා...
    ඊට පස්සේ දුම් බීම තහනම් උනා...
    ඊටත් පස්සේ ඌට මස් මාළු කන්න තහනම් උනා...
    ඊට පස්සේ ඌ දේවාලයේ දේව දාසය උනා...
    හොඳම වැඩේ දේව මෑණි හොඳට ආරුඩ වෙච්ච දවසට අරක්කු, ගංජා, අබිං සිගරැට් සියල්ල තියන්න ඕනෙලු පුජාවට, අරක්කු සිගරැට් ගංජා සියල්ල දේව මෑණි කෙළලා අරිනවලු ඒ වෙලාවට...
    මගේ කරුමෙට එහෙම දවසක ඒක බලන්න යන්න බැරි උනා...
    ඔහොම ඔහොම ගිහින් ටික කාලෙකින් යාළුවටත් වරමක් ලැබුන කියල ඌත් වෙනම දේවාලයක් දැම්මා...
    දවසක් මම එහෙ ගිය වෙලාවක කිව්වා මස් මාළු කන්නේ නැතුව බොන්නේ නැතුව පහු වෙනිදා උදෙන්ම එහෙ එන්න කියල පේනයක් බලන්න...
    එහෙම ආවොත් දේව මෑණි තරහ ගන්නවා කිව්වා...
    මම එහෙ ගියාම ඉන්නේ යාළුවගේ බාප්පලාගේ ගෙදර, එහෙ ඉඳල හොඳට කාල බීල පහුවෙනිදා නාගෙන කරගෙන දේවාලෙට ගියා...
    මොන, දේව මෑණි දැනගත්තේ නැහැ මම කලින් දවසේ බීල ඉන්නේ කියලා, මස් කෑවා කියල දැනගත්තෙත් නැහැ...
    දේව මෑණි සෑහෙන මහන්සි වෙලා ආරූඩයෙන්ම ළඟ පන්සලක ගුරුකම් කරන හාමුදුරු නමක් හොයාගෙන ගිහින් ඇත්දළ කුඩු (කිව්වේ එහෙමයි) වගයක් එහෙමත් අරගෙන ඇවිත් සුරයක් හදල දුන්න මගේ අපල වලට දාගන්න කියල, දේව මෑණි මගේ යාළුවගේ නෝනා නිසා වෙන්න ඇති සත පහක්වත් මගෙන් ගත්තේ නැහැ...
    පුජා වට්ටියත් යාළුවගේ අම්මගේ කඩේ පළතුරු වලින් හදල දුන්නේ...
    අර සුරේට හෝ මට තිබ්බ මොකක් හෝ අපලයක් නිසා ඒක දැන් මගේ ගාව නැහැ, මිසින් වෙලා...

    ReplyDelete
    Replies
    1. සුරේ වතුරෙ දැම්ම ද? හැක්..

      Delete
    2. අපේ ගෙදරත් සුර බර ගානක් තිබුණා. ඒවයෙ තිබුණ තඹ කොල සේරම මං පස්සෙ කාලෙක මං විද්‍යුත් ලෝහාලේපනය අත්හදා බලන්න ගත්තා.

      Delete
  8. මම නම් ඕවයෙයි... බුද්ධාගම මෙන්ම අනික් ආගම්වලයි දර්ශණවලයි කිසිම වෙනසක් දකින්නේ නෑ.. මට නම් උන් පට්ට ටැලන්ටඩ් පොරවල්... මොකෝ මේ ලෝකේ පවතින්නේ බොනිකර තරුව නිසා.. ඉස්සෙල්ලා තමන්ව ප්‍රශ්ණ කරන්න ඕන.. මේ ඉන්නේ ඇත්ත තමාද, එහෙම නැත්නම් නළුවෙක්ද කියලා. එතකොට තේරෙනවා ඔක්කෝම අමු බොරු කාරයෝ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සම්පූර්ණයෙන් ඇත්ත. මේ මිනිස්සු දක්ෂයො. ලක්ෂ ගානක් තමුන්ගෙ පැත්තට නමිමාගන්න හැකියාවක් තියෙන අය. ඒ වගේම දක්ෂ වෙලෙන්දෝ. හරි හමං ව්‍යාපාරයක් කලානං මෙයිට වඩා දියුණු වෙන්න තිබුණා.

      Delete
  9. //මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම්// මේක තමයි මගේ මූලික විශ්වාසය.

