පසුගියදා සිය ජීවන ගමනේ කීවැනි දශකයද මංදා පසුකළ අපේ කො.කා සංගමේ සභාපති තුමාට සුභ උපන්දිනයක් වේවායි පතමි. බ්ලොග් වලට ඔබෙන් ලැබෙන සහය අමරණීයයි. අපේ කොමෙන්ට් මල්ල පුරවා අපව දිරිමත් කරන්නේ උඹම තමයි අයියේ.
ඒ වගේම ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙලේ සම්මානයට පාත්‍ර වුනු අපේ හිතවත් යශෝධා සම්මානීටත් ඔබ ලද ඇගයීම ගැන බ්ලොග් එකක් ලියන්නෙක් හැටියට සුභාශීංසනය කරමි. තව තවත් මෙවැනි සම්මානනීය නිර්මාණ එලිදක්වන්නට ඔබට හැකියාව ලැබේවා.
තේ වගාව ගැන කොටින් කියාපු පලවෙනි පෝස්ට් ඒන් පස්සෙ ගොඩක් දෙනෙක් කිව්වා "ලියාපං උඹ දන්න එක්කොම ටික" කියලා. ඔන්න ඒ ගමං මං පහතරට තේ ගහේ මුල හිටං ලියනවා.

තේ ගහ පැලවෙන්න ක්‍රම දෙකයි. එකක් ඇට මගින් පැලවීම. අනික රිකිලි මගින් පැල කිරීම. මෙයින් ඇට තේ ගස් තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමයි ඇට තේ ගහ අස්වැන්න අඩුවෙන් ලබාදීම. හැබැයි ඒකට එතරම් සාත්තුවක් ඕනි නෑ. පෝර දාන්නෙ අවුරුද්දකට ඉතර සැරෙයක්. හැබැයි ගහ වටේ පොලව හාරලා පෝර දාන්න ඕනි. ඒ තරමට යටින් තමයි මුල් තියෙන්නෙ. ඇට තේ ගහේ කොල වටේට තියෙන දැති ටිකක් ඝණකමයි. ඇට තේ ගස් තියෙන වතු බොහොම අල්ප නිසා අපි ඒ ගැන කතාව අහක විසික්කරමු.
රිකිලි තේ එහෙම නෙවෙයි. දළු වැඩියි. ඵලදාව එළ. මාස තුනෙන් තුනට පෝර දැම්මම කඩාගන්න බැරි තරම් දලු. ඒහින්දා අපේ මිනිස්සු නිකම්ම රිකිලි තේ වලට හැරුනා.
පලා පැහැය හැම තැනකම රැඳී තියෙන පොලොවේ....
ඉවත දමන දඬුව උවද දළුලා යළි පැලවේ....
ඉවත දමන දඬුව උවද දළුලා යළි පැලවේ....
ඒ වුනාට තේ ගහේ දඬු කෑල්ලක් නිකම් පැළකරන්න බෑ. ඒකට ගන්න නියම අත්තක් තියෙනවා. ආං ඒ අත්ත හෙවිල්ලයි මේ.
සාමාන්‍යයෙං එක ඉඩමක සම්පූර්ණයෙන්ම තියෙන්නෙ එකම වර්ගෙ තේ ගස්. ඒ කියන්නෙ එකම ක්ලෝනය. නැත්තං නිවුන් සහෝදර සහෝදරියො. ඒ හංදා තේ ගස් ජාති කලවං වීමක් වෙන්නෙ නෑ. ඒත් ඉතිං තමුංට තේ පැල ටිකක් හදාගන්න ඕනිනං තමුංට අවශ්‍ය වර්ගයේ තේ ගස් ඇති තරං තමුන්ට තියෙන්න ඕනි. ඒ වගේම ඒවා කපන්නත් ඕන. මේ කියන්නෙ ගහ මුලින්ම පාහින එක නෙමෙයි. හුඟක්ම උස ගිහිං දළු කඩාගන්න බැරි තරමට උස ගිහින් තියෙන ගහක් කප්පාදු කිරීමයි. මෙහෙම කප්පාදු කරයින් පස්සෙ ඇදෙන දළු මෝරලා අතු බවට පත්වෙලා ඒ අතු අඩි දෙකක් විතර උසට ඇදිලා ඒ අත්තෙ දණ්ඩෙ පහල කොටස දුඹුරුපාට වෙනකොට තමයි තේ රිකිලි ගන්න ඒ අත්ත කපන නියම වයස. තේ ගහක් කප්පාදු කරන්නේ අවුරුදු තුන හතරකට වතාවයි. ඒ කියන්නෙ තමුංගෙම ගහකිං රිකිලි අරගෙන තේ පැල වවා ගැනීම ඔලිම්පික් යනවා වගේ වැඩක්. ඒ හංදා මේකට නියම විසඳුමක් තියෙනවා. ඒ තමයි අපිට තේ රිකිලි ඕනැ කාලෙදි ඒ කාලෙට තේ කප්පාදු කරල තියෙන කෙනෙක්ගෙන් රිකිලි ඉල්ලා ගැනීම.
ඒකට ඉතිං නිතර ගමේ ගොඩේ ඇවිදින කෙනෙක් නං වැඩේ ලේසියි. නැත්තං කඩේ ගාවට හැන්දෑවට එක්කහු වෙන කාණ්ඩෙගෙන් අහන්න වෙනවා.
“පොඩිමහත්තයියෙ, කාගෙවක් කප්පාදු කපාපු කෑල්ලක් එහෙම තිවුන්නැද්ද?“
“මට නං මතක නෑ මල්ලියෙ. අර මද්දෑ කෑල්ලනං කපල තිවුනා. ඒවනං දැං මට්ටං කපල දලුත් කඩනව. මොකෝ තවානක්කත් දාන්නද?“
“ඔව්මේ පාලු ඩිංගක් හිටොවන්න“
එතකොට තව කවුරුහරි කෙනෙක් කියනව හරියටම ඔත්තුවක්.
