මගෙ ජීවිතේ මට මතක පරණම සිද්ධිය එක්තරා ගහක කොල අතරින් ඉර එළිය මගේ මූණට එබිකං කරන විදිහයි. මං හිටියෙ ඒ ගහ යට. මං හැදුනෙත් ඒ ගහ යට. මට උගන්නපු ගුරුවරුන්ගෙන් බාගයක්ම හිටියෙ ඒ ගහ යට. හැබැයි විකිපීඩියාව කියන්නේ Camellia sinensis, an evergreen shrub native to Asia කියලයි. විකිපීඩියාව වැරදියි. ඒක පඳුරක් නෙමෙයි ගහක්. මනුස්ස ජීවිත ලක්ෂ ගානක දුක් කඳුළු උරාගෙන හැදිලා තවත් ජීවිත ගණනාවක දිවග රසවත් කරන ඒක මහ පුදුමාකාර ගහක්. කියවන්න මිතුරනි, මට මතක්වුනු මගේ ජීවිතේ ගස ගැන.
තේ වගාව කියපු ගමන් මතක්වෙන පින්තූරෙ නුවරඑළිය නේද? එක යායට තේ වැවුනු කඳුවල අලුත්ම අලුත් රතු, කහ, තැඹිලි පාටින් දිලිසෙන සාරි ඇඳගෙන බොහොම හොඳට හිනාවීගෙන, තමුන්ගෙ ඉඩමක දළු කඩන්නා වගේ අලුත්ම අලුත් වේවැල් කූඩ වලට දළු කඩන කාන්තාවො සමූහයක් නේද? ඒගොල්ලන්ගෙ මූණු පූජා උමාශංකර්ගෙ වගේ සුදුයි නේද? දත් මුතු ඇට වගේ නේද? ඇඟිලි ලා රෝස පාටයි නේද? ආ.. එහෙනම් ඒ පින්තූර එකක් උඩ මනසින් ක්ලික් කරලා සිත් යතුරු පුවරුවේ CTRL+A ඔබලා Shift+Del ගහන්න. ඔව් ඒ පින්තූර සේරම වැරදියි. ඇත්ත පින්තූරෙ තේ වගේ නෙවෙයි කසාය වගේ. තිත්තයි.
උඩරට, පහතරට ආදී වසයෙන් ලංකාවෙ තේ වගා කරන ප්‍රදේශ දෙකයි. ඒ අතරින් උඩරට තියෙන්නෙ සුද්දොවවපු වවෝපු තේ ගස්. එතකොට පහතරට තියෙන්නෙ? එව්වා වවලා තියෙන්නෙ ඒ ඉඩම් අයිති සිංහල මිනිස්සු. ඔව් සිංහල අය තමයි. මං කියන්න යන්නෙ පහතරට තේ වගාව ගැන විතරයි. මං හරියටම දන්නෙ ඒ ගැනනෙ.
පහතරට තේ වගාවත් කොටස් දෙකයි. එකක් තමයි අක්කර පනහ හැටේ මහ වතු. ඔය පින්තූරෙ තියෙන්නෙ එහෙම මහ වත්තක්. තරුණ කාලෙ ඔට්ටපාලු, කරුංක, කෝපි එකතු කරලා මහන්සියෙන් දියුණු වෙච්ච, අද කෝටිපතියෙක් විදිහට සැලකෙන සමරනායක මුදලාලිගෙ තේ වතුවලින් එකක් තමයි මේ. මේ වත්ත ඇරුනහම දෙසිය පනැහැ වත්ත , මයිත්තිරිගෙ වත්ත, හීම්මහත්තෙයෑ වත්ත, උපසේන මුදලාලිගෙ වත්ත ආදී වතු කීපයක්ම අපේ ගමේ තියෙනවා.
අනික් ඒවා තමයි කුඩා තේ වතු. කුඩා කියන්නෙ තේ ගස් විස්සක් විසිපහක්, අක්කර කාලක්, බාගයක්, අක්කරෙයක්, අක්කර තුන හතරක් දක්වා තේ ඉඩම්. අපේ ගම් පලාතෙ ගොඩක්ම තියෙන්නෙ මේ කුඩා තේ වතු. අද අපේ ගමට ගොඩ බහින කෙනෙක්ට හිතෙන්නේ
“තේ ගහ නොතිබ්බනං මේ මිනිස්සු කාල හමාරයි.“
කියලයි.
පහතරට තේ ගහේ ඉතිහාසය අවුරුදු සීයකට එහා පරණය. අපේ ගම් පලාතේ තියෙන “සිසිලියං පැට්ටේරිය“ අවුරුදු අසූවකට එහා පරණ බව එහි වෙබ් අඩවියේ කියා ඇත. ඒක ඇත්තක් බව හිතන්නට පුලුවන් වන්නේ අපේ ආතාගේ සහ ගුනොවරදන මාමාගේ “කයිවාරු“වලද ඔය පැට්ටේරිය ගැන විස්තර අඩංගු නිසාය. ඒ වුනාට අපේ ගම්වල කුඩා තේ වතු වැවිල්ල ආරම්භ වුනේ මගේ ‘මතක පතේ‘ (Memory card) පලවැනි මහා හැපුම (mega bite) ට ඩිංගක් එහා කාලෙකදීය. අපේ ආතා කියන හැටියට නං ‘පේමදාස මහත්තයෑ‘ ආණ්ඩුව කාලෙදීය. ගනං හදා බැලුවාම අසූව දශකයේ අග හරියේදීය.
තේ ගහ වැවෙන්නේ කඳුවලය. ඒ වුනාට ඒක බොරුවක් විදිහට අතේ පැළකර පෙන්වූයේ අපේ ගමේ අයයි. අපේ ගමේ හද්දා තැනිතලාවලත් තේ වැවෙන්නේය. කුකුලේගඟ දෙපැත්තේ දිගටම තිබුණ තණකොළ පිට්ටනි අද තේ වගාවන්ය. ඉස්සර ඒ පිට්ටනිවල තිබුනේ තණකොළ, දං ගස්, වැරනියා, වෙරළු, බෝවිටියා, පිචොක් ආදිය වැවුන ලඳුය. අපේ ආතා කුඩා කාලයේ ඒ අවට ගෙවල් කීපයේ අය වැසිකිලි වශයෙන් පාවිච්චි කලේද, මලමිනී ගෙනැත් දැමීමට පාවිච්චි කලේද, ඒ මලමිනී වලින් පැලවූ හොල්මන් සහ අවතාර ආදිය සිය ජීවනෝපාය වන මිනිසුන් බය කිරීම ආදිය මගින් කට්ටඩින්ට බ්‍රෝකර් වැඩ සිදුකලේද මේ ලඳු කැලේය.
මෙතැන ‘මලමිනී ගෙනැත් දැමීම‘ කියන දේ අපේ ආතා උන්දැගෙ ඇඳ ගාව පාපිස්ස උඩ ඉඳගෙන ඉන්න මට හරි අපූරුවට පැහැදිලි කරන්නේ මෙහෙමයි.
“ඉස්සර ඔය නාරගල්පිටියෙ පිට්ටනිය මැද්දෙං මිනිහෙක් යන්න බයයි ඇඳිරි වැටීගෙන එද්දි.“
“අර මද්දුම්මහතතෙආතගෙ අයින කොටිය හිටියද ආතෙ එතෝටත්“
“කෙහෙම්මලක් නෙමෙයි බං. හොල්මං පුරාම ඔය ටිකේ පඳුරප්පදුරග් ගානෙ.“
“එයාකාර හොල්මං කොයින්ද ආතෙ.“
“ඇයි බං ඔය හරියෙ සුවල්ප මිනී කන්දරාවද්ද දාල ඇත්තෙ.“
“අර මඩුගෙයි පුංචිමහත්තෙයාතගෙ සෝන ඉතරයිනෙ තියෙන්නෙ ගල්ලවිටේ හරියෙ“
“ඒ උඹ දන්න හරියනෙ. එයිට කලිං මිනී වලදැම්මෙ නෑ. නිකං ගිහං විසික්කොරල එනව එපිටහට.“
“ඒ කොහොමද ආතෙ ඒ“
“හා.. එහෙනං අහගනිංකො මං කියන්නං උඹට දැනගැනීමට“
ආතා ඇඳේ ඉඳගෙන ජනේලෙං එලියට බුලත් කෙළ පාරක් ගහනවා. කහපාට ක්‍රෝටන් අතු රතු පාට වෙන්න.