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි. හැබැයි මහන්සියෙන් දක්ෂව වැඩ කරන්න ඕනැ හරි තැනකයි. නැත්තං කොට අදින අලියෙක් වෙනව විතරයි.

      Delete
  10. දොළුකන්දෙ හාමුදුරුවන්ට පන්සල හදාගන්න පුදුම උනන්දුවක් තිබ්බෙ, ඔය කානිවල් තියෙන්ඩ ඉස්සර මම දොළුකන්දෙ කැලේ රෑ ඉදල තියනව හාමුදුරුවො අපි කැලේට යන්න ඉස්සර කතා කලා , අපිත් ඇලකින් එහා පැත්තෙ ඉදං ගඩොල් ඇදල දුන්න. දොළුකන්දෙ මුදුන පුදුම ලස්සන තැනක්. කොහොම හරි හාමුදුරුවො කල වැඩෙන් ගමේ මිනිස්සු කීයක් හරි හම්බ කරගෙන දියුණු උනා.
    ෆෙන්ෂුයි මගුලක් නම් මම දන්නෙ නෑ , හැබැයි ඒකෙ තියන සුකුරුත්‍තං බඩු වලට මම ආසයි. අර සුලගට සෙලවෙන සීනු ඉස්සර ඉදන් ආස උනත් ඒව හොයාගන්න පුළුවන් උනේ ඕකුන්ගෙ බිස්නස් එක හින්ද.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරටත් තෑගි හම්බුවෙච්ච ඔය වගේ බටකෑලි ගොඩක් මැද ප්ලාස්ටික් තරුවක් එල්ලපු ගැජට්ටෙකක් තිබුණා. හුළඟට ඔය තරුව හෙල්ලුන ගමං අර බටකෑලි ටිකේ වැදිල කංකලු නාදයක් එනව. ඒක සාලෙ එල්ලල තිවුනා කාලෙයක්. ඒ වුනාට රෑට හුළං කවුලුවලිං එන හුලං හින්ද ඔය අටමගෙල හෙලවෙනකොට නින්ද යන්නෑ. ඒ හංදා මං ඒක අපේ ටිකිරිට සෙල්ලං කරන්න දුන්නා. දැං ඒක කොහෙදවත් දන්නෑ.

      Delete
  11. අඩේ කටත් වාචාල එකේ මටත් හිතෙනවා බං සාත්තර කියන්ඩ

    ReplyDelete
    Replies
    1. මචෝ ගාර්ඩ් කෙනෙක් හිටියා මහර මෑන් වැඩ තහනම් කරපු කලෙක කරලා තියෙන්නේ ඕක තමා .

      Delete
    2. අපි දෙන්න සෙට් වෙලා කරමුද ? හතර වරිගෙම ගොඩ පුතේ වැඩේ හරි ගියොත්

      Delete
    3. මං ගාව තියෙනව මන්තර ටික දෙන්නද?

      Delete
    4. අටං වැඩේ හරියටම ගොඩ යන්න නම් මගේ තුන මහත්තය ගැන හරි... මහ රජ්ජුරුවෝ ගැන හරි අනාවැකි කියන එක තමයි වැඩේ ...

      මොනවත්ම කියන්න දෙයක් නැත්නම් පේනයක් බලල රජතුමාට හැමදාම උදේ පාන්දර දොට්ට පිලට යන්න වෙනවා කියල හරි කියන්ඩ !!!

      Delete
  12. දොලුකන්ද තියෙන්නෙ අපේ අම්මගෙ ගමේ. ටුවර් එකක් දාන්න මරු පැත්ත.

    ReplyDelete
    Replies
    1. අනේ පුතෝ යන මගක් තොටක්වත් කියන්න එපා. අවුරුද්දෙං මුළු ගමම බියර් ටිං ගොඩක් වෙයි.

      Delete
    2. දැං නං මම හිනන්නෙ නිල්පාට පැකට් තීනව හැම තැනම කට ගැටගහල මුල්ලක් හිල්කරල.