“මං දැක්ක දිහාවක තියෙනව ෂෝක්කෙකට ඇදිච්චි කප්පාදු කෑල්ලක්. තවං දාන්න නොම්බරේකයි අම්ප“
“ඒ කොහෙ“
“හුඟක් ඉපිටහ යන්න ඕනි හැබැයි“
“කමහ්නෑ. කියහංකො බලන්න“
“දෙයිද්දන්නෑ“
“උඹෙප්පැහිච්චකං තියල කියහංකො තැන“
“කර්නාවතී ස්කෝලෙ හාමිනේගෙ බෑන දන්නවද? අර කඩේ දාං ඉන්නෙ?“
“ඉතිං“
“ආං මිනිහගෙ කෑල්ලෙ තියෙනව ඕන හැටියෙ අතු කපාගන්නවනං. දුන්නොත්“
ඔන්න ඔය විදිහට හොයල තමයි අතු හොයාගන්න වෙන්නෙ. මේ අතු සල්ලිවලට දෙන දෙයක් නෙවෙයි උනත් ඒවා ගන්න නං මූලික සුදුසුකං තියෙන්න ඕනි. ඒ කියන්නෙ අතුහිමියා එක්ක වලියක් තිවුනෙ නැති, මගුලට මරනෙට උදව්වට ආපු, කෙලෙහිගුණ දන්න, කට සවුත්තු නැති, කටවහ නැති, ආදී ගුණාංග. මේවා ඇදක් පලුද්දක් තිවුනොත් අතු ඉල්ලන්න ගිහිං අහගන්න වෙන්නෙ මේං මේ වගේ කතා.
“පල්ලැහැ සුදාට දෙන්න පොරොංදු උනානෙ“
“මං මේ ටික කැපුවෙම මට පැල ඩිංගක් හදාගන්න. අර කුඹුරයිනෙ පාත්තිත් හැදුව“
“කලිං ඉල්ලුවනං දෙන්න තිබ්බ. එක්නෙක්ට දෙන්නං කිව්ව ඊයෙ හවස“
ඔය විදිහෙං බොරු කියල නොදී ඉඳල අන්තිමට මට්ටං කපද්දි අතුටික කපල ගස්යටට දානව දිරන්න.
හැබැයි ඉතිං බැරිවෙලාවත් අර සුදුසුකම් සම්පූර්ණ කරල තිබුනොත්
“හා දෙන්නං. මං අතු කපනදාට කියන්නංකො පණිවිඩේ“
කියලා උත්තරේ ලැබෙනවා. ආං එතකොට ගෙදර ඇවිත් පටංගන්න ඕනි හිටවන්න තැනක් ලැහැත්ති කිරිල්ල. තේ රිකිලි හිටවන්න එක්කොත් පාත්තියක් තියෙන්න ඕනෑ. නැත්තං පැකට් තියෙන්න ඕනෑ. පාත්තියෙ හිටෝල පැල හැදුනහම එව්ව “බිම්පැල“. පැකැට්ටෙකේ හිටෝල පැලවුනහම එව්ව “බකට් පැල“. ඉස්සරම කාලෙ නං රිකිලි කපල කෙලින්ම වලවල්වලත් හිටෙව්වා. දැන් හිටවන්නෙ පාත්තිවල හරි, පැකට්වල හරි විතරයි.
පැකැට් කියන්නේ උණ බම්බුවක් විතර මහත කලු ඉටි කවර වලින් අඟල් පහක් විතර උසට පස් පුරවලා හදාගන්න එකක්. ඔය දැං සමහරු එලෝලු වවන්නෙත් ඒ වගෙ පනිට්ටු සයිස් කවර වලනෙ. ඒවාට පුරවන්නේ කලු පස. “රතු ලැටරයිට්“ පස, “ලෝම පස“ ආදී නොයෙක් පස් වර්ග ගැන කියතත් අපේ ගමේ නං තියෙන්නේ මැටි පස් සහ කලු පස් විතරයි. ‘මැටි පස‘ කියන්නේ කහ පාට එකට. ඒක ගන්නේ ගෙවල්වල වරිච්චි බඳින්න විතරයි. පොලවෙ තියෙන සාරවත්ම පස තමයි ‘කලු පස‘. එනිසා කලු පසේ තමයි ඕනි දෙයක් හරියන්නේ. ආං ඒ නිසයි කලු පසම පැකැට් වලට පුරවන්නේ.
එහෙම නැත්තං අනික් ක්‍රමය තමයි පාත්ති හැදීම. පාත්ති හදන්නෙත් කලු පස් තියෙන තැනක තමයි. ඒක ඉතින් සාමාන්‍ය පාත්තියක් වගේම තමයි. අඩි දෙකක් විතර පළලට, ගවු ගානක් උනත් දිගට පාත්ති හදාගන්න පුලුවන්. එතකොට රිකිල්ල හිටවන්නේ පාත්තියේ. පාත්ති දෙකක් අතර එහාට මෙහාට යන්න අඩියක් හමාරක් විතර ඉඩ තියන්න ඕනි. බොහෝ වෙලාවට කුඹුරු අද්දර, ගෙවල්වල මිදුල් වටේ, ආදී දිගටි බිම් තීරුවල පාත්ති හදන නිසා පාත්ති අතර ඉඩ තැබීමක් වෙන්නෙත් නෑ. සමහරු ගෙදර මිදුලෙ කොනකිං පටංගන්න පාත්තිය ගේ වටේ පිලිකන්න දක්වාම යනවා.
හරියටම තේ අතු කපන දවසට පණිවිඩේ ලැබෙනවා. එදාට ගිහිං ඒ කැපෙන අතු ටික අරගෙන එන්න ඕනෑ. ඒ කියන්නෙ කැපෙන කැපෙන අත්ත එක්කහු කරගෙන තමුන්ට ඇති පදං එක්කහු වෙච්චි ගමං අරං එන්න ඕනෑ. ගොඩක් වෙලා අවුවෙ තියෙන්න අරින්න නරකයි. ඔය අතු පිටිං එහෙම්මම හිටවන්න බෑ. ඒ කියන්නෙ ඉවත දමන දඬුව එහෙම්මම පැලවෙන්නේ නෑ. ඒක ආයිමත් කපන්න ඕනි. ගිණිකූරු එකහමාරක් විතර දිගට දණ්ඩයි කොළ බාගෙකුයි ඉතුරු වෙන්න. අත්තකිං ඒ වගේ කෑලි පහක් හයක් කැපියැහැකි. මේ වැඩේට ලොකු වතුර බේසමක්, රිකිලි කපන පිහියක්, ඉටි කොලයක්, බුලත්විට වට්ටියක්, පුටුවක්, නිතරම ‘කහඩ්ඩිංගක්‘ උණුකර දෙන්න කෙනෙක් ආදිය ඕනෑ කරනවා.