“පෘතුප්...පෘෘප් පුප් තුප්“
“ඒ කාලෙ මං ඉපිදින්නත් කලිං හුඟාක්ම ඉස්සර රජ්ජුරුවංනෙ කාලෙ මිනිස්සු පුරාම බයයි හොල්මං ඔලට.“
“රජ්ජුරුවොත් බයද ආතෙ?“
“රජ්ජුරුවො බයවෙන්නෙ මොකෑ. රජ්ජුරුවො එනවෑ මිනී වලලන්න. කටවහං හිටහං කියනකං“
“හා ආතෙ“
“ඉතිං මිනිහෙක් මැරුනහං කවුරුවත් යන්නෑ ඒ ගෙදෙට්ට. හොල්මන එයි කියල පස්සෙං. ඉතිං මිනිය කොහෙට හරි ගිනිහිං දාන්නවත් කෙනෙක් නෑ උදව්වට. එතකොට ගෙදර පිරිමියා කරන්නෙ උණ ගහක් කපං එනව ගඟ අද්දරිං. එයිට පස්සෙ ඒකෙ මැද හරියට මිනිය තියල වැල් ඔලිං ගැටගහනව. කවුරුවත් උදවුවට එන්නැති හංදා තනියෙංම උණ ලීයෙ එක කොනක් කරේ තියාගෙන අනික් කොන බිම දිගේ ඇදි ඇදී යනව ඔය ලන්දෙ පුලුවං තරං දුරට. ඔය මිනිස්සු නිතරෝම යන්නැති හරියට. ගිහිං ඒක දා තියල පුලුවං හයියෙං දුවනව ගෙදෙට්ට. සමහරු ඊට පස්සෙ ගේත් අත්තැරල යනව. ඉතිං ඔය මිනිය දිරලා ඇටරැකිල්ල ඉතරක් ඉතුරුවෙනව. ඔය ලීයක් කපාගන්න, *** බර හැදිල එහෙම බැරිවෙලාවත් ඒ පැත්තෙ යන එකෙක් ඒක දැක්කොත් ඉතිං ගෙදෙට්ට එන්නෙම පිස්සිය හැදිල, නැත්තං නාහෙං කටිං ලේ දාගෙනම තමා“
ඔය විදිහට හොල්මං තිප්පලක් වෙලා තිබුන නාරගල්පිටියෙ කොටසක ‘සබර ගහ‘ සිය පරම්පරාව බෝ කරගෙන තිබුනේ තේ ගහ එන්නට කලියෙන්ය. රබර් ගහ හිටවා එයිං කිරි කපන්නට අවුරුදු දහයක්වත් ඉන්න ඕනෑ නිසා අපේ ගම්මු ‘සබර ගහ‘ ඒ තරං ගනං ගත්තේ නැත. ඒ වුනාට තේ ගහ අවුරුදු තුනෙං විතර ඵලදාව දෙන හන්දා තේ ගහ අපේ ගමට වැද්දගන්න කවුරුත් අකමැති උනේ නෑ.
උප්පත්ති කම්මැලිකම හිංදා අපේ ගමේ අය මුලිම්ම තේ ගහ හිටෙව්වෙ ඒ තරං මහන්සි වෙන්න උවමනා නැති තැනිතලාවේ. ඒ කියන්නේ ඔය කියන කුකුලේගග දෙපැත්තෙ තියෙන ලන්දෙ. කවුරුවත් ගානකට නොගෙන අතෑරල තිබුන ඒ ලඳු කැලේ සුද්ද කරලා එකා දෙන්නා තේ පැල හිටවද්දි “අපිත් මේ වැඩේ කොරන්න ඕනෑ. උන්ට ඉතරක් දියුණුවෙන්න දෙන්න හොඳ නෑ“ කියලා හිතපු ගමේ අනික් අයත් තේ වැවිල්ල පටං ගත්තා. දංගස්, පිචොක් ගස්, වැරනියා ගස්, වෙරලු ගස් පෙරලාගෙන, තණකොළ යට කරගෙන තේ ගහ නැගීගෙන එද්දි ඒවාට බයේ හාවො, මුකටි, ඉත්තෑවො, වලි කුකුල්ලු, නයි, ගැරඬි, හාල් ගැරඬි, කහ ගැරඬි, ඇහැටගුල්ලෝ, වෙනිං ලඳු හොයාගෙන ගියා. තලගොයි ඉතරක් ඉතුරු උනා. තේ ඉඩං එකට යා වෙලා ඒ අතර වැටවල් බැඳුනා. සමහර වැටවල් එහෙට මෙහෙට ඇවිද්දා, එහෙම නොසන්ඩාලකමට ඇවිද්ද වැටවල් හින්දා අහිංසක මිනිස්සු නඩු හබ පටලවාගත්තා. (තවමත් ඒ නඩුවල දෙවෙනි පරම්පරාව මාස දෙක තුනකට සැරයක් ‘රත්තපුරා‘ යනවා නඩුවට.)
තැනිතලාවෙ ඉඩ මදිවෙනකොට කඳුගැට වලටත් තේ වගාව බෝ වුනා. කඳුවල එක සීරුවට පොලව බදාගෙන වැවෙන කැකිල්ල ගාලක් පායන කාලෙට එක ගිනිකූරෙන් වනසන්න පුලුවං. අමු කැකිල්ලට යටින් තියෙන වේලිච්ච කැකිල්ල වලට ගිනි තිව්වම අමු කොල එක්කම ගිනි ගන්නවා. පොලව බදාගෙන ඉන්න කැකිල්ල මුල් ටික ගලවන එක ටිකක් අමාරු වුනත් ඒවත් සුද්ද කරලා ගල්වැටි බැඳලා, කානු කපලා තේ ගහක් ඉන්දවාගත්තම අවුරුදු පහලොවක් විතර යනකම් ආදායම ඉස්තිරයි.
තැනිතලාවත්, කන්දත් දෙකම යටත් කරගත්තත් තේ ගහට ඉඩ මදියි. තව තවත් අහුමුලු, ඉඩ ඇති තැං හොයාගෙන තේ ගහ ඉදිරියට ඇදුනා. කුඹුරුවල මැද්දෑවෙ පාවරක් හදාගන්න ඉතුරු කරපු පිල්ලෑවල්, ගෙවතු, මිදුල්, රිසිවේසන් ආදියත් ඊළඟට තේ ගහට යටවුනා. පාවරක් හදාගන්න පිල්ලෑවෙ ඉඩක් නැති තැන ගොවියෝ ගොයම් පාගන්න පාවර හදාගත්තේ වතුර අඩු ලියද්දක ඉපනැල්ලට උඩිං ඉටිකොල දාලයි.
මේ වෙනකොට තත්වෙ හොඳටම දරුණුයි. තේ ගස් දෙකක් අතර ඉඩ අඩි දෙකහමාරට බැහැලා, කාණු, ගල්වැටි ආදී පස සංරක්ෂණ ක්‍රම සියල්ලම අතහැරිලා. සීලිං සීට් එකක් තියන ඉඩක් කොතනක හරි ඉතුරු වුනොත් එතන තේ ගහක් හිටවන තැනට වැඩේ ඔඩුදුවලා. පාරවල් අද්දර තියෙන අඩි දෙකහමාරෙ තුනේ ඉඩටත් තේ පේලියක් රිංගවලා. කුඹුරු ඉඩං කන්න දෙකෙන් තුනෙං ගොඩ ඉඩම් බවට පත් කරලා තේ හිටවනවා.
තේ වගාව කියපු ගමන් මතක්වෙන පින්තූරෙ නුවරඑළිය නේද? එක යායට තේ වැවුනු කඳුවල අලුත්ම අලුත් රතු, කහ, තැඹිලි පාටින් දිලිසෙන සාරි ඇඳගෙන බොහොම හොඳට හිනාවීගෙන, තමුන්ගෙ ඉඩමක දළු කඩන්නා වගේ අලුත්ම අලුත් වේවැල් කූඩ වලට දළු කඩන කාන්තාවො සමූහයක් නේද? ඒගොල්ලන්ගෙ මූණු පූජා උමාශංකර්ගෙ වගේ සුදුයි නේද? දත් මුතු ඇට වගේ නේද? ඇඟිලි ලා රෝස පාටයි නේද? ආ.. එහෙනම් ඒ පින්තූර එකක් උඩ මනසින් ක්ලික් කරලා සිත් යතුරු පුවරුවේ CTRL+A ඔබලා Shift+Del ගහන්න. ඔව් ඒ පින්තූර සේරම වැරදියි. ඇත්ත පින්තූරෙ තේ වගේ නෙවෙයි කසාය වගේ. තිත්තයි.
උඩරට, පහතරට ආදී වසයෙන් ලංකාවෙ තේ වගා කරන ප්‍රදේශ දෙකයි. ඒ අතරින් උඩරට තියෙන්නෙ සුද්දො
මේ තියෙන්නෙ සමරනායක මුදලාලිගෙ තේ වත්තක් (කන්දවිටේ වත්ත) |
පහතරට තේ වගාවත් කොටස් දෙකයි. එකක් තමයි අක්කර පනහ හැටේ මහ වතු. ඔය පින්තූරෙ තියෙන්නෙ එහෙම මහ වත්තක්. තරුණ කාලෙ ඔට්ටපාලු, කරුංක, කෝපි එකතු කරලා මහන්සියෙන් දියුණු වෙච්ච, අද කෝටිපතියෙක් විදිහට සැලකෙන සමරනායක මුදලාලිගෙ තේ වතුවලින් එකක් තමයි මේ. මේ වත්ත ඇරුනහම දෙසිය පනැහැ වත්ත , මයිත්තිරිගෙ වත්ත, හීම්මහත්තෙයෑ වත්ත, උපසේන මුදලාලිගෙ වත්ත ආදී වතු කීපයක්ම අපේ ගමේ තියෙනවා.
අනික් ඒවා තමයි කුඩා තේ වතු. කුඩා කියන්නෙ තේ ගස් විස්සක් විසිපහක්, අක්කර කාලක්, බාගයක්, අක්කරෙයක්, අක්කර තුන හතරක් දක්වා තේ ඉඩම්. අපේ ගම් පලාතෙ ගොඩක්ම තියෙන්නෙ මේ කුඩා තේ වතු. අද අපේ ගමට ගොඩ බහින කෙනෙක්ට හිතෙන්නේ
“තේ ගහ නොතිබ්බනං මේ මිනිස්සු කාල හමාරයි.“
කියලයි.