      Delete
  13. අපි ආයෙමත් යන්නෙ ගස් ගල් ඉර හඳ වඳින අදහන ගල් යුගේට යාළු. හැම ආගමක දර්ශනයක් තියෙනවා. ඒක තියෙන්නෙ තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට ( සමාජයේ සම්මත) හසුරුවා ගැනිමට. අටලෝ දහම කාටත් පොදුයි. ඒක ලෝක ස්වභාවය. ඒත් එත්.. දැන් මිත්‍යාව කියන දේ සමාජ ගත කරන්නේ කවුද? එකෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය. උන් මිනිස්සුන්ගෙ ඉහල මොල හූරගෙනම කනවා. මිත්‍යාව වපුරනවා. වනචාරි යුගයකට අපිව ටිකෙන් ටික ඇදගෙන යනවා. වැඩිපුරම මේවයෙන් විනාස වෙන්නෙ අහිංසක ජීවිත. මේ ලියවිල්ල වටිනවා.මං මුණු පොතට දාගත්තා.

    ReplyDelete
    Replies
    1. යුද්දෙ නැති හංදා මාධ්‍ය වලට නිවුස් නෑ. මාධ්‍ය ආයතන බොහොම අමාරුවෙන් දුවන්නෙ. පේනව නේද මහරජ්ජුරුවො ඒ අසරණයින්ට කළ විපත්තිය. ඉතිං උං මොකක් හරි දෙයක් පෙන්නල ගොඩයන්න එපායැ.

      Delete
  14. දො‍ළුකන්දෙනං අපි ගියේ ආතල් ගන්න. වඳින එවුවන්ට වඳින්න දීල අපි සෙට් එක හොඳට කාල බීල නාල එහෙම ආව.
    ඒ වැඩෙන් කාට හරි ගියේ නැතත් වෑං හයර් කරන එවුවන්ටන් හරි ගියා. අපේ ටවුමෙ වෑන් එකක් ලීසිං ගත්ත එකෙක් ඒ ලීසින් එක ‍සම්පූර්ණයෙන් ගෙවුවෙ දොලුකන්ද ටුවර්ස් සල්ලි වලින්.

    ReplyDelete
    Replies
    1. වෑං වලිං හම්බ කරන්න නං වන්දනා ගමං, විනෝද ගමං තමයි. ලංකාවෙ තියෙන වෑං හැම එකක්ම අනුරාධපුර, පොලොන්නරු, නුවර, කතරගම ගිහිං තියෙනව විසි තිස් වතාවකට වඩා.

      Delete
  15. පෙන්සුයි, හක්ගෙඩි, මැණික් විකුණන එවුවො, මෑණිවරු මොනව උනත් මාර ටැලන්ටඩ් පොරවල්. ඒ මදිවට උංටම හම්බකරල දෙන්න උදවු කරන මීඩියා කාරයොත් ඉන්නව.
    ඔය පෙන්සුයි පොරගෙ පස්සෙන් යන මම දන්න කියන එවුවන්ටනං මගෙන් හොඳට අහගත්තැකි.

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලෙ තව තිබුණා ඔය වගේම එකක්. ඒකෙ පනාවක් විකුණුනේ පනස්දාහකට. අපි දන්න දෙතුංගොල්ලක්ම ඇනගත්තා.

      Delete
  16. මාත් මේ දවස්වල වැඩිය දැකල නැති අමුතු සතෙක්ගෙ පින්තූරයක් හොයනව හදල විකුණල කීයක්හරි හෙයාගන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. පත්‍තරයගෙ ෆොටෝ එකක් හොයාගනින්

      Delete
    2. තියෙන සතපහත් නැතිවෙන වැඩක් තමයි ඒක

      Delete
    3. නරකද චෙෆාකිගෙ, කමියගෙ වගේ කෙනෙක්ගෙ රූප අඹල විකුණුවනං. හබුං කන්නෙ නැති, අම්මි කුක්කුම හොයන බබ්බු බය කරන්න විකුණන්න තිබුණා.

      Delete
  17. /දෙවිවරුන් දේවතාවරුන් කියන්නෙ දෙගොල්ලම එකයි නේද?/

    කොහොමද මූකලං බස්සො දෙයියොයි දේවතාවොයි දෙගොල්ලම එක වෙන්නෙ? දේවතාවො කියන්නෙ අර හෙඩ් ලයිට් පත්තුකරගෙන රෑට රෑට බෝගස්වලට එතනිං ගියාම චයිත්තිය ඔලට එහෙම වඩින කට්ටිය. දේවතා එළි කියන්නෙ ඒකනෙ. එව්වට කවුරුවත් දෙවි එළි කියන්නෙ නෑනෙ.ඒ කියන්නෙ දෙය්යො කියන කොට්ටාසෙ එහෙම එලි පත්තුකරං එහෙ මෙහෙ දුවන්නෙ නෑ.තේන්නාද?