ගෙදර ඉස්තෝප්පුව තමයි මේ වැඩේට කදිම. තේ අතු ටික පැත්තකින් තියාගෙන, පුටුවෙන් ඉඳගෙන බුලත්විටක් කන ගමන් තේ රිකිලි කපන එක තමයි සිරිත. තේ අත්තේ පහලම තියෙන දණ්ඩ දුඹුරු පාට කොටසත්, ඉහලම තියෙන හුඟක්ම ළපටි කොටසත් අතහැරියම ඉතුරු ටික තමයි පැල කිරීමට හොඳ. තේ කොලය කඳට හයිවෙන තැනට මිලිමීටර් දෙක තුනක් උඩිං තියෙන කඳ කොටස කපලා අයින් කරනවා. කොලේට යටින් ගිනිකූරු එකහමාරක විතර දිගක් දණ්ඩෙන් ඉතුරුවෙද්දි අනෙක් ටික කපලා අයින් කරනවා. ඊළඟට කොලෙනුත් අග බාගෙ කපල දානවා. ඒ ඉතුරු වෙන කොඩිය වගේ එක තමයි හිටවන්නේ. හිටවනකං ඒ කොඩිය වතුර බේසමට වෙලා ඉන්නවා. ඔය විදිහට රැයක් දවාලක් නැතුව කහට බොමින්, විට කමින්, ඒ අතරෙ පොඩ්ඩක් එහෙට මෙහෙට වීමෙං පිහියෙං කැපිච්ච ඇඟිලි රෙදි පටියෙන් ඔතාගෙන අර අතු සේරම කපල ඉවර කරන්න ඕනි. එහෙම කපාගත්තු කෑලි ටික පහුවදාම වතුර බේසමෙන් ගොඩ අරගෙන වතුර බහින්න ඉටිකොලේට දාලා තියලා උදෙන්ම හිටවගන්න ඕනි.පස් පුරෝපු පැකට්වල නං එයින් නටු දෙකක් හිටවන්න පුලුවං. පාත්තියෙ නම් මේ පින්තූරෙ තියෙන විදිහට එක යාවට හිටවනවා.
ඒත් එක්කම මේවට හෙවන තියෙන්නත් ඕනෑ. පාත්තියට නං හරියටම හරියන්නේ ‘කැකිල්ල‘. අපේ ගම්වල ඉවුරු කඩාගෙන යන්න නොදී අල්ලං ඉන්නෙ කැකිල්ල ගස් තමයි. කැකිල්ල ටිකක් ඕනැම ඉවුරකින් කඩා ගන්න පුලුවන්. ඒකට ඕනැ වෙන්නේ කැකිල්ල කූරු ඇඟිලිවල ඇනුනහම මල නොපනින ගුණය විතරයි. පාත්තිය වැහෙන්න එක යාවට කැකිල්ල හිටෙව්වහම වතුර දැමීමෙදි පොලව හෑරෙනවත් අඩුයි. පැකට්වලට කැකිල්ල හිටවන්න බැරි හින්දා පන්දලමක් බැඳලා පුවක් අතු, පොල්ලතු වලින් හෙවනක් හදන්න ඕනි. හැමදාම හවසට මල් බාල්දියෙං වතුර දාන්න ඕනි. දැං නම් මේ පන්දලම වහන්නේ ඒකටම හදපු වැස්මකිං.
ඔය විදිහට ටික කලක් යනකොට හිටවපු රිකිලිවල කඳත් කොලෙත් අතරින් හෙමිහිට කොළ ලියලන්න ගන්නවා. ඒ විදිහට කොල දෙක තුනක් හැදෙනකොට එව්වා ‘තේ පැල‘ බවට පත්වෙනවා. එතකොට වැස්ම අයින්කරලා අව්ව වැටෙන්න තියන්න ඕනැ. කොල පහක් විතර වෙනකොට පොලවෙ හිටවන්න නියම ප්‍රමාණය. මේවයින් පැකට් පැල නං වැඩි මිලටත්, පාත්තිවල තියෙන බිම් පැල නම් අඩු මිලටත් විකිණෙනවා.
පැකට් පැල ප්‍රවාහනය අමාරුයි. පැල දාහක් හමාරක් ගෙනියන්න වෙනම ලොරියක් ඕනි. ප්‍රවාහනය අන්තිම අමාරුයි. හිටවන්න ගියහමත් පොලිතින් කවරෙ ගලෝල හිටවන්න ඕනි. ගානත් වැඩියි. හැබැයි, මුල් කැඩෙන්නෙ නැති හින්දා පැලයක් හිටෙව්වොත් පැලවෙනවාම තමයි.
බිම් පැල හෙවත් තවන් පැල එහෙම නෙවෙයි. එව්වා මුල් නොකැඩෙන්න ගලවන්න ඕනි. නිකං තම්පලා ගලෝනව වගේ ගැලෙව්වොත් ඉවරයි. හැබැයි ඉතිං ගෙනියන්න ලේසියි. ලොරියක ගෙනියන බකට් පැල ප්‍රමාණය තීවිල්ලෙහෙක ගෙනියන්න පුළුවනි. පැකට් පැල වගේ එක එක ගිනිහිං වලක් ගානෙ හිටවන්න ඕනි නෑ. පැල මිටියක් අරගෙන එක පේලියක්ම හිටවන්න පුලුවන්. පැකැට් පැල එකක ගානට බිම් පැල තුනක් විතර ගන්න ඕනි. එකම පාඩුව තමයි පැල මැරීයාමේ ලෙඩේ. ඒකට හොඳම වැඩේ තමයි ‘කාශ්ඨක‘ වෙච්චි පැල හිටවන එක. පෝර නොදා හදන බිම් පැල තමයි ඔය ‘කාස්ටක‘ වෙච්චි පැල කියන්නේ. ඒවට හරි හමං පෝර ඩිංගක් වතුර කඳුලක් නැති හංදා ‘තියෙන හැටියට පන රැකගන්න‘ පුරුදු වෙලයි තියෙන්නේ. ඉතිං ඒ වගේ පැලයක් ලේසියට මරාගන්න අමාරුයි.