ඔය පේනවනෙ පසුබිමේ තියෙන්නෙ තේ ගහම තමයි |
පහතරට තේ ගහේ ඉතිහාසය අවුරුදු සීයකට එහා පරණය. අපේ ගම් පලාතේ තියෙන “සිසිලියං පැට්ටේරිය“ අවුරුදු අසූවකට එහා පරණ බව එහි වෙබ් අඩවියේ කියා ඇත. ඒක ඇත්තක් බව හිතන්නට පුලුවන් වන්නේ අපේ ආතාගේ සහ ගුනොවරදන මාමාගේ “කයිවාරු“වලද ඔය පැට්ටේරිය ගැන විස්තර අඩංගු නිසාය. ඒ වුනාට අපේ ගම්වල කුඩා තේ වතු වැවිල්ල ආරම්භ වුනේ මගේ ‘මතක පතේ‘ (Memory card) පලවැනි මහා හැපුම (mega bite) ට ඩිංගක් එහා කාලෙකදීය. අපේ ආතා කියන හැටියට නං ‘පේමදාස මහත්තයෑ‘ ආණ්ඩුව කාලෙදීය. ගනං හදා බැලුවාම අසූව දශකයේ අග හරියේදීය.
තේ ගහ වැවෙන්නේ කඳුවලය. ඒ වුනාට ඒක බොරුවක් විදිහට අතේ පැළකර පෙන්වූයේ අපේ ගමේ අයයි. අපේ ගමේ හද්දා තැනිතලාවලත් තේ වැවෙන්නේය. කුකුලේගඟ දෙපැත්තේ දිගටම තිබුණ තණකොළ පිට්ටනි අද තේ වගාවන්ය. ඉස්සර ඒ පිට්ටනිවල තිබුනේ තණකොළ, දං ගස්, වැරනියා, වෙරළු, බෝවිටියා, පිචොක් ආදිය වැවුන ලඳුය. අපේ ආතා කුඩා කාලයේ ඒ අවට ගෙවල් කීපයේ අය වැසිකිලි වශයෙන් පාවිච්චි කලේද, මලමිනී ගෙනැත් දැමීමට පාවිච්චි කලේද, ඒ මලමිනී වලින් පැලවූ හොල්මන් සහ අවතාර ආදිය සිය ජීවනෝපාය වන මිනිසුන් බය කිරීම ආදිය මගින් කට්ටඩින්ට බ්‍රෝකර් වැඩ සිදුකලේද මේ ලඳු කැලේය.
මෙතැන ‘මලමිනී ගෙනැත් දැමීම‘ කියන දේ අපේ ආතා උන්දැගෙ ඇඳ ගාව පාපිස්ස උඩ ඉඳගෙන ඉන්න මට හරි අපූරුවට පැහැදිලි කරන්නේ මෙහෙමයි.
“ඉස්සර ඔය නාරගල්පිටියෙ පිට්ටනිය මැද්දෙං මිනිහෙක් යන්න බයයි ඇඳිරි වැටීගෙන එද්දි.“
“අර මද්දුම්මහතතෙආතගෙ අයින කොටිය හිටියද ආතෙ එතෝටත්“
“කෙහෙම්මලක් නෙමෙයි බං. හොල්මං පුරාම ඔය ටිකේ පඳුරප්පදුරග් ගානෙ.“
“එයාකාර හොල්මං කොයින්ද ආතෙ.“
“ඇයි බං ඔය හරියෙ සුවල්ප මිනී කන්දරාවද්ද දාල ඇත්තෙ.“
“අර මඩුගෙයි පුංචිමහත්තෙයාතගෙ සෝන ඉතරයිනෙ තියෙන්නෙ ගල්ලවිටේ හරියෙ“
“ඒ උඹ දන්න හරියනෙ. එයිට කලිං මිනී වලදැම්මෙ නෑ. නිකං ගිහං විසික්කොරල එනව එපිටහට.“
“ඒ කොහොමද ආතෙ ඒ“
“හා.. එහෙනං අහගනිංකො මං කියන්නං උඹට දැනගැනීමට“
ආතා ඇඳේ ඉඳගෙන ජනේලෙං එලියට බුලත් කෙළ පාරක් ගහනවා. කහපාට ක්‍රෝටන් අතු රතු පාට වෙන්න.
“පෘතුප්...පෘෘප් පුප් තුප්“
“ඒ කාලෙ මං ඉපිදින්නත් කලිං හුඟාක්ම ඉස්සර රජ්ජුරුවංනෙ කාලෙ මිනිස්සු පුරාම බයයි හොල්මං ඔලට.“
“රජ්ජුරුවොත් බයද ආතෙ?“
“රජ්ජුරුවො බයවෙන්නෙ මොකෑ. රජ්ජුරුවො එනවෑ මිනී වලලන්න. කටවහං හිටහං කියනකං“
“හා ආතෙ“
“ඉතිං මිනිහෙක් මැරුනහං කවුරුවත් යන්නෑ ඒ ගෙදෙට්ට. හොල්මන එයි කියල පස්සෙං. ඉතිං මිනිය කොහෙට හරි ගිනිහිං දාන්නවත් කෙනෙක් නෑ උදව්වට. එතකොට ගෙදර පිරිමියා කරන්නෙ උණ ගහක් කපං එනව ගඟ අද්දරිං. එයිට පස්සෙ ඒකෙ මැද හරියට මිනිය තියල වැල් ඔලිං ගැටගහනව. කවුරුවත් උදවුවට එන්නැති හංදා තනියෙංම උණ ලීයෙ එක කොනක් කරේ තියාගෙන අනික් කොන බිම දිගේ ඇදි ඇදී යනව ඔය ලන්දෙ පුලුවං තරං දුරට. ඔය මිනිස්සු නිතරෝම යන්නැති හරියට. ගිහිං ඒක දා තියල පුලුවං හයියෙං දුවනව ගෙදෙට්ට. සමහරු ඊට පස්සෙ ගේත් අත්තැරල යනව. ඉතිං ඔය මිනිය දිරලා ඇටරැකිල්ල ඉතරක් ඉතුරුවෙනව. ඔය ලීයක් කපාගන්න, *** බර හැදිල එහෙම බැරිවෙලාවත් ඒ පැත්තෙ යන එකෙක් ඒක දැක්කොත් ඉතිං ගෙදෙට්ට එන්නෙම පිස්සිය හැදිල, නැත්තං නාහෙං කටිං ලේ දාගෙනම තමා“
මේ තියෙන්නේ නාරගල්පිටිය පිට්ටනිය මැදිං යන අඩිපාර |
ඔය විදිහට හොල්මං තිප්පලක් වෙලා තිබුන නාරගල්පිටියෙ කොටසක ‘සබර ගහ‘ සිය පරම්පරාව බෝ කරගෙන තිබුනේ තේ ගහ එන්නට කලියෙන්ය. රබර් ගහ හිටවා එයිං කිරි කපන්නට අවුරුදු දහයක්වත් ඉන්න ඕනෑ නිසා අපේ ගම්මු ‘සබර ගහ‘ ඒ තරං ගනං ගත්තේ නැත. ඒ වුනාට තේ ගහ අවුරුදු තුනෙං විතර ඵලදාව දෙන හන්දා තේ ගහ අපේ ගමට වැද්දගන්න කවුරුත් අකමැති උනේ නෑ.
උප්පත්ති කම්මැලිකම හිංදා අපේ ගමේ අය මුලිම්ම තේ ගහ හිටෙව්වෙ ඒ තරං මහන්සි වෙන්න උවමනා නැති තැනිතලාවේ. ඒ කියන්නේ ඔය කියන කුකුලේගග දෙපැත්තෙ තියෙන ලන්දෙ. කවුරුවත් ගානකට නොගෙන අතෑරල තිබුන ඒ ලඳු කැලේ සුද්ද කරලා එකා දෙන්නා තේ පැල හිටවද්දි “අපිත් මේ වැඩේ කොරන්න ඕනෑ. උන්ට ඉතරක් දියුණුවෙන්න දෙන්න හොඳ නෑ“ කියලා හිතපු ගමේ අනික් අයත් තේ වැවිල්ල පටං ගත්තා. දංගස්, පිචොක් ගස්, වැරනියා ගස්, වෙරලු ගස් පෙරලාගෙන, තණකොළ යට කරගෙන තේ ගහ නැගීගෙන එද්දි ඒවාට බයේ හාවො, මුකටි, ඉත්තෑවො, වලි කුකුල්ලු, නයි, ගැරඬි, හාල් ගැරඬි, කහ ගැරඬි, ඇහැටගුල්ලෝ, වෙනිං ලඳු හොයාගෙන ගියා. තලගොයි ඉතරක් ඉතුරු උනා. තේ ඉඩං එකට යා වෙලා ඒ අතර වැටවල් බැඳුනා. සමහර වැටවල් එහෙට මෙහෙට ඇවිද්දා, එහෙම නොසන්ඩාලකමට ඇවිද්ද වැටවල් හින්දා අහිංසක මිනිස්සු නඩු හබ පටලවාගත්තා. (තවමත් ඒ නඩුවල දෙවෙනි පරම්පරාව මාස දෙක තුනකට සැරයක් ‘රත්තපුරා‘ යනවා නඩුවට.)