    / පහේ කාසි පුරෝපු දීසියක ‘මහෝදර’ කෙනෙක් ඉන්දවලා තියන්න ගත්තෙ ඒ කාලෙදියි./

    උඹ හොඳ වෙලාවට ගොයියො අපේ ගෙදර ආවෙ නැත්තෙ? නැත්තං උඹ මේ ටික ලියන්නෙ එදාමයි. හෙහ්..හෙහ්..අපේ ගෙදරත් තියනව ඔය ෆෙං ෂුයි විගඩං දෙකතුනක්. අපෙ උන්දැටත් කාලයක් ඔය ෆෙංෂුයි පිස්සුව තිබ්බ. පස්සෙ ඒක එහෙම්මම මඟ ඇරුන. තාමත් තියනව පහේ කාසි පුරවපු නැවකුයි, පාට පාට වීදුරු කෑලි එල්ලපු පොඩි ගහකුයි...හෙහ්,හෙහ්,

    දොළුකන්දේ ගොයිය චන්ද්‍රිකා වැවේ බන්ඩ් එක උඩ පිරිත් මණ්ඩපයක් ගහල පිරිත්නූල වැවට දාල එක වරුවෙන් මුලු වැවේම වතුර පිරිත් වතුර කලා.ඊට පස්සෙ පහුවදා උදේ වැවේ හොරොව්ව ඇරල බෙදුඉම් ඇලවල් දිගේ කෙත් ඇලවල් දිගේ ආනුභාව සම්පන්න පිරිත් වතුර බෙදා හැරියා. මිනිස්සු පිරිත් වතුරෙන් කට හේදුව. බත් ඉව්ව.පිරිත් වතුරෙන් ඇඟ හේදුව. නෑව. එලෙසම සිරුරු කිසෙන් පසු පස්චාත් බාගයද සෝදා ලා පියා වදාලෝය. චන්ද්‍රිකා වැවේ වසනා තිලාපියෝද, හුංගෝද, මගුරෝද, ලූලෝ ද යන මත්ස්‍යයෝද, කබරයි, කිඹුලෝ ඈ උරගයෝද දොළු කන්දේ උතුමන්ට පිංදෙමින් පිරිත් වතුරෙහි පීනමින් කිමිදෙමින් නිවී සැණහුනෝය.

    පසුදින මසුන් මරන්නෝ සුපුරුදු ලෙස තම ඔරු දියත්කොට ඒ පිරිත් බලයෙන් සැනහුනාවූ මත්ස්‍යයෝ අල්ලා කපා පෙති ගසා විකුණ්නෝය. සැදැවත්හු දොළුකන්දේ උතුමන්ට සාදුකාර දෙමින් ඒ මාළු මිළයට ගෙන පිරිත් වතුරෙන් ම උයා ලා පියා පිරිත් වතුරෙන් ඉවූ බත් සමඟ අනුභවකොට ඉක්බිති පිරිත් පැන් ස්වල්පයක්ම බී නිවී සැනහුනෝය.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ පිරිත් කැටි කරල. හැක්..

      Delete
    2. එක පාරක් කොළඹ තරුණ කට්ටියක් සම්මාදං කරගෙන ගියාලු පෝය දාට ගෙවල්ගානෙ ඇවිත් පිරිත් පැන් බෙදාදෙන වැඩසටහනකට. ඩබ්ලිව්. ඒ. සිල්වගෙ ගෙදරට ආව උදවියට උන්නැහැ කිව්වලු, “ඔය පැන් පිරිත් කරන වැඩේ ලබුගම ජලාශෙ ගාවට ගිහිං කරනවල. එතකොට කිසි මහන්සියක් නැතුව ගෙදර ඉඳං ටැප් එකෙම්ම පිරිත් පැන් ලබාගන්ඩ පුළුවං“ කියල.

      Delete
    3. පඳුරු තැලුං මහතානෙනි, ඒ හෙඩ් ලැයිට් නෙමේ. අර අහස්යාන්තරාවල යටි පැත්තෙ තියෙන ලැයිට් වගේ ජාතියක් නේද? මේ ගැන අර දහඅට සන්නිය ලියන කලංක වල්පොත්තයාගෙං අහන්ට ඕනෑ. මං නං අහල තියෙන්නෙ පිරිත් පැං බවුසරේ වැවට හැලුව කියලයි.