ඔය වග එච්චර විස්සාස නැති අපේ ගම්වල අය ගන්නෙම පෝර දාලා හදන පොලේ තියෙන ‘සැපට හැදෙන‘ පැල. එව්වා ගොම ගොඩවල්වල තියලා ගත්තම හොඳ කොල පාටට තියෙනවා. ඒ වුනාට ගෙනැත් හිටෙව්වම මැරෙනවා. ඔය කොයි විදියෙන් හරි ගන්න පැල හිටවන්න කියන්නේ අඩි හතරෙන් හතරට ඉඩ තියලා. අඩියක් විතර වලක් හාරලා..................... කියලයි ‘තේ මහත්තයා‘ තේ වගාකරුවන්ට උපදෙස් දෙන්නේ. තේ වවන්න ඉඩම සකස් කිරීමෙදිත් ගල්වැටි, කාණු යෙදීම. මුඩු හෝ වෙනත් වගා කරපු ඉඩමක නම් ‘ගෝතමාලා‘ කියල අපේ ගමේ අය හඳුන්වන උග්ගස් කොලේ වගේ කොලයක් තියෙන ගස් ජාතිය අවුරුදු දෙකකවත් වවලා පොලව බුරුල් කරගැනීම, ආදී නොයෙක් වතාවත් තිබුණත් දැං අපේ ගම්වල තේ ගස් අතර දුර අඩි දෙකහමාරයි. කාණු, ගල්වැටි, ආදිය අතුරුදහං. පෙති යකඩෙං දෙපාරක් ඇනල පොලවෙ මී ගුලක් තරමට වලක් හාරගෙන ඒකට තේ පැලයක් රිංගවීම විතරයි දැං අපේ ගම්වල තේ වගාවේ එකම තියරිය. ඒ හංදා
තේ පැල තවන් දැමීමත් හොඳ රස්සාවක්. තේ පැල තවානෙන් හොඳට හම්බුකරන කෙනෙක්ගෙ තේ පැල තවානක් තමයි මේ.
පර්චස් දහයක් විර ඉඩමක් මේ වගේ තවානක් දමාගෙන හොඳ ආදායමක් ගන්න පුලුවන්. ඒ වුනාට ගමේ අයට, අඳුරන අයට එහෙම දුන්නොත් සල්ලි ගන්න අමාරුයි. සමහරු ඇවිත්
“තේ පැල පනහක් දියං. දලු පඩි ගත්තං සල්ලි දෙන්නං“
කියලා ඉල්ලං යන පැල එකකට වත් සල්ලි හම්බුවෙන්නෙ නෑ. ආං ඒ වගේ අයට “බෑ“ නොකියා ණයට නොදී ඉන්න නං මේන් මේ වගේ බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා.
ඉතිං ඔය විදිහට පොලවෙ හිටවන තේ පැලේ අව්වට මැරෙන්න නොදී, වැස්සට හෝදගෙන යන්න නොදී, කලාමැදිරින්ට කපන්න නොදී, ඉත්තෑවුන්ට හාවුන්ට විනාස කරන්න නොදී, ඌරන්ට පාගන්න නොදී රැකගත්තොත් අවුරුදු දෙකහමාරක් තුනක් යද්දි ආදායමක් ගන්න පුලුවං. හැබැයි ඉතිං ඒකට කාලයක් බලා ඉන්න වෙනවා. ඉතිං ඊළඟ පෝස්ට් එක ලියනකං බලං ඉන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි නේද?
පැකැට් කියන්නේ උණ බම්බුවක් විතර මහත කලු ඉටි කවර වලින් අඟල් පහක් විතර උසට පස් පුරවලා හදාගන්න එකක්. ඔය දැං සමහරු එලෝලු වවන්නෙත් ඒ වගෙ පනිට්ටු සයිස් කවර වලනෙ. ඒවාට පුරවන්නේ කලු පස. “රතු ලැටරයිට්“ පස, “ලෝම පස“ ආදී නොයෙක් පස් වර්ග ගැන කියතත් අපේ ගමේ නං තියෙන්නේ මැටි පස් සහ කලු පස් විතරයි. ‘මැටි පස‘ කියන්නේ කහ පාට එකට. ඒක ගන්නේ ගෙවල්වල වරිච්චි බඳින්න විතරයි. පොලවෙ තියෙන සාරවත්ම පස තමයි ‘කලු පස‘. එනිසා කලු පසේ තමයි ඕනි දෙයක් හරියන්නේ. ආං ඒ නිසයි කලු පසම පැකැට් වලට පුරවන්නේ.
එහෙම නැත්තං අනික් ක්‍රමය තමයි පාත්ති හැදීම. පාත්ති හදන්නෙත් කලු පස් තියෙන තැනක තමයි. ඒක ඉතින් සාමාන්‍ය පාත්තියක් වගේම තමයි. අඩි දෙකක් විතර පළලට, ගවු ගානක් උනත් දිගට පාත්ති හදාගන්න පුලුවන්. එතකොට රිකිල්ල හිටවන්නේ පාත්තියේ. පාත්ති දෙකක් අතර එහාට මෙහාට යන්න අඩියක් හමාරක් විතර ඉඩ තියන්න ඕනි. බොහෝ වෙලාවට කුඹුරු අද්දර, ගෙවල්වල මිදුල් වටේ, ආදී දිගටි බිම් තීරුවල පාත්ති හදන නිසා පාත්ති අතර ඉඩ තැබීමක් වෙන්නෙත් නෑ. සමහරු ගෙදර මිදුලෙ කොනකිං පටංගන්න පාත්තිය ගේ වටේ පිලිකන්න දක්වාම යනවා.