කැකිල්ල පඳුර |
තැනිතලාවෙ ඉඩ මදිවෙනකොට කඳුගැට වලටත් තේ වගාව බෝ වුනා. කඳුවල එක සීරුවට පොලව බදාගෙන වැවෙන කැකිල්ල ගාලක් පායන කාලෙට එක ගිනිකූරෙන් වනසන්න පුලුවං. අමු කැකිල්ලට යටින් තියෙන වේලිච්ච කැකිල්ල වලට ගිනි තිව්වම අමු කොල එක්කම ගිනි ගන්නවා. පොලව බදාගෙන ඉන්න කැකිල්ල මුල් ටික ගලවන එක ටිකක් අමාරු වුනත් ඒවත් සුද්ද කරලා ගල්වැටි බැඳලා, කානු කපලා තේ ගහක් ඉන්දවාගත්තම අවුරුදු පහලොවක් විතර යනකම් ආදායම ඉස්තිරයි.
තැනිතලාවත්, කන්දත් දෙකම යටත් කරගත්තත් තේ ගහට ඉඩ මදියි. තව තවත් අහුමුලු, ඉඩ ඇති තැං හොයාගෙන තේ ගහ ඉදිරියට ඇදුනා. කුඹුරුවල මැද්දෑවෙ පාවරක් හදාගන්න ඉතුරු කරපු පිල්ලෑවල්, ගෙවතු, මිදුල්, රිසිවේසන් ආදියත් ඊළඟට තේ ගහට යටවුනා. පාවරක් හදාගන්න පිල්ලෑවෙ ඉඩක් නැති තැන ගොවියෝ ගොයම් පාගන්න පාවර හදාගත්තේ වතුර අඩු ලියද්දක ඉපනැල්ලට උඩිං ඉටිකොල දාලයි.
මේ වෙනකොට තත්වෙ හොඳටම දරුණුයි. තේ ගස් දෙකක් අතර ඉඩ අඩි දෙකහමාරට බැහැලා, කාණු, ගල්වැටි ආදී පස සංරක්ෂණ ක්‍රම සියල්ලම අතහැරිලා. සීලිං සීට් එකක් තියන ඉඩක් කොතනක හරි ඉතුරු වුනොත් එතන තේ ගහක් හිටවන තැනට වැඩේ ඔඩුදුවලා. පාරවල් අද්දර තියෙන අඩි දෙකහමාරෙ තුනේ ඉඩටත් තේ පේලියක් රිංගවලා. කුඹුරු ඉඩං කන්න දෙකෙන් තුනෙං ගොඩ ඉඩම් බවට පත් කරලා තේ හිටවනවා.
තේ වැවීම කලාවක් නම් චූටි මැනීකෙගේ අම්මා එහි පිකාසෝය. උපන්දා පටං වගාවට හිතැති උන්දෑ තේ ගහටත්, රබර් ගහටත් ඇරුණු ජිවිතයක් ගත කරන්නේය. දළු ඩිංගක් අහුලගෙන රබර් ගහක් දෙකක් හූරගත්තම අපිට ජීවත්වෙන්ට හොඳටම ඇති යන ආදර්ශ පාඨය අනුව ජීවත්වන ඇය ගෙදර වත්තේ බෑවුම අඩු කොටසේ රබර් හිටුවා බෑවුම වැඩි කොටසේ තේ හිටෙවුවාය. කාණු, ගල්වැටි ආදී යල්පැනගිය වගා මූලාවයව ‘ලකියාට‘ දැමූ ඇය කොන්දොස්තර කෙනෙක් බසයට මගින් පටවන්නාක් මෙන් ඉඩම පුරා තේ ගස් ‘අහුරා' දැමුවාය. විශාල ලොරියක් යාමට තරම් ඉඩ තිබූ නිවසට යන පාර තෙසක් රියට අමාරුවෙන් රිංගා යාමට හැකි තරම් පුනීල කරක් මෙන් සිහින් කලේද, පාපන්දු පිටියක් තරම් වූ මිදුල කැරම් බෝඩ් එකක් මෙන් සිහින් කලේද, ඇගේ මනා වගා පරිචයයි. ඒ ඉඩමේ තේ ගස්වල දලු කැඩීමට කඳු නැගීමේ සහ පුවක් ගස් නැගීමේ හපන්කම ඇති අය උවමනාය. ඉහල පේලියේ ගහේ දලු කඩන්නාට එකම පිහිට පහල පේලියේ තේ ගහේ මුලට පය තබාගැනීම පමණකි. නැත්තං දලු කඩන්නාව ඉඩම පහල පාරෙන් සොයාගැනීමට පුළුවන. මේ නිසා දළු කඩන මිනිසුන් නැති තැන නේපාලයේ ෂරපා ජාතිකයින් කීප දෙනෙක් ගෙන්නා ගැනීමට මා යෝජනා කළද ‘එවරස්ට් කන්ද නැගපු ටෙන්සින් නෝර්ගායි‘ වුවද කඹ රෝල් දෙකක් සහ කෙටේරියක් නැතිව ඒ ඉඩමට පා නොතබනු නිසැකය. දැන් අපේ ගම්වල තේ ගහ වැවෙන්නේ නැත්තේ ලිබ්බොක්කේ පමණි.
පහතරට තේ ගහ පිළිබඳ
තවත් විස්තර ලිවීමට ඇත. එයට පෝස්ට් ගණනාවක් ගත වන්නටද පුළුවන. මෙම ලිපියේ අවසන් ඡේදයේ අතුරු ප්‍රතිඵලයක් ඇති නොවුවහොත් ඊළඟ කොටස බලාපොරොත්තු විය හැකිය.
ඇයි චූට් මැනිකෙගෙ අම්මත් බ්ලොග් කියවනවද?
ReplyDeleteකොහමහරි ඊළඟ කොටසත් ඉක්මනට ලියන්න.
මගෙ වෙලාව හොඳයි තාම.
Delete:D
ReplyDeleteවටිනා ලියවිල්ලකි.. ඉගෙන ගන්න දේ බොහෝයි!
ඩියන්නට පස්සෙ යමක් ලිව්වමද කොහෙද? නොදන්න දෙයක් තියෙනං අහන්න ඕනෑ.
Deleteඋඩ රට සහ පහතරට වෙන් වෙන්ව දල වසයෙන් එක තේ පඳුරකින් කොපමන බරකින් යුතු දලු නෙලාගත හැකිද? සතියකට කී වරක් නෙලා ගත හැකිද?
Deleteමැදපෙරදිග තෙල් මිලට කෙලවෙලා සින්තටික් රබර් අඩු වුනාට පස්සෙ අපේ රබර් වගාවට යන එන මං නෑ.
ReplyDeleteතමන්ම වවල නෙලන නිසා පාතරට කුඩා වතු හිමියන්ට තේවලින් නම් ආදායම තාම හොඳයි. උඩරට රෙසිඩෙන්ට් ලේබර් තියන ලොකු වතුවලට අන්තිම අසාධ්‍යයි.
ලගදිම හුස්ම ටික යයි වගේ. උඩරට වතු ටික තාම ඇදගෙන යන්නෙ වතු සමාගම් වල තියන පහතරට වතු වලින් එන ආදායමෙන්, නැත්නම් මෙලහකට මැරිල අවුරුදු දෙක තුනක් වෙනව.
Deleteඔය උඩරට වතු ටික නං මලේ ටී ටේස්ටර්ලා ටික හන්දාමයි..ඕ යේස් :D
Delete// ඔය උඩරට වතු ටික නං මලේ ටී ටේස්ටර්ලා ටික හන්දාමයි..ඕ යේස් :D //
Deleteහර්මන් ගුනරත්න ගේ The suicide club පොතේ සිරි ලන්කාවේ තේ කර්මාන්තය ගැන ගොඩක් දේවල් ලියවී තියෙනවා...වෙලාවක ඒක කියවන්න
මහින්ද හා ඔහුගේ හොර වෙළඳ නඩය වැඩි ලාබ බලාගෙන ක්‍රන ලද කසල තේ වෙළඳාම නිසා ලංකාවේ තේ වලට කෙල වෙලාම ගියේය. එයාගේ තියරිය අනුව තේ නොව ලංකාවටම කෙල වී ගියත් එයා ගොඩ නම් එච්චරය. ඇඟළුම් වලට කෙලියේය. මාළු අපනයනයට කෙලියේය. පියදාස මුදලාලි හා එක්ව රත්නපුර ටවුම යට මැනික් සියල්ල ගැරුවේය. ඉතිරි සියල්ල ජෝන් බාස්ලාට, සුසිල්ට, චොකා මල්ලිට පවිත්‍රාට හා අනෙක් බත් ගොට්ටන්ට දුන්නේය.
Deleteමහා තේ වතුවලට අපේ පරම්පරාවෙන් පස්සේ සම්මා සම්බුදු සරණය. උන් වහල් බවින් මිදෙමින් සිටී. ජනාධිපති තුමාගේ ජුන්ඩා කඩාගෙන ගියත් නොදන්නා හාල්පාරු ආන්ඩුවකින් මක්කාවත් බලාපොරොත්තු වෙන්නත් බැරිය.