      පෙසන්නයියා, ඒකත් හොඳ වෙළඳාමක් තමයි

      ඔපිසර හාන්දුරුවෝ, අර තරුණ කණ්ඩායමේ මං හිටියනං කියනව. “එතකොට තමුසෙ වැසිකිලියට ගෙහුං ආහාර මාර්ගෙ අනෙක් කොන හෝදන්නත් පිරිත් වතුර ගනීනෙ ඕයි කියල හිටං“.

      Delete
    4. @ Ravi, පිරිත් වතුරෙන් ෂැන්ඩි කලොත් මාර්ග පලයක් ලැබෙයිද?

      Delete
  18. මගෙ කොමෙන්ටුව වැටිල නෑ.. මාත් කියුවෙ ඔය චන්ද්‍රිකා වැවේ කතාව තමයි...

    කොච්චර බොරුකාරයෝ හිටියත්, ඒව එලි උනත් මිනිස්සු හැදෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව වැටිල නෑ නේද? අනිවාර්යෙං ඔය උඩ ඉන්න එකෙක් අල්ල ගන්න ඇති.

      මිනිස්සු කැමති හීනවල ජීවත් වෙන්න. හීනවලිං ඇහැරවන අයට වඩා හීනවලට පාට ගාන අයට අපි කැමතියි.

      Delete
  19. සුරංග මන්තරය ලියල තියනව වැරදියි.. නිවැරදි මන්තරය මේ පරිදි විය යුතුයි.

    "දෙවිවරුනි දේවතාවරුනි මාවෙත එන්න
    දෙවිවරුනි දේවතාවරුනි මා වෙත එන්න
    මේ වසරේදී මම
    මේ වසරේදී මම
    සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා
    සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා
    මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම්
    මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම්
    මහන්සියෙන් මම මහන්සියෙන් දක්ෂව වැඩ කරන්නම්
    මම කිසිවිටෙකත් ණය නොවී ඉන්නම්
    මම කිසිවිටෙකත් ණය නොවී ඉන්නම්
    මම කිසිවිටෙකත් ණය නොවී ඉන්නම්"

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙලා වැඩ කරන්න කම්මැලි, ඒත් සල්ලි ගොඩක් ලබන්න ආස මිනිස්සු ඉන්නකම් මේ ප්‍රෝඩා නැති වෙන එකක් නැහැ.
      ඉරිදා පත්තරේ ඉඳන්, ටීවී රේඩියෝ ඔක්කොගේමත්, හන්දියක් හන්දියක් ගානෙත් කොයි තරම් නම් ඔවැනි දේ දකින්න තියනවද? එච්චර දේවල් තිබිලත්, එදා මෙදා තුර බිහිවුණු ජනාධිපතිවරු ඔවැනි දේ ඉතා හොඳින් පිළිපැදලත්, අදටත් ලංකාව කොයි තරම් දුප්පත්ද?

      Delete
    2. අපේ මිනිස්සු හැමදේම අල්ලගන්නෙ වැරදි කොනෙං. ඒකයි මේකට හේතුව. අසරණ කෙනෙක්ට කන්න වේලක් නොදෙන අපේ මිනිස්සු දවසට හාල්සේරු හත අටක කෑම අහක දාන පන්සල් වලට දාන දෙන්න පොරකනවා.

      Delete
  20. මෙව්ව ගැන මං කියවපු තවත් හොඳ පෝස්ටුවක්...

    http://wasanawanthaya.blogspot.com/2016/01/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඒක කියවන්න ගිහිං ඒ බ්ලොග් එකෙං බාගෙයක් විතර කියෙව්වා.

      Delete
  21. පටන් ගන්න හොඳ බිසිනස් එකක්. සුරංග ළමයට හැකියාව තියනවා.

    ReplyDelete
    Replies
    1. අනේ බෑ. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. මං ඒක අත්දැකීමෙං දන්නවා. එක ගමනක් මං වංචාවක් කරල ගත්ත රුපියල් අටදාහක් ගියේ මගෙං තව හත්දාස් ගානක් අරගෙන.