හරියටම තේ අතු කපන දවසට පණිවිඩේ ලැබෙනවා. එදාට ගිහිං ඒ කැපෙන අතු ටික අරගෙන එන්න ඕනෑ. ඒ කියන්නෙ කැපෙන කැපෙන අත්ත එක්කහු කරගෙන තමුන්ට ඇති පදං එක්කහු වෙච්චි ගමං අරං එන්න ඕනෑ. ගොඩක් වෙලා අවුවෙ තියෙන්න අරින්න නරකයි. ඔය අතු පිටිං එහෙම්මම හිටවන්න බෑ. ඒ කියන්නෙ ඉවත දමන දඬුව එහෙම්මම පැලවෙන්නේ නෑ. ඒක ආයිමත් කපන්න ඕනි. ගිණිකූරු එකහමාරක් විතර දිගට දණ්ඩයි කොළ බාගෙකුයි ඉතුරු වෙන්න. අත්තකිං ඒ වගේ කෑලි පහක් හයක් කැපියැහැකි. මේ වැඩේට ලොකු වතුර බේසමක්, රිකිලි කපන පිහියක්, ඉටි කොලයක්, බුලත්විට වට්ටියක්, පුටුවක්, නිතරම ‘කහඩ්ඩිංගක්‘ උණුකර දෙන්න කෙනෙක් ආදිය ඕනෑ කරනවා.
රිකිලි කපන පිහිය |
ගෙදර ඉස්තෝප්පුව තමයි මේ වැඩේට කදිම. තේ අතු ටික පැත්තකින් තියාගෙන, පුටුවෙන් ඉඳගෙන බුලත්විටක් කන ගමන් තේ රිකිලි කපන එක තමයි සිරිත. තේ අත්තේ පහලම තියෙන දණ්ඩ දුඹුරු පාට කොටසත්, ඉහලම තියෙන හුඟක්ම ළපටි කොටසත් අතහැරියම ඉතුරු ටික තමයි පැල කිරීමට හොඳ. තේ කොලය කඳට හයිවෙන තැනට මිලිමීටර් දෙක තුනක් උඩිං තියෙන කඳ කොටස කපලා අයින් කරනවා. කොලේට යටින් ගිනිකූරු එකහමාරක විතර දිගක් දණ්ඩෙන් ඉතුරුවෙද්දි අනෙක් ටික කපලා අයින් කරනවා. ඊළඟට කොලෙනුත් අග බාගෙ කපල දානවා. ඒ ඉතුරු වෙන කොඩිය වගේ එක තමයි හිටවන්නේ. හිටවනකං ඒ කොඩිය වතුර බේසමට වෙලා ඉන්නවා. ඔය විදිහට රැයක් දවාලක් නැතුව කහට බොමින්, විට කමින්, ඒ අතරෙ පොඩ්ඩක් එහෙට මෙහෙට වීමෙං පිහියෙං කැපිච්ච ඇඟිලි රෙදි පටියෙන් ඔතාගෙන අර අතු සේරම කපල ඉවර කරන්න ඕනි. එහෙම කපාගත්තු කෑලි ටික පහුවදාම වතුර බේසමෙන් ගොඩ අරගෙන වතුර බහින්න ඉටිකොලේට දාලා තියලා උදෙන්ම හිටවගන්න ඕනි.පස් පුරෝපු පැකට්වල නං එයින් නටු දෙකක් හිටවන්න පුලුවං. පාත්තියෙ නම් මේ පින්තූරෙ තියෙන විදිහට එක යාවට හිටවනවා.
මෙන්න මෙහෙම හිටෝනව |
ඒත් එක්කම මේවට හෙවන තියෙන්නත් ඕනෑ. පාත්තියට නං හරියටම හරියන්නේ ‘කැකිල්ල‘. අපේ ගම්වල ඉවුරු කඩාගෙන යන්න නොදී අල්ලං ඉන්නෙ කැකිල්ල ගස් තමයි. කැකිල්ල ටිකක් ඕනැම ඉවුරකින් කඩා ගන්න පුලුවන්. ඒකට ඕනැ වෙන්නේ කැකිල්ල කූරු ඇඟිලිවල ඇනුනහම මල නොපනින ගුණය විතරයි. පාත්තිය වැහෙන්න එක යාවට කැකිල්ල හිටෙව්වහම වතුර දැමීමෙදි පොලව හෑරෙනවත් අඩුයි. පැකට්වලට කැකිල්ල හිටවන්න බැරි හින්දා පන්දලමක් බැඳලා පුවක් අතු, පොල්ලතු වලින් හෙවනක් හදන්න ඕනි. හැමදාම හවසට මල් බාල්දියෙං වතුර දාන්න ඕනි. දැං නම් මේ පන්දලම වහන්නේ ඒකටම හදපු වැස්මකිං.
ඔය විදිහට ටික කලක් යනකොට හිටවපු රිකිලිවල කඳත් කොලෙත් අතරින් හෙමිහිට කොළ ලියලන්න ගන්නවා. ඒ විදිහට කොල දෙක තුනක් හැදෙනකොට එව්වා ‘තේ පැල‘ බවට පත්වෙනවා. එතකොට වැස්ම අයින්කරලා අව්ව වැටෙන්න තියන්න ඕනැ. කොල පහක් විතර වෙනකොට පොලවෙ හිටවන්න නියම ප්‍රමාණය. මේවයින් පැකට් පැල නං වැඩි මිලටත්, පාත්තිවල තියෙන බිම් පැල නම් අඩු මිලටත් විකිණෙනවා.
පැකට් පැල තවානක් |
බිම් පැල හෙවත් තවන් පැල එහෙම නෙවෙයි. එව්වා මුල් නොකැඩෙන්න ගලවන්න ඕනි. නිකං තම්පලා ගලෝනව වගේ ගැලෙව්වොත් ඉවරයි. හැබැයි ඉතිං ගෙනියන්න ලේසියි. ලොරියක ගෙනියන බකට් පැල ප්‍රමාණය තීවිල්ලෙහෙක ගෙනියන්න පුළුවනි. පැකට් පැල වගේ එක එක ගිනිහිං වලක් ගානෙ හිටවන්න ඕනි නෑ. පැල මිටියක් අරගෙන එක පේලියක්ම හිටවන්න පුලුවන්. පැකැට් පැල එකක ගානට බිම් පැල තුනක් විතර ගන්න ඕනි. එකම පාඩුව තමයි පැල මැරීයාමේ ලෙඩේ. ඒකට හොඳම වැඩේ තමයි ‘කාශ්ඨක‘ වෙච්චි පැල හිටවන එක. පෝර නොදා හදන බිම් පැල තමයි ඔය ‘කාස්ටක‘ වෙච්චි පැල කියන්නේ. ඒවට හරි හමං පෝර ඩිංගක් වතුර කඳුලක් නැති හංදා ‘තියෙන හැටියට පන රැකගන්න‘ පුරුදු වෙලයි තියෙන්නේ. ඉතිං ඒ වගේ පැලයක් ලේසියට මරාගන්න අමාරුයි.