මාතෙ, කසල තේ ගැන කියද්දිනම් මහින්ද රාජපක්ෂට ඇගිල්ල දික් කරන්ඩ බෑ. ආණ්ඩුවක් විදිහට ඕකට යම් තාක් ක්‍රියාමාර්ගයක් ගත්තෙ මහින්ද සහ විශේෂයෙන් චන්ද්‍රිකාගෙබ් ( රත්නසිරි වික්‍රමනායක ).
Deleteමේක කාලීන මාතෘකාවක් , කොල්ලො රට යන්ඩ ඕනෙ නෑ කරනවනම් අපේ පරම්පරාවෙ එවුන්ට ගොඩ යන්ඩ ක්‍රමයක්.
සරසෝ.. මං ඒක කිව්වෙ ඔය මට උඩිං ඉන්න එකාට මචෝ :D.අර පොත හොයාගෙන කියවන්නං.
Deleteගෝතලං කුලී ලියන්නාගේ සිරා රනිල් නඩය හොරනඪයක් නොවේ..!
Deleteඒ Tea Tasters නිසා තේ වගාවට කෙලවෙච්ච හැටි කියාපංකෝ පත්තර මල්ලි. මම ඒ කතාව දන්නෙ නෑ.
Deleteකම්මලයා අතගැහුවොත් දන්නවනෙ ඩූඩයියෙ..ආං ඒකයි මං කියන්නෙ :D
Deleteමාතලන්ට අමු කැවිලාය. අධෝ වාතයක් පිට වුණත් වැරදිකරු මහින්දය. අහෝ දෙවියන් මොහුට අනුකම්පා කරත්වා!
Deleteඇනෝ @ 6:40 pm.
Deleteමචං මහින්දට සුදු හුණු ගාන්ඩ ඕනෙ නෑ, මහින්ද යම් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඒක කලේ තේ අපනයනකරුවන්ගෙ බලපෑමට හැබැයි කියන්ඩ ලැජ්ජයි එයාගෙ කාලෙ ඇරෙන්ඩ කිසිම කෙනෙක් තේ අපනයන කරුවන්ගෙන් කප්පම් ඉල්ලුවෙ නෑ, ඉතිහාසෙ කිසිම දවස නොවුන දෙයක් එයාගෙ කාලෙ උනා , ඒ කප්පම් ඉල්ලීම නිසා ලංකාවෙ ප්‍රධානම අපනයන කරු තේ වෙන්දේසියේදි තේ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කලා. ඊට පසු තේ අපනයනකරුවන්ගෙ සංගමයේ බලපෑම නිසාම ආණ්ඩුව කසල තේ අතඩංගුවට ගත්ත. මාතලන්ට මතක තියෙන්නෙ ඔය කප්පම් සිද්ධිය වෙන්ඩ ඕනෙ , මොකද එයාලගෙ පැත්තෙ තමයි එම අපනයන සමාගමේ ලොරි වලට ගබඩාවට යන්න නොදී කප්පම් ඉල්ලුවෙ.
අඩෝ ,පත්තරේ අපි නෙමේ යකෝ ඒවට කෙලෙවුවෙ උඹලගෙ ජේ.ආර් පප්ප.
Delete//කම්මලයා අතගැහුවොත් දන්නවනෙ ඩූඩයියෙ.//
Deleteපත්තරමල්ලිඅයියේ "අත" යනු තහනම් වචනයකි
අනේ කම්මලයෝ උඹයි මායි දන්න කසල තේ... උඹ හොඳ තේ ගැන දන්නවා ඇති.
Deleteමහින්ද තව ටිකක් කල් උන්නා නම් බුලත් විඩ විකුණන කඩ ටිකත් ඔක්කෝම උන්ට ලියා ගන්නවා. ටෙලිකොම් එක දෙන්න සති දෙකයි තිබුනේ. කාගිල්ස් එකටයි සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකටයි තව මාසයක් උන්නා නම් බඩු බනිස්. උඹ එනවා මහින්ද ගැන මට කියලා දෙන්න..
ඒ අස්සේ රසික බල්ලා ඇවිල්ලා පොඩි බලු බෙටි දෙකකුත් දාලා ගිහිල්ලා.. ගන්දස්සාරේ බෑ..
මාතේ කසල තේ ගැන මං වෙනම ලියන්නං. ඒක ලිව්වට පස්සෙ අපේ එකාලා ලාවෝජී නොබිව්වොත් මං එහෙම නෑ ඔන්න.
Deleteරත්නපුරේ ටවුම යටිං හාරං ගියේ අපේ තාත්තලත් තරුණ කාලෙ. ආයි අමුතුවෙං හාරන්ට දෙයක් නෑ.
චොකා මල්ලි මැරයෙක් මිසක් පතල්කාරයෙක් නෙමෙයි. පයිත්තරාට මං දන්න තරමිං තේ පැට්ටරියක් තියෙනවා. මැණික් කරුමාන්තෙ ගැන වෙනම ලියන්නං.
චොකා මල්ලිට පතල් මක්කටෙයි හැම පතලෙන්මයි හැම මැනිකෙන්මයි ගාන එද්දි.
Deleteපවිත්‍රා සිරා ගාවට ඇවිත් ආයේ ගියේ ඇයි කියලා හොයලා බලහන් සුරන් කොලුවෝ..
බොහොම සුළු තැනකින් පටන් ගෙන , තේ කර්මාන්ත ශාලා අයිතිකරුවන් උන දකුණේ දිරිය මිනිසුන් බොහොමයි. ඈත කාලයේ පටන්ම මෑත කාලයේදිත් මේ දිරියවන්ත මිනිසුන් නිසාමයි ලංකාවේ ආර්ථිකයට හොද තල්ලුවක් දෙන්නෙ.
ReplyDeleteසුරංග තෙත් කලාපයේ බොහෝ තැන්වල තේ ගස් වවන්ඩ පුළුවන් කොටින්ම කොළඹ පවා නොනැසී හිටීමේ ශක්තියක් තේ ගසට තියනව.
මේ පෝස්ට් එකේ සියළු දේවල් ලියන්ඩ. ෆැක්ටරියෙ ජොබ් එක ගැනත්.
නොලියා කෝමද සර්. ලියන්නං
Deleteඅවසන් ඡේදෙ තියෙන ටික චූටි මැණිකෙ කියෙවුවට පස්සෙ උන්දැගෙ අම්මටත් කියල දෙන්නත් එක්ක උඹට දවස් හතක් කන්න නොදෙයි. වෙන දෙයක් වෙන එකක් නෑ මං හිතන්නෙ.
ReplyDeleteචැහ්. අපරාදෙ ලිබ්බොක්කෙත් තේ වැව්වනං අපිට ජාත්‍යාන්තරේට යන්න ලේසියි.
බෑනෙ. එහෙනං යන්න වෙන්නෙ ලිපට.
Deleteඋඹත් රජයේ සේවකයෙක් නේද? බොග් එක රැකියාව කරන අතරේ දැමීම නිසා උඹගේ හිස ගසා දැමීමට යෝජනා කරමි. ඊගාව කොටෙත් දාහං
ReplyDeleteඑදා නිවාඩු පිට ගෙදර හිටියෙ. බොට හූ......
Deleteතේ ගැන කතා බොහොමයි
ReplyDeleteතේ ගහක් කප්පාදු නොකර තිබ්බොත් කොස් ගහක් තරම් උස යනවා.
තේ වෙනම උප සංස්කෘතියක් මිනිස්සුන්ට පුලුවන්නම් ඇද යටත් තේ වවාවී.
තව දළු පොත පවුලේ හෙමොටම එක ගානේ තියෙනවා,
KDU එක ඔය පැත්තෙත් එනවා නේද? මිනිස්සු දළු තෙමලත් විකුනනවා බර වෙඩි කරගන්න. ඔය තේ වවන මිනිස්සු කිසිම දුර නෑ ගෙදරක දවස් 3 කට වැඩ ඉන්නේ නැ දළු මෝරන නිසා. ඔය තේ වවන මිනිස්සු ගොඩක් දෙනෙක් හොද සල්ලි කාරයෝ ඒ කට හේතුව හොද අදායමක් ලැබීම සහ නගරයෙන් ඇත තියෙන නිසා අඩු වියදම් ජිවන රටාව. මේක සිරිස් එකක් විදිහට ලියන්න
//ඔය තේ වවන මිනිස්සු කිසිම දුර නෑ ගෙදරක දවස් 3 කට වැඩ ඉන්නේ නැ දළු මෝරන නිසා. ඔය තේ වවන මිනිස්සු ගොඩක් දෙනෙක් හොද සල්ලි කාරයෝ ඒ කට හේතුව හොද අදායමක් ලැබීම සහ නගරයෙන් ඇත තියෙන නිසා අඩු වියදම් ජිවන රටාව.//
Deleteසහතික ඇත්ත,
ඒකනං මාත් දැකල තියනවා..ඉස්සර ඔය මොරවක නෙළුව පාරෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් අපි දවසක් දෙකක් ඉන්නවා.යන්නෙම සීනි කරිංඥං බොන්න..ඔයිට වඩා ආතල් එක තමා දලු ලොරියෙ එල්ලිලා කඳුවල යන එක.පෙරේද කාපුවත් එළියට එනවා.