      Delete
  22. //වසර දාහතරක ඉතිහාසගත මගේ බුලත්විට කෑම එක තප්තරෙං නැවැත්වූ, මගේ ශරීරයට දී තිබූ ඉනාවේ විෂෙන් මරුකටට යන්නට පාර කැපී තියෙද්දී ඒ බව පෙන්වා දී ප්‍රතිකාර කර පරානේ ආරක්ෂාකරඳුන් මහා භද්‍රකාලී මෑණියනි, සිද්ධ සොහොන්කාලී අම්මේ ඔබවහන්සේලාට පිංදෙමි. ඔබ වහන්සේලා නොහිටින්නට මං අද පොලවේ පස්යටය. ඒ මතු නොව ජීවිතයේ හරිවැරදි කියාදී මා සුමගට ගෙන පිංකරන, හරි හමං බෞද්ධයෙක් කල පිනද ඔබවහන්සේලාටමය. ඒ පින් බලෙන් ඔබ වහන්සේලා ප්‍රමුඛව මට ජීවිත කාලයේදී නොයෙක්වර පිහිටවූ සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ පින් අයිතිවේවා. ඒ පින් බලෙං ඔබවහන්සේලා පතන්නාවූ බෝධියකින් බුදුබව ලැබීමට හේතුවාසනා වේවා.//

    Who said this then?
    Such a hypocrite suranga.
    Eeeya halo oya :p

    ReplyDelete
    Replies
    1. මේං මෙහෙම පැහැදිලි කරගන්න ඕක. ලංකාවෙ සක්විති රණසිංහගෙ පුද්ගලික මූළ්‍ය සමාගම වංචා කළා කියලා අනෙක් සේරම පුද්ගලික මූල්‍ය සමාගම් හොරුද? නෑනෙ අදටත් ලංකාවෙ මිනිස්සු ඒ පුද්ගලික මූල්‍ය සමාගං එක්ක ගණුදෙනු කරනවා. ඒ වගේ තමයි මෙතනත්. මං මෙතන පෙන්වලා දුන්නේ බොරුකරන අයව. ඒ අයගෙ පොදු ලක්ෂණ. ඔබ උපුටා දක්වා තිබෙන මගේ පරණ ලිපියේ කොටස මං ලිව්වා තමයි. එහෙම ලිව්වේ ඇත්තටම මගෙ පරානෙ බේරගන්න ඒවායින් මට පිහිටක් තිබුණ නිසයි. එතකොට ඒ උදව්වට කලගුණ මතක තියෙන හිංදා ඒ අයට මං පිං අනුමෝදං කලා. නමුත් මං මෙතනවත්, බුකියෙවත් වෙන තැනකවත් “මේං මේ දෙවිගොල්ලො අදහපල්ලා.“ කියලා අඩබෙර ගැහුවෙ නෑ. කාටවත් එහෙම කරන්න කිව්වෙත් නෑ. මේ පෝස්ට් එකෙත් අරමුණ හොරුන්ගෙ හැටි පෙන්වා දීම මිසක් හරිදේ කරන කෙනාවත් අර හොරුංගෙ ගොඩට ඇද දැමීම නෙමෙයි.

      දැං ඔබට දැනගන්න ඕනි දේ කියන්නං. මං පන්සල් යනවා. මල් පහන් පූජා කරලා බුදුන් වඳිනවා. දෙයියන්ට පිං දෙනවා. හැම තැනටම නොවුනත් මං දේවාලවලටත් යනවා. මීට මාස හතරකට විතර උඩදිත් රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිහිං ආවෙ. නමුත් මම කාටවත් මම කරන ඒවා කරන්න කියලා කියන්නෙ නෑ. මොකද මට ඒවායෙ ඵල විපාක විද්‍යාත්මකව හේතු සාධක සහිතව ඔප්පු කරලා පෙන්වන්න ක්‍රමයක් නෑ. අනෙක බහුතරයක් දෙනා ඒවා ප්‍රසිද්ධියේ පිළිගන්නෙත් නෑ. මං මේ පෝස්ට් එකෙන් කලේ හරි දේට යන මිනිස්සු නවත්වන එක නෙමෙයි. වැරදි දේ පස්සෙං යන අයට වෙන විපත පෙන්වීම විතරයි.

      Delete
    2. What's the difference man?
      You say these people are frauds and the ones you believe are not.

      How do you know that Feng Shui doesn't work but sohon kali Amma works?

      Aren't you the same as them?

      Delete
    3. BTW can you tell us about the "inawa" incident? Sounds fascinating.

      Delete
    4. I have clearly mentioned that i never force anyone to believe what i believe. I mentioned only how to recognize the cheaters. If you can't understand what i say, it's not my fault. Also, please use Sinhala language when writing comments here.