මේ වගේ ලොකු පැල හොඳයි ලොකු තේ ගස් අතර මැරීගිය ගස් වෙනුවට අලුතින් හිටවන්න |
ඔය වග එච්චර විස්සාස නැති අපේ ගම්වල අය ගන්නෙම පෝර දාලා හදන පොලේ තියෙන ‘සැපට හැදෙන‘ පැල. එව්වා ගොම ගොඩවල්වල තියලා ගත්තම හොඳ කොල පාටට තියෙනවා. ඒ වුනාට ගෙනැත් හිටෙව්වම මැරෙනවා. ඔය කොයි විදියෙන් හරි ගන්න පැල හිටවන්න කියන්නේ අඩි හතරෙන් හතරට ඉඩ තියලා. අඩියක් විතර වලක් හාරලා..................... කියලයි ‘තේ මහත්තයා‘ තේ වගාකරුවන්ට උපදෙස් දෙන්නේ. තේ වවන්න ඉඩම සකස් කිරීමෙදිත් ගල්වැටි, කාණු යෙදීම. මුඩු හෝ වෙනත් වගා කරපු ඉඩමක නම් ‘ගෝතමාලා‘ කියල අපේ ගමේ අය හඳුන්වන උග්ගස් කොලේ වගේ කොලයක් තියෙන ගස් ජාතිය අවුරුදු දෙකකවත් වවලා පොලව බුරුල් කරගැනීම, ආදී නොයෙක් වතාවත් තිබුණත් දැං අපේ ගම්වල තේ ගස් අතර දුර අඩි දෙකහමාරයි. කාණු, ගල්වැටි, ආදිය අතුරුදහං. පෙති යකඩෙං දෙපාරක් ඇනල පොලවෙ මී ගුලක් තරමට වලක් හාරගෙන ඒකට තේ පැලයක් රිංගවීම විතරයි දැං අපේ ගම්වල තේ වගාවේ එකම තියරිය. ඒ හංදා
“ඉතුරු නම් අඩි දෙකක්
හිටවපන් තේ ගහක්“
තේ පැල තවන් දැමීමත් හොඳ රස්සාවක්. තේ පැල තවානෙන් හොඳට හම්බුකරන කෙනෙක්ගෙ තේ පැල තවානක් තමයි මේ.
මේව ඔක්කොම පැකට් පැල |
“තේ පැල පනහක් දියං. දලු පඩි ගත්තං සල්ලි දෙන්නං“
කියලා ඉල්ලං යන පැල එකකට වත් සල්ලි හම්බුවෙන්නෙ නෑ. ආං ඒ වගේ අයට “බෑ“ නොකියා ණයට නොදී ඉන්න නං මේන් මේ වගේ බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා.
ඉතිං ඔය විදිහට පොලවෙ හිටවන තේ පැලේ අව්වට මැරෙන්න නොදී, වැස්සට හෝදගෙන යන්න නොදී, කලාමැදිරින්ට කපන්න නොදී, ඉත්තෑවුන්ට හාවුන්ට විනාස කරන්න නොදී, ඌරන්ට පාගන්න නොදී රැකගත්තොත් අවුරුදු දෙකහමාරක් තුනක් යද්දි ආදායමක් ගන්න පුලුවං. හැබැයි ඉතිං ඒකට කාලයක් බලා ඉන්න වෙනවා. ඉතිං ඊළඟ පෝස්ට් එක ලියනකං බලං ඉන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි නේද?
ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි සුරංග
ReplyDeleteහිටින්ට. තව තියෙනව.
Deleteසභාපති තුමාට සුබ උපන්දිනයක් පෝස්ට් එක හෙට කියවනවා :)
ReplyDeleteස්තූතියි ඕං
Deleteමේක ඇවිල්ලා හෙන කුමන්ත්‍රණයක්. කොමෙන්ට් ද්විගුණකරණය කියන්නෙ මේකට. ඔන්න කවුරුහරි කොමෙන්ට් එහෙකිං ප්‍රසන්නයියට සුබ පතනව. එතකොට එයත් තැංංකිව් කොමෙන්ටෙකක් දානව. ආයි මං ඒකට එකක් ලියනව. නිකම්ම කොමෙන්ට් වැඩි වෙනව.
Deleteඔන්න ඔය අවුරුදු ගණන් බලාගෙන ඉන්න බැරි හිංද තමයි අපේ පලාතට දවස් හතලිස් පහේ බෝග ජාති දෙයියො දීල තියෙන්නෙ.කෝමද වැඩේ.....තවත් එකක් අපේ පැත්තෙ ඈයන්ට වැඩියෙන් මලපනින්නෙත් ඒ හිංදලුනෙ...ඇයි ඉතිං ඉවසීමේ ගුණේ නෑ කියනවනෙ....
ReplyDeleteලස්සන පොස්ටුව සුරංග....
අනිත්එක තමා ඔයාගෙ සභාපතිතුමා සම්බන්ධ කතාව සීයට සීයක් හරි....දෙන්නටම තුන්දෙනාටම බස්සිටත් එක්ක ජය වේවා...
ස්තුතිය පුද කරමි.
Deleteඒකට හරියන්න තේ ගහෙං දෙන්නෙ දවස් හතෙං හතට
Deleteඉඩම් හිමි වැවිලිකරු පාඨමාලා අංක දෙක.'ඉතුරු නම් අඩි දෙකක් - හිටවපං තේ ගහක්' ඇතුලෙ තියනවා වර්තමාන තේ වැවිල්ලෙ කතන්දරේ..
ReplyDeleteසැමට සුභපැතුම්..!
ජයවේවා..!!
කෝ මේ ප්‍රසන්නයියා මේ “සුබ පැතුං“ බාරගන්ඩ වරෝ.
Deleteබාරගත්ත, ස්තුතියි. හැක්..
Deleteමගෙනුත් සුභ පැතුම්.