Deleteතේ ගහක් මෝල් ගහක් විතර මහතට හැදිලා තියෙනව මං දැකල තියෙනවා. ආයි අහල. තේ ගහත් යකා බැඳගත්ත වගේ තමා. තේ පැට්ටරිය ඊට හපං.
Deleteපහත රට වතු ගොඩ යන්නෙ ඉහල අස්වැන්න සහ ඉහල මිල නිසා. දැං උඩරට දලු 60යි පහත රට 75 යි. උඩරට අක්කරේට කිලෝ දෙතුන් සීයයි. පහතරට අක්කරේට හයසීයයි.
සුරන්.. ජෝඩුවට පිටිපස්සේ තියෙන්නේ "වංගි පැල තවානක් " නේද ? දෑවැද්දට හම්බ වෙලා වගේ.. ලිපිය ගැනත්තේ යමක් කියන්න එපැයි ඇත්තටම තේ වගාව ගැන වටිනා ලියවිල්ලක්..
ReplyDeleteඒ දලු කඩන වගාවක්. ඒක ඔය මිදුලට වඩා පාතිං තියෙන ගස් පේලියෙ කරටි ටික.
Deleteඔය කැකිල්ල අපි ඉස්සර අළුත හදපු තක්කාලි, බටු පැල වහන්න , තවාන් වහන්න ගන්නවා..වැරැල්ලත් එහෙමයි..
ReplyDeleteමෙහේනං කැකිල්ල ගන්නෙ දෝනා පතල් වල බිත්ති වහන්න. සුරංනුත් දන්නව ඇති ඒ ගැන.
Deleteඇයි ප්‍රසන් නයෝ ,හොල්මං මංදිර වලටත් පාවිච්චිකොරනව හිටං..... හැක.. හැක
Deleteඔව්ව ටොයිලට් පේපස් වෙනුවට ගත්තම කහනවා..
Deleteනෑ.. මේ මම කිව්වෙ.. මේ...මේ.. දන්නැද්ද ඉතිං.. මේ... මේ..
ඇයි කැකිල්ල ඇට්හෝම් ගෙවල් වල එළියේ හදන මඩු ගෙවල් සරසන්නත් ගන්නවා නේද ඒ කාලේ?
Delete//කැකිල්ල ඇට්හෝම් ගෙවල් වල එළියේ හදන මඩු ගෙවල් සරසන්නත් ගන්නවා නේද// ඒ කැකිල්ද මඩු ද?
Deleteකැකිල්ල වලිං තමයි ඉස්සර ඇට් හෝම් මඩුවල පුවක් කනු වැහුවෙ වටෙ තහඩු එහෙම ආවරනය කොලේ. මඩු කොල වලින් සැරසිලි කොරා.
Deleteඔයිට අමතරව මං දන්නේ කැකිල්ල කූරෙං දත හෑරුම විතරයි
Deleteඔය සොලොප්පෙක බෝම අදික ඉඩංඔල තේවවන්ට අලුත් කෙරේමයක් තියනව. බෑවුමේ පැත්තෙං තිරස්ව වලවල් හාරල තේ පැල එව්වයෙ හිටෝනව. පැලේ හිටවන්නෙත් හරහට.
ReplyDeleteදලු කඩන්නෙ අර ආදිවාසීං බමර කඩන්නැහෙ උඩ ඉඳල පල්ලෙහාට කඹ දාල එව්වයෙ එල්ලිල. ඒ කඹ බඳින්ට උඩහ පැත්තෙ බෑවුනේ කෙළෝර දිගට හයිය ගස් පේලියක් හිටවන්ට ඕන සබුක්කු වගෙ. කඹේ දිගේ බැහැල තේ දලු කඩාන ආපිට එනකල් කඹේ ගැට ගහපු තැන ආරස්සවට ඉන්නෙ මස්සිනා.බොට මස්සිනෙක් නැත්තං ඒක හරියන්නෙ නෑ.
පලවෙනි පෝටොස් එක ගැනයි මේ ප්‍රස්නෙ..කෝ බොල අර බැළලි?
ආ අර නැන්දම්මගෙ තේ වගාවෙ දලු කැඩිල්ලට මම කියන්ටද ..සර්කස් පැසිපියා එකේ අර කඹේ පැද්දිල ගිහිල්ල කරණං ගහන කෙල්ලො තුං හතර දෙනෙක් කතා කරගං. උං කඹේ පැද්දිල ඇහිල්ල දළු කඩාවි ටිප් ටොප් එකට.
බොටත් සෑහෙන ගානක් එකතු කොරගත්තෑකි ගමේ එවුන්ට ටිකට් විකුනල. ….
" ආ..එන්න නරඹන්න ප්‍රීතිවන්න.ගුවනේ විස්කම් පාමින් තේ දලු කැඩීමේ මහා ප්‍රාතිහාර්යය නරඹන්න. අපේ නැන්දම්මාගේ ඉඩමේදී හෙට උදේ නමයේ සිට තේ දලු කඩා ඉවරවන තුරු කරණං දැකගත හැක. "
පලි - ආ..අමතක වුනා..අර බැලලි තඩිච්චිටත් සර්කස් එකේ මොකක් හරි කෑල්ලක් දීහං..මොකද්ද ඒකිගෙ නම කිව්වෙ? ප්‍රීති සඳරාණි නේද?
පොස්ට් එකත් හරි, මේ කොමෙන්ට් එකත් හරි.
Deleteඒක නෙවෙයි රවී තුමා, මොකක්ද අර තිරස්ව කපන වලවල් වල කතාව?
මට මැවිල පේනව රවී අයිය වැලක එල්ලිලා ටාසන්(බාප්ප)වගේ පැද්දි පැද්දි ඉන්නව. හැක්..
Deleteරවී තුමාට බළල් ලොම් ඇලජික් නිසා, ටිකිරි සඳමාලි ගේ පොටෝස් එකක් දැම්මේ නැතිලු, පොටෝ එක ඇලජික් වෙයි කියල.
Delete//ටාසන්(බාප්ප)වගේ //
Deleteහැක හැක
වැල කැඩිච්ච ටාසන් හැක.. හැක..
Delete"ප්‍රීති සඳරානි " රවීගේ ඔලුවටත් එන නම් :)
Deleteමානවිකා,
Delete/ ඒක නෙවෙයි රවී තුමා, මොකක්ද අර තිරස්ව කපන වලවල් වල කතාව? /
ඇයි බං ඔය සුරංලයෙ නැන්දම්මගෙ ඉඩම හෙණ කන්දක්ලුනෙ. ඉතිං ඔය කන්දෙ තේ හිටවන්ට තියන එකම ක්‍රමේ තමයි ගස් බෑවුමේ පැත්තෙං තිරස්ව හිටවන එක.
ඔය ඉඩම තමයි චූටි මැණිකෙට දෑවැද්දට දීල තියෙන්නෙ. සුරංට කලිං ඒ ඇත්තිව බලන්ට ආපු මනමාලයො තුන්දෙනෙක්ට කලන්තෙ ඇල්ලුවලු ඉඩම දැකල. කපුවො දෙන්නෙක් ඉස්පිරිතාලෙ ගියාලු මනමාලයො උංට තඩිබාල...:)
දැං ඒ වෙනුවට ඩ්‍රෝන් යානා යොදන්න කල්පනා කරලා තියෙන්නේ. අපි මේ කල්පනා කොලේ බ්‍රැන්ඩි නිව් එව්වා ගන්නවද නැත්තං දඹානෙං බඹර කපන්න යූස් කරපු සෙකන්ඩ් හෑන්ඩ් එව්වා ගන්නවද කියලයි.
Deleteඅර අවසන් ඡේදයේ අතුරු ප්‍රතිඵලයක් ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරනව :)
ReplyDeleteආනුභාවයෙන් තාම බලපෑමක් නෑ
Deleteඅනේ චූටි මැණිකේ හරිම සිරියාවන්තයි නේ! හොඳට කැපෙන ජෝඩුව.
ReplyDelete//ඒ මලමිනී වලින් පැලවූ හොල්මන් සහ අවතාර ආදිය සිය ජීවනෝපාය වන මිනිසුන් බය කිරීම ආදිය මගින් කට්ටඩින්ට බ්‍රෝකර් වැඩ සිදුකලේද මේ ලඳු කැලේය.//
//“අපිත් මේ වැඩේ කොරන්න ඕනෑ. උන්ට ඉතරක් දියුණුවෙන්න දෙන්න හොඳ නෑ“ කියලා හිතපු ගමේ අනික් අයත් තේ වැවිල්ල පටං ගත්තා//
//එහෙම නොසන්ඩාලකමට ඇවිද්ද වැටවල් හින්දා අහිංසක මිනිස්සු නඩු හබ පටලවාගත්තා//
මේ ලිවිල්ල හරි අගෙයි සුරංග. කොහොම ලියනවද කියල හිතාගන්න බැරි තරම් විශිෂ්ටයි. දිගටම ලියන්නට ශක්තිය දිරිය ප්‍රාර්ථනා කරනව ඔබට.
ඒ වගේම මේක පහතරට තේ වගාව ගැන ලියවුනු සුපිරි විවරණයක්. චූටි මැණිකේගේ අම්ම ගැන නොලිය හරි, ඉතුරු විස්තර ටික ලියන්න, හෙමීට.