      If you want to know about that incident you have to ask me with a private email. I can't share my extremely private incidents with strangers.

      Delete
    5. සිංහලෙන්ම ඇහුවොත් මම අහන්නේ කොහොමද ඔය බොරු කාරයොයි එහෙම නොවෙන අයයි වෙන් කරලා හඳුනා ගන්නේ?
      ( වෙන විදිහකට අහනවා නම් කාලි අම්මා ඇත්ත වෙලා ආසිරි වනිගරත්න බොරු වෙන්නෙ කොහොමද?)

      Delete
    6. ආසිරි වනිගරත්න හොරෙක් වෙන්නෙ කොහොමද කියලා මං මේ පෝස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා. මං උදව් ලබාගත් ක්‍රමය ඇත්ත කියලා මගේ අත්දැකීමෙන් මං දන්නවා. නමුත් ඒක ඔබට පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නන්න බැරි හිංදයි මං කලින්ම කිව්වෙ ඔයාට ඒවා පිළිගන්න කියලා මං නොකියන බව. මං පිළිගන්න දේ ඔයාට පිළිගන්න කියන්නේ නෑ මම. ඔයාට ඒකෙ ඇත්ත නැත්ත හරියටම දැනගන්නම ඕනිනං එන්න ලංකාවට. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඕක අහල වැඩක් නෑනෙ. ලංකාවට ආවොත් මං ඔයාට ඒක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්වන්නං. එදාටත් වෙස්මූණක්වත් දාගෙන එන්න.

      Delete
    7. ලංකාවේ විතරද කාලි අම්මගේ බලය තියෙන්නේ එතකොට?

      //නමුත් ඒක ඔබට පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නන්න බැරි හිංදයි මං කලින්ම කිව්වෙ//

      //ලංකාවට ආවොත් මං ඔයාට ඒක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්වන්නං.//

      පරස්පර විරෝධී නේ සුරන්ගයෝ.

      Delete
    8. ඔව් මචං උඹ මං ලියන පච කියවන්න එපා. උඹ හරි. මං වැරදියි. උඹට මේක ලිඛිතව ඕනිනං ඇඩ්ඩ්‍රස් එක එවහං. මං කොලේක ලියලා ජේපී කෙනෙක් ලව්වා අත්සන් කරවල එවන්නං. එහෙම ඇති නේද? සාක්ෂිකරුවොත් ඕනිද?

      Delete
    9. Devale kapuwa sahathika karala ewwahama athi. :p
      Sakshiyata Asiri Vanigarathna gamu.

      It's just sad to see that a young man needed these dieties to be a good Buddhist.

      Delete
  23. මටත් ඒකනම් මතකයි. භද්‍ර කාලි කතාව ? මං අහන්නත් හිටියේ සුරංග ඒක ලිව්වේ විහිළුවටද කියල?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. මම ඒක ලිව්වෙ ඇත්තට. ඔය උඩ ඉන්න ඇනෝගෙ කොමෙන්ටෙකට මං ඒ ගැන පැහැදිලිව ලියල තියෙනවා.

      Delete
  24. පීකේ ෆිල්ම් එක මතක් වෙනව

    ReplyDelete
    Replies
    1. ඒකෙත් තියෙන්නෙ නොකල හැකි දේවල් පොරොන්දු වෙන අයට කනේ පහරක් නේද.

      Delete
  25. Haiyooo suranga oya Ara comment eka delete Kala neda. Ayi Dan lajjawada? Eeeya halo oya.
    වසර දාහතරක ඉතිහාසගත මගේ බුලත්විට කෑම එක තප්තරෙං නැවැත්වූ, මගේ ශරීරයට දී තිබූ ඉනාවේ විෂෙන් මරුකටට යන්නට පාර කැපී තියෙද්දී ඒ බව පෙන්වා දී ප්‍රතිකාර කර පරානේ ආරක්ෂාකරඳුන් මහා භද්‍රකාලී මෑණියනි, සිද්ධ සොහොන්කාලී අම්මේ ඔබවහන්සේලාට පිංදෙමි. ඔබ වහන්සේලා නොහිටින්නට මං අද පොලවේ පස්යටය. ඒ මතු නොව ජීවිතයේ හරිවැරදි කියාදී මා සුමගට ගෙන පිංකරන, හරි හමං බෞද්ධයෙක් කල පිනද ඔබවහන්සේලාටමය. ඒ පින් බලෙන් ඔබ වහන්සේලා ප්‍රමුඛව මට ජීවිත කාලයේදී නොයෙක්වර පිහිටවූ සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ පින් අයිතිවේවා. ඒ පින් බලෙං ඔබවහන්සේලා පතන්නාවූ බෝධියකින් බුදුබව ලැබීමට හේතුවාසනා වේවා.