Deleteබාරගත්ත, ස්තුතියි. හැක්.. x2
Deleteඅපේ කලවානේ ආතා නම් හිටෝලා තිබුනේ රබර්. ඒ 50 දශකයේ රබර්වලට හොඳ මිලක් ලැබුණු නිසා විය යුතුයි.
ReplyDeleteරබර් ගලවලා තේ දාලා, තේ ගලවලා ආයිත් රබර් දාලා, දැන් ආයිත් තේ දානවද කියලා හිතන අය මතුගම පැත්තේ ඉන්නවා
Deleteරබර් නෙමෙයි ඕකෙ නියම නම. “සබර“. ආං එහෙම සබර හිටවපු හින්දයි රත්නපුර, කෑගල්ල දෙකම අයිති පලාත සබරගමුව වෙන්නෙ.
Deleteසබර වගාව හරියන්නෑ. වැස්ස වැඩි උනහම කිරි කපන්න අමාරුයිනෙ. අනික ඒකට පැල හිටවලා අවුරුදු 15 ක් බලං ඉන්න වෙනවනෙ. සබර ගලෝල අවුරුදු තුනක්වත් ඉන්න ඕනි තේ හිටවන්න.
මොකටද බ්න අවු 10ක් බලන් ඉන්නේ.උපරිමේ අවුරුදු5 නේ. තේ නම් නියම විදහට කෙරොත් අවු 1න් උන්ත ගන්න පුළුවන්.
Deleteහොඳ විස්තරයක්, අපේ ගෙදර තේ දාද්දි ගෙදරමයි පැළ හදා ගත්තේ...
ReplyDeleteතේ තවානට වතුර දාන්න ගිහින් මට කලන්තේ හැදිලා ගල් දෙබොක්කාවක් අස්සට වැටිලා හිටපු සිද්ධියක් මතක් උනා මේක කියෙව්වම...
අපේ එහා ගෙදර උන්දලා රබර් ඉඳන්න කන්ඩි කපල තියෙන කණ්ඩියේ කෙලින් අතට තියෙන කොටසේ තේ රිකිළි කීපයක් ඉන්දලා තියෙනවා මම දැක්කා...
ආයිත් ගෙදර ගියහං පොටෝ එකක් ගහං එන්නං අපේ නැන්දම්මගෙ අසල්වැසිච්චි සබර ගස් අතරෙ තේ වවල තියෙනව.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතේ..................රෙන්නම කියල තියනව.
ReplyDeleteචික්කිතරක්
Delete;-p
Deleteසුරංගම්ල්ර් බදුල්ලෙ ට්‍රයි කලේ නැද්ද?
ReplyDeleteතෙත් කලාපෙ තරම් ලේසි නෑ නේ?
මෙහෙ තේ වලිං හරිහමං අස්වැන්නත් ගන්න බෑ. පෑවිල්ලට ගස් මැරෙනවා. දළු අඩුයි
Deleteඅපේ පැත්තෙත් කතාව ඕකමයි.ඒත් දැන් තේ වත් රබර්වත් වැඩක් නෑ අප්පා.මහන්සිය විතරයි.වෙන කරන්න දෙයන් නැති කමට කරනව
ReplyDeleteදාාලා බලහං කුරුදු
Deleteදාාලා බලහං කුරුදු
Deleteඋ බන් අටමෝ උඹ තලනවාද එ්වා?
Deleteවස්සලා, හරියට කරනවනං තේ වලිං ආදායං ගන්න පුලුවං. අපේ මිනිස්සු ඒවැං ආදායං ගන්න දන්නෙ නෑ. ඒකයි වරද.
Deleteඅටං අයියෙ,
කුරුඳු වැඩේ හොඳයි. ඒත් ආදායමෙං බාගයක් තලන එකාටනෙ. එතකොට වැඩක් නෑ. ඇල්පිටියෙ ඉඩං නැති එවුනුත් ගොඩයන්නෙ කුරුඳු තැලිල්ලෙං තමයි.
උඩ වස්සලා කියන් එකේ තේරුම මොකක්ද?
Deleteවත්සලා කියන එකේ සුරංග ටයිප් උච්චාරනය.
Deletemachaoo tea gas asse kinithullo innawa hariyata ... karanan deyak nadda unta
ReplyDeleteඔහොම වෙන්නෙ ඌරො ආවහම. උංගෙ ඇඟේ කිනිතුලු විමානෙ. ඔවුන්ව ලුණුවලින් වත් අයිං කරන්න බෑ.
Deleteඕකට අලිය ගිනි පෙට්ටි හරි යන්නෙ නැද්ද බං?
ReplyDeleteඅලිය ගිණිකූරු නං එකයි.
Deleteරිකිලි කපලා හිටවන්න කලින් වතුරේ දාලා තියන්නේ ඇයි?
ReplyDeleteමුල් අදින්න?
Deleteවතුර අදින්න?
Deleteඒ බොලොක්කෙන්, බ්ලොග් නෙමෙයි
Deleteඕක ගල් අරක්කු වල එහෙම දාල හරියන්නෙ නැද්ද?
Deleteඅපේ ගෙදර තේ ඉන්දැද්දී ආපු උදවිය ඒ වතුර වලට මොනවා හරි කෘමිනාශක වගේ වර්ගයකින් පොඩ්ඩක් දැම්මා වගේ මතකයක් මට ළාවට තියෙනවා...
Delete// මොනවා හරි කෘමිනාශක වගේ වර්ගයකින් // (rooting hormones) රූටින් හෝර්මෝන්ස් වෙන්න ඇති...
Deleteවතුරෙ දාන්නෙ විජලනය වලක්වන්නනෙ. ගල් අරක්කුවල දැම්මොත් පැලේ ඇදවෙනව. සමහරු මුල් අදින හෝමෝන තියෙන වතුර එහෙක දාල ටික වෙලාවක් තියල අරං හිටෝනව. ඒක මං දැකල නෑ.
Deleteසියලු වැඩ නවත්තල ගෙදර ගිහින් තේ හිටවන්න හිතෙන විදියට ලියල තියෙනවා..
ReplyDeleteමමත් එක සැරයක් ඔය පැකට් පැල ගෙනැල්ලා හිටවල බැලුවා.. ටික කාලයක් යද්දී ඔක්කොම මලා. මම හිටෙව්වා කිව්වට මම නෙවෙයි හිටෙව්වේ. හිටෙව්වට පස්සේ පැත්ත පළාතේ ගිහින් බැලුවේ නෑ.. ඉතින් නොමැරී තියෙයි ද.. හෙහ් හෙහ්..