අර මළමිනී ගිහින් විසි කරන එකයි, හොල්මන් වලට බයේ කවුරුවත් උදව්වට නොඑන එකයි, ඊට පස්සේ දුවල යන එකයි, හිතාගන්න බෑ ඇත්තටම ලංකාවේද කියල. මම ඇත්තටම පුදුම උනා ඒ ටික කියවද්දි.
මම හිතුවා උඹ බදුල්ලෙ ඉන්නෙ කියලා.. බලද්දි මේ වෙන කොහෙදනෙ...
ReplyDeleteඅපේ වත්තෙත් කාලයක් තිබුනා මාතරින් ගෙනත් හිටවපු තේ ගහක්...තේ ගහ අපිවත් පහු කරගෙන උසට ගියා... පස්සෙ ඒ ගහ යට කරගෙන පාරක් ගියා...
උඩරට තේ වලට නම් වැඩි හරියක් කෙලවපු එක තමයි පේමදාස මහත්තැං ගේ කාලේ කලේ.. දැන් ඔය බදුල්ල වටේ තියෙන අරගම මේ ගම උදාගම් ඔක්කොම ඉස්සර මහ තේ වතු..
ReplyDeleteලංකාවෙ තේ වලට කෙලෙව්වෙ දේශ පාලකයො නෙවෙයි. ලංකාවෙ නිශ්පාදන වියදම වැඩිනිසා අපේ තේ වල ගාන වැඩියි. ඉන්දියාවෙ ඇසෑම් වල වගේ ප්‍රදේශ වල අපේ කොලිටියට සමානම තේ අපිට වඩා කොස්ට් එක අඩුවෙන් ලෝක වෙලඳ පොලට ආව. ඒ වගේම අප්‍රිකානු රටවල් වලින් ෆ්ලේවර්ඩ් ටී මාර්කට් එකට අඩු ගානට දැම්ම.අපිට තරඟකාරී මිලක් දෙන්න විදිහක් නෑ. ලෝක තේ වෙලඳ පොලේ තරඟ කාරී මිලක් දෙන්න බැරි වීම තමයි අපේ තේ වැටෙන්න ප්‍රධාන හේතුව. පොදුවෙ ගත්තහම මේ ඔක්කොම අපේ ආර්ථික කලමනාකරනයේ ප්‍රශ්න තමයි. ඒකට වග කියන්න ඕනෙ නං දූෂිත පාලකයො.
Delete//නිශ්පාදන වියදම වැඩිනිසා අපේ තේ වල ගාන වැඩියි. //
DeleteX- porter මේක නෙමේ හේතුව, අපේ තේ ලෝක වෙලදපලේදි අනෙක් රටවල තේ වල මිලට සාපේක්ෂව මිලෙන් වැඩියි නමුත් ඔබ කියනව වගේ නිෂ්පාදන වියදම වැඩි නිසා අපිට ලැබෙන ලාබය වතු නඩත්තු කරන්න මදි.
අපේ කොලිටියට ටිකක් සමාන උතුරු ඉන්දියාවෙ තේ, නමුත් අපේ තරම් හොද නෑ, ෆ්ලේවර් කරන්න අපේ නාවලපිටිය රේන්ජ් එකේ තේ තරම් හොද තේ ලෝකෙ කොහෙවත් නෑ, නමුත් ඔබ කියනව වගේ අප්‍රිකානු රටවලින් රටවලින් එන අඩු මිල තේ සමග තරග කරන්න විධිමත් සාර්ථක වැඩපිලිවෙලක් තාම නෑ.
කම්මලේ ටී ටෙස්ටර් කෙනෙක් කියල ආරංචියක් ලැබුන කොමෙන්ට් වලින්. මාත් ඔය ට්‍රේඩ් එකේ හිටිය ටික කාලයක්.
Deleteමම පටන්ගත්තෙ ඒ රස්සාවෙන් තමයි, පස්සෙ මම පරිපාලන අංශයේ වැඩ වලට වැඩියෙන් යොමු වෙන්න සිද්ධ උනා. දැනුත් හදිසි අවස්තා වලදි පරණ රස්සාව කරනව . කොහෙද මචං වැඩකලේ, මේලක් දාපන්
Deleteකම්මල ටී ටෙස්ටර් කෙනෙක් වුනාම කරන්න තියෙන වැඩ මොනවද? තේ බිබී ඉන්න එක ද? :)
Deleteගල් ටෙස්ට් කොරන එක.හිකිස්...
Deleteකම්මල : එල මම දාන්නං. මුලින් හිටියෙ බාර්ට්ලීට් දෙමටගොඩ
පැතුම් , ටී ටේස්ටර්ල ඉන්නෙ තේ බ්‍රෝකර් සමාගම් වල සහ තේ අපනයන සමාගම් වල .
Deleteබ්‍රෝකර් වරු ගාව ඉන්න අයට කරන්න තියෙන්නෙ තේ වෙන්දේසියට ඉදිරිපත් කරන තේ රස බලල වගේම තේ කොලවල හැඩය පැහැය අඩංගු දේවල් බලල මිලක් නියම කරන එක. ඒ වගේම මිල නියම කරපු කෙනා වෙන්දේසියේදි එම තේ තොග වෙන්දේසි කරන්නත් ඕනෙ. ඊට අමතරව තමන්ගෙ ගණුදෙනු කරුවන්ට අවශ්‍ය ( අපනයන කරුවන්ට වගේම තේ ෆැක්ටරි වලට තොරතුරු, ණය , etc දේවල් කර දිය යුතුයි.
අපනයන සමාගම වල ඉන්න අය වෙන්දේසියේදි විකිනීමට ඇති තේ වලින් තමන්ට අවශ්‍ය තේ වල රස හා මිල අනුව මිලදී ගත යුතුයි. ඔවුන්ටත් වෙනත් අටෝරාශියක් වැඩ කරන්න තියෙනව.
තේ පොඩ්ඩක් රස බලල එවලෙම පඩික්කමට විසි කරනව. බිවුවොත් සමහරවිට පන්සිය වතාවක් විතර බොන්න වෙනව :D .
මමනම් දැන් ඔය වැඩේ කලාතුරකින් ඇරෙන්න කරන්නෙ නැති තරම්
ඔයි ජොබ කරනා ඈයො අපේ ගාවට නිතිපතා එනවා දත් වල බැඳුනු කහට ඉවත්කොරගන්න හිටන්!
Deleteමම ලඟදි දැක්ක සිංගප්පුරුවේ බියර් ටෙස්ටර් ජොබ් එකක්.. හොඳට ගෙවනවා.. හෙහ් හෙහ්..
Deleteතේ ටෙස්ටර් කියන්නේ සංකීර්ණ වැඩක් නේ.. හොඳ තේ රස කලින් පොවලා පුරුදු කරනවද? ට්‍රේනින් කාලේදී වගේ හෙහ් හෙහ්..
Pathum,
Delete/ තේ ටෙස්ටර් කියන්නේ සංකීර්ණ වැඩක් නේ.. /
දිවේ හැමතැනටම තේ රස හරියටම දැනෙන්නෙ නෑ, සාමාන්‍යයෙන් දිවේ අග ඉඳල අඟල් 1.83 ඇතුලට දිවේ මධ්‍ය රේඛාවෙන් අඟල් 0.65 වම් පැත්තට පිහිටලා තියෙන වර්ග අඟල් 2.345 ක කොටසකට තමයි තේ රසප්‍රබලව දැනෙනවයි කියන්නෙ.
ටී ටේස්ටර්ලගෙ දිව ඉස්සෙල්ලම ලොකු අඬුවක් වගෙ එකකිං එලියට අදිනව. ඒකට කියන්නෙ Tongue grabber කියල. ඊට පස්සෙ ඒ අදාල ප්‍රදේශය මාකර් එකකින් ළකුණු කරල ඒ මැද තමයි තේ කොළ තියන්නෙ. කාලයක් ගියාම ටී ටේස්ටර් කෙනෙක් දැක්ක ගමං කියන්ට පුලුවන්.. අර බල්ලො කොයිවෙලෙත් දිව එලියට දාගෙන ඉන්නව වගෙ එවුංගෙ දිව ෆුල් ටයිම් එලියෙ.
නිකන් විකිපීඩියාව බැලුව වගේ... දශමස්ථාන එක්කම හරියටම දීලා තියෙනවා.. :D
Deleteඅපරාදේ කියන්න බෑ රවියෝ පුදුම දැනුමක් නේ ලැබෙන්නේ මේ කොමෙන්ට් වලින්.. හෙහ් හෙහ්
රවි අයියෙ ඔය දිව එලියට ආවෙ අඩුවෙන් අදින්නත් ඉස්සර, හිතපන්කො පච්ච පාට ඇදන් සරුවාංගෙම වහන් ඉන්න ආච්චිල දැකල පුරුදු වෙලා ඉදල හිටපු එකෙක්ව ඩෝං ගාල නවම් මාවතට ගෙනත් දැම්මම. දිව එලියට ආවේ මේං මෙහෙම ....