    ReplyDelete
    Replies
    1. පේනව නේද නිරපරාදෙ මිනිස්සුන්ට මඩ ගහන්න ගියහම වෙන දේ. ඔයාගෙ ඇස් පේන්නැතුව ගියා නේද. බ්‍රේල් ක්‍රමයට අත ගාගෙන යන්න උඩට. Ajith Dharma කියලා ලියලා තියෙන නමට උඩිං ඇති මං ලියාපු උත්තරේ ඊට උඩිං තියෙනව ඔයා දාපු කොමෙන්ටෙක. ඇස් පෙනීම වර්ධනය වෙන්න දෙළුං කොළ තම්බපු වතුරෙං මූණ හෝදන්න. දිනපතා ගොටුකොල ආහාරයට එක්කරගන්න. පුස්තකාලවලට, ඉගෙනගන්නා අයට පොත් පරිත්‍යාග කරන්න. ඔබේ නැතිවූ පෙනීම ඉක්මනින්ම ලැබෙනු ඇත.

      Delete
    2. Sorry man my phone is not so good. Have a god that gives better phones? :p

      Seriously I didn't see the reply. Sorry bro.

      Delete
    3. your mobile devise also blind? Just buy a cheap chinese mobile brand like Huawei. It will show you Sinhala text.

      Delete
  26. හනේ දැන් දොළුකන්ද දැක්කම හෝස් ගාලා යනවා අප්පා. කොහොමට සම හරක් ගැවසිච්ච තැනක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම සෙනග ගැවසුන තැනක් පාලුවට ගියහම හරිම මූසල පාටයි. මටත් එහෙම ගතියක් දැනුනා පහුගිය දවස්වල. අර කුණුගොඩ ගිනිගත්ත වෙලාවෙ හෙලිකොට්ටරෙන් වතුර ගෙනාවනෙ. විනාඩි විසි හයකට පාරක් හෙලිකොට්ටරේ එනව. අපි සේරම වැඩ දමාගහල ඔපීසියෙං එලියට පයිනව. වතුර ඉහල මුට්ටියත් අරං හෙලිකොට්ටරේ යනකං අපි මිදුලෙ. දවස් දෙහෙකිං පස්සෙ කුණුගොඩ නිමුනා. අන්තිමට වතුර දාල මුට්ටියත් නැතුව හෙලිකොට්ටරේ ගියහැටි දැකල මට තනි ඇහැට ඇඬුනා හිටං.

      Delete
  27. මට හිතෙන්නේ මේවට යන්නේ මහන්සිවෙලා වැඩ කරන්න කම්මැලි අය කියලා. නිකං හැමදේම ලැබෙනවා නම් කවුරුත් කැමතිනේ.

    ReplyDelete
    Replies
    1. ඒකට හොඳම උදාහරනෙ තමයි නගෝ ලංකාවෙ සමහර බෙහෙත් වර්ග හොයාගන්න නැතුව සති දෙක තුන බලං ඉන්න වෙනවා රටිං ගෙන්වල දෙනකං. නමුත් නිධාන තියෙනවද බලන (මං හිතන්නෙ ලෝහ හොයන එකක් වෙන්න ඇති) ස්කෑනර් එකක් ඒකෙ ඔපරේටර් එක්කම ගෙන්නගන්න පුලුවංලු පැය හතරක් පහක් ඇතුලත. ඒකත් නොමිලෙම. පේනව නේද ලේසි සල්ලි වලට තියෙන තැන.

      Delete
  28. සුරංග කොහොම හරි කිව්වත් වගේ ලිපිය දාල... බොහොම ස්තුතියි ! හැබැයි ෆෙන්ග් ෂුයි හා දොලුකන්දට වලට එහා ගිය අපේ පාරම්පරික දේ ගැන කතාවක් මම බලාපොරොත්තු උනා :-(

    කතාව නිකන් වෙන සුරංග කෙනෙකුගේ වගේ :-D

    ReplyDelete