හිටෝපු එකක් තියෙනං මට දෙන්න.
Deleteසුරංග ඉඩම තියෙන්නේ හපුතලේ.. කරන්න පුළුවන් ද.. :)
Deleteඋඩරට තේ වගාව පාඩුයි නේද ?
Deleteමුලිංම කො.කා.ස.ස. තුමාට සුබ පැතුම ගැන තුති පුදමි.
ReplyDeleteඋඹල මහන්සිවෙලා මේ විදියට ලියනකොට අපිට කොමෙන්ට් නොකර ඉන්න පුලුවන්ද මල්ලි.
ඒ වගේම බස්සිගේ ජයග්‍රහණයටත් සුබ පතනවා.
බස්සි රෑ වෙලා මේකට කොමෙන්ටෙකක් දායි.
Deleteඅපේ පවුලෙං තේ කෑල්ලක් කරන්නෙ අපේ ලොකු මස්සිනා තමයි.
ReplyDeleteබොලා මේ කියල තියෙන විදියට අපිටත් කේ කෑල්ලක් කරන්න ආසාවක් ඇතිවෙනව. ඉඩමෙනං ඉඩ තිබුණට කඩත් එක්ක කොයින්ද ඕව කරන්න වෙලාවක්.
තියෙනං වවාපු ඉඩමක් මට බදු දියං අයියා. අක්කරේට දහදාහක් දෙනවා මාසෙට.
Deleteඅනික, බොලා පොල් ගහන්න අර දේවාල ගානෙ ගිය වෙලේ අපේ අහත් ගොඩ උනානං ඉස්සරහ දේවාලෙන් ගල් ගහල යන්න තිබුණ යසට. හැක්..
ReplyDeleteඒ ගියේ පොල් ගහන්න නෙමෙයි. වෙනිං වැඩකට
Deleteපැහැදිලි විස්තරයක් , මධ්‍යම කදුකරයෙ තවමත් වැඩි වශයෙන් තියෙන්නෙ බීජ වලින් හදපු ගස් තමයි.
ReplyDeleteදළු නෙලන මැෂින් තිබේ , අවශ්‍ය අය අමතන්න.
( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි )
දළු නෙලල ඉතුරු වැඩ ටික කරනකල් ඉන්න බෑ බං. කෙලිංම තේ කොළ පැකට් තියෙනවනං කියහං. හැක්..
Deleteකම්මල
Deleteදලු නෙලන මැෂිං තියෙනව කියල මාත් දැක්කා. ඇවිදින්නෝ සමාගමෙං නේද ගෙන්නන්නෙ. ඒකෙං දළු තෝරලා බේරලා කඩන්න බෑ නේද? අර එක පැත්තක් තැටිය වගේ තියෙන කතුර වගේ එක නං ටිකක් සාර්ථක වෙයි. මාත් ආයි තේ ඉඩමක් හොයාගත්තු දවසට ඔයිං මැසිමක් ගන්නං. අඩුවට දියං.
තේ කොල ගැනත් කියන්නං බොලාට. ආං එදාට තේ කුඩු විකුණන එවුං මාව දෙකට නමන්නෙ මෙන්න මෙහෙම.
අඩුවට ගන්න ඕන නෑ බං. කම්මලයගෙං එකක් ගන්නකොට දෙකක් හම්බවෙනවලු.
Deleteහාන්දුරුකන්ද තේ වත්ත අයිති හර්මන් ගුනරත්න මහත්තය සුදු තේ නිපදවන්න දලු නෙලන්නේ කතුරකින් කියලා ලියල තිබුනනේ හිටන්!
ReplyDeleteFor Suicide Club?
Deleteකන්‍යාවො රත්තරං කතුරකින් නෙ දළු නෙලන්නෙ සරස තුමෝ .
Deleteහප්පේ මේක අවුරුදු තුනකට විතර කලින් ලිව්වේ නැත්තේ ඇයි? තේ භාගෙට දාපු අක්කර තුනක් පාත රටින් අරන් පස්සේ දීල දැම්ම ඕව කරන්න බැරි වැඩ කියල. ඒත් එච්චර ලේසිත් නැහැ. මට මැවිලා පෙනේව භාර දෙන එවුන් කියනව. මේ සැරෙත් දළු දැම්මේ නැහැ කියනවා.
ReplyDeleteතේ තවාන්... අගේ ඇති ලියවිල්ලක්.
ReplyDeleteසුදුසු පස් සහිත ඉඩම් හිමියා පස් කියුබ් ගානට විකුණනවා. ඒවා දැලට ගහල හලලා ගන්නේ. එතකොට ගෝනි එකතුකරලා මහලා දෙන අය වෙනම ඉන්නවා. (තවාන් දාන කාලෙට වෙළඳපොලේ හිස් ගෝනි බොහොම හිඟ වෙනවා.)
තවාන ඇතුලේ ඇවිදින්න පුළුවන් තරම් උසට කිතුල් ලී හිටවලා ඒ උඩ කම්බි ඇදලා තමයි ගෝනි දාන්නේ, කැකිල්ල නෑ. තවත් අය ඒ වෙනුවට දැල් වර්ගයක් භාවිතා කරනවා. ඒක වාර කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්.
රිකිලි කපන්නට, රැවුල බාන බ්ලේඩ් යොදා ගන්නවා.
එතකොට, අවශ්‍ය කරන ද්‍රව්‍ය (පොලිතින්, දැල්, රිකිලි .. )දුන්නාම තවාන් හැදීමේ සිට රිකිලි ගැසීම දක්වා කටයුතු සියල්ල කර දී ඒ වෙනුවෙන් මුදලක් ය කරන කණ්ඩායම් ඉන්නවා.
අතුරු කතා බෝමයි. :) ඉතින් අහම්බෙන් ඇස ගැටුණු මේ විස්තරය නිසා මටත් යමක් ලියා යන්නට සිතුණා.
මා ලඟ තියෙන විස්තර වලට වඩා ඔයා ලඟ තියෙන විස්තර අළුත්. ඒවාත් ලියන්න
Delete