Deleteපැතුම් , සාමාන්‍යයෙන් ට්‍රේනිං අවුරුද්දයි, සාමාන්‍යයෙන් ආයතනයේ සීනියර් කෙනෙක් යටතෙ තමයි පුරුදු වෙන්නෙ. හැබැයි ඉන්න හැම එක්කෙනාම කියල දෙනව , ඉගෙන ගන්ඩ ආසාවක් ඇති එවුන්ට උගන්නන එක තමයි සම්ප්‍රදාය , අනික් එවුන් නිකම්ම හැලෙනව. ඒ වගේම ඉගෙන ගන්ඩ පහසුකම් , ඒ කියන්නෙ හොද තේ සහ පලපුරුදු අය හැම ආයතනේම නෑ. සමහර දවසකට තේ 600 කට වඩා බලනව මම ඉගෙන ගත්ත තැන . පලවෙනි මාස තුනේ කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ , ඉන්පසුව තියන වෙනස් කම් කියල දෙනව , ඊට පස්සෙ තමන්ගෙ උත්සාහය මත එම වෙනස් කම් සහිත තේ තමන්ගෙ දිවට හුරු වෙනකම් බලනව, ඔතනින් smokey කියන රසය high fired කියන රසයෙන් වෙනස් ලෙස හදුනා ගැනීම ගොඩක්ම වැදගත් , smokey ටේස්ට් එකක් රිපෝට් කලොත් ෆැක්ටරියෙ උන් මොනවද කරන්නෙ කියන එක සුරංග ලියයි.
50 ක් පුරුදු කලත් හරියට මේ රස්සාවෙ ඉන්නෙ එකෙක් විතර අනික් උන් ෆුල් ටයිම් ඔය වැඩේ කරන එකෙන් මග අරිනව හරියට මම වගේ.
මේක කියවන්න පටං ගන්නකොටම මතකුනේ අර පට්ට බොරු සිඳුව. උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුන ඔබේ... ඒ සින්දුව ලියපු එකා මලාට තේදලු කඩන ලඳක් දැකල නෑ මයි හිතේ...
ReplyDeleteමම හිතන්නෙ මිනිහ තේ වත්තකට වෙලා ගහපු මල් පාරක් වැඩිවෙලා ලියවෙච්ච එකක් වෙන්න ඇති. හැක්..
Deleteශාමරු ලිපියක්
ReplyDeleteලියපං මචං මේ මාතෘකාව ටිකක් දිගටම.. අපිට මෙව්ව මැජික්.අළුතෙන්ම අත්දැකීමක්..
ReplyDeleteජයවේවා..!!
//ඒ වුනාට අපේ ගම්වල කුඩා තේ වතු වැවිල්ල ආරම්භ වුනේ මගේ ‘මතක පතේ‘ (Memory card) පලවැනි මහා හැපුම (mega bite) ට ඩිංගක් එහා කාලෙකදීය. // හා හා හා - (මැරෙන්න හිනා. යන්තම් නවත්ත ගත්ත නිසා බේරුනා .
ReplyDelete//කාණු, ගල්වැටි ආදී යල්පැනගිය වගා මූලාවයව ‘ලකියාට‘ දැමූ ඇය කොන්දොස්තර කෙනෙක් බසයට මගින් පටවන්නාක් මෙන් ඉඩම පුරා තේ ගස් ‘අහුරා' දැමුවාය.// මරූ උපහැරණේ වගා මුලායව "බල්ලට දමා " ප්‍රමිතියක් නැතිව තේ පැල හිටවලා..
ReplyDeleteකලවානේ තැපැල් කන්තෝරුව ඉස්සරහා තියෙන කන්දම ඉස්සර තේ වත්තක්ව තිබී රජයට පවරාගත් පසුව විවිධ ගොඩනැගිලි ඉඳිවුණු නිසා අභාවයට ගියා.
ReplyDeleteපස්සේ මිනිසුන් ගෙවල් සාදාගෙන පදිංචි වෙන්න පටන් ගත්තා. කන්දේ තේ තියෙන කාලේ හොඳනි ගලා ගිය දිය ඇළි, දොළ පාරවල් නැති වුනේ ඉන් පසුවයි!
කකා..මාතලන්..රාජ්..මෙන්න මේකා තමයි තොපි තුන් දෙනා..කොටවන්න..මුලික හේතුව..අම්මව..තාත්තව. විකුනල නෑදායො විකුනල..දෑන් ඔසී යන්න..හිගා කනවා..
Deleteනොසන්ඩාල වැටවල් නිසා මිනිස්සුන්ට කොහෙත් ප්‍රශ්න තමා... මේ පැත්තෙ නම් තේ දැන් දැන් අභාවයට යනවා...
ReplyDeleteකිසිම අතුරු ආන්තරාවකින් තොරව ඊලඟ කොටසත් ලියන්න ලැබේවා:D
Look forward for your next favourable response sir. Sorry, interesting yaan hella
ReplyDeleteLook forward for your next favourable response sir. Sorry, interesting yaan hella
ReplyDeleteමාත් හපුතලේ අපේ ඉඩමේ තේ වගාවක් කරන්න ගිහින් අත ඇරලා දැම්ම.. කරන්න මිනිස්සු නැතුව.. පහත රට තේ ඉඩම් හිමියෙක් වෙච්ච මගේ මාමණ්ඩියත් ඉඩම් කඩම් විකුණලා දැම්ම කරන්න මිනිස්සු නැතුව.. තම තමන් ළඟ ඉඳල කරනවානම් ලාබ ගන්න පුළුවන්.. අනුන් ලවා කරවන්න නම් දැන් දැන් අමාරුයි..
ReplyDeleteසුරංග ගේ ලිවිල්ල නම් නියමයි.. සුරංග ඉංග්‍රීසියෙනුත් ඔය වගේ ලියන්න ඉගෙන ගන්න.. හොඳට හිට් වෙන බ්ලොගර් කෙනෙක් වෙන්න පුළුවන්.. හරියට කලොත් තේ වලට වඩා ආදායමක් ගන්න පුළුවන් ලියල.. හෙහ් හෙහ්.. )
//හරියට කලොත් තේ වලට වඩා ආදායමක් ගන්න පුළුවන් ලියල..//ඒ කොහොමද පැතුම්?
Deleteප්‍රාජේ, බ්ලොග් වලට ගුග්ල් ඇඩ්ස් දැමීමෙන් අපිට ලේසියෙන් ම සල්ලි හොයන්න පුළුවන්.. නමුත් ඒක සිංහල බ්ලොග් වලට සාර්ථක ක්‍රමයක් නෙවෙයි..
Deleteඒ වගේම අපි ලියන සබ්ජෙක්ට් එක අනුව අපිට ස්පොන්සර්ල හොයා ගන්න පුළුවන්..
මේ වැඩේ හරිම සාර්ථක ක්‍රමයක් අවශ්‍යය වෙන්නේ නිතර අප්ඩේට් කරන එකයි.. ලියන දේවල් කොහෙන්වත් කොපි නොකර ලියන එකයි..
අද ඩොලර් මිලියන ගානක් වටින බ්ලොග්ස් විදියට පටන් ගත්ත වෙබ් අඩවි තියෙනවා.. හොඳ උදාහරණයක් තමයි https://www.engadget.com. මම දන්න විදියට මේ අඩවිය ගෙදර ලෙඩ ඇඳට වැටිල හිටපු කෙනෙක් ඇඳේ ඉඳන් ලියන්න පටන් ගත්ත බ්ලොග් එකක්.. අද ලෝකේ පුරා හරි ජනප්‍රිය වෙබ් අඩවියක්..
කාලයක් බ්ලොග් කරුවෙක් වෙලා හිටපු දැන් තමන්ගේම කොම්පැනියේ (http://bhasha.lk/) ප්‍රධානිය වෙලා ඉන්න ධනික මල්ලිගේ කොම්පැනියෙන් හදල තියෙනවා මේ https://adlink.lk/ සේවාව. මේකෙන් සිංහල බ්ලොග් අඩවි වලට ඇඩ්ස් දාගන්න පුළුවන්..
හ්ම්ම්ම්ම්. ස්තුතියි.
Deleteතේ වගාව සම්බන්ධ පාරිභාෂික වචන ගොඩක් තියනවා. ඒවත් ලියන්න.
ReplyDeleteතේ ගහක් දැකපු කාලයක්නම් මතක නෑ, හැබැයි හොඳ කරුණු ටිකක් ලියලා තියෙනවා. ෆොටෝ එකේ ඉන්නෙ සුරං ජෝඩුව වෙන්ටැ. මම ටික කාලෙකට ඉස්සෙල්ල හිතුවෙ සුරං කියන්නෙ ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් කියල.
ReplyDeleteකකා..මාතලන්..රාජ්..මෙන්න මේකා තමයි තොපි තුන් දෙනා..කොටවන්න..මුලික හේතුව..අම්මව..තාත්තව. විකුනල නෑදායො විකුනල..දෑන් ඔසී යන්න..හිගා කනවා..
ReplyDeleteතේ බීම සදහටම එපා වෙනවා බන් අපේ ගමේ රන්දොඹේ තේ වේලන හැටි දැක්කම..
ReplyDeleteකසළ තේ කිව්වොත් අම්බලන්ගොඩ. අම්බලනගොඩ යනු කසළ තේ පමණක් නොවේ
Deleteනියමයි සුරංග
ReplyDeleteමුල සිට අගටම කියවල ඉවර කලා. පෝස්ට් එක නෙමෙයි උබේ සේරම post ටික
ReplyDelete
ReplyDeleteඔබ හදිසි ණය අවශ්ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)
ණය පර්
You